Published on: Jul 30, 2019 – ජනාධිපතිතුමනි, ඔබගේ 40 වසරක දේශපාලන අත්දැකීම් සමග එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ කර ඇති ආයෝජන සහ සංවර්ධන ආධාර ගැන මනා දැනුමක් ශ්‍රි ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ඇති බව තමන් විශ්වාස කරන බවත් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (MCC) වැඩ සටහන සංවර්ධන ආධාර ගිවිසුමක් බවත් ඒ යටතේ ලබාදෙන ඩොලර් මිලියන 480 ක මුදල ඇමෙරිකානු ජනතාවගේ පූර්ණ පරිත්‍යාගයක් මිස ණය මුදලක් නොවෙන බවත් එය කිසිදු දිනක ගෙවිමට හෝ ඒ වෙනුවෙන් කිසිදු ගිවිසුමක් හෝ නොමැති බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි අලෙයිනා බී. ටෙප්ලිස් මහත්මිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් යවමින් කියා සිටි.

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් වැඩසටහන ශ්‍රී ලංකික ජනතාවගේ ආර්ථික වර්ධනයට ඉවහල්වනු ඇතැයි සඳහන් කරන අමෙරිකානු තානාපතිනිය මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ ගමනාගමනය සහ ඉඩම් කළමනාකරණය පිළිබඳ ගැටලු විසඳීම බවද මෙම ව්‍යාපෘති ශ්‍රී ලාංකිකයන් විසින් මෙහෙයවනු ලබන අතර ශ්‍රී ලංකාවේ නායකත්වයට සහ අනෙක් හවුල්කරුවන්ට වගකියන ආකාරයට ක්‍රියාත්මක වනු ඇති බවද කියා සිටී.

දැනට කොළඹ නගරයේ සහ ඒ අවට පවතින වාහන තදබදය නිසා ඇතැම්විට පිටකොටුව සිට දක්ෂිණ අධිවේගී මාර්ගයට යෑමට ගතවන කාලය අධිවේගී මාර්ගය ඔස්සේ ගාල්ලට යාමට ගතවන කාලයට සමාන වන බව පවසන තානාපතිනිය ගමනා ගමන පහසුකම් නංවාලීමේ ව්‍යාපෘතියෙන් කොළඹ නගරයේ කිලෝමීටර් 250 ක වාහන තදබදය අඩුවී නගරය තුළ ගමනාගනය සඳහා ගතවන කාලය සියයට 40 කින් පමණ අඩුවනු ඇති බව කියා සිටී. එහි ප්‍රතිඵලයක් වශයෙන් බස් මාර්ග සහ කාලසටහන් ප්‍රතිසංවිධානය වීමෙන් පොදු ප්‍රවාහන පහසුකම් භාවිත කරන විශේෂයෙන්ම දුප්පත් ජනතාවට සහනයක් ලැබෙන බවත් තානාපතිනිය සඳහන් කරයි.

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් වැඩ සටහන යටතේ ක්‍රියාත්මක වන ඉඩම් කළමනාකරණ ව්‍යාපෘතිය මගින් කිසිදු ඉඩමක් ඇමෙරිකානු රජයට හෝ ආයතනයකට පැවරෙන්නේ නැතැයි තානාපතිනිය කියා සිටී.

රජය මගින් දැනටමත් ආරම්භ කර ඇති දිස්ත්‍රික්ක පහක වර්ග කිලෝමීටර් 46,000 ක් ආවරණය වන පරිදි විස්තරාත්මක සිතියම් සකස් කිරීම වැනි වැඩ සටහන්වලට අදාළව ඉඩම් කළමනාකරණ ව්‍යාපෘතියද ක්‍රියාත්මක වනු ඇතැයි සඳහන් කරන ඇමෙරිකානු තානාපතිනිය එමගින් පොළොන්නරුව වැනි දිස්ත්‍රික්කයක වැසියන්ට තම ඉඩම් ඔප්පු ඩිජිටල් ක්‍රමයට ඉඩම් ලියාපදිංචි කාර්යාලයේ ලියාපදිංචි කොට ඒවා සුරක්ෂිතව තබා ගැනීමට හැකිවනු ඇතැයිද කියා සිටී. ශ්‍රී ලංකා රජයට අවශ්‍ය වී ඇති පරිදි නූතන ක්‍රමවේද අනුව ඉඩම්වල වටිනාකම තක්සේරු කිරීමද මේ මගින් හැකිවනු ඇති බව තානාපතිනිය ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනිය විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යවා ඇති ලිපිය මෙසේය.

මා මේ ලිපිය ලියනුයේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (MCC) වැඩ සටහන සම්බන්ධව පැන නැගී ඇති ගැටලු සහ ශ්‍රී ලංකාවට ඒ මගින් ලැබෙන වාසි පිළිබඳව ඔබතුමා විසින් යොමු කොට ඇති සැලකිල්ල පිළිබඳව පැහැදිලි කිරීමටය. අප දෙරට අතර ඇති ද්විපාර්ශවික සබඳතාවයේ විනිවිද බව රැක ගැනීමට එක්සත් ජනපදය කැපවී ඇති බව මූලිකව සඳහන් කළ යුතුය.

සංවර්ධන ආධාර ගිවිසුමක් වන මෙම (MCC) වැඩ සටහන සමෘද්ධිය ළඟා කර දීම සඳහා සකස් කළ එකකි. එය ඔබ අපේක්ෂා කරන ශ්‍රී ලාංකික ජනතාවගේ ආර්ථික වර්ධනයට ඉවහල් වනු ඇත. අප දෙරටේ රජයන් එක්ව වසර ගණනාවක සිටම ශ්‍රී ලංකාවේ රජයෙන් මෙන්ම සිවිල් සමාජයෙන්, ව්‍යාපාරික ප්‍රජාවෙන් සහ බුද්ධිමතුන්ගෙන් ශ්‍රී ලාංකික ජනතාවට ආර්ථීක සංවර්ධනය ළඟා කර දිය හැකි වැඩ සටහනක් සකස් කිරීම පිළිබඳව යෝජනා සහ අදහස් ඉල්ලා සිටින ලදී.

ඉහත සඳහන් පිරිස් විසින් ලබා දුන් යෝජනා මෙම වැඩසටනේ සංවර්ධනය සහයෝගිතා ප්‍රමුඛතා සකස් කිරීමේදී සැලකිල්ලට ගත්හ. එහෙත් ප්‍රමුඛතම අවශ්‍යතා පිළිබඳ යෝජනා ඉදිරිපත් කරන ලද්දේ ශ්‍රී ලංකා රජය විසිනි. රජය මගින් ආරම්භ කොට ඇති වැඩ සටහන් තවදුරටත් ව්‍යාප්ත කර ගැනීමටත් මෙම වැඩසටහන සහය වනු ඇත.

මෙම ව්‍යාපෘති ශ්‍රී ලාංකිකයින් විසින් මෙහෙයවනු ලබන අතර ශ්‍රී ලංකාවේ නායකත්වයට සහ අනෙක් හවුල්කරුවන්ට වග කියන ආකාරයට ක්‍රියාත්මක වේ.

මෙම සංවර්ධන එකඟතාවයේ වැඩ සටහන් නිර්මාණය කොට ඇත්තේ ප්‍රධාන ආර්ථික ගැටලු දෙකක් විසඳීමේ අරමුණින්ය. ඒවා නම් ගමනාගමනය සහ ඉඩම් කළමනාකරණයයි. ගමනාගමනය යටතේ කොළඹ සහ මහනුවර අතර පවතින නාගරික ජනතාවගේ වාහන තදබදය පිළිබඳ අවධානය යොමු කොට ඇත. මෙම වැඩසටහන නිමා වූ පසු නාගරික ජනතාවට පහසුවෙන් සහ ආරක්ෂාකාරීව තම සේවා ස්ථානවලට ළඟාවීමට හැකිවනු ඇත. එසේම කොළඹ මධ්‍යම බස් නැවතුමේ සිට අධිවේගී මාර්ගවලට ඉක්මණින් යා හැකි වනු ඇත. පවතින වාහන තදබදය නිසා සමහර විට පිටකොටුවේ සිට දකුණු අධිවේගී මාර්ගයට යෑමට ගාල්ලට යන කාලය වැයවේ. මෙම ව්‍යාපෘතියෙන් කාර්ය බහුල වේලාවන්හි කොළඹ නගරයේ කිලෝමීටර 205 ක වාහන තදබදය අඩුවේ. නගරය තුළ ගමනාගමනය සඳහා ගතවන කාලය 40% පමණ අඩුවනු ඇත. බස් මාර්ග සහ කාල සටහන් ප්‍රතිසංවිධානය වීමෙන් ජනගහණයෙන් අඩක් පමණ වන පොදු ප්‍රවාහන සේවා පාවිච්චි කරන විශේෂයෙන්ම දුප්පත් ජනතාවට සහනයක් ලැබෙනු ඇත.

