LTTE සංවිධානය සතුව තිබී ආරක්ෂක හමුදා විසින් අත් අඩංගුවට ගෙන රජයට බාර දුන් රත්තරං ටොන් දහසකට ආසන්න ප්‍රමාණයෙන් ටොන් 617ක් හොර පාරේ විකිණීම සම්බන්ධයෙන් රාජපක්ෂ පවුල වෙත එල්ල වී ඇති බරපතල චෝදනාව පිළිබඳව සාක්ෂී රැසක් අප අද අනාවරණය කිරිමට සුදානම්.
මිට පෙර අවස්ථා ගණනවකදි මේ සම්බන්ධයෙන් තොරතුරු රැසක් අප අනාවරණය කලද රාජපක්ෂලා ජනතාව ගොනාට අන්දවා තිබු තරම කොතරම්ද යත් එම සත්‍ය තෙරූම් ගැනිමට නොහැකි විය.අද සියල්ල වෙනස් වි අවසන් රාජපක්ෂවරු හොරූ බව නිළ වශයෙන් පිලිගෙන අවසන් වි තිබේ.
එතෙක් මෙතෙක් ශ්‍රී ලාංකික ඉතිහාසයේ සිදුවූ මේ මහා හොරකම ගැන කිසිවක් ප්‍රකාශ නොකිරීමට පැවැති සියලු රජයන් පරිස්සම් වී ඇත. වැඩකට නැති තුට්ටු දෙකේ හොරකම් ගැන මහා පරිමාණයේ විමර්ශන සිදුවන බවට මාධ්‍ය ප්‍රචාරයන් ලබා දෙන මුත් රජයට අයත් දේපලක් රජයන් කොල්ලකා තමන්ගේ ගිණුම් තර කර ගැනීමට ක්‍රියාකළ රාජපක්ෂ පවුලේ සාමාජිකයන් කිහිප දෙනෙකු හා ඔවුන්ගෙ හිතවතුන් කිහිප දෙනෙකු ජීවිතාන්තය දක්වා සිරකළ හැකි මේ සහගහන ජාතික අපරාධය සම්බන්ධයෙන් තවමත් නිහඬ ව සිටීමේ අරමුණ කුමක්ද යන්න රටේ ජනතාව තෙරුම් ගත යුතුය.
උතුරේ යුද්දය නිමාවෙද්දී ඒ පළාත් වලින් ටොන් ගණනක රත්තරන් යුද හමුදාව යටතට පත් විය. වසර 20 ක් එල්ටීටීඊ පාලනය යටතේ පැවැති උතුරු පළාතේ එල්ටීටීඊ බැංකු පවත්වාගෙන ගිය අතර ජනතාව තම රත්තරන් උගස් තබා තිබුනේ එම බැංකු වලය. එල්ටීටීඊය පරාජය වෙද්දී එම රත්තරන් ටොන් ගණනින් හසුවිය. රත්තරන් පැළැඳීම සංස්කෘතික අංගයක් ලෙස සලකන දෙමළ ජනතාව සාමාන්‍යයෙන් වැඩියෙන් රත්තරන් භාවිතා කරන අතර සරණාගත තත්ත්වයට පත්වෙද්දී ඔවුන් තමන් සතුව තිබූ රත්තරන් විවිධ ස්ථාන වල වළ දමා සඟවා තිබීද හසුවිය.
මීට අමතරව රාජපක්ෂ පවුල විසින් එදා හමුදාව බාරදුන් රත්තරන් පමණක් නොව බිම් බෝම්බ ඉවත් කරන මුවාවෙන් දෙමළ ජනතාව පොළොව යට වළලා දැමූ සුළු සුළු රත්තරන් පවා කොල්ල කෑ අතර අවසානයේ එම රත්තරං තොග කන්ටේනර් කිහිපයකින් ජපානය දක්වා ගෙනගිය අකාරය විවිධ අවස්ථාවල අනාවරණය විය.
