Published on: May 27, 2019- ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීම ගෝඨාභය රාජපක්ෂට එරෙහි මෛත්‍රිපාල සිරිසේන මෙහෙයුමක තවත් පියවරක් බව අනාවරණය වේ.

ගෝඨාභය රාජපක්ෂ සමග සමීප සම්බන්ධතාවක් පැවැත්වූ ඥාණසාර හිමියන් සමග ජනාධිපතිවරයා මීට පෙර අවස්ථා ගණනාවකදී දුරකතන සාකච්චා පවත්වා තිබේ. පසුගිය වෙසක් දිනයේ වැලිකඩ බන්ධනාගාරයට ගිය අවස්ථාවේ ජනාධිපතිවරයා එහි අවසන් සාකච්ඡාව පවත්වා ඇත. මේ සාකච්ඡාවට සහභාගි වූ තිලංග සුමතිපාල මන්ත්‍රීවරයා, පසුගිය 23දා ජනාධිපති සමාව ලබාදීමේ නියෝගය නිකුත් කිරීමට පෙර අවස්ථා දෙකකදී ඥාණසාර හිමියන් මුණ ගැසී තිබේ.

ජනාධිපති සමාව ලබාදීමට අදාළ සම්පූර්ණ ලියවිලිවලට ජනාධිපතිවරයා අත්සන් තබා ඇත්තේ 23දා පෙරවරුවේද ඥාණසාර හිමියන් සහ තිලංග සුමතිපාල මහතා අතර පැවති සාකච්චාවකින් පසුවය. ඊට පෙර 22දා රාත්‍රියේ බොදු බල සේනා සංවිධානයේ ප්‍රධානියකු වන ඩිලන්ත විතානගේ සහ ජනාධිපතිවරයා අතරද සාකච්ඡාවක් පවත්වා ඇත.

මේ අතර වෙසක් දිනයේ වැලිකඩ බන්ධනාගාරයට ගිය ජනාධිපතිවරයා මරණ දඩුවම නියම වී සිටින දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාද මුණගැසී විශේෂ සාකච්ඡාවක්ද පවත්වා ඇත. දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයා විසින් ගෝඨාභය රාජපක්ෂට එරෙහි තුරුම්පු ලෙස ඥාණසාර හිමියෝ සහ දුමින්ද සිල්වා යොදා ගැනීමට සැලසුම් කර ඇති බවයි.(අදටත් වලංගු 2016 නොවැම්දිබර් 23 අප කල අනාවරණය…. පහතින් කියවන්න )

පසුගිය අප්‍රේල් මුල් සතියේදී ජනාධිපතිවරයා විසින් ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධයෙන් තමන්ගේ සමීපතමයන් පිරිසකගෙන් බුද්ධි වාර්තාවක්ද කැදවා ඇති අතර ඊට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පැවති කාලයේ ජාතික බුද්ධි ප්‍රධානියා ලෙස කටයුතු කළ විශ්‍රාමික මේජර් ජෙනරාල් කපිල හෙන්දවිතාරණද සම්බන්ධ වී ඇත. කලක් ගෝඨාභය රාජපක්ෂගේ සමීපතමයෙකු ලෙස කටයුතු කළ කපිල හෙන්දවිතාරණ මේ වනවිට ජනාධිපතිවරයා සමග සමීප සම්බන්ධතාවක් පවත්වාගෙන යයි.

ඝාතනය කෙරුණු මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ අතුරුදන්ව තිබූ සටහන් පොත සම්බන්ධයෙන් දැනට ඇප මත නිදහස්ව සිටින නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර ලබාදුන් ප්‍රකාශවලට කපිල හෙන්දවිතාරණ ද සම්බන්ධ වී ඇත. ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ චන්ද්‍ර වාකිෂ්ඨ මගින් මේ සටහන් පොතේ පිටු කිහිපයක් කපිල හෙන්දවිතාරණ ලබාගත් බව අදාළ සාක්ෂි අතර වේ.

මේ තත්වය යටතේ ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව උත්සාහ කළද, අවස්ථා කිහිපයකදීම එය වළක්වා ඇත්තේ ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් බව අනාවරණය වේ. මෙසේ තමන්ට එරෙහිව ජනාධිපතිවරණයට ඉදිරිපත් වන පුද්ගලයන්ට එරෙහිව සාක්ෂි එකතු කිරීම ජනාධිපතිවරයා විසින් මීට මාස ගණනාවකට පෙර සිට ආරම්භ කර තිබේ.

මේ අතර ඥාණසාර හිමියන් පසුගිය 23 දා ජනාධිපති සමාව ලැබීමෙන් පසු මාධ්‍යවේදීන් සහ හිතවතුන් මගහැර යෑම සම්බන්ධයෙන් සමීපතමයන් පවා විරෝධය පළකර තිබේ.

මේ සැලැස්ම පිළිබදව දැන සිට ඇත්තේ ඩිලන්ත විතානගේ සහ ඔහුගේ සමීපතමයන් කිහිපදෙනෙකි. ඩිලන්ත විතානගේ යනු චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ මෙන්ම රනිල් වික්‍රමසිංහගේද උපදේශකයෙකු ලෙස කටයුතු කළ
අයෙකි.

Loading…

අදටත් වලංගු 2016 නොවැම්දිබර් 23 අප කල අනාවරණය….

http://198.211.112.164/archives/14361

Published on: May 26, 2019 – සිය 37 වසරක ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ සේවකයින්ට මැයි මාසය වෙනුවෙන් ලැබිය යුතු වැටුප අහිමි වී තිබේ.

පසුගිය 24 වැනි දින සේවක වැටුප් ගෙවිය යුතු වුවද රූපවාහිනී සංස්ථාව මුහුණ දී ඇති දරුණු මූල්‍ය අර්බුදය හමුවේ වැටුප ගෙවීමට පාලනාධිකාරියට හැකි වී නැත. අවසන් වරට රූපවාහිණි සේවකයින්ට වැටුප් ගෙවා ඇත්තේ පසුගිය අප්‍රේල් මාසයේ 11 වන දාය. සාමාන්‍යෙයන් මැයි මස වැටුප මැයි මාසයේ 20 දා වනවිට බොහෝ රාජ්‍ය ආයතනවල ගෙවනු ලබන නමුත් රූපවාහිනී සංස්ථාවේ වැටුප් ගෙවන දිනය ලෙස 24 යොදා ඇති අතර අදාල දින වැටුප් ගෙවීමට සභාපතිණිය හෝ අධ්‍යක්ෂ ජනරාල් සමත් වී නැත.

