නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයේ වැඩ භාර ගෙන පැය 48 ක් යාමටද පෙර සිය සුපුරුදු රාජපක්ෂ ක්‍රියාපිළිවෙත අනුගමනය කොට තිබෙනවා.

ඒ අවුරුදු 4 ක් පුරා මෙරටේ ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවති අධිකරණ ස්වාධීනත්වය සම්පූර්ණයෙන් විධායක බලතල වලට යටත් කරමිනි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නීතියේ නැමිල්ල මීට ටික වේලාවකට පෙර බස්නාහිර පළාත් ස්ථීර මහාධිකරණයේදි කරලිය ට පැමිණි අතර ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රජයට අයත් රුපියල් තුන්කෝටි 39 ලක්ෂයක මුදලක් භාවිතා කිරීම ඇතුළු අධිචෝදනාවලින් හිටපු ආරක්ෂක ලේකම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  නිදහස් කිරීමට බස්නාහිර පළාත් බද ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කළා.

මීට අමතරව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට පනවා තිබූ විදේශ ගමන් තහනමද ඉවත් කර ඇති අතර අධිකරණය භාරයේ තිබු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ විදේශ ගමන් බලපත්‍රය නිදහස් කිරීමටද අධිකරණය උපදෙස් ලබා දී තිබෙනවා.

එසේම මෙම නඩුව දි ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් සිටි සියලුම ඇපකරුවන් නිදහස් කරන ලෙසද අධිකරණයේ තැන්පත් කොට තිබු ඇප මුදල් මුදා හරින ලෙසද අධිකරණය නියෝග කොට තිබෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 25 (1) ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට එරෙහිව සිවිල් හෝ අපරාධ නඩුවක් ගොනු කිරීමේ හෝ පවත්වාගෙන යාමේ නීතිමය හැකියාවක් නොමැති බැවින් විත්තිකරු එම චෝදනා වලින් නිදහස් කරන බවයි අධිකරණය ප්‍රකාශ කොට ඇත්තේ.

මේ හරහා පෙනි යන්නේ අධිකරණය ගෝඨාභය ජනාධිපතිවරයා නිදහස් කරන්න්නේ ඔහු ජනතා මුදල් අවභාවිත නොකිරීම නිසා නොව ඔහු ජනාධිපති වීම නිසා නඩු පවරන්න හැකියාවක් අධිකරණය ට නොතිබීම හේතුවෙනි.

මෙම අනුව ගෝඨාභය රාජපක්ෂ රටේ සියලුම ප්‍රශ්න වලට පෙර තම ජාමේ බේරා ගෙන ඇති අතර 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාගෙන් ඉවත් කොට ඇති බලතල පවා නැවතත් තමා වෙත ලබා ගනිමින් පවතින බව වටහා ගත හැකිය.

Published on: Nov 20, 2019- මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදෙන් බව පවසමින් රටේ ජනතාව මුළාකරමින් සියලුම වැරදි එජාපය මත පටවා ගෝඨා සමග මේ වනවිට ගන්න හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තමන් ඉවත්ව යෑමට පැය 5කට කලින් තමන් විසින් වන්දිභට්ටකම් කිරිම සදහා පත්කර ගත් ආණ්ඩුකාරවරුන් සදහා මත්පැන් බලපත්‍ර ලබාදිමට කටයුතු කර තිබේන බව මේ වනවිට අනාවරණය වි තිබේ.

ගෝඨාභය දිවුරුම් දිමත් සමග ආණ්ඩුකාර ධුර සදහා හමුදා ප්‍රධානින් පත්කිරිමට සුදානම් බැවින් දැනට සිටින ආණ්ඩුකාර වරුන්ට මෙම විශේෂ බලපත්‍ර ලබාදිමට කටයුතු කර තිබේන බවයි වාර්තා වන්නේ.

ඇතැම් ආණ්ඩුකාරවරුන් තමන්ගේ අතට බලපත්‍රයට අදාළ ලිපි ලේඛන ලැබෙනතුරු මේ සම්බන්ධයෙන් දැනුවත්ව සිට නොමැති අතර එම මෙහෙයුම පසුපස  බස්නාහිර ආණ්ඩුකාර A.J.M.මුසාමිල් සිටින බවද මේ වනවිට අනාවරණය වි තිබේ.කෙසේවෙතත් ආණ්ඩුකාරවරුන් කිහිප දෙනෙකු එම බලපත්‍ර දැඩි ලෙස විවේචනය කර තිබේ.

Published on: Nov 20, 2019 – රනිල් වික‍්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් සහ විපක්ෂනායක ධුරයෙන් ඉවත් නොවුණහොත් සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් ඉදිරියේදී නව දේශපාලන පක්ෂයක් නිර්මාණය කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී හරීන් ප‍්‍රනාන්දු කොළඹදී කියා සිටියා.

එක්සත් ජාතික පක්ෂයට සහ විපක්ෂනායක දුරයට වඩාත්ම සුදුසු පුද්ගලයා සජිත් ප්‍රේමදාස බවයි කොළඹ කැප්පිටිපොළ මාවතේ පිහිටි හරීන් ප‍්‍රනාන්දුගේ නිල නිවසේදී අද (20) මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු සදහන් කලේ.

පක්ෂයේ ජයග‍්‍රහණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය මෙන්ම තවත් තනතුරු රැසක වෙනස්විම් සිදුවිය යුතු බවත් හරීන් ප‍්‍රනාන්දු එහිදි වැඩිදුරටත් පැවසීය.

එසේ නොමැතිව තවදුරටත් එක්සත් ජාතික පක්ෂයෙන් දේශපාලනය කිරිමට සජිත් ප්‍රේමදාස ඇතුළු පිරිසක් සූදානම් නොමැති බවත් ඔහු කියා සිටියේය.

බණ්ඩාරනායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිර්මාණය කර ජයග‍්‍රහණය කරා මෙහෙයවූවා සේම මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාණය කර ජයග‍්‍රහණය කරා මෙහෙයවූවා සේම එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ සහ තනතුරුවල වෙනසක් සිදු නොවුනහොත් සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් ඉදිරියේදී නව දේශපාලන පක්ෂයක් නිර්මාණය කර එය ජයග‍්‍රහණය කරා මෙහෙයවන බවත් ඔහු සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයේ චෝදනා එල්ල නොවූ පිරිසිදු දක්ෂ කණ්ඩායමක් සජිත් ප්‍රේමදාස සමඟ ගමනක් යෑමේ සූදානමින් සිටින බවත් හරීන් ප‍්‍රනාන්දු වැඩිදුරටත් පැවැසීය.

