Published on: Oct 16, 2018 – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර සාකච්ඡාව ඉතාම උණුසුම්කාරි මුහුණුවරක් ගත් අතර එහිදි දෙදෙනම එකිනෙකාට දැඩි ලෙස දෝෂාරෝපණය කරගෙන තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

දෙදෙනා අතර හුවමාරු වු වාග් ප්‍රහාරයන් අතරතුර රනිල් වික්‍රමසිංහ මහතා ජනපතිට පවසා ඇත්තේ තවදුරටත් එක්සත් ජාතික පක්ෂ සහ තමන් සම්බන්ධයෙන් අනීසි චොදනා නොකර ඉදිරි කාලය ගෙවිම්ට ජාතික ආණ්ඩුවට හැකියාව් ඇත්නම් 2020 ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා ලෙස යලිත් මෛත්‍රීපාල සිරිසේන් ඉදිරිපත් කිරිමට තමන්ට පක්ෂයට යෝජනා කල හැකි බවයි.

එම ප්‍රකාශයට ජනාධිපතිවරයා එක එල්ලේ පිළිතුරක් ලබා නොදුන්නද ශ්‍රිලනිපයේ සහ එජාපයෙ ඇතැමුන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් තමන් නිරනතර අවුලට පත්වන බව පමණක් ජනපති මෛත්‍රී සදහන් කර ඇත.

ඊට අමතරව වත්මන් පොලිස්පති පුජිත් ජයසුන්දර සම්බන්ධයෙන් දෙදෙනා අතර දිර්ඝ ලෙස සාකච්ඡා කර තිබේන අතර තමන් ඝාතනය කිරිමට කුමන්ත්‍රණයක් දියත් වෙමින් තිබුන නමුත් පොලිස්පතිවරයා ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වු අකාරය පිළිබඳව තමන් සැහිමක් පත්නොවන බවත් ජනපති පෙන්වා දි තිබේන අතර ඒ අනුව දෙදෙනාගෙම එකඟතාව මත පොලිස්පතිවරයා ඉවත් කිරිමට එකඟ වි තිබේ.

කෙසේවෙතත් ව්‍යාවස්ථාදයක සභාවේ සමාජිකත්වයන් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිය අප්‍රසාදය පලකර තිබේන අතර කැබිනට් මණ්ඩල සංශෝධනයක් පිළිබඳව එහිදි දිර්ඝ ලෙස සාකච්ඡා කර තිබේන අතර කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදුකරන්නේ නම් එහිදි ජනාධිපතිවරයාට කැමති පරිදි වෙනස් කිරිමට අගමැතිවරයා සිය කැමත්ත පලකර තිබේ.මිට අමතරව අමාත්‍යාංශ කිහිපයක ආයතන ජනාධිපතිවරයා යටතට පත්කිරිමටද දෙදෙනාම එකගතාවකට පැමිණ තිබේ.

මේ අතර හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතාට යලිත් අමාත්‍යධුරයක් ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේන අතර ජනාධිපතිවරයාඑහිදි සදහන් කර ඇත්තේ රවීට ඇමතිකමක් දිම සම්බන්ධයෙන් තමන්ගේ අකමැත්තක් නොමැති බවයි.නමුත් අගමැතිවරයා එහිදි සදහන් කර ඇත්තේ රවීට යලිත් ඇමතිකමක් දිම හරහා එජාපයෙ පසුපෙල සහ ඇතැම් ජ්‍යෙෂ්ඨයන් අතර ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවිය හැකි බැවින් රවිගේ ඇමතිකම පිළිබඳව ඉදිරි දින කිහිපය තුල පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සමග සාකච්ඡා කර පිළිතුරක් ලබාදිමට කටයුතු කරන බවයි.

කෙසේවෙතත් අප විශේෂ වාර්තාකරු සදහන් කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය දිනකිහිපය තුලදි සභාග ඇතුලු විවිධ ආණ්ඩු සෑදිම සම්බන්ධයෙන් සාකච්ඡා කර සිටියේ තමන්ට යලිත් පොදු අපේක්ෂකත්වය නොලැබෙන නිසා වෙන් බවයි.

Published on: Oct 14, 2018 – යහපාලනය සහ සරලත්වය ගැන ජනතාවට බණ දේශනා කරමින් රටේ 62 දෙලක්ෂයක් ජනතාව මෛත්‍රීපාල සිරිසේන ගොනාට අන්දවා අවසන් බව මේ වනවිට තහවුරු වි තිබේ.ඒ මේ වනවිට ලබන වසර වෙනුවෙන් ජනාධිපතිවරයාට මුදල් වෙන් කිරීම විශාල වශයෙන් ඉහළ ගොස් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ නිල කාලයට සමාන විමත් සමගයි.

ලබන වසර වෙනුවෙන් ජනාධිපතිවරයාගේ මුළු වැය ශීර්ෂය රුපියල් කෝටි එක්දහස් තුන්සිය හතලිස් අටක් ( 13,477,180,000.00) වී ඇති අතර ලබන වසරේදී එම වියදම් විශාල වශයෙන් කපාහැර රුපියල් කෝටි 487කට සීමා කිරීමේ සැලසුම් 2017 අවසන් වන විට තිබී එය රුපියල් කෝටි 1,348ක් දක්වා ඉහළ ගොස් තිබීම විශේෂිතය.

මෙම වැය ශීර්ෂය යටතේම මහින්ද රාජපක්ෂ, චන්ද්‍රිකා කුමාරතුංග යන හිටපු ජනාධිපතිවරුන්ටත්, රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපතිගේ වැන්දඹු බිරිඳටත් විශ්‍රාම වැටුප් සහ පහසුකම් සැපයීම වෙනුවෙන් වැයකරන සුළු මුදලක් අයත්ය.

