Published on: Nov 25, 2019- ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම, කීත් නොයාර් හා උපාලි තෙන්නකෝන් යන කතෘවරුන්ට පහර දීම ළමුන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් කප්පන් ගෙන ඝාතනය කිරීම යන අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ කල ශානි අබේසේකර හා නිශාන්ත සිල්වා යන නිලධාරීන් පිලිබද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙන්ම ඔහුගේ බත් බැලයෙකු වන ගාමිණි ලෝකුගේ වැනි අය ප්‍රසිද්ධියේ කරන චොදනා සහ අපහස  කරන ආකාරයට අනුව ආපසු කිසිදිනක මේ රටේ රාජපක්ෂලා හෝ ඔහුගේ බත් බැලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන බව පැහදිලිය.

ඊයේ බෙල්ලන්විල පන්සලට ගිය අවස්ථාවේ ජනාධිපතිකම වැඩක් නැති බවත් තමන්ට එම තනතුරෙන් කිසිවක් කරන්න නොහැකි බවත් පවසන ගෝඨාභය 19 අහොසී කර සුපුරුදු හිට්ලර් පන්නයේ විධායක බලය ඉල්ලා සිටින්නේ ඒ නිසාම වන්නට ඇත.

වහල් නොවි පහත විඩියෝව බලන්න… දිලිත් ජයවිරගේ දෙරණ නාලිකාවේ ප්‍රවෘත්ති විකාශයෙන් උපුටා ගන්නා ලදී!

Published on: Nov 24, 2019 – සෙසු ජාතින් කෙරෙහි වෛරය පතුරුවමින් ලබාගත් ජයග්‍රහණයෙන් පසුව තැන තැන දමිළ භාෂාවෙන් තිබු මාර්ග නාම පුවරු විනාශ කරමින් රාජ්‍ය අන්තවාදය පතුරුවමින් සිටින කණ්ඩායම් අද හිටපු අමාත්‍ය රිෂාඩ් බදුයුදින් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කර තිබේන බව අප විශේෂ වාර්තාකරු සදහන් කළා.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් ගමන් කළ රථ පෙළකට මදුරන්කුලිය,කදයාමට්ටේ ප්‍රදේශයේදි සවස 5.45ට පමණ ගල් ප්‍රහාරයක් එල්ලවී ඇති අතර ගල් ප්‍රහාරයෙන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් ගමන් කළ කාර් රථයට හානි සිදුව ඇති අතර ඊට අමතරව රිෂාඩ්ගේ සමස්ත ලංකා ජනතා කොංග්‍රසයේ තරුණ කණ්ඩායම් නායකයාගේ වාහනයටද හානී සිදුව තිබේ.

මෙම ගල් ප්‍රහාරය කවුරුන් විසින් එල්ල කලාද යන්න සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය වී නොමැති අතර මුන්දලම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි

 

Published on: Nov 24, 2019- මාධ්‍යවේදි කීත් නොයාර් පැහැර ගැනීම, ලසන්ත වික්‍රමතුංග ඝාතනය වැනි මතභේදාත්මක විමර්ශන රැසක මූලිකත්වය ගෙන කටයුතු කළ අපරාධ පරීක්ෂණ දොපර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා ගෝඨාභය ජනාධිපතිවරයාගෙන් එල්ල වන තර්ජන හමුවේ අද සිය පවුලේ සාමාජිකයින් ද සමඟ ස්විට්සර්ලන්තය බලා පිටත්ව තිබේ.

අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළේ අද දහවල් 01.00ට පමණ ස්විස් ගුවන් සේවයට අයත් W.K 0065 දරණ ගුවන් යානයෙන් නිශාන්ත සිල්වා සිය පවුලේ සාමාජිකයින් ද සමඟ ස්විට්සර්ලන්තය බලා පිටත්ව ගිය බවයි.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඒකාධිපති වියරුවෙන් පෙලේමින් සිටි සමයේ නිශාන්ත සිල්වාට ස්ථාන මාරුවක් දුන් අතර ඊට හේතුව වුයේද ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂට තිබුන සමීප සබඳතාවයන් සිය විමර්ශනවලදි සාක්ෂි සහිතව අනාවරණය කර ගැනිමයි.

නීතිය සහ සාමය පිළිබඳව අමාත්‍යංශය බලහත්කාරයෙන් පවරාගෙන සිටින සිරිසේන සිය විධායක බලතල භාවිතාකරමින් අදාළ මාරුව සිදුකර ඇති අතර පසුව ජනාපති දුන් තින්දුවකට අනුව පොලිස්පතිවරයා ලබා දුන් ස්ථාන මාරුව පොලිස් කොමිසම විසින් පසුව අවලංගු කරනු ලැබුවා.

සම්පූර්ණ ලිපිය පහටහින් .කියවන්න..

පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වාට එල්ටීටීඊ සංවිධානයට සම්බන්ධ නිසා ඔහු වහාම රහස් පොලිසියෙන් ඉවත් කරන ලෙස 2018 නොවැම්බර් 13 වැනි දා සහ නොවැම්බර් 16 වැනි දා උසස් පොලිස් නිලධාරියකුට ඉහළින් ලැබුණු උපදෙස් මත මෙම ස්ථාන මාරුව සිදු කර ඇති බව පසුව කොමිසම හමුවේ අනාවරණය වුනා.නමුත් සිදුකල සියලුම පරික්ෂණ වලදි එවකට සිටි පොලිස්පති,මේ වනවිට වැඩ තහනමකට ලක්ව සිටින පුජිත් ජයසුන්දර සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න විසින් නිශාන්තට එරෙහිව එම අසත්‍ය වාර්තා ඉදිරිපත් කර තිබේන බවද අනාවරණය වුනා.

අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්නට, නිශාන්ත සිල්වා සමග ඇති තරහා…

කොළඹ දී පුද්ගලයන් 11 දෙනකු පැහැරගෙන ගොස් කප්පම් ලබා ගැනීම සහ ඔවුන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් නාවික හමුදාවේ 10 දෙනකු අත්අඩංගුවට ගැනීම, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීම, මාධ්‍යවේදී කීත් නොයාර්, උපාලි තෙන්නකෝන් සහ නාමල් පෙරේරාට වධහිංසා සිදු කිරීම යන සිදුවීම් විමර්ශනය කර සැකකරුවන් අත්අඩංගුවට ගත්තේ ද නිශාන්ත සිල්වා  විසින් වන අතර එම විමර්ශන තවමත් අවසන් නැත.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් සාක්කි ඇති බැවින් ඔහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවට අධිකරණයට දැනුම් දී ඇත්තේ ද නිශාන්ත සිල්වා  විසිනි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩී.ඩබ්ලිව්.ආර්.බී.සෙනෙවිරත්න විසින් තම පහළ නිලධාරියාගේ ස්ථාන මාරුව සම්බන්ධයෙන් පොලිස්පතිවරයා වෙත වැදගත් ලිපියක් යවා තිබු අතර   S/DIG/CID/IGP/3303/1 අංක දරන මේ ලිපිය මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාගේ රෙදි ගලවා තිබේ.

‘ඔබගේ වාර්තාවේ සඳහන් පරිදි වර්තමාන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් ආර්.සී.විජේගුණරත්න මහතා විසින් පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා එල්ටීටීඊ සංවිධානයට සම්බන්ධ බවට සිදු කර ඇති චෝදනාව, සම්පූර්ණ අසත්‍ය, පදනම් විරහිත හා ද්වේෂ සහගත චෝදනාවක් බව ඉතා පැහැදිලිව පෙනී යයි. මේ චෝදනාව කිසිදු විමර්ශන අංශයකින් හෝ බුද්ධි අංශයකින් ඉසව්ගත නිලධාරියාට එරෙහිව මේ වන තුරු ඉදිරිපත් නොවී තිබීමෙන්ම මාගේ ස්ථාවරය මනාව තහවුරු වන බව දන්වා සිටිමි.

තවද වත්මන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පුද්ගල පැහැරගැනීම් හා ඝාතනය කිරීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය කරනු ලබන සැකකරුවෙකි.’

ගෝඨාභය දිවුරුම් දුන් දිනයේ පසුපසින් සිටිනේ අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්නය. 

පොලිස්පතිවරයා ලබා දුන් ස්ථාන මාරුව පොලිස් කොමිසම විසින් පසුව අවලංගු කල ලිපිය 

 

 

 

 

 

Published on: Nov 24, 2019 – එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ආරක්ෂා කර ගැනිම සදහා අනවරත මෙහෙයුමක් දියත් කර සිටින රනිල් ඇතුලු කල්ලිය මේ වනවිට අලුත් කුමන්ත්‍රණයක් දියත් කරමින් සිටින බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

ඊයේ දිනයෙ සිදුවු සාකච්ඡාවකට අනුව පක්ෂ නායකත්වය සහ විපක්ෂ නායකත්වයට සජිත් පාර්ශවයෙන් මේ වනවිට එල්ල වෙමින් තිබේන බලපෑම් හමුවේ තවදුරටත් එය රැක ගැනිම අපහසු බැවින් උපක්‍රමශීලීව ඒ සදහා විසදුම් සේවිමට සාකච්ඡාකර තිබේ.

මේ වනවිට රනිගේ ආරක්ෂකයන් ලෙස කටයුතු කරන නිළනොලත් උපදේශකවරයකු ලෙස කටයුතු කල කූප්‍රකට දිනේෂ් වීරක්කොඩි සහ නවීන් දිසානායකගේ ප්‍රධානත්වයෙන් මේම සාකච්ඡා සිදුව ඇති අතර අකිල විරාජ්,සාගල රත්නායක ඇතුලු තවත් කිහිප දෙනෙකු එම අවස්ථාවට එක්ව තිබේ.

පක්ෂයේ මහා ලේකම් තනතුර වෙනස් කර ඒ සදහා දිනේෂ් වීරක්කොඩි පත්කිරිමට යෝජනා කර තිබේන අතර බහුතර එක්සත් ජාතික පාක්ෂිකයින් අකිලට අකමැති බැවින් එම වෙනස්කම සිදුකිරිම හරහා සජිත් පිලේ අරගලය දුර්වල කිරිමට හැකිවනු ඇති බවයි එම සාකච්ඡාවේදි පෙන්වා දි ඇත්තේ.

අකිල වීරාජ් කාරියවසම් එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක තනතුරට පත්කල කිරිමටද එහිදි යෝජනා කර තිබේ.

මිට අමතරව පක්ෂ නායකත්වයට කරූ ජයසුරිය පත්කිරිමටත් රනිල් වික්‍රමසිංහ විපක්ෂනායකත්වයට පත්කිරිමටහ් මෙහිදි යෝජනා කර තිබේ. නවින් දිසානායක නියෝජ්‍ය නායකත්වයට පත්කිරිමටද මෙහිදි යොජනා වි තිබේ.

සජිත් ප්‍රේමදාසට පක්ෂය තුල සක්‍රියව කටයුතු කල හැකි නමුත් තින්දු,තීරණ ගැනිමේ නිශේධන බලය සහිත තනතුරක් ලබාදිය යුතු බවද එහිදි තින්දුකර තිබේන අතර රනිල්ට ඉතාම සමීප සාගල ඇතුලු කිහිප දෙනෙකුම තාවකාලික තනතුරු වලින් සහ වගකිම් වලින් ඇත්කර තැබිමටද එහිදි යොජනා කර තිබේ.

සාකච්ඡාවේ ගත් තින්දු තිරණ් සම්බන්ධයෙන් පැය 24ක් තුලදි පක්ෂ නායකත්වය සමග සාකච්ඡාකර ඊළග පියවරට යැමට කටයුතු කිරිමටද එහිදි තිරණය කර තිබේන බවයි අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළේ.

Published on: Nov 23, 2019- එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය රනිල් වික්‍රමසිංහටම අත්පත් කර දිම සදහා රනිල්ගේ මුර බල්ලෙක් ලෙස කටයුතු කිරිමට නවීන් දිසානායක පටන් ගෙන තිබේන බව වාර්තා වේ.