Published on: Nov 20, 2019 – කැබිනට් ඇමැතිවරුන් හමුවීමෙන් පසුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා අස්වී ආණ්ඩුව භාර දීමට නියමිතයි.ඒ අනුව අද (20) සවස 04 ට මෙම හමුව සිදුවන බවත් ඉන් පසුව අගමැති ඇළු ආණ්ඩුව ඉල්ලා අස්වන බවයි ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨයෙකු අප දේශපාලන වාර්තාකරු සමග සදහන් කළේ.

සජිත් ප්‍රේමදාස මහතා පරාජය කිරිමට ඉහල දායකත්ව සැපයු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ දිගටම අගමැති ධුරයේ රැදි සිටිමින් පක්ෂයේ නායකත්වයද දැරිමට උත්සහ ගත් අතර පසුව පසුපෙල මන්ත්‍රීවරුන්ගෙන් සහ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් දිගින් දිගටම අමාත්‍ය ධුර අත්හැරිම මෙන්ම අගමැතිධුරය තබා ගැනිම සම්බන්ධයෙන් විරෝධය පලකිරිම හේතුවෙන් මෙම තින්දුව ගෙන තිබේ.

කතානායකවරයා විසින් නිකුත් කර තිබු ලිපියට අදාළව එජාප මන්ත්‍රීවරුන් සිය අදහස පලකර තිබුනා.

අජිත් පෙරේරා මන්ත්‍රීවරයා තබා තිබු සටහන …

“ව්‍යවස්ථාව අනුව භාරකාර අන්ඩුවක් දැන් පත්කල නොහැකිය .භාරකාර ආන්ඩුවක් පත්කරගත හැක්කේ පාර්ලිමේන්තු මැතිවරණයක් ප්‍රකාශයට පත්කිරීමෙන් පසුව පමණි .. නව ජනාධිපතිට ,පාර්ලිමේන්තුවේ ඉතිරි ධුරකාලයට (2020 අගොස්තු දක්වා )නව SLPP ආන්ඩුවක් පත්කර ගැනීමට ඉඩ දීයයුතුය. අපි විපක්ෂයට යාමට සුදානම් . ජනතාව වෙනුවෙන් විපක්ෂයේ කාර්‍යය භාරය ඉටුකිරීමට අපි සුදානම් . ඉන්පසුව මැතිවරණය පිළිබඳව බලමු .”

මේ අතර දේශපාලනයට සමුදිමට ගෙන තිබු තින්දුව වෙනස්කල සජිත් ප්‍රේමදාස යලිත් සක්‍රිය දේශපාලන ප්‍රවාහයට ඇතුල්ව තිබේන අතර අද දිනය තුල ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡා කිහිපයක්ද පැවැත්විමට සජිත් සුදානමින් සිටි.ඒ අනුව පක්ෂ නායකත්වය සියත ගැනිමත් ඒ හරහා යලිත් පක්ෂය ශක්තිමත් කිරිමට මෙන්ම එක්සත් ජාතික පක්ෂය එදා මෙන්ම ශ්‍රි ලාංකික සියලු ජාතින්ට සහ ආගම් වලට සලකන පක්ෂයක් බවට ජනතාව් තුල විශ්වාසනීත්වයක් ඇති කිරිම ප්‍රමුඛ කොටගෙන කටයුතු කිරිමට නියමිතයි.

‘බොරළුගොඩ’පවුලට රාජ්‍ය නායකත්වය අකැපද?

මේ අතර නව අග්‍රාමාත්‍ය ධුරය සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධනගේ නම මේ වනවිට ප්‍රකාශ කර තිබේ.කෙසේවෙතත් එම යෝජනාවට රාජපක්ෂ කදවුරේ බහුතරයකගේ දැඩි අප්‍රසාදය එල්ල වි තිබේන බව දැනගන්නට තිබේ.නාමල් රාජපක්ෂ දිනේෂ් ගුණවර්ධන අගමැතිවරයා ලෙස පත්කිරිමට ගෝඨා ගෙන ඇති තින්දුව හේතුවෙන් මෙම අර්බුද තවත් උග්‍ර අතට හැරි තිබේ.

පසුව  ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් සිදුව ඇති අතර එහිදි දිනේෂ් අගමැතිකම භාර ගැනිමට ඇති සිය අකමැත්ත එහිදි පලකර තිබේ.අගමැති විමේ සිහින දකිම්න් සිටින මහින්ද ඊයේ රාත්‍රියේ දිනේෂ් ගුණවර්ධන හමුවි ඇති අතර එම හමුව මෙම අකමැත්ත පලවිමට හේතුව බවයි  අප කොළඹ දේශපාලන වාර්තාකරු සදහන් කළේ.

 

 

Published on: Nov 20, 2019- බුද්ධි අංශ භාවිතා කරමින් රාජපක්ෂලා සහ ආණ්ඩුව ආරක්ෂා කර ගැනිම සදහා බුද්ධි අංශ සියල්ලම තම අතට ගැනිමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ වනවිට කටයුතු කර තිබේ.ඒ අනුව ඒ අනුව ගෝඨා ආරක්ෂක ලේකම්ව සිටි කාලයේ සිට සියලු ජඩකම්, මැරකම් මෙහෙයවූ කපිල හෙන්ද්‍රාවිතාරණ ජාතික බුද්ධි අංශ ප්‍රධානී ලෙස පත්කරගෙන තිබේ. ඊට අමතරව ඔහු යටතේ රහස් බුද්ධි සේවයක් (Secret Intelligence Service) වෙනම ස්ථාපනය කර තිබේන අතර එය GRM ලෙස නමකර තිබේන බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළා.

එම විශේෂ එකකය අප  Oct 19, 2019 අනාවරණය කල කොළඹ නුගේගොඩ ප්‍රදේශයේ දියත් වන ආරක්ෂක නිවෙස්නයේ සිට ක්‍රියාත්මක වෙමින් තිබේ.

