Published on: Nov 3, 2018- පාර්ලිමේන්තුව රැස්වු වහාම අගමැති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ඉදිරිපත් වන විශ්වාස භංගය හරහා පාරාද වුවහොත් ඊළගට එක්සත් ජාතික පෙරමුණ ඇතුලු මන්ත්‍රීවරුන් මෛත්‍රී ජනාධිපතිවරයාට එරෙහිව ගෙන එන දෝෂාභියෝගයට සහය දැක්විම සම්බන්ධයෙන් ශ්‍රිලනිප සහ පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමක් අතර අද දහවල් කොළඹ ප්‍රසිද්ධ හෝටලයකදි සාකච්ඡාවක් සිදුව තිබේ.

අද දහවල් පවතින තත්ත්වය සම්බන්ධයෙන් මහින්ද පිළේ උඩරට මන්ත්‍රීවරයෙකු සහ දකුණේ මන්ත්‍රීවරයෙකු මෙන්ම ශ්‍රිලනීපයේ මන්ත්‍රීවරුන් තිදෙනකු එම අවස්ථාවට එක්ව සිටි අතර ජනාධිපතිවරයාගේ බලකිරිමට මහින්ද රාජපක්ෂ අගමැති ධුරය භාරගත් බවත් මේ වනවිට බහුතරය පෙන්විම අර්බුදයක් බවට ඇති බවත් බහුතරය සාදාගැනිමට නොහැකි විමේ චොදනාව මේ වනවිට පොදුජන පෙරමුණේ නායකයන්ට චොදනා එල්ල කරමින් සිටින බවද මෙහිදි සාකච්ඡා කර තිබේ.

පසුගිය දින කිහිපය තුල බහුතරය සාදා ගැනිම සදහා මහින්ද -මෛත්‍රී ඒකාබද්ධ මෙහෙයුමක් දියත් වුවද දැන් වෙනවිට එම මෙහෙයුම සම්පූර්ණයෙන්ම බැසිල්ගේ කරමත තබා ඇති අතර ශ්‍රිලනිප ජාතික සංවිධායක දුමින්ද දිසානායකගේ ස්වාධීන විම නතරකර ගැනිම සදහාද බැසිල් දැවැන්ත මෙහෙයුමක් දියත් කල අතර මේ වනවිට දුමින්ද නොගියේ තමන් කියු නිසා බවට මෛත්‍රී කර ඇති ප්‍රකාශයක් හේතුවෙන් මහින්ද පිළ දැඩි ලෙස කලකිරීමට ලක්ව තිබේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් අද (2) සවස කතානායක කරු ජයසූරිය මහතාට බාර දෙනු ලැබීය.

ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැති පක්ෂ නායක රැස්වීමෙන් පසුව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් කතානායක කරු ජයසූරිය මහතාට විශ්වාභංග යෝජනාව භාර දෙන ලදී.

Published on: Nov 2, 2018- සිරිසේන සහ සිරිසේන එකෙකි. දෙදෙනෙකි. හරියට රයිගමයයි ගම්පලයයි වගේ ය. දෙන්නෙකි. කරන්නේ එකම රැවටිල්ල ය. එනයින් සිරිසේන සහ සිරිසේන යනු නූතන ශ්‍රී ලංකික දේශපාලනයේ අරුමය සහ කරුමයයි.

සිරිසේන සහ සිරිසේන 2015 ජනවාරියේ දී මහින්ද රාජපක්ෂ පවුල තමන් සහ දරුවන් මරා අඩි හයක් යට වළ දමන්නට හිටි බව කීවේ ය. රාපක්ෂ පවුල මහා පරිමාණ දූෂණ වංචාවන්ට සම්බන්ධ බව කීවේ ය. රාපක්ෂ සමඟ ඉන්නේ වහලුන් යැයි කීවේ ය. රට බේරා ගැනීමට නම් රනිල් වික්‍රමසිංහ සමඟ එක්විය යුතු බව කීවේ ය.

ඒ සිරිසේන සහ සිරිසේන 2018 ඔක්තෝම්බර් 26දා සිය කැමැත්තෙන් අඩි හයක් යට ගිලා බැස්සේ ය. යළි ඒ වළෙන් ම මතුව ආ සිරිසේන සහ සිරිසේන, සිය ආලවට්ටම්හි මහින්ද රාජපක්ෂ නම ලොප් කර එතැනට රනිල් වික්‍ර‍ සිරිසේන මහින්ද රාජපක්ෂ නම් ලොමසිංහ යන නම ආදේශ කළේ ය. දැන් සිරිසේන සහ සිරිසේන මරා දමන්නට ඉන්නේ රනිල් වික්‍රමසිංහ ය. දැවැන්ත දූෂණ චෝදනා කියවෙන්නේ රනිල් වික්‍රමසිංහට ය. දැන් රට බේරා ගත හැකි නායකයා, එදා මාරයා වූ රාජපක්ෂ ය.

සිරිසේන සහ සිරිසේන එදා මෙන්ම අදත් විලිලැජ්ජාවක් නැතිව කතා දෙයි. ඔහු පච කප්පිත්තෙක් බවට පරිණමය වී ඇති සැටියකි. ඉන් එක් සුරංගනා කතාවක් නම් තමා රාජපක්ෂ අගමැති කළේ රනිල් වික්‍රමසිංහ තමා මරා දැමීමට කුමන්ත්‍රණය කළ නිසා බව ය. මරණයෙන් බේරීමට සිරිසේන සහ සිරිසේන සොයා ගත්තා තෙවසරකට පෙර සිය පවුලම ඝාතනය කරන්නට සිටි බවට චෝදනා කළ මරා ය. පුදුම නමුත් ඇත්ත ය.

ඒ කතා අසා සිටින රාජපක්ෂවරු පස්සා පැත්තෙන් සිනහවනු ඇති බව නිසැක ය. 2019 දෙසැමිබර් ජනාධිපතිවරනයේ දී තමා රාජපක්ෂවරුන්ගේ සහාය ඇතිව ජනාධිපති තරඟයට ඉදිරිපත් වන බව කියන විට ඒම සිනහ අධෝමුඛ කොක්හඩලෑම් බවට පත්වනවා ඇත. ඒ දෙසැමිබරය ළඟා වූ විට සිරිසේන සහ සිරිසේනට යළිත් වතාවක් තමාම කපාගත් අඩිහයක් යට වළට බහින්නට සිදුවනු ඇත. එකල්හි නම් යළි ගොඩ ඒ්මක් නැතිවනු ඇති බව සහතික ය.

රාජපක්ෂ අනුගාමිකත්වය තුළ සිරිසේන සහ සිරිසේන යනු කා දැමිය යුතු ආප්පයක් විනා පුබුදවිය යුතු පුෂ්පයක් නොවේ. රාජපක්ෂ අනුගාම්කත්වය සිරිසේන සහ සිරිසේන සමඟ නයි වෛරය. එවැනි පසුබිමක් මැද එජාප ඡන්දවලින් ජනාධිපති වූ පරිදිම රාජපක්ෂ ඡන්දවලින් ජනාධිපතිවීමට සිරිසේන සහ සිරිසේනට අවස්ථාවක් ලැබෙනු ඇතැයි සිතිය හැක්කේ රාජපක්ෂ දේශපාලනය ගැන නොදන්නා අයකුට පමණය.

සියයට දහයකවත් ජන්ද පදනමක් නැති අන්තයටම පිරීහී සිටින සිරිසේනට තමන්ගේ ජන්ද පදනම බාරදෙන්නට නම් රාජපක්ෂට දේශපාලන ඔල්මාදයක් හැදී තිබිය යුතුය. සමහර විට එවැනි‍‍‍ ඔල්මාදයක් ඇත්නම් ඒ් වනාහී නාමල් පමණක්ම රජ කරවීමේ කුප්‍රයෝගය විය හැකි ය.

එළඹෙන කවර හෝ ඡන්දයකදී ජය දිනා ගැනීමේ වැඩිම ඉඩ තිබුණේ රාජපක්ෂට ය. එසේ බලයට පත්වූයේ නම් ඔහුට කිසිදු අන්තර් ජාතික හෝ දේශීය හෝ දෝෂාරෝපණයකට ලක්වන්නට සිදුවන්නේ නැත. එසේ වී නම් තනි බලය රාජපක්ෂට හිමිවන්නට තිබුණි.

ඒසේ තිබියදීත් වසරක් බලා සිටිය නොහැකිව සිරිසේන සහ සිරිසේන සමඟ හවුලේ බලය ලබා ගන්නට එකඟ වන්නට රාජපක්ෂට තිබිය හැක්කේ එකම එක හේතුවකි. එය නම් රාජපක්ෂ පවුලට සහ දේශපාලනඥයින්ට එරෙහිව විභාග වෙමින් යන නඩු විභාග අවසන් කර ගැනීමයි. දැනටමත් පාසැල් දරුවන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීම පිළිබඳ නඩුව විභාග කරමින් සිටි විනිසුරුවරියට සේවා මාරැවක් ලැබී තිබේ! එවැනි සේවා මාරු තව බොහෝ ගණනාවක් සිදුවීමට දැන් නියමිත ය.

පාවාදීම් සහ ඥාති ඝාතනයන්ගෙන් පිරි ශ්‍රී ලංකාවේ රජ සමයෙන් පසු මෙරට පහළ වූ ලොකුම පාවා දෙන්නා වශයෙන් දිනෙක රාජපක්ෂ ඉතිහාසකරැවන් විසින් ද වරෙක වික්‍රමසිංහ ඉතිහාසකරැවන් අවසාන වශයෙන් සිවිල් ලේඛකයින් විසින් ද නම් කරනු ඇති අසම්මජාති දේශපාලනඥයා බවට, 2015 ප්‍රජාතන්ත්‍රවාදී ජනබලයේ සංකේතය වූ සිරිසේන සහ සිරිසේන පිරිහීම යාම තේරුම් ගැනීමට නොහැකි තරමේ කරුමයකි.

තර්කානුකූල විග්‍රහයකින් සිරිසේන සහ සිරිසේන විග්‍රහ කළ නොහැකි ය.තර්කයක් නැති සිදුවීම් තේරුම්ගත හැක්කේ ඊට අතාර්කික මානසිකත්වයක් ආදේශ කිරීම මගිනි. ඔල්මාද මාසිකත්වයක් වැන්න. සිරිසේන සහ සිරිසේන යනු මෙරට දේශපාලනයේ අතාර්කික වියරුවක සංකේතයකි.

බොහෝ දුරට ම ඔහු පොදු අපේක්ෂකයා බවට පත්වීමට තීරණය කරන්නට ඇත්තේ ද තමාට අගමැතිධූරය නොදීම පිළිබඳව රාජපක්ෂවරැන් සමඟ වූ වෛරය නිසා ම පමණය.

පසුගිය තෙවසර දෙස බලන විට මානව හිමිකම් ක්ෂේත්‍රයේ හෝ ප්‍රජාතන්ත්‍රවාදී ක්ෂේත්‍රයේ හෝ සංහිදියා ක්ෂේත්‍රයේ හෝ සිදුකරන ලද කුමණ හෝ ප්‍රතිසංස්කරණයට සිරිසේන කර දුන්නේ නැත. ඔහු විසින් හැකි සෑම අවස්ථාවකදීම කරන ලද්දේ එකී ප්‍රතිසංස්කරණ ආපස්සට ඇදීමට උත්සාහ කිරීමයි. මේ බව කැපී පෙනේන්නේ යුද්ධයට අදාළ නොවන මිනීමරුම් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින ආරක්ෂක අංශ සාමාජිකයින් පවා ආරක්ෂා කිරීමට සිරිසේන සහ සිරිසේන විසින් දරන ලද ප්‍රයත්න දෙස බලන විට ය.

2015 ජනවාරියෙන් පසු ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් බටහිර ප්‍රජාතන්ත්‍රවාදී රටවල ඇතිවූ යහපත් හැඟීම දරුණු ලෙස ඛාදනය කිරීමට සිරිසේනගේ මෙම අත්තනෝමතිකත්වය හේතු වී තිබේ. අන්තර් ජාතික ක්ෂේත්‍රයෙහි බලපෑම් සහගත භූමිකාවක් රඟපාන මානව හිමිකම් වෘත්තිකයකු ට්වීට් පණිවිඩයක් මගින් කියා සිටියේ සිරිසේන සහ සිරිසේනගේ මෙම ක්‍රියාව නිසා 2019 මාර්තු මාසයේදී ශ්‍රි ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් අලුත් උනන්දුවක් ඇති කිරීමට අවස්ථාව පෑදී ඇති බවයි. සිරිසේන විසින් පත් කරන ලද නීති විරෝධී ආණ්ඩුව ශ්‍රී ලංකාවට හොඳක් කරන්නේ නැත.

