Published on: Aug 23, 2019- රාජපක්ෂ පවුලට මඩ ගැසීමට අවශ්‍ය පුවත් වාර්තා කරන ලෙසට ස්වාධීන රූපවාහිනි සේවයේ සභාපතිනිය විසින් ප්‍රාදේශීය වාර්තාකරුවන්ට දන්වා ඇති බවට විපක්ෂනායක මහින්ද රාජපක්ෂ විසින් සිදු කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පවසමින් එම නාලිකාවේ ප්‍රවෘත්ති කළමනාකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවෙ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

මහින්ද රාජපක්ෂ විපක්ෂනායකවරයා විජේරාමයේ සිය නිල නිවසේ පැවති පොදුජන පෙරමුණු පක්ෂ නායක හමුවේදි සිදුකළ මෙම ප්‍රකාශයට එරෙහිව කඩිනම් හා විධිමත් පරික්ෂණයක් සිදු කරන ලෙසයි එම පැමිණිල්ලෙන් ඉල්ලා ඇත්තේ.

එම රැස්විමට එසේම කූඨ ලේඛන සැකසීම පිළිබඳව අධිකරණය ඉදිරියේ චූදිතයෙකු බවට පත්ව සිටින විමල් වීරවංශ මෙන්ම ඔස්ට්‍රේලියානු ජාතිකයෙකුගෙන් මිලියන ගණනක් හොරා කෑ උදය ගම්මන්පිලද සිටි අතර සුපුරුදු පරිදි මහින්ද රාජපක්ෂගේ දේශපාලන ජිවිතර විනාශ කිරිමේ විමල්-ගම්මන්පිල කුමන්ත්‍රණය තවමත් ක්‍රියාත්මක බව ඔහුන්ගෙ කූජීත හැසිරිම් වලින් මනාව පැහැදිලි වේ.

මහින්දගේ ගොන් කතා සහ විමල්ගේ මෝඩ කතා….

අධ්‍යක්ෂක,
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව,
කොළඹ.
2019. 08.22

ස්වාධීන රූපවාහිනි සේවයේ සභාපතිනිය සහ ප්‍රවෘත්ති අංශය පිළිබඳව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ විසින් කරන ලද අභූත චෝදනා පිළිබඳව විධිමත් හා කඩිනම් පරික්ෂණයක් සඳහා වන ඉල්ලීමයි.

2019 අගෝස්තු මස 21 වන දින විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාමයේ පිහිටි නිවසේදි පැවති පක්ෂ නායක හමුවේදි ස්වාධීන රූපවාහිනියේ සභාපතිනිය සහ ප්‍රවෘත්ති අංශය සම්බන්ධයෙන් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ,විමල් විරවංශ සහ උදය ප්‍රභාත් ගම්මන්පිල යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් සිදුකරන ලද ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍ය ප්‍රකාශයක් බව සදහන් කිරිමට කැමත්තෙමි.

එම රැස්විම අතරතුර මහින්ද රාජපක්ෂ සඳහන් කර සිටියේ ස්වාධීන රූපවාහිනි සේවයේ සභාපතිනිය තම පවුලට මඩ ගැසිමට අදාල පුවත් වාර්තාකරන ලෙස ප්‍රාදේශිය වාර්තාකරුවන්ට දැනුම් දි ඇති බවයි.එම ප්‍රකාශය අතරතුර විමල් විරවංශ සහ උදය ප්‍රභාත් ගම්මන්පිල මන්ත්‍රීවරයාද එය සනාථ කිරිමට උත්සහ දැරු අතර එය තහවුරු කිරිම සදහා විවිධ අසත්‍ය සාධක ගෙන හැර දක්වන ආකාරය දක්නට ලැබුනී.

ඊයේ (21) රාත්‍රී 6.55 හිරු ප්‍රධාන පුවත් විකාශයෙන් අදාළ ප්‍රකාශය සහිත පුවත විකාශය වු අතර ඒ හරහා ජාතික මාධ්‍ය නාලිකාවක් වන ස්වාධීන රූපවාහිනි සේවයට හිතාමතාම අපකීර්තියක් ඇති කිරිමට විපක්ෂනායකවරයා ඇතුලු කණ්ඩායම කටයුතු කර තිබෙන බව තහවුරු වේ.

නාලිකාවේ විකාශය වු කොටසට අදාළ සටහන පහත දැක්වේ…

විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා : දැන් බලන්න අයි.ටී.එන් එක, රූපවාහිනිය පුදුම මඩ ප්‍රචාරයක්නේ ගෙනියන්නේ. සභාපතිනිය කියලා තියනවා එයා රජයේ සේවකයෙක්. මේ පවුලට මඩ ගහන්න තියන ඔක්කෝම පරණ කැසට්ස් එක්කාහු කරන්න කියලා.

විමල් වීරවංශ මහතා: ප්‍රාදේශිය වාර්තාකරුවන්ටත් දන්වලා එවන්න කියලා.

උදය ගම්මන්පිල මහතා: මොනවා හරි මඩ ගහන්න පුළුවන් තැනක් තියනවා නම් ඒක මාර්ක් කරලා එවන්න කියලා.

විමල් වීරවංශ මහතා: ඔය සභාපතිතුමිය ජේ.වි.පි එකේ දේශපාලන මණ්ඩලයේ හිටපු ජී. ඒ ගුණරත්නගේ නෝනා.

විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා: මේක රජයේ ආයතනයක්නේ. රජයේ ආයතනයකට කිසිම අයිතියක් නැහැ තව දේශපාලන පක්ෂකට හෝ අපේක්ෂකයෙකුට, පවුලකට හෝ අපිට මඩ ගහන්න.

වාසුදේව නානයක්කාර මහතා: මැතිවරණ කොමිසමටත් දන්වන්න.

(මීට අදාළ ප්‍රවෘත්ති විකාශයේ වීඩියෝ දර්ශන සීඩී තැටියක් මගින් මේ සමඟ අමුණා ඇත.)

ස්වාධීන රූපවාහිනි සේවයේ සභාපතිනිය හෝ ඉහළ කළමනාකාරිත්වය කිසිදු අවස්ථාවක විපක්ෂනායකවරයා සිදුකරන ආකාරයේ නියෝගයක් ප්‍රාදේශීය වාර්තාකරුවන්ට හෝ ආයතනයේ සේවය කරන මාධ්‍යවේදීන්ට හෝ දැනුම් දි නැති බව ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කිරිමට කැමැත්තෙමි.ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා,විමල් විරවංශ මහතා සහ උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා යන අය සිදුකරන ප්‍රකාශය අසත්‍ය මෙන්ම පදනම් විරහිත ප්‍රකාශයක් බව තරයේම අවධාරණය කරන අතර එවැනි අසත්‍ය ප්‍රකාශයන් හරහා රාජ්‍ය මාධ්‍ය ආයතනයකට සිදුකරන ලද හානිය අතිමහත්ය.

“ප්‍රාදේශිය වාර්තාකරුවන්ටත් දන්වලා එවන්න කියලා.” යනුවෙන් විමල් විරවංශ මන්ත්‍රීවරය කරන ප්‍රකාශය ඉතා බරපතල බව පෙන්වා දෙන අතර කූඨ ලේඛන සකස් කිරිම සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ චුදිතයෙකු වන ඔහු විසින් එවැනි ප්‍රකාශයක් සිදුකිරිම බරපතල සැකයක් ජනිත කිරිමට හේතුවකි. මන්දයත් ඒ ආකාරයේ ව්‍යාජ,කූඨ ලේඛනයන් සකස් කර නාලිකාවට අපකීර්තියක් ඇති කිරිමට ඔහු උත්සහ දරනවාද යන හේතුවයි.

අනෙක් අතට විමල් විරවංශ මන්ත්‍රීවරයා විසින් සභාපතිතුමියගේ පෞද්ගලික ජීවිතය මෙම අවස්ථාවට ඈඳා ගැනීම හරහා පෙනි යන්නේ පැහැදිළි ලෙසම සභාපතිනියටත්, මාධ්‍ය ආයතනයටත් පැහැදිළි ලෙසම අපහාස කිරීමට හා ඒ හරහා අපකීර්තියක් ඇති කිරීමට ඔහුට ඇති අවශ්‍යතාවයයි.

වත්මන් රජය යටතේ ස්වාධීන රූපවාහිනි නාලිකාව රාජ්‍ය නාලිකාවක් ලෙස තම වගකීම සහ යුතුකම් නිසි ලෙස ඉටු කරමින් ජනතාව අතර ඉහළ ප්‍රේක්ෂක විශ්වාසයක් දිනා ගැනීමට සමත් වූ නාලිකාවකි. අතීතයේ රාජ්‍ය මාධ්‍ය යොදා ගනිමින් පුද්ගලයන් ඉලක්ක කර සිදු කළ මඩ ගැසීම් සිදු නොවන බව වගකීමෙන් යුතුව සඳහන් කිරීමට කැමැත්තෙමි. නමුත් පසුගිය කාලය පුරාවට නාලිකාව තුළ සිටිමින් රජයට එරෙහිව දේශපාලනය කරන කණ්ඩායම් නාලිකාව අපකීර්තියට පත් කිරීමට කටයුතු කළ අතර සභාපතිනිය සහ ඉහළ කළමනාකාරීත්වය ඉලක්ක කර අසත්‍ය ප්‍රචාරයන් ගෙන යන ලදි. පසුගිය අගෝස්තු 16 හෝ ඊට නුදුරු දිනයකදි විපක්ෂනායකවරයාගේ ඉහත ප්‍රකාශයට සමාන අසත්‍ය පෝස්ටුවක් සමාජ ජාලා හරහා සංසරණය වී තිබුණි.

(එම සමාජ මාධ්‍ය ජාලා හරහා සංසරණය වූ පෝස්ටුවද මේ සමඟ අමුණා ඇත.)

මේ වන විට එම දේශපාලන අතකොළුවන් භාවිතා කරමින් නාලිකාවට එරෙහිව කුමන්ත්‍රණයක් දියත් වන බව ඉතා පැහැදිලිය. වහාම ඉහත ප්‍රකාශය කවර පදනමක් මත සිට කරන ලද්දක් ද යන්න පරීක්ෂණයක් සිදු කර ඊට එරෙහිව නීතිමය කටයුතු කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.

මෙයට – විශ්වාසි,
ඒ. ඩෙස්මන් චතුරංග ද අල්විස්
කළමනාකරු,
ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් අංශය,
ස්වාධීන රූපවාහිනි සේවය.

පසුගිය ජනපතිවරණ සමයේ ජනපති අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේනගේ සම්බන්ධයෙන් සිරිසේන-චමිලා පෙම් පලහිලවුවක් පතුරුවා මහින්දගේ ලැබෙන්න තිබුන ඡන්ද වලටත් කෙළීය යකඩ හොරෙකු ලෙස ප්‍රසිද්ධ,පසුගිය රාජපක්ෂ සමයේ ස්වාධින රූපවාහිනිය හිගමනයට ඇද දැමු හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ(හොරට) සුදර්මන් රදලියගොඩට කලකට පසුව රාජ්‍ය නාලිකා සම්බන්ධයෙන් රුදාවක් හටගෙන තිබේන බව අප පසුගියදා අනාවරණය කළා.

එම පුවත කියවන්න…

http://lankanewsnetwork.org/archives/20304

ඒ අනුව යකඩ සුදා හෙවත් සුදර්මන් රදලියගොඩ ITN හී සිටින මෙලේ හසරක් බැරි කක්කුස්සි හොදන එවුන් යොදා ගනිමින් අටවාගෙන තිබේන ITN සුරකිමු යන පජාත සංවිධානය යොදා ගනිමින් පසුගියදා සමජ ජාල හරහා සමජගත කල පොස්ටුව පහත දැක්වේ.

 

Aug 22, 2019 – ජනාධිපතිවරණ සටන කෙසේ හෝ ජය ගනිමියි යැයි තරයේ අධිෂ්ඨාන කර සිටින මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පොහොට්ටු නඩය නැවතත් සිය ජරා ජීර්ණ තුප්පහි ජාතිවාදි දේශපාලනයට අවතීර්ණ වීමට තීරණය කොට තිබෙනවා.

