Published on: Jul 6, 2019 – එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීමට බලාපොරොත්තු වන අපේක්ෂකයන්ගේ අධ්‍යාපන සුදුසුකම් ඉදිරිපත් එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලයට ඉදිරිපත් කළ යුතු බව හා අදාළ අපේක්ෂකයා විසින් තම දිස්ත්‍රික්කය හා ආසනය ජයග්‍රහණය කොට සිටිය යුතු බවට වන කොන්දේසියක් ඇතුලත් යෝජනාවක් පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයට ඉදිරිපත් විය යුතු බවට යෝජනාවක් ගෙන ඒමට නියමිතය.

එක්සත් ජාතික පක්ෂ ප්‍රභල අමාත්‍යවරයෙක් මෙම යෝජනාව ගෙන ඒමට සූදානම්ව ඇති බවත් ලංකාවේ පමණක් නොව විදේශයහිදි ලබා ගත් සියළුම අධ්‍යාපන සුදුසුකම් මේ යටතේ ඉදිරිපත් කළ යුතු බවත් වාර්තා වෙනවා.

එසේම අදාළ යෝජනාව සම්මත වුවහොත් දැනට ජනාධිපති අපේක්ෂකත්වයට යෝජනා වි ඇති රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, කරු ජයසූරිය යන මහත්වරුන්ටද එය බලපානු ඇති.මිට අමතරව එජාපයෙන් තරග කිරිමට තවත් සැඟවුණු අපේක්ෂකයෙකු සිටින බවත් ඔහු සම්බන්ධයෙන් අවසන් මොහොත දක්වා තීන්දුවක් නොගන්නා බවත් පක්ෂයේ ප්‍රභලයෙකු අප දේශපාලන වාර්තාකරු සමග අනාවරණය කර තිබුනා.

මේ අතර එක්සත් ජාතික පෙරමුණේ සියළුම නායකයින්, කැබිනට් ඇමතිවරුන් සියළු දෙනා සහභාගි වූ රැස්වීමකදී රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා අමාත්‍ය ලක්ෂමණ් කිරිඇල්ල ඉහළ ඇගයීමට ලක් කොට තිබෙනවා.

තමා වෙනුවෙන්, පක්ෂය වෙනුවෙන්, ආණ්ඩුව වෙනුවෙන් විධායක ජනාධිපති සමඟ සaජුවම හැප්පුණේ ලක්ෂමන් කිරිඇල්ල අමාත්‍යවරයා බවත් ඒ නිසා ඔහුට සිය අමාත්‍යාංශයේ සමහර විෂය පථයන් පවා අහිමි වූ බවත් අගමැතිවරයා මෙහිදි පවසා තිබෙනවා.

Jul 1, 2019 – අමාත්‍ය මණ්ඩලය නොමග යවා හදිසි අවශ්‍යතාවයක් ලෙස විශේෂ කැබිනට් අනුමැතියක් යටතේ රුපියල් කෝටි 250ක් වැය කර ලංකා විදුලිබල මණ්ඩලය මිලදී ගත් ජනක යන්ත්‍ර 50 අක්‍රිය තත්වයේ පවතින බව තම සංවිධානය විසින් තහවුරු කරගත් බව පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ පවසනවා.

තාක්ෂණික ඇගයීම් කමිටුව විසින් ප්‍රතික්ෂේප කරන ලද ඉන්දියානු සමාගමකට එම ජනන යන්ත්‍ර මිලයට ගැනීමට අදාල ටෙන්ඩරය ලබා දී ඇති බවත් ඒ විශාල කොමිස් මුදලක් ලබා ගැනීමට බවත් එම සංවිධානය පවසනවා.

මේ සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට පැමිණිලි කිරීමට තම සංගමය විසින් බලාපොරොත්තු වන බවත් එම රංජිත් විතානගේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටිනවා.

එම නිවේදනය පහතින්,

ලංවිම මිලදී ගත් කෝටි 250ක ජනක යන්ත්‍ර අක්‍රියයි කොමිස් කුට්ටි ලේකම් සුරසේන බටගොඩගේ සාක්කුවේදැයි සැක බැවින් අල්ලස් කොමිසමට පැමිණිලි කරනවා

අමාත්‍ය මණ්ඩලය නොමග යවා හදිසි අවශ්‍යතාවයක් ලෙස විශේෂ කැබිනට් අනුමැතියක් යටතේ රුපියල් කෝටි 250ක් වැය කර ලංකා විදුලිබල මණ්ඩලය මිලදී ගත් ජනක යන්ත්‍ර 50 අක්‍රිය තත්වයේ පවතින බව අප සංවිධානය විසින් කරන ලද විමර්ශනයකින් තහවුරු වී ඇත. හදිසි විදුලි හිගයට පිළියමක් ලෙස අමාත්‍ය මණ්ඩලයද නොමග යවා කර ඇති මෙම මිලදී ගැනීම කොමිස් ගැසීම සදහාම කර ඇති බව තහවුරු වී තිබේ. මෙගා වොට් 1ක ධාරිතාවයක් සහිත ජනක යන්ත්‍ර 50ක් මිලදී ගෙන ඇත්තේ රටේ පවතින විදුලි හිගයට පිළියමක් වශයෙන් බව හගවා තිබුණද මිලදී ගත් ජනක යන්ත්‍ර නිසි පරිදි ක්‍රියාත්මක නොවන අත්හදා බැලීම් මට්ටමේ පවතින ඒවා බව හෙලි වී තිබේ. තාක්ෂණික ඇගයීම් කමිටුව විසින් ප්‍රතික්ෂේප කරන ලද ඉන්දියානු සමාගමකට අදාල ටෙන්ඩරය පිරිනමා ඇත්තේ විශාල කොමිස් මුදලක් ලබාගැනීම වුවමනාවෙනි.

ජනතාවගේ මුදල් මෙලස විනාශ කිරීම පිළිබදව අප විසින් මේ පිළිබදව අල්ලස් හෝ දූෂණ කොමිසමට පැමිණිලි කිරීමට කටයුතු සූදානම් කරමින් සිටී

ස්තුතියි

මෙයට විශ්වාසී,

රංජිත් විතානගේ- සභාපති – පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය

 

 

 

Jun 27, 2019 – ශ්‍රී ලංකාව තුළ කුමන ආකාරයකින් හෝ මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට කිසිලෙසකින්වත් එකගත්වය පළ නොකරන සිටිමටඑක්සත් ජාතික පක්ෂය තීන්දුවක් ගෙන තිබෙනවා .

එක්සත් ජාතික පක්ෂය ලෙස පමණක් නොව ආණ්ඩුව ලෙසද ශ්‍රී ලංකාවේ මරණ දඩුවම ක්‍රීයාත්මක කිරීමට එකගත්වය නොදක්වන්නේයැයි එක්සත් ජාතික පක්ෂය විසින් දැඩිව අවධාරණය කර සිටිනවා.