මේ හේතුවෙන් සේවකයින් 1000ක් පමණ දැඩි දුෂ්කරතාවයට පත්ව අසරණව සිටිති. සේවකයින් තමන් පුද්ගලිකව ගෙවීමට ඇති ණය මුදල් අදාල බැංකු වෙත ගෙවීමට නොහැකි වීම හේතුවෙන් ඔවුන් තව තවත් අසරණව ඇති බව ඔවූහු පවසති.

ජාතික රූපවාහිනිය දරුණු බිද වැටීමකට ලක්ව වැටුප් ගෙවා ගැනීමට නොහැකි වන තැනට පත්වන බව මීට වසරකට පමණ පෙර සිට එම ආයතනයේ වෘත්තීය සමිති එකමුතුව විසින් පාලනාධිකාරිය වෙත දිගින් දිගටම කරුණු පෙන්වා දුන් බව මේ පිළිබඳව අදහස් දැක්වු එහි වෘත්තීය සමිති එකමුතුවේ ප්‍රකාශකයෙකු සදහන් කළේය.

එම කාලයේ පැවති තත්වය සම්බන්ධයෙන් අප වෙබ් අඩවිය විසින්ද කරුණු අනාවරණය කරමින් ප්‍රවෘත්ති පල කරන ලදී.නමුත් තමුන් පෙන්වා දුන් කරුණු කිසිවක් කෙරෙහී වත්මන් සභාපතිණිය හෝ අධ්‍යකෂ ජනරාල් අවධානය යොමු නොකර අත්තනෝමතික ලෙස කටයුතු කිරීම හේතුවෙන් මෙම තත්වය ඇති වී තිබෙන බව ද ප්‍රකාශකයා සදහන් කළේය. මේ වනවිට ලංකා බැංකුවේ ටොරිංග්ටන් ශාඛාව වෙත පමනක් රුපියල් මිලියන 260ට අධික ණයක් සංස්ථාව ගෙවීමට ඇති අතර මෙවර වැටුප් ගෙවීම සදහා රුපියල් මිලියන 62ක් අවශ්‍ය බව ද වාර්තා වේ.

ඊට අමතරව මාස කිහිපයකින් සංස්ථාව විසින් ගෙවිය යුතු වැට් බදු, සේවක අර්ථසාධක අරමුදල් ගෙවීම්, කුලී ගෙවීම්, රක්ෂණ වාරික, අනෙකුත් බදු මුදල් ඇතුළු සියළු සාමාන්‍ය ගෙවීම් පවා සිදු කර නැති බව අනාවරණය වේ. එමෙන්ම මේ වනවිට ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ලබා දෙන උපදෙස් පවා නොතකා පාලනාධිකාරිය අත්තනෝමතික ලෙස කටයුතු කරන බව අමාත්‍යාංශයේ ඉහළම නිළධාරියෙකු අප සමග පැවසීය.

මේ වනවිට රූපවාහිනී සංස්ථාවේ සභාපති වන්නේ ඉනෝකා සංත්‍යාංගනී මහත්මිය වන අතර අධ්‍යක්ෂ ජනරාල් වන්නේ සාරංග විජේරත්න මහතාය.

May 18, 2019  – එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස අග්‍රාමාත්‍යධූරයට පත් කරමින් නව භාරකාර ආණ්ඩුවක් පත් කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සැළසුම් කරමින් සිටිනවා.

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ ආණ්ඩුව කෙරෙහි ජනතා විශ්වාසය පළුදු වී ඇති බව සඳහන් කරමින් සජිත් ප්‍රේමදාස යටතේ මෙම භාරකාර ආණ්ඩුව පිහිටුවීමට ජනාධිපති මෛත්‍රීපාල සැළසුම් කරන බවයි වාර්තා වන්නේ.

මෙම භාරකාර ආණ්ඩුව යටතේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරුන්ට අමාත්‍යධූර හිමිවීමට සියල්ල සුදානම් කර ඇති බවත් වාර්තා වෙනවා.

මේ පිළිබඳව අදහස් දක්වන එක්සත් ජාතික පක්ෂ ප්‍රභලයෙක් පවසා සිටියේ ජනාධිපතිගේ මෙම යට්කූට්ටු වැඩය ගැන ආරංචි ලැබුණද නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස ඒ සම්බන්ධයෙන් නිහඬ බවයි. එසේම ලබන ජනාධිපතිවරණයේදි එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකධූරය සජිත් ප්‍රේමදාසට නොලැබෙන බැවින් නියෝජ්‍ය නායකවරයා සමහර විට ජනාධිපතිගේ යෝජනාවට කැමති වීමටද ඉඩ ඇති බවයි ඔහු පවසා සිටියේ.

එසේම බලයේ තවදුරටත් සිටීමට කැමති ජනාධිපති සිරිසේන ද මැතිවරණ කල් දමමින් හෝ බලයේ සිටීමට තීරණය කොට ඇති වාතාවරණයක ඉදිරි මැතිවරණයකදි එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය පිළිබඳව සැක පල කරන මන්ත්‍රිවරුන්ගේ සහය ද මෙම භාරකාර ආණ්ඩුවට ලබා ගැනීමට ජනාධිපතිවරයා සැළසුම් කොට ඇති බවත් එම එජාප ප්‍රභලයා සඳහන් කළා.

May 14, 2019 – රට පුරා කලබල ඇති කරමින් ජාතිවාදි ගැටුමක් නිර්මාණය කිරීම පිටුපස ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ආසන සංවිධායකින් සහ මන්ත්‍රීවරුන් සම්බන්ධ බවට හෙලි වීමත් සමඟ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ අභ්‍යන්තරයේ ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය වී ඇති බව එහි දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරනවා.

සිය සමාජිකයන්ගේ මේ අධම හැසිරීම සම්බන්ධයෙන් පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ උරණ වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ සමග සාකච්ඡා කිරිමට අද දිනයේ කටයුතු කරන බවද වාර්තා වේ.

