Published on – Oct 29, 2019 ලංකාවේ විකල්ප මතධාරි වෙබ් අඩවි වන http://lankanewsweb.today හා www.lankaenews.com වෙත ලංකාවේ සිට ප්‍රවේශ වීමට පනවා තිබූ බාධා ඉවත් කොට තිබෙනවා.

ඒ අනුව පසුගිය කාලය පුරාම අවස්ථා ගණනාවකදි ශ්‍රි ලංකාව තුල අවහිරයට ලක්වු වෙබ් අඩවි ද මේ සමඟ ම බාධා රහිතව පිවිසීමේ හැකියාව ලබා ගෙන ඇත.

වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගේ ක්‍රියාකාලපයන් රැසක් සම්බන්ධයෙන් දැඩි ලෙස විවේචනයට ලක්කිරිම ආන්දෝලනාත්මක ලෙස සත්‍ය හෙලි කිරීම නිවුස් වෙබ් හා ලංකා ඊ නිවුස් වෙබ් අඩවි තහනම් කිරීමට හේතු වූවා.

එහෙත් එම තහනම් කිරීම හරහා ජනතාව එම වෙබ් අඩවි වලට ප්‍රවේශ වීම පාලනය කිරීමට හෝ ප්‍රවේශ වීම නතර කිරිමට නොහැකි වූ අතර එය වෙබ් අඩව් තහනම් කිරිමට කටයුතු කළ පාර්ශවයන්ගේ බලාපොරොත්තු කඩ කිරීමට හේතු විය.

ඒ සමඟ ම විදේශීය රටවල් හරහා කුලියට ගන්නා ලද වෙබ් අඩවී හැකර්වරු හරහා මෙම වෙබ් අඩවි වල පලවන පුවත් විනාශ කිරීමට, වෙබ් අඩවි වෙත වෛරස එල්ල කිරීමට කටයුතු කරනු ලැබීය.

විදුලි සංදේශ කොමිසම් සභාව විසින් මෙම අවහිරය ඉවත් කිරීමට කටයුතු කොට තිබෙනවා. විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ජනාධිපතිවරය යටතේ පවතින අතර ජනාධිපති ලේකම්වරයා එම කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස නිල බලයෙන් කටයුතු කරයි.

 

 

Published on: Oct 29, 2019 ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක වෘත්තීය සම්ති අයිතිය යනු වැඩි පිළිගැනීමක් ලැබෙන අයිතිවාසිකමක් ය. රාජපක්ෂ රෙජීමය තුළ කටුනායකදි සේවක අර්ථසාධක අරමුදල බේරා ගැනීමට පාරට බැස්ස රොෂේන් චානක ලාව ගෝඨාභය රාජපක්ෂ ගේ අණින් මරා දැම්මාට 2015 පසුව පත් වූ වර්තමාන යහපාලන ආණ්ඩුව කෙතරම් අවාසිදායක තත්ත්වයකදි වූවද වෘත්තීය සමිති මර්දනය කිරීමට කටයුතු නොකළා.

මේ හේතුව නිසාම රාජපක්ෂ පවුල්වාදින් පොහොට්ටුවේ බැල මෙහෙවරකම් කරන උදවිය සිය වෘත්තීය සමිති හෙංචචයියන් ලවා අසාධාරණ ලෙස වැඩ වර්ජන, පිකටීං, ඉල්ලීම් හරහ රාජ්‍ය සේවය, රටේ පරිපාලනය හා සාමාන්‍ය ජන ජීවිතය අඩාල කිරීමට උත්සහ ගනු දක්නට ලැබීය.

එලෙස අසරණ ජනතාවගේ ජීවිත සමඟ අනුකම්පා විරහිතව සෙල්ලම් කරන වෘත්තීය සමිතියක් ලෙස රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය හෙවත් GMOA හැදින්විය හැකිය. තම කේෂ්ත්‍රයට අදාළ හෝ වේවා නොවේවා රටේ සාමාන්‍ය වැඩ පිළිවෙත අවුල් කරමින් සාමාන්‍ය ජන ජිවිතයට බාධා කළ හැකි ප්‍රස්තුතුයක් වේ නම් ඒ හරහා වැඩ වර්ජනය කරමින් අසරණ රෝගි ජනතාවගේ ජීවිත හා සෙල්ලම් කිරීම GMOA ප්‍රතිපත්තිය විය.

GMOA කරලියට එන්නේ සයිටම් අරගලයේදි වූවත් සයිටම් අරලගය ආරම්භ වන මුල් වකවානුවේ එනම් රාජපක්ෂ රෙජීමය සමයේ සයිටම් සටන වෙනුවෙන් GMOA පෙනි සිටියේ නෑ. සයිටම් ගැන හා රජයේ වෛද්‍ය පීඨයන්ගෙන් එළියට එන ශිෂ්‍යයන් ගැන GMOA ට කැක්කුම ඇති වෙන්නේ යහපාලන රජය පත්වීමත් සමඟය.

සයිටම් අරගලයේ පන්නරය ලබා ගමින් මේ වන විට  GMOA ආණ්ඩුව කැස්සත් එයට එරෙහිව කෙලින් පැය 24 වැඩ වර්ජන වලට යොමු වන්නේ ජනතා මුදලින් ඉගන ගෙන ජනතා මුදලින් විශේෂඥ වෛද්‍ය පට්ටම් ලබා ගෙන, ජනතා බදු මුදලින්ම ලක්ෂ ගණනින් පඩි අරගෙන ලැජ්ජ නැතුව රෙද්ද ලෙහාගෙනය.

GMOA හි මෙම විලිසංගයක් නැති වැඩ පිටුපස ඇත්තේ මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුලට රෙද්ද නැතුව කඩේ යන අනුරුද්ධ පාදෙනිය වේ. රාජපක්ෂ රෙජිමය සමයේ කට වසා අකුලා ගෙන සිටි GMOA හි සභාපතිධූරය අනුරුද්ධ පාදනිය ලබා ගන්නේ රාජපක්ෂවරුන්ගේ කුමන්ත්‍රණයක ප්‍රතිපලයක් ලෙස වන අතර අනතුරුව සමාජිකයන්ගේ ඡන්ද වලට පවා වංචා කරමින් දිගින් දිගටම වෛද්‍ය සංගමයේ සභාපති වීමට පාදෙනිය කටයුතු කරන්නේ රාජපක්ෂලාගේ කලු සල්ලි විසිකරමිනි.

අනුරුද්ධ පාදෙනිය වසර ගණනාවක් පුරා සිය බළල් අත මෙහෙයවා GMOA නටවමින් රාජපක්ෂලාගේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් මේ රටේ සුවහසක් රෝගො ජීවිත ඇපයට අරගනිම්න් ක්‍රියා කළේ ඔහුගේ පාදඩකම වෘත්තීය ගෞරවයට මුවා කරගෙන වුවත් ඒ ජඩ කමේ කල එළි බැසීම එලිපිටම නිර් වස්ත්‍රව ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එලි දැක්වීමේදි සිදුවිය.

මීට පෙර අවස්ථා ගණනාවකදීම වියත් මග සම්මේලන වලදි පාදෙනිය දැක ගත හැකි වූවද  ඒ සියල්ල වසා දැමීමට පාදෙනිය ප්‍රමුඛ GMOA නිලධාරින් මණ්ඩලය කටයුතු කළද මෙවර ජනාධිපතිවරණයේදි ස්ථීර් වශයෙන් ම ගෝඨාභය රාජපක්ෂ ජය ගන්නා බවට විශ්වාස කරන පොහොට්ටු වහලුන් අතර පාදෙනියද සිටින බැවින් තවදුරටත් රාජපක්ෂවරුන් සමඟ ඇති සම්බන්ධය වසන් කිරීමට ඔහුට අවශ්‍ය නොවේ.

ජනතා මුදලින් කෝටි ගණනින් සිය දෙමාපියන්ගේ ස්මාරකය වෙනුවෙන් වෙන් කරව ගැන එයිනුත් භාගයට භාග්යක් හොරකම් කළ රාජපක්ෂල අසලම සිටිමින් තවත් මේ රටේ අහිංසක දෙමාපියන් දවස් ගණනක් ඉස්පිරිතාලවල රස්තියාදු කරවු, අසනීපයට බොන්නට බෙහෙත් වේල නොදී ඒ අහිංසක ජනතාව නැවත හරවා යැවූ පාදඩ,මුග්ධ පාදෙනිය රටට පවසන්නෙ ඔවුනට හැරෙන්නට සාමාන්‍ය ජනතාවට මේ රටේ ජීවත් වීමට සිය අයිතිය වෙනුවෙන් පෙනි සිටීමට හැකියාවක් නොමැති බවද?

තවදුරටත් මෙවැනි තිරසන් ගති ඇති කකුල් දෙකේ සතුන්ට අහිංසක ජන ජීවිතය සමඟ සෙල්ලම් කිරීමට අහිංසක ජනතාවගේ මරණ වරෙන්තුව ලිවීමට ඉඩ දිය යුතුද?

Published on- Oct 28, 2019 රාජපක්ෂ ජුන්ටාව මාෆියාවකි. එහි දේශීය හස්තය දේශපාලන කෙමනක් වන පොහොට්ටුව මගින් නියෝජනය කරන කල එහි ජාත්‍යන්තර හස්තය පුර්න වශයෙන නියෝජනය කරන්නේ පුර්න වශයෙන්ම නියෝජනය කරන්නේ පුර්න වශයෙන්ම කලු මෆියාවකි. එහි ප්‍රධානියන් ලෙස කටයුතු කරන්නේ උදයංග වීරතුංග හා නිස්සංක සේනාධිපති යන ජාත්‍යන්තර රතු වරෙන්තු කරුවන් විසිනි. ඔවුන් ගේ ප්‍රධාන ආදායම් ප්‍රභවය සුළු ආයුධ වෙලඳාම (small arms trade) හා මත් කුඩු ජාවාරමයි. ඔවුන්ගේ ජාත්‍යන්තර තිප්පොලවල් වී ඇත්තේ රුසියාව , අප්‍රිකානු මහා ද්විපයේ ජිබුටිය හා ඩුබායි රාජ්‍ය පදනම් කොට ගෙනය. වීරතුංග රුසියාවේ සිටද සේනාධිපති ජිබුටියේ සිටද සිය කලු ව්‍යාපාර සිදුකරනු ලබයි. ඔවුන් ගේ ප්‍රධාන අපරාධ සහායකයන් වන්නේ අවි ජාවාරම් කරුවන් සහ හෙරොයින් ජාවාරම් කරුවන් වන කල ඔවුන් ගේ ප්‍රධාන සේවාදායකයන් වන්නේ ඉස්ලාම් රාජ්‍යය ත්‍රස්තවාදින් ඇතුලු යුක්‍රේනයෙද මැදපෙරදිග ක්‍රියාත්මක අනෙකුත් ත්‍රස්තවාදීන් වන්නේය. නුදුරේ දි මරා දමනු ලැබු අබු බකර් අල් බැග්ඩාඩි ගේ නියෝජිතයන් ඩුබායි හිදි විරතුංග හා සේනාධිපති සමග ඩුබායි හිදි නිරතුරුව හමුවි ඇති බව ජාත්‍යන්තර පොලිසිය වාර්තා කොට තිබේ.

2015 ජනවාරි 8 වනදා රාජපක්ෂවරු මෙරට බහුජනතාව විසින් පරාජය කරන අවස්ථාවේදී සෑම දෙනාගේම තක්සේරුව වුයේ රාජපක්ෂවරු ජාත්‍යන්තර දේශපාලනය විසින් කොන්කරන ලද අන්ත අසරණ දේශපාලන රෙජීමයක් බවයි. නමුත් රාජපක්ෂලා බලයෙන් පහ කොට වසර පහකට පසු හෙලි වු යථාර්තය නම් රාජපක්ෂලා යනු ජාත්‍යන්තර දේශපාලනයෙන් කොන් වු අය නොව ජාත්‍යන්තර දේශපාලනය හැඩ ගැස්ස වු අය බවයි.

මා එසේ කියන්නේ ඇයිදැයි පැහැදිලි කර දීමට කැමැත්තෙමි.

රාජපක්ෂවරු බලයෙන් පහ වීමට ප්‍රථම ජාත්‍යන්තර දේශපාලනය අදට වඩා බොහෝ  වෙනස්ය. 2014 වසරේ අවසනාය වන විට ලෝකයේ ප්‍රවෘත්ති ආයතන පිරී ගියේ සෝමාලියානු මුහුදු මංකොල්ලකරුවන්ගේ නැව් පැහැරගැනීම්, ඕස්ට්‍රේලියාවට බොට්ටු හරහා සිදුවන මිනිස් ජාවාරකම්, නයිජීරියාවේ බොකෝහරාම් ත්‍රස්තවාදීන්ගේ මිලේඡ්ඡක්‍රියා හා යුක්රේන් බෙදුම්වාදී කැරලි කරුවන්ගේ සටන්, ගුවන්යානා වලට පහරදීම් වැනි ක්‍රියාකාරම් වලිනි. නමුත් 2015 ජනවාරි 8 වනදා සිදුවු ශ්‍රී ලාංකික බල මාරුව නැතහොත් රාජපක්ෂ වරුන්ගේ ඇද වැටීමත් සමගම ලෝකයේ පුවත් මැවු මා ඉහත සඳහන් කල සියළුම ත්‍රස්තවාදී හා ජාවාරම්කාරී ක්‍රියා හදිසියේම ඇන හිටීයේය. රාජපක්ෂවරුන්ගේ බලයෙන් පහවීමත් මෙම ත්‍රස්තවාදී ක්‍රියා අවසන්වීමත් අතර දැඩි සම්බන්ධයක් ඇති බව පසුගිය වසර පහ තුල ජාත්‍යන්තර දේශපාලනය තේරුම් ගත්තේය.