දිවංගත ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතා මරණ දඩුවම දීම නතර කිරීමට ගත් ප්‍රතිපත්තිමය තීන්දුව වෙනස් කිරිමට එක්සත් ජාතික පක්ෂයට කිසිඳු අදහසක් නොමැති බවත් යහපාලනය සදහා වූ ජාතික රජයද යළි මරණ දඩුවම ක්‍රියාත්මක නොකිරීමට වර්ෂ 2016 දී ආණ්ඩුවක් ලෙස එකගත්වය පළ කළ ඇති බවත් පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.

මේ අතර මරණ දඬුවම ක්‍රියාත්මක වීම පිළිබඳව අදහස් දක්වමින් එක්සත් රාජධානියේ විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ලංකාවේ මරණ දඬුවම ක්‍රියාත්මක වීම ගෝලීය ත්‍රස්තවාදය පරාජය සඳහා ලංකාව ලබා දෙන එක්සත් රාජධානියේ සහය වෙනුවෙන් දැඩිව බලපාන බවයි.

එසේම කුමණ තත්ත්වයක් යටතේ හෝ මරණ දඬුවම ලබා දීම පිළිබඳව එක්සත් රාජධානිය තරයේ විරුද්ධ බවත් එම ප්‍රකාශකයා සඳහන් කළා.

එසේම යලිත් ජනපති වීමේ සිහින දකින සිරිසේන ජනපති විසින් හදිසියේ මරණ දඬුවමට අත්සන් තබා ඇත්තේ මීට මාස 6 කට පෙර ලංකාව එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් ලොව පුරා මරණ දණ්ඩනය ක්‍රියාත්මක වීම වැළැක්වීමට ගෙන ආ යෝජනාවට ලංකාව සිය සහය පල කළ ඇති වාතාවරණය කදි වීමත් විශේෂත්වයකි.

මිත්‍රවරුනි ;

අධෝමුඛය දෙනවා මදිවාට ඛේඨ ග්‍රන්ථිය ද මේ ජනපතිවරයාට පුද දීම අනතුරු සහගත බව වටහා ගන්න !

Jun 23, 2019 – අවුරුදු 10 පුරා ලංකාව වෙලා ගෙන සිටි ඒකාධිපති වියරුව වෙනුවෙන් එම ඒකාධිපති පරම්පරාව රජ කළ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්ධූරය ද අතහැර ජනාධිපතිධූරය වෙනුවෙන් තරග කොට මේ රටේ යහපාලනයක් වෙනුවෙන් ප්‍රතිඥා ලබා දෙමින් ඒ මතින් බලයට පැමිණි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සිය පොරොන්දු සියල්ල පසකලා විධායක බලයෙන් උමතු වී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන ආ 18 වෙනි 19 වෙනි සංශෝධනයන් අහෝසි කළ යුතු බව පවසා සිටියා.

අද (23) බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලවේ පැවති උත්සවයක්දි ජනාධිපතිවරයා පවසා සිටියේ 19 වෙනි සංශෝධනය නිසා රටට හරි නායකයෙක් නොමැති වූ බවත්, ආණ්ඩුවේ පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කරන මෙම කාලයේ සිදු වූ වැරදි පිළිගෙන 19 වෙනි සංශෝධනය අහෝසි කිරීමට කටයුතු කළ යුතු බවත් ය.

එහිදි අදහස් දැක්වූ ජනාධිපතිවරයා පවසා සිටියේ,

“ගරු අගමැතිතුමණි අපේ ආණ්ඩුවට දැන් අවුරුදු හතරාමාරක් වෙනවා. මේ ආණ්ඩුවේ තිබිලා දැන් මැතිවරණයක් තියන්න තියෙන්නේ තව මාස 4 යි 5යි. පශ්චාත් මරණ පරීක්ෂණය තියන්න දැන් කාලය ඇවිල්ලා තියෙන්නේ. අවුරුදු හතරාමාරක් තුළ ආණ්ඩුව රටේ නරක වුණා නම් නරක් වෙන්න ප්‍රධානම හේතුව තමයි 19 වෙනි සංශෝධනය. මේ රටේ ජනතාව අතරේ චෝදනාවක් තියනවා අගමැතිතුමයි මමයි දෙපැත්තට අදිනවා කියලා. මේ දෙපැත්තට අදින දේ ඇති වුණේ 19 වෙනි සංශෝධනයෙන්. 18 වෙනි සංශෝධනය රාජාණ්ඩු ක්‍රමයක් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ. 18 වෙනි සංශෝධනය අහෝසි කරන්න තමයි අපි ආණ්ඩුව හැදුවේ. 19 වෙනි සංශෝධනය මේ රටේ දේශපාලන අස්ථාවරත්වය ඇති වුණා. එක නායකයෙක් නැති වුණා. මේ රට යහපත් රටක් කරන්න නම් 18 වෙනි සංශෝධනයත්, 19 වෙනි සංශෝධනයත් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අවලංගු කළොත් තමයි මේ රටට යහපතක් වෙන්නේ. 18 ඒකාධිපති, 19 අස්ථාවරත්වය. රට අරාජිකයි කියලා මිනිස්සු කියන්නේ 19යෙන් ඇති වෙච්ච තත්ත්වය. 19 වෙනි සංශෝධනය ඇති නොවුණා නම් මේ අවුරුදු හතරාමාර මීට වඩා ජයග්‍රාහී විශිෂ්ට සිව් වසරක්.” යනුවෙනි.

19 වෙනි සංශෝධනය සම්මත කර ගත්තේ 18 වෙනි සංශෝධනය අහෝසි කරමින් බව ජනාධිපති සිරිසේනට සමහර විට අමතක වී ඇතුවා වන්නට ඇත. එසේම 19 වෙනි සංශෝධනය නිසා මේ රටේ නීතියේ ආධිපත්‍ය, අධිකරණ ස්වාධීනතාවය ආරක්ෂා වූ ආකාරය පමණක් නොව ජනතා කැමැත්තෙන් පත් වූ නීත්‍යානුකූල අගමැති ප්‍රමුඛ රජය පෙරලා හොර අගමැතිවරයෙක් පත් කිරීමට ජනාධිපතිවරයා ගත් ක්‍රියාමාර්ගය ව්‍යර්ථ වූ හැටිත් සිරිසේන ජනපතිට අමතක ඇති. නොඑසේනම් මේ විදියට 19 වෙනි සංශෝධනය සමඟ වෛර බදින්නේ කැමති කැමති පරිදි බලය පාවිච්චි කිරීමට ඒ හරහා වැට බැන්ද නිසා ද යන්න දන්නේ සිරිසේන ජනාධිපතිමය.

