“බණ්ඩාරනායක මැතිනිය කියල තියෙනවා කරත්ත රෝදෙ එක පැත්තකට කැරකෙනව වගේම අනෙක් පැත්තටත් කැරකෙනව කියල. එතුමිය කියල තියෙනව එතුමිය බලයට ආ විගසම මේ ව්‍යවස්ථාව වෙනස් කරල එතුමියටත් එතුමියගේ ඇමැතිවරුන්ටත් විරුද්ධව ජනාධිපති කොමිෂන් සභා තියල ප්‍රජා අයිතිය අහෝසි කළා වගේම යූ.ඇන්.පී. ආණ්ඩුවේ නායකයන්ටත් එරෙහිව කටයුතු කරනවා කියල.

මම එතුමියට කියන්න කැමැතියි කරත්ත රෝදෙ එහාට කැරකෙන්න පුළුවන් වගේම මෙහාටත් කැරකෙන්න පුළුවන්. හැබැයි මේ ව්‍යවස්ථාවට අනුව සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ ආයි කවදාවත් තුනෙන් දෙකේ බලයක් ගන්න සක්‍ර දේවේන්ද්‍රයටවත් බෑ. ඒ නිසා මම එතුමියට කියනවා තුනෙන් දෙකේ බලයක් ගන්න බැරි නිසා ව්‍යවස්ථාව සංශෝධනය කරන්නත් බෑ කියලා…”

මේ, 1980 දී ජේ.ආර්. බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කරන යෝජනාව පාර්ලිමේන්තුවට ගෙනැවිත් සම්මත කළාට පසු මැතිනිය කී කතාවකට දුන්න උත්තරයය. ජේ.ආර්. මේ කතාව කළේ ආයේ මේ සම්මජ්ජාතියේ තුනෙන් දෙකේ බලයක් තියෙන ආණ්ඩුවක් ලංකාව ඇතුළේ තමන් හදපු සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ බිහි නොවන බව ඉන්තේරුවෙන්ම දැනගෙනය.

මොකද ඒ ඡන්ද ක්‍රමය යටතේ කවදාවත් තුනෙන් දෙකේ බලයක් ගන්න බැරි බව ජේ.ආර්. හිතාගෙන සිටියේය.හැබැයි ජේ.ආර්. හිතපු නැති විදිහට ජේ.ආර්.ගේ ව්‍යවස්ථාව යටතේ, ජේ.ආර්.ගේ සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ තුනෙන් දෙකේ අතිවිශේෂ බලයක් තමන්ගේ පක්ෂයට අරන් දෙන්න පදනම දැමූ මිනිහා වෙන කවුරුවත් නොව බැසිල් රාජපක්ෂය.

එහෙමත් නැත්නම් බී.ආර්.ය. කවදා හෝ බැසිල් තමන් හදපු ව්‍යවස්ථාව යටතේ තුනෙන් දෙකේ බලයක් අරන් පෙන්වයි කියා ජේ.ආර්. හීනෙකින්වත් හිතන්න නැතුව ඇත. එදා මැතිනියට උත්තර දුන් කතාවේදී ජේ.ආර්. සක්‍ර දේවේන්ද්‍රයාටවත් තුනෙන් දෙකේ බලයක් තමන්ගේ ව්‍යවස්ථාව යටතේ ගත නොහැකි බව කීවේ ඒ නිසා විය යුතුය.

ජේ.ආර්. මේ කතාව කරන කොට බැසිල්ද දේශපාලනයේ හිටියේය. ඒ කාලයේ බැසිල් සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයකු ලෙසටය. එකල මහින්ද බණ්ඩාරනායක පරපුරේ ඔටුනු පලන් කුමාරයා වන අනුර බණ්ඩාරනායක සමඟ ළඟින් ඇසුරු කරද්දී බැසිල්ද අනුරගේ ළඟම හිතවතෙක්ව සිටියේය. ජේ.ආර්. මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කොට ජනාධිපතිවරණයට පිටපොට ගසද්දී ශ්‍රීලනිපයට ඒ ඡන්දෙන් දිනන එක ලේසි පහසු නැති බව බැසිල්ට වැටහී ගොස් තිබිණ.

ඒ වන විට අනුරද සිටියේ මැතිනියගෙන් පසු ඡන්දයට එන්න බලාගෙනය. හැබැයි බැසිල් ඒ වෙනකොට ශ්‍රීලනිපයට කියා සිටියේ ජේ.ආර්. එක්ක තරග කොට දිනන්න නම් ශ්‍රීලනිපයේ මෛත්‍රිපාල සේනානායක ජනාධිපති අපේක්ෂකයා කොට අනුර අගමැති අපේක්ෂකයා විය යුතු යැයි කියාය. එවිට දිනන සංයෝගය හදාගත හැකි බව බැසිල් කියා සිටියේය.

හැබැයි එදා ශ්‍රීලනිපයේ සිටි නායකයන් බැසිල් දුරදිග බලා කී මේ කතාව පිළිගත්තේ නැත. අඩුම තරමින් විජය – චන්ද්‍රිකාවත් බැසිල්ගේ කතාව පිළිගත්තේ නැත. අන්තිමේදී ශ්‍රීලනිපය පරාජයට පත්විය. විජය – චන්ද්‍රිකා පක්ෂය කඩාගෙන එළියට ගියහ. බැසිල්ද රට ගියේය.

“ඒ කියන්නේ බැසිල්ට දේශපාලනයේ දුර දකිනා නුවණ ආවේ අද ඊයෙ නෙවයි කියන එකද?”

ඇත්තම කතාව ඒකය. බැසිල්ට දේශපාලන ගණන් හැදිල්ලේ ගණදෙවි නුවණ පහළ වී තිබුණේ ඒ කාලයේ සිටමය. ඒ අතින් බලද්දී බැසිල් සහ ජේ.ආර්. අතර අපූරු දේශපාලන සමානකම් රැසක්ම දැකගන්නට පුළුවන.

1956 මහ මැතිවරණයෙන් යූ.ඇන්.පී. එක ආසන 8ට වැටී පරාජයට පත්වීමෙන් පසු පක්ෂය යළි ගොඩගන්න කිසිදු නායකයෙක් ඉදිරිපත් වූයේ නැත. එවකට පක්ෂ නායක සර් ජෝන් කොතලාවල සිටියේ ලන්ඩනයේ සවාරි ගහමිනි. හිටපු නායකයා වන ඩඞ්ලි සේනානායකද පක්ෂයෙන් ඉවත්වී මහ ඡන්දෙටවත් තරග නොකොට නිහඬව ගෙදරට වී සිටියේය.

ඒ වෙලාවේ යූ.ඇන්.පී.යත්, පාක්ෂිකයනුත් ගොඩගන්න තනිවම ඉස්සරහට ආවේ වෙන කවුරුවත් නොව ජේ.ආර්.ය. ජේ.ආර්. එදා රට පුරාම ආසනයෙන් ආසනයට ගොස් යූ.ඇන්.පී.ය කෙළින් කටින් හිටුවන්න කටයුතු කළේය. මහ ඡන්දෙන් පසු පැවැත්වුණු පළාත් පාලන මැතිවරණයේදී කොළඹ නගර සභාව දිනවලා පක්ෂය දිනන මාවතට අවතීර්ණ කර පෙන්නුවේය.

බැසිලුත් ගැහුවේ ජේ.ආර්. මේ ගහපු ගේම් එකමය. ඉතිහාසයේ පළමු වතාවට යූ.ඇන්.පී. එකත්, ශ්‍රී ලංකා එකත් 2015දී ජාතික ආණ්ඩු ගසා එකට ආණ්ඩු කරද්දී යූ.ඇන්.පී. විරෝධී ශ්‍රී ලංකාකාරයෝ සිටියේ අන්ත අසරණ වෙලාය. ඒ ශ්‍රී ලංකාකාරයන්ට යන්න එන්න තැනක් තිබුණේ නැත. අඩිය ගහන්න පක්ෂයක් තිබුණේ නැත. ඒ යූ.ඇන්.පී. විරෝධී ශ්‍රී ලංකාකාරයන් ඒ කාලේ හිටියේ ආතක් පාතක් නැතුව නන්නත්තාර වෙලාය.

හැබැයි බැසිල් පොහොට්ටුව හදලා මේ නන්නත්තාර වෙලා හිටපු යූ.ඇන්.පී. විරෝධී ශ්‍රීලංකාකාරයන්ටත්, යූ.ඇන්.පී. විරෝධී බලවේගවලටත් බය නැතිව පය ගහල ඉන්න හිටින්න පුළුවන් ස්ථිර වාසස්ථානයක් සකස් කර දුන්නේය. පොහොට්ටුව ඒ යූ.ඇන්.පී. විරෝධී බල කඳවුර නියෝජනය කළ පක්ෂය විය.

ජේ.ආර්. යූ.ඇන්.පී.ය කෙළින් කටින් කරලා පළාත් පාලන ඡන්දෙන් කොළඹ දිනා පෙන්නුවා සේ බැසිල් පොහොට්ටුව හදා තිබ්බ පළමු පළාත් පාලන ඡන්දෙන්ම මුළු රටම දිනා පෙන්නුවේය. ඒ අතින් බලද්දී ජේ.ආර්. සහ බී.ආර්. කියන්නේ එක වගේම චරිත දෙකක්ය.

එකල ජේ.ආර්.ට හරියට දේශපාලන හතුරෝ සිටියහ. ඒ හතුරෝ පක්ෂයට එළියෙන් මෙන්ම පක්ෂයට ඇතුළේද වූහ. 56 පරාජයෙන් පසු පක්ෂ නායකයා වූ ඩඞ්ලි වටේ සිටි ජ්‍යෙෂ්ඨයන් සියලු දෙනාම පාහේ හිටියේ ජේ.ආර්.ට විරුද්ධවය. ඔවුන් නිතරම ඩඞ්ලිගේ ඔළුවට දැම්මේ ජේ.ආර්.ගෙන් පරිස්සම් වෙන්න යැයි කියාය.

“ජේ.ආර්. කියන්නේ නොම්බර එකේ ගේම්කාරයෙක්. ඒ හින්දා ජේ.ආර්. එක්ක පරිස්සමින් ගනුදෙනු කරන්න”

යූ.ඇන්.පී. ජ්‍යෙෂ්ඨයෝ ඩඞ්ලිගේ ඔළුවට දැම්මේ එහෙම කතාය. ඩඞ්ලිගේ ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරුන් වූ එම්.ඩී. බණ්ඩාත්, ඊරියගොල්ලත් ජේ.ආර්.ගෙන් පරිස්සම් වන ලෙස ඩඞ්ලිට උපදෙස් දුන්හ.යූ.ඇන්.පී.යෙන් එළියේ සිටි ශ්‍රීලනිපයේ මැතිනියත්, ලංකා සමසමාජ පක්ෂයත්, කොමියුනිස්ට් පක්ෂ නායකයනුත් ජේ.ආර්. ගැන විශාල බියකින් පසුවූහ. ඒ නිසාම එකල මේ සියලු දෙනාම ජේ.ආර්.ට වටකරගෙන ගැසූහ. යැංකි ඩිකී යැයි කීහ. අධිරාජ්‍යවාදී ගැත්තා යැයි කීහ.

අද බැසිල්ටත් සමහරු ගහන්නේ එදා ජේ.ආර්.ට ගැහුවා වාගේමය. අදත් බැසිල් එක්ක ඇතුළේ ඉන්නවා වගේම එළියේ ඉන්න අයත් බැසිල් ගැන ඉන්නේ පුදුම බයකින්ය. 2015 ජනාධිපතිවරණය පැරදුණු වහා මහින්දව ගෙදර යැව්වේ බැසිල් කියමින් ඇතුළේම කට්ටිය බැසිල්ට එළිපිටම පහර ගැහුවේ ඒ නිසාය. ආණ්ඩුව ගත්ත හැටියේම මෛත්‍රි, රනිල් තුනෙන් දෙක හදාගෙන 19 වැනි සංශෝධනය ගෙනැල්ලා බැසිල් පාර්ලිමේන්තුව ඇතුළට එන එක වළක්වන්න ද්විත්ව පුරවැසිභාවයේ වගන්තිය ගෙනාවේ ඒ නිසාය. ඒ වගන්තියෙන් ඉලක්ක කළේ වෙන කවුරුවත් නොව බැසිල්වමය.

මොකද ඒ වෙලාවේ ගෝඨා දේශපාලනයට එන්න කිසිම තීන්දුවක් ගෙන තිබුණේ නැත. එනව නම් එන්න හිටියේ බැසිල් විතරය. ද්විත්ව පුරවැසිභාවය මෛත්‍රි – රනිල් 19ට දැම්මේම බැසිල් ඇතුළට එන එක වළක්වන්නය.අදද විපක්ෂය පමණක් නොව ආණ්ඩුවත් එක්ක ඉන්න සමහර හවුල්කාර පක්ෂ පවා ද්විත්ව පුරවැසිභාවයේ වගන්තිය අහෝසි කරන්න එපා යැයි කියමින් හඬ තලන්නේ බැසිල් පාර්ලිමේන්තු එනවාට තියෙන බය නිසාය.

මොකද බැසිල් ඇතුළට ආවොත් 2025 ජනාධිපති පමණක් නොව 2030 ජනාධිපතිත් කවුද කියා තීන්දු කරන්නේ බැසිල් බව මේ සියලු දෙනාම හොඳින්ම දනී.