මේ අතර යුද හමුදා බුද්ධි අංශ ප්‍රධානියා කුමන්ත්‍රණකරුවෙක් ප්‍රසිද්ධියක් උසුලන බොදු බල සේනාව ඇතුළු මේරට ජාතිවාදී සංවිධාන රැසක්ම මෙහෙයවු මැලේ මුස්ලිම් ජාතික කර්නල් සුරේෂ් සැලේ ජාතික බුද්ධි ප්‍රධානී ලෙස පත්කර තිබේ.

දුරකතන ටැප් කිරිම යලි ඇරඹෙයි…

කොළඹ නාවික හමුදා මුලස්ථානයේ දුරකතන ටැප් (Telephone tapping ) කිරිම ස්ථාපනය කිරිමට ඊයේ දිනය තුල කටයුතු කර තිබේන අතර දුරකථනයට සවන්දිමට අමතරව අදාළ දුරකතන වලට ලැබෙන SMS,E-mail, සහ ස්ථානයන් පෙන්විම Location, trace කිරිමට එයින් හැකියාව තිබේ.

පසුගිය රාජපක්ෂ රජය සමයේ ආරක්ෂාව වෙනුවෙන් ගෙන්වන ලද අදාල උපකරණ විශේෂ එකකයක් ලෙස වෙනම රහසේම ස්ථාපනය කර තිබු අතර 2015 ජනතාවාදි ආණ්ඩුව තුල ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් සොයා බැලිමට පමණක් මෙම එකකය භාවිතා කල අතර එය නීත්‍යනුකූලවම පිහිටුවා තිබිමද විශේෂත්වයක්.

ගෝඨාගේ හමුදා ආණ්ඩුව….

මේ අතර අප කලින් අනාවරණය කල පරිදිම රටපුරාම ආණ්ඩුකාර ධුරයන් සදහා තරුණයින් ඇතුළු 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය ඇතුලු මිනී මැරීම, ඒ සඳහා අධාර අනුබලදීම ඇතුළු අධිචෝදනා 678 ක් යටතේ නීතිපතිවරයා නඩු පවරා තිබේන හිටපු හමුදා ප්‍රධානින් පත්කර තිබේ.

ඒ අනුව හිටපු නාවික හමුදාපති රියර් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ බස්නාහිර ආණ්ඩුකාර ලෙස,උතුරේ ආණ්ඩුකාරයා ලෙස කර්නල් රත්නප්‍රිය බන්දු නැගෙනහිර ආණ්ඩුකාර ලෙස අද්මිරාල් සරත් විරසේකර සහ වයඹට ජෙනරාල් දයා රත්නායක පත්කිරිමට නියමිතයි.

මේ අතර පළාත් සභා ක්‍රමය අහෝසී කරන තුරු පළාත් සභා මැතිවරණය නොපවත්වා සිටිමට මේ වනවිටත් ගෝඨාභය තින්දුකර තිබේන බවද වාර්තා වේ.

http://lankanewsnetwork.org/archives/21027

 

 

Published on: Nov 18, 2019- රාජපක්ෂ පාලනයේ පළමු දෙදරිම මේ වනවිට ආරම්භ වි තිබේනවා.ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දිමත් සමගම සිය අයියාගෙන් අහන්න අයියාගෙන් අහන්න් යනුවෙන් තැන තැන කිසිවක් නොකියා හොරෙකු මෙන් සගවා ගෙන සිටි තමන්ගේ බල කෑදරකම ගෝඨාභය රාජපක්ෂ කරලියට ගෙන ආවේ ආරක්ෂක ලේකම්වරයෙකු පත්කිරිම හරහාය.

දිවුරුම් දුන් සැනින් ආරක්ෂක ලේකම්වරයා ලෙස අතේ පැලවෙන් බොරු සහිත පොතක් ලියු, Royal Institute පාසලෙ දරුවන්ට අමානුෂික අන්දමින් වධහිංසනයට ලක්කල විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න පත්කිරිමය.එම පත්කිරිම සිදුකරන බව අප 2019 ඔක්තෝබර් 21 දින (Oct 21, 2019) අනාවරණය කල අතර එය පහතින් කියවිමට හැක.(ගෝඨාගේ ආරක්ෂක ලේකම් කමල් ද බොනිෆස් ද? දිනන්න කලින්ම තනතුරු ගැටුම ඇරඹේ……. ආණ්ඩුකාරවරුන් වන්නේත් මිලිටරි නිලධාරින්ලු…)

19 වෙනි සංශෝධනය අනුව ජනාධිපතිවරයාට ආරක්ෂක අමාත්‍යංශය තම යටතට ගැනිමට නොහැකි වන අතර ආරක්ෂක අමාත්‍යංශය නව ජනාධිපතිවරයා පත් වීම සමඟ පාර්ලිමේන්තුව යටතට පත්වෙනු ඇත.

ඒ නිසාම ආරක්ෂක අමාත්‍යාංශය තමන්ගේ යටතෙ පවත්වාගෙන් යැමට අග්‍රාමාත්‍යවරයා ලෙස පත්විමට සිටින මහින්ද රාජපක්ෂ තීරණය කර තිබු අතර ඒ සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ සිය මතය ජනාධිපතිවරණයට ගෝඨාභය ඉදිරිපත් කරන විටත් ප්‍රකාශ කර තිබුනා.ඒ අනුව සිවිල් රාජ්‍ය සේවයේ ජ්‍යෙෂ්ඨ අයෙකු ආරක්ෂක ලේකම්වරයා ලෙස පත්කිරිමට මහින්ද සුදානමින්ද සිටියා.

දෙමළ ජාතික සන්ධානය, සුළු ජාතික පක්ෂ ඇතුලු අනෙකුත් දේශපාලන පක්ෂ සමග සුහදව කටයුතු කල හැකි අයෙකු ආරක්ෂක ලේකම් ලෙස පත්විය යුතුය යන මතය මහින්ද තරයේම අවධාරණය කර තිබේන අතර ඔහු එහිදි පෙන්වා දි තිබුනේ පාර්ලිමේන්තුවේ බහුතරය ආරක්ෂක කර ගැනිම සදහා එය වැදගත් වනු ඇති බවයි.

කෙසේවෙතත් අප දේශපාලන වාර්තාකරු සදහන් කළේ ආරක්ෂ ලේකම් ධුරය නාහයට අහන්නෙ නැති අමනයෙකු අතට පත්විම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ සිය අකමැත්ත තරයේම ප්‍රකාශ කර ඇති බවයි.

