Sep 26, 2019 – එක්සත් ජාතික පක්ෂය 2019 ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා නම් කිරීම උතුරේ ජනතාව මහත් හරසරින් සමරා තිබෙනවා.

අප වාර්තාකරුවන් සඳහන් කළේ කෘත්‍යාධිකාර මණ්ඩලයේ ඒකමතික අනුමැතිය සජිත් ප්‍රේමදාසට හිමිවීමත් එය එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම නිල වශයෙන් අනුමත කළ බව ප්‍රකාශ වීමත් සමඟ උතුරේ ජනතාව වීදි බැස රතිඤ්ඤා දල්වමින් සිය සතුට සැමරූ බවයි.

අද හවස සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති විශේෂ මාධ්‍ය රැස්වීමකදි එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් කෘත්‍යාධිකාර මණ්ඩලය විසින් සජිත් ප්‍රේමදාස නියෝජ්‍ය නායකවරයා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කළ බව නිල වශයෙන් ප්‍රකාශ කළා.

එසේම ඒකීය ශ්‍රි ලංකාවක් තුළ උපරිම බලය බෙදීමක් යටතේ ලංකාවේ දේශපාලන ගැටළුවලට විසඳුම් සොයන බව අද (26) විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකවරයා මීට සුළු මොහොතකට පෙර සඳහන් කළා.

Published on: Sep 26, 2019-කොන්දේසි විරහිතව ජනාධිපතිවරණයට ඉදිරිපත් වි පක්ෂය ප්‍රමුඛ සන්ධානය ජයග්‍රහණය කිරිම සදහා තමන් සුදානම් බව එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍යවරයා හමුවේ පවසා ඇති බව අරලියගහ මන්දිරයේ අප විශේෂ නියෝජිත සදහන් කළා.

උණුසුම් වචන හුවමාරුවකින් පසුව සියළු මතභේදවලට තිත තබමින් එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස විය යුතු බවට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර තිබේ.

එසේම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ජනාධිපති අපේක්ෂකත්වය තමන්ට ලබා දීම පිළිබඳව විශේෂ ප්‍රකාශයක් එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස විසින් තව සුළු වේලාවකින් සිදුකිරිමට නියමිත බවද වාර්තා වේ.

Published on: Sep 26, 2019 – එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා තොර ගැනීම සඳහා පැවැත්වෙන තීරණාත්මක කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම අද (26) පස්වරු 3.00ට පැවැත්වීමට නියමිත අතර එය පැවැත්වෙන ස්ථානය මේ මොහොතවන තෙක් සජිත් ප්‍රේමදාසට හෝ කිසිඳු කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයකු හට දැනුම් දී නැත.ඒ අනුව කලින් අනාවරණය කල පරිදිම කෘත්‍යාධිකාරි මණ්ඩලය අද සවස රැස්විමද අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබේන බවයි අප දේශපාලන වාර්තාකරු සදහන් කළේ.

පක්ෂනායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් මෙම කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම පැවැත්විමට නියමිත බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මේ වනවිට මාධ්‍ය හමුවේ අනාවරණය කර තිබේ.

ඊයේ මතුගමදි සජිත් ප්‍රේමදාස කල ප්‍රකාශයත් සමග අග්‍රාමාත්‍යවරයා ඇතුලු කණ්ඩායම අන්ද මන්ද වි ඇති අතර,පක්ෂය ආරක්ෂා කර ගැනිම සදහා මෙන්ම ජයග්‍රහණය කිරිම වෙනුවෙන් සජිත් ප්‍රේමදාසට අපේක්ෂකත්වය ලබාදිමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කැමත්ත පලකර තිබේ.කෙසේවෙතත් අගමැතිවරයාගේ මෙම තින්දුව සම්බන්ධයෙන් අකිල සහ සාගල දැඩි ලෙස විරෝධය පලකර තිබේන අතර කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමට සහභාගි විමද ප්‍රතිකේෂ්පකර තිබේ.

කෙසේවෙතත් එජාප ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීම සඳහා පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය හා එජාපෙ පාර්ලිමේන්තු කණ්ඩායම එකවර කැඳවන්නැයි සජිත් ප්‍රේමදාස විසින් පක්ෂ නායකත්වයට දැනුම් දි තිබුනා.