එදා ෆීලික්ස් ඩයස් ජේ.ආර්.ට කිව්වේ ජේ.ආර්. යනු හොඳ දෙවැනියෙක් මිස පළමුවැනියෙක් නොවේ යැයි කියාය. ජේ.ආර්.ට ජනතා ආකර්ෂණය දිනාගන්න බැරි බව ෆීලික්ස් කීය. ජේ.ආර්. ජනතාව අතර ජනප්‍රිය නැති බව කීය.

හැබැයි ෆීලිකිස් එහෙම කිව්වත් ජේ.ආර්. තනිවම රට වටේ ගිහින් පක්ෂයක් හදලා ඩඞ්ලිව දෙපාරක් අගමැති පුටුවේ වාඩිකර පෙන්නුවේය. ඩඞ්ලිගේ අභාවයෙන් පසු නායකත්වය ජේ.ආර්.ට දෙන්න පක්ෂය තීන්දු කළේ ඒ නිසාය.ඒ වගේම අද සමහරු බැසිල්ටත් කියන්නේ බැසිල් ජනප්‍රිය නැතැයි කියාය. බැසිල්ට ජනතා ආකර්ෂණයක් නැතැයි කියාය. බැසිල් හොඳ දෙවැනියෙක් යැයි කියාය.

හැබැයි ජේ.ආර්. එකම පක්ෂයෙන් අගමැතිවරු දෙන්නෙක් හැදුවා වාගේම බී.ආර්., රාජපක්ෂ පවුලෙන් ජනාධිපතිවරු දෙදෙනෙක් හැදුවේය. එක්කෙනෙක් එම්.ආර්. හෙවත් මහින්දය. දෙවැනියා ජී.ආර්. හෙවත් ගෝඨාභයය.ඒ නිසා වෙලාව ආවාම ජේ.ආර්. වගේම බී.ආර්. හෙවත් බැසිලුත් මේ රටේ ජනාධිපති වේදැයි කියන්න දන්නේ නැත.

~~විමලසිරි ජයලත්~~

හිටපු ආරක්ෂක ලේකම්,වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ බලපෑම මත ,  ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් ගිරිතලේ හමුදා කඳවුරේ රඳවා පසුව අක්කරේපත්තු මුහුදේ දී ගලක් බැද ගිල්වා දැමූ බව පවසන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරින් තමාට  බලපෑම් කළ බව පළමුවන බුද්ධි බලකායේ විශ්‍රාමික කෝප්‍රල් රවීන්ද්‍ර රූපසේන දේශපාලන පලි ගැනීම් පිළිබද සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව  හමුවේ ඊයේ(27) අනාවරණය කළා.

තමන් නිවසේ නොමැති අවස්ථාවක රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැමිණ තම බිරිඳට සහ දරුවා රැගෙන යාමට කටයුතු කර ඇති බවත් එම අවස්ථාවේ  කිසිදු කාන්තා පොලිස් නිලධාරිනියක් පැමිණ නොසිටි බවද ඔහු සදහන් කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සැරයන් මෙන්ඩිස්  තම පුතාගේ හිසට රාජකාරි ගිනිඅවිය තබා “අම්මයි පුතයි ආවෙ නැත්නම් මේක තමයි ඔයාට වෙන්නේ .”  කියමින්  තර්ජනාත්මකව බලපෑම් කළ බව සිය පුතා තමාට පැවසු බවද විශ්‍රාමික කෝප්‍රල් රවීන්ද්‍ර රූපසේන සදහන් කර සිටියා.

තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින කාලය තුළ උප පොලිස් පරීක්ෂක ප්‍රේමතිලක නැමැත්තා තමන්ව  පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා ගේ කාමරයට රැගෙන ගොස්  මත්පැන් පානය කිරීමට සලස්වා

” බයවෙන්න එපා .මම කියපු දේ කරන්න. ශානි මහත්තයා  හොඳයි. අපිත් එක්ක තමයි පොලිස්පති තුමා, රනිල් මහත්තයා ,මංගල මහත්තයා ඉන්නේ. ඒ හින්දා අක්කරේපත්තුවට අරන් ගිහින් ගෝඨාභය මහත්තයා කියපු විදියට බඩට ගලක් බැදලා  එක්නැලිගොඩ මුහුදට දැම්මා කියලා කියන්න .”

යනුවෙන් ප්‍රකාශ කරන ලෙසට තමන්ට බලපෑම් කළ බවකෝප්‍රල් රවින්ද්‍ර රූපසේන දේශපාලන පලි ගැනීම් පිළිබද සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ අනාවරණය කළා.

” එසේ පැවසුව හොත් කෝටි ගණන් මුදල් දෙන්නම්. ඇමරිකාවට වුණත් යවන්නම් දේශපාලන රැකවරණය සලස්වා කියලා ” යනුවෙන් පොරොන්දුවක්ද දුන් බවයි ඔහු සදහන් කලේ.

Published on: Aug 24, 2020 – වර්ෂ 2002 දීත් 18වන සහ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධන පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති බව තවමත් රටේ කිහිප දෙනෙක් දන්නේ නැත.

2002 සැප්තැම්බර් මස 18වන දින ව්‍යාපාර සංවර්ධන, කර්මාන්ත ප්‍රතිපත්ති හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ 2002 අගෝස්තු මස 12වන දින ගැසට් පත්‍රයේ පළ කර ඇති මුල්වරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 18වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ මුල් පිටුව පහත දක්වා ඇත.

(ඇමිණුම 01) බලන්න

ඉහත දැක්වෙන්නේ 18වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය නමින් වූ දීර්ඝ නාමයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ පළමු 18වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයයයි.

එකී 18වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වගන්ති 6කින් පමණක් යුක්ත වූ අතර, ඉන් යෝජනා කර තිබුණේ 17වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් පිහිටුවා තිබූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ රීති, සභාවේ සාමාජිකයන්ට ගෙවිය යුතු චේතන, සභාවට එරෙහිව නඩු පැවරිය නොහැකි බව ඇතුලු කාරණා වේ.

2002 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 18වන සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට පාර්ලිමේන්තුව විසින් පියවර නොගැනීම නිසා එකී 18 එතනින්ම අවසන් විය.

නැවත 18ක් පර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ වර්ෂ 2010 දී වන අතර එකී 18වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ඉදිරි පියවර ගත් පාර්ලිමේන්තුව එය පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත්‍රීවරුන් ද ඇතුලුව 2/3ක බහුතර ඡන්දයෙන් සම්මතකර විධිමත් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කර ගත්තේය. එකී 18ට නීතියක් බවට කථානායකවරයා සහතිකය යොදන ලද්දේ 2010 සැප්තැම්බර් 09 වැනි දිනය.

19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධන පනත් කෙටුම්පත් දෙක.

19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතක් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිවරියව සිටියදි, 2002 සැප්තැම්බර් මස 19 වන දින ව්‍යාපාර සංවර්ධන, කර්මාන්ත ප‍්‍රතිපත්ති හා ආයෝජන ප‍්‍රවර්ධන සහ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කටයුතු අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ අතර 2002 සැප්තැම්බර් මස 11 වන දින ගැසට් පත‍්‍රයේ පළ කර ඇත.

එහි මුල් පිටුව පහත දක්වා ඇත. (ඇමිණුම 02) බලන්න

2002 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 19ය මගින් ඉතා වැදගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් යෝජනා කර තිබූ අතර, ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70වන ව්‍යවස්ථාව සංශෝධනය කර ජනාධිපතිවරයාට වසරකට පසු පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට තිබු බලය/ අයිතිය අහිමි කිරීමයි.

එම 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනිය යන පදනමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක්කරන ලද අතර සරත් නන්ද සිල්වා (අ.වි), වඩුගොඩුපිටිය (වි), බණ්ඩාරනායක (වි) ඉස්මයිල් (වි) එදිරිසූරිය (වි) සහ යාපා (වි) ද සිල්වා (වි) විසින් 2002 ඔක්තෝබර් 1 සහ 3 යන දිනවල ඒ සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට ගන්නා ලදී.

එකී විභාගය අවසානයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරු 7දෙනා ඒකමතිකව තීරණය කර තිබුණේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70වන ව්‍යවස්ථාව සංශෝධනය කර ජනාධිපතිවරයාට වසරකට පසු පාර්ලිමේන්තුව විසුරුවීම සීමාකිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3වන ව්‍යවස්ථාවට සම්බන්ධ හෙයින් එකී 19 නීතියක් වීමට පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත්‍රීවරුන්ද ඇතුලුව 2/3 ඡන්දයෙන් සහ ජනමතවිචාරණයක් මගින් ජනතාව විසින්ද අනුමැතිය ලබා දිය යුතු බවයි.

කිසිවෙකුට හෝ ඒ සම්බන්ධයෙන් යම් සැකයක් ඇත්නම් 2002 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 19යට ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීරණය කියවීමෙන් එකී සැකය දුරුකරගත හැකිය.

2002 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය එකී ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය හේතුවෙන් එතනින්ම අවසන් විය.

2002 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 18 සහ 19 තව දුරටත් ඉදිරියට ගොස් නීතියක් බවට පත් නොවූ නිසා වර්ෂ 2010 වන විට රටේ තිබුණේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන 17ක් පමණි.

ඒ අනුව 2010 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නම් කරන ලද්දේ 18වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නමිනි. ඒ 2002 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 18වන සංශෝධනය නීතියක් වීමට ඉදිරි පියවර නොගත් හෙයිනි.

2010 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 18වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය එයට ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීරණයට අනුව පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත්‍රීවරුන්ද ඇතුලුව 2/3 ඡන්දයෙන් සම්මත කර කථානායකවරයාගේ සහතිකය යොදා ක්‍රියාත්මක කරනු ලැබීය.

ඉන් පසු නැවත වර්ෂ 2015 දී ද නැවත 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබුණි.

අග‍්‍රාමාත්‍ය සහ ප‍්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතු, ළමා, තරුණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගේ නියමය පරිදි 2015 මාර්තු මස 13 වන දින ගැසට් පත‍්‍රයේ 11 වන කොටස අතිරේකය (2015.03.16 දින නිකුත් කරන ලද) 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින්, ජනාධිපතිවරයාට වසරකට පසු පාර්ලිමේන්තුව විසුරුවීම සීමා කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීම, ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම, ද්විත්ව පුරවැසියන්ට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වීම වැළක්වීම, ජනාධිපති ධූර කාලය සහ පාර්ලිමේන්තුවේ කාල සීමාව අඩු කිරීම, ජනතාවගේ ජනමතවිචාරණ ඡන්ද බලය අහිමි කිරීම (85.2 ව්‍යවස්ථාව ඉවත් කිරීම) ඇතුලු විධිවිධාන 17ක කාරණා නීතියක් කිරීමට උත්සාහ කර තිබුණි.

එහි මුල් පිටුව පහත දක්වා ඇත.(ඇමිණුම 03)

දෙවන වරටත් 2015 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරු තිදෙනෙකු විසින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථානුකූලත්වය පරීක්ෂා කළ අතර 2002 දී ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළ පාර්ලිමේන්තුව විසුරුවීමට අදාළ වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70.1 ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට අදාල විධිවිධානය හැර අනෙක් විධිවිධාන 16 සම්බන්ධව තීරණය එම විනිසුරුවරු තිදෙනා විසින් පාර්ලිමේන්තුවට දන්වා යවා ඇත.

2002 දී පාර්ලිමේන්තුයට ඉදිරිපත් කළ 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ 70 ව්‍යවස්ථාව සංශෝධනයට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කෙරෙහි අවධානය යොමු නොකර 2015 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ විවාදයට ගත් අතර දෙවන වර සහ තුනවන වර කියවා පාර්ලිමේන්තුවේ මුළු මන්ත‍්‍රීවරයන් සංඛ්‍යාවෙන් තුනෙන් දෙකක සංඛ්‍යාවකට නොඅඩු සංඛ්‍යාවකගේ සම්මතය ඇතිව යෝජනා සම්මතයක් මගින් පාර්ලිමේන්තුවේ අනුමැතිය පමණක් ලබා ගෙන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 80.1 ව්‍යවස්ථාව යටතේ සිය සහතිකය යෙදීමට එවකට සිටි කථානායකවරයා පියවර ගෙන ඇත.

මෙය 2002 දී 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් 70 ව්‍යවස්ථාව සංශෝධනයට උත්සාහ කළ අවස්ථවේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් විනිසුරු 7දෙනාගේ ඒකමතික තීරණය උල්ලංඝනය කිරීමක් වන අතර එකී ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අනුව 79 ව්‍යවස්ථාවේ අවසන් විධානය, සහ 85.1 ව්‍යවස්ථාව සහ 80.2 ව්‍යවස්ථාව අනුගමනය කිරීමෙන් බැහැර වීමට සහ ජනමතවිචාරණයක් නොපවත්වා 70 ව්‍යවස්ථාව වැරදි ලෙස සංශෝධනය කිරීමට 2015 පාර්ලිමේන්තුව ක‍්‍රියා කිරීම බලවත් දෝෂයක් වන අතර එය 2002 දී ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට අපහාස කිරීමක්ද වෙයි.