දේශපාලන ආරංචි මාර්ග පවසන පරිදි ජාතිවාදී ආරවුල් මතින් දේශපාලන ජයග්‍රහණය කිරීමට බැසිල් රාජපක්ෂ අවශ්‍ය නොවුවද ජාතිවාදය මතින් රටේ ජනාධිපති වීමට සිහින දකින ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ හෙංචයියන් හා වන්දි බට්ට මන්ත්‍රිවරුන් විසින් මෙම කලබල ඇති කිරීම බැසිල් රාජපක්ෂගේ කෝපයට හේතු වී තිබේ.

Published on: May 10, 2019- රටේ ජනතාවගේ ජිවිත අනතුරේ දමමින් විදේශිකයන් 40දෙනෙකු සමග ශ්‍රිලාංකිකයන් 253ක් පමණ ඝාතනය කිරිමට මග පාදා කිසිම වගකිමකින් තොරව ඉල්ලා අස්වු හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු රටේ ආරක්ෂාව බිලි දෙමින් ලබාගත් මුදල් තමන්ගේ පුත්‍රයාගේ නම භාවිතා කරමින් අයෝජනය කරමින් සිටින බව අනාවරණය වි තිබේ.

මහ බැංකුව මඟින් කළ නිර්දේශ මහජන බැංකුවේ පිළිගත් යහපාලන නීතිරීති මෙන්ම ජාත්‍යන්තර බැංකු රෙගුලාසිද කඩකරමින් සිය පුත්‍රයාට මෙන්ම අතයට ගනුදෙනු හරහා රටේ ජනතාවගේ තැන්පතු වලට කෙලවු සභාපති හේමසිරි ප්‍රනාන්දු ඊයේ කොළඹ ප්‍රධාන අයෝජකයෙකු මුණගැසී තමන්ගේ විදේශීය බැංකුවල තැනපත් කර තිබේන මුදල් පවතින තත්ත්වය යටතේ ගෙන්වා ගැනිමට නොහැකි නිසා රුපියල් බිලියනයක මුදලක් ඔහුගෙන් ඉල්ලා තිබේ.

තමන්ගේ පුත්‍රයාගේ නමට බොරැලැස්ගමුවේ පිහිටි ෆින්ගාරා සමාගමේ (එෆ් ඇන්ඩ් ජී) දේපළක් වන (Fingara Club)මිලදී ගැනීමට අදාළව මහජන බැංකුවේ (People’s Bank) සභාපති හේමසිරි ප‍්‍රනාන්දු මහතා සිය පුත්‍රයා වන පවිත්‍ර ප්‍රනාන්දුට මහ බැංකුව මඟින් කළ නිර්දේශ මහජන බැංකුවේ පිළිගත් යහපාලන නීතිරීති මෙන්ම ජාත්‍යන්තර බැංකු රෙගුලාසිද කඩකරමින් උදවු කිරිමේ සිද්ධියක් අප 2018 වසරේ Aug 27 වන දින අනාවරණය කලා.

අදාළ පුවත බලන්න …….. මහජන බැංකුවේ ජනතා මුදල් ගිලින හේමසිරිගේ තවත් සේල්ලම් එලියට… පුතාට සමාගම් මිළදි ගන්න බැංකුව උකසට තියා තාත්තා ලියුම් යවලා…

Gate Tours Pvt (Ltd) සහ Multinet Pvt (Ltd) මෙම සමාගම් දෙකේම කලමනාකාර අධ්‍යක්ෂ ජෙනරල්වරයා වන්නේ පවිත්‍ර ප්‍රනාන්දු වන අතර පවිත්‍ර ප්‍රනාන්දු යනු දැනට මහජන බැංකුවේ සභාපති හේමසිරි ප‍්‍රනාන්දුගේ පුත්‍රයා වේ.

F&G Group of Company සඳහා අයෝජයෙක් වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය කල නියෝගයකට අනුව KMPJ විගණන ආයතනයට සිය පුත්‍රයා වෙනුවෙන් ව්‍යාජ්‍ය මෙන්ම බැංකු මුලධර්ම සියල්ලම කඩ කරමින් ලිපියක් යොමුකර තිබේන බව මේ වන් විට අනාවරණය වි තිබේ.අදාළ ලිපියද මේ වනවිට අප හට ලැබි තිබේන අතර එය සම්පූර්ණයෙන් පහත දක්වා තිබේ.

තත්ත්වය එසේ තිබියදි 21 ප්‍රහාරයේ මළකදන් මතින් තමන්ගේ පුත්‍රයාට කෙසේ හෝ Fingara Club මිළදී ගැනිම සදහා Multinet Pvt (Ltd) සමාගම හරහා (එෆ් ඇන්ඩ් ජී සමාගමට ලිපියක් යවමින් හේමසිරිලා පෙන්වා දෙන්නේ අමෙරිකානු ඩොලර් මිලියන 10 කර ආයෝජනයක් සිදු කිරීමට සුදානම් බවයි.

අදාළ ලිපිය පහත බලන්න…..

පරිවර්තනය පහත පරිදි වේ…

F&G සමාගම් ජාලය සඳහා අරමුදල් ලබා දීම තහවුරු කිරීම.

Banner Asset Managment (ඕස්ට්‍රේලියාව පදනම් කරගත් බලපත්‍රලාභි අරමුදල් කළමණාකරු) විසින් මල්ටිනෙට් සමාගම Multinet (Pvt), සහ ජේඑම්සී සමාගම ( JMC Ltd) යන සමාගම් හි සහයෝගයෙන් F&G සමාගම් ජාලය පුනර්ජීවනයට අමෙරිකානු ඩොලර් මිලියන 10 කර ආයෝජනයක් සිදු කිරීමට කැමැත්තෙන් ඇති බව අපි දන්වනු කැමැත්තෙමු. ඒ සඳහා මෙහි අමුණා ඇති අරමුදල් ලබා දීම තහවුරු කිරීමේ ලිපිය බලන්න.

