Published on – Oct 14, 2019  වාසියට පැති මාරු කරන ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරුන් පිරිස ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුවට සහය දැක්වීම සමඟ පොහොට්ටු අභ්‍යන්තරයේ අර්බුදකාරී තත්ත්වයක් හටගෙන ඇති බව අප දේශපාලන වාර්තාකරු වාර්තා කරනවා.

විශේෂයෙන්ම මෙම විරෝධය පොහොට්ටුවේ පසුපෙළ මන්ත්‍රිවරුන්ගෙන් ආරම්භ වී ඇති අතර ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන් කියන කරන දෑ පොහොට්ටුවේ අනාගත දේශපාලන ගමනට මරු පහරක බවයි ඔවුන් පෙන්වා දී ඇත්තේ.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරුවරුන් ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරයේ මෙහෙයුම්කරුවන් ලෙස පවසන ගොබ්බ කතා වලට පිං සිදු වන්න තව තවත් ගෝඨාභය රාජපක්ෂ වෙත ජනතා අප්‍රසාදය ඇති වන බව මෙම පසුපෙළ මන්ත්‍රිවරුන් මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ තුන් කට්ටුවට සාධක සහිතව පෙන්වා දී ඇති බවයි වාර්තා වන්නේ.

නැගෙනහිර හිටපු ආණ්ඩුකාරයා වන හිස්බුල්ලා ජනාධිපතිවරණයට ගෙන එන්නේ බැසිල් රාජපක්ෂ බවත් හිස්බුල්ලාගේ ඡන්ද සියල්ල හා සහය ගෝඨාභය රාජපක්ෂ වෙත ලැබෙන බවත් පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රි එස් බී දිසානායක විසින් සිදු කළ ප්‍රකාශයට සිය ට්විටර් ගිණුම ඔස්සේ නාමල් රාජපක්ෂ විසින් විරෝධය දක්වන්නේද එම ගොන් පාට් හේතුවෙන් ගෝඨාභය රාජපක්ෂ වෙත සිදුවන දේශපාලන අවාසිය වළක්වා ගැනීමට ය.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරුන්ගේ ආතක් පාතක් නැති මෙම වැඩ පිළිවෙළට කළ යුතු දේ සාකච්ඡා කිරීම සඳහා පොහොට්ටුවේ පසුපෙළ මන්ත්‍රි කණ්ඩායම පෙරේදා රාත්‍රියේ මෑතක් වන තුරු බැසිල් රාජපක්ෂ සමීපයේම කටයුතු කරමින් දැනට පසු බැස ඇති මන්ත්‍රීවරයෙකුගේ නිවසේ විශේෂ හමුවක් පවත්වා තිබෙනවා.

එහිදි අදහස් දක්වමින් මන්ත්‍රිවරුන් පෙන්වා දී ඇත්තේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරුන් ගෝඨාභය වෙත සහය පලකිරීමට පැමිණියේ ඔහුගේ ජයග්‍රහණය සඳහා නොවන බවයි. ජනාධිපතිවරණයේදි පරාජය වීමට ගෝඨාභය රාජපක්ෂට සිදුවන බව මෙම මන්තිවරුන් පිරිස අනිවාර්යෙන්ම දන්නා බවත් ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ ලබන වසරේදි පැවැත්වීමට නියමිත මහා මැතිවරණය බවත් ඔවුන් පෙන්වා දී තිබෙනවා.

දැනටමත් ඔවුන් ඉල්ලා ඇති මහමැතිවරණය වෙනුවෙන් නාමයෝජනා ලබා දීම වැනි ඉල්ලීම් ඒ සඳහා උදාහරණ සපයන බවත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සිට මහ මැතිවරණයට ඉල්ලන්නේ නම් ඡන්ද 50 ක් ලබා ගැනීමේ පදමනක් ඔවුනට නැති බව ශ්‍රි ලංනීප මන්ත්‍රීවරුන් දන්නා බවත් මෙම සාකච්ඡාවේදි පොහොට්ටු පසුපෙළ මන්ත්‍රිවරුන් අවධාරණය කොට තිබෙනවා.

ලබන වසරේ මුල් කාර්තුවේදි සජිත් ප්‍රේමදාස අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුව විසුරුවා හරින බවත් පොහොට්ටුවේ සරණින් මැතිවරණයට ඉදිරිපත් වී පාර්ලිමේන්තු යාමට හා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යාමට බලා සිටිනා ශ්‍රිලංනීප මන්ත්‍රීවරුන්ට එයට ඉඩ දුන්නොත් එහි අවාසිය සිදු වන්නේ පොහොට්ටුවේ මන්ත්‍රිවරුන්ට බවත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන් කෙරෙහි ඇති අප්‍රසාදය ජනතාව පොහොට්ටුවෙන් පිරිමසා ගැනීමට හැකි බවත් මෙහිදි සාකච්ඡා වී ඇති බවයි වාර්තා වන්නේ.

පොහොට්ටුවේ වේදිකාවට නගින ශ්‍රිලංනීප මන්ත්‍රිවරුන්ට සිය දිස්ත්‍රික්කයේම මිනිසුන් හූ කීම තුළ ඔවුන් කෙරෙහි ඇති ජනතා අප්‍රසාදය හදුනා ගත හැකි බවත් ඉක්මනින් මෙම පිරිස පොහොට්ටුවෙන් යැවීමට කටයුතු නොකළ හොත් පොහොට්ටුවේද මලගම වැඩි ඈතක නොවන බවත් ඔවුන් සාකච්ඡා කොට ඇති බවයි වාර්තා වන්නේ.

Published on: Oct 12, 2019 – සියයට 80%ක සිංහල බෞද්ධ අන්තවාදී ඡන්ද ඩැහැගනිමින් වාර්තාවක් තැබිමට ගිය මහින්ද රාජපක්ෂ ඇතුලු නඩය 56.3%ක් ලබා ගැනිම නිසා අවුලෙන් අවුලට පත්ව තිබේ.උග්‍ර වාමාංශික ආසනයක් වන ඇල්පිටිය ආසනය තමන්ගෙ නායකත්වය යටතේ  පොහොට්ටුවට සියයට 80කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගන්නා බව  බැසිල් රාජපක්ෂ අනාවැකි පළකර තිබිණී.

පසුගියදා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය බලහත්කාරයෙන් හයිජැක් කරමින් එහි සහය ලබ ගැනිමට මහින්ද -ගෝඨා-බැසිල් සමත්වුවද ශ්‍රිලනීප පාක්ෂිකයින් පොහොටූව ප්‍රතිකේෂ්ප කිරිමද මෙම අවුලට මුලික හේතුව වි තිබේ.ශ්‍රි ලංකා නිදහස් පක්ෂය පුමුඛ සන්ධානය 12.7%ක් ලබා ගනිමින් ඔප්පුකර ඇත්තේ තවදුරටත්ශ්‍රිලනීපය පවා දිමට සුදානම් නැති බවයි.

කෙසේවෙතත් ඡන්ද ප්‍රතිපලය සම්බන්ධයෙන් තමන්ට කිසිසේත්ම සතුටු විය නොහැකි බවත් 2015 ජනාධිපතිවරණයේදි බෙන්තර-ඇල්පිටිය ආසනය සියයට 60කින් දිනුවද තමන්ට ජනපතිකම නොලැබුනු බව මහින්ද පවසා තිබේ.

