Published on: Dec 1, 2018- ජනාධිපතිවරයා ඝාතනය කිරීම සඳහා හිටපු එල්ටීටීඊ සාමාජිකයන්ට පුහුණුව ලබාදීමට පොලිස් ත්‍රස්ථ විමර්ශන ඒකකයේ හිටපු ප්‍රධානී නාලක සිල්වා විසින් එල්එම්ජී වර්ගයේ ගිනි අවි දෙකක් යොදාගත් බවට කරන ලද චෝදනාව ව්‍යාජ එකක් බව හෙළි වී ඇත.

ත්‍රස්ථ විමර්ශන ඒකක භාරයේ පැවති එම එල්එම්ජී වර්ගයේ ගිනි අවි දෙක පසුගිය කාලය තුළ කිසිදු වෙඩි තැබීමේ කාර්යයකට භාවිතා කර නැති බව රස පරීක්ෂක පොර්තමේන්තුව විසින් සහතික කිරීම ඊට හේතු වී තිබේ.

අදාළ චෝදනාවලින් පසු ත්‍රස්ත විමර්ශන ඒකකය සතුව තිබූ එම ගිනි අවි දෙක රස පරීක්ෂකවරයාට යොමු කිරීමෙන් පසු මෙම තහවුරු කිරීම ලැබි ඇත.

ව්‍යාජ ජනාධිපති ඝාතන කුමන්ත්‍රණ කාථාව කරළියට පැමිණීමෙන් පසු ත්‍රස්ථ විමර්ශන ඒකකය එල්එම්ජී වර්ගයේ ගිනි අවි දෙකක් පොලිස් දෙපාර්තමේන්තුවෙන් එම ඒකකයට ලබා ගත්තේ ඇයි ද යන්න පිළිබඳ විශාල ප්‍රචාරයක් ලබාදුන් අතර එම ප්‍රචාරය තුළ කියවුණේ ජනාධිපතිවරයා ඝාතනය කිරීම සඳහා හිටපු එල්ටීටීඊ සාමාජිකයන්ට එම ගිනිඅවි දෙකෙන් පුහුණුව ලාබදී ඇති බවයි.

ප්‍රභූ ඝාතන වැනි දේ සඳහා සාමාන්‍යයෙන් යොදාගතන්නේ දුර සිට සැඟවී ප්‍රහාර එල්ල කරන ස්නයිපර් වර්ගයේ ගිනි අවි වන අතර එල්එම්ජී ගිනි අවි යනු යුද පෙරමුණුවලට භාවිතා කරන ස්වයංක්‍රීය ගිනි අවියකි.

~~අනිද්දා~~

Published on: Nov 28, 2018-තවදුරටත් බහුතරය පෙන්විමට මහින්ද රාජපක්ෂට අවස්ථාවක් නැති බවත් මේ අකාරයට බලය අල ගැනිමට උත්සහ කිරිම හරහා ඉදිරි දින කිහිපය තුල ශ්‍රි ලංකා නිදහස් පක්ෂය දෙකඩ වි මෛත්‍රී-මහින්ද ආණ්ඩුවට එරෙහිවිම වැලැක්විමට නොහැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ලිඛිතව දැනුම් දි තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

පවතින තත්ත්වය හමුවේ පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබාගැනීමට නොහැකිව ඇති බැවින් තවදුරටත් ධූරයේ රැඳීනොසිට වහාම ඉල්ලා අස්වන ලෙස ජනාධිපති විසින් ව්‍යවස්ථා වීරෝධි ලෙස පත්කල අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට දැනුම් දෙන ලෙසද එම ලිපිය මගින් ඉල්ලා තිබේ.

පාර්ලිමේන්තු බහුතරය නොමැතිව පාර්ලිමේන්තුවද රැස්කරගත නොහැකිවීතවදුරටත් බලහත්කාරයෙන් රැඳීසිටීම හමුවේ ජනාධිපතිවරයාව අනවශ්‍ය ආකාරයට අපකීර්තියට පත්වන බවත් එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද අර්බුදයට පත්වන පසුබිමක් නිර්මානයවී ඇති බවත් එම තත්ත්වය තමන්ට තවත් ඉවසීමට නොහැකි බවද ඔවුන් පවසා ඇත. එසේම මහින්ද මහතා අගමැති ධුරයෙන් වහාම ඉල්ලා අස්විය යුතුය යන්න තම කණ්ඩායමේ හැගිම වන බවද එහි සදහන් කර තිබේ.

තවදුරටත් ප්‍රශ්ණයට විසඳුම් සේවිමට උත්සහ කරමින් ධූරයේ රැඳීසිටීමට අගමැතිවරයා අදහස් කරන්නේ නම් හෙට (29) දිනය තුළ පාර්ලිමේන්තුවේ දේශපාලන තීන්දුවක් ගැනිමට සිදුවන බවද සදහන් කර ඇති බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

Published on: Nov 28, 2018 – චීනය ශ්‍රී ලංකාවට සිදු කළ දේ පිලිපීනයට සිදු කළ නොහැකි බව ෆෝබ්ස් සඟරාව වාර්තා කර තිබේ. ලෝකයේ ප්‍රධාන මුහුදු බලකොටු අල්ලා ගැනීමේ “ණය උගුල“ ට පිලිපීනය යොදා ගැනීමට නොහැකි වන්නේ පිලිපීන ආර්ථිකය ශ්‍රී ලංකා ආර්ථිකය හා කිසිසේත් සමපාත නොවන බැවින් බව එම පුවත් සේවයේ මාධ්‍යවේදි Panos Mourdoukoutas සිය ලිපියේ සඳහන් කරයි.

චීනයේ මෙම ණය උගුල් ඇටවීම ශ්‍රී ලංකාවේ වරාය මධ්‍යස්ථානයන් වැඩි දියුණු කිරිම සඳහා අවශ්‍ය අරමුදල් සැපයීමට චීන ඉදිකිරීම් සමාගම් සඳහා චීන රජය විසින් ණය ලබා දීමත් සමඟ ආරම්භ විය. මෙහිදි චීනයට එම ණය පියවීමට නොහැකි වන විට චීනය එම වරාය මධ්‍යස්ථානයන්හි සමාන අයිතිය ඉල්ලනු ලැබීය. එය ශ්‍රී ලංකාවේ ප්‍රධාන වරායන් දෙකක අයිතිය සහ පාලනය චීනයට ලැබීමට පිටිවහලක් වූ බව එම ලිපියේ සඳහන් කර තිබේ.

පිලිපීනයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සම්න්ධයෙන් මූල්‍ය ණය ආධාර ලබා දිමට චීනය හා පිලිපීනය අතර ව්‍යාපෘති ගිවිසුම් කිහිපයක් සඳහා අත්සන් තැබුණි. නමුත් චීනය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් භාවිත කළ ක්‍රමෝපායයන් පිලිපීනය මත ක්‍රියාත්මක කිරීමට අසීරු වන හේතු වන කාරණා දෙකක් තිබේ.