තමා සමඟ එක්ව 2015 වෙනස සඳහා මරණය නොබා රාජපක්ෂ කඳවුර අතහැර පැමිණි ස්වකීය සගයින් වූ දේශපාලනඥයින් වෙත මුදා හැර ඇති සිරිසේන සහ සිරිසේනගේ වෛරය, තමා ජනපති බවට පත් කළ ප්‍රධාන දේශපාලනඥයා වන රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂාව හුදෙක් පොලිස් භටයින් 10 දෙනෛකු දක්වා අඩු කිරීමෙන් සහ ඇමැතිවරුන්ගේ ආරක්ෂක භටයින් ඉවත් කිරීමෙන් පෙන්වන ලද වියරුව, රාජපක්ෂවාදය ඉක්මවා යයි. එපමණක් නොව දිගින් දිගටම කිසිදු වග විභාගයකින් තොරව රටෙහි ව්‍යවස්ථාව කෙළෙසමින් දක්වන වියරුව කොතනින් අවසන් වනු ඇත්දැයි කීමට නොහැකි තරම් බිය ජනකය.

මෙම සිදුවීම් විසින් පෙන්නුම් කරන්නේ අතීතය හෝ කෙළෙහිගුණ පිළිබඳ අල්පමාත්‍ර හෝ හැඟීමකින් තොරව පළිගැනීමට සිරිසේන සහ සිරිසේන දක්වන භයානක නැඹුරුවයි. තමා සතු බලය ලබා ගැනීමට මඟපෙන්වූ, කැප වූ සහ උදව්කල පිරිස්වලට පවා ඒම බලයම යොදවා පහරදීමට පසුබට නොවන දේශපාලනඥයා භයානක ය. එවැන්නෝ දරුණුකමෙහි සීමාවක් නොදනිති. ඒ් අතින් සිරිසේන අයත් වන්නේ සහෝදර ඝාතක ස්ටාලින් සහ හිට්ලර් වර්ගයටයි.

සමහර විට සිරිසේන සහ සිරිසේන ව්‍යවස්ථාව නොසළකා ළඟදීම ආණ්ඩුව විසුරුවා හැරීමටත් ඉඩ තිබේ. ඒ් සඳහා ඔහුට උපදෙස් දීමට අවශ්‍ය තරම් කේවට්ටයෝ සිටිති. පාර්ලිමේන්තුවෙහි බහුතර බලයක් පෙන්වීමට රනිල් වික්‍රමසිංහ සමත්වුවහොත් දතකට පියා ගන්නවා වෙනුවට දත්කූරු කමින් උම්මතක පියවරකට යෑම හැර සිරිසේන සහ සිරිසේනට වෙනත් විකල්පයක් නැත.

එසේ නොවී රාජපක්ෂ බලය තහවුරුකර ගතහොත් සිරිසේන සහ සිරිසේන යළි 2015 පෙර සිටි සෞඛ්‍ය ඇමැතිවරයා වැනි බාලයකු බවට පත්වනු ඇත.

සිරිසේන සහ සිරිසේන තේරුම් ගැනීමට හැකි සිත්කාවදින කරැණක් නම් 2015 ජනවාරි 08 දා සිරිසේන සහ සිරිසේනට ආරක්ෂාව සැඟවී සිටීමට ඉඩ සැළසූ පුද්ගලයා සිය වෛරකාරයකු බවට පත් කරමින් අතහැර දමා රාජපක්ෂගේ ධනය සැඟවූයේ යැයි චෝදනා ලද ව්‍යාපාරිකයකු තානාපතිවරයකු බවට පත් කොට අතවැසි සේවයේ යොදවා ගැනීමයි.

දැන් පෙනෙන විදිහට ඉදිරි වසරක තරම් කාලයක් තුළ මෙරට ප්‍රජාතන්ත්‍රවාදී බලවේග, ජනවාර්ගික හෝ වෙනයම් හෝ වෙනසකින් තොරව වඩාම බිය විය යුතු මනෝභාවය රාජපක්ෂ නොව සිරිසේන සහ සිරිසේන විය හැකිය.

සිර්සේන සහ සිරිසේන විසින් පාවා දී ඇත්තේ 2015 ජනවාරි ජනවරම ය. එම ජනවරම අඩාළ කර අතරමඟ අතහැර දැමීම රනිල් වික්‍රමසිංහගේ ද දේශපාලනය වූ බව අපට අමතක කළ නොහැකි ය. සිරිසේන ජනපති බවට පත් කරනු පිනිස සිය ගණන් සිවිල් සමාජ පිරිස් සිය තුට්ටු දෙක වැය කරමින් රට වටාම ගියහ. සිරිසේන සිවිල් සමාජ සංවිධාන 47ක් සමඟ යහපාලන ගිවිසුම අත්සන් කළේ උත්සවාකාරව ය. මේ දුර්ජනයා විසින් රාංපක්ෂ දෙපාමුල වැටී සුනු විසුණූ කරන ලද්දේ ඒම සමාජ ගිවිසුම යි.

සිරිසේනගේ අනීතික ප්‍රජාතන්ත්‍ර විරෝධී හැසිරීම හෙළා දැකිය යුත්තේ රනිල් වික්‍රමසිංහ රැකගැනීමට නොවේ. නීතියේ පාලනය කෙරෙහි අපේ ඇති කැපවීම නිසා ය. සිය දේශපාලනයේ වූ අනේක දුර්ඟුණ නිසාම වික්‍රමසිංහ පාලනය අහෝසිවීම ගලේ කෙටී තිබුණි.

අප දැන් එළඹෙමින් සිටින්නේ ශ්‍රී ලංකාවේ දේශපාලන බලතුලනයන් ද ගතිකත්වයන්ද තියුණූ වෙනසකට ලක්වීමට නියමිත කාල පරිච්ජේදයකට යි. තාවකාලික ස්ථාවරබවක මායාවක් ඇතිකිරීමට සමත්වීමට හැකි වුවද එය විසින් ශ්‍රී ලංකාව කැඳවාගෙන යනු ඇත්තේ විසංවාදය පාගා දැමෙන සහ මර්දනය සහ බිය ගැන්වීම, දූෂණය සහ භීෂණය දේශපාලන ළකුණ වන අදුරු යුගයකටය.

සිරිසේන සහ සිරිසේන: ගමනක අවසානය

~~සුනන්ද දේශප්‍රිය‍‍‍‍‍‍‍‍‍‍~~

Published on: Oct 31, 2018 – වර්ෂ 2018 ඔක්තෝබර් 26 දින සිට එතෙක් සිටි අග්‍රාමාත්‍යවරයා ඉවත් කරමින් (2018.10.26 දිනැති අංක 2094/43 අති විශේෂ ගැසට් පත්‍රය)සහ වෙනත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීමත් (2018.10.26 දිනැති අංක 2094/44 අති විශේෂ ගැසට් පත්‍රය) සමග විවිධ පැතිකඩ ඔස්සේ ප්‍රජාතන්ත්‍රවාදය සහ ඡන්ද බලය සම්බන්ධව අදහස් ඉදිරිපත් වෙමින් පවතින අතර පාර්ලිමේන්තුව ඉක්මනින් කැදවා ඇති වී තිබෙන්නේ යැයි කියන අර්බුදය විසදා ගන්නා ලෙසද ජාතිකව සහ ජාත්‍යන්තරව යෝජනා ඉදිරිපත් වෙමින් පවතී.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයන්ගේ ඡන්ද බලය සහ ජනතාවගේ ඡන්ද බලය යන දෙකෙන් වඩාත් ඉහළ අගයක් ගන්නේ ජනතාවගේ ඡන්ද බලයට බව ව්‍යවස්ථාවේ 3 සහ 4 ව්‍යවස්ථා අධ්‍යයනය කිරීමේදී පෙනී යන අතර ව්‍යවස්ථාදායක බලය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට සහ එහි මන්ත්‍රීවරයන්ට යම් අධිකාරයක් ව්‍යවස්ථාවේ 4.අ ව්‍යවස්ථාව මගින් ලබා දුන්නද එකී ව්‍යවස්ථාව මගින්ම 86 ව්‍යවස්ථාවද සම්බන්ධ කරමින් ජනාධිපතිවරයාට සහ ජනතාවටද ව්‍යවස්ථාදායක බලයක් පිරිනමා ඇත.“ජනතාවගේ පරමාධිපත්‍යය”සම්බන්ධව 3 සහ 4 ව්‍යවස්ථාවල විධිවිධාන සළසා තිබුණද “පාර්ලිමේන්තුවේ පරමාධිපත්‍යය”ගැන එහි දක්වා නැති බවද සැළකිල්ලට ගත යුතුය.

මෙම ගැටළුව විසදා ගැනීම පාර්ලිමේන්තුව තුළදී විමසන ඡන්දයකින් නොව ජනතාව ඉදිරියේ පවත්වන ඡන්දයකින් එනම් ජනමතවිචාරණයකින් විසදා ගැනීම ජනසම්මතවාදය බවත්, ප්‍රජාතන්ත්‍රවාදය බවත්, ජනතා පරමාධිපත්‍යය ක්‍රියාත්මක කිරීමක් බවත් පෙන්වා දීම සහ එහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලත්වය3, 4, 46.5, 70, 85, 86 සහ 125 ව්‍යවස්ථාසහ 46.5 ව්‍යවස්ථාව වැරදියට අර්ථනිරූපණය කරමින් කථානායකවරයා විසින් 2015 සැප්තැම්බර් 03 වැනිදා පාර්ලිමේන්තුවේදී ලබා දුන් තීරණයද යන නීතිමය කාරණාඇසුරෙන් පෙන්වා දීමත් මෙම ලිපියේ අරමුණයි.

පාර්ලිමේන්තුවේ ප්‍රථම රැස්වීම සඳහා නියම කරගනු ලැබූ දිනයෙන් අවුරුදු හතරක් සහ මාස හයක කාලයක් අවසන් වන තෙක් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නොකල යුතු බව වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70.1 ව්‍යවස්ථාවේ අතුරු විධානයේ දැක්වේ. මෙම අතුරු විධානය ක්‍රියාත්මක කළ යුත්තේ කවර අවස්ථාවලදීද යන්න සහ ජනතාවගේ ඡන්ද බලයසහ ජනතාවගේ පරමාධිපත්‍යයසම්බන්ධව රටේ අර්බුද අවස්ථාවක් පැනනැගි අවස්ථාවකදී 70.1 ව්‍යවස්ථාවේ මුල් කොටස කියවීමේදී පැහැදිලි වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 ව්‍යවස්ථාව මෙසේ ය….

70.1 ව්‍යවස්ථාවේ ප්‍රධාන කොටස් 2ක් ඇතුළත් වේ.

පළවන කොටස

ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයක් මගින් පාර්ලිමේන්තුව කැඳවීම, පාර්ලිමේන්තුවේ වාරාවසාන කිරීම සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කළ හැක්කේ ය.

දෙවන කොටස

පාර්ලිමේන්තුව විසින් එහි නොපැමිණි මන්ත්‍රීවරයන් ද ඇතුලුව මුළු මන්ත්‍රීවරයන්ගේ සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකට නොඅඩු සංඛ්‍යාවකගේ යෝජනා සම්මතයක් මගින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනු ලබන්නේ නම් මිස, පාර්ලිමේන්තුවේ ප්‍රථම රැස්වීම සඳහා නියම කරගනු ලැබූ දිනයෙන් අවුරුදු හතරක් සහ මාස හයක කාලයක් අවසන් වන තෙක් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නොකල යුත්තේ ය.

ඒ සමගම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46 ව්‍යවස්ථාව සහ ජාතින ආණ්ඩුව යන්න අර්ථනිරූපණයකරමින් එනම් ව්‍යවස්ථාවේ 46.5 ව්‍යවස්ථාව අර්ථනිරූපණයකරමින් කථානායකවරයා විසින් 2015 සැප්තැම්බර් 03 වැනිදා පාර්ලිමේන්තුවේදී සිය තීරණය දැනුම් දීමද සැළකිල්ලට ගත යුතුය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46 ව්‍යවස්ථාව මෙසේ ය…

46.5 ව්‍යවස්ථාව අනුව ජාතික ආණ්ඩුවක් යනු, පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාව ලබාගන්නා පිළිගත් දේශපාලන පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායම සහ පාර්ලිමේන්තුවේ අනෙකුත් පිළිගත් දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් එකතුව පිහිටුවනු ලබන ආණ්ඩුවක් වන්නේ ය….ලෙස දක්වා ඇති බව ඉතා හොදින් පැහැදිලිය.