අප අද මේ අනාවරණය කරන්නේ අප සතුව ඇති සාක්ෂී වලින් ඉතාම සුළු ප්රමාණයකි.මේ සාක්ෂී වලින් ඉතා පැහැදිලිව රාජපක්ෂලා සනුහරයම රටේ ජනතාවට අයත්ව තිබු රන් දේපළ හොරා කා අවසන් බව තහවුරු වනු ඇත, ප්‍රශ්ණය ඇත්තේ නීතිය ක්‍රියාත්මක කිරිමට කාටනම් හැකි වේද යන්නයි.
එල්ටීටීඊ සංවිධානය සතුව තිබී හමුදා භාරයට ගන්නා ලද රත්තරන් හා මුදල් මහා භාණ්ඩාගාරයට ලබා දීමේදී ඒ වෙනුවෙන් භාණ්ඩාගාරය හා යුධ හමුදාව අතර හුවමාරු වූ ලියැවිලි පසුව රාජපක්ෂ පවුලේ ප්රබලයකුගේ උපදෙස් පරිදි පුළුස්සා දැමිමට කටයුතු කල අතර ඒ හේතුවෙන් මේ සම්බන්ධ කිසිදු ලියැවිල්ලක් යුධහමුදාව සතුව නොමැත.
එල්ටීටීඊ සංවිධානයෙන් අත්පත් කර ගන්න ලද රත්තරන් හා මුදල් ප්‍රමාණය ගැන කිසිදු ලියැවිල්ලක් නොවීම හේතුවෙන් මෙම රත්තරං තොගය හා මුදල් ප්‍රමාණය කොපමනදැයි සොයා ගැනීමට නොහැකිව තිබු නමුත් අදාළ ගණුදෙනු හරහා මේ වනවිට එම ප්‍රමාණය අනාවරණය වි තිබේ.
2020 10 26 වැනි දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හට ලිපියක් යොමුකරන I P උපුල් කරුණාරත්න තමන්ට අයවිය යුතු මුදල් මහ බැංකුව රදවාගෙන සිටින බවත් වහාම එය නිදහස් කරන ලෙසත් ඉල්ලා තිබේ.
එහි සදහන් වන්නේ 2011 වර්ශයේදි එනම් 4 වන ඊළාම් යුද්ධය අවසන් වි වසර දෙකක් ගතවනවිට අදාළ හොරා කෑ රන් තොගයෙන් ටෝන් 39.66ක් විකුනා දමා තිබේ. අදාළ ගණුදෙනුව සිදුකර ඇත්තේ “CREDIT SUISSE SECURITIES” සමාගම හරහා වන අතර ඒ හරහා උපයා ගත් අදායම ඇමරිකානු ඩොලර් කෝටි 196ක් බව එවකට නී.මුදල් අමාත්‍ය සරත් අමුණුගම පාර්ලිමේන්තුවේදි සනාත කර තිබේ.
අදාළ ලිපිය හරහා අනාවරණය වන්නේ CREDIT SUISSE SECURITIES සමාගම රත්තරං කිලෝවක් ඇමරිකානු ඩොලර් 46,000ක් ගෙවන අතර එයින් රජයට ඇමරිකානු ඩොලර් 44,000ක් ගෙවන අතර ඉතිරිය මැදිහත්කරුවන් සදහා රත්තරං කිලෝවක් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 2000ක් බැගින් ගෙවිමට එකඟ වි තිබේ.
නිලවශයෙන් විකිණූ රත්තරන් ටොන් 39.66ට අදාලව, ගිවිසුම් ප්‍රකාරව ඒ ඒ අතර මැදියන්ට ලැබිය යුතු කොමිස් මුදල් ප්‍රමාණය හා ඔවුන්ගේ විස්තර මෙම ලිපිය තුල අන්තර්ගත කර තිබේ.