බෙන්තර-ඇල්පිටිය ආසනයට වෙච්චී දේ…

ජනාධිපතිවරණය 2015

මහින්ද රාජපක්ෂ 42015 (59.08%)
මෛත්‍රීපාල සිරිසේන 28287 (39.78%)
සමස්ථ දිවයිනේ ජය – මෛත්‍රීපාල සිරිසේන

මහ මැතිවරණය 2015

එජාප 26559 (40.83%)
එජනිස 34275 (52.70%)
සමස්ථ දිවයිනේ ජය – එජාප

 

මේ අතර ගෝඨාභය රාජපක්ෂගේ මිග් ගණුදෙනුව ඇතුලු දුෂිත ගණුදෙනු රැසක මුදල් ආයෝජනය කර තිබේන දුෂිත් දිලිත් ජයවිරගේ ගෝඨාභය TV (දෙරණ TV) නාලිකාව හරහා මැතිවරණය කොමිසමේ සභාපතිවරයා විසින් අත්සන් තබා නිළ ප්‍රතිපල නිකුත් කිරිමට පෙර ප්‍රතිපල නිකුත් කිරිම හේතුවෙන් සදාකාලික මැතිවරණ තහනමක් එම නාලිකාවට නිකුත් කෙරුනා.

ඇල්පිටිය නිළ ඡන්ද ප්‍රටිපලය නිකුත් කිරිම සදහා කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා එම ස්ථානයට පැමිණෙන විට  ගෝඨාභය TV (දෙරණ TV) නාලිකාව නිල නොවන ප්‍රතිඵලය නිළ ප්‍රතිඵලය ලෙස අගවමින් ප්‍රකාශ කල අතර එයින් කූපිත වු සභාපතිවරයා අත්සන නොකරම එම ස්ථානයෙන් ඉවත්ව ගියේ මින්පසු කිසිම මැතිවරණයකට සහ මැතිවරණ භූමියට දෙරණ වද්දාගැනීම තහනම් යැයි ප්‍රසිද්ධියේ ප්‍රකාශයක්ද සිදුකරමින් ය.

Published on – Oct 10, 2019 ලබන නොවැම්බර් 16 වෙනිදා පැවැත්විමට නියමිත ජනාධිපතිවරණය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරෙමුණු ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ජයග්‍රහණය කිරීමෙන් පසු නීතිය හා සාමය භාර අමාත්‍යවරයා ලෙස ල්ඩ්මාෂල් සරත් සරත් ෆොන්සේකා මහතා පත් කිරීමට එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයෝ ඒකමතිකව තීරණය කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදි එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයෝ මෙම තීරණයට එළඹි බවයි අභ්‍යන්තර දේශපාලන ආරංච් මාර්ග සඳහන් කරන්නේ.

රටේ ජාතික ආරක්ෂක විෂය සරත් ෆොන්සේකා මහතාට පවරන ලෙස එක්සත් ජාතික පෙරමුණේ නායකයන්ගේ ඉල්ලීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මීට පෙර අවස්ථා කිහිපයකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා තිබුණද එම ඉල්ලිම ජනාධිපතිවරයා විසින් ඉටු කිරීමට කටයුතු කළේ නැත.

එසේම  විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරයෙන් පසුව පවා රටේ ආරක්ෂාව සරත් ෆොන්සේකා වෙත භාර දෙන ලෙස එක්සත් ජාතික පෙරමුණේ නායකයන් පවා ජනාධිපති සිරිසේනගෙන් ඉල්ලා සිටියද ජනාධිපතිවරයා එය ඉටු කළෙ නැත.

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවූ පසු ෆිල්ඩ්මාෂල් සරත් ෆොන්සේකා මහතාට නීතිය හා සාමය අමාත්‍යධූරය පිරිනැමීමට තීරණය වූවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉහත ඉල්ලීම ඉටු නොකිරීම හේතුවෙනි.

යුධ හමුදාවෙන් පලා ගොස් සැගවි සිට සිය සහෝදරයා ජනාධිපති වූ පසු ලංකාවට පැමිණ සීතල කාමර වල සිට යුද්ධය මෙහෙයවූ බවට තමන්ව වර්ණනා කර ගන්නා ගෝඨාභය රාජපක්ෂට වඩා භෞතිකව හා මානසිකව සටන් බිමේ ඉදමින් ප්‍රායෝගිකව යුද්ධය මෙහෙයවූ සරත් ෆොන්සේකා වැන්නෙකුට රටේ නීතිය හා සාමය භාර දීම රටේ ආරක්ෂාව වෙනුවෙන් ගත හැකි හොදම පියවර ලෙස මෙම තීරණය සැළකිය හැකිබව  දේශපාලන විචාරකයෝ පෙන්වා දෙනවා.

Published on – Oct 10, 2019 ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ඇති ප්‍රතිපාදන අනුව ස්වාධීන කොමිෂන් සභාවක් වන මැතිවරණ කොමිෂන් සභාවට වැඩ බලන සභාපතිවරයෙකු යටතේ ජනාධිපතිවරණය පැවැත්විය නොහැකි බැවින් වහාම ස්ථිර සභාපතිවරයෙකු පත් කළ යුතු බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මැතිවරණ කොමිසම වෙත දැනුම් දී තිබෙනවා.

ඊයේ (09) පාර්ලිමේන්තු සංකීර්ණයේදි කතානායක කරු ජයසුරීයගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් මෙම නියෝගය කර ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ පැවති රැස්වීම සඳහා මැතිවරණ කොමිසම් සභවේ වැඩ බලන සභාපතිවරයා හා නීතිපති දප්පුල ද ලිවේරා කැඳවා තිබූ අතර එහිදි නීතිමය තත්ත්වය පැහැදිළි කරමින් නිතිපතිවරයා සඳහන් කොට ඇත්තේ වැඩබලන සභාපතිවරයෙකු යටතේ ස්වාධීන මැතිවරණ කොමිසමට ජනාධිපතිවරණයක් පැවැත්විය නොහැකි බවයි.

එම තත්ත්වය යටතේ හැකි ඉක්මනින් ස්ථීර සභාපතිවරයෙකු පත් කොට එවන ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මැතිවරණ කොමිසම වෙත දැනුම් දී තිබෙනවා.

ඊයේ පැවති එම රැස්වීම සඳහා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්, ජනාධිපති නියෝජිත පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ  සහභාගි නොවුණ අතර වැඩබලන සභාපති මහින්ද දේශප්‍රියට අමතරව මැතිවරණ කොමිෂන් සභාවේ අනෙකුත් සාමාජිකයන් සහභාගි වී තිබුණි.

Published on: Oct 10, 2019- රාජපක්ෂලා පෝෂණය කල අන්තවාදීන් හරහා එල්ල වු පාස්කු ප්‍රහාරය දඩමිමා කරගනිම් ගෝඨා පාලනයක් ඇතිකිරිම සදහා මේ දිනවල තොග පිටින් කඩේ යමින් සිටින අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් රාජපක්ෂලා විසින්ම නටවන රූකඩයක් බව මෙ වනවිට තහවුරු වි තිබේ.

පාස්කු ප්‍රහාරයෙන් දින කිහිපයක් ගතවනවිට තමන් කාගේ පීල්ලේ දුවන අයෙකුද යන්න තහවුරු කල මැල්කම් කාදිනල් ඊට පෙරද සිංහල බෞද්ධයන් වෙනුවෙන් පෙනී සිටින මාරම පොරක් ලෙස රැඟු අයෙකි.කෙසේවෙතත් මේ වනවිට ගෝඨාභයගේ ඡන්ද කැම්පෙන්ග් එක එලියේම කරන කාදිනල් පසුගියද බරපතල ප්‍රකාශක්දසිදුකර තිබුනා.

පාස්කු ප්‍රහාරය අස්සේ බොරදියේ මාලු බෑ කාදිනල් ….