ලිපිශීර්ෂයේ ඉහළින් දක්වා ඇති ඕස්ට්‍රේලියානු ආරක්ෂක හා අයෝජන කොමිෂම (ASIC) විසින් නිකුත් කළ ඉලක්කම් 9 කින් යුත් ACN කේත අංකය අරමුදල් ලියාපදිංචි අංකය වන අතර එය මූල්‍යමය හැකියාව හා අරමුදල් තහවුරු කර ගැනීම සඳහා යොදා ගත හැකිය. පිළිගත් බැංකුවකට හෝ මූල්‍ය ආයතනයකට හෝ ජාත්‍යන්තර මූල්‍ය සමාගමගමකට මෙම ලියවිල්ලේ වලංගුභාවය පිළිබඳව පරික්ෂා කිරීමට හැකිය.

මෙම හවුල්කාරීත්වය වඩාත් වැදගත් වීමට හේතුව වන්නේ අපගේ හවුල්කාර පාර්ශවයක් වන JMC සමාගම මුලින්ම මිලියන 300ක් අයෝජනය කිරීමට කැමති වීමයි. කෙසේවෙතත් KPMG ද මිලියන 500ක් P&G සමාගම අලුත්වැඩියාව සඳහා යොදවීමට තීරණය කරනු ලැබීය. මෙම හේතුව නිසා ආරම්භක අයෝජනය වූ මිලියන 500 වැඩි කිරීමේ ස්ථාවරයක අපි සිටින බව අපි දැනුම් දිමට කැමැත්තෙමු. CBSL මගින් ඉල්ලා සිටින ලද අරමුදල් සනාථ කිරීමටත් අපි තීරණය කොට ඇත්තෙමු.

මේ සමගම ඔබගේ දැනගැනීම සඳහා Banner Asset Managment හි ආයෝජන තොරතුරු ද අපි අමුණා ඇත්තෙමු.

May 3, 2019 – ජා-ඇල, ඒකල, උදම්මිට ප්‍රදේශයේ යකඩ උණු කිරීමේ කර්මාන්ත ශාලාවක තිබී කාලතුවක්කු පතරොම් 800කට අධික ප්‍රමාණයක් සොයා ගෙන ඇති අතර ඒ අතර සජීවී උණ්ඩ තිබු බව තහවුරු වී තිබේන බව වාර්තා වේ.

පසුගිය ආණ්ඩුව සමයේදී මෙම කම්හලට මෙසේ කන්කසන්තුරේ සිමෙන්ති පැක්ටරියකින් ඉවත් කල පරණ යකඩ තොගයක් සමග පතරෝම් උණ්ඩ තොග ලැබී ඇත්තේ එකල යුධ හමුදාවේ හිටපු ප්‍රධානියකුගේ නිර්දේශය මත ලබා දුන් බලපත්‍රයකින් බව ආරක්ෂක අංශ විසින් මේ වනවිට අනාවරණය කර ගෙන ඇත.

එම චෝදනාව එල්ල වන්නේ ගෝඨාභය රාජපක්ෂගේ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයකුව සිටියදී ඔහුගේ සමීපතම හිතවතවකුව සිටි උතුරු පළාත බාර හමුදා ප්‍රධානියකට ය. රටේ ආරක්ෂාව ගැන නන්දොඩවන ගෝඨාභයට මේ ගැන වගේ වගක් නැත.සජීවී උණ්ඩ බාහිර පාර්ශව වෙත ලබාදීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ වගකීම බාරගන්නවා ද ? නැද්ද ? යන්න කතාවක් නැත.

මෙවැනි ‘ඩිල්’ යද්දී ගෝඨාභය රාජපක්ෂගේ බුද්ධි අංශය ඔහුට මේ ගැන දැනුම් දී නැද්ද ? දැනුම් දී ඇතත් තමන්ගේ හිතවතකු ගානක් කපාගැනීමට කල බිස්නස් එකක් නිසා නිහඬව සිටියේද ?

සාලාවට වැඩි විනාශයක් !

යම් හෙයකින් මෙම ස්ථානයේ තිබු සක්‍රිය උණ්ඩ පුපුරා ගියේ නම් 2016 ජුනි 05 වනදා අවිස්සාවේල්ල කොස්ගම සාලාව යුධහමුදා කඳවුරේ අවිගබඩාවක ඇති වූ පුපුරායාමක් හේතුවෙන් සිදුවූ විනාශයට වැඩි විනාශයක් වීමට ඉඩතිබු බව ආරක්ෂක අංශ මේ වනවිට අනාවරණය කර තිබේ.

අදාළ ද්‍රව්‍ය ටෙන්ඩර් පටිපාටියක් යටතේ ලෝහ උණු කිරීම සඳහා යුද සමයේදී ලබාගත් බව කර්මාන්ත ශාලාවේ සාමාන්‍යාධිකාරිවරයා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කැප්ටන් ගිහාන් සෙනවිරත්න මහතාගෙන් කළ විමසීමකදී ඔහු මාධ්‍යවෙත පැවසුවේ, වෙඩි බෙහෙත් සහිත උණ්ඩ කිසිඳු ආකාරයකින් වෙනත් පාර්ශ්වයකට ලබා නොදෙන බවයි.

එමෙන්ම යුද හමුදාව භාවිත කළ හිස් උණ්ඩ කොපු ටෙන්ඩර් පටිපාටිය යටතේ කාර්මික සංවර්ධන මණ්ඩලයට පමණක් ලබා දී ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා සඳහන් කළේය.ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, එහි උප කොන්ත්‍රාත්කරුවන් සිටීදැයි තමන් මෙතෙක් දැනුවත් නොමැති බවයි.මේ අතර නීති විරෝධී ආකාරයෙන් පුපුරණ ද්‍රව්‍ය පිටස්තර පුද්ගලයින්ට ලබාදෙන්නන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව නාවික හමුදාව පවසා සිටියේය.

ගෝඨාභයගේ මාධ්‍ය සුරතලා නොදැනුවත්කමින් එම පුවත වාර්තාකල අයුරු….

May 3, 2019 – 21 ප්‍රහාරයේ සිටම ඉතාම කල්පනාවෙන් යුතුව තමන්ගේ ගෞරවය රැකෙන පරිදි කතෝලික ජනතාවද රැකගෙන කටයුතු කල කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් රාජපක්ෂලාගේ කටකතා සහ පැන්ෂන් ගිය නිළධාරීන්ගේ වාර්තා හේතුවෙන් ඊයේ හොට පටලවාගෙන තිබේ.