පළමුවැන්න ශ්‍රී ලංකාවට සමඟ බලන විට පිලිපිනයේ විදෙස් ණය කළමනාකරණය ඉතා ඉහළ මට්ටමක පැවතිමයි. පිලිපීනයේ නාවික සබඳතා හා සමුද්‍රීය නීතිය පිළිබඳ අධ්‍යයන අංශයේ අධ්‍යක්ෂ ජෙයි බටොන්ග්බාකල් පවසන්නේ “පිලිපීනය ණය කළමනාකරණය සම්බන්ධයෙන් ඉතා ඉහළ හා අත්දැකීම් බහුල රටක්“ වන බවයි. ඉන් අදහස් වන්නේ පිලිපීනය වෙළෙඳපොල ආර්ථිකයන්හි දක්නට ලැබෙන ක්ෂණික ණය අර්බුදයන් වැළැක්වීමට පිලිපීනයට ඇති හැකියාව බව එම පුවත් සේවය සඳහන් කර තිබේ.

දෙවැනි කරුණ වන්නේ පිලීපීනය සතු විශාල ආර්ථික පසුබිමයි. පිලිපීනයේ දළ දේශීය නිෂ්පාදිතය ශ්‍රී ලංකාවේ මෙන් සිව් ගුණයක් බව එම පුවත් සේවය තවදුරටත් සඳහන් කර සිටිනවා.

අදාළ ලිපිය සදහා පහත LINK එක හරහා පිවිසෙන්න 

China Cannot Turn The Philippines Into Another Sri Lanka

 

 

Published on: Nov 27, 2018 – ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පිල නියෝජනය කරන ප්‍රබලයන් 5 දෙනෙකු පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කිරිමට සුදානමක් ඇති බවට අනාවරණය විමත් සමග මෛත්‍රී- මහින්ද පිළ අතර නැවතත් උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

අද සවස එක්වරම පසුගියදා මෛත්‍රී- මහින්ද ව්‍යාජ්‍ය ආණ්ඩුවට සහය දක්වමින් සිටි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී වසන්ත සේනානායක යලිත් එක්සත් ජාතික පක්ෂය සමග එක්විමත් මෛත්‍රී-මහින්ද පිළේ ශ්‍රිලනීප මන්ත්‍රී 5 දෙනෙකු ස්වාධීන විමට ඇති සුදානමත් හේතුවෙන් එම පිළ අතර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේන බවයි අප දේශපාලන වාර්තාකරු සදහන් කළේ.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේ අද (26) රාත‍්‍රී පැවැති පක්‍ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම අතරතුරද මේ සම්බන්ධයෙන් විවිධ අවස්ථාවල එකිනෙකා අතර චොදනා කරගෙන තිබේන අතර එහිදි ස්වාධීන විමට සුදානමක් ඇති බවට නම් සදහන් වි ඇත්තේ දිගින් දිගටම පාර්ලිමේන්තුව මගහැරි දුමින්ද දිසානායක,ලසන්ත අලගියවන්න සහ විජිත් විජයමුණී ද සොයියා වන අතර ඊට අමතරව තවත් ජ්‍යෙෂ්ඨයන් දෙදෙනෙකු සම්බන්ධයෙන් ඉඟි පලවි තිබේ.

මිට දින දෙකකට පෙර නිදහස් පක්ෂ කාර්‍යාලයේ සිදුවු රහසිගත සාකච්ඡාවක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ඇති අතර එම සාකච්ඡාවට ශ්‍රිලනීප මන්ත්‍රීවරු 8 දෙනෙකු සහභාගි වි ඇති බවත් ඔහුන් ඊට දින දෙකකට පෙර චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සමගද සාකච්ඡා කර තිබේන බව එස්.බි දිසානායක මන්ත්‍රීවරයා මෛත්‍රීට කේළාමක් කියා තිබේ.

කෙසේවෙතත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම මෛත්‍රී පෞද්ගලිකව හමුවි ඇති අතර එහිදි ඔහුන් පෙන්වා දි ඇත්තේ මහින්ද ඇතුලු කණ්ඩායම් සමග එක්ව ආණ්ඩුවක් සැදිමට කටයුතුඅ නමුත් බහුතරය පෙන්විමට මහින්ද,බැසිල් ඇතුලු කණ්ඩායම අසමත් වි ඇති බැවින් තවදුරටත් ආණ්ඩුව පවත්වාගෙන යැම නුවණට හුරු නොවන බවයි. ඒ හේතුවෙන් යලිත් ජාතික ආණ්ඩුවක් සැදිම සම්බන්ධයෙන් අවධානය යොමුකරන ලෙසද අදාළ මන්ත්‍රීවරු ජනාධිපතිවරයාගෙන් ඉල්ලිමක්ද කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

Loading…

Published on: Nov 26, 2018- ව්‍යවස්ථා විරෝධී ලෙස කටයුතු කරමින් රටම අනාථ කල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විදෙස් මාධ්‍යවේදීන් හමුවේ කිබුල් කදුලු හෙලන්නට ගොස් අද තවත් වරක් කද හරහා ඇණගෙන තිබේ.සිරිසේන ඇණගත් තරම කොතෙක්ද යන්න සිරිසේන ජනාධිපතිගේ මාධ්‍ය අංශය නිකුත් කර ඇති නිවේදනයේ විදෙස් මාධ්‍ය ආයතන නියෝජනය කළ මාධ්‍යවේදීන් ජනාධිපතිවරයාගෙන් විමසූ කරුණු සම්බන්ධ කිසිවක් සදහන් නොවිම හරහා තහවුරු වි තිබේ.

යහපාලන ආණ්ඩුවේ අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු පාර්ශවය 2015 ආණ්ඩුව පිහිටුවා මාස තුනක් වැනි කෙටි කාලයක් තුළ ඉතාම දුෂිත ගනුදෙනු රැසක් ආරම්භ කළ බවත් තමන් ඔහුව අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත්කරන අවස්ථාව වන විට දුෂණය ඉවහාගොස් පැවති බවට ජනාධිපති සිරිසේන සිදුකල ප්‍රකාශය සම්බන්ධවය.

“ජනාධිපති සිරිසේන තමන්ට විශ්වාස කළහැකි කිසිවෙකු නොමැතිව මේ වනවිට බරපතල මානසික පීඩනයකට ලක්ව සිටින අතර මනෝ වෛද්‍ය විශේෂඥ ජයන් මෙන්ඩිස් මහතා ඇතුලු වෛද්‍ය විශේෂඥ කණ්ඩායමක් විසින් ඔහු වෙත fluanxol ඖෂධය ලබා දී ප්‍රතිකාර කිරිමේ අවස්ථා ගණනාවක් අප වාර්තා කළා.”

මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩු සමයේ කළැයි කියන දූෂණ අක්‍රමිකතා සහ අපරාධවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීම ගැන විමසද්දී ජනාධිපතිවරයා මෙසේ කීවේය. ‘‘ ඒවට වග කියන්න ඕනා රනිල් වික්‍රමසිංහ මහත්තයා. අධිකරණය, සීඅයිඩිය, පොලිසිය ඔක්කොම තිබ්බේ එක්සත් ජාතික පක්ෂය යටතේ. ජනාධිපතිවරයා වුවත් සම්මුතිය අනුව අනිත් ඒවට ඇඟිලි නොගැසීමේ එකඟතාවක් තිබුණා.

‘‘ එම චෝදනාව එජාපයෙන් කරන්නේ ජනාධිපතිවරයාට බව කී විට ජනාධිපතිවරයා මෙසේ කීවේය. ‘‘එහෙනම් ඒ කාලේ ඔප්පු කරන්න තිබ්බානේ. ඒකට එයාලට කොන්ද පන තිබ්බේ නැද්ද? ඒ සියල්ලට රනිල් වික්‍රමසිංහ මහතා සහ සාගල රත්නායක මහතා වගකිව යුතුයි.”

එහිදී විදෙස් මාධ්‍යවේදියකු විමසා ඇත්තේ එවකට අගමැති රනිල් ඇතුළු අමාත්‍ය මණ්ඩලය එතරම් දුෂිත ආකාරයට කටයුතු කළා නම් එය පාලනය කිරීමට බලයක් ජනාධිපති ලෙස සිරිසේනට නොතිබුණාද යන්නය. එහිදී ජනාධිපතිට වඩා බලයක් අගමැතිට තිබේද ? අගමැති ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයන් සිදුකළ දුෂණ නැවත්වීමට තරම් හැකියාවක් ජනාධිපතිට නැතිද ? කියාය.

එහෙත් ඒ ප්‍රශ්නයට ජනාධිපති සිරිසේනට පිළිතුරු දීමට නොහැකිව ඇති අතර ඒ ගැන කිසිඳු සඳහනක් නොකර සිරිසේන ජනාධිපති පවසා ඇත්තේ 2015-2018 සමයේ සිදුවූ දුෂණ සම්බන්ධව තමන් ජනාධිපති කොමිසමක් පත්කරන බවය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුලු කල්ලිය නිර්මාණය කල ජනාධිපතිවරයා සහ හිටපු ‍ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය රහසේම හකුලා ගැනිම සදහා මෙහෙයුමක් දියත් වෙමින් තිබේන බව වාර්තා වේ.

අදාළ ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් ‍පොලිස්පතිවරයා රහස් ‍පොලීසියට ප්‍රකාශයක් ලබානොදීමට කටයුතු කර ඇති අතර ඒ සම්බන්ධයෙන් රහස් පොලිසිය අවස්ථා ගණනාවකදිම කල විමසිමක්දි පොලිස්පතිවරයා එය මගහැර ගො ඇති අතර ඊට ප්‍රධානම් හේතුව වි ඇත්තේ ජනාධිපති අදාළා ඝාතන කුමන්ත්‍රණය අත්හැර දමන ලෙස පොලිස්පතිවරයාට කර තිබේන නියෝගයක් බවද අනාවරණය වි තිබේ.

මේ වනවිට අදාළ ඝාතන කුමන්ත්‍රණ පරීක්ෂණ කටයුතු අඩාල වී ඇති අතර මෙම පරීක්ෂණ ඉදිරියට ගෙනයාමට නම් ‍පොලිස්පතිවරයාගෙන් ප්‍රකාශයක් ලබාගත යුතු බව රහස් ‍පොලීසියේ පරීක්ෂණ පවත්වන නිලධාරීන් ‍පොලිස්පතිවරයාට ලිඛිතවද දැනුම්දී තිබේ.

ශ්‍රි ලංකා හා ඉන්දිය සම්බන්ධතා උඩු යටිකුරු කරමින් ඉන්දියා RAW සංවිධානය තමා ඝාතනය කිරීමට උත්සහ කළ බවට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් සිදුකල අතර පසුව රහසේම මහින්ද රාජපක්ෂවද විනාශ කරමින් බහුතරයක් නැති බහුබුත ආණ්ඩුවක් අටවාගත් අතර මේ වනවිට අප කලින් අනාවරණය කල පරිදිම ජනපති සහ ගෝඨා ඝාතන කුමන්ත්‍රණය සම්පූර්ණයෙන්ම පුස්සක් වි ඇති අතර කුමන්ත්‍රණය සාර්ථක කිරිමට යොදාගත් ඉන්දිය ජාතිකයා පිස්සේකු බවත් නාමල් කුමාර නැමැත්තා පොහොට්ටුවේ හුරතෙලුකු බවද තහවුරු වි හමාරය.

අප පසුගිය ඔක්තෝබර් 17 වැනිදා කල සම්පූර්ණ අනාවරණය පහලින් කියවන්න 

http://198.211.112.164/archives/19576

Published on: Nov 23, 2018 – මේ වන විට කිසිදු ක්‍රියාමාර්ගයක් තෝරාගත නොහැකි තත්වයකට තම කණ්ඩායම පත්වී තිබෙන බවත්, ආණ්ඩුව ඉදිරියට ගෙන යෑම පිළිබඳව බරපතල අවිනිශ්චිතතාවයක් උද්ගත වී තිබෙන බවත් අනිද්දා සමග අහස් දැක්වූ මහින්ද රාජපක්ෂ කණ්ඩායමේ නීතිවිරෝධී අමාත්‍යවරයෙක් අනිද්දා කළ විමසීමකදී පවසා තිබේ.

තම කණ්ඩායමට මේ වන විට 113 ක බලයක් නොමැති බවත්, 113 ක් ලබාගැනීම සඳහා අවශ්‍ය මෛත්‍රී කණ්ඩායම සම්පූර්ණ කර ගැනීම අවිනිශ්චිත බවත් අනිද්දා සමග අදහස් දක්වමින් එම නීතිවිරෝධී අමාත්‍යවරයා කීය. 113 ක බහුතර බලයක් ලැබාගැනීම හෝ ශ්‍රේෂ්ඨාධිකරණය තමන්ට වාසි සහගත තීන්දුවක් ලබා දීම යන දෙකෙන් එකක් සිදු නොවුණහොත් තම කණ්ඩායමට ආණ්ඩුව පවත්වාගෙන යා නොහැකි වනු ඇතැයි ද ඔහු පැවසීය. එහෙත් එම අවස්ථා දෙකම සිදු නොවීමේ වැඩි සම්භාවිතාවක් ඇතැයි ඔහු ප්‍රකාශ කළේය.