2019 මැයි 03කල අනාවරණය 

http://lankanewsnetwork.org/archives/20215

ඉදිරි ජනාධිපතිවරණයේ දී ඡන්දය දෙන ආකාරය පිළිබඳ ජනතාව තීන්දු කර අවසන් බවත් වේදිකාවල කෙතරම් කෑ මොර ගැහුවත් එය වෙනස් නොවන බවයි ඔහු එහිදි සදහන් කර තිබුනේ.එම සම්පූර්ණ කතාවට අනුව කාදිනල් නොකියා කියනුයේ ගෝඨා ජනපති කිරිමට තමන් කඩේ යන තරමය.

රාජපක්ෂලාට කඩේ යන කාදිනල්ට ආරක්ෂාව සදහා ලබාදි ඇත්තේ නාමල් රාජපක්ෂගේ ආරක්ෂක බලකායට අයත් අයෙකු බව මේ වනවිට අනාවරණය වි තිබේ. නාමල් රාජපක්ෂගේ පෞද්ගලික ආරක්ෂකයෙකු ලෙස කටයුතු කල එම පුද්ගලයා මේ වනවුට කාදිනල්ට ආරාක්ෂාව වෙනුවෙන් යොදවා ඇති අයුරු පහත ඡායාරූපය වලින් පැහැදිලිවම තෙරුම් ගත හැකිය.


කාදිනල් යනු දේශපාලන ගැත්තකු බව අප අවස්ථා ගණනාවකදි අනාවරණය කල අතර රටතුල යලිත් කලබලකාරි තත්ත්වයක් ඇතිකිරිමට රාජපක්ෂ,කාදිනල් ඇතුලු කල්ලිය උත්සහ දරමින් සිටින බව තවත් තහවුරු වුයේ ජනතාවට බොරු භීය ගෙනදෙන කාදිනල්ගේ පච ඔත්තු සේවා නිසාය.

ශක්තිමත්ව තිබු බුද්ධි අංශ විනාශ කල බවයි. බුද්ධි අංශ දුර්වල කළේය වනාහි මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ ජාතිවාදී පිරිස විසින් රටේ ජනතාව නොමග යැවීම සදහා නිතර දෙවේලේ මතුරන මන්තරයකි. කාදිනල් හිමියන් ඒකාබද්ධ විපක්ෂයටත් වඩා පියවරක් ඉදිරියට තබමින් කියන්නේ බුද්ධි අංශ විනාශ කල බවයි.

http://lankanewsnetwork.org/archives/20886

Published on – Oct 8, 2019 සිංහල බෞද්ධයන්ගේ එකම වීරයා ගෝඨාභය රාජපක්ෂ බව පොහොට්ටු ගොට්ටන් රට වටේම පරසක්වල ගැහුවද ගෝඨාගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු දිහා විමසිල්ලෙන් බලන්නෙකුට මේ කරන්නේ අමු අමුවේ සිංහල බෞද්ධ ජනතාව ඇන්දවීම බව නම් අමුතුවෙන් කිව යුතු නොවේ.

බලය ලබා ගැනීමට රජ වීමට ඕනෑම දහදුරා වැඩක් කිරීමට පසුබට නොවන රාජපක්ෂවරුන් ප්‍රමුඛ පොහොට්ටු කල්ලිය සිය අන්තවාදය වැපරීවීමට ප්‍රධානතම ඉත්තා ලෙස යොදා ගත්තේ පාස්කු ප්‍රහාරය බව මතක් කළ යුතුමය.

බෝම්බ ප්‍රහාරයට ලක් වී අපව හැර ගිය අහිංසක ජන ජීවිත වල රස්නය පවා යන්නට පෙර එම මල මිනි මතින් දේශපාලන ප්‍රවේශය ගත් ගෝඨා විමල් වීරවංශ, උදය ගම්මන්පිල වැනි සිය බත් ගොට්ටන් ලවා දිගට හරහට මුස්ලිම් ප්‍රජාවට පහර දෙමින් රට පුරා අන්තවාදය ක්‍රියාත්මක කිරීම ආරම්භ කළා.

සමස්ත මුස්ලිම් ජනතාවම ත්‍රස්තවාදීන් බව කටපුරා කියන්නට මේ තත්ත්වයේදි විමල් හෝ ගම්මන්පිල අමතක නොකළ අතරම සිංහල බෞද්ධයා තනිවී ඇති බව මවා පෙන්නමින් මුස්ලිම් විරෝධී රැල්ලක් නිර්මාණය කිරීමට ඔවුන් උත්සහ ගත් ආකාරය අමතක කළ නොහැකිය.

ගෝඨාට, පොහොට්ටු බයියන්ට අනුව සිංහල බෞද්ධ ඡන්ද ලබා ගැනීමට අන්තවාදය වැපිරිය යුතුය. අන්තවාදය වපුරා සිංහලයා ගොනා කළ යුතුය. ඒ සඳහා මේ ජනාධිපතිවරණයේදි වෙනම බලකායක් නිර්මාණය කර ඇති අතර සිංහලයා ගොනා කිරීමේ බලකාය මෙහෙයවන්නේ ගම්මන්පිලගේ අනුශාසනාවෙන් මධුමාධව අරවින්දය.

නමුත් හක්කේ බුදුරැස් බොක්කේ දඩමස් ගෝඨා මුස්ලිම්, දෙමළ ඡන්ද නොමැතිව ජයග්‍රහණය කිරීම කළ නොහැකි බව මනාව වටහා ගෙන ඇති නිසා අනෙක් පැත්තෙන් මුස්ලිම් ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමේ නිර්ලජ්ජිත ක්‍රියාවලියක යෙදී සිටින්නේ මධුමාධවලා ගමේ ගෙයක් ගෙයක් ගානේ ගොස් හන්දියක දහයක් පහලොවක් එකතු කොට හම්බයන්ට ඔලුව උස්සන්න දෙන්න එපා කියමින් ගෝඨාගේ ප්‍රචාරක වැඩ කරන වකවානුව කදීය.

පුත්තලම කඩයාමෝට්ටෙයි උමාර් ජුම්මා මුස්ලිම් පල්ලියේදි, රත්නපුර කුඩුගල්වත්ත, ජෙන්නත් ජුම්මා මුස්ලිම් පල්ලියේදි එකට කන බොන ගෝඨාට මුස්ලිම් ජනතාව හම්බයන් නොවේ. ඔක්තෝබර් 05 වෙනිදා සිය නිල ෆේස් බුක් අඩවියේ සටහනක් තබමින් ගෝඨා පවසන්නේ ජාතික කොංග්‍රසයේ නායක ඒ.එල්.එම්. අතාවුල්ලා තමාට ජනාධිපතිවරණයේදි සම්පූර්ණ සහය දක්වන බවත් ජාති, ආගම් බේදයෙන් තොරව සැමට සමගියෙන් හා සමාදානයෙන් ජීවත්වීමේ පරිසරයක් නිර්මාණය කරන බවත් ය. එසේ තිබියදි මධුමාධවලා මේ නිර්මාණය කරන්න හදන තනි සිංහල බෞද්ධ රට පිහිටුවන්නේ හදේ දැයි සාධාරණ සැකයක් ඇතිවන්නෙ මේ දෙපිටිකාට්ටු වැඩ දකින විටදීය.

සිංහල ජන්ද ඉලක්ක කරමින් අන්තවාදය පතුරුවා හරිමින් පොහොට්ටු ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ මතය සමාජ ගත කිරිම නැවත ආරම්භ කිරිමට මධුමාදව අරවින්ද නැමති අන්තවාදියා භාර ගෙන ඇති ආකාරයට පහත වීඩියෝව සාක්ෂි දරන අතරම මොවුන්ගේ විසකුරු කතා හොදින් ඇසිය යුත්තේ නයා රෙද්ද පල්ලේ දමා ගත් පසු කනෝ කීවට වැඩක් නැති බැවිනි.