මේ අතර ජනාධිපති ලේකම්වරයා ලෙස ආචාර්ය පී.බී.ජයසුන්දර මහතාද, සහ මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා ලෙස ආචාර්ය එස්.ආර්. ආටිගල මහතාද පත්වීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මෙම පත්කිරීම් හෙට(19) සිදුකිරීමට නියමිතයි.

http://lankanewsnetwork.org/archives/21043

http://lankanewsnetwork.org/archives/19538

Published on: Nov 18, 2019-එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ මහින්ද රාජපක්ෂ අතර ඊයේ අවස්ථා කිහිපයකදි සාකච්ඡා සිදුව තිබෙන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

පාර්ලිමේන්තුව විසුරුවන තෙක් අගමැති කම තමන් සතුව තබා ගැනිම් සදහා රනිල් වික්‍රමසිංහ යෝජනා කර තිබේන අතර මහින්ද රාජපක්ෂද එයට මේ දක්වා කැමත්ත පලකර තිබේ.එ සදහා සාගල රත්නායක ඇතුලු මන්ත්‍රීවරුන් 11 දෙනෙකුගේ සහය ශ්‍රි ලංකා පොදුජන පෙරමුණට ලබාදිමට එකඟතාව පලකර තිබේ.

මහින්ද රාජපක්ෂද අගමැතිකම ලබානොගෙන සිටිමට කැමත්ත පලකර තිබේන අතර කතානායක ලෙස කරු ජයසුරිය තවදුරටත් තබා ගැනිමටද එම සාකච්ඡාවලදි එකගතාව පලවි තිබේ.

මහින්ද රාජපක්ෂද පාර්ලිමේන්තුව විසුරුවන තෙක් ආණ්ඩුව පවත්වාගෙන යැමට කැමත්ත පලකර ඇත්තෙ එම කාලය තුල ගෝඨාභය රාජපක්ෂ ගන්නා තින්දු හරහා ඇතිවන අප්‍රසාදය එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ කණ්ඩායම වෙත පටවා ජනතාව තුල අප්‍රසාදයට ලක්කර මහමැතිවරණයේදි අන්ත් පරාජයක් අත්කර දිමට බවයි පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු අප දේශපාලන වාර්තාකරු සමග සදහන් කර ඇත්තේ.

මේ අතර පක්ෂ නායකත්වයෙන් ඉවත්වි සජිත් ප්‍රේමදාස මහතාට ලබාදෙන ලෙස ඉල්ලිම් සිරිකොත පක්ෂ මුලස්ථානයට මෙන්ම අරලියගහ මන්දිරයට ගලා එන බවද ඔහු සදහන් කර ඇත්තේ.

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මීළඟට පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය පිළිබඳව කථානායකතුමන් සහ පක්‍ෂ නායකයින් සමග ද, ආණ්ඩු පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග ද, සාකච්ඡා කොට තීරණය කිරීමට බලාපොරොත්තු වන බව සදහන් කර තිබේ.

මේ අතර අද පැවැත්වෙන ආණ්ඩු පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රැස්විමේදි මෙම යෝජනාව ඉදිරිපත් කිරිමට රනිල් සුදානමින් සිටින අතර එයට මේ වනවිටත් දැඩි විරෝධය එල්ල වෙමින් තිබේ.ආණ්ඩුවෙන් ඉවත් වි විපක්ෂ නායකත්වය සජිත් ප්‍රේමදාසට ලබාදීමට පියවර ගතයුතු බවයි එම කණ්ඩායමේ අදහස වි ඇත්තේ.

Published on: Nov 17, 2019 2019 ජනාධිපතිවරණයේ සමස්ථ ජයග්‍රහණය මේ වන විට තවත් ඒකාධිපතියෙකු සතුවි අවසානය. රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරනම් ප්‍රජාතන්ත්‍රවාදය අගයන සුළුතරයේ බලාපොරොත්තුවට තවත් විරාමයක් වැටි තිබේ. තනි මිනිහෙක් ලෙස සජිත් මේ දක්වා ලබා ගත් ජයග්‍රහණය අපි අගය කරන අතරම මෙම පරාජයේ සම්පූර්ණ වගකීම එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් භාර ගත යුතු බව අපි නොබියව ප්‍රකාශ කරමු.

2015 ජනවාරි 08 වෙනිදා ආණ්ඩු බලය ලබා ගැනීමෙන් පසුව දූෂිතයන්, ජනතා මුදල් අවභාවිතා කරන්නන්, මිනීමරුවන් බව දැන දැනම රාජපක්ෂලා සමඟ ඩීල් දමා මහින්ද රාජපක්ෂව, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, විමල් වීරවංශ,  උදය ගම්මන්පිල වැන්නන් නීතියේ රැහැනෙන් රිංගා යවමින් රටේ නීතියේ ආධිපතයට රනිල් වික්‍රමසිංහ කළ අපරාධයට මේ වන විට ප්‍රති විපාක ලැබෙමින් පවති.

එම ප්‍රතිවිපාකයේ පළමු පියවර ලෙස රනිල් වික්‍රමසිංහ අන්ධ ලෙස ඔක්තෝබර් 26 වෙනිදා කුමන්ත්‍රණයට හසුවෙද්දි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ජනතාව ඔහු වෙනුවෙන් නැගි සිටිය බව අමතක කළ යුතු නැත. එම අවස්ථාවේදී දුරකතන ඇමතුම් 100 ක් පමණ ලබා දෙමින් රටේ අගමැතිධූරය භාර ගන්නා ලෙස ජනාධිපතිවරයා ඇරයුම් කරද්දි ද ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් තනතුරට පයින් ගැසු සජිත් ප්‍රේමදාස ට ජනාධිපති අපේක්ෂකකම ලබා නොදි කකුලෙන් ඇද්දේද රනිල් වික්‍රමසිංහ බව අමතක නොකළ යුතුය.

අවසන් මොහොත දක්වා හැකි හැමවිදියෙන්ම සජිත් ප්‍රේමදාස අධෛර්‍ය කිරීමට ප්ලෑන් කළ රනිල් වික්‍රමසිංහ අවබෝධ කර ගත යුත්තේ පාස්කු ප්‍රහාරය පවා සිදු තිබු අවස්ථාවකදි පක්ෂය වෙනුවෙන්, රට වෙනුවෙන්,  ජනාධිපති අපේක්ෂකධූරය පවා භාර ගැනීමට පසුබට නොවු සජිත් ප්‍රේමදාස වෙනුවෙන් පක්ෂය  සිය යුතුකම් කොටස මග හැරිය බවය.