නීති විරෝධී කැබිනට් මණ්ඩලය විසින් අතුරු සම්මත ගිණුමකට අනුමැතිය ලබාගෙන තිබුණද, එයට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගත නොහැකිව සිටින බව ඔහු පැවසීය.

ඉන් පසුව කුමක් කළ යුතු දැයි මේ වන විට තීරණයකට පැමිණ නොමැති බවත්, ඉතිරි වී ඇති තෝරා ගැනීම් දෙක වන ජනාධිපතිවරණය සහ ජනමත විචාරණය යන සෘජු ජනමතය විමසීමේ අවස්ථා දෙකෙන්ම තම කණ්ඩායම පරාජය වීමේ වැඩි ඉඩක් ඇති බවත් ඔහු කීය. එම මැතිවරණ දෙකම ජයගැනීමට නම් ජනගහනයෙන් 50% කට වඩා තම කණ්ඩායමට වාසි සහගත ලෙස ඡන්දය ලබා දිය යුතු බව එම නීති විරෝධී අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. පාර්ලිමේන්තුවේ බහුතරයක් නොමැතිව දීර්ඝකාලීන කටයුතු කළ නොහැක්කක් බවත්, පාර්ලිමේන්තුවේ බහුතරය නොමැතිව පළාත් සභා මැතිවරණයකට යෑමද කළ නොහැක්කක් බවත් ඔහු පෙන්වා දුන්නේය. ඒ නිසා මේ වන විට තම කණ්ඩායම තොරාගැනීම් නොමැති තත්වයකට පත්ව ඇතැයි ඔහු වැඩි දුරටත් අවධාරණය කළේය.

Published on: Nov 20, 2018- පසුගිය මස 26 වන දින ජනාධිපතිවරයා විසින් නව අගමැතිවරයා වශයෙන් මහින්ද රාජපක්ෂ පත් කිරීමට කටයුතු කිරීමත්, කැබිනට් මණ්ඩලය බල රහිත කිරීමත් සමඟ රට තුළ ඇති වූයේ බරපතළ ව්‍යාකූල තත්ත්වයකි. එතෙක් තිරය පිටුපස සිදුවෙමින් තිබුණු නිරුවත් ජවනිකා වේදිකාව මතු පිටම රඟදෙන්නට පටන් ගෙන තිබේ. අගමැතිවරයාට කිසිත් නොදන්වා ඔහුව එම තනතුරින් ඉවත් කොට ඒ පිළිබඳ ගැසට් නිවේදනයක් නිකුත් කරන වෙනත් රටක් තවත් කොතැනක හෝ තිබිය නොහැක.

2015දී 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හඳුන්වා දීමේ අරමුණ වුණේ, අගමැතිවරයාව හිතුමතේ වෙනස් කිරීමට ජනාධිපතිවරයාට තිබූ අත්තනෝමතික විධායක බලය කප්පාදු කිරීමයි. මේ සංශෝධනය යටතේ අගමැතිවරයාගේ ධුරය අහිමි වනු ඇත්තේ, ඔහුගේ මරණයේදී, ඔහුගේ ඉල්ලා අස්වීමේදී හෝ ඔහුගේ මන්ත්‍රී ධුරය අහිමි වීමේදී හෝ පමණි. එසේ නැතහොත්, පාර්ලිමේන්තුවේ විශ්වාසය ආණ්ඩුවට නැති වුවහොත්ය. ආණ්ඩුව කෙරෙහි පාර්ලිමේන්තුවේ විශ්වාසය නැතිවීම සිදු වන්නේ, ආණ්ඩුවේ අය-වැය පරාජය වීමේදී හෝ ආණ්ඩුවට එරෙහි විශ්වාස භංගයක් සම්මත වීමේදීය. එහෙත්, ඒ කිසිවක් මේ මොහොතේ සිදු වී නැත.

අලුත් අගමැතිවරයෙකු පත් කිරීමට ජනාධිපතිවරයාට බලය ඇතත්, එම බලය ඔහුට පාවිච්චි කළ හැක්කේ දැනට බලයේ සිටින අගමැතිවරයාගේ ධුරය ඉහත කී යම් ක්‍රමයකින් හිස්ව ඇති අවස්ථාවකදී පමණි. “ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා විසින් අගමැතිවරයා වශයෙන් පත් කරනු ලැබිය යුත්තේ ය” යනුවෙන් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ 42.4 වගන්තිය දක්වයි. මේ වගන්තියේ නිවැරදි අරුත වන්නේ පාර්ලිමේන්තුවේ වැඩිම මන්ත්‍රීන් සංඛ්‍යාවක් සිටින්නේ කාටද යන්නයි. පාර්ලිමේන්තුවේ 225 දෙනා අතුරින් අඩු වශයෙන් 113 දෙනෙකුගේ සහාය ඔහුට තිබිය යුතුය. එහෙත් වික්‍රමසිංහව ඉවත් කිරීමේදී සහ රාජපක්ෂව පත් කිරීමේදී මේ මූලික අංකගණිතමය කාරණය ජනාධිපතිවරයා පැත්තකට දමා ඇති බවක් පෙනෙන්නට තිබේ.

එස්.බී. – කීර්ති නාටකය

මෙසේ රටේ මුල් පුටුව දරන්නා විසින්ම නීතිය අමු අමුවේ උල්ලංඝනය කරද්දී එතනින් පහළට නීතියක් තිබිය හැකි යැයි සිතිය නොහැකිය. ඒ නිසා මේ සිදුවීම පසුපස නොපෙනුණ සිදුවීම්වලත්, දැන් එළිපිටම තිබෙන සිදුවීම්වලත් ඇත්තේ, නීතිය වෙනුවට අවනීතියයි. මතුපිටට පැමිණ ඇත්තේ සදාචාරය වෙනුවට ම්ලේච්ඡත්වයයි. ව්‍යවස්ථා විරෝධී බලය පැහැර ගැනීමෙන් පසුව මන්ත්‍රීවරුන් බිලිබාගෙන බහුතරය සකසා ගැනීමේ කුමන්ත්‍රණ ඒ සඳහා හොඳම උදාහරණ සපයයි. රුපියල් කෝටි පනහක පමණ මුදලකට සහ ඇමතිකම්වලට ලංසු තැබූ මන්ත්‍රී ධුර විකිණෙන ආකාරය එස්.බී. දිසානායක විසින් සහ මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක ‘කීර්ති’මත් අයෙකු විසින් සිදු කළ සාකච්ඡා පිළිබඳ තොරතුරු කරළියට පැමිණීමත් සමඟ වඩාත් හොඳින් පැහැදිලි විය. මේ කියන කීර්ති මන්ත්‍රීකම් බිලිබෑමට පෙර සිදු කළ මැදිහත්වීම ගැන පසුගිය ‘ලංකා’ පුවත් පතෙන් හෙළි කරනු ලැබීය.