මීට පෙර රටේ සුළු ජාතික ඡන්ද ඉතා වැදගත් ලෙසට සලකමින් ක්‍රියා කිරීමට මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුලෙන් පොහොට්ටු සාමාජිකයන්ට උපදෙස් ලැබී තිබුණද ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ව්‍යාපෘතියේ පළමු පියවර සිතූ තරම් ප්‍රතිඵල අත්කර නොදෙමින් අවසන් වීම ගෝඨා ප්‍රචාරණ ක්‍රියාවලිය අසාර්ථක බව එම ව්‍යාපෘතියේ විශේෂඥයන් විසින්ම පිළිගැනීම හරහා මේ වන විට නැවතත් ජාතිවාදය අවුස්සමින් හෝ ප්‍රචාරණ වැඩපිළිවෙළ ගොඩ දා ගැනීමට මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ උපදෙස් ලබා දෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

විශේෂයෙන්ම ගෝඨාභයගේජනාධිපති අපේක්ෂකත්වය එළි දැක්වීම සිදු වූ පොදුජන පෙරමුණේ සාංවත්සරික උළෙලෙන් පසුව දකුණේ ජනතාව ගෝඨා වෙනුවෙන් මරාගෙන මැරෙන මොරාල් නිර්මාණය කර ගනිමින් ගෝඨා රැල්ලක් නිර්මාණය කරනු ඇතැයි පොහොට්ටුවේ ප්‍රචාරක විශේෂඥ බලාපොරොත්තු වූවද ජනතාව තුළ පවා ගෝඨාභයට වැඩි පිළිගැනීමක් නොලැබුණු තැන මෙම තීරණය ගැනීමට රාජපක්ෂ වරුන් යොමු වී ඇති බවද පැහැදිළිය.

ඒ වෙනුවෙන් ගෝඨාභයට එරෙහිව උතුරේ විරෝධතාවයක් ගොඩ නැංවීමට පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානයක්කාර මහතාගේ මස්සිනා වන උතුරු පළාතේ හිටපු මහ ඇමති සී. වී විග්නේෂ්වරන් යොදා ගනිමින් ගෝඨා විරෝධි දෙමළ ජාතිවාදී ප්‍රකාශ සිදු කිරීමට සැළසුම් කොට ඇති අතර එහි පළමු පියවර ලෙස පසුගියදා හිටපු මහ අමාත්‍යවරයා හිරු හා දෙරණ යන රාජපක්ෂ වන්දිභට්ට මාධ්‍ය නාලිකා වෙත ප්‍රකාශයක් කරමින් සැබෑ දෙමළ ජාතිකයකු කිසිවිටෙකත් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය ලබා නොදෙන බවත් ඒ, ඔහු සිංහල බෞද්ධ රාජ්‍යයක් බිහිකිරීම වෙනුවෙන් පෙනී සිටින්නෙකු නිසා බවත් ප්‍රකාශ කිරීම සිදු විය.

විග්නේශ්වරන් ගෝඨාට එරෙහිව සහ ගෝඨාගේ “සිංහල බෞද්ධ රාජ්‍යය” සංකල්පය ඉහළින්ම අවධානයට ලක් කරමින් දෙරණ සහ හිරු මාධ්‍ය ආයතන වෙත ප්‍රකාශයක් ලබා දෙන්නේත් එම මාධ්‍ය ආයතන ඊට අදාළව තමන්ට දිය හැකි ඉහළම ප්‍රචාරණය මෙම සැළැස්මේ කොටසක් වන අතර ඒ හරහා දෙමළාට එරෙහි සිංහල වීරයා” ලෙස පෙනී සිටිමින් සිංහල ජනතාව ගෝඨා වෙත ආකර්ශනය කරගැනීම මෙහි උපක්‍රමය ලෙස ට සකස් කොට ඇත.

කෙසේවෙතත් මේසම්බන්ධයෙන් වැඩි මනාපයක් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ විසින් පළ කල නොමැති අතර මෙය තාවකාලික පියවරක් ලෙස දියත් කිරීමටත් ඉතාම ප්‍රවේශම් සහගතව තමන්ගේ ඇඟේ නොගාගෙන කිරීමටත් මහින්ද රාජපක්ෂ මහතා තරයේ උපදෙස් ලබා දී තිබෙනවා.

විග්නේෂ්වරන් හිටපු මහ ඇමතිවරයා විසින් ගෝඨාභය සඳහා ඇති විරෝධය දෙමළ ජනතාව වෙත නොපවසා හිරු සහ දෙරණ වැනි සිංහල මාධ්‍ය වෙත ලබා දීම විහිළුවක් වී ඇති බවත් උතුරේ ජනතාවට ගෝඨාභයට ඡන්දය නොදීමට විග්නේෂ්වරන්ගේ උපදෙස් අනවශ්‍ය බවත් ඒ සඳහා අවශ්‍ය තරම් හේතු පවතින බවත් උතුරේ දේශපාලන නායකයින් කිහිපදෙනෙක් සිය විරෝධය අක්වමින් ප්‍රකාශ කර සිටියා.

Published on: Aug 21, 2019– 2005 එවකට අමෙරිකානු පුරවැසියෙකු බවට පත්වී ලංකාවේ පුරවැසිකම අත්හැරි ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් ජනාධිපතිවරණයට ඡන්දය භාවිතා කිරීම සහ ඒ වෙනුවෙන් සිය නම ඡන්ද නාම ලේඛනයට ඇතුලත් කර ගැනීම බරපතළ මැතිවරණ අපරාධ ක්‍රියාවක් බවත් එයට එරෙහිව කඩිනම් සහ සාධාරණ පරික්ෂණයක් පවත්වන ලෙසත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටිනවා.

ශ්‍රි ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ලංකාවේ පුරවැසියෙකු නොවන පුද්ගලයෙකුට ජනාධිපතිවරණයකට හෝ ජනමත විචාරණයකට ඡන්දය භාවිතා කළ නොහැකි බවත් ජනාධිපතිවරණ පනත අනුව එය බරපතල අපරාධ වරදක් බවත් ඒ සඳහා අධිකරණ ඉදිරියේ දඬුවම් ලබා දීමට හැකියාව ඇති බවත් එම මධ්‍යස්ථානය පෙන්වා දෙනවා.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාව සිටි කාලයේ ඔහුගේ ජනපති බලය උපයෝගි කරගෙන රටේ නීතිය හා සාමය විනාශ කරමින් නීතිය බල්ලට දමමින් ක්‍රියා කළ බවට රාජපක්ෂ පවුලේ සියල්ලන්ටම පාහේ අඩු වැඩි වශයෙන් චෝදනා ඇති අතර ආරක්ෂක ලේකම්වරය ලෙස ක්‍රියා කළ අවධියේ සහ ඊට පෙර සිය වැඩිමහල් සොහොයුරාගේ ජනාධිපති පවර් එක ගැම්මට ගෙන නීතිය නැමීම නිසා ගෝඨාභය රාජපක්ෂ සිටින්නේ අනෙකුත් රාජපක්ෂවරුන්ට වඩා ඉද්‍ඉරියෙනි. ගෝඨාගේ නීති අවනතභාවයේ දිග පළල මනින්නට මේ ආකාරයෙන් හොර පාරෙන් ඡන්දය දැමීමම උදාහරණ සපයනු ඇත.

2005 වර්ෂයට වඩා අවුරුදු 14 පසු අද එනම් 2019 වර්ෂයේදි පවා කුලියට නිවසක සිටින පුද්ගලයෙකුට ඡන්දනාම ලේඛනයට නම දා ගැනීමට ග්‍රාමසේවක සහතියකයට අමතරව පොලිස් සහතිකයද අවශ්‍ය අතර නිවසක ජීවත් නොවන පුද්ගලයෙකුගේ නම ඡන්ද නාම ලේඛනයට ඇතුලත් කර ඇත්නම් එයට දහසක් හේතු ග්‍රාමසේවකට පැවසිය යුතුය. මේ සාමාන්‍ය පුද්ගලයෙකුට අදාළ වන නීතිය බවත් ගෝඨා වැනි නෙළුම් මලෙන් උපන් උසස් කුලයේ ප්‍රභූන්ට එය අදාළ නොවන බවත් පසක් වන්නේ රටේවත් නොසිටිය ගෝඨා ලංකාවේ ජාතික හැදුනුම්පතක් හෝ නොමැතිව හම්බන්තොට මුල්කිරිගල මැතිවරණ කොට්ඨාශය යටතේ වාර්ෂිකව ජන්දහිමි නාමලේඛනයේ සිය නම ලියාපදිංචි කරන තුරු එම ප්‍රදේශයේ ග්‍රාමසේවක මර නින්දේ පසු වී ඇති බැවිනි.

බොරු ජාතික හැඳුනුම්පතක්, අලුත් අංකයක්,ගමන් බලපත්‍රයක්.. අරන් බයිපාස් සැත්කමක් සඳහා සිංගප්පූරුවට ගිය දේශ්‍රපේමි ගෝඨාභය

ගෝඨාභය රාජපක්ෂ ලොස් ඇන්ජලීස් සිට ලංකාවට ආවේ 2005 සැප්තැම්බර් 04 වැනිදාය. ඒ වන විට ඔහු ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් නොවේ. 2003 ජනවාරි 31 වැනිදා, ඔහු උපතින්ම ගෙනා ශ්‍රී ලංකාවේ පුරවැසිකම අත්හැර තිබුණු නිසාය. ඒ ඔහු ඇමරිකානු පුරවැසියෙකු බවට පත්වීමෙනි. යම් පුද්ගලයකු වෙනත් රටක පුරවැසිකම ලබාගත් විට ඔහුගේ මුල් රටේ පුරවැසිකම ස්වයංක්‍රීයවම අවලංගු වේ. එකී වෙනත් රටේ පුරවැසියෙකු බවට පත් වේ. නැවතත් මුල් රටේ පුරවැසිකම ලැබෙන්නේ, එකී මුල් රටේ ද්විත්ව පුරවැසිකම විශේෂයෙන් ඉල්ලා ලබාගත හොත් පමණකි. නැතහොත්, දෙවැනි රටේ පුරවැසිකම අතහැර, ඒ බව මුල් රටට දන්වා නැවතත් මුල් රටේ පුරවැසිකම ඉල්ලා සිටියහොත් පමණි.

2003 ඇමෙරිකානු පුරවැසියෙකු බවට පත්වීමෙන් පසු ගෝඨාභය රාජපක්ෂ කිහිප වරක් ලංකාවට පැමිණ තිබේ. එහෙත් ඒ කිසි අවස්ථාවක ඔහු ද්විත්ව පුරවැසිභාවය සඳහා ඉල්ලුම් කළේ නැත. ඇමෙරිකානු පුරවැසිභාවයද තබාගෙන ලංකාවේ පුරවැසියකුටත් හිමි අයිතිවාසිකම් හා වරප්‍රසාද භුක්ති විඳීමට නම්, ඔහු ද්විත්ව පුරවැසිභාවය ලබාගෙන තිබිය යුතුය.

ඒ අතර, රාජපක්ෂ ඇමෙරිකානු පුරවැසියන් සඳහා ශ්‍රී ලංකාවෙන් පිරිනැමෙන ‘ඔන් අරයිවල් හොලිඩේ වීසා’ හෙවත් රටට පැමිණි විට වීසා ලබාගැනීමේ අවස්ථාව සඳහා වරප්‍රසාදලාභියෙක් වූයේය. ඔන් අරයිවල් වීසා පිරිනැමෙන්නේ සංචාරකයන් සඳහාය. එනම්, හුදෙක් සංචාරය කිරීම සඳහා පමණක්ම ලංකාවට පැමිණෙන පිරිසය. එවැනි වීසා එකක් ලබාගෙන වෙනත් කිසිම කටයුත්තක ලංකාව තුළදී නියැලීම නීතියෙන් වරදකි. ඒ වීසා ලැබෙන්නේද දින 30ක කාලයකට පමණි.‍

2005 සැප්තැම්බර් 04 වැනිදාත් ඔහු ලංකාවට ආවේ දින 30 ක් සඳහා සංචාරකයන්ට පමණක් ලැබෙන සංචාරක වීසාවක් ලබාගෙනය. ඒ අනුව ඔහුට ලංකාව තුළ කළ හැක්කේ සංචාරය පමණි.

