Published on – Nov 2, 2019 ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරණ වේදිකාවට ගොඩවන සෑම ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරයෙකුටම පොහොට්ටු පාක්ෂිකයින් විසින් හූ හඬ නගමින් විරෝධය දක්වන ආකාරය දක්නට ලැබුණා.

පොහොට්ටු පාක්ෂිකයන්ගේ මේ විරෝධය හේතුවෙන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ පොහොට්ටුවට සහය පල කිරීමට තීරණය කළ මන්ත්‍රි කණ්ඩායම මහත් ව්‍යාකූල තත්ත්වයට පත් ව තිබෙනවා.

හූ කීමේ ආසන්නතම අවස්ථාව ලෙස ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රි ශාන්ත බණ්ඩාර හූ කීම පෙන්විය හැකි අතර මීට පෙර දුමින්ද දිසානායක, ‌ජෝන් ‌සෙනෙවිරත්න, ටී.බී. ඒකනායක, තාරානාත් බස්නායක, ආරියවතී ගලප්පත්ති යන මන්ත්‍රිවරුන්ට ද හූ සංග්‍රහ හිමිවිය.

ඔක්තෝබර් මස 28 වෙනිදා ආරියවති ගල්ප්පත්ති මන්ත්‍රිවරිය හූ කියූ අවස්ථාව,

පාර්ලිමේන්තු ශාන්ත බණ්ඩාර නොවැම්බර් 01 වෙනිදා අලව්වේදි ලැබුණු හූ සංග්‍රහය,

ඊයේ (01) ටාජ් සමුද්‍රා හෝටලයේදි ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස වෙත සහය පල කරන දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන එක්වි අවබෝධතා ගිවිසුමකට අත්සන් තබනු ලැබූ අතර හිටපු ජනාධිපතිපතිනිය චන්ද්‍රිකා කුමාරතුංග විසින් නායකත්වය ලබා දෙන සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගෙන් සමන්විත වන අපි ශ්‍රි ලංකා සංවිධානයද තම සහය සජිත් ප්‍රේමදාස වෙත ලබා දෙන බව මෙහිදි ප්‍රකාශ කෙරුණා.

අපි ශ්‍රි ලංකා සංවිධානය වෙනුවෙන් හිටපු ජනාධිපතිනිය මෙම අවබෝධතා ගිවිසුම ට අත්සන් තැබූ අතර මේ සමඟ සියලුම පැරණි හා අලුත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට ආදරය කරන පිරිස සජිත් ප්‍රේමදාස වටා එක් රැස් වනු ඇති. මේ සමඟම රණතුංග පවුලේ ප්‍රසන්න රණතුංග හැරුණු විට අර්ජුන රණතුංග හා රුවන් රණතුංගගේ සහයද සජිත් ප්‍රේමදාස වෙත හිමිවේ.

ඊයේ මේ ගිවිසුම අත්සන් තැබෙද්දි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පොළොන්නරුවේ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයකට සහභාගි වී සිටියා. නමුත් චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය ටාජ් සමුද්‍ර හෝටලයේ උත්සවයට සහභාගි වී ඇය විසින්ම ගිවිසුම අත්සන් තැබූ බව ආරංචි වීමත් සමඟ විවෘත කිරීමේ උත්සව සියල්ල පසෙක ලා ජනාධිපති සිරිසේන හැරෙන තැපෑලෙන් කොළඹ පැමිණ තිබේ.

කොළඹට පැමිණි වහාම ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨ මන්ත්‍රිවරුන් සියල්ලම ජනාධිපති නිල නිවස වෙත කැඳවූ සිරිසේන ජනාධිපතිවරයා පොහොට්ටුව හා සන්ධාන ගත වීමේ ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කොට ඇත.

එහෙත් මෙහිදි අතිශය බහුතරයක් මන්ත්‍රිවරුන් පොහොට්ටු මැතිවරණ වේදිකාව ලදි දිගින් දිගටම ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරුන්ට හූ කීම පිළිබදව දැඩි කනස්සල්ලෙන් කතා කොට තිබෙනවා.

ඒ අනුව යලි තීරණය කරන තුරු කිසිම පොහොට්ටු මැතිවරණ වේදිකාවට ගොඩ නොවන ලෙස ජනාධිපතිවරයා විසින් සියළුම ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරුන්ට උපදෙස් දී තිබෙනවා.

මන්ත්‍රිවරුන්ගේ අදහස් විමසා සිටි සිරිසේන ජනාධිපතිවරයා පවසා ඇත්තේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණට සහය දීමට ගත් තීරණායි පිළිබඳව නැවත වාරයක් සිතා බැලීමට කාලය එළැඹි ඇති බවයි. එසේම චන්ද්‍රිකා මැතිණිය ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සමාජිකයන් එකතු කොට ගෙන කරන කිසිදු ක්‍රියාවකට කිසිම බාධාවක් හෝ විරෝධයක් නොදක්වන ලෙස ද මෙහිදි ජනාධිපතිවරයා ජේෂ්ඨ මන්ත්‍රිවරුන්ට තරයේ අවවාද කොට තිබෙනවා.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය මෙම මැතිවරණයේදි ගත යුතු ක්‍රියාමාර්ගය පිළිබඳව තව තවත් සාකච්ඡා කළ යුතු බැවින් ඒ වෙනුවෙන් වහාම ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව හෙට එනම් අද (02) දිනයේ කැඳවන ලෙසත් ජනාධිපතිවරයා නියෝග කොට තිබෙනවා.

ඒ අනුව ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද දිනයේදි රැස්වන බවත් පොහොට්ටු වේදිකාවලදි නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් ට හූ කීම, එල්ල වන විරෝධය හා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ස්ථාවරය මෙහිදි සාකච්ඡා වනු ඇති.

Published on – Nov 2, 2019 ස්වාධීන රූපවාහිනි සේවය විසින් විකාශය කරනු ලබන ‘සීතල ඊතල ‘ දේශපාලන වැඩසටහන වහාම තහනම් කරන ලෙස ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රියට තර්ජනය කොට තිබෙන බව වාර්තා වෙනවා.