මෙම වීඩියෝව දෙස හොදින් බැලුවොත් ඇත්තටම එම රැස්වීමේ පිරිස 20 වත් නැති බව පෙනෙනු ඇත. නමුත් වඩා සාර්ථකම ගොනාට ඇන්දීමේ ප්‍රචාරණයද වන්නේ එයයි. මධුමාධවලා මවා පෙන්වන මේ සිංහල බෞද්ධ රට මේ භද්‍ර කල්පයේදි නම් ගෝඨාභය රාජපක්ෂ අතින් ඉටු නොවන බව මේ පිරිසට වැටහෙන්නේ මධුමාධවගේ කතාවෙන් ගෝනාට ඇඳ ගෝඨාට ඡන්දය දමා මාස කිහිපයක් ගත වන විට ය.

පාස්කු ප්‍රහාරයත් සමඟ රට පුරා මුස්ලිම් විරෝධි රැල්ලත් සමග මිනුවන්ගොඩ මීගමුව ප්‍රදේශ වල මුස්ලිම් ව්‍යාපාරිකයන් සොයා පැමිණ ඔවුන්ගේ කෙසෙල් කැන් කඩයේ සිට මහ පරිමාණ සාප්පුව දක්වා ගිනි තැබීමට මහසෝන් බලකාය සමඟ මධුමාධව ද හවුල් වූ අතරම මේ ඔහු ගෙනියන්නේ ඒ ගිනි තැබීමේ දෙවැනි පියවර බව පෙන්වා දිය යුතුමය.

මහසෝන් බලකාය හා මධුමාධවලාගේ දේශ ප්‍රේම් කල්ලිය ගිනි තැබූ කඩ…..

මේ අවස්ථාවේදී සිංහල බෞද්ධයන් කළ යුතු වගකීමක් ඇත. එනම් ඇත්තටම රටට ජාතියට ආදරේ නම් මෙවැනි පඩත්තල දේශපාලුවන්ගේ මතයට නොරැවටීමය. බොරුවට මුස්ලිම් ජනතාවට, දෙමළ ජනතාවට අපහාස කරමින් සිංහල ජනතාව ඉදිරියේ අනුකම්පාව දිනා ගැනීමට කටයුතු කරන කිසිවෙක් ඇත්තටම රටට ජාතියට ආදරේ නොකරන යථාර්ථය තේරුම් ගැනීමයි.

අනෙක් අතට බුදුහාමුදුරුවන් ගැන ගීතයක් ගායනා කළ පලියට මධුමාධවලා සිංහල බෞද්ධයන් වන්නේ ද නැත. ඔවුන් සැබෑ බෞද්ධ දර්ශනය අනුගමනය කරන්නේ නම් තවත් ආගමකට ගරහන්නේ ද නැත. බෞද්ධාගමේ එවැන් දර්ශනයක් කියා නොදෙන බව වැස්සට හෝ දහම් පාසලකට, පන්සලකට ගොඩ වූවෙකු දන්නා කරුණකි. නමුත් බලයෙන් අන්ධ වෙලා තම නායකයාගේ කකුල ලෙවකන සුනඛ පෝතකයන්ට නම් ඒ බව වටහා ගැනීමට තව සංසාරයක් අවශ්‍ය වනු ඇත.

 

Published on, Oct 8, 2019 රටම නිදහස් කියමින් අභියාචනාධිකරණය ඉදිරියේ සනාථ වූ සිය ද්විත්ව පුරවැසිභාවය පිළිබඳව ගෝඨාභය රාජපක්ෂට සිය අපේක්ෂකත්වය පිළිබඳව බලාපොරොත්තු ඉවත් කර ගැනීමට සිදුවීම වැඩි ඈතක නොවන බවයි වාර්තා වන්නේ.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මෙරට පුරවැසි භාවය අභියෝගයට ලක් කරමින් ගාමිණී වියන්ගොඩ සහ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර විසින් අභියාචනාධිකරණයේදී පැවරූ නඩුව නිෂ්ප්‍රභ වූවද ඒ සම්බන්ධයෙන් ඔවුන් දෙපළ නැවත ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනය කිරීමට සූදානම් වීමත් සමඟ මෙම තත්ත්වය හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සිය පෙත්සම ප්‍රතිකේෂ්ප කිරීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය විසින් කරුණු දැක්වීමෙන් අනතුරුව අදාළ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත කිරීමට පෙත්සමකරුවන් තීරණය කොට ඇත්තේ.

ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මැතිවරණ ප්‍රචාරණ කටයුතු වල නිරත වූවද අවසන් මොහොතේ හෝ ඔහුගේ අපේක්ෂත්වය පිළිබඳව අතුරුතහනම් නියෝගයක් ලබා ගැනීමට පෙත්සම්කරුවන් සමත් වුවහොත් ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපති සිහිනය බොඳ වන බවයි දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ.

එසේ වුවහොත් පොදුජන පෙරමුණට දේශපාලන අනුප්‍රාප්තිකයෙක් නොවන බැවින් පොහොට්ටුවාදින් හා පොහොට්ටු ගොට්ටන් අවුල් වියවුල් තත්ත්වයට පත්වන්නේ ප්ලෑන් B එක ලෙස මහින්ද යොදාගත් චමල් රාජපක්ෂද නාමයෝජනා භාර නොදීම හේතුවෙනි.

මහින්දගේ සැළසුමට අනුව චමල් රාජපක්ෂ සිය නාමයෝජනාව හකුලා ගැනීම අනිවාර්ය කළ යුතුවන්නේ ගෝඨාට පක්ෂව නඩු තීන්ඩුව ලැබීමෙන් අනතුරුව බැවින් එහි අරුමයක් දක්නට නොලැබුනද, සමාජ මාධ්‍ය ජාලා හරහා ගෝඨාගේ ගෝලයන්, නහරකාරයන් හා වහලුන් හරහා එල්ල කරන මරණ තර්ජන වලට බිය නොවි පෙත්සම අභියාචනයට වියන්ගොඩ හා තේනුවර තීරණය කිරීම නම් මහින්ද ගේ සැළස්ස්මට කිසිසේත්ම අන්තර්ගත නොවුන බව නම් විශ්වාසය.

එක්සත් ජාතික පෙරමුණු ජනාධිපති අපේක්ෂකයා වන සජිත් ප්‍රේමදාසට් මෙතෙක් ගෝඨාභය රාජපක්ෂ අභියෝගයන් නොවූවද යම් හෙයකින් ගෝඨාගේ අපේක්ෂකත්වය අහිමි වී ගියහොත් සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය නියත හා නිතරග ජයග්‍රහණයක් බවට පත්වන බැවින් එහි තත්ත්වය නම් වෙනස් වනු ඇත.

Published on, Oct 7, 2019 ඉදිරි ජනාධිපතිවරණයේදි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සහය ලබා ගැනීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ අතර හා සිරිසේන හා බැසිල් රාජපක්ෂ අතර පැවති සාකච්ඡා සියල්ල අසාර්ථක වී තිබෙනවා.

ඊයේ (06) රාත්‍රියේදි  ජනාධිපතිවරණයේදි ශ්‍රි ලංකා නිදහස් පක්ෂය අනුගමනය කළ යුතු ස්ථාවරය තීරණය කිරීමට පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්වූවද එය අවසන් වූයේ අවසන් තීරණයකට එළඹීමෙන් තොරවය.

