Published on: Apr 27, 2019 – පසුගිය ඉරිදා එල්ල වු මරාගෙන මැරෙන අන්තවාදි  ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, අගමැතිවරයා මෙන්ම අවශ්‍ය නිළධාරීන් දැනුවත් කිරිමට ආරක්ෂක ලේකම් කටයුතු කර නැත්තේ ගෝඨාභය රාජපක්ෂ සමග ඇතිකරගත් එකඟතාවක් මත බව මේ වනවිට අනාවරණය වි තිබේ.

ජනපතිගේ නියෝගයෙන් මේ වනවිට සිය ධුරයෙන් ඉවත්ව සිටින ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ඉල්ලා අස්වු අතර පොලිස්පති පුජිත් ජයසුන්දර මේ දක්වා ඉල්ලා අස්වි නෑ.ඊයේ පොලිස්පතිවරයා ජනපති රැස්කල කමිටුව ඉදිරියේ පෙනී සිටි අතර එහිදි ඔහු සදහන් කර ඇත්තේ බුද්ධි අංශ ලබාදුන් තොරතුරු ජනපතිට,අගමැතිට මෙන්ම අවශ්‍ය නිලධාරින්ට ලබානොදිමට කටයුතු කලේ ආරක්ෂක ලේකම්ගේ දැඩි ඉල්ලිම මත බවයි.

අවස්ථා කිහිපයකදිම තමන් මේ සම්බන්ධයෙන් ජනපතිට මෙන්ම අගමැතිට කියන්නට උත්සහ කල නමුත් එය දිගින් දිගටම ආරක්ෂක ලේකම්වරයා වැලැක්වු බවයි පොලිස්පතිවරයා පවසා ඇත්තේ.එක් අවස්ථාවක තමන් ජනපති හමුවි මෙම තොරතුරු සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට යමින් සිටියදි තමන්ට ආරක්ෂක ලේකම්වරයා දුරකතනයෙන් අමතා තමන් (හේමසිරි) අදාල ප්‍රහාරයට සම්බන්ධ වාර්තා පිළිබඳව ජනපති දැනුවත් කල බවත් එය එතරම් සැලකිල්ලට ගතයුතු කරුණක් නොවන බවට තමන්ට ජනපති පැවසු බවයි.

අදාළ ප්‍රහාරය සුළු ප්‍රහාරයක් විය හැකි බවත් ඒ හරහා දේශපාලන වාසියක් ගෝඨාභයට හිමිකර ගැනිමත් ඒ මතින් නොවැම්බරයේදි එන ජනාධිපතිවරණයට පිවිසිම අරමුණ වි තිබේ.ඒ අනුව ඉදිරි පැය 24ක කාලය තුල ගෝඨාභයගේ sජනාධිපතිවරණ සටන ආරම්භ කිරිමට නියමිතව ඇති අතර ඒ සදහා ප්‍රවේශය පසුගියදා ජෝඩු දමා ඇමරිකාවේ සංචාරය කල මාධ්‍ය මාෆියා කරුවෙකු වන දිලිත්ගේ දෙරණ 360න් පටන් ගැනිම්ට නියමිතයි.

කතාව අවසන් නැත……

බලාපොරොත්තු වන්න

http://lankanewsnetwork.org/archives/19134

 

Apr 25, 2019 – මරාගෙන මැරෙන ප්‍රහාරයන් හයක් සිදුව තිබියදීත් සිංගප්පුරුව බලාගොස් සිටි ජනාධිපති, ආරක්ෂක හා නිතිය හා සාමය පිළිබද ඇමති මෛත්‍රිපාල සිරිසේන මහතා කඩිනමින් මෙරටට නොපැමිණියේ මන්දැයි ආණ්ඩුවේ පසු පෙළ මන්ත්‍රීවරු ජනාධිපතිවරයා හමුවී කරුණු පැහැදිලි කර ගැනීමට තිරණය කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

සුනාමි ව්‍යසනය අවස්ථාවේ ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය එන්ගලන්තයේ සිට පළමු ගුවන් යානයෙන්ම ශ්‍රී ලංකාවට පැමිණි බව පෙන්වා දෙන පසුපෙළ මන්ත්‍රීවරු ජනාධිපතිවරයා ලංකාවට පැමිණියේ එදින මෙරටට පැමිණෙන ගුවන් යානා තුනෙන් අවසන් ගුවන් යානයෙන්නි.

කතෝලික දේවස්ථාන ඇතුළු සංචාරක හෝටල්වලට මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කරන බවට අප්‍රේල් මස 04 වන දින තොරතුරු ලැබීමෙන් පසුව එය පොලිස් දෙපාර්තමේන්තුව ඉහළම නිලධාරින්ගේ සිට ඊළග නිලධාරියා දක්වා යොමු කිරීම හැර කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැතැයි රජයට ඉදිරිපත් කළ රහස්‍ය වාර්තාවක සඳහන් වන බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළා.

මරාගෙන මැරෙන ප්‍රහාරය සම්බන්ධයෙන් තානාපති ප්‍රජාව හරහා ලැබුණු බුද්ධි තොරතුරු පොලිස්පතිවරයා විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, නියෝජ්‍ය පොලිස්පති  ආදි ලෙස තනතුරු වෙත යොමු කිරිම පමණක් සිදුව තිබෙතැයි ඉහත වාර්තාවේ වැඩිදුරටත් සදහන්වේ.

රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් දිනපතාම ජාතික ආරක්ෂක, නීතිය සාමය හා අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයට කරුණු වාර්තා කිරීම ජාතික බුද්ධි තොරතුරු කාර්යාංශය ඒ සම්බන්ධයෙන් දින 16 ක් ගතවන තෙක් ගත් පැහැදිලි ක්‍රියාමාර්ගයක් පෙන්නුම් නොකරතැයි අදාළ වාර්තාව වැඩිදුරටත් විස්තර කර සිටියි.

රජයට ඉදිරිපත් කළ රහස්‍ය වාර්තාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ට ද බාරදීමට නියමිතය.

Published on: Apr 22, 2019 – ආරක්ෂක සහ නීතිය සාමය අමාත්‍යංශවල වැඩ බැලීම සඳහා වත් අමාත්‍යවරයෙක් පත් කර නෑ..

බුද්ධි අංශ තොරතුරු වාර්තා කර තිබුණද අනතුරු අඟවා තිබුණ ද එය අග්‍රාමාත්‍යවරයාටවත් දැනුම් දී නෑ..

මිලේච්ඡ අනතුර පිළිබද රාජ්‍ය බුද්ධි අංශ වාර්තා කලේ පසුගිය අප්‍රේල් 11 වැනිදාය. එතෙක් ආරක්ෂාව භාර පාලකයින් කුමක් කලේද ?

ආරක්ෂක අමාත්‍යාංශය අමාත්‍යාංශය නීති හා සාමය අමාත්‍යාංශය දෙකම තමා යටතේ තියාගත් ජනාධිපති සිරිසේන මේ වන විට සිටින්නේ ශ්‍රී ලංකාවෙන් පිටත යි.සාමාන්‍යයෙන් තමා රටින් බැහැරව යන විට තම අමාත්‍යාංශයේ වෙනත් අමාත්‍යාවරයෙකු හෝ නියෝජ්‍ය අමාත්‍යවරයා වෙත පවරා පිටව යාම පිළිගත් ක්‍රමවේදය වුවද සිරිසේන ජනාධිපතිවරයා රටින් පිටව ගොස් ඇත්තේ මේ කිසිවක් සිදුකර නොවේ.

බුද්ධි අංශ විසින් මෙම ප්‍රහාරය පිළිබඳ ලද තොරතුරු සහිතව සිටිය ද ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට අදාල විෂයභාර අමාත්‍යවරයා නොමැතිවීම හේතුවෙන් බව වාර්තා වනවා.එමෙන්ම මෙම බුද්ධි තොරතුරු පිළිබඳව අග්‍රාමාත්‍යවරයා පවා දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණේ නැහැ.

ඇතැම් අවස්ථාවාදි විපක්ෂ දේශපාලඥයින් මාධ්‍ය සංදර්ශන පවත්වමින් සිටින මොහොතක අගමැතිවරයා රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් තම නිල බලය යොදාගනිමින් ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගැනීම සඳහා කටයුතු කරමින් සිටිනවා .

ශ්‍රී ලංකාවේ සිටින අප දේශපාලන වාර්තාකරු සදහන් කළෙ අද රාත්‍රී 12.15ට පමණ සිංගප්පූරුවේ සැගවි සිටි සිරිසේන ජනාධිපතිවරයා යලි දිවයිනට පැමිණ ඇති අතර ඔහු කටුනායක සිට ජනාධිපති මන්දිරය දක්වා ගමන් කරන තුරු මාර්ගයේ ගමන් කල වාහන සියල්ලම නතර කර ගැනිම්ට ජනාධිපති ආරක්ෂකයන් කටයුතු කර ඇති බවයි. විශේෂ රාජකාරි සදහා යමින් සිටි සහ රාජකාරි අවසන් කර පැමිණෙමින් සිටි පුද්ගලයන් මේ හේතුවෙන් දැඩි අර්බුදයකටද මුහුණ දි තිබේ.

Published on: Apr 20, 2019- ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සිය පෞද්ගලික ඉන්දියානු සංචාරය නිමවා ලංකාවට පැමිණි පසු එළඹෙන සතිය තුළ ඉක්මණ ජනාධිපතිවරණයක් කැඳවීම සඳහා උනන්දුවකින් පසුවන්නේ යැයි ඔහුට සමීප ආරංචි මාර්ගවලින් දැන ගන්නට ලැබි ඇත.

නියමිත කාලයට අනුව ජනාධිපතිවරණයක් කැඳවන්නේ නම් මේ වසරේ නොවැම්බර් මාසයේදී එය පැවැත්විය යුතු වෙයි. එහෙත් ව්‍යවස්ථා ප්‍රතිපාදන අනුව ධූරකාලයෙන් අවුරුදු 4ක් ඉක්ම ගිය පසු එනම් පසුගිය ජනවාරි 9වැනිදායින් පසුව ඕනෑම අවස්ථාවක ජනාධිපතිවරණයක් කැඳවීමේ බලය ජනාධිපතිවරයා සතුවේ.

මෙම තත්ත්වය ප්‍රයෝජනයට ගෙන ගෝඨාභය රාජපක්ෂ මහතා අමෙරිකානු පුරවැසිභාවය පිළිබඳ ගැටළුව විසඳා ගැනීමට පෙර සහ එක්සත් ජාතික පක්ෂය තුළ අර්බුද ගණනාවක් මතුවී ඇති පසුබිම මත එමගින් තමාට වාසි අත්කරගැනීමේ අරමුණින් මෙම තීරණය ගන්නට බොහෝ දුරට ඉඩ ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.

අප්‍රේල් 16 වෙනිදා ජනාධිපතිවරයා සහ ඔහුගේ පවුලේ සමීපතමයන් පුද්ගලික සංචාරයක් බව පවසමින් ඉන්දියාවට ගිය අතර අප්‍රේල් 17 වෙනිදා ඔහු ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයේ තිරුපති කෝවිල වන්දනා කර ආශිර්වාද ලබාගන්නට ගොස් තිබේ. මෙම සංචාරය නිමාකර ලංකාවට පැමිණි විගස ජනාධිපතිවරණයක් කැඳවීමට බොහෝ දුරට නියමිතව ඇතැයි දැනගන්නට ලැබේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හදිසි ජනාධිපතිවරණයක් කැදවන්නේ දැයි අනිද්දා කළ විමසීමකදි ශ්‍රිලංනිප ජාතික සංවිධායක දුමින්ද දිසානායක මෙසේ කීය.