සෝමාලියානු මුහුදු මංකොල්ලකාරයෝ හා නැව් සමාගම් වලින් කප්පම් ගැනීම

රාජපක්ෂවරුන්ගේ පවුල් සමාගමේ විවිධ ආකාර වෘත්තිකයින්, නිපුණතා ඇත්තන් හා සම්බන්ධතා ඇත්තන් සිටි. ඒ අතර ප්‍රධාන අයෙකු වන්නේ මහින්ද රාජපක්ෂවරුන්ගේ මවු පාර්ශ්වයේ ඇවැස්ස සහෝදරයකු වන රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගයි. උදයංග වීරතුංග ගේ තරුණ කාලය ගෙවී ඇත්තේ යුක්රේනයේය. ඔහු විවාහ වී සිටින්නේද යුක්රේන ජාතික කාන්තාවක් සමගයි. රාජපක්ෂවරුන්ගේ ජාත්‍යන්තර සබදතා මෙහෙය වීමේ ප්‍රධාන පුරුක වන්නේ උදයංග වීරතුංගයි. ඔහු රතු නිවේදන නිකුත් වු අන්තර්ජාතික ත්‍රස්තවාදියකු හා ජාවාරම්කාරයෙකුද වේ. මේ දින වල ඔහුගේ කාලයෙන් වැඩි කොටසක් ගෙවෙන්නේ ඩුබායි, සිරියාව හා මැදපෙරදිග කලාපයේය. ඔහුගේ මහපරිමාණ ආයෝජන නිසා ඩුබායි දේශය ඔහුට එහි ජීවිතය පවත්වා ගෙන යාමට ඉඩ සලසා ඇති අතර ඩුබායි යනු ඕනෑම මට්ටමේ ආයෝජනයකුට හිතකර රටකි. 2014ට ප්‍රථම ශ්‍රී ලංකාවේ ඇවන්ගාඩ් සමාගම ආරක්ෂක අමාත්‍යංශයේ විශේෂ අවසරයක් මත ක්‍රියාත්මක වු බලවත් සමාගමකි. මෙම සමාගමේ ප්‍රධාන කාර්ය වන්නේ සෝමාලි කැරුලි කරුවන්ගෙන් නැව් බේරා ගැනීමයි. මේ සඳහා නැව් සමාගම් විශාල මුදලක් ඇවන්ගාඩ් සාමාගමට ලබා දුනි.

එසේ තිබියදීත් ඇවන්ගාඩ් සමාගමේ ආරක්ෂාව ලබා නොගත් නැව් සෝමාලි මුහුදු මංකොල්ලකරුවන් විසින් පැහැර ගන්නා ලදී. මේ වෙනුවෙන් ඇමරිකානු හා බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවා අත්අඩංගුවට ගත් සෝමලි කැරලි කරුවන් සතුව තිබු ආයුධ හා එම ආයුධ වල හා තිබු උණ්ඩවල කේතාංක ශ්‍රී ලංකා රජයට අයත් බව එදා එම ඔත්තු සේවා ශ්‍රී ලංකා රජයටත් ජාත්‍යන්තර නාවික ප්‍රවාහන ආයතනයටත් දැනුම් දුන්නේය. සැබවින්ම ශ්‍රී ලංකා රජය හෝ එම රජයේ කණ්ඩායමක් නැව් ආරක්ෂා කිරීමේ කටයුතු සිදුකරන අතරම සෝමාලි මුහුදු මංකොල්ලකරුවන්ද පෝෂණය කල බව අද හෙලි වී තිබේ. එමෙන්ම රාජපක්ෂවරු බලයෙන් පහවු පසු එකදු නැව් මංකොල්ලකෑමක්වත් වාර්තා වී නැත. ඒ අනුව අපට නිගමනය කල හැක්කේ සෝමාලි මුහුදු මංකොලලකරුවන්ගේ වැඩ පිළිවෙලත් එවා බේරාගැනීම සඳහා නැව් සමාගම් වලින් කප්පම් ගැනීමත් තනිකරම රාජපක්ෂවරුන්ගේ ව්‍යාපෘතියක් බවයි.

ඕස්ට්‍රේලියානු මිනිස් ජාවාරම් හා නයිජීරියානු බොකෝ හරාම්

එමෙන්ම ඕස්ට්‍රේලියාවට මුහුද මාර්ගයෙන් මිනිසුන් ජාවාරම් කිරීම එවකට එම රජයට අතිවිශාල ප්‍රශ්නයක්ව තිබිණි. රාජපක්ෂවරු බලයෙන් පහ වු පසු එකදු මිනිස් ජාවාරම් බෝට්ටුවක්වත් ඕස්ට්‍රේලියාවට ගිය බවට වාර්තා වී නැත. ඉන් අදහස් වන්නේද ලංකාව තුල සිදුවු මිනිස් ජාවාරම් රාජපක්ෂ රෙජීමයේ සහ ඒ මිලිටරි ජුන්ටාවේ අනුදැනුම මත සිදු වු බවයි. එසේම නයිජීරියාවේ බොකෝ හරාම් ත්‍රස්තවාදීන්, ඔවුන්ගේ ක්‍රෑර මිලේච්ඡ ක්‍රියා 2015 ජනවාරියෙන් පසු නවතා දමා තිබේ. බොකෝ හරාම් යනු ලෝකයේ එතෙක් මෙතෙක් පහල වු මිලේච්ඡතම ත්‍රස්තවාදී කණ්ඩායම් වලින් එකකි. ඔවුන්ගේ ප්‍රසිද්ධම ත්‍රස්තවාදී ක්‍රියාව වන්නේ පාසල් දැරියන් 200ක් පැහැරගෙන ගොස් පුරා වසරක් තිස්සේ ඔවුන් රදවා ගනිමින් දුෂණය කිරීමයි. වසරකට පසු එම දැරියන් නිදහස් කරන විට සාතීශීය බහුතරයක් ගර්භනී වී තිබු අතර තව කණ්ඩායමක් මරා දමා තිබුණි. එසේම මානසික ආතතිය, විශාදය වැනි මානසික රෝග වලින් පෙලෙමින් තිබුණි. මෙම බොකෝ හරාම් ත්‍රස්තවාදීන් හට සපයා දී තිබු ආයුධ එල්.ටී.ටී.ඊ සංවිධානයට හා ශ්‍රී ලංකාවේ හමුදාවලට අයත්ව තිබු බව ජාත්‍යන්තර ඔත්තු සේවා එක්සත් ජාතීන්ගේ සංවිධානයට වාර්තා කර තිබුණි.

එමෙන්ම මුලෝපායිකව කිසිදු වැදගත් කමක් නැති අප්‍රිකානු රාජ්‍යයන් හා තානාපති සබදතා ආරම්භකොට එයට ලියනගේ මහතා තානාපති ලෙස පත්කොට බොකො හරාම් ත්‍රස්තවාදීන් රාජය ත්‍රාන්ත්‍රකිව පෝෂණය කල බව ජාත්‍යන්තර ත්‍රස්තවාදය පිලිබදව අධ්‍යනයක කරන විද්වතුන් පෙන්වා දී තිබේ. ඒ පිළිබඳ පල වු මත හා ලිපි අන්තර්ජාලයෙන් සොයගත හැක.

තව බොහෝ තොරතුරු ඇතත් ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදී ව්‍යාපාර හා මිනිස් ජාවාරම් එමෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම් සදහා රාජපක්ෂවරු පාලනය කල ශ්‍රී ලංකා ආණ්ඩුවේත් ඔවුන්ගේ ජුන්ටාවේත් සම්බන්ධයක් තිබු බව හෙලි වී තිබේ. එය සරලව තේරුම් ගත හැක්කේ රාජපක්ෂවරු බලයෙන් පහ වීමෙන් පසු ඉහත සඳහන් කල ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් හා ජාවාරම් තව දුරටත් ලෝක දේශපාලනය තුල නොමැති වීමෙනි. ඇවන්ගාඩ් සමාගම හා රාජපක්ෂ රෙජීමය විශාල ජාත්‍යන්තර ත්‍රස්තවාදී වැඩ පිළිවෙලක් පවත්වාගෙන ගිය අතර එය සම්පුර්ණයෙන්ම සම්බන්ධීකරණය කරන ලද්දේ රතු වරෙන්තු ලබා ඇති ජාත්‍යන්තර ත්‍රස්තවාදියකු වන රාජපක්ෂ මවු පාර්ශවයේ ඇවැස්ස සහෝදරයකු වන උදයංග වීරතුංග විසින් බව මෙරට ඔත්තු සේවාද මේ වන විට අධිකරණයට වාර්තා කර තිබේ.

පාස්කු ඉරිදා ප්‍රහාරය කුමන්ත්‍රණයක්

අවසාන වශයෙන් මෙම කරුණු කාරණා සලකා බැලීමේදී පෙනී යන කාරණයනම් අප්‍රේල් 21 වනදා සිදුවු පාස්කු ඉරිදා ප්‍රහාරය හුදකලා සිදුවීමක් නොවන බවයි. මන්ද යත් සහරාන් ඇතුළු එම අන්තවාදීන් පෝෂණය කොට ගොඩනගා තිබුණේ ශ්‍රී ලංකා රාජ්‍යය ආරක්ෂක අරමුදලේ අනුග්‍රහයෙනි. එසේම සහරාන් 2010 සිට 2014 දක්වා ලංකාවේ ආරක්ෂක අමාත්‍යංශයේ ගෝඨාභයගේ වැටුප් ලබන්නෙකු ලෙස සිට තිබේ. එමෙන්ම පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධීකරනය කොට තිබුණේ කොළඹ ෂ්‍රැංග්‍රිලා හෝටලයේ සිටය. ෂ්‍රැංග්‍රිලා හෝටලයේ සියළුම ආරක්ෂක ප්‍රධානීන් ගෝඨාභයගේ මැතිවරණ ව්‍යාපාරයේ ඉහල තනතුරු දරන්නන්ටය.එසේම මෙම ප්‍රහාරය සඳහා සහරාන් ඇතුළු කණ්ඩායමභාවිතා කර ඇත්තේ ISIS (TATP) tri-cyclic acetone peroxide නමැති පුපුරණ ද්‍රව්‍ය යන්ය. එසේම කොළඹපිටකොටුවෙ පිටකොටුවේ දී අත්අඩංගුවට ගත්ඩෙටනේටර් හය සියල්ලම පාහේසිරියාවේ ත්‍රස්තවාදයෙන් භාවිතා කරන ලද ඒවාය එසේම දැනට හෙළි වී ඇති හෙළි වී ඇති තොරතුරු අනුව සහරාන් ඇතුළු කණ්ඩායම ජාත්‍යන්තර සම්බන්ධතා සම්බන්ධීකරණකොට ඇත්තේ උදයංග වීරතුංග යඑමෙන්ම තවත් ප්‍රධානතම සැකකටයුතු තත්ත්වයක් වන්නේ මෙම සුවිශේෂී පුපුරණ ද්‍රව්‍ය  Hydrogen peroxide වලින් යුතු වන අතර මෙම රසායනය අධිශීතකරණ එක තැන්පත් කළ යුතුයි මෙහිදී ඇවන්ගාඩ් සමාගම ලංකාවේ ප්‍රධානතම සපයන්නා බව අප අමතක කළ යුතු නැති බවයි. එසේ ම සහරා සමඟ ප්‍රසිද්ධියේ ගනුදෙනුකළ අනුග්‍රහය දැක්වූ හිස්බුල්ලා මැතිවරණයට සහ මැතිවරණයට සහයෝගය දැක්වීමට පැමිණීම මෙම කාරණාව තවත් මෙරට ජනතාව ඔප්පු කොට දක්වයි.