කෙසේවෙතත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය තීරණය කිරීමට පක්ෂය විසින් සම්පූර්ණ බලය ජනාධිපති සිරිසේන වෙත මින් පෙර පවරා තිබු හෙයින් සිරිසේන ජනපතිවරයාගේ තීරණය ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේද තීරණය වනු ඇති.

ඊයේ (06) පැවති මධ්‍යම කාරක සභාවේදි ශ්‍රිලංනීපය පොහොට්ටුවට සහය දැක්විය යුතු බව ට ප්‍රකාශ කරමින් නිමල් සිරිපාලද සිල්වා, තිලංග සුමතිපාල ඇතුළු පිරිසක් අදහස් දක්වා ඇති අතර එය සිරිසේනගේ ඔලුවට යක්ෂයා ආරූඪ කිරීමට සමත් වූ බවයි වාර්තා වන්නේ.

මෙහිදි තදින් අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ පොහොට්ටුවේ වෙසෙන්නේ අමන ජාතියක් බැවින් කිසිසේත්ම ශ්‍රිලංනීපයේ සහය පොහොට්ටුවට ලබා දීමට තමා සූදානම් නොමැති බවත් කිසි දිනක තමා පොහොට්ටුවේ වේදිකාවට නගිනවා තියා ඒ පිළිබඳව සිතන්නේ පවා නැති බවත් ය.

ඒ අනුව අවසන් වශයෙන් තීරණය සමතයට පත් නොවූවද පොහොට්ටුව සහය ලබා දීම මේ වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින ප්‍රතිකේෂ්ප කොට ඇති අතර ඒ හේතුව නිසාම ශ්‍රි ලංකා නිදහස් පොදුජන පෙරමුණෙන් මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා ඇප තැන්පත් කළ චමල් රාජපක්ෂ අද නාම යෝජනා බාර දීමට පැමිණ සිටියේ නැත.

මීට අමතරව ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වීමට ඇප තැන්පත් කර තිබූ කුමාර වෙල්ගමද අද නාම යෝජනා භාර දීමට පැමිණ සිටියේ නැත.

විශේෂ ලියුම්කරුවෙකු විසිනි,

Published on: Oct 7, 2019 – පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙස නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහතා තම නාම යෝජනා පත්‍රයට අත්සන් තබා ඇත. ඔහුගේ එම  ඉල්ලුම් පත්‍රයට අදාළව කෙරෙන මෙම පැමිණිල්ල තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉදිරිපත් කරන්නෙමි.

රාජපක්‍ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවය  සහතික කිරීමේ ලේඛණය සහ නව හැඳුනුම්පතක් ලබා ගැනීමෙන් අවලංගු වූ පැරණි ජාතික හැඳුනුම්පත භාවිතා කොට 2017,2018,2019 යන වර්ෂ සඳහා වූ ඡන්ද නාම ලේඛණ වල  ලියාපදිංචි වී තම ඡන්දය භාවිතා කිරීම, මෙරට පුරවැසියන් දෙදෙනෙකු විසින් අභියෝගයට ලක කිරීම හේතු ඉදිරිපත් කිරීමකින් තොරව අභියාචනාධිකරණය විසින් ප්‍රත්ක්ෂේප කළේය.

අදාළ තීන්දුව ලබාදීමෙන් පසු පැමිණිලිකරුවන්ට එරෙහිව මරණීය තර්ජනය එල්ල වූ පණිවිඩ රාශියක් සමාජ මාධ්‍යයන් ඇතුළු මාධ්‍යය ප්‍රවාහයන් රාශියක ප්‍රසිද්ධ විය. ඒ නිසා මෙම අයදුම පත ශ්‍රී ලාංකික පුරවැසියෙකු වන මා, මාගේ අනන්‍යතාවය හෙළිදරව් කිරීමෙන් වැළකී සිටිමින් ඉදිරිපත් කරන්නෙමි. ඒ සඳහා, ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ශ්‍රී ලංකා රාජ්‍යය අත්සන් තබා ඇති ජාත්‍යන්තර ප්‍රඥප්ති ප්‍රකාරව මා හට ඇති අයිතියට ගරු කරනු ඇතැයි මා බලාපොරොත්තු වෙමි.

එසේම, මෙම අයදුම්පත පොදුජනතාවගේ අවශ්‍යතාවයක් ලෙස සලකා ඊට අදාළ නිවැරදි තොරතුරු ලබාදීමට මැතිවරණ කොමසාරිස් තුමා ඇතුළු ශ්‍රී ලංකා මැතිවරණ  කොමිෂන් සභාව කටයුතු කරණු ඇතැයි බලාපොරොත්තු වෙමි.

Oct 6, 2019 – හෙට දිනයේදි නාම යෝජනා බාර දීමෙන් පසුව ගෝඨාභය රාජපක්ෂ වෙත එල්ල වන විරෝධතා සැළකිල්ලට ගෙන ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සිය ජනාධිපතිවරණ ස්ථාවරය ප්‍රකාශ කිරීමට තීරණය කොට තිබෙනවා.

ඊයේ (05) රාත්‍රියේදි පැවති මධ්‍යම කාරකා සභා රැස්වීමේදි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව ශ්‍රි ලංකා නිදහස් පක්ෂය තීන්දු හා තීරණ රාශියක් ගෙන තිබුණද ඒවා හෙට දිනයේ ගෝඨාභය රාජපක්ෂ ගේ නාම යෝජනාව පිළිගන්නා තෙක් අනාවරණය නොකිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන උපදෙස් ලබා දී ඇත.

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අවසන් තීරණ ගැනීමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය විසින් සම්පූර්ණ තනි බලය ජනාධිපති සිරිසේන වෙත පවරා දුන් බව මීට පෙර එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක අනාවරණය කළ බැවින් මුළු ශ්‍රි ලංකා නිදහස් පක්ෂයම මේ අවස්ථාවේදි ජනපති සිරිසේන ගේ මතයට අවිවාදයෙන් එකඟ වී තිබේ.

අප මින් පෙර අනාවරණය කළ පරිදි ජනාධිපති සිරිසේන හා බැසිල් රාජපක්ෂ අතර පැවති රහස් සාකච්ඡා වලදි බැසිල් රාජපක්ෂ විසින් ගෝඨාභය හෝ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා හට පොහොට්ටුව ඡන්ද ලකුණ යටතේ තරග කිරීමට ඉඩ දිය යුතුය යන කොන්දේසිය යටතේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට අගමැතිධූරය ලබා දීමට පොරොන්දු වී ඇති අතර එම එකඟතාව ලිඛිතව ලබා දීමටද පොරොන්දු වී ඇත.

එම පොරොන්දුව තමා වෙත ලිඛිතව ලැබෙන තුරු ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සහය ශ්‍රි ලංකා පොදුජන පෙරමුණට ලබා නොදෙන බව ජනාධිපති තරයේ ඊයේ පැවති මධ්‍යම කාරක සභාවේදි ප්‍රකාශ කොට ඇති අතර ඒ සඳහා මධ්‍යම සභික සාමාජිකයන් සියල්ලෝම පාහේ එකඟ වී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් බැසිල් රාජපක්ෂ යනු සත පහකට විශ්වාස කළ නොහැකි දේශපාලන සත්වයෙක් බැවින් ඔහුගේ පොරොන්දුව ඒ ආකරයෙන් ම ලැබෙන තුරු ඉවසා සිටීම ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට අමාරු නොවන බවත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සහය නොමැතිව පොහොට්ටුව ජයග්‍රහණය පිළිබඳව සිතිය නොහැකි බවත් මෙහිදි අදහස් දක්වමින් මධ්‍යම කාරක සභිකයන් ප්‍රකාශ කොට ඇත.