පහුගිය බදාදා  (30) වෙනිදා සීතල ඊතල වැඩසටහන ට සහභාගි වූ හිටපු නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නවරත්න බණ්ඩාර විසින් ඇවන්ගාඩ් සමාගම හා ගෝඨාභය රාජපක්ෂ පිළිබඳව සියළු තොරතුරු හෙලි කිරීම නිසා ගෝඨාභය රාජපක්ෂ විසින් මෙම තර්ජනය කර ඇති බවයි වාර්තා වන්නේ.

හිටපු නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් විසින් එම වැඩසටහනේදි ඇවන්ගාඩි සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති විසින් ගෝඨාබය රාජපක්ෂ සමඟ පවතින අතිජාත මිත්‍රකම හා එවකට ඔහු දැරූ ආරක්ෂක ලේකම්ධූරයේ සහය උපරිම ලෙස ලබා ගනිමින් කළු සල්ලි මලු වලට නීතිවිරෝධි පාවෙන අවි ගබඩා ස්ථාපිත කල ආකාරය පැහැදිළි හෙලි කරනු ලැබීය.

එසේම හිටපු අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ වෙත ද කලු සල්ලි මලු ගණනින් විසිකරමින් 2015 පසු ඇවන්ගාඩ් සමාගමට එරෙහිව පැවරු නඩු කල් දැමූ ආකාරය, ගෝඨාභය රාජපක්ෂට, නිශ්ශංක සේනාධිපතිට එරෙහිව නීතිමයි ක්‍රියා මාර්ග ගැනීම පමා කළ ආකාරය දින වකවානු හා සාධක සහිතව හිටපු නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා එම වැඩසටහනේදි හෙලි කරනු ලැබීය.

ඒ අනුව මෙම වැඩසටහන හරහා රාජපක්ෂ සහෝදර සමාගමට නීතිවිරෝධී අවි ගබඩා පවත්වාගෙන ගිය දැනට සිරභාරයේ ගත වන නිශ්ශංක සේනාධිපති හා පැවති සම්බන්ධතාව තහවුරු වී ඇති බැවින් බැසිල් රාජපක්ෂ හා මහින්ද දේශප්‍රිය අතර පවතින මිතුදමේ නාමයෙන් සීතල ඊතල තහනම් කරන ලෙස ගෝඨාභය වැඩිදුරත් මැතිවරණ කොමිසමට දන්වා ඇත.

සිය නීතිඥවරුන්  මාර්ගයෙන් දිගින් දිගටම අතුරු තහනම් නියෝග හරහා ඇවන්ගාඩ් සිදුවීමට තමා සම්බන්ධ නොවන බවට ගෝඨාභය රඟ දක්වමින් සිටියද එම වැඩසටහන හරහා ජනතාව වෙත සියල්ල හෙලිවී ඇති බැවින් එම වැඩසටහන් සියල්ල හොදින් හෝ නරකින් නතර කරන ලෙසයි ගෝඨාභය මහින්ද දේශප්‍රියගෙන් ඉල්ලා ඇත්තේ.

ඒ අනුව මෙම පැමිණිල්ල දඩමීමා කර ගනිමින් රාජ්‍ය මාධ්‍ය සමඟ බද්ධ වෛරයෙන් සිටින මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය සියල්ල නතර කරන ලෙස මේ වන විට ස්වාධීන රූපවාහිනිය වෙත තර්ජනය කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය විසින් සිතල ඊතල වැඩසටහන පමණක් නොව සියලුම දේශපාලන වාද විවාද, වැඩසටහන් සජිවි විකාශයන් අත්හිටුවන ලෙසට නියෝග කරමින් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය විසින් එවන ලද ලිපිය පහතින්,

Published on- Nov 2, 2019ජනාධිපතිවරණ සටන ආරම්භ වූ දිනයේ සිට හැමදාම නොවරදවා පවත්වන බැසිල්ගේ ජනාධිපතිවරණ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් ඊයේ (01) රාත්‍රියේද සුපුරුදු පරිදි පවත්වා තිබෙනවා.

මෙතක් දවසක් සිය ජයග්‍රහණය පිළිබඳව අධිතක්සේරුවක සිටිමින් ඡන්ද ගණනය කල එම කණ්ඩායම අමතමින් එහිදි බැසිල් ජනාධිපතිවරණ සටනේ වැඩි වාසිය තවදුරටත් පොහොට්ටුව සතු නොවන බව තහවුරු වී ඇති බව ප්‍රකාශ කොට තිබෙනවා.

රැස්වීමක් හරියට අමතා තම දර්ශනය ජනතාව අතරට ගෙන යාමට හැකි කට ඇති අපේක්ෂකයෙකු තමන් සතු නොවීම ගැන අන් කවරදාකටත් වඩා තමන් පසු තැවෙන බවද සජිත්ගේ වාග් පෞරුෂය හමුවේ ගෝඨාභයට හැරෙන්නට හෝ නොහැකි බවද සඳහන් කොට තිබෙනවා.

එසේම කෙතරම් සාධාරණය කිරීමට උත්සහ කළද පක්ෂපාති අල්ප රණවිරුවන් අතරින් පිරිස තෝරාගෙන දැන්වීම් කළ ද ගෝඨාභය විසින් අමු අමුවේ රණ විරුවන් පාවා දීමෙන් සිදුවූ හානිය ආපස්සට හැරවිය නොහැකි බවත් අප සියළු දෙනාගේ සැබෑ ස්වරූපය ජනතාව අවබෝධ කොට ගෙන ඇති බවත් බැසිල් මෙහිදි පවසා තිබෙනවා.

පළාත් පාලන ඡන්දයේදි පොදුජන පෙරමුණ ලබා ගත් ඡන්ද සංඛ්‍යාව තවදුරටත් පොහොට්ටුව සතු නොවන බවත් පළාත් පාලන ආයතන මට්ටමින් හා බිම් මට්ටමින් ජනතා ප්‍රසාදය පොහොට්ටුව අහිමි වන බවත් ඔහු පෙන්වා දුන්නා.

තමාගේ නායකත්වයෙන් දියත් කල මෙහෙයුම් හරහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දිනාගත්  පළාත් පාලන  පාලන ආයතන  239 කගෙන් 110ක බලය ගිලිහි ගොස් ඇති බව තමා විසින් සිදුකරන ලද සමික්ෂණයකදි අනාවරණය කර ගැනීමට හැකිවූ බවත් තමන්ගේ මන්ත්‍රිවරුන්ගේ සහය පවා දින දහතුන තුළ අහිමි වීමේ අවදානමක් මතු වී ඇති බවත් බැසිල් පවසා ඇත.