“ජනාධිපතිතුමාට නිතියෙන් බාධාවක් නැහැනේ. ජනාධිපතිවරණය ඉදිරියේදි ඕනෑ මොහොතක කැඳවන්න පුළුවන්. එහෙත් ජනාධිපතිතුමා මේ වෙන තෙක් අප සමඟ ඒ ගැන කතාකරලා නැහැ. ජනාධිපතිතුමා නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නට අපේක්ෂා කරන බව නිල වශයෙන් කියා නැතත් එතුමා නැවත ඉල්ලන බව එතුමාගේ ක්‍රියාකාරකම් වලින් සාමාන්‍ය දැනුමක් තියන ඕනෑම කෙනෙකුට තේරෙනවා. විශේෂයෙන් නිවේදනය කරන්න දෙයක් නෑ. ජනාධිපතිතුමා මේ වෙනකොට ජනාධිපතිවරණයට සූදානම් වෙනවා. 2021 වෙනකොට මත්ද්‍රව්‍ය අවසන් කරන බව එතුමා කිව්වේ 2021 වෙනකම් බලයේ ඉන්න බලාපොරොත්තු වන නිසා.”

~~ අනිද්දා~~

Published on: Apr 12, 2019- 2014 වසරේ සිට කිසිදු විදුලිබලාගාරයක් මෙරට ඉදිකිරීමට කටයුතු නොකල නිසා හා වෙනත් බල ශක්ති මගින් විදුලිය උත්පාදනය කිරීමට විදුලිබල අමාත්‍යාංශයෙන්ම බාධා කල නිසා සති තුනක කාලයක සිට පැය දිනකට පැය ගණනක් අදුරේ සිටීමට අප රටේ ජනතාවට සිදුවිය.

විදුලි බල අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අදූරදර්ශී කියාකලාපය නිසා ඇති වූ එම විදුලි අර්බුදය විසදා ගැනීමට යැයි කියා විවිධ උපාය අනුගමනය කිරීමට යන නිසා කලදුටු කලවල ඉහගැනීමට කටයුතු කරමින් සිටින මෙරට ව්‍යාපාරිකයින් හා දේශපාලකයින් රාශියකි.

ඉන් එකක් වන්නේ මීට මාස ගණනකට පෙර කොරියානු රජයේ සමාගමක් බව පවසමින් මෙරට ස්භාවික විදුලිබලාගාරයක් ඉදිකිරීමට අවසර ඉල්ලා විදුලිබල අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති කැබිනට් පතයක් අනුව එම විදුලි බලාගාරය ඉදිකිරීම සදහා උක්ත සමාගමට අවසර ලබාදීමට කටයුතු කරමින් සිටීමයි.

එම සමාගම කොරියානු සමාගමක් බවට කොරියානු තානාපතා කාර්යාලය විසින් සහතික කලද එම සමාගම කොරියානු රජයේ සමාගමක් බවට සහතිකයක් නිකුත් කොට නැත. ඒ අනුව අදාල කැබිනට් පතිකාව මගින් විදුලිබල අමාත්‍යාංශයේ ලේකම්වරයාවන සූරසේන බටගල කැබිනට් මණ්ඩලයම නොමගයවා ඇත තවද උක්ත සමාගම කිසිදු පළපුරැද්දක් නොමැති සමාගක් බව අප කල විමර්ශණයකදී හෙළිවී ඇත.

එම සමාගමට මෙම බලාගාරය ඉදිකිරීම සදහා අවසර ලබා දීමට කටයුතු කිරීම පිටුපස එක දවසට එක බොරැවක් කියන බවට ජනතාව අතර පසිද්ධියක් උසුලන පබල දේශපාලකයාද සීටී. මැයි මස විවාහ වීමට සිටින මෙම දේශපාලකයාගේ පුතාගේ අතිනත ගනු ලබන්නේ මෙම කොරියානු සමාගමේ නිල නොවන දේශීය නියෝජිතයා වන ලංකාවේ රෝලර් ගේට්ටු නිෂ්පාදනයේ යෙදෙන පමුඛම සමාගමක හිමිකරැගේ දියණියයි. ඒ අනුව මෙම නව යුවලට දෑවැද්ද ලෙස දෙනු ලැබීමට නියමිතය ඇත්තේ මෙම බලාගාරයයි.

Published on: Apr 7, 2019 – බලලෝභිත්වය නිසාම බලය අත්පත් කර ගැනීමට ඕනෑම දෙයක් කරන රාජපක්ෂ පවුලේ බැසිල් රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ මෙන්ම ඔවුන් පිරිවරා සිටින කල්ලි අතර හටගෙන තිබෙන අභ්‍යන්තර ගැටුම් මේ වන විට කරලියට පැමිණ තිබෙනවා.

එම ගැටුමේ උග්‍ර අවස්ථාවක් පසුගිය දා පුපුරා ගිය අතර එය නිර්මාණය වූයේ  රාජපක්ෂවරුන්ගේ මස්සිනා කෙනෙකු වන නිරූපමා රාජපක්ෂගේ සැමියා වන තිරුකුමාර් නඩේසන්, පැලවත්ත අකුරේගොඩ ඉදිකරන ආරක්ෂක හමුදා සංකිර්ණයේ ඉදිකිරීම් වලට අදාළ ගණුදෙනු වල වාර්තා තොරතුරු දැන ගැනීමේ පනත යටතේ දැන ගැනීමත් සමඟ ය.

මෙම තොරතුරු දැන ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව අදහස් දක්වමින් තිරුකුමාර් නඩේසන්  ප්‍රකාශ කළේ බිලියන ගණනක දූෂණයක් හෙලි කිරීමට තමාට අවශ්‍ය වූ බවයි. මෙම බිලියන ගණනක් වටිනා ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව අත්දැකීමෙන් ඉතාම අඩු පුද්ගලයෙකුට ලබා දෙමින් සිදුකර ඇති මහ පරිමාණ දූෂණය පිළිබඳව පලවී ඇති තොරතුරු නිලවශයෙන් දැන ගැනීම තම අභිප්‍රාය වූ බවත් ඔහු පවසා සිටියා.

අකුරේගොඩ යුධ හමුදා සංකීර්ණය ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මත ගොඩ නැගුණු අතර එහි කොන්ත්‍රාත්තුව මුදිත ජයකොඩි ඇසෝසියේට් සමාගම වෙත ලබා දීමට කටයුතු කර තිබුණි.

මුදිත ජයකොඩි යනු දැන බැසිල් රාජපක්ෂට එරෙහිව විභාග වෙමින් පවතින මල්වාන මන්දිරයේ පැමිණිකරු වේ. මුදිත ජයකොඩි එම මන්දිරයේ ඉදිකිරීම් කොන්ත්‍රාත්කරු වන අතර බැසිල් රාජපක්ෂ මහතා තමාට එම කොන්ත්‍රාත් ගාස්තු නොගෙවූ බවට ඔහු මීට පෙර පැමිණිලි කර තිබුණි. තිරුකුමාර් නඩේසන්ද එම නඩුවේ විත්තිකරුවෙකු වේ. ඒ මල්වාන මන්දිරය ඉදිකළ ඉඩම තිරුකුමාර් නඩේසන්ගේ නමින් මීට පෙර මිලයට ගෙන තිබුණු බැවිනි.

පසුව එම ඉඩමේ අයිතිය නඩේසන් විසින් මුදිත ජයකොඩි වෙත පවරා දුන් අතර මල්වාන මන්දිර නඩුවේදි මුදිත ජයකොඩි පවසා සිටියේ එම පැවරීම තමා නොදැන් සිදු කළ එකක් බවත් තමා එම ඉඩමේ අයිතිය භුක්ති නොවිදින බවයි.

අකුරුගොඩ හමුදා සංකීර්ණයේ ඉදිකිරීම් වෙනුවෙන් මුදිත ජයකොඩි සමාගමට සිදු කළ ගෙවීම් පිළිබදව නඩේසන් මහතා අමාත්‍ය මණ්ඩලයෙන් තොරතුරු ඉල්ලු විට එය ප්‍රතිකේෂ්ප වී ඇත. පසුව අභියාචනයේදි තොරතුරු කොමිසම එම තොරතුරු ලබා දෙන ලෙස නියෝග කර ඇත. එම නියෝගය මත අදාළ තොරතුරු දීම අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ. නඩේසන් මහතාට එම තොරතුරු ලබා දි ඇත්තේ හමුදා සංකීර්ණය පිළිබඳව විමර්ශනය කළ විතානගේ කමිටු වාර්තාවේ පිටපතක් ලබා දීම මගින් ය.

Published on: Apr 6, 2019- ශ්‍රී ලංකා රජයේ බලසේනා විසින් යුද්ධයෙන් අල්ලාගන්නා ලද උතුරු නැගෙනහිර ඉඩම් වලින් සියයට අනූවක් ආපසු දෙනලද බවට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව කරන ප්‍රකාශ කිසිදු සත්‍යයක් නැති බවට එම් ඒ සුමන්දිරන් මන්ත්‍රීවරයාගේ දැඩි ප්‍රහාරයට ලක්විය.

වාඩිලාගත් ඉඩම් සියල්ල මුදා හරින බවට ජනාධිපතිවරයා 2015 දී ලිඛිතව පොරොන්දු වූ බව පාර්ලිමේන්තුව හමුවේ හෙළි කර සිටි දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ එකක් කියා තව එකක් කරමින් ඉන්නා ජනාධිපතිවරයා කෙරේ දෙමළ ජනතාව තැබූ විශ්වාසය අද වනවිට ගිලිහී ගොස් ඇති බවයි.

ඒ අවස්ථාවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ද පාර්ලිමේන්තුවේ අසුන් ගෙන සිටියේය.

උතුරු නැගෙනහිර පළාත්වල ආරක්ෂක අංශ වාඩිලා සිටි රජයේ ඉඩම්වලින් 81‍ % ක් ද පෞද්ගලික හිමිකාරත්වය සහිත ඉඩම්වලින් 90‍්‍%ක් ද මේ වනවිට නිදහස් කර අවසන්ව ඇතැයි, උතුරු නැගෙනහිර පළාත් සංවර්ධනය සඳහා වූ විශේෂ ජනාධිපති කාර්ය සාධන බලකාය හයවැනි වතාවට රැස්වූ අප්‍රේල් 3 දා ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කර තිබුනි.

එහි කිසි සත්‍යයක් නැති බව එයින් දිනකට පසු ප්‍රකාශ කළ එම් ඒ සුමන්දිරන් මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා යටතේ ඇති ආරක්ෂක, පාරිසරික සහ මහවැලි අමාත්‍යාංශ වැය ශීර්ෂය පිලිබඳ විවාදයට සහභාගි වෙමින් කියා සිටියේ යුද, නාවික හා ගුවන් හමුදා මෙන්ම පොලිසියත් උතුරු නැගෙනහිර ජනතාව සතු ඉඩම් බලහත්කාරයෙන් අල්ලා ගෙන ඉන්නා බවයි.

“පුද්ගලික අයිතිකරුවන්ට 90% ක් ඉඩම් ආපසු පවරා දී ඇති බව ඔවුන් කීවත් එහි කිසි ඇත්තක් නෑ,” යි දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

“අපි මේ විස්තර ඉල්ලා තිබුනත් අපිට තවමත් ඒ විස්තර ලැබී නෑ. ඒ වාගේම ඉඩම් වර්ගීකරණය ගැන සෑහීමකට පත් වෙන්න බෑ. ජනතාව විවිධාකාරයේ ඉඩම් වල ජීවත් වුනා. ඒවා තාක්ෂණිකව රජයේ ඉඩම් වෙන්න පුළුවන්. ඒත් ඒවායේ ජීවත් වුනේ පර්මිට් වලට. ඒ බලපත්‍ර අලුත්වැඩියා කරන්න ලැබිලා නෑ. එහෙම නැතිනම් ඒ ඉඩම් වල ජීවත් උනේ වෙන පදනමකින්.”