මේ අතර ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මෙම තින්දුව සමඟ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ හට යක්ෂයා ආරූඩ වී ඇති අතර ම පොහොට්ටු කාර්යාලයේ කිහිපදෙනෙකුට බැන වැදි ඇතැයිද වාර්තා වේ. කෙසේවෙතත් ඊයේ මධ්‍යම කාරක සභාවේ ගන්නා ලද තීරණය අද පෙරවරු 11 ට මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ප්‍රකාශයට පත් කිරීමට නියමිත වූ බැවින් එම මාධ්‍ය සාකච්ඡාව ගෝඨාභයට කඩේ යන දෙරණ හා හිරු නාලිකා ඔස්සේ සජිවීව විකාශය කිරීමට ගෝඨාභය රාජපක්ෂගේ සන්නිවේදන අංශය ක්‍රියා කොට තිබු අතර මේ වන විටද මාධ්‍ය සාකච්ඡාව කල් දමා ඇති බවයි වාර්තා වන්නේ.

Oct 4, 2019 – මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර හා ගාමිණි වියන්ගොඩ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ශ්‍රි ලංකාවේ පුරවැසිභාවය අභියෝගයට ලක් කරමින් ගොනු කළ රීට් අඥා පෙත්සම අභියාචනාධිකරණය අද (04) සවස නිෂ්ප්‍රභ කළා.

ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් නිකුත් කොට ඇති විදේශ ගමන්බලපත්‍රය, ජාතික හැදුනුම්පත්‍ර ය ආදී ලියවිලි නීත්‍යානුකූල වනු ඇත. අභියාචනාධිකරණයේ මේ තීරණය සමඟ ලබන 7 වෙනිදා එනම් සඳුදා සිට ආරම්භ වන ජනාධිපතිවරණය වෙනුවෙන් වන නාමයෝජනා භාර දීම සඳහා ගෝඨාභය රාජපක්ෂටද ඉදිරිපත් විය හැකිය.

සාමාන්‍යයෙන් ජනාධිපතිවරණයකට හෝ වේවා රටේ ඕනෑම මැතිවරණයක් වෙනුවෙන් නාමයෝජනා ඉදිරිපත් කිරීමෙන් පසු මැතිවරණ කොමිෂන් සභාව එම නාම යෝජනා පත්‍රය පිළිගැනීමට පෙර ඕනෑම කෙනෙකුට එම නාමයෝජනා පත්‍රය වෙනුවෙන් විරෝධතා ඉදිරිපත් කළ හැකිය. අද අභියාචනාධිකරණය හමුවේ ගෝඨාභය රාජපක්ෂගේ අනන්‍ය ලියවිලිවල නීත්‍යානුකූලභාවය පිළිගත්තද ඔහුගේ අමෙරිකානු පුරවැසිභාවය අත හැරීම සිදු වී ඇති බව එයින් අදහස් නොවේ.

එබැවින් අනිවාර්යයෙන්ම ගෝඨාභය රාජපක්ෂ නීත්‍යානුකූල ලෙස අමෙරිකානු පුරවැසිභාවය අතහැර ඇති ද යන විරෝධතාව මතුවන අතරම තමා ද්විත්ව පුරවැසියෙකු නොවන බව ගෝඨාභය රාජපක්ෂ වෙත ඔප්පු කර ගැනීමට නොහැකි වුවහොත් අනිවාර්යයෙන් ගෝඨාට අපේක්ෂකත්වය අහිමි වේ. තමාගේ අඩුපාඩුකම් අනික් අයට වඩා හොදින්ම දන්නා ගෝඨාභය ඔක්තෝබර් 07 වෙනිදා සිට 12 වෙනිදා දක්වා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනිමට සිංගප්පූරු යන්නේ ද එබැවිනි. නැත්නම් නාමයෝජනා දුන් දිනයේම රටින් පිටවි දවස් 44 ක ඡන්ද කැම්පේන් එකෙන් දවස් 5 පිටරට ගත කිරීමට ගෝඨා ඔලමොට්ටොලයෙකු විය නොහැකිය.

මැකෝගේ හදිසි කරුණාව හා චමල්ගේ ආගමනය,

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ වෙත ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා බැසිල් රාජපක්ෂ ඇප තැන්පත් කර තිබියදි අද (04) ශ්‍රි ලංකා නිදහස් පොදුජන සන්ධාන නමින් පෙනි සිටීමට රාජපක්ෂ පවුලේ වැඩිමලා චමල් රාජපක්ෂ ද අද ඇප තැන්පත් කළා. ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපති අපේක්ෂකත්වයේ ඇති අවිනිශ්චිතතාව රාජපක්ෂ පවුල  ද වෙවුලුම් කෑමට ලක් කොට ඇති බව පෙනෙන්නේ චමල්ගේ මේ හදිසි ආගමනය නිසාය.

කෙසේ නමුත් අප මතක තබා ගත යුත්තේ මහින්ද රාජපක්ෂ යනු දේශපාලන ගේම් ඉතිහාසය තුළ ඇඟ කිලිපොළා යන පිටපත් රචනයට උපන් හපන් පුදගලයෙකු බවයි. ශ්‍රි ලංකා නිදහස් පක්ෂය තුළ චන්ද්‍රිකා හා බණ්ඩාරනායක පවුල දිය කර හැරීමට ජනාධිපතිධූරය ලබා ගෙන කෙටි කලකින්ම මහින්දට හැකිවන්නේ සිය මුග්ධ දේශපාලන පිටපත් ලිවීමේ හැකියාව නිසා බව අපි දනිමු. අයියාටම හරියන දිය යටින් ගිනි ගෙනියන බැසිල් මල්ලීද එක් වූ කළ ඔස්කාර් සම්මානයට වඩා වැඩි සම්මානයකට පාත්‍ර විය හැකි කුමන්ත්‍රණකාරී චිත්‍රපටියක් නිපදවීම මහින්ද මහ කජ්ජක් නොවේ. චමල්ගේ ආගමනය අප ගත යුත්තේ මහින්දගේ බෙන්තර ගගෙන් එහා මොලේන් කියවෙන අර්ථකතනයට අනුවය.

චමල් රාජපක්ෂ ජනාධිපතිවරණ සටනට අවතීර්ණ වන්නේ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රියගේ ආරාධනාවෙනි. ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරන සාධාරණ මැතිවරණයක් සඳහා කැපවන සත්ගුණවත් මැකෝ හට හදිසියේම රාජපක්ෂවරුන් කෙරෙහි ඇති වූ උණු වෙන හදවත පිළිබඳව සොයා බැලීමේදි අනාවරණය වූයේ චමල් රාජපක්ෂට මැකෝගේ ආරාධනාව පිටුපස සිටින්නේ මැකෝ හා එකට සාද දැමු මැකෝගේ බොනපාට් සගයා බැසිල් රාජපක්ෂ බවයි.

බැසිල් රාජපක්ෂ හා මහින්ද දේශප්‍රිය අතර පසුගිය මාස කිහිපයේ ඇතිවූයේ අසීමිත මිත්‍රත්වයකි. එම මිත්‍රත්වයේ හස්තය කෙතරම් දිගු වූවේද කියතොත් කරට් කැඩෙන්න ගැසූ බැසිල් රාජපක්ෂ ද මහින්ද දේශප්‍රිය ද එකට සිටින අවස්ථා ගණන සුලභ විය. එවන් මිතුදමින් බැඳී ගිය එක දිනක මැකෝ හෝටල් පඩිපෙලකින් බිමට කරණමක් ගැසු අතර එම කරණමේ ආනුභාවයෙන් තුවාල වුණ වම් පාදය සහිතව තවමත් මැකෝ ඇවිදින්නේ අත්වාරුවක් සහිතවය.