මේ සඳහා ගත හැකි කිසිම ප්‍රතිකර්මයක් තමාගේ ඔලුවට මේ අවස්ථාවේ නොපැමිණෙන බවත් මෙම ගේම ෆේල් වුවහොත් අප සියළු දෙනාගේම දේශපාලන ගමනේ අවසානය බවත් ඔහු එක කමිටු සමාජිකයන්ට පවසා ඇති අතර ඡන්ද ව්‍යාපාරය ගොඩ ගත හැකි ක්‍රමයක් කල්පනා කොට තමාට දන්වන ලෙස පවසා සාකච්ඡාව අවසන් වීමට ද ප්‍රථමව අසුනින් නැගිට ගිය බවද අප දේශපාලන වාර්තාකරු සඳහන් කළා.

 

 

Published on: Nov 2, 2019- ඇමරිකාව සමඟ මිලේනියම් චැලේන්ජ් සහයෝගිතා (MCC)ගිවිසුම අත්සන් කිරීමෙන් රටට හානියක් සිදුවන බවට රාජපක්ෂ ඇම්බැට්ටයන් සිදුකරන ප්‍රකාශ පිළිබඳව ඇමරිකානු තානාපති කාර්යාලය සිය නිළ මතය නිකුත් කර තිබේ.

මිලේනියම් චැලේන්ජ් සහයෝගිතා (MCC) සම්පූර්ණ ගිවිසුම පහතින් කියවන්න…

MCC

Published on- Nov 1, 2019 තමන්ට අවතන නොවන අය කෙසේ හෝ අවනත කර ගැනීම හෝ අවනත නොවේ නම් ඔවුන් අදාළ ප්‍රශ්නයෙන් ඉවත් කිරීම රාජපක්ෂ සමාගමට හා එහි හෙංචයියන්ට අමුත් දෙයක් නොවේ.

රාජපක්ෂ පාලනය තිබුණ්යි ඒ අදුරු දශකය තුළම හොඳන් හෝ නරකින් තමන්ට අවාසිදායක පුද්ගලයන් තාවකාලිකව හෝ සදහටම ඉවත් කිරීම රාජපක්ෂවරුන් සිය නිල බලයෙන්, දේශපාලන බලයෙන් මැර බලයෙන් සිදු කළ ආකාරය අමතක නොවේ.

සන්ඩේ ලීඩර් කතෘ ලසන්ත වික්‍රමතුංග, මාධ්‍යවේදි ප්‍රගීත් එක්නැලිගොඩ, වැළිකඩ බන්ධනාගාරයේ දි ඝාතනය වූ සිරකරුවන්, කටුනායක රොෂේන් චානක, රතුපස්වල දි ඝාතනය වූ පුද්ගලයින් එලෙස තමන්ට අවාසි නිසා රාජපක්ෂවරුන් සදහටම ඉවත් කළ කණ්ඩායමින් කොටසකි.

කීත් නොයාර්, පෝද්දල ජයන්ත වැනි අය පහර දී තර්ජනය කොට තාවකාලිකව ඉවත් කළ පුද්ගලයන් ය.

2019 ජනාධිපතිවරණයේදි අනිවාර්යයෙන්ම රටේ ජනාධිපති වීමට සිතා සිටින ගෝඨාභය රාජපක්ෂ හා මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ තුන් කට්ටුව නැවතත් බලය ලබා ගැනීමට ද ප්‍රථමව සිය සුපුරුදු මර්දනකාරී තත්ත්වයට අවතීර්ණ වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම විසින් සිදු කළ ප්‍රකාශයක් හරහා තහවුරුවිය.

ඊයේ (31) රාත්‍රියේ ස්වාධීන රූපවාහිනියේ සංවාදය වැඩසටහන සඳහා එක්වෙමින් කුමාර වෙල්ගම සඳහන් කළේ සිය ජීවිතයට අනතුරක් ඇති බවය. පසුගියදා සිය නිවසට ඇතුලු වූ පුද්ගලයා හොරෙකුවත් කුඩුකාරයෙක්වත් නොව තමාගේ කට වැඩි නිසා තමාව මට්ටු කිරීමෙ අරමුණින් පැමිණි පුද්ගලයෙකු බවත් මන්ත්‍රිවරයා මෙහිදි පෙන්වා දුන්නා.

සිය කාමරයට පමණක් ඇතුළු වීමත්, කාමරයේ තිබු කිසිම වටිනා ද්‍රව්‍යයක් හොරකම් නොකිරීමත්, පොලිස් පරීක්ෂණ කණ්ඩායම් වලට පවා ඇගිලි සළකුණු හොයා ගත නොහැකි වීමත් එම කාරණව තහවුරු කරන බවයි මන්ත්‍රිවරයා සඳහන් කළේ.

කුමාර වෙල්ගම මන්ත්‍රිවරයා විසින් සංවාදය වැඩසටහනේදි මේ සම්බන්ධයෙන් දැක්වූ අදහස් ඇතුලත් වීඩියෝව පහතින්. (දර්ශන උපුටා ගැනීම සංවාදායි වැඩසටහන – ITN)

කුමාර වෙල්ගම යනු මහින්ද රාජපක්ෂට පසුගිය වසර ගණනාවේදිම සහය පලකොට සර්පයා කවුදැයි දැන, මහින්ද රාජපක්ෂ විසින් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට සිදු කිරීමට යන විනාසය දැන මහින්ද රාජපක්ෂ හා පොහොට්ටුවෙන් ඉවත් වූවෙක් වන අතර මේ වන විට හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හා එක්වූ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය රැක ගැනීම වෙනුවෙන් පෙරමුණ ගෙන ක්‍රියා කරන්නෙකි.

රාජපක්ෂලාගේ පැත්තෙන් ගතහොත් කුමාර වෙල්ගම යනු කඩාකප්පල්කාරියෙකි. සිය සැලසුම් නිසි ලෙස ඉටු කරගැනීමට නොහැකි වන ලෙස කරුණු කෙලින් පවසන ප්‍රතිවාදියෙකි. එසේ නම් ගෝඨාභය රජ කරවීමට යන ගමනේදි අනිවාර්යයෙන්ම ඉවත් කළ යුතු සාධකයකි.