එසේම මේ මගින් පිට පළාත්වල වෙසෙන ග්‍රාමීය ජනතාවගේ කෘෂිකාර්මික නිෂ්පාදන වෙළෙඳ පොළට ගෙන ඒමේ හැකියාවද වර්ධනය වේ. කොළඹ වට රවුම් මාර්ගයේ ගමන් කාලය 35% කින් අඩුවේ. මේ මගින් වාහන අනතුරු, මරණ සංඛ්‍යාවද අඩු වනු ඇත. තවද කොළඹ වරායට භාණ්ඩ ප්‍රවාහනය කිරීම කඩිනම් වී ලංකාවේ අපනයන හැකියාව දියුණු කෙරේ.

මෙම එකක් ඉඩම් කළමනාකරණ ව්‍යාපෘතිය මගින් කිසිම ඉඩමක් ඇමෙරිකානු රජයට හෝ ආයතනයක් වෙත පැවරෙන්නේ නැත. සියලු වැඩ සටහන්වල කළමනාකරණ අයිතිය ශ්‍රී ලංකාව සතුවේ. ශ්‍රී ලංකා රජය මගින් දැනටමත් ආරම්භ කොට ඇති වැඩ සටහන් එනම් දිස්ත්‍රික්ක හතක වර්ග කිලෝ මීටර් 46,000 ආවරණය වන පරිදි සකස් කරනු ලබන විස්තරාත්මක සිතියම්ගත කිරීම වැනි වැඩසටහන් මත ඉඩම් කළමනාකරණ ව්‍යාපෘතියද ක්‍රියාත්මක වනු ඇත. එමගින් පොළොන්නරුව වැනි දිස්ත්‍රික්කයක පුරවැසියන්ට තම ඉඩම් ඔප්පු ඩිජිටල් ක්‍රමයට ඉඩම් ලියාපදිංචි කාර්යාලයෙන් ලියාපදිංචි කොට සුරක්ෂිතව තබා ගැනීමට හැකිවනු ඇත. ශ්‍රී ලංකා රජයට අවශ්‍ය වී ඇති පරිදි නූතන ක්‍රමවේද අනුව ඉඩම්වල වටිනාකම තක්සේරු කිරීමට මේ මගින් හැකිවනු ඇත.

ජනාධිපතිතුමනි, ඔබගේ 40 වසරක දේශපාලන අත්දැකීම් සමග එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ කර ඇති ආයෝජන සහ සංවර්ධන ආධාර ගැන මනා දැනුමක් ඇත. ශ්‍රී ලංකාව නිදහස ලැබූ දා සිට සංවර්ධන ව්‍යාපෘතිවලට එක්සත් ජනපදය ඩොලර් බිලියනයක් ඉක්මවා ආධාර දී ඇත. ඒවා සියල්ල ප්‍රදාන වන අතර නැවත ගෙවීමක් අවශ්‍ය නොවේ. ඒ ආකාරයටම MCC වැඩසටහන සඳහා ලබා දෙන ඩොලර් මිලියන 480 ඇමෙරිකානු ජනතාව විසින් ලබාදෙන පූර්ණ පරිත්‍යාගයකි. ණය මුදලක් නොවේ. ශ්‍රී ලංකාවට කිසිම මුදලක් නැවත ගෙවීමට මෙම ගිවිසුමෙන් බැඳීමක් නැත.

මා නැවත අවධාරණය කරනුයේ ශ්‍රී ලංකාවේ සහ ශ්‍රී ලාංකිකයන්ගේ ආර්ථික වර්ධනයට මෙම ආධාර ඉමහත් සේවයක් ඉටු කරන බවය. එයින් ඇතිවන්නා වූ අප දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සම්බන්ධතාවය ඔබ ධුර කාලයේ වැදගත් ස්ථානයක් ගනු ඇත. එබැවින් ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර පැවතෙන දිගු ඉතිහාසයක් ඇති සංවර්ධන සහයෝගිතාවය තවදුරටත් වර්ධනය කිරීමට MCC ගිවිසුමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම සඳහා සහාය වන ලෙස ඔබගෙන් ඉල්ලා සිටිමි.

මේ පිළිබඳව යම් ගැටලුවක් තිබේ නම් එයට පිළිතුරු දීමට කැමැත්තෙන් සිටිමි.

හිතවත් අලෙය්නා බී. ටෙප්ලිට්ස්

තානාපතිනිය.

 


Jul 27, 2019 – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග ඊයේ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබු පක්ෂ අතර නාත් අමරකොන් මහතාට අයිතිව තිබී ඔහු මියගිය පසු වංචනීක ලෙස පවරාගෙන මේ වනවිය අධිකරණය හමුවේ නඩුවක් පවා තිබේන එක්සත් ලංකා මහසභා පක්ෂයද තිබේ. ඒ වෙනුවෙන් අත්සන තබා ඇත්තේ වංචා ගණනාවකට හසුව අධිකරණය හමුවේ වරදකරුවෙකු වි සිටින ජයන්ත කුලතුංග නැමැත්තේකු විසීනි.

නාත් අමරකොන් මහතා අභාවප්‍රාත්ත වීමෙන් පසු ඔහු ලේකම් ධුරය දැරූ එක්සත් ලංකා මහසභා පක්ෂයේ අයිතිය පක්ෂයට ඇතුළු  වූ වාණිජ අරමුණු සහිත පුද්ගලයන් කිහිප දෙනෙකු විසින් අත්පත් කරගැනීමේ උත්සාහයක් පැවැති අතර එහි එක් පියවරක් ලෙස නාත් අමරකොන් මියයැමත් සමග  ජයනත කුලතුංග නැමත්තා මැතිවරණය කොමසාරිස්ට ලිපියක් යවමින් තමන් පක්ෂයේ මහා ලේකම් ස පිළිගන්නා ලෙස ඉල්ලා ඇති අතර පසුව එය දැන ගත් පක්ෂයේ කාරක සභිකයන් මෙන්ම ලේකම්වරයා විසින් ගල්කිස්ස උසාවියේ නඩු පවරා තිබේ.  අදාල නඩුවේ තින්දුව අගෝස්තු මස 1 වැනිදා ලබාදිමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් එහි ලේකම් සාගර කාරියවසම් මහතා සමග අවබෝධතා ගිවිසුම්වලට අත්සන් කළ පක්ෂ සහ එම පක්ෂ නියෝජිතයෝ පහත දැක්වේ.

දෙමළ ජාතික නිදහස් පෙරමුණ වෙනුවෙන් – විනයාගමූර්ති මුරලිදරන්
මව්බිම ජනතා පක්ෂය වෙනුවෙන් – හේමකුමාර නානායක්කාර
ලංකා කම්කරු එක්සත් පෙරමුණ වෙනුවෙන් – එස්. සතාසිවම්
ඊලවර් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ වෙනුවෙන් – සලවර්නාදන් දුෂ්‍යන්තන්
මුස්ලිම් උලමා පක්ෂය වෙනුවෙන් – මුබාරක් අබ්දුල් මජීඩ්
ලිබරල් පක්ෂය වෙනුවෙන් – කමල් නිශ්ශංක
නව සිහල උරුමය වෙනුවෙන් – සරත් මනමේන්ද්‍ර
ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පක්ෂය වෙනුවෙන් – අරුණ ද සොයිසා
එක්සත් ලංකා මහා සභාව පක්ෂය වෙනුවෙන් – ජයන්ත කුලතුංග
භූමි පුත‍්‍ර පක්ෂය වෙනුවෙන් – සරත් විජේරත්න

https://www.facebook.com/LNW.today/videos/1263088190560140/

Published on: Jul 25, 2019 –පොලොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතාට ජනාධිපති සොයුරු ඩඩ්ලි සිරිසේන මහතා විසින් මරණීය තර්ජන කිරීම හා ලසන්ත අලගියවන්න මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු රාජ්‍ය ගිණුම් කාරක සභාවට කරන බලපෑම් සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරු අද (25) කථානයකවරයාට පැමිණිලි කළහ.