සිය මිතුරාගේ ඉල්ලීමට මිතුරාගේ ලොකු අයියාට ඡන්දය ඉල්ලන ලෙස මැකෝ පැවසු අතර ඒ හරහා ගෝඨාට බැරි වුනොත් රාජපක්ෂ පවුලේ බලය රැකගන්න චමල්ට හැකිවන පරිදි පිඹුරුපත් සකසා අවසන්‍ ය.

මෛත්‍රිපාල, වෙල්ගම, විමල්, ගම්මන්පිල, ගෝඨා චමල් එකම වේදිකාවක……,

චමල් ඉල්ලන්නේ ප්‍රධාන පක්ෂ කිසිවක් මෙතෙක් එකතු නොවු අලුත් පක්ෂයක් හෙවත් සන්ධානයක් යටතේ හා අලුත් ලකුණක් යටතේ. මෙය සජිත් ප්‍රේමදාසට එරෙහිව සියළු බලවේග එක පෙළට තැබිය හැකි මහින්දගේ තිර පිටපතේ පූර්විකාව වේ.

චමල් විසින් පොහොට්ටුව නොවන වෙනත් ලකුණකින් මැතිවරණයට ඉල්ලා සිටීම තුළ පොහොට්ටු ලකුණ වර්ජනය කොට ඇති ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට කිසිදු හිරිකිතයකින් තොරව චමල් හා හිටගනු හැකිවේ. ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ඒ වෙනුවෙන් දක්වනු ලැබූ කොළ එළිය අද පත්තු වූයේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ගාල්ල මහ නගර සභාවට තේරි පත් වුණ හිටපු නගරාධිපති මෙත්සිරිද සිල්වා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන රැකගන්න ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කළ පෙත්සම නිෂ්ප්‍රභ කර ගැනීමට ශ්‍රිලංනීපය කටයුතු කිරීම හරහාය. වත්මන් ජනාධිපතිවරයා පත්වන්නේ 19 වෙනි සංශෝධනයට පෙර බැවින් ඔහුගේ ධූර කාලය අවුරුදු 6 ක් බවත් මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපතිවරණය කැඳවා ඇත්තේ ධූරකාලය අවසන් වීමට පෙර බැවින් එම ගැසට් නිවේදනය නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විසිකළේ පෙත්සම වෙනුවෙන් පෙනී සිටීමට නීතිඥවරුන් නොසිටීම හේතුවෙනි.

පදුරකට පොල්ලෙන් ගැහුවත් විසිවන තරමේ නීතිඥවරුන් සිටින රටක පෙත්සමක් වෙනුවෙන් පෙනි සිටීමට නීතිඥවරුන් නොමැති වූයේ සිය පුතාගේ මංගල්‍යය අතරතුර පවා මහින්දගෙන මෛත්‍රී වෙත ලැබුණු දුරකතන ඇමතුමට පින් සිදුවන්න ය. එම ඇමතුමෙන මහින්ද පවසා සිටියේ කලබල වී වැඩේ දෙල් නොකර ඉවසීමෙන් කටයුතු කළ යුතු බවයි. එසේම ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට ගැලපෙන විසඳුමක් ක්‍රියාත්මක කරන බවද මහින්ද මෛත්‍රීට පොරොන්දු වී ඇත. චමල් රාජපක්ෂ යනු එම විසඳුමයි.

අනික් අතට උග්‍ර ගෝඨා වීරෝධීන් වන කුමාර වෙල්ගමලා වැන්නට පවා ඇති හොඳම බෙහෙත වන්නේ චමල් රාජපක්ෂයි. මෛත්‍රිපාල සිරිසේන මෙන්ම කුමාර වෙල්ගමද චමල් ට කැමතිය. චමල් වෙල්ගම ඉල්ලනවා වැනි රෙද්ද බැනියම අදින අපේක්ෂකයෙකි. චමල් හරහා වෙල්ගම පවා මෙල්ලකොට එක වේදිකාවට එකතු කිරීමට මහින්දට තියන හැකියාව වැඩිය.

අනෙක් අතට හදිස්සියේවත් ගෝඨාභය රාජපක්ෂ ප්‍රතිකේෂ්ප වුවහොත් විමල් වීරවංශ, උදය ගම්මන්පිල වැනි අයට පවා දෙන්න පුළුවන් පොදු කුලකය වන්නේ චමල් රාජපක්ෂය. මහින්ද චමල් රාජපක්ෂගේ ඡන්ද කැම්පේන් එක කරන්නේ ගෝඨා පසෙකින් තබා ගෙන බැවින් විමල්ට ගම්මන්පිලට චමල් හරහා සැනසීමට හැකි වෙනු ඇත.

ජනාධිපතිවරණයට ගේන මහින්දගේ පොල් ලෙලි නාටකය……,

ගෝඨාභය රාජපක්ෂගේ නාම යෝජනව ප්‍රතිකේෂ්ප වුවහොත් ජාතියේ සාතිශය අනුකම්පාව ගෝඨා වටා එකතු කිරීමට අවශ්‍ය සැළස්ම මහින්ද දැනටමත් ඇද අවසන්‍ ය. ඒ වෙනුවෙන් මහින්ද සතුව ඇති හොඳම තුරුම්පුව වන්නේ වරක් ඇද අතිශය සාර්ථකත්වයට පත් ව ඇති පොල් ලෙලි න්‍යායයි. පසුගිය පළාත් පාලන ඡන්දයේදි මහරගම නගර සභාව පොහොට්ටුවට නැති වෙද්දි  ඡන්දයට සතියක් තිබියදි මහරගම බෝගස පැවති ජන හමුවේ වේදිකාවට ගොඩ වුණ මහින්ද කියා සිටියේ තමා වෙනුවෙන් බයිසිකලයට ඡන්දය දෙන ලෙසය. බයිසිකලය මහරගම  නගර සභාව දිනන්නේ අත උඩිනි. ඊටත් සතියකට පසු බයිකලයේ මන්ත්‍රිවරු පොහොට්ටුවේ මන්ත්‍රිවරුන්ට බලය ලබා දී නගර සභාවෙන් බැස ගිය ආකාරය අමතක නොවේ.

ජනාධිපතිවරණයට මහින්ද ගේන්නේද ඒ න්‍යායයි. එනම් ගෝඨාභය රාජපක්ෂට ඉල්ලන්න බැරි වන්නේ ආණ්ඩුවේ වරදක් හෙවත් දේශපාලන පලිගැනීමක් නිසා බවත් ගෝඨාභයගෙ චින්තය ඉදිරියට ගෙන යාමට නම් තමා අගමැති කරවීමට නම් චමල් ට ඡන්දය ලබා දිය යුතු බවයි. කොහොමත් 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ වැදගත් වන්නේ අගමැති බැවින් අයියා වූවද, මල්ලි වූවද මහින්ද ප්‍රශ්නයක් නොවේ.

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය තේරුම් ගත යුතු යථාර්ථය මෙයයි. හරියට සෙල්ලම් නොකලොත් සජිත් මේ ගේම් එකද පරදින බව අප පෙන්වා දෙන්නේ රාජපක්ෂවරුන් බලය වෙනුවෙන් ඕනෑම යටි කූට්ටු වැඩක් කිරීමට දෙපාරක් නොසිතන බව දන්නා නිසාමය.

Update ජනාධිපතිවරණය කැඳවමින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කරන සර්ටියෝරාරිටි රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ගාල්ල හිටපු නගරාධිපතිවරයෙකු වන මෙත්සිරි ද සිල්වා මහතා ඊයේ (03) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් කළ පෙත්සම අද 4 ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කළා.ඒ අදාල පෙත්සම වෙනුවෙන් නීතිඥවරයෙකු පෙනී නොසිටිම හේතුවෙනි.