එසේනම් නැවතත් රාජපක්ෂ භීෂණය හිස ඔසවන්න පටන් ගෙන ඇති බව තහවුරුය.

Published on: Oct 31, 2019- “මහා හෙළිදරව්ව” නමින් එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ සමාජ ජාලා ක්‍රියාකාරින් විසින් මඩ විඩියෝවක් නිර්මාණය කරන බවට දෙපැත්තටම නැති ඉරාජ් විසින් අඳෝනාවක් ඉදිරිපත් කර තිබු අතර ඊට එරෙහිව අදාල සමාජ ක්‍රියාකාරින් රහස් පොලිසියට පවා පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුනා.මේ වනවිට මුහුණු ආවරණය කරන ලද විඩියෝවක් සමාජයට එක්ව ඇති අතර එය ක්‍රිෂාන්ත පුෂ්පකුමාර හේවත් “රත්තරං”විසින් කරන ලද වික්‍රමයක් බවද විඩියෝව නැරඹීමෙන් පහසුවෙන් තේරුම්ගත හැක.

“මම ආවේ චීනයේ ඉඳලා. හිටපු පළාත් සභා මන්ත්‍රි රත්තරං යන හුරතල් නාමයෙන් හදුන්වනු ලබන ක්‍රිෂාන්ත පුෂ්පකුමාර හා ඔහුගේ රියැදුරු සුදා විසින් මාව සමූහ දූෂණයකට ලක් කළා. මම මේ සමූහ දූෂණය ගැන ගාල්ල පොලිසියට 2019 මැයි මස 03 වෙනිදා පැමිණිලි කළා.”

“මම දැන් මාස 5 ක් බලාගෙන හිටියා. ගාල්ල පොලිසිය තවමත් නිසි පියවරක් අරගෙන නෑ. ඔවුන් සැකකරුවන් අත්තඩංගුවට අරගෙන උසාවියට ඉදිරිපත් කළේ නෑ. මම නීති ක්‍රියාවලිය ගාල්ල පොලිසියට මතක් කළා. මෙය දූෂණ පැමිණිල්ලක් නිසා දවස් දෙකක් ඇතුලත් සැකකරුවන් අත්තඩංගුවට ගත යුතුයි. B වාර්තාව මගින් චෝදනා කළ යුතුයි. රත්තරං සහ ඔහුගේ සහෝදර මට කිව්වා ඔවුන්ට පොලිසිය බලය නිසා බලපෑම් කරන්න හැකියි කියලා.”

“මම රත්තරංගේ ඥාති සොහොයුරාට  (දකුණු පළාත් සභා මන්ත්‍රිවරයෙක්,) මට උදව් කරන්න කියලා. නමුත් ඔවුන් මට හිරිහැර කළා, අඩත්තේට්ටම් කළා . මම මේ විඩියෝව ගන්නේ මොකද මම මහජනතාව විශේෂයෙන්ම ගාල්ලේ ජනතාව ගැන විශ්වාස කරනවා. ඔවුන් හොදින් දන්නා මේ SLPP මන්ත්‍රිවරුන් කාන්තාවකට මෙන්ම සංචාරකයෙකුට හිංසා කළා. මම විදේශිකයෙක්. මේ දේවල් මට දරා ගන්න අමාරුයි. මම හිතනවා පොලිසිය නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය කරයි කියලා.”

Published on: Oct 31, 2019- තමාගේ ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසුව ලබා දෙන්නවා යැයි මේ වන විට සදහන් කර ඇත්තේ නීතිය හා සාමය පිළිබද අමාත්‍යය දුරය පමණක් බවත්,ඉදිරි පාලනයේදී වංචාව, දුෂණය, හොරකම, රටේ සම්පත් මංකොල්ල කෑම් සිදුකළ පුද්ගලයින්ට තනතුරු ලබා නොදෙන බව  ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසනවා.

දඹුල්ල ප්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින් ඔහු මේ බව සඳහන් කළා.

“මෙවර ජනාධිපතිවරණ ජයග්‍රාහණයෙන් පසුව ලබා දෙනවා කියා අපි නම් කර තිබෙන්නේ එකම එක තනතුරයි.රටේ ජාතික ආරක්ෂාව,රටේ ආරක්ෂාව ගැන සලකා රටේ නීතිය හා සාමය පිළිබද අමාත්‍යය වරයා පමණයි මම තීන්දු කර තිබෙන්නේ.මම එය ලබා දුන්නේ පුද්ගල හිතවත් කමක් නිසා නෙමෙයි.රටට සේවය කළ ,යුද්ධය දිනපු සරත් ෆොන්සේකා මැතිතුමාට විතරයි.දක්ෂතාවය ,කුසලතාව හැකියාව නිපුනත්වය මත ඒ තනතුර භාරදුන්නේ.ඒ පත්වීම ආදර්ශයට ගන්න.ඉදිරියේදී මගේ අත්සනින් පත්වීමක් ගන්නව නම් එය තමයි මිනුම් දණ්ඩ.රට සුරාකාපු ,හොරා කපු කිසිම කෙනෙකුට සජිත් ප්‍රේමදාසගෙන් අත් සන් ලබා පත්වීමක් දෙන්නේ නැහැ.රට කෙලෙසූ,සුරා කෑ කිසිම කෙනෙක්ට නව රජය තුළ පත්වීම් නැහැ.දුෂණය ,වංචාව,හොරකම,රටේ සම්පත් මංකොල්ලා කාලා තියනවද යන්න සොයා බලා තමයි මම මගේ රජයේ පත්වීම් ලබා දෙන්නේ.” සජිත් ප්‍රේමදාස සඳහන් කර සිටියා.

මේ අතර ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස කිසිම ගිවිසුමකට හෝ කොන්දේසියකට යටත් නොවන බව අමාත්‍ය අජිත් පී. පෙරේරා සඳහන්කළා .