එසේ වුවත් 2015 සැප්තැම්බර් 03 වැනි දින කථානායකවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46.5 ව්‍යවස්ථාව අනුව ක්‍රියා නොකරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව ක්‍රියා කරමින් 46.5 ව්‍යවස්ථාවේ නොදැක්වෙන ආකාරයට 46.5 ව්‍යවස්ථාව අර්ථනිරූපණයකළ අතර එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 125 ව්‍යවස්ථාවටද පටහැනිව යන ක්‍රියාවක් විය.

2015 සැප්තැම්බර් 03 වැනි දින කථානායකවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46.5 ව්‍යවස්ථාව අනුව ක්‍රියා නොකරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව ක්‍රියා කළ ආකාරය….

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46.5 ව්‍යවස්ථාවේ අනෙකුත් පිළිගත දේශපාලන පක්ෂ (බහුවචන) ලෙස දක්වා තිබුණදඑය නොතකා 2015 සැප්තැම්බර් 03 වැනි දින කථානායකවරයා විසින් ඕනෑම පිළිගත් දේශපාලන පක්ෂයක් (ඒක වචන) ලෙස ව්‍යවස්ථාව වෙනස් කළේ ය.

එසේ කරන ලද්දේ 46.1 ව්‍යවස්ථාවේ දැක්වෙන ඇමති සංඛ්‍යාවේ සීමාව වැඩි කර ගැනීම සදහා අවශ්‍ය ජාතික ආණ්ඩුව නිර්මාණය කර ගැනීමටය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථනිරූපණය කිරීමේ තනි සහ අනන්‍ය අධිකරණ බලය ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයට බව 125 ව්‍යවස්ථාවේ පැහැදිලිව දැක්වේ.

මේ අකාරයට ඉතා පැහැදිලිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති විධිවිධාන වලට පටහැනිව කථානායකවරයා ක්‍රියා කරන ලද්දේ 2015 අගෝස්තු මාසයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ දී ජාතික ආණ්ඩුව තනා ගැනීම සදහා ජනතාව ලබා දුන් ජනවරම අනුව ක්‍රියාකිරීමට අවශ්‍ය වූ නිසා බවට කෙනෙකුට තර්ක කළ හැකිය.

මෙම ලිපියේ මාතෘකාව වන “අගමැති අර්බුදය විසදීමට පාර්ලිමේන්තුවේ ඇතුලේ මන්ත්‍රීවයන්ගේ ඡන්දයකට වඩා රටේ ජනතාවගේ ඡන්දයක් එනම් ජනමතවිචාරණයක්පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරයිද?” යන්න සාකච්ඡා කිරීමේදී ව්‍යවස්ථාවේ 3, 4 සහ 86 ව්‍යවස්ථා සැළකිල්ලෙන් අධ්‍යයනය කිරීම වැදගත් වෙයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 ව්‍යවස්ථාව මෙසේ ය….

 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 ව්‍යවස්ථාව මෙසේ ය….

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 86 ව්‍යවස්ථාව මෙසේ ය….

මේ අනුව සළකා බැලීමේදී 3, 4, 46.5, 70, 85, 86 සහ 125 ව්‍යවස්ථා සමග අග්‍රාමාත්‍යවරයා ඉවත්කිරීම සම්බන්ධව පැනනැගී ඇති අර්බුදය පාර්ලිමේන්තුව තළ පවත්වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ ඡන්දයකින් නොව සමස්ථ ඡන්ද දායකයන්ගේම සහභාගීත්වයෙන් පවත්වන පාර්ලිමේන්තු මැතිවරණයකින් එනම් ජනමතවිචාරණයකින් සිදුකිරීම ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්නක් බවත් ඡන්ද පිපාසයෙන් ඉන්නා ජනතාවට එය මහත් සහනයක් වන බවත් පෙනී යයි.

නීතිඥ අරුණ ලක්සිරි උණවටුන
B.Sc(Col), PGDC(Col)
2018.10.29

Published on: Oct 30, 2018 – ව්‍යවස්ථාවට පිටුපාමින්,ශ්‍රිලනිපයේ කිසිදු ජ්‍යෙෂ්ඨයෙකුගේ අදහස් විමසිමකින් තොරව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අගමැතිවරයා වශයෙන් පත්කිරිමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගත් තින්දුව හේතුවෙන් මේ වනවිට ශ්‍රිලනිපයේ අභ්‍යන්තර අර්බුදයක් හටගෙන තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

බහතරය සොයා ගැනිමට නොහැකි විමත් ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුව වසා දැමිමත් මෙන්ම මේ වන විට ආණ්ඩුවේ සියලුම බලයන් සිය අනසකට රාජපක්ෂ කල්ලියේ විවිධ පුද්ගලයන් විසින් යටකර ගැනිම හේතුවෙන් 2015 ජනවාරියේ සිට මෛත්‍රී සමග සිටි ශ්‍රිලනීප කණ්ඩායම මේ වනවිට අසරණ වි ඇති අතර ඒ හේතුවෙන් නිදහස් පක්ෂයේ පිරිසක් ඉදිරියේදී දැඩි දේශපාලන තීන්දුවක් ගැනීමට තීරණය කර ඇති බවයි.

මේ අතර අමාත්‍ය දුමින්ද දිසානායක විසින් ජනාධිපති සිරිසේනගේ මුහුණටම මේ සම්බන්ධයෙන් පවසා ඇති අතර තමන් ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් ඉදිරියේදී දැඩි දේශපාලන තීන්දුවක් ගැනීමට තීරණය කර ඇති බවත් රාජපක්ෂලා සමඟ දේශපාලන දීගයකට ගොස් රෙදි නැතුව පාරේ යනවාට වඩා දේශපාලනයෙන් සමුගෙන ගෙදර යැම සැපක් බවයි.

ශ්‍රීලනිපය නියෝජනය කරමින් යහපාලන ආණ්ඩුවේ අමාත්‍යංශ දැරූ ඇමතිවරුන් කැඳවු අවස්ථාවේ දුමින්ද දිසානායක සදහන් කර ඇත්තේ..

“2014 වසරේදී රාජපක්ෂ රෙජීමයෙන් ඉවත්වී පැමිණියේ මෛත්‍රීපාල සිරිසේන වෙත තිබූ පෞද්ගලික හිතවත්කමකට පමණක් නොව රාජපක්ෂ රෙජීමයේ තිබු ඒකාධිපති දුෂිත පවුල් පාලනය අවසන් කිරීමේ චේතනාවෙන් බවත් එතරම් අවධානමක් ගත් තමන් ඇතුළු පිරිසට කිසිඳු දැනුම්දීමක් සිදුනොකර රාජපක්ෂලා නැවත රජ කරවන්න ජනාධිපති සිරිසේනට හැකිනම් තමන්ටද ස්වාධීන අදහසක සිට කටයුතු කිරීමට හැකි බවයි. ”

කිසිදු අවස්ථාවක තමන් පදුරට නොකියා පළායන ආකාරයේ නිවටයකු නොවන බවත් යනවානම් ජනාධිපතිතුමාගේ අතට බුලත් අතක් දි යන බවද දුමින්ද සදහන් කර තිබේ.ඊයේ (29) කැබිනට් අමාත්‍යධුරයන්හි දුමින්ද දිසානායක මන්ත්‍රීවරයාට දිවුරුම් දෙන ලෙසට ජනාධිපතිවරයා කල යොජනාවද ඔහු විසින් ප්‍රතිකේෂ්ප කර තිබේ.

මේ අතර හිටපු ජනාධිපති චන්දිකා කුමාරතුංග විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ගේ සහාය රනිල් වික්‍රමසිංහට ගැනිමේ වගකීම දැනටමත් බාරගෙන ඇති අතර ඇයගේ මැදිහත් විමෙන් විශේෂ මෙහෙයුමක් දියත් වෙමින් තිබේන බවද අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

Published on: Oct 28, 2018- ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හසුවූ බවත් ඒ සඳහා ජනාධිපතිවරයාව පොළඹවා ගෙන දුෂ්කරතාවට පත්කළේ එස්.බී.දිසානායක මන්ත්‍රීවරයා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගෙන් චොදන එල්ල වෙමින් තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ලෙස පත්කිරිමේ මෙහෙයුමේ මෛත්‍රී වෙනුවෙන් එස්.බී. දිසානායක මන්ත්‍රීවරයා ව්‍යවස්ථා විරෝධී අකාරයට කල බවත් කුමන්ත්‍රණය සිදුවන තෙක් මෛත්‍රී හැර වෙනත් කිසිවෙක් මේ සම්බන්ධව දැනසිටියේ නැති බවටද ඔහුන් චොදන කර තිබේ..

ඒ.බී දිසානායක සමඟ මහින්ද පාර්ශවය වෙනුවෙන් ගනුදෙනු සිදුකර ඇත්තේ බැසිල් රාජපක්ෂය. එහිදී බැසිල් රාජපක්ෂ එස්.බී දිසානායක යොදවා මෛත්‍රී ජනාධිපතිට දන්වා ඇත්තේ පාර්ලිමේන්තුවේ 113 පෙන්වීම වෙනුවෙන් තමන් එජාප මන්ත්‍රී කණ්ඩායමක් එකතු කරගෙන සිටින බවත් අවශ්‍ය ඕනෑම වෙලාවක පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමට සූදානම් බවය.

එසේම එජාප උපනායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මෙන්ම අමාත්‍ය විජේදාස රාජපක්ෂ සමඟ එජාපයේ කොටසක් සෘජුව සම්බන්ධ වන බැවින් කිසිඳු ගැටළුවක් ඇති නොවන බවද බැසිල් රාජපක්ෂ පෙන්වා දි තිබේ.

කෙසේවෙතත් රවී සහ විජේදාස සම්පූර්ණයෙන් මේ වනවිට මහින්ද අතහැර දමා ඇති අතර මෛත්‍රී සහ මහින්ද වැඩිපුරම විස්වාසය තබා ඇත්තේ අර්වී සම්බන්ධයෙන් වන අතර තමන් සමග මන්ත්‍රීවරුන් 21 සිටින බව් රවි පවසා ඇති අතර තමන්ට මුදල් ඇමතිකම ලබා දෙන්නේ නම් 21 දෙනාම බහුතරය පෙන්විම සදහා කටයුතු කරනු ඇති බවයි.

නමුත් ඊයේ උදෑසන කොළඹ ජයික් හිල්ටන් හෝටලයෙ විශේෂ සාකච්ඡාවක් අතරතුර රවී ඉවත්ව ගොස් ඇති අතර ඊයේ සවස සිට සිරිකොත එජාප පක්ෂ මුලස්ථානයේ සිට පක්ෂ කටයුතු මෙහෙයවිම ආරම්භ කිරිමත් සමග රවී මහින්ද සහ සිරිසේනට කොකා පෙන්වා ඇති බවයි ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨයන් පෙන්වා දි ඇත්තේ.

Published on: Oct 27, 2018 – පාර්ලිමේන්තුවේ බහුතර පෙන්වු වහාම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙනඑමට එක්සත් ජාතික පෙරමුණ කටයුතු කිරිමට තින්දු කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා,

අද උදෑසන අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවේදි එක්සත් ජාතික පෙරමුනේ පක්ෂ නායකයින්ගේ සාකච්ඡාවේදි ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේන අතර වහාම පාර්ලිමේන්තුව කැදවිමෙන් පසුව බහුතරය පෙන්වා ආණ්ඩුව යලිත් පිහිටුවිමෙන් පසුව ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝග යෝජනාව ගෙන එන බවයි.

මේ අතර නව රජයේ ඇමැති මණ්ඩලය හෙට (28දා) දිවුරුම් දීමට නියමිත බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.ඒකාබද්ධ විපක්‍ෂය, ශ්‍රි ලංකා නිදහස් පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂයේ කණ්ඩායමක් සමග නව රජය පිහිටුවීමට නියමිත බවයි ඔහු සදහන් කලේ.