Published on: Sep 25, 2019 – “මම කාගෙවත් රූකඩයක් නොවේ…කොන්දේසි සහිත දේශපාලන ගමනකට මම සුදානම් නෑ.ජනාධිපතිකමට වඩා මට මගේ ආත්ම ගරුත්වය සහ මාතෘ භූමිය වටිනවා… ” යැයි අද සජිත් ප්‍රේමදාස පිළිගැනීම සදහා මතුගම පැවැති ජනතා රැළිය අමතමින් කියා සිටියා.

Published on: Sep 24, 2019– විවිධ මතවාදයන් නිසා එක්සත් ජාතික පක්‍ෂයෙන් ඈත්ව සිටින බොහෝ පිරිසක් අද පක්‍ෂය වෙනුවෙන් කටයුතු කිරීමේ අපේක්‍ෂාවෙන් සිටින බව මම දන්නවා.මතවාද යනු සාකච්චා කොට විසඳා ගැනීමට කටයුතු කළ හැකි කරුණු මිස වෙන්වීමට සාධක නොවේ.එබැවින් විවිධ මතවාදී අරගල නිසා පක්‍ෂයෙන් ඈත්ව සිටින එක්සත් ජාතික පක්‍ෂය වෙනුවෙන් පරිත්‍යාගයෙන් කටයුතු කළ සියලු පළාත්සභා මන්ත්‍රීවරු, සියළු පළාත්පාළන මන්ත්‍රීවරු, ඇතුළු පක්‍ෂ නියෝජිතයින්ට යළිත් පක්‍ෂය සහ ජනතාව ජයග්‍රහණය කරවීමට අත්වැල් බැඳගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා.!!

විශේෂයෙන්ම පක්‍ෂයේ ක්‍රියාකාරී ලෙස කටයුතු කළ,අසීරුතම අවස්ථාවේ පක්‍ෂයට ශක්තියක් වූ බිම් මට්ටමේ සිට පක්‍ෂ සංවිධාන ජාලය ගොඩනැගිය හැකි හිටපු මහලේකම් තිස්ස අත්තනායක මැතිතුමාට පක්‍ෂයේ අභිමානය ගොඩනගමින් රට ගොඩනැගීමේ වැඩසටහනට තමා සමඟ එක්වන ලෙස ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා.!!

~~සජිත් ප්‍රේමදාස ~~

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන තමාට මේ ආකාරයෙන් චෝදනා කරන්නේ කවර පදනමින් ද යන වග නොදන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

අද (23) විශේෂ ප්‍රකාශයක් කරමින් අගමැතිවරයා මේ බව සඳහන් කර සිටියා.

එම විශේෂ ප්‍රකාශය පහතින්,

හිටපු අල්ලස් කොමසාරිස් දිල්රුක්‍ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය සම්බන්ධව ජනාධිපතිතුමා මට චෝදනාවන් කර තිබුණා.

ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකරුවන් පත් කිරීම පිළිබඳව ජනාධිපතිතුමාට නිර්දේශ ඉදිරිපත් කිරීමේ බලය ඇත්තේ අගවිනිසුරුතුමාට සහ නීතිපතිතුමාට පමණයි. මම කිසි විටෙක ව්‍යවස්ථාවට පිටින් කටයුතු කර නැහැ. ව්‍යවස්ථාවට පිටින් කටයුතු කරන අය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ නිගමන තියෙනවා. ඒ ගණයට මම වැටිලා නැහැ. දිල්රුක්‍ෂි වික්‍රමසිංහ මහත්මිය හෝ වෙනත් කිසිම පුද්ගලයෙකු හෝ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර තනතුරකට පත් කරන්න යැයි ඉල්ලමින් මම ලිපි යොමුකර නැහැ. ඒ නිසා එවැනි ලිපියක් යොමු කළා කියා නගන චෝදනාව අසත්‍යයක්. මම එය ප්‍රතික්ෂේප කරනවා.

දිල්රුක්‍ෂි වික්‍රමසිංහ මහත්මියගේ ප්‍රකාශයන් පිළිබඳව වහාම පරීක්‍ෂණයක් කළ යුතුයි. දැනට නීතිපතිතුමා මේ ගැන පරීක්‍ෂණයක් කරන ලෙස රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ පරීක්‍ෂණය කඩිනම් කිරීම සුදුසුයි. එවිට බලපෑම් කළ දේශපාලනඥයන් කවුරුන්දැයි හෙළි කර ගැනීමට හැකි වේවි. ඒ වගේම ඒ මහත්මිය නීති විරෝධී කටයුතු කර ඇත්නම් ඒවාත් තහවුරු කර ගැනීමට හැකි වේවි.

දිල්රුක්‍ෂි වික්‍රමසිංහ මහත්මිය කිසි දිනෙක අරලියගහ මන්දිරයේ සේවය කර නැහැ. දූෂණ විරෝධී කමිටුව ස්ථාපිත කර තිබුණේ අරලියගහ මන්දිරයේ නෙවෙයි. ඉන් පිටතයි. ආනන්ද විජේපාල මහතා එහි අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කළා. මේ කමිටුවේ සාකච්ඡා සඳහා නීතිපති දෙපාර්තමේතුව නියෝජනය කරමින් පැමිණියේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත මුදලිගේ මහත්මයායි.

ඒ නිසා ජනාධිපතිතුමා කියූ කරුණු සත්‍යයෙන් තොර බව කරුණාවෙන් පෙන්වා දෙන්නට කැමතියි.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව එතුමා මේ ආකාරයට මා ඉලක්ක කර ගෙන චෝදනා කරන්නට පටන් ගත්තේ කුමන හේතුවක් නිසා ද කියා මම නම් දන්නේ නෑ. මට හෝ ඇමතිවරුන්ට හෝ චෝදනා ඇත්නම්, අප පිළිබඳව සැක සංකා ඇත්නම් වඩාත් යෝග්‍ය වන්නේ කැබිනට් මණ්ඩලයේ ඒ ගැන සාකච්ඡා කිරීමයි. එක්කෝ පුද්ගලිකව විමසීමයි. එසේ නොමැතිව ප්‍රසිද්ධියේ ඒ ගැන මත පළ කිරීම ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයකට සුදුසු නොවන බව මගේ හැඟීමයි. එය වගකීම් සහගත ක්‍රියාවක් ද නෙවෙයි.

ඒ වගේම මින් ඉදිරියට මට විරුද්ධව චෝදනා එල්ල කළහොත්, එසේ එල්ල කරන අවස්ථාවක් අවස්ථාවක් පාසා පිළිතුරු දීමට මම පුද්ගලිකව මැදිහත් වෙන්නේත් නෑ. ඒ නිසා චෝදනා තිබේ නම් ඒවා නිසි ස්ථානයන්හි මතුකරන මෙන් මෙන් මම සියළු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටිනවා. ව්‍යවස්ථානුකූල හා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය එය බවත් මම මෙහිදී අවධාරණය කරනවා.

 

මාධ්‍ය ඒකකය,
අග්‍රාමාත්‍ය කාර්යාලය

Published on: Sep 23, 2019– එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ පුලූල් සන්ධානයේ ජනාධිපති අපේක්ෂක තේරීම සදහා අනිද්දා 25 සිරිකොත එත්සත් ජාතික පක්ෂ මූලස්ථානය සූදානම් කරමින් තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කලා.

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩළයේ සුවිශේ්ෂී රැස්වීම හෙට 25 පෙරවරුවේ පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වෙන අතර එහිදී 2019 ජනාධිපතිවරණ අපේක්ෂක තෝරා ගැනීම සිදුවේ.

එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවේ 9/1 වගන්තියට අනුව කෘත්‍යාධිකාරි මන්ඩළය විසින් පත් කරනු ලබන නාමයෝජනා කමිටුව විසින් ජනාධිපතිවරණ අපේක්ෂක කවුරුන්දැයි කෘත්‍යාධිකාරි මණ්ඩළයට දැනුම් දිමට නියමිතය. එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සදහා කෘත්‍යාධිකාරි මන්ඩළය විසින් පත්කරන නාම යෝජනා මන්ඩළය පැයකට පමණ පසුව පැමිණ ජනාධිපති අපේක්ෂක දැනුම්දීම සම්ප‍්‍රදාය ලෙස පවතී.

නාම යෝජනා මණ්ඩළය විසින් නම් කරන අපේක්ෂකයාට අමතරව තවත් ජනාධිපතිවරණ අපේක්ෂකයන් ඉදිරිපත් වන්නේ නම් එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාව අනුව කෘත්‍යාධිකාරි මන්ඩළ සාමාජිකයන් අතර ඡන්ද විමසීමක් කළ යුතු වේ.ඡන්ද විමසීමටද හැකි වන ආකාරයට කෘත්‍යාධිකාරි මන්ඩළ රැස්වීම පැවැත්වීම සදහා පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය මේ වනවිට සූදානම් කරමින් තිබේ.

Published on: Sep 23, 2019-ස්වාධීන රූපවාහිනි සේවයේ විනාශ කිරිමේ කුමන්ත්‍රණකාරී මෙහෙයුමක් දියත් කර සිටින හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ(හොරට) සුදර්මන් රදලියගොඩ අදත් නෑමක් නා ඇති බව වාර්තා වේ. අවස්ථා ගණනාවකදිම ITN නාලිකාව තුල සේවක ප්‍රශ්ණ ඇතිකර ආයතනය විනාශ කර දැමිමට අවස්ථා ගණනාවක විවිධ කූප්‍රකට උත්සහයන් ගත් යකඩ සුදා අද 2500ක වැඩි වැටුප් ඉල්ලා සේවකයන් සිදුකිරිමට තිබු සාමකාමී උද්ඝෝෂණය සිය කූජිත දේශපාලන අරමුණ වෙනුවෙන් භාවිත කිරිමට උත්සහ දරා තිබේ.

ඒ සදහා මාධ්‍ය ආයතන වල සහය ලබා ගැනිම සදහා යකඩ සුදා උත්සහ ගෙන තිබුනේ පහත අයුරිනි…. (උපුටා ගැන්ම යකඩ සුදාගේ පණිවිඩය )

“ස්වාධීන රූපවාහිනි සේවයේ සියලුම වෘන්නීය සමිති ඵ්කාබද්ධ වැඩවර්ජනයක. අද (23) දහවල් 12.00 සිට බත්තරමුල්ල වික්‍රමසිංහපුර ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වෙන . ඵම අවස්ථාව ආවරණය කිරීම සඳහා ඔබ ආයතනයේ මාධ්‍ය කණ්ඩායමක් යොමු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.”

whatsapp හරහා යකඩ සුදා යවා තිබේන පණිවිඩය…

අදාල සාමකාමී උද්ඝෝෂණ ව්‍යාපාරය පවතින වැසි සහිත තත්ත්වය මත කල්දැමිමට මේ වනවිටත් කටයුතු කර තිබෙන බව ITN විශේෂ නියෝජිතයෙකු අප සමග සදහන් කළා.

අදාල සාමකාමී උද්ඝෝෂණය ITN නියෝජනය කරන එජාප,ශ්‍රිලනීප,මෙන්ම මහින්ද වාදින්ගේද එකමුතුවෙන් පැවැත්විමට කටයුතු යොදා තිබු අතර එහි අරමුණ වුයේ අයවැයෙන් යෝජිත 2500ක වැටුප් වැඩිවිම ලබා ගැනිම පමණක් බවයි එජාප වෘත්තීය සමිතිය වන ජාතික සේවක සංගම් නියෝජිතයෙකු සදහන් කලේ. පෞද්ගලික මාධ්‍ය එම අවස්ථාවට ගෙන්වා පසුව යම් නොසන්සුන්තාවයක් ඇති කිරිමට කටයුතු කර එය පෞද්ගලික නාලිකා හරහා විකාශ කිරිමට එම කණ්ඩායමට උවමනාවක් තිබේන්නට ඇති බවද එම නියෝජිතයා පෙන්වා දි තිබේ.

පසුගිය ජනපතිවරණ සමයේ ජනපති අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේනගේ සම්බන්ධයෙන් සිරිසේන-චමිලා පෙම් පලහිලවුවක් පතුරුවා මහින්දගේ ලැබෙන්න තිබුන ඡන්ද වලටත් කෙළීය යකඩ හොරෙකු ලෙස ප්‍රසිද්ධ,පසුගිය රාජපක්ෂ සමයේ ස්වාධින රූපවාහිනිය හිගමනයට ඇද දැමු හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ(හොරට) සුදර්මන් රදලියගොඩට කලකට පසුව රාජ්‍ය නාලිකා සම්බන්ධයෙන් රුදාවක් හටගෙන තිබේන බව පසුගිය දා අප අනාවරණය කළා.

රාජපක්ෂ පවුලට මඩ ගැසීමට අවශ්‍ය පුවත් වාර්තා කරන ලෙසට ස්වාධීන රූපවාහිනි සේවයේ සභාපතිනිය විසින් ප්‍රාදේශීය වාර්තාකරුවන්ට දන්වා ඇති බවට විපක්ෂනායක මහින්ද රාජපක්ෂ පසුගියදා කල ප්‍රකාශයද සුදර්මණගේ අතේ බොරුවක් බවට මේ වනවිට අනාවරණය වි තිබේන අතර ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මේ වනවිට පරික්ෂණයක්ද ආරම්භ කර තිබේ.

http://lankanewsnetwork.org/archives/20304

Published on: Sep 23, 2019 – ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීම සඳහා රහසිගත ඡන්ද විමසීමක් පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරී කමිටුව බ්‍රහස්පතින්දා රැස්විය යුතු බව අග්‍රාමාත්‍ය රනිල වික්‍රමසිංහ මහතා ඊයේ (22) රැස්වි තීරණයක් ගෙන තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් කණ්ඩායමක් සමඟ කළ සාකච්ඡාවකින් පසු මෙම තින්දුව ගෙන තිබේ.

අරලියගහ මන්දිරයේ පැවති මෙම රැස්වීමට අමාත්‍යවරුන් වන වජිර අබේවර්ධන, ලක්ෂ්මන් කිරිඇල්ල, රවී කරුණානයක, ජෝන් අමරතුංග සහ දයා ගමගේ යන අය සහභාගී වූහ. අපේක්ෂකයා තෝරා ගැනීම සඳහා රහස් ඡන්ද විමසීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරී කමිටුව බ්‍රහස්පතින්දා රැස්විය යුතු බව තිරණය කර තිබේ.

පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අපේක්ෂකයා තීරණය කිරීම සඳහා ක්‍රියාකාරී කමිටුවේ රහස් ඡන්ද විමසීමක් ඉල්ලා සිටීමත් සමඟ මෙම තීරණය ගත් බවයි වාර්තා වන්නේ.

Published on: Sep 22, 2019– ජනාධිපති මැතිවරණය සදහා එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ ජනාධිපතිධුර අපේක්ෂකත්ව අර්බුදය උග්‍ර විමත් සමග සජිත් පාර්ශවයේ මෛත්‍රී ගුණරත්න මහතාට අයත් එක්සත් ජාතික නිදහස් පෙරමුණ හෙවත් කෙසෙල් ඇවරීය සිය පක්ෂය මැතිවරණය සදහා නම් ලබාදිමට තිරණය කර තිබෙන බව අප දේශපාලනවාර්තාකරු සදහන් කළා.

ඒ අනුව හෙට දිනයේදී මැතිවරණ කොමිසම් සභාව හමුවට එම් නම් ලබාදිමට නියතමිත බවද වාර්තා වේ.එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට එම පක්‍ෂයෙන් ජනාධිපති අපේක්‍ෂක වීමට අවස්ථාවක් නොලද හොත් ඔහු මෙම පක්ෂයෙන් තරග කරනු ඇති බවයි දැනට තින්දු කර ඇත්තේ.

අවසානයක් නොමැති සාකච්ඡා…..

මේ අතර එජාපයේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධ ගැටළුව නිරාකරණය කර ගැනීම වෙනුවෙන් අද උදේ එජාප නායක රනිල් වික්‍රමසිංහ, නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස,කතානායක කරු ජයසුරිය සහ උප නායක රවී කරුණානායක අතර මුහුණට මුහුණ සාකච්ඡාවක් කතානායක නිළ නිවසේ පැවැති අතර එහිදිද එතරම් සුභවාදී තින්දුවකට පැමිණිමට නොහැකි වි ඇති බවද අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.මෙ සම්බන්ධයෙන් තවත් සාකච්ඡාවක් ඊයේ රාත්‍රීයේ අරලියගහ මන්දිරයේද පවත්වා තිබේ.

රවී,රනිල් අත්හරිද?

මේ අතර අද කතානායක නිළ නිවසේ පැවැති සාකච්ඡා සදහා රවී කරුණානායක මහතාද එක්ව තිබේ.අර්බුදයකින් තොරව අපේක්ෂකත්ව ගැටලුව් විසදා ගැනිම සදහා තමන් සහය පලකරන බවද රවී සජිත්ට පොරොන්දු වි තිබේන බවටද තොරතුරු අනාවරණය වි තිබේ.

කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඡන්දයයක් නෑ….

කෙසේවෙතත් එජාපය පාර්ශ්ව දෙකට බේදී ජනාධිපතිවරණයට තරග කළ හොත් එකදු පාර්ශ්වයකටවත් ජය ගැනිමට නොහැකි බවත් කරූ ජයසූරිය මෙහිදී පෙන්වා දී ඇත. එසේම ජනාධිපති අපේක්ෂකයා තීන්දු කිරීමේ තීරණය ගත යුතු එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට නව සාමාජිකයන් පත් නොකිරීමටත් සියලු දෙනා එකඟ වී ඇති අතර එහි ඡන්ද විමසීමකට නොගොස් මෙම ගැටළුව විසඳා ගැනීමටත් එකඟතාවයකට පැමිණ තිබේ.

එළඹෙන බදාදා දින එජාප ජනාධිපති අපේක්ෂකයා කවුද යන්න එජාප නායකත්වය විසින් නිලවශයෙන් ප්‍රකාශට පත් කරන බව මීට පෙර වාර්තා වූ අතර සජිත් පාර්ශ්වය ඒ කෙරෙහි වඩාත් සුබවාදී බලාපොරොත්තු තබාගෙන සිටී.

Sep 20, 2019 – එළඹෙන ජනාධිපතිවරණ සටනට එක්සත් ජාතික පක්ෂයේ  ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ කතානායක කරූ ජයසූරිය ජනාධිපති අපේක්ෂකත්වය අත හැරීමට තීරණය කොට තිබෙනවා.

කරු ජයසූරිය ජනාධිපති අපේක්ෂකත්වයට ඉදිරිපත් විය යුතුය යන මතය මහා සංඝරත්නය හා සිවිල් සමාජ හරහා කරලියට ගෙන එමින් ක්‍රියා කළේ එක්සත් ජාතික පක්ෂ නායකත්වයම වන අතර එය සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාට ජනාධිපති අපේක්ෂකත්වය ලබා නොදීමට එක්සත් ජාතික පක්ෂ නායකත්වය විසින් අබරනු ලැබු බාල වර්ගයේ ගුලියක් බවට මේ වන විට පත් ව තිබෙනවා.

සජිත් ප්‍රේමදාස ජනාධිපති සටනට අවතීර්ණ වීම වැළැක්වීමට තමන් සතු සෑම තුරුම්පුවක්ම ගසමින් සිටින එජාප නායකත්වය හා නඩය ඊයේ (19) හදිසි කැබිනට් රැස්වීමක් කැඳවා සිය බලගතු තුරුම්පුව යැයි විශ්වාස කළ 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට එය අනුමත කර ගැනීම අපේක්ෂා කළ අතර ඒ සියල්ල කනපිට පෙරළුණේ එක්සත් ජාතික පෙරමුණේ සියළුම පක්ෂ නියෝජනය කරන අමාත්‍යවරුන් හා එක්සත් ජාතික පක්ෂයේ බහුතර අමාත්‍යවරුන් එයට සිය විරෝධය ප්‍රකාශ කිරීම සමඟය.

එම යෝජනාව සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන රාවුෆ් හකීම් හා මනෝ ගනේෂන් වැනි අමාත්‍යවරුන්ගෙන්ද අගමැතිවරයාට හිමි වුණේ සුළු පටු දෝෂාරෝපණයක් නොවේ. සිය දේශපාලන ජීවිතයේ ඔහු එක් රැස් කරගත් සියළු ගෞරවයන් ඊයේ ක්ෂණිකයෙන් අගමැතිවරයාට අහිමි කිරීමට තරම් ඔහුගේ එම කුහක, අශීලාචාර, ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී ක්‍රියා කලාපය හේතු වූ බව නොරහසකි.

තත්ත්වය මෙසේ වෙද්දි මේ සියල්ල පිටුපස ඇත්තේ තමන් ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගැනීම කෙරෙහි වන අප්‍රසාදය බවත් අගමැති තමන් ලවා කොස් ඇට බාවා ගැනීමට ක්‍රියා කරන බවත් අවබෝධ කරගනිමින් ජනාධිපති අපේක්ෂකත්වය ඉදිරිපත් නොවන බවට කරු ජයසූරිය තීරණය කොට ඇති අතරම ජනතාව තුළින් එල්ල වන ප්‍රතිකේෂ්පයට ගරු නොකරන්නේ නම් ඇපත් අහිමි වන බවට වන යථාර්ථයද ඔහු තේරුම් ගෙන තිබෙනවා.

ඒ අනුව මේ වන විට කතානායකවරයා සිය ස්ථාවරය අගමැතිවරයා වෙත දන්වා ඇති අතරම ඉදිරියේදි එය නිලවශයෙන් ජනතාව වෙත ප්‍රකාශ කිරීමට සූදානම් වන බව ද අපගේ දේශපාලන වාර්තාකරු සඳහන් කොට සිටියා.

Sep 19, 2019 – පොහොට්ටු පක්ෂයේ මෙන්ම එම පක්ෂයට අනුබද්ද විවිධ සංවිධානවල ඉදිරිපෙල ක්‍රියාකාරී නායක භික්ෂූන් වහන්සේ නමක් වන හෝකන්දර දකුණ, හෝකන්දර දක්ෂිනාරාම ද්වී භාෂා මූලික පිරිවෙනේ පරිවේනාධිපති ආචාර්ය මාදුරුඔයේ ධම්මිස්සර ස්වාමීන්වහන්සේ, වසය අවුරුදු 13ක කුඩා සාමනේර දෙනමකට අවස්ථා කිහිපයකදී බරපතල ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මාදුරුඔයේ ධම්මිස්සර ස්වාමීන්වහන්සේ සමග එම පිරිවෙනේම වැඩ විසූ හී‍නපහුවේ සුමන හිමිද මෙම බරපතල අපරාධය සිදු කිරීම සම්බන්ධයෙන් පසුගිය 11 වනදා සහ 12 වනදා අත්අඩංගුවට ගෙන තිබූ අතර හිමිවරු දෙනම කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

හෝකන්දර දකුණ, හෝකන්දර දක්ෂිනාරාම ද්වී භාෂා මූලික පිරිවෙනේ පරිවේනාධිපති ආචාර්ය මාදුරුඔයේ ධම්මිස්සර ස්වාමීන්වහන්සේ පොහොට්ටු පක්ෂයේ ඉදිරිපෙල ක්‍රියාකාරී නායක භික්ෂූන් වහන්සේ නමක් මෙන්ම ජාතික එකමුතුව, ජාතික විද්වද් භික්ෂු සංසදය, වහාබ් අන්තවාදයට එරෙහි ජනතා ව්‍යාපාරය, ජාතික සමතා බලවේගය ආදී සංවිධාන රැසක ක්‍රියාකාරී භික්ෂූන් වහන්නේ නමක් ලෙසද කටයුතු කරයි.

මෙම ස්වාමීන් වහන්සේ ජනාධිපති අපේක්ෂකයන්ගේ විනය, යහ පැවැත්ම ආදිය පිළිබඳව රට පුරා දේශන පවත්වමින් දසපනත නමින් ප්‍රතිපත්තියක්ද සකස් කිරීමේ කටයුත්තේද පූර්ණ ක්‍රියාකාරී සමාජික භික්ෂූණ් වහන්සේ නමකි.

විමල් වීරවංශ, උදය ගම්මන්පිල වැනි මන්ත්‍රීවරු සමග සමීප ඇසුරක් ඇති මෙම භික්ෂූන් වහන්සේ මෙවර ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවීම වෙනුවෙන් වැඩකටයුතු සිදු කරන භික්ෂූන් වහන්සේ නමකි.

මෙම සිද්ධියට අදාළ නඩුව ලබන 25වනදා බී 28233/19 යටතේ යළි කැඳවීමට නියමිතය.

ආචාර්ය මාදුරුඔයේ ධම්මිස්සර ස්වාමීන්වහන්සේ එරෙහිව ගොනු කළ පැමිණිල්ල

ආචාර්ය මාදුරුඔයේ ධම්මිස්සර ස්වාමීන්වහන්සේ එරෙහිව ගොනු කළ පැමිණිල්ල

 

Top