2002 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 19යේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ජනමතවිචාරණයක් පැවැත්වීම අනිවාර්යයෙන් කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු 7 දෙනා ඒකමතිකව තීරණය කර තිබියදී, එකී ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට ගරු නොකර, ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාසවන ආකාරයට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105.3 ව්‍යවස්ථාව යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීමේ චෝදනා ගොනු කළ හැකි නඩු නිමිත්තක් ඇතිකරමින් 2015 දී පාර්ලිමේන්තුව විසින් 70 ව්‍යවස්ථාව සංශෝධනය වූ ලෙස ක්‍රියා කරවීම සහ එමගින් මුලු රටම නීතිවිරෝධී ක්‍රියාවලියකට ඇද දැමීම වහා නිවැරදි කරනවා වෙනුවට දිවිත්ව පුරවැසියන් පාර්ලිමේන්තු එනවායයි කියමින් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කරමින් ක්‍රියාත්මක කරගෙන යන සහ ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කරන 19ය ආරක්ෂා කිරීම කිසිසේත් සුදුසු නොවේ.

වත්මන් ජනාධිපතිවරයාද 2002 සහ 2015 පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ 19 සම්බන්ධයෙන් සහ ඒවා අදාලව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් තීරණ පිළිබද අවධානය යොමු කර 9වන පාර්ලිමේන්තුවේ කතානායකවරයාට දැනුම් දිය යුත්තේ 19යට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාවේ අවසන් විධානය අනුව නිවැරදි සටහන යොදා 2015 දී සිදුකළ වැරැද්ද නිවැරදි කරන ලෙසත්, ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 85.1 ව්‍යවස්ථාවේ පියවර එනම් 19යට ජනමතවිචාරණයක් පැවැත්වීමට අදාල පියවර තමන්ට ගැනීමට අවශ්‍ය කටයුතු කර දී ශ්‍රේෂ්ඨාධිකරණ තීරණවලට ගරු කරන ලෙසයි.

එසේ නොකර 19ය සංශෝධනය කිරීමට ගියහොත් එයට සම්බන්ධව සියලු දෙනාටම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105.3 ව්‍යවස්ථාව යටතේ 2002 දී 19යට ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට අපහාස කිරීමේ චෝදනාවට ලක් වීමට සිදුවේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105.3 ව්‍යවස්ථාව මෙසේය. ( ඇමිණුම 04)

ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තු එනවායයි කොරහේ කිඹුලන් දකිමින් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කරමින් ක්‍රියාත්මක කරගෙන යන සහ ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කරන 19ය ආරක්ෂා නොකර, ශ්‍රේෂ්ඨාධිකරණ තීරණවලට ගරු කර 19ය සම්බන්ධයෙන් ජනමතවිචාරණයක් පවත්වා නීතියේ පාලනය ස්ථාපිත කිරීමට ජනාධිපතිවරයාත්, පාර්ලිමේන්තුවත් කටයුතු කිරීම නීතිමය අවශ්‍යතාවයකි.

නීතිඥ අරුණ ලක්සිරි උණවටුන

(2020.08.24)

Published on: Aug 21, 2020- ක්‍රීඩා අමාත්‍යවරයාගේ නියමය අනුව නව ක්‍රීඩා පනතක් සහ ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තියක් සැකසීමට අවශ්‍ය මූලික කටයුතු සම්පාදනය කිරීම, ඉලක්කගත ජයග්‍රහණ සඳහා සැලසුම් සකස් කිරීම, ක්‍රීඩකයින් වෘත්තිමය තත්ත්වයකට නංවාලීම උදෙසා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, ජාතික සංචිත තේරීමේදී අමාත්‍යවරයා වෙත අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම, ඇතුලු ක්‍රිඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් ජාතික ක්‍රීඩා සභාව පත් කිරිම අගයකල යුතුය.

එම සභාවේ සභාපති ධුරයට හිටපු නායක මහේල ජයවර්ධන මෙන්ම හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර ඇතුලු ක්‍රිඩාව සම්බන්ධයෙන් ප්‍රවීණයන් මෙන්ම දක්ෂයන්ට තැන දෙන සමාජිකයන් කමිටු සාමාජිකයෙකු ලෙස පත්කිරිම අගයකල යුතුය.නමුත් ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකයින් ලෙස උපතින්ම බොරු කරන නවකයන්ට එන්නට තිබේන ඉඩ අහුරන මෙන්ම ලොව පුරා දුෂණ චොදනා රැසකට සම්බන්ධ මෝටර් රථ ධාවන ශුරයෙකු ලෙස ඔහු විසින්ම හදුන්වන ඩිලන්ත මාලගමුව පත්කිරිම අනාගත දිනයකදි නාමල් ගත් වැරදි තින්දුවක් ලෙස ඉතිහාස ගත විම වලක්වා ගත නොහැකි වනු ඇත.

කවුද මේ ඩිලන්ත මාලගමුව!

දිලන්ත රංජුල බන්ඩාරා මලගමුව නොහොත් දිලන්ත මලගමුව ශ්‍රී ලංකාවේ මෝටර් රථ ධාවන ශූරයා ලෙස වඩාත් ප්‍රසිද්ධය. එහෙත් ඔහුගේ ජීවිතයේ එතරම් නොදන්නා පැත්තක් ප්‍රසිද්ධියට පත්වීමට සුදුසුය. එමඟින් ඔහු එතරම් ප්‍රසිද්ධ නැති පැත්තේ කොතරම් ප්‍රසිද්ධියක් උසුලයිද යන්න සනාථ වේ. එ හරහා ජනතාව අන්දවා ඇති අකාරය මෙන්ම  කුප්‍රකටභාවය සහ බලහත්කාරයෙන් දේපළ අත්පත් කර ගැනීමේ හැකියාව සහ ගණනය කළ වංචා සහ වඩාත් කුරිරු ද්‍රෝහීකම් මගින් අනුන්ගේ අරමුදල් අයථා ලෙස පරිහරණය කිරීමයි. කනගාටුවට කරුණ වන්නේ ඔහුගේ සෙවනැලි හා රහසිගත ක්‍රියාකාරකම් පිළිබඳ ඔහුගේ සෙවනැලි ලෝකය බොහෝ දෙනෙක් නොදැන සිටීම.

යුරෝපා Lamborghini මෝටර් රථ ශුරතාවලියට සහභාගි වි එයින් අවස්ථා කිහිපයකදි ජයග්‍රහණය කල බව පවසන ඩිලන්ත සැබෑවටම සහභාගි වන්නේ එම තරගාවලිය අතරතුර පවත්වන වසය අවුරුදු 50ට වැඩි ප්‍රදර්ශනාත්මක තරගයකට වන අතර 2019 වසරේ එම තරඟ දෙකක් ජයග්‍රහණය කිරීමට ඩිලන්තට හැකිව තිබේ. නමුත් එය ගෝන්ෆ්‍රී මෝටර් රථ ශුරතාවලියට සම්බන්ධයක් නොමැති අතර ඔනෑම අයෙකුට ලැම්බෝගිනියක් සහ අවශ්‍ය අවසරපත ලබා ගැනිමට මුදල් තිබේනම් එම තරග වලට සහභාගි විය හැක.

Lamborghini මෝටර් කාණ්ඩ 4ක් යටතේ පැවැත්වෙන අතර Pro,Pro-Am,Am සහ Lamborghini Cup යනුවෙන් පැවැත්වෙන අතර එහි වයස්ගතම කණ්ඩායම් සමග පැවැත්වෙන Lamborghini ධාවන තරගයට එක්වන ඩිලන්ත ශ්‍රි ලංකාවට පෙන්වනුයේ එය Lamborghini මෝටර් රථ තරගාවලිය ජයගත් ආකරයටය.සමාන්‍යයෙන් එම තරග සදහා උපරිම වශයෙන් සහභාගි වන්නේ ක්‍රිඩකයන් 4 දෙනෙකු පමණ වන අතර පහත රූපයෙන් ඔහුන් කොපමණ වයසද යන්න තිරණය කර ගත හැක.

Las Vegas, Nevada හී පැවැති SRO Motorsports Group Awards 2019 හිදි Finished 3rd inthe championship Flag of Sri Lanka යනුවෙන් සටහන් කර තිබුනද ඔහු එම ස්ථානයට පත්වුයේ කවුරුන් සමගද යන්න පහත ඡායාරූප බලා තිරණය කරන්න.

යුරෝපා Lamborghini මෝටර් රථ තරගාවලිය මේ දක්වා ශ්‍රි ලාංකිකයෙකු නියෝජන කර නොමැති අතර ඒ සදහා අවශ්‍ය වයස් සීමාවේ දස්කම් දැක්වු තරුණයන් කිහිප දෙනෙකු සිටියද ඔහුන්ද අවශ්‍ය සීමාවට පැමිණ නැති බවයි දැනට අනාවරණය වි ඇත්තේ.

ඩිලන්ත ජයග්‍රහණය කළා යැයි කියන  Lamborghini Super Trofeo යන්න Lamborghini සමාගම් එකතු වි සදාගත් එකක් මිස FIA යන Fédération Internationale de l’Automobile ජාත්‍යන්තර පිළිගත් තරගාවලියක් ද නොවේ. එය කාගෙන් හෝ කඩාගත් සල්ලි මල්ලක් ඇති ඔනෑම අයෙකුට සහභාගි විය හැකි තරගයකි. 2017 – Lamborghini Super Trofeo World Finals, Imola, Italy (Race 2) – 3rd Place (AM Class – 5th Place Overall) යනුවෙන් සදහන්ව ඇති තරගයේ තරග ප්‍රතිපලය පහත දක්වා ඇත. වැඩි විස්තර සදහා මෙතනින් වෙබ් අඩවියට යන්න

 

2019 වසරේ ආසියානු ෆෝර්මියුලා 3 වින්ටර් ශූරතාවලියේ අවසන් තරඟයේ ප‍්‍රථම ස්ථානය දිනා ගැනීමට ශ‍්‍රී ලාංකික ධාවනශූර එෂාන් පීරිස් සමත් වු අතර එය මැලේසියාවේ පැවැති අතර ෆෝර්මියුලා 3 තරඟයක් ජයග‍්‍රහණය කළ ප‍්‍රථම ශ‍්‍රී ලාංකිකයා බවට එෂාන් පීරිස්ගේ නම සටහන් වි තිබේ.

යුරෝපා Lamborghini මෝටර් රථ තරගාවලියට සහභාගි වන බව පෙන්වමින් ඩිලන්ත ව්‍යාපාරිකයන් රැසකගෙන් මුදල් ගරා ගැනිමේ සෙල්ලම්ක් දියත් කල බව නොරහසකි. ලැම්බෝගිනි මිලදී ගැනිම සදහා විවිධ ධනවතුන් රැවටිමට ඩිලන්ත සමත් වු අතර ඒ නිසාම වන්නට ෆෝර්මියුලා තරග සදහා දක්ෂතා දක්වන තරුණයන් කපා දැමිමට ඔහු කටයුතු කල අතර එයට හේතුව වි තිබුනේද ඩිලන්තගේ බොරුව හෙලිවිම වලක්වා ගැනිමය.

ජපානයෙන් තහනමක්!

සීයයට සියක් දේශීය නිෂ්පාදනයක් වන කාර් රථ නිෂ්පාදනය කිරිමට කටයුතු කරන බව පවසමින් ජපානයේ සමාගමක් සමග සිදුකල ගිවිසුමක් කඩකරමින් සිදුකල මුල්‍ය වංචාවක් හේතුවෙන් ඩිලන්තට මේ වනවිට ජපානයට ඇතුල්විම් පවා තහනමට ලක්කර තිබේ.මිට අමතරව ධාවන ක්‍රීඩාව හරහා හදුනාගත් ජපන් ජාතික කාන්තවක සමඟ විවාහ වු ඩිලන්ත පසුව ඇයගේ මුදල් ලංකාවේ ආයෝජනය කිරිමට කටයුතු කර එම මුදල් වංචා කල අයෙකුද වේ. ජපානය තහනම් වු ඩිලන්ත දැන් වෙනත් බිරිදක් සමග ජිවත් වෙමින් සිටි.

ඉඩම් වංචා!

ජපාන කාන්තාවගේ මුදල් වංචා කරමින් අක්කර 14 ක ඉඩමක් කුරුණෑගලින් මිලදි ගත් ඩිලන්ත එහි තමාගේ නිවස ඉදිකර තිබේන අතර ජපාන කාන්නාවගේ මුදල් සියල්ලටම හීන් නුලෙන් වැඩේ දෙන්නට සමත් වු අයෙක්.

ජපාන කත විසින් කරන ලද පැමිණිල්ලකට අනුව රහස් පොලිසිය විසින් කරන ලද විමර්ශනවලින් පසුව, මලගමුව විසින් එම ඉඩම ඔහුගේ නමින් ලියා ඇති බව අනාවරණය වු අතර පසුව ඇය විසින් තමන්ට සිදුකල වංචාව සම්බන්ධයෙන් කුරුණෑගල අධිකරණයට බී වාර්තාවක් ඉදිරිපත් කරමින් ඩිලන්ත චූදිතයෙකු බවට පත් කළ අතර NDB බැංකුවෙන් මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් බී වාර්තාවක් එම අධිකරණයට ඉදිරිපත් කිරිමටද කටයුතු කර තිබේ. ඩිලන්ත ජපාන බිරිදට සිදුකර තිබේන මුල්‍ය වංචාව ඇමරිකානු ඩොලර් මිලියන 2.2කට ආසන්න වේ. වංචා රැසකට සම්බන්ධ ඩිලන්ත උසාවි මග හරිමින් කලක් මැලේසියාවේ පදිංචිව සිටි අතර රාජපක්ෂ සමාගමේ සහය ඇතුව මේ වනවිට නිරුපද්‍රිතව සිටි. ඔනෑම අයෙකුට ලණු ගිල්ල විමේ දක්ෂතාව සහිත ඩිලන්තට එය සුළු වැඩකි.