Published on: Oct 26, 2018- 2020 ජනාධිපතිවරණයේ ජනාධිපති ධුර අපේක්ෂකත්වය යලිත් ලබාදිමේ පොරොන්දුව මත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අගමැතිධූරයට පත්කිරිමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කටයුතු කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේදි ජනාධිපති ලේකම් කාර්යාලයේ හිටපු ජනාධිපතිවරයා අගමැතිවරයා ලෙස දිවුරුම් දුන් අතර හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ සම්බන්ධයෙන් දැනුවත්ව් ඇත්තේ එම දිවුරුම් දිම අතරතුර වන බවද වාර්තා වේ.

මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීමට තින්දු කර ඇති අතර ඒ සම්බන්ධයෙන් වු විශේෂ ලිපියද මේ වනවිට කතානායකවරයාට ලබාදි තිබේ.

මේ අතර අදාළ දිවුරුම් දිම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සම්පූර්ණයෙන්ම නීතිවිරෝධී වන අතර ඒ සම්බන්ධයෙන් ගතහැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් හදිසි සාකච්ඡාවක් මේ වනවිට රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් යටතේ ආරම්භ කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

Published on: Oct 25, 2018- සිය ඉන්දීය නිල සංචාරය අවසන් කර පැමිණි වහාම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පසුගිය 22 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයේදි ජනාධිපතිවරයා හමුවු අතර ඔහුන් දෙදෙනා අතර පමණක් පැවැති එම සාකච්ඡාව පැය භාගයකට ආසන්න කාලයක් පැවැති අතර එහිදි සිදුවු සාකච්ඡා මේ වනවිට අනාවරණය වි තිබේ.

එම සාකච්ඡාවේදි ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මහතා දුන් රාජ්‍ය තාන්ත්‍රික පණිවුඩය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සැලකර තිබේ.

ඒ අනුව කුමන ආකාරයකින්වත් තමා කෙරෙහි සැකයක් තබා නොගන්නා ලෙසත් හැමවිටම තමාව විශ්වාසකර වැඩකරනා ලෙසත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකා රජයට රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ දැනුම්දීමක් කර තිබේන බව අග්‍රාමාත්‍යවරයා එහිදි අනාවරණය කර තිබේ.

ජාත්‍යන්තර වශයෙන් ඉන්දිය රජය වැඩිම වැඩකොටස ශ්‍රී ලංකාව වෙනුවෙන් කර තිබියදීත් තමා කෙරෙහි අවිශ්වාසයක් තබාගැනීමට කිසිදු හේතුවක් නැතැයිද ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වැඩිදුරටත් ශ්‍රී ලංකා රජයට දැනුම් දුන් බවයි අගමැතිවරයා සදහන් කර ඇත්තේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ විදේශ අමාත්‍යාංශ නිලධාරින් සහභාගී වු භෝජන සංග්‍රහයේදි නරේන්ද්‍ර මෝදි මහතා ඉතාම සංවේදිව ඉහත කරනු සැලකර සිටි බවද අගමැතිවරයා ජනපතිට පවසා තිබේ.

භාරතීය ජනතා පක්ෂ පාලනය යටතේ පිටරටක් වෙනුවෙන් ඉන්දියාව වැඩිම වැඩකොටස කරනු ලැබූවේ ශ්‍රී ලංකාවට බව සඳහන් කළ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඉදිරියටත් විශාල වැඩකොටසක් කිරිමට ඇතැයි ද ගැටලූ ඇති අවස්ථාවලදී දිගටම කතා කරමු යැයි කී නරේන්ද්‍ර මෝදි මහතා ඉදිරියටත් ශ්‍රී ලංකාවට උදව් කරන බවද සඳහන් කර තිබේන බව අගමැතිවරයා සදහන් කර තිබේන බවයි අප දේශපාලන වාර්තාකරු සදහන් කළේ.

2018/10/18 දින හා 2018/10/19 වන දිනයන් වල දී සුජීව සේනසිංහ අමාත්‍යවරයා විසින් මාධයය හමු පවත්වා අධිවේගී විදුලි දුම්රිය ව්‍යාපෘතිය පිළිබඳව දක්වන ලද අධූරදර්ෂී සඳහා අප සමාගම හා පරිපාලන අධ්‍යක්ෂකවරුන් කරුණු දක්වමින් මෙම මාධ්‍ය නිවේදනය නිකුත් කිරීමට කැමැත්තෙමු.

ඔවුන් විසින් එක්ව හා තනි තනිව සිටිමින් ප‍්‍රකාශ කර සිටියේ අප සමාගම විසින් යූරෝ බිලියන 5 ක් හෝ නැතහොත් යුරෝ මිලියන 5000 ක ආයෝජනයක් ලංකාවට රැගෙන එන බවය.

අප එම ප‍්‍රකාශය මුලිමනින්ම ප‍්‍රතික්ෂේප කරමු. අප ව්‍යාපෘති යෝජනාවෙන් යෝජනා කොට ඇත්තේ යුරෝ මිලියන 488 ක් අදාළ ව්‍යාපෘති කාල සීමාව තුළ ලංකාවට රැගෙන එන බවය.

පවතින රජයේ වගකිව යුතුයැයි කියන අමාත්‍යවරුන් වන සුජීව සේනසිංහ, නලින් බණ්ඩාර, හරින් ප‍්‍රනාන්දු යන අමාත්‍යවරුන් විසින් හිතාමතා සත්‍ය වසන්කොට තමන් හා තමාගේ සගයාගේ හෙලූව වසා ගැීමට අප රටේ වෙසෙන අහිංසක ජනතාව තම බලය යොදවා රැවටීම, මුලාකිරීම හා නොමග යැවීම ඉතාමත් ඛේදජනක ක‍්‍රියාවකි. ඒ මන්දයත් අප ආයෝජන මුලද දස ගුණයකට අධික ප‍්‍රමාණයක් වැඩි කොට විශාල මාධ්‍ය සාකච්ඡුාවක් පවත්වා රටේ ජනතාවට ප‍්‍රකාශ කළේ අප පරිපාලන අධ්‍යක්ෂක මණ්ඩලය හා අප සමාගමට එවැනි විශාල ආයෝජනයක් රැගෙන ඒමට නොහැකි බව ප‍්‍රායෝගික මට්ටමෙන් සසඳහා එම තත්ත්වය පදනම් කොට ගෙන ලාංකීය ජනතාව තුළ අධිවේදී විදුලි දුම්රිය ව්‍යාපෘතිය ගොතාගත් අසත්‍ය හා ප‍්‍රායෝගික නොවන්නා වූ ව්‍යාපෘතියක් බව තහවුරු කරමින් සුජීව සේනසිංහ මහතාට එල්ල වී ඇති කොමිස් මුදල් ඉල්ලීමේ චෝදනාව නිශේද කිරීමටයි.

අප ආයතනය විසින් නගන චෝදනා අසත්‍ය නම් අප අනාගත ආයෝජනයෙන් ඉල්ලා ඇතැයි පැවසෙන 10% කොමිස් මුදලින් ශ‍්‍රී ලංකා රජයට අති නවීන රෝහලක් ඉදිකිරීමට අප ආයෝජකයින් එකඟ කර දෙන බවට එකඟ වෙමින් ඉහත අප ආයතනය පවසන ආයෝජන මුදලට (යුරෝ මිලියන 488) පමණක් අප ව්‍යාපෘතිය යෝජනා මගින් එකඟ වී ඇත්නම් ඉහත ඇමතිවරු 3 දෙනා ලාංකීය ජනතාවට ප‍්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ තම සගයාගේ හෝ තම නියෝජිතයා වන සුජීව සේනසිංහ මහතාගේ හෙලූව වසා ගැනීඹට හිතා මතා, චේතානාන්විතව, ආයාසයෙන් හා තම මුවෙන් පැවසීමේ වරදට ඉතා ඉක්මනින් තම අමාත්‍යධූර වලින් ඉල්ලා අස්වී සියලූ ලාංකීය ජනතාවගෙන් ප‍්‍රසිද්ධියේ සමාව ගත යුතු බවය.

මෙම වරදට සමාවෙන්න පමණක් කීම අප බලාපොරොත්තු නොවේ.අප හට සිතෙන්නේ සුජීව සේනසිංහ ඉල්ලා ඇතැයි කියවෙන 10% කොමිස් මුදල ඔහුට පමණක් ද? නැතහොත් ඔහුගේ හිතවත් අමාත්‍ය සගයන් කීපදෙනෙකුට ද? මේ පිළිබඳ අල්ලස් දුෂණ කොමිෂන් සභාව ඉතා විදීමත් පරීක්ෂණයක් කිරීම අපගේ හැඟීමයි.

ඉහත කරුණු මත අප අධිවේගී විදුලි දුම්රිය ව්‍යාපෘතිය පිළිබඳව ලාංකීය ජනතාවගේ විශ්වාසය රැඳී තිබීම නිසා මෙම අමාත්‍යවරුන්ගේ අසත්‍ය ප‍්‍රකාශ පිළිබඳ දැඩි අවධානයක් ලබා දිය යුතු වේ.

තවද මෙම අමාත්‍යවරු මෙලෙස සෙල්ලම් කරන්නේ ශ‍්‍රී ලංකාවේ අනාගත දු දරුවන් 22500 කගේ අධිතාක්ෂණික රැකියා අවස්ථා ස්ථීරත්වය හා අනාගත විශාල විදේශ විනිමය ආදායමක් මගින් ඩොලරයේ අගය 40% ක ප‍්‍රමාණයකින් පහළ වැටීම, මෙවැනි ඉතා වැදගත් වන්නා වූ රටේ ආර්ථිකයක් වශයෙන් වැදගත් වූ සංවේදිතාවක් ඇතිවන්නා වූ ව්‍යාපෘතියන් පිළිබඳව,

රාජ්‍ය අමාත්‍යවරයා චෝදනා කරන්නේ අප යුරෝපීය අධ්‍යක්ෂකවරයා ඔහුට දුරකථනය මගින් මරණීය තර්ජනය කළ බවය.

එය මුලූමනින්ම අප අධ්‍යක්ෂකවරයා විසින් ප‍්‍රතික්සේප කරන අතර ඔහු වැඩිදුරටත් මෙසේ ප‍්‍රකාශ කළේ ය. මා සුජීව සේනසිංහ සමඟ සිටගත් විට ඔහුගේ මුලූ උස ඇත්තේ මාගේ උරහිසට වඩා පහත් මට්ටමකිනි. මා ඔහු සමඟ කතා කරන විට මා විසින් කතා කළ යුත්තේ ඔහුගේ උස මට්ටමට පහත් වෙමිනි. මෙවැනි ශරීරයක් ඇති පුද්ගලයෙකුට මා වගේ කෙනෙක් මරණ තර්ජනය කලායැයි පැවසීම මා හට ලැජ්ජා සහගත කරුණකි.

තවදුරටත් පවසා සිටියේ මාධ්‍ය සාකච්ඡාවේදි මරණීය තර්ජනය කළේ යැයි පැවසූ අනිත් අමාත්‍යවරයාගේ නම පවා දැනගත්තේ එම ප‍්‍රවෘත්තියෙන් බවයි. රුපියල් ලක්ෂ 4 ක් ගෙවා ගැනීමට නොහැකිව යුරෝපයට පැන සිටින ඉතා දුප්පත් පුද්ගලයෙක්ගෙන් මරණීය තර්ජනයක් ලැබුණේ යැයි පැවසීම ඔවුන් දරණ අමාත්‍ය නිලයේ තත්ත්වය හෑල්ලූ කරන කරුණකි.

රාජ්‍ය අමාත්‍යවරයා පවසන ආකාරයට අපගේ යුරෝප අධ්‍යක්ෂකවරයා විසින් අවුරුදු 20-22 අතර කාලයකට පෙර ලබාගත් ලක්ෂ 4 පමණ වූ ණය මුදල මහජනතා මුදල් බව මාධ්‍ය හමුවේ දී කියා සිටියේ ය.

රාජ්‍ය අමාත්‍යවරයා මහ බැංකු මංකොල්ලයේ දී, එම මුදල් මහ ජනතාවගේ මුදල් බව නොදැන සිටීම ලැජ්ජාවට කරුණකි. මෙය තීරණය කිරීම ජනතාව සතුය.

අප අධ්‍යක්ෂකවරයා සහ අධ්‍යක්ෂකවරු බැංකු වලට ගෙවීමට ඇති සුළු මුදල් නොගෙවා ඇත්තේ මුදල් නොගෙවීමට ඇති හොරකම නිසා නොව ණය මුදල් හා බැඳුණු අනෙකුත් ගණුදෙනු හා ඉඩම් වල ඇති ගැටලූ වෙනුවෙන් අධිකරණයේ විභාගවෙමින් පවතින නඩු නිසා ය.