ගෙවී යන මෙම වසර වෙනුවෙන් ජනාධිපතිගේ වියදම් ඇස්තමේන්තුව රුපියල් කෝටි 999ක් වී තිබී එය ලබන වසරට රුපියල් කෝටි 1,348ක් දක්වා වැඩිවීමද විශේෂිතය. මෙම වසරේ අගමැතිවරයාගේ වියදම් ඇස්තමේන්තුව රුපියල් කෝටි 177ක් වී තිබී ලබන වසර වෙනුවෙන් රුපියල් කෝටි 167ක සීමාවේ පවතී. අය – වැයෙන් අවසන් ඇස්තමේන්තු සකස් කිරීමේදී සහ ඉන්පසුවද පරිපූරක ඇස්තමේන්තු ඉදිරිපත් කරමින් මුදල ඉහළ දමා ගැනීම සාමාන්‍යයෙන් සිදු කෙරේ.

මේ අතර රට මේ සා විශාල ඩොලර් අර්බුද රැසකට මුහුණ හි සිටියදි නිව්යෝක් නුවර එක්සත් පැවැති එක්සත් ජාතීන්ගේ 73 වැනි මහා මණ්ඩල සැසිවාරය සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 63ක් ගේ පිරිසක් රැගෙන ගොස් තිබේන අතර ඇතැම් මාධ්‍යවේදීන් සදහා පොකට් මනී ලෙස ලක්ෂ 4 බැගින් සංතෝෂන් ලබාදි තිබේන බවත් එම පිරිසට ස්වාමින්වහන්සේලා පිරිසක්ද රැගෙන ගොස් තිබේන බවද පාර්ලිමේන්තුවේදි අනාවරණය වුනා.

සරල ජනපතිගේ පිචං වැඩ මෙන්න

Published on: Oct 14, 2018- ලමයින් 60ක් පමණ කාමර තුළ සිර කරමින් ඔහුන්ට තර්ජනය කරමින් අසාධාරණ ලෙස වැඩිකල පාසල් ගාස්තු වහාම ගෙවන ලෙස බලෑම් කිරිමේ සිද්ධියයක් Royal Institute පාසලෙන් වාර්තා වේ.දරුවන්ට ඒ අකාරයට අමානුෂික අන්දමින් වධහිංසනයට ලක්කර තර්ජනය කිරිම පසුපස යුධ මානසිකත්වයකින් පෙලෙන මිට කලකට පෙර කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය අසලදි නිල ඇඳුමින් සැරසී පැමිණ සිසුවෙකුට තර්ජනය කර පහර දිමේ චොදනා එල්ල වු මේජර් ජෙනරාල් කමල් ගුණරත්න විසින් බවද මේ වනවිට අනාවරණය වි තිබේ.

Royal Institute සඳහා ළමුන්ගෙන් මුදල් අය කිරීමේ ආයතනික දෙමාපිය එක්ඟතාවය තිබුණේ වර්ෂ දෙකකට වරක් සිට 12% ක් මුදල් වැඩි කිරීමට වන අතර ඒ අනුව පසුගිය 2016 වර්ෂය සඳහා නියමිත පරිදි කාර්තු ගාස්තුව සමග සියයට 12% ක් එකතුකර සියලු ළමයින් සඳහා දෙමාපියන් විසින් මුදල් ගෙවා තිබේ.

ඊට පසුව නැවත මුදල් වැඩි විය යුතුව තිබුනේ 2018 වසරේ නමුත් මෙම පුද්ගලික ආයතනය මගින් 2017 වර්ෂය සඳහා ද දෙමව්පියන්ගෙන් මුදල් අයකර ඇති අතර හදිසියේම 2018 වර්ෂය සඳහා කාර්තු ගාස්තුව සමග 30%ක් පමණ අය කිරීමට දෙමව්පියන්ට දන්වා ඇතිමුත් එම මුදල් වැඩිකර ඇත්තේ කුමන සුත්‍රයකට අනුවදැයි කිසිවකු නොදනී.

Royal Institute පාසල් පද්ධතිය නුගේගොඩ, මහරගම, කිරුළපන, ගම්පහ, යන ප්‍රදේශවල දැනටමත් දීර්ඝකාලයක සිට ක්‍රියාත්මක වන පුද්ගලික පාසල් පද්ධතියක් වන අතර එම වැඩිකර ඇති මුදල පාසලෙන්එ පාසලට ද වෙනස් වී ඇති බව දෙමාපියන් වැඩිදුරටත් පවසයි. පාසලේ සිසුන්ට මෙම මුදල් ගෙවා අවසන් කරන ලෙස පාලනාධිකාරිය විසින් කිහිපවතාවක්ම තර්ජනය කර ඇත.

දෙමාපියන් විසින් විදුහල්පතිතුමා හමුවේ පවසා ඇත්තේ දරුවන්ගේ මානසික තත්වය ගැන සිතා ළමයින්ට තර්ජනය නොකරන ලෙසත්, අදාල මුදල් ගෙවීමට කටුයුතු කරන ලෙස ලිඛිතව දන්නවන ලෙසයි. එවිට විදුහල්පතිතුමා පවසා සිටින්නේ තමන් ක්‍රියාත්මක කරන්නේ පාලනාධිකාරිය විසින් ගන්නා තීරණ බවයි.