අඩුම තරමේ තැපැල් ඡන්දයට දින කිහිපයකට පෙර හෝ නිකුත් කිරීමට සජිත් ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පවා සදා ගැනීමට ඉඩ නොදි පක්ෂය කකුලෙන් ඇද්ද බව ප්‍රකාශ කළයුතුමය. ප්‍රධාන වශයෙන් රනිල්ගේ ප්‍රධානත්වයෙන් අකිල, සාගල, මෙහෙයවීමෙන් සජිත් මෙම් ජනාධිපති සටන තුළ හුදකලා කළ අතර ඔහුගේ සහයට සිටියේ පක්ෂය විනාශ නොවි රැක ගත යුතු බවට තවමත් තීරණය කොට සටන් කරන එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ පමණි.

මෙහිදි පැවසිය යුතු ප්‍රධාන ම කාරණය වන්නේ නායකයෙක් විදියට රනිල් වික්‍රමසිංහ ෆේල් බවය. රනිල් ගේ අසමත්කම දැන රට දැන සිටියද මෙම මැතිවරණ ප්‍රතිඵලය ඔප්පු කොට ඇත්තේ රනිල් විසින් එක්සත් ජාතික පක්ෂයට තිබුණා යැයි කියන ඡන්ද පදනම සුණු විසුණු කොට ඇති බවය.

උතුරු නැගෙනහිර හැරුණු කොට රටේ අනෙකුත් සියළුම ප්‍රදේශ වල එක්සත් ජාතික පක්ෂ ය 30% ඉක්මවා යාම රනිල් ගේ අසමත් බව පෙන්වන අතරම හංසයාට ලැබුණු ඡන්ද රනිල් වෙනුවෙන් ලැබුණු ඒවා නොව රැයක් දවාලක් නොමැතිව මේ රටේ අස්සක් මුල්ලක් නෑර ජනතාවට සේවය කරමින් සජිත් උපයා ගත් පාක්ෂික මනාපය බව කිව යුතුමය.  ඒ අනුව වසර ගණනාවක් පක්ෂයේ නායකයා ලෙස ඉදිමින් එක ඡන්දයක් හෝ පක්ෂයට රනිල් වික්‍රමසිංහ උපයා නැති බව නම්පැහැදිළිය

ඊයේ රාත්‍රියේ ඡන්ද පෙට්ටි විවෘත කිරීමට පෙර රනිල් වික්‍රමසිංහ විසින් පක්ෂ නායක රැස්වීමක් කැදවූ අතර නායකයන් එයට සහභාගි වීමට අකමැත්ත පල කළ ද පක්ෂ නායකයන්ට බල කිරීමට රනිල් කටයුතු කළා. එහිදි ඔහු තීරණ දෙදක් ලබා දී ඇති අතර පළමු වැන්න සජිත් දින්නොත් අගමැතිකම රනිල්ටම ලබා දෙන බව හා සජිත් පරාජය වුවහොත් උදෑසන වන විට සියළු ක්‍රියාකාරකම් නවත්වන ලෙසය. එහිදි අමාත්‍ය පාඨලි චම්පික රනිල් ගේ කුහක මතයට විරුද්ධ වි ඇති අතර පවසා ඇත්තේ ඡන්ද පෙට්ටි විවෘත කිරීමට පවා ආරම්භ කොට නැති මොහොතක රනිල් ගේ මේ ව්‍යායම පිළිකුල් සහගත බවයි. මුළු රැස්වීම ම විනාඩි 8 යි තත්පර 32 කට සීම කිරීමට පක්ෂ නායකයින් කටයුතු කොට රනිල් ගේ මූණටම නැගිට ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අනෙක් අතට මේ ජනාධිපතිවරණයෙදි ගෝඨාභය රාජපක්ෂ වැනි නරුම පාලකයෙකුට එරෙහි සටනේදි කඩාකප්පල් කාරි ක්‍රියාව කළේ අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණයි. රනිල් ගෙන් මුදල් අරගෙන ඔවුන් රනිල් මහින්ද සුසංයෝගයෙන් ගැසු ප්‍රජාතන්ත්‍රවාදීවාදයේ විනාශ කුමන්ත්‍රණයට ඌණ පුර්ණය කොට ඇත. පරාජය උරුම බව දැන දැන පොදු සතුරා පරජය කිරීම වෙනුවට තමන්ගේ සිගිති ආතල් ලෝක තුළ ජීවත් වෙමින් මේ රටේ ජනතාවට මර බිය ඇති කිරීමට ඔවුන් කළ ක්‍රියාවට ප්‍රතිවීපාක ලැබෙනු ඇත.

දැන් සියල්ල සිදු වී අවසන් ය. නමුත් ඉහිරුණු කිරිට නොහඩන මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කැප වුණ ජනතාව ෆීනිස්ක් පක්ෂියා සේ නැගිටිමින් ඇත. ඒ වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය නව නායකයෙකු යටතේ නව ගමනක් ආරම්භ කළ යුතු බව ඔවුන්ගේ අදහස වී ඇති අතර සජිත් ප්‍රේමදාස ගේ නව ජවය හරහා නව ගමන් මාර්ගයක් තනා ගැනීමට මේ වන විට කටයුතු කරමින් පවති.

තවත් මාස ගණනකින් රටේ මහා ඡන්දය එනු ඇත. ඒ වන විට බොහෝ දෙනෙකුට තමන්ගේ කතිරය තුළ සැඟවුණු විනාශය, මරණය, භීෂණයි හදුනා ගත හැකි වනු ඇත, ඒ වෙද්දි විනාශ වන ඒ ජන සමාජයට අවශ්‍ය ජීවනාලිය වීමට එක්සත් ජාතික පක්ෂය සූදානම් කළ යුතුය.

එසේනම් ඒ සඳහා රනිල් වික්‍රමසිංහ කියන පිලලය එජාපයෙන් අතුගා දැමිය යුතුය. එහෙත් හාමුකමෙන් ඔලුව උදුමවා සිට්න රනිල් වික්‍රමසිංහ ඉවත්ව නොයන්නේ නම් බලෙන් හෝ ඔහුව ඉවත් කිරීමට සුදානම් විය යුතුය. ඒ වෙනුවෙන් මෙතක් පක්ෂය වෙනුවෙන් පක්ෂයේ නව වෙනසක් වෙනුවෙන් වෙනුවෙන් කැප වුණ එක්සත් ජාතික පක්ෂයේ තරුණ නායකත්වය හා තරුණ ජවය සූදානම් ය. කිසිදා වෙනස් නොවන අලියා සලකුනෙන් ජවසම්පන්න නව ලේකම්වරයෙක් යටතේ සජිත් ගේ නායකත්වයෙන් එම නව ගමන අරඹනු ඇත.