එම ඉඩම් පුද්ගලයන් සතු බවට බලධාරීන් විසින් වර්ගීකරණය කර නැති හෙයින් මුල් පදිංචි කරුවන්ට ආපසු යා නොහැකි තත්වයක් උදා වී ඇති බව එම් ඒ සුමන්දිරන් වැඩිදුරටත් කියා සිටියේය.

වාඩිලාගෙන සිටින ඉඩම් ආපසු බාර දීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් මෙවර ජිනීවා මානව හිමිකම් සමුළුවේදී නොසතුට පලකළ මිචෙල් බැෂලේ මහකොමසාරිස් වරිය එහි පාරදෘශ්‍ය භාවය සහතික කරනු සඳහා ස්වාධීන යාන්ත්‍රණයක් පිහිටුවන ලෙස ආණ්ඩුවට නිර්දේශ කර තිබුනි.

එම නිර්දේශය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන ලදී.

“අපි ස්වාධීන කොමිෂන් සභා කිසිවක් පත් කරන්නේ නැහැ. කොහෙන්වත් කියන ඒවාට අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ඉඩක් නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පිට කිසිම දෙයක් කරන්න අපි ලෑස්ති නැහැ,” යි ජනාධිපතිවරයා කියා තිබුනි.

ලොකුම වැරදිකාරයා

ආරක්ෂක අංශ වලට අමතරව ජනාධිපතිවරයා යටතේ ඇති මහවැලි අධිකාරිය ඇතුළු රජයේ වෙනත් ආයතනද අදත් උතුරු නැගෙනහිර ජනතා ඉඩම් අත්පත් කරගනිමින් සිටින බව දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරයා හෙළි කර සිටියේය. ඒ අතරින් “ලොකුම වැරදිකාරයා” ලෙස ඔහු විසින් හඳුන්වන ලද්දේ වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවයි.

“ජනතාව පරම්පරා ගණනාවක් ජීවත් වෙලා ඉඳලා, යුද්ධය නිසා උන්හිටිතැන් අහිමිවෙච්ච ඔවුන්ගේ ඉඩම්, දැන් කැලෑ ඉඩම් හැටියට ප්‍රකාශයට පත් කරගෙන යනවා. මේ සමහර ඉඩම් වල අයිතිය ලබාගන්න මහවැලි අධිකාරිය වීරිය දරනවා. දැන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට හිටි අඩියේ පුරාවස්තු හම්බවෙනවා. ඊට පස්සේ ඒවා පුරා විද්‍යා ස්මාරක හැටියට ප්‍රකාශයට පත් කරනවා. මේ අපේ ජනතාවගේ ඉඩම් කොල්ල කන තවත් විදියක්. මේකේ ලොකුම වැරදි කාරයා වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව. මොකද, අවුරුදු විස්සක තිහක යුද කාලය තුල ද්විතීයික වන වගාවක් ඇතිවුනා. ගුගල් සිතියම් මාර්ගයෙන් මේවා අපේ ඉඩම් කියලා හොයාගන්න පුළුවන්.”

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සන්තකයට ගන්නට වෙර දරන භුමියේ පාසල්, කෝවිල් සහ දේවස්ථාන පවා ඇතැයි ඔප්පු කර පෙන්වා ඇතත් බලධාරීන් විසින් ඒ ගැන කිසිදු සාධනීය පියවරක් නොගැනීම හේතුවෙන් මුල් පදිංචි කරුවන් සිය ගම් බිම් බලා ආපසු යා නොහැකිව සිටින බව මන්ත්‍රීවරයා කියා සිටියේය.

“හොර රහසේ” වැඩ

දෙමළ ජනතාවගේ පාරම්පරික වාසභූමි වල වෙනත් පළාත් වලින් මිනිස්සු ගෙනැවිත් පදිංචි කරවීමත්, යුද්ධයෙන් උන්හිටිතැන් අහිමි වුවන්ට මුල් ගම් බලා යාමට නොහැකි වීමට තවත් එක හේතුවක් ලෙස ඔහු විසින් සඳහන් කරන ලදී. ඊට උදාහරණයක් ලෙසින් වව්නියාව දිස්ත්‍රික්කයේ ගම්මානයක විස්තර ගෙනහැර දැක්වූ ඔහු මේතාක් පැවති ආණ්ඩු සේම, වර්තමාන පාලකයන්ද දෙමළ පළාත් වල ජන අනුපාතය වෙනස් කරන්නට “හොර රහසේ” කටයුතු කරමින් සිටින බවට චෝදනා කළේය.

“කච්චල්සමනන්කුලම් කියා වවුනියා දිස්ත්‍රික්කයේ ගම්මානයක් තියෙනවා. මන් ගාව ඡායාරූප සාක්ෂිත් තියෙනවා, වවුනියාවේ නිලධාරීන් මුකුත් දන්නේ නැතිව අනුරාධපුරේ නිලධාරීන් ගිහිල්ලා, වැවක් අලුත්වැඩියා කරලා, පිට පළාත් වලින් මිනිස්සු ගිහිල්ලා පදිංචි කරවනවා. පැවතුනු හැම ආණ්ඩුවක්ම පළාතේ ජන අනුපාතය වෙනස් කරමින් ඉන්නවාය කියන එක දශක ගණනාවක් තිස්සේ ලැබුනු පැමිණිල්ලක්. මේක අදත් හොර රහසේ සිද්ධ වෙනවා. ඒක එළිපිට සිද්ධ වෙන දෙයක් නෙවෙයි. මේක උදාහරණ ගණනාවකින් එකක්.”

රටේ සංහිඳියාව සම්බන්ධයෙන් බරපතල ලෙස සලකන්නේ නම් ආකල්ප වෙනස් කරගන්නා ලෙස එම් ඒ සුමන්දිරන් මන්ත්‍රීවරයා සභාගර්භයේ සිටි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

ස්වකීය අමාත්‍යාංශ වැය ශීර්ෂ පිළිබඳ විවාදයට එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ දේශපාලන නායකයන් කුමන අන්දමේ විග්‍රහ සිදු කළ ද උතුරු නැගෙනහිර ජනතාව ත්‍රිවිධ හමුදාව සමඟ “ඉතා සමීපව, ඉතාමත් හිතවත්ව, ඉතාමත් හිතෛෂීව” කටයුතු කරන බවයි.

Published on: Mar 28, 2019- කුරුණෑගල දිස්ත්‍රික්කය වගේම විශේෂයෙන් කුරුණෑගල ආසනය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හෙවත් පොහොට්ටුවේ බල ඇතුන් ජීවත්වෙන ප්‍රදේශයකි. නමුත්ඉදිරියට එන වයඹ මහ ඇමති සටන සහ තම තමන්ගේ බලය ස්ථාපිත කරගැනීමේදී මේ පොහොට්ටු බලධාරීන් හීනමානය උලුප්පාගෙන වැඩකරන බව ආරංචි මාර්ග පවසයි.

විශේෂයෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු, ජයරත්න හේරත් , සාලින්ද දිසානායක නැමැති ජ්‍යෙෂ්ඨයින්ගේ පාලනයට ලක්වූ කුරුණෑගල දිසාව පොහොට්ටුව විනාසය කරා ගෙනියන වැඩසටහනක සිටිනබව දැනගන්නට ලැබී තිබේ.මේ දිනවල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම සමග පිළිසඳරක් වැඩසටහන කුරුනෑගල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වෙමින් පැවතුනද නෙලුම් මාවතේ සාකච්ඡාවෙන කිසිම දෙයක් නිකවැරටිය ප්‍රදේශයේ ක්‍රියාත්මක නොවන බව ආරංචි මාර්ග පවසයි. එයට හේතුව වී ඇත්තේ ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ කාර්යමණ්ඩලයේ ක්‍රියාකලාපය බව වැඩිදුර ආරංචි මාර්ග පවසයි. කුරුණෑගල මාවතගම පොල්ගහවෙල ගල්ගමුව ප්‍රදේශවල මේ ගම සමග පිළිසඳරක් වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබුනද නිකවැරටියට කිසිදු ක්‍රියාත්මක කිරීමක් අද වෙනකන් නොකර ඇතිබව දැනගන්නට ලැබී තිබේ.

නෙලුම් මාවතෙන් අසරණ වූ නිකවැරටියට එසේ වෙද්දී ජොන්ස්ටන් මන්ත්‍රීවරයාගේ කාර්ය මණ්ඩලය තවත් හපන්කමක් පෙන්වා ඇතිබව වැඩිදුරටත් දැනගන්නට ලැබී ඇත. එනම් කුරුණෑගල මාස්පොත පන්සලේ නායක හාමුදුරුවන්ගේ අපවත් වීම සම්බන්ධවයි. හාමුදුරුවන්ගේ දේහය අධාහනය කරන දිනයේදී මාස්පොත පංසලට පක්ෂ විපක්ෂ සියළුම මැතිඇමතිවරුන් පැමිණ සිට ඇත. එහිදී ඒ මේ අත දුවමින් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් උස්සා පෙන්වීමට ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ කාර්ය මණ්ඩලය උත්සහ කරමින් සිට ඇතැයි ආරංචි මාර්ග පවසයි. කෙසේ හෝ අධාහන උත්සවයේදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ පණිවිඩය කියවීමට නියමිතව තිබුනේ පොදුජන පෙරමුණේ කුරුණෑගල ආසන සංවිධායක ජයරත්න හේරත් මහතාටය. නමුත් එතන කසුකුසුවක් පටන්ගත් ජොන්ස්ටන් ගේ කාර්ය මණ්ඩලයේ පිරිස මෙම අවස්ථාවද කඩාකප්පල් කිරීමේ මුවාවෙන් එහෙම බෑනේ ජයරත්න ලොක්ක මේකෙන් තවත් උඩ යනවා, ඩී බී ට දෙමු. මොනවා වුනත් ඩී. බී අපේ ලොක්කගේ ගෙදර වැඩක් තිබ්බත් ඇවිත් කරලා දීලා යන මනුස්සයනේ යනුවෙන් කතාබහ කර ඇතිබව දැනගන්නට තිබේ. එසේ කතාකරගත් ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ කාර්ය මණ්ඩලය ඩී. බී හේරත් එතෙන්ට කැඳවා හේරත් මහත්තයා ඔයා හිටපු ජනාධිපතිතුමාගේ කතාව කියවන්න ඔයා තමයි සුදුසු යැයි පවසා ඇත. එහිදී ඩී. බී හේරත් අනේ මට බෑ මල්ලි අවුල් හදාගන්න. මම දැන් වෙනදෙයක් බලාගෙන දෙන දෙයක් කාලා ඉන්නේ මේක වෙන කාටහරි දෙන්න යනුවෙන් පවසා ඇත.