ජපන් රජය වෙනුවෙන් මෙම ගනුදෙනුව සිදු කළේ ජපානයේ ජපුඩා හොල්ඩින් හා ක්‍රෙඩිට් ස්විස් යන සමාගම් දෙක වන අතර රත්තරන් (සියයට 999.5 පිරිසිදු රත්තරන්) කිලෝ එකක් අමරිකානු ඩොලර් 46,000 ගනනේ ජපානය මිළ දී ගත් අතර අදාල ගිවිසුම අනුව ඉන් ඩොලර් 2,000ක් අතරමැදී තරැව්කරුවන්ට ලැබිය යුතුව තිබුනා. නමුත් එයින් පලමුව විකුණන ලද ටොන් 39.66 ක් ප්‍රමාණයෙන් මැදිහත්කරුවන් දෙදෙනෙකුට මේ දක්වා කොමිස් මුදල් ලබාදි නැති අතර කිහිප දෙනෙකුට පමණක් ලබාදි තිබේ. එම මුදලද රාජපක්ෂවරු විසින් කොල්ල කෑමට කටයුතු කර තිබේ. නමුත් හොර පාරෙන් විකුණ ලද ටොන් 617ක ප්‍රමාණය සදහා ලැබුනු මුදල් හෝ ඒ සදහා ගෙවියයුතු කොමිස් මුදල් සියල්ලද රාජපක්ෂලා ගසා කා අවසන්. ඉතිරි රන් ටොන් ප්‍රමාණය අවස්ථා 8කදි විකුණා දලා ඇති බව මේ වනවිට තහවුරු වි තිබේ.
අදාළ ගනුදෙනු සදහා ජපන් ජාතික බුද්ධී අංශ නිළධාරි Kejii මර්සුමුරා, තුවාන් බාගුස්, රාජ්ගොපාල් කාර්තිපන්, සප්පානි සොමසේකරන්, කේ ජෙයරාණී, එස්.සීදරන්, I.P උපුල් කරුණාරත්න, W.K.E.J.A සොවිස්, H.M.E.S.K සෙනෙවිරත්න, TMI සමරසිංහ, Y.N.C ඉලංගකෝන්, N.Y.C සුරේෂ් කුමාර, G.G මධුර චින්තක, මැදිහත් වි ඇති අතර එයින් Kejii මර්සුමුරා, තුවාන් බාගුස්, රාජ්ගොපාල් කාර්තිපන්,සප්පානි සොමසේකරන්, යන අයට විකුණ ලද රත්තරං කිලෝවක් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 2000ක් කොටස් බැගින් බෙදා දි අවසන් කර තිබේ.
එම මුදල් ගෙවා දමා ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානය පැවැති මහින්ද රාජපක්ෂ ජනපති වි සිටි 2015-2015 කාල වකවානුව තුලය.
පසුව සහ මෛත්‍රීපාල සිරිසේන ජනපති වි සිටි 2015-2019 කාලය තුල රවී කරුණානායක මුදල් අමාත්‍යවරයාව සිටි සමයේ කේ ජෙයරාණී, එස්.සීදරන් යන දෙදෙනාට මුදල් ගෙවා අවසන් කර තිබේ. මේ දක්වා මුදල් ගෙවා නැත්තේ සිංහල ව්‍යාපාරිකයන් දෙදෙනෙකු වන I.P උපුල් කරුණාරත්න සහ G.G මධුර චින්තක යන දෙදෙනාට මේ දක්වා මුදල් ගෙවා නැති බවද අනාවරණය වි තිබේ.
I P උපුල් කරුණාරත්න යොමුකල ලිපියට ජනාධිපති කාර්යාලීය ඔම්බුඩ්ස්මන් යොමුකර ඇති පිලිතුරේ සදහන් වන්නේ අදාළ ඉල්ලිම මහ බැංකු අධිපතිවරයාට යොමුකල බවයි.
ටෝන් 39.66ක් විකුනා උපයා ගත් අදායම ඇමරිකානු ඩොලර් කෝටි 196ක් නම් ටොන් 617ක් විකුණා ලබාගත් ආදායක කොපමණද? එම මුදල් ඇත්තේ කාගේ සාක්කු වලද? එය අමුතුවෙන් කියා දියයුතු නැත.