රනිල් හාමු දැන්වත් ගෙදර යන්න. නොඑසේනම් උපයා ගත් ගෞරවය සියල්ල පසෙක තබා බලෙන් ඇද පක්ෂයෙන් ඉවත් කරන තෙක් ඔබව සිටිමට ශක්තිය ඇත්නම් ඉන්න. ඔබව ඉවත් කිරීමට අප සූදානම් ය. තවදුරටත් මේ රටේ ජනතාවට බලය වෙනුවෙන් ඩීල් දමන පප්පලා රට විනාශ කරන තෙක් දෑත් බැඳ සිටිය නොහැකිය. එසේ නොසිටින බවද මතක් කරමු.

 

Published on – Nov 16, 2019 2019 ජනාධිපතිවරණයේ ඡන්ද ගණනය කිරීම මේ වන විට ආරම්භ වී තිබෙනවා. විශේෂයෙන්ම ඒ සමඟ ම නිල නොවන ඡන්ද ප්‍රතිශත විවිධ සමාජ මාධ්‍ය ජාලා හරහා සංසරණය වීමද ආරම්භ වී තිබෙනවා.

2015 ජනාධිපතිවරණයේදි මෙන්ම මේ වන විට ලැබෙමින් පවතින නිල නොවන තැපැල් ඡන්ද ප්‍රතිඵල අනුව ගෝඨාභය රාජපක්ෂ යම් දිස්ත්‍රික්ක ප්‍රමාණයක් ජයග්‍රහණය කර තිබෙන බවට වාර්තා වූවද ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ඡන්ද ඡන්ද කඳවුරු ලෙස හැදින්විය හැකි ගාල්ල, මාතර, කුරුණෑගල වැනි දිස්ත්‍රික්ක වල තැපැල් ඡන්ද ප්‍රතිඵලය 50 % දක්වා අඩු වී ඇති බවත් වාර්තා වෙනවා.

මේ අතර ලැබෙමින් පවතින අනෙකුත් නිල නොවන තැපැල් ඡන්ද ප්‍රතිපල අනුව සජිත් ප්‍රේමදාස යාපනය, මඩකලපුව , වන්නි ඇතුළු උතුරු නැගෙනහිර දිස්ත්‍රික්ක සියල්ලේම, මහනුවර, මාතලේ, නුවර එලිය, කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවක තැපැල් ඡන්ද ජයග්‍රහණය කර තිබෙනවා.

එසේම මෙහි ඇති විශේෂත්වය වන්නේ 2015 ට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් සජිත් ප්‍රේමදාස විසින් ජයග්‍රහණය කරන සෑම දිස්ත්‍රික්කයකම ලබා ගැනීමයි. එය ගෝඨාභය රාජපක්ෂගේ තත්ත්වයට වඩා වෙනස් වන අතර ගෝඨාභය ජයග්‍රහණය කරන දිස්ත්‍රික්ක වලදීද ලබා ගන්නේ 2015 ට වඩා අඩු ඡන්ද ප්‍රතිශතයකි.

එසේම තැපැල් නොවන ඡන්ද ගණනය කිරීමද මේ වන විට ආරම්භ වී ඇති අතර සිරිකොත පක්ෂ මූලස්ථානය විසින් මෙහෙයවන විශේෂ මැතිවරණ මෙහෙයුම් මැදිරිය දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන හා ගණන් කිරීමේ මධ්‍යස්ථාන වල යොදවා ඇති  45,000 ක නියෝජිතයන් ගෙන් ලබා ගෙන ඇති තොරතුරු අනුව සජිත් ප්‍රේමදාස ගෝඨාභය රාජපක්ෂ වඩා වැඩි ඡන්ද දෙලක්ෂ හැත්තෑපන්දහසකට වැඩි ප්‍රමාණයකින් ජයග්‍රහණය කරන බව තහවුරු කර ගෙන ඇත.

විශේෂයෙන්ම මේ වන විට ලැබෙමින් පවතින තොරතුරු අනුව දිස්ත්‍රික්ක හතරක් ජයග්‍රහණය කරන සජිත් වැඩි ඡන්ද එකලොස් ලක්ෂ විසි පන්දහසකින් (11, 25,000) ඉදිරියෙන් සිටින අතරම එම පරතරතය පියවීමට ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කරන සියළුම දිස්ත්‍රික්ක වල වැඩි ඡන්ද එකතුවෙන් පවා නොහැකි වී තිබේ.

මේ අතර නිල නොවන තැපැල් ඡන්ද ප්‍රතිඵල හරහා ගෝඨාභය රාජපක්ෂ දිස්ත්‍රික්ක කිහිපයක් ජයග්‍රහණය කර ඇති බව වාර්තා වෙත්ම පොහොට්ටු කල්ලිය සිය මර්දනකාරි වැඩ පිළිවෙළ ආරම්භ කර ඇති අතරම ජයග්‍රහණයෙන් උද්දාමයට පත් වෙමින් ගණන් කිරීමේ ඡන්ද මධ්‍යස්ථාන තුළ සිටින අනෙකුත් පක්ෂ වල නියෝජිතයන් පල් පාට් දමමින් ඔවුන්ව ගණක් කිරීමේ මධ්‍යස්ථාන වලින් එලවා දැමීමට ආරම්භ කර ඇති බව වාර්තා වේ.

මේ අතර මෙම පුවත පල කිරීමට ආසන්න මොහොතේදි මැතිවරණ කොමිසම් නිල වාර්තා සඳහන් කළේ ගෝඨාභය රාජපක්ෂවාදින් විසින් සමාජ මාධ්‍ය ජාලා හරහා කුරුණෑගල දිස්ත්‍රික්කය ගෝඨා විසින් ජයගෙන ඇති බවට පතුරුවන පුවත් සම්පූර්ණයෙන් අසත්‍ය බවයි. මේ වන විටත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඡන්ද ගණනය කිරීම් අවසන් වී නොමැති බවත් එම නිල ආරංචි මාර්ග සඳහන් කළා.