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාරට රුපියල් කෝටි 50ක් සහ කැබිනට් අමාත්‍ය ධුරයක් ලබා දීමට මහින්ද රාජපක්ෂ පාර්ශ්වය දැඩි උත්සාහයක් ගත් බව හා ඊට අදාළ දුරකථන සංවාද මන්ත්‍රීවරයා විසින් ඊයේ පැවති විශේෂ මාධ්‍ය හමුවේදී සමාජයට මුදාහැරියේය. කීර්ති නමැත්තෙකු රංගේ බණ්ඩාරට අල්ලස් දීමට උත්සාහ කළ බවත්, ඔහු සමාජ ජාල වෙබ් අඩවිවල මෙන්ම සමාජය තුළ ද ක්‍රියාකාරී සංවිධානයක දන්නා හඳුනන පුද්ගලයෙකු බව ද මන්ත්‍රීවරයා පැවසීය. ඒ කීර්තිත්, රංගේ බණ්ඩාර එය හෙළි කිරීමට පෙර ‘ලංකා’ පුවත් පත පැවසූ කීර්තිත් දෙදෙනෙකු නොව, එක් අයෙකි.
මුරලිදරන්ගේ කරුණාව

මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවට එක් වීම සඳහා ඩයස්පෝරාවේද සහාය ඇතිව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනකු සමඟ මේ වන විටත් සාකච්ඡා පැවැත්වෙන බව එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නැගෙනහිර සන්නද්ධ නායකයා ලෙස කටයුතු කළ හිටපු අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් ‘ට්විටර්’ පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත. මෙම ට්විටර් පණිවුඩය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් සිදුකළ විමසීමේදී විනයාගමූර්ති මුරලිදරන් ප්‍රකාශ කර ඇත්තේ, දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවට එක්වීම ප්‍රතික්ෂේප කළ නමුත්, ඔවුන් සමග තවමත් සාකච්ඡා පැවැත්වෙන බවයි. විනයාගමූර්ති මුරලිදරන්ගේ මේ මැදිහත් වීමෙන් දෙමළ ජාතික සන්ධානයේ එක් මන්ත්‍රීවරයෙක් මේ වන විටත් මහින්ද රාජපක්ෂ කණ්ඩායමට සහාය දීමට කැමැත්ත පළ කර ඇති අතර, ඒ වෙනුවෙන් ඔහුට නැඟෙනහිර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ධුරය ලබාදී තිබේ.

එහෙත්, මේ වන විට දෙමළ ජාතික සන්ධානය පවසන්නේ, වෙනත් කිසිදු මන්ත්‍රීවරයෙකු තම කණ්ඩායමේ තීරණයෙන් වෙනස් නොවන බවත්, විනයාගමූර්ති මුරලිදරන් සමඟ තමන් කිසිදු නිල සාකච්ඡාවක් නොපැවැත් වූ බවත්ය.විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්ගේ මෙහෙයුම අසාර්ථක වූ නිසා තවත් මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති අතර, ඒ සඳහා නාමල් රාජපක්ෂ සහ සුමන්තිරන් අතර සාකච්ඡාවක්ද සිදු වී තිබේ. එහි සැලසුම වී ඇත්තේ, දැනට සිරගතව සිටින දෙමළ කොටි සාමාජිකයන් මුදාහැරීම සම්බන්ධයෙන් ජනපති සිරිසේන හා මහින්ද රාජපක්ෂගේ අවධානය යොමු වී ඇති බව පවසා මහින්ද රාජපක්ෂට සහාය පළ කරන්නේ නම්, සිරගතව සිටින දෙමළ කොටි සාමාජිකයන් මුදාහැරීමට කටයුතු කරන බවට පොරොන්දු වීමත්ය.
තවත් ඩීල් සහ බියවැද්දීම්

මේ අතර එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන රිෂාඞ් බදියුදීන්ගේ සමස්ත ලංකා මහජන කොන්ග්‍රසයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකුගේ සහාය මහින්ද රාජපක්ෂට ලබා ගැනීමට බැසිල් රාජපක්ෂ සහ රටේ නම ගිය සිවිල් සංවිධාන නියෝජිතයෙකු මැදිහත් වී සාකච්ඡාවක් සිදුකර තිබේ. මුලදී මහින්ද රාජපක්ෂට සහාය දීමට ඔවුන් එකඟතාවය පළ කර ඇතත්, තවමත් එය ස්ථිර වී නොමැත. මීට අමතරව හකීම්ගේ මුස්ලිම් කොන්ග්‍රසයේ මන්ත්‍රීවරයෙකු සමඟද මොවුන් සාකච්ඡා කර තිබේ. ඉතාමත් රහසිගත ලෙස සිදු කෙරුණු මේ සාකච්ඡාවන් තවමත් එකඟතාවයක් දක්වා පැමිණ නැත. කෙසේ වෙතත්, මෙම මන්ත්‍රීවරුන් සඳහා රුපියල් කෝටි 35කට අධික මිලක් නියම වී ඇති බව වාර්තා වේ.

එසේම බියවද්දා මන්ත්‍රීවරුන් බිලිබා ගැනීමේ සැලැස්මක්ද ක්‍රියාත්මක වේ. ඒ අනුව රවී කරුණානායක මුදල් ඇමතිව සිටියදී තීරු බදු රහිතව වාහන 200ක් මුදාහැරීමේ සිද්ධිය පාදක කරගෙන ඔහුව අත්අඩංගුවට ගැනීමට සූදානම් කර ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් 2016 ඔක්තෝබර් 06 වැනිදා සිය විමර්ශන ක්‍ඍී/24/2016 යටතේ මූල්‍ය අපරාධ කොට්ඨාසය නීතිපතිවරයාගෙන් උපදෙස් පැතීම සඳහා යොමු කර තිබූ අතර, ඒ අනුව මූල්‍ය අපරාධ කොට්ඨාසය 2720/16 යටතේ නඩුවක් ගොනු කර තිබේ. මෙම පසුබිමට යටත්ව නීතිපතිවරයාගේ උපදෙස් මත රවී කරුණානායකව අත්අඩංගුවට ගැනීමට කටයුතු යොදා ඇත. ඊට අමතරව අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය එජාප ප්‍රබලයන්ගේ නම් ලැයිස්තුවක් පොලිස් ප්‍රධානීන් හට දැනටමත් ලබාදී ඇති බවද අනාවරණය වී තිබේ. රාජිත, චම්පික, රවී, මංගල, මුජිබර්, අජිත් පෙරේරා මෙම ලැයිස්තුවේ සිටින අතර, මේ වන විටත් අපරාධ විමර්ශන කොට්ඨාසයට සහ අල්ලස් කොමිසමට යොමු කළ පිරිස් ඔවුන්ට ඇති පැමිණිලි පිළිබඳව සොයා බලමින් සිටියි.