තමා සතුව තිබෙන ආරක්ෂක අමාත්‍යධූරයේ වැඩ නිසි පරිදි ඉටු නොකට රටේ ආරක්ෂාව බල්ලට දමා මාකඳුරේ මධූෂ් ඇල්ලීම සිය එකම රාජකාරිය කොට ගෙන සිටි සිරිසේන ජනාධිපතිවරයා 250කට සිය ජීවිත අහිමි කළ ආකාරය සිහිවන විට 19 වෙනි සංශෝධනය හෝ නොතිබුණා නම් කුඹුර ගිනි තිබ්බාට වඩා විනාශයක් රටට කරන්න ජනාධිපතිවරයා කටයුතු කරන ආකාරය සිතා ගත හැකිය.

විධායක ජනාධිපති පුටුවේ රස දැණුනු කිසිවෙක් එය අත නොහරින බව නම් ප්‍රත්‍යක්ෂය. ඡන්දය ලං වෙන්න වෙන්න විධායක පිස්සුව ඔලුවටම තද වී ඇති ජනාධිපති සිරිසේන මේ කරන්නේ නන් දෙඩවිමක් බව නම් පැහැදිළිය. තව පාරක් නමට හෝ රටේ ජනාධිපතිවීමට ජනතාව ඉඩ නොදෙන වේලාවක සිරිසේන ජනාධිපතිවරයා මේ දකින්නේ 19 අහෝසි කොට ජනමත විචාරණය හරහා නැවත විධායක ජනාධිපති වීමේ සිහිනයද???

Jun 23, 2019 – කතරගම මහා දේවාලයේ  බස්නායක නිලමේ  තනතුරට පුද්ගලයෙක් තෝරා ගැනීම සඳහා ඡන්දය මේ වසරේ සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත ඒ සඳහා ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රෙනෝද සිල්වා තරග කිරීමට අවශ්‍ය මෙහෙයුම් දියත් කර තිබේන බව වාර්තා වේ.

රුහුණු කතරගම මහ දේවාලයේ බස්නායක නිලමේ තනතුර මේ දක්වා හිමිවූයේ බලය හා මුදල් යහමින් ඇති පුද්ගලයන්ටය. කතරගම දේවාලයේ බස්නායක නිලමේ තනතුර සඳහා පුද්ගලයෙකු තෝරා ගැනීම අවුරුදු 5 කට වතාවක් ඡන්දයක් පැවැත්වෙන අතර ඒ සඳහා ඉදිරිපත් වන අපේක්ෂයෝ සිය ඡන්ද ගොඩ වැඩි කර ගැනීමට කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් වියදම් කරන අතරම තනතුර ලබා ගත් අවුරුදු 5 තුළ බැතිමතුන්ගේ පුද පඬුරු වලින් වියදම් කළ මුදලට වඩා දස දහස් ගුණයක් හරි හම්බු කරති.

2011 වසරේ දි බස්නායක නිලමේ තෝරා ගැනීමට පැවති ඡන්දයෙන් මහනුවර ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හල් හිමියෙකු වූ ඩී.පී. කුමාරගේ මහතා නිතරගයෙන් තේරි පත් වූ අතර 2018 වසරේදි ඔහුගේ තනතුර එවකට බුද්ධ සාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම විසින් අත්හිටුවනු ලබන්නේ ඔහුට එල්ල වන දැඩි චෝදනා හේතුවෙනි. පසුව වැඩබලන බස්නායක නිලමේ ලෙස දිල්රුවන් රාජපක්ෂ මහතා පත් කිරීමට ද බුද්ධ සාසන අමාත්‍යාංශය කටයුතු කළා.

මේ වසරේ අභිනව බස්නායක නිලමේ ධූරයට පත් වීමට සිහින දකිමින් සිටින රෙනෝද සිල්වා මේ වන විටත් ඒ සඳහා අවශ්‍ය මෙහෙයුම් දියත් කරමින් සිටි.මෙවර පොසොන් උත්සවය නිමිති කරගෙන හිරු ශ්‍රාද්ධභිවන්දනා තිස්සමහාරාම වෙහෙරේ පවත්වන්නේ ඒම මෙහෙයුමේ කොටසක් ලෙස වන අතර  ඒ හරහා කතරගම බලය සියතට ගැනිමට අවශ්‍ය මෙහෙයුම් දියත් ව තිබේ.

එපමණක් නොව කතරගම බස්නායක නිලමේ තනතුරට ඡන්දය ලබා දීමට බලය ඇති මොනරාගල දිස්ත්‍රික්කයේ සියළුම පන්සල් අරමුණු කරගෙන ආසියානු මාධ්‍ය ජාලය හරහා රෙනෝද සිල්වා මේ වනවිට මෙහෙයුම් දියත් කර ඇති අතර මේ හරහා  කෝටි ගණනින් මුදල් මේ සියළුම පන්සල් වලට පොම්ප කිරීමටත් එම සියළුම විහාරාධිපති ස්වාමින් වහන්සේලා මෙන්ම දායක සභාවේ ලොක්කන්ටද  විවිධාකාර තුටු පඩුරු ලබා දීමටත් රෙනෝද සිල්වා ක්‍රියාකරමින් සිටින බව මේ වනවිට අනාවරණය වි තිබේ.

Published on: Jun 22, 2019 – වසර 43කට පසු මෙරට පළමු වරට, ලබන සතියේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් රහසිගතව නීතිපති දෙපාර්තමේන්තුවට සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.

නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයෙකු විසින් මීට අදාළ කටයුතු සිදු කරමින් සිටින බව එම දෙපාර්තමේන්තුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ග තහවුරු කළේය. මත්ද්‍රව්‍ය විරෝධී ජනාධිපති කාර්යසාධක බලකාය මගින් ජුනි 23 සිට ජුලි 01 දක්වා විශේෂ මත් විරෝධී සතියක් ප්‍රකාශයට පත් කර තිබේ. මේ සතිය තුළ දී මත්ද්‍රව්‍ය සම්බන්ධ වරදකට මරණ දඬුවම නියම වූ සිරකරුවකුට අදාළව එම දඬුවම ක්‍රියාත්මක කිරීම ජනාධිපතිවරයාගේ අරමුණ වී ඇත. මේ සම්බන්ධයෙන් වන සියලු කරුණු රහසිගතව තබාගත යුතු බවද ජනාධිපතිවරයා විසින් අදාළ දෙපාර්තමේන්තු දෙකට අවධාරණය කර තිබේ.

පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේ හමුවීමෙන් පසු, එරට මත්ද්‍රව්‍ය භාවිත කරන්නන්ට සහ ජාවාරම්කරුවන්ට එරෙහිව ක්‍රියාත්මක කළ ආකාරයේ මරණ දඬුවම් පැනවීමේ ක්‍රමයක් මෙරටටද අත්‍යවශ්‍ය බව ජනාධිපතිවරයා පැවසීය. එහෙත් ඊට මෙරටින් මෙන්ම අන්තර්ජාතික ප්‍රජාවගෙන්ද බරපතල විරෝධයක් එල්ල විය.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා තිබුණේ මානව හිමිකම්වලට තමන් පාලනය කළ නොහැකි බවයි. 2015 ජනවාරි 08 පැවතී ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා පැවසුවේ මානව හිමිකම් ක්‍රියාත්මක වන ආකාරය මගින් රටක දියුණුව තීරණය වන බවයි.

මේ වසර අවසානයේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් මේ සියලු කටයුතු ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා පෙළඹී සිටී.

~~ශාලික විමලසේන~~

Published on: Jun 15, 2019- පසුගිය ජනපතිවරණ සමයේ ජනපති අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේනගේ සම්බන්ධයෙන් සිරිසේන-චමිලා පෙම් පලහිලවුවක් පතුරුවා මහින්දගේ ලැබෙන්න තිබුන ඡන්ද වලටත් කෙළීය යකඩ හොරෙකු ලෙස ප්‍රසිද්ධ,පසුගිය රාජපක්ෂ සමයේ ස්වාධින රූපවාහිනිය හිගමනයට ඇද දැමු හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ(හොරට) සුදර්මන් රදලියගොඩට කලකට පසුව රාජ්‍ය නාලිකා සම්බන්ධයෙන් රුදාවක් හටගෙන තිබේ.

දියසෙන් පදනම නමින් සංවිධානයක් අටවාගත් සුදර්මන් පසුගිය ජනාධිපතිවරණ සමයේ සිරිසේනගේ රෙදි ගැලවිමට කටයුතු කල අතර ඒ වෙනුවෙන් මහින්දගෙන් රුපියල් මිලියන 250ක මුදලක් කැෂ් වලින්ම ලබාගැනිමටද ඔහු සමත්ව තිබේ.ඒවා ප්‍රසිද්ධ රහස් ය. නමුත් “යකඩ සුදා” වෙනුවෙන් වැඩේ කල කිසිවෙකුටත් රුපියල් හෝ නොලැබිනි. ඒ  අනුව චමිලා,සිරිසේන ආදර අන්දරය හා ඒ හරහා සිරිසේනට දාව දරුවාගේ පැටිකිරිය රටේ ජනතාව හමුවේ ITN ඔස්සේ ගෙනගිය “යකඩ සුදා” සිරිසේන ජනපති වු පසු සැගවි සිට පසුව සිරිසේන සමග ඩිල් දමා මහින්දව පවා පාවදිමට කටයුතු කර තිබේ. මතකද?… අමතකනම් යලිත් බලන්න…

ජනපතිවරණ සමයේ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අපහාසයක් වන පරිදි බාලවයස්කාර දරුවකු යොදා ගනිමින් රූපවාහිනී දැන්වීමක් ප්‍රචාරය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් “යකඩ සුදා” ඇතුළු සැකකරුවන් 12 අද අධිකරණයේ පෙනී සිටිය අතර එයින් ප්‍රයෝජන ගත් “යකඩ සුදා” ඔහුන්ගේ කිහිප දෙනෙකු පාවාදි මෛත්‍රී සමග ඩිල් එකක් දමාගැනිමට සමත් විය.

ජනාධිපතිවරණ ප‍්‍රචාරක සමයේ පොදු අපේක්ෂක මෛත‍්‍රිපාල සිරිසේන මහතා සහ චමිලා නමැති කාන්තාවක අතර සම්බන්ධයක් ඇති බවට ස්වාධින රූපවාහිනිය හරහා කල ප්‍රවෘත්තිය සම්පුර්ණ අසත්‍යක් බවට අධිකරණය හරහා පිලිගැනිමට සුදානම් නම් ස්වාධීන රූපවාහිනී සංස්ථාවේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂක සුධර්මන් රදළියගොඩ මහතා එම ආයතනයේ සභාපතිධුරයට පත් කිරිමට ජනාධිපතිවරයා සුදානම් බව සුධර්මන්ට විශේෂ නියෝජිතයෙකු හරහා දැනුම්දි තිබේන බව අප විශේෂ වාර්තාකරු 2016 මැයි 31 වැනිදා අනාවරණය කලා.

ඒ සදහා “යකඩ සුදා” තමන්ට ITN හී සභාපතිකම ලබාදෙන ලෙසට මෛත්‍රීගෙන් ඉල්ලිමක් කර තිබේ.නමුත් එම ඉල්ලිම ඉටුකිරිමට ජනපති දිගින් දිගටම අසමත් වු අතර ඊට ආසන්නතම හේතුව වි ඇත්තේ “යකඩ සුදා” අඩුම තරමේ උසස් පෙල විභාගයවත් සමත්ව නැති විමයි.ඒ හේතුව නිසා මහින්ද තාවකාලිකව අගමැති බලය අල්ලා ගත් දින 52ක කාලය තුලදිවත් “යකඩ සුදා”ට සභාපතිකම ලැබුනේ නැත.

“යකඩ සුදා” ශ්‍රි ලංකා ගුවන් විදුලියේ තැටි පිහදාමින් සිට පසුව රාජපක්ෂලාට ගොට්ට අල්ලා තනතුරු ගත් සෙවලයෙකු මිස කිසිදු හැකියාවක් නොමැති අයෙකු බව ඉදිහාසය පුරාවටම ඔප්පුකර ඇති අතර රාජපක්ෂලාගේ පරාජයෙන් පසුව සෙනසුරාදාට එන බව කියමින් රට පුරා ජනතා ආකර්ෂණය දිනාගත් “ඉරිදා” පුවත්පත වැඩිකල් නොගොස් කෙලවා ගැනිමත් සමග තවත් තහවුරු වේ.

එම අනාවරණය පහතින් කියවන්න……

සුධර්මන්ගේ පවුල ගිලගත් “ඉරිදා”සිකුරාදාම ගිනි ගනී

පසුගිය වසර කිහිපයම ITN මාධ්‍ය ජාලය සමතලා කිරිම සදහා තමන්ගේ 8 පාස් හෙංචයියන් යොදවා ගනිමින් උත්සහ ගත් රාජපක්ෂලා සහ “යකඩ සුදා”දැන් ITN මාධ්‍ය ජාලය සම්බන්ධයෙන් බිල්ලන් මවමින් සිටි.ලැජාවට කරුණනම් මාධ්‍ය සාකච්ඡා පවත්වමින් රාජපක්ෂලා සමයේ වැඩබැරි “යකඩ සුදා” ITN මාධ්‍ය ජාලය කඩා වැටි ඇති බවට බේගල් ඇදබාමින් සිටිමයි.