වන අතර ගෝඨාභය පාස්කු ප්‍රහාරය සිදුවී පැය 24ක් යෑමට මත්තෙන් ඔහුගේ අපේක්ෂකත්වය නිවේදනය කලේය. මෙම කරුණු කාරණා සලකා බැලීමේදී පෙනීයන ප්‍රධාන කාරණය නම් පාස්කු ප්‍රහාරය එල්ලකොට කතෝලික ජනතාව සිය ගණනක් ඝාතනය කිරීම හා ගෝඨාභයගේ අපේක්ෂකත්වය අතර ලග සම්බන්ධයක් ඇති බවමාගේ හැගීමයි. එවැනි වැඩ පිලිවෙලක අවශ්‍ය සම්බන්ධතා හොදින් පුහුණු වු කණ්ඩායම් හා ඇති තරම් මුදල් එම කඳවුරට තිබේ. එබැවින් මෙම කුමන්ත්‍රණ කාරී ජාත්‍යන්තර ත්‍රස්තවාදී කල්ලිය පරාජය කිරීම මේ මෙහොතේ මේ රට ඉදිරියේ ඇති පරම වගකීමයි.

The Rajapaksa junta is an integral part of international terrorism! Easter attack is s conspiracy to bring Gota into power!

Published on- Oct 28, 2019 තම පොහොට්ටු ගබඩාවේ අනිවාර්යයෙන් ම ලක්ෂ 50 ක් ඡන්ද ඇති බවත් සිය සහෝදරයාගේ ජයග්‍රහණය අනිවාර්යයෙන්ම සිදුවන බවත් පවසමින් කඩේ යන මාධ්‍ය නාලිකා වල දේශපාලන වැඩසටහන් වලදි පාරම් බෑ බැසිල් රාජපක්ෂ හිතපු තරම් ජනප්‍රසාදයක් පොහොට්ටුව නොලැබෙන බව දැක පරාජ භීතිකාවකට ලක් ව තිබෙනවා.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදි ලංකාවෙන්ම පොහොට්ටුවට ලැබුණු ලක්ෂ 50 කට ආසන්න ඡන්ද සංඛ්‍යාව එලෙසම තමන් වෙත ඇති බවට හා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද ලක්ෂ 15 එකතු වූ විට ලක්ෂ 65 ක ඡන්ද පදනමක් ඇති බවට බංකොළොත් දේශපාලන තර්ක ගොඩ නගා ගනිමින් සිහින මාලිගයක ජීවත් වූ බැසිල් පුංචි ඡන්දයේ  දි පොහොට්ටුවට ලැබුණු ඡන්ද ප්‍රමාණය ඒ ආකාරයෙන්ම නොලැබෙන බව දැන් පසක් කොට ගෙන ඇත.

අනිත් අතට බෙහෙතකට හෝ ශ්‍රි ලාංකා නිදහස් පක්ෂ සංවිධායෙකුගේ සහය ගෝඨාභය රාජපක්ෂ වෙත ලබා ගැනීමට නොහැකි වීමත් හිටපු ජනාධිපතිනිය විසින් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ පාලනය සියතට ගැනීමට කටයුතු කිරීමත් කරමින් පවතීමත් සමඟ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට හිතැති එකදු ඡන්දයක් හෝ නොලැබෙන බව බැසිල් රාජපක්ෂ සිය ජනාධිපති මෙහෙයුම් කමිටුව හමුවේ අවධාරණය කොට තිබෙනවා.

ඒ අනුව පරජයේ අඳුරු සෙවනැලි දැඩි වෙත්ම ගිලෙන්න යන මිනිහා පිදුරු ගහේ එල්ලුනා වගේ ඡන්ද සෙවීමේ වගකිම බිම් මට්ටම වෙත පැවරීමට බැසිල් පටන් ගෙන ඇත.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කළ පළාත් පාලන ආයතන 231 ම සභාපතිවරුන්ට බැසිල් රාජපක්ෂගෙන් දුරකතන ඇමතුමක් යන්නේ බැසිල්ගේ නව ඡන්ද සෙවීමේ වැඩ පිළිවෙළේ කොටසක් ලෙසය.

විනාඩියත් විනාඩි 3 ත් අතර කාලයක් වන මෙවැනි දුරකතන ඇමතුමක් බැසිල් රාජපක්ෂ විසින් පොහොට්ටුවට අයත් සෑම පළාත් පාලන ආයතන සභාපතිවරයෙකුට පෞද්ගලිකව ම ලබා දී තර්ජනයකොට  ඇත.

එම තර්ජනයෙන් බැසිල් සඳහන් කොට ඇත්තේ මේ යන විදියට ගියෝත් ගෝඨාභය රාජපක්ෂ අනිවාර්යයෙන්ම පරජය වන බවත් එයින් ගැලවීමට සිය පාලන ප්‍රදේශයේ තිබෙන සෑම ඡන්ද මධ්‍යස්ථානයකදීම (polling bout) අනිවාර්යයෙන්ම පොහොට්ටුවම මින් පෙර නොලැබුණු නොදැමුණු (බැසිල්ගේ වචන වලින්ම කිවහොත් අපේ නොවන ඡන්ද) 15 දමා ගැනීමේ වගකීම අදාළා සභාපතිවරයා හා මන්ත්‍රි කණ්ඩායම සතු වන බවයි.

බැසිල් ගේ මෙම ප්‍රකාශයක් ඉල්ලීමක් හෝ නීයෝගයක් නොවන තර්ජනයක් ලෙස ක්‍රියාත්මක වි ඇති අතර කුමන තත්ත්වයක් යටතේ හෝ පොහොට්ටුව නොවන එනම් එක්සත් ජාතික පක්ෂයේ හෝ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද 15 ක් එක ඡන්ද මධ්‍යස්ථානයක ඡන්ද පෙට්ටියට වැටවීම අනිවාර්යය වේ.

බිම් මට්ටමේ ජනතාව සමඟ කටයුතු කරමින් ගෝඨාභයගේ සියවසේ මහා පාවා දීම සමග පොහොට්ටු පාක්ෂිකයින්ගෙන් පවා එන විරෝධයට මුහුණ දෙන පළාත් පාලන නියෝජිතයන් බැසිල්ගේ මෙම තර්ජනය සමඟ අවුල් වි ගොස් ඇති අතර දිනන බවට පොර ටෝක් දී පස්ස බිම ඇනුනු පසු සියල්ල තම කරපිට පටවා ඇති බවත් ඡන්ද මවන්න්දැයි ප්‍රශ්න කරමින් තැන තැන සාකච්ඡා කරන බවත් වාර්තා වේ.

මේ අතර ගෝඨාභය රාජපක්ෂ ගේ ජන රැළි සඳහා සහභාගි නොවන රාජ්‍ය සේවකයන්ට තර්ජනය කරමින් බැන වැදීමේ ක්‍රියා පිළිවෙතක්ද බත්තරමුල්ල නෙළුම් මාවතේ පොහොට්ටු කාර්යාලයෙන් ක්‍රියාත්මක වේ.

පොහොට්ටු කාර්යාලයේ නිලධාරින් විසින් රාජ්‍ය සේවකයන්ට බැන වදිමින් ගෝඨාභය රාජපක්ෂගේ ජන රැළි වලට සහභාගි නොවීමේ හේතු විමසන හඬ පටියක් අප වෙත ලැබී තිබෙනවා.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වූ පසු රාජ්‍ය සේවකයන් කකුල් ලඟ වැද වට්ටවා, අවනත නොවූ සියළුම රාජ්‍ය සේවකයන්ට පාඩම් උගන්වන්න ට හිතා හිටින පොහොට්ටුවේ බලයෙන් ඔලුව උදුම්වා ගත් පිරිසගේ හැසිරීම දැනටම මෙසේ නම් බලය ලැබුණාට පසු කවර කතා ද?

 

Published on: Oct 28, 2019 – ජනාධිපතිවරණයක් ලං වෙනකොට පැත්තෙන් පැත්තට පනින පිරිස අතර විජේදාස රාජපක්ෂ සිටින්නේ ඉදිරියෙනි. 2015 ජනාධිපතිවරණයේ සිට විජේදාස එහාට මෙහාට පැන පැන සිටි ආකාරයට ඇත්තටම ඔහු හිටියේ මොන පිලේ ද යන්න සිතා ගැනීමට පවා නොහැකි විය.

කෙසේවෙතත් වර්තමාන යහපාලන ආණ්ඩුවට හේත්තු වී අධිකරණ අමාත්‍ය හා බුද්ධ සාසන අමාත්‍යාංශ බාර අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් විජේදාස රාජපක්ෂ විසින් කර ඇත්තේ මහින්ද රාජපක්ෂගේ කොන්ත්‍රාත්තුවක් බව දැන් දැන් පැහැදිලිය.

අධිකරණ අමාත්‍යවරයා වශයෙන් සිටියදි රාජපක්ෂ රෙජීමයේදි කෝටි ගණනින් මහජන මුදල් කොල්ල කෑ රාජපක්ෂ පවුලේ සමාජියකයන්ට මෙන්ම විමල්, ගම්මන්පිල, ජොන්සටන්, මහින්දානන්ද, වැනි පොහොට්ටු අගසව්වන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම විජේදාස රාජපක්ෂ විසින් වළක්වා ඇති බව දැන් තහවුරු වී අවසන්‍ ය.

විජේදාස රාජපක්ෂම පවසන පරිදි රාජපක්ෂවරුන්ට හා හෙංචයියන්ට නීතිය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කිරීමට ඉඩ ලබා දී නොතිබෙන්නේ රජයේ අමාත්‍යවරුන් වන අතර ‘ මට වැඩක් කරන්න දෙන්නේ නෑ කියමින් අමාත්‍යධූරයෙන් ඉවත් වී විජේදාස රාජපක්ෂ ස්වාධීන මන්ත්‍රිවරයෙක් බවට පත් වන්නේ සිය නාමයම තියන රාජපක්ෂලාට ඇති පමණ කඩේ යාමට අවස්ථාව නොලැබුණු බැවිනි.

දැන් දැන් හෙලි වෙමින් යන කරුණු කාරණා අනුව විජෙදාස රාජපක්ෂ යනු හොරුන්ගෙත් හොරු කම්බ හොරෙකි. ඇවන්ගාඩ් සමාගම සමඟ විජේදාස රාජපක්ෂ හට සම්බන්ධයක් ඇති බව ආණ්ඩු පක්ෂයේ පමණක් නොව පොහොට්ටුවේ මන්ත්‍රිවරුන් පවා පසුගිය අවුරුදු 4 දි චෝදනා එල්ල කළා.

නමුත්ඊයේ හිටපු නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වසන්ත නවරත්න බණ්ඩා විසින් විජේදාස රාජපක්ෂ අධිකරණ අමාත්‍යවරයා ලෙස රාජපක්ෂවරුන්ට සුදු හුණූ ගෑමේ ක්‍රියාවන් අනාවරණය කිරීම සමඟ ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සමඟ විජේදාස පැවැත්වූ හොර ගණුදෙණු, ඩීල්, අත යට ගැහිලි, සියල්ල හෙලි වීඅවසානය .

මුහුදු කොල්ලකරුවන්ට එරෙහිව තම නෞකාවේ ආරක්ෂාව වෙනුවෙන් නාවික යාත්‍රා වලට ආයුධ සැපයීම සඳහා නීත්‍යානුකූල ලෙස නාවික හමුදා විසින් පවත්වා ගෙන ගිය සාර්ථක ව්‍යාපාරය මහින්ද රාජපක්ෂ බලයට පත් වීම සමඟ ඇවන්ගාඩ් සමාගමට හුවමාරු විය.

දකුණු අප්‍රිකාවේ, අප්‍රිකාවේ ගරිල්ලා හා ත්‍රස්තවාදී කණ්ඩායම් හරහා ලබා ගන්නා බලපත්‍ර රහිත ආයුධ ලංකාවේ වරායන් හරහා රාජ්‍ය බලය යොදා ගෙන නිතිවිරෝධි ලෙස ඇවන්ගාඩ් සමාගම, නිශ්ශංක සේනාධිපති, ගෝඨාභය රාජපක්ෂ විසින් විසින් උපයා ගත් කළු සල්ලි වල නිත්‍යානුකූල මෙහෙයුම්කරු ලෙස ක්‍රියා කොට ඇත්තේ විජේදාස රාජපක්ෂය.

මේ සියල්ල විජේදාස රාජපක්ෂ නොමිලේ කරන්නට ඉඩ නැත. ආයුධ ජාවාරමෙන් උපයා ගන්නා කෝටි ගණන් වූ කළු සල්ලි විජේදාසගේ ගිණුමට බැර කරන්නට නිශ්ශංක කටයුතු කොට ඇත.

නිශ්ශංක සේනාධිපති ගේ සියළු නීතිමය කටයුතු ජනාධිපති නීතිඥවරයෙක් වශයෙන් ඉටු කොට ඇති විජේදාස අමෙරිකාවේ ගෝඨාභය රාජපක්ෂගේ නිවස නිශ්ශංක සේනාධිපති වෙත මිලයට ගැනීම වෙනුවෙන් ද නීතිමය කටයුතු සම්පාදනය කොට ඇත.