ඉන් නොනැවතුණු ජොන්ස්ටන්ගේ කාර්ය මණ්ඩලයේ මල්ලිලා ටික ඒ පණිවිඩය කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීවට පැටවීය. එයින් මහත් සන්තෝසයට පත් තුෂාර සංජීව මහින්ද රාජපක්ෂ මහතාගේ පණිවිඩය ව්‍යාකරණ වෙනස්කරමින් කියවා ඇති අතර ජයරත්න හේරත් මහතා මේ කිසිත් නොදැන සිනහමුසු මුහුණින් මේ කතාවට සවන්දී ඇතැයි වැඩිදුර ආරංචි මාර්ග පවසයි. නමුත් අධාහනය අවසානයේ සියළුම පොහොට්ටු මන්ත්‍රීවරුන් මෙන්ම අනෙකුත් පක්ෂවල මැති ඇමතිවරුන් ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ කාර්ය මණ්ඩලයේ නූගත් ක්‍රියාකලාපයන් විවේචනය කරන්නට විය.මුන්ට රැස්වීමක් තියලා සීයක් ගෙනල්ලා පෙන්නන්න බෑ. ඇත්තමයි ජොනී මේ වගේ වැස්සකටවත් ඉස්කෝලේ ගිහින් නැති බුරුවො ටිකක් තියාගෙන මොනවා කරනවද මන්දා. මේකෙන් කෙලවෙන්නේ අපිටමයි. මී හරක් ටිකක්නේ ජොනී වටේ ඉන්නේ. උන් තමයි ඔක්කොම පක්ෂයේ තීන්දු තීරණ දැන් ගන්නේ. එහෙම කීවේ හිරියාලයේ පොහොට්ටු සිංහයාය. ඒ අස්සේ මුන් නගර සභාවේ උඩතට්ටුවේ මීටින් එක තිබ්බේ, පනහක් ඇවිත් හිටියේ නෑනේ යැයි ඩී. බී හේරත් නැවතත් කියා ඇතැයි දැනගන්නට තිබේ.

මේ සිද්ධිය සිදුවීමෙන් පසු ජයරත්න හේරත්ට තමන්ගේ කාර්ය මණ්ඩලය අඩුපාඩුවක් කර ඇතැයි ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාට දැනගන්නට ලැබී ඇත. හදිසියේම පසුවදා තමන්ගේ කාර්ය මණ්ඩලයට තමන්ගේ ඉතිහාස භාෂාවෙන් ඇමතු ජොනී, යකෝ මම දේශපාලඥයෙක් සිල්ලර කඩකාරයෙක් නෙමෙයි. දේශපාලනේ කරන්න උඹල දන්නේ නෑ හැමදාමත් උඹල කරන්නේ නාන එක එහෙම නාලා හිතවත්කමෙන් වැඩ කරගෙන යන මිනිස්සුන්වත් මාත් එක්ක තරහ කරවනවා. දැන් ඔය ඇතිකරපු ප්‍රශ්නේ උඹලම මට ලිහලා දීපල්ලා යනුවෙන් දැඩි කෝපයෙන් පවසා ඇතැයි දැනගන්නට ලැබී තිබේ. කෙසේ නමුත් මේ සිද්ධිය සමතයකට පත්කිරීම වෙනුවෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ ෆේස් බුක් නිලධාරී දක්ෂිත ලංකාතිලක ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ජයරත්න හේරත් අතට අත දීගෙන ඉන්නා පින්තූරයක් බුකියට අප්ලෝඩ් කළේය. එසේ කලනමුදු තමුන් ඇතුළු කාර්ය මණ්ඩලය කුරුනෑගල තුළ පොහොට්ටුවේ විනාශය වෙනුවෙන් කරගෙන යන වැඩපිළිවෙල ඔවුන්ටද අවබෝදවී නොමැති බව මේ සිද්දිය අපට පැවසු රත්කරව්වේ ආරියදාස වැඩිදුරටත් කියා සිටියේය.

කේබල් ඇද වැඩි විදුලිය ඉන්දියාවට විකිණීමට රජය මැවූ සිහින සිහිනයක් කරමින් “මාස තුනක් ගෙවල් වල බල්බ් 2ක් නිවීමට” සැරසෙන රජයේ අලුත්ම වැඩපිළිවෙල මෙන්න

Published on: Mar 28, 2019- විදුලි බලය අරපරිස්සමෙන් භාවිතා කිරීමට නමින් ඉදිරි මාස තුනක කාලය සදහා සියලුම නිවෙස්වල විදිලි පහන් දෙකක් නිවා දැවීම, සාමාන්‍ය දිනවල විදි පහන් නිවීම සිදුකරන වෙලාවට පැයකට පමණ පෙර නිවා දැමීම, රාජ්‍ය ආයතන වල විදුලි පරිභෝජනය අඩුකිරීමට ක්‍රියාකිරීම වැනි ක්‍රියාමාර්ග ඇතුලත් යෝජාවක් අමාත්‍ය රවී කරුණානානායක විසින් ඉදිපත් කල යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි ජනමාධ්‍ය හරහා දැනගන්නට ලැබේ.

වර්තමාන තත්වය එසේ වුවත් මීට වසර තුනකට පමණ පෙර විදුලිබල නියෝජ්‍ය අමාත්‍ය අජිත් පි පෙරේරා ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට සහභාගී වෙමින් පවසා සිටියේ වත්මන් රජය ගල් අගුරු විදුලිය අවශ්‍ය නෑ කියා සාම්පුර් ගල් අගරු විදුලි බලාගාරයේ වැඩකටයුතු නවතා දැමීමට ජනපති හා අගමැති කටයුතු කල බවත් ඉදිරියේදී විදුලිබල අර්බුධයක් ඇතිවීමට ඉඩ නොදෙන බවත් කේබල් මාර්ගයෙන් ඉන්දියාවට අතිරික්ත විදුලිය විකිණීමට කටයුතු කර ඉන් මුදල් උපයාගැනීමට හැකිවන පරිදි කටයුතු කරන බවත්ය.

මේ දිනවල දිගින් දිගටම සිදුකරන විදුලි කප්පාදුව නිසා ජනතාවගේ එදිනෙදා වැඩකටයුතු කඩාකප්පල් වී ඇති අතර රටේ සමස්ත ආර්ථිකයටම විදුලි කප්පාදුව නිසා සිදුවන අනෙකුත් සේවා බිදවැටුම් බලපා තිබේ.එහෙත් මේ පිලිබදව ස්ථිර විසදුමක් ලබාදිමට කිසිදු බලධාරියෙකු අපොහොසත්ව ඇති අතර අදාල බලධාරීන් හා ඇමතිවරුන් විදුලි බිදවැටුම් පිලිබදව ජනතාවගෙන් සමාජ මාධ්‍ය හරහා සමාව අයැද සිටීම පසෙකලා ඉදිරියේදී ඇතිවිය හැකි විදුලි ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීමට අවශ්‍ය ක්‍රියාමාර්ග “නිවෙස් වල බල්බ් 2ක් නිවීම” වැනි තාවකාලික පැලැස්තර වලින් තොරව ලබාගත යුතු ඇතැයි ශ්‍රී ලංකා පරිවර්තන සමුහය ලෙස අප අදාළ බලධාරීන්ට අවධාරණය කර සිටීමු.

ශ්‍රී ලංකා පරිවර්තන සමුහය

Published on: Mar 21, 2019- ත්‍රිවිධ හමුදාව සඳහා ගුවන් යානා හෝ නැව් මිලදී ගැනීමේ කිසිදු සංශෝධනයක් පසුගිය අවුරුදු 4 තුළ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්වූවේ නැතැයි ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන ඇමති වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා නාවුක හමුදාව සඳහා චිනය විසින් සියළු අංගෝපාංග සහිත නැවක් (ෆිගෙට්) නොමිලේ දීමට ඉදිරිපත්ව ඇතැයි ද අමාත්‍ය වජිර අබේවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ඇමරිකා එක්සත් ජනපදය විසින් නොමිලේ ශ්‍රී ලංකාවට දුන් නැව මේ වන විට හවායි හි නාවුක මධ්‍යස්ථානය වෙත ලගාවී ඇතැයි සඳහන් කළ අමාත්‍යවරයා ඉන්දියාවෙන් ඇණවුම් කළ නැව් දෙකද ගෝවේ හි අවසන් සැකසුම් කටයුතුවල පවතිතැයි ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවට නොමිලේම නැව් පරිත්‍යාග කිරිමට රටවල් කිහිපයක් ඉදිරිපත්ව සිටීම හේතුවෙන් අලූතින් නැව් මිලදී ගැනීමේ අවශ්‍යතාවයක් ඇති බව පසුගිය වසර 4 මුළුල්ලේම කැබිනට් මණ්ඩලයේ අවධානයක් යොමු නොවුනැයි ද අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පෙන්වා දුන්නේය.

අවසන් අමාත්‍ය මණ්ඩල රැස්වීමට රුසියාවේ නිෂ්පාදිත ගුවන් යානා මිලදී ගැනීමේ සංදේශයක් ඉදිරිපත් වුවද ඊට වඩා අඩු මිල ගණන්වලට ස්විඩනයෙන් ගුවන් යානා මිලදී ගැනීමේ යෝජනාවක් ඉදිරිපත්ව ඇතැයි ද අමාත්‍ය වජිර අබේවර්ධන මහතා වැඩිදුරටත් කීවේය.

Published on: Mar 20, 2019 – නාගානන්ද සහෝදර නීතිඥවරයාට අභියාචනාධිකරණ හිටපු සභාපති විනිසුරු මලල්ගොඩ මහතා විසින් එල්ල කළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් පසු ලබා දී ඇති දඩුවම මේ වන විට මාධ්‍යයේ පළවී ඇත. ලංකාදීප එසැණ පුවත් යටතේ එකී පුවත පළ වී තිබුණේ මෙසේ ය.

නාගානන්ද කොඩිතුවක්කුගේ නීතීඥභාවය වසර 3කට අත්හිටුවයි
(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

සිවිල් සමාජ කියාකාරියෙකු වන නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ නීතීඥභාවය වසර තුනකට අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද ( 18) තීන්දු කළේය.

2015 වසරේ එවකට අභියාචනාධිකරණය සභාපතිව සිටි විජිත් මළල්ගොඩ මහතාට අපහාසවන අන්දමින් අධිකරණය තුළ හැසිරීම සම්බන්ධයෙන් කොඩිතුවක්කු මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය කළ විභාගයක් අවසන් කිරමින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කෙරිණි .

අගවිනිසුරු නලින් පෙරේරා , සිසිර ද ආබෘ සහ ප්‍රසන්න ජයවර්ධන යන විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දු ලබා දුන්හ.

උපුටා ගැනීම…..
http://www.lankadeepa.lk/latest_news/නාගානන්ද-කොඩිතුවක්කුගේ-නීතීඥභාවය-වසර-3කට-අත්හිටුවයි/1-547433

එම පුවත http://www.lankatruth.com/si/නාගානන්දගේ-නීතීඥභාවය-වසර/ වෙබ් ලිපයේ මෙසේ දැක්විය.

වත්මන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මළල්ගොඩ මහතා අභියාචනාධිකරණයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී 2015 වසරේ 23දා රේගු නඩුවකදී විජිත් මළල්ගොඩ මහතාට අපහාසවන අන්දමින් අධිකරණය තුළ හැසිරීම සම්බන්ධයෙන් වැරදි කරු වූ නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ නීතීඥභාවය වසර තුනකට අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද ( 18) තීන්දු කර තිබේ.

ඒ සම්බන්ධයෙන් නාගනන්ද කොඩිතුවක්කු මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය කළ විභාගය අවසන් කිරමින් අගවිනිසුරු නලින් පෙරේරා, සිසිර ද ආබෘ සහ ප්‍රසන්න ජයවර්ධන යන විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දු ලබා දී ඇත.

අවධියේ නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතාට එරෙහිව කර ලද පැමිණිල්ලකට අනුව පැවති විභාගයකින් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම තීන්දුව අද ප්‍රකාශයට පත්කර තිබේ.

එම රේගු නඩුවේදී විජිත් මළල්ගොඩ මහතා අපහසුවට පත්වන අයුරින් නීතිඥවරයෙකුට නුසුදුසු ආකාරයේ ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන් නාගානන්ද කොඩිතුවක්කු මහතාට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.

නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා සිදුකල මෙම ප්‍රකාශය ඉතා බරපතළ එකක් බවත් ඒ තුළින් අධිකරණ ක්‍රමය කෙරෙහි පවතින විශ්වාසය පලුදු වීමට හේතුවන බවත් තීන්දුව ප්‍රකාශයට පත්කරමින් විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා ප්‍රකාශ කර ඇත.