මේ වනවිට සජිත් විපක්ෂ නායක කරන ලෙස ඉල්ලා එජාප මන්ත්‍රීවරුන් 45 දෙනෙකු කතානායකවරයාට යවා තිබේන ලිපිය නොසලකා හරින ලෙස දිගින් දිගටම නවීන් කතානායකවරයාට බලපෑම් කරමින් සිටින අතර ඒ නිසාම මේ වනවිට කතානායක කරූ ජයසුරිය මහතාද විපක්ෂ නායකත්වය සම්බන්ධයෙන් තින්දුවක් ගැනිමට තමන්ට නොහැකි බව සජිත් පාර්ශවයට දැනුම් දි තිබේ.

පාඨලී චම්පික රණවකගේ නිවසේ ඊයේ මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැති අතර එහිදි කතානායකවරයාගේ තිරණය සම්බන්ධයෙන් දිර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.

සමාන්‍යයෙන් පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීධුර සංඛ්‍යාවක් ඇති පක්ෂය සහ බහුතරයකගේ ඉල්ලිම මත විපක්ෂ නායකත්වය පත්කර ගත්තද පසුගිය ආණ්ඩුව සමයේ මහින්ද රාජපක්ෂලාගේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් පෙන්නුවද ඔහුන්ට විපක්ෂ නායකත්වය ලබා නොදුන් බවද කතානායකවරයා සදහන් කර තිබේ.

කරූ ජයසුරිය සමගින් පක්ෂය කඩාගෙන ගොස් රාජපක්ෂලාගේ දැත් ශක්තිමත් කිරිමට ඉදිරිපත්වු කණ්ඩායම නියෝජනය කල නවින් ජනාධිපතිවරණයේදි කරූ ජයසුරියට නාමයෝජනා ලබාදිමට රනිල් වික්‍රමසිංහ සුදානමින් සිටි බවත් ඒ සියල්ලම් නැති කලේ සජිත් බවත් පවසමින් මේ වනවිට කරූ ව අවුල් තත්ත්වයකට පත්කර තිබේ.

මේ වනවිට නවීන් තමන්ගේ facebook බලකාය යොදවා ගනිමින් සමාජ ජාලාව තුල අලුත් මතයක් ඇතිකිරිමට කටයුතු කරමින් සිටින අතර පහත දැක්වෙන්නේ ඒ අකාරයේ  පොස්ටුවකි.

එජාපයේ නායකත්වයට වඩාත් සුදුසු තරැණ උගත් බුද්ධිමත් නායකත්වය, මොවුන් දෙදෙනා අතරින් කවුරැහුද…

නවීන්.ඔහු සෑම මැතිවරණයකදීම තමන්ගේ දිස්තීුක්කය පක්ෂයට දිනාදුන් අයෙකු බවත්  අවුරුදු 28ක් තිස්සේ තමංගේ ආසනය තවමත් දිනාගත නොහැකි පුද්ගලයෙකුට වඩා හැම අතින්ම නවීන් දිසානායකයන් ඉදිරියෙන් සිටින බව මෙ වනවිට නවින් ගේ මඩ බලකය තැන තැන පතුරුවමින් සිටි.නමුත් උන් එකෙකුවත් නවින් එජාපයට පයින් ගසා මහින්දලා සමග ගිය කරූ ඇතුලු 14 දෙනා අතර නවීන් සිටි බව අමතක වි ඇත.

මහින්ද රාජපක්ෂගේ දෙපතුල් ලග වැදවැටුන නවීන් දිසානායකගේ සහොදරයා වන පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායකද පහුගිය කාලයේම සජිත් ප්‍රේමදාසට සහාය දීමෙන් පලක් නැති බවත් සජිත් වැනි අය නායකත්වයට පැමිණිම හරහා තමන් ඇතුළු උගතුන් කිසිවෙකුට එක්සත් ජාතික පක්ෂය තුළ පිළිගැනීමක් නැති වනබවද තැන තැන ප්‍රකාශ කළ අයෙකි.

රාජපක්ෂලා ඉදිරියේ හිස නොනමන,ජනාධිපතිවරණයේදි ලක්ෂ 56ක් ඉක්මවා ජනතා කැමත්ත ලබගැනිම,එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයින්ගෙන් බහුතරයකගේ කැමත්ත දිනාගෙන සිටිම,24 පැයේම වැඩ කරන සජිත් ප්‍රේමදාස එකසත් ජාතික පක්ෂයේ මෙන්ම විපක්ෂයේද නායකත්වයට පත්විය යුතුමය.

Published on: Nov 23, 2019 – ශ්‍රි ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දිවයිනේ නීතිය හා සාමය පවත්වාගෙන යාමට ත්‍රිවිධ හමුදාව කැඳවා තිබෙනවා.

ඒ පිළිබඳව බලය පවරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ගෝඨාභය රාජපක්ෂ ශ්‍රි ලංකා යුධ හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව රටේ මහජන් ආරක්ෂාව පවත්වා ගෙන යාමට කැඳවා තිබෙනවා.

එම ගැසට් නිවේදනයේ දෙවන උපලේඛනය අනුව ත්‍රිවිධ හමුදාව විසින් නීතිය හා සාමය පවත්වා ගෙන යා යුතු දිස්ත්‍රික් හා බල ප්‍රදේශ නම් කොට තිබෙනවා. ඒ අනුව කොළඹ, කළුතර, ගම්පහ, ගාල්ල, මාතර, හම්බන්තොට, යාපනය, මන්නාරම, මුලතිව්, මඩකළපුව, අම්පාර, ත්‍රිකුණාමලය, පුත්තලම දිස්ත්‍රික්ක හා එම ප්‍රදේශ වලට අයත් භූමියට අදාළ ජල තීරුව, කෑගල්ල, මහනුවර, නුවරඑළිය, අනුරාධපුරය, පොළොන්නරුව ආදි වශයෙන් මුළු දිවයිනේ පරිපාලන දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි මෙලෙස ත්‍රිවිධ හමුදාව විසින් නීතිය හා සාමය පවත්වාගෙන යනු ඇත.