එහෙත්, තමා අත්අඩංගුවට ගැනීමෙන් වළක්වාලන නියෝගයක් ඉල්ලමින් ඔහු 2005 දී ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමට අමුණා තිබූ දිවුරුම් ප්‍රකාශයේ, තමා ඇත්ත වශයෙන්ම 2005 සැප්තැම්බර් 04 වැනිදා ලංකාවට ආවේ ඇයි දැයි සඳහන් කර තිබේ. ඒ මෙසේය.

‘මා (දිවුරා) කියා සිටින්නේ, මගේ සහෝදරයා 2005 ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වී සිටීම නිසා, ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයට සහය දීමට මම ඇමෙරිකාවේ සිට ලංකාවට පැමිණි බවය.’

තමන්ගේ වචනවලටම අනුව, දින 30ක් සඳහා ගෝඨාභය රාජපක්ෂ වෙත ලැබී තිබෙන වීසා බලපත්‍රයේ කොන්දේසි ඔහු කඩකර තිබේ. සැකහැර ගැනීම සඳහා කියතොත්, වීසා නීතිවල දැක්වෙන්නේ, ‘ නිවාඩුවක් ගත කිරීම සඳහා නොවන වෙනත් කාර්යයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන්නෙකු පූර්ව අයදුමක් කර වීසා ලබාගත යුතු බව” ය. ඒ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් හෝ කොන්සියුලේට් කාර්යාලයෙනි.

යම් පුද්ගලයෙකු වීසා කොන්දේසි කඩකරමින් ශ්‍රී ලංකාවට ඇතුළු වන්නේ නම් හෝ නැවතී සිට්න්නේ නම් ඔහු ආගමන විගමන පනතේ 45(1) (ඒ) වගන්තිය උල්ලංගනය කරන අතර, වරදකරුවකු වන විට අවුරුදු 1 සිට 5 දක්වා කාලයක් සඳහා සිරදඬුවම් නියම කළ හැකිය.ඒ අතර, 2005 ජනාධිපතිවරණයේදී භාවිතා කළ ඡන්දදායක ලැයිස්තු සඳහා ශ්‍රී ලාංකික පුරවැසියෙකු නොවන ඔහුගේ නම ඇතුළත් වූයේ කෙසේද යන්න ද ප්‍රශ්නයකි.

2005 ඡන්දදායක ලැයිස්තුව නිරීක්ෂණය කරන විට පෙනී යන්නේ, මුල්කිරිගල ආසනයේ මැදමුලන ඡන්ද කොට්ඨාසයේ ඔවුන්ගේ ලිපිනයෙහි එක් ඡන්දදායකයකු වශයෙන් ඔහු ලියාපදිංචි වි ඇති බවයි. එහෙත්, ඔහු ඒ වන විට ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් නොවේ. ඡන්දදායකයකු වීමට නම් අනිවාර්යයෙන්ම ඔහු හෝ ඇය ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු විය යුතු බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නියම කරයි.

මැදමුලන නිවසේ ඡන්දදායකයකු ලෙස ලියාපදිංචි වී ඇති තවත් කෙනකු නම් අයෝමා උදේනි රාජපක්ෂ (අංක 130) හෙවත් ගෝඨාභය රාජපක්ෂගේ බිරිඳයි. ඇයට ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාය ලැබෙන්නේ 2006 පෙබරවාරි 09 වැනිදාය. ඒ වන විට ඇගේ ස්වාමි පුරුෂයා වන ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාය. ඇගේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ සහතිකයට අත්සන් කර තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂය.
දැන් ප්‍රශ්නය මෙයයි. 2006 පෙබරවාරි 09 වැනිදා, ද්විත්ව පුරවැසිභාවය ලබාගත් අයෝමා රාජපක්ෂ, 2005 මුල්කිරිගල ආසනයේ ඡන්ද ලැයිස්තුවේ ඉන්නේ කොහොමද යන්නයි. ඒ වන විට ඇය ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් නොවේ.

මේ අනුව බලන කල එම නිවසේ ගෘහ මූලිකයා ලෙස පෙනෙන චමල් ජයන්ත රාජපක්ෂ , සිය නිවසේ සිටින, ඡන්දය පාවිච්චි කිරීමට හැකියාව ඇති අය ලෙසට, එවැනි හැකියාවක් නැති අයද ලැයිස්තුගත කිරීමෙන් ලංකාවේ ඡන්ද නීතිය උල්ලංඝනය කර තිබේ. සාමාන්‍යයෙන් ගෘහ මූලිකයා විසින් පුරවන ඡන්ද ලැයිස්තුවේ අවසානයේ ගෘහ මූලිකයා අත්සන් කරන්නේ, අසත්‍ය හා වැරදි කිසිවක් තමා මේ පෝරමය පිරවීමේදී නොකී බවට සහතික කරමිනි. දැන් රාජපක්ෂවරුන් සිය නිවසේ සිටම ඡන්ද නීති කඩකර ඇති බව පෙනෙයි.රට හදන්නට බලය ඉල්ලන්නේ තමන් වසන නිවසේ සිටම නීතිය කඩමින්, එය බල්ලාට දමමින් ජීවත්වන පිරිසක් බව පෙනේ.

වීසා කොන්දේසි ඒ වන විටත් කඩකර තිබුණත්, තමා ලංකාවට පැමිණ සිටින්නේ සංචාරක වීසා ලබාගෙන දින 30ක කාලයකට පමණක් අවසර ඇතිව බව හොඳින්ම දන්නා ගෝඨාභය රාජපක්ෂ සහෝදරයාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ නොනැවතී නියැලී සිටියත්, එම දින 30 ඉක්ම යෑමට පෙර, එනම් හරියටම 30වැනි දිනයේ එනම් 2005 ඔක්කෝබර් 04 වැනිදා, ලංකාවෙන් ඉන්දියාවට පිටත්ව යන්නේය. ඒ දිගු කාලයකට නොවේ.

ඉන්දියාවට ගොස් දිනකට පසු, එනම් ඔක්තෝබර් 06 වැනිදා ඔහු නැවතත් ලංකාවට එයි. ඔක්තෝබර් 07 වැනිදා, ජනාධිපතිවරණය සඳහා මහින්ද රාජපක්ෂ නාමයෝජනා භාරදුන් දිනයයි. කාලය අපතේ නොයවාම ඔහු යළිත් (වීසා කොන්දේසි කඩකරමින්) සිය වැඩිමල් සහෝදරයාගේ මැතිවරණ ව්‍යාපාරයට එක්වන්නේය. මේ සමග පළවෙන, 2005 ඔක්තෝබර් 07 වැනිදා, මහින්ද රාජපක්ෂ නාමයෝජනා දුන් පසු පැවැත්වුණු දේශපාලන රැලියක ගෝඨාභය රාජපක්ෂ මහතා සිටිනු පෙනෙයි.

නොවැම්බර් 17 වැනිදා පැවති ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා ජයගත්තේය. 18 වැනිදා ඔහු ජනාධිපතිධූරයේ දිවුරුම් දුන්නේය. ඒ වනතුරුම ගෝඨාභය රාජපක්ෂ මහතා ද්විත්ව පුරවැසිභාවය සඳහා ඉල්ලුම් කළේ නැත. ‘සන්ඩේ ඔබ්සර්වර්’ පුවත්පත විමර්ශනය කළ පරිදි, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ‘ද්විත්ව පුරවැසියන්ගේ ලියාපදිංචි ලේඛනය’ අනුව හා ඊට අදාළ පරිගණක දත්ත අනුව, ඔහු ද්විත්ව පුරවැසිභාවය සඳහා ඉල්ලුම් කරන්නේ නොවැම්බර් 18 වැනිදාය. එදින සිකුරාදා දවසකි. 19, 20 සති අන්තයයි. 21වැනි සඳුදාම ද්විත්ව පුරවැසිභාවය සඳහා අවශ්‍ය මුදල් ඔහු තැන්පත් කරයි.

2005 වන විට ද්විත්ව පුරවැසිභාවය සඳහා කළ ඉල්ලීම් හා ලිපිගොනු තිබුණේ, බම්බලපිටියේ ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලයේය. ඒ ඉල්ලීම් සමග විවිධ ලේඛන ඉදිරිපත් කළ යුතුය. එනම්, අධ්‍යාපන සුදුසුකම් සනාථ කළ හැකි ලියවිලි, උපත් හා විවාහ ලියාපදිංචි කිරීමේ සහතික, ලංකාව තුළ යම් දේපළක් අයිති බවට වූ සහතික හෝ විදේශ මුදල් හා දිවුරුම් සහතිකයකි. මේ ලේඛන සලකා බැලීමෙන් පසු පොලිසියෙන් හා බුද්ධි අංශ වෙතින් නිෂ්කාෂණ වාර්තා ලබාගැනේ. එම නිෂ්කාෂණ වාර්තා අමාත්‍යංශ නිලධාරීන් විසින් විමර්ශනය කෙරෙන අතර, දීර්ඝ ක්‍රියාවලියකට පසුව, අමාත්‍යංශය විසින්, ද්විත්ව පුරවැසිභාවය ලබාදිය යුතුද නැද්ද යන්න ගැන තීරණය කෙරේ.

එහෙත් ගෝඨාභය රාජපක්ෂ ද්විත්ව පුරවැසිභාවය ලබා ගැනීමේ අත්දැකීම මේ සාමාන්‍ය ක්‍රියාවලියෙන් සම්පූර්ණයෙන්ම පිට පැන සිදුවුණකි. සන්ඩේ ඔබ්සර්වර්, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ කරන ලද ඉල්ලීමකින් දැනගන්නට ලැබුණේ, ගෝඨාභය රාජපක්ෂගේ ද්විත්ව පුරවැසිභාවය අයදුම් කිරීමට අදාළ ලිපිගොනු දෙපාර්තමේන්තු භාරයේ නොපවතින බවයි.

දෙපාර්තමේන්තු නිලධාරියෙකු ඊට හේතුව හැටියට පැවසූවේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ කටයුතු අමාත්‍යංශ මට්ටමෙන් සිදුවීමයි. එහෙත්, සන්ඩේ ඔබ්සර්වර් ස්වාධීනව කළ සොයාබැලීමකින් තහවුරු කරගෙන ඇත්තේ, බොහෝ ද්විත්ව පුරවැසියන්ගේ ලිපිගොනු, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සුරක්ෂිතව තිබෙන බවයි. කොච්චර ද කියනවානම්, ගෝඨාභය රාජපක්ෂගේ බිරිඳ අයෝමා රාජපක්ෂගේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ ලිපිගොනුවද එහි සුරක්ෂිතව තිබුණි.

නිසි ලෙස අදාළ ලිපිගොනු නඩත්තු නොකරන තත්වයක් යටතේ, මේ ගැන සොයාබැලීමට ඇත්තේ මූලාශ්‍ර දෙකකි. එකක් නම්, ආගමන විගමන දෙපාර්තමේන්තුව පවත්වාගෙන යන ද්විත්ව පුරවැසියන් ලියාපදිංචි කිරීමේ ලේඛනයයි. දෙවැන්න ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක දත්තයි. මේ මූලාශ්‍ර දෙකටම අනුව, ගෝඨාභය රාජපක්ෂගේ ද්විත්ව පුරවැසි අයැදුම එක වැඩකරන දිනකට පසුව, එනම් නොවැම්බර් 21වැනිදා, සඳුදා පිළිගෙන තිබේ. එහෙත්, ඒ, ඊට පෙර 2005 ජූනි මාසයේ සිට ද්විත්ව පුරවැසිභාය සඳහා කර තිබුණු ඉල්ලීම් පෝලිමේ පස්සට දමමිනි.

සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතට ද්විත්ව පුරවැසියන් ලියාපදිංචි කිරීමේ ලේඛනය දකින්නට ලැබිණ. එහි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අයැදුමට අදාළ කොටසේ යම් වෙනස්කම් කළ බවට ලකුණු දකින්නට ලැබිණ. ඔහුගේ උපන්දිනයට අදාළ කොටුව තිබුණේ හිස්ව ය. ඒවගේම බොඳවුණු සලකුණු සහිතවය. ඔහුගේ ‘අයැදුම් පත්‍රයේ අංකයට’ අදාළ කොටුව තුළ, වෙනත් පෑනකින් යළිත් උඩින් ලියා තිබිණ. ඒ වගේම කෙටි අත්සන හා නිලධාරියාගේ සටහන් සඳහා ඇති කොටුව ද වෙනස්කම්වලට භාජනය කොට තිබිණ.