මෙම සැලැස්මේ පළමු කොටස වූ බියවැද්දීමෙන් තම පාර්ශ්වය වෙත එකඟතාවය ලබා ගැනීම අසාර්ථක වුවහොත්, ක්‍රියාත්මක කරන දෙවන සැලැස්මක් පිළිබඳවද අප වෙත තොරතුරු ලැබී ඇත. ඒ ඇප ලබා ගැනීමට නොහැකි වන පරිදි සිකුරාදා හෝ සෙනසුරාදා දිනවල ඔවුන් අත්අඩංගුවට ගැනීමයි.

සැලසුම් එසේ ක්‍රියාත්මක වෙද්දී, ජනාධිපතිවරයා යටතේ පවතින ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය (විසුම්පාය) වෙත පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අරුන්දික ප්‍රනාන්දු, නිරෝෂන් ප්‍රේමරත්න මෙන්ම සුදර්මන් රදලියගොඩ නැමැත්තා පසුගිය 03වන දින එහි තිබූ පරිගණක යන්ත්‍ර, ලියකියවිලි ආදිය පැහැර ගන්නට උත්සාහ දරා ඇත. අගමැති රාජපක්ෂගේ පාර්ශ්වයෙන් බව කියමින් ඔවුන් මෙසේ එම ආයතනය වෙත කඩාවැදී ඇති අතර, එහිදී සේවයේ නියුතු වූවන් සඳහන් කර ඇත්තේ, ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය මේ වන විට ජනාධිපතිවරයා යටතට ගෙන ඇති බවත්, එහි භාරකාරත්වය සඳහා ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ධර්ම ශ්‍රී ඒකනායක පත් කර ඇති බවත්, එබැවින් ඔහු දැනුම්වත් කර අවශ්‍ය දෙයක් කර ගන්නා ලෙසය. එහෙත්, ඒ කිසිවක් නොතකා ඇති මේ තිදෙනා ඇතුළු පිරිස පසුගිය කාලය පුරාවට මහින්දට මඩ ගැසුවේ මෙතනින් බවත්, මෛත්‍රී නෙමෙයි දැන් කොයි ලොක්කත් අදාළ නැති බවත් කියමින් එහි තිබු බඩුබාහිරාදිය විසිකරමින් ‘චණ්ඩි පාර්ට්’ දමා ඇත.

අවසාන සැලසුම

යහපාලන ආණ්ඩුව පිහිට වූ අවස්ථාවේ පටන්ම රාජපක්ෂ පවුලේ පරම සතුරා වූයේ අගමැති රනිල් වික්‍රමසිංහ නොව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනය. තමන්ගේම කඳවුරේ සිට රහසිගතව කුමන්ත්‍රණය කොට තමන් පරාජය කිරීම ගැන වෛරයෙන් පුපුරමින් සිටි රාජපක්ෂ කඳවුර ඔහුගෙන් පළිගැනීම පිණිස කල් යල් බලමින් සිටියේය. සිය ‘පරම සතුරා’ වන ජනාධිපති සිරිසේනට දේශපාලන වශයෙන් සමීප වීමට උත්සාහ දරමින් සිටි ඔවුන්ට මුලින්ම අවස්ථාව සැලසුණේ පසුගිය පළාත් පාලන මැතිවරණයට පෙරාතුව සිරිසේන, බැසිල් රාජපක්ෂ හා සම්බන්ධ වීමට උත්සාහ දැරූ අවස්ථාවේ ය. ඒ සඳහා මඟ පාදා දෙනු ලැබුවේ ගෝඨාභය රාජපක්ෂගේ සමීපතම උපදේශකයෙකු වන මැදගොඩ අභයතිස්ස හිමියන්ය. එහෙත් ඒ විශ්වාසය ඉක්මනින්ම පළුදු වූ අතර, මෛත්‍රී සහ බැසිල් අතර විරසකයක් නැවත ඇති විය. ඉහත කී කීර්තිමත් මැතිවරණ නිරීක්ෂකයා විසින් කපුකම කරන්නේ ඒ විරසකය සමහන් කිරීම සඳහාය.

සිරිසේන නොදන්නා රාජපක්ෂලාගේ රහසිගත සැලසුම!

රාජපක්ෂලාගේ වෛරය කෙතරම්ද යත්, තමන් යළි බලයට පත්වුවහොත්, සිරිසේන ඉතුරු නොකරන බවට ඔවුහු වහසිබස් දොඩමින් සිටියහ. සිය පණිවුඩකරුවන් මාර්ගයෙන් සිරිසේනට වරින්වර එම පණිවුඩය යැවීමට කටයුතු කළ ඔවුහු කිසිවෙකු තමන් ඝාතනය කරනු ඇතැයි සිරිසේන තුළ තිබූ ‘මර බිය’ ගැනද හොඳින් දැන සිටියහ. පසෙකින් සිරිසේන සමඟ සන්ධානගත වීමේ සැලසුමක් දියත් වෙද්දී ‘ජනාධිපති සහ ගෝඨාභය ඝාතන කුමන්ත්‍රණ’ නාට්‍යයක්ද සැලසුම් කෙරිණ.

ජනාධිපති සිරිසේන පසුගිය සතියේ අගමැති රනිල් වික්‍රමසිංහ පදවියෙන් පහ කරනු ලබන්නේ රාජපක්ෂලාගේ එම සූක්ෂ්ම සැලසුමේ ප්‍රතිඵලයක් ලෙසිනි. ඉන් අනතුරුව කළ යුත්තේ කුමක්ද යන්නද රාජපක්ෂලා සැලසුම් කර තිබේ. එහි ඉහත කී ඩීල් සහ කුමන්ත්‍රණවලින් බහුතරය ලබා ගත නොහැකි වුවහොත්, ඊට විකල්පයක්ද ඔවුන් සතුව ඇත. මේ වන විටත් එවැනි තත්ත්වයක් ඇති වුවහොත්, ආණ්ඩුව විසුරුවා හරින මෙන් මහින්ද රාජපක්ෂ විසින් ජනාධිපතිගෙන් ඉල්ලා තිබේ. ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින්, මහින්ද රාජපක්ෂ අගමැති ලෙසින් පත් කළ ආකාරයටම ජනාධිපති සිරිසේන එවිට පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ඇත. ඒ සඳහා රාජපක්ෂ පවුල සිරිසේනට ලබාදී ඇති ‘ඇම’ මීළඟ ජනාධිපතිවරණයේදී ජනපති අපේක්ෂකයා ලෙසින් ඔහු ඉදිරිපත් කරන බවය. එහෙත්, ඒ වෙනුවට රාජපක්ෂලා වෙනත් රහසිගත සැලසුමක් දියත් කර ඇති බව සිරිසේන නොදනී. එනම්, මහ මැතිවරණය ජය ගැනීමෙන් අනතුරුව ව්‍යවස්ථාව සංශෝධනය කිරීමය. එහිදී රුසියාවේ ජනාධිපති පුටින්ට යළිත් ජනපති පදවියට පත් වීමට අවස්ථාව ලැබුණු ආකාරයේ ව්‍යවස්ථා සංශෝධනයක් ඔවුන් සැලසුම් කර තිබේ. ඒ අනුව ව්‍යවස්ථා සංශෝධනයෙන් අනතුරුව රාජපක්ෂලාගේ ජනපති අපේක්ෂකයා මහින්ද විනා සිරිසේන නොවනු ඇත.