“අපි හොඳටම දන්නවා සජිත් ප්‍රේමදාස මැතිතුමා කිසිම ආකාරයේ කොන්දේසියකට, ගිවිසුමකට කිසි කෙනෙක් සමඟ යටත් වී නෑ කියලා. අපේක්ෂකත්වය ගන්නකොට කිසිදු කොන්දේසියකට, ගිවිසුමකට යටතෙ වුණේත් නෑ. මේ මැතිවරණ ව්‍යාපාරය තුළ කිසිම කොන්දේසියකට යටත් වෙන්නේත් නෑ. සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ විශ්වාසය මත පදනම් වෙලා එතුමා සමඟ එක්ව කටයුතු කරන පිරිස හා සමඟ තමයි එතුමාගේ දේශපාලනය කරන එක තමයි එතුමාගේ ක්‍රමය. බොහෝම පැහැදිළියි එහෙම ගිවිසුමක් ගැන කතා කරන එකෙන් මේ මැතිවරණයේ ගැම්මක් ගන්න බෑ.” අමාත්‍යවරයා

Published on: Oct 31, 2019- එක්සත් ජාතික පක්ෂයේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ නියත ජයග්‍රහණයෙන් වියරු වැටි සිටින ගෝඨාභය රාජපක්ෂ ඇතුලු රාජපක්ෂ නඩය සජිත්ගේ ජිවිතයට හනී කිරිම සදහා දියත් කල කුමන්ත්‍රණකාරී මෙහෙයුමක් අසාර්ථක ලෙස ව්‍යර්ථ වි තිබේ.

කුරුණෑගලට රැලියට සජිත් ප්‍රේමදාස මහතා හෙලිකොප්ටරයේන් පැමිණ වෙළගෙදර ක්‍රිඩාංගනයේ ගොඩ බැස්විමට උත්සහ කරනවාත් සමග ප්‍රදේශයේ විදුලිය විසන්ධි කර දමා ඇති අතර අදුරත් සමග එක්වරම ගොඩබැස්විමට අවශ්‍ය ස්ථානය සොයා ගැනිමට නොහැකි විමත් සමග ගුවන් හමුදා නිළධාරීන් හෙලිකොප්ටරය කටුනායකට රැගෙන ගොස් තිබේ.

Published on: Oct 30, 2019- ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු දේශපාලන පක්‍ෂ 15ක් එක්ව පිහිටුවන ‘ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය’ සඳහා වන ගිවිසුමට අත්සන් තැබීම එම දෙපාර්ශවයේ නායකයින්ගේ සහභාගීත්වයෙන් කොළඹ නිදහස් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී හෙට (31) සිදු කිරිමට නියමිතයි.

මෙහි සම නායකයින් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ යන මහත්වරුන් පත්කෙරෙන අතර සභාපති, මහලේකම්, සමලේකම්, උප සභාපති ආදී සෙසු තනතුරු සඳහා පුද්ගලයින් නම්කිරීම ජනාධිපතිවරණයෙන් පසුව සිදු කිරිමට නියමිතව තිබේ.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දක්වන ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය සහ මහජන එක්සත් පෙරමුණ ඇතුළු ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දක්වන පක්ෂ 15ක් එම ගිවිසුමට අත්සන් තැබීමට නියමිත අතර මේ වනවිට මහින්දවාදින් එම ගිවිසුමට දැඩි ලෙස විරෝධතාව දක්වා තිබේ.

මේ සම්බන්ධයෙන් අප දේශපාලන වාර්තාකරු සමග ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු අනාවරණය කර ඇත්තේ බහුතර පක්ෂ කැමත්ත දක්වන පුද්ගලයා අගමැතිවරයා ලෙස පත්කර ගැනිමට හැකියාව ඇති වන අකාරයට අදාල ගිවිසුම සකස් කර තිබේන බවයි.

ඉදිරි මහ මැතිවරණය ඇතුළු මැතිවරණවලදී ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය යටතේ ‘පුටුව’ ලකුණින් තරග කිරීම මෙම ගිවිසුමට අනුව සිදුවිය යුතු අතර ඒ හෙතුවෙන් පොහොට්ටුව අතහැර දැමිමට සිදුවිම මේම විරෝධයට හේතු  තිබේ.අනිත් අතට අදාල ගිවිසුමේ මුලික කොන්දේසියක් වන බහුතර පක්ෂ වල කැමත්ත මත අගමැතිකම ලබා දිමට සිදුවිමද විරෝධතාව උග්‍ර විමට හේතු වි තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ වැඩබලන සභාපති මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස මෙම් ගිවිසුමට අනුව ප්‍රබල පාර්ශ්වයන් දෙක බවට පත්වන අතර ගිවිසුමට අනුව ගෝඨාභය පරාජය විමෙන් පසුවද ශ්‍රි ලංකා පොදුජන පෙරමුණට තනිවම මැතිවරණයකට ඉදිරිපත් විමට අවස්ථාවක් උදා නොවනු ඇත.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ගණිකාවක් මෙන් අවස්ථා දෙකකදි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ සමග ගිවිසුම් ගතවු අතර මුලින්ම පක්ෂය සමගත් පසුව අපේක්ෂකයා සමගද ගිවිසුමකට එළඹීමට ශ්‍රිලනිප අනාත කණ්ඩායම කටයුතු කර තිබේ.

 

Published on: Oct 30, 2019 – තරැණ ඡන්ද පදනම (YVF) විසින් ‘අපි සීරුවෙන්’ නමින් සමාජ මාධ්‍යවෙත මුදාහැර තිබු ගීතයක්, කිසිඳු අවසරයකින් හෝ අවසරයකින් තොරව ජනාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂගේ රූපරාමු එක් කරමින් යළි සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබු වීඩියෝවක් ‘යු ටියුබ්’ වෙතින් වාරණයට ලක්කර තිබේ.

ඒ, තරැණ ඡන්ද පදනම (YVF) විසින් කළ පැමිණිල්ලක් සැලකිල්ලට ගනිමිනි.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු මහිල් බණ්ඩාර ඇතුළු තරුණ තරුණියන් පිරිසක් විසින් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්වීමටත් පෙර සිටම ‘තරැණ ඡන්ද පදනම’ (YVF) නමින් සංවිධානයක් ප්‍රකාශයට පත්කරමින් ‘අපි සීරුවෙන්’ නමින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රබල මතවාදයක් ඉදිරිපත් කරමින් සිටියි.