රාජපක්ෂ සමයේ පසුගිය ජනාධිපතිවරණ මැතිවරණ සමයේ සිය ප්‍රචාරක කටයුතු සඳහා මුදල් නොගෙවා ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය (ITN) යොදාගැනීම මගින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ “දූෂණය” සම්බන්ධ වැරදි එකක් හෝ කිහිපයක් කර ඇති බව බරපතල දූෂණ, වංචා විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම නිගමනය කර තිබේන බව “යකඩ සුදා” දන්නේද ? නොදන්නේ නම් ඒ ගැන මහින්දගෙන් අසා දැන ගත හැක.

අයිටීඑන් මාධ්‍ය ජාලයේ හිටපු සභාපති/ප්‍රධාන විධායක නිලධාරී අනුර සිරිවර්ධන, එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අලෙවි) ජයසිංහ ආරච්චිගේ උපාලි රංජිත් සහ එහි සහකාර කළමනාකරු (අලෙවි) දිලීප් වික්‍රමසිංහ එසේ නඩු පැවරීම සඳහා කොමිසම විසින් නිර්දේශ කරනු ලැබ තිබෙන සෙසු තිදෙනාය.ඔවුන් තිදෙනා තවදුරටත් රාජ්‍ය ආයතනයක සේවය කිරීමට නුසුදුසු බව ද කොමිසම නිගමනය කර තිබේන බව “යකඩ සුදා” දන්නේද?

ජනාධිපතිවරණයේදී පෙන්නුම් කළ අතර එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට වාසි සහගත අන්දමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කිරීම සඳහා ස්වාධීන රූපවාහිනිය නොමිලයේ යොදාගැනීම තුළින් රාජ්‍ය ආයතනයක් වූ එම රූපවාහිනියට රුපියල් එකොලොස් කෝටි විසිනව ලක්ෂ හාරදහස් හයසිය තිස් අටක (රු. 112,904,638) මුදලක් පාඩු සිදු කර තිබිණි.

“යකඩ සුදා” ඔබ් ඒ ගැන නොදන්නේ නම්….

මහින්ද රාජපක්ෂ පාලනය සමයේ රාජ්‍ය ආයතන 17ක සිදු වූ බව පැවසෙන මහා පරිමාණ වංචා, දූෂණ සහ රාජ්‍ය සම්පත් අවභාවිතය පිළිබඳව පරීක්ෂා කිරීම සඳහා 2015 මාර්තු 03 වෙනි දින පත්කරන ලද බරපතල දූෂණ, වංචා විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම සිය පරීක්ෂණවල ප්‍රතිඵල සහ නිර්දේශ ඇතුළත් පිටු 1135කින් සමන්විත අවසාන වාර්තාව පසුගිය ජනවාරි 02 වෙනි දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත භාර දුන් වාර්තාව ගෙන බලන්න.

රාජපක්ෂලාගෙ අසුචී පවා රසකමින් බුදිනා “යකඩ සුදා” ඇතුලු 8 පාස් ගස් ගෙවලයන් පලමුව කලයුත්තේ රාජපක්ෂලා රාජ්‍ය මාධ්‍යයට කෙලවු කෙලවිල්ලට වන්දි ගෙවිමය. කතාව තවම ඉවර නෑ…. “යකඩ සුදා” ගේ අමන වැඩ සියල්ලම ඡායාරූප සහ හඩ පට සමග ඉදිරියේදි බලාපොරොත්තු වන්න.

සැ.යු. : පහත දැක්වෙන්නේ පසුගියදා රාජපක්ෂ හෙංචයියන්ගේ යුක්තියට හඩක් නැමති සංවිධානය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකදි ITN මාධ්‍ය ජාලය සම්බන්ධයෙන් “යකඩ සුදා” කල ප්‍රකාශයකි.ඊට නිසි පිළිතුරු ITN මාධ්‍ය ජාලය ලබාදෙනු ඇති බව ජනතා විශ්වාසයයි.

 

http://198.211.112.164/archives/11786

 

Jun 11, 2019 – රාජපක්ෂලාගේ ජාතිවාදී ව්‍යාපෘතිය සමාජ ගත කිරිමේ ව්‍යාපාරයේ ඉදිරියෙන්ම සිටින දෙරණ ප්‍රධානී දිලිත් ජයවීර යලිත් රනිල් වික්‍රමසිංහ පසුපස වැටි සිටින බව මේ වනවිට අනාවරණය වි තිබේ.

වරාය නාවික සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායකට අදට (10) ඔහුගේ දේශපාලන ජිවිතයට වසර 20 ක් සම්පූර්ණ විය. ඒ නිමිත්තෙන් අද දහවල් අරලියගහ මන්දිරයේ සාදයක් සංවිධානය කර තිබූණි. එය අග්‍රාමාත්‍ය මාධ්‍ය මෙහෙයුම්කාරිණි ඉෂිනි වික්‍රමසිංහ සහ කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ කළමනාකරු ලසන්ත ගුණවර්ධන ඇතුළු පිරිසක් විසින් මෙම උත්සවය සංවිධානයකර තිබුණි.

මෙම උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවති අතර ඊට ඇමති සාගලගේ සමීපතමයන් ඇතුළු පිරිසක් ආරාධනා ලැබී ඇත. තම සහෝදර දේශපාලඥයන් කැඳවීම කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ රජයට උදේ හවස අවලාද නගන දෙරණ නාලිකාවේ ප්‍රධානී, දිලිත් ජයවීර හට ආරාධනා කිරීමට ඔවුන් අමතක කර නොතිබිණි.

දිලිත්ලා ඩබල් ගේම් කාරයෙකු බව මුලින්ම අනාවරණය කළේ මහින්ද පිළේ විමල්‍ ය.එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක මෙහෙයුම දිලිත් ජයවීරට(Dilith Jayaweera) අයත් ට්‍රයි ඇඩ් ආයතනයට ලබාදිමත් සමගම දෙරණ නාලිකාව හරහා ඒකාබද්ධ විපක්ෂයට ලැබි තිබු ගුවන් කාලය සියයට 80කින් කපා දැමිමට කටයුතු කිරිමත් සමග විමල් දිලිත්ගේ රෙදි ගලවන්නට විය

පළාත් පාලන මැතිවරණ සමයේ මාතරපැවැති පොහොට්ටුවේ මැතිවරණ ප්‍රචාරක රැළියේදි දැඩි ප්‍රහාරයක් දෙරණ නාලිකාවට සහ එහි හිමිකරු වන දිලිත්ට එල්ල කිරිමටද විමල් කටයුතු කලේ ප්‍රසිධියෙම ය.