පසුව 2018.10.02 දින විදුහල්පතිතුමා විසින් ළමයින්ව රැස් කොට ප්‍රකාශ කර සිටියේ වැඩි වූ මුදල ලබාදීමට නොහැකි නම් වෙනත් පාසලකට යන ලෙසය. පසුව විදුහල්පතිවරයා විසින් සිසුන්ට දඩුවම් කලයුතු බවට යෝජනා කිරිමත් සමග RI හි Director (Administration) ලෙස කටයුතු කරන මේජර් ජෙනරාල් කමල් ගුණරත්නට පවරා ඇති අතර ඒ අනුව සිසුන්ට බැණ වදිමින් ලමයින් 60 දෙනෙකු පමණ පන්ති කාමරයකට දමා කාමර තුළ සිර කරමින් පාසල නිමාවෙන තුරු රදවා තබා තිබේ.

පාසලේ ඉගෙනුම ලබන ගුරුවරුන්ගේ ළමයි යොදා ගනිමින් අසාධාරණයට එරෙහිව කටයුතු කරන දෙමාපියන්ගේ සිසුන් කිහිප දෙනෙකුට බොරු චොදනා කරමින් දරුවන්ට විදුහල්පතිවරයා තර්ජනය කල අයුරු ….

(අපිට 6 ශ්‍රේණියේ අපේ පන්ති කාමරය තුළ පැමිණිල්ලක් කරනු ලැබුවා. එම සිසුන්ගේ නම් වන්නේ තරුල්, රිවින්, අවිශ්, රම්සි සහ ආර්යයන්. මුලින්ම තරුල් මිස් ජැකි වෙත පැමිණිල්ලක් කරමින් පවසා සිටියේ අපි නරක වචන භාවිතා කරමින් අනෙක් පිරිසට පහර දෙන බවයි. පසුව රිවින් ද බොරු කියමින් පවසා සිටියේ අපි නරක වචන පවසන බවත් අපි ඔහු ලවා යම් යම් වැඩ කරවා ගන්නා බවත් ය. ඉන් පසුව රම්සි, අවිශ් සහ ආර්යයන් විදුහල්පති වෙත ගොස් අපි එක් නරක වචනයක් හෝ පවසා නොසිටියද පැමිණිලි කළා. අපි විදුහල්පති පවසා සිටියේ අපි එකදු නරක වචනයක් හෝ පවසා නොසිටි බවයි. ඒ සමඟම ප්‍රින්සිපල් අපිට බැන වදිමින් පවසා සිටියේ,’මෝඩයා, මොලේ නැති එකා’ ලෙසයි. එසේම විදුහල්පති පවසා සිටියේ අපි පාසල් ගාස්තු නොගෙවන්නේ නම් අපි පන්තියෙන් වෙන් කර තබන බවත් පාසලෙන් ද එළියට දමන බැවින් වෙන පාසලක් සොයා ගන්න කිව්වා…)

එදින පාසැල් තුළ කිසිදු අධ්‍යාපනික සිදු කර නැති අතර පාලන අධිකාරිය විසින් ඉලක්ක ගත ලමුන් සදහා බලපැම් කරමින් පවති. මේ පිළිබදව දෙමාපියන් විසින් එදින 119 හරහා පොලිසියටද දන්වා ඇත. ඒ පිළිබද පැමිනිල්ලක් මිරිහාන පොලිසියේ සටහත් කර තිබේ.නමුත් ඒ දක්වා අදාළ පරික්ෂණ කටයුතු විධිමත්ව සිදු නොවන අතර අදාළ දෙමාපියන් විසින් ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට මේ සම්බන්ධයෙන් පැම්ණිලී කිරිමට කටයුතු කර ඇති නමුත් එම අධිකාරියේ නිළධාරීන් එම පැමිණිල්ල සම්බන්ධයෙන් එතරම් සැලකිල්ලක් නොදක්වා ඇති අතර “ඔන්න ඔහේ අතහැරලා දාන්න ” වැනී වගකිම් විරහිත ප්‍රකාශයන් කර තිබේන බවද මේ වනවිට අනාවරණය වි තිබේ.(ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිලි කල අංකය CA/05/18/10/7698)

වදහිංසනයට ලක්වු දරුවන්ගේ දෙමාපියන් පොලිසියට කල පැමිණිලි…

දෙමාපියන් විසින් පාලන අධිකාරිය වෙත පැමිණිලිලි කර ඇත්තේ අසාධාරණ ලෙස මෙපමණ මුදලක් ගෙවිය නොහැකි බවත් මුදල් අය කිරීමට නම් ගිවිසුමේ ප්‍රකාරව ලිඛිතව දන්වන ලෙසත්ය. නමුත් පාලනාධිකාරිය විසින් ගෙවීම් කරන ලෙස ලිඛිත ප්‍රකාශයක් නිකුත් කිරීම සිදු නොකොට දිගින් දිගටම ළමයින්ට තර්ජනය කරමින් තිබේ. තවද මෙම ගැටලුව විසදනවා වෙනුවට ළමුන් බිය වැද්දීම සදහා පුද්ගලික ආරක්ෂක නිළධාරින් විශාල පිරිසක් සොදවන ලදි.දෙමාපියන් පවසන පරිදි ගුරැවරැන් වඩා ආරක්ෂක අංශ නිළදාරින් යොදවා තිබේන බවද පසුගිය දින කිහිපයේ එහි සංචාරය කල අප විශේෂ වාර්තාකරු දැක තිබේ.

