Published on: Oct 4, 2019-රටතුල යලිත් කලබලකාරි තත්ත්වයක් ඇතිකිරිමට රාජපක්ෂ,කාදිනල් ඇතුලු කල්ලිය උත්සහ දරමින් සිටින බව මේ වනවිට අනාවරණය වි තිබේ. ඒ අනුව අන්තවාදී හා හිංසාකාරි ප්‍රහාරයක් එල්ල විම සම්බන්ධයෙන් තර්ජනයක් ඇති බවට අනතුරු ඇගවිමක් තමන්ට ලැබි තිබේන බවට ආරක්ෂක මණ්ඩලයට වාර්තා කර තිබේ. එම වාර්තාවට ආසන්නතම හෙතුව ඇත්තේ පසුගියදා මුලතිව් චෙම්මලයි ප්‍රදේශයේ පිහිටි නීරවියාඩි පිල්ලෙයාර් කෝවිලේ (ගුරුකන්ද විහාරයේ) ඇති වූ සිදුවීම බවද බුද්ධි අංශ වාර්තා මගින් පෙන්වා දී තිබේන බව අප ආරක්ෂක වාර්තාකරු සදහන් කළා.

එම වාර්තාවට අනුව ඔක්තෝබර් 15 ත් 25 අතර දිනය තුලදි යම් ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවිය හැකි බව එහි සදහන්ව තිබේ.

කොළඹ දි අපවත් භික්ෂූන්වහන්සේගේ දේහය කොළඹ සිට මුලතිව් වෙත ගෙන ගොස් නීරවියාඩි පිල්ලෙයාර් කෝවිල් භූමියේ ආදාහනය කිරීමට හිතාමතාම කටයුතු කිරිම හරහා ගෝඨාභය රාජපක්ෂගේ සුරතෙලෙකු වන කහ රෙද්ද අදින නානසාර රටතුල යලිත් ජාතිවාදී ගැටුමකට මුලපිරිමට පසුගියදා සමත් වුනා.ඒ පසුපස ගෝඨාභය රාජපක්ෂ ඇතුලු රාජපක්ෂ කල්ලිය සිටින බව මේ වනවිට රාජ්‍ය බුද්ධි අංශය මගින් මේ වන්විට තහවුරු කර තිබේන අතර ඊට අදාල සාකච්ඡාවක් කොළඹ පිහිටි මන්ත්‍රීවරයේකුගේ නිවසේ සිදුව තිබේන බවද මේ වනවිට රාජ්‍ය බුද්ධි අංශ(SIS) අනාවරණය කර තිබේ.

භික්ෂූන් වහන්සේගේ දේහය එම කෝවිල් භූමියේ ආදහනය කිරීම තහනම් කරමින් උසාවි නියෝගයක් නිකුත් කර තිබියදි එම ස්ථානයට ගිය චණ්ඩි නානසාර අවසානයේ අධිකරණ තින්දුව පවා බල්ලාට දමමින් දේහය පිළිබද අවසන් කටයුතු කෝවිල් භූමිය තුළ සිදුකල අතර ඒ සදහා ඉහල දේශපාලන බලපෑමක් ඔහුට තිබුන බවත් ඒ නිසාම වන්නට පොලිසිය පවා නිහඩව සිටි බවයි රාජ්‍ය බුද්ධි අංශ වාර්තාකර ඇත්තේ.

පස්ගිය කළු දශකයේදි නිර්මාණය කල සහරාන්ලා ලවා පාස්කු ප්‍රහාරය එල්ල කර ගැනිමට සමත්වු රාජපක්ෂවරුන් ඒ හරහා ඇමරිකානු පුරවැසියකුවන ගෝඨාභය රාජපක්ෂ රටේ අපේක්ෂකයා බවට පත්කිරිමට සමත් වුයේ රටේ ආරක්ෂාවේ හිස්තැනක් ඇති බවට සමාජය තුල මතුවු කථිකාව පාදක කරගනිමින් බව නොරහසකි.නමුත් දැන් තත්ත්වය වෙනස් වෙමින් තිබේ. ඒ නිසාම වන්නට ගෝඨාභය මාර්කට් කර ගැනිමේ අවුලකට රාජපක්ෂලා පත්ව තිබේ.එහෙයින් දැන් නැවතත් රාජපක්ෂලාට අවශ්‍යව ඇත්තේ රටතුල ජාතිවාදී ගැටුමක් ඇති කර ගැනිමටය. ඒ සදහා අවශ්‍ය ජාතිකවාදී මෙව්වා එක පසුගියදා මුලතිව් හිදී නානසාර විසින් සපයා දි තිබේ.දැන් රටේ ජනතාව් භීතියට පත්කිරිමේ මෙහෙයුමට කාදිනල්ලා සහය දෙමින් සිටි.

Oct 3, 2019 – ඇල්පිටිය ප්‍රාදේශිය සභා මැතිවරණය කියන්නේ පුංචි ඡන්දයක්. නමුත් ඒ් පුංචි ඡන්දෙට විමල් වීරවංශ මහත්තයා මහා අර්ථකථනයක් දුන්නා. විමල් කියන විදිහට ” 2020 ජනාධිපතිවරණයේ පෙරවදන ලියන්නේ ඇල්පිටියේ පුංචි ඡන්දේ” ඒ් කියන්නේ ඇල්පිටියේ පුන්චි ඡන්දේ ප්‍රතිඵලය සමානයි 2020 ජනාධිපතිවරණයේ ප්‍රතිපලයට?

විමල් හිතන්නේ විමල්ගේ මේ සරළ සමීකරණයෙන් විසදන්නේ යූ ඇන් පීයේ ඉරනම විතරයි කියලා ද? අනෙක් අතට ඇල් පිටියෙදී පොහොට්ටුව කුල්ල කුජීත වුනොත් ඊට සමානව හා සමාන්තරව ජනාධිපතිවරණයේදී පොහොට්ටුවේ අපේක්ෂකයා කුජීත වන බව නොදැන සිටීමට තරම් විමල් දේශපාලන අඳබාලයෙක්ද? විමල් මේ සෙල්ලම කරන්නේ දැනගෙන.