ඒ අනුව ඔවුන් විසින් මිට දින කිහිපයකට පෙරදී ජනාධිපතිවරණය වෙනුවෙන් ‘අපි සීරුවෙන්’ නමින් යුතු තේමා ගීතයක් ද සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබු අතර ඉන් දින කිහිපයකට පසු ඊට ගෝඨාබය රාජපක්ෂගේ මාධ්‍ය ඒකකයක් විසින් එම ගීතයේ රූපරාමු සංස්කරණය කර සමාජ මාධ්‍යවෙත මුදාහැර තිබිණ.

 

තරැණ ඡන්ද පදනම (YVF) වන අප විසින් නිර්මාණය කළ තේමා ගීතය මෙන්න

 

බුද්ධිමය දේපොල සොරකම ගැන අපි සීරැවෙන් !

මෙම බුද්ධිමය දේපල මංකොල්ලය ගැන අදහස් දක්වමින් තරැණ ඡන්ද පදනම විසින් අද (30) නිකුත්කර ඇති නිවේදනයක මෙසේ සඳහන් වේ.

 

තරැණ ඡන්ද පදනම (YVF) වන අප විසින් නිර්මාණය කළ තේමා ගීතය, ගෝඨාබය රාජපක්ෂ විසින් සොරකම් කොට තමන්ගේ තේමා ගීතය ලෙසින්, සමාජ ජාල තුළ ප්‍රචාරය කිරීම අපි හෙලා දකිමු.

ඔවුන්ගේ දේශපාලනයේ සහ නිර්මාණශීලීත්වයේ බංකොලොත්භාවය මේ සිදුවීමෙන් ඉතා පැහැදැලි වේ.

තේමා ගීයෙන් අපි කියා සිටියේ,

මේ ශ්‍රී ලංකාව බිමක් නොව, අපේ අම්මා වන බවය.

අපට කලින් පරම්පරාවල් කෙසේ වුවත්,

අපි ඈ තුළ ඉපදුනේ ඇයව නසන්නට නොවන බවය.

දේශ ප්‍රේමයේ නාමයෙන් එන මුසාවද ගැන අපි සීරැවෙන් සිටින බවය.

මේ රටට ආදරෙයි ආදරෙයි කියමින් මේ රටේ දරැවන් කොටවා,

එකිනෙකා මරා ගන්නට හැර එයින් දේශපාලන වාසි ගැනීම ගැන අපි සවිඥාණික විය යුතු බවය.

අපි අතීතෙන් ඉගෙන ගත යුතු බවය.

අනාගත ඉඟි තේරැම්ගෙන සීරැවෙන් සිටිය යුතු බවය.

ඉතා සූක්ෂම ලෙස ක්‍රියාත්මක වන ලේ පිපාසිත දේශපාලන බලවේග,

අහිංසක මිනිසුන්ගේ ගැලවුම්කාරයින් ගෙස පෙනී සිටින මෙවන් අසීරැම මොහොතක

අපි සීරැවෙන් සිටිම අත්‍යාවශය වන බවය.

මේ අම්මගේ දරැවෝ වෙලා ඇගේම දරැවෝ නසන්නට අපි සූදානම් නැති බවය.

අපේ අත්වල ලේ ගැවෙන පාපෙයන් අත්මිදෙන්නට අපි සීරැවෙන් සිටිය යුත් බවය.

ඔහුට එරෙහිව ඇති දහසකුත් එකක් දූෂණ සහ සොරකම් චෝදනා පිළිබඳව අප නොදන්නෙමු.

නමුත්, තරැණ ඡන්ද පදනම ලෙසින් කලක සිට ඉතා සීරැවෙන් සංවිධානය වෙමින් සිටි අප,

මේ රටේ සහ ලොව වටා සිටින ශ්‍රී ලංකා මවගේ තරැණ දරැවන් එක් වී,
අපේ නිර්මාණශීලීත්වය, තාක්ෂණය, ආර්ථිකය එකතු කොට ඉතා වෙහෙස මහන්සියෙන් නිර්මාණය කළ මේ ගීතය,

අපේ අරමුණ පැහැදිලි කරන ආත්මය ලෙස සළකන අපේ තේමා ගීතය සොරකම් කිරීමෙන්,

අප ඔහුගේ හැටි සක්සුදක්සේ දැන ගතිමු.

ඔහුව ප්‍රතික්ෂෆ්ප කරන්නට අපට මේ සාක්ෂිය ප්‍රමාණවත්ය.

බලයට එන්නට පෙර තරැණ පොඩි එවුන් එකතු වී කළ නිර්මාණයක් සොරාගෙන තම ප්‍රතිරෑපය නංවාගැනීමට සහ ඡන්ද කඩා ගැනීමට පොරකන ඔවුන් බලයට පැමිණි පසු කුමක් නොකරයිද? ඒ ගැන අපි සීරැවෙන් සිටින්නෙමු.

ඊට වඩා කණගාටුව දනවන කරැණක් ඇත. එනම්, අපේ ගීතය සොරාගෙන තමන්ගේ තේමා ගීතය ලෙස ප්‍රචාරය කිරීමේ අරමුණයි.ගෝඨාභය රාජපක්ෂ මේ රවටන්නේ, තමන්ව විශ්වාස කර සිටින ජනතාවයි.

තමන්ව විශ්වාස කර කඩේ යමින් සිටින අහිංසකයින්ව රැවටීමයි.ඒ බවට සාක්ෂිය මේ ගෝටාගේ යැයි සිතා මේ ගීය සමාජ ජාල තුළ share කරගත් පිරිසයි.ඔවුන් ගැන අප කණගාටු වන්නෙමු. ඔබ ඇන්දී ඇති බව මතක් කර දීමට අප කැමැත්තෙමු.

විනය ගරැක රටක් හදන්නට එන ඔබේ අපේක්ෂකයාට පුංචි විනයක්වත් නැති බව පෙන්වාදීමට අප කැමැත්තෙමු.ගෝඨාබය රාජපක්ෂ, මේ සොරකම ගැන දැන සිටින්නට පුලුවන. එහෙනම් ඔහු බංකොලොත් සොරෙකි.

ගෝඨාබය රාජපක්ෂ, මේ සොරකම දැක දැක නොදැක්කා සේ සිටින්නට පුලුවන. එහෙනම් ඔහු දෙබිඩි ගේම්කාරයෙකි.ගෝඨාබය රාපක්ෂ, මේ සොරකම ගැන හාංකවිසියක්වත් නොදැන සිටින්නට පුලුවන,එහෙනම් ඔහු කියන තරම් වැඩ කාරයෙක් හෝ දක්ෂයෙක් හෝ සවිඥාණික නායකයෙක් නොව,බොරැ කයිවාරැකාරයෙකි.