මිට අතරව ඩිලන්තට සම්බන්ධ ඉඩම් වංචා නඩු කිහිපයක්ම අධිකරණයේ මේ වනවිටත් විභාග වෙමින් තිබේ. ඒ අතර වංචාවට හසුවු ඇතැම් පාර්ශවයන් පොලිසිය හරහා නීතිමය ක්‍රියාමාර්ග ගැනිම්ට යෑමෙදි තමන් ඝාතනය කිරිමට සුදානම් ඇති බවට ජෝගියක් නටා එය යට ගැසිමට ඩිලන්ත සමත් විය.

ඉතාලියේ සංචාරයකින් පසු දිවයිනට පැමිණි ඩිලන්ත මාලගමුවට තමන් ඝාතනය කිරීමේ සැලැස්මක් පවතින බවට තොරතුරු ලැබී ඇති බවත් තමාට ආදරේ කරන පොලිස් නිලධාරියෙක් පසුගිය දා මේ බව පැවසු බවත් පවසමින් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් එම ජොගිය නැටුවේ 2018 වසරේය.ඩිලන්තගේ මුල්‍ය වංචා සම්බන්ධයෙන් තොරතුරු රැසක් අප සතුව ඇති අතර ඉදිරියේදි එම සියල්ලම තොරතුරු සහිතව ඉදිරිපත් කිරිමට අප සුදානම්. ඒ අනුව ඩිලන්ත වැනි කුප්‍රකට වංචාකාරි,කුහකයෙකු ජාතික ක්‍රීඩා සභාවට රිංගා ගන්නේ තමන්ගේ මඩිය තරකර ගැනිමට බව අමතුවෙන් කියා දිය යුතු නැත. ක්‍රිඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ගත් මේ වැයම ඩිලන්තලාගෙන් බේරාගත යුතුමය.

කතාව අවසන් නැත….

Published on: Aug 20, 2020- ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ උත්තරීතර නීතිය ලෙස සැළකෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි.

ශ්‍රී ලංකාවට ඩොමීනියන් තත්ත්වය ප්‍රදානය කිරීමත් සමඟ ඊට අවශ්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පද්ධතියක් ද ‘පරිත්‍යාග කිරීමට’ බ්‍රිතාන්‍ය පාලකයෝ ත්‍යාගශීලී වූයේ ඇයිද? යන්න විසදීමට කාලයක් ගතවීම මෙරට ජනතාවට බ්‍රිතාන්‍යයන්ම ලබාදුන් අධ්‍යාපනයේ ස්වභාවය හේතුවන්නට ඇත.

එහෙත් තම අසල්වැසියා (ඉන්දියාව) අනුව යමින් එම ඩොමීනියන් බැඳීම කෙළවර කොට ස්වීය වූ ආණ්ඩුක්‍රමයක් නිර්මාණය කර ගැනීමේ ජාතික අවශ්‍යතාවය කරා සමීප වීමට මෙරටේ පාලකයන් අසමත් වූ අතර එවැනි පරිවර්තනයක් සිදු වන්නේ 1972 වසරේ ‘ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව’ නිර්මාණය කර ගැනීමත් සමගයි.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වර්තමානයේ ක්‍රියාත්මක වන අතර, 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරමින් එය බලාත්මක විය. 1815 උඩරට ගිවිසුමෙන් පසු බිහිවූ පළමු ස්වස්ථානික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වූයේ 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි.

1815 උඩරට ගිවිසුම අත්සන් කිරීමට පෙර රටේ රාජ්‍ය නායකයා බෞද්ධයෙකු විය. 1815න් පසු රටේ නායකත්වය බ්‍රිතාන්‍යය රජ කිරුළ යටතට පත් වූ අතර, කිරුළේ නියෝජිතයෙකු ලෙස ආණ්ඩුකාරවරුන් මගින් මෙරට පලනය කිරීමට විය. එනම් බෞද්ධයෙකු රටේ නායකයා වීම 1815 උඩරට ගිවිසුමත් සමග අවසන් විය.

ඒ අනුව බ්‍රිතාන්‍යයන් රටේ පාලනය ප්‍රධාන පාලන ආයතන 3ක් මගින් මෙහෙය වූ අතර, ඒවා විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණය ලෙස බෙදා එකිනෙකා අභිබවා නොයන ලෙස බ්‍රිතාන්‍යය කිරීටය යටතේ ක්‍රියාත්මක කරවීය.

එසේ වුවත් 1815 උඩරට ගිවිසුමේ 5වන වහන්තිය මගින් බෞද්ධ වෙහෙර විහාරස්ථාන සහ බෞද්ධයින් සම්බන්ධයෙන් ආරක්ෂාව තහවුරු කර තිබුණි.

1815 උඩරට ගිවිසුම සිංහල භාෂාවෙන්ද කෙටුම්පත් කර 5වන වගන්තිය මගින් බුද්ධාගම ආරක්ෂා කර තිබුණද, 1948 පෙබරවාරි 04වන දින නිදහස ලබාදෙන විට ක්‍රියාත්මක වූ සෝල්බරි / ජෙනිංග්ස් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් කෙටුම්පත් කර තිබූ අතර, බුද්ධාගමට විශේෂ නිතිමය පිළිගැනීමක් ලබා දීම වළක්වා තිබුණි.

1947 සෝල්බරි / ජෙනිංග්ස් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් කෙටුම්පත් කර තිබූ අතර, බුද්ධාගමට විශේෂ නිතිමය පිළිගැනීමක් ලබා දීම වළක්වා තිබුණද, 1972 පළමු ජනරජ ව්‍යවස්ථාව සිංහල භාෂාවෙන්ද පනවා එහි 6වන ව්‍යවස්ථාව මගින් බුද්ධාගමට ශ්‍රී ලංකා ජනරජයේ ප්‍රමුඛස්ථානය ලබා දී තිබුණි.

ලංකාවට නිදහස ලබාදීමේ දී තැනූ 1947 සොල්බරි ව්‍යවස්‌ථාවේ 29 (2) වගන්තියෙන් අතීතයේ සිට ලක්‌ රජය හා බුද්ධාගම අතර පැවැති බැඳීම සිඳ දමනු ලැබීය. කිසියම් ආගමකට නොමැති වරප්‍රසාදයක්‌ තවත් ආගමකට ලබාදීම එයින් වළක්‌වා ඇත. එම නියමය ලෙස තදින් බලපෑවේ බුද්ධාගමට යි. එයින් සිදු කෙරුණේ 1815 ගිවිසුමේ 5 වන වගන්තියේ බල හීන කොට ආගම් සම තත්ත්වයට පත් කිරීමයි.

ස්වදේශීය ජනතාවගේ අනවරත උත්සාහයේ ප්‍රතිඵල ලෙස 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පැනවීමේදී සෝල්බරි ව්‍යවස්ථාවේ 29වන වගන්තිය මගින් රටේ ඓතිහාසික උරුමයට කර තිබූ එකී අවහිර කිරීම යම් තත්ත්වයකින් නිවැරදි කිරීමට පියවර ගත්තේය.

ඒ අනුව 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පැනවීමෙන් පසු ශ්‍රී ලංකාවේ විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ ආයතත බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දීම අනිවාර්යයෙන් කළ යුතු විය.

යම් ආගමකට ප්‍රමුඛස්ථානය ලබා දීම රටවල ඓතිහාසික තත්ත්වය, සංස්කෘතිය, පරිසරය, සමාජය, ජනතාවගේ සිතුම් පැතුම් යන අංග අනුව සිදු කිරීම සාමන්‍ය දෙයක් වන අතර රටේ අනන්‍යතාවය සහ පැවැත්ම රටේ බහුතර ජනතාවගේ ආගම සහ භාෂාව මත තීරණය කිරීම ප්‍රජාතන්ත්‍රවාදය අනුවද නිවැරදි තත්ත්වයකි. එයට පටහැනිව ක්‍රියා කිරීම නීතියේ පාලනය අභියෝගයට ලක් කරයි.

ඒ අනුව ඉතා නිවැරදි ලෙස, 1815 උඩරට ගිවිසුම මගින්ද, 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්ද බුද්ධාගම සම්බන්ධයෙන් සිංහල භාෂාවෙන් විධිවිධාන දක්වා තිබූ අතර, වර්තමානයේ ක්‍රියාත්මක වන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වන ව්‍යවස්ථාව මගින්ද බුද්ධාගම සම්බන්ධයෙන් සිංහල භාෂාවෙන් විධිවිධාන දක්වා ඇත.

වර්තමානයේ ක්‍රියාත්මකවන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වන ව්‍යවස්ථාව සිංහල භාෂාවෙන් එක් අර්ථයක්ද, ඉංග්‍රීසි භාෂාවෙන් වැරදි අර්ථයක්ද එන ලෙස ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය වී ඇති බව සිංහල සහ ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපත් සිහියෙන් විමසන ඕනෑම අයෙකුට අවබෝධ වනු ඇත.

සිංහල භාෂාවෙන් ඇති 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන ව්‍යවස්ථාව වාක්‍ය දෙකකින් දැක්වෙන අතර ඉංග්‍රීසි භාෂාවෙන් ඇති 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වන ව්‍යවස්ථාව එක් වාක්‍යකින් දැක්වෙන බවත්, එකී වෙනස්කම මතම ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වන ව්‍යවස්ථාවේ අර්ථය වැරදි වන බව තේරුම් ගැනීමට සාමන්‍ය බුද්ධියක් ඇති අයෙකුටත් හැකි වේ.

වාක්‍ය දෙකක අර්ථය එක් වාක්‍යකට ගැනීමේදී නෛතික දෝෂ ස්වාභාවයෙන්ම පැන නගින්නේ තනි වාක්‍යකට අර්ථය දීමේදී වාක්‍ය ස්වාධීනත්වය, වාක්‍ය රීති සහ වාක්‍යකට ඇති නීතිමය බලය විමසීමට ලක්වීම සිදුවන හෙයිනි.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිංහල සහ ඉංග්‍රීසි පිටපත්වල 9වන ව්‍යවස්ථාවේ පවතින මෙම වෙනස්කම නිරාකරණය කර ගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 23වන ව්‍යවස්ථාව සහාය සපයන අතර ඒ අනුව සිංහල භාෂා පාඨය බලාත්මකවන හෙයින්, 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිංහල පිටපතේ 9වන ව්‍යවස්ථාව නිවැරදි ලෙස සැළකීමටත් අධිකරණ කටයුතුවලදී යොදාගත යුතු ව්‍යවස්ථා භාෂාවත් වේ.

ඉහත කාරණා සහ සන්දර්භය තුළ අමාත්‍යවරුන් පත්කිරීම සම්බන්ධව ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධාන ඇසුරෙන් ඉස්ලාම් ආගමිකයෙකු අධිකරණ අමාත්‍යවරයා ලෙස පත් කිරීම බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමා ඇති 9වන ව්‍යවස්ථාවට එකගද? යන්න විමසා බැලීමට සිදුවේ.

1978 ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව මගින් ද සියලු ආගමිකයන්ගේ අයිතිවාසිකම් තහවුරු කර ඇත. 3 වන පරිච්ඡේදය 10 වන ව්‍යවස්‌ථාවෙහි තමන් කැමති ආගමක්‌ නිදහසේ ඇදහීම, වැළඳ ගැනීම ඇතුළු සිතීමේ නිදහසක්‌, හෘදය සාක්‍ෂියට අනුව කටයුතු කිරීමේ නිදහසත්, සෑම පුද්ගලයකුටම ම ලබා දී ඇත. එසේම 3 පරිච්ඡේදයේ 14 (ඉ) ව්‍යවස්‌ථාවෙහි “සෑම පුරවැසියකුටම එකලාව හෝ අන් අය සමඟ ප්‍රසිද්ධියේ හෝ පෞද්ගලිකව තම ආගම, ලබ්ධිය හෝ විශ්වාසය ඇදහීමෙන් පිළිපැදීමෙන්, ප්‍රගුණ කිරීමෙන් සහ ඉගැන්වීමෙන් ප්‍රකාශ කිරීමේ නිදහසට හිමිකම් ඇත්තේය.” යනුවෙන් සඳහන් වෙයි.

එසේ වුවත් සිංහල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති 9 ව ව්‍යවස්ථාවේ 1වන වාක්‍ය මගින් බුද්ධාගමට ජනරජය ව්සින් ප්‍රමුඛස්ථානය/ ප්‍රමුඛත්වය පිරිනමා ඇත. ප්‍රමුඛත්වය පිරිනැමීම සහ ප්‍රමුඛත්වය ලබාදීම එකිනෙක වෙනස් නෛතික තත්ත්වයකි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වන ව්‍යවස්ථාවේ බුද්ධාගමට පිරිනමා ඇති ප්‍රමුඛස්ථානය බෞද්ධයන්ට භුක්‌ති විඳීමට ලැබෙන්නේ 10 සහ 14 (ඉ) ව්‍යවස්‌ථාවට යටත්ව බව ඉංග්‍රීසියෙන් ඇති 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදියට තනි වාක්‍යකින් දක්වා ඇති නමුත් නමුත් එකී කාරණව නිවැරදි ලෙස සිංහල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇත්තේ මූලික අයිතිවාසිකම් වලින් බැහැරවද බුද්ධාගමට ප්‍රමුඛත්වය ලබාදීමට ක්‍රියා කර ඇති බවට වාක්‍ය දෙකක් ලෙසය.