නීතිඥ කොඩිතුවක්කු විසින් විනිසුරු විජිත් මලල්ගොඩ මහතා වෙත එල්ල කළ චෝදනාව පදනම් විරහිත අසත්‍ය චෝදනාවක් බව පෙන්වාදෙමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා ඒ තුළින් ඔහු නීතිඥවරුන්ගේ ආචාරධර්ම සංග්‍රහයේ 60 සහ 61 වන වගන්ති උල්ලංඝනය කර ඇති බව ද කියා තිබේ.

ඒ අනුව නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා අධිකරණ සංවිධාන පනතේ 42(2) වගන්තිය උල්ලංඝනය කර ඇති බවත් ඒ අනුව අදාළ චෝදනාවට ඔහු වරදකරු කර ඔහුගේ නීතිඥ භාවය වසර තුනකට තහනම් කරමින් නියෝගයක් නිකුත් කරන බවත් ප්‍රසන්න ජයවර්ධන මහතා සිය නඩු තීන්දුවෙන් කියා ඇත. (පුවත අවසන්)

අධිකරණය තුළදී තමන් හා භාෂණයේ සහ විවාදයේ යෙදෙන නීතිඥවරයන් හෝ පාර්ශවයක් සම්බන්ධව විනිසුරුවරයා සිය අභිමතය සහ බලය භාවිතා කිරීමේදී පාර්ශවයන් අතර සම්බන්ධතා ගැටීම අවම කරමින් සාධාරණ ලෙසත්, දෙපාර්ශවයටම යුක්තිය ඉටු කරන ආකාරයටත් ඒ ගැටුම නිරාකරණය කළ යුතු ආකාරය සම්බන්ධ විද්වත් කතිකාවක් ඇති කිරීම සහ විනිසුරුවරයෙක් විසින් නීතිඥවරයෙකුට එරෙහිව සිදුකරන පැමිණිල්ලකදී අධිකරණයේ සවාධීනත්වයට ඉන් සිදු කරන බලපෑම සහ ස්වාධීන නීතිඥ වෘත්තියක් වෙනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමේ කඩිනම් අවශ්‍යතාවය පිළිබද කරන විග්‍රහයකට මේ ලිපිය විෂය වේ.

ලංකාවේ දොස්තරකම සක්විති පදවියක් වෙන්නේ කොහොමද ? මැයෙන් වෛද්‍ය රුවන් එම්. ජයතුංග විසින් ලියන ලද ලිපියක් පහත වෙබ් ලිපිනයෙන් කියවිය හැකිය. එයද දොස්තරලාට අමතර තව බොහෝ වෘත්තීන්වල නියැලෙන ඇත්තන්ද සක්විති රජවරුන් ලෙස විරාජව සිය ධූරවල රාජකාරිය කරවන හෙයින් එම ලිපියද කියවන ලෙස ඉල්ලමි.

http://www.lankaweb.com/news/items/2019/03/16/ලංකාවේ-දොස්තරකම-සක්විති/

ආරම්භය

තමාගේ නඩුව තමා නොඇසිය යුතුවා / Nemo judex in causa sua මෙන්ම තම සගයාගේ හෝ තම මිතුරාගේ හෝ තම සාමාජිකයාගේ නඩුවද තමා නොඇසීම අධිකරණයේ ස්වාධීනත්වයට අවශ්‍යයම වේතම මිතුරාගේ හෝ තම සාමාජිකයාගේ නඩුව තමා විසින් නොඇසිය යුතුබවට අපරදිග නීතියේ දක්වා නොතිබෙනවා විය හැකිය. නමුත් තමන් හා සම්බන්ධතාවයක් පවතින විටක අපක්ෂපාතී තැනැත්තෝ එකී විභාගවලින් බොහෝ විට ඉවත් වෙති. ස්වභාවික යුක්ති මූලධර්මයනට අනුව කටයුතු කිරීමේදී එසේ සිදු වේ. පවතින නීතිය සහ ස්වභාවික යුක්ති මූලධර්ම අතර ගැටීම් ඇති අවස්ථාවක නීතියට මුල් තැන දීමට සිදු වේ.

නීතිය යනු එක් තැන නතර වී කල් ගෙවන මෙවෙලමක් නොවේ. එය ස්ක්‍රීය සමාජ අවයවයකි. නීතිය සමාජ අවශ්‍යතා අනුව නිරතුරු අලුත් වේ.වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 19 අවස්ථාවක් සංශෝධනය වූයේ ඒ අනුවය.

“නීතියට පහසුවෙන් ප්‍රවේශ විය හැකි විය යුතුය. නීතිය බොහෝදුරට පහසුවෙන් අවබෝධ කර ගත හැකි විය යුතුය. නීතිය පැහැදිලි විය යුතුය. නීතිය කලින් කිව හැකි විය යුතුය. යන්න නීතියේ වැදගත් සිද්ධාන්තයකි. ඒ අනුව සමාජයේ සෑම තරාතිරමක තැනැත්තෙක් වෙතම නීතියේ පාලනය සාධාරණව ව්‍යාප්ත වීම අපේක්ෂා කරයි. ප්‍රජාවේ බහුතරයක් ආරක්ෂා වන්නේ එසේ සිදු විමෙනි. එය සඵල කරගැනිම සමාජ අපේක්ෂාවයි. ඉන් බාහිරව සමාජය දියුණු නොවේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පිහිටුවන ලද නැතහොත් පාර්ලිමේන්තුව විසින් නියම කොට පිහිටුවන ලද සෑම අධිකරණයක, සෑම විනිශ්චය අධිකාරයක ම හෝ වෙනත් සෑම ආයතනයක ම නඩු විභාග, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට යටත්ව ප්‍රසිද්ධියේ පැවැත්විය යුතු බවත්, සියලූ තැනැත්තන්ට, ඒ නඩු විභාගවලට නිදහසේ පැමිණ සිටීමට හිමිකම් ඇති බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 106 ව්‍යවස්ථාවේ පැහැදිලි විධානයි.

ජනාධිපතිවරයා ගේ 2018.11.09 දිනැති අංක 2096 / 70 දරන පාර්ලිමේන්තුව විසුරුවාලීම කරන ලද ගැසට් පත්‍රයේ ප්‍රකාශය සහ 2019 ජනවාරි 05 වන දින පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම අවලංගු කරමින් 2018.12.13 දින ශ්‍රේෂ්ඨාධිකරණ හත් පුද්ගල විනිශ්චය පීඨයක් ලබා දුන් තීරණය මේ දක්වා රාජ්‍ය භාෂාවෙන් ලබා දීමට විධායකය හෝ ව්‍යවස්ථාදායකය ක්‍රියා නොකිරීම ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල කිරීමක් වන අතර තොරතුරු දැන ගැනීමේ අයිතිය, භාෂාව මත වෙනස්කමකට ලක් නොවී සිටීමේ අයිතිය, සිතීමේ නිදහස, අදහස් පළකිරීමේ අයිතිය ඇතුලු මූලික අයිතිවාසිකම්වලට මෙමගින් බලවත් අනතුරු ඇති කරන බවත් ජනාධිපතිවරයා විසින් 2019 ජනවාරි මස 05වන දින කැදවා තිබූ පාර්ලිමේන්තු මැතිවරණය නොපවත්වන ලද්දේ කවර නීතිමය හේතුමතද යන්න අවබෝධයෙන් තොර බවත් ජනතාච අතර සාකච්ඡා වෙමින් පවතී. රාජ්‍ය භාෂාවට විධායකය – අධිකරණය සහ ව්‍යවස්දායකය දක්වන අවම සැලකිල්ල මෙයට හේතුවයි.

රාජ්‍ය භාෂාවට විධායකය – අධිකරණය සහ ව්‍යවස්ථාදායකය අවම සැලකිල්ලක් දක්වමින් තිබෙන අවස්ථාවකදී පොදු ජනතාවට සත්‍ය තොරතුරු දැන ගැනීම භාෂාව මත වාරණය වී ඇති අවස්ථාවක මේ පිළිබද සාකච්ඡා කිරීමට සිදු වී ඇත.

ජනාධිපතිවරයා සිය ධූරයේ කටයුතු කරද්දී දෝෂාභියෝගයට සහ නඩු පැවරීමට යටත් කළද උපරිමාධිකරණ විනිසුරුවරුන් දෝෂාභියෝගයට පමණක් යටත් කර අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 ව්‍යවස්ථාව ජනාධිපතිවරයට එරෙහිව නඩු පැවරීම සම්බන්ධ විධිවිධාන දැක්වෙන අතර 38.2 ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයා ධූරයෙන් ඉවත් කිරීමට අදාල දෝෂාභියෝග පියවර දැක්වේ.

35 ව්‍යවස්ථාව මෙසේ ය.

35. (1) යම් තැනැත්තකු ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයා ලෙස ධූරය දරන අවස්ථාවක දී, ඔහු විසින් පෞද්ගලික තත්ත්වයෙහි ලා හෝ නිල තත්ත්වයෙහි ලා කරන ලද හෝ නොකර හරින ලද කිසිවක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව කිසිම සිවිල් හෝ අපරාධ නඩු කටයුත්තක් පැවරීම හෝ පවත්වාගෙන යාම හෝ නොකළ යුත්තේ ය :

එසේ වුව ද, ජනාධිපතිවරයා විසින් ඔහුගේ නිල තත්වයෙහි ලා කරන ලද හෝ නොකර හරsන ලද කිසිවක් සම්බන්ධයෙන් නීතිපතිවරයාට විරුද්ධව 126 වන ව්‍යවස්ථාව යටතේ ඉල්ලීමක් කිරීමට යම් තැනැත්තකුට ඇති අයිතිය සීමා කරන ලෙස මේ අනු ව්‍යවස්ථාවේ කිසිවක්, කියවා තේරුම් නොගත යුත්තේ ය:

එසේම තවදුරටත්, ජනාධිපතිවරයා විසින් 33(2ඔඋ) ව්‍යවස්ථාව යටතේ බලතල ක්‍රියාත්මක කිරීම මත ප්‍රඥාපනය කිරීමට, ශ්‍රේෂ්ඨාධිකරණයට අධිකරණ බලය නොතිබිය යුත්තේ ය.

(2) කවර වූ හෝ තැනැත්තකුට විරුද්ධව, කවර හෝ විස්තරයක නඩුවක් පැවරිය හැකි කාලය සීමාකරමින් නීතියෙන් විධිවිධාන සකසා ඇති විට, ඒ තැනැත්තා යම් කිසි කාලයක් ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපති ධූරය දරා ඇත්නම් එකී නඩුව පැවරිය හැකි කාල සීමාව ලෙස නීතියෙන් නියමව ඇති කාලය නිශ්චය කිරීමදී ඒ තැනැත්තා ජනාධිපති ධූරය දැරූ කාලය නොගැනිය යුත්තේ ය.

(3) මේ ව්‍යවස්ථාවේ (1) වන අනු ව්‍යවස්ථාවේ විධිවිධානවලින් පැවරී ඇති මුක්තිය, 129 වන ව්‍යවස්ථාවේ (2) වන අනු ව්‍යවස්ථාව යටතේ හෝ ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම හා සම්බන්ධව හෝ ජනමත විචාරණයක වලංගු භාවය හා සම්බන්ධව 130 වන ව්‍යවස්ථාවේ (අ) ඡේදය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවැත්වෙන නඩු කටයුතුවලට හෝ අදාළ නොවන්නේ ය.

38.2 ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයා ධූරයෙන් ඉවත් කිරීමට අදාල දෝෂාභියෝග පියවර දැක්වේ.

උපරිමාධිකරණ විනිසුරුවරුන් සිය ධූරයේ කටයුතු කරද්දී දෝෂාභියෝගයට පමණක් යටත් කර අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 ව්‍යවස්ථාවේ මේ සම්බන්ධව විධිවිධාන දැක්වේ.