සියලු පාසල්,රාජ්‍ය ආයතන,දේවස්ථාන ඇතුලේ රටෙ සෑම තැනකම ආරක්ෂාව තර කිරිමට රජය මේ වනවිට කටයුතු කර තිබෙන අතර ලබන සදුදා සිට පාසල් පවා යලි ඇරැඹිමට අවශ්‍ය ආරක්ෂක කටයුතු මේ වනවිට තහවුරු කර අවසන්ව ඇති මොහොතක හදිසියේම ඊයේ (02) සති අන්තයේ යලිත් ප්‍රහාරයක් එල්ල විමට ඉඩ ඇති බව පවසමින් කාදිනල්ගෙ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත් විමත් සමග රට අවුල් සහගත තත්ත්වයකට ඇද දමා තිබේ.

(සම්පූර්ණ ලිපිය පහත දක්වා තිබේ)

කාදිනල්තුමාගේ ප්‍රකාශ හේතුවෙන් අවංකව රාජකාරි කරන නිලධාරින් ද අපහසුතාවයට පත්වෙන බව කිතුනු ප්‍රජාවගේ අදහස වි තිබේ. බොර දියේ මුලු බාන්නන් හට මෙන්ම ප්‍රහාරයෙන් තම දේශපාලනය වාසියට හරවා ගන්නට උත්සාහ කරන අයට හොද අවස්ථාවක් ඔහු ලබා දි ඇති බවයි අගරදගුරුනිවසේ සිටින කාදිනල්ගේ සමිපතමයන් පවා සදහන් කර ඇත්තේ.

21/04  ප්‍රහාරය එල්ල කළ දිනය කිතුනුවන්ගේ ප්‍රධාන දේව මෙහෙයක් වන පාස්කු දේව මෙහෙය පැවැති දිනයයි එදින කාදිනල්තුමා දේව මෙහෙය නොපවැත්තුවේ මන්ද යන්න මේ වනවිට කිතුනුවන් අතරද ප්‍රශ්නයක් හටගෙන තිබේ. ඇතැම් විට සිරිසේන ජනපතිගේ ගුණ ගයමින් පසුගිය කාලයේ ලගින්ම සිටි නිසා අදාළ ප්‍රහාරය ගැන බුද්ධී අංශ ලබාදුන් වාර්තා ගැන කාදිනල්ද දැනගෙන සිටින්නට ඇත.

අදාල ලිපිය සම්බන්ධයෙන් අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු කල සොයා බැලිමේදි තහවුරු වි ඇත්තේ රටේ වර්තමාන ආරක්ෂක තත්ත්වය පිළිබඳවත්  සොයාබලා වාර්තාවක් ඉදිරිපත් කිරීමට මහින්ද රාජපක්ෂ විසින් හිටපු ආරක්ෂක ප්‍රධානීන්  කිහිප දෙනෙකු සහ ගෝඨාභය රාජපක්ෂ සහ කටකතා දේශපාලුවන් කිහිප දෙනෙකුගෙන්  සමන්විත පත් කල කමිටුවේ වාර්තාව ඊයේ භාරදි ඇති අතර එහි වාටියේ යලිත් සති අන්තයේ ප්‍රහාරයක් එල්ල විමට ඉඩ ඇති බවට සදහන් කර තිබෙන කොටස මුල් කරගෙන කාදිනල් එම ප්‍රකාශය කර ඇති බවයි.

රටේ ආරක්ෂාව ගැන කටකතා හදන මහින්දගේ බලකායට  හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීන්  වන දිනේශ් ගුණවර්ධන, විමල් වීරවංශ, කුමාර වෙල්ගම, රෝහිත අබේගුණවර්ධන සහ ඩලස් අලහප්පෙරුම යන අයගෙන සමන්විත වන අතර රට යලිත් සාමාන්‍ය අතට හැරිම වලක්වා ගැනිම ඔවුනට භාර දි ඇති ප්‍රධාන කාර්යය වි තිබේ.

Published on: May 2, 2019 – පාස්කු ඉරුදින ත්‍රස්තවාදීන් විසින් සිදු කල ම්ලේච්ච ප්‍රහාරය සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ලබාදිමට රාජ්‍ය බුද්ධි අංශ තොරතුරු ඒකකයේ ප්‍රධානී S.S.P. නිලන්ත ජයවර්ධන( SSP Nilantha Jayawaredena) කටයුතු කර තිබේන බව මේ වනවිට අනාවරනය වි තිබේ.නිලන්ත ජයවර්ධන විසින් අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හමුවි පෞද්ගලිකවමද දැනුවත් කර තිබේන බවද මේ වනවිට අනාවරණය වි තිබේ.

විදෙස් බුද්ධි තොරතුරු වාර්තාවකට අනුව මෙම බෝම්බ ප්‍රහාරය පිළිබඳව අනතුරු ඇඟවීම් වාර්තාව ජාතික බුද්ධි ප්‍රධානියා වන සිසිර මෙන්ඩිස් අප්‍රේල් 4 වෙනිදා ජනාධිපතිවරයා සහ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා වෙත වාර්තා කර ඇතත් අප්‍රේල් 6 වෙනිදා පැවති ආරක්ෂක මණ්ඩල රැස්වීමට එම වාර්තාව යොමුකර නැති බව පසුගියදා අනාවරණය වුනා.

ජනාධිපතිවරයා ප්‍රහාරය ගැන දැන දැනම එය මගහැර රටින් පිටවි ගොස් සිටි අතර ප්‍රහාරය සරල එකක් විය හැකි බවත් ඒ අනුව ප්‍රහාරය භාවිතා රටේ ආරක්ෂක ප්‍රධානීයා ලෙස එක දමා ගැනිමට සිරිසේන කල්ලිය සුදානම් වි සිටි බව දැනට අනාවරණය වි තිබේ.නමුත් ප්‍රහාරය අනපේක්ෂිත ලෙස විශාල එකක් විමත් ප්‍රහාරය හරහා 250කට අධික මිය යැමත් සමග ජනාධිපතිවරයා ඇතුලු කල්ලිය අසරණ වි තිබේ.