යුරෝපීය අධ්‍යක්ෂකවරයා විසින් තව දුරටත් මෙසේ පවසා සිටියි. මා විසින් රාජ්‍ය බැංකුවකින් ප‍්‍රථම ජංගම ගිණුම් ආරම්භකර ප‍්‍රථම තාවකාලික අයිරා මුදල ලබාගෙන ඇත්තේ මා සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන වයසේ දී ය. එනම් අවුරුදු 16 දී බවත් මා ප‍්‍රථමයෙන් ශ‍්‍රී ලංකා රජයට ආදායම් බදු ගෙවා ඇත්තේ මා ශ‍්‍රී ලංකා රජයේ නීත්‍යානුකූල පුරවැසි වයස් සීමාව ඉක්මවීමටත් පෙර බවත් එම කාලයේ දී තමාගේ වියදම් තමා විසින් සපයා ගත් බවත් එනම් මා එම වයසේ දී කිසිවෙකුගෙන් යැපුනේ නැත. මාගේ වයසට සාපේක්ෂව සුජීවගේ ළමා කාලයේ දී ඔහු ගුරු පවුලක දෙමාපියන්ගෙන් යැපෙන සාමාන්‍යය පාසල් සිසුවෙකි. මා අවසානයේ පවසන්නේ සුජීව වැනි බෝට්ටු පදවන අයෙක් මහා මුහුද ගැන ජාත්‍යන්තර නැවියන්ට කියා දීමට උත්සහ කිරීම වැනි නිශ්පල ක‍්‍රියාවල රාජ්‍ය අමාත්‍ය්‍ය ධුරයක් දරමින් නොයෙදෙන ලෙසට ය.

ළමා කාලයේ සිට වාත්තියෙන් ව්‍යාපාරිකයෙකු හා කර්මාන්ත කරුවෙකු වූ මා ලංකාවේ බැංකු වලින් ණය ලබා ගැනීම හෝ ණය ගෙවීම පිළිබඳව ඇති නඩුකටයුතු නිසා ප‍්‍රමාද වීම ගැන විශ්ලේෂණය කිරීමට තම වෘත්තීය තේරුම් නොගත් මහ ජනතාවගේ මුදල් වංචා කළ මහ ගණුදෙනුවලට මුලින්ම සම්බන්ධ වූ හා එහි බර දරන්නා වූ සුජීව සේනසිංහ වැනි පහුරක් නොමැති බංකොලොත් දේශපාලකයින්ට කිසිදු හැකියාවක් නොමැති අතර ඔවුන් හට ඡන්දය ලබාදුන් මහ ජනතාව ඉදිරියේ ලැජ්ජාවට පත්වන කරුණකි.

මෙම මාධ්‍ය හමුවට සහභාගි වී රාජ්‍ය අමාත්‍යවරයාගේ කොමිස් ඉල්ලීම සාධාරණීය කිරීමට තැත් කළ අනෙකුත් අමාත්‍යවරුන්ට කීමට ඇත්තේ දුෂිත අමාත්‍යවරුන්ගේ ශරීරයේ ගෑවී ඇති අස‍්‍රැත එළකිරි පැල්ලම් ඉවත් කිරීමට යාමේ දී ඔවුන්ගේ ශරීරවල ද එම කිරි ගෑවීමට පුළුවන් බවයි.

අප සතුව අක්කර 1500 ඉඩම් ප‍්‍රමාණයක් ඇති බව පැවසීම.

මෙමගින් අපගේ අදහස වූයේ මාගේ මවගේ පරම්පරාවට හිමි ඉඩම් හා මෙම ව්‍යාපෘතියට යොදාගැනීම වෙනුවෙන් අප විසින් පුද්ගලික හිමිකරුවන් සමඟ ගිවිසුම් ගත වී ඇති ඉඩම් ප‍්‍රමාණයි.

මෙම ඉඩම් සියල්ල වෙන වෙනම වෙනත් ස්ථානවල පිහිටා ඇත. අප ඉල්ලන්නේ එක තැනකින් තැනිතලා අක්කර 2000 කට අධික ඉඩම් ප‍්‍රමාණයකි. එය අප යොදාගන්නේ තත්ව පරීක්ෂණ ධාවන පතයක් නිර්මාණය කිරීමටය.

අප ආයතනයේ සමාගම් අධ්‍යක්ෂකයින් ලෙස සිටින්නේ අනුෂ්කා රේණා සහ මාතෙල්ගේ මාග‍්‍රරට් ජයස් යන අය පමණි. ඔවුන් මෙම සමාගමේ ආයෝජනය නොකරයි. මෙම සමාගමේ ආයෝජනය කරන්නේ විදේශීය ආයෝජකයන් පමණි. මෙම ව්‍යාපාර සැලසුම ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට ඉතා පැහැදිලිව ඉදිරිපත් කර ඇත. අන් සියළු එනම් ඇන්ටන් දේශප‍්‍රිය, නික්ලස් ශ‍්‍රීමාල් යන අධ්‍යක්ෂකවරු සමාගම හා ආයෝජකයින් විසින් ව්‍යාපෘතියේ කළමණාකාරී අධයක්ෂකවරුන් ලෙස පත් කළ නාමික අධ්‍යක්ෂකවරුය.

මෙම ඉහත සඳහන් අධයක්ෂකවරුන්ගේ පුද්ගලික මූල්‍ය තත්ත්වය හෝ පුද්ගලික සමාජ තත්ත්වය මෙම දැවැන්ත ව්‍යාපෘතියට කිසිසේත් බලනොපාන අතර රාජ්‍ය අමාත්‍යවරයාට මෙම ව්‍යාපාතියට විරුද්ධ වීමටය. වෙනත් හේතුවක් නොමැති නිසා අදාළ නොවන්නා වූ ඉතා සුළු කරුණු යොදා ගනිමින් ජාතික වැදගත්කමකින් යුත් ව්‍යාපෘතිය ගැන මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප‍්‍රකාශ කරමින් සිටයි.

මෙම ආයෝජන අයදුම්පත ආයෝජන මණ්ඩලයට යොමු කොට ඇති සමාගමේ 100% කොටස් අයිතිය ඇති අනුෂ්කා රේණු යන අධයක්ෂකවරිය ලංකාවේ හෝ ලෝකයේ කිසිදු මූල්‍ය අසාදු ලේඛනක නම සඳහන් වී නොමැත.

සුජීව සේනසිංහ රාජ්‍ය අමාත්‍යවරයාගේ පළමු මාධය සාකච්ඡුාවේ දී ඉතා තරයේ පවසා සිටියේ සිලෝන් හයිස් ස්පිඞ් රේල්වේ සමාගම ලංකාව තුළ නොමැති වාචික සංකල්පයක් බවයි.

මෙම සමාගම 2015 දී අංක PB52578 යටතේ සංස්ථාපිත සීමා සහිත නීත්‍යානුකූල සමාගමක් බවකි.

සුජීව සේනසිංහ රාජ්‍ය අමාත්‍යවරයාගේ ඉතාලි සංචාරයේ දී අපගේ යුරෝපීය අධ්‍යක්ෂකවරයා ආයෝජකයෝ ලෙස රැගෙන ආවේ ‘‘ඉතාලියේ පීසා පුච්චන අය’’ බවට ප‍්‍රකාශ කිරීමය.

එම ප‍්‍රකාශය අප තරයේ ප‍්‍රතික්ෂේප කරන අතර එම දර්ශන Youtub මාධ්‍ය ඔස්සේ නැරඹිය හැක.

සෝසේජස් සමාගම ආරම්භ කිරීමට නික්ලස් ශ‍්‍රීමාල්, ඇන්ටන් දේශප‍්‍රිය විසින් මහජන බැංකුවේ කිසිදු විටක ණයක් හෝ වෙනත් මූල්‍ය පහසුකමක් ලබා ගෙන නොමැත.

රාජ්‍ය අමාත්‍යවරයා අසත්‍ය පවසයි. මෙම සමාගම අයිති වෙන්නේ නිකලස් ශ‍්‍රීමාල් අයට මිස අන්ටන් දේශප්‍රිය යට නොවේ. මෙය මඩ ප‍්‍රහාරයක් ලෙස රාජ්‍ය අමාත්‍යවරයා මාධය ඉදිරිපිට පවසයි. මෙම මගින් චේතනාන්විතව අප ව්‍යාපෘතිය අපහාසයට ලක් කරයි.

රාජ්‍ය අමාත්‍යවරයා ඔහුගේ මුල්ම මාධ්‍ය සාකච්ඡාවේදි දී මාධ්‍යයට පවසා සිටියේ ඉතාලියේ දී මෙම අධිවේගී විදුලි දුම්රිය ව්‍යාපෘතියේ කිසිදු ආයෝජකයෙක් හමු නොවූ බවය. පසුව පවසා සිටියේ එම ආයෝජන මුදල් කළු සල්ලි බවය. දෙවන මාධ්‍ය හමුවේ දී පවසන්නේ සිලෝන් හයිස්පිඞ් රේල්වේ සමාගම ලියාපදිංචි නොකළ සමාගමක් බවය. තුන්වන මාධ්‍ය හමුවේ සිරිකොත පක්ෂ කාර්යාලයේ දී කියා සිටියේ එම සමාගමේ සිටින්නේ බැංකු මගින් ණය ලබාගෙන නොගෙවූ අධ්‍යක්ෂකවරියක් බවය.

මෙය හිතාමතාම අප සමාගමේ කොමිස් මුදල් ලබා ගැනීමට නොහැකි වීම නිසා ඔහුට ඇති වී ඇති මානසික මට්ටමයි.

Nuove F r ance Italian Spa යන PLC සමාගම අප සිලෝන් හයිස්පිඞ් රේල්වේ ලිමිටඞ් අධ්‍යක්ෂකවරිය විසින් යුරෝ ලක්ෂ 2 ක මුදලක් (එනම් රුපියල් මිලියන 40 ක් පමණ) ඉතාලියේ තැම්පත් කොට 2015 වර්ෂයේ දී අධිවේදී දුම්රිය ක‍්‍රියාත්මක කිරීමේ කාර්යය යටතේ ආරම්භ කර ඇත. මෙම සමාගම් දෙක අදාළ රටවල් වල නීත්‍යානුකූල සමාගම් වේ. රාජ්‍ය අමාත්‍යවරයා සෑම විටම පවසන්නේ අසත්‍ය ප‍්‍රකාශයන්ය.

රාජ්‍ය අමාත්‍යවරයා පවසන ආකාරයට අප අධ්‍යක්ෂකවරුන්ට මාධ්‍ය ඉදිරියේ ප‍්‍රසිද්ධ වීමට අවශ්‍ය නම් රුපියල් මිලියන 40 කට අධික ප‍්‍රමාණයක් තැන්පත් කර හා වියදම් කර ඉතාලියේ දුම්රිය ක‍්‍රියාත්මක කරවන PLC සමාගමක් ආරම්භ කළ යුතුවේද? මොහුගේ අසත්‍ය ප‍්‍රකාශ මගින් ලාංකීය ජනතාව සෑම විටම නොමග යැවේ.

රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ ඔහුගේ දේශපාලන ජීවිතයේ කළු පැල්ලම් නොමැති බවය.

ලාංකීය ජනතාව හැටියට පසුගිය වසර කිහිපය තුළ සුදු රෙදි ඇදගෙන රාජ්‍ය මුදල් වංචා කිරීමේ චෝදනාවට සම්බන්ධ යැයි රට තුළ සියලූ මාධ්‍ය පැවසූ ලේඛනයේ ප‍්‍රථමයෙන් නම සඳහන් වන්නේ මෙම රාජ්‍ය අමාත්‍යවරයාගේ නම සහ තනතුරයි. තවද තමා විසින් ලබා ගත් නීත්‍යානුකූල නොවන මුදල් නැවත ලබා දීම් හෝ එම මුදල් වලින් සමාජ සුබ සාධන කටයුතු කිරීමට මාධ්‍ය ඉදිරියේ සඳහන් කළේ සුජීව සේනසිංහ අමාත්‍යවරයා නොවේද?

රාජ්‍ය අමාතයවරයා පවසන්නේ තනි කවුළු කමිටුව වෙත 3 න් වතාවක් මෙම ව්‍යාපෘතිය යොමුකොට තුන් වතාවක් ප‍්‍රතික්ෂේප වී ඇති බවයි.