107. (1) අග්‍රවිනිශ්චයකාරවරයා ද අභියාචනාධිකරණයේ සභාපතිවරයා ද ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ වෙනත් සෑම විනිශ්චයකාරවරයෙක්ද ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමතයට යටත්ව ස්වකීය අත්සන යටතේ වූ අධිකාර පත්‍රයක් මගින් පත්කරනු ලබන්නා හ.

(2) ඉහත කී සෑම විනිශ්චයකාරවරයෙක් ම යථා පැවැත්මෙන් සිටින තාක් ධුරය දරන්නේ ය. ඒ යම්කිසි විනිශ්චයකාරවරයකු ඉවත් කිරීම සඳහා ඔප්පු වී ඇති විෂම පැවැත්ම හෝ අබලතාව හෝ පදනම් කොටගෙන (නොපැමිණි මන්ත්‍රීවරයන් ද ඇතුළුව) පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රීවරයන් සංඛ්‍යාවෙන් බහුතර සංඛ්‍යාවක් විසින් සම්මත කරන ලද පාර්ලිමේන්තුවේ යෝජනාවක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරනු ලැබීමෙන් පසුව ජනාධිපතිවරයා විසින් කරන ලද නියමයකින් හැර ඒ විනිශ්චයකාරවරයකු ඉවත් කළ නොහැක්කේ ය:

එසේ වුව ද, එවැනි යෝජනාවක් ඉදිරිපත් කිරීම සඳහා වූ යෝජනා සම්මතය පිළිබඳ දැන්වීම පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රීවරයන් සංඛ්‍යාවෙන් යටත් පිරිසෙයින් තුනෙන් එකක් විසින් අත්සන් තබා ඇත්නම් හා චෝදිත විෂම පැවැත්ම හෝ අබලතාව පිළිබඳ සම්පූර්ණ විස්තර එහි දක්වා ඇත්නම් මිස කථානායකවරයා විසින් එවැනි යෝජනාවක් ඉදිරිපත් කිරීම සඳහා වූ කිසිම යෝජනා සම්මතයක් භාර ගැනීම හෝ පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීම හෝ නොකළ යුත්තේ ය.

(3) ඒ යෝජනා සම්මතය සම්මත කිරීමේ කාර්ය පටිපාටිය ද ඇතුළුව එවැනි යෝජනාවක් ඉදිරිපත් කිරීම සම්බන්ධව වූ ද චෝදිත විෂම පැවැත්ම හෝ අබලතාව විමර්ශනය කිරීම සහ ඔප්පු කිරීම සම්බන්ධව වූ ද විනිශ්චයකාරවරයාට පෞද්ගලිකව ම හෝ නියෝජිතයකු මගින් හෝ පෙනී සිටීමට සහ කරුණු දක්වා සිටීමට ඇති අයිතිය සම්බන්ධ වූ ද සියලූ කාරණා සඳහා පාර්ලිමේන්තුව විසින් නීති මගින් හෝ ස්ථාවර නියෝග මගින් හෝ විධිවිධාන සැලැස්විය යුත්තේ ය.

ඒ අනුව අග්‍රවිනිශ්චයකාරවරයා ද අභියාචනාධිකරණයේ සභාපතිවරයා ද ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ වෙනත් සෑම විනිශ්චයකාරවරයෙක්ද අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් ඔවුන්ගේ චෝදිත විෂම පැවැත්ම හෝ අබලතාව විමර්ශනය කිරීම සහ ඔප්පු කිරීම සම්බන්ධව පාර්ලිමේන්තුව විසින් ස්ථාවර නියෝග 84 වගන්තිය මගින් විධිවිධාන සලසා ඇත. ඒ මෙසේ ය.

84. (1) වෙනත් යම් නීතියක පටහැනිව කුමක් සඳහන්ව තිබුණ ද, විෂම පැවැත්ම හෝ අබලතාව යන හේතු මත අග්‍රවිනිශ්චයකාරවරයා, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයකු, අභියාචනාධිකරණයේ සභාපතිවරයා,සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරයකු එම ධුරයෙන් ඉවත් කරනු ලැබීම සඳහා ජනාධිපතිවරයා අමතා යෝජනා සම්මතයක් ඉදිරිපත් කිරීම සඳහා දැනුම් දිමක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 වැනි ව්යෙඅවස්ථාව ප්‍රකාරව, කථානායකවරයාට භාර දි ඇති අවස්ථාවක දී, කථානායකවරයා විසින් එම යෝජනා සම්මතය පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයෙහි ඇතුළත් කරනු ලැබිය යුත්තේ ය.

(2) (අ) ඉහත (1) වැනි ඡේදයේ දක්වා ඇති යෝජනා සම්මතයක් පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයෙහි ඇතුළත් කරනු ලැබ තිබෙන අවස්ථාවක දී, කථානායකවරයා විසින් අග්‍රාමාත්‍යවරයා සහ පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශ්වයේ නායකවරයා විමසා, එම යෝජනා සම්මතයේ දක්වා ඇති විනිශ්චයකාරවරයාගේ විෂම පැවැත්ම හෝ අබලතාව සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයන් තිදෙනෙකුගෙන් සමන්විත විමර්ශන මණ්ඩලයක් පත් කරනු ලැබිය යුත්තේ ය.

(ආ) කථානායකවරයා විසින්, එම විමර්ශන මණ්ඩලයේ එක් සාමාජිකයකු එහි සභාපතිවරයා වශයෙන් පත් කරනු ලැබිය යුත්තේ ය.

(3) එසේ පත් කරන ලද විමර්ශන මණ්ඩලය විසින් මාස දෙකක කාල සීමාවක් ඇතුළත දී, විමර්ශනය අවසන් කරනු ලැබිය යුතු අතර, ඒ සඳහා අදාළ කාර්ය පටිපාටිය නීති ප්‍රතිපාදනවල සඳහන් වනු ඇත. කෙසේ වුවද, කථානායකවරයා විසින් විමර්ශන මණ්ඩලයේ ඉල්ලීම මත, එම කාල සීමාව, එක වරකට මාසයක් නොඉක්මවන්නා වූ වැඩිදුර කාල සීමාවකට දීර්ඝ කරනු ලැබිය හැකි ය.

(4) විමර්ශනයේ වැඩකටයුතු අවසන් කරනු ලැබීමෙන් අනතුරුව, එසේ පත් කරන ලද විමර්ශන මණ්ඩලය විසින්, එකී මණ්ඩලය ඉදිරියේ සටහන් කර ගන්නා ලද සාක්ෂි සම්බන්ධ කාර්යසටහන් ද සමඟ එහි තීරණය කථානායකවරයාට වාර්තා කරනු ලැබිය යුතු අතර, එම විමර්ශන මණ්ඩලය විසින්, අදාළ චෝදනා ලත් විනිශ්චයකාරවරයා විෂම පැවැත්මට හෝ අබලතාවට වරදකරු බව තීරණය කරනු ලැබ තිබේ නම් පමණක් කථානායකවරයා විසින් විමර්ශන මණ්ඩලය විසින් වාර්තා කරන ලද කරුණු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබිය යුත්තේ ය. අදාළ විනිශ්චයකාරවරයා වරදකරු නොවන බව විමර්ශන මණ්ඩලය විසින් සොයා ගනු ලැබ ඇත්නම්, කථානායකවරයා විසින් ඒ බව පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබිය යුතු අතර, එම යෝජනා සම්මතය සම්බන්ධ සියලු වැඩකටයුතු අවසන් කරනු ලැබිය යුත්තේ ය.

(5) විමර්ශන මණ්ඩලය විසින් අදාළ විනිශ්චයකාරවරයාට එරෙහිව ඇති විෂම පැවැත්මට හෝ අබලතාවට වරදකරු බවට තීරණය කරනු ලැබ තිබේ නම්, කථානායකවරයා විසින් එය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබිය යුත්තේ ය. එම යෝජනාව (නොපැමිණි මන්ත්‍රීවරයන් ද ඇතුළුව) පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රීවරයන්ගේ බහුතරයකින් සම්මත වුවහොත්, කථානායකවරයා විසින්, එසේ ඔප්පු කරන ලද විෂම පැවැත්ම හෝ අබලතාව මත අදාළ විනිශ්චයකාරවරයා ධුරයෙන් ඉවත් කරනු ලැබීම සඳහා එය ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරනු ලැබිය යුත්තේ ය.

(6) පාර්ලිමේන්තුව වාරාවසාන කිරීම හෝ විසුරුවා හැරීම නොසලකා විමර්ශන මණ්ඩලය විසින් සිය වැඩකටයුතු අඛණ්ඩව පවත්වාගෙන යනු ලැබිය හැකි ය.

අග්‍රවිනිශ්චයකාරවරයා ද අභියාචනාධිකරණයේ සභාපතිවරයා ද ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ වෙනත් සෑම විනිශ්චයකාරවරයෙක්ද අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් පුළුල් ලෙස ආරක්ෂාකර ඇති අතර එය නීතියේ පාලනය පවතින රටකට අවශ්‍යම වේ.

නීතිඥවරයන්ගේ ස්වාධීනත්වයද අධිකරණයේ ස්වාධීනත්වයේ කොටසකි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ , අධිකරණ සංවිධාන පනත, අපරාධ නඩු විධාන සංග්‍රහය සහ සිවිල් නඩු විධාන සංග්‍රහය ඇතුළු නීති මගින් නීතිඥවරයන්ට අධිකරණය ඉදිරියේ පෙනී සිටීමට පුළුල් ලෙස අවස්ථාව සළසා දී ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15.3 ව්‍යවස්ථාව මෙසේ ය.

15(3) වරදක් සම්බන්ධයෙන් යම් තැනැත්තකුට විරුද්ධව චෝදනා නගනු ලැබ ඇත්තේ ද, ඒ තැනැත්තාට, නිසි අධිකරණයක් විසින් පවත්වනු ලබන සාධාරණ නඩු විභාගයක දී පෞද්ගලිකව ම හෝ නීතිඥවරයකු මගින් හෝ කරුණු ක්‍රියා සිටීමට හිමිකම් ඇත්තේ ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126.2 ව්‍යවස්ථාව මෙසේ ය.

126(2) තමාට සම්බන්ධ එවැනි යම් මූලික අයිතිවාසිකමක් නැතහොත් භාෂා අයිතිවාසිකම යම් විධායක ක්‍රියාවක් මගින් හෝ පරිපාලන ක්‍රියාවක් මගින් කඩ කොට ඇති බවට හෝ කඩ කිරීමට අත්‍යාසන්නව පවතින බවට යම් තැනැත්තකු විසින් දෝෂාරෝපණයක් කරනු ලබන අවස්ථාවක ඔහු විසින් ම නැතහොත් ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයකුගේ මාර්ගයෙන්, එතැන් පටන් මාසයක් ඇතුළත, එම කඩ කිරීමෙන් සහනයක් හෝ පිහිටක් ලබා දෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අයැද සිටින ඉල්ලීමක්, තත්කාලයේ බලපවත්නා අධිකරණ රීතිවලට අනුකූලව ශ්‍රේෂ්ඨාධිකරණය අමතා ඉදිරිපත් කරන ලිඛිත පෙත්සමක් මගින් කළ හැක්කේ ය. එවැනි ඉල්ලීමක් පිළිබඳව ක්‍රියා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පූර්ව අවසරයක් ලබා ගැනීමෙන් පසුව පමණක් එවැනි ඉල්ලීමක් පිළිබඳව ක්‍රියා කරගෙන යා හැක්කේ ය. එසේ අවසරය ඉල්ලා සිටි විට අවස්ථාවෝචිත පරිදි ඒ අවසරය ප්‍රදානය කිරීම හෝ අවසරය දීම ප්‍රතික්ෂේප කිරීම හෝ විනිශ්චයකාරවරයන් දෙදෙනකුට නොඅඩු සංඛ්‍යාවක් විසින් කළ හැක්කේ ය.

අධිකරණ සංවිධාන පනතේ 41 වන වගන්තිය මෙසේ ය.

සේවා දායකයන්ට සහාය වීමේ හා උපදෙස් දීමේ දී යුක්තිය පසිඳලීම සඳහා නීතියෙන් පිහිටවනු ලැබූ සෑම අධිකරණයක ම හෝ වෙනත් ආයතනයක ම පෙනී සිටීමේ උත්තරවාද ඉදිරිපත් කිරීමෙන් හෝ ක්‍රියා කිරීමෙන් හෝ ක්‍රියා කිරීමෙන් හිමිකම සෑම නීතිඥවරයකුට ම තිබිය යුතු අතර එකී යම් අධිකරණයක හෝ එකී වෙනත් ආයතනයක හෝ නඩු කටයුත්තක පාර්ශවකරුවකු වන්නා වූ හෝ ඒ නඩු වූ හෝ ඒ නඩු කටයුත්තක දී කරුණු ඉදිරිපත් කිරීමට අයිතිවාසිකමක් ඇති හෝ ඇතැයි හිමිකම් පාන්නාවූ හෝ සෑම තැනැත්තෙකුටම නීතීඥවරයෙකු විසින් තමා නියෝජනය කරනු ලැබීමට හිමිකම තිබිය යුතුය.

අපරාධ නඩු විධාන සංග්‍රහය 260 වගන්තිය මෙසේ ය.

යම් අපරාධ අධිකරණයක් ඉදිරියෙහි චෝදනා ලැබ සිටින සෑම තැනැත්තකුම විසින් අයිතිවාසිකමක් වශයෙන් මේ සංග්‍රහයෙහි සහ යම් ලිඛිත නීතිය විධිවිධාන වලට යටත් නීතිඥවරයකු මාර්ගයෙන් විත්තිවාචක ඉදිරිපත් කරනු ලැබිය හැකි විය යුතු අතර අතෘප්තියට පත් සෑම පාර්ශවකරුවෙකුටම නීතිඥවරයකු මගින් අධිකරණයේ දී තමා නියෝජනය කරන ලැබීමේ අයිතිවාසිකම් තිබිය යුතුය.

සිවිල් නඩු විධාන සංග්‍රහය 24 වගන්තිය මෙසේ ය

යම් අධිකරණයට පෙනී සිටීමට, යම් අධිකරණයක් වෙත ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට හෝ යම් අධිකරණයක දී යම් ක්‍රියාවක් කිරීමට තත්කාලයෙහි යම් නීතියකින් අධිනීතීඥවරයන්ට හෝ නීතිඥයන්ට පමණක් බලය දෙනු ලැබ ඇති අවස්ථාවක හා එවැනි යම් නීතියකින් ප්‍රකාශිතවම අන්‍යාකාර විධිවිධාන සලස්වා ඇති අවස්ථාවක හැර, යම් අධිකරණයක නඩුවක් හෝ අභියාචනයක පාර්ශවකරුවකු විසින් කිරීමට මේ පනතින් නියම කර ඇති හෝ බලය ලබාදෙනු ලැබ ඇති යම් පෙනී සිටීමක්, ඉල්ලීමක් ඉදිරිපත් කිරීමක් හෝ ක්‍රියාවක් ඒ පාර්ශවකරු විසින් පෞද්ගලිකවම හෝ ඔහුගේ පිළිගත් අනුනියෝජිතයා මගින් හෝ ඔහු වෙනුවෙන් පෙනී සිටීම සඳහා එකී පාර්ශවකරු විසින් නැතහොත් ඔහුගේ ඒ අනු නියෝජිතයා මගින් යථා පරිදි පත්කරන ලද නීතිඥයෙකු මඟින් හෝ කළ හැකිය.

එසේ වුවද, ඒ පාර්ශවකරු පෞද්ගලිකවම අධිකරණයේ පෙනී සිටිය යුතුයැයි අධිකරණය විසින් විධාන කරනු ලැබුවහොත් ඔහු විසින් එසේ කළ යුතුය. මේ කාර්යය සඳහා නීතිඥයෙකුගේ උපදෙස් පිට පෙනී සිටින අධිනීතිඥවරයකු අධිකරණයේදී නීතිඥයා නියෝජනය කරන්නේ ය.

මේ ආකාරයට ලංකාවේ සම්මත වෙනත් බොහෝ නීති මගින් සේවාදායකයන් වෙනුවෙන් නීතිඥවරයන්ට අධිකරණය ඉදිරියේ පෙනී සිටීමේ අයිතිවාසිකම ලබා දී ඇත.

නීතීඥවරයන්ගේ විනය සහ වෘත්තීය කටයුතු පාලනය කිරීම‍

වෙනත් වෘත්තීන් මෙන් නීතිඥවරයන්ගේ ද විනය සහ වෘත්තීය කටයුතු පාලනය කිරීම සමාජ අවශ්‍යතාවයක් වේ. ඒ සදහා නීති පනවා ඇත. ප්‍රධාන කොටම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 136 ව්‍යවස්ථාවේ ඒ සදහා විධිවිධාන සළස්වා ඇත.

136. (1) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ යම් නීතියක විධිවිධානවලට යටත්ව, අග්‍ර විනිශ්චයකාරවරයා සහ ඔහු විසින් නම් කරනු ලැබූ ශ්‍රේෂ්ඨාධිකරණයේ යම් විනිශ්චයකාරවරයන් තිදෙනකු විසින් –

(උ) නීතිඥවරයන් පිළිගැනීම, බඳවා ගැනීම, වෘත්තියෙහි යෙදී සිටීම, අත්හිටුවීම හා ඉවත් කිරීම හා ඒ නීතිඥවරයන් සඳහා විනය රීති හා ආචාර රීති
ඇතුළු අධිකරණයේ පරිචය සහ කාර්ය පටිපාටිය විධිමත් කිරීම සඳහා කලින් කල රීති සෑදිය හැක්කේ ය.

ඒ අනුව නීතිඥවරයන් පාලනය සදහා 1988 ශ්‍රේෂ්ඨාධිකරණ රීති යනුවෙන් රීති මාලාවක් පවතින අතර එම රීති නීතිඥවරයන් සදහා වූ වෘත්තීය පැවැත්ම සහ ආචාර ධර්ම පිළිබද රීති යනුවෙන්ද හදුන්වනු ලැබේ. ඒවා 1988.12.07වන දින අංක 535/7 දරන අති විෂේශ ගැසට් පත්‍රයේ ප්‍රසිද්ධ කර ඇත.

එහි 60 සහ 61 රීති මෙසේ ය.

60. වැදගත් සහ ප්‍රවීණ නීතිඥවරයකු සම්බන්ධයෙන් වූ විට වෘත්තීයේ ඔහුගේ සම වෘත්තිකයන් විසින් අවමානය සලකනු ලැබිය හැකි අපකීර්තිමත් හෝ අගරු හෝ ලෙස සාධාරණව සැලකිය හැකි වන්නා වූ හෝ ඔහු නීතිඥවරයකු ලෙස සිටීමට නුසුදුසු කරන්නා වූ හෝ සමාවක් දිය නොහැකි වන්නා වූ හෝ කිසියම් ආකාරයකට හැසිරීම නීතිඥ විසින් කරනු නොලැබිය යුතුය.

61.නීතිඥවරයකුට නුසුදුසු ආකාරයකට හැසිරීම නීතිඥවරයකු විසින් කරනු නොලැබිය යුතු ය.

අධිකරණ සංවිධාන පනතේ 42.2 වගන්තිය මෙසේ ය.

නීතිඥවර වශයෙන් පිළිගනු ලැබූ සහ බඳවා ගනු ලැබූ සහ යම් වංචාවක් අයථා ක්‍රියාවක් අපරාධයක් හෝ වරදක් සම්බන්ධව වරදකරු වන්නා වූ වන්නාවූ වූ සෑම තැනැත්තකුම නීතිඥ වෘත්තිය යෙදීම අත්හිටුවීම හෝ ඔහු ධූරයෙන් ඉවත් කිරීම හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ එකට රැස්වන යම් විනිශ්චකාරවරයන් තිදෙනෙකු විසින් කළ හැකිය.
වෙනත් වෘත්තීන්ට වඩා නීතිඥ වෘත්තියේ ඇති විනිවිද භාවය සහ වගකිවයුතු බව

නීතිඥ වෘත්තියට අමතරව වෙනත් බොහෝ වෘත්තීන් තිබේ. ඒ වෘත්තීන් සහ නීතීඥ වෘත්තිය අතර ඇති කැපී පෙනෙන වැදගත් වෙනස වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්ම නිතීඥ වෘත්තිය බැදීම් සහ යුතුකම් සහ වෘත්තීය පැවැත්ම සහ ආචාර ධර්ම පිළිබද සීමා නියම කර රීති වශයෙන් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවෙන් ගැසට් පත්‍රයේ පළකරමින් ජනතාවට සන්නිවේදනය කර තිබීමයි. එමගින් නීතිඥ වෘත්තිය අනෙක් සියලු වෘත්තීන්ට වඩා සුවිශේෂී පිළිගැනීමක් ලබා ගෙන ඇත. වෙනත් වෘත්තීන්වල නියලෙන වෘත්තිකයන්ගේ මෙවැනි විනිවිද භාවයක් තිබෙන්නේද? යන්න මැදිහත්ව විමසිය යුතු අතර එකී රීතිවලට පටහැනිව කටයුතු කරන නීතිඥවරයන් සම්බන්ධව විවෘතව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු විභාග කරන අතර වෙනත් වෘත්තීන්වල එවැනි විවෘත භාවයක් දක්නට නැත.

අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමක් ඇති කරන විදේශීය නඩු විභාග කරන යාන්ත්‍රණ සහ විදේශීය විනිසුරුවරුන් ගෙන ඒම සදහා වන බලපෑම

වර්තමානයේ ලංකාවේ අධිකරණ පද්ධතිය ස්වාධීන නොවන බවත් විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණය යන පාලන ආයතන දූෂණය වී ඇති බවට මැසිවිලි ඉදිරිපත් කරන තැනැත්තන් ඒ වෙනුවට විදේශීය නඩු විසදන යාන්ත්‍රණ, විදේශීය ලංකාවේ කටයුතු වලට හදුන්වා දීමට අවශ්‍ය බවට කරුණු ඉදිරිපත් කරයි. 2019 මැයි මාසයේ අවසන් වූ උතුරු නැගෙනහිර සන්නද්ධ ගැටුම් යුධ අපරාධ ලෙස අර්ථ දක්වමින් වසර ගණනාවක් ජිනීවා මානව හිමිකම් කොමිසමේ පක්ෂ විපක්ෂ කරුණු ඉදිරිපත් වන්නේ දේශීය නීතියේ සහ ස්වාධීන අධිකරණයක් ලංකාවේ නැති බවටද කරැණු ඉදිරිපත් කරමින් ය. එවන් තත්ත්වයක් හමුවේ දේශීයව සහ විදේශීකව ඉල්ලීම් මත ජාත්‍යන්තර විනිසුරුවරුන් ලංකාවට ආගමනයට පෙරමග බලා සිටිති. මෙරට සිටින විවිධ පිරිස් ඒ සදහා ඔවුන්ට ආරාධනා කරති.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තමනගේම සාමාජික විනිසුරුවරයෙක් අභියාචනාධිකරණයේ සිටියදී කරන ලද පැමිණිල්ලක් සම්බන්ධව නීතිඥවරයෙකුට ලබා දී ඇති දඩුවම දෙස බැලිය යුත්තේ යුක්තිය පසිදලන දේශීය යාන්ත්‍රණය ශක්තිමත් කරන දෘෂ්ටියෙන් මිස තව තවත් දේශීය අධිකරණ යාන්ත්‍රණය හෑල්ලු කරන ආකාරයට නොවේ. නීතිඥ නාගානන්දගේ දඩුවම දෙස බැලිය යුත්තේ ජීනිවා කෝණයෙන් නොව දේශීය කෝණයෙනි.