Published on: May 2, 2019 – රටේ ජනතාවගේ ජිවිත අනතුරේ දමමින් විදේශිකයන් 40දෙනෙකු සමග ශ්‍රිලාංකිකයන් 253ක් පමණ ඝාතනය කිරිමට මග පාදා කිසිම වගකිමකින් තොරව ඉල්ලා අස්වු හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු තමන්ගේ පුත්‍රයාගේ හදීසි මිළදී ගැනිමක් වෙනුවෙන් රුපියල් බිලියනයක මුදලක් සොයමින් ඩිල් කරන බව කොළඹ අප විශේෂ වාර්තාකරු අනාවරණය කරගෙන තිබේ.

මහ බැංකුව මඟින් කළ නිර්දේශ මහජන බැංකුවේ පිළිගත් යහපාලන නීතිරීති මෙන්ම ජාත්‍යන්තර බැංකු රෙගුලාසිද කඩකරමින් සිය පුත්‍රයාට මෙන්ම අතයට ගනුදෙනු හරහා රටේ ජනතාවගේ තැන්පතු වලට කෙලවු සභාපති හේමසිරි ප්‍රනාන්දු ඊයේ කොළඹ ප්‍රධාන අයෝජකයෙකු මුණගැසී තමන්ගේ විදේශීය බැංකුවල තැනපත් කර තිබේන මුදල් පවතින තත්ත්වය යටතේ ගෙන්වා ගැනිමට නොහැකි නිසා රුපියල් බිලියනයක මුදලක් ඔහුගෙන් ඉල්ලා තිබේ.

තමන්ගේ පුත්‍රයාගේ නමට බොරැලැස්ගමුවේ පිහිටි ෆින්ගාරා සමාගමේ (එෆ් ඇන්ඩ් ජී) දේපළ මිලදී ගැනීමට(Fingara Club) අදාල මුදල අවශ්‍ය බවද හේමසිරි ප්‍රනාන්දු අදාළ ව්‍යාපාරිකයාට පවසා තිබේ.

F&G Group of Company සඳහා අයෝජයෙක් වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය කල නියෝගයකට අනුව KMPJ විගණන ආයතනයට සිය පුත්‍රයා වෙනුවෙන් ව්‍යාජ්‍ය මෙන්ම බැංකු මුලධර්ම සියල්ලම කඩ කරමින් මහජන බැංකුවේ (People’s Bank) සභාපති හේමසිරි ප‍්‍රනාන්දු ලිපියක් යොමුකර තිබේන බව අප Aug 27, 2018 දින අනාවරණය කළා.

එම අනාවරණය පහලින් කියවන්න…

http://198.211.112.164/archives/19134

Loading…

Apr 29, 2019 – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී අයි.කේ. මහානාම සහ හිටපු දැව සංස්ථා සභාපති පී. දිසානායක විසින්   ලබා ගත් කෝටි දෙකක අල්ලසට චතුරිකා සිරිසේනගේ සැමියා වන තිළිණ සුරංජිත්ට එරෙහිව විමර්ශනයක් ආරම්භ කිරීමට අල්ලස් හා දුෂණ කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා.

හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී අයි.කේ. මහානාම සහ හිටපු දැව සංස්ථා සභාපති පී. දිසානායක කොළඹ ටාජ් සමුද්‍රා රථ ගාලේදි කෝටි දෙකේ පගාව ගන්නා අවස්ථාවේ තිලිණ හෝටල් ලොබිය තුළ සිට ඇති බවට කොමිසම අනාවරණය කොට ගෙන ඇත.

ඒ එම අල්ලස ගැනීමේ සැළැස්මේ කොටස්කාරයෙක් ලෙසට තිලිණ ද සිටින බවට අල්ලස් කොමිසමට ලැබුණු පැමිණිලි විමර්ශනයේ දීය. අල්ලස් කොමිසම විසින් හෝටලයේ ආරක්ෂක කැමරා නීරික්ෂණයෙන් තිලිණ එයට සම්බන්ධ බවට තහවුරු කර ගෙන ඇත.

මේ අතර කන්තලේ සීනි සමාගමේ යන්ත්‍ර සූත්‍ර ඉන්දීය සමාගමකට පවරා දීම සඳහා රුපියල් කෝටි 10ක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් කෝටි 2ක් ලබාගැනීමේ සිද්ධියට අදාළව ද තිලිණ සුරන්ජිත් සම්බන්ධයෙන් නව විමර්ශනයක් ආරම්භ කිරීමට අල්ලස් කොමිසම පියවර ගෙන ඇත.

මේ සම්බන්ධයෙන්  අල්ලස් කොමිසම දැන්වූ වහාම මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා වියරු වැටි ඇති බවත් සිය දියණිය චතුරිකාට බැන වැදුණු බවත් ජනපති මැදුරේ ආරංචි මාර්ග පවසනවා.

තිලිණ සිය බෑණා වුවත් ඔහු ගැන පරීක්ෂණ ආරම්භ කරන ලෙස කරකියා ගැනීමට දෙයක් නොමැතිව අසරණ වූ ජනාධිපති අල්ලස් කොමිසමට දැන්වූ බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.

 

Apr 29, 2019 – මරාගෙන මැරෙන ත්‍රස්තවාදී ප්‍රහාර සැලසුම් පිළිබඳ ජාතික බුද්ධි අංශ තොරතුරු තමා දන්නේ නැති බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළද ජාතික බුද්ධි අංශය ඍජුවම වගකියන්නේ ජනාධිපතිවරයාට බැවින් හා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා එම තොරතුරු දැන සිටි බව පිළිගැනීම මගින් ජනාධිපතිවරයාද එම තොරතුරු දැනගෙන සිටි බව තහවුරු වේ.

විදෙස් බුද්ධි තොරතුරු වාර්තාවකට අනුව මෙම බෝම්බ ප්‍රහාරය පිළිබඳව අනතුරු ඇඟවීම් වාර්තාව ජාතික බුද්ධි ප්‍රධානියා වන සිසිර මෙන්ඩිස් අප්‍රේල් 4 වෙනිදා ජනාධිපතිවරයා සහ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා වෙත වාර්තා කර ඇතත් අප්‍රේල් 6 වෙනිදා පැවති ආරක්ෂක මණ්ඩල රැස්වීමට එම වාර්තාව යොමුකර නැත.

ප්‍රහාරයට ලක්වූ කොච්චිකඬේ දේවස්ථානය නිරීක්ෂණය කිරීමෙන් පසු විදෙස් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය පිළිබඳ දැන සිටි බව පිළිගත්තේය.