ද්විත්ව පුරවැසිභාවය සඳහා ඉල්ලුම් පත්‍රය, සහායක ලිපිලේඛන, ආරක්ෂක නිෂ්කාෂණ වාර්තා, සහතිකවල පිටපත් ඇතුළත් ලිපිගොනුව අතුරුදහන්ව ඇති තත්වයක් යටතේ, ගෝඨාභය රාජපක්ෂට ද්විත්ව පුරවැසිභාවය ප්‍රධානය කළ බවට ඇති එකම සාක්ෂිය වන ලියාපදිංචි ලේඛනයේ මේ සැකසහිත සටහන් සහ පරිගණක දත්ත පැහැදිළි කරන්නේ, ද්විත්ව පුරවැසිභාවය සඳහා වූ අයැදුම්පත පිළිගෙන ඇත්තේ, 2005 නොවැම්බර් 30වැනිදා බවයි.
ගෝඨාභය රාජපක්ෂ මහතාට ද්විත්ව පුරවැසිභාවය ප්‍රධානය කැරුණු 2005 නොවැම්බර් 24 වැනිදා වන විටත් ඔහු ආරක්ෂක, මහජන ආරක්ෂාව, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය සඳහා ලේකම්වරයා ලෙස පත්කර තිබුණි. එනම් 2005 නොවැම්බර් 04 වැනිදා, ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් නිකුත් කරන ලද අති විශේෂ ගැසට් පත්‍රයට අනුව ගෝඨාභය රාජපක්ෂ ඉහත කී අමාත්‍යංශයේ ලේකම්ධූරයට පත් කෙරිණ. ආගමන විගමන දෙපාර්තමේන්තුව සහ ‘විදේශිකයන් ඇතුළු වීම පාලනය කිරීම හා නීතිවිරෝධී ආගමනයන් පාලනය කිරීම’ ද ඇතුළත් පුරවැසිභාවය පිළිබඳ විෂය ඔහුගේ අමාත්‍යංශය යටතට පත්කර තිබිණි.

නොවැම්බර් 24 වැනිදා, ඒ වන විටත් ඇමරිකානු පුරවැසියෙකු පමණක් වූ ගෝඨාභය අමාත්‍යංශ ලේඛම්ධූරයට පත්වී දින 6කට පසුවය, ඔහුට ඇමෙරිකාවේ සහ ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසි තත්වය ලැබෙන්නේ. ඒ ඔහුගේ අමාත්‍යංශය යටතේම වූ දෙපාර්තමේන්තුවක් විසිනි. එය, 2005 දෙසැම්ර් 20වැනි දින ඔහු ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා හැටියට ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රය ලබාගන්නා විටද, ‘දරන්නා ද්විත්ව පුරවැසියෙකි’ යන සටහන ලැබීමට උදවුවෙයි.

ද්විත්ව පුරවැසියන් ගමන් බලපත්‍රයක් අයැදුම් කරන විට, අයැදුම්කරු සිය ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ සහතිකය ඉදිරිපත් කිරීම අවශ්‍ය වෙයි. එහෙත් ගෝඨාභය රාජපක්ෂ මහතා ගමන් බලපත්‍ර 5ක්ම ලබා ගනිද්දීත් (ඉන් තුනක් රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍ර වන අතර දෙකක් සාමාන්‍ය ගමන්බලපත්‍රය.) කිසිම අවස්ථාවක ඔහු ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ සහතිකය ඉදිරිපත් කළ බවට දෙපාර්තමේන්තුව සතු ලිපිගොනුවල කිසිම සාක්ෂියක් නැත. ඒ හැම අවස්ථාවකම ජ්‍යෙෂ්ඨ ආගමන නිලධාරියෙකු ඔහුගේ අයැදුම්පතේ ඒ වන විටත් ඔහු ද්විත්ව පුරවැසියෙකු බවට සටහන් යොදා ඇත.

ඔහුගේ 2009 රාජ්‍යතාන්ත්‍රික ගුවන්ගමන් බලපත්‍රය පෙන්වන්නේ, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සියලුම නීති ගෝඨාභය රාජපක්ෂට වාසි වන ආකාරයට කෙතරම් හැසිරවීද යන්නයි. ඒ වනවිට, ගමන් බලපත්‍රවල ඉල්ලුම්කරුවන්, ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරියෙකුගෙන් චරිත සහතිකයක් ලබාගෙන ආගමන විගමන පාලක ජෙනරාල් වෙත ඉදිරිපත් කළ යුතුව තිබුණු අතර, ඔහු ඉදිරියේ තමාගේ අයැදුම්පත අත්සන් කළ යුතුවද තිබුණි.

2009 රාජපක්ෂ සිය දෙවැනි රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍රය ඉල්ලුම්කරන විට ආගමන විගමන පාලක ජෙනරාල් වූයේ පී.බී. අබේකෝන් මහතාය. (ජනාධිපති සිරිසේන පත්වුණු විගස ජනාධිපති ලේකම් වුණේ ඔහුය) ගෝඨාභය චරිත සහතිකයක් නැතිවම තම ඉල්ලුම්පත්‍රය ඉදිරිපත් කළ අතර, ඊට අදාළ අයැදුම්පතේ කොටස, ‘රාජපක්ෂ මහතා තම අවුරුදු දහයක් තිස්සේ පටන් අඳුනන බව’ ට සටහන් කරමින් පුරවන ලද්දේ අබේකෝන් මහතා විසින්මය.

මේ ආකාරයට බලනවිට, ඔහුගේ ගුවන්ගමන් බලපත්‍ර ඉල්ලීම්, ඔහුගේම සුවිශේෂ වරප්‍රසාදිත පවුලේ අනෙක් සාමාජිකයන්ට පවා වෙනස් බව පෙනේ. ඔහුගේ බිරිඳ අයෝමා උදේනි රාජපක්ෂ සිය ද්විත්ව පුරවැසිභාවය ලබාගත්තේ සාමාන්‍ය නීතිය යටතේය. 2006දී ඉදිරිපත් කරන ලද ඇගේ ඉල්ලුම්පත්‍රය, ඊට සහයක ලේඛන සහ ඇගේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ සහතිකයේ පිටපතක් අදාළ ලිපිගොනුවේ සුරැකිව තිබේ.

ඇය ශ්‍රී ලංකා ගමන්බලපත්‍රයක් ලබා ගැනීමට අයැදුම් කළ සෑම අවස්ථාවකදීම, සිය ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ සහතිකය ඉදිරිපත් කර තිබේ. පසු දිනයකදී ද්විත්ව පුරවැසිභාවය ලබාගත් බැසිල් රාජපක්ෂද එසේය. ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ අයැදුම්පත්‍රය අතුරුදන් වී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂගේ පමණකි.

පසුගිය දිනවල තම පුරවැසිභාවය අත්හැරීම ගැන විවිධ සහතික ඉදිරිපත් වුණු අවස්ථාවෙහි, ගෝඨාභය රාජපක්ෂ මාධ්‍යවලට කීවේ, තමා තවදුරටත් ද්විත්ව පුරවැසියෙකු නොවන බවටත්, මේ අවුරුද්දේ මැයි මාසයේ අලුත් ශ්‍රී ලංකා ගමන්බලපත්‍රයක් ලබාගත් බවත්ය. මේ ප්‍රකාශය ආගමන විගමන දෙපාර්තමේන්තුව තුළත්, ස්වදේශ කටයුතු අමාත්‍යංශය තුළත් විමතියක් ඇති කිරීමට හේතුවී තිබේ. ද්විත්ව පුරවැසියෙකු හැටියට සිටියදී එවැනි ගමන් බලපත්‍රයක් තමන්ගේ නහය යටින් රිංගා ගොස් ලබාගෙන ඇත්තේ කෙසේදැයි ආගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීහු කල්පානා කරති.

ආගමන නිලධාරීන්ට අනුව, ලංකාවේ සාමාන්‍ය පුරවැසියන් බවට පත්වීමට බලාපොරොත්තු වන ද්විත්ව පුරවැසියන්, ඒ සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු භාර ඇමතිවරයාට (දැන් වජිර අබේවර්ධන) ඉල්ලීමක් ඉදිරිපත් කළ යුතුය. පිටරටක පුරවැසිභාවය අත්හළ යම් ඉල්ලුම්කරුවකුට ලංකාවේ පුරවැසිභාවය ප්‍රධානය කරනවාදැයි යන්න පිළිබඳ ඇමති විසින් සලකා බැලෙන්නේ පැහැදිළි මහජන ප්‍රතිපත්තියක් මතය.එහෙත්, ඇමතිවරයාට එවැනි ඉල්ලීමක් ගෝඨාභය විසින් තවමත් කර ඇති බවට කිසිම සාක්ෂියක් නැත.

මේ සම්බන්ධයෙන්ද ෂෝට්කට් එකක් සොයාගැනීමට ගෝඨාභය රාජපක්ෂ සමත් වී තිබේ. තමාගේ පැරණි ජාතික හැඳුනුම්පතෙන් ඔහු එම ගමන්බලපත්‍රය සඳහා ඉල්ලීම කළේනම්, ගමන්බලපත්‍ර පාලක පරිගණක පද්ධතිය ඔහු ද්විත්ව පුරවැසියෙකු බව හඳුනා ගන්නවා ඇත. ඒවගේම ඔහුගේ ගමන්බලපත්‍රය ත්‍රීපුද්ගල විශේෂ මහාධිකරණය විසින් සිය භාරයට ගෙන ඇති බව එහි දැක්වෙනවා ඇත. (ඩී.ඒ.රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීමට මහජන මුදල් භවිත කළේය යන්න චෝදනාව මත එම විශේෂ මහාධිකරණය ඔහුට විරුද්ධව නඩුවක් විභාග කරන අතර, ගමන බලපත්‍රය එම අධිකරණය භාරයේ පවතී.)

ගෝඨාභය රාජපක්ෂ අලුත් ජාතික හැඳුනුම්පතක් ලබා ගත්තේය. එහි ඇත්තේ අලුත් අංකයකි. ඒ නිසා, එම හැඳුනුම්පත් අංකය සමග ඔහුගේ පරන ඉතිහාසය ඈඳෙන්නේ නැත. එම ජාතික හැඳුනුම්පත යොදා ලබාගත් ගමන් බලපත්‍රයෙනි ඔහු බයිපාස් සැත්කමක් සඳහා සිංගප්පූරුවට යන්නේ.

ආගමන විමර්ශකයන් සැකකරන්නේ, ගෝඨාභය රාජපක්ෂ නීතියට පිටින් ගත් ගමන් බලපත්‍රය ලබාගෙන ඇත්තේ දේශපාලන බලපෑමකින් විය හැකි බවයි. සිය ඇමෙරිකානු පුරවැසිභාය අත්හැරීමට ප්‍රථම ඔහුට ශ්‍රී ලංකා පුරවැසිභාවය ලබාගත හැකි වන්නේ ඒ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම ඇමතිවරයාගේ තීරණය මත රඳාපවතින නිසාය. ඇමතිවරයාගේ අභිමතය අවශ්‍ය වන අනෙක් අවස්ථාවලදී මෙන් නොව, මේ අවස්ථාවේදී ද්විත්ව පුරවැසිභාවය ලබාදීම හෝ ඉවත්කිරීම, හෝ පුරවැසිභාවය ආරම්භ කිරීම සම්බන්ධයෙන් විෂයභාර ඇමතිවරයාගේ අභිමතය ගැන අධිකරණය ඉදිරියේ අභියෝග කිරීම ඉතාම දුෂ්කර කාර්යයකි. හේතුව, පුරවැසිභාවය පිළිබඳ පනතෙන්, ඇමතිවරයාගේ මේ තීරණය, අවසානාත්මක හා කිසිම අධිකරණයකදී ප්‍රශ්න කළ නොහැකි යැයි සඳහන් වන නිසාය.

මේ විස්තර අපට පැහැදිළි කරන්නේ තමන්ට වුවමනා විදිහට නීතිය නවමින් පුරවැසිභාවය පිළිබඳ ජිමික් දමමින් ගෝඨාභය රාජපක්ෂ රට රවටන බව නොවේද?