දිලිත් ජයවීර මහතා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ලගම හිතවතකු වන අතර යුද සමයෙහි ආරක්ෂක අමාත්‍යාංශයේ සියලුම ප්‍රචාරක හා ප්‍රවර්ධන කට යුතු සඳහා මෙන්ම විශේෂයෙන්ම යුද හමුදා රණවිරුවන් අතර මෙන්ම ජනතාව අතර ජනප්‍රිය වූ ‘රණවිරු රියලිටි ස්ටාර්’, ‘අපි වෙනුවෙන් අපි’ වැඩසටහන් ක්‍රියාත්මක කල ආයතනයද වෙයි.

රට තුල ජාතිවාදය අවුලන චෝදනාව මත රජය මිට පෙර දෙරණ සහ හිරු රූපවාහිනී නාලිකා වෙත ආණ්ඩුවේ දැන්වීම් ලබාදීම තනම්කර තිබියදී මෙලෙස රටට සහ වික්‍රමසිංහ ආණ්ඩුවට උදේ හවස පහර පිට පහර එල්ලකරන දිලිත් ජයවීර වැන්නවුන් අරලියගහ මන්දිරයට වද්දාගෙන පාටි දැමීම පාක්ෂිකයන්ට කොකා පෙන්වීමක් නොවන්නේද, ඇමති සාගල කෙසේවෙතත් අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ අභිමුවට දිලිත් ගෙන්වමින් දිලිත්ගේ මඩ සෝදා හරින්නේ කවුරුන්ද, කාගේ උවමනාවටද යන්න පාක්ෂිකය පමණක් නොව සමස්ත රට වසින්ම දැනගත යුතු කාරණයකි. නොයෙසේනම් එකී නාලිකාවට ලබාදී ඇති දැන්වීම් තහනම සහ එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ තහනම නොතකා මෙලෙස ප්‍රසිද්ධ උත්සවයකට ඔහු කැඳවන්නේ කාගේ හයි හත්තියකටද යන්න පැනනැගෙන ගැටලුවයි.

දිලිත් සමඟ නොව වෙනත් ඕනෑම කෙනෙකු සමඟ පාටි එකක් නොව දහයක් දැම්මට අපටනම් කම් නැත. එහෙත් රටේ ජනතාවට එකක් කියා. මන්දිරවල තවත් යමක් කිරීම ජනතාවට විහිළු සහගත කාරණයක් මෙන්ම පාක්ෂිකයාගේ සිත් අමනාප කරවන කාරණයක් බැවිනි. මිට පෙර 2018 පළාත් පාලන මැතිවරණයේදීද ජාතික මට්ටමේ මැතිවරණ ව්‍යාපාරයේ කටයුතු සඳහා එක්සත් ජාතික පක්ෂය දිලිත්ගේ ප්‍රචාරණ ආයතන සමඟ කටයුතු කරනු අපට දැකගත හැකිවිය.එම මැතිවරණයෙන් එජාපය අමතක නොවන පරාජයක් රට තුල ලබාගත් අතර එය අමතක වූවාක් මෙන් නැවත ඔහු සමඟ මන්දිරවල පාටි දැමීම දේශපාලන ඩීල් කෙරුවාවේ නිරුවත ලොවට කියාපෑමකි. කවුරුන් විසින් කාගේ උවමනාව මත මෙම පුද්ගලයා ගෙන එනු ලැබුවද ගෙන එන්නේ කොතැනටදැයි වත් නොසිතා සිදුකල මෙම ක්‍රියාවට මෙන්ම මිට පෙර මෙන්ම ඉදිරියටද මෙවැන්නන් සමඟ ඩීල දමමින් පක්ෂයේ පරාජය කරා එක්සත් ජාතික පක්ෂය ගෙනයාමට උත්සහ දරන්නන් මිට වගකිව යුතුය. මිට වගකිව යුත්තේ වෙනත් කවරෙක්වත් නොව මෙකි උත්සවය සංවිධානය කල සංවිධායක මණ්ඩලය බව පැහැදිලිවම කිවයුතුය.

Jun 4, 2019 – නො. 112/ඩී, කහන්තොට පාර, මාලබේ පදිංචි  සාස්තර මෑණියෝ  නමින් ප්‍රකට කාන්තාවක් ලගට පැමිණි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පා(වා)දෙනියට මීට වසර දෙකකට පමණ පෙර බරපතල ලනුවක් ලබා දෙනු ලැබීය. පාදෙණිය ජනාධිපති කරවීමට තමන්ට හැකි බවත් තමන් කියන විදිහට වැඩ කල යුතු බවත්ය. බල පෙරේත කමින් මත්ව සිටින පාදෙණිය මෙලෝ හසරක් නැතිව ඊට එකඟ විය. මෑණියන්ගේ දේශීය සහල් වෙළදාම ප්‍රචලිත කිරීම පාදෙනියට ලැබුණු පළමු ඉලක්කයයි. රටේ විවිධ ස්ථානවලින් එකතු කරගත් සහල් කෘෂි රසායන නැතිව වගා කල සහල් බවට බොරුවට පෙන්වා කිලෝවක් රු 165 බැගින් විකිණීමේ කුට ව්‍යාපාරයක් පිස්සු මෑණියෝ කලක සිට කර ගෙන ආවේය. තවද සහල් ග්රෑම් 100   ක් කුළුබඩු ස්වල්පයක් සමග කැඳ පැකට් ලෙස රු 70 විකිණීමේ ජාවරමක්ද  පවතී. තමන්ගේ වෛද්‍ය දැනුම බල්ලට දැමූ  පාදෙණිය හිස හැරුණු හැරුණු අතේ යමින් පිස්සු මෑණියන්ගේ සහල් කෑමෙන් දියවැඩියාව, රුධිර පීඩනය, අතරීටිස් හොඳ වන බව බොරු දෙසා බෑවේය. පිස්සු මෑණියන්ගේ කැඳ බීමෙන් සර්වාන්ගයේ සියලු ලෙඩ දුරුවන බව අමු කෙප්ප දෙසා බෑවේය. මේ අතර පාදෙණිය විධායක සභාවේ සියලු දෙනා මෑණියෝ ලගට කැඳවා ගෙන ගොස් බෞතිස්ම කළේය. පාදෙණිය සමග මාලඹේ බඩ  නොගාන කෙනෙක්ට GMOA විධායක සභාව තහනම් විය.