ඕනෑම රටක හමුදාව විසින් රටේ නීතිය හා සාමය මහජන ආරක්ෂාව පවත්වා ගෙන යන්නේ නම් එතැන සිවිල් නීතිය අදාළ නොවන බව අපි දනිමු. මෙතැන් පටන් සමස්ථ දිවයිනේම සෝදිසි කිරීම් සඳහා සෝදිසි වරෙන්තු අවශ්‍ය නොවනු ඇත. අත්තඩංගුවට ගැනීම සඳහා ද වරෙන්තු අවශ්‍ය නොවනු ඇත. හමුදාවට ඕනෑම පුද්ගලයෙකු ග්‍රහනය කිරීමට හා සෝදිසි කිරීමට නීතියෙන්ම බලය ඇති අතර ඔවුන් කළ යුත්තේ එලෙස ග්‍රහනයට ගන්නා පුද්ගලයා පසුව පොලිසිය ට භාර දීම පමණි.

කෙසේවෙතත් ජනාධිපතිවරයාගේ මෙම තීරණය සමඟ නැවතත් රට පුරා හමුදා මාර්ග බාධක පවා ඇති වනු ඇත. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මෙම තීරණය ගැනීමේ අරමුණ කවරක් වූවද ආරක්ෂක අමාත්‍යවරයා ලෙස සිය වැඩිමහල් සොහොයුරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පත් කොට ඇති විටක, රටේ හදිසි තත්ත්වයක් නොමැති අවස්ථාව මේ සිදු කොට ඇත්තේ ආරක්ෂක අමාත්‍යධූරයේ බලතල සියතට ගැනීමකි.

19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4(ආ) වගන්තිය අනුව ජනාධිපතිවරයාට තමා ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පත් නොවි, ආරක්ෂක අමාත්‍යවරයෙකුද පත් නොකොට ආරක්ෂක අමාත්‍යධූරයේ කටයුතු කළ හැකි වූවද මෙහිදිතත්ත්වය වෙනස් වන්නේ මහින්ද රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පත් කොට තිබීම නිසාය. ඒ අනුව මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනය උල්ලංඝනය කිරීමක් ලෙස පැහැදිළි කළ හැකිය.

ජනාධිපතිවරයාගේ අති විශේෂ ගැසට් නිවේදනය,

Published on: Nov 23, 2019 – රාජපක්ෂ පවුල විසින් ආසියාවේ පළමු වතාවට රටක රාජ්‍ය පාලනයේ ප්‍රධාන තනතුරු ඉසිලීම පිළිබඳව විදෙස් මාධ්‍ය පවා පුදුමයෙන් යුතුව වාර්තා කොට තිබෙනවා.

එක් සහෝදරයෙකු විසින් රටේ ඉහළම රාජ්‍ය පාලන තනතුර වන ජනාධිපතිධූරය හොබවද්දි අනෙක් සහෝදරයා ඊලඟට රටේ බලවත් තනතුර වන අග්‍රාමාත්‍යධූරය ඉසිලීම ඉතා දුර්ලභ අවස්ථාවක් බවත් එවැනි පාලනයක් තිබූණේ මීට අවුරුදු 13කට පෙර පෝලන්තයේ බවත් ඉන්දීය මාධ්‍ය අද වාර්තා කළා.

2006 දි පෝලන්තයේ Lech Kaczyński ජනාධිපතිධූරය දරද්දි සිය නිවුන් සොහොයුරා වන Jarosław Kaczyński  ව 2006 සිට 2007 දක්වා අවුරුද්ද ක කාලයකට තමාගේ අගමැතිවරයා ලෙස පත් කරනු ලැබූ තිබෙනවා.

එසේ පත් කිරීමෙන පසුව දෙවැනි වතාවට එවැනි දෙයක් සිදු වූයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිධූරය හොබවද්දි, ඔහුගේ සොහොයුරා වන මහින්ද රාජපක්ෂ අගමැතිධූරයට පත් කිරීම බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ.

එසේම මේ වන විට මුළු ශ්‍රි ලංකාවේම පාලනය එක පවුලකට යටත් ව ඇති බවයි එම වාර්තා පෙන්වා දුන්නේ.

නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිධූරයට පත් වීමෙන් පසුව සිදුකළ පළමු කාර්යය ලෙස ඔහුට එරෙහිව තිබු සියළුම දූෂණ චෝදනා ඉවත් කර ගැනීම ද ඔවුන් සිය මාධ්‍ය වාර්තා වලදි පෙන්වා දුන්නා. ජනාධිපතිධූරයට පත් වීමෙන් පසුව ජාතිය අමතමින් ලංකාවෙන් දූෂණය සහමුලින්ම ඉවත් කරන බවට ප්‍රතිඥා ලබා දුන් ගෝඨාභය රාජපක්ෂ තමන්ට එරෙහිව තිබු සියලු දූෂණ චෝදනා ඉවත් කර ගැනීමෙන් ලංකාවෙන් දූෂණය අවසන් කරන්නේ කෙසේ ද යන්න එම මාධ්‍ය ප්‍රශ්න කරනවා.

wionews ගෙන එන එම වාර්තාව තේරුම් ගැනිමට  ඔබ දන්නා ඉංග්‍රීසි හොදටම ප්‍රමාණවත්ය…

Published on: Nov 23, 2019- එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සජිත් ප්‍රේමදාස හට ලබාදිමට නායක රනිල් වික්‍රමසිංහ කටයුතු නොකරන්නේ නම් වෙනත් පක්ෂක් පිහිටුවිමට අවශ්‍ය කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව ඉදිරි දින කිහිපය තුලදි පක්ෂ නායකත්වය ලබාදිමට රනිල් වික්‍රමසිංහ කටයුතු නොකරන්නෙ නම් නව පක්ෂයක් හරහා පාර්ලිමේන්තුවේ දෙවන විශාලතම පක්ෂය ලෙස අසුන් ගැනිමටත් ඒ හරහා විපක්ෂ නායකත්වය ලබා ගැනිමටත් මේ වනවිට මෙහෙයුම් දියත් කරමින් සිටි.