නීතිඥවරුන්ගේ නීතිමය ආචාරධර්ම අනුව විජේදාස රාජපක්ෂට නිශ්ශංක සේනාධිපති නඩුවට මැදිහත් වී ඔහුව බේරා හැරීමට කිසිදු සුදුසුකමක්නැත. මන්ද යත් නිශ්ශංකකේ සියළු නෛතික කටයුතු විජේදාස හරහා සිදු වූ බැවිනි. නමුත් කළු සල්ලි වල ඌෂ්ණය නීතිය, සදාචාරය හා ආචාරධර්ම බල්ලාට දමමින් කටයුතු කළ විජේදාස කම්බ හොරා දැන් දැන් පොහොට්ටු වහලුන් ඉදිරියේ සිය නිර්දෝෂිභාවය හා රාජපක්ෂ පක්ෂපාතිත්වය පෙන්වමින් උත්සහ කරන්නේ ගෝඨාභය රාජපක්ෂ කෙසේ හෝ රජ කරවා ඒ පහනින් තවත් ආත්ම ගණනකට තම පවුලට ඇති වෙන්න මුදල් උපයා ගැනීම නොවේද?

ඇවන්ගාඩි සමාගම, නිශ්ශංක සේනාධිපති සමඟ විජේදාස රාජපක්ෂගේ සම්බන්ධය ගැන අප මිට බොහෝ කලටක පෙර අනාවරණයක් සිදු කරනු ලැබූවා……

http://lankanewsnetwork.org/archives/7456

http://lankanewsnetwork.org/archives/7243

 

 

Published on: Oct 26, 2019- නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස විසින් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ වෙත සිදු කළ අභියෝගය ට අද (25) තවත් කොටසක් එකතු කරමින් රාජපක්ෂ පවුලේ සියළුම සාමාජිකයන්ට තමා සමඟ විවාදයට එන ලෙස ආරාධනා කළා.

ජනාධිපතිවරණයේදි තම ප්‍රතිපත්ති හා අරමුණු පිළිබඳව පැහැදිළි විග්‍රහයක්  ලබා දීමේ අරමුණින් යුතුව සජිවී විවාදයකට සහභාගි වන ලෙස සජිත් ප්‍රේමදාස විසින් ගෝඨාභය රාජපක්ෂ වෙත අභියෝග කොට දැනට පැය 24 කටද අධික කාලයක් ගෙවි ගොස් අවසන් ය.

ගෝඨාභය රාජපක්ෂ යනු බග් බග් ගෑමෙන් තොරව වචන 10 ක් එකට කතා කරගැනීමට අසමත් චරිතයක් බව අපි දනිමු. ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස තම ඉදිරි සැලසුම් ජනතාවට පැවසීමට පවා ඔහුට ටෙලිප්‍රොම්පරයක් අවශ්‍ය බව අපි දනිමු.

ඒ බව අවබෝධ කරගත් සජිත් ප්‍රේමදාස අද ගෝඨාභය රාජපක්ෂට අභියෝග කලේ තනියම එන්න බය නම් අයියා සමඟ හෝ රාජපක්ෂ පවුල සමඟම තමා සමඟ විවාදයට එන ලෙසය. දැන්වත් ගෝඨා එම අභියෝගය පිළි ගනී දැයි බලා සිටිමු.

Published on: Oct 26, 2019 – මීට වසර 4කට පෙර සිට තමා විසින්ම පරීක්ෂණ සිදු කළ බරපතළ මූල්‍ය අපරාධකරුවෙකු වන ව්‍යාපාරික රියන්සි එඩ්වර්ඩ්ස් සමඟ සිය බිරිද සහ පුත්‍රයා සමීප මූල්‍ය ගණුදෙනු පවත්වා ඇති බව කොළඹ මූල්‍ය අපරාධ අංශය (FCID) විසින් අධිකරණයට දැනුම් දීමත් සමඟ හිටපු එෆ්.සී.අයි.ඩී ප්‍රධානි විශ්‍රාමික ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස් අධිකාරි රවී වෛද්‍යාලංකර විසින් අනාගත ගැලවීම සඳහා ගෝඨාභය රාජපක්ෂ වෙත හේත්තු වී තිබෙනවා.

පසුගිය සඳුදා FCID වාර්තාව අධිකරණය ඉදිරිපත් වීමත් සමඟ එස්.ඩී.අයි.ජී වෛද්‍යලාකාර භීතියට පත්ව ඇති බවත්, ඔහු අත්අඩංගුවට ගනු ඇතැයි යන බිය නිසාගෝඨාභය රාජපක්ෂ ගේ මැතිවරණ ව්‍යාපාරයට විවෘතව සහය පල කිරීමට තීරණය කළ බවත් අප දේශපාලන වාර්තාකරුවන් අනාවරණය කළා.

විශ්‍රාමික SDIG රවි වෛද්‍යාලංකාර විසින් තමා ගෝඨාභය රාජපක්ෂ වෙත සහය දක්වන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කලේ පසුගිය ඔක්තෝබර් 21 වෙනි දින මේරි බැසිලිකා සහ අසේල වෛද්‍යාලංකාර ප්‍රසිද්ධ මූල්‍ය වංචාකරුවෙකු සහ ව්‍යාපාරික රියන්සි එඩ්වර්ඩ්ස් සමග සමීප මූල්‍ය සම්බන්ධතා පවත් වූ බව හෙළි වී ඇති බව FCID නිලධාරීන් අධිකරණයට වාර්තා කිරීමත් සමඟය.

එක අත්තේ කුරුල්ලන් එකට වසන බැවින් රවි වෛද්‍යාලංකාර ගෝඨාභයට සහය දැක්වීමෙන් වුණේ තවත් හොරෙක් හොර මුලට එකතු වීම පමණය.

රවි වෛද්‍යාලංකාරගේ බිරිද මේරි, පුතා අසේල හා රියන්සි එඩ්වර්ඩ්ස්

රියන්සි එඩ්වර්ඩ්ස් පිළිබඳව FCID ය විසින් පරීක්ෂණ ආරම්භ කරන්නේ ප්‍රථම වරට 2015 ජූලි මස වන දින වන අතර පැමිණිල්ලක් මුල් කර ගනිමින් ආරම්භ වූ මෙම පරීක්ෂණය භාර වන්නේ රවී වෛද්‍යාලංකර වෙතය.

එලෙස ආරම්භ කරන පරික්ෂණ 2016 වසර දක්වා ක්‍රියාත්මක වූ අතර 2016 දි රවී වෛද්‍යාලංකර පවුලේ සමාජිකයන් එඩ්වර්ඩ්ස් සමඟ සම්බන්ධතා ආරම්භ කිරීමත් සමඟ එම පරීක්ෂණ බිඳ වැටි ඇති අතර එම පරීක්ෂණ නැවත ආරම්භ වූයේ 2019 පෙබරවාරි මාසයේ රවී වෛද්‍යාලංකර FCID යෙන් ඉවත් කිරීමෙන පසුවය.

ඔක්තෝබර් 21 වෙනිදා FCID විසින් අධිකරණය ගොනු කළ B වාර්තාව අනුව නියෝජ්‍ය පොලිස්පති වෛද්‍යලංකාරාගේ බිරිඳ මේරි බැසිලිකා, සූරිය ජාත්‍යන්තර සංස්ථාවේ (පුද්ගලික) සමාගමේ අධ්‍යක්ෂවරියක බවයි. සූරිය ජාත්‍යන්තර සංස්ථාව යනු එක්සත් ජනපදයේ සේවාදායකයින්ගෙන් වංචා කර එම මුදල් ශ්‍රි ලංකාවට මාරු කිරීම වෙනුවෙන් පිහිටුවා ඇති සංවිධානයක් ලෙස පරීක්ෂණ වලදි අනාවරණය කොට ගෙන ඇත.

එෆ්සීඅයිඩී බී වාර්තාවට අනුව, සූරිය ඉන්ටර්නැෂනල් කෝපරේෂන් (පීවීටී) ලිමිටඩ් පීවී අංක 111792 යටතේ 2016 ඔක්තෝබර් 2 වන දින සංස්ථාගත කරන ලදී. රියන්සි එඩ්වර්ඩ්ස්ගේ බිරිඳ පුන්යා ප්‍රියංජි මනික් එඩ්වර්ඩ්ස් ද සමාගමේ අධ්‍යක්ෂකවරියක් ලෙස ලැයිස්තු ගත කර ඇත.

සූරිය ඉන්ටර්නැෂනල් අංක 16 / ඒ 2 මොනාක් රෙසිඩන්සීස්, ගාලු පාර, කොල්ලුපිටිය යන ලිපිනයේ ලියාපදිංචි කොට ඇති අතර එෆ්.සී.අයි.ඩී බී වාර්තාවේ සඳහන් වන්නේ මෙම මහල් නිවාසය එස්ඩීඅයිජී රවී වෛද්‍යලංකරගේ පුත් අසේල වෛද්‍යාලංකර සතු වන බවය.

36 හැවිරිදි වියේ පසුවන අසෙලා වෛද්‍යාලංකරගේ සමාගම වන TALOS මැනේජ්මන්ට් කන්සල්ටන්ට්ස් එකම කොටස් හිමියා වන අතර, මෙම මහල් නිවාසය රුපියල් මිලියන 52 කට මිල දී ගනු ලැබීය. ඒ සඳහා ඔහු රුපියල් මිලියන 9 කට අධික ප්‍රමාණයක් මුදල් වශයෙන්ද ගෙවා ඇත. මේ වසර මුලදී අසේලා වෛද්‍යලාන්කර මෙම මහල් නිවාසය තමාට අයිති නැති බව මාධ්‍යයට ප්‍රතික්ෂේප කළේ ය. එහෙත් FCID විමර්ශන තුලින් ඒ බව දැන් සනාථ වී ඇත.

මීට අමතරව 2016 ඔක්තෝම්බර් මාසයේදී, DIG වෛදයිලංකරගේ බිරිඳ මේරි බැසිලිකා එඩ්වර්ඩ්ස් සතු සමාගමක අධ්‍යක්ෂවරියක ලෙස පත් වී ඇති අතර එය පිළිබඳව තවමත් පරීක්ෂණ සිදු කෙරෙන බවයි  FCID ය අධිකරණය දන්වා සිටියේ.

එක්සත් ජනපද රජය විසින් 2016 දෙසැම්බරයේ අන්‍යෝන්‍ය නීති ආධාර පනත යටතේ ආධාර ඉල්ලා සිටි බවත්, වංචා කළ මුදල් තිබූ රටේ එඩ්වර්ඩ්ස්ගේ ගිණුම් කැටි කරන ලෙස ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලා සිටි බවත් මේ සතියේ උසාවියට ඉදිරිපත් කළ එෆ්සීඅයිඩී බී වාර්තාවෙන් සඳහන් වේ. ඇමරිකානු රජය නිව් යෝර්ක්හි එඩ්වර්ඩ්ස්ට එරෙහි අධිචෝදනා පත්‍රය සමඟ බැංකු ගිණුම් ලැයිස්තුවක් GOSL බලධාරීන් වෙත යවන ලදි.

මේ කාලය වන විට, එස්.ඩී.අයි.ජී. වෛදාලංකාරගේ බිරිඳ එඩ්වර්ඩ්ස් ගේ සමාගමක අධ්‍යක්ෂවරියකි. දැන් හෙළි වි ඇත්තේ එක්සත් ජනපද රජයෙන් ඉල්ලීම ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, සුරක්ෂිතව මුදල් එම ගිණුම් වලින් edwards මාරු කරන තෙක්, FCID ලොක්ක වූ වෛද්‍යලංකර හිතාමතාම ගිණුම් කැටි කිරීම ප්‍රමාද කළ බවය.

රාජකාරි සමයේ රවීගේ සෙල්ලම්……. 

FCID හි හිටපු ප්‍රධානියා බොහෝ කලක සිට බරපතල දූෂණ සහ FCID විසින් මෙහෙයවන ලද ඉහළ විමර්ශන වලදී සැකකරුවන් සමඟ ගනුදෙනු කිරීම සම්බන්ධයෙන් සැක කෙරේ.

පසුගිය වසර දෙක තුළ, ඔහු හිටපු ආරක්ෂක ලේකම් හා රාජපක්ෂ රෙජිමේ ඉහල නිලධාරීන්ට විරුද්ධ පරීක්ෂණ හිතාමතාම යටපත් කර ඇති බවට සැක කෙරිණි. පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක ගෝටාබය රාජපක්ෂ සහ ඔහුගේ අභ්‍යන්තර කවය, සමඟ පවා සමීපව සිටියේය.

ඔහුගේ දූෂණය පිළිබඳ තොරතුරු සඳුදා ප්‍රසිද්ධියට පත්වීමත් සමග එස්.ඩී.අයි.ජී. වෛද්‍යලාන්කර මහතා අද (25) දෙරණ නාලිකාවේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශයට සම්මුඛ සාකච්චාවකට පෙනී සිට කීවේ රජජපක්ෂ පවුලේ සාමාජිකයන් පිළිබඳව විමර්ශනය කරන ලෙස රජය ඔහුට බලපෑම් කළ බව ය.