Royal Institute පාසල් පද්ධතිය ජී.ටි. බණ්ඩාර මහතාට(G.T. Bandara) අයත් වන අතර, ඔහු කලක සිට පුද්ගලික පන්ති පවත්වාගෙන ආ ගුරැවරයෙකු වන අතර දැනටමත් කොහුවල ප්‍රදේශයේ ඉදිකිරිමෙන් පවතින පුද්ගලික විශ්වවිද්‍යාලයයන් සඳහා අවශ්‍ය මුදල් සපයා ගැනීමට පාලනාධිකාරිය විසින් මෙම තීරණය ගෙන ඇති බව මෙ වනවිට අනාවරණය වි තිබේ.

අසාධාරණ ලෙස ගාස්තු වැඩිකර වහාම නොගෙවුවොත් දරුවන්ට අත්වන ඉරණම …..

පි; ඔබ නේද දැන් මට දුරකතනයෙන් ඇමතුවේ. ඔබ රෝයල් ඉන්ස්ටිටියුට් හි කුමන ශාඛාවෙන්ද?

ගැ; මේ හැව්ලොක් සිටි ශාඛාවෙන්

පි; සඳුදා වන විට ගෙවීම සිදු නොකළ හොත් සිදු වන දේ පිළිබඳව අපට දැනුම් දීම සිදු කරන ලෙස පැවසුවේ විදුහල්පති ද?

ගැ; කළමනාකරණය

පි; කළමනාකරණය යන්නෙන් අදහස් කරන්නේ විදුහල්පති හෝ පරිපාලන නිලධාරි යාද?

ගැ : කළමනාකරණය, මෙය පොදු නිවේදනයක් සියල්ලටම යවන

පි; හොඳයි, පණිවිඩයේ තියෙන්නේ මොකද්ද?

ගැ; ඔවුන් දැනුම් දෙන්නේ, යම්හෙයකින් ඔබ ගාස්තු ගෙවීම සිදු නොකළහොත්….

පි; ගාස්තු යනුවෙන් අදහස් කරන්නේ ගාස්තුවේ වැඩි කළ මුදල

ගැ; ඔව් හරියට හරි. එම ඉතිරි මුදල ගෙවීම සිදු නොකළහොත් එම ශිෂ්‍යයන් පුස්තකාලයට යවනු ලබනවා.

පි; එයින් අදහස් කරන්නේ ඔවුන් අපගේ දරුවන්ට අධ්‍යාපනය ලබා නොදෙන බවයි.

ගැ; ඔව් මහත්තයා

පි; හොඳයි බොහෝම ස්තුතියි!

 

 

Published on: Oct 12, 2018 – රටතුල ඇතිව තිබේන දේශපාලන අර්බුදය හමුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා අතර විශේෂ හමුවක් ලබන සතියේදි සිදුවිමට නියමිත බව ඉන්දිය රහස් ඔත්තු සේවා වාර්තා කරන බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු සදහන් කලා.

නවදිල්ලි නුවරදී දෙරටේ අග්‍රාමාත්‍යවරුන් හමුව සිදුවිමට නියමිත අතර ඊට ආසන්නතම හෙතුව වි ඇත්තේ ඉන්දියාවේ මහ මැතිවරණය ලබන වසරේදීත් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය 2020 දි පැවැත්විම නිසා බවද වාර්තා වේ.

ලංකාවේ දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් මේ වනවිට ඉන්දීය “රෝ” ඔත්තු සේවය ඉන්දිය රජයට වාර්තාකර ඇත්තේ රටෙ ජනතාවගේ ජනමතය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන,අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සම්බන්ධයෙන් හොදින් පිළිබිඹු නොවන බවයි.ඔහුන් වෙනත් අපේක්ෂකයෙකු අපේක්ෂාවෙන් සිටින බවත් බොහෝවිට ඒ සදහා මෙතෙක් පාලන බලය හෙබවූ පක්ෂ සහ කණ්ඩායම් වලින් තොර කෙනෙකු සම්බන්ධයෙන් වැඩි බලාපොරොත්තු තබ ඇති බවද එම වාර්තා පෙන්වා දි තිබේ.

සජිත් ජනප්‍රිය උනත් දිනන්න බෑ 

කෙසේවෙතත් එජාපයේ ජනප්‍රියම නායකයා සහ ඒකාබද්ධයේ ජනප්‍රියම නායකයි ලෙස සජිත් සහ මහින්ද පත්ව ඇති නමුත් ඒ දෙදෙනාටම සියයට 40 සීමාව ඉක්මවා යැමට හැකියාවක් නොමැති බවද ඉන්දීය “රෝ” ඔත්තු සේවය රාජ්‍ය බුද්ධි අංශවල ද අනුදැනුම මත කළ විශේෂ සමීක්ෂණයකදී අනාවරණය කරගත් බවට ඉන්දීය මධ්‍යම රජයට වාර්තා සපයා තිබේ.

ජනාධිපතිවරයෙකු පත්කර ගැනිම සදහා නියත සාධක කිහිපයක් සම්බන්ධයෙන් එම් වාර්තාවේ සදහන් කර ඇති අතර ඒ අනුව සුළු ජන ඡන්ද දිනා ගැනිම සදහා දොස්තර රාජිත සේනාරත්න වැනි අයෙකු මෙන්ම සිංහල බෞද්ධ මතයට අනුව පාඨලී චම්පික රණවක වැනි අයෙකු ඊළඟ ජනාධිපති සටනේදි එකම් පිළක මෙන්ම ප්‍රධාන පෙළේ කාර්යභාරයක් ඉටුකලයුතු බවයි.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන උපක්‍රමය වී තිබෙන්නේ රටේ විශාල ආර්ථික සහ දේශපාලන අර්බුදයක් තිබෙන බවත් ඒ සියලු අර්බුද සඳහා විසඳුම් දිය හැකි සඛ්‍යතාවය හෙවත් හැකියාව තිබෙන්නේ තමාට පමණක් බවත් ජන මාධ්‍ය ඔස්සේ ජනාධිපතිවරයා,ආණ්ඩුව සහ ජන සමාජය හමුවේ මවා පාමින් තමාට,වගේම සිය පවුලේ අයට සහ හිතෛෂීන්ට එල්ල වී තිබෙන නීතිමය චෝදනා සඳහා අනියම් බලපෑම් කරමින් එමගින් ගැළවීම බව රාජ්‍ය බුද්ධි අංශ අනාවරණය කර තිබේ.

Published on: Oct 11, 2018- ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපි ශීර්ෂ ව්‍යාජ ලෙස සකස් කර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ‍්‍රී ලංකා තානාපති වෙත ඉදිරිපත් කරමින් මුදල් වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ වංචා විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගවට ගනු ලැබූ ජනාධිපති කාර්ය මණ්ඩල හිටපු විශේෂ අවස්ථා අධ්‍යක්ෂවරයා සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රීනි විජයකලා මහේෂ්වරීගේ පෞද්ගලික උපදේශිකාව ලබන 15 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ (10) නියෝග කර හිබේ.

දෙහිවල පදිංචි කැසල් ෂෙරීන් ඔස්මන් (පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජයකලා මහේෂ්වරීගේ පෞද්ගලික උපදේශිකාව) සහ නුගේගොඩ මිරිහානේ පදිංචි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ කාර්ය මණ්ඩල අධ්‍යක්ෂවරයකු ලෙස සේවය කළ රුවන් ධර්මප‍්‍රිය එදිරිසිංහ යන දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

අදාළ වංචාවන් සම්බන්ධයෙන් ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සිද්ධියට අදාළ බෑග් සම්බන්ධයෙන් වෙන වෙනම පරීක්ෂාවක් සිදුකර අධිකරණය වෙත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට කොළඹ වංචා විමර්ශන ඒකකය වෙත නියෝග කරමින් සැකකරුවන් ලබන 15 වැනිදා තෙක් රක්ෂිත භාරයට පත් කර තිබේ.

පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ පාසල් ළමයින් 3,000 ක් සඳහා පොත් බෑග් ලබාදීමට අනුග‍්‍රහය දක්වන ලෙස ඉල්ලා ව්‍යාජ ලෙස සකස් කරන ලද ජනාධිපති ලේකම් කාර්යාල ලිපි ශීර්ෂ යටතේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ‍්‍රී ලංකා තානාපතිට ලිපි දෙකක් යොමු කිරීමෙන් සැකකරුවන් රුපියල් ලක්ෂ පහකට අධික මුදලක් වංචා කර ඇති බව කොළඹ වංචා විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු වාර්තා කර තිබු අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ වංචා විමර්ශන ඒකකය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණේ ජනාධිපති පෞද්ගලික ලේකම් එරික් ප‍්‍රශන්ත වීරවර්ධන විසිනි.

ජනාධිපති කාර්යාලයේ සේවය කළ රුවන් එදිරිසිංහ නමැති සැකකරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ කාර්ය මණ්ඩලයේ අධයක්ෂවරයෙකු ලෙස සේවය කළ බවත් පසුව ඉකුත් අගෝස්තු මස 6 වැනිදා කාර්ය මණ්ඩලයෙන් ඉවත් කරනු ලැබූ බවත් පැමිණිල්ලේ සඳහන් වේ.

මොහු අදාළ තනතුරේ සේවය කරන කාලය තුළ පොළොනන්රුව දිස්ත‍්‍රික්කයේ ළමුන් 3,000 ක් වෙනුවෙන් පාසල් උපකරණ සහිත පාසල් බෑග්, පොත් සහ ලිපිද්‍රව්‍ය ලබාදීම සඳහා දායකත්වය ඉලල්මින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ‍්‍රී ලංකා තානාපතිවරයා වෙත ඉකුත් ජුනි මස 1 වැනිදා සහ ජුනි මස 26 වැනිදා ලිපි දෙකක් යොමු කර ඇති බව ද පැමිණිල්ල සඳහන් කර ඇත.

එහෙත් ඉහත ආකාරයට ආධාර එකතු කිරීමක් ජනාධිපති කාර්යාලයෙන් සිදුකර නොමැති අතර මේ සම්බන්ධව ජනාධිපතිවරයා දැනුම්වත් කිරීමෙන් අනතුරුව මෙහි වංචාවක් සිදුවී ඇත්දැයි යන්න සම්බන්ධයෙන් විමර්ශනය කිරීම නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතාට බාර දුන් බව ද පැමිණිල්ල සඳහන් කර තිබිණි.

ඒ අනුව මෙම සිද්ධියේ සැකකාර රුවන් එදිරිසිංහ නමැත්තා ලෝක ළමා දිනය වෙනුවෙන් ළමයින්ට ප‍්‍රදානය කිරීම සඳහා පාසල් බෑග් 3,000 ලබාදෙන ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍ය ශ‍්‍රී ලංකා තානාපතිගෙන් ඉල්ලීමක් කර ඇති අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ නොමැති ශෙරින් ඔස්මාන් නමැත්තියකගේ නම ද සඳහන් කර ඇතැයි ද කොළඹ වංචා විමර්ශන කාර්යාංශය සිය බී වාර්තාවේ සඳහන් කර ඇත. එසේම, එම ලිපියෙන් ශෙරින් ඔස්මාන් නමැත්තිය ළමා කටයුතු සම්බන්ධයෙන් උපදේශිකාවක ලෙස සඳහන් කර ඇති නමුත්, එවැනි තනතුරක් ජනාධිපති කාර්යාලයේ නොමැති බව ජනාධිපති විමර්ශන අධ්‍යක්ෂ රූබන් වික‍්‍රමාරච්චි මහතා සඳහන් කර ඇතැයි කොළඹ වංචා විමර්ශන කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මෙම ලිපිවලට අදාළව සැකකාරිය විසින් ඉකුත් 4 වැනිදා ජනාධිපති කාර්යාලයට පැමිණ ප‍්‍රකාශයක් ලබා දී ඇති බවත් එහිදී ඇය හිටපු ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මියගේ පෞද්ගලික උපදේශිකාවක් වශයෙන් හඳුන්වාගෙන ඇති බවත් සඳහන් වෙයි. එමෙන් ම, මෙම සිද්ධියේ සැකකාර රුවන් එදිරිසිංහ නමැත්තා ජනාධිපතිවරයාට හඳුන්වා දුන්නේ තමා බවත්, ඔහු අදාළ ආධාර ලබා ගැනීම සඳහා එම සම්බන්ධතා සහාය ලබා ගත් බවත් ඇය සඳහන් කර තිබිණ. ඒ අනුව ආධාර වශයෙන් ලබා දුන් පාසල් උපකරණ ඇතුළු පොත් බෑග් 2,500 ක් ලබා දීමට එක`ග වූ බවත් ඒවා අවශ්‍යව තිබුණේ ජනාධිපතිතුමා සහ එතුමාගේ දියණිය අතින් පොළොන්නරුවේ පාසල් දරුවන්ට බෙදා දීමට බවත් ඇය සඳහන් කර ඇත. එම ආධාර සූදානම් කළ නමුත් අදාළ උත්සවය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් දැනුම්දීමක් නොකළ බැවින් ඒවා තානාපති කාර්යාලයේ ම තැබූ බවත් ඇය සඳහන් කර ඇතැයි අධිකරණයට බී වාර්තාව මගින් කරුණු ඉදිරිපත් කර තිබිණ.

සැකකාර රුවන් එදිරිසිංහ නමැත්තා ද ඉකුත් 4 වැනිදා ප‍්‍රකාශයක් කරමින් විශේෂ අවස්ථා අධ්‍යක්ෂ ලෙස තමා විවිධ සමාජ සුභ සාධන සහ විශේෂයෙන් දුගී දරුවන් වෙත පාසල් උපකරණ බෙදා දීමේ වැඩසටහන් කිහිපයක් ඉකුත් වසර 3 ක පමණ කාලයේ සිට සංවිධානය කළ බව ද ජනාධිපතිතුමා දැනුම්වත් කිරීමක් හෝ එතුමාගේ අනුකූලතාවක් හෝ එකඟතාවක් හෝ ලබා නොගෙන ස්ව කැමැත්තෙන්ම ඒවා සිදුකළ බව ද ඔහු සඳහන් කර ඇතැයි බී වාර්තාවේ සඳහන් වෙයි.

ඉහත කාලය තුළ සංවිධානය කළ සියලූ වැඩසටහන් සිදුකරනු ලැබුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආධාර මත බවත් විමර්ශනයට අදාළ වැඩසටහන නව තානාපතිවරයා යටතේ සිදුකළ අතර ඒ සඳහා ශෙරින් ඔස්මන් මහත්මියගේ සම්බන්ධීකරණ සහාය ලබා ගත් බවත් සැකකරු ප‍්‍රකාශ කර ඇතැයි ද බී වාර්තාවේ සඳහන් වේ.

මෙම වැඩසටහන ජනාධිපතිතුමාගේ සහ එම දියණියගේ සහභාගිත්වයෙන් 2018 ලෝක ළමා දිනය නිමිත්තෙන් පොළොනන්රුවේ දී පැවැත්වීමට සැලසුම් කළත් ජනාධිපතිවරයා ඒ වන විට විදේශගත වී සිටි බැවින් ඒ සඳහා නිශ්චිත දිනයක් වෙන් කර නොතිබූ බව ද ඔහු සඳහන් කර ඇත. මෙම වැඩසටහන සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා දැනුම්වත් වීමක් නොතිබූ අතර කලින් සිදුකළ වැඩසටහන් සඳහා ද ප‍්‍රාදේශීය දේශපාලනඥයන්ගේ ප‍්‍රධානත්වයෙන් එම වැඩසටහන් පැවැත් වූ බව ද ඔහු ප‍්‍රකාශ කර ඇතැයි බී වාර්තාවේ සඳහන් වෙයි.

ඒ අනුව සැකකාර රුවන් එදිරිසිංහ විසින් ඉදිරිපත් කරන ලද ලිපි දෙක කොළඹ හිටපු නගරාධිපති අසාද් සාලි මහතා විසින් ජනාධිපතිවරයා වෙත ලබා දී ඇති අතර, මෙම වරද ලංකා දණ්ඩ නීති සංග‍්‍රහයේ 403, 454, 459 වගන්ති ප‍්‍රකාරව දඬුවම් ලබා දිය හැකි වරදක් බව ද කොළඹ වංචා විමර්ශන ඒකකය අධිකරණයට දැනුම් දී තිබේ.

සැකකරුවන් විසින් පෞද්ගලික ආයතනයක් වෙත ඇනවුම් බාර දී පාසල් බෑග් 2,500 ක් සඳහා ඉන්වොයිස් ලබාගෙන ඇති අතර එක් බෑගයක වටිනාකම රුපියල් 580 ක් ලෙසින් බෑග් 2,300 ක් සඳහා රුපියල් 13,34,000/= කට මිල නියම කර ඇතැයි ද කොළඹ වංචා විමර්ශන ඒකකය අධිකරණයට දැනුම් දී තිබේ.

මෙහිදී පළවන සැකකාරිය ඉහත ඉන්වොයිස්පත තවත් ආයතනයකට ව්‍යාජ ලෙස වෙනස් කරමින් එක් පාසල් බෑගයක් සහ පාසල් උපකරණ සහිතව රුපියල් 1,570 ක මිල කර බෑග් 2,500 ක් සඳහා වටිනාකම් රුපියල් 39,25,000/= කට වෙනස් කර තානාපති කාර්යාලයේ පෞද්ගලික ලේකම් ජෙනී ෂෙරින් රාජ් මහත්මිය වෙත ඉදිරිපත් කර ඇතැයි ද බී වාර්තාවේ සඳහන් වේ.

Published on: Oct 10, 2018- ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට යලිත් පොදු අපේක්ෂකත්වය යලිත් ලබ නොදිමට කටයුතු කල යුතු බවට වන යෝජනාවක් එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලයට සහ නායකත්වයට යොමු කිරිමට එජාපයේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙකු සහ පසුපෙල මන්ත්‍රීවරුන් රැසක් කටයුතු කරමින් සිටින බව අප දේශපාලන වාර්තාකරු සදහන් කලා.

සභාග ආණ්ඩු සාදන මුවාවෙන් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් බිලි බා ගැනිම සදහා කටයුතු කරන ජනාධිපතිවරය ප්‍රමුඛ ශ්‍රිලනිප ඇතැම් මන්ත්‍රීවරුන් එක්සත් ජාතික පක්ෂය තුල ගැටුම්කාරී තත්ත්වයක් ඇති කිරිමට කටයුතු කරමින් සිටින බවයි එජාප මන්ත්‍රීවරුන්ගේ ප්‍රධානතම චොදනාව වි ඇත්තේ.

පසුගිය මාසයක පමණ කාලය තුල මහින්දගේ කණ්ඩායම සහ එක්සත් ජාතික පක්ෂයේ කිහිප දෙනෙකු මෙන්ම එජාපය සමග ඉතා සමීප දමිළ සහ මුස්ලිම් පක්ෂ කිහිපයක්ම ජාතික ආණ්ඩුවෙන් කුමන්ත්‍රණකාරී ලෙස ඉවත්කර පක්ෂය දෙකඩ කර එජාප නායකත්වය වෙනස් කිරිම සදහා ජනාධිපතිවරයා ප්‍රමුඛ කණ්ඩායම කුමන්ත්‍රණය කල බවයි එම මන්ත්‍රීවරුන් සදහන් කර ඇත්තේ.

ඒ අනුව පක්ෂය තුල සිටිමින් පක්ෂය දෙකඩ කිරිමට කටයුතු කල කුමන්ත්‍රණකාරී මන්ත්‍රීවරුන් මෙන්ම ඒ හරහා එජාප නායකත්වයෙන් රනිල් ඉවත් කිරිමට කටයුතු කල මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනයන් මෙන්ම ඔහුන්ගේ කුමන්ත්‍රණය සම්බන්ධයෙන් පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය මෙන්ම පක්ෂ නායකත්වය දැනුවත් කරන බවත් ඒ හරහා ඔහුන්ට එරෙහිව පක්ෂ ව්‍යවස්ථාවට අනුව විනය ක්‍රියාමාර්ග ගැනිමට බලකරන බවද එම මන්ත්‍රී කණ්ඩායම අනාවරණය කර තිබේ.

Published on: Oct 10, 2018 – එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ සහෝදරයා වන අමිල කාරියවසම් අකිලගේ සම්බන්ධිකරණ ලේකම් ධුරයෙන් වහාම ඉවත් කිරිමට කටයුතු කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

ළමයින්ව පාසල් වලට ඇතුලත් කිරීම සඳහා විවිධ පුද්ගලයන්ගෙන් මිලියන 60 කට අධික මුදලක් ලබා ගැනීම පිළිබඳව ඔහුට එරෙහිව ඇති විමර්ශන කටයුතු මේ වනවිට ආරම්භ වි ඇති අතර ඒ හේතුවෙන් සහෝදරයන් අතර විරසකයක් නිර්මාණය වී ඇති බවයි අප වාර්තාකරු සදහන් කලේ.

මේ අතර ඉතා මෑතකදි අකිල කෝටි 12 දි කුරුණාගල ප්‍රදේශයෙන් පරණ වලව්වක් මිලට ගෙන ඇති අතර එයට මුදල් ලබා දුන්නේ තමයි බව අමිල දැන් දැන් තැන තැන කියමින් යන අතර ප්‍රදේශයේ දේශපාලකයන් කිහිප දෙනෙකු හමුවි ඇති අමිල සදහන් කර ඇත්තේ

“මම මේ සල්ලි අරගෙන නිකම් හිටියේ නෑ. අයියාට වලව්ව ගන්න මම සල්ලි දුන්නා.”

මේ අතර මහලේකම්වරයා මේ ලගදි පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු මෙහෙයවීම සඳහා නව නිලධාරිවරයෙක් පත් කොට ඇති අතර එම ධූරය නම් කොට ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ CEO හෙවත් ප්‍රධාන විධායක නිලධාරි යන නාමයෙනි. මෙම තනතුරට පත් වූ පුද්ගලයා 6 වතාවක් කුරුණෑගල ඡන්දය පරාජය වූ පුද්ගලයෙක්. මෙම පත් කිරීම හරහා බරපතළ අර්බුදයක් සිරිකොතේ නිර්මාණය වී ඇති බවත් නව ප්‍රතිසංවිධානයන් සඳහා මේ වන විට ජාතික සංවිධායක නවීන් දිසානායක මැදිහත් වී ඇති බවත් වාර්තා වේ.

නමුත් නව CEO නම් පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු පසෙකලා පක්ෂයේ පහළ තනතුරු වලට පත් වීමට නියමිත විවිධ ව්‍යාපාරිකයන් හා පුද්ගලයන්ගෙන් මුදල් ඉල්ලා තිබේ.

අප දේශපාලන වාර්තාකරු සදහන් කළේ පිටකෝට්ටේ ප්‍රදේශයේ පවතින ඉතා ප්‍රසිද්ධ චීන අවන්හලකදි එක්තරා ආසනයක සංවිධායක ධූරය බලාපොරොත්තු වන ව්‍යාපාරිකයෙකුගෙන් මොහු ලක්ෂ 20ක් ඉල්ලා ඇති බවට මෙ වනවිට තොරතුරු අනාවරණය වි ඇති බවයි. මේ වන විට ලක්ෂ 5 ක මුදලක් අතිකාරම් වශයෙන් එම ව්‍යාපාරිකයා විසින් මෙහුට ගෙවා ඇති බවද අනාවරණය වි තිබේ.

අකිල කෝටි 12 ක මුදලකට වලව් මිලයට ගනිද්දි, ඔහුගේ සහෝදරයා මිලියන 60 ක කප්පම් ඉල්ලද්දි අකිල විසින් පත් කරන නිලධාරින් මිනිසුන්ගෙන් ආසන සංවිධායක ධූර ලබා දීම සඳහා ලක්ෂ 20ක් ඉල්ලිම හරහා අද වන විට එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තරය බරපතල ගැටුම්කාරි තත්ත්වයක් දක්වා ගමන් කර තිබේ.

Published on: Oct 7, 2018- ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා ලෙස නම් කිරීම සම්බන්ධයෙන් කිසිඳු සාකච්ජාවක් කර නැතැයි එක්සත් ජාතික පක්ෂය පවසයි.

එක්සත් ජාතික පක්ෂය මෙලෙස පවසන්නේ “ජනපති යළිත් පොදු අපේක්ෂකයා කරන්න, ශ්‍රීලනිප-එජාප ඇමති සාකච්ජාවක්” යන්නෙන් අද(7) ඉරිදා ලංකාදීප මුල් පිටුවේ පළවූ පුවත පිළිබඳව ස්ථාවරය පැහැදිලි කරමිනි.

මෙම අදාළ පුවත පුවත්පතට සැපයු මාධ්‍යවේදිනියට 16 කණ්ඩායම නියෝජනය කරන ජනපතිට හිතවත්ම මන්ත්‍රීවරයකු විසින් දුන් බොරු තොරතුරක් මත මේ පුවත ලියා ඇතැයි දැනට විදේශ ගතව සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එක්සත් ජාතික පක්ෂයේ ජේෂ්ඨ අමාත්‍යවරයෙක් අප සමග සදහන් කලා.

සරත් ෆොන්සේකා මහතා ජනාධිපති වුවහොත් උතුරට ස්වයංපාලනයක් ලබාදෙන බවට ආර්.සම්බන්ධන් මහතා පැවසියයි 2010 වසරේ දී ද මේ මාධ්‍යවේදිනිය විසින්ම බොරු පුවතක් නිර්මාණය කරතිබු බවද එජාප ජෙෂ්ඨයා මෙහිදී සිහිපත්කර සිටියා.

Published on: Oct 6, 2018- අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිකමින් ඉවත් කර වෙනත් අයෙකු අගමැතිකර භාරකාර ටයිප් එකේ ආණඩුවක් සෑදිම සදහා ගෙන ගිය මෙහෙයුමට බාලගිරි දෝෂය සැදී ඇති බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

අගමැතිවරයා ඉවත්කිරිම සදහා පැති කිහිපයකින් මේ වනවිට මෙහෙයුම් දියත් වෙමින් තිබේන අතර අප පසුගියදා අනාවරණය කල පරිදිම එජාපයේ කණ්ඩායමක් එකතු කර ගනිමින් කරූ වැනි අයෙකු අගමැතිකර ඒ හරහා පක්ෂයෙ නායකත්වය ඇල්ලිමට එජාපයට ඉඩ හැදිම වෙනුවෙන් ගෙනගිය මෙහෙයුම මේ වනවිට නතර වි ඇත්තේ සජිත් ප්‍රේමදාස ලග බවයි අප වාර්තාකරු සදහන් කළේ.

එජාපයේ 12 දෙනෙකු පමණ මේ වනවිට රනිල් එලවා එජාපයේ බලය අල්ල ගැනිම හරහ මෛත්‍රී ජනපති සමග ආණ්ඩුවක් හැදිමට කැමති කර ගැනිමට සමත් වුවද සජිත් මේ දක්වා පස්ස ගැසිම් නිසා එම මෙහෙයුම නතර වි ඇති බවයි. මේ වනවිට සජිත් දිනා ගැනිම සදහා මෙහෙයුම කිහිපයක්ම දියත් කර තිබේන අතර ඒ සදහා ඉන්දියාවේ මැදිහත් විමක්ද ඉල්ලා ඇති බවයි අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළේ.

රනිල්ට එරෙහිව ගේම්ක් ගැසිමට ගොස් වැඩේ කෙලවුනහොත් තමන් පක්ෂයේ නායකත්වයට කල අරගලය දියවි යන බවත් මේ ක්‍රියාත්මක වන්නෙ ඒ අකාරයