Sep 19, 2019 – ජනාධිපතිවරණයට දින නියම කර ඇති මේ අවස්ථාවේ දි කැබිනට් මණ්ඩලය හදිසියේ කැඳවීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය කොට තිබෙනවා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ඉල්ලීමක් උඩ ජනාධිපතිවරයා විසින් මෙම තීරණය ගෙන ඇති අතර අද පැවැත්වෙන කැබිනට් රැස්වීමේ දි දේශපාලන කරලිය උණුසුම් කරන තීරණ දෙකක් පිළිබඳව අවසන් නිගමනයට පැමිණීමට නියමිතය.

ඒ අනුව 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කැබිනට් පත්‍රිකාවක් ලෙස ඉදිරිපත් කොට එයට කැබිනට් අනුමැතිය ලබා ගැනීම කැබිනට් මණ්ඩලය හදිසියේ කැදවීමේ පළමු අවශ්‍යතාව වි තිබෙනවා. පසුව එම කැබ්නට් යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට බහුතර කැමැත්ත ලබා ගැනීමටද තීරණය කොට ඇති බවයි අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

20 වෙනි සංශෝධනය සම්මත කර ගැනීමට අගමැති වික්‍රමසිංහ ගේ හා විපක්ෂනායක මහින්ද රාජපක්ෂගේ ආශිර්වාදය හිමි වී ඇති අතර 20 සංශෝධනය වීමත් සමඟ ආණ්ඩුව අභ්‍යන්තරයේ ඇති වී තිබෙන ගැටළු බොහෝමයක් විසඳෙන බවයි දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ.

යම් හෙයකින් 20 වෙනි සංශෝධනය සම්මත කර ගැනීමට හැකි වුවහොත් මෛත්‍රීපාල සිරිසේන ජනපතිට පාර්ලිමේන්තුව ඔහුව ඉවත් කරන තුරු බලයේ රැදි සිටීමට හැකිවන අතර පවතින පාර්ලිමේන්තුව ලබන මාර්තු මාසය දක්වා ම පවත්වා ගෙන ගොස් නැවත මැතිවරණයකට යාමට හැකි වනු ඇති.

මීට අමතර ව රජයේ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ සජිත් ප්‍රේමදාස අගමැති කිරීමේ යෝජනාවකට කැබිනට් අනුමැතිය ලබා ගැනීම ද අද රැස්වෙන කැබිනට් රැස්වීමේ අරමුණක් වන බවයි.

නමුත් සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාව අගමැතිවරයා ලෙස පත් කිරීමට ජනාධිපති විසින් කර ඇති යෝජනාවට සජිත් පාර්ශවයෙන් මේ වන විටත් නිසි පිළිතුරක් ලැබි නොමැති අතර මේ වන විටත් පාර්ලිමේන්තු සංකීර්ණයේ සජිත් පාර්ශවයේ මන්ත්‍රිවරුන් විසින් හදිසි රැස්වීමක් පවත්වන බවද වාර්තා වේ.

Published on: Sep 19, 2019 – එක්සත් ජාතික පක්ෂය පූමුඛ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලබන බදාදා (25) නම් කරන බව එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කරනවා.

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම සදහා පිටරට ගොස් සිටින මැති ඇමතිවරු දිවයිනට කැදවන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (19) උපදෙස් දි තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙස් අනුව දිවයිනෙන් පිටව ගොස් සිටින සියළු මැති ඇමතිවරු ලබන බදාදාට පෙර දිවයිනට පැමිණිමට නියමිතය.මේ අතර ප්‍රජාතන්ත්‍රවාදි ජාතික පෙරමුණ පිහිටුවීමට කටයුතු කරන එක්සත් ජාතික පෙරමුණේ සියළු නායකයින් ගේ සාකච්ඡාවක් කොළඹ අරලියගහ මන්දිරයේදී ඊයේ රාත්‍රියේ පැවැත්විනි.

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ඡන්ද ලකුණ, ව්‍යවස්ථාව, ලිපිනය, ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ආදී වැදගත් කරුණු රාශියක් ගැන ඊයේ රාත්‍රියේ පැවැති පක්ෂ නායකයින්ගේ රැස්වීමේදි අවසන් එකගතාවයකට පැමිණිනි.

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සදහා මේ වන විට දෙදෙනෙකුගේ ලිඛිත ඉල්ලීම් මේ වන විට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලැබී පවතියි.

ජනාධිපති අපේක්ෂකත්වයට ඉල්ලුම් කර ඇති දෙදෙනාම එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් වන අතර එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මෙන්ම කතානායක දේශබන්දු කරු ජයසූරිය යන අපේක්ෂකයින් දෙදෙනා වෙති.

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයා පිළිබද අවසන් තීන්දුව සෙනසුරාදා වන විට තමන්ට ලැබිය යුතු බව සිවිල් සංවිධාන හා බහුජන සංවිධාන වෙත දැනුම් දී තිබේ.

පක්ෂ ව්‍යවස්ථාවේ 9.1 වගන්තියට අනුව අපේක්ෂකයා තොරනවා…..

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල අනුමැතිය අනුව කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවේ සදහන් වන එක්සත් ජාතික පක්ෂ නීති ලේකම් නිශ්ශංක නානයක්කාර මහතා සදහන් කලා.

ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම සම්බන්ධයෙන් සදහන් වන්නේ පක්ෂ ව්‍යවස්ථාවේ 9.1 වගන්තිය යටතේය. එහි මෙසේ සදහන්වේ.

“ජනාධිපතිවරණ අපේක්ෂක නම් කිරීම – ජනාධිපති අපේක්ෂක නාම යෝජනා කිරීම, පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය පත් කරනු ලැබු නාම යෝජනා මණ්ඩලය විසින් කෘත්‍යාධිකාරි මණ්ඩලයේ අනුමැතිය ඇතිව නම් කළ යුත්තේය“

එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවේ සදහන් ඉහත ප්‍රතිපාදනය අනුව වර්ෂ 1988 දී ජනාධිපති රණසිංහ පේමදාස මහතා සහ 1994 දී ගාමිණි දිසානායක මහතා මෙන්ම 1999 දී රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීමට පියවර ගැනින.

වර්ෂ 2010 දී සහ 2015 දි සරත් ‍ෆොන්සේකා හා මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන් එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන පුළුල් සන්ධානයකින් ඉදිරිපත් වුවද පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය හා පාර්ලිමේන්තු කණ්ඩායම එකට රැස්වී ඉහත අපේක්ෂකයන්ට සහාය දීමට තීන්දු කළ බව එක්සත් ජාතික පක්ෂ නීති ලේකම් නිශ්ශංක නානයක්කාර මහතා ප්‍රකාශ කළේය.

Published on: Sep 19, 2019- ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පස් අවුරුදු ධූර කාලය අවසන් වන දිනය සම්බන්ධයෙන් ශ්‍රේ‍ෂ්ඨාධිකරණයේ මතය වෙනස් ස්වරූපයෙන් විමසිමට සුදානමක් පවතින බව වාර්තා වේ.

ඒ අනුව සමාන්‍ය පුද්ගලයෙකු හරහා මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරිමට හැකියාවක් පවතින අතර ඒ හරහා තමන් වසර 6කට පත්කර ගත් ජනාධිපතිවරයා (මෛත්‍රීපාල සිරිසේන) වසර 5කින් ඉවත් කිරිමට ජනාධිපතිවරණයක් කැදවිම හරහා තමන්ගේ මුලික අයිතිවාසිකම් කඩවිමක් සිදුව ඇති බව පෙන්වා දිය හැක.ජනාධිපතිවරණය හෝ වෙනත් මැතිවරණයක් කැදවිමට හෝ නෝ කැදවිම සම්බන්ධයෙන් තින්දුවක් ගැනිමේ බලය ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයට ය.

ජනාධිපතිවරණයේ නාම යෝජනා භාර ගැනීම ඔක්තෝබර් මස 07 වැනි දින මැතිවරණ කොමිෂන් සභාවේදී සිදු කිරීමට නියමිත අතර මේ අකාරයේ මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන්නෙ නම් එය 7 වැනිදාට පෙර ගොනුකල යුතු වේ.

කොමිෂන් සභාවේ දුර්වලතාවයක්!

අතිවිශේෂ ගැසට් අංක 2141/15 දරන නිවේදනයෙන් ජනාධිපතිවරණය කැඳවා තිබේන අතර ජනාධිපතිවරණය කඩිනමින් ප්‍රකාශයට පත් කිරීම සඳහා බලපෑ හේතු කිහිපයක් ඇති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේ කොමිෂන් සභාවේ සාමාජිකයකු විදේශගත වීමට නියමිත බැවින් මැතිවරණ කොමිෂන් සභාවේ බහුතරය මත මැතිවරණය කැඳවීමේ අවශ්‍යතාව එක් හේතුවක් බවයි.

මේ අතර මධ්‍යම පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකොන්ද දඹුල්ලේදී පෙරේදා (17 වැනිදා) මාධ්‍යයට ප්‍රකාශ කළේ සිය ධුර කාලය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට කාලය ඇති බවයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පස් අවුරුදු ධූර කාලය අවසන් වන දිනය සම්බන්ධයෙන් ශ්‍රේ‍ෂ්ඨාධිකරණයේ මතය මේ වනවිට ප්‍රකාශ ප්‍රකාශ කිරිමට සුදානම් බව වාර්තා වේ.ඒ අනුව සිරිසේන ජනාධිපතිවරයාට ලබන සැප්තැම්බරය දක්වා සිය ධුරයේ කටයුතු කල හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කිරිමට නියමිත බව අප පසුගිය අගෝස්තු 13 වැනිදා අනාවරණය කලා.

http://lankanewsnetwork.org/archives/20496

Published on: Sep 19, 2019 – එජාප නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපතිවරණයට ඉදිරිපත් විම සදහා පක්ෂයේ අපේක්ෂකත්වය නොලැබෙන්නේ නම් වෙනම තරග කිරිම සදහා අවශ්‍ය සාකච්ඡා මේ වනවිට අරම්භ කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා. ඒ අනුව ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට එජාප ජ්‍යෙෂ්ඨයන්ගෙන් යුත් විශේෂ කණ්ඩායමක්ද මේ වනවිට පත්කර තිබේන බවයි අප දේශපාලන වාර්තාකරු අනාවරණය කලේ.

මේ වනවිට එක්සත් ජාතික පක්ෂයෙන් සජිත් ප්‍රේමදාසට නාමයෝජනා හිමි නොවිමේ අවදානමක් මතුව ඇති අතර අතර යම් හෙයෙකින් මේ දින 5ක කාලය තුල අපේක්ෂකත්වයට අදාල නාමයෝජනා හිමි නොවුනහොත් වෙනම තරග කිරිමට නාමයෝජනා භාරදිම සජිත්ගේ අදහස වි තිබේ.ඒ සම්බන්ධයෙන් මේ වනවිටත් විවිධ පාර්ශවයන් සහය පලකර තිබේන අතර එක්සත් ජාතික පක්ෂයේ සියයට 80 ඉක්මවා සජිත්ට සහය පලකර තිබේ.

සජිත්ගේ නාමයෝජනා ඔක්තෝබර් 5 වැනිදා හෝ 7 …

මේ අතර සජිත් වෙනම තරග කරන්නේ නම් එක්සත් ජාතික පෙරමුණේ ද්‍රවිධ ජාතික සන්ධානයේ කොටසක්ද සමග උතුරේ අනෙකුත් සියලුම දේශපාලන පක්ෂ සහ දකුනේ සුළු පක්ෂ සහය පලකර තිබේන අතර දැනට මහින්ද රාජපක්ෂ සමග සිටින ප්‍රබලයන් 10 දෙනෙකු එක එල්ලේම සජිත්ට සහය දිමට කැමත්ත පලකර තිබේ.මේ වනවිට පාර්ලිමේන්තුවේ ස්වාධීන සිටන අතුරුලියේ රතන හිමි,විජෙදාස රාජපක්ෂ මෙන්ම තවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම සජිත්ට සහය දැක්විමට එකගතාව මේ වනවිටත් පලකර තිබේ.

ශ්‍රිලනිපය සහය …..

ශ්‍රිලනිපය කොන්දේසි විරහිතව සජිත්ට සහය දිමට සුදානමින් සිටින අතර එජාපයෙන් සජිත් තරග කරන්නෙ නම් පමණක් කිහිප දෙනෙකුගේ පමණක් සහය හිමිවනු ඇති බවයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කර සිටියේ.

යම් හෙයෙකින් සජිත් වෙනම තරග කරන්නෙ නම් ඔක්තෝබර් 5 වැනිදා හෝ 7 වැනිදා යන් දින දෙකින් එක් දිනකදි නාමයෝජනා භාරදිමට කටයුතු කරනු ඇත.

උත්සහය අත්හරින්නේ නෑ….

නමුත් එජාප නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ද පවසන්නේ ඔහු කෙසේ හෝ මෙවර ජනාධිපතිවරණයට එජාපයෙන් ඉදිරිපත් වන බවය. එජාප පාර්ලිමේන්තු කණ්ඩායමේ හා මේවනවිට කෘත්‍යාධිකාරී මණ්ඩලය නියෝජනය කරන බහුතරයක් ද ඔහුට සහය පළ කරති.මේ වනවිට අපේක්ෂකය තොරා ගැනිම සදහා රහස් ඡන්දයක් පහවත්වන ලෙසද සජිත් එජාප නායකත්වයට යෝජනා කර තිබේ.

මොනම හේතුවක් නිසාවත් තමන් වෙනම පක්ෂයකින් තරඟ නොකරන බවද සජිත් මේ වනවිට අවධාරණය කර තිබේ.

Published on: Sep 17, 2019– නෙළුම් කුළුණ ඉදිකිරීමේදී රුපියල් බිලියන දෙකක වංචාවක් සිදුව ඇති බවට ඊයේ(16) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිදුකළ ප්‍රකාශය නිවරදි බවට ජනාධිපති මාධ්‍ය අංශය තහවුරු කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇතතේ මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට ශ්‍රී ලංකා රජය විසින් රුපියල් බිලියන 2ක අත්තිකාරමක් චීනයේ ALIT නැමති සමාඟමකට ගෙවා ඇති නමුත් පසුව සිදුකළ විමර්ශනවලදී තහවුරුවී ඇත්තේ චීනයේ හෝ වෙනත් රටක එවැනි සමාඟමක් නොමැති බවත් ය.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත්කළ නිවේදනය පහත දැක්වේ…

කොළඹ නෙළුම් කුලුන ජනතා අයිතියට පවරා දෙනු ලබන්නේ මතභේදාත්මක ගිවිසුමකින් ශ්‍රී ලංකාවට අහිමිවීමට ගිය විශාල මුදල් ප්‍රමාණයක් රටට ඉතිරිකර දෙමිනි.

නෙළුම් කුලුන ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත සමස්ත පිරිවැය රුපියල් බිලියන 19ක් වූ අතර එම මුදල සම්පූර්ණ ණය මුදලක් වශයෙන් ශ්‍රී ලංකා රජයට ලබාදීමට චීනයේ EXIM බැංකුව එකඟ වී තිබිණි. එම එකඟත්වයට අදාළ ව මෙම ඉදිකිරීම් සඳහා වන කොන්ත්‍රාත්තුව 2012-01-03 වන දින චීනයේ CEIEC සහා ALIT යන සමාගම් සහ විදුලි සංදේශ නියාමන කොමිසම අතර ත්‍රෛපාර්ශ්වීය ගිවිසුමක් ලෙස ඇතිකර ගැනිණි.

පසුව 2015 දී සිදුකරන ලද විමර්ශනවලින් පෙනී ගොස් ඇත්තේ එයින් එක් පාර්ශ්වයක් වන ALIT නමින් වන සමාගමක් පිළිබඳව කිසිදු තොරතුරක් සොයාගත නොහැකි බව ය. ගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි මේ පිළිබඳව බීජිං නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා චීන රජයට ද දැනුම් දී තිබේ. ඒ අනුව ALIT සමාගම පිළිබඳ තොරතුරු ලබා ගැනීමට උත්සාහයක් ගනු ලැබූ නමුත් එනමින් කිසිදු සමාගමක් චීනය තුළ හෝ ඉන් බැහැර රටකින් සොයා ගැනීමට නොහැකි විය. එකී සමාගමට අදාළ ව ගිවිසුමේ අන්තර්ගත ලිපිනය ද ව්‍යාජ එකක් බවට තොරතුරු හෙළි විය.

මේ අතර ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකා රජය රුපියල් බිලියන 02ක මුදලක් චීනයේ ALIT සමාගමට ප්‍රථමයෙන් ම අත්තිකාරමක් ලෙස ගෙවා ඇතත් එම රුපියල් බිලියන 02ක මුදලට සිදු වූ දෙයක් පිළිබඳව ද කිසිදු වාර්තාවක සඳහන් නොවේ. ඒ අනුව 2017 නොවැම්බර් මාසයේ දී ගිවිසුම්ගත ත්‍රෛපාර්ශ්වීය එකඟත්වයෙන් එක් පාර්ශ්වයක් වූ ALIT නමින් සඳහන්ව තිබු සමාගම බැහැර කරන ලද අතර එම සිදුවීමෙන් පසු චීනයේ EXIM බැංකුව ලබාදෙමින් පැවති ණය මුදල අත්හිටුවන ලදී.

එහි ප්‍රතිඵලයක් ලෙස චීනයේ EXIM බැංකුවෙන් ලබාගැනීමට අපේක්ෂාවෙන් සිටි රුපියල් බිලියන 16ක ණය ප්‍රමාණය රුපියල් බිලියන 12කට සීමා විය. එහෙත් ඒ වන විටත් ලබාගෙන තිබූ එකී ණය මුදල සඳහා සෑම වර්ෂයක ම ණය වාරිකය ලෙස රුපියල් මිලියන 2400ක මුදලක් හෙවත් රුපියල් කෝටි 240ක මුදලක් ශ්‍රී ලංකාව ගෙවමින් සිටී. 2018 වසරට අදාළ ව ද ශ්‍රී ලංකාව එකී ණය වාරිකය වන රුපියල් කෝටි 240ක මුදල ගෙවා අවසන් කර ඇති අතර, එය තවත් වසර 10ක කාලයක් ඒ ආකාරයට ම වාර්ෂික ව ගෙවීමට සිදුව ඇත. එමෙන් ම 2019 වර්ෂයට අදාළ ණය වාරිකයේ ප්‍රථම අර්ධය වන රුපියල් කෝටි 120ක මුදලක් මේ වන විටත් ගෙවා තිබේ.

මෙවන් පසුබිමක නෙළුම් කුලුන ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව රුපියල් බිලියන 04ක දායකත්වයක් දරමින් අතිවිශාල විදේශ විනිමය ප්‍රමාණයක් රට තුළ ඉතිරි කර ගැනීමට දායක්තවයක් ලබාදී තිබේ.

ඒ අනුව ඉදි කෙරුණු නෙථම් කුලුනෙහි පාදමේ විශ්කම්භය මීටර් 45න් යුතු වන අතර, මීටර් 356 ක උසකින් යුක්ත ය. කුලුනේ ප්‍රධාන අංගය සන්නිවේදනය වන අතර කුලුනේ ඉහළ ඉදිකර ඇති ඇන්ටනා ආවරණයේ මුළු දිග මීටර් 90ක් පමණ වේ. එම ඩිජිටල් ඇන්ටනාව උතුරට කි.මි. 60ක් හා දකුණට කි.මි. 60 සහ නැගෙනහිරට කි.මි. 50 හා බටහිරට කි.මි. 15ක් ආවරණය කෙරේ. මින් රූපවාහිනී සමාගම් 20 ක් ගුවන් විදුලි එෆ්.එම්. විකාශන සමාගම් 50ක් සහ විදුලි සංදේශ ක්‍රියාකරුවන් සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමට සමත් වේ.

මෙම කුලුන ඉදිකිරීමේ මූලික සැලසුම් 2008 වසරේ දී සැකසෙන අතර 2012 දී එහි ඉදිකිරීම් ආරම්භ කළ අතර ව්‍යාපෘතියේ ප්‍රධාන උපදේශකත්වය මොරටුව විශ්ව විද්‍යාලය වෙතින් ලැබිණි.ඉංජිනේරු විද්‍යාව, ව්‍යුහ ඉංජිනේරු විද්‍යාව, කොන්ක්‍රීට් තාක්ෂණය, උස් ගොඩනැගිලි කම්පන අධ්‍යාපන විද්‍යාව, විදුලි ඉංජිනේරු විද්‍යාව වැනි ක්ෂේත්‍රවල නිපුණතා සහිත ශ්‍රී ලාංකීය විද්වතුන්, ඉංජිනේරුවන් 70ක වඩා මේ සඳහා දායක වූ අතර රාජ්‍ය හා පෞද්ගලික විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබන ඉංජිනේරු, සිසු සිසුවියන් සිය ගණනකට ක්ෂේත්‍ර පුහුණුව ලබාගැනීමට අනගි අවස්ථාවක් ද මෙම නිමැයුම උදා කළේ ය.

– ජනාධිපති මාධ්‍ය අංශය

Published on: Sep 16, 2019-සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකත්වය ලබාදෙන ලෙස ඉල්ලා යෝජනාවක් හෙට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරිමට නියමිත බව අප දේශපාලන වාර්තාකරු සදහන් කලා. ඒ අනුව එම යෝජනාව හෙට කැබිනට් මණ්ඩලය රැස්විම අතරතුර ඉදිරිපත් කිරිමටත් එය කැබිනට් මණ්ඩලය තුල සම්මත කර ගැනිමටත් සුදානම්ක් පවතින බවයි වාර්තා වන්නේ. ඉදිරි දින කිහිපය තුල දී පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය කැඳවා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත් කිරීමට එම පක්ෂයේ නායක අගමැති රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇති බව ඊයේ සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එකමුතුව හමුවු අවස්ථාවේ පවසා තිබේ.

මේ අතර පක්ෂය තුල බෙදීමක් ඇති නොවන ආකාරයෙන් එය සිදුකිරීම අග්‍රාමාත්‍යවරයාගේ අදහස වි ඇති අතර එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෙකු වන පාඨ්ලී චම්පික රණවකගේ අදහස වි ඇත්තේ එජාපය තුල අපේක්ෂකත්වය සම්බන්ධයෙන් රහස් ඡන්දයක් පැවැත්විය යුතු බවයි.

අගමැති රනිල් වික්‍රමසිංහ සිවිල් සමාජ සහ වෘත්තීය සමිති එකතුවේ සාමාජිකයන් හමුවේ කල ප්‍රකාශය

“ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් නාම යෝජනා ගන්නට බලාපොරොත්තු වන සියළුම අපේක්ෂකයන්ට මම කීවේ දිනන වැඩපිළිවෙළ ඉදිරිපත් කරන ලෙසත් එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද පදනම මත පමණක් අපට ජයග්‍රහණය කරන්නට බැහැ. ඒ නිසා පුළුල් බලවේග එකතු කරගත හැකි වැඩපිළිවෙළක් සහ ඒ සඳහා වන ක්‍රියාකාරී සැලැස්මක් ඉදිරිපත් කරන ලෙස, එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන සෑම අපේක්ෂකයෙකුටම මා ප්‍රකාශ කළා. ඒ සියළු කරණා සලකා බලා අපේක්ෂකයා නම් කිරීම කෘත්යාධිකාරී මණ්ඩලයේදී සිදු කරනවා”

පූජ්‍ය දඹර අමිල නා හිමියන් …

“මෙම ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය කළ හැකි අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු බවයි. කවර අපේක්ෂකයකු ඉදිරිපත් කළද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම සන්ධානය සහ වැඩපිළිවෙළ මෙහෙයවිය යුතු බවත්, එමෙන්ම ඉදිරියේදී ගොඩනගන ආණ්ඩුවකදී රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය අත්‍යවශ්‍ය බවත් ප්‍රකාශ කොට ඇත.”

සමන් රත්නප්‍රිය….

“විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම යන සටන් පාඨය මත පුළුල්ම එකතුව ගොඩ නැගිය යුතු බවත්, ඒ සඳහා අපේක්ෂකයකු ඉදිරිපත් කොට කෙටි කලක් තුළ එම කටයුත්ත සම්පූර්ණ කිරීමට වැඩපිළිවෙළක් සැකසිය යුතුයි.”

TNA සාකච්ඡා සාර්ථකයි…

සජිත් ප්‍රේමදාසගේ ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් ද්‍රවිධ ජාතික සන්ධානය සමග පැවැති සාකච්ඡා සාර්ථකත්වයට පත්ව තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.කෙසේවෙතත් ද්‍රවිධ ජාතික සන්ධානයේ එම් ඒ සුමන්තිරන් සජිත් විරෝධී තැනක සිටින බැවින් මේ වනවිට TNA දෙකඩ විමේ අනතුරකටද මුහුණ දි සිටි.

Published on: Sep 12, 2019 – 2015 වසරේ ජනවාරි 8 වැනිදා සිට 2019 වසරේ සැප්තැම්බර් 4 වනදා දක්වාම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට උත්සාහ කලද අගමැති ප්‍රමුඛ ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රී වරුන්ට එය කිරීමට කිසිඳු අවශ්‍යතාවයක් හෝ උනන්දුවක් නොතිබූ බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ලිඛිතව කරුණු දක්වා සිටී.

ඉහත කරුණ විස්තර කරමින් ජනාධිපතිවරයා ලිපිය යොමු කර ඇත්තේ නිරවි කරණය සහ සංවර්ධනය පිලිබඳ සංසදයේ සම්බන්ධිකාරක විද්‍යා අබේගුණවර්ධන මහතා වෙත ලිපියක් යවමිනි.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ලෙස ඉල්ලා නිරවි කරණය සහ සංවර්ධනය පිලිබඳ සංසදය 2019 වසරේදී ජනපතිට ලිපියක් යොමුකර තිබිණි.

සංසදයේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ජනපති ලිඛිතව සඳහන් කර ඇත්තේ 2015 ජනවාරි 8 වැනිදා සිට මේ දක්වාත් පොදු අපේක්ෂකයෙකු ලෙස තරඟ කළ අවස්ථාවේදී තමා ප්‍රකාශ කර ඇත්තේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කලයුතු බව වුවද, දන්නා පරිදි එය ඉටු කළ යුත්ත්තේ පාර්ලිමේන්තුව විසින් බවද, එය අගමැති ප්‍රමුඛ ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රී වරුන් විසින් කළ යුත්තක් බවද  සඳහන් කර තිබේ.

එහෙත් ඒ ගැන ඔවුන්ට අවශ්‍යතාවයක් හෝ උනන්දුවක් දැනෙන්නට නැතැයිද ඊට හේතුව 2015 වසරේ සිටම ඉදිරි ජනාධිපතිවරණයට තරඟ කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ඇති අපේක්ෂාව සහ බලාපොරොත්තුව බවද ජනපති සිය ලිපියෙන් කරුණු දක්වයි.

පාර්ලිමේන්තු කටයුතු මෙහෙය විමට ව්‍යවස්ථානුකුල අයිතියක් තමාට නැති බවත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ලෙස ඉල්ලා තමාට යොමු කළ ලිපියේ පිටපතක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ද යොමු කිරීම සුදුසු බවත් ජනපති සිය ලිපිය මගින් සඳහන් කර තිබේ.


Published on: Sep 12, 2019-අසීරු සෑම අවස්ථාවකදීම පක්ෂය ආරක්ෂා කරගත් නායකයා ලෙස එළඹෙන ජනාධිපතිවරණය ජයගත හැකිනම් ඊට ඉදිරිපත්වන බවත් එය කළ නොහැකිනම් පිටව යන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (12) පැවැසීය.

වයස අවරුදු 70 වන තෙක් ශ්‍රී ලාංකීය දේශපාලන ක්ෂේත්‍රයේ  තනතුරු රැසක් දැරූ තමාට දේශපාලනෙන් විශ්‍රාම ගැනීම එතරම් අසීරු කටයුත්තක් නොවේ යැයිද අග්‍රාමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කලේ බියගම සහ කැලණිය මැතිවරණ කොට්ඨාශ වල එක්සත් ජාතික පක්ෂයේ පැරණිතම සාමාජික පිරිසක් කොළඹ අරලියගග මන්දිරයේදී අද උදැසන හමුවූ අවස්ථාවේදීය.

හොඳම පාසල ළඟම පාසල ව්‍යාපෘතිය යටතේ පාසල් ගොඩනැගිලි විවෘත කිරීමේ උත්සව සඳහා මන්නාරමට පිටත්වයාමට පෙර අරලියගහ මැදුරේදී ඉහත හමුව පැවැත්විණි.

පක්ෂයේ නායකයන් එකා පිට එකා මැරී වැටෙද්දී පක්‍ෂ නායකත්වය භාර ගනිමින් අසීරුම කාලයේදී ක්‍රියා කළ අකාරය එක්සත් ජාතික පක්ෂයේ පැරණිතම සාමාජිකයන්ට සිහිපත් කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂය වැටුණු සෑම අවස්ථාවකදීම එය ගොඩගත් ආකාරයද සිහිපත් කර සිටියේය.

පක්‍ෂ නායක ලෙස පක්ෂයත් පක්ෂයේ මුලිකත්වයෙන් පිහිටුවන සන්ධානයත් දිනවීම සිය යුතුකම බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා එළඹෙන ජනාධිපතිවරණයේදී ඉහත වගකීම ඉටු කළ නොහැකිනම් පිටව යෑම තමාට කිසිඳු ගැටළුවක් නොවේ යැයිද සඳහන් කර සිටියේය.

අගමැතිවරයාගේ ඉහත සංවේදී අදහස් දැක්වීමට සවන් දුන් එක්සත් ජාතික පක්‍ෂ පැරණිතම සාමාජිකයන් ඇතැම් අයෙකුගේ දෙනෙත් කඳුලින් පිරී තිබුණු අකාරය ද  දැකගත හැකි විය.

ජනාධිපතිවරයාට පක්‍ෂ නායකත්වය හිමිවන වගන්තියක් නෑ …..

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ජනාධිපතිවරයකු පත්වූ විට ඔහුට පක්‍ෂ නායකත්වය හිමි වියයුතුය යන වගන්තිය එක්සත් ජාතික පක්‍ෂ ව්‍යවස්ථාවෙන් මේ වන විට ඉවත් කර පවතී.

ඉහත වගන්තිය එක්සත් ජාතික පක්‍ෂ ව්‍යවස්ථාවෙන් ඉවත් කරනු ලැබුවේ වර්ෂ 1994 දීය. එවකට එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් වරයා ලෙස කටයුතු කළ ගාමිණි අතුකෝරල මහතා විසින් පෙන්වා දෙනු ලැබූ වැදගත් කරුණක් පදනම් කරගනිමින් ඉහත වගන්තිය ඉවත් කිරීමට පියවර ගත් බව එක්සත් ජාතික පක්ෂයේ ජේෂ්ඨ අමාත්‍යවරයෙක් ප්‍රකාශ කළේය.

එවකට ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයේ සිටි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය දිවයිනේ කුමන ප්‍රදේශයකින් හෝ එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ගනු ලැබුවේනම් ඇයට එක්සත් ජාතික පක්‍ෂ නායකත්වය පිරිනැමීමට සිදු වන බව එවකට සිටි මහ ලේකම් ගාමිණි අතුකෝරල මහතා පෙන්වා දෙනු ලබා තිබිණි.

ඉහත නීතිමය කරුණ සැලකීමට ගනිමින් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙක් ජනාධිපති ධුරයට පත්වුවහොත් ඔහු පක්‍ෂ නායකත්වයට පත්විය යුතුයැයි යන වගන්තිය 1994 වසරේදීම ඉවත් කිරීමට පියවර ගැනිණි.

Published on: Sep 12, 2019-අසීරු සෑම අවස්ථාවකදීම පක්ෂය ආරක්ෂා කරගත් නායකයා ලෙස එළඹෙන ජනාධිපතිවරණය ජයගත හැකිනම් ඊට ඉදිරිපත්වන බවත් එය කළ නොහැකිනම් පිටව යන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (12) පැවැසීය.

වයස අවරුදු 70 වන තෙක් ශ්‍රී ලාංකීය දේශපාලන ක්ෂේත්‍රයේ  තනතුරු රැසක් දැරූ තමාට දේශපාලනෙන් විශ්‍රාම ගැනීම එතරම් අසීරු කටයුත්තක් නොවේ යැයිද අග්‍රාමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කලේ බියගම සහ කැලණිය මැතිවරණ කොට්ඨාශ වල එක්සත් ජාතික පක්ෂයේ පැරණිතම සාමාජික පිරිසක් කොළඹ අරලියගග මන්දිරයේදී අද උදැසන හමුවූ අවස්ථාවේදීය.

හොඳම පාසල ළඟම පාසල ව්‍යාපෘතිය යටතේ පාසල් ගොඩනැගිලි විවෘත කිරීමේ උත්සව සඳහා මන්නාරමට පිටත්වයාමට පෙර අරලියගහ මැදුරේදී ඉහත හමුව පැවැත්විණි.

පක්ෂයේ නායකයන් එකා පිට එකා මැරී වැටෙද්දී පක්‍ෂ නායකත්වය භාර ගනිමින් අසීරුම කාලයේදී ක්‍රියා කළ අකාරය එක්සත් ජාතික පක්ෂයේ පැරණිතම සාමාජිකයන්ට සිහිපත් කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂය වැටුණු සෑම අවස්ථාවකදීම එය ගොඩගත් ආකාරයද සිහිපත් කර සිටියේය.

පක්‍ෂ නායක ලෙස පක්ෂයත් පක්ෂයේ මුලිකත්වයෙන් පිහිටුවන සන්ධානයත් දිනවීම සිය යුතුකම බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා එළඹෙන ජනාධිපතිවරණයේදී ඉහත වගකීම ඉටු කළ නොහැකිනම් පිටව යෑම තමාට කිසිඳු ගැටළුවක් නොවේ යැයිද සඳහන් කර සිටියේය.

අගමැතිවරයාගේ ඉහත සංවේදී අදහස් දැක්වීමට සවන් දුන් එක්සත් ජාතික පක්‍ෂ පැරණිතම සාමාජිකයන් ඇතැම් අයෙකුගේ දෙනෙත් කඳුලින් පිරී තිබුණු අකාරය ද  දැකගත හැකි විය.

ජනාධිපතිවරයාට පක්‍ෂ නායකත්වය හිමිවන වගන්තියක් නෑ …..

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ජනාධිපතිවරයකු පත්වූ විට ඔහුට පක්‍ෂ නායකත්වය හිමි වියයුතුය යන වගන්තිය එක්සත් ජාතික පක්‍ෂ ව්‍යවස්ථාවෙන් මේ වන විට ඉවත් කර පවතී.

ඉහත වගන්තිය එක්සත් ජාතික පක්‍ෂ ව්‍යවස්ථාවෙන් ඉවත් කරනු ලැබුවේ වර්ෂ 1994 දීය. එවකට එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් වරයා ලෙස කටයුතු කළ ගාමිණි අතුකෝරල මහතා විසින් පෙන්වා දෙනු ලැබූ වැදගත් කරුණක් පදනම් කරගනිමින් ඉහත වගන්තිය ඉවත් කිරීමට පියවර ගත් බව එක්සත් ජාතික පක්ෂයේ ජේෂ්ඨ අමාත්‍යවරයෙක් ප්‍රකාශ කළේය.

එවකට ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයේ සිටි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය දිවයිනේ කුමන ප්‍රදේශයකින් හෝ එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ගනු ලැබුවේනම් ඇයට එක්සත් ජාතික පක්‍ෂ නායකත්වය පිරිනැමීමට සිදු වන බව එවකට සිටි මහ ලේකම් ගාමිණි අතුකෝරල මහතා පෙන්වා දෙනු ලබා තිබිණි.

ඉහත නීතිමය කරුණ සැලකීමට ගනිමින් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙක් ජනාධිපති ධුරයට පත්වුවහොත් ඔහු පක්‍ෂ නායකත්වයට පත්විය යුතුයැයි යන වගන්තිය 1994 වසරේදීම ඉවත් කිරීමට පියවර ගැනිණි.

Published on: Sep 11, 2019– ප්‍රීමා පිටි මාෆියාවේ ගෝඩ් ෆාදර් වන සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ (ලේක්හවුස්) සභාපති ක්‍රිෂාන්ත කුරේ මහතා බේරා ගැනිම සදහා ලේක්හවුසිය ජනාධිපතිවරයා විසින් පවරා ගැනිම සදහා සුදානමක් පවතින බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා. ප්‍රීමා සමාගමේ ජනපති වෙනුවෙන් අල්ලස් ගන්නා නියෝජිතයා ලෙස කටයුතු කරන කූරේ තමන්ටන් නිදහසේ ලේක්හවුසිය පාලනය කිරිම සදහා ජනපති යටතට ගන්නා ලෙස ඉල්ලා තිබේ.

එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපතිවරයා ලෙස ක්‍රිෂාන්ත කුරේ මහතා ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම පුවත්පත් සමාගමක අධිපතිවරයා සමග එක්ව කඩදාසි (NEWS PRINT) ව්‍යාපාරය කරමින් “ලේක්හවුස්” ආයතනයට සිදු කළ මහ පරිමාණ පාඩුව පිළිබඳ සියලු තොරතුරු අනාවරණය වෙමින් තිබේන අතර එම චොදනා වලින් නිදහස් විමටද මෙම පවරා ගැනිම දඩමිමා කර ගැනිමට කූරේ සුදානමින් සිටි.

කාලයක් ප්‍රීමා සමාගමේ මාෆියා ඒජන්තවරයා ලෙස කටයුතු කලේ පහුගිය කාලේ සිරිසේන ජනපතිට සමීපයෙන්ම උදවු කල වර්තමානයේ බස්නාහිර පළාතේ ආණ්ඩුකාර ධුරය දරණ කවුරුත් දන්නා ‘හජ්ජියාර්’ හෙවත් ඒ ජේ එම් මුසම්මිල් වන අතර මුස්ම්මිල්ගේ සමීපතමයා ලෙස කටයුතු කල කුරේ පසුකාලීනව එම ඒජන්ත තනතුර ගිල ගැනිමට සමත්විය.ඉන් පසුව රටේ ආණ්ඩුවට පවා අවනත නොවි පිටි මිල තමන්ට රීසි සේ වැඩි කිරිමට කටයුතු යෙදුනේද ඒ අනුවය.

TROUBLE MAKER කුරේ…..

මිට අමතරව ජනාධිපතිවරයාගේ තොරතුරු අගමැතිවරයාටත් අගමැතිවරයාගේ තොරතුරු ජනාධිපතිවරයාටත් ලබා දෙමින් නායකයින් දෙදෙනා ඉදිරියේ ප්‍රතිවිරුද්ධ දේශපාලන චරිත දෙකක් රඟ දක් වන අතර කතානායක කරු ජයසූරිය මහතාගේ නම ද පාවිච්චි කරමින් සිය පැවැත්ම සහ බලය රැක ගැනීමට දරන උත්සහය හමුවේ බුද්ධි අංශ ක්‍රිෂාන්ත කුරේ මහතා හඳුනා ගෙන සිටින්නේ ජාතික දේශපාලනයේ අර්බුද ඇති කරන්නෙකු (TROUBLE MAKER) ලෙසටය.

ක්‍රිෂාන්ත කුරේ  කොළඹ “හිල්ටන්” හෝටලයේ ද සභාපතිවරයා ලෙස මේ වන විට කටයුතු කරමින් සිටින අතර ඔහුගේ සභාපතිත්වය යටතේ එම හෝටලයට අත් වී ඇත්තේ ඛේදවාචකයකි.මේ වනවිට කූරේගේ ගෝල බාලයන්ගේ සහ ඔහුගේ ගෙවල් වන බඩගිනීන් නිවන පාර අයිනේ තිබේන තෝසේ කඩයක් ගානට වැටි ඇති “හිල්ටන්” අපසු ගොඩ ගැනිමට නම් බැරි තත්ත්වයකට පත්ව තිබේන බවද වාර්තා වේ.

මාධ්‍ය ආයතන පවරා ගැනිමේ සිරිසේන මෙහෙයුම…..

ජනාධිපති බලතල යටතේ ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාව ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරා ගත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ලෙක්හවුසිය මෙන්ම ස්වාධින රුපවාහිනී ආයතනය ද (ITN) සහ SLBC යද පවරා ගැනිම සදහා හැකියාවක් තිබේද යන්න සොයමින් සිටින බවයි අප දේශපාලන වාර්තාකරු සදහන් කළේ.

ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුයේ, ජනාධිපතිවරයා දැඩි ලෙස විවේචනය කරමින් ඒකපාර්ශ්විකව කටයුතු කරන ITN නාලිකාව සම්බන්ධයෙන් වහාම මැදිහත්වන ලෙස ජනාධිපතිවරයා දැනුම් දී තිබේන බවද දැනගන්නට තිබේ.ITN නාලිකාව තුලසිටින ගෝඨාභය+මහින්ද වාදින්ගේ මඩ සහ පෙත්සම් ව්‍යාපාර භාවිතා කරමින් ජ්‍යෙෂ්ඨ නිළධාරියා ජනපති උසී ගන්වමින් සිටින බවද දැනගන්නට තිබේ.

2016 අප්‍රියල් කිවු කතාව – අපි කියු දෙයක් වැරදිලා නෑ-කූරේ හිල්ටන් එකට රිංගයි

http://lankanewsnetwork.org/archives/9710

Published on: Sep 11, 2019 – එක්සත් ජාතික පෙරමුණෙන් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයා සම්බන්ධයෙන් එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ හා නියොජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අතර අද රාත්‍රී10.00ට පමණ ආරම්භවූ සාකච්ජාව සාර්ථකව නිමාවු අතර ඒ අනුව ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස නම් කිරීමට අගමැතිවරයා එකඟත්වය පළකර තිබේ. ඒ සදහා රනිල් වික්‍රමසිංහ කොන්දේසියක් ඉදිරිපත් කර ඇති අතර එනම් තමන් (රනිල්) අගමැතිවරයා ලෙස පත්කරන බව ප්‍රසිද්ධ කරන ලෙසයි.

ඒ අනුව එක්සත් ජාතික පෙරමුණේ අනෙකුත් පක්ෂ සමග එකඟත්වයක් ඇති කරගැනීමට කමිටුවක් පත කිරිමට අගමැතිවරයා තින්දු කර තිබේන අතර මලික් සමරවික්‍රම, කබීර් හෂීම්, මංගල සමරවීර, රන්ජිත් මද්දුම බණ්ඩාර, රාජිත සේනාරත්න හා අගමැතිවරයාගේ නියෝජිතයකු එම කමිටුව වෙනුවෙන් පත්කර තිබේ.

එම පක්ෂ වල අනුමැතිය මත මෙම සති අන්තයේදී එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

උකුස්සෙක් රාජාලියෙක් නොව සද්දන්ත ඇතෙක්- සජිත් 

මේ අතර එක්සත් ජාතික පක්ෂ නායක සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ඉතා ධනාත්මක ශුභවාදී සාකච්ඡාවක් කළ බවත් කෙටි කලක් ඇතුළත සුභවාදී ප්‍රතිපලයක් ලැබෙනු ඇති බවත් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සදහන් කළා.

එක්සත් ජාතික පෙරමුණ ලෙස ඉදිරියට යාම තම එකම අරමුණ බව කී සජිත් ප්‍රේමදාස මහතා මෙවැනි සාකච්ඡා වට කිහිපයක්ම ඉදිරි දින වලදී පැවැත්වීමට අදහස් කරන බවද පැවසීය.

සාකච්ඡාවේ සියලු කතා හෙළි කළ නොහැකි වන්නේ ප්‍රතිවාදීන්ට එයින් යම් වාසියක් අත්වන නිසා බව කී සජිත් ප්‍රේමදාස මහතා බුදුබව ලබන්නත් පෙරුම් පුරන්නට අවශ්‍ය වූ බවත් තමන් උකුස්සෙක් රාජාලියෙක් නොව සද්දන්ත ඇතෙක් බවත් සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉතා ධනාත්මක මතයක සිටින බව ද ඉතා කෙටි කලකින් සුබවාදී ප්‍රතිඵලයක් ලැබෙනු ඇතැයි ද අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කීය.

මේ අතර ඉදිරි ජනාධිපතිවරණ ජය ගැනීම සඳහා වන මැතිවරණ උපක්‍රමද මෙහිදී සාකච්ජාවට බඳුන් වී ඇති අතර අපේක්ෂකයා කව්රුන් වුවද එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානය ජයග්‍රහණය කරවීම සඳහා කටයුතු කලයුතු බවට වැඩි දුරටත් සාකච්ජා වී තිබේ.

එක්සත් ජාතික පෙරමුණේ ඉදිරි ජනපතිවරණ අපේක්ෂකයා තෝරා ගැනීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අතර මෙම හමුව සිදු වූයේ පක්ෂයේ ජේෂ්ඨ නායකයින් සහ අගමැතිවරයා අතර ඉකුත් 6 වැනිදා පැවති සාකච්ඡාවේදී ගත් තීරණයකට අනුවය.

Published on: Sep 8, 2019– මානෙල්වත්ත රජමහා විහාරාධිපති සහ තායිවානයේ ප‍්‍රධාන සංඝනායක ආචාර්ය බෝදාගම චන්දිම හිමි හෙවත් කවුරුත් දන්නා “චන්දිම මුදලාලී” මිලියන් ගණනින් ව්‍යාපාරිකයන්ට පොලු තබා තිබේන බව අනාවරණය වි තිබේ.

ධර්ම රාජ්‍යය සදහා යන මාර්ගය ජනතාවට පසක් කර දෙන බව පවසමින් බෙන්ස් කාර් වලින් වඩින චන්දිම මුදලාලී හිමි මේ වනවිට රටපුරා හොටල්,නිවාස මිළදි ගැනිම සදහා කෝටි ගණනින් මුදල් යොදවාමින් සිටින බව සාක්ෂී සහිතව අනාවරණය වි තිබේ.

රාජපක්ෂ කලු දශකයේ මජර වැඩ වලට සහය දෙමින් ජනතාව අතර අමුතුම චරිතයක් බවට පත්වු චිවරධාරි චන්දිම මුදලාලී කාන්තාවන් 10කට වඩා කළමනාකරණය කරමින් යහගත වෙමින් සිටින අතරතුර ව්‍යාපාරිකයන් රැසකටම පොලු තබා ඇති අයෙකි.

ත්‍රිකුණාමල රෙස්ට් හවුස් එකක් ලක්ෂ 500කට මිලට ගෙන ඇති අතර ඒය මිලට ගැනිම සදහා අවශ්‍ය මුදල් සියල්ලම චිවරධාරි චන්දිම මුදලාලී ගෙවා ඇති අතර එහි අයිතිය තමන්ගේ නංගිගේ පුතෙකු වන TM අනුෂ්ක ඉන්ද්‍රජිත් නැමත්තේකුගේ නමට පවරා තිබේ.

පසුව අදාල ව්‍යාපාරිකයාටම අයත් ලක්ෂ 500ක් වටිනා හම්බන්තොට රෙස්ට් හවුස් එකක්ද මිළදිගෙන ඇති චන්දිම මුදලාලී  එම ව්‍යාපාරිකයාට ලක්ෂ 150ක මුදලක් මාසයක් තුල ලබාදිමේ පොරොන්දුවක් මත එය ලබාගෙන තිබේ.කෙසේවෙතත් මේ දක්වා එම මුදල ලබාදිමට චිවරධාරි චන්දිම මුදලාලීකටයුතු කර නොමැති අතර එම වංචාවට එරෙහිව මේ වනවිට හම්බන්තොට සහ කොළඹ අධිකරණ හමුවේ නඩු පැවැරිමටද ව්‍යාපාරිකයා කටයුතු කර තිබේන බව වාර්තා වේ.

එම හිග මුදල වෙනුවෙන් ව්‍යාපාරිකයා විසින් අදාල රෙස්ටුරන්ට් එකට අයත් මත්පැන් බලපත්‍රය සිය සන්තකයේ තබාගෙන තිබේ.අවස්ථා ගණනාවකදි අදාල හිග මුදල ලබාදිමට පොරොන්දු දි ඇති චිවරධාරි චන්දිම මුදලාලී මුදල් ලබාදිම පසෙක ලා කූට ලේඛන සකස් කිරිමට කටයුතු කර තිබේ.

පසුව චිවරධාරි චන්දිම විසින්  සේල්ලං පිස්තෝල පෙන්වා සල්ලං වි වසර 6ක සිරබත් කන හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දුට ලක්ෂ 50ක් ලබාදි කූට ලේඛනයක් සකස් කර රහසේම එම මත්පැන් බලපත්‍රය  චිවරධාරි චන්දිමගේ බිස්නස් පාර්ට්නර් වන අනුෂ්ක ඉන්ද්‍රජිතට පවරා දිමට කටයුතු කර තිබේ.මේ වනවිට එම කූට පවරා ගැනිමට එරෙහිව අධිකරණ හමුවෙ නඩු පැවරිමට අදාළ ව්‍යාපාරිකය කටයුතු කර තිබේ.

බෝදාගම චන්දිම හිමි හෙවත් කවුරුත් දන්නා චන්දිම මුදලාලීගේ කූප්‍රකට වංචා රැසක් බලාපොරොත්තු වන්න

 

Top