දිස්ත්‍රික්ක කිහිපයක ජයග්‍රහණයෙන් ඇස් අන්ධ වී ඇති ඔවුනට නොපෙනෙන කාරණය වන්නේ ජයග්‍රහණය කරන දිස්ත්‍රික්ක වල ඡන්ද ප්‍රමාණය මගින් ලබා දෙන පණිවිඩයයි. දන්නා කළ සිටම වමේ දිස්ත්‍රික්ක හා මහින්ද රාජපක්ෂගේ බල කොටු වලින් පවා ගෝඨාභය රාජපක්ෂ විසින් අඩු ඡන්ද ප්‍රතිශතයකින් ජයග්‍රහණය කිරීම පොහොට්ටුවට ලබා දෙන්නේ පූර්ව දැනුම් දීමක් වන අතර ඒ හරහා කියවෙන්නේ සමස්ථ දිවයිනේ ඡන්ද ප්‍රතිඵලය පොහොට්ටුවට ගුණදායක නොවන බවයි. නමුත් එය වටහා ගැනීමට තරම් දේශපාලන ඥානයක් පොහොට්ටුව සතු නොවීම බරපතළ අපරාධයකි.

Published on – Nov 16, 2019 ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරයේ මෙහෙයුම්කරු හා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ  විදේශ ගත වීමේ අරමුණින් යුතුව කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළ වෙත ලඟා වී තිබෙනවා.

නමුත් ගුවන් තොටුපොළ නිලධාරින් විසින් ඔහුව රඳවා ගෙන ඇති අතර බැසිල් රාජපක්ෂ වෙත විදේශ ගත වීමට අවශ්‍ය අධිකරණ අවසරය ලබා ගෙන ඇත්දැයි සැක මතු වීම එයට හේතුවයි.

ඒ අනුව අදාළ සැකය පැහැදිළි කිරීම සඳහා මේ වන විට ප්‍රශ්න කෙරෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

එම ප්‍රශ්න කිරීම් වලදි බැසිල් රාජපක්ෂ සඳහන් කොට ඇත්තේ තමා මීට සති තුනකට පෙර විදේශ ගත වීම සඳහා අධිකරණයෙන් අවසර පතක් ලබා ගත් බවයි. කෙසේවෙතත් බැසිල් ගේ එම ප්‍රකාශය සත්‍ය ද යන්න සොයා බැලීමටඅදාළ අධිකරණයෙන් ඒ පිළිබඳව විමසීමට ගුවන් තොටුපොළ බලධාරීන් ක්‍රියා කොට ඇති අතර අධිකරණයෙන් නිසි පිළිතුරු ලැබෙන තෙක් බැසිල් රාජපක්ෂ තවදුරටත් රඳවා ගැනීමට තීරණය වී තිබෙනවා.

මේ අතර පසුගිය දා නෙළුම් මාවතේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදි බැසිල් සඳහන් කලේ මැතිවරණ ය පරාජය වුවහොත් තමන් අමෙරිකාව බලා යන බවයි. එහෙත් එකදු මැතිවරණය ප්‍රතිඵලයක්වත් නිකුත් වීමට පෙර ඔහු එම තීරණය ගැනීම විමතියට කරුණක් බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

Published on – Nov 16, 2019 @ 12:37  අද (16) උදෑසන 7 ආරම්භ වූ ජනාධිපතිවරණ ඡන්දය විමසිමේ දි දහවල් 12 වන විට එක්සත් ජාතික පක්ෂ ඡන්ද දායකයින් 60%කින් ඉක්මවා ඡන්දය භාවිත කොට තිබෙන බව වාර්තා වෙනවා.

සිරිකොත මූලස්ථානය විසින් පිහිටුවා ඇති විශේෂ මැතිවරණ මෙහෙයුම් මැදිරිය මේ බව අනාවරණය කොට ගෙන ඇති අතර එය ඉතාම සුවිශේෂී තත්ත්වයක් බවයි පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

වසර ගණනාවක් පුරා එක්සත් ජාතික පක්ෂයේ බිම් මට්ටමේ සිට සියළුම මට්ටම් විසින් බලාපොරොත්තු වූ ජනතාවගේ නායකයා සජිත් ප්‍රේමදාස වෙනුවෙන් සිය යුතුකම ඉටු කිරීමට එජාප ඡන්ද දායකයින් අන් මැතිවරණ වල දි දක්නට නොලැබුණු තරමේ උද්යෝගයක් සහිතව ඡන්දය භාවිත කරන බවයි වාර්තා වන්නේ.

සිරිකොත මෙහෙයවන විශේෂ මැතිවරණ මෙහෙයුම් මැදිරිය දිවයින පුරා පිහිටා ඇති ඡන්දය මධ්‍යස්ථාන 12 845 ම ආවරණය වන පරිදි සිය මෙහෙයුම් ක්‍රියාත්මක කරන අතර පක්ෂය විසින් මැතිවරණය සඳහාම යෙදවූ එක්සත් ජාතික පක්ෂ ඡන්ද පොළ නියෝජිතයින් 45,000ක් ද පමණ තම මැතිවරණ රාජකාරු වල නියැලෙන බව සිරිකොත ආරංචි මාර්ග සඳහන්කළා.

මෙම මැතිවරණයේ දි ඉදිරිපත් ඇති අනෙකුත් ජනාධිපතිවරණ අපේක්ෂකයන් අතරින් 10 දෙනෙකු සaජුවම සජිත් ප්‍රේමදාස වෙත සහය දැක්වීමට ඉදිරිපත් වීතිබෙනවා.

ඒ අනුව එම අපේක්ෂකයන්ට සෑම මධ්‍යස්ථානයකටම තම නියෝජිතයක් යොදවා ඇති අතර සජිත් වෙනුවෙන් හැකි පමණ ඡන්දය ප්‍රකාශ කරවා ගැනීමට කටයුතු කරමින් සිටි.

දහවල් 12 සිට පස්වරු 5 දක්වා වන පැය කිහිපය තුළ එක්සත් ජාතික පක්ෂ ඡන්ද දායකයින් ඉතිරි 40% ද ඡන්දය ප්‍රකාශ කරවා සජිත් ප්‍රේමදාස වෙනුවෙ 100% ඡන්ද ප්‍රමාණයක් ප්‍රකාශ කරවා ගැනීම මැතිවරණ මෙහෙයුම් කමිටුවේ අරමුණ වන වන බවත් වාර්තා වේ.