බුද්ධි තොරතුරු වශයෙන් ලැබෙන වාර්තා සමාලෝචනය කිරීම, ඇතිවිය හැකි අනතුරේ ප්‍රමාණය තක්සේරු කිරීම හා එම අනතුර වැළැක්වීම සඳහා අනුගමනය කළ යුතු පියවර සඳහන් කිරීමද මෙවැනි බුද්ධි වාර්තාවකින් පසු සිදුකළ යුත්තක් වුවද මෙහිදී ඒ කිසිවක් සිදුවී නොමැත.

සාමාන්‍යයෙන් මෙවැනි බරපතළ ආකාරයේ බුද්ධි තොරතුරක් ලැබීමෙන් පසු එය ආරක්ෂක මණ්ඩලයට යොමුකර සාකච්ඡා කර ඉදිරි පියවර ගැන ත්‍රිවිධ හමුදාවට, පොලීසියට හා අදාල අනෙකුත් පාර්ශ්වයන්ට නියෝග ලබාදීම සේනාධිනායකවරයා වශයෙනුත්, ආරක්ෂක අමාත්‍යවරයා වශයෙනුත්, පොලීසිය භාර අමාත්‍යවරයා වශයෙනුත් ජනාධිපතිවරයා කළ යුතුය. ඒ අනුව ජනාධිපතිවරයා රටේ ආරක්ෂාව පිළිබඳ ඔහුගේ වගකීම පැහැර හැරීම මෙම අවාසනාවන්ත සිදුවීමේදී නිරීක්ෂණය කළ හැකි බව ආරක්ෂාවට සහ බුද්ධි අංශවලට සම්බන්ධ හිටපු නිලධාරීන් බොහෝ දෙනෙකුගේ මතය වී තිබේ.

සිසිර මෙන්ඩිස් මෙම වාර්තාව අප්‍රේල් 9 වෙනිදා පොලිස්පති පූජිත් ජයසුන්දර වෙත යොමුකර ඇති අතර ඒ අනුව ඔහු නියෝජ්‍ය පොලිස්පතිවරුන් 4 දෙනෙකු වෙත එම වාර්තාවේ කරුණු අනුව අදාළ දැනුවත් කිරීම සිදුකර ඇත.

ජාතික බුද්ධි අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වූ සිසිර මෙන්ඩිස් මහතා වන අතර ඔහු පොලිස් දෙපාර්තමේන්තුවේ සේවකයෙක් නොවේ. ඔහු ආරක්ෂක අමාත්‍යාංශය යටතේ සේවය කරන්නෙකි. සිසිර මෙන්ඩිස් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු මෙන්ම එහි අධ්‍යක්ෂවරයෙකු වශයෙන්ද කටයුතු කර තිබේ.

බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ, විශේෂ කාර්ය බලකාය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලතීෆ්, විශේෂ ආරක්ෂක දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියලාල් දසනායක, සහ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා වෙත පොලිස්පතිවරයා විසින් අදාළ දැනුවත් කිරීම සිදුකර ඇත. එහෙත් හදිසි අවශ්‍යතාවක් සේ සලකා ක්‍රියාකරන්නැයි එහිදී උපදෙස් පොලිස්පතිවරයා විසින් ලබා දී නැත. ඔහු තමන් යැවූ ලිපියට අදාළ පසුවිපරම් ද කර නැති බව වාර්තා වේ. මෙම දැනුම් දීමට අදාළව ක්‍රියාත්මක වී ඇත්තේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියලාල් දසනායක පමණි. ඔහුද තමන්ගේ පහළ නිලයන් වෙත ලබාදුන් උපදෙස් ක්‍රියාත්මක වන්නේ දැයි පසුවිපරම් කර නැත.

අප්‍රේල් 24 දින පාර්ලිමේන්තුවේදී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකාද පැවසුවේ ජාතික බුද්ධි අංශ ප්‍රධානියා ඍජුවම වගකියන්නේ ජනාධිපතිවරයාට හා ඔහු යටතේ සිටින ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාට බවය. ජාතික බුද්ධි අංශ ප්‍රධානියා සකස් කරන බුද්ධි වාර්තා ජනාධිපතිවරයාට හා ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාටත්, ඊට අමතරව පොලිස්පතිවරයාටත් යොමුකරන බව සරත් ෆොන්සේකා මහතා පැවසීය.

මීට අමතරව එස්අයියූ යනුවෙන් හඳුන්වන රාජ්‍ය බුද්ධි සේවයද ජනාධිපතිවරයාට හා ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාට ඍජුව වගකියන ආයතනයක් වන අතර එම ඒකකය එක්රැස් කරන තොරතුරුද ආරක්ෂක අමාත්‍යාංශයට යොමුකෙරේ.

පසුගිය වසරේ ඔක්තෝබර් මස ක්‍රියාත්මක කළ ආණ්ඩු පෙරළීමේ කුමන්ත්‍රණය පරාජය කිරීමෙන් පසු පැවති ආරක්ෂක මණ්ඩල රැස්වීම්වලට තමා නොකැඳවූ බව අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළ අතර නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධනටද ඊට ආරාධනා කර නැති බව පැවසේ.

එසේ වුවද ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබුණේ එම නොකැඳවීම් පිළිබඳ අගමැතිවරයා හා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුව දැනුවත් කළ යුතුව තිබුණු බවත් එසේ නොකිරීම වරදක් බවත්ය.

සාමාන්‍ය වශයෙන් ආරක්ෂක මණ්ඩල රැස්වීමට ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා, ආරක්ෂක හා පොලීසිය යන අමාත්‍යාංශවල ලේකම්වරුන්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පති, ජාතික හා රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානීන් හා අවශ්‍ය නම් ත්‍රිවිධ හමුදා බුද්ධි අංශ ප්‍රධානීන් කැඳවීම සිදු කළ යුතු වේ. එහෙත් පසුගිය ආරක්ෂක මණ්ඩල රැස්වීම්වලට විපක්ෂයේ මන්ත්‍රීවරුන් එක් කරගත් බවට ජනාධිපතිට චෝදනා එල්ල වී තිබේ.