නීතිඥවරයෙකුට එරෙහිව විනිසුරුවරයෙක් කරන පැමිණිල්ල සුවිශේෂී තත්ත්වයේ ලා සැළකිය යුතු බව සහ එම පැමිණිලි විභාග කිරීම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉවත් කළ යුතු බව

යම් පුරවැසියෙකුට එරෙහිව නීතිඥවරයෙකු යම් අපරාධයක් හෝ සිවිල් වරදක් සිදු කළ විට අධිකරණය විසින් එකී නීතිඥවරයා සම්බන්ධව නඩු විභාග කිරීම සහ යම් අධිකරණයක විනිසුරුවරයෙක් නඩුවක් අතරතුර යම් නීතිඥවරයකුට එරෙහිව පැමිණිල්ලක් කිරීම සමාන තත්ත්වයක් නො වේ. නඩුව විසදන විනිසුරුවරයාටද පෞද්ගලිකත්වයක් තිබේ. එමෙන්ම නීතිඥවරයාටද පෞද්ගලිකත්වයක් තිබේ. මේ සියලු දෙනා මිනිසුන් ය. එහිදී විනිශ්චයාසන ගත වීමෙන් ලබන වාසිය තමන් ඉදිරියේ කරුණු ඉදිරිපත් කරන නීතිඥවරයා තලා, පෙලා, මිරිකා දැමීමට විනිසුරුවරයා ප්‍රයත්න දරන අවස්ථාක දී නීතීඥවරයාට ගත හැකි සහන සීමා සහිතය. මෙය සිදු කරන්නේ උපරිමාධිකරණ විනිසුරුවරයෙක් නම් එයට ගොදුරුවන නීතිඥවරයා අන්ත අසරණභාවයට පත් වේ. එම තත්ත්වයට පත්වන නීතීඥවරයාට ඇත්තේ එකම පිළිසරණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුවේ පිහිට පැතීම පමණි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 ව්‍යවස්ථාව උපරිමාධිකරණ විනිසුරුවරුන්ට ඉහළම ආරක්ෂාවක් ලබා දී ඇත. මෙය වැරදියැයි මා කිසි විට කියන්නේ නැත. මන්ද උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් එසේ පැවතිය යුතුය.

මෙහි ඇති ගැටළුව ඇති වන්නේ උපරිමාධිකරණ විනිසුරුවරුන් විනිශ්චයාසනයේ සිටිමින් තමන් හමුවේ කරුණු ඉදිරිපත් කරන නීතිඥවරයන්ට එරෙහිව ක්‍රියා කිරීම ආරම්භ කරමින් තමන්ගේ සහෝදර විනිසුරුවරුන් මගින් නඩු විභාග කරවා ගන්නා විටය. එවිට “ඔවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට” යන්න සිහියට නැගේ. තම සහෝදර විනිසුරුවරයෙක් විසින් කර ඇති පැමිණිල්ලක් අපක්ෂපාතීව විභාග කිරීමට එකී විනිසුරුවරයා සමග දීර්ඝ කාළයක් එකට ඇසුරු කළ, එකට විනිශ්චයාසන ගතවන අනෙක් සහෝදර විනිසුරුවරයන්ට හැකිද? යන්න ජනතාව බුද්ධියෙන් විමසිය යුතුය. එකට සිට නඩු තීන්දු ලියන, එකට සිට උත්සවවලට සහභාගීවන උපරිමාධිකරණ විනිසුරුවරුන් ඔවුන්ම චෝදනා නගන නීතීඥවරයාට එරෙහිව නඩු විභාග කරමින් යම් නීතිඥවරයෙක්ට එරෙහිව දඩුවම් ලබා දෙන්නේ නම් වැටත් නියරත් ගොයම් කා නම් කාට කියනුද ඒ අමාරුව යන්න සනාථ වේ.

විධායක ඒකාධිපතිවාදයත්, ව්‍යවස්ථා ඒකාධිපතිවායත් බැහැර කරන ජනතාව අධිකරණ ඒකාධිපතිපතිවාදය ගැන කථා නොකරන්නේ ඇයිද? යන්න ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද ගැටළුවකි. 1505 සිටම යටත් විජිත කරණයට හසු වී සිටින ස්වදේශීය ජනතාව නිදහස පිළිබද විධිමත් අධ්‍යයනයක් මේ දක්වා සිදු කර තිබේද? විදේශයන්ට ගැතිවී දේශීය නිෂ්පාදන පසෙකලන බහුතරයක් වෙසෙන ලංකාවේ බලය අත දරන අය සිත්සේ සිය බලතල බුක්ති විදිති.

විසදුම සහ සමාප්තිය

දෙවන ලෝක යුද්ධය සමයේ ජර්මනියේ පාර්ලිමේන්තුව සම්මත කරන ලද නීතිවලින් පුද්ගලයෝ අනන්ත දුක් වින්දහ. පාර්ලිමේන්තුව පැනවී පමණින්නම, ශ්‍රේෂ්ඨාධිකරණය පැනවූ පමණින්නම ඇතැම් නීති හෝ රීති සාධාරණ නොවේ. යුක්ති සහගත නොවේ. සාධාරණ නඩු විභාගයකට පදනම නොවේ.

නීතිය යනු දිනෙන් දින අවශ්‍ය වෙනස් කම් සිදුකරමින් ඉදිරියට යන සමාජ යාන්ත්‍රණයකි. සමාජයේ පුරුෂාර්ථ නීතියෙන් විවරණය කරයි. ඒ අනුව විනිසුරුවරුන් සහ නීතිඥවරුන් අතර ඇතිවන ආරවුල් හෝ ගැටුම් නිරාකරණය සදහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 136.1.උ ව්‍යවස්ථාව වහා සංශෝධනයට ලක් කළ යුතු බව මාගේ අදහසයි. එනම් වෙනත් අයෙක් නීතිඥවරයෙක් සම්බන්ධව පැමිණිලි කිරීමක් මෙන් නොව විනිසුරුවරයෙක් නීතිඥවරයෙක් සම්බන්ධව යම් පැමිණිල්ලක් කළ විට එය විභාග කිරීමට අධිකරණයට වග නොකියන ස්වාධීන විනිශ්චය අධිකාරයක් පැවතිය යුතුය. එයට සාමාජිකයන් පත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් කළ හැකිය. එහි සාමාජිකයන්ගේ සුදුසුකම් කවරක් විය යුතුද? යන්න පාර්ලිමේන්තුව තීරණය කළ යුතුය.

නාගානන්ද සහෝදර නීතිඥවරයාට ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දී ඇත්තේ පවතින නීතිය තුළ ලබා දිය හැකි දඩුවමකි. වෙනස් කළ යුත්තේ ඒ දඩුවම නොව එවැනි පැමිණිලි විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට ඇති අධිකරණ බලයයි. නොඑසේ නම් ස්වාධීන නීතිඥ ප්‍රජාවක් නොව විනිසුරු වන්දනාවේ යන නීතිඥ ප්‍රජාවක් පමණක් ලංකාවේ ඉතිරි වේ. හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉවත් කරන ලද්දේ ජනාධිපතිවරයා සතු බලය භාවිතා කිරීමෙනි. එහිදී ජනාධිපතිවරයාට කිසිම නීතිමය කෝණයක් හෝ සදාචාරමය කෝණයක් නො තිබුණි. තමන්ට අවශ්‍ය පැත්තේ නොසිටින්නා දඩයම් කිරීමට සමත් නීති යාන්ත්‍රණයක් ලංකාවේ තිබේ. නිවැරදි කළ යුත්තේ එයයි. නොඑසේ නම් විදේශීය විනිසුරුවරයන්ගේ ආගමනයට අත වැනීමක් අප විසින්ම කර ගනී.

මෙම ගැටළුවේදී ශ්‍රී ලංකා නීතිඥ සංගමය කිසිවක් කරණු ඇතැයි සිතිය නොහැකිය. නීතීඥවරයන්ගේ ස්වාධීනත්වය තබා ජනතාවගේ නෛතික සාක්ෂරතාවය වර්ධනය කිරීමට ඔවුන්ට සඵල ක්‍රියාමාර්ග නැත. සුපිරි ප්‍රේක්ෂකාගාරවල නීති වැඩමුළු පැවැත්වීමෙන් හෝ නීතිය ඉංග්‍රීසියෙන් ඉගැන්වීමෙන් පමණක් ජනතාවගේ නෛතික සාක්ෂරතාවය වර්ධනය කළ නොහැකි බව ඔවුන්ට වැටහීමක් නැත.

රටේ අනන්‍යතාවය, ජනතාවගේ මූලික අයිතිවාසිකම්, ජනතා පරමාධිපත්‍යය ආරක්ෂා කිරීමේදී පාලකයන්ට සහ පාලන ආයතන ප්‍රධානීන් වන්දනාවේ යන නීතිඥ ප්‍රජාවක් ජනතාවට බලවත් අනතුරකි.

අරුණ ලක්සිරි උණවටුන
B.Sc(Col), PGDC(Col) නීතිඥ
2019.03.19

Published on: Mar 16, 2019- ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා එක්සත් ජාතික පක්ෂය අතර යළි සමීප සම්බන්ධතාවය ඇති කර ගැනීම සඳහා ගත් ක්‍රියාමාර්ග මේ වන විට අතිශය සාර්ථක වී ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුදැනුම ඇතිව රජයේ ජ්‍යෙෂ්ඨයන්, ව්‍යාපාරිකයෙකු සහ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු, රජය හා ජනාධිපතිවරයා අතර යළි සමීප සබඳතාවය ඇති කර ගැනීම සඳහා පසුගිය දින කිහිපයේදි සාකච්ඡා වට කිහිපයක් පවත්වනු ලැබූහ.

එහි අවසන් සාකච්ඡා වටය ජනාධිපතිවරයා කෙන්යා සංචාරයට පැය කිහිපයකට පෙර පැවැත්වී ඇත. අවසන් සාකච්ඡාවේදී ජනාධිපති වැය ශිර්ෂය හා අය වැය සම්බන්ධයෙන් ශ්‍රීලනිප තීරණය ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍ය නියෝජිත පිරිසට දැනුම් දුන් අතර ඊට අග්‍රමාත්‍යවරයාගේ පියවර පාර්ලිමේන්තුවේදි ගනු ලැබීය.

පාර්ලිමේන්තු වැය ශිර්ෂය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා අනුගමනය කළ ක්‍රියාකලාපය පිළිබඳව ජනාධිපතිවරයා විසින් කෙන්යාවේ නයිරෝබි නුවර සිට අග්‍රාමාත්‍යවරයාගේ නියෝජිත පිරිසට ස්තුතිය පළ කර තිබේ.

ඊට අමතරව ජිනිවා මානව හිමිකම් සැසිය සඳහා යවන නියෝජිත කණ්ඩායම රජයට අවශ්‍ය ආකාරයට නම් කිරිමට ද ඉහත සාකච්ඡාවන්හි ප්‍රතිඵලයක් ලෙස ජනාධිපතිවරයාගේ පූර්ණ අනුමැතියට පළ වී ඇත. මේ තත්ත්වය යටතේ ජනාධිපති හා එක්සත් ජාතික පක්ෂය අතර ඉදිරි සතියේදි සමීප සබඳතා යළි ගොඩ නැගෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග තහවුරු කළේය.

Top