Published on: Aug 20, 2019 – 37 වසරක ඉතිහාසයේ ජාතික රූපවාහිනිය (SLRC)විනාශ මුඛයටම රෑගෙන ගිය සභාපතිනි ඉනෝකා සත්‍යාංගනී සහ අසාර්ථක පාලනය මේ වනවිට රටේ ජනාධිපතිවරයාගේ නම පවා හරියට කියවා ගත නොහැකි අම්බරුවන් ප්‍රවෘත්ති නිවේදිකාවන් ලෙස බදවාගෙන තිබේන බව වාර්තා වේ.

රූපවාහිනි ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන ප්‍රවෘත්ති සම්බන්ධ මෙලෝහසරක් නොදන්නේ නීලාර් එන් කාසිම් තමන්ගේ හුරතලියක ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස බදවාගෙන තිබේන අතර ඇය ඊයේ (19) රෑපවාහිනියේ  1.55 ප්‍රවෘත්ති විකාශයේදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නම ජනාධිපති මෛත්‍රීපාල සිල්වා මහතා යනුවෙන් සදහන් කර තිබේන අතර එය ඇය විසින් නිවැරැදි කිරිමටද උත්සාහ කර නෑ.

මිට දින කිහිපයකදි ඇය කාසිම් විසින් රූපවාහිනියට කැදවාගෙන ඇවිත් ඇති අතර ඇයට අවශ්‍ය පුහුණුවක්ද ලබාදිමට රූපවාහිනිය තුලදි කටයුතු කර නැති බවයි ප්‍රවෘත්ති අංශයට සම්බන්ධ මාධ්‍ය සේවකයන් අප විශේෂ නියෝජිත හමුවේ සදහන් කර ඇත්තේ.ඇය මුස්ලිම් තරුණියක වන අතර කිසිදු පුහුණුවකින් තොරව ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස ඉදිරිපත් කිරිම මෙම වරදට හේතුව වි තිබේ.මේ සම්බන්ධයෙන් අදාල නිෂ්පාදකයන් පාලනාධිකාරියට දැනුම් දුන්නද ඒ සම්බන්ධයෙන් කිසිදු පියවක් නොගෙන අදාල දර්ශ්ණ පවා මකා දැමිමට කටයුතු කරමින් සිටින බවද වාර්තා වේ.(Facebook මගින් එක්කල විඩියෝව පහතින් දැක්වේ … දර්ශණය නොවේ නම් පහතින් නරඹන්න… )

Loading…

සිය දුර්වල පාලනය හේතුවෙන් ජාතික රූපවාහිනිය විනාශ මුඛයට ක්‍රමයෙන් ඇද දමමින් සිටින ජාතික රූපවාහිනියේ සභාපතිනි ඉනෝකා සත්‍යාංගනී හට සිය ගෞරවය රැකගෙන ඉල්ලා අස් වෙන ලෙස ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා ඉල්ලා සිටි අතර එයට එරෙහි වෙමින් සිරිසේන ජනාධිපතිවරයාට මානසික අල්ලස් දුන් ඉනෝකා තවම්ත් සිය තනතුරේ රැදී සිටි.

ජාතික රූපවාහිනිය වෙත ලිපියක් යොමු කරමින් අමාත්‍යවරයා පවසා සිටින්නේ 2019 ජූනි මස 26 වෙනි දින ජාතික රූපවාහිනියේ සිදු කළ නිල සංචාරයේදි ඉනෝකාගේ පාලනය විසින් ජාතික රූපවාහිනිය වෙත කර ඇති ව්‍යසනය පිළිබඳව තමා කම්පා වූ බවත් සංචාරයෙන් පසුව ඇය විසින් නිදහසට කරුණු දක්වා ඉදිරිපත් කළ ලිපිය මගින් එම කළකිරීම උග්‍ර වූ බවත් ය.

මීට පෙර අප විසින් අනාවරණය කළ පරිදි 37 වසරක ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ සේවකයින්ට මැයි මාසය වෙනුවෙන් ලැබිය යුතු වැටුප අහිමි වුණා.පසුගිය 24 වැනි දින සේවක වැටුප් ගෙවිය යුතු වුවද රූපවාහිනී සංස්ථාව මුහුණ දී ඇති දරුණු මූල්‍ය අර්බුදය හමුවේ වැටුප ගෙවීමට පාලනාධිකාරියට හැකි වී නැත. අවසන් වරට රූපවාහිණි සේවකයින්ට වැටුප් ගෙවා ඇත්තේ පසුගිය අප්‍රේල් මාසයේ 11 වන දාය. සාමාන්‍යෙයන් මැයි මස වැටුප මැයි මාසයේ 20 දා වනවිට බොහෝ රාජ්‍ය ආයතනවල ගෙවනු ලබන නමුත් රූපවාහිනී සංස්ථාවේ වැටුප් ගෙවන දිනය ලෙස 24 යොදා ඇති අතර අදාල දින වැටුප් ගෙවීමට සභාපතිණිය හෝ අධ්‍යක්ෂ ජනරාල් සමත් වී නැත.

මීට අමතරව අමාත්‍යවරයා විසින් එවන්නට යෙදුණු ලිපියෙන් අනාවරණය වූයේ සිරිත් පරිදි රූපවාහිනිය මගින් අප්‍රේල් මාසයේදි ලබා දෙන රෙදි පිලි ණය වන රුපියල් 20000ද මේ වසරේ ලබා දීමට රූපවාහිනි පරිපාලනය අසමත්ව ඇති බවයි.

මේ හේතුවෙන් සේවකයින් 1000ක් පමණ දැඩි දුෂ්කරතාවයට පත්ව අසරණව සිටිති. සේවකයින් තමන් පුද්ගලිකව ගෙවීමට ඇති ණය මුදල් අදාල බැංකු වෙත ගෙවීමට නොහැකි වීම හේතුවෙන් ඔවුන් තව තවත් අසරණව ඇති බව ඔවූහු පවසති.

ජාතික රූපවාහිනිය දරුණු බිද වැටීමකට ලක්ව වැටුප් ගෙවා ගැනීමට නොහැකි වන තැනට පත්වන බව මීට වසරකට පමණ පෙර සිට එම ආයතනයේ වෘත්තීය සමිති එකමුතුව විසින් පාලනාධිකාරිය වෙත දිගින් දිගටම කරුණු පෙන්වා දුන් බව මේ පිළිබඳව අදහස් දැක්වු එහි වෘත්තීය සමිති එකමුතුවේ ප්‍රකාශකයෙකු සදහන් කළේය.

Published on: Aug 19, 2019 -එළඹෙන ජනාධිපතිවරණයේදී ජ යග්‍රහණයකලහැකි අපේක්ෂකයන් දෙදෙනා වන්නේ සජිත් ප්‍රේමදාස සහ ගෝඨාභය රාජපක්ෂ බවට ගෙනගිය සමීක්ෂණ වාර්තා සියල්ලම අසත්‍ය මෙන්න බොරු තොරතුරු මත පදනම්ව සකස්කල එවා බව මේ වනවිට තහවුරු වි තිබේ.

රටේ පිළිගත් පේරාපෙණිය විශ්ව විද්‍යාලයේ සමීක්‍ෂක කණ්ඩායමක් විසින් ජනපති අපපක්ෂකයන් පිළිබඳ ඡන්ද දායක ආකල්ප විමසීම සඳහා කරනු ලැබු මත විමසීමට අනුව කලාප 7ක ඉදිරියෙන් සිටිමින් ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරිමට වත්මන් එජාප උප නායක කරු ජයසුරියට හැකියාව ලැබි තිබේ.

ගෝඨාභය,කරු සහ අනුර අතර සටනින් ජය කාටද?

ගෝඨාභය,සජිත්,අනුර සටනින් සජිත් කූජිත වන අයුරු….

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සමීක්ෂණ කණ්ඩායමක් විසින් ඡන්දදායක ආකල්ප පිළිබඳව කරනු ලැබූ මත විමසුමකදි ගෝඨාභය රාජපක්ෂ පරාජය කිරීමට සජිත් ප්‍රේමදාස හට නොහැකි බවත් ඒ සඳහා හැකියාව ඇත්තේ කරු ජයසූරියට බවත් අනාවරණය කොට ගෙන තිබෙනවා.

මේ මත විමසීමේ මූලික අරමුණ වූයේ දැනට පත් කර ඇති හෝ පත් කරනු ඇතැයි විශ්වාස කරන ප්‍රධාන පක්ෂ තුනේ එනම් එක්සත් ජාතික පක්ෂය, ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හා ජනතා විමුක්ති පෙරමුණ යන කණ්ඩායම් වලට අයත් අපේක්ෂකයන්ගේ ජනප්‍රියත්වය පිළිබඳව අදහසක් ලබා ගැනීමයි.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය තවම අපේක්ෂකයෙකු නම් කොට නොමැති වුවත් පත් කිරීමට හැකි බවට වඩා වැඩි ප්‍රවනතාවයක් හිමි අපේක්ෂකයන් දෙදෙනා මේ සඳහා තෝරා ගෙන ඇත. ඒ අනුව තෝරා ගත් අපේක්ෂකයක් වන්නේ,

  1. ගෝඨාභය රාජපක්ෂ
  2. අනුරකුමාර දිසානායක
  3. සජිත් ප්‍රේමදාස
  4. කරු ජයසූරිය

එසේම මෙම සමීක්ෂණය සඳහා ප්‍රධාන වශයෙන් ම උපකල්පන කිහිපයක්ද උපයෝගි කරගෙන ඇත. එනම්

සමීක්ෂණය සඳහා අරමුණු නියැදියක් තෝරා ගෙන ඇති අතර සමාජ, ආර්ථික සහ ජනවාර්ගික වෙනසක් හා ප්‍රාදේශිය මට්ටමේ වැදගත් බේදීම් පදනම් කරගෙන නියදි ස්තර සකස් කොට ගෙන ඇත. එම නියැදි ස්ථර ලෙසට කොළඹ මහනගර ප්‍රදේශය, කොළඹ වෘත්තිය කලාපය, මහනුවර, ගම්පහ, ගාල්ල යන අතිරේක නාගරික ප්‍රභේද තුන, ග්‍රාමිය සහ බෞද්ධ කලාපයන් ( ගම්පහ, කෑගල්ල, උතුරුමැද, වයඹ සහ දකුණ බෞද්ධ ජනයා ජීවත්වන ප්‍රදේශ), මොණරාගල, හම්බන්තොට, වයඹ පළාත් වල ඇති අති දුෂ්කර ප්‍රදේශ, උතුරු නැගෙනහිර දෙමළ ජනයා බහුල ප්‍රදේශ, උතුරු නැගෙනහිර මුස්ලිම් ජනයා බහුල ප්‍රදේශ, ක්‍රිස්තියානි ජනයා බහුල වශයෙන් ඇති ප්‍රදේශ තෝරා ගෙන ඇත.

මෙම සමීක්ෂණයේදි ප්‍රධාන වශයෙන් වැදගත් නිගමන කිහිපයකට එළඹීමට හැකියාව ලැබී ඇති අතර ඉන් ප්‍රධාන වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජය කිරීමට සජිත් ප්‍රේමදාස මහතාට නොහැකි බවත් එම හැකියාව ඇත්තේ කරූ ජයසූරිය මහතාට බවත් ය. ගෝඨාභය රාජපක්ෂ හා කරු ජයසූරිය අතර තරගයේදි කරු ජයසූරිය කලාප 7 ඉදිරියෙන් සිටින අතර, ගෝඨාභය රාජපක්ෂ හා සජිත් ප්‍රේමදාස අතර සටනේදි සජිත් ඉදිරියෙන් සිටින්නේ කලාප 4 කදි පමණක් වන අතර එහි ඡන්ද ප්‍රතිශතයද කරූ විසින් ලබා ගත් ඡන්ද ප්‍රතිශතයට වඩා අඩුය.

එසේම නාගරික ප්‍රදේශ වල සජිත් ප්‍රේමදාස වෙත ඇත්තේ අඩු ආකර්ශනයක් වන අතර ඔහු ගෝඨාභය රාජපක්ෂ හට පරාජය වීමට එයද හේතුවක් වී ඇත.