නමුත් ආයෝජන මණ්ඩලයේ වැඩබලන සභාපතිතුමා පවසන්නේ කමිටුවට තුන්වතාවක් ඉදිරිපත් කල අතර එහිදී අවශ්‍ය අනෙකුත් ලිපි ලේඛන ආයෝජකයින් විසින් ලබා දීමට ප‍්‍රමාද වීම නිසා මෙම ව්‍යාපෘතියට අනුමැතිය දීම ප‍්‍රමාද වී ඇති බවයි. ආයෝජකයා එම ලිපි ලේඛන ලබා දෙන්නේ නම් අනුමැතිය දීමට කටයුතු කිරීමට හැකි බවයි. මෙමගින් ද රාජ්‍ය අමාත්‍යවරයා ජනතාවට පවසන්නේ අසත්‍ය බව තහවුරු වේ.

රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ ඔහු විසින් ඉතාලියේ දී හඳුන්වාදුන් ඔහුගේ මිතුරු භාෂා පරිවර්තකයෙක් බවත් වෙනත් පරිවර්තකයෙක් පිටතින් ලබා ගන්නේ නම් ලක්ෂ 10 ක මුදල් ප‍්‍රමාණයක් ගෙවීමට සිදුවන බවත් ය.

අප විසින් ප‍්‍රශ්න කර සිිටින්නේ ඉතාලියේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ රෝමය හා මිලානෝවල සිටින භාෂා පරිවර්තකයින්ගේ කාර්යය කුමක්ද බවයි. මෙැවනි අසත්‍ය පවසමින් කොමිස් ගැනීමට හා ආයෝජකයින් සම්බන්ධ කර ගැනීමට දැරූ උත්සාහය යටපත් කළ හැකිද? මෙමගින් පෙනේ හට තිබෙන්නේ ඔහුගේ මිතුරෙකු හඳුන්වාදීමක් බව ඉතා මනාව පැහැදිලිය.

රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ ඔහු ඉතාලියේ ආයෝජකයින්ට දේශනයක් පැවැත්වීමට පැමිණි බවයි.

නමුත් ඔහු පැමිණි තිබුණේ අපගේ ආයෝජකයින් මුණගැසිමට බව ඔහුගේ පැමිණීම අප හට නීත්‍යානුකූලව දැන් වූ රෝමයේ අප තානාපති කාර්යාලයේ සේවය කරන දෙවැනි නිළධාරියාවන සෝමසේන මහදිවුල්වැව මහතා අප හට දන්වා ආරාධනා පත් එවා තිබුණි.

රාජ්‍ය අමාත්‍යවරයා එම හමුවේ දී පවසන්නේ අධයක්ෂක ජෙනරාල්වරයා සමඟ කතා කොට අප හට පසුව දන්වන ලෙසය. (youtube.com දර්ශන නරඹන්න) මෙම ආකාරයට අසත්‍ය පැවසීම ඉතා අවලස්සන ක‍්‍රියාවකි.

අප යුරෝපීය අධ්‍යක්ෂකවරයා පදිංචි වී සිටින්නේ ඉතාලියේ බව පැවසීම අසත්‍යකි. අපහට ඉතාලියේ සමාගම් 3 ක් පවතී. නමුත් ඔහු පදිංචි වී සිටින්නේ ඉතාලියට ආස්නන රටකය. ඔහු ඉතාලියට යනවා එනවා පමණි. මෙයද අසත්‍යකි.

රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ අපගේ ආයෝජකයින් ලංකාවට පැමිණෙන්නේ ඇයි දැයි ඇසූ විට ඔවුන් උත්තර නොදුන් බවයි.

නමුත් ශධඹඔඹඊෑ වීඩියෝව බලන්න. කණ්ඩායමේ ප‍්‍රධානියා පවසන්නේ අඩු වියදම් නිෂ්පාදනය නිසා ලංකාවට පැමිණෙන බවය. එවිට රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ “Ok I got it, Ok I got it” කියාය.

රාජ්‍ය අමාත්‍යවරයා පවසන ආකාරයට ආයෝජකයින් ඔහු හමු වී ඇත්තේ පළමු තාවට බවය.

නමුත් රාජ්‍ය අමාත්‍යවරයා විසින් මුලින්ම අධයක්ෂක ජෙනරාල්වරයා වන දුමින්ද ආරියසිංහ හා මහින්ද රාමනායක මහත්වරුන්ව ඉතාලියට එවා අපගේ ආයෝජකයන්ගේ සියළුම විස්තර ලබාගෙන තිබුණි. මෙම කරුණ තහවුරු කිරීමට පළමු වතාවට මාධ්‍ය ඉදිරියේ රාජ්‍ය අමාත්‍යවරයා පවසන දේ බලන්න. ආයෝජන මණ්ඩලය මගින් ඔහුව පෙර දැනුව්ත කර තිබීම.

රාජ්‍ය අමාත්‍යවරයා හා අපගේ ආයෝජකයන්ගේ හමුව වීඩියෝ කිරීම කර තිබුණේ අපගේ යුරෝපීය අධ්‍යක්ෂක විසින් තනි අතිනි. අනිත් අතින් සියළුම ලිපි ලේඛන දරාගෙන සිටින ලදි. ඔහු එම ක‍්‍රියාවට විරුද්ධ නම් විරුද්ධ විය යුත්තේ එම අවස්ථාවේ දී ය. මෙය ‘‘පය භරවායට පිටිකර බෙහෙත් බැන්දා සේ ය.’’

අපගේ ආයෝජන මුදල් තියෙන්නේ කොහේද යන්න එම හමුවේ දී රාජ්‍ය අමාත්‍යවරයා විමසූ විට අප යුරෝපීය අධ්‍යක්ෂකවරයා පවසන්නේ ‘‘පුද්ගලික කැපිටල් ෆන්ඞ් එකක්’’ ඇති බවයි.

මෙය වටහා ගැනීමට ජාත්‍යන්තර පුද්ගලික මූල්‍ය දැනුමක් ජාත්‍යන්තර වෙළඳ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයාට නොතිබීම අභාග්‍යයට කරුණකි. youtube.com වීඩියෝ බලන්න)

මෙම ආයෝජන මුදල් නැවත ලංකාවේ ආයෝජනයට ලබාදුන් රටට ගෙන එන්නේ කෙසේද? බව රාජ්‍ය අමාත්‍යවරයා විමසයි. ඒ සමඟ ඔහු ඡුඡුඡු හෝ ඊධඔ යන ක‍්‍රම ගැන කිහිපවිටකම විමසයි. එවිට අප යුරෝපා අධ්‍යක්ෂකවරයා පවසන්නේ ,භදල භදල භද, අපි නැවත ගෙන එන්නේ දුම්රියන් වශයෙන් බවයි.

එම ජාත්‍යන්තර පුද්ගලික ආයෝජන ක‍්‍රමවේදය නොදන්නා, කාන්තාවන් පුහුණු කිරීමේ පළපුරුද්ද සහිත ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යවරයා උස් හඩින් උත්තර දෙයි. පසුව අප අධ්‍යක්ෂකවරයා නැවතත් පැහැදිලි කිරීමට පටන් ගෙන පසුව එය මෙම රාජ්‍ය අමාත්‍යවරයාට පහදා දෙයි. මෙමගින් අපට වැටහෙන්නේ රජයට ණය ගන්නා ක‍්‍රම පමණක් හා ඒවායේ කෙටි නාමයන් පමණක් පිළිබඳව සුළු දැනුමක් රාජ්‍ය අමාත්‍යවරයාට ඇති බවයි. youtube.com වීඩියෝ බලන්න පළමු කොසට ඉතාලි හමුව)

රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ මාගේ ආයෝජකයින්ට ඉංග‍්‍රීසි භාෂාව කතා කිරීමට නොහැකි බවයි.

නමුත් ඔවුන් සෑම විටම අමාත්‍යවරයා සමඟ කතා කරන්නේ ඉතා උසස් ඉංග‍්‍රීසි භාෂාවෙනි. කිසිවිටකත් අමාත්‍යවරයා පවසන භාෂා පරිවර්තකයා මැදහත් නොවේ. හමුව අවසානයේ දී රාජ්‍ය අමාත්‍යවරයාගේ භාෂ පරිවර්තකයා කියාගත් පුද්ගලයාව හඳුන්වා දෙයි. එසේ හඳුන්වා දෙන්නේ රාජ්‍ය අමාත්‍යවරයාට කෙලින්ම සම්බන්ධ ඉතාලි ජාතික බිරිඳක් විවාහ කරගෙන සිටින ඔහුට කිට්ටු මිතුරෙකුය. youtube.com වීඩියෝ බලන්න.

අපගේ හා පිට අයගේ ස්ථිර අදහස වනුයේ මෙම කොමිස් චෝදනාවට පසුව රාජ්‍ය අමාත්‍යවරයා විසින් නීතිමය උපදෙස් ලබාගෙන මෙය පවසා ඇති බවයි.

තවත් රාජ්‍ය අමාත්‍යවරයා විසින් පවසා ඇති ඉතා වැදගත් කරුණක් නම් ඔහු සමඟ කටයුතු කරන්න. අප ආයොජකයින්ගේ අතීත කර්මාන්ත ඉතිහාසය අද්දැකීම් ලබා නොදුන් බව රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

එම සියළු තොරතුරු ආයෝජන මණ්ඩලයට සපයා ඇත. ඒ බව ඔවුන් විසින් නිල මුද්‍රාව තබා අත්සන් කොට අප හට පිටපත් ලබා දී ඇත.

අප පවුල පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා හා අනිකුත් අමාත්‍යවරුන් දක්වන අදහසට අප පිළිතුරු දැක්වීමට කැමැත්තෙමු.

නික්ලස් ශ‍්‍රීමාල් හා ඇන්ටන් දේශප‍්‍රිය යන අයගේ පියා නුවර මුතුකුඩ වලව්වේ තුන්වෙනි පරම්පරාවේ වැඩිමහල් දරුවා වන අතර ඔහු රාජ්‍ය පරිපාලනයේ අධ්‍යක්ෂකවරයෙක් ලෙස සේවය කළ ආචාර්ය උපාධියක් සහ අනිකුත් උසස් අධ්‍යාපන සුදුසුකම් වලින් යුත් රාජ්‍ය සේවකයෙකි. ඔහු චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සමඟ ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිසම නිර්මාණය කොට එහි අධයක්ෂක ලෙස සේවය කර ඇති ගොඞ්ප‍්‍රි මුතුකුඩ යන නමින් ප‍්‍රසිද්ධ වූ ඉතා කීර්තිමත් රාජ්‍ය සේවකයෙකි. ඔහු හෘදයාබාධයකට ලක්ව මිය ගියේ පාකිස්ථානයේ පැවති සාර්ක් සම්මන්ත‍්‍රණයට ලංකාව නියෝජනය කරමින් සිටිය දී එම සම්මන්ත‍්‍රණය පවත්වන අවස්ථාවේ දී ය. (1994-06-16)

ඔවුන්ගේ මව අනුරැස් භාණ්ඩාර වලව්වේ හතරවන පරම්පරාවේය. ඇයට දායාද වූ ඉතා විශාල ඉඩම් ප‍්‍රමාණයක් ඔවුන් වෙසෙන ප‍්‍රදේශයේ ඇති බව දැනගත හැක. ඇය උපාධිධාරී ගුරුවරයෙකි. ඇය ඉඩම් හිමි වැවිලිකාරිණියක් හා ගොවිපල් ව්‍යාපාරයක අයිතිකාරණයකි.