එය වඩත් තහවුරු වන්නේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 සහ 105.4 වයවස්ථා 9වන ව්‍යවස්ථාව සමග එකිනෙක සම්බන්ධ කිරීමේදීය.

වර්තමාන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 සහ 105.4 ව්‍යවස්ථා දෙස අවධානයෙන් බැලීමේදී 1815 උඩරට ගිවිසුමේ 05 වන වගන්තිය මගින් බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම තව දුරටත් තහවුරු කර ඇති බව පැහැදිලි වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105.4 ව්‍යවස්ථාව අනුව

1. භික්ෂූන් වහන්සේලාගේ විනය හා සම්බන්ධ කාරණා හෝ

2. භික්ෂූන් වහන්සේලා අතර ඇති යම් ආරවුලක් හෝ

3. විහාරස්ථාන වලට අදාල සේවාවන් ඉටු කිරීම හා සම්බන්ධ වෙනත් ආරවුලක් හෝ

විනිශ්චය කොට සමථයකට පත් කිරීම සඳහා අධිකරණ, විනිශ්චය අධිකාර හෝ ආයතන ඇතිකොට පිහිටුවීමට පාර්ලිමේන්තු විසින් නීතියෙන් විධිවිධාන සැලැස්විය හැකිය.

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වැන ව්‍යවස්ථාව සහ 4වැනි ව්‍යවස්ථාව ද භික්ෂු විනයාධිකරණ පිහිටුවීම සම්බන්ධයෙන් වැදගත් වේ.

එය නිවැරදි වන්නේ රටේ ඓතිහාසික උරුමයද සැළකිල්ලට ගෙන ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පූර්විකාව සහ 3, 9 සහ 105.4 ව්‍යවස්ථා අනුවය.

බෞද්ධයන් නොවන අයට සිය ආගම අදහන්නට, දේශනා කරන්නට හැකි වුවත්, තම ආගම ලබ්ධියට අයත් නොවන පිරිසක්‌ අතර ආගම පැතිරවීමේ හෝ යාච්ඤා කිරීමේ අයිතියක්‌ මෙම ව්‍යවස්‌ථාවලින් කිසිවකුට ලැබෙන්නේ නැති බව ශ්‍රේෂ්ඨාධිකරණ තිරණ 19/2003 අනුව

පැහැදිලිවම A Bill titled “Provincial of the Teaching Sisters of the Holy Cross of the Third Order of Saint Francis in Menzingen of Sri Lanka (Incorporation).” පනත් කෙටුම්පත නීතියක් කිරීමේ ප්‍රයත්නයේදී තීරණය කර ඇත.

(මෙම ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය සිංහල භාෂාවෙන් ලබා දීමට මෙම ලියුම්කරු ඉදිරියේදී ක්‍රියා කරයි)

ඉහත නෛතික කාරණා සහ ඓතිහාසික උරුමය සැළකීමේදී බෞද්ධයන්ට ප්‍රමුඛත්වය ලබා දීම 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් නීතිමය පහසුකම් ලබා දී තිබියදී අමාත්‍යවරුන් පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ viii වන අමාත්‍ය මණ්ඩලය අදාල පරිච්ඡේදය දක්වා ඇති විධිවිධාන සැළකිල්ලට ලක්කළ යුතු වේ.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ viii වන අමාත්‍ය මණ්ඩලය අදාල පරිච්ඡේදය අනුව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අතරින් ඇමතිවරු පත්කළ යුතු වේ. එනම් පාර්ලිමේන්තුවට පිටින් කිසිම තැනැත්තෙක් තෝරා ගෙන ඇමතිවරු ලෙස පත් කිරීමට ජනාධිපතිවරයාට නොහැකිය. (ආරක්ෂක සහ බුද්ධ ශාසන හැර)

ඒ අනුව ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛත්වය පිරිනැමීම සිදුකර ඇති 9වන ව්‍යවස්ථාවේ පළමු ව්‍යවස්ථා වාක්‍ය අනුව අධිකරණ ඇමතිවරයා තෝරා ගැනීමේදී ජනාධිපතිවරයා පළමුව කළ යුත්තේ පාර්ලිමේන්තුවේ සිටින බෞද්ධ මන්ත්‍රීවරුන් අතරින් සුදුසු අයෙක් තෝරා ගැනීමට උත්සාහ කිරීමයි.

අධිකරණ ඇමතිවරය පත්කිරීමේදී ජනාධිපතිවරයා සිය අභිමතය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30වන ව්‍යවස්ථාව අනුව ක්‍රියාත්මක කළ යුත්තේ 9වන ව්‍යවස්ථාවේ ඇති ව්‍යවස්ථා පළමු වාක්‍යට යටත්වය.

එසේ ක්‍රියා නොකළහොත් ජනාධිපතිවරයා බහුතර ජනතාවගේ ඡන්දයෙන් තෝරා පත්කර ගැනීමේදී 9වන ව්‍යවස්ථාව සුරැකීමට ජනතාව සමග ඇතිකර ගන්නා සම්මුතිය බිද දමයි.

එහිදී අවස්ථාවෝචිතව බෞද්ධ මන්ත්‍රීවරයෙක් අධිකරණ ඇමතිවරයා ලෙස තෝරා ගැනීමට නොමැති අවස්ථාවකදී අන් ආගමිකයෙකු ඇමත්වරයා ලෙස තෝරා ගැනීමට ජනාධිපතිවරයාට ව්‍යවස්ථාමය බලය සහ අධිකාරය හිමි වේ.

ඒ අනුව ඉහත සියලු කාරණා සැළකීමේදී ඉස්ලාම් ආගමිකයෙකු අධිකරණ අමාත්‍යවරයා ලෙස පත්කිරීමේදී ජනාධිපතිවරයා ක්‍රියා කළ යුත්තේ පුද්ගලික හේ වෙනත් බැදීමක් අනුව නොව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වන ව්‍යවස්ථාව ආරක්ෂා කරමින් ය.

මේ වනවිට අධිකරණ ඇමතිවරයා ලෙස ඉස්ලාම් ආගමිකයෙකු ජනාධිපතිවරයා විසින් පත්කර ඇති අතර එකී පත්කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නිවැරදි පත්කිරීමක් වන්නේ අධිකරණ කටයුතු පිළිබද පරිචයක් ඇති බෞද්ධ මන්ත්‍රීවරයෙකු අධිකරණ ඇමතිවරයා ලෙස පත්කිරීමට තෝරාගැනීමට නොමැතිබවට ජනාධිපතිවරයා සෑහීමට පත්වී ඇත්නම් හෝ අධිකරණ කටයුතු පිළිබද පරිචයක් ඇති පාර්ලිමේන්තුවේ සිටින බෞද්ධ මන්ත්‍රීවරුන් සිය කැමැත්තෙන් අධිකරණ ඇමති ධූරයට පත්වීමට අකැමැති බව ජනාධිපතිවරයාට දන්වා ඇත්නම් පමණි.

නීතිඥ අරුණ ලක්සිරි උණවටුන

2020.08.19

arunaunawatuna@gmail.com

Published on: Aug 18, 2020 – බලාපොරොත්තු වු ඇමතිකම් නොලැබිමෙන් අසහනයට පත් මන්ත්‍රීවරුන් පිරිසක් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්‍ය බැසිල් රාජපක්ෂට එරෙහිව මෙහෙයුමක් දියත් කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.තමන් බලාපොරොත්තු වු ඇමතිකම් ලබා ගැනිමට නොහැකි වුයේ බැසිල්ගේ මැදිහත් විම නිසා බවයි ඔහුන් සදහන් කර ඇත්තේ.

“බැසිල්ට තියෙන්නෙ වෙනම ලයින් එකක්..එයා හදන්නේ අගමැති එන්න ඒ නිසා එයාට කොන්ට්‍රෝල් අයට හොද ඇමතිකම් දුන්නා.පක්ෂ හැදුවා,ප්‍රාදේශිය සභා ඇල්ලුවා,ජනාධිපති හැදුවා,2/3 ගත්තා අන්තිමට ඇමතිකම් බෙදන එකත් එයාගේ අතේ. ”

“දැන් හදන්නේ 19 අහෝසි කර ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කර පාර්ලිමේන්තුවේ දී ද්විත්ව පුරවැසියෙකු වශයෙන් සිටින ඕනෑම පුද්ගලයෙකුට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පත් විය හැකි බවට අලුතෙන් පනතක් සම්මත කරගෙන බැසිල් මීළඟ අගමැති වෙන්න හීන බලනවා.”

“දැන් ආපහු සියල්ලම රාජපක්ෂලාම විතරක් මෙහෙයවන තැනට ඇවිල්ලා… 2015 දි පැරදිලා ඉන්න කාලේ කිව්වේ අපි හැමොම අතර බලය බෙදෙන ,ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ඇති කරනවා කියලා.නමුත් 2019 ජනාධිපතිවරණය අවසන් විමත් සමගම ඒ මතය වෙනස් වුනා.අඩුම තරමේ අපිව දේශපාලනය කරන්නවත් ගත්තේ නෑ. ” දැන් අපිව නිකන් මුල්ලකට දාලා කුඩු විකුණපු ලංසලා දැන් ලොකු වෙලා..

අපි මේ සටන පටන් ගත්තේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ඒ වෙනුවෙන් අපි එක්ක මන්ත්‍රීවරුන් 20ක් විතර ඉන්නවා.අපි ඉදිරියේදි අපෙ ශක්තිය පෙන්වන්න සුදානම්.අපි ඒ ගැන ශ්‍රිලනිපයේ මන්ත්‍රීවරුන් එක්කත් සාකච්ඡා කරනවා හිතුනොත් අපි අපිට දුන්න් මේ වැඩකට නැති ඇමතිකම් වලින් ඉවත් වෙනවා” යැයිද මේ මෙහෙයූමට එක්ව සිටින මන්ත්‍රීවරයෙකු අප දේශපාලන වාර්තාකරු සමග සදහන් කර තිබේ.

මේ අතර රාජ්‍ය අමාත්‍යධුරයක් ලැබිම හේතුවෙන් එය නොගෙනම මගුල් මඩුවෙන් එලියට ආ ඩිල්දාස හෙවත් විජයදාස රාජපක්ෂ ජාතිවාදී කුමන්ත්‍රණයකට පාර කපමින් සිටින බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

පසුගිය යහපාලන සමයේ අන්තවාදී නානසාර වැනි ගණින්වහන්සේලා යොදාගනිමින් රාජපක්ෂලාට වාසීදායක ලෙස ජාතිවාදය වැපිරු ඩිල්දාස යලිත් එම තත්ත්වය උදා කිරිම සදහා කුමන්ත්‍රණය කරමින් සිටි.ඒ සදහා අලී සබ්‍රි සදහා අධිකරණ අමාත්‍යධුරය ලබාදිමට කටයුතු කිරිම දඩමිමා කරගෙන ඇති අතර අධිකරණ ඇමතිවරයා මුස්ලිම් ජාතිකයෙකු වන නිසාම බෞද්ධ ජනතාව තුල ජාතිවාදි මතයක් ගෙනයාමටත් මේ දිනවල විජේදාස ක්‍රියාකරමින් සිටි.

ඒ සදහා කොලේ ඉරා ගෙන ඇගේ හලා ගෙන රටම කෑ මෛත්‍රීපාල සිරිසේනගේ සහයද ඩිල්දාසට ලැබෙන බවයි දැනට අනාවරණය වි ඇත්තේ.

Published on: Aug 17, 2020 – බුද්ධ ශාසන අමාත්‍යධුරය ජනාධිපතිවරයා විසින් දැරිය යුතු බවට ප්‍රකාශයක් කරන ලෙස ඉල්ලා නීතිඥ අරුණ ලක්සිරි උණවටුන ශ්‍රේෂ්ඨාධිකරණයට අද මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.මේ වනවිට ජනාධිපතිවරයා යටතේ පවතින ආරක්ෂක අමාත්‍ය ධූරයද වෙනත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වෙත පැවරීමට සූදානමක් ඇති බව දැනගන්නට ඇති බවද ඔහු සදහන් කර තිබේ. මෙම පෙත්සමේ වගඋත්තරකරු ලෙස ජනාධිපතිවරයා වෙනුවට නීතිපතිවරයා නම් කර තිබේ.

බුද්ධ සාසන අමාත්‍යංශය ජනාධිපතිවරයා යටතේ තබ නොගෙන එය මන්ත්‍රීවරයෙකු යටතට පත් කිරිම හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවට නිගමනයි කරන ප්‍රකාශයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයයට පෙත්සමක් ඉදිරිපත් වුනා. නීතිඥ අරුණ උණවටුන පෙන්වා දෙන්නේ රටේ සමස්ත ඡන්ද දායකයින්ගෙන් පත්වන ජනාධිපතිවරයා යටතේ ආරක්ෂක අමාත්‍යංශය මෙන්ම බුද්ධ සාසන අමාත්‍යංශයද පැවතිය යුතු බවයි.එය එක් දිස්ත්‍රික්කයක ඡන්ද හරහා පත්වන මන්ත්‍රීවරයෙකු යටතට පත්කිරිම ව්‍යවස්ථාවට පටහැගී බවයි බවයි ඔහුගේ මතය වි ඇත්තේ.

එලෙස කළහොත් එම ක්‍රියාව මෙන්ම බුද්ධ ශාසන අමාත්‍ය ධූරය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වෙත පැවරීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය වීමක් සිදුවී ඇති බවට නිගමනය කරන ප්‍රකාශයක් නිකුත් කරන ලෙසත් නීතිඥ අරුණ ලක්සිරි උණවටුන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

යම් දිස්ත්‍රික්කයක ඡන්ද දායකයන්ගේ ඡන්දයෙන් හෝ ජාතික ලැයිස්තුවෙන් පත්වන මන්ත්‍රීවරයෙකු මෙන් නොව ජනාධිපතිවරයා මුලු රටේම ජනතාවගේ සෘජු ඡන්දයෙන් පත්වන හෙයින් ආරක්ෂක අමාත්‍ය ධූරය හා බුද්ධ ශාසන අමාත්‍ය ධූරය ජනාධිපතිවරයා විසින් දැරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කළ යුතු බවත් පෙත්සමේ සඳහන් ය.

එසේ නොකිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9, 10 සහ 12 – එක ව්‍යවස්ථාවලින් ආරක්ෂා කර ඇති අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් හෝ උල්ලංඝණය කිරීමට අත්‍යාසන්න කිරීමක් බවත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දී තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30 වැනි ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා රජයේ ප්‍රධානියා ද, විධායකයේ ප්‍රධානියා ද වී සිටියදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන ව්‍යවස්ථාව අනුව බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේය යන්න අනුව ක්‍රියා නොකර සිටීමෙන් ජනාධිපතිවරයා නෛතික වැරද්දක් සිදුකර ඇති බව ද පෙත්සම්කරු සිය පෙත්සම මගින් පෙන්වා දී තිබේ.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යධුරය ලබා ගැනීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහනම වැනි ව්‍යවස්ථා සංශෝධනය අමු අමුවේ උල්ලංඝණය කිරීමක් බව දේශපාලන ප්‍රවීනයන් පෙන්වා දෙනවා.ජනාධිපතිවරණයෙන් පසුව රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව සිය බලය අතහැර ගිය පසුව මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පොදුජන එක්සත් පෙරමුණ ආණ්ඩු බලය ලබාගත් අවස්ථාවේදී ආරක්ෂක අමාත්‍යාංශය භාරව කිසිදු අමාත්‍යවරයකු පත් නොකර සිටියද මෙවර මහමැතිවරණයෙන් ලැබු තුනෙන් දෙකේ බලයත් සමඟ ජනාධිපතිවරයා ව්‍යවස්ථා විරෝධීව ආරක්ෂක අමාත්‍යාංශය සියතට ගැනීමට කටයුතු කර තිබේ.

19 ව්‍යවස්ථාවේ 43(2) ව්‍යවස්ථා ප්‍රකාරව අමාත්‍ය ධුරයක් දැරිය හැක්කේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුට පමණක් වන අතර ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු නොවන බැවින් ඔහුට අමාත්‍ය ධුරයක් දැරීමට හිමිකමක් නැත. #Gotabaya #Rajapaksa

නීතිඥ අරුණ ලක්සිරි උණවටුන ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනුකල මුලික අයිතිවාසිකම් පෙත්සම පහත දැක්වේ.

Published on: Aug 11, 2020 – 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ මුල් කෙටුම්පතෙහි විධායක ජනාධිපති ධූරය අහෝසි කරමින් විධායක බලය අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයකට පැවරීමට අවශ්‍ය විධිවිධාන ඇතුළත් විය.නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවකින් එම වගන්ති ඉවත් කර තිබෙන අතර, 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට පටහැණි නොවුණද එහි ඇතැම් වගන්ති සංශෝධනය කිරීමේ දී පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයකින් සම්මත වී, අනතුරුව ජනමත විචාරණයක් ද පැවැත්විය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වී තිබේ.

කෙසේවෙතත්, ඉහත කී සංශෝධනයෙන් යම් දුරකට විධායක බලතලවල වෙනසක් සිදුවිය.

ජනාධිපති බලතල යටතේ අමාත්‍යාංශ මෙහෙයවීම ව්‍යවස්ථානුකූල ද?

ජනාධිපතිවරයාට තමන් යටතේ තියා ගන්න පුළුවන් අමාත්‍යාංශ ගැන මේ වනතෙක් කිසි කෙනෙක් අභියෝගයට ලක් කර නැහැ,.

7 වැනි පාර්ලිමේන්තුවට අනුව 19 වෙනි සංශෝධනයේ 50 (අ) වගන්තිය අනුව, ජනාධිපතිවරයා විසින් යම් විෂයයක් හෝ කර්තව්‍යයක් පවරා ගත හැක්කේ අග්‍රාමාත්‍යවරයාගේ එකඟත්වය ඇතිව වන අතර, ඔහු යටතේ තබා ගත යුතු අමාත්‍යංශ තීරණය කළ හැකි වන්නේ ද එවැනිම එකඟත්වයක් මතය. කෙසේවෙතත් 8 වන පාර්ලිමේන්තුව රැස්වන විට 19 වෙනි සංශෝධනයේ 50 (අ) වගන්තියද අවසන් වන අතර ඒ අනුව එය 9 වන පාර්ලිමේන්තුවට කිසිදු අදාළ තාවක් නැත.

නමුත්, 42, 43 සහ 44 වගන්තිවල සඳහන් වන පරිදි අග්‍රාමාත්‍යවරයාගේ අදහස් විමසීම අවශ්‍ය යැයි ජනාධිපතිවරයා සලකන අවස්ථාවල දී ඔහුගෙන් අදහස් විමසා අමාත්‍ය ධූර සංඛ්‍යාව, අමාත්‍යාංශ සංඛ්‍යාව සහ එකී අමාත්‍යවරුන්ට පවරන විෂය පිළිබඳ තීරණය කළ යුතුය.(කතෘ සටහන)

2020.08.10 දින ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කර ඇති පහත නිවේදනය බලන්න.

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කරමින් කථානායකවරයාගේ සහතිකය වැරදියට යොදා ගෙන ක්‍රියාත්මක කරන 19ය නිවැරදි නොකර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඊනියා 19 අනුව කටයුතු කළද, 19යේ වැරැද්ද පැහැදිලි කරන ලිපි රැසක් විද්වතුන් විසින් මේ වනවිට ප්‍රසිද්ධ කර ඇත.

මේ සම්බන්ධයෙන් ලියන ලද ලිපි 2ක් 2020 පෙබරවාරි 09 සහ 2020 මාර්තු 08 දිනවල දිවයින ඉරිදා සංග්‍රහය පුවත් පතේ පළ වී ඇති අතර පහත දැක්වෙන අන්තර්ජාල සබැදියේ ඒ ලිපි දැක්වෙන බවත් එහි දැක්වේ.

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය නොකරන්න…‘19 නීතියක් බවට පත් වීමට පැවැත්විය යුතු ජනමත විචාරණය පවත්වන්න…’!

19 නොපෙනෙන ඇත්ත…

එනෙන්ම www.lankaweb.com වෙබ් අඩවියද මේ සම්බන්ධයෙන් ලිපි ප්‍රසිද්ධ කර ඇත.

අලුත් පාර්ලිමේන්තුව කළ යුත්තේ 19 අහෝසි කිරීමද? 19 නීතියක් කිරීමට අවශ්‍ය ඉදිරි පියවර ගැනීමද?

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කළ 19 නිවැරදි කිරීමට ජනාධිපතිවරයා ක්‍රියා නොකිරීම වරදක්වන අතර, ඊනියා 19 නීතියක් ලෙස රැවටී පාලනය ගෙන යාමට සිදුවේ.

ඊනියා 19 යටතේ කිසිම අමාත්‍යාංශයක් ජනාධිපතිට තියා ගන්න බෑ කියල ජනාධිපති ළග ඉන්න උගතුන්ට නොතේරෙන්නේ ඇයි? යන්න ගැටළුවකි.

ඊනියා 19යට පටහැනිව යමින්, ක්‍රියා කරමින් අමාත්‍යාංශය ජනාධිපති සතුකිරීමට ඔවුන් කටයුතු කරන්නේ ඇයි?

මේ නීති විශාරදයන් ඉන්නෙත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා නොමග යැව්වා වගේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාවත් නොමග යවන්නද?

2020.08.10 දින ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ මාධ්‍ය නිවේදනය ඊනියා 19යටත් පටහැනි වේ.

මෙහි ඇති “ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමා විසින් හොබවන අමාත්‍යාංශය” කියල ලියන්න ඊනියා 19 යටතේ ජනාධිපති මාධ්‍ය අංශයට හැකියාවක් නෑ.

මොකද ඊනියා 19 යටතේ ජනාධිපතිට කිසිම අමාත්‍යාංශයක් තියා ගන්න නොහැකි නිසා. (මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට පමණ ආරක්ෂක, පරිසර සහ මහවැලි අමාත්‍යාංශය තමා සතු කිරීමට සීමිත බලයක් තිබුණි)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  ළග ඉන්නා නීති විශාරදයන් ද මෛත්‍රීපාල සිරිසේන ළග සිටි නීති විශාරදයන් ට නොදෙවෙනි බව මෙම මාධ්‍ය නිවේදනයෙන් පැහැදිලි වේ.

නීතිඥ අරුණ ලක්සිරි උණවටුන

Published on: Aug 7, 2020-අන්ත පරාජයට පත්ව ජාතික ලැයිස්තුවේන් පමණක් එකම මන්ත්‍රීධූරයක් දිනාගත් එක්සත් ජාතික පක්ෂයට එම මන්ත්‍රීධුරය සදහා රනිල් වික්‍රමසිං හ පත් කිරිමට තිරණය කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා. මන්ත්‍රීවරයෙකු ලෙස පත්වන රනිල් වික්‍රමසිංහ 2/3ක බලයක් සහිත රාජපක්ෂ ආණ්ඩුවේ කැමත්ත මත පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස පත්කර ගැනිමට මේ වනවිටත් එකඟතාව පලවි ඇති අතර ඒ සම්බන්ධයෙන් මහින්ද,ගෝඨාභය සහ රනිල් අතර දුරකතන සාකච්ඡාවක් අද දහවල් සිදුව තිබේ.

සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් තරග වැදුන ජාතික සමගී බලවේගයේන් පත්වන මන්ත්‍රීවරුන් 15 දෙනෙකු රනිල්ට සහය පලකිරිමට කැමැතත් පලකර තිබේන අතර ඔහුන් යලිත් එක්සත් ජාතික පක්ෂය සමග එක්විමට නියමිතව සිටි.එම කණ්ඩායමට ආණ්ඩුව රැකවරණය ලබාදිමට කැමත්ත පලකර තිබේන අතර ඔහුන් ඒක්සත් ජාතික පක්ෂයේ ඉහල තනතුරු සදහාද පත්කර ගැනිමට මේ වනවිට සාකච්ඡා සිදුවෙමින් තිබේන බවයි අප දේශපාලන වාර්තාකරු සදහන් කළේ.අදාල මන්ත්‍රීවරුන්ගෙන් කිහිප දෙනෙකුම ආණ්ඩුවට සහය දැක්විමට කැමත්ත පලකර තිබේන නමුත් 2/3ක බලයක් සහිතව සිටින රාජපක්ෂ ආණ්ඩුව ඒ සදහා සaජුව කැමැත්ත පලකර නොමැති බවයි අප දේශපාලන වාර්තාකරු සදහන් කළේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය නැවත ප්‍රතිසංවිධායනය හා ප්‍රතිව්‍යුහගත කිරිම සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට සඳුදා (10) රැස්විමට කැමැත්ත පලකර තිබේන අතර එහිදි මේ සම්බන්ධයෙන් පුළුල්ව සාකච්ඡා කිරිමට නියමිතව තිබේ.මහා මැතිවරණයෙන් ලැබු අනපේක්ෂිත ප්‍රථ්පලය හමුවේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ඇතුලු නිලතල වෙනත් කණ්ඩායම් සදහා ලබාදිමට මුලදි පක්ෂ නායක රනිල් තින්දු කර තිබුනද එය සම්පූර්ණයෙන් මේ වනවිට වෙනස් කරගෙන තිබේන අතර සජිත්ගේ SJB ලැබු ප්‍රතිපල සම්බන්ධයෙන් කරන ලද විශ්ලේෂණය එයට මුලිකව බලපෑම් කර තිබේ.

සමගි ජන බලවේගය ඡන්ද 27,71,984ක් ලබාගනිමින් මන්ත්‍රී ධුර 54ක් දිනාගත් නමුත් එය ප්‍රතිශතයක් ලෙස සියයට 23.9ක අගයක් ගැනිම මෙන්ම සිංහල බහුතර ජනතාව අතර එම පක්ෂය ප්‍රති කේෂ්පවිම එම තින්දුවට ප්‍රධාන ලෙස බලපෑම් කර තිබේ.

කොළඹ දිස්ත්‍රික්යෙන් පත්වු මන්ත්‍රීවරුන් 6 දෙනාගෙන් 3 දෙනෙකුම සුළු පක්ෂ නියෝජනයන් විමත් එජාපයේ සහ සමගී ජනබලවෙගයේ දෙවන පෙල නායකයා ලෙස පෙනී සිටිමට උත්සහ කල පාඨලී චම්පික රණවක 5 වැනි ස්ථානයට පත්විමත්,වැනි කරුණු එහිදි මුලිකවම සාකච්ඡාවට ගෙන තිබේන බවයි අනාවරණය වන්නේ.