මේ බුද්ධිමය දේපල මංකොල්ලය අපි තරයේ හෙලා දකින අතර, ඒ ගැන අපි සීරැවෙන් කටයුතු කරන බව දැනුම් දීමට කැමැත්තෙමු.

මෙයට අනුන්ගේ වෙහෙස මහන්සිය සොකරම් නොකරන,

(තරැණ ඡන්ද පදනම)

මහිල් බණ්ඩාර කියන කතාව

මෙම ගීතයේ බුද්ධිමය මහන්සිය සොරා ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහිල් බණ්ඩාර විසින් සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති ප්‍රකාශයක මෙසේ සඳහන්වේ.

Published on: Oct 29, 2019- එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තුවට පිවිස සිය මන්ත්‍රීධුරය ගණිකා වෘත්තීයේ යෙදවු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන වසන්ත සේනානායක ඉදිරි පැය කිහිපය තුල එක්සත් ජාතික පක්ෂයේ සියලුම තනතුරු වලින් මෙන්ම අමාත්‍යධුරයෙන්ද ඉවත් කිරිමට එජාප නායකත්වය තින්දු කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වය,අමාත්‍ය ධුරය,ඇතුලු වරප්‍රසාද රැසක් අහිමි වන අතර ජාතික ලැයිස්තුව හරහා ලැබුන මන්ත්‍රී ධුරයද අහිමි වන ඇති.

අවස්ථා ගණනාවකදි මුදලට විකුණුන වසන්ත ඉදිරි දින කිහිපය තුලදි ගෝඨාභය රාජපක්ෂ මහතා සමග එක්විමට සුදානමක් ඇති ඇති අතර ඒ වෙනුවෙන් ලක්ෂ 50ක මුදලක් මේ වනවිට වසන්ත සේනානායකට ඇඩ්වාන්ස් එකක් ලෙස ලබාදි තිබේ.

ඇඩ්වාන්ස් ලක්ෂ 50 ලැබුනු දිනයේ ජනාධිපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාසගේ ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරය සම්බන්ධයෙන් තමන් කලකිරීමකට පත්ව සිටිනා බව රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක ප්‍රකාශයක් සිදුකල අතර සජිත්ට ජනාධිපති අපේක්‍ෂත්වය ලබා දීමට දැඩිව විරුද්ද වූ පිරිස් දැන් ප‍්‍රචාරක කටයුතුවල මූලිකත්වය ගෙන තිබීම ඊට හේතුව බවයි.

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා සිය අගමැති අපේක්ෂකවරයා හෙළිකළ යුතු බවද එහිදි සදහන් කර තිබුනා.

පසුගිය දිනකිහිපය තුල එක්සත් ජාතික පක්ෂයේ පසුපෙල මන්ත්‍රීවරුන්ට දුරකතනයෙන් කතා කරමින් තමන් සමග ගෝඨාභයට එකතු වනලෙස වසන්ත කිහිප දෙනෙකුටම ආරාධනා කර තිබේන අතර ඒ වෙනුවෙන් මුදල් සහ පසුව පිහිටුවන ආණ්ඩුවේ විවිධ ඇමතිකම් ලබාදිමටද වසන්ත පොරොන්දු දි තිබේ.

 

Published on – Oct 29, 2019 කාන්තාවකගේ මාසික ඔසප් චක්‍රය හා සනීපාරක්ෂක තුවා පිළිබඳව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ගේ විග්‍රහය පාදක කරගනිමින් ගෙන යන අසංවර අසංවිදිත සංවාදය ට මේ මතයද එකතු කරන්නට කැමතිය.

යෝනියෙන් ඉපදි යෝනියටම නිග්‍රහ කරන අද සමාජයට ලබා ගන්න අයිති කරගන්න බැරි සෑම කාන්තාවක්ම බඩුවක් ලෙසට ගරහන සමාජයට පෑඩ් එකක් පිළිබඳව කතා කරන ජනාධිපති අපේක්ෂකයෙක් අමුතු පුද්ගලයෙක් ලෙස පෙනෙනවා ඇත.

ඔව් ඔහු අමුතු පුද්ගලයෙකි. රට සංවර්ධනය කරන්නට බලය ලබා ගන්නට දඟලන ජනාධිපති අපේක්ෂකයන් අතර ගෙදර අම්මාව, බිරිඳව, දියණියව, නැගණියව සංවර්ධනය කිරීම තුළින් රට සංවර්ධනය වන බව කල්පනා කරන ඔහු අමුතු මිනිහෙක්. විශේෂයෙන්ම ගෑණියෙකුගේ දුක නොහඳුනන, හැගීම් නොහඳුනන, වේදනාව නොහඳුනන රටකට ඔහු අමුතු මිනිහෙකි.

විශේෂයෙන්ම ලංකාවේ කාන්තාවන්ගේ සනීපාරක්ෂක සෞඛ්‍ය පිළිබඳව කතා කිරීමේදි එය ඉතා ම අඩු මට්ටමේ පවතින බව පැවසිය යුතුමය. ලිංගික අධ්‍යපනය, ලිංගිකත්වය පිළිබඳව විවෘතව කතා කිරීමට මැලිවන සමාජයක එය අරුමයක් නොවේ. සජිත් ප්‍රේමදාස පවසන්නේ සැබෑ කරුණකි. අපේ රටේ බොහෝ තරුණියන් සිය මාසික ඔසප් දිනයන් හිදි පාසලට යන්නේ නැත. එයට හේතු ගණනාවක් ඇත. එකක් එදිනයට ශරිරයේ පවතින දැඩි අපහසුතාවය හා වේදනාව වන්නට ඇත. එසේත් නොමැති නම් රුධිරය පිටවන ප්‍රමාණය අනුව සනීපාරක්ෂක තුවා නැතිනම් පෑඩ් මාරු කිරීමට ඇති අපහසුතාව හා පෞද්ගලිකත්වය විය හැකිය. නොඑසේනම් තවමත් රටේ බහුතර කාන්තාවන් පිරිසක් විසින් පෑඩ් වෙනුවට රෙදි භාවිතා කිරීම නිසාද විය හැකිය.

සජිත්ගේ ප්‍රකාශයට හිනා වෙන, සමාජ මාධ්‍ය ජාලා හරහා පොර ටෝක් දෙන කීයෙන් කී දෙනෙක් තමන්ගේ අම්මාට, බිරිදට, දියණියට පෑඩ් පැකට් එකක් ගෙනවිත් දී ඇති ද? පිරිමිකම ඔලුවට ගෙන කාන්තාවගේ මාසික ඔසප් වීම ගැන කතා කළාට සජිත්ට හිනා වෙන මානසික වශයෙන් ලිංගික බෙලහීනයෝ ගෙදර ගෑණි අමාරුවෙන් ඉන්න විට හේතුවවත් අසා ඇති ද? අඩුම තරමේ පැනඩෝල් පෙත්තක් වත් දී ඇති ද?

සජිත් ගේ මේ ආකල්පය වැඩියෙන්ම දිරවන්නේ නැත්තේ ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ පොහොට්ටුවාදින්ටය. කාන්තාවන් 100ක් දූෂණය කොට පිරිමිකමේ ලොකුව පෙන්වන්න සිය නායකයාගේ ආශිර්වාදයෙන් පාට් දැමූ පොහොට්ටුවාදින්ට, බුදිය ගැනීම හැරෙන්නට වෙන කිසිම දෙයක් ගෑණියෙක්ගේ නොදකින රාජපක්ෂවාදින්ට, ගෑණියෙක් වෙනුවෙන් තවත් ගෑණියෙක්ට සැමියා අහිමි කළ, දරුවෙකුට පියෙක් අහිමි කළ රාජපක්ෂවරුන්ට පෑඩ් මෑන් දිරවන්නේ නැතුව ඇති.

තමන්ට එරෙහිව පෑඩ් මෑන් ලේබලය ගසා බුකියේ රඟ දැක්වූ සියල්ලන්ටම සජිත් කන පැලෙන උත්තරයක් දී ඇත. එනම් වෑන් මෑන් වෙනවාට වඩා පෑඩ් මෑන් වීම තමාට ගෞරවයක් බවයි.


කාන්තාවකගේ ජීවිතයේ සංවේදිම පුද්ගලයන් දෙකොට්ඨාශය වන්නේ සිය සැමිය හා දරුවාය. සුදු වෑන් වලින් පුද්ගලයන් අතුරුදන් කරවිමින් කාන්තාවන් විශාල ප්‍රමාණයකට තම ස්වාමි පුරුෂයක් අහිමි කළ, දරුවන් අහිමි කළ රාජපක්ෂ පාලනයකට වඩා ගෝඨාභය රාජපක්ෂගේ නැවත පැමිණීමට වඩා සජිත් ගේ කාන්තා සංවේදිතාව අපට වටින්නේ එබැවිනි.

ගෝඨාභය රාජපක්ෂගේ පුනරාගමනය නැවත රටට ගේන්නේ අනිවාර්යයෙන්ම වෑන්මෑන් සංකල්පයක් වන අතරම 2010 දි සරත් ෆොන්සේකා සිරගත කරමින් අනෝමා ෆොන්සේකා අසරණ කළා සේ ගෝඨාභයට අද විරුද්ධ වන අයගේ භාර්යාවන් හා මෑණිවරුන් අසරණ කිරීම ඉර හද සේ විශ්වාසය. ගෝඨාභය වෙනුවෙන් කඩේ යන වහලුන්, බයියන්, දැනටාම් රඟන්නේ ගෝඨාභයගේ වෑන්මෑන් හයියෙන් බව පැහැදිලිය.

පෑඩ් පැකට් එකක් පත්තරෙන් වසා සංවරව හොරොන් රැගෙන යාම වෙනුවෙන් කොළඹ කාන්තාවන් එළිපිටම පෑඩ් පැකට් මිලදි ගන්නා බව පවසමින් කාන්තාවන් පෑඩ් ඇදීම විවේචනය කරමින් මීට මාස කිහිපයකට පෙර ලිපියක් පල කරමින් පුරුෂාධිපත්‍යය සමාජයක කාන්තාව සිටිය යුතු තැන පහදා දීමට උත්සහ කොට දැන් දැන් රාජපක්ෂලාට රෙදි නැතුව කඩේ යන දෙරණ අරුණ වැනි පුවත්පත් ද, යූ ටියුබ් හිට්ස් වැඩි කරගන්න ගෑණුන්ගේ නිරුවත විකුණා මුදල් හම්බ කරගත් ඉරාජ්ලා වැන්නද පාර කපන්නේ එම වෑන්මෑන් සංස්කෘතියටමය.

අපට අවශ්‍ය වන්නේ එවන් සමාජයක් නොවේ. යොනියෙන් ඉපදි යෝනියට ගරහන සමාජය වෙනුවට ගරු කරන සමාජය ක්‍ ය. මාසික ඔසප් වේදනාව නැතිකරන්න බැරි වූවද එම වේදනාවා බෙදා ගැනීමට හැකි අඩුම තරමේ එදිනටවත් ගෙදර වැඩ වලින් කාන්තාව නිදහස් කළ හැකි පිරිමින් සිටින සමාජයකි. පිරිමියෙක් ගේ යට කලිසම් දාරය ඩෙනිමට උඩින් මතුවී පෙනීම සාමාන්‍යයක් ලෙස දකින නමුත් කාන්තාවගේ යට කලිසම් දාරය ගැන අමුතුවෙන් නොදකින සමාජයක් ය. එහි හැරවුම් ලක්ෂය ලෙස සජිත් ප්‍රේමදාස පළමු පියවර තැබීම ගැන සතුටුවන්නේ එහෙයිනි.

කාන්තාවකගේ අගය දන්නේ කාන්තාවක් ඇසුරේ හැදෙන පිරිමයෙක් පමණි. හැම ගෑණියෙක් ලඟම හුරතල් වන, හැම ගෑණියෙක් සමඟම නිදා ගන්න දතකන පිරිමියා පවුලක අගය, ගෑණියෙකුගේ අගය, දරුවෙකුගේ අගය දන්නේ නැත. එක්ව ඉදිරියට යමින් තිත තැබිය යුත්තේ එම සමාජයටය.

Top