~~චතුර දිසානායක~~

Loading…

Published on: Nov 14, 2018- ව්‍යවස්ථා කුමන්ත්‍රණය අසාර්ථක විමත් සමග ජාතික මෙන්ම, ජාත්‍යන්තරව කුජිත වි සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ව්‍යවස්ථා විරෝධි ලෙස ජනපති විසින් බලහත්කාරයෙන් පත්කර විශ්වාසය භංගයෙන් පලවා හැරි අගමැති මහින්ද රාජපක්ෂ ලවා කෙසේ හෝ බලය අල්ල ගැනිම සදහා කුමන්ත්‍රණයක් දියත් කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

පාර්ලිමේන්තුවේ බහුතරයකගේ අකමැත්ත අග්‍රාමාත්‍යවරයා සහ කැබිනට් මණ්ඩලයට එල්ල වු අතර ව්‍යවස්ථා විරෝධී බවට, මන්ත්‍රීවරු 122 දෙනෙකුගේ අත්සන් ලේඛනයක් සහිත ලිපියක් ඉදිරි ක්‍රියාමාර්ග සඳහා ජනාධිපතිවරයා වෙත යොමු කිරිමටද කතානායකවරයා කටයුතු කල අතර සවස් වනතුරු නිහඩව සිටි සිරිසේන ජනාධිපතිවරය සිය ඇම්බැට්ටයෙකු වන සුසිල් ප්‍රේමජයන්ත හරහා විවිධ ප්‍රකාශ නිකුත් කරමින් තමන් (ජනාධිපති) කතානායකගේ ලිපිය පිළිනොගත් බවට ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

මේ අතර හෙට දිනයේ තමන් පාර්ලිමේන්තුව හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා ප්‍රදානය කල අගමැති ධුරයෙන් ඉවත් විමට කටයුතු කරන බව මහින්ද රාජපක්ෂ සදහන් කර තිබේන බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා.

තවදුරටත් බලය අල්ලාගෙන සිටිමට උත්සහ දැරිමෙන් රට දේශපාලනිකව අරාජීක වන බව සදහන් කර ඇති මහින්ද තමන් ඡන්ද විමසිමට පෙර පාර්ලිමේන්තුවේන් ඉවත් වුයේද ඒ නිසා බව පවසා තිබේ. නමුත් කිසිම හේතුවක් නිසා අගමැතිකම අත් නොහරින් ලෙස මහින්දට ජනාධිපතිවරයා දැඩි ලෙස බලපෑම් කරමින් සිටින බැවින් මහින්දට සaජු තින්දුවක් ගැනිමට නොහැකි තත්ත්වයකට පත්ව සිටින බවයි මහින්ද පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු සදහන් කර ඇත්තේ.

කෙසේවෙතත් ජනාධිපතිවරයා මේ වනවිටත් රනිල්ට අගමැතිකම දිම තරයේම ප්‍රතිකේෂ්ප කර ඇති අතර අද සවස සජිත් ප්‍රේමදාසට දුරකතනයෙන් අමතා අගමැතිකම භාර ගන්නා ලෙසට ඉල්ලිමක් කර ඇති නමුත් සජිත් එය එකහෙළාම ප්‍රතිකේෂ්ප කර තිබේන බවද දේශපාලන ආරංචි මාර්ග සදහන් කළා.මේ වනවිට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එක්සත් ජාතික පෙරමුණේ ප්‍රබලයන් වන රාජිත සේනාරත්න,පාඨ්ළී චම්පික රණවක,රවුෆ් හකීම්,බදුයුදීන් ඇතුලු කණ්ඩායමට කත කරමින් බලපෑම් කරමින් සිටින බවද දැනගන්නට තිබේ.

Loading…

Published on: Nov 14, 2018 – කුමන්ත්‍රණයක් හරහා මහින්ද රාජපක්ෂ වටා ගොනුවි තිබු දේශපාලන බලය බිදදැමු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා නැවැත්ත ලැජ්ජාවක් නැතිව එක්සත් ජාතික පක්ෂයේ නී.නායක සජිත් ප්‍රේමදාසට අගමැති ධුරය භාරගන්න ලෙස දුරකතනය ඔස්සේ ඉල්ලිමක් කර තිබේ.

පාර්ලිමේන්තුවේ බහුතරය එක්සත් ජාතික පෙරමුණ සමග ඇති බවත් තවදුරටත් ශ්‍රිලනිප මන්ත්‍රී කණ්ඩායම සමග ජාතික ආණ්ඩුව පවත්වාගෙන යැම සදහා නව අගමැතිවරයා ලෙස සජිත් ප්‍රේමදාසට ඉදිරිපත් වන ලේසයි මෛත්‍රී ජනපති ඉල්ලා ඇත්තේ.

එහිදි සජිත් ප්‍රේමදාස පිළිතුරු දෙමින් සදහන් කර ඇත්තේ යම් දිනයක පක්ෂය මෙන්ම පක්ෂ නායකත්වය තමන්ට අගමැතිවරයා ලෙස ඉදිරිපත් විමට අවස්ථාවක් උදාකර දෙනු ඇති බවත් එදිනට මැතිවරණයකට ඉදිරිපත් වි ජනතා ඡන්දයෙන් තමන් අගමැතිවරයා ලෙස පත්වෙනවා මිසක් වෙනත් කිසිම ආකාරයකින් එම තනතුර භාර නොගන්නා බවයි.