Published on: Aug 7, 2020 – ශ්‍රී ලංකාවේ 13 වැනි පාර්ලිමේන්තුව තෝරා පත්කරගැනීම සඳහා පැවැති මහ මැතිවරණයේදී ඡන්ද 68,53,693ක් ලබාගනිමින් අති විශිෂ්ට ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වි අවසන්. ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුර 145ක් දිනාගැනීමට සමත් වු අතර ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීධුර මෙන්ම උතුරේ ඔහුන් නියෝජනය කරමින් සුළු පක්ෂ කිහිපයකින් තරග වැදුන සමාජිකයන්ද සමග පොහොට්ටුව 150 පසුකර 2/3ක බලයක් අත්පත් කරගෙන තිබේ.කැදහැලි,කුලල් කා ගන්නා, දේශපාලනය නොකරන විපක්ෂයක් සහිත රටක 5/6ක් නොලැබීම සම්බන්ධයෙන් එක් අතකට සතුටු විය හැක.

සමගි ජන බලවේගය ඡන්ද 27,71,984ක් ලබාගනිමින් මන්ත්‍රී ධුර 54ක් දිනාගත් අතර සිංහල බහුතර ජනතාව අතර එම පක්ෂයට කිසිදු අවස්ථාවක් නොමැති බව මනාව එම ප්‍රතිපල විශ්ලේෂණයයට අනුව පෙනී යයි.

ඉලංකෙයි තමිල් අරසුකච්චි ඡන්ද 3,27,168 ක් ලබාගනිමින් මන්ත්‍රීධූර 10 ක් දිනාගත් අතර ඡන්ද 4,45,958 ක් ලබාගත් ජාතික ජනබලවේගය මන්ත්‍රීධූර 3 ක් ලබාගත්තේය.

ශ්‍රී ලංකාවේ පැරණිතම දේශපාලන පක්ෂය වූ එක්සත් ජාතික පක්ෂයට ජාතික ලැයිස්තුවේන් පමණක් එකම මන්ත්‍රීධූරයක් දිනාගෙන ඇති අතර ඒ වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව 2,49,435 ක් වන අතර එය ප්‍රතිශතයක් වශයෙන් 2.15% කි.

රටේ කාලකන්නි ජාතිවාදි කදවුර නියෝජනය කරන අතුරුලියේරතන සහ ගලගොඩඅත්තේ ඥානසාර නියෝජනය කරන ‘කොඩිය’ ලකුණින් මෙවර මැතිවරණයට ඉදිරිපත්වූ ‘අපේ ජන බල පක්ෂයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් හිමිව ඇති අතර සමස්ත ලංකාවෙන්ම එ සදහා ලැබි තිබේන ඡන්ද සංඛ්‍යාව 67,758ක් වන අතර එය සමස්ථ ප්‍රථිපලයෙන් සියයට 0.58%ක් වේ.රටේම ජනතාව ජාතිවාදි බලලුන් ප්‍රතික්ෂ්ප කරද්දී මැතිවරණ ක්‍රමයේ වරද හේතුවෙන් ඔහුන් පාර්ලිමේන්තුවේ දොර විවෘත කර ගැනිමට සමත්ව තිබේ.ඒසේ නම් ජනතාවගේ සැබෑ ජනමතය පාර්ලිමේන්තුව තුල නියෝජනය වන බවට කරන ප්‍රකාශ පට්ට කෙප්ප බව ඉතා පැහැදිලිය.

නානසාර,රතන වලියක….

පොහොට්ටුවෙන් ගම්පහට නම දමා ගැනිමේ අනවරථ අරගලයෙන් පරාජයට පත්විම හේතුවෙන් රාජපක්ෂලා සමග හදාගත් වෛරයේ පක්ෂය වන අපේ ජන බල පක්ෂය හරහා ගම්පහින් පාර්ලිමේන්තුවට එමට සිටි රතන හිමියෝ ඒ සදහා තවත් නමගිය ජාතිවාදීන් එකතු කර ගැනිමට සමත්විය.ඒ අනුව බොදු බල සේනා මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර මහින්ද සමග කුරුණෑගල සටන යැවු අතර කපටිකමින් අගතැන්පත් නානසාර කුරුණෑගල අපේ ජන බල පක්ෂයේ ලෑයිස්තුව ප්‍රතිකේෂ්ප වන තැනට කටයුතු කිරිමට තරම් දක්ෂ විය.ඊට අමතරව ශ්‍රි ලනිපයෙන් දොට්ට වැටි මහින්දලාද කනෙන් ඇද එලියට දැමු ජිවන් සහ ගාමිණි තිලකසිරි අපේ ජන බල පක්ෂයේ කොළඹ ලැස්තුවට රිංගා ගත් නමුත් අවසන් මොහොතේ පොරොන්දු වු ලක්ෂ 10ක මුදල රතනට නොලැබිම හේතුවෙන් ඔහුන් එම ලැයිස්තුවේන් ඉවත් කල අතර ඒ හේතුවෙන් සිදුවු වරදක් නිසා කොළඹ අපේ ජන බල පක්ෂයේ නාම යෝජනාවද ප්‍රතිකේෂ්ප විය.

මැතිවරණ ක්‍රමයේ වරදින් ලැබුන ආසනය සදහා මේ වනවිට සටනක් ආරම්භ වි ඇති අතර රතන හිමියන්ගේ අදහස වි ඇත්තේ පක්ෂයේ නායකයා ලෙස ගම්පහින් තරග කල තමන්ට එම ආසනය හිමිවිය යුතු බවයි.එක අතකට එය සදාචාරාත්මකය.මන්ද රතන හිමියන් ගම්පහට තරග කර තිබේ.නානසාර කපටිකමින් සිය ලැයිස්තුව පවා ප්‍රතික්ෂ්ප කර ගත් අයේකි.

මේ වනවිට නානසාර සහ රතන අතර ද්වන්ධ සටනක් ආරම්භ වි ඇති අතර මන්ත්‍රී ආසනය රැක ගැනිම සදහා නීති උපදෙස් ද ලබා ගැනිමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.මේ අතර නානාසාර සිය වෙබ් බලකාය කඩේ යවමින් තමන් ලැයිස්තුවේ මන්ත්‍රීධුරයට පාර්ලිමේන්තුයන බව සදහන් කරමින් සිටි.දෙදෙනාගෙ කවුරුන් ගියද එය රටේ ජනතවාගේ අවසනාවකි.මන්ද නානසාර මෙන්ම රතනද කවුරුන්ද යන්න රටේ ජනතාවට අලුතින් කියාදිය යුතු නැත.

මේ අතර 2020 මහමැතිවරණයේ කොළඹ දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල වලට අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන 12ක් දිනාගත් අතර ජාතිවාදි කදවුරේ ඉදිරිපෙල නායකයා ලෙස කටයුතු කරන විමල් විරවංශගේ දේශපාලන ගමන බිමට ඇද දැමිමට මේවර ජනතාව කටයුතු කර තිබේ.නමුත් එකට පැමිණ ඇත්තේද ඊට දෙවනි නොවන ජාතිවාදියෙකි.

(01) සරත් වීරසේකර – 328,092

(02) විමල් වීරවංශ – 267,084

ජුනී 11 වැනිදා අප ඒ සම්බන්ධයෙන් කල අනාවරණය…

Published on: Jun 11, 2020 – විමල් 2කට වැටේ…. තිලංග,විජේදාස ගේදර… කොළඹ දිනන ලැයිස්තුව ගැන රාජපක්ෂලා අතර සාකච්ඡාවක්!

http://lankanewsnetwork.org/archives/24424

මාතර දිස්ත්‍රික්කයේ සටන සම්බන්ධයෙන්ද අප කල අනාවරණය තහවුරු වි තිබේ.එනම් විමල්ගේ චක් ගොලයෙකු වන නිරෝෂන් දොට්ට වැටිමයි.

ජුනී 15 වැනිදා අපකල අනාවරණය…

Published on: Jun 15, 2020- මාතර සටන උග්‍රවෙයි… නිරෝෂන් එලියට …. මහින්දලාගේ ඥාති පුතා පෙරටම! මංගලගේ ඉවත් විමෙන් UNP,JVP යට අවස්ථාවක්!

http://lankanewsnetwork.org/archives/24473

Published on: Aug 3, 2020- අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇත. ඒ 2013 වර්ෂයේ දී ඔප්පු වූ නඩුවක සාක්ෂි ව්‍යාජ ලෙස සකස් කර ඇති බවට වන චෝදනාවක් මතය. ඒ සඳහා සාක්ෂි ලබාදී ඇත්තේද සීඅයිඩි නිලධාරීන් කිහිප දෙනෙකු බවද කියැවේ. තත්වය මෙසේ නම් සීඅයිඩිය විසින් මෙතෙක් පවරන ලද නඩු වලට හා චූදිතයින් වරද කළ නඩුවලට ඉදිරියේදී කුමක් වනු ඇත්ද? වරදකරු වූ අපරාධකරුවන්ගේ චෝදනා මත නඩු මෙහෙයවන පොලිස් නිලධාරීන් වසර ගණනාවකට පසු හිරේ දමයි නම් ඉදිරියේ දී අපරාධකරුවන්ට එරෙහිව නඩු මෙහෙයවන්නෙ කවුද? සියල්ලටම වඩා මෙය සිදුවනුයේ ලංකාවේ අපරාධ නඩු මෙහෙයවීමේ කීර්තිමත් ඉතිහාසයක් ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂකවරයාටය.

එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ට එරෙහිව විශේෂ කාර්ය බලකායට එක්ව සටන් කරන ශානි අබේසේකර චන්ද්‍රිකා බණ්ඩාරනායක ඝාතන ප්‍රයත්නය, සරත් ෆොන්සේකා ඝාතන ප්‍රයත්නය, අඟුලාන ඝාතනය, රෝයල් පාක් ඝාතනය, භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය වැනි සුවිශේෂී අපරාධ රාශියක් සාර්ථකව සිදුකර චූදිතයින් අධිකරණය ඉදිරියේ වරදකරු කළ නිලධාරියෙකි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බිහිවූ දක්ෂතම විමර්ශකයක් වන ශානි අබේසේකර එහි අධ්‍යක්ෂ ධුරයට පත්ව වසීම් තාජුඞීන්ගේ අභිරහස් මරණය, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීම, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ඇවන්ට්ගාඩ් විමර්ශනය, නාවික හමුදා පිරිසක් විසින් දෙමළ තරුණයන් පැහැරගැනීම, වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් ඝාතනය, නොහා පැහැර ගැනීම වැනි විමර්ශන රැසකට නායකත්වය ලබා දෙන ලදී. විශේෂත්වය වනුයේ මෙම සියලුම අපරාධ වසර ගණනක් පැරණි වීමත් විවිධාකාරයෙන් දේශපාලනඥයින්ට සම්බන්ධවීමත්ය.

මෙම ඕනෑම විමර්ශකයක්ට මුහුණ දීමට ඉතා අසීරු බාධකයන් වෙයි. ‘පොලිස් නිලධාරියකුට ඇති වන සතුරන් ප්‍රමාණය ඔහුගේ කැපවීම හා දක්ෂතාවය පෙන්වන කැඩපතකි’ යන කියමන ශානි අබේසේකර හමුවේ පරම සත්‍යයක් වේ. ඔහුගේ තියුණු විමර්ශන තුළින් දේශපාලන හා ආර්ථික වශයෙන් බලවත් සතුරන් රැසක් ඔහුට ඇති වේ. හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන අනුර සේනානායක, ලලිත් ජයසිංහ, වාස් ගුණවර්ධන, ප්‍රසන්න නානායක්කාර, හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණවර්ධන, ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු පිරිස් ඔහු විසින් අත්අඩංගුවට ගත්තේය.

එයට එකතු විය යුතු ජාවාරම්කරුවන් පාතාල අපරාධකරුවන් සිය ගණනකි. සත්‍ය වශයෙන්ම ඔහුගේ විමර්ශන ගෝඨාභය රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ යන අයවලුන්ට ද බලවත් තර්ජනයක් විය. තව ද කිව යුතු කාරණයක් වනුයේ පාස්කු ප්‍රහාරයේ සියලු සැකකරුවන් මසක් වැනි කෙටි කාලයක් අත්අඩංගුවට ගැනීමටත් මෙම ජාලය අනාවරණය කර ගැනීමටත් ශානි අබේසේකර ගේ එවකට සීඅයිඩීය සමත් වූ බවය.