මෙම පැමිණිල්ල ඉදිරිපත් කලේ ඩලස් අලහප්පෙරුම, ප්‍රසන්න රණතුංග, උදය ගම්මන්පිල, රොෂාන් රණසිංහ, ඉන්දික අනුරුද්ධ, කංචන විජේසේකර යන මන්ත්‍රීවරුන් විසිනි. අද (25) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ කථා නායක නිල කාමරයේදී කථානායකවරයා හමු වූ මෙම මන්ත්‍රීවරු මුලින්ම කථානායකවරයාගේ අවධානයට යොමු කලේ රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයාට ඇති මරණීය තර්ජන පිළිබදවය.

කුඩු හෝ ආයුධයක් දමා රොෂාන් රණසිංහ මනිත්‍රීවරයා අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ සැලසුමක් ඇතිබවත්  ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා මෙහිදී කථානායක වරයා පෙන්වා දී තිබේ. ජනාධිපති සොහොයුරු ඩඩ්ලි සිරිසේන මහතා දිගින් දිගටම තමන්ට තර්ජනය කල බවත් පොලොන්නරුව දිස්ත්‍රික්කය තුල දේශපාලන කටයවුතුද නිසා මෙම තත්වය මතුව තිබෙන බවත් රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයා මෙහීදි සදහන් කර තිබේ.

ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා ට පෙන්වා දී ඇත්තේ රොෂාන් රණසිංහ පමණක් නොව විපක්ෂයේ සියළු මන්ත්‍රීවරුන් මැතිවරණයට පෙර අත් අඩංගුවට ගෙන සිරගත කිරීමේ කුමන්ත්‍රණයක් ආණ්ඩුව ක්‍රියාත්මක කරමින් සිටිනබවය.

මේ පිළිබදව පොලිස්පතිවරයාට දැනුම් දීමටත් රොෂාන් රණසිංහ මනිත්‍රීවරයාගේ ආරක්ෂාව තර කිරීමට උපදෙස් ලබා දීමටත් කථානායක කරූ ජයසූරිය මහතා මෙහිදී එකගතාවය පල කර තිබේ.

රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති අලගියවන්න මන්ත්‍රීවරයා සිය තනතුර භාවිතා කරමින් බස්නාහිර පලාත් සභාවට අනවශ්‍ය බලපෑම් සිදු කරමින් සිටින බවට කථානායක වරයාට මෙහිදී පැමිණිලි කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයාය.

” පසුගිය කාලේ රාජ්‍ය ගිණුම් කාරක සභාව හමුවට වැඩිපුරම කැදවා තිබුනේ බස්නාහිර පළාත් සභාව. බස්නාහිර පළාත් සභාව මේ වන විට විසුරුවා තියෙන්නේ. මන්ත්‍රී වරුන්ට මේ වසරේ වෙන් කර තිබූ ව්‍යාපෘති කපලා ලසන්ත මන්ත්‍රීවරයාට අවශ්‍ය ව්‍යාපෘති විතරක් ක්‍රියාත්මක කරන්න කටයුතු කරගෙන යනවා. මේක කරන්නේ පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම් කාරක සභා තනතුරට මුවා වෙලා” රණතුංග මන්ත්‍රී වරයා මෙහිදී පවසා තිබේ.

මේ සම්බන්ධයෙන්ද සොයාබලා අවශ්‍ය පියවර ගන්නා බව කථානායක වරයා මෙහිදී මන්ත්‍රීවරුන්ට සහතික වී තිබේ.

ජනපති සිරිසේනගේ චණ්ඩි මල්ලි ඩඩ්ලිගේ මැර පාට්……. පොළොන්නරු පොලිසිය සිරිසේන පවුලේ සාක්කුවේ……රොෂාන් රණසිංහ පාර්ලිමේන්තුවේදි කියයි….


Loading…

Published on: Jul 25, 2019 – එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයෙකු අගවිනිසුරුවරයා පසුගිය ආසන්න දිනයක හමු වී සාකච්ඡා කර ඇති බව සදහන් වන අතර ඒ පිළිබදව සම්පූර්ණ තොරතුරු ලබා ගැනීමට පුරවැසියෙකු ලෙසත්, නීතිඥවරයෙකු ලෙසත් අවශ්‍ය  බව නීතීඥ අරුණ ලක්සිරි උණවටුන අගවිනිසුරුවරයා වෙත දන්වා යවා තිබේ.

එකී සාකච්ඡාව සම්බන්ධව අදාල සියලු තොරතුරු ජනතාවට දැන ගැනීමට ලැබීම නීතියේ පාලනය සම්බන්ධයෙන් වැදගත් හෙයින් ඒ සම්බන්ධ තොරතුරු රාජ්‍ය භාෂාවෙන් ප්‍රසිද්ධියට පත් කරන ලෙස ඔහු අගවිනිසුරුවරයාගෙන් ඉල්ලා ඇත.

මෙම ලිපියේ පිටපත්  කතානායකවරයාටත්, රාජ්‍ය භාෂා කොමිෂන් සභාව සභාපතිවරයාටත්,  නීතිපතිවරයාටත් යොමු කර ඇත. එකී ලිපිය පහත දැක්වේ.

Jul 20, 2019 කළගෙඩිහේන ප්‍රදේශයේදි මාර්ගය ඉස්සර කිරීමට ඉඩ නොදුන්නා යැයි පවසමින් වෑන් රථ රියැදුරෙකුට පහර දුන් ප්‍රභු ආරක්ෂකයා ලෙස පෙනි සිටි පුද්ගලයා ගෝඨාභය රාජපක්ෂගේ ගෝලයෙකු වන දිනේෂ් නුවන් අමරතුංග බවට හඳුනා ගෙන තිබෙනවා.

ගෝඨාභය රාජපක්ෂ පිල විසින් ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් රට පුරා සංවිධානය කරන වෘත්තීයවේදි හමුවන් සංවිධානය කරන්නේ මේ දිනේෂ් නුවන් අමරතුංග නැමැත්තාය.

අදාළ සිදුවීම සිදුවන දිනද ඔහු ඇතුළු පිරිස නුවර වෘත්තීයවේදින් සංවිධානය කිරීමේ කටයුත්තක් සඳහා සහභාගි වෙමින් සිටි බවටද මේ වන විට තොරතුරු ලැබෙමින් පවති.

කෙසේ වෙතත් බලය ලැබීමටද පෙර බලයෙන් මොළය උදුම්වා ගන්නා ඔලමොට්ටලයන් රාජපක්ෂ වන්දි භට්ටයන් බව මේ වන විට උදාහරණ ගණනාවකින් රටට පෙන්වා හමාරය.

කළගෙඩිහේනේදි ද රාජපක්ෂ ඌෂ්ණය හේතුවෙන් තුවක්කුව ඇද තර්ජනය කරමින් හැසිරෙන අන්දම දුටු විට සිහිවන්නේ ගෝඨාභය රාජපක්ෂ නිකම්ම නිකන් සිවිල් වැසියෙකු වන කළ මෙසේ හැසිරේ නම් වැරදිලා හෝ ජනාධිපති වුවහොත් මේ පිරිස කෙසේ හැසිරෙනු ඇත්ද යන්නයි.

එදාට රජ කළ මෙන් මොවුන් පාරේ යන විට ජනතාවට කාණුවට බසින්නට අනිවාර්යයෙන්ම සිදු වනු ඇත. නීතියට මෙම පිරිස කාගේ කවුද යන්න අදාළ නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර ඊයේ (19) පැවසුවා මෙන් මොවුනට නීතිය ක්‍රියාත්මක වනු ඇත්දැයි අපි බලා සිටිමු.

Published on: Jul 17, 2019– නොවැම්බර් 19 පැවැත්වෙනජනාධිපතිවරණයේදි එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයාට සහය ලබාදිමට තමන් සුදානම් බවත් ඒ වෙනුවෙන් තමන්ට ජනපතිකම අහිමිවිමත් සමග නීතිමය වශයෙන් එල්ල වන බාධක නතර කරන ලෙසත් තමන් දැනට දරණ පරිසර සහ මහවැලි අමාත්‍යධුරයන් ලබාදෙන ලෙසත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට පණිවිඩයක් යවා තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කරනවා.