මේ වනවිටත් නව් පක්ෂය සම්බන්ධයෙන් සහ විපක්ෂ නායකත්වය ලබාගැනීම සදහා කටයුතු කිරිමට විශේෂ කමිටුවක් පත්කර තිබේන අතර නීතිඥ ශීරාල් ලක්තිලක,අසංග මහගමගේ,ක්‍රිෂාන්ත කූරේ, රුවන් ෆර්නැන්ඩස්,තිස්ස අත්තනායක,ඉමිතියාස් බාකීර්,රවී ජයවර්ධන,ලක්ෂමන් ෆොන්සේකා,චමින්ද එදිරිවීර,නිශාන්ත වර්ණසිංහ,යන අය ඇතුලු තවත් පිරිසක් එහි කමිටු සාමාජිකයන් ලෙස පත්කර තිබේ.

තවමත්  රනිල් කියන බොරු …

සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ ව්‍යාපාරය අඩ පණ කළ බවට නගන චෝදනා සහ මූල්‍ය කටයුතු පිළිබඳ නගන චෝදනා තමන් ප‍්‍රතික්ෂේප කරන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ (22) සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පවති මාධ්‍ය හමුවකදී අනාවරණය කළා.

නමුත් ජනාධිපතිවරණ මෙහෙයුමේදී සජිත් ප්‍රේමදාස මැතිවරණ රැස්විම් 151ක් ඇමතිම සහ තවත් කුඩා කණ්ඩායමක් ඔහුගේ සමාජ ජාලා සහ මාධ්‍ය ආයතන සමග පවත්වාගෙන ගිය සබඳතාවයන් මත සජිත්ගේ මැතිවරණ ව්‍යාපාරය සදහා දායක වුවද අඩුම තරමින් රනිල්ගේ සහෝදරයාට අයත් TNL නාලිකාවේ හෝ සජිත්ට ඉඩක් ලබා නොදුන් අතර ඒ වෙනුවට දෛනිකව මඩ ගැසිමේ ව්‍යාපාරය ගෙන ගිය බවද රනිල්ට අමතක වුවද සෑබෑ UNP කාරයන්ට අමතක නැත.

පක්ෂය හරහා මෙහෙයවනු ලැබු සහ මුදල් ලබාදුන්  සජිත්ගේ රූපවාහිනි දැන්විම් සහ සමාජ මාධ්‍ය  සියල්ලම ඉන්දියානු කණ්ඩායමක් විසින් සිදුකල අතර එම ආයතනයේ ප්‍රධානියා 2005 පෙර දෙරණ නාලිකා හිමිකරු දිලිත් ජයවිරගේ  සහ ඉෂිනී වික්‍රමසිංහගේ  Triad ආයතන්ගේ ප්‍රධාන විධායක නිලධාරියාව (CEO)සිටි අයම විම අහබු සිද්ධියක් විය නොහැක.

අනිත් අතට සම්පූර්ණයෙන්ම මැතිවරණ ව්‍යාපාරය පුරාම අවශ්‍ය  මුදල් ලබාදිමට මැතිවරණ ව්‍යාපාරය පක්ෂ හරහා මෙහෙයවනු ලැබු එහි කළමනාකරු ලෙස පත්කර තිබු රනිල්ගේ සමිපතමයෙකු ලෙස සිට එක්වරම සජිත් වෙනුවෙන් පෙනී සිටි මලික් සමරවික්‍රම අසමත්වු  අතර එහි ප්‍රතිපලයක් ලෙස සජිත්ගේ සමාජ විප්ලවය රාජ්‍ය සේවකයන් අතට පත්වන විට ඔහුන් සිය තැපැල් ඡන්දය පවා භාවිතා කර අවසන්ව තිබුනා.

එජාප ඡන්ද දායකයින් නිදිකර ජනපති සටනේ පරාජය පෙන්වු  ඇල්පිටිය 

ජනාධිපතිවරණයේ පලමු ජනතා සංඥාව නිකුත් වුයේ ඇල්පිටියෙනි.ඇල්පිටිය ඡන්දය ජනාධිපතිවරණය කැදවා තිබියදි පැවැත්විමට මැතිවරණ කොමිසමේ සභාපති තනී තිරණයට ගත් තින්දුව පසුපස තිබු බලවත් හස්තය කවුරුන්ද යන්න නොරහසකි.රාජපක්ෂලාගේ අරක්කු විදුරුවට යටවි සිටි මහින්ද දේශප්‍රිය එම තින්දුව බය නැතුවම බත් අතර එයට විරෝධයක් දැක්විමට රනිල් කිසිදු අවස්ථාවක උත්සහ නොකල අතර මැතිවරණ කොමිසමේ අනිකුත් සාමාජිකයන් ඒ සම්බන්ධයෙන් සිය විරෝධය දක්වද්දී තනිවම සභාපතිවරය හමුවු රනිල් වික්‍රමසිංහ මැතිවරණය පැවැත්විමට අවශ්‍ය පාර කාපා දුන්නේය.

ඇල්පිටියේ මැතිවරණය පහසුවෙන් දිනන්නට නොහැකි බව නොරහසකි. නමුත් අවම වශයෙන් සියයට 40 සිමාව එජාපය පසුකරගත යුතුව තිබුනද ගයන්ත කරුණාතිලක වැනි රනිල්ගේ ගෝලයන් මැතිවරණය සමයේ ඇල්පිටිය ප්‍රදේශයේ රැස්විම සංවිධානය කල අකාරය රටේ ජනතාව හොදින්ම දනී.එහි උච්චතම අවස්ථාව් බවට පත්වුයේ ආශූ මාරසිංහ වැනි රනිල්ගේ මහාචාර්යවරුන් 2 දෙදෙනෙකු පමණක් සිටි රැස්විම් ඇමතිමය.ඒ අනුව පරාජයේ පලමු වෙඩිමුරය රනිල් ඇල්පිටියෙන් ආරම් කල අතර එම මැතිවරණය සදහා සිරිකොත හෝ රනිල් ඔය කියන එජාප යාන්ත්‍රනයෙන් සතයක් හෝ වියදම් නොකල බව රනිල් දන්නේද?