විමල් කියන්නේ මහින්ද ගේ බඩියා. විමල් නියම අර්ථයෙන්ම දේශපාලිනකයි. විමල් දන්නවා ගෝඨාට දේශපාලනේ තේරෙන්නේ නැති වග. මහින්දත් 2020 ජනාධිපතිවරනේ ඉල්ලන්න බැසිල්ට නොදී ගෝඨාට දෙන්නේ ගෝඨාගේ තියෙන මේ දේශපාලන ඔලමොට්ටල කම නිසා. මහින්ද හිතාගෙන හිටියේ 2020 ජනාධිපතිවරණයෙන් පොහොට්ටුව දිනුවම අගමැති විදිහට පරන පුරුදු විදිහට රට කරගෙන යන්න. නමුත් මහින්දගේ යටිකූට්ටු අදහස තේරුම් ගත්ත ගෝඨා ඇතුළු මිලිටරි නඩය මහින්දට තග දාලා ජාතික ආරක්ෂාව හා ආර්ථිකයට විතරක් අත දාන්න ඒන්න ඒපා කියලා. ඒතැන ඉඳන් මණ්ඩලේ කචල්. ඊට පස්සේ තමයි විමල් ක්‍රියාත්මක වෙන්නේ. විමල්ගේ ඩියුටිය තමයි පාක්ෂිකයන්ගේ මොරාල් ඒක වට්ටන ඒක. විමල්ට මේක නුපුරුදු වැඩක් නෙවෙයි. 2010දී ජනාධිපතිවරණය දවසේ ඒජාපේ අපේක්ෂක ෆොන්සේකාට ඡන්ද අයිතිය නෑ කිව්වේත්. 2015 ජනාධිපතිවරණය දවසේ ඒජාපේ අපේක්ෂක මෛත්‍රී මහින්දට සහය දෙන බවත් විමල් කිව්වේ ඒජාපේ පාක්ෂිකයින්ගේ මොරාල් ඒක කන්න. ඒ් වැඩේ මේ පාර විමල් පටන් ගත්තේ ඇල්පිටියේ පුංචි ඡන්දෙන්. මේ පාර විමල්ගේ ටාර්ගට් ඒක පොහොට්ටුවේ පාක්ෂිකයන්ගේ මොරාල්.

ජාතිවාදියා වුනාට විමල්ගේ මොලේ ඒක පැත්තක් වැඩ කරන්නේ ප්‍රජාතත්ත්‍රවාදයට. ජනසම්මතවාදය ගරු කරන මේ රටේ සෑම සියලු දෙනාම වගේම විමලුත් අවඥ්ඥානිකව කැමැතියි සජිත් මේ රටේ ජනාධිපති වෙනවාට. සජිත් කියන්නේ පොඩි මිනිහාගේ දුක හදුනන නායකයෙක්. සජිත්ට ඒ් සංවේදනාව ඒන්නේ පිය උරුමෙන්. සජිත්ගේ තාත්තා ප්‍රේමදාස මහත්තයා ට හදුන්කූරු පත්තු කරන මිනිස්සු තාමත් ඇල්පිටියේ වගේම ඈත ගම් නියම් ගම් වලත් අඩුවක් නෑ. දිවංගත වෙලා අවුරුදු 26ක් ගත වෙලත් ඒ් ගුණ සුවද තාමත් අඩුවක් නැතිව මේ රටේ මිනිසුන්ගේ සිත් සතන් තුළ තියෙනවා. ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ අතින් ගිලිහුනු ඒ් ධජය ඔසවාගෙන මේ රට ලෝකයේ සෞභාග්‍යමත් දේශයක් බවට පත් කරන්න සජිත් ප්‍රේමදාස සිහින මවනවා. සජිත්ගේ ඒ් සිහිනය සැබෑ කරන්න ඇල්පිටියේ ජනතාව වගේම මේ රටේ සර්වජන ඡන්ද බලය හිමි කෝටි ඒකහාමාරකට වැඩි ජනතාව මේ වනවිටත් පෙල ගැහිලා ඉවරයි.

සජිත් කියන්නේ අභියෝග බාරගන්න බය නැති නායකයෙක්. කොලේ අලියා නැත්නම් අලියා ඇඳලා හරි කතිරේ ගහන පාක්ෂිකයන් සිටින මැදකොළඹ අතඇරලා රාජපක්ෂලා නමින් පොල් පිත්තක් දැම්මත් අතඋඩින් දිනන හම්බන්තොටට සජිත් යන්නේ මේ බය නැති කම නිසා. දවසින් දවස හම්බන්තොට ඒක්සත් ජාතික පක්ෂ ඡන්ද පදනම ගොඩ නගද්දීත් හම්බන්තොට ආසනය හා සජිත්ගේ මැතිවරණ ජයගැනීමේ සක්‍යතාව පිළිබඳ අවලාද නගන විරුද්ධවාදීන්ට හම්බන්තොට කියන්නේ ශ්‍රී ලංකාව නොවන බව සජිත් පෙන්නුවේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලැබුනු දවසේ රටම දෙවනත් කරමින් පුපුරා ගිය රතිඥ්ඥා හඬ සාක්ෂිකොට තබමින්.

විමල්ට ඇල්පිටියේ පුංචි ඡන්දය කුමන අර්ථයකින් හෝ ජනාධිපතිවරණයේ පෙරවදන වුවත් සජිත්ට ඇල්පිටියේ පුංචි ඡන්දය කියන්නේ නිශ්චාතාර්ථයෙන් ම ජයග්‍රහනයේ පෙරගමන. 2015දී මුලු රටම ඒක පෙලට රොද බැදගෙන පලවා හල දූෂිත රාජපක්ෂ පවුල් පාලනය යලිත් වරක් වෙස් වලාගෙන ඔබ අභිමුඛව ඇත. ඒ් දුෂ්ඨ බලවේගයට යළි හිස ඒසවීමට ඉඩ දෙනවාද නැතිද යන පැනයට පිළිතුරු ලබා දීම පෙර ගමන් කරුවන් වීමේ අවස්තාව මේ වනවිට ඇල්පිටියේ ජනතාව වෙත පැවරී ඇත.

අප අමතක නොකළ යුතු දේ නම් ගෝඨාභය යනු තනි මිනිසකු නොවන බවයි. ගෝඨාභය යනු පවුලකි. දූෂිත පවුලකි. වතුර ඉල්ලපු රතුපස්වල මිනිසුන්ට වෙඩි තැබූ, වෘත්තීය අයිතාවාසිකම් ඉල්ලා සටන් කළ මී ගමුවේ ධීවරයින් දෙවු මවු තුරැලට යුවූ , මාධ්‍ය නිදහස ඉල්ලූ මාධ්‍යවේදීන්ගේ ජීවිත නිහඩ කළ , නීතියේ දෙවු දුව කෙලෙසූ , සිය පුතුන්ගේ හිත සුව පිනිස අන් පුතුන් වල පල්ලට යැවූ, ස්ත්‍රී දූෂණ 100ක් කරමින් එය සමරන අනුගාමිකයින් රට පුරා බිහි කළ අන්ත දූෂිත පවුලක්. මේ පවුලට ඒරෙහිව බදිමු පවුරක් . ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ යහපැවැත්ම, සාමය, සෞභාග්‍යය සුරක්ෂිත කරන පවුරක්. ශකිතිමත් සජිත් ප්‍රේමදාස වට කරගත් ශක්තිමත් ජන පවුරක්. ඒකී ශක්තිමත් ජනපවුරේ ‌‌මුල්ගල තැබීමේ මග හැරිය නොහැකි ඒ් ඒතිහාසික වගකීම මේ මොහොතේ පැවරී ඇත්තේ ඇල්පිටියේ ඔබටයි.

Oct 3, 2019  – 2019 නොවැම්බර් මස 16 වෙනි දින ජනාධිපතිවරණය කැදවමින් මැතිවරණ කොමිසම විසින් නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කරන ලෙස ඉල්ලමින් අද (03) ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කෙරුණා.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති හා එහි අනෙකුත් සාමාජිකයන් දෙදෙනා, නීතිපතිවරයා වගඋත්තරකරුවන් කරමින් ගාල්ල නගර සභාවේ හිටපු සභාවේ සභාපති මෙත්සිරි ද සිල්වා විසින් එම පෙත්සම ඉදිරිපත් කළ  ඇත.

වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් 2015 වසරේ ජනවාරි මස 8 වන දා පැවති ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයා වශයෙන් තේරී පත් වූයේ වසර හයක ධුර කාලයක් සඳහා බවත් එසේ තිබියදී ජනාධිපතිවරයාගේ ධුර කාලයෙන් වසර 5ක් ගෙවුණු විගස ජනාධිපතිවරණයක් කැඳවීමට මැතිවරණ කොමිසම විසින්  ගැසට් නිවේදනයක් නිකුත් නිකුත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් පෙත්සම මගින් දක්වා තිබෙනවා.

නීතියට පටහැනි ලෙස කැඳවා ඇති ජනාධිපතිවරණයේ  නාම යෝජනා කැඳවීම ලබන 7 වෙනිදා ආරම්භ කොට ඇති බැවින් එම නාම යෝජනා කැඳවීම වැළැක්වීම සඳහා අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ද මෙත්සිරි ද සිල්වා සිය පෙත්සම මගින් ඉල්ලා තිබෙනවා.

ලංකා නිවුස් වෙබ් අපි මේ පිළිබඳව අනාවරණය කරමින් පසුගිය සැප්තැම්බර් මස 19 වෙනිදා ලිපියක් ප්‍රකාශ කළ අතර එමගින් අප පෙන්වා දුන්නේ ජනාධිපති සිරිසේන සිය ධූරකාලය පිළිබඳව වෙනස් අයුරකින් විමසීමට බොහෝ ඉඩ ඇති බවයි.

එසේම ජනාධිපතිවරණයට නාම යෝජනා කැදවීමට පෙර එම මතය විමසීම සිවිල් පුද්ගලයෙකු හරහා සිදු කළ හැකි බවද අප අනාවරණය කළා.

අපගේ එම අනාවරණය පහතින් දක්වා ඇත.

http://lankanewsnetwork.org/archives/20711

Oct 2, 2019 – ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය අභියෝගයට ලක්කරමින් ගොනු කළ රිට් පෙත්සමේ කරුණු විභාගය අද (02) අභියාචනාධිකරණය ඉදිරියේ ආරම්භ වුණා.

මෙම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ සහ විනිසුරු අර්ජුන ඔබේසේකර සහ විනිසුරු මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගන්නා ලදී .

එහිදි ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පිනි සිටින ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා විසින් මූලික විරෝධතා ඉදිරිපත් කළ අතර  ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය පිළිබඳ පොලිස් පරික්ෂණයක් සිදු කරන බවත් එහි විමර්ශන අවසන් නොමැති මොහොතක රිට් පෙත්සමක් සලකා බැලීමටඅභියාචනාධිකරණයට බලයක් නොමැති බවත්  ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පෙත්සමේ වග උත්තරකාර පාර්ශ්වකරුවන් ලෙසට නම් කර නොමැති බවටත් ඔහු සිය මූලික විරෝධතා දක්වමින් පෙන්වා දුන්නා.

මූලික විරෝධතා පිළිබඳව සලකා බැලීම අභියාචනාධිකරණය විසින් පිළිගත් අතර අනතුරුව පෙත්සම්කාර පාර්ශවය සිය කරුණු දැක්වීම ආරම්භ කරනු ලැබූවා.

එහිදි පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා පවසා සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නොවැම්බර් මස 18 දා පැවැති මැතිවරණයෙන් ජයගත් අතර නොවැම්බර් මස 21 අතර තුර කාලයේ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්වරයකු පත් කර නොතිබූ කාලයේ ගෝඨාභය රාජපක්ෂ මහතාට ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ සහතිකය නිකුත් කර ඇති බවයි.

නොවැම්බර් මස 18 දා සිකුරාදා දිනයක් බවත් ඉන් අනතුරුව එළඹුණේ සති අන්තයක් බවත් කෙසේ වෙතත් නොවැම්බර් මස 21 වන සදුදා වන විට ගෝඨාභය රාජපක්ෂ මහතාට ද්විත්ව පුරවැසිභාවය තහවුරු කරමින් සහතිකයක් නිකුත් කර ඇති බව ඔහු වැඩිදුරටත් පවසා සිටියා . හිටපු ජනාධිපතිවරයා මෙම සහතිකය නිකුත් කර ඇත්තේ අමාත්‍යාංශ ලේකම්වරුන් හෝ අමාත්‍යවරුන් පත් කර නොමැති අවස්ථාවකදී බව ඔහු පවසා සිටියා . එබැවින් මෙම ලේඛනය නීතිය ඉදිරියේ කිසිදු වලංගුතාවක් නොමැති බවට සුරේන් ප්‍රනාන්දු මහතා පවසා සිටියා.

එසේම පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් වැඩිදුරත් කරුණු දක්වමින් නීතිඥ සුරේන් ප්‍රනාන්දු සඳහන් කළේ ගෝඨාභය රාජපක්ෂ යනු අමෙරිකානු පුරවැසියෙක් බවත් අමෙරිකානු පුරවැසියෙකු ලංකාවේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම ලංකාවේ ස්වෛරීභාවයට, ස්වාධිපත්‍යයට හා භෞමික අඛණ්ඩතාවයට බරපතළ හානියක් සිදු කරන බැවින් මෙම පෙත්සම ඉදිරිපත් කළ බවයි.

මෙහිදි මින් පෙර ගෝඨාභය රාජපක්ෂ ගේ ආගමන විගමන ලියවිලි තොරතුරු, ගමන් බලපත්‍ර තොරතුරු හා ජාතික හැදුනුම්පත් පිළිබඳව තොරතුරු අධිකරණයට ලබා දෙන ලෙස කල නියෝගයට පිළිතුරු ලබා දෙමින් ආගමන විගමන පාලක ආර්.එම්.පී.එස්.බී. රත්නායක මහතා අභියාචනාධිකරණය වෙත දැනුම් දුන්නේ හිටපු ආරක්ෂක ලේකම් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවයට අදාළ කිසිදු ලිපි ගොනුවක් තමන් සතුව නොමැති බවයි.

රජය වෙනුවෙන් පෙනි සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මේ බව අභියාචනාධිකරණය වෙත දැනුම් දුන්නා.

පෙත්සමේ වැඩිදුර විභාගය හෙට (03) දක්වා කල් තැබීමට ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කර සිටියා.

Oct 2, 2019 – සිය පක්ෂය විසින් ඉදිරිපත් කර ඇති අපේක්ෂකයාගේ අපේක්ෂකත්වය අවදානම් වී ඇති අවස්ථාවක කෙසේ හෝ ජාමය බේරා රාජපක්ෂ පවුලේ උන්නතිය වෙනුවෙන් කටයුතු කීරීමට ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ හොර රහසේම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවී තිබෙනවා.

එම හමුව ජනාධිපති මන්දිරයේදි සිදු වී ඇති අතර ඒ සාකච්ඡා සඳහා ජනාධිපතිවරයා හා බැසිල් රාජපක්ෂ හැරෙන්න වෙන කිසිවෙකු සහභාගි නොවුන බවයි අප දේශපාලන වාර්තාකරු සඳහන් කළේ.

කෙසේවෙතත් එහිදි සාකච්ඡා වූ කරුණු මේ වන විට දේශපාලන ආරංචි මාර්ග හරහා අනාවරණය වී ඇති අතර එහිදි බැසිල් රාජපක්ෂ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා හමුවේ පවසා ඇත්තේ පොහොට්ටුවෙන් ඉදිරිපත් වන කවර හෝ අපේක්ෂකයෙකුට ජයග්‍රහණය සඳහා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සහය අත්‍යවශ්‍යම කාරණය වන බවයි.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සහය නොමැති වුවහොත් ඇපත් නැතිව ලක්ෂ 15 කින් පමණ දැවැන්ත පරාජයක් සිය අපේක්ෂකයාට නියත බව බැසිල් මෙහිදි පෙන්වා දී තිබෙනවා. ශ්‍රි ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ අතර සන්ධාන ගත වීමට බලපා ඇති ප්‍රධාන බාධාවක් වන පොහොට්ටු ලකුණ පිළිබඳ කාරණය පිළිබඳව නැවත සලකා බලන ලෙස මෙහිදි බැසිල් රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් අයැද සිටි බවයි වාර්තා වන්නේ.

යම් හෙයකින් පොහොට්ටු ලකුණ නොමැතිව මැතිවරණයට ඉදිරිපත් වුවහොත් ශ්‍රිලංකා පොදුජන පෙරමුණට පමණක් නොව තමන්ගේද අනන්‍යතාව බිඳ වැටී ආතක් පාතක් නැති තත්ත්වයට පත් වන බව බැසිල් රාජපක්ෂ කරුණු දක්වමින් ජනාධිපතිවරයාට පෙන්වා දී ඇති අතර පොහොට්ටු ලකුණ තුළ  ගෝඨාභය රාජපක්ෂ හෝ තම පක්ෂයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයා ජයග්‍රහණය කිරීමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සහය හිමිවන්නේ නම් දෙවරක් නොසිතා අගමැතිධූරය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත ලබා දීමට බැසිල් රාජපක්ෂ එකඟ වූ බවයි අප දේශපාලන වාර්තාකරු සඳහන් කළේ.

වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ වෙත එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම පාර්ලිමේන්තුව තුළද වැඩි ප්‍රසාදයක් නොමැති හෙයින් ජනාධිපති මෛත්‍රීපාල වෙත අගමැතිධූරය ලබා ගැනීම එතරම් අපහසුනොවන බවත් බැසිල් මෙහිදි අවධාරණය කළා.

එසේම එම පොරොන්දුව ලිඛිතව ජනාධිපතිවරයා වෙත ලබා දීමටත් ඒ සඳහා ඔක්තෝම්බර් මස 05 වෙනිදා තෙක් කාලය ලබා දීමටත් හැකි දැයි ඔහු ජනාධිපතිවරයාගෙන් විමසා ඇති අතර බැසිල් ගේ යෝජනා කිසිවකට නිසි පිළිතුරක් ලබා නොදුන් ජනාධිපතිවරයා බැසිල්ට ඔක්තෝබර් 05 වෙනිදාට සිය පොරොන්දුව ඉටු කළ හැකි දැයි සලකා බලන බව ප්‍රකාශ කොට ඇත.

මේ අතර ඊයේ (01) රාත්‍රියේ එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හමුවී ඇති අතර එම සාකච්ඡා අතිශය සාර්ථක බවයි වාර්තා වන්නේ.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සහය සජිත් ප්‍රේමදාස වෙත ලබා දෙනවාද යන්න පිළිබඳව නිශ්චිත පිළිතුරක් ලබා දීම ඔක්තෝබර් 06 වෙනිදාට අනිවාර්යයෙන් ම සිදු කරන බව මෙහිදි ජනාධිපතිවරයා ප්‍රකාශ කොට ඇති අතර එයට හේතු වශයෙන් ඔහු දක්වා ඇත්තේ ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවය පිළිබඳව අධිකරණ තීන්දුව එදිනට ලබා දෙන බවත් බැසිල් රාජපක්ෂ තමන්ට පොරොන්දුවක් වූ බවත් එය නිසි ලෙස ඉටු කරනවා ද යන්න පිළිබඳව සලකා බැලිය යුතු බවත් ය.

කෙසේවෙතත් ඔක්තෝබර් 06 වෙනිදාට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මතවාදය හෙලි කරන බව පැවසුවත් සජිත් ප්‍රේමදාස වෙත සහය පල කිරීමට කැමති, සහය පල කළ හැකි ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන් සියළු දෙනාගේ සහය සජිත් ප්‍රේමදාස වෙත නොඅඩුව ලබා දීමට තමන් කටයුතු කරන බව ජනාධිපතිවරයා මෙහිදි සජිත් වෙත සහතික වී තිබෙනවා.

 

Oct 1, 2019  – 2019 ඔක්තෝබර් මස 09 වෙනිදා සිට 12 වෙනිදා තෙක් සිංගප්පූරුවේ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට යාමට තමා වෙත අවසර ලබා දෙන ලෙස ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

අධිකරණය වෙත මෝසමක් ඉදිරිපත් කරමින් ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනි සිටින නීතිඥවරුන් විසින් මෙම ඉල්ලීම කර ඇත.

මීට මාස ගණනකට පෙර හදවතේ සැත්කමක් සිදු කළ තමාට හට ඊට අවශ්‍ය වැඩිදුර ප්‍රතිකාර ලබා ගැනීමට මෙලෙස විදේශ ගත වීමට අවසර ලබා දෙන ලෙසයි ගෝඨාභය රාජපක්ෂ මෙම මෝසම මගින් ඉල්ලා ඇත්තේ.

ඊයේ දිනයේදි ගෝඨාභය රාජපක්ෂගේ ලංකා පුරවැසිභාවය අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණය වෙත ඉදිරිපත් වී ඇති පෙත්සම සලකා බැලීමට ගෝඨාභය රාජපක්ෂගේ ජාතික හැදුනුම්පත් හා විදේශ ගමන් බලපත්‍ර පිළිබඳව විස්තර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ආගමන විගමන පාලකවරයා ඇතුළු පාර්ශ්වයන් හතරකට අභියාචනාධිකරණය නියෝග කළා.

එම නියෝගයත් සමඟ දේශපාලන බලය අනිසි ලෙස යොදා ගනිමින් ගෝඨාභය රාජපක්ෂ විසින් කූඨ ලෙසසකස් කොට ගෙන ඇති හැදුනුම්පත් හා ගමන් බලපත්‍ර වල විස්තර සියල්ල අධිකරණය වෙත ඉදිරිපත් වනු ඇති. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂට ජනාධිපති පුටුවේ වාඩි වීම කෙසේවෙතත් සිරගත වීමට ඇති ඉඩකඩ වැඩි බවයි නීති විශාරදයන් පෙන්වා දෙන්නේ.

තත්ත්වය මෙසේ වෙද්දි ජනාධිපති අපේක්ෂකයා ලෙස ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කිරීමට ගෝඨාභය රාජපක්ෂ හැකියාව ඇතිද යන උභතෝකෝටික ප්‍රශ්නයට පොහොට්ටුවේ සියල්ලෝම මේ වන විට මුහුණ දී ඇති අතර, යම් හෙයකින් නාමයෝජනාව ප්‍රතිකේෂ්ප වුවහොත් පොහොට්ටුවට අපෙක්ෂකයෙකු පවා නැති වන බවට පොහොට්ටු ප්‍රභලයන් මේ වන විටත් කුනු කුනු ගාමින් සිටින බවයි අප දේශපාලන වාර්තාකරු පවසා සිටින්නේ.

මේ තත්ත්වය පිළිතුරු සෙවීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය බත් බැලයන් වන විමල් වීරවංශ උදය ගම්මන්පිල, වාසුදේව නානයක්කාර හා තවත් ප්‍රබල පොහොට්ටු සාමාජිකයන් ඊයේ හවස කැඳවනු ලැබූ අතර ගෝඨාභය වෙනුවට ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ හැකි වෙනත් පුද්ගලයන් කෙරෙහි එහිදි අවධානය යොමු වුණ බවයි වාර්තා වන්නේ.

නව ශ්‍රි ලංකාවක් කරා යන බව පවසමින් තවත් ආත්ම හතකට පොදි ගහන්න සූදානමින් සිටි පොහොට්ටු බයියෝ බොහෝමයක් මේ තත්ත්වය සමඟ පශ්චාත්භාගය දැවුණු බල්ලන් සේ කලබල වී ඇති අතර  කැමරාව ඉදිරියේ පොල් ගෙඩිය උඩ කපුරු පත්තු කොට ඩිජිටල් තාක්ෂණය ඔස්සේ දෙවියන්ට දුක කියන රෝහිත අබේගුණවර්ධන වැන්නෝ ඒ අතර ප්‍රමුඛ වී ඇත.

Oct 1, 2019  – අමෙරිකානු පුරවැසියෙකූ ගෝඨාභය රාජපක්ෂ 2005 මහින්ද රාජපක්ෂ සිය වැඩිමහල් අයියණ්ඩිය වෙනුවෙන් ඡන්දය භාවිත කිරීම සඳහා ද්විත්ව පුරවැසිභාවය ලබා ගෙන ඇත්තේ දින දෙකක සීග්‍රගාමී සේවයකින් බව රාවය කතෘ වික්ටර් අයිවන් පවසනවා.

වික්ටර් අයිවන් විසින් ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවය පිළිබඳව තොරතුරු ඇතුලත් සිය විග්‍රහය ඉදිරිපත් කොට ඇති අතර එයට අනුව ගෝඨාභය රාජපක්ෂ හැදුනුම්පත් ගමන් බලපත්‍ර ආදි සියල්ල ලබා ගෙන ඇත්තේ අසත්‍ය තොරතුරු මත් පදනම් ව වංචාවෙනි.

2005 වසරේදි ගෝඨාභය රාජපක්ෂ ලංකාවට පැමිණෙන්නේ අමෙටිකානු පුරවැසියෙකු ලෙස  සංචාරක විසා යටතේ ය. එසේ පැමිණෙන ගෝඨා චමල් රාජපක්ෂ ගේ මූලිකත්වය යටතේ ඡන්ද නාම ලේඛනයට නම ඇතුලත් කොට ද්විත්ව පුරවැසිබව ඉල්ලා සිටින්නේ සිය මහින්ද රාජපක්ෂ සහෝදරයාගේ උපන් දවස වන නොවැම්බර් 18 වෙනිදාය. ද්විත්ව පුරවැසිභාවය ලබා දීම සඳහා විෂය භාර අමාත්‍යවරයෙකු පවා පත් කොට නොමැති වකවානුවක නොවැම්බර් 21 වෙනිදා ගෝඨාට පුරවැසිකම ලැබීම ආශ්චර්යයක් බව අයිවන් පෙන්වා දෙනවා.

හීනෙකින්වත් පරිඝණක ඉංජිනේරුවරයෙකු ලෙස කටයුතු කොට නොමැති ගෝඨා ද්විත්ව පුරවැසිකම වෙනුවෙන් අයදුම් කළ අයදුම්පත්‍රයේ සඳහන් කොට ඇත්තේ තමා පරිඝණක ඉංජිනේරුවෙක් බවයි.

නව ශ්‍රී ලංකාවක් තනන්නට සුදු පිරුවටය ඇදගෙන ජනතා වරම ඉල්ලන අහිංසක ගෝඨා මහින්ද රාජපක්ෂ ජනාධිපති වන්නට පෙරම සිය ජඩකමේ වැඩ අල්ලා ඇති ආකාරය පැහැදිලි ලෙස පෙන්වා දීම ට සාක්ෂි සහිතව වික්ටර් සිය විග්‍රහය තුළ සමත් වී තිබේ.

අයිවන්ගේ විග්‍රහය,

ගෝටාබය රාජපක්ෂට එරෙහිව පවරා තිබෙන නඩුද ගාමිනී වියන්ගොඩ හා මහාචාර්‍ය තේනුවර ඔහුගේ හැදුනුම් පත් හා ගමන් බ්ලපත් වලට අදාලව පරීක්ෂන වාර්තාද මා හොදින් හැදෑරුවා.මගේ නිගමනය ඔහුට ජනාදිපතිවරනයකට තරග කිරීමේ අයිතියක් නැතිබවය.

තිබෙන අනෙකුත් සියලු චෝදනා බැහැර කොට හැදුනුම් පත් හා විදේශ ගමන් බලපත්‍ර ප්‍රස්නය ප්මනක් ගත්තත් ඔහු සිදුකර තිබෙන වැරදි ඉතාම බරපතලයි.ඔහු ප්‍රවැසි නීති උල්ලන්ගනය කර තිබෙනවා.ආගමන ව්ගමන නීති උල්ලන්ගනය කර තිබෙනවා.කූට ලේකන සකස් කර තිබෙන බව පැහැදිලිව පෙනෙන්වා.

ඔහු පරන හැදුනුම් පත ලබාගෙන තිබෙන්න 1976 දෙසැම්බර් 21වනදා.එහි අන්කය 491724021v.විදේශ ගමන් බලපත් අන්කය n5384975.ඔහුට ඇමරිකන් පුරවැසි බාවය ලැබී තිබෙන්නේ 2003 ජනවාරි 31 වනදා.

පුරවැසි නීතිය අනුව විදේශ රටක පුරවැසිබාවය ලබාගත් පුදිගලයෙකුගෙ ලන්කාවෙ. පුරවැසිබාවය ස්වයන් ක්‍රීය ලෙස අහිමිවනවා.2005 ජනාදිපති මැතිවරනයෙදි ඔහු ලන්කාවට පැමින තිබෙන්නෙ ඇමරිකන් පුරවැසියෙකු ලෙස තාවකාලික සන්චාරක වීසා බලපත්‍රයක් යටතේය.මහින්ද රාජපක්ෂ ජනාදිපති දූරයට තේරී පතවන්නේ 2005 නොවැම්බර 18 වන සිකුරාදාය.ගෝටාබයට ද්වීත්ව පුරවැසි බාවය ලබාදී තිබෙන්නේ නොවැම්බර් 21 වන සදුදාය.සීග්‍රගාමි වේගයකින් ඒ දේ සිදුවී තිබෙන්නේ විෂයබාර ඇමතිවරයෙකු පවා පත්නොකර තිබූ අවස්තාවකදීය.ද්වීත්ව පුරවැසිබාවය සදහා එදිරිපත්කල අයදුම් පතේ ගොටා තමන් හදුන්වා ගෙන ඇත්තෙ පරිගනක ඉන්ජිනේරුවකු වශයෙනි.ඒ නිසා එම අයදුම් පත සැලකිය හැක්කේ බොරු තොරතුරු ඇතුලත් කූට ලේකනයක් වශයෙනි.

ඔහු අලුත ජාතික හැදුනුම් පත (194917210010) ලබාගෙන තිබෙන්නේද 2016 වසරේදී ඇමරිකන් පුරවැසි බාවය තිබියදීය.නීතියට පටහැනිව අලුත් හැදුනුම් පතක් ලබාගෙන තිබියදී 2017,2018 හා2019 යන වර්ෂ සදහා මැතිවරන නාම ලේකනයේ නම ලියාපදිංචි කර තිබෙනුයේ අවලන්ගු පරන හැදුනුම් පත යොදාගෙනය. එයද චේතනාන්විතව කරන ලද බරපතල වරදක් ලෙස සැලකිය හැකිය.ගෝටා තමන්ගේ ශ්‍රී ලන්කා විදේශ ගමන් බලපත්ත්‍රය (n 192600594)ලබාගෙන තිබෙන්නේද ඇමරිකන් පුඅරවැසි බාවය තිබිය දීය.ඒ සියල්ල බරපතල වැරදි වන අතර චේතනාන්විත්ව කරතිබෙන වැරදි වශයෙන් මිස නොදැන කරන ලද වැරදි ලෙස සැලකිය නොහැකිය.

නීතිය ක්‍රියාතමක වීමේදී ගෝටා සම්බන්දයෙන් කුමන ප්‍රතිපත්තියක් අනුගමනය කරාවිද යන්න කිවනොහැකිය.නීතියට අනුව නම් ඔහුට ජනාදිප්තිවරනයට තරග කල නොහැකිය.ඒ බරපතල වැරදි වෙනුවෙන් සිරදඩුවම් හිමිවීමද නොවැලැක් විය හැකිය.

 

Sep 30, 2019 – ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නිකුත් කර ඇති ජාතික හැඳුනුම්පත, විදෙස් ගමන් බලපත්‍රය පිළිබඳ තොරතුරු වහාම අභියාචනාධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස ස්වදේශ කටයුතු අමාත්‍යවරයාටත්, අමාත්‍යාංශ ලේකම්වරයාටත්, ආගමන විගමන පාලක ජනරාල්වරයාට හා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්වරයාට අභියාචනාධිකරණය අද (30) නියෝග කළා.

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ශ්‍රි ලංකාවේ පුරවැසියෙක් ලෙස නොපිලිගන්නා ලෙස ඉල්ලමින් ගාමිණි වියන්ගොඩ හා මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර විසින්  අභියාචනාධිකරණය වෙත යොමු කර ඇති පෙත්සම සැළකිල්ලට ගනිමින් අභියාචනාධිකරණ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ සහ විනිසුරු අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් මෙම නියෝගය කර තිබෙනවා.

ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ එරෙහිව ගොනු කොට ඇති මෙම පෙත්සම ලබන ඔක්තෝබර් මස 2 දා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ , අර්ජුන ඔබේසේකර සහ මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලීමට නියමිතය.

මේ අතර පවතින මෙම වාතාවරණය හමුවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් විකල්ප ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම පිළිබඳව යෝජනාවක් සාකච්ඡා වෙමින් පවතින බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

යම් හෙයකින් ගෝඨාභය රාජපක්ෂ ලංකාවේ පුරවැසියෙකු නොවුනහොත් හා අමෙරිකානු පුරවැසිභාවයක් ඉවත් කර ගැනීමට හැකියාව නොලැබුණහොත් 19 වෙනි සංශෝධනය අනුව ඔහුට ජනාධිපතිවරණය වෙත ඉදිරිපත් වීමට නොහැකි බැවින් එම පියවර සඳහන් යොමු වීමට පොදුජන පෙරමුණ කටයුතු කොට ඇති බවයි වාර්තා වන්නේ.

මේ වන විට අභියාචනාධිකරණය නියෝග කොට ඇති පරිදි අධිකරණයට ඉදිරිපත් වන ගෝඨාභය රාජපක්ෂගේ  විදේශ ගමන් බලපත්‍රය හා ජාතික හැදුනුම්පත සම්බන්ධ ලිපි ලේඛන වලට ප්‍රශ්නයක් නැති වුවද ඔක්තෝබර් 03 වැනිදා අතුරු තහනම් නියෝගයක් ලබාගත හොත් ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට බාධාවක් ඇති වන නිසා පොදුජන පෙරමුණ අපහසුතාවයට පත් ව ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

කෙසේවෙතත් ගෝඨාභය රාජපක්ෂ වෙනුවට විකල්ප ජනාධිපති අපේක්ෂකයෙකු පිළිබඳව සාකච්ඡා කිරීමට ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හා එය සමඟ සන්ධාන ගත වීමට සූදානම් අනෙකුත් පක්ෂ නායකයින් අතර හමුවක් අද සවස පැවත්වෙන බවයි වාර්තා වන්නේ.

 

Sep 29, 2019  – ඉදිරි ජනාධිපතිවරණය ජයගැනීම සඳහා තමන් වෙත අවස්ථාව ලබාදෙන්නැයි එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිධුර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස ඇල්පිටිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ඔහු මේ බව සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂයේ බෙන්තර ඇල්පිටිය ආසන බලමණ්ඩල රැස්වීමට අද (29) එක්වෙමින්.

එක්සත් ජාතික පක්ෂ බෙන්තර ඇල්පිටිය ආසන බලමණ්ඩල රැස්වීම පක්ෂයේ ජනාධිපතිධුර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ඇල්පිටිය පක්ෂ කාර්යාලයේදී අද පෙරවරුවේ පැවැත් විය.

එහිදී අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට රැස්ව සිටි ජනතාවගෙන් හිමිවුණේ උණුසුම් පිළිගැනීමක්.

එම අවස්ථාවේ ආබාධිත රණවිරුවන් පිරිසක් සජිත් ප්‍රේමදාස මහතාට සමඟ සිය ගැටලු ඉදිරිපත් කළේය.

එහිදි අදහස් දැක්වු සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ තමන් ළඟ හොර දේවල් නොමැති බවත් තමන් බොහොම පිරිසිදු පුද්ගලයෙක් බවත්ය.

එහිද වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා ,
“බොක්කෙන් කියන්නේ’මට විශ්‍රාම ගියාම අහන්න අවශ්‍ය දේ.ඇල්පිටිය ජනතාවගෙන් ආදරෙන් ඉල්ලනවා. මට මේ අවස්ථාව දෙන්න. එන්න ඕනේ කාලෙත් දන්නවා,යන්න ඕනේ කාලෙත් දන්නවා. තනතුරුවලට එන්න බයත් නැහැ,යන්න ඕනේ කාලේ ආවම මම යනවා. ජනතාව යන්න කියනකම් මම ඉන්නේ නැහැ,මට ඉවසන්න පුළුවන් කාල සීමාව. ප්‍රතිවාදියාගෙන් ප්‍රශ්න අහන්න පුළුවන්ද? ඔළු පලාගෙන ගෙදර යන්න වෙයි. මගේ හැකියාව ගැන මට විශ්වාසයි.ඔබ මාව පත්කළාට පස්සේ.විදෙස් ගමන් යද්දී, සාමාන්‍ය ජනතාවගේ පසුම්බියට රටට එකතුවක් වෙන විදිහටයි කටයුතු කරන්නේ ශක්තිමත් රටක් නිර්මාණය කරනවා.”

මේ අතර එක්සත් ජාතික පක්ෂ කොළොන්නාව විශේෂ බලමණ්ඩල රැස්වීමක් අද පස්වරුවේ එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිධුර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

Sep 29, 2019 – ලංකාවේ කලක පටන් පවතින්නේ වැරදි කරුවන්ට දඬුවම් නොදි සිටීමේ ක්‍රියාවලියක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්ධන් පෙන්වා දෙනවා. දෙමළ ජාතික සන්ධානයේ නායක හා පාර්ලිමේන්තු මන්ත්‍රි ආර් සම්බන්ධන් මහතා අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිර්සේන වෙත ලිපියක් එවා ඇති අතර එමගින් ඔහු ඉහත කාරණය පිළිබඳව අවධානය යොමු කොට තිබෙනවා.

හිටපු විපක්ෂනායකවරයා විසින් පසුගිය 27 වෙනිදා මෙම ලිපිය යොමු කර ඇති අතර එමගින් පසුගිය 23 වෙනිදා මුලතිව් චෙම්මලයි ප්‍රදේශයේ පිහිටි නීරවියාඩි පිල්ලෙයාර් කෝවිලේ (ගුරුකන්ද විහාරයේ)  ඇති වූ සිදුවීම පිළිබඳව අවධානය යොමු කොට තිබෙනවා.

එම ලිපිය අනුව නීරවියාඩි පිල්ලෙයාර් කෝවිල සියවස් ගණනකට පෙර ඉදිවූ ඉතා පැරණි හින්දු කෝවිලක් වන අතර අතීතයේ සිට එම ප්‍රදේශයේ ජීවත් වි ඇත්තේ හින්දු ආගම අදහන දෙමළ ජනතාවය.

යුද්ධයෙන් පසුව බෞද්ධ භික්ෂූන්වහන්සේ නමක් එම ප්‍රදේශයේ පදිංචි වෙමින් එහි භුක්තිය හා පාලනය ලබා ගැනීමට කටයුතු කළ බවත් මෙම බලහත්කාරු පදිංචිය හින්දුන් විසින් දැඩිව ප්‍රතිකේෂ්ප කළ බවත් එමනිසා කලක පටන් ආරවුලක් නිර්මාණය වී තිබූ බවත් සම්බන්ධන් මහතා සිය ලිපියෙන් පවසා සිටිනවා.

කොළඹ දි අපවත් වූ එම භික්ෂූන්වහන්සේගේ දේහය කොළඹ සිට මුලතිව් වෙත ගෙන ගොස් නීරවියාඩි පිල්ලෙයාර් කෝවිල් භූමියේ ආදාහනය කිරීමට සූදානම් කිරීම හිතාමතාම සිදුකළ ආක්‍රමණශීලි ක්‍රියාවක් බවත් එම හේතුව නිසාම පසුගිය 22 වෙනිදා භික්ෂූන් වහන්සේගේ දේහය එම කෝවිල් භූමියේ ආදහනය කිරීම තහනම් කරමින් උසාවි නියෝගයක් ගත් බවත් ඔහු සඳහන්කරනවා . එසේම පසුව 23 වෙනිදා එම නියෝගය පිළිබඳව වැඩිදුර කරුණු විමසා අදාළ දේහය පිළිබද අවසන් කටයුතු කෝවිල් භූමිය තුළ සිදු නොකොට අසල පිහිටි වෙනත් ඉඩමක සිදු කරන ලෙසටද අධිකරණය නියෝග කළ බව එම ලිපිය මගින් සම්බන්ධන් මහතා පෙන්වා දෙනවා.

එම උසාවි නියෝගය තිබියදීත් කෝවිලේ පූජා සඳහා ශුද්ධ වු ජලය ලබා ගන්නා තීර්තකර්නි වැව ආසන්නයේ එම දේහය පිළිබඳව අවසන් කටයුතු කළ ඇති අතර එමගින් සිය සමීප ඥාතියෙකු මියගිය පසු මසක් යන තුරු කෝවිල් භූමියකට ඇතුලත් නොවි එහි පාරිශුද්ධත්වය ආරක්ෂා කරන හින්දු සම්ප්‍රාදාය බිඳ වැටීමක් බවයි එම ලිපිය පවසා සිටින්නේ.

පොලිසිය ද එම ස්ථානයට පැමිණ සිටියද උසාවි නියෝගය ක්‍රියාත්මක කිරීමට සහය දෙනවා වෙනුවට කෝවිල් භූමිය තුළ දේහය ආදාහනය කිරීමට එම පිරිස දැරූ උත්සහයට සහය දැක්වූ බවට මන්ත්‍රිවරයා සිය ලිපිය මගින් චෝදනා කරසිටිනවා.

එම නිසා උසාවි නියෝගයට එරෙහිව කට්යුතු කළ හා එයට සම්බන්ධ පිරිසට හා එම නීති විරෝධි ක්‍රියාවට සහය දැක්වූ පොලිස් නිලධාරින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස සම්බන්ධන් මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.

චෝදනා ලද පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීම තුළ අපරාධ මුක්තිය ඇති වීමේ සංස්කෘතියක් රට තුළ කලක පටන් නිර්මාණය වෙමින් පවතින බවත් නීරවියාඩි පිල්ලෙයාර් කෝවිලේ සිදුවීම පිළිබඳව සාධාරණ අපක්ෂපාතී පරීක්ෂනයක් සිදු නොවීම තුළ එම තත්ත්වය වඩාත් වර්ධනය විය හැකි බව පෙන්වා දෙන මන්ත්‍රිවරයා මානවහිමිකම් නිතිය බරපතළ ලෙස උල්ලංඝනය කළ එම පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වනු ඇතැයි අපේක්ෂා කරන බවද සඳහන් කොට තිබේ.

සම්බන්ධන් මන්ත්‍රිවරයා විසින් ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපිය පහතින් දැක්වේ,

  1. Sampanthan

Member of Parliament

Trincomalee District

Telephone No: 011 2 559787

27.09.2019

His Excellency Maithripala Sirisena                                                

President Democratic Socialist Republic of Sri Lanka

Presidential Secretariat

Colombo-01.

Your Excellency,

I write to you in regard to the incident that took place on 23rd September 2019 at the premises of the NeeraviyadyPillayar Temple at Chemmalai, Mullaitivu.

The facts briefly are as follows,

I would submit that,

 

These actions indicate the failure of the Law enforcement process and also a violation of the order of the Court amounting to contempt of the Court.

These matters need to be investigated.

I would also state that a Culture of Impunity has been growing in the Country in recent times as a result of the Law not being enforced against alleged offenders. The required investigations have not been conducted and appropriate action has not been taken against such alleged offenders accused of grave violations of Humanitarian and Human Rights Laws. An executive pardon has been given to a person convicted of contempt of Court. A promotion has been given to an officer accused of violations of the Law without due investigations being conducted and appropriate action being taken in respect of such violations. I am not going into details now but your Excellency will understand the matters I am referring to.

Failure to independently investigate what happened at NeeraviadyPillayar Temple will only confirm and further encourage this growing trend of impunity and cause immense harm to the Country and all its people both nationally and internationally.

I would submit that the conduct of the Law enforcement agency the Police, should be investigated and that the persons who violated the orders made by the Court should be dealt with.

Thanking you.

Yours Sincerely

 Sampanthan M P

Member of Parliament-Trincomalee District

Leader-Tamil National Alliance.

 

 

Published on: Sep 29, 2019 – ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සහය ලබා ගැනිමට අවශ්‍ය නම් 2019 ජනාධිපතිවරනය ජයග්‍රහණය කිරිමෙන් පසුව අග්‍රාමාත්‍ය ධුරය ශ්‍රි ලනීප සභාපති වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ලබාදෙන බවට ලිඛිත ලියවිල්ලක් අවශ්‍ය බව මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂවරුන්ට දැනුම් දිමට සුදානම් බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කලා.

ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා පොදුජන පෙරමුණට නිදහස් පක්ෂයේ සහයෝගය නොමැතිව අපහසු බවත් රට වෙනුවෙන් පක්ෂ දෙක එක් කරන්නට අවශ්‍ය තීන්දුවක් ගන්නා ලෙසත් පොහොට්ටු පාර්ශවය ජනාධිපතිවරයා ඉදිරියේ බැගෑපත්ව ඉල්ලා තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහින්ද,ගෝඨා,බැසිල් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද දහවල් හමුවු අතර ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් වන සිය ස්ථාවරය එහිදි මෛත්‍රී දැනුම් දි තිබේ.

මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සහ එම පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ එක්වුණා. එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින් ජනාධිපතිවරයා වෙත පවසා ඇත්තේ, ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්ව තරග කිරීමට අවශ්‍ය කටයුතු සිදු කර දෙන ලෙසටයි.

ජනාධිපතිවරණයට ඉදිරිපත්වන ලකුණ පිළිබඳව ගැටළුව පිළිබඳව වැඩිදුරටත් සාකච්චා කරමින් පොදුජන පෙරමුණු පාර්ශවය කියා සිට ඇත්තේ පොහොට්ටුවෙන් තරඟ කර, ඉදිරි මහමැතිවරණයේදී වෙනත් ලකුණකින් තරඟ වැදීම සඳහා දෙපාර්ශවය සාකච්ඡා කර එකඟතාවක් ඇතිකරගැනීම මේ මොහොතේ සුදුසුවන බවයි.

ඉදිරි ජනාධිපතිවරණයේදී පොහොට්ටුවෙන් තරඟ කර, ඉදිරි මහමැතිවරණයේදී වෙනත් ලකුණකින් තරඟ වැදීම සඳහා දෙපාර්ශවය සාකච්ඡා කර එකඟතාවක් ඇතිකරගත යුතු බව බැසිල් රාජපක්ෂ, ජනාධිපතිවරයාට පෙන්වා දි තිබේ.

ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර ඇත්තේ මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමෙන් ද විමසීමක් කළ යුතු බව. මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අනිද්දා රැස්වීමට නියමිතව තිබේන අතර එහිදි ජනාධිපතිවරණයට සහය ලබාදිම සදහා අගමැතිකමට මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නම යෝජනා කලයුතු බවට යෝජනාවක් ගෙන එමට සුදානමක් තිබේන බවයි වාර්තා වන්නේ.

මිට අමතර පොහොට්ටුවට අමතරව අනුර කුමාර දිසානායක,මහේෂ් සේනානායක මෙන්ම සජිත් ප්‍රේමදාසට සහය ලබාදිම සම්බන්ධයෙන්ද නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තුල සාකච්ඡා කිරිමට නියමිතව තිබේන බවද වාර්තා වේ.

මේ අතර සාකච්ඡාවලින් පසුව පැවැති උත්සවයකදිද මෛත්‍රීපාල සිරිසේන මහතා දෙසැම්බරයේදී තමන්ගේ දේශපාලන ගමන ගැන සටහනක් තබා තිබුනා.

Sep 28, 2019 – හිටපු අමාත්‍ය එස්. බී නාවින්න එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක හා එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙත සහය පල කරන බව ප්‍රකාශ කළා.

අද (28) උදෑසන අමාත්‍ය මංගල සමරවීර මහතාගේ නිවසේ දි මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් හොටපු අමාත්‍යවරයා සඳහන් කළේ තමා සමඟ එකතු වී රට ගොඩ නගන්නට සජිත් ප්‍රේමදාස විසින් මුළු රටටම කළ ආරාධනය පිළිගෙන තමා මෙම තිරණය ගත් බවයි.

මේ අතර එක්සත් ජාතික පක්ෂය සිය අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කිරීමත් සමඟ රාජපක්ෂ පිළේ දෙදරීමක් හට ගෙන ඇති අතරම පොහොට්ටුවේ ප්‍රභලයන් රාශියක් ව්‍යාකූල තත්ත්වයට පත් වී ඇති බව වාර්තා වේ.

අප දේශපාලන වාර්තාකරු සඳහන් කරන්නේ රාජපක්ෂ පිල නියෝජනය කරන කුරුණෑගල දිස්ත්‍රික්කයේ දේශපාලන ප්‍රභලයෙකු ඇතුළු තවත් පිරිසක් පොහොට්ටුව අතහැර සජිත් ප්‍රේමදාස මහතාට සහය පල කිරිමට සූදානම් බවයි. ලබන සතිය ඇතුලත එමප් ඉරිස සජිත් ප්‍රේමදාස වෙත සහය පල කරමින් එක්සත් ජාතික පෙරමුණ හා එක්වනු ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර  එළැඹෙන ජනාධිපතිවරණයේදී පොදුජන පෙරමුණ අපේක්ෂකයා පොහොට්ටු ලකුණින් තරග කරනවා නම් ඊට එරෙහිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරණය සදහා අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු බව  ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තීරණය කොට ඇති බවත් වාර්තා වෙනවා.

ඊයේ (27) පැවති ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදි මේ පිළිබඳව උණුසුම් ලෙස සාකච්ඡා වි ඇති අතර පොහොට්ටු ලකුණින් තරග කරන අපේක්ෂකයෙකුට ශ්‍රි ලංනීපයේ සහය ලබා දිය යුතු නැතැයි තීරණය වී තිබේ.

Top