තමන්ට හොද පිළිතුරක් ලැබෙන්නේ නම් ජනාධිපතිවරණයේදි ශ්‍රිලනිපයේ මෙන්ම ජනාධිපතිවරණ කාලසිමාවේද ජයග්‍රහණය වෙනුවෙන් සහය ලබාදිමට තමන් සුදාන්ම් බවයි මෛත්‍රී ජනාධිපතිවරයා දැනුම් දි ඇත්තේ. මේ වනවිටත් රජයේ ප්‍රබල අමාත්‍යවරුන් කිහිපදෙනෙකුම මේ සම්බන්ධයෙන අගමැතිවරයා සමග සාකච්ඡා පවත්වා ඇති නමුත් ඒ සදහා යහපත් ප්‍රතිචාරයක් අගමැතිවරයාගෙන් ලැබි නැති බවද වාර්ත වේ.

Published on: Jul 16, 2019 – පරිසර අමාත්‍ය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ දයාබර සොහොයුරු ඩඩ්ලි සිරිසේනගේ සුඛෝපභෝගි හෝටල් පද්ධතියක් හේතුවෙන් 2003 වර්ෂයේ  අංක 1269/25 යටතේ අභය භූමියක් ලෙස රූමස්සල ඓතිහාසික පරිසර පද්ධතියට යාවන උණවටුන මුහුදු තිරය දිනෙන් දින විනාශ වෙමින් පවතිනවා.

සියල්ල පත්තරයෙන් දකින වාසියට පරිසරය අමතක වෙන ජනපති මෛත්‍රිපාල සිරිසේනයන් විසින් තවමත් මේ පිළිබඳව දැනුවත් නැද්ද යන්න දන්නේ සිරිසේන පවුලේ සමාජිකයන්ම පමණකි.

ඩඩ්ලි සිර්සේන 2017 වසරේ ආයෝජන මණ්ඩලය සමඟ ඇති කර ගත් එකඟතාව මත මේ වන විටත් ගාල්ල උණවටුන යද්දෙහිමුල්ල ප්‍රදේශයේ අක්කර අක්කර දහයකුත් පර්චස් 6.1 භූමි භාගයක මෙම දැවැන්ත හෝටලය ඉදි වෙමින් පවතින අතර අරලිය හොටෙල් බිචි  උණවටුන පුද්ගලික සමාගමට අයත් එය තට්ටු 16 කින් සහ  කාමර කාමර දෙසිය පණහකට වඩා වැඩි විශාලත්වයකින් යුක්ත වේ.

ආතර් සී ක්ලාක් විසින් රචිත The Viwe from Serendip පර්යේෂණ ග්‍රන්ථයේ පවා සඳහන් රූමස්සල හා උණවටුන ප්‍රදේශයේ පවතින විවිධ විවිධ වෙනස්කම් සහිත ගුරුත්ව පරිසරයට හා එහි ජෛව විවිධත්වයට මෙම දැවැන්ත හෝටලය නිසා විශාල වශයෙන් හානි වන බව පරිසර විද්වතුන්ගේ මතය යි. දැනට පර්යේෂණ මගින් හඳුනා ගෙන ඇති පරිදි රූමස්සල යනු ලංකාවේ අඩුම ගුරුත්ව බලය හිමි ප්‍රදේශයයි.

දැනටමත් හෝටලය ඉදිකිරීම සඳහා යොදා ගනු ලබන බර යන්ත්‍ර සූත්‍ර හේතුවෙන් හෝටලය සහ එය අවට මුළු ප්‍රදේශයම දෙදරුම් කන බව ප්‍රදේශවාසින්ගේ මතයයි. 

ඩඩ්ලිගේ හෝටලය ඉදිවෙමින් පවතින ප්‍රදේශය ඉතා දුර්ලභ සහ සංවේදි කඩොලාන පරිසරයක් සහිත ප්‍රදේශයක් වන අතර ම හෝටලය මායිම් වන ප්‍රදේශය ඉන්දියාවේ වෙස්ටන් ගාටිස් තීරයට ඉතා සමීප පාංශු කොටස් සහිත ප්‍රදේශයයක් ලෙසද හදුනාගෙන ඇත. ජනපති ආශිර්වාදයෙන් සහ අනුමැතියෙන් විනාශ වන්නේ එවන් මහගු පරිසර පද්ධතියකි.

එසේම 2012 රතු දත්ත වාර්ථාවට අනුව  දැඩි වදවීමේ  තර්ජනයට ලක් වූ ශාකයක් වන  මූදු දෙලුමි (Xylocarpus rumphii)  ශාක කිහිපයක්  වැල්ලේ දේවාල භූමියේ හා මෙම හෝටලය ඉදිකරන භූමියේ දක්නට ඇත. අධික ලෙස වද වීමේ තර්ජනයට ලක්ව ඇති මෙම ශාක දැනට ලංකාවේ වාර්ථා වන්නේ  ශාක 08 අඩු ප්‍රමාණයකි . මෙවැනි අති දුර්ලබ පුරාණ ලෝකයේ ශාක ලෙස හැදින්වෙන මෙම ශාක මුලු ලෝකයෙන්ම වදවී යන අතර එය ආරක්ෂා කල යුතුව තිබුනත් පරිසර අමාත්‍යවරයා සිය සොයුරාගේ හොටල් උවමනාව වෙනුවෙන්  මෙම ශාක පිහිටා ඇති අවසාන භුමියද මෙලෙස විනාශ කිරීමට ඉඩ ලබා දීමඅරටේ අනාගත පරපුර වෙනුවෙන් කරන මහත් ආසාධාරණයකි.

සාමාන්‍යයෙන් හෝටලයක් ඉදි කිරීමේදි නිසි අධ්‍යනයකින් යුතුව පරිසර තත්ව වාර්තාවක් සමඟ පරිසර ඇගයිම් වාර්තාව එම හෝටලයේ ඉදිකිරීම සදහා ලබා දිය යුතු අතර පරිසර අධ්‍යයන වාර්තාව අසමත් කිසිදු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක විය යුතු නොවන බවද පරිසර පනත දක්වා සිටි. නමුත් මෙම අධ්‍යන වාර්තාවන් හා ඇගයීම් වාර්තාවන් ලබා දෙන්නේ මධ්‍යම පරිසර අධිකාරිය මගින් වන අතර එය පවතින්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගේ යටතේ ය. එසේ නම් සිදු වී ඇත්තේ සහෝදර ප්‍රේමයෙන් ලේ කකියීම නිසා ජනාධිපති සිරිසේනට පරිසරයට වඩා මල්ලිගේ දියුණුව වැදගත් වීම බව මනාව පැහැදිළිය.

Jul 13, 2019 – යහපාලන රජය පත් කිරීමට දර දිය ඇද්ද බව ලෝකයට පෙන්වමින් යහපාලන ආණ්ඩුවේ මැති ඇමතිවරුන් පස්සෙන් ගොස් තනතුරු හිඟා කමින් මේ වන විට ලබන ආත්මයට ද ඇති වෙන්න යහමින් මුදල් උපයා ගෙන ඇති චීවරධාරි තිනියාවේ පාලිත හිමියන්ට හදිසියේම මුදල් අමාත්‍යාංශය ලංකාවේ ඇති දුෂිතම අමාත්‍යාංශය බවට පත් ව ඇත.

පසුගිය දා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කොට සිටි අතර මෙහි ඇති විශේෂත්වය වන්නේ මේ ඉදිරිපත් කළ චෝදනා වලට කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කිරීමට තිනියාවේ පාලිත අසමත් වීමයි. යම් අමාත්‍යාංශයයක් හෝ අමාත්‍යවරයා දූෂිත ද යන්න ප්‍රකාශ කිරිම ආවාට ගියාට කිරීමට හෝ පෞද්ගලික ඇරියස් කවර් කර ගැනීමට කළ යුතු නොවන බව පාලිත හිමි තවම අවබෝධ කර ගෙන නැතුවා වන්නට ඇත.

නමුත් හදිසියේ ඇති වූ මේ කඩි ගායේ සුල මුල සෙවු අපට තිනියාවේ පාලිතට  මුදල් අමාත්‍යාංශය තිත්ත කදුරු වූයේ කවර හේතුව නිසාද යන්න සොයා ගත හැකි විය. එයට හේතු දෙකක් පදනම් වී ඇත.