පසුගිය මැතිවරණයේදි මහින්ද රාජපක්ෂ වෙත වාසි දායක වූ සිංහල බෞද්ධ පදනමේ දි කරු ජයසූරිය මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාට වඩා වැඩියෙ තරගකාරීත්වය ලබා ගෙන ඇති අතර ගෝඨාභය ට වඩා ඉදිරියෙන් සිටි. රනිල් වික්‍රමසිංහ මහතාට නොමැති සිංහල බෞද්ධ ප්‍රතිරූපයක් කරූ ජයසුරිය මහතාට තීබීම එයට හේතුව වේ.

එසේම අනුර කුමාර දිසානායක තරග කිරීම නිසා එක්සත් ජාතික පක්ෂයට හා ශ්‍රි ලංකා පොදුජන් පෙරමුණට සමාන ලෙස පාඩු වන බවත්, ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ශ්‍රි ලංකා පොදුජන පෙරමුණට සහය දැක්වීමට ඉදිරිපත් වුවද එහි සියළුම ඡන්ද පොදුජන පෙරමුණ ලබා නෙදන බවත් සමීක්ෂණයේදි නිගමනය වී ඇත.

එසේම සජිත් ප්‍රේමදාස මහතා තරග කිරීමෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට වඩා අනුර කුමාර දිසානායක මහතාට වඩා වැඩියෙන් වාසි විය හැකි බවත් මෙහිදි නිගමනය කොට ගෙන ඇත.

Loading…

Published on: Aug 18, 2019 – සීමා නිර්ණ වාර්තාව මෙතෙක් ඉදිරිපත් වී නොමැති වාතාවරණයක් තුළ පළාත් සභා ඡන්දය පැවැත්විය හැකි ද යන්න පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ මතය අගෝස්තු 30 වෙනිදාට පෙර දැනුම් දෙන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගවිනිසුරුවරයාට දැනුම් දීමත් සමග සජිත් ප්‍රේමදාස සහ තවමත් නිශ්චිත නැති ජනපති අපේක්ෂක ගෝඨාභය අන්ද මන්ද වි සිටින බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

“”අගෝස්තු 23 වන දා අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රසන්න ජයවර්ධන හා විජිත් මලල්ගොඩ යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ එය සලකා බැලීමට නියමිතය. “”

රටට පේන්නට පළාත් සභා ඡන්දය පවත්වා රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කළ යුතු බවට පඬි ටෝකස් ලබා දෙන හා පළාත් සභා ඡන්දය නිසා හෝ ආණ්ඩුව විවේචනය කිරීමට හැකියාව ලැබි වේදිකාවල ආණ්ඩුවේ පතුරු යවන කිසිවෙකුත් සැබැවින්ම පළාත් සභ ඡන්දය පැවැත්වීමට කැමති නැත. ඒ පක්ෂය විසින් පත් කළ බව පෙන්වා පරම්පරාව ශක්තිමත් කිරීමට අයියා විසින් නම් කළ මල්ලි අපේක්ෂකයාත්, පක්ෂය ජනාධිපති අපේක්ෂකයෙක් පත් කරන්න හිතාවත් නැති අවස්ථාවක තමන් විසින්ම ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වී සිටින අපේක්ෂකයාටත්, පළාත් සභා ඡන්දය කියන්න්නේ තවත් අභියෝගයක් වන බැවිනි.

උදාහරණයක් ලෙස ජනපති සිහින දකිමින් සිටියද තමන්ගේ ආසනයවත් දිනා ගත නොහැකි වූ සජිත් ප්‍රේමදාස පළාත් සභා මැතිවරණයේදි අනිවාර්යයෙන්ම දකුණු පළාත් සභාව ජයග්‍රහණය කළ යුතුය. මහ ඇමතිවරයා තම පක්ෂයෙන් පත් කර ගත යුතුය. එසේම ගෝඨාභය රාජපක්ෂ ද පළාත් සභා මැතිවරණයකදි කොළඹින් හෝ හම්බන්තොටින් සිය අපේක්ෂකයන් ඉදිරිපත් කොට බස්නාහිර පළාත් සභාවේ හෝ දකුණු පළාත් සභාවේ සිය බලය තහවුරු කර ගත යුතුය.

අනිත් අතට “පොහොට්ටුවේ ” චන්ද මැෂිම කාගේද? යන්න තවත් ගැටලුවකී.ඒ නිසාම
මේ දෙපාර්ශවයටම එය හිතන තරම ලෙහෙසි කාර්යයක් නොවන නිසා මතුපිටින් ගැලරිය පිනවන පළාත් සභා ඡන්දය ගැන කතා කළත් ඇත්තටම පළාත් සභා ඡන්දය පැවැත්වීම පිළිබඳව අවශ්‍යවයක් ඔවුන්ට නොමැත.

මේ අතර පළාත් සභා මැතිවරණයක් කැදවිමට ජනාධිපති ගෙන ඇති  තින්දුව සම්බන්ධයෙන් සජිත් බරපතල අවුලක සිටින අතර සිරිසේන සමිපයේ සිටින හෙංචයියෙකුගෙන් මේ සම්බන්ධයෙන් සජිත් විමසිමටද කටයුතු කර තිබේ.සජිත් හිතන්නේ තමන්ට අපේක්ෂක්ත්වය ලැබුනොත් සිරිසේන තමන් ලග දණින් වැටෙනු ඇති බවයි.නමුත් සිරිසේනට ගමන් දෙකකි.සජිත් එය මතක තබාගත යුතුය.

මචං කියන ජනපති …….

රාජපක්ෂ පවුල නැවත රජ වීම සජිත් ජනාධිපතිවීමට වඩා කිලි ට වාසිදායකය. කිලි යනු ව්‍යාපාරිකයෙකි. ව්‍යාපාරිකයෙකු මුදලක්, ශ්‍රමයක්, භාණ්ඩයක් ආයෝජනය කරන්නේ ප්‍රතිලාභ ලබා ගත හැකි නම් පමණි. රාජපක්ෂවරුන් බලයේ සිටි අවුරුදු 15 ක කාලය පුරාම කිලිට හෝ ඔහුගේ මාධ්‍යයට තංහචි වැටුණේ නැත. කිලිගේ බිස්නස් කිසිවකට ඒ පාලන කාලය තුළ පසු බෑමකට ලක් වීමකට සිදු වූයේ ද නැත. එහෙනම් කිලි රාජපක්ෂවරුන්ට විරුද්ධ වන්නේ ඇයි? නොදන්නා යකා බදාගෙන දන්න යකා අත ඇරීමට කිලි මහරාජා කිසිවිටකත් සුදානම් නොවනු ඇත.

අනෙක් අතට බැසිල් රාජපක්ෂ සමග සංඛ්‍යාතය ප්‍රශ්ණය හැරෙන්නට රාජපක්ෂ පවුලේ කිසිවෙකු සමඟ කිලීට ප්‍රශ්නයක් නැත. කිලිගේ පුතා නාමල්ට, ගෝඨාභයට අමතන්නේ මචං ලෙවල් එකෙන් ය. පුතාගේ මචං රටේ ජනාධිපති වු පසු තාත්තාට කොහෙත්ම නරකක් සිදු නොවන බව කිලිට විශ්වාසය.

පැරදුනත් දිනන කිළී….

සජිත්ව ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස පත් කිරීමට කිලි මහන්සි වන්නේ දිනවන්නටම නොවන බව තහවුරුය. ගෝඨාභයට හෝ මහින්ද කදවුරේ කිසිවෙකු දිනුවද කිළීට ප්‍රශ්නයක් නැත.පරදිනේ ජනතාව මිස කිළි නොවන බව ඔහු දනී. පැරදුනොත් කිළීට තවත් දිනුමකි.මන්ද ඒ හරහා එජාපයේ බලය සියතට ගතහැකි විමය. ඒ හරහා තමන්ගේ ඇම්බැට්ටයෝ රටේ තැන තැන මන්ත්‍රීවරුන් කර තමන්ගෙ බල ව්‍යාප්තිය ජයටම කර ගැනිමට හැකි නිසාය.

කිලි මහරාජා පෙන්වා ඇති ටොපිය රස කරමින් සූප්පු කරන දැනටම ජනාධිපතිධූරයේ දිවුරුම් දී ආර්‍යාවද සමඟ ජීවත් වන සජිත් ප්‍රේමදාසට නොවැටහෙන අපිට වැටහෙන එකම කාරණය වන්නේ කිලිට අවශ්‍ය වන්නේ සජිත් ප්‍රේමදාස ජනාධිපති වීම කෙසේ හෝ වැළැක්වීම බවයි.

Loading…

Published on: Aug 13, 2019– ආණ්ඩුව සමග ද්‍රවිධ ජාතික සන්ධානයේ ඇති සබඳතාවයන්ට එරෙහිව යමින් යුධ මානසිකත්වයකින් පෙලෙන උතුරු පලාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතාගේ නව පක්ෂය වූ තමිල් මක්කල් කූට්ටනී නොහොත් දෙමළ ජනතා සන්ධාන පක්ෂ ප්‍රාදේශීය කාර්යාලයක් වවුනියාව මන්නාරම් මාර්ගයේ විවෘත වුණි.

පක්ෂ කාර්යාලය සී.වී.විග්සේශ්වරන් මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත වූ අතර එම අවස්ථාවට සහභාගී වූ සී.වී.විග්නේශ්වරන් මහතා පිළිගැනීමේ උත්සවයක් ප්‍රදේශවාසී පාක්ෂිකයින් විසින් සංවිධානය කොට තිබූ අතර එහිදී විග්නේශ්වරන් මහතා රථපෙලපාලියකින් විවෘත වූ පක්ෂ කාර්යාලයට රැගෙන යාමට සංවිධානය කොට තිබුණි.

2015 දි කල අනාවරණයන් …. දෙමළ ජාතික සන්ධානය දෙකඩ වේ -නිශා බිස්වාල්,විග්නේෂ්වරන් හමුවේ

එම අවස්ථාවේදී රථ පෙලපාලියේ සිටි යතුරුපැදි කරුවන් ආරක්ෂිත හිස්වැසුම් (හෙල්මට්) පළඳා නොතිබීම හේතුවෙන් මාර්ගයේ රාජකාරී කරමින් සිටි පොලිස් නිලධාරීන් විසින් හිසුවැසුම් නොමැති යතුරුපැදි කරුවන් නවතා රාජකාරී කිරීමට පියවර ගත් අතර එහිදී විග්නේශ්වරන් මහතාගේ පාක්ෂිකයින් විසින් පොලිස් නිලධාරීන්ගේ රාජකාරී කටයුතු වලට බාධා කරමින් අදාල යතුරුපැදි කරුවන් හිස්වැසුම් නොමැතිව රැගෙන යාමට කටයුතු කොට ඇති අතර එම අවස්ථාවේ සී.වී.විග්නේශ්වරන් මහතාද රථපෙලපාලියේ සිට ඇති වුවද කිසිදු පියවර ගෙන නොමැත.

2016 දි කල අනාවරණයන් …. සම්බන්ධන්, විග්නේෂ්වරන් ගැටුම උග්‍ර අතට – ඉන්දියාවේ වචනයටත් පයින් ගහයි

කෙසේ වෙතත් අදාල ආරක්ෂිත හිස් වැසුම් නොමැතිව යතුරුපැදි ධාවනය කරන ලද පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පරික්ෂණයක් සිදු කිරීමට වවුනියාව පොලීසිය විසින් පියවර ගෙන ඇත.

සී.වී.විග්නේශ්වරන්ගේ රථ පෙලපාලියේ ආරක්ෂිත හිස් වැසුම් නොමැතිව යතුරුපැදියෙන් පැමිණ පාක්ෂිකයින් රථවාහන පොලිස් නිධාරීන් නවත්වන අයුරු හා එම පාක්ෂිකයින් පොලිස් නිලධාරීන්ට බාධා සිදු කරන අයුරු

[the_ad_placement id=”content”]

~~වන්නි රොමේෂ් මධුෂංඛ~~

      

 

Published on: Aug 8, 2019 – ඉදිරි දින 9 ය තුල යලිත් මහා පාවාදීමක් සදහා අසාර්ථක කුමන්ත්‍රණයේ පියා ලෙස හදුන්වන මෛත්‍රීපාල සිරිසේන යලිත් කුමන්ත්‍රණක් කිරිමට සුදානමක් ඇති බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කලා.