මේ අතර දිවයින් පුරා විසිරි සිටින අප වාර්තාකරුවන් සඳහන් කරන්නේ ඉතිහාසය පුරා කෙදිනක හෝ එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය නොකළ ප්‍රදේශ වල පවා එක්සත් ජාතික පාක්ෂිකයින් සිය ඡන්දය භාවිත කිරීමට ඉතා උනන්දුවෙන් කටයුතු කරමින් සිටින බවයි.

බොහෝ තරුණ ඡන්ද ප්‍රමාණයක් ද සජිත් ප්‍රේමදාස වෙත පක්ෂව කටයුතු කරන අකාරය ද ඔවුන් නීරීක්ෂණ ය කොට තිබේ.

ඒ අනුව අද හවස 5 වීමට පෙර රටේ සිටින සියළුම එක්සත් ජාතික පාක්ෂිකයින් ද, එක්ව ඉදිරියට යමින් සමාජ විප්ලවයක් සඳහා දායක වීමට කැමති පිරිස් ද, මේ රටේ දූෂණයට වංචාවට, නාස්තියට තිත තැබීමට කැමති ප්‍රගතිශීලි පිරිසද සජිත් වෙනුවෙන්, රට වෙනුවෙන් 100% ක් සිය යුතුකම ඉටු කරනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.

Published on- Nov 16, 2019 ශ්‍රි ලංකාවේ 7 වෙනි විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා වන ජනාධිපතිවරණ ඡන්ද කටයුතු මේ වන විට ආරම්භ වී තිබෙනවා. අපේක්ෂකයන් 35 දෙනෙකු අතරින් මෙම මැතිවරණයේදි ප්‍රධාන ස්ථානයක් හිම්වන්නේ අපේක්ෂකයන් දෙදෙනෙකුට පමණි. එනම් ගෝඨාභය රාජපක්ෂ හා සජිත් ප්‍රේමදාසටය .

ගෝඨාභය රාජපක්ෂට වඩා ප්‍රමාද වී සිය ඡන්ද ව්‍යාපාරය aආරම්භ කළද, මෙම මැතිවරණ ය වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ තරම් වියදම් නොකළද රටේ ජනතාව වෙනුවෙන් වැඩ කරපු සජිත් ප්‍රේමදාස සිය ජනමතය ගෝඨාභය රාජපක්ෂට වඩා ගොඩ නගා ගෙන ඇති බව පසුගිය දින කිහිපයේදීම පැහැදිළි වූ අතර ජනතාව තම යුතුකම සිය ඡන්ද හරහා සජිත්ට කෘතගුණ දක්වමින් භාවිත කරන බව ලංකාව පුරාම සිටින අප වාර්තාකරුවන් දන්වන පණිවිඩය වේ.

මේ තත්ත්වය සමඟ පසුගිය දින දෙක තුන පුරා පරාජයේ සෙවනැල්ලෙන් වියරු වැටි සිටි ගෝඨාභය රාජපක්ෂ කල්ලිය මේ වන විට සිය වියරුවේ උච්චතම ස්ථානය අතික්‍රමණය කොටඇති බව තහවුරුය.

මොන යම් මාර්ගයකින් හෝ මෙවර ඡන්දය වෙනුවෙන් බාල්දියක් පෙරලා සිය පරාජය උඩු යටිකුරු කිරීමට දත කන ගෝඨාභය රාජපක්ෂ කල්ලියේ නීතිඥවරුන් පිරිස අද සිය වෘත්තීය පවා හෑල්ලුවට ලක් කරමින් ජාතික රූපවාහිනිය ඉදිරිපිට ජවුසමක් නැටු බව අප වාර්තාකරු සඳහන් කළා.

උදේ උදෑසනම කුරුදුවත්ත පොලිසිය වෙත පැමිණි ගෝඨාභය රාජපක්ෂවාදි නීතිඥවරුන් කණ්ඩායමක් අද දින දහවල් ජාතික රූපවාහිනිය හරහා ගෝඨාභය ට අපහාස වන චිත්‍රපටයක් විකාශය කිරීමට කටයුතු සූදානම් කොට ඇති බවට පැමිණිලි කොට ඇත.

පසුව කුරුදුවත්ත පොලිසියේ ස්ථානාධිපතිවරයා සමඟ පොලිස් නිලධාරින් කණ්ඩායමක් සමඟ මෙම නීතිඥවරුන් පිරිස ජාතික රූපවාහිනි පරිශ්‍රය තුලට කඩා වැදි ඇති අතර ජන්ද නීතිය උල්ලංඝනය කරන බව පවසමින් ජාතික රූපවාහිනිය වෙත බලපෑම් කිරීමට සමත් වීඇත.

පසුව තත්ත්වය සමනය කිරීමට අද දින ජාතික රූපවාහිනියේ වැඩසටහන් විස්තරය (line -up) සියසින් දැක බලා ගැනීමට ඔවුන්ට ඉඩ දීමට රූපවාහිනි කාර්යය මණ්ඩලය තීරණය කොට ඇති අතර එහිදි අනාවරණය වී ඇත්තේ අද දින දහවල් විකාශය කිරීමට සූදානම් කර ඇති චිත්‍රපට වන්නේ ස්පයිඩර් මෑන් බවයි.

මේ තත්ත්වය සමඟ අදාල නීතිඥවරුන් ක්‍රියාකලාපය පිළිබඳව කුරුදුවත්ත පොලිස් නිලධාරින්ට නහුතෙට තදවී ඇති අතර රටේ ජනාධිපතිවරණයක් පවතිද්දී පොලිස් රාජකාරි වලට පවා බාධා කරමින් සෙල්ලම් කරනවාදැයි අසා පලු යන්න දෙකක් එම නීතිඥවරුන්ට පවසා ඇති බවත් වාර්තා වේ.

ස්පයිඩර් මෑන් ට පවා බය වී සිහියක් පතක නොමැතිව කරන්නේ කුමක්දැයි අවබෝධයක් පවා නොමැතිව මරු විකාරන් මෙන දඟලන ගෝඨාභය කල්ලිය මෙවන් සිදුවීම් හරහා පෙන්වා දෙන්නේ ඔවුන් සිය පරාජය අනිවාර්යයෙන්ම බාර ගෙන ඇති බව නොවේද?

Top