ලක්ෂ 5 සාක්කුවේ දමන් බාල් නැටු රනිල්ගේ සංවිධායකයින්…

ඒ ඇල්පිටිය ඡන්දයට උන දේය.මේ ජනාධිපතිවරණ කාල සිමාව තුල සිරිකොත පක්ෂ මුලස්ථානය හරහා ආසන මට්ටමින් සංවිධායිකයින් කිසිදු කළමනාකරණයක් සිදු නොවු අතර ඇතැම් අවස්ථාවල සිරිකොත හරහා ලැබුනු දුරකතන ඇමතුම් හරහා සංවිධායකින්ගෙන් විමසා තිබුනේ “කාර්‍යාල දැම්මා නේ හරී නේ ” යනුවෙන් පමණී.මැතිවරණ කාලය පුරාම රට පුරා මැතිවරණ කාර්යාලය 150ක් වත් පිහිටුවිමට හැකියාවක් නොලැබුනු අතර බහුතරය ආසන සංවිධායකයින් රනිල් වාදින් විම මේ තත්ත්වයට තවත් හේතුවක් වි තිබේ. සිරිකොත පක්ෂ මුලස්ථානය හරහා එක් සංවිධායකයෙකුට රුපියල් ලක්ෂ 5ක් බැගින් බෙදාදුන් අතර  එම මුදලින් සියයට 10ක් වත් සජිත්ගේ වැඩ වෙනුවෙන් වියදම් කල අය සිටියේ අතලොස්සකි.

පැහැදිලිවම ජනාධිපතිවරණය පරාජය කිරිමේ අරමුණින් යුතුව එක්සත් ජාතික පක්ෂ නායකත්වය කටයුතු කලබව UNP කාරයන්ට මෙන්ම රටේ ජනතාවට අමුතුවෙන් කියාදිය යුතු නැත.කටවහගෙන ඉන්න පුලුවන්කම තිබියදි තමන් අගමැති බව වරින් වර කියවිමද පරාජයට මුලිකව හේතු වු කරුණක් බව අමතුවෙන් කිවයුතු නැත. මේ රනිල්ගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂයෙ ඇතැම් කණ්ඩායම් සජිත්ගේ ජනපති සටනට විලංගු දැමු ආකාරය පිළිබඳව කෙටි කරුණු කිහිපයකි.මේ අකාරයේ කරුණු 1000 ගණනක් සාක්ෂි සහිතව  පෙන්වා දිමට අපට හැකියාව ඇත.අවසන් වශයෙන් කිව යුත්තේ මෙපමණකි.එජාපය අලුත් ගමනක් යා යුතුමය ඒ සජිත් සමගය.

Published on: Nov 22, 2019- අභිනව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය අමාත්‍ය මණ්ඩලය පත් කොට තිබෙනවා. ඒ අනුව අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ යටතේ තවත් අමාත්‍යවරුන් 15 දෙනෙකු මේ වන විට එම අමාත්‍ය මණ්ඩලයට ඇතුලත් ව දිවුරුම් දී ඇති අතර අමාත්‍යාංශය බර ගණනක අයිතිය රාජපක්ෂලා සතු කරගෙන තිබේ.

අගමැති මහින්ද රාජපක්ෂ – මුදල් ආර්ථික සහ ප්‍රතිපත්ති,නාගරික සංවර්ධන ජල සම්පාදන සහ නිවාස පහසුකම් සහ බුද්ධ ශාසන

චමල් රාජපක්ෂ – කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන, ආහාර සුරක්ෂිත සහ පාරිභෝගික කටයුතු

ඉතිරි  අමාත්‍යධූර සංඛ්‍යාව පත් වේද නොවන්නේ ද යන්න පිළිබඳව තීරණය තවමත් ගෝඨාභය රාජපක්ෂ ගේ සැළසුම් වල තිබෙන අතරම ප්‍රසිද්ධියට පත් වී නැත.

නව රජයේ අමාත්‍ය මණ්ඩලය කෙරෙහි අවධානය යොමු කිරීමේදි බැලු බැල්මට පෙනෙන කරුණක් වන්නේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ රාජ්‍ය සමය තුළ මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ හා චමල් රාජපක්ෂ යන අමාත්‍යවරුන් යටතේ ද, ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයා යටතේ ද පැවති රටක අත්‍යවශ්‍ය හා වැදගත් විෂය පථයන් සියල්ල අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හා චමල් රාජපක්ෂ යන අමාත්‍යවරුන් අතර බෙදි ගොස් ඇති බවය.

ඒ අනුව මුදල් ආර්ථික සහ ප්‍රතිපත්ති,නාගරික සංවර්ධන ජල සම්පාදන සහ නිවාස පහසුකම් සහ බුද්ධ ශාසන යන අමාත්‍යධූරයන් මහින්ද රාජපක්ෂ යටතද, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන, ආහාර සුරක්ෂිත සහ පාරිභෝගික කටයුතු අමාත්‍යධූර චමල් රාජපක්ෂ යටතද පවරා ඇත.

19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යටතේ ජනාධිපතිවරයාට කිසිදු අමාත්‍යාංශයයක් තමන් යටතේ තබා ගත නොහැකි අතර අමාත්‍යවරුන් පත් නොකරන සියළුම විෂය පථයන් අග්‍රාමත්‍යවරයා යටතට පත් වේ.

නමුත් ගෝඨාභය රාජපක්ෂ සඳහා එම බලතල සීමා කිරීම අදාළ නොවන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හා චමල් රාජපක්ෂ යටතේ තිබෙන සියළුම අමාත්‍යංශ වල ට මැදිහත් වීමේ බලය පවුල හරහා ඔහුට ලැබෙන බැවිනි. ඒ අයුරින් ගත් කළ රටේ සමස්ත පාලනය මේ වන විට රාජපක්ෂ කුටුම්බය තුළ ස්ථාපිත වී ඇති බව පැවසිය හැකිය.

මේ අතර අන්ත ජාතිවාදී ස්වරූපයක සිටිමින් මැතිවරණ සටනට දායක වු දුෂිත විමල් විරවංශ හට ලබාදි ඇත්තේ පසුගිය රජයේ දයා ගමගේට ලබාදි තිබු මෙලෝරහක් නැති කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව හා සංවර්ධන සැපයුම් කළමනාකාර අමාත්‍ය ධුරයයි.