ඒ අනුව 2011-2012 වසරේදී මෙම රත්තරන් තොග ඉතා රහසිගතව කන්ටේනර් 16 කින් කොළඹ වරායෙන් ජපානයට පිටත්කරහරින ලදී. ඒ හරහා මෙම රන් ගනුදෙනුවේ සම්පූර්ණ මුදල ශ්‍රීලංකාවට ලැබුණු නමුත් ඒ සතයකුදු මහා භණ්ඩාගාරයට හෝ වෙනත් කිසිදු රජයේ අරමුදලකට බැර වූයේ නැත.
අදාළ ගණුදෙනු සදහා රාජපක්ෂ ආර්යා ශීරන්තී රාජපක්ෂද මැදිහත් වි ඇති අතර ඇයගේ ගණකාධිකාරීවරයා වන ප්‍රසන්න ලියනආරච්චිද මේ ගනුදෙනුවේ අලගිය මුල ගිය තැන් හොඳින් දනී.
තැරැව්කරුවන්ගේ මුදල් මැදිහත්කරුවෙකු ලෙස හොරා කැමට කටයුතු කර ඇත්තේ වත්මන් ජනාධිපති ලේකම්වරයා ලෙස කටයුතු කරන කුප්‍රකට සොරෙකු වන ගාමිණී සෙනරත්ගේ ඥාති පුත්‍රයෙකු වන මංගල ජයසිංහ වේ. අදාළ තැරැව්කරුවන්ගේ මුදල් ලබාදිම සදහා මහින්ද රාජපක්ෂ ප්‍රසිද්ධියේ මැදිහත් වි ඇති අතර ඒ සදහා ඇපයට තබා ඇත්තේ ජය ශ්‍රී මහා බෝධියයි.
මෙම රන් ගනුදෙනුව සහසුද්දෙන්ම දන්නා තවත් පුද්ගලයන් තිදෙනෙකු සිටි පසුගියදා බලයෙන් නෙරපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබරාල්, ජනධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනෙරත් හා වරාය අධිකාරියේ සභාපත් බන්දු ප්‍රියත් වික්‍රමසිංහ සහ තවත් ඇමැතිවරු කිහිප දෙනෙක්කුම මේ ගැන දනී.
අදාළ රන් සංචිතය විකුණා දැමීමේ කටයුත්ත වෙනුවෙන් ‘ජපන් රජය’ තොරාගත් අතර මේ ගනුදෙනුව ගැන සකච්ඡා 2010 වසරේදී ආරම්බ වූ නමුත් ඒ සඳහා ජපන් රජය සෘජුව මැදිහත් විමක් සිදුකර නෑ . රත්තරන් වෙළඳාම නොඑසේනම් AU වෙළඳාම සඳහා ප්‍රසිද්ධ Japuga Holding Company Limited නම් ජපාන සමාගම හා CREDIT SUISSE SECURITIES නම සමාගම් දෙක මැදිහත් වූ අතර පුද්ගලයකු ලෙස මීට සහභාගී වූ ප්‍රධානියා, ජපුගා හෝල්ඩින්ග්ස් සමාගමේ උපදේශකයකු ලෙස පෙනී සිටි කෙයිජි මට්සුමුරා ය.
මට්සුමුරා සමඟ ජපානය වෙනුවෙන් මෙම ගනුදෙනුවට සම්බන්ධ වූ අනෙක් පුද්ගලයා රාජගෝපාල් කාර්තීපන් (ජා.හැ.අං. 833433342 V) නැමැති ව්‍යාපාරිකයාය. ශ්‍රී ලාංකිකයකු වන ඔහු ක්‍රෙඩිට් ස්වීස් සමාගමේ අධ්‍යකෂකවරයකු වන අතර ජපානයේ පදිංචිකරුවෙකි. මේ ගනුදෙනුවේදී මට්සුරා වෙනුවෙන් බලයලත් නියෝජිතයා වූයේ මොහුය.
Topකතාව අවසන් නෑ.. බලාපොරොත්තුවෙන් ඉන්න
හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ. අපට ලියන්න:- newsnetworklanka@gmail.com