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛව ගොඩනැගෙන පුළුල් සන්ධානය කඩා බිදදමා තවකාලික ආණ්ඩුවක් නිර්මාණය කිරිම මෙම කුමන්ත්‍රණයේ ප්‍රධාන අරමුණ වි තිබේ.ඒ අනුව කිළිගේ මහරාජා මාධ්‍ය ජාලය මෙන්ම රාජපක්ෂලාගේ ගේම්කාරයන් කිහිප දෙනෙකු මෙ වනවිට ඒ සම්බන්ධයෙන් සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා ඇති අතර ඉදිරි දින 9තුල පළාත් සභා මැතිවරණයක් කැදවා ගැනිම හරහා ආණ්ඩුව අපහසුතාවට පත්කිරිම එහි මුලික අරමුණ වි තිබේ.

එය අසාර්ථක වුවහොත් මීමාගේ කොලුවා ජනපති අපේක්ෂකයා කර ගැනිමේ සටන අසාර්ථක වි පාවිච්චි කරමි එජාපයේ සිටින ප්‍රේමදාස අම්බරුවන් කිහිප දෙනෙකු කිළීගේ මුදල් වලින් මිළදි ගනිමින් බහුතරය පෙන්වා ආණ්ඩුව වැට්ටිමට කටයුතු කලයුතු බවටද එම කණ්ඩායම යෝජනාකර තිබේ.කිහිපදෙනෙකුගේ අවශ්‍යතාවය අනුව නැටවෙන රූකඩ පාලනයක් ඇතිකර ගැනීමට බවත් එවන් පාලනයක් හරහා යළිත් මෛත්‍රීපාලව ජනාධිපතිකර ගැනිම මෙහි මෙහෙයුම් වි තිබේ.

එජාපය ප්‍රමුඛව ගොඩනැගෙන පුළුල්ම සන්ධානය වන ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සම්බන්ධයෙන් එජාප පාක්ෂිකයින් නොමග යැවීමේ කුමන්ත්‍රණකාරී මෙහෙයුමක් මේ වනවිට දියත්කර තිබේන අතර එම මෙහෙයුමට ක්‍රිස්තියානි සමාජය තුල කිසිදු පිළිගැනිමක් නොමැති කාදිනල්ද සම්බන්ධ වි සිටි.

නව සන්ධානය බිහිකිරීමට පෙර එජාප අපේක්ෂකයා කවුද යන්න නම් කළ යුතු බව කියමින් මේ කුමන්ත්‍රණය පසුගිය දින කිහිපයේ දියත්වූ නමුත් ඒ නොතකා නව සන්ධානය බිහිකිරීමේ වැඩකටයුතු ඉදිරියට ගැනීම නිසා ඒ කුමන්ත්‍රණය අසාර්ථක වි තිබුනද රටපුරා පොස්ටර්,පෙත්සම් අත්සන් ගැනිම් හරහා යලිත් එම තත්ත්වය ඇතිකිරිම මෙමෙ කණ්ඩායමේ උත්සහය වි තිබේ.

කලක පටන් එජාප නායකත්වය තමන්ට අවශ්‍ය ආකාරයට හසුරවාගත නොහැකිව සිටින මහරාජා මාධ්‍ය ජාලය මේ පුවත වාර්තා කර සිටියේ “එජාපයේ නව සන්ධාන යෝජනාව කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී ප්‍රතික්ෂේප වෙයි” යන සිරස්තලය යොදාගෙන මුළුමනින්ම ජනතාව නොමග යවන සුළු ප්‍රවෘත්තියක් නිර්මාණය කිරිමට කටයුතු කල අතර මෙ වනවිට හරින් වැනි එජාප කුමන්ත්‍රණ කරුවන් යොදාගනිමින් මීමාගේ පුතා ඉස්සිමට අවශ්‍ය මෙහෙයුම් දියත් කර තිබේ.

ක්‍රිකට් විනාශ කළ හරින් එජාපය නසන මෙහෙයුම අරඹයි…..

අමාත්‍ය සජිත් ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ප්‍රකාශයට පත් කිරීමේ දැවැන්ත ජනහමුවක් බදුල්ල නගරයේදී පැවැත්වීමට අමාත්‍ය හරින් ප්‍රනාන්දු කටයුතු කර තිබේන අතර ඒ වෙනුවෙන් කීළී මෙ වනවිට රුපියල් බිලියන 3ක මුදලක් කොටස් වශයෙන් හරින්ට ලබාදිමට පොරොන්දු දි තිබේ.ඒ අනුව පොහොට්ටු පක්ෂයේ සමුළුව පැවැත්වෙන අගෝස්තු 11ට පසුදින එනම්, 12 දා සජිත් ප්‍රේමදාසගේ නම ප්‍රකාශයට පත් කෙරෙන ජනහමුව කැඳවා ඇත.

ජනාධිපති උපදේශකයන් ෆුල් ටයිම් වැඩ !

සියලු ජාති ආගම්, සිවිල් සංවිධාන ඇතුළත් ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය දුර්වල කරන කුමන්ත්‍රණකරුවන් යෝජනා කරන්නේ 2015 සිදුකල ආකාරයට ඔවුන් කියන කවරෙක් හෝ අපේක්ෂකයා කර, පසුව ජනතා ආකර්ෂණය දිනාගත හැකි මොකක්හෝ වැඩපිළිවෙලක් ඔහු වටා එල්ලීමටය. පසුව දුර්වල ඩීල් සන්ධානයක් අටවා මැතිවරණයට ඉදිරිපත්වීමය. ඒ සඳහා මේ වන විට ජනාධිපතිගේ පාර්ශවය සමඟ ද ඩීල් දමා ඇති බවටත් වාර්තා වෙයි.

තවද සිරිකොතට ගල් ගැසූවන්, මෛත්‍රීපාල ජනාධිපතිගේ තනතුරු දරමින් දිගින් දිගටම පක්ෂයට සහ අහිංසක පාක්ෂිකයන්ට විනකැටි පුද්ගලයන්, තීරණාත්මක නිමේෂයන්හී පක්ෂය පාවාදුන් උදවිය, මේ සඳහා කැඳවා ඇති බවත් වාර්තා වෙයි. එසේම ඔවුන් යොදවා පක්ෂය දෙකඩකර හෝ මැතිවරණයට යාමට තරම් සැළසුම්, එකඟතා, ඩීල් රැසක් මේ කුමන්ත්‍රණකාර පාර්ශව සූදානම් කරගෙන ඇති බවටද විශ්වසනීය තොරතුරු ලැබී ඇත.

නායකයන් රැසකට දරුණු මඩ ලෑස්තියි !

ඒ අතර මේ වන විටත් සමාජ මාධ්‍ය වෙබ් අඩවි යොදාගෙන එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ නායකයන්ට එරෙහිව මඩ අවලාද එල්ල කර ඔවුන් බිය වැද්දීමේ නින්දිත ප්‍රයත්නයක්ද දියත්කර තිබේ. පසුගිය සති කිහිපය තුළ ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය නියෝජනය කරන සහ ඒ වෙනුවෙන් දරදිය අදින නායකයන් ඉලක්ක කර දියත්වූ මේ මඩ අවලාද රැගත් දේශපාලන ප්‍රහාර ඉදිරි දින වල තවත් උග්‍ර කිරීමට නියමිත බවටද තොරතුරු ලැබී තිබේ.

එහිදී එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කතානායක කරූ ජයසූරිය, වර්තමාන එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව නියෝජනය කරන අමාත්‍යවරුන් වන අකිල විරාජ් කාරියවසම්, පාඨලී චම්පික රණවක, රාජිත සේනාරත්න, ලක්ෂ්මන් කිරිඇල්ල, රවී කරුණානායක, නවීන් දිසානායක, ඇතුළු ප්‍රධාන පෙළේ අමාත්‍යවරුන් රැසක් ඉදිරි දින වල මෙම නිර්දය මඩ අවලාද ඇතුළත් ප්‍රහාරයට ලක්වීමට නියමිතය. තවද අමාත්‍ය අර්ජුන රණතුංග , හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ද එම ලයිස්තුවේ ඉහළින්ම සිටින බවටත් තොරතුරු ලැබී ඇත.

Published on: Aug 6, 2019– කිලී මහරාජාගේ දේශපාලන රූකඩයක් බවට පත් වෙමින් සිය පක්ෂය දෙකඩ කොට හෝ ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගැනීමට වලි කන එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස විසින් තමන්ට ජනාධිපති අපේක්ෂකම ලබා දෙන ලෙසට බලමරමින් සිය සහචට්‍රයන් ලබා කොළඹ ලිප්ටන් වට රවුමේ සංවිධානය කෙරවූ උද්ඝෝෂණය සඳහා අවම වශයෙන් 50 ක් වත් සහභාගි වී නොමැත.

ගම්මට්ටමින්, බිම්මට්ටමින්, ළිං මට්ටමින් ජනබලය තමාට තිබෙනවා යනුවෙන් පුරසාරම් පෑ ස්ජිත් ප්‍රේමදාසගේ නැට්ටේ සිට ඇත්තේ ගොම මිස ජන බලය නොවන බවට සාක්ෂි එම උද්ඝෝෂණය විසින් සපයනු ලැබීය. සජිත් ප්‍රේමදාසට විශාල ජනබලයක්, ජනමතයක් තිබෙනවා යැයි සජිත් වටා සිටිමින් ඔහු යටතේ ඇති නිවාස සංවර්ධන අධිකාරියෙන් කොන්ත්‍රාත් ගන්නා කොන්ත්‍රාත්කරුවන් සහ සජිත්ගෙන් පඩි ගන්නා පිරිස් කැට ගසා කිව්වද සජිත් ද ඇති ජන බලයේ තරම ඔහු සිය ආසනය පරාජය වීමෙන් හා මහ මඟට බැස කරන මෙවන් උද්ඝෝෂණ හරහා මනාව පැහැදිළි වේ.

මේ උද්ඝෝෂණ හුදෙක්ම මාධ්‍ය සංදර්ශනයක් පමණක් බවට පත් වූ අතර කිලි මහාරාජාගේ මාධ්‍ය නාලිකා වලට බරපතළ වොයිස් කට් දීමට වෙනම් පිරිසක් ද හයර් කර තිබුණි. කෙසේ වෙතත් උද්ඝෝෂණය ආරම්භ වී පැය භාගයක් පමණ ගත වන තැනදි එම උද්ඝෝෂණයට ඔවුන්ව පංගාත්තු කළ කොන්ත්‍රාත්කරුවාගෙන් මුදල් ලබා ගැනීම පැමිණි සිටි සජිත් වාදි උද්ඝෝෂකයෝ වලි කන අයුරු නම් දක්නට ලැබුණ අතර කොළඹ කිළීගේ මන්ත්‍රීවරයේකුගේ ලේකම්වරයෙකු උද්ඝෝෂකයන්ට මුදල් බෙදිමට එවා තිබු නමුත් සෙනග නොමැති නිසා ඔහු හීන්සිරූවේ මාරු වි ඇති බවද වාර්තා වේ.

Published on: Aug 4, 2019කිළී මහා රාජාගේ බල සෙල්ලම වෙනුවෙන් අනවරත දේශපාලන බලය ඇල්ලිමේ සටනේ අවසන් අවස්ථාවට පැමිණ සිටින සජිත් ප්‍රේමදාස මේ වනවිට පක්ෂය කෑලී කැලී වලට හෝ කඩා දමා එජාපයේ බලය කිළීට ලබාදිම සදහා සියලු මෙහෙයුම් දියත් කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

ප්‍රාදේශිය මන්ත්‍රීවරුන් දිස්ත්‍රික් මට්ටමින් හදිසියෙ කැදවා ඇති සජිත්ගේ ඇම්බැට්ටයන් පවසා ඇත්තේ අපේක්ෂකත්වය මෙන්ම මහා ලේකම් කම සජිත්ට ලබා නොදිමට එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය කටයුතු නොකලහොත් එජාපය දෙකඩ කර සිරිසේනගේ ශ්‍රිලනීප කණ්ඩායම සමග තරග කිරිමට සජිත් සුදානම්ව සිටින බවයි.

මේ අතර කිළී මහාරාජා හෙට අලුයම රටපුරා සජිත් ජනපති කරමු යනුවෙන් රටපුරා පොස්ටර් ඇලවිමට කටයුතු සුදානම් කර ඇති අතර එ වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ පොස්ටර් බලකායට කෝටි ගණනින් මුදල් ලබාදි තිබේන බවද වාර්තා වේ.