ඉදිකිරිම් ඉංජීනේරු සේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශය තමන්ට ලබාදෙන බව විමල් සිය මැතිවරණ ව්‍යාපාරය තුල දැඩි විශ්වාසයකින් පසුවු අතර ඊට අනුබද්ධිත ආයතන රැසකින් මුදල් ලබා ගැනිමටද විමල් කටයුතු කර තිබේ. (ඊට අදාල සාක්ෂී ඉදිරියේදි ඉදිරිපත් කිරිමට නියමිතයි. )

ජනාධිපතිවරණය අවසන් වි ප්‍රතිඵල පැමිනෙමින් තිබියදි විමල් විරවංශ මහතාගේ බිරිද වන ශෂී වීරවංශ නිවාස සංවර්ධන අධිකාරියට අයත් ආයතනයකින් රුපියල් ලක්ෂ 50ක මුදලක් ලබාගෙන ඇත්තේද විමල්ට ඉදිකිරිම් ඉංජීනේරු සේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශය ලැබෙන බව සදහන් කරමින්‍ ය.

 

Published on: Nov 22, 2019 –රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් මන්ත්‍රීවරුන් 5 දෙනෙකු පමණක් සිටියද පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකත්වය ලබාදීමට කටයුතු කරන බව වත්මන් නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහට පොරොන්දුවක් ලබාදි තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

රනිල් වික්‍රමසිංහ අගමැතිධුරය අතහැරිමට පෙර මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අතර පැවැති සාකච්ඡාවකදි එම පොරොන්දුව මහින්ද ලබාදි තිබේ.

කූප්‍රකට දිනේෂ් වීරක්කොඩිගේ නිවසේ හමුවක්!

දින දෙකකට පෙර ‘රනිල් වික්‍රමසිංහ දේශපාලන චරිතාපදානය’ නැමති පොතක් ලියු අගමැතිගේ නිළනොලත් උපදේශකවරයකු ලෙස කටයුතු කල කූප්‍රකට දිනේෂ් වීරක්කොඩිගේ නිවසේ මෙම සාකච්ඡාව පැවැති අතර එම සාකච්ඡාවට අනුව ජනාධිපතිවරණයේදි සජිත් පරාජය කිරිම සදහා දිර්ඝ කාලින කුමන්ත්‍රණයක් දියත්ව තිබු බවද අනාවරණය වි තිබේ.මහින්ද,ගෝඨාභය සමග දිනේෂ්ගේ නිවසේ පැවැති සාකච්ඡාව සදහා  රනිල් සමග සාගලද එක්ව තිබේ.

විපක්ෂ නායකත්වය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධුර අඩු වුවද එය පවත්වාගෙන යැමට අවශ්‍ය පුර්වාදර්ශ 2015න් පසුව පැවැති පාර්ලිමේන්තුව අවශ්‍ය ප්‍රමාණයට පෙන්වා ඇති බවද මහින්ද පෙන්වා දි තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ පසුපෙල ඇතුලු ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් රැසක් මේ වනවිට විපක්ෂ නායකත්වය සජිත්ට ලබාදිම සදහා කටයුතු කරමින් සිටින බව එහිදි පෙන්වා දි ඇති රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායකත්වය අහිමි වුවහොත් පක්ෂ නායකත්වය පවත්වා ගෙන යැමට අවස්ථාවක් නොලැබෙන බවද රනිල් එහිදි පෙන්වා දි තිබේ.

රුවන්,තුසිත ගැන රනිල්ගේ සහ සාගලගේ අවුල…

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් තමාට එරෙහිව සංවිධානය කිරිම පසුපස මංගල සමරවිරගේ සමීපතමයන් දෙදෙනෙකු වන රුවන් ෆර්නැන්ඩස් සහ තුසිත හල්ඔලුව දෙදෙන සිටින බවද රනිල් එහිදි පවසා තිබේ.සජිත් ජනාධිපති අපේක්ෂකයා දක්වා ගෙන එමත් මේ වනවිට පක්ෂ නායකත්වය සජිත්ට ලබාදිම පසුපස ඇති මෙහෙයුමත් ඔහුන් ඇතුලු කල්ලියක් විසින් මෙහෙයවනු ලබන බවද රනිල් එහිදි පෙන්වා දි තිබේ.

එම සාකච්ඡා සදහා එක්ව සිටි අගමැතිගේ සමීපතම සගයා වන සාගල රත්නායක රුවන් සහ තුසිත ඉවරයක් නොකර රාජපක්ෂලාට දේශපාලනය කිරිමට නොහැකි වනු ඇති බව පෙන්වා දි තිබේ.

කෙසේවෙතත් මහින්ද සහ ගෝඨා රනිල්ගේ සහ සාගලගේ  ප්‍රකාශයන් සම්බන්ධයෙන් පිළිතුරු ලබාදි නොමැති අතර රනිල්ගේ ආරක්ෂාව සදහා තවත් පොලිස් නිළධාරින් 1000ක් අනුයුක්ත කිරිමට කටයුතු කරන බව මහින්ද පොරොන්දු වි තිබේ.

අප දේශපාලන වාර්තාකරු සදහන් කළේ පැය 2කට ආසන්න කාලයක් පැවැති එම සාකච්ඡාවේදි වඩාත් මතුව පෙනුන කාරණය වි ඇත්තේ ජනාධිපතිවරණයේදි සජිත් ප්‍රේමදාස පරාජය කිරිම වෙනුවෙන් පැහැදිලි කුමන්ත්‍රණයක් දියත්ව ඇති බවයි.

Published on: Nov 22, 2019- තම නිල නිවේදන නිකුත් කෙරෙන්නේ ජනාධිපති කාර්යාලයට අනුබද්ධ මාධ්‍ය මගින් හෝ ජනාධිපති නිල සමාජ මාධ්‍ය ඔස්සේ පමණක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (21) සිය නිල සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.මෙම නිවේදනයේ ඇති විශේෂත්වය නම් එම නිවේදනයට අත්සන් තබා ඇති ගෝඨාභය තමන් විධායක ජනපති බව ඇගවිමට ගෙන ඇති උත්සහයයි.