Oct 4, 2019  –ජනාධිපතිවරණයට නාම යෝජනා කැදවන්න දින හතරක පමණ කාලයක් තිබියදි මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපතිවරණය කැදවීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පට හැනි බව පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඊයේ (03) වෙනිදා ඉදිරිපත් වූ පෙත්සම හේතුවෙන් ජනාධිපතිවණයට නාම යෝජනා කැදවීම අතුරු තහනම් නියෝගයක් නිකුත් විය හැකි බව නීති විශාරදයින් පෙන්වා දෙනවා.

ගාල්ල නගර සභාවේ හිටපු සභාපති මෙත්සිරි ද සිල්වා ඊයේ මෙම පෙත්සම ඉදිරිපත් කරමින් පවසා සිටියේ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ ධූර කාලයට 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ බලපෑමක් නොමැති හෙයින් හය අවුරුදු ධූරකාලයකට පත් ජනාධිපතිවරයාගේ කාලය අවසන් වීමට ප්‍රථමව අවුරුදු 05 කින් ජනාධිපතිවරණයක් කැඳවීමට මැතිවරණ කොමිෂන් සභාවට හැකියාවක් නොමැති බවයි.

එම හේතුවෙන් ජනාධිපතිවරණය කැඳවමින් මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කරන ලෙසත්, ඔක්තෝබර් 07 වෙනිදා එනම් ලබන සඳුදා දින සිට ජනාධිපතිවරණය වෙනුවෙන් නාම යෝජනා කැඳවීමට අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ඉල්ලා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන බොහෝ නීති විශාරදයින් පෙන්වා දෙන්නේ එම පෙත්සම අද දිනය තුළ විභාගයට ගැනීමට බොහෝ විට ඉඩ ඇති බවයි. මන්ද යත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් හෝ රටේ හදිසි තත්ත්වයක් නිර්මාණය වී ඇති අවස්ථාවක හෝ කඩිනම් කටයුතු කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ශ්‍රේෂ්ඨාධිකරණය සතු වන බැවිනි. එසේ වුවහොත් පෙත්සමට අදාළ කරුණු පිළිබඳව අඛණ්ඩව සාකච්ඡා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කළ යුතු බවත් පෙත්සමින් දක්වන පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වී ඇත්තේ නම් ජනාධිපතිවරණය කැඳවන ගැසට් නිවේදනය අවලංගු කිරීමට හා අවසන් තීන්දුව දෙන තුරු නාම යෝජනා කැඳවීම අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමට හැකියාවක් ශ්‍රේෂ්ඨාධිකරණය ඇත.

මෙවන් තත්ත්වයක් පිළිබඳව මෑතකාලීන හොදම උදාහරණය දින 52 දේශපාලන කුමන්ත්‍රණය තුළ දක්නට හැකි අතරම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හිතාමතාම උල්ලංඝනය කරමින් පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවිමට ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනයට එරෙහිව එක්සත් ජාතික පක්ෂය හා සිවිල් සංවිධාන ගොනු කළ පෙත්සම සලකා බලා තීරණයක් ලබා දෙන තුරු නාමයෝජනා කැදවීමට දිනයක් තිබියදි නාමයෝජනා කැඳවීමට අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කළා.

එලෙසම ජනාධිපතිවරණයට නාමයෝජනා කැඳවීම ආරම්භ වීමට ඇත්තේ තව පැය 72 කට අඩු කාලයකි. එම කාලය තුළ ජනාධිපතිවරණය කැඳවීම නීත්‍යානුකූල නොවන බව කුඩා හෝ සැකයක් නීතිමය වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඇති වුවහොත් අතුරු තහනම් නියෝගය අනිවාර්යයෙන්ම පැනවිය හැකි බවයි වාර්තා වන්නේ.

මෙම තත්ත්වය සමඟ රටේ දේශපාලන වාතාවරණය උඩුයටිකුරු වීමේ හැකියාවක් පවතින බව විශ්ලේෂණය කරමින් පෙන්වා දියහැකිය.

අප මින් පෙර අනාවරණය කොට ඇති පරිදි මේ වන විටත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ප්‍රභලයින් කිහිපදෙනෙක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සමඟ සාකච්ඡා පවත්වා ඇති අතර එහිදි ජනාධිපතිවරයාගේ ධූරකාලය දීර්ඝ කර ගැනීමට ගත හැකි සෑම පියවරක්ම ගැනීමට ඔවුන්ගේ අවධානය යොමු වී තිබෙනවා.

මීට අමතරව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ද හොර රහසේ ජනාධිපති හමු වී සාකච්ඡා කළ බවද අප වාර්තා කළා. අවසන්වරට බැසිල් රාජපක්ෂ ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවේදි අලුතෙන් පත්වන ජනාධිපතිවරයාගේ බලතල පිළිබඳව සාකච්ඡා කොට ඇති අතර 19 වෙනි සංශෝධනය අනුව ගෝඨාභය රාජපක්ෂ හෝ සජිත් ප්‍රේමදාස හෝ මේ රටේ ජනාධිපති වූවද වඩා බලවත් වන්නේ අගමැතිවරයා බැවින් ඒ පිළිබඳව ඔවුන් දෙදෙනාගේ වැඩි අවධානය යොමු වූ බවයි වාර්තා වන්නේ.

එසේම මෙතෙක් කල් ජනාධිපතිවරයා සතුව පැවති ආරක්ෂක අමාත්‍යංශය නව ජනාධිපතිවරයා පත් වීම සමඟ පාර්ලිමේන්තුව යටතට පැමිණෙන බැවින් එක්සත් ජාතික පක්ෂයට සහය දක්වන සුළු ජාතික පක්ෂ විශේෂයෙන්ම දෙමළ ජාතික සන්ධානය වැනි දේශපාලන පක්ෂ රටේ ආරක්ෂාව මෙහෙයවීමට මැදිහත් වීම රටට එතරම් සුභ නැති බව බැසිල් රාජපක්ෂ මෙහිදි නැවත නැවතත් පෙන්වා දෙමින් සිරිසේන ජනාධිපතිවරයාට අවධාරණය කොට ඇති බවයි වාර්තා වන්නේ.

19 වෙනි සංශෝධනය කෙරෙහි ජනාධිපති සිරිසේන සතුව ඇත්තේ ආත්ම ගත වෛරයක් බැවින් බැසිල් රාජපක්ෂ විසින් දමනු ලැබූ පිදුරු එම වෛරය තව තවත් අවුලවන්නට සමත් වී ඇත.

මැතිවරණ කොමිෂන් සභාවට එරෙහිව පෙත්සමේ නිර්මාණය ඒ හරහා සිදු වී ඇති බව මනාව පැහැදිළි වන අතර යම් හෙයකින් පෙත්සම්කාර පාර්ශවයට වාසි වන අයුරින් තීන්දුව ලැබුනොතින් අප මීට පෙර ද පවසා ඇති ආකාරයෙන්ම සිරිසේන ජනාධිපතිගේ ධූරකාලය ලබන වසරේ ජූනි මාසය දක්වා දීර්ඝ වේ. එසේ වුවහොත් ජනාධිපතිවරණයට පෙර මහමැතිවරණය පැවැත්වෙන අතර එම පාර්ලිමේන්තු මැතිවරණයේ දි පොහොට්ටුව අත සුසංයෝගයෙන් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණට ඇප නැති කිරීමටත් ජනාධිපතිවරණය කැඳවීමට පෙර 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ කෑලිවත් නැති කිරීමටත් සිරිසේන බැසිල් සතර කන් මන්ත්‍රණය තීන්දු කර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

Top