එක්සත් ජාතික පක්ෂය විසින් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුරුන්දැයි නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන තෙක් අලුත් සන්ධාන සඳහා ගිවිසුම් අත්සන් කිරීමට නොහැකි යයි ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක අමාත්‍ය රවුෆ් හකීම්, අගමැති රනිල් වික්‍රමසිංහට දැනුම් දී තිබේ.යම් හෙයකින් අන්තවාදී,ජාතික මෙන්ම ජාත්‍යන්තරව සබඳතාවන් නැති  අයෙකු සන්ධානයෙන් ජනපති අපේක්ෂකයා වුවහොත් යලිත් ඔක්තෝබර් 26 වැනි අවසනාවන්ත සිදුවිම් වලට මුහුණ දිමට සිදුවනු ඇති බවයි මුස්ලිම් කොන්ග්‍රසයේ අදහස වි ඇත්තේ.

එසේම අලුත් සන්ධානයේ ලේකම් කවුරුන්ද යන කාරණය ඉතා තීරණාත්මක බවත් එම තනතුර එක්සත් ජාතික පක්ෂය සතුව තිබීම වැදගත් බවත් මෙහිදි පෙන්වා දී ඇති හකිම් 2015 මෛත්‍රීපාල සිරිසේන ජනපති පත්කර ගැනිම හේතුවෙන් මුහුණ දුන් තත්ත්වයන් පිළිබඳව පැහැදිලි කර තිබේ.

එසේම, මනෝ ගනේෂන්, දිගම්බරම් හා රිෂාඩ් බද්දුර්දින් යන ආණ්ඩුවට සම්බන්ධ පක්ෂ නායකයින් ද මේ තත්ත්වයම පෙන්වා දි තිබේන බවයි අප දේශපාලන වාර්තාකරු සදහන් කළේ.

මේ අතර සජිත් යලිත් සිය සුපුරුදු ගොනී සෙල්ලම ආරම්භකර තිබේ. ඒ අනුව  එජාපය ප්‍රමුඛ නව සන්ධානයේ අවබෝධතා ගිවිසුමට විරෝධය දැක්වු සජිත්  සන්ධානයේ මහ ලේකම් කම නොව තමන්ට  ජනාධිපති අපේක්ෂකත්වය පමණක් ලැබෙන්නේ නම් එය ප්‍රමාණවත් බව පවසා තිබේ.

වසර ගණනාවක් තිස්සේ එජාප නායකත්වය අල්ලා ගැනිම සදහාක් කීළී මහරාජා දකින සිහිනය එලි කිරිමට   දකින සජිත් ප්‍රේමදාස මහතා සිතා සිටින්නේ, රනිල් වික්‍රමසිංහ මහතා පැළඟගෙන සිටින නායකත්ව ඔටුන්න කවුරුන් හෝ ගලවා තමන්ගේ හිසේ පළඳිනා තුරුය. එසේ නැතහොත් රනිල් වික්‍රමසිංහ මහතා සිය ඔටුන්න ගලවා සජිත්ගේ හිසේ පළඳනා තුරුය.

එතෙක් විටින් විට එජාප පාක්ෂිකයා ඉදිරියේ, මාධ්‍ය ඉදිරියේ ඔටුන්න ඕනෑ’යි කියමින් හඬා වැලපෙයි.

සජිත් ප්‍රේමදාස මහතාට එජාප නායකත්වය ලබා ගැනීම සඳහා අවස්ථා කිහිපයක් ලැබුණු අතර ඒ සෑම අවස්ථාවකදීම ඔහු සිදුකළේ, තමාට නායකත්වය ලබා ගැනීමට සහාය දක්වන, ඒ වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ මහතා සමග ගැටුම් ඇතිකර ගන්නා මන්ත්‍රීවරුන්, එජාප පාක්ෂිකයන් පාවා දී රනිල්ගේ නායකත්ව ඔටුන්න ආරක්ෂා කිරීමයි.

රටේ නායකත්වය ගැන අද සිහින දකින්නේ මෙවැනි නිද්‍රාශීලී, දර්ශනයක් හෝ වැඩපිළිවෙලක් නොමැති, තමා සමග සටන් කරන සටන් සගයන් පාවාදෙන පුද්ගලයෙකි. සජිත් ප්‍රේමදාසට එජාප නායකත්වය සඳහා ඇති එකම සුදුසුකම වන්නේ ඔහුගේ පියා ආර්. ප්‍රේමදාස මහතා රටේ නායකත්වය හා එජාපයේ නායකත්වය දැරීම පමණි.

Loading…

Published on: Aug 1, 2019– අගෝස්තු 5 වෙනිදා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ නමින් නව සන්ධානය පිහිටුවීමට කෘත්‍යාධිකාර මණ්ඩලයේ අතිශය බහුතරයේ කැමැත්ත හිමි වී තිබෙනවා.ඉදිරි ජනාධිපතිවරණය හා මහමැතිවරණය ඉලක්ක කර ගනිමින් එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන අනෙකුත් සියළු පක්ෂ පාර්ශවකරුවන් බවට පත් කරමින් නව පුළුල් සන්ධානයක් අගෝස්තු මස පස් වෙනිදා සිට ක්‍රියාත්මක වීමට මේ වන විට සියල්ල සූදානම්ය.

ඒ නව සන්ධානය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාර මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම සඳහා වන විශේෂ කෘත්‍යාධිකාර මණ්ඩල රැස්වීමක් අද (01) උදෑසන සිට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැත්වූවා.

නව සන්ධානය පිහිටුවීම සඳහා පක්ෂ කෘත්‍යාධිකාර මණ්ඩල සභිකයක් බහුතරයක් පක්ෂව අදහස් දක්වා ඇති අතර කිලි මහරාජාගේ කොන්ත්‍රාත් අදින අනාගත ජනපති සිහින දකින සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා රැස්වීම ආරම්භයේ සිටම නව සන්ධානයට විරුද්ධ වී තිබේන අතර සජිත් ප්‍රේමදාස දිගින් දිගටම නව සන්ධානයේ මහලේකම්ධූරය ඉල්ලා ඇති බවයි අප විශේෂ වාර්තාකරු සදහන් කළේ.

සන්ධානයක මහලේකම්වරයෙක් විය යුත්තේ සෑම දෙනාගේම කැමැත්ත සහ සහයෝගය හිමිවන පුද්ගලයෙක් බවත් ඒ සදහා සුදුසුකම් සහිත පුද්ගලයා සේනාරත්න අමාත්‍යවරයා බව කෘත්‍යාධිකාර මණ්ඩලයේ බහුතර මතය වි තිබේ.පසුව නව සන්ධානයේ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ඡන්දය විමසිමක් කෘත්‍යාධිකාරී මණ්ඩලය තුල සිදුවු අතර සජිත් සමග එක්ව 7 දෙනෙකු පමණක් එම ව්‍යවස්ථාවට එරෙහිව ඡන්දය භාවිතා කර තිබේ.ඒ අතර මංගල සමරවිර අමාත්‍යවරයාද සිටින බවයි වාර්තා වන්නේ.

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ සහයට අමාත්‍ය මලික් සමරවික්‍රම හා අමාත්‍ය කබීර් හෂීම් අදහස් දක්වා ඇති අතර ඔවුන් පවසා ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා වශයෙන් සජිත්ට සන්ධානයේ මහලේකම්ධූරය හිමිවිය යුතු බවයි. එසේම පාස්කු ප්‍රහාරයෙන් පසුව ගෝඨාභය රාජපක්ෂ සමඟ ඩීල් දමා ගනිම්න් පොහොට්ටුවේ දැලි කුණු සේදීමට පවා සූදානම්ව “ආණ්ඩුව ඉවරයි ” යනුවෙන් තැන තැන කිය කිය ඇවිද්ද අජිත් පී පෙරේරා අද රැස්වීමේදීද නව සන්ධානයට එරෙහිව තම කට වාචාල බව පෙන්වා ඇති අතර කෘත්‍යාධිකාර මණ්ඩලයක හැසිරිය යුතු ආකාරය මුල සිට වහාම ඉගෙන ගන්නා ලෙස අගමැතිවරයා මෙහිදි අජිත් පී පෙරේරාට දැඩි ලෙස අවවාද කොට තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙහිදි සිය ප්‍රජාතන්ත්‍රවාදී ගුණය තව තවත් විදහා දක්වමින් නව සන්ධානය විරුද්ධ කරුණු දක්වන පාර්ශවය ඇති හේතු පිළිබඳව වාර්තාවක් හෙට (2) දහවල් 2කට පෙර තමන් වෙත බාර දෙන ලෙස ද අගමැතිවරයා කබීර් හෂීම් අමාත්‍යවරයා වෙත පවසා තිබෙන බවයි වාර්තා වන්නේ.

එක්සත් ජාතික පෙරමුණ මූලිකත්වයෙන් පිළිගත් දේශපාලන පක්ෂ සමූහයක් සහ සිවිල් සංවිධාන විශාල ප්‍රමාණයක් එක්ව මෙම පස් වෙනිදා පිහිටුවන ලබන ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂකයා කවුරුන්දැයි තීරණය කරනුයේ ජනාධිපතිවරණය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව බව කෘත්‍යාධිකාරි මණ්ඩලය එකමතිකව තින්දුවක් ගෙන තිබේ.

ජාතික ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණට සම්බන්ධ වන පක්ෂ සහ සංවිධාන මෙම පස් වෙනිදා කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී නිල වශයෙන් ගිවිසුම් ගත වන අතර එහිදි ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත් නොකරන සිටිමටද තින්දු කර තිබේ.

Published on: Jul 31, 2019– කොළඹ කොම්පඤ්ඤ වීදියේ ඉන්දියාවේ ටාටා සමාගම විසින් සිදුකරන මහා පරිමාණ තට්ටු නිවාස ව්‍යාපෘතියකින් (One-Colombo Project) ඇමරිකානු ඩොලර් මිලියන තුනක කොමිස් මුදලක් ලබාගැනීම සදහා එම ව්‍යාපෘතියට අදාළ මූලික ගිවිසුම් අත්සන් කල 2014 වසරේදී එවකට ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්ධූරය දැරූ ගෝඨාභය රාජපක්ෂ විසින් කටයුතු කර ඇති බව මේ වනවිට අනාවරණය වි තිබේ.

ටාටා සමාගම විසින් සිංගප්පූරුවේ ලියාපදිංචි No1, North Bridge Road, #21-05, High Street Center, Singapore ලිපිනයේ පිහිටි S3A Asset Pte Ltd සමාගමේ Shamraz Yehiya නමැති මුස්ලිම් ජාතිකයා වෙත මෙම මුදල ICICI බැංකුවේ කොළඹ 07 ශාඛාව හරහා ගෙවා ඇති අතර ව්‍යාපෘතිය සදහා උපදේශන සේවා සැපයීමට යැයි පවසා මෙම මුදල සිංගප්පූරු සමාගම වෙත ගෙවන ලෙස ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේඛම්වරයා විසින් ඉන්දියාවේ ටාටා සමාගමට උපදෙස් ලබාදුන් බවට තොරතුරු වාර්තා වී තිබේ.

සිංගප්පූරුවේ යුනයිටඩ් ඕවර්සීස් බැංකුවේ ගිණුම් අංක 364-905-824-3 දරණ ගිණුමට මෙම මුදල බැර කර ඇත.

කෙසේ වෙතත් මෙම සිංගප්පූරු සමාගම හෝ එම සමාගම වෙනුවෙන් පෙනී සිටි මුස්ලිම් ජාතිකයා One-Colombo ව්‍යාපෘතිය වෙනුවෙන් ඉන්දියාවේ ටාටා සමාගමට කිසිදු උපදේශණ සේවාවක් සපයා නොමැත. මේ වනවිට මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් අවසන් අදියරේ පවතී.

ශ්‍රී ලංකා රජයේ සහ ඉන්දියාවේ ටාටා සමාගමේ මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් වශයෙන් ක්‍රියාත්මක ව්‍යාපෘතියේ මෙම කොමිස් ලබාගැනීම නිසා නාගරික සංවර්ධන අධිකාරියට රුපියල් මිලියන 550ක අතිරේක වැය බරක් දැරීමට සිදුවී ඇති බව වාර්තා වනවා.

Top