2006 දී මිග් -27 ගනුදෙනුව සඳහා ගෝඨාභය රාජපක්ෂගේ මැදිහත්වීම පිළිබඳ පුවත් පතේ හෙළිදරව් කිරීම් තම පියාගේ මරණය සම්බන්ධ කරමින් ඇය ලියූ ලිපියක් සඳහා ඝාතනයට ලක් වූ Sunday Leader කර්තෘ ලසන්ත වික්‍රමතුංගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංගට ද SDIG විද්‍යාලංකාර පහර දුන්නේය.

“මම FCID හි සිටියදී, මිග් පරීක්ෂණයේදී ගෝඨාභය රාජපක්ෂ සැකකරුවෙකු බවට කිසිදු සාක්ෂියක් නොතිබුණි” යනුවෙන් ඔහු හිටපු ආරක්ෂක ලේකම් ට රෙදි නැතුව කඩේ යන දෙරණට පැවසීය.

හිටපු ආරක්ෂක ලේකම් ගේ campaign නිලධාරීන් ගේ අණ පරිදි, FCID විසින් රාජපක්ෂ විරුද්ධ විමර්ශන සියල්ල වර්තමාන රජයේ දේශපාලන උවමනා පරිදි කර ගෙන ගිය බවට සාක්ෂි දැරීමට ද ඒ පිළිබඳව මාධ්‍ය සමග අදහස් පල කිරීමට ද වෛද්‍යාලංකාර එකඟ වී ඇත.

FCID ලොක්කාගේ පරණ කතා…

http://lankanewsnetwork.org/archives/10063

http://lankanewsnetwork.org/archives/19346

http://lankanewsnetwork.org/archives/18327

Published on – Oct 25, 2019 ජනාධිපති අපේක්ෂක  ගෝඨාභය රාජපක්ෂ රටේ රජ කරවා විවිධ වරප්‍රසාද ලබා ගැනීමට, කුඩු කන්ටේනර් ගණනින් ගෙන ඒමට, තවත් පරම්පරා 7කට මුදල් උපයා ගැනීමට මහත් බලාපොරොත්තු සහගත ව වගකීමක්, මාධ්‍ය සදාචාරයක්, මැතිවරණ නීතියක් සත පහකට ගන්න නොගන්නා හිරු මාධ්‍ය නාලිකාව මේ වන විට සිය හොට කෙසෙල් ගහේ පටලවා ගෙන අවසානය.

දිනෙන් දින මැතිවරණ ව්‍යාපාරය තුළ ගෝඨාට ඇති ජන ප්‍රසාදය අඩුවෙද්දි කෙසේ හෝ එය රැක ගැනීම පැත්තක් නැතුව ඇත්ත කියන බව පවසමින් ජංගියද නැතුව කඩේ යන හිරු නාලිකාවේ ඊයේ (24) 9.55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ දි කොළඹ තොටළඟ එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කීරීමේ අවස්ථාවට එක් වෙමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි ඒ. එච්. එම් ෆවුසි විසින් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කළ් යුතු බවට ප්‍රකාශ කළ බවට විකාශය කරනු ලැබීය.

ගෝඨාභය රාජපක්ෂ සමඟ ඇති කර ගෙන ඇති ඩීල් එක අනුව හිරි අනිවාර්යයෙන්ම ගෝඨාභය රාජපක්ෂ සිය ප්‍රවෘත්ති ප්‍රකාශයන් තුළදි උස්සා තැබිය යුතුය. එපමණකින් නොනැවති ගෝඨාගේ ප්‍රතිවාදි අපේක්ෂකයන්ගේ සායම යැවීමට ව්‍යාජ පුවත් හෝ නිර්මාණය කිරීම හිරු වෙත භාර දී ඇත. එය අකුරටම ඉටු කරමින් ෆවුසි මන්ත්‍රිවරයාගේ සිංහල උච්චාරණයේ ඇති දුර්වලතාවය ප්‍රයෝජනයට ගත් හිරු ගොට්ටෝ ව්‍යාජ ප්‍රවෘත්තියක් නිර්මාණය කොට විකාශය කිරීමට තරම් බංකොලොත් විය.

හිරු ගැලවු ජනතාව දැක්ක පුවත 

සිය හොර වැඩේ තරම දන්නා හිරු කපටිකමේ උපරිමයට යමින් එම පුවත 6.55 ප්‍රවෘත්ති විකාශයට අන්තර්ගත නො කිරීමට ද වගබලා ගනී. 9 .55  ප්‍රවෘත්ති විකාශයේදීද මුලින් මුලින්  හවස විකාශය කළ පුවත් ම ප්‍රචාරය කරන ඔවුන් 32 වන විනාඩියේදි මෙම කතාව ප්‍රචාරය ඒ වන විට ප්‍රවෘත්ති විකාශයේ අවධානය වෙනතකට යොමු තිබෙන ලෙස සකස් කරමින් ය.

අනෙක් අතට රණවිරුවන් අමු අමුවේ ජාත්‍යන්තරය හමුවේ පාවා දෙමින් සිය සැබෑ කුහක ස්වරූපය රටටම හෙලිකරගෙන සිටින ගෝඨා වෙනුවෙන් අනුකම්පාවක්, සිම්පතියක් ගොඩ නගා ගැනීමද මෙම පුවතේ අරමුණක් විය හැකිය. ගෝඨාභය රාජපක්ෂ මරා දමන බවට ආණ්ඩුවෙන් තර්ජනය කළා යැයි පවසමින් විමල් වීරවංශලාට, ගම්මන්පිලලාට එවිට වේදිකාවක් වේදිකාවක් ගානේ අඬා වැලපිය හැකි බව හිරු විශ්වාස කරන්නටඇත .

හිරුට වැරදුනේ එතැනට සියල්ලට ඉහළින් සියල්ල දකිමින් සිටියාට සත්‍ය ඒ සියල්ලටාම් ඉහළින් ඇති බව මේ වන විට ජනතාවගේ සංඛ්‍යාත ජනතාව නොමඟ යැවීමටම යොදා ගනිමින් මෙම ව්‍යාජ පුවත් නිර්මාණය එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙමින් පවතින බැවිනි.

පෙර සඳහන් කළ පරිදිම හිරු කරන්නේ ඩීල් එකකි. භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය කිරීමට වැරදිකරු වී දැනට මරණ දණ්ඩනයට තීන්දු වී සිටින රොනෝගේ ආදරණිය මල්ලි වන දුමින්ද සිල්වා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වී පසු ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කර ගැනීම එම ඩීල් එකයි. ඒ වෙනුවෙන් රෙනෝ සිය සම්පූර්ණ ගුවන් කාලයම ලබා දී හෝ ගෝඨාභය ජනපති කරවිය යුතුමය.

නමුත් මෙම ව්‍යාජ පුවත සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂගෙන් රොනෝ ට හිමිව ඇත්තේ ප්‍රශංසාවක් නොව කුණුහරුප පූජාවක් බවයි වාර්තා වන්නේ. ගෝඨාගේ පවා දීම අස්සේ පොහොට්ටුවට යන එන මං නැති වී තිබෙන අවස්ථාවක රොනෝ ඒ ගින්නට පිදුරි දමා ඇති බව පවසමින් මහින්ද රාජපක්ෂ රොනෝට බැන වැදි ඇති බවද වහාම එම විඩියෝ පටය අන්තර්ජාල ඉවත් කරන ලෙස ද පවසා ඇති බවද වාර්තා වේ. ඒ හේතුවෙන් ප්‍රවෘත්ති විකාශයේ හැරෙන්න ට අන් සියළු තැන් වලින් එම විඩියෝ පටය ඉවත් කිරීමට මේ වන විටත් හිරු මඩ බලකාය කටයුතු කොට ඇති බවයි වාර්තා වන්නේ.

මේ වන විට හිරු නාලිකාවේ මෙම අසත්‍ය ප්‍රවෘත්ති පල කිරීමට එරෙහිව විරෝධතාවය ගොඩ නැගෙමින් පවති. අද (25) උදෑසන 10.00ට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ දී මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් ෆවුසි මන්ත්‍රිවරයා සඳහන් කළේ ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමක් ගැන තමන් නොපැවසූ බවය. එය තනිකර අසත්‍ය පුවතක් බවත් මන්ත්‍රිවරයා මෙහිදි සඳහන් කොට තිබේ.

තමා සිදුකළ ප්‍රකාශය විකෘති කොට හිරු නාලිකාව විසින් ප්‍රචාරය කරන බවට පාර්ලිමේන්තු මන්ත්‍රි ෆවුසිගේ පැහැදිලි කිරීම,

මේ අතර ජනාධිපතිවරණයක් කැඳවා ඇති මෙවන් අවස්ථාව රටේ මාධ්‍ය සම්බන්ධව අධික්ෂණය භාරව සිටින මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් හිරු නාලිකාවේ මෙම සදාචාර විරෝධි හා නීති විරෝධි ක්‍රියාව පිළිබඳව ලිඛිතව පැමිණිලි කරනු ලැබීය.

‘මැතිවරණ නීති නොතකා මාධ්‍ය අවභාවිතය ‘ නමින් එම ලිපිය යොමු කොට ඇති අතර එහිදි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ෆවුසි මන්ත්‍රිවරයාගේ සම්පූර්ණ කතාවේ කිසිම තැනක ගෝඨාභය රාජපක්ෂ ඝාතනයක් පිළිබඳව ප්‍රකාශ නොකරන බවත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය රැක ගැනීම වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ පරාජය කළ යුතු බව පවසන බවත් ය.

හිරු නාලිකාවේ විකාශය කෙරුණු එම පුවත හිතාමතාම නිර්මාණය කරන ලද සාවද්‍ය, වෛරීසහගත ප්‍රකාශයක් බවත් ඒ හරහා රටේ ජාතිවාදි ගැටුම් නිර්මාණය කිරීම කරන ලද කුමන්ත්‍රණයක් බවත් අමාත්‍යවරයාපෙන්වා දෙනවා.

මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් මැතිවරණ කොමසාරිස් වෙත යවනු ලැබූ ලිපිය….

එසේහෙයින් ජනතාවගේ සංඛ්‍යාත භාවිත කරමින් මෙවැනි නීතිවිරෝධී පුවත් මවන හිරු නාලිකාවට එරෙහිව නීතිමය පියවර ගත යුතු බවත් අමාත්‍යවරයා අවධාරණය කරනවා.

ඒ සමඟම මේ උදා වී ඇත්තේ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රියට සිය නීතිය ඇති අවනතභාවය පෙන්වීමේ අවස්ථාවය. මැතිවරණයකදි මාධ්‍ය සමබරතාවය හා මැතිවරණ නීති ගැන පවසමින් ප්‍රජාතන්ත්‍රවාදය ගැන ගී කියන මැතිවරණ කොමසාරිස්වරයාට මීට අවස්ථා කිහිපයකදීම දෙරණ හා හිරු මාධ්‍ය නාලිකා වල පක්ෂපාතීබව හා මැතිවරණ නීති උල්ලංඝනය පිළිබඳව පැමිණිලි, ලිපි ලැබුණද මෙතක් ඒ සම්බන්ධයෙන් ඔහු දැක්වූයේ ඇල් මැරුණු ස්වභාවයක් බව අපි දනිමු.

ඒ කෙසේද pපෞද්ගලික මාධ්‍ය ඉදිරියේ පූස් පැටියෙක් ගානට පුරු පුරු ගාන මැතිවරණ කොමසාරිස්වරයා රාජ්‍ය මාධ්‍ය වලට ගිරිය පුප්පා බුරා හැලෙමින් සත්තම දාන අයුරුද අපි දුටුවෙමු. සංඛ්‍යාතජනතාවට අයිති සේම ස්වාධීන කොමිෂන් සභා අයත් වන්නේ ද ජනතාවට බව අපි මහින්දදේශප්‍රිය වෙත පවසමු.

එබැවින් බැසිල් රාජපක්ෂගේ රට බීම බෝතලයට වාල්කම් කිරීම නවතා මැතිවරණ නීති උල්ලංඝනය කරන පක්ෂපාතී ජඩ මාධ්‍ය වෙත නීතිය ක්‍රියාත්මක කරන්නේ දැයි අපි බලා සිටිමු. නොඑසේනම් ජනතාවගේ අධිකරණ බලය ස්වාධීන බව ඔබට පසක් වනු ඇති.

Published on- Oct 25, 2019 සන්ඩේ ලීඩර් කතෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළේ තමන් නොව ලංකාවේ හමුදාව බවත් තමන් එම සිදුවීමේදි කළේ රාජකාරිමය කටයුත්තක් පමණක් බවත් හිටපු ආරක්ෂක ලේකම් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ විසින් කැලිෆෝනියාවේ දිසා අධිකරණය ඉදිරියේ පවසා සිටිම රණවිරුවන්ගේ අපේක්ෂාභංගත්වයට හේතු වී තිබෙනවා.

යුද්ධය සමයේ ගුවන් හමුදාවට ගෙන ආ මිග් යානා වලින් අමෙරිකානු ඩොලර් කෝටි ප්‍රකෝටි ගණනින් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රාජකීය සහෝදර සමාගම විසින් ගසා කෑ අයුරු සිය පුවත්පත හරහා රටේ ජනතාව වෙත අනාවරණය කිරීමේ වරදට මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මිනී මැරීම සඳහාම ගෝඨා විසින්  පිහිටුවා තිබූ මිනිමරු කල්ලියක් වෙතින් මරණයට පත් වූ බව මේ රටේ ලොකු කුඩා සියල්ලම දන්නා කරුණකි .