රාජ්‍ය අමාත්‍යවරයාගේ පියා හේවාදිවල ප‍්‍රදේශයේ ජීවත්වන ගුරුවරයෙකි. ඔහුගේ මව කුඩාගම ප‍්‍රදේශයේ ජීවත්වන චන්ද්‍ර මිස් නමැති ගුරුවරියයි. මොහුගේ පියා සහ මව උරුමයෙන්ම පදුකුලයෙන් පිහිටීම නිසා එම ගති ලක්ෂණවලින් පරි පවුලක් විය. එයට හොඳම උදාහරණයක් ලෙස ඔහුගේ පියා පාසලේ ඉගැන්වීම් කටයුතු කරන අවස්ථාවල හමුවන උසස් කුලයේ දරුවන් හට ඉතා සැර වචනයෙන් කතා කොට දඬුවම් කරනු ලබන්නේ කුල භේදයේ ඇති ඊර්ෂ්‍යාව පෙන්නුම් කරමිනි. ඔහු ජීවත්වූයේ ද ඉහළ කුලයේ පුද්ගලයින්ට ඉතා ඉර්ෂ්‍යාව දක්වමින්ය. පසුව අමාරුවෙන් නීතීඥ විභාගය සමත් වී නීතීඥවරයෙකු වුව ද ගමේ සිටි අය පදු කුලය හේතුවෙන් ගරු බුහුමන් නොදැක්වූ නිසා ඔවුන්ව නොදන්නා කුලයෙන් උසස් තැනැත්තන් ජීවත්වන නුවර ප‍්‍රදේශයට සංක‍්‍රමණය විය. නීතීඥයෙකු නිසා තවදුරටත් වානිජකරණය වෙමින් නැවත කොළඹ ප‍්‍රදේශයට සංක‍්‍රමණය විය. පසුව ඔවුන් කොළඹ ප‍්‍රදේශයේ ජනතාවට පැවසූවේ ඔවුන් නුවර සිට පැමිණි බවය. කෙටියෙන් පැවසුවහොත් සුජීව සේනසිංහ පදුකුලයේ පවුලක දෙවැනි පරම්පරාවේ දරුවෙකි. මෙය ඔහු විසින්ම මනාව තහවුරු කරන්නේ ඔහු විසින් මාධයවේදීන්ට කතා කරන අවස්ථාවේ දී හා ඔහු හට තරහා ගිය විටය. ඔහුගේ පදුකුලයේ ගති ලක්ෂණ ඔහු පැවැත් වූ සියළුම මාධ්‍ය සාකච්ඡුාවන් වල දැකගත හැක.

සිරිකොතේ සන්නස් නාමය යටතේ පැවති මාධ්‍ය සාකච්ඡාව අප හට පැවසිය හැක්කේ බුදුසරණයි කියා ගසාගත් ලොරියක් මතට ගවයින් ප‍්‍රවාහනය කිරීම වැනි ක‍්‍රියාවකි.

ඉහත කරුණු සියල්ලෙන් ම අප හට ප‍්‍රකාශ කිරීමට ඇත්තේ රාජ්‍ය අමාත්‍යවරයාගේ කොමිස් ඉලක්කය සපුරා ගැනීමට නොහැකි වීම නිසා ඔහු විසින් මෙම ව්‍යාපෘතිය හොර ව්‍යාපෘතියක් ලෙස මාධ්‍ය හරහා සමාජ ගත කිරීමටයි. අප අධ්‍යක්ෂකවරුනේගේ සුළු ගැටලූ විශාල කර, සමාජ ගත කර ජනතාව තුළ මෙම ව්‍යාපෘතිය පිළිබඳව අප‍්‍රසාදයක් ඇති කිරීමටය.

අප ආයතනය උගත් මාධ්‍යවේදීන්ට දන්වා සිටින්නේ හුදෙක් ඉහත පිළිතුරු රාජ්‍ය ඇමතිවරයා නගා තිබූ ප‍්‍රශ්නවලට පිළිතුරු සැපයුවා මිස අපගේ ප‍්‍රමුඛ ඉලක්කය වනුයේ අප යුරෝපීය සහකරුවන් සමග මෙම ව්‍යාපෘතිය මගින් ලංකාව තුළ 90% ක ප‍්‍රමාණයකින් රට තුළම අධිවේගී දුම්රිය කට්ටල නිෂ්පාදනය කොට අපනයනය කිරීමටය. මෙමගින් ලැබෙන ප‍්‍රතිලාභ රටට ලබාදීමටය. මෙම ක‍්‍රියාව කිරීම පිළිබඳ අප අධ්‍යක්ෂක මණ්ඩලය ඔබ තුමන්ලාට සහතික වෙමු.

සභාපතිණිය
අනුශ්කා රේණු

Ceylon High Speed Railways Limited

Published on: Oct 19, 2018- Diplomatic sources says that Indian intelligence RAW played a decisive role to elect Maithripala Sirisena as the opposition’s common candidate during the 2015 presidential election.

India based on the intelligence report given by RAW, proposed the common candidate proposal to the then opposition leader Ranil WIckramasinghe.

Diplomatic sources reports it was the RAW’s intelligence information which led Ranil Wickramasinghe to change his decision to contest as the presidential candidate.

Under this context, the diplomatic sources are highly concerned of the president’s statement that RAW is trying to kill him. The diplomatic sources further said although the cabinet issued a new statement denying president’s allegation, it is hard to remove the blot.

Meanwhile the Indian security chiefs of India have made a special request from the GOSL to produce all information regarding the assassination plot to kill president Sirisena by RAW as alleged by the president.

The Indian security chiefs have officially informed this request to the Prime Minister’s office and to the foreign ministry through the Indian high commission on the 17th.

සිංහලෙන් කියවිම පහලින් දක්වා ඇත.

http://198.211.112.164/archives/19608

Published on: Oct 18, 2018- වර්ෂ 2015 විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරිපත් කිරිමට ප්‍රධාන භූමිකාව රගපෑවේ ඉන්දිය රහස් ඔත්තු සේවය වන රෝ ඔත්තු සේවය බව මෙරට තානාපති අංශ ප්‍රකාශ කරයි.

ඉන්දිය රහස් ඔත්තු සේවය වන රෝ ඔත්තු සේවය එවකට කළ සමීක්ෂණයේදි හෙළි වූ තොරතුරු පදනම් කරගනිමින් පොදු අපේකෂක යෝජනාව ඉන්දියාව සෘජුවම එවක විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කරනු ලැබීය.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්විමට ගෙන තිබු තීරණය වෙනස් කිරිමට හේතු වූයේද ඉන්දිය රෝ ඔත්තු සේවය කළ දැනුම් දීමට අනුව බවද තානාපති අංශ වාර්තා කරයි.

මෙවැනි තත්ත්වයක් යටතේ ඉන්දිය රහස් ඔත්තු සේවය තමා මරන්නට සිටින බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් තානාපති අංශ විමතිය පළ කර සිටියි.

කෙසේ නමුත් ඇතිවූ අර්බුදකාරි තත්ත්වය හමුවේ ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයේදි  කළ එම ප්‍රකාශය වහාම නිවැරදි කරමින් නිවේදන නිකුත් කළද රාජ්‍යතාන්ත්‍රිකව ඇතිවු කළු පැල්ලම මැකිය නොහැකි වි ඇතැයිද තානාපති අංශ සඳහන් කරයි.

මේ අතර ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඝතනය කිරිමේ කුමන්ත්‍රණයක් ඉන්දිය රහස් ඔක්තු සේවය හරහා ක්‍රියාත්මක වන බවට කෙරුණු ප්‍රකාශ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විමසිම සඳහා අවස්ථාව දෙන ලෙස ඉන්දිය රජයේ ආරක්ෂක ප්‍රධානිහු ශ්‍රී ලංකාවෙන් විශේෂ ඉල්ලිමක් කර සිටියි.

ඉන්දිය රජයේ ආරක්ෂක ප්‍රධානිහු ඉහත ඉල්ලිම ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය හරහා අග්‍රාමාත්‍ය කාර්යාලයටත් විදේශ කටයුතු අමාත්‍යාංශයටත් ඊයේ (17) රාත්‍රිය වන විට නිල වශයෙන් දැනුම් දි තිබින.

Published on: Oct 17, 2018- ශ්‍රි ලංකා හා ඉන්දිය සම්බන්ධතා උඩු යටිකුරු කරමින් ඉන්දියා RAW සංවිධානය තමා ඝාතනය කිරීමට උත්සහ කළ බවට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් ඊයේ(16) අගහරුවාද සිදු කොට තිබේ.සිරිසේන ජනාධිපතිවරයාගෙ අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් අද Sri Lankan President Sirisena alleges that RAW is plotting his assassination යනුවෙන් ද හින්දු the hindu පුවත් පත පවා වාර්තාකර තිබේ.

කැබිනට් හමුවේදි ජනාධිපතිවරය විසින් අමාත්‍යවරුන්ට පවසා ඇත්තේ ඉන්දියානු ඔත්තු සේවය තමාව ඝාතනය කිරීමට උත්සහ කරන බවත් නමුත් ඉන්දිය අගමැතිවරයා මේ ඝාතන සැළැස්ම පිළිබඳව කිසිවක් නොදන්නා බව තමා අපේක්ෂා කරන බවත් ය.

ඊයේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ජනාධිපති හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතන කුමන්ත්‍රණය ගැනද අදහස් පළවී ඇත. ඉන්දියාවේ කේරළයෙන් පැමිණි බව කියන පුද්ගලයා මානසික රෝගියකු නොවන බවත් ඔහු ඉන්දියාවේ ‘රෝ’ ඔත්තුකරුවකු බවට තොරතුරු ලැබී ඇති බවත් එහිදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කර තිබේ.

තවද The hindu පුවත් පත සිය වාර්තාවේ සදහන් කර ඇත්තේ ජනාධිපති මාධ්ය ඒකකය විසින් අඟහරුවාදා නිකුත් කළ ඝාතන කුමන්ත්‍රණ සම්බන්ධයෙන් සිරිසේනගේ උපදේශකයින් විසින් නියමිත පුවත්පත් සාකච්ඡාවක් පැවැත්වීට කටයුතු යොදා තිබුනද එම මාධ්‍ය හමුව හදිසියේම එය නතරකර දැමු බවයි.

මේ අතර ජනාධිපති උපදේශක ශිරාල් ලක්තිලක මහතා හින්දු පුවත්පතට පවසා ඇත්තේ “අපි තවත් තොරතුරු බලා සිටින හෙයින් අපි එය අවලංගු කළා.” යනුවෙනී.

මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගේ සුරතේලුකු වන නාමල් කුමාරලාගේ සුරංගනා කතා හරහා ඝාතන කුමන්ත්‍රණ කරුවන් රෝ ඒජන්තවරයෙක් බව සනාථ කිරීමට දෙරණ ඇතුළු මාධ්‍ය කටයුතු කරමින් සිටින අතර ජනාධිපතිවරයාද මේ වනවිට එම ලණුව කා අවසන් වි තිබේ. ඒ අනුව ඉන්දීයාව සමග වත්මන ජනාධිපතිවරයා පවත්වාගේන ආ සුහද සමිපත්වය මෙම ප්‍රකාශයන් හරහා අවසන් විමට ඉඩ ඇති බවත් අනිවාර්යයෙන්ම මෝදී පාලනය සමග මෛත්‍රී ජනපතිගේ සබඳතාවයට එය බලපෑමක් වනබවද නොරහසකි.

මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගේ සුරංගනා කතා පිළිබඳව විශ්ලේෂණය……

දූෂණ විරෝධී බලකායේ නාමල් කුමාර විසින් කරන ලද හෙළිදරව්ව සම්බන්ධ නවතම තත්ත්වය කුමන්ත්‍රණයට සම්බන්ධ බවට සැලකෙන ඉන්දීය ජාතිකයා පිළිබඳ සිද්ධිය

• මර්සිල් තෝමස් වන මොහු සැප්තැම්බර් 21 වනදා අත්අඩංගුවට පත්විය

• ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ආරක්ෂක අමාත්‍යංශය මගින් ලබාගත් මාස තුනක රැඳවුම් නියෝග මත රඳවා ප්‍රශ්න කරයි

• මර්සිල් මානසික වෛද්‍ය සායනයකට යොමු කරන ලෙස අධිකරණ වෛද්‍ය නිළධාරීවරයා නිර්දේශ කර ඇත

• මෙරට ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය පවසන්නේද මොහුට 2000 වසරේ සිට මානසික රෝගයක් ඇති බවයි

• වීසා නොමැතිව ඔහු මෙරට රැඳී සිට ඇත

• ඉන්දියාවේ රාජ්‍ය නොවන සංවිධානයක් වන ආර් එස් එස් සංවිධානයට බියෙන් මෙරටට පැමිණ ඇත

• සරණාගත වීසා ඉල්ලුම් කර ඇති අතර එය ප්‍රතික්ෂේප වීමෙන් පසුව වීසා නොමැතිව මෙරට රැඳී ඇති බව රහස් පොලිසිය අධිකරණයට දන්වා ඇත

• මර්සිල්, නාමල් කුමාරගේ නිවසට ගොස් ඇති බවත් එහි ගියේ නාමල් කුමාරට තර්ජනයක් ඇති බවට පුවත්පතකින් දු‍ටු ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් බව මර්සිල් පොලීසියට පවසා ඇත

• මෙරට රැඳී සිටිමින් පල්ලිවලින් ලද ආධාර මත ජීවත් වී ඇති අතර ඉංග්‍රීසි හා ගිණුම්කරණය පුද්ගලික පංති පවත්වා ඇත

පොලිස් මාධ්‍යප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කරන පැහැදිලි කිරීම

කිසිදු ඝාතන කුමන්ත්‍රණයක් ගැන ඉන්දීය ජාතිකයා කරුණු අනාවරණය කර නැති බව දක්වයි

“ඉතා වගකීමෙන් කියනවා නොයෙකුත් වාර්තාවල පළවන අන්දමට ඝාතන කුමන්ත්‍රණයක් ගැන මේ ඉන්දියන් ජාතිකයා කිසිම කරුණක් අනාවරණය කරලා නැහැ, උසාවියට ඝාතන කුමන්ත්‍රණයක් ගැන කරුණු ඉදිරිපත් කරලා නැහැ, කිසි ම අවස්ථාවක”

“ඔහු ප්‍රකාශ කරලා තිබෙන්නේ, නාමල් කුමාර විසින් පවත්වපු මාධ්‍ය සාකච්ඡා අනුව මාධ්‍යවල වරින් වර පළවූ වාර්තාවලට අනුව මේ ඉන්දියානු ජාතිකයාට දැනුණා නොයෙකුත් පුද්ගලයන් කිහිප දෙනෙකුට තර්ජනයක් තිබෙන බව. ඒ නිසයි අවස්ථා කිහිපයකදී නාමල් කුමාරගේ නිවසට ගියේ ඒ පිළිබඳව විමසන්න කියන එකයි ඔහු කියන්නේ,”

නාමල් කුමාර වරින්වර එකිනෙකට පරස්පර කරුණු පවසන බවට ඇති සාක්ෂි

• නාමල් කුමාර සැප්තැම්බර් 13 වැනිදා පැවති පළමු මාධ්‍ය හමුවේදී පවසන්නේ ඝාතන කුමන්ත්‍රණය ගැන සාක්ෂි තමන් සතුව තිබෙන බවයි

• මෙදින ඔහු මාධ්‍යට ලබාදෙන හඬ පටයේ කියවෙන්නේ නියෝජ්‍ය පොලිස්පතිවරුන් අතර ඇතිවන බල අරගලයයි

• සැප්තැම්බර් 24 වැනිදා නැවතත් නාමල් කුමාර පවසන්නේ තමන් සතුව තවත් හඬ පට කොටස් කිහිපයක් ඇති බවත් ඒවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන බවයි

• සැප්තැම්බර් 27 වැනිදා වනවිට නාමල් කුමාර පවසන්නේ එවැනි හඬපටයක් සාක්ෂි ලෙස තිබුණු හඬ පටය මකා දැමු බවත්ය

ඒකාබද්ධ විපක්ෂය හා වෙනත් පාර්ශ්ව නගන චෝදනාවන්හි සාරාංශය

• අගමැතිතුමා පොලිස්පතිවරයා රැකගැනීමට උත්සහ දරන බව

• මීට අදාළ පරීක්ෂණ යටගැසීමට උත්සහයක් ඇති බව

• නාමල් කුමාරගේ මැදිහත්වීමෙන් වරකාපොල, කරඳ නම් ගමේ පන්සල උත්සවයකට මහින්ද රාජපක්ෂට හා ගෝඨාභය රාජපක්ෂට ආරාධනා ලැබුණු බව, ඔවුන් නොඑන්නේ නම් අගමැතිතුමා අදාළ උත්සවයට කැඳවීමේ උත්සහයක් තිබූ බව

• ත්‍රස්ත විමර්ශන ඒකකයේ ස්නයිපර් තුවක්කුවක් නැතිවී ඇති බව හා ඒ පිටුපස කුමන්ත්‍රණයක් ඇති බව

• මෙරට නිල නොවන අලුගෝසුවන් වී සිටින්නේ පොලීසියද ?

• ඉන්දියානු ජාතිකයා රෝ ඔත්තුකරුවෙක්ද ?

• නාලක සිල්වාගේ ස්ථාන මාරුවත් කුමන්ත්‍රණයක්. ඔහුට ඔහුගේම සාක්ෂි විනාශ කරදැමීමට හැකියාව පවතී

• නාලක සිල්වා අත්අඩංගුවට ගතහොත් ඔහු සිය රහස් හෙළිකරන බවට පවසා තිබෙනවා

• පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එකිනෙකට පරස්පර ප්‍රකාශ සිදුකරනවා – (ස්නයිපර් අවියක් අතුරුදන්වි නැති බව කීම)

නාමල් කුමාර කරන ප්‍රකාශය අසත්‍යයක් බවට හෙළිවන සාධක

• සැප්තැම්බර් 13 වැනිදා දූෂණ විරෝධි බලකාය නම් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවේදී නාමල් කුමාර නැමැත්තා පවසන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ ප්‍රධානී නාලක සිල්වා නියෝජ්‍ය සිල්වා තමන්ට යෝජනා කරන බවයි. එහෙත් ඔහු පවසන ඝාතන තැතක් ගැන එම හඬ පටයේ කියවෙන්නේ නැති අතර එහි ඇත්තේ නියෝජ්‍ය පොලිස්පතිවරුන් අතර බල අරගලය සම්බන්ධව කතා බහක් පමණි.

• එහිදී තමන් සතුව ජනපති ඝාතන තැත සම්බන්ධයෙන් හඬ පටයක් ඇතිබව පැවසුවද නාමල් කුමාර එය ඉදිරිපත් කරන්නේ නැත. ඔහු පවසන්නේ එය රාජ්‍ය ආරක්ෂාවට බලපාන නිසා තමන් එය ඉදරිපත් නොකරන බවයි. එහෙත් ජනපති තැතක් ඇත්නම් එය හෙලිකිරීම රාජ්‍ය ආරක්ෂාව බිඳ වැටීමට නොව ජනපතිවරයා ආරක්ෂා කිරීමට ඉවහල් විය හැක. එහෙත් ඔහු එහිදී නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසන දේ නිශ්චිතව හඬ පටය තුලින් පෙන්වන්නේ නැත.

• එමෙන්ම ඔහු පවසන “පුෂ්පරාජ්” පළාත්සභා නියෝජිතයෙක් බව පැවසුවද ඔහුගේ සම්පුර්ණ නම විස්තර නාමල් කුමාර විසින් පවසන්නේ නැත. එම නමට ලඟින් හෝ යන නමක් ඇත්තේ සෝම සුන්දරම් පුෂ්පරාසා යන පුද්ගලයෙකි.ඔහු එජනිස තුලින් පළාත්සභාවට තරඟ කළ කෙනෙකි.

වීඩියෝව 

• සැප්තැම්බර් විසි හතරවෙනිදා නැවතත් නාමල් කුමාර පවසන්නේ තමන් තවත් හඬ පට කොටස් කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන බවයි.

වීඩියෝව 

• එහෙත් නාමල් කුමාර සැප්තැම්බර් 27 වන දා වන විට ඔහු පවසන්නේ හඬපටයක් නොමැති බවයි. ඔහු පවසන්නේ තමන් සාක්ෂි ලෙස තිබුණු හඬ පටය මකා දැමු බවයි.
වීඩියෝව 

• එහෙත් මුලින්ම සිය ප්‍රවෘත්ති සාකච්චාවේදී නාමල් කුමාර පවසන්නේ තමන් සතුව අදාළ ඝාතන තැත හෙළිකරන හඬ පට ඇති බවත් රාජ්‍ය ආරක්ෂාව හේතුවෙන් මේවා තමන් ඉදිරිපත් නොකරන බවත්ය .

• ඔහු දෙවෙනි වර පවසන අන්දමට ඔහු සතුව තිබු හඬපට මකා දමන්නේ ඒවායේ ගබඩා කිරීම් වෙනත් තැනක තබා නොගනිමිනි.

• කුමන්ත්‍රණයක තොරතුරු හෙළි කරන ප්‍රධාන සාක්ෂිය ඔහු විසින් විනාශ කරනු ලබන්නේ පොලිස් ඔත්තුකරුවෙකු වන ඔහුගේ දැනුමට හෝ අත්දැකීමට පටහැනි අන්දමකිනි.

• හදිසියේම නාමල් කුමාරගේ නිවසට පැමිණෙන ඉන්දියානු ජාතිකයකු පවසන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන් ඝාතනයට සුක්ෂම කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වුනු බවයි. ඒ හඬ පට නොමැති අවස්ථාවකයි.

• ඔහු රෝ ඒජන්තවරයෙක් බව සනාථ කිරීමට දෙරණ ඇතුළු මහින්ද හිතවාදී මාධ්‍ය කටයුතු කරයි.

• මෙම පුද්ගලයා එලියට පැමිණෙන්නේ මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවට ගොස් ඉන්දියානු රජයේ ප්‍රධාන ක්‍රමෝපායවේදියා වන සුරමනියම් ස්වාමි හමුවන අවස්ථාවකදීය. එහිදී මහින්ද රාජපක්ෂ මහතා නැවත ජනාධිපති වනු ඇතිබව පවසන සුරමනියම් ස්වාමි එය පවසන්නේ ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව කටයුතු කරන්නේ කෙසේද යන්න නොසලකය. එමෙන්ම ඔහුගේ කතාව හේතු විරහිතව කරන ලද්දක් නොව ඉතාමත් හිතාමතා පවසන ලද්දකි.

• මීට පෙර සතියේදී ස්නයිපර් අවියක් ත්‍රස්ත විමර්ශන ඒකකයෙන් අතුරුදහන් වීමක් පිළිබඳව කතාබහක් ඇතිවන අතර එම අවිය මදුෂ් වැනි පාතාල නායකයකු සම්බන්දව ඇමුණුමක් කළ නොහැක්කේ එවන් අවියක් භාවිතා කිරීමට සාමාන්‍ය පුද්ගලයකුට තබා විශේෂ පුහුණුවක් නැතිව හමුදාවක කෙනෙක්ටත් නොහැකි නිසාය.

• එවන් තත්වයක් යටතේ මෙමෙ ඉන්දියානු ජාතිකයා කරලියට පැමිණෙයි.

• මෙමෙ සිද්ධිය සිදුවීමට කිහිප දිනකට පෙර මීළඟ අගමැතිවරයා පිළිබඳව ජනාධිපතිවරයා යම් ප්‍රකාශයක් කරන අතර ඒ තුල අන්තර්ගත ලක්ෂණ ව්‍යංගයෙන් හඟවන්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ලක්ෂණ ලෙස ගලපමිනි. ඒ සඳහා මහින්ද හිතවාදී හිරු නාලිකාව සහ දෙරණ දැඩි උත්සහයක් දරයි.

• මීට ටික කලකට පෙර හිටපු ජනාධිපතිවරයා හැරෙන්නට වෙනත් රාජපක්ෂ පවුලේ කෙනෙක් එජනිසයෙන් චන්දය සඳහා ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයාගේ අදහසක් ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පැවසුවා.

වීඩියෝව 

“ගෝඨාභය අගමැති කිරීමේ ජනපති මෛත්‍රීගේ සැලසුමක්”

• නාමල් කුමාර පැවසු තොරතුරු වලට අමතරව මේ වන විට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුජේ පවුලේ අය ඝාතනය කිරීමට තැතක් ඇතිබව එකාබද්ධ විපක්ෂය ප්‍රකාශ කරමින් සිටි. එමෙන්ම මහින්ද රාජපක්ෂ මහතාද තමන් ඝාතනය කිරීමේ සැලසුමක් පිළිබඳව පවසමින් සිටි. එහිදී ජනාධිපතිවරයා වෙනුවට හිටපු ජනාධිපතිවරයා ඇඳාගනිමින් සිටි.

• මේ මොහොතේදී දිවයින වැඩි වැඩියෙන් මහින්ද ඝාතන තැතක් පිලිබඳ සන් කරමින් සිටියි.

RAW ඔත්තුකරු යැයි කියන “මර්සිල් ” නැමති මානසීක රෝගියා විමල් විරවංශගේ බිරිද වන සශී විරවංශ සමග ඇති සබඳතාවය පිළිබදව වාර්තාවක් බලාපොරොත්තු වන්න 

Sri Lankan President Sirisena alleges that RAW is plotting his assassination

Top