Apr 27, 2019 – සමාජ මාධ්‍ය ජාලා හා වෙබ් අඩවි එක්ක බද්ධ වෛරයෙන් පසුවන ජනාධිපති සිරිසේනගේ සහෝදරයා වන කුමාරසිරි සිරිසේන සභාපතිත්වය දරන ශ්‍රි ලංකා ටෙලිකොම් හා මොබිටෙල් වෙබ් අඩවි වාරණයක නිරතව සිටිනවා.

මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් පාරිභෝගික අයිතින් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරන්නේ  ශ්‍රී ලංකා  ටෙලිකොම් සමාගමේ අබලි කේබල් විකිණිම සදහා  ටෙන්ඩරයක් පිට පාරෙන් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුගේ තඔ කම්හලට ලබා දී ඇති බවට එම ව්‍යාපාරය විසින් කළ චෝදනාව ප්‍රචාරය කළ වෙබ් අඩවි කිහිපයකට ප්‍රවේශ වීම ඊයේ දහවල සිට ශ්‍රි ලංකා ටෙලිකොම් හා මොබිටෙල් හරහා අවහිර කොට ඇති බවයි.

එසේම එම පුවත් වාර්තා කළ වෙබ් අඩවි වල සංස්කාරකවරුන්ට බලපෑම් කරමින් එකි පුවත එම වෙබ් අඩවි වලින් ඉවත් කිරීමටද ජනපති සහෝදරයා ක්‍රියා කළ බවටත් එම ව්‍යාපාරය චෝදනා කරනවා.

සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයේ සාමුහික වගකීම රටේ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස බාර නොගෙන ආරක්ෂක ලේකම්වරයාට, පොලිස්පතිවරයාට බෝලේ පාස් කරමින් අනාගත ජනපති සිහින දකින ජනාධිපතිවරයාට සිය සහෝදරයාගේ හා තමාගේ ඇසේ ඇති පොල් පරාලය නොපෙනනු ඇති.

ඊයේ පැවති මාධ්‍ය ප්‍රධානීන් හමුවේදි ජනාධිපතිවරයා පවසා සිටියේ තම ඉන්දියාවේ ගියේ අප්‍රේල් 16 වෙනිදා බවත් ඒ වන විට ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ බුද්ධි තොරතුරු නොදන්නා බැවින් ආරක්ෂක අමාත්‍යධූරයේ වැඩ බැලීමට කෙනෙකු පත් කිරීමට තමාට කල්පනා නොවු බවත් ය.

ත්‍රස්තවාදය හා මත්ද්‍රව්‍ය අතර ඇත්තේ සමීප සම්බන්ධයක් බැවින් තමා ගෙනියන මත්ද්‍රව්‍ය විරෝධි සටන නිසා මේ ත්‍රස්ත ප්‍රහාරය සිදු වූවා දැයි තමාට සිතෙන බවත් පවසා සිඟිති ආතල් එකක් තමාටම ගැනීමටත් ජනාධිපති සිරිසේන මෙහිදි අමතක නොකළේ ය.

පාරිභෝගික අයිතින් සුරැකීමේ ජාතික ව්‍යාපාරය නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහත දක්වා ඇත.

ශ්‍රී ලංකා  ටෙලිකොම් සමාගමේ අබලි කේබල් විකිණිම සදහා  ටෙන්ඩරයක් පිට පාරෙන්   ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුගේ තඔ කම්හලට ලබා දී ඇති බවට අප සංවිධානය විසින් කරන ලද හෙළිදරව්ව මෙරට ප්‍රධාන වෙබ් අඩවි කිහිපයක් ඊයේ දිනයේදී වාර්තා කර තිබියදී විනාඩි කිහිපයකින් මොබිටෙල් හා ටෙලිකොම් සම්බන්ධතාවලින් එම වෙම් අඩවි වෙත පිවිසීම අවහිර කිරීමට ශ්‍රී ලංකා  ටෙලිකොම් සභාපති කුමාරසිරි සිරිසේන ඇතුලු නඩය කටයුතු කර ඇති බව අපට පෙනී ගියේය.

එම පුවත nethgossip.lk/article/33755  උක්ත වෙබ් අඩවිය වාර්තා කර තිබූ අතර ඊට විනාඩි කිහිපයකට පසු එම වෙබ් අඩවිය අවහිර කර තිබුණි. පැය කිහිපයකට පසු නැවත එම වෙබ් අඩවියට පිවිසිමේදී එම පුවත ඉවත්කර ඇති බව දැක ගැනීමට හැකි විය. අප විසින් එල්ල කර ඇති චෝදනාව වැරදි නම් ඒ පිළිබදව ප්‍රකාශයක් කිරීමට ඇති අයිතියට අප ගරු කරන අතර එසේ නොකොට වෙබ් අඩවි මර්ධනය කිරීමටයාම අප තරයේ හෙළා දකිමු.

මාධ්‍ය සදහා සම්මාන උත්සව සංවිධානය කරන මේ රටේ ජනාධිපතිවරයාගේ මාධ්‍ය නිදහස මෙයදැයි අප ප්‍රශ්ණ කරන අතර මාධ්‍ය සදහා සම්මාන උත්සව සංවිධානය කරන්නේ තමන්ට එරෙහිව පුවත් පළකරන වෙබ් අඩවි හා මාධ්‍ය වේදීන් නිහඩ කරන්න යැයි අපි චෝදනා කරමු.

ශ්‍රී ලංකා  ටෙලිකොම් ආයතනය හෝ මොබිටෙල් ආයතනය කුමාරසිරි සිරිසේනගේ බූදලයක් නොවන බව අප ඔහුට මතක් කර සිටින අතර ඉතිහාසයේ මෙරට මාධ්‍ය මර්ධනය කල පුද්ගලයින්ට අත්වුනු ඉරණම කනගාටුදායක බවද මතක්කර සිටිමු.

ආදරණිය මාධ්‍යවේදී මහත්ම මහත්මියනි ඔබලා කරනු ලබන මෙහෙයට ජනතා සම්මාන ඔබට නිතැතින්ම පිරිණැමෙන අතර ඔබට පිරිනැමුණු ජනාධිපති සම්මානයට ඔබ සත්‍ය වසන්කරන්නේ නම් අපි ඒ පිළිබදව කණගාටුවෙමු.

මෙයට, විශ්වාසි

රංජිත් විතානගේ – සභාපති

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

 

 

 

 

Top