ගෝඨාභය රාජපක්ෂගේ නිල ෆේස් බුක් හා ට්විටර් ගිණුමේ මෙම නිවේදනය භාෂා තුනෙන්ම නිකුත් කර තිබුණේ අද පස්වරු වෙය.

මේ අතර පෙරේදා සිටම හිරූ මාධ්‍ය ජාලයේ හිමිකරු රේනෝ ද සිල්වා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවිමට ගත් උත්සහයන් සියල්ලම අසාර්ථක විම හේතුවෙන් රේනෝ මහත් කනස්සල්ලට පත්ව සිටින බව ඔහුගේ සමීපතමයේකු අප දේශපාලන වාර්තාකරු සමග පවසා තිබේ.ජනාධිපති මැතිවරණ සටන් පුරාම හීරූ මාධ්‍ය ජාලය රාජපක්ෂලා වෙනුවෙන් රෙදි නැතුව කඩේ ගිය නාලිකාවක් වුවද එම කාලය තුලදි දැක්වු යන්තම් සැලකිල්ලද මේ වනවිට රාජපක්ෂලාගෙන් නොලැබෙන බවයි වාර්තා වන්නේ.

මැතිවරණ සමයේ හිරූ ,දෙරණ නාලිකාව පවා අබිබවා යමින් සිය ප්‍රචාරක කටයුතු රාජපක්ෂලා වෙනුවෙන් ඉටුකල අතර ඊට ප්‍රධානතම හේතුව වි තිබුනේ දැනට මරණ දඩුවම ලබා සිටින රේනෝගේ සහෝදර දුමින්ද සිල්ව නිදහස් කර ගැනිම බව නොරහසකි.

මේ වනවිට දුමින්ද වෙනුවෙන් යුක්තිය ඉල්ලා මුදල් ගෙවා ලබාගත් පිරිසක් යොදවා විරෝධතා ආරම්භ කිරිමට කටයුතු කරමින් සිටින අතර පසුගිය කාලයේ කඩේ යැමට යොදවා ගත් හාමුදුරුවන් වහන්සේලා කිහිප දෙනෙකුටද ආරාධනාකර තිබේ.

Published on: Nov 21, 2019 – විපක්ෂනායකවරයා ලෙස සජිත් ප්‍රේමදාස නම් කරන්නැයි ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 45 දෙනෙකුගේ අත්සනින් යුත් ලිපියක් කතානායකවරයාට බාරදුන් අතර රනිල් වික්‍රමසිංහ කතානායකවරයාට දිගින් දිගටම බලපෑම් කරමින් එම ඉල්ලිම ඉවත දමන ලෙස නියෝග කර තිබේ.

මේ අතර හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ විපක්ෂනායකවරයා ලෙස පත්කරන්නැයි ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් විසින් කතානායක කරු ජයසුරිය ට ලිපියක් බාර දී තිබේ.

පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂයේ නායකයා තෝරා ගැනීම පිළිබඳව මතුවී තිබෙන ගැටළු සහගත තත්ත්වය පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විෂය පථයට අයත් නොවන බැවින් එය එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම තුළ විසඳා ගත යුතු අභ්‍යන්තර කරුණක් බව කතානායක කරු ජයසූරිය සදහන් කර තිබේ.

අද පෙරවරුවේ පක්ෂ නායකයන්ගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී කතානායකවරයා මේ බව ප්‍රකාශ කල බවයි අප පාර්ලිමේන්තු දේශපාලන වාර්තාකරු සදහන් කලේ.

පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව විරුද්ධ පාර්ශ්වයේ නායකයා පිළිගනු ලබන්නේ පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශ්වයේ බහුතර මන්ත්‍රීවරයන් පිරිසක් සිටින දේශපාලන පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායකයා බවද කතානායකවරයා එහිදී සඳහන් කළේය.

එමෙන්ම එම දේශපාලන පක්ෂයේ මහ ලේකම්වරයා විසින් කතානායකවරයා වෙත ඒ බව ලිඛිතව දැන්වීමක් කිරීම පක්ෂ මහ ලේකම්වරයාගේ යුතුකමක් බවත් කතානායකවරයා විසින් කාරක සභාවට දන්වා සිටියේය.

සජිත් ප්‍රේමදාස විරුද්ධ පක්ෂයේ නායකයා ලෙස පත් කරන ලෙස ඉල්ලමින් මන්ත්‍රීවරුන් විසින් අත්සන් කළ ලිපියක් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා විසින් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී භාර දුන් අවස්ථාවේදී මෙම කරුණු කතානායකවරයා විසින් සඳහන් කළේය.

ඒ සමගම එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී, අකිල විරාජ් කාරියවසම් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ විරුද්ධ පාර්ශ්වයේ නායකයා ලෙස නම් කරමින් එවන ලද ලිපියක් කතානායකවරයා විසින් කාරක සභාවට ඉදිරිපත් කර තිබේ.

මහින්ද රනිල්ට දුන් පොරොන්දුව…..

රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් මන්ත්‍රීවරුන් 5 දෙනෙකු පමණක් සිටියද පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකත්වය ලබාදීමට කටයුතු කරන බව වත්මන් නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහට පොරොන්දුවක් ලබාදි තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

රනිල් වික්‍රමසිංහ අගමැතිධුරය අතහැරිමට පෙර මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අතර පැවැති සාකච්ඡාවකදි එම පොරොන්දුව මහින්ද ලබාදි ඇති බවද මේ වනවිට අනාවරණය වි තිබේ. ඒ සදහා 2015න් පසුව පැවැති පාර්ලිමේන්තුව අවශ්‍ය ප්‍රමාණයට පුර්වාදර්ශ පෙන්වා ඇති  බවද මහින්ද පෙන්වා දි තිබේ. (කොළඹ පැවැති එම සාකච්ඡාව සම්බන්ධයෙන් කරුණු රැසක් බලාපොරොත්තු වන්න )

සජිත් විපක්ෂ නායකයා කරන්න මන්ත්‍රීවරු 45දෙනෙක් අත්සන් කරපු ලියුම කතානායකට….

Top