ඉන් පළමුවැන්න නම් යහපාලනය ඇති කිරීම වෙනුවෙන් පරම පවිත්‍ර සේවයක් කළ බවට කන් පින්දම් ගා ලබා ගත් ‘ලංකා හොස්පිටල්’ අධ්‍යක්ෂධූරය තිනියාවේ පාලිතට අහිමි වීමයි. අධ්‍යක්ෂකධූරයට අමතරව අධ්‍යක්ෂවරයෙකු වීම නිසා ම රෝහලේ ඇතැම් කටයුතු වෙනුවෙන් පත් කෙරෙන කමි‍ටු කිහිපයකද සාමාජිකත්වය ලබා ගැනීමට තිනියාවේ පාලිත කටයුතු කොට ඇත. උදාහරණයක් ලෙස රෝහලට අවශ්‍ය ඖෂධ ලබා ගැනිම වෙනුවෙන් වන කමි‍ටුවක් තිබෙන අතර එහි සමාජිකත්වය ලබා ගෙන සිටි තිනියාවේ පාලිත ගේ උවමනාව මතම මාස තුනකට හතරකට වරක් රැස්වෙන එම කමිටුව පසුගිය කාලයේ මාසයකට දෙවතාවක් රැස්වී තිබේ. මේ රැස්වීම් හේතුවෙන් එම කමිටු සාමාජිකයන්ට ලක්ෂ ගණ්නින් මුදල් උපයා ගැනීමට හැකියාව ද  ලැබිඇත .

මේ සමඟ දැක්වෙන සටහනෙන් 2016 දී සහ 2017 දී තිනියාවේ පාලිත ලබා ගත් මුදල් කොටසක් ගැන දැක් වේ. 2016 දී රු හතලිස් පන් ලක්ෂ හැට නවදාස් හයසීයයි.(4,569,600 ය). 2017 දී රු.එකලොස් ලක්ෂ හතලිස් දෙදහස් එකසීයයි( 1,142,100 )

නමුත් මේ පිං චාන්ස් එකට පාත් වූ හෙනහුරා ලෙසට මුදල් අමාත්‍ය මංගල පත් වූ බව තිනියාවේ පාලිත අවබෝධ කරගත්තේ ලංකා හොස්පිටල් මුදල් අමාත්‍යාංශය යටතට පත් වී එහි සියළුම අධ්‍යක්ෂ මණ්ඩලයට ඉල්ලා අස්වීමට අමාත්‍යවරයා දැනුම් දීමත් සමඟය. අස් වූ අධ්‍යක්ෂවරුන් වෙනුවට තවත් අධ්‍යක්ෂවරුන් තෝර ගෙන ඇති අතර ඒ යටතේ හිටපු සමහර අධ්‍යක්ෂවරුන්ට පත් වීම ලැබුනද තිනියාවේ පාලිත ට නැවත අධ්‍යක්ෂධූරයක් හිමිනොවිය.

මුදලට ලොල් වූ තිනියාවේ පාලිත අග්‍රාමාත්‍යවරයා හරහාද නැවත තමන්ට ලංකා හොස්පිටිල් හි අධ්‍යක්ෂධූරය ලබා දෙන ලෙස ඉල්ලා සිටියද කිසිදු ආගමික පූජකයකුට රජයේ හෝ ඒ අනුබද්ධ ආයතන වල තනතුරු ලබා දීමට විරුද්ධ ප්‍රතිපත්තිය හේතුවෙන් මංගල අමාත්‍යවරයා එයට එකඟ නොවිය. තිනියාවේ පාලිත ට මංගල වහකදුරු වූයේ එතැන් සිටය.

දෙවන හේතුව වන්නේ තිනියාවේ පාලිත මේ අදින්නේ රවි කරුණානායක ගේ කොන්ත්‍රාත්තුවක් බවයි.  ඇමැති රවී කරුණානායකගේ නොමසුරු අනුග්‍රහය අප දන්නා කාලයේ පටන්ම තිනියාවේ පාලිත ට තිබුණි.

රවි කරුණානායක අමාත්‍යවරයා එලි පිට හා හැංගි හැංගි මංගල අමාත්‍යවරයාට එරෙහිව ගෙනි යන මංගල විරෝධයේ තවත් එක් පියවරක් ලෙසට තිනියාවේ පාලිත හිමිගේ මාධ්‍ය සංදර්ශනය හදුන්වා දිය හැකිය.

මහබැංකු බැදුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් නිකුත්කරන ලද පොදු ව්‍යාපාර පිළිබද පාර්ලිමේන්තු කාරක සභා වාර්තාව (COPE) අභියෝගයට ලක් කරමින්, 2015 පෙබරවාරි 27 සහ මාර්තු 29 දිනවල සිදුකරන ලද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය නිවැරදිවත් ශ්‍රී ලංකා මහ බැංකුව පිළිගත් විධිමත් ක්‍රමවේදය අනුවත් සිදුකර ඇති බවට ප්‍රකාශයක් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් තිනියාවේ පාලිත ගොනු කරන්නේ රවි කරුණානායක දායකයා බේරා ගැනීම සඳහාය.

මාසයකට සැරයක් හෝ දෙසැරයක් රවිගෙන් ලැබෙන කද මළු වලට පමණක් නොව රවි මුදල් අමාත්‍යවරයා වූ කාලයේ ලබා දුන් ලංකා හොස්පිටල් හි අධ්‍යක්ෂධූරයට ද පිං පිණිස මංගලට විරෝධය දැක්වීමේ පාරමිතාව තිනියාවේ පාලිත පිරිය යුතුය.

යහපාලනයේ නාමයෙන් රටේ ජනතාවගේ බදු මුදල් උලා කෑ පාලිතලා වැනි පාපතරයන්ට තව දුරටත් රටේ ජනතාව හමුවට පැමිණ සෙල්ලම් කරන්න ඉඩක් නැත. ඇත්ත බොරුව කුමක්ද යන්න හෙළිවීම දැන් පහසුවෙන් සිදුවේ.

Jul 9, 2019 – අකුරැස්ස නගරයේ නිල්වලා ගඟ අසල ඉන්ධන පිරවුම් හලක් දැමීමට ජනාධිපතිවරයා යටතේ පවතින මධ්‍යම පරිසර අධිකාරිය විසින් අවසර ලබා දී තිබෙනවා.

මීට පෙරත් එම ඉන්ධන හල එම ස්ථානයේ දැමීමට එම ඉන්ධන හලේ හිමිකරු අවසර ඉල්ලා සිටියත් අකුරැස්ස ප්‍රදේශිය සංවර්ධන කමිටුව එයට අවසර ලබා දී නැත. නමුත් නැවත එම ඉන්ධන පිරවුම්හලට අවසර ලබා දුන්නේ කුමන පදනමින් ද යන්න ඊයේ (08) මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැත් වූ මාතර දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේ දි අමාත්‍ය බුද්ධික පතිරණ විමසා සිටිනවා.

එහිදි ඒ පැනයට පිළිතුරු ලබා දෙමින් මධ්‍යම පරිසර අධිකාරියේ මාතර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂක ප්‍රදීප් සීක්කුබදු මහතා පවසා සිටියේ එම බලපත්‍රය පිළිබඳව තමාට මෙහිදි අදහස් පළ කිරීමට නොහැකි බවත් ඉහළ පාලනාධිකාරිය විසින් එයට අවසර දීමට තීරණය කොට ඇති බවත් ය.

ඒ සමඟම අමාත්‍ය බුද්ධික පතිරණ විසින් ආවේගයෙන් පරිසර අධිකාරියට දෙහි කැපීම ආරම්භ කළා.

“ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ හා දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ අනුමැතියකින් තොරව අකුරැස්ස නගරයේ නිල්වලා ගඟ ආසන්නයේ ඉන්ධන පිරවුම්හලක් යලි දාන්න ඉඩ දෙන්නේ නෑ කියලා අපි තීන්දුවක් ගත්තා.

කලින් ෂෙඩ්කාරයා කීවා.ඕනෑම කොන්දේසියකට යටත් වෙන්නම්.එතැන ආරම්භ කරන්න ඉඩ දෙන්න කිව්වා.එතකොට අපි කිව්වා.කිසිම කොන්දේසියක් යටතේ එතැනට අවසර දෙන්නේ නෑ කියලා.ඔයා පිටි පස්සෙන් ඇවිත් ගෙදරට ඇවිත් අපිව හම්බ වෙන්න එපා කියලා.ප්‍රාදේශීය සංවර්ධන කමිටුව හා දිස්ත්‍රික් සංවර්ධන කමිටුව අනුමත කලොත් විතරයි යලි ගන්න පුලුවන් කියලා.

දැන් මොන විදියකට ද ඔබතුමාලා ලියුමක් අත්සන් කරලා තියෙන්නේ.පරිසර අධිකාරියේ තමුන්නාන්සේ අවසරය දෙන්නේ නැතිව ප්‍රාදේශීය සභාවේ අනුමැතිය දෙන්නේ නැතිව බෑනේ ඒක කරන්න.ඉහල කලමණාකාරීත්වය එහෙම කොහොමද තීරණ ගන්නේ.

මම හෙට උදේ මධ්‍යම පරිසර අධිකාරියේ ඉස්සරහ බිම වාඩි වෙනවා.මට මේ කැබිනට් ඇමතිකම බල්ලෙක්ගේ රෝම කූපයක් තරම්වත් වටින්නේ නෑ.ඒක මතක තියා ගන්න. මේ අපි නපුංසකයෝ නෙවෙයි.මෙහෙම තීන්දු ගන්න නපුංසකයෝ ඇති.මතක තියා ගන්න.අපි පිරිමි.අපි නපුංසකයෝ නෙවෙයි.

මම නපුංසකයෙක් නෙවෙයි.තීන්දුව සැරින් සැරේ වෙනස් කරන්න.මට වැඩක් නෑ ෂෙඩ් එක ගන්න මිනිහගේ දේශපාලනය.හැබැයි ෂෙඩ් දාන්න බැහැ.නිල්වලා ගඟේ වතුර තමයි මෙතන ඉන්න සේරම බොන්නේ.මොකා මොන පාටින් තීන්දුව ගන්න කීවත් කොල පාටින් කීවත් නිල් පාටින් කීවත් කවුරු ගන්න කීවත් ඒ තීන්දුව වැරදියි.එච්චරයි කතාව.කැබිනට් ඇමතිවරයෙක් එතන ඉස්සරහ වාඩි කරවා ගන්න එපා කියන්න.

ඒක ජනාධිපතිතුමාටත් හොද නෑ.ජනාධිපතිතුමා යටතේ තියන ආයතනයක්.ඒක නිසා මේක වෙන්න බෑ.ඩීසල් ලීටර් දොලොස් දාහක් ගඟට දාලා තවත් වතුර පොවන්න බෑ.” අමාත්‍යවරයා පවසා සිටියා.

 

Published on: Jul 7, 2019- ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර සෝෆා ගිවිසුමක් නැහැ.

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම ගැන පැවැත්වුණු සාකච්ඡා සියල්ලටම වානිජ මණ්ඩලයට ආරාධනා කළා.

කීර්තිමත් වාණිජමය සංවිධානයක් වන ලංකා වාණිජ මණ්ඩලය ඔබගේ නායකත්වය යටතේ දේශපාලනීකරණය වී තිබීම කණගාටුවට කරුණක්

අග්‍රාමාත්‍ය ලේකම් ඊ. එම්. එස්. බී. ඒකනායක මහතාගෙන් ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති හාන්ස් විජේසුරිය මහතාට පිළිතුරක්!

ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති හාන්ස් විජේසුරිය මහතා විසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අමතමින් ‘සෝෆා ගිවිසුම හා මිලේනියම් චැලේන්ජ් ගිවිසුම සම්බන්ධව ඉහළ පාරදෘශ්‍යභාවයකින් කටයුතු කරන ලෙසට කරනු ලබන ඉල්ලීම’ යන ශීර්ෂයෙන් යුතුව 2019 ජූලි 03 දින එවන ලද ලිපියට පිළිතුරක් 2019 ජූලි 06 දින යවන අග්‍රාමාත්‍ය ලේකම් ඊ. එම්. එස්. බී. ඒකනායක මහතා ‘සෝෆා ගිවිසුම හා මිලේනියම් චැලේන්ජ් ගිවිසුම සම්බන්ධ කරුණු පිළිබඳව ලංකා වාණිජ මණ්ඩලයේ නොදැනුවත්භාවය පිළිබඳව ගරු අග්‍රාමාත්‍යතුමා වික්ෂිප්තභාවයට පත් වූ බවත් දැනුම් දෙනු කැමැත්තෙමි’ යි ලියා යවා ඇත.

එයට හේතුව යහපාලනය හා විනිවිදභාවය අගය කරමින් කටයුතු කරමින් මිලේනියම් චැලේන්ජ් ගිවිසුම සම්බන්ධව පැවැත්වෙමින් තිබූ සාකච්ඡා සම්බන්ධව 2016.04.04, 2016.04.07, 2016.04.08, 2016.06.14, 2016.06.22, 2017.04.05, 2017.04.06, 19.10.2018 හා 27.10.2018 දිනැති ලිපි මගින් ලංකා වාණිජ මණ්ඩලය හා එහි සාමාජිකයන් දැනුවත් කිරීමට කටයුතු කර තිබීමයි.

“මිලේනියම් චැලේන්ජ් ගිවිසුම හා සම්බන්ධ නිශ්චිත ව්‍යාපෘති යෝජනා කරනු ලැබුවේ අප රජය විසිනි. එක්සත් ජනපද රජය ඇමරිකානු ඩොලර් මිලියන 490 ක ප්‍රදානයක් මේ සඳහා ලබා දෙන ලදී. මෙම ගිවිසුම අත්සන් තැබීමෙන් අනතුරුව ඒ සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගත යුතු වේ. මෙය එක්සත් ජනපදයේ පමණක් නොව යුරෝපීය රටවලද පවතින නීතිමය සම්ප්‍රදායයි. ” යනුවෙන් අග්‍රාමාත්‍ය ලේකවරයාගේ ලිපියෙහි දක්වා ඇති අතර, “පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව මෙම ගිවිසුම පාර්ලිමේන්තු අධීක්ෂණ කාරක සභාව විසින් සමාලෝචනය කිරීමටත් ඒ සම්බන්ධව උනන්දුවක් දක්වන පාර්ශවවලින් නියෝජනයන් ලබා ගැනීමටත් නියමිතව ඇත.” යනුවෙන්ද සඳහන් කරයි.

මෙහිදී සෝෆා ගිවිසුම ගැන කරන ලද සඳහනට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍ය ලේකවරයා පවසා ඇත්තේ ශ්‍රී ලංකා රජය හා එක්සත් ජනපද රජය අතර සෝෆා ගිවිසුමක් නොමැති බවත් එවැනි යෝජනාවක් අදාළ රේඛීය අමාත්‍යංශය වන ආරක්ෂක අමාත්‍යාංශය විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කොට නොමැති බවත්ය.

“මෙම කරුණු සම්බන්ධව නැවත වරක් පැහැදිලිකිරීමට අවස්ථාව ලබා දීම සම්බන්ධව ස්තුතිවන්ත වෙමි. කෙසේ වුවද, සම්පුර්ණ ක්‍රියාවලිය තුල පාර්ශවකරුවෙකු වශයෙන් කටයුතු කල ලංකා වාණිජ මණ්ඩලයේ හදිසි නොදැනුවත්භාවය පිළිබඳව ගරු අග්‍රාමාත්‍යතුමා තම විමතිය පල කර සිටින ලදී. දැනට යම් දේශපාලන පක්ෂ විසින් කර සිදු කර ඇති ප්‍රකාශ හා සසඳා බැලීමේදී ඔබගේ මෙම හදිසි නොදැනුවත්භාවය ඔබගේ අරමුණු හා විශ්වසනීයත්වය පිළිබඳව ප්‍රශ්නාර්ථයක් මතු කරන බව එතුමාගේ අදහසයි. කීර්තිමත් වාණිජමය සංවිධානයක් වන ලංකා වාණිජ මණ්ඩලය ඔබගේ නායකත්වය යටතේ දේශපාලනීකරණය වී තිබීම කණගාටුවට කරුණකි. ” යනුවෙන් එම ලිපිය තවදුරටත් සඳහන් කරයි.
—————————————————————————————

2019.07.06
හාන්ස් විජේසුරිය මහතා
සභාපති
ලංකා වාණිජ මණ්ඩලය

ප්‍රිය මහත්මයාණෙනි

සෝෆා ගිවිසුම හා මිලේනියම් චැලේන්ජ් ගිවිසුම සම්බන්ධව ඉහළ පාරදෘශ්‍යභාවයකින් කටයුතු කරන ලෙසට කරනු ලබන ඉල්ලීම.