කරු, සජිත් බෑ කිව්වා. රනිල් පෙරළගෙන වුණත් යන්න පුළුවන් මහින්දට දුන්නා’ – ජනපති

මේක මීට දින 4කට කලින් කථානායක කරු ජයසූරිය මහතා මට කතා කළා. ඔහුට මම පැයක් කථාකළා මේ වෙනස කරන්න හේතුව. මේ ප‍්‍රශ්නය හවසට එවසට ආණ්ඩුවට සහය දෙන්න එන එජාප අයගෙනුත් අහනවා. මහින්ද රාජපක්ෂ මහතා පත්කිරීම විනා වෙනත් විකල්පයක් ඔබට තිබ්බේ නැද්ද කියලා. කථානායකවරයා පැයක් මගේ කතාව අහලා මේ ප‍්‍රශ්නෙ ඇහුවම මම ඇහුවා මීට මාස 8කට පෙර එ් විකල්පය ගැන කිවුවා. මතක කියලා. මම කරුට කිව්වා අගමැති පුටුව භාරගන්න කියලා. කරු ජයසූරිය මහත්තයට මම වැන්දේ නැති ටික විතරයි. අන්තිමට කරු මට කිව්වා ජනාධිපතිතුමාගේ ඉල්ලීමටට මම එ`කග වෙන්නම් හෙට හම්බවෙන්න එන්න පුළුවන් ද. මාව හම්බවෙන්න තනියම එනවා කිිව්වා කරු මහත්තයා පහුවදා එනවා රනිල් වික‍්‍රමසිංහ මහහත්තයත් එක්ක.

ඇවිත් තොල් පටවල් වෙව්ල වෙව්ල කිව්වා මට රනිල් අගමැතිතුමාට විරුද්ධ වෙන්න බෑ කියලා. මේ කතාව අහගෙන ඉන්න එජාප පාක්ෂකයිනි. මම එදා එ්ක අතහැරියේ නෑ. මම මාස 6කට කලිින් සජිත්ට කිව්වා සජිත් රනිල් අයින් කරමු ඔබ අගමැතිකම භාරගන්න කියලා. මම සජිත්ව හවසට හවසට ගෙන්නගෙන මම කිව්වා එන ප‍්‍රශ්න මමම විසඳන්නම් මේක භාරගන්න කියලා. සජිත් කිව්වා නායකතුමා එක්ක නම් මට හැප්පෙන්න බෑ කියලා. මම කල්පනා කෙරුවා රටට ගැළපෙන නායකයෙක් හොයන්න. රනිල් එක්ක හැප්පෙන්න නෙවෙයි රනිල් පෙරළගෙන යන්න පුළුවන් මිනිහෙක් විදියටයි මම මහින්ද රාජපක්ෂ මැතිතුමා පත්කළේ.”

Loading…

Published on: Nov 14, 2018- ඉදිරි මහ මැතිවරණය සඳහා පුළුල් පෙරමුණකින් සහ නව ලකුණක් යටතේ තරග කිරීමට ශ්‍රි ලංකා නිදහස් පක්‍ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ආරම්භ කර තිබු සාකච්ඡා වහාම නතර කිරිමට එම පක්ෂය නිළ වශයෙන් තින්දුවක් ගෙන තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලයේදි පැවති සාකච්ඡාවක ශ්‍රි ලංකා නිදහස් පොදුජන පෙරමුණ යටතේ මෙවර මහ මැතිවරණයේදී තරග වැදීමට එකගතාවකට පැමිණී අතර එම එකඟතාව අනුව මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ මන්ත්‍රීවරුන් 50ක් පමන ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වයද ලබාගත්තා.

කෙසේවෙතත් අද දිනයේ පාර්ලිමේන්තුවේ ඇතිවු තත්ත්වය සහ එහිදි ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ බහුතර මන්ත්‍රීවරුන් පිරිසක් අලස මෙන්ම වගකිම් විරහිතව ආකාරයට කටයුතු කිරිමත් තවත් කිහිප දෙනෙකු සභාව තුලදිම එක්සත් ජාතික පක්ෂය සමග එක්විමත් හේතුවෙන් තවදුරටත් එකඟතාවයක් තුල සිටිමින් කටයුතු කිරිමට හැකියාවක් නැති බවයි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ සභාපතිවරයා ඇතුලු ජ්‍යෙෂ්ඨයන්ගේ මතය වි ඇත්තේ.

මේ අතර පොළොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කරමින් නව සංධානයෙන් ජනාධිපතිගේ දියණිය වන චතුරීකා සිරිසේනට නාමයොජන ලබාදිමට කටයුතු කිරිම හේතුවෙන් පොළොන්නරුවේ මහින්ද වෙනුවෙන් මැරිගෙන් වැඩ කල පාර්ලිමේන්තු මන්ත්‍රි රොෂාන් රණසිංහ දැඩි ලෙස සිය විරුද්ධත්වය ප්‍රකාශ කල අතර පොළොන්නරුවෙ කණ්ඩායම් දෙක අතර සිතල යුද්ධයක්ද ආරම්භ වි තිබුනා.

පසුගියදා පන්සලකදි මාධ්‍ය ඇමතු මන්ත්‍රි රොෂාන් රණසිංහ

“දිඹුලාගල ප්‍රාදේශීය සභා හිටපු සභාපති ජගත් සමරවික්‍රම මහතා ඇතුළු මෙහි පැමිණ සිටින මන්ත්‍රිවරු මමත් මහින්ද රාජපක්ෂ මහතාත් අමතක නොකර රාජ්‍ය බලය ඉදිරියේ දණගහන්නේ නැතිව මා සමඟ එකට සිටිය බව මම දන්නවා. ඒක මට කවදාවත් අමතක වෙන්නේ නෑ. ජපානෙට ගිය අවස්ථාවේ නාමල් රාජපක්ෂ හා මහින්ද රාජපක්ෂ මැතිතුමා මගේ බිරියට කතා කරලා රොෂාන් මට සම්බන්ධ කරලා දෙන්න කීවාම මම කාටවත් කතා කළේ නැහැ.”

Published on: Nov 14, 2018- මහින්ද රාජපක්ෂ විනාශ කිරිම සදහා වත්මන් ජනාධිපතිවරයා සමග විමල් විරවංශ සහ උදය ගම්මන්පිල මන්ත්‍රීවරුන් ඇතුලු තවත් තවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු එක්ව කුමන්ත්‍රණය කල බවත් වහාම ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණෙන් ඔහුන් දෙදෙනා ඉවත් කිරිමට කටයුතු කලයුතු බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු හිටපු ජනාධිපති මෙන්ම ව්‍යවස්ථා විරෝධිව පත්ව අද සිය ධුරය අවසන් වු මහින්ද රාජපක්ෂ මහතාට යෝජනාවක් බාර දිමට කටයුතු කරන බව වාර්තා වේ.

ඉදිරි පැය කිහිපය තුල ශ්‍රි ලංකා පොදුජන පෙරමුණට නායකත්වය දෙන බැසිල් රාජපක්ෂ හමුවිමටද තින්දුකර ඇති අතර පසුගිය කාලසිමාවේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් ප්‍රකාශයන් රැසක් කල කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා සමගද සාකච්ඡා අදාළ මන්ත්‍රීවරුන් සාකච්ඡාකර තිබේන අතර ඒ අනුව අද සවස එම කණ්ඩායම් මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ හමුවිමටද කටයුතු කරමින් සිටි.

Loading…

Top