ජනාධිපති සිහිනය වෙනුවෙන් පාදෙණිය නොකළ වැඩක් නොවීය. අන්තිමට මෑණියන්ගේ ලනුවක් කා බෞද්ධයා චැනල් එකේ බන කියන්නටත් ගියේය. මෑණියන්ගෙන් අසා ගත් බොරු බන කියන්නට ගොස් පාදෙණිය ඇන ගත්තේය. ඒ බන ඇසූ ස්වාමීන්වහන්සේලා සහ ගිහියන් ගණනාවක් බෞද්ධයා නාලිකාවට කතා කර මේ මොන පිස්සුවක්දැයි විමසුහ. පාදෙණිය මෝරා කර ගත් පිස්සු මෑණියෝ සහල් සහ කැඳ විකුණා රුපියල් කෝටි ගණනක් හම්බු කලේය. මාලඹේ සිය නිවසේ වෙදකම් කරනවා කියමින් බොරු වෙදකමක් කර කෝටි ගණනක් මුදල් හම්බු කළේය. ලෙඩ හොඳ නොවන විට මිනිස්සු ඒ ගැන පැමිණිලි කළ විට මෑණියෝ කියන්නේ “පාදෙනියත් මගෙන් බෙහෙත් ගන්නේ, මුළු GMOA එකම මගෙන් බෙහෙත් ගන්නේ, ඒ ගොල්ලන්ට හොඳ වෙනවානම් ඇයි ඔය  ගොල්ලන්ට හොඳ නොවන්නේ” යනුවෙනි. කිසිදු ලියාපදිංචියක් නැතිව මාලඹේ පිස්සු මෑණියෝ මිනිසුන් රවටා රුපියල් කොටි ගණන් අහිංසක මිනිසුන්ගේ මුදල් වංචා කරන්නේ GMOA නම ඉදිරියට දමා ගෙනය.

ඊළඟ ජනාධිපතිවරණයට පාදෙණිය ඉදිරිපත් කරවීම මෑණියන්ගේ අරමුනයි. පාදෙණිය ලණුව හොඳ එකෙන්ම කා ඇත. රට වටේ දේවාල ගානේ යමින් බාර වෙමින්, මහ රෑ එළිවෙනකම් බලි තොවිල් කරමින්, GMOA විධායක සභාව සමග හොර භාවනාවේ නියැලෙමින් පාදෙණිය මේ සඳහා ලෑස්ති වෙයි. බුදු පිළිම දහස් ගණනක් මිලදී ගෙන ශක්තිය නිධාන්කළ බුදු පිළිමයයි පවසමින් විවිධ අයට ඒවා බෙදා හැරී. මෑණියෝ කියන කියන දේ කරයි. ඇතැම් දිනවලට මෑණියන්ගේ කීම අසා හැල හොල්මනක් නැතිව කිසිවකු හෝ කතා බස් නොකර බලා ගත් අත බලා ගෙන ඉදී.

දැනටමත් විධායක සභාවේ සාමාජිකයන්ට කැබිනට් ඇමති දුර වෙන්කර ඇත. ඔවුන් කැබිනට් ඇමතිවරු වූ පසු විධායක සභාවට පත් කල යුතු අලුත් අය ගැනද තීරණය කර ඇත. දැන් මේ කරුණ වෛද්‍යවරු අතර ප්‍රසිද්ධ රහසක් වී ඇති නිසා පාදෙණිය සහ විධායක සභාව විහිළුකාරයන් පිරිසක් බව පොදු මතයක් ගොඩ නැගෙමින් ඇත. විධායක සබාවේ ඇතැම් අය මෙන්ම  GMOA පැරණි ජ්‍යෙෂ්ඨ සාමාජිකයන්ද කියන්නේ මෙවර පාදෙණිය GMOA මුළුමුනින් විනාශ කරන බවයි. පා(වා)දෙනියගේ බල තණ්හාවට GMOA විනාශ නොකරන ලෙස ඔවුහු ඉල්ලති. නටන නැටුමක් GMOA එකෙන් ඉවත්ව කර ගන්නා ලෙසද ඔවුහු ඉල්ලති.

Published on: Jun 3, 2019- ජාත්‍යන්තර සහයෝගය ඇතිව නූතන තාක්ෂණය යොදාගනිමින් ත්‍රස්තවාදයට මුහුණ දියයුතු බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කළ ප්‍රකාශය විවේචනය කරන්නේ මෙම ක්‍රියාවලිය හරහා කුඩු ජාවාරම් ද කොටු වන නිසා බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල අවධාරණය කර තිබේ.

ජාත්‍යන්තර සහාය ගෙන ත්‍රස්තවාදය පරාජය කරන බවට අග්‍රාමාත්‍යවරයා කළ ප්‍රකාශය ගැන රූපවාහිනී නාලිකාවක් ඇතුලු වෙබ් අඩවි හිමි මාධ්‍ය ආයතනයක් කළ විවේචනයට හේතුව වි ඇත්තේ කුඩු නාලිකාවලට මේ හරහා නිවාර්යයෙන් බඩේ පාර වදින බව දන්න නිසා බවයි ලක්ෂ්මන් කිරිඇල්ල සදහන් කර ඇත්තේ.

ජාත්‍යන්තර සහාය හා නූතන තාක්ෂණය ත්‍රස්තවාදය වැළැක්වීමට ගන්නා පියවර තුලින් ස්ථිරවම මෙරට කුඩු ජාවාරම්කරුවන් ට ගැලවීමට ඉඩක් නොමැති බව පෙන්වා දුන් ලක්ෂ්මන් කිරිඇල්ල කුඩු සල්ලි වලින් පවත්වාගෙන යන මාධ්‍ය වලටද එහි බලපෑම එල්ලවන බවද පෙන්වා දෙනවා.

Published on: Jun 3, 2019 – ඇමති රිෂාඞ් බදියුදීන්, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලාහ්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි, යන මහත්වරුන් තනතුරුවලින් ඉවත් කිරිමට හෙට(03) දහවල් 12ට පෙර රජයට නොහැකි නම් රටම ගිනී තැබිමට සුදානමක් ඇති බවට තොරතුරු අනාවරණය වි තිබේ.ඒ සදහා මුලිකත්වය ගෙන ඇත්තේ පසුගියදා ජනපති සහයෙන් හිර ගෙදරින් පැනගත් බොදුබල සේනා සංවිධානයයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාරය.

දළදා මාලිගාව ඉදිරියේ මාරාන්තික උපවාසයක් ආරම්භ කර ඇති පුජ්‍ය අතුරලියේ රතන මන්ත්‍රී හිමියන්ට සහයෝගය පල කිරීමට බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් එම ස්ථානයට අද (02)පැමිණි අතර එහිදි ඥානසාර හිමි රජයට තර්ජනයක්ද ර සිටියා..

“හෙට දොළහට කළින් උත්තරයක් දෙන්න නැත්නම් ඉතිං මුළු රටේම සැණකෙළි බලාගන්න පුළුවන්” 

එම කාලය තුල අදාල කටයුත්ත නොකලහොක් රට පුරා සියළු සංඝයා වහන්සේලා එකතුව අරගලයක් ආරම්භ කරන බවද ඥානසාර පවසා ඇති අතර මුස්ලිම් ජාතිකයන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය සැනකෙළියකට සමාන කිරිමට ඥානසාර කටයුතු කර තිබේ.රතන හිමිගේ ජාතිවාදී සටනට ඥානසාර පැමිණීයේ තනියම නොවේ.ඥානසාරගේ සැගවි සිටි උපදේශක විජයදාස රාජපක්ෂද සමගය.

අධිකරණයට අපහාස කළ බවට එල්ල වූ චෝදනා හතරකට 2018 අගෝස්තු 08 වෙනිදා වරදකරු කෙරුණු ඥානසාර හිමිට වසර 19 ක සිරදඬුවමක් නියම කළ අභියාචනාධිකරණය එකී දඬුවම වසර 6 කින් ගෙවී යන සේ දඬුවම් නියම තිබියදී ජනාධිපතිවරයා උන්වහන්සේට පසුගිය 23 දිනයේ සමාවක් ප්‍රධානය කරනු ලැබුවේ ජනතාවගේ බරපතල විරෝධතාවයන් ද නොතකාය.ඒ පසුපස රජගේදර කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බව නොරහසකි.

 

රජගේදර කුමන්ත්‍රණය බලාපොරොත්තු වන්න ….

May 28, 2019 – අප්‍රියෙල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් ඉල්ලා අස්වු ආරක්ෂක ලේකම්වරයා මෙන්ම,අනිවාර්යයෙන් නිවාඩු යවා සිටින පොලිස්පතිවරයා මෙන්ම ආරක්ෂක අමාත්‍යධුරය බදාගෙන රටේ ජනතාව බිල්ලට දුන් සිරිසේන ජනාධිපතිවරයාද සිටින බව දැන් තහවුරු වි තිබේ.ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු දැන දැනම ජනතාව බිල්ලට දි එයින් දේ ශපාලන වාසී ලබා ගැනිමට ජනපති උත්සහ දරා ඇති බව බුද්ධි අංශ අනාවරණයන් සතයකට මායිම්  නො කිරිම හරහා මැනවින් තහවුරු වි තිබේ.

2018  ජුනී මාසයේ 02 දින කොළඹ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශයට අනුයුක්තව සේවය කරන රුවන් කුමාර රණවක පතිරණ විසින් මහේස්ත්‍රාත් අධිකරණයට ලබා දුන් දිවුරුම් ප්‍රකාශයක් අනුව අංක 64/01, මීරා පල්ලිය පාර, කාන්තන්කුඩි 06 ලිපිනයේ පදිංචි කාසිම් මොහොමඩ් සහරාන් ගැන ලද තොරතුරක් මත ත්‍රස්තවාදි විමර්ශන දිසාවේ නියෝජ්‍ය පොලිස්පති ලබා දුන් නියෝගයක් මත විමර්ශනයක් සිදු කොට තිබේ.

එම විමර්ශනය මගින් අනාවරණය කොට ගෙන ඇත්තේ අදාළ පුද්ගලයා මුස්ලිම් ආගමික සංවිධාන හා කණ්ඩායම් අතරද විවිධ ජාතින් අතර ද වෛරී අදහස් ඇති කරවා ඔවුන් ප්‍රචණ්ඩකාරි ක්‍රියාවන් කෙරෙහි යොමු කරවීමට පොළඹවන ආකාරයේ අදහස් ඇතුලත් විඩියෝවක් සමාජ මාධ්‍ය ජාලා වෙත නිකුත් කර ඇති බවය.

එසේම එම විඩියෝ නැරඹූ බොහෝ පිරිස් එම මතවාද වලට එකඟ වි ඇති බව ද එහිදි ඔවුන් අනාවරණකොට ගත් බවත් එහි සඳහන් වේ.

ඒ අනුව අන්තර්ජාතික සිවිල් හා දේශපාලන සම්මුතියේ 3 වන වගන්තිය යටතේ සහරාන් අත්තඩංගුවට ගැනීමටද, පොලිස් ගැසට් පත්‍ර 2 මගින් ප්‍රසිද්ධ කරවා අත්තඩංගුවට ගැනීමට ද, ජාත්‍යන්තර පොලිසිය මගින් නිල් නිවේදනයක් නිකුත් කරවා ගැනීමට ක්‍රියා කරන බවද එම දිවුරුම් ප්‍රකාශයේ ඇතුලත් ය.

මීට අමතරව මෙම පොලිස් නිලධාරියා විසින් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ  B වාර්තාවේ දැක්වෙන්නේ කාසිම් මොහොමඩ් සහරාන් ත්‍රස්තවාදි හා අන්තවාදි මතවදයන් වපුරමින් සිටින එවින් ඔහු වෙත වරෙන්තුවක් හා එය ඉංග්‍රිසි මාධ්‍යයෙන් ද ලබා දීමට කටයුතු කරන ලෙසයි.

මරාගෙන මැරෙන ප්‍රහාරයන් හයක් සිදුව තිබියදීත් සිංගප්පුරුව බලාගොස් සිටි ජනාධිපති, ආරක්ෂක හා නිතිය හා සාමය පිළිබද ඇමති මෛත්‍රිපාල සිරිසේන කතෝලික දේවස්ථාන ඇතුළු සංචාරක හෝටල්වලට මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කරන බවට අප්‍රේල් මස 04 වන දින තොරතුරු ලැබීමෙන් පසුව එය පොලිස් දෙපාර්තමේන්තුව ඉහළම නිලධාරින්ගේ සිට ඊළග නිලධාරියා දක්වා යොමු කිරීම හැර කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැතැයි රජයට ඉදිරිපත් කළ රහස්‍ය වාර්තාවක සඳහන් වන බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු පසුගියදා අනාවරණය කළා.

මරාගෙන මැරෙන ප්‍රහාරය සම්බන්ධයෙන් තානාපති ප්‍රජාව හරහා ලැබුණු බුද්ධි තොරතුරු පොලිස්පතිවරයා විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, නියෝජ්‍ය පොලිස්පති  ආදි ලෙස තනතුරු වෙත යොමු කිරිම පමණක් සිදුව තිබෙතැයි ඉහත වාර්තාවේ වැඩිදුරටත් සදහන්වේ.

රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් දිනපතාම ජාතික ආරක්ෂක, නීතිය සාමය හා අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයට කරුණු වාර්තා කිරීම ජාතික බුද්ධි තොරතුරු කාර්යාංශය ඒ සම්බන්ධයෙන් දින 16 ක් ගතවන තෙක් ගත් පැහැදිලි ක්‍රියාමාර්ගයක් පෙන්නුම් නොකරතැයි අදාළ වාර්තාව වැඩිදුරටත් විස්තර කර සිටියි.

Top