අද ශානි අබේසේකරට විරුද්ධව කොළඹ අපරාධ කොට්ඨාසයට සාක්ෂිකරුවන් සපයන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තත්ත්වය කුමක්ද? ශානි අබේසේකර ගාල්ල ඩීඅයිජී ගේ පුද්ගලික සහකාර ලෙස පත් කර ඒ වෙනුවට සීඅයිඩියේ අධ්‍යක්ෂ ධුරයට වත්මන් ආණ්ඩුව බලයට ආ ගමන් පොලිස්පති විසින් පත් කළේ තිලකරත්න නමැති ජේෂ්ඨ පොලිස් අධිකාරි වරයාය. ඒ රාජකාරි අවශ්‍යතාවය මත බව දක්වමිනි. අපරාධ විමර්ශනය පිළිබඳ කිසිදු පුහුණුවක් පළපුරුද්දක් නොමැති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක රාජකාරි ඉටු කරමින් විශේෂ කැබිනට් තීරණ මත උසස්වීම් ලබා සිටි මෙම නිලධාරියා සීඅයිඩියේ අධ්‍යක්ෂ කිරීමට ඇති රාජකාරි අවශ්‍යතාවය ස්වාධීන පොලිස් කොමිසමට ද ප්‍රශ්නයක් නොවීය. කෙසේ වුව ද කෙටි කලකින් තිලකරත්න සීඅයිඩිය අතහැර ඇමති ආරක්ෂක අංශයට ගියේ කුමන හයියකින් සීඅයිඩියේ අධ්‍යක්ෂ වුවද එහි රැඳී සිටීමට විමර්ශන පිළිබඳ දැනුම නැතිවම බැරි බව අකමැත්තෙන් හෝ තේරුම් ගැනීම නිසාය. එයට පසු එහි අධ්‍යක්ෂ වූයේ දැනට ද එහි අධ්‍යක්ෂ වන ජේෂ්ඨ පොලිස් අධිකාරී යැයි කියන ප්‍රසන්න අල්විස්ය. ඔහු ASP තනතුරේ සිට එස් එස් පී තනතුරට පත්වුයේ වත්මන් ආණ්ඩුව බලයට පැමිණ හිටිහැටියේමය එයට පාදක වූයේ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවක් බව අදාළ උසස්වීම් පණිවිඩයේ දැක්වුණේ නමුත් ඇත්තටම ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුව අවසන් වී තිබුනේ 2014 දී එම නඩුව ඉල්ලා අස්කර ගැනීමෙනි. එම නඩුව පවරා තිබුණේ 2008දී ප්‍රසන්න අල්විස්, මනෝ රණගල, අනුරුද්ධ බණ්ඩාරනායක යන තිදෙනාය. ඉල්ලා අස්කරගත් නඩුවක් පදනම් කරගනිමින් ඔවුන් 2020 දී එස් එස් පී තනතුරට උසස් විය. කෙසේ වුවද ජේෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 50ක් පමණ මෙම උසස්වීම් වලට විරුද්ධව මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කර ඇත. ඛේදජනක තත්ත්වය වනුයේ ප්‍රසන්න අල්විස් විසින් ලසන්ත වික්‍රමතුංග ඝාතන විමර්ශනයේ සාක්ෂි එවකට ස්ථානාධිපති ත්‍රස්ත විමර්ශන ඒකකය ලෙස කටයුතු කරමින් සිටියදී වසන් කිරීමට කටයුතු කළ බවට ශානි අබේසේකර විසින් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබීමයි. ප්‍රසන්න අල්විස් සීඅයිඩියේ අධ්‍යක්ෂ තනතුරට පත් කිරීමට විරුද්ධව පියවර ගන්නැයි ලසන්ත වික්‍රමතුංගගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග ස්වාධීන පොලිස් කොමිසමට පැමිණිල්ලක්ද කර ඇත.

දියකිරීම නිසා සීඅයිඩියේ ඒකකයක් බවට පත්ව ඇති FCID විමර්ශන 13/2017 යටතේද ප්‍රසන්නට විරුද්ධ විමර්ශනයක් සිදුකර ඇත. ඊට අදාළ පැමිණිල්ල සිදුකර ඇත්තේ වැඩ තහනම් ඩීඅයිජී නාලක සිල්වා විසින්ය. එම චෝදනාව අනුව 2011 වර්ෂයේ දී නරේන්ද්‍රරත්න සභාපති නම් අයකු භාරයේ තිබූ එල්ටීටීඊ සංවිධානයේ මුදල් සම්බන්ධයෙන් එවකට ස්ථානාධිපති ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය ලෙස ප්‍රසන්න අල්විස් විසින් විමර්ශනයක් සිදුකර ඇත. එහිදී එම අය භාරයේ තිබූ ඇමරිකානු ඩොලර් ලක්ෂ 4 ක මුදලක් ඔහු ලවා රජයට බැර කර ඇත.

නමුත් ඔහු සතුව තිබූ තවත් ඇමෙරිකන් ඩොලර් මිලියන 1.4 ක මුදලක් සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැත. සුහද ගම්ලත්ගේ උපදෙස් මත රත්නසභාපතිට විරුද්ධව නීති මගින් කටයුතු නොකරන බවද අධිකරණයට වාර්තා කර ඇත. මෙයට අදාල මුල් ගොනුව ද ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ නොමැති බව නාලක සිල්වා විසින් පැමිණිලි කර ඇත. ඒ වුවද අරුමය වනුයේ මෙම පැමිණිල්ල විභාග කිරීමට පැමිණියේ රවී වෛද්‍යලංකාර වෙත වීමය. සිදුකළ විශාල මගඩි අතරින් එකක් බවට පත් කරගත් ඔහු අසම්පූර්ණ විමර්ශන ගොනුවක් නීතිපති වෙත යැවීමට පියවර ගෙන ඇත. එම විමර්ශනයේදී සිදු කර නති එකම කාර්යය  රත්නසභාපති ළඟ තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 1.4 ක මුදලකට කුමක් කළේද යන්න නොවීමසීම පමණි. සඳහන් කළ යුතු තවත් වැදගත් කරුණක් වනුයේ වත්මන් රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ සුරේෂ් සලේ ද මෙම විමර්ශනයට සහභාගි වීමත් ඔහුද ප්‍රසන්න අල්විස් සමඟ මෙම විමර්ශනයට විදේශයන්ට ගොස් තිබීමත්ය. ඒ ගැන කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ 6683/2017 යටතේ කරුණු වාර්තා කර ඇත.

මෙසේ ශානි අබේසේකරට දිගු වූ නීතිය හස්තය තවම රවී වෛද්‍යලංකාර ට යොමුවී නැත. අල්ලස් කොමිසම, සීඅයිඩිය, එෆ්සීඅයිඩිය ඔහුට එරෙහිව සිදුකළ විමර්ශන වලට සිදු වූ දෙයක් නැත. ඇමරිකාවේ මුදල් වංචාවකට චූදිතයකු වී සිටින RIENZIE EDWARDS ගේ බිරිඳ වන පුණ්‍යා ප්‍රියන්ති මැණිකේ හා රවී වෛද්‍යලංකාර ගේ බිරිඳ වන මෙරී බැසිලිකා විසින් සූර්යයා ඉන්ටර්නැෂනල් නැමැති සමාගමක් පිහිටුවා තිබූ අතර එහි ලිපිනය වූයේ TALOS MANAGEMENT CONSULTANT නම් සමාගමකට අයත් මොනාක් නිවාස සංකීර්ණයේ නිවසකි. මෙම නිවසහි හිමිකරු රවී වෛද්‍යලංකාර පුත් අසේල වෛද්‍යලංකාර අතර ඔහු නිවස මිලට ගෙන තිබුණේ රුපියල් මිලියන 52ක මුදලකටය. එය සොයාගත් මාර්ගය ලෙස ඔහු ප්‍රකාශ කර තිබුණේ දැනට සොයා ගැනීමට නැති මැණික් වෙළෙන්දෙකුගෙන් ලබා ගත් මැණික් වැඩි මිලට අපනයනය කිරීමය. මේරි බැසිලිකා මහත්මිය ප්‍රකාශ කර තිබුණේ සූර්යයා සමාගමේ කටයුතු ගැන තමන් නොදන්නා බවත් සැලෝන් එකකදී පුන්‍ය මැණිකේ හඳුනාගෙන කොළ වගයකට අස්සන් කළ බවත්ය. ඩෙසී ආච්චිගෙ මැණික් කතාවලින් පදම් වූ රවි වෛද්‍යලංකාරට මෙය අග්ගලාවකි. අම්මා තමන් සමාගමක අධ්‍යක්ෂවරයකු බව දන්නේ නැති අතර එම සමාගමේ ලිපිනය ලෙස තම නිවසේ ලිපිනය යොදා ඇති බව පුතා දන්නේ නැත. මේ කිසිවක් පියා දන්නේද නැත. රවී වෛද්‍යලංකාරගේ තවත් හොර විමර්ශනයක් හෙළි කළේ සජින් වාස් ගුණවර්ධනය. ඒ ගැන කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ දී 9823/15 යටතේ කරුණු වාර්තා කර ඇත.

යෝෂිත රාජපක්ෂගේ CSN සමාගමට හා නිමල් පෙරේරාට මුදල් එවු TPL-Inter නැමැති ආයතනයේ චිදම්බරම් සුබ්බු ගෙන් දිවුරුම් ප්‍රකාශයක් රවී වෛද්‍යලංකාර විසින් සිංගප්පූරුවට ගොස් ගෙන තිබේ. එහිදී සුබ්බු ප්‍රකාශ කරනුයේ ඇමරිකානු ඩොලර් මිලියන 5ක් Shangri-la සමාගමට අනුබද්ධ Haliard නම් සමාගමෙන් ලද බවත් නාමල් රාජපක්ෂගේ උපදෙස් මත ඉන් කොටසක් මෙසේ එවු බවත්ය. නමුත් අද වෙන තෙක් චිදම්බරම් සුබ්බුගෙන් කට උත්තරයක් ගැනීමට එෆ්සීඅයිඩියට නොහැකි වී ඇත. දිවුරුම් ප්‍රකාශ අධිකරණ නඩුවට යොදාගත නොහැකිය. සිංගප්පූරුවට ගොස් එරට වැසියකු ගෙන් දිවුරුම් ප්‍රකාශ රැගෙන එන්නේ කුමන නීතියක් අනුව ද යන්න නීතිපතිට ද ප්‍රශ්නයක් වී නැත. ප්‍රශ්නය වී ඇත්තේ ෂැංග්‍රි-ලා සමාගමට අනුබද්ධ සමාගමක් නාමල් මෙහෙයවන සමාගමකට අමෙරිකානු ඩොලර් මිලියන පහක් ගෙවන්නේ කුමක් නිසා ද යන්න ජනතාවට පැහැදිලි නොවීම පමණි.

ශානි අබේසේකර සිරගත කර ඇත. ශානි ඇතුළු පිරිස එක්ව සිදුකළ විමර්ශනවලට සිදුවන්නේ කුමක්ද යන්න පැහැදිලි වන්නේ විමර්ශන අධීක්ෂණයට හමුදා පිරිසක් පත් කිරීමට ආරක්ෂක ලේකම් කටයුතු කිරීම මඟිනි. මුදල් විශුද්ධිකරණය පිළිබඳව විමර්ශන සිදු කළ එෆ්සීඅයිඩි නිලධාරීන් ආගිය අතක් නැත. පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන මෙහෙය වූ අම්පාර ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා හා තවත් නිලධාරීන් මාරු කර ඇති ආකාරය පසුගිය පාස්කු කොමිසමේ දී හෙළිවිය. කොළඹ දකුණු කොට්ඨාසයට මාරුවීම් ලද අම්පාර ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා නැවත මාරු කර ඇත්තේ මොනරාගලටය. ජේෂ්ඨත්වය ඉහළ නිලධාරියකු සාමාන්‍යයෙන් හොබවන කොළඹ දකුණු කොට්ඨාසය බාර දී ඇත්තේ පොලිස් අධිකාරීවරයෙකුටය. අඩුම ජේෂ්ඨත්වය ඇත.  අරුමය නම් මෙසේ තමන්ගේම නිලධාරීන් විනාශ කරන පොලිසියේ අනාගතය කෙබඳු වනු ඇත්ද යන්න හා නීතිය බිඳ වැටුණු රටක අනාගතය කෙබඳු වනු ඇත්ද යන්නය.(රවී වෛද්‍යලංකාර ගැන කල අනාවරණ රැසක් පහතින් කියවන්න)

චිදම්බරම් සුබ්බුගෙන් කට උත්තරය

මහින්දලාගේ භුමිය විකුණා දැමු හැටි…

http://lankanewsnetwork.org/archives/582

http://lankanewsnetwork.org/archives/18327

http://lankanewsnetwork.org/archives/10063

http://lankanewsnetwork.org/archives/717

http://lankanewsnetwork.org/archives/21090

Published on: Aug 2, 2020  2015 වසරේදි පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමට වරදකරු කරමින් රත්නපුර මහාධිකරණය මගින් මරණ දඩුවම ලබා දුන් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ප්‍රේමලාල් ජයසේකර (චොකා මල්ලි) ට ශ්‍රි ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජන රජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් විය නොහැකි බව සමගි ජන බලවේගය පෙන්වා දෙනවා.

සමගි ජන බලවේගයේ නිත්‍ය නියෝජිත රජිත් කීර්ති තෙන්නකෝන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය වෙත ලිපියක් යොමු කරමින් පෙන්වා දෙන්නේ, මරණ දඩුවම හිමි වූ දිනයේ සිට පුද්ගලයෙකුගේ ප්‍රජා අයිතිය අහෝසි වන බැවින් ඔහුට ඡන්දය භාවිත කිරීමට ඇති අයිතිය අහෝසි වන බවයි. එම තත්ත්වය තුළ ඡන්දයභාවිත කිරීමට නොහැකියාව පවතින කිසිම පුද්ගලයෙකුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91 වන ව්‍යවස්ථාව යටතේ ඡන්ද ඉල්ලීමට නොහැකි වන බැවින් ප්‍රේමලාල් ජයසේකරට තව දුරටත් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ අපේක්ෂකයෙකු ලෙස අගෝස්තු 05 වෙනිදා පැවැත්වීමට නියමිත මහමැතිවරණයට ඉදිරිපත් විය නොහැකි බව එම ලිපිය වැඩිදුරටත් පෙන්වා දේ.

2015 ජනාධිපතිවරණය අතරතුර කහවත්ත ප්‍රදේශයේ දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්‍රේමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා තිබුණු අතර සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වූ නිලන්ත ජයකොඩි සහ කහවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා මරණ දඬුවම නියමවූ සෙසු විත්තිකරුවන් වේ.

චොකා මල්ලිගේ මැර වැඩ…..

Top