එසේ තිබියදි පෞද්ගලික බල තන්හාව වෙනුවෙන් කළ වැරදි වලට විපාක විදීමට ඇති බියෙන් ගෝඨාභය රාජපක්ෂ මෙලෙස විදේශිය අධිකරණයක් ඉදිරියේ රටේ හමුදාව පාවා දුන්නේ කුමන පදනමකින්ද? හා කුමන අයිතියකින් ද යන්න රණවිරුවන් ප්‍රශ්න කරමින් සිටි.

සියවසේ සිදුවූ මේ මහා පවා දීම පිළිබඳව මේ වන විට රට පුරා විරෝධතාවන් ආරම්භ වී ඇති අතර බලය ලබා ගැනීම දේශප්‍රේමිත්වය කරේ තබාගෙන පපුවට ගසා ගනිමින් රණවිරුවන්ගේ අයිතිය වෙනුවෙන් කතා කොට පිටුපසින් සිය බිරින්දෑගේ සාරි කටුව ගැසීමට, ගෙදර බල්ලන් නෑවීමට රණවිරුවන් යොදා ගන්නා රාජපක්ෂ වරුන් මෙන් නොව සැබැවින්ම මේ රටේ රණවිරුවන්ට ආදරය කරන පිරිස රණවිරුවන්ට එරෙහිව සිදු වූ මේ මහා පාවා දීම වෙනුවෙන් ඉදිරියට පැමිණ ඇත.

තත්ත්වය මෙසේ කණපිට පෙරලි සිය සැබෑ පෙනුම රටේ ජනතාව ඉදිරියේ විවෘත වෙද්දි ජනපති පදවියේ පරාජයෙන් වියරු වැටුණු ගෝඨා ජනාධිපතිවරණය වෙනුවෙන්ම පොරවා ගත් සිය සිල් රෙදි ගලවා සිය සුපුරුදු මර්දනකාරී මාවතට අවතීර්ණ වෙමින් පවති.

ඒ අනුව පසුගිය 23 වෙනිදා ගෝඨාභය රාජපක්ෂගේ නීතිඥවරුන් විසින් මේ මහා පාවා දීමෙදි රණවිරුවන් වෙනුවෙන් හඬ නගන ජනාධිපති උපදේශක නීතිඥ ශිරාල් ලක්තිලක වෙත රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් එවා ඇත.

එහිදි ගෝඨා පවසා ඇත්තේ ‘ගෝඨාභයගේ’සියවසේ මහා පාවා දීම ‘ ලෙස සඳහන් කොට ඇති එම විරෝධතාව හරහා සිය කීර්තිනාමයට හානියක් වන බැවින් මෙම මුදල ගෙවන ලෙසයි.

ගෝඨාභය රාජපක්ෂ විසින් නීතිඥ ශිරාල් ලක්තිලක වෙත එවා ඇති එන්තරවාසිය,

නමුත් මෙහිදි පෙන්වා දිය යුත්තේ රැක ගැනීමට තරම් කීර්තිනාමයක් ගෝඨාභය රාජපක්ෂ වෙත නොමැති බවයි. ඔහු මෙපමණ කලක් ලොවට පෙන්වා සිටියේ බැටළුහම් පෙරවා ගත් සිය ව්‍යාජ ස්වරූපය බව ගෝඨාට අමතක වී ඇත. බලයට කෑදරකමින්, දඬුවමට ඇති බියෙන් වැරදි පිළිගන්නවා වෙනුවට ලෝකයේ භයානක ත්‍රස්තවාදයක් පරාජය කළ රණවිරුවන් එදා ෂැංග්‍රිලා හෝටලයේදි හා කැලිෆෝනියා අධිකරණය ඉදිරියේ පවා දුන් දිනයේම ගෝඨාගේ හිවල් ගතිය මතු වූ බවත් එම සත්‍ය ලොවට පෙන්වා දීමේ වරදක් නොමැති බවත් තවමත් සමාජය තුළ වරදට එරෙහිව පෙනි සිටින නිර්භීත මිනිසුන් සිටින බවත් ඔහුට අමතක වී ඇත.

මේ අතර ගෝඨාභයගේ මේ මුග්ධ ක්‍රියාව සමඟ සිය දහඩිය, කඳුළු, ලේ, ඇස්, මස් , සම් රට වෙනුවෙන් පුජා කළ දිවි පුදා මේ රට රැකගත් රණවිරුවන් අසරණ වී ඇති අතර තමන්ට එරෙහිව මේ කරන පාවා දීමට එරෙහිව ඔවුන් ගෝඨාභය රාජපක්ෂ වෙත විරෝධය දක්වා ඇති බවද වාර්තා වේ.

එමෙන්ම යුධ සමයේ ක්‍රියාන්විතයේ නිරතව සිට මේ වන විට විශ්‍රාම ගොස් ඇති රණවිරුවන් පිරිසක් හා දැනටත් රාජකාරියේ යෙදි සිටින රණවිරුවන් පිරිසක් බත්තරමුල්ල නෙළුම් මාවතේදි බැසිල් රාජපක්ෂ හමුවි ඔහුට ද තමන්ට සිදුවන මේ අසාධාරණය වෙනුවෙන් බැන වැදි ඇති අතරම රණවිරුවන් බිල්ලට යවා හෝ තමා රැකගන්නා මෙවන් නිච පුද්ගලයෙකු රටේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් පත් කිරීමට තරම් අපරික්ෂාකාරී වූයේ කෙසේදැයි ප්‍රශ්න කොටඇත .

එමෙන්ම තවදුරත් රණවිරුවන් වෙනුවෙන් බොරු කිඹුල් කදුළු නොසලා සිටින ලෙසත් ගෝඨාභය රාජපක්ෂට මේ රටේ ජනාධිපති වීමට කිසිවිටක ජනතාව ඉඩ නොතබනු ඇති බවත් ඔවුන් පවසා ඇති අතරම රටේත්, ජනතාවගේත් අවාසනාවට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවුවහොත් එය සමස්ත රණවිරුවන්ගේම මලගම වනු ඇති බවද පෙන්වා දී තිබෙනවා.

Published on- Oct 24, 2019 මෙවර ජනාධිපතිවරණයට බැසිල් රාජපක්ෂගේ ආශිර්වාදයෙන් ඉදිරිපත් වන රාජපක්ෂ යුගයේ රාජ්‍ය හිටපු රාජ්‍ය අමාත්‍ය  M.A.L.M හිස්බුල්ලා තම අධ්‍යාපන සුදුසුකම වශයෙන් පෙන්වන ආචාර්ය උපාධිය මහා පරිමාණයේ ගජබින්නයක් බවට හෙලිවී තිබෙනවා.

Alliance International University මගින් ප්‍රදානය කරන ගෞරව ආචාර්ය උපාධියක් තමන්ට හිමි බව හිස්බුල්ලා විසින් ප්‍රකාශ කළද ඔහුට එවැනි උපාධියක් ප්‍රදානය කර නොමැති බව අනාවරණය වී තිබෙනවා.

HIV ඒඩ්ස් වෛරසය වසංගතයක් ලෙස පැතිර පවතින ආසන්න වශයෙන් ජන වර්ග 73ක් පමණ පවතින අප්‍රිකානු මහද්වීපයේ පවතින රටක් වන සැම්බියාවේ අධ්‍යාපනය පිළිබඳව ගූගල් විකිපීඩියා හරහා නම් සොයා ගැනීමට නොහැකි ය. එසේ වන්නේ තවමත් රටක ලෙසට සංවර්ධනය වෙමින් පවතින මෙම අප්‍රිකානු ගෝත්‍ර රාජ්‍ය අධ්‍යාපනයට පෙර සිය ජනතාවගේ ජීවත් වීම වෙනුවෙන් කළ යුතු දේ සිදු කළ යුතු බැවිනි.

හිස්බුල්ලා විසින් සිය ආචාර්ය උපාධිය ගෞරව සම්මාන සහිතව ලබා ගෙන ඇත්තේ මෙම අප්‍රිකානු ගෝත්‍ර රාජ්‍යයේ පවත්වා ගෙන යන විශ්ව විද්‍යාලයකින් බව පැවසූවද තවමත් විශ්ව විද්‍යාල අධ්‍යාපනය නිසි ලෙස ආරම්භ කොට නැති සැම්බියාවේ ආචාර්ය උපාධි ප්‍රදානය නොකරන බව අප හෙලිකරගත් සත්‍ය යයි.

එසේම හිස්බුල්ලා විසින් ආචාර්ය උපාධිය ලබා ගෙන ඇති මෙම Alliance International University ලංකාවේ UGC පිළිගත් විශ්ව විද්‍යාලය නොවන අතර එය සැම්බියාවේ අධ්‍යාපන අමාත්‍යාංශය පවා නොපිළිගත් ව්‍යාජ විශ්වවිද්‍යාලයකි.

සැම්බියාවේ කොන්සල් ජෙනරාල්වරයා ලෙස කටයුතු කරන එල්මෝ මහතාද මෙම විශ්ව විද්‍යාලය සැම්බියාවේ පිහිටා නොමැති බව තහවුරු කළ අතරම UGC නිල වෙබ් අඩවිය වන www.ugc.ac.lk  විසින් ප්‍රදර්ශනය කොට ඇති එම ආයතනය පිළිගත් විදේශීය විශ්ව විද්‍යාල හා අධ්‍යාපන ආයතන නාමාවලින් වන Commonweath Universities Yearbook හා International Handbook of Universities පවා මෙවැනි විශ්වවිද්‍යාලය අන්තර්ගත නොවන බව පැහැදිළි ය.

හිස්බුල්ලා විසින් මෙම බොරු පශ්චාත් උපාධිය අටවා ගත්තේ මඩකලපුවේ ශරියා විශ්වවිද්‍යාල පිහිටුවා ගැනීමට ය. 2013 වසරේදි Malik Abdulla University College හෙවත් ශරියා විශ්වවිද්‍යාල හිස්බුල්ලා විසින් පිහිටුවන්නේ එවකට පිහිටි රාජපක්ෂ රජයේ අධිවේගි හා මහා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් ය.

හිස්බුල්ලා මෙම ව්‍යාජ ආචාර්ය උපාධිය ලබා ගන්නේ ද ශරියා විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමටය. ඔහු එම විශ්ව විද්‍යාලය වෙනුවෙන් තෙල් සල්ලි කෝටි ප්‍රකෝටි ගණනින් පොම්ප කරන්නේ මෙම බොරු උපාධිය පෙන්නා ය. එපමණක් නොවේ ඇමතිධූරය ගන්නේ ද, මන්ත්‍රිධූරය ගන්නේ ද මෙම බොරු උපාධිය පෙන්වාය.

මෙම ශරියා විශ්ව විද්‍යාලය පුද්ගලික විශ්වවිද්‍යාලයක් වන අතරම  සභාපතිවරයා ලෙස කටයුතු කරන හිස්බුල්ලා තමා රාජ්‍ය අමාත්‍යධූරය දරන රජය සමගම ගිවිසුම් වලට එලැබි මෙම විශ්ව විද්‍යාලය පිහිටුවීමට කටයුතු කළ බව දැන් දැන් මහත් දේශප්‍රේමයෙන් කෑගහන රාජපක්ෂ වහල්ලුන්ට අමතක වී ඇත.

ශරියා විශ්ව විද්‍යාලයේ අධ්‍යක්ෂ මණ්ඩලය පිළිබඳව හදුන්වා දී ඇති කොටසේ එහි සභාපතිවරයා වන් හිස්බුල්ලා ගැන සඳහන් වන්නේ මෙලෙසිනි.

ශරියා විශ්ව විද්‍යාල වත්මන් රජය විසින් ආරම්භ කල බවත් එමගින් ශරියා නීතිය ලංකාවේ ඇති කිරීමට කටයුතු කරන බව පවසමින් පාස්කු ප්‍රහාරයෙන් පසුව කෑමොර දුන් ශරියා විශ්ව විද්‍යාලයේ නිරීක්ෂණ චාරිකා පවා සංවිධානය කළ ගෝඨාභය රාජපක්ෂ විසින් කිරි පොවන සිංහල අන්තවාදයේ දුශ්චරිතය හා අතන මෙතන පනිත රතන හිමියන්ට හිස්බුල්ලා මෙම විශ්ව විද්‍යාලය ආරම්භ කොට ඇත්තේ රාජපක්ෂ හාම්පුතුන්ගේ අනුදැනුමෙන් බව පැවසිය යුතුය.

මේ වන විට පාස්කු ප්‍රහාරයේ වගකීම දරන කණ්ඩායම් අතර ඉහළ ස්ථානයේ සිටින හිස්බුල්ලා, ශරියා විශ්ව විද්‍යාලයට බලපෑම් එල්ල කරද්දී එය පෞද්ගලික විශ්ව විද්‍යාලයක් බවත් එය වසා දැමීමට රජයට අයිතිය නොමැති බවත් පැවසුවේ කාගේ හයිය අරගෙන ද යන වග දැන් පැහැදිළිය.

මේ වන විට හිස්බුල්ලා, ඥාණසාර හා රතන හිමියන් සිටින්නේ ගෝඨාභය සමඟය. එපමණක් නොව පාස්කු ප්‍රහාරයේ සහරානේ ගේ මව් සංවිධානය වන තවුහිද් ජමාත් සංවිධානය සිටින්නේ ද ගෝඨා සමඟය. එක අත්තේ කුරුල්ලෝ එකට වසන බැවින් එහි අවුලක්නැත . අවුල ඇත්තේ දුක ඇත්තේ රජ පුටුව ලබා ගන්න රාජපක්ෂලා අමු අමුවේ අහිංසක ජීවිත 300ක් බිලිපූජාවට කැප කිරීම ගැනය.

හිස්බුල්ලා සමඟ සහරාන්ට වැඩ කෙරූ බොහෝ පිරිසක් දැන් ඉන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරවීමේ සටනේ ය. කාත්තන්කුඩියේ පොහොට්ටු සංවිධායකයා ද සහරාන් කල්ලියේ ය.

දැන් දැන් ශරියා විශ්ව විද්‍යාලය, වඳ පෙති , වඳ දොස්තර ගැන රතන හිමියන්, ඥාණසාර හිමියන් කෑගහන්නේ නැත. දළදා මාලිගාව ඉදිරියේ රතන හිමියන් උපවාස කළේ ඇයිද යන්න එම හිමියන්ටම මතකද යන්න ඇසිය යුතුය. බුද්ධ චීවරය සිය පටු දේශපාලන අරමුණු වෙනුවෙන් යොදා ගනිමින් සැබැවින්ම රට වෙනුවෙන් දිවි පිදු කැප්පෙටිපොළ නිලෙමේලාගේ ලෙයින් පාරිශුද්ධ වූ දළදා මාලිගා භූමිය අපවිත්‍ර කළ රතන හිමියන් දැන් දැන් හිස්බුල්ලා සහරාන්ට උදව් කළ හිස්බුල්ලා එක්ක, සහරාන් ට පඩි ගෙවා ඇති දැඩි කළ ගෝඨාභය එක්ක සිටින්නේ රෙද්දක් ඇදගෙනද?

අවසානයේ මේ සියල්ල රාජපක්ෂවරුන්ගේ බලය ගැනීමේ යට් කූට්ටු මාර්ගයන්‍ ය. හිස්බුල්ලාට ශරියා විශ්ව විද්‍යාලය ආරම්භ කරන්න උදව් කළ රාජපක්ෂලා පාස්කු ප්‍රහාරය ගැන කිබුල් කදුළු හලද්දි ශරියා විශ්ව විද්‍යාල ය වසා නොදමන බව හිස්බුල්ලා සඳහන් කරන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා එයට ඉඩ නොතබන බව දන්නා නිසාය. එම නිසා මේ සියල්ල දේශපාලන රඟපෑම් ය.

Published on – Oct 23, 2019 මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය විසින් නිරන්තරයෙන් රාජ්‍ය මාධ්‍ය වල පුවත් ප්‍රකාශ හා වැඩ සටහන් විවේචනය කිරීමත් සිය පුවත් ප්‍රකාශ හා දේශපාලන වැඩසටහන් හරහා ඇති වෙන්න ගෝඨාභය රාජපක්ෂට කඩේ යමින් ඉතා නිර්දය ලෙස හා අසත්‍ය පුවත් පතුරවමින් සජිත් ප්‍රේමදාස ඇතුළුව අනෙකුත් අපේක්ෂකයන්ට මඩ ගැසීම පිළිබඳව නිද්‍රාශීලි ක්‍රියා පිළිවෙළක් ආරම්භ කිරීමත්  මැතිවරණ කොමිසම තුල හා සමාජය තුළ දැවැන්ත කතා බහක් ඇති කිරීමට සමත් ව තිබෙනවා.

මාධ්‍ය සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයා ගෙන යන මේ දෙබිඩි පිළිවෙළ හා රාජ්‍ය මාධ්‍ය ඉදිරියේ වියරු වැටුණු බල්ලෙකු සේ බුරා හැළුනද පෞද්ගලික මාධ්‍ය හමුවේ සුවච කීකරු බලු පැටියෙකු සේ නැට්ට වැනීමත් මැතිවරණ කොමිසම් සභාවේ අනෙකුත් කොමසාරිස්වරුන් දෙදෙනා පවා මවිතයට පත් කොට තිබෙනවා.

රාජ්‍ය මාධ්‍ය පාලනයේ දි හා නියාමනයේදි සභාපතිවරයාගේ බලතල පවා ඉක්මවා යමින් කටයුතු කරන්නේ මැතිවරණ කොමිසමේ ව්‍යාපෘති අධ්‍යක්ෂකවරයෙකු ලෙස සේවය කරන චන්න නැමැත්තා වන අතර ඔහු රාජපක්ෂ පවුලේ කටු සූප්පු කරන තවත් සුනඛ පෝතකයෙක් බව චන්න ගේ පැටිකිරිය දන්නා කිසිවෙකුට රහසක් නොවේ. කෙසේවෙතත් මහින්ද දේශප්‍රිය, චන්න සුසංයෝගය මෙලෙස රාජපක්ෂවරුන් කෙරෙහි පක්ෂපාතිව මහජනතාවට අයත් ස්වාධීන කොමිෂන් සභාවක බලතල මෙහෙයවීම මැතිවරණ කොමිසමේ ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන සියල්ලන්ගේම විවේචනයට ලක් ව තිබෙන අතර මේ වන විට මහින්ද දේශප්‍රිය හාරාජපක්ෂ කදවුරට කඩේ යන අතලොස්ස හා ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන පිරිස ලෙස මැතිවරණ කොමිෂන් සභාව තුළ බෙදීමක් හට ගෙන ඇත.

2015 දි අමු අමුවේ මැතිවරණ නීති උල්ලංඝනය කරමින් රාජ්‍ය මාධ්‍ය ආයතන සිය දේශපාලන පටු අරමුණු වෙනුවෙන් යොදා ගනිමින් සුදර්මන් රදලියගොඩලා වැන්නන් හරහා රාජ්‍ය මාධ්‍ය අවභාවිත කිරීමේ දි එවකට ද මැතිවරණ කොමසාරිස් වූ මහින්ද දේශප්‍රිය දෙකොන වසා නිශ්ශබ්දව සිටි ආකාරය අපට හොදින් මතකය.

එසේ තිබියදි 2019 දි මෙලෙස මාධ්‍ය නියාමනය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා බුරා හැලෙන්නේ බැසිල් රාජපක්ෂ සමඟ ඇති සම්බන්ධය නිසා බව අප මීට පෙර කිහිප වතාවකම අවධාරණය කර ඇත්තෙමු.

ලංකා නිවුස් වෙබ් විසින් ඔක්තෝබර් 17 වෙනිදා අනාවරණය කළ
“මැතිවරණ කොමිෂන් සභාපති තනිවෙයි……. අනෙක් දෙදෙනාගේ සහය දේශප්‍රියට නෑ…… රෑට රෑට බොන්න ගොහින් වැඩ වරද්ද ගත් මහින්ද!” ලිපියේ මේ බව පැවසූ අතර එහි උපුටා ගැනීම පහත වේ.

“කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක විශේෂ ප්‍රභූ කුටියක මෙම හමුව සිදුවී ඇති අතර ලෝකයේ ඉහළම පෙලේ මත්පැන් බෝතල කිහිපයක් බැසිල් රාජපක්ෂ ත්‍යාග වශයෙන් ගෙනවිත් සාකච්ඡාවට පෙර මේසය මත තැබූ බවත් අප දේශපාලන වාර්තාකරු සඳහන් කළා.

සාකච්ඡාව සම්පූර්ණයෙන්ම යොමු වී තිබුණේ පසුදිනට පැවැත්වීමට නියමිත මාධ්‍ය සාකච්ඡාව කෙරහි බවයි වාර්තාකරු සඳහන් කළේ. එහිදි මාධ්‍ය භාවිතය පිළිබඳව මහින්ද දේශප්‍රිය වෙත උපදෙස් දෙමින් බැසිල් රාජපක්ෂ සඳහන් කොට ඇත්තේ පෞද්ගලික මාධ්‍ය ගැන සිය පාර්ශවය වග බලා ගන්නා බවත් රාජ්‍ය මාධ්‍ය සමබර කිරීමේ වගකීම මහින්ද දේශප්‍රිය විසින බාරගත යුතු බවත් ය.”

එසේම ඔක්තෝබර් 04 වෙනිදා “නාටක මාරයි, 7 වෙනිදා මාරයි…… ගෝඨා වෙනුවට චමල්……. මහින්දගේ අලුත්ම නාටකය මෙන්න……!” යන මැයෙන් පලවූ ලිපියේ ද අපි මහින්ද දේශප්‍රිය බැසිල් සම්බන්ධතා හෙළි කළෙමු.

උපුටා ගැනීම,

“චමල් රාජපක්ෂ ජනාධිපතිවරණ සටනට අවතීර්ණ වන්නේ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රියගේ ආරාධනාවෙනි. ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරන සාධාරණ මැතිවරණයක් සඳහා කැපවන සත්ගුණවත් මැකෝ හට හදිසියේම රාජපක්ෂවරුන් කෙරෙහි ඇති වූ උණු වෙන හදවත පිළිබඳව සොයා බැලීමේදි අනාවරණය වූයේ චමල් රාජපක්ෂට මැකෝගේ ආරාධනාව පිටුපස සිටින්නේ මැකෝ හා එකට සාද දැමු මැකෝගේ බොනපාට් සගයා බැසිල් රාජපක්ෂ බවයි.

බැසිල් රාජපක්ෂ හා මහින්ද දේශප්‍රිය අතර පසුගිය මාස කිහිපයේ ඇතිවූයේ අසීමිත මිත්‍රත්වයකි. එම මිත්‍රත්වයේ හස්තය කෙතරම් දිගු වූවේද කියතොත් කරට් කැඩෙන්න ගැසූ බැසිල් රාජපක්ෂ ද මහින්ද දේශප්‍රිය ද එකට සිටින අවස්ථා ගණන සුලභ විය. එවන් මිතුදමින් බැඳී ගිය එක දිනක මැකෝ හෝටල් පඩිපෙලකින් බිමට කරණමක් ගැසු අතර එම කරණමේ ආනුභාවයෙන් තුවාල වුණ වම් පාදය සහිතව තවමත් මැකෝ ඇවිදින්නේ අත්වාරුවක් සහිතවය.

සිය මිතුරාගේ ඉල්ලීමට මිතුරාගේ ලොකු අයියාට ඡන්දය ඉල්ලන ලෙස මැකෝ පැවසු අතර ඒ හරහා ගෝඨාට බැරි වුනොත් රාජපක්ෂ පවුලේ බලය රැකගන්න චමල්ට හැකිවන පරිදි පිඹුරුපත් සකසා අවසන්‍ ය.”

ඒ අනුව බැසිල් රාජපක්ෂගේ රූකඩය බවට පත් වූ මැතිවරණ කොමිසම් සභාපතිවරයා මෙලෙස දෙබිඩි ක්‍රියා පිළිවෙතක් අනුගනය කරන බව ඉතා පැහැදිළි අතර මේ හරහා 2019 ජනාධිපතිවරණ ප්‍රතිඵලය පවා විශ්වසනීයභාවයෙන් ලබා දීමට මැකෝ කටයුතු කරාවි දැයි යන සාධාරණ සැකය මතුවෙමින් පවති.

ඇල්පිටිය පළාත් පාලන මැතිවරණය රාත්‍රියේ මහින්ද දේශප්‍රිය විසින් නිල වශයෙන් මැතිවරණ ප්‍රතිඵලයට අත්සන් තැබීමටද පෙර නිල ඡන්ද ප්‍රතිඵලය විකාශය කළ දෙරණ නාලිකාවට සත්තම දමා, තමා මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කරන බවද මින් මතු කිසිම දිනක මැතිවරණයක් වාර්තා කිරීමට ඉඩ ලබා නොදන බවද පැවසූ මහින්ද දේශප්‍රිය විසින් මේ වන තෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නැත.

ඇල්පිටිය ඡන්දය පැවති දිනයේ ඇල්පිටිය කාර්මික විද්‍යාලයේදි දෙරණ එරෙහිව යුද්ධය ප්‍රකාශ කල මහින්ද දේශප්‍රිය ඒ වන විට කරටි කැඩෙන්නට පානය කොට පදමට සූර් වී සිටි බවද වෙරි මතින් සද්දය දැම්මද පියවි සිහියට පැමිණි පසු දෙරණ පාලනය කිරීමේ අවශ්‍යතාවයක් හා හැකියාවක් මහින්ද දේශප්‍රියට නොතිබූ බව අප වාර්තාකරුවන් විසින් අනාවරණය කොට ගෙන ඇත.

මැතිවරණය පැවති දිනයේ වරින් වර දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය වෙත පැමිණියද මහින්ද දේශප්‍රිය දවසේ වැඩි කාලයක් ගත කොට ඇත්තේ ඇල්පිටිය පොදුජන පෙරමුණේ සභාපති අපේක්ෂකයාගේ නිවසේ වන අතර මැතිවරණ කොමසාරිස්වරයා වෙනුවෙන් විදේශිය මත්පැන්, ෂැන්ඩි, බයිට්ස් හා ආහාර සපයා දීම සිදු වී ඇත්තේ එම නිවසේදි ය.

මුළු දවසම මත්පැනින් හොඳට බඩ කට පුරා සන්තර්පනය වී ඇති මහින්ද දේශප්‍රිය සිය තනියට රත්නපුර දිස්ත්‍රික් මැතිවරණ ලේකම් සුරංග අඹගහවත්තද සම්බන්ධ කොට ගෙන ඇත. දෙන්නා එකතු වී හොදින් කා බී වරින් වර ඡන්දය ගනන් කිරීමේ මධ්‍යස්ථාන වෙත ද ගොස් ඇත.

කෙසේවෙතත් සිය උපන් ගම් ප්‍රදේශයේ ඡන්දයක් බැවින් රාත්‍රිය වන විට මහින්ද දේශප්‍රියගේ ගමේ කැක්කුම, ගමේ ගතිය හිස ඔසවා ඇති අතර උදේ සිට ඇඟට වැටුණු මිල අධික විදේශිය මත්පැන් සාරයද එයට පෝෂණය සපයා ඇත.

අවසානයේ මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීමට ආසන්න වන විට මහින්ද දේශප්‍රියගේ සූර් වීම උච්චස්ථානයට පැමිණ ඇති අතර ඇල්පිටිය මැතිවරණයේ කාර්යයභාර නිලධාරි ලෙස කටයුතු කළ මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂවරයෙකු වන සමන් රත්නායක වෙත සිය රාජකාරිය කිරීමට පවා අපහසු වන ලෙස හැසිරී ඇත.

මෙහිදී පොර ටෝක් දෙමින් කරන කරන සැම වැඩයම විවේචන කරමින් අනම් මනං දොඩවන මැතිවරණ කොමිෂන් සභාපතිවරයා කෙරෙහි රතු කට්ට ඉක්මවා ගිය සමන් රත්නායක පවසා ඇත්තේ “සර් සභාපති වුණාට කමක් නෑ අපිට වැඩේ කරගන්න දීලා පැත්තකට වෙලා සිටින” ලෙසයි.

මේ සමඟ මැතිවරණ කොමසාරිස්ගේ යක්ෂයා අසුහාරදාහසට ආරූඩ වී ඇති බවත් එතැන සිටි සියල්ලන්ටම බැන වැඩි කාර්මික විද්‍යාලයෙන් පිටවි යන්නට ආසන්න වෙද්දි දෙරණේ නසරාණි වැඩේ වාර්තා වී ඇති බවත් අප වාර්තාකරුවන් අනාවරණය කොට ගෙන තිබෙනවා.

ඒ අනුව එදා මැතිවරණ කොමසාරිස්වරයා සද්දය දමා මැතිවරණ ප්‍රතිඵලය පවා අත්සන් නොකොට පිටව ගොස් ඇත්තේ දෙරණ සමඟ කේන්තියෙන් නොව තමන්ගේ ගොං ජෝක් ඉවසා නොසිටි අපක්ෂපාති රාජ්‍ය සේවකයන් හා කේන්තියෙන් බවයි වාර්තා වන්නේ.

ජනතාවට අයත් ස්වාධීන කොමිෂන් සභාවක සභාපතිවරයා මෙලෙස රාජපක්ෂවරුන්ට පමණක් පක්ෂපාතීවීම හා ජනතාව කෙරෙහි අපක්ෂපාති නොවීම බරපතළ ප්‍රශ්නයක් ඇති කොට ඇති අතර රටේ ජනාධිපතිවරණයක් කැඳවා ඇති මොහොතක මැතිවරණ කොමසාරිස්වරයාගේ මේ අපක්ෂපාතී නොවන, වගකීම් විරහිත බව දැඩි ලෙස ප්‍රශ්න කළ යුතු කාලය පැමිණ ඇත.

 

Published on- Oct 22, 2019 සන්ඩේ ලීඩර් කතෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීම පිළිබඳව සැකකොට එවකට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හා අමරිකානු ජාතික ගෝඨාභය රාජපක්ෂ ට එරෙහිව ලසන්තගේ දියණිය අහිංසා වික්‍රමතුංග විසින් කැලිෆෝනියාවේ දිසා අධිකරණය හමුවේ ගොනු කල නඩුව විභාගයට ගනු ලැබූවා.

එහිදි ගෝඨා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් සඳහන් කළේ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළේ ගෝඨාභය රාජපක්ෂ් නොව ලංකා රජය සහ හමුදාව බවයි.

ගෝඨාගේ පිළිතුර අනුව අනුව ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීම රාජ්‍ය ක්‍රියාවක් වන අතර එහිදී ඔහු විසින් කරන ලද කාර්ය අයත් වන්නේ “රාජකාරි කටයුතු” ගණයටය.

නඩුව නිෂ්ප්‍රභ කළේ ඇයි?

එසේම එහිද් ගෝඨාගේ නීතිඥවරුන් විසින් ගෝඨාභය “විදේශ නිළධාරියෙකු” බව සඳහන් කරමින් ගෝඨාට එරෙහිව විදේශ විනිර්මුක්තිය ඉල්ලා ඇත.

මේ හරහා ගෝඨාභය නැවත නැවතත් සිය මුග්ධකම ප්‍රදර්ශනය කරමින් පවතින අතර ඕනෑම වරදක් කොට ගැලවීම සඳහා එය තවත් අයෙකු වෙත පැටවීමට ඇති හැකියාව ප්‍රදර්ශනය කරමින් පවති.

බලය ලබා ගැනීම වෙනුවෙන් ඕනෑම මජර වැඩක් කිරීමට සමත් රාජපක්ෂවරුන් යුද්ධයේ අමිහිරි චෝදනා හමුදාව පිට පැටවූ ලෙසින්ම මෙයද සිදු කොට අවසන් ය.

ගෝඨාභය ට අනුව ලසන්ත මරන්නට අණ දුන්නේ ඉහලින් ය. අපේ රටේ ආරක්ෂක ලේකම්වරයාට ඉහළින් සිටින්නේ රටේ සේනාධිනායකයාය. ගෝඨා ආරක්ෂක ලේකම් කාලයේ රටේ සේනාධිනායකයා සහ අනාගතයේ ජනාධිපති වීමට සිහින දකින ගෝඨාභයගේ රජයේ අගමැතිවරයා වන මහින්ද රාජපක්ෂය.

මහින්දට ලසන්ත මරන්න අවශ්‍ය වූයේ ඇයි? ගෝඨා කියන පරිදි ලසන්ත මැරුවේ හමුදාවෙන් නම් හමුදා සෙබලුන්ට ලසන්ත මරන්නට අවශ්‍ය වූයේ ඇයි?

අනෙක් අතට අවුරුදු දහයක් බදාගෙන තුරුල් කරගෙන කාටවත් අයිති කරගන්නට නොදුන් යුධ ජයග්‍රහණයේ අභිමානය ගෝඨාභය එදා ෂැංග්‍රිලා හෝටලයයේදි අත අරින්නේ ඇයි? පැහැදිලිව ම ජනාධිපතිවරණය හේතුවෙනි. ජනාධිපති වුනාට පසු යුද්ධය හෝ සාමය තියා රටට හෙන ගසා ගියද රාජපක්ෂවරුන්ට කම් නැත. අවශ්‍ය වන්නේ බලයයි.

ලසන්තගේ නඩුවේදී ද ගෝඨාගේ ගැලවිජ්ජාව එයයි. ලසන්නත මැරුවේ මම නෙමෙයි කියන ගෝඨාගේ ප්‍රකාශය තුළ අන්තරගත වන්නේ ‘හිටපං මම බලයට එනකම්…… නඩු කියන්න තියා අයේ මිනියවත් මිනී වලේ තියෙන්නේ නෑ’ යන්නයි.

එසේම ආරක්ෂක ලේකම් ගෝඨාට චෝදනා එල්ල වන එකම ඝාතනය ලසන්ත නොවේ, ප්‍රගීත් එක්නැලිගොඩ අතරුදන් කිරීම, මාධ්‍යවේදීන්ට පහර දීම, බොන්න වතුර ඉල්ලු රතුපස්වල ජනතාවට උණ්ඩයෙන් බැට දී මහපාරේ සිවිල් වැසියන් 4 දෙනෙකු මරාදැමීම , වැලිකඩ බන්ධනාගාරයේ කෝලහාලයක් ඇති කරව තමන්ට අවශ්‍ය සිරකරුවන් තෝර තෝරා මරා දැමීම, කටුනායක රොෂේන් චානක මරා දැමීම ඉන් කිහිපයකි.

එසේ සියල්ලට ම මේ යන විදියට ගෝඨාගේ උත්තරය වුනු ඇත්තේ මාම් කලේ ඉහළින් ආපු නියෝග පිළිපැදීම විතරයි යන්න වීමට බොහෝ ඉඩ ඇත. එසේ නම් රටේ ඝාතකයා මහින්ද රාජපක්ෂ ද? දවස ගානේ පන්සල් යන, පපුවට අත ගසා ගනිමින් අඬා දොඩන මහින්ද රාජපක්ෂ ද?

අයියා රජ වූ කාලයේ මල්ලි ලවා මිනිමැරුව නම්, මල්ලි රජ වූ පසු අයියා ලවා ඒ වැඩේ නොකරාවී යැයි රටට මේ අනුව ඇති තහවුරුව මොකද්ද? මේ යන විදියට සමහර විට හෙට අනිද්දා වන විට දෙවියන් මට සිහිනෙන් පෙනි මේ මිනිසුන් මරා දැමීමට  කිවා යැයි මහින්ද පැවසීමට ඉඩ ඇත. රාජපක්ෂවරුන් යනු එවැනි අයියලා ය.

කෙසේවෙතත් රණවිරුවා වෙනුවෙන් ඇප කැප වෙන බවට ඡන්දය වෙනුවෙන් වෙදිකාවක් වේදිකාව ගානේ කියා ඇවිදින ගෝඨා සියවසේ මහා පවා දීම සිදු කොට අවසන් ය. ලෝකයේ අති භයානක ත්‍රස්තවාදය පරාජය කළ හමුදාව සිය පෞද්ගලික අවශ්‍යතා වෙනුවෙන් බිල්ලට දී අවසන් ය. අන්තිමේදී සියළු කුණු හමුදාවේ කර පිටය . අයියලා, මල්ලිලා සුද්දය.

රටට අවශ්‍ය වන්නේ මෙව නායකත්වයක් දැයි යලිත් විමසා සිටිමේ කාලය පැමිණ ඇත. මේ යන විදියට ගෝඨා තමන්ට අවාසි බව හැගේ නම් සිය පියා ඩී ඒ රාජපක්ෂ ද නොවන බව පවා පැවසීමට ඉඩ ඇත. එහෙව් මිනිහෙක් ට මේ රට බාර දී රටේ අනාගතය වල පල්ලට ගෙන යාමට අවශ්‍යද? ජනතාවනි, රණ විරුවණි, රාජ්‍ය සේවකයනි, මාධ්‍යවේදිනි, මේ සියල්ල සිතිය යුතු කාලය මෙයයි.

මාධ්‍ය හමුවකදි ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සුරැකිමේ සංවිධානයේ ලේකම් නීතීඥ රජිත කොඩිතුවක්කු මේ සම්බන්ධයෙන් අදහස් පලකලා…

කැලිෆෝනියා අධිකරණයට ගෝඨාගේ නීතිඥවරුන් විසින් ගොනු කළ පිළිතුර,

Response to US Court Verdict dismissing Ahimsa’s Case against Gotabaya Rajapaksa

* Gotabaya’s lawyers said to court that Lasantha’s killing was an “official act” of the Sri Lankan government in 2009 and that any role he played was in his “official capacity”

* On that basis he sought immunity from prosecution as a “foreign official”

* Ahimsa also said that he committed the act in his “official capacity” but that as a US citizen he cannot have immunity from US courts

* The court finally ruled that the killing was state sanctioned, and that for that reason GR had immunity from prosecution in the US, even though his US citizenship status is in dispute.

* The bottom line is that the court did not say he was innocent. They said LW was killed by the SL government and because GR was the defence secretary (a foreign official) he is granted immunity in the US

* Ahimsa has already said she is going to file an appeal. She said “Killing a journalist because of their reporting should never be seen as an official state act”.

* We must say that if Gotabaya wants the state to have a license to kill journalists, he can go and do that in America but we will never tolerate that position in Sri Lanka.

Top