ඔබ විසින් ඉහත කරුණ සම්බන්ධව ගරු අග්‍රාමාත්‍යතුමා වෙත එවන ලද 2019 ජූලි 03 දිනැති ලිපිය ලද බවත් සෝෆා ගිවිසුම හා මිලේනියම් චැලේන්ජ් ගිවිසුම සම්බන්ධ කරුණු පිළිබඳව ලංකා වාණිජ මණ්ඩලයේ නොදැනුවත්භාවය පිළිබඳව ගරු අග්‍රාමාත්‍යතුමා වික්ෂිප්තභාවයට පත් වූ බවත් දැනුම් දෙනු කැමැත්තෙමි.

යහ පාලනය හා විනිවිදභාවය අගය කරමින් කටයුතු කරමින් මිලේනියම් චැලේන්ජ් ගිවිසුම සම්බන්ධව පැවැත්වෙමින් තිබූ සාකච්ඡා සම්බන්ධව 2016.04.04, 2016.04.07, 2016.04.08, 2016.06.14, 2016.06.22, 2017.04.05, 2017.04.06, 19.10.2018 හා 27.10.2018 දිනැති ලිපි මගින් ලංකා වාණිජ
මණ්ඩලය හා එහි සාමාජිකයන් දැනුවත් කිරීමට කටයුතු කරන ලදී. (කරුණාකර ඇමුණුම බලන්න).

මිලේනියම් චැලේන්ජ් ගිවිසුම හා සම්බන්ධ නිශ්චිත ව්‍යාපෘති පිළිබඳවද ඔබ දැනුවත් කිරීමට කටයුතු කරන ලදී. ඔබ දන්නා පරිදි, මෙම ව්‍යාපෘති යෝජනා කරනු ලැබුවේ අප රජය විසිනි. එක්සත් ජනපද රජය ඇමරිකානු ඩොලර් මිලියන 490 ක ප්‍රදානයක් මේ සඳහා ලබා දෙන ලදී. මෙම ගිවිසුම අත්සන් තැබීමෙන් අනතුරුව ඒ සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගත යුතු වේ. මෙය එක්සත් ජනපදයේ පමණක් නොව යුරෝපීය රටවලද පවතින නීතිමය සම්ප්‍රදායයි.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව මෙම ගිවිසුම පාර්ලිමේන්තු අධීක්ෂණ කාරක සභාව විසින් සමාලෝචනය කිරීමටත් ඒ සම්බන්ධව උනන්දුවක් දක්වන පාර්ශවවලින් නියෝජනයන් ලබා ගැනීමටත් නියමිතව ඇත.

ශ්‍රී ලංකා රජය හා එක්සත් ජනපද රජය අතර සෝෆා ගිවිසුමක් නොමැති අතර එවැනි යෝජනාවක් අදාළ රේඛීය අමාත්‍යංශය වන ආරක්ෂක අමාත්‍යාංශය විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කොට නොමැත.

මෙම කරුණු සම්බන්ධව නැවත වරක් පැහැදිලිකිරීමට අවස්ථාව ලබා දීම සම්බන්ධව ස්තුතිවන්ත වෙමි. කෙසේ වුවද, සම්පුර්ණ ක්‍රියාවලිය තුල පාර්ශවකරුවෙකු වශයෙන් කටයුතු කල ලංකා වාණිජ මණ්ඩලයේ හදිසි නොදැනුවත්භාවය පිළිබඳව ගරු අග්‍රාමාත්‍යතුමා තම විමතිය පල කර සිටින ලදී. දැනට යම් දේශපාලන පක්ෂ විසින් කර සිදු කර ඇති ප්‍රකාශ හා සසඳා බැලීමේදී ඔබගේ මෙම හදිසි නොදැනුවත්භාවය ඔබගේ අරමුණු හා විශ්වසනීයත්වය පිළිබඳව ප්‍රශ්නාර්ථයක් මතු කරන බව එතුමාගේ අදහසයි.

කීර්තිමත් වාණිජමය සංවිධානයක් වන ලංකා වාණිජ මණ්ඩලය ඔබගේ නායකත්වය යටතේ දේශපාලනීකරණය වී තිබීම කණගාටුවට කරුණකි.

මෙයට විශ්වාසී

අත්. කලේ / ඊ එම් එස් බී ඒකනායක
අග්‍රාමාත්‍ය ලේකම්

Jul 7, 2019 – ලංකාව පුරා බෙදාහරිනු ලබන ඔක්ටේන් 92  පෙට්රල්වල නියදි පරීක්ෂා කිරීමේදී එම නියදි අදාල  ප්‍රමිතියට නොමැති බව  සිය සංවිධානය විසින් කළ සොයා බැලීමකදි තහවුරු වී ඇති බව පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරන්නේ මේ වන විටත් ඔක්ටේන් 92 ලෙසට පාරිභෝගිකයා විසින් මිලදි ගනු ලබන්නේ ඔක්ටේන් 90 පෙට්‍රල් බවයි.

නමුත් මේ පිළිබඳව නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බලධාරීන් හා දේශාපාලකයින් මරණ දඬුවම හා 2020 ජනාධිපතිවරණය පිළිබඳව අදහස් දක්වමින් පවතින බවත් එම නිවේදනය මගින් ඔහු චෝදනා කරනවා.

මාධ්‍ය නිවේදනය.

ලංකාව පුරා බාල පෙට්රල් ඉන්ධනහල් හිමියන් පාරිභෝගිකයින් ගසා කයි! බළධාරීන් නිහඩයි!

ලංකාව පුරා බෙදාහරිනු ලබන ඔක්ටේන් 92  පෙට්රල්වල නියදි පරීක්ෂා කිරීමේදී එම නියදි අදාල  ප්‍රමිතියට නොමැති බව අප සංවිධානය විසින් කරන ලද සොයා බැලීමකදී වාර්තා වී ඇත.

2019 පෙබරවාරි මස අප සංවිධානය විසින් ලංකා IOC සමාගම විසින් පාරිභෝගිකයින්ට අලෙවි කරනු ලබන පෙට්රල් තත්වයෙන් බාලබවට පාරිභෝගික අධිකාරියට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී.

ඒ අනුව පාරිභෝගික අධිකාරිය විසින් IOC සමාගම විසින් අලෙවි කරනු ලබන පෙට්රල් වර්ග කිහිපයක නියදි ලංක‌ා ඛණිජතෙල් නීතිගත සංස්ථාවේ පිරිපහදුවේ පිහිටා ඇති රසායනාගාරය වෙත ලබා දී ඇති ඇති අතර 2019/03/23 දින එම නියදි පරීක්ෂා කර ඇත.

අප සංවිධානයට දැන ගැනීමට ඇති ආකාරයට එම වාර්තාවන්ට අනුව 92 ඔක්ටේන් වල ඔක්ටේන් ප්‍රතිශතය 92% කි. මෙම නියදි ලබා ගෙන ඇත්තේ IOC ඉන්ධන පිරවුම්හලකින් වුවුද එම පිරවුම්හලට ඉන්ධන ලබා දී ඇත්තේ ලංකා ඛණිජතෙල් සංස්ථාවේ බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් විසිනි. IOC සමාගමේ ඉන්ධන ගබඩා තිකුණාමලයේ පිහිටුවා ඇති නිසා කොළඔ පිහිටි IOC ඉන්ධන පිරවුම්හල් සදහා ඉන්ධන බෙදාහරිනු ලබන්නේ ඛණිජතෙල් සංස්ථාවේ ඉන්ධන බෙදා හැරීමේ මධ්‍යස්ථාන තුළිනි.ඒ වෙනුවට තිකුණාමලය ආශීත ප්‍රදේශ සදහා IOC සමාගම විසින් ලංකා ඛණිජතෙල් සංස්ථාවේ ඉන්ධන හල් සදහා ඉන්ධන බෙදා හැරීම සිදු කරනු ලබයි.

 තත්වයෙන් බාල නිසා මීට පෙර ඛණිජතෙල් සංස්ථාව වීසින් 90 ඔක්ටේන් පෙට්රල් අලෙවිය නවතා දමා 92 ඔක්ටේන් පෙට්රල් වෙළදපොළට හදුන්වා දෙන ලදී. එහෙත් පාරිභෝගිකයින් නොමග යවමින් මේ වන විටත් 92 ඔක්ටේන් පෙට්රල් ලෙස පාරිභෝගිකයා මිලදී ගනු ලබන්නේ 90 ඔක්ටේන් පෙට්රල්ය.

සමාගම් විසින් පාරිභෝගිකයින් මෙසේ අන්දවද්දී පාලකයින් මරණ දඩුවම පිළිබදව හා 2020 ජනාධිපති අපේක්ෂකයා පිළිබදව අදහස් පළ කරමින් සිටී.

පාරිභෝගික අධිකාරිය භාර ඇමතිවරයා ලෙස කටයුතු කරන්නේ බුද්ධික පතිරණ ඇමතිවරයාය. එම ඇමතිවරයාගෙන් අප සංවිධානය ප්‍රශ්ණ කරන්නේ ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ පෙට්රල් හා ඩීසල් අලෙවි කරන මිලට වඩා වැඩි මිලකට IOC සමාගමට පෙට්රල් හා ඩීසල් අලෙවි කිරීමට ඉඩ දෙන්නේ ඇයිද? යන්න හා මෙසේ රටපුරා බාල පෙට්රල් අලෙවි කිරීමට ඉඩ දෙන්නේ ඇයිද? යන්නයි.

කිරිපිටි සටන මෙන්ම ඉන්ධන සටනද තම කරමත තබා ගන්නා ලෙස අප බුද්ධික පතිරණ ඇමතිවරයාගෙන් ඉල්ලා සිටිමු.

 

ස්තුතියි

මෙයට විශ්වාසී,

රංජිත් විතානගේ- සභාපති – පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය

 

Jul 7, 2019 – සිය දුර්වල පාලනය හේතුවෙන් ජාතික රූපවාහිනිය විනාශ මුඛයට ක්‍රමයෙන් ඇද දමමින් සිටින ජාතික රූපවාහිනියේ සභාපතිනි ඉනෝකා සත්‍යාංගනී හට සිය ගෞරවය රැකගෙන ඉල්ලා අස් වෙන ලෙස ජනමාධ්‍ය  අමාත්‍ය රුවන් විජේවර්ධන ඉල්ලා තිබෙනවා.

සභාපතිනිය විසින් එම තීරණය ගනු නොලබන්නේ නම් ඇයව එම ධූරයෙන් ඉවත් කිරීමට තමාට සිදු වන බවද ය අමාත්‍යවරයා පවසා තිබෙනවා.

ජාතික රූපවාහිනිය වෙත ලිපියක් යොමු කරමින් අමාත්‍යවරයා පවසා සිටින්නේ 2019 ජූනි මස 26 වෙනි දින ජාතික රූපවාහිනියේ සිදු කළ නිල සංචාරයේදි ඉනෝකාගේ පාලනය විසින් ජාතික රූපවාහිනිය වෙත කර ඇති ව්‍යසනය පිළිබඳව තමා කම්පා වූ බවත් සංචාරයෙන් පසුව ඇය විසින් නිදහසට කරුණු දක්වා ඉදිරිපත් කළ ලිපිය මගින් එම කළකිරීම උග්‍ර වූ බවත් ය.

මීට පෙර අප විසින් අනාවරණය කළ පරිදි 37 වසරක ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ සේවකයින්ට මැයි මාසය වෙනුවෙන් ලැබිය යුතු වැටුප අහිමි වුණා.පසුගිය 24 වැනි දින සේවක වැටුප් ගෙවිය යුතු වුවද රූපවාහිනී සංස්ථාව මුහුණ දී ඇති දරුණු මූල්‍ය අර්බුදය හමුවේ වැටුප ගෙවීමට පාලනාධිකාරියට හැකි වී නැත. අවසන් වරට රූපවාහිණි සේවකයින්ට වැටුප් ගෙවා ඇත්තේ පසුගිය අප්‍රේල් මාසයේ 11 වන දාය. සාමාන්‍යෙයන් මැයි මස වැටුප මැයි මාසයේ 20 දා වනවිට බොහෝ රාජ්‍ය ආයතනවල ගෙවනු ලබන නමුත් රූපවාහිනී සංස්ථාවේ වැටුප් ගෙවන දිනය ලෙස 24 යොදා ඇති අතර අදාල දින වැටුප් ගෙවීමට සභාපතිණිය හෝ අධ්‍යක්ෂ ජනරාල් සමත් වී නැත.

මීට අමතරව අමාත්‍යවරයා විසින් එවන්නට යෙදුණු ලිපියෙන් අනාවරණය වූයේ සිරිත් පරිදි රූපවාහිනිය මගින් අප්‍රේල් මාසයේදි ලබා දෙන රෙදි පිලි ණය වන රුපියල් 20000ද මේ වසරේ ලබා දීමට රූපවාහිනි පරිපාලනය අසමත්ව ඇති බවයි.

මේ හේතුවෙන් සේවකයින් 1000ක් පමණ දැඩි දුෂ්කරතාවයට පත්ව අසරණව සිටිති. සේවකයින් තමන් පුද්ගලිකව ගෙවීමට ඇති ණය මුදල් අදාල බැංකු වෙත ගෙවීමට නොහැකි වීම හේතුවෙන් ඔවුන් තව තවත් අසරණව ඇති බව ඔවූහු පවසති.

ජාතික රූපවාහිනිය දරුණු බිද වැටීමකට ලක්ව වැටුප් ගෙවා ගැනීමට නොහැකි වන තැනට පත්වන බව මීට වසරකට පමණ පෙර සිට එම ආයතනයේ වෘත්තීය සමිති එකමුතුව විසින් පාලනාධිකාරිය වෙත දිගින් දිගටම කරුණු පෙන්වා දුන් බව මේ පිළිබඳව අදහස් දැක්වු එහි වෘත්තීය සමිති එකමුතුවේ ප්‍රකාශකයෙකු සදහන් කළේය.

එම කාලයේ පැවති තත්වය සම්බන්ධයෙන් අප වෙබ් අඩවිය විසින්ද කරුණු අනාවරණය කරමින් ප්‍රවෘත්ති පල කරන ලදී.නමුත් තමුන් පෙන්වා දුන් කරුණු කිසිවක් කෙරෙහී වත්මන් සභාපතිණිය හෝ අධ්‍යකෂ ජනරාල් අවධානය යොමු නොකර අත්තනෝමතික ලෙස කටයුතු කිරීම හේතුවෙන් මෙම තත්වය ඇති වී තිබෙන බව ද ප්‍රකාශකයා සදහන් කළේය. මේ වනවිට ලංකා බැංකුවේ ටොරිංග්ටන් ශාඛාව වෙත පමනක් රුපියල් මිලියන 260ට අධික ණයක් සංස්ථාව ගෙවීමට ඇති අතර මෙවර වැටුප් ගෙවීම සදහා රුපියල් මිලියන 62ක් අවශ්‍ය බව ද වාර්තා වේ.

ඊට අමතරව මාස කිහිපයකින් සංස්ථාව විසින් ගෙවිය යුතු වැට් බදු, සේවක අර්ථසාධක අරමුදල් ගෙවීම්, කුලී ගෙවීම්, රක්ෂණ වාරික, අනෙකුත් බදු මුදල් ඇතුළු සියළු සාමාන්‍ය ගෙවීම් පවා සිදු කර නැති බව අනාවරණය වේ. එමෙන්ම මේ වනවිට ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ලබා දෙන උපදෙස් පවා නොතකා පාලනාධිකාරිය අත්තනෝමතික ලෙස කටයුතු කරන බව අමාත්‍යාංශයේ ඉහළම නිළධාරියෙකු අප සමග පැවසීය.

කෙසේවෙතත් අමාත්‍යවරයා විසින් එවා ඇති ලිපිය ලැබීමෙන් පසුව සිය සමීපතමයන් කිහිපදෙනෙක් හා සාකච්ඡා කරමින් සිය නිර්දෝෂිභාවය පෙන්වා දෙන පිටු ගණනාවක ලිපියක් ජනාධිපති වෙත යොමු කිරීමට මේ වන වි ඉනෝකා සත්‍යාංගනී නිර්ලජ්ජිත අයුරින් ක්‍රියා කරමින් සිටින බවත් ඒ සඳහා වන ලිපිය අප මෙම පුවත පළ කරන අවස්ථාව වන විටද සකස් කර්මින් සිටින බවත් වාර්තා වෙනවා.

ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන විසින් ජාතික රූපවාහිනිය වෙත යොමු කළ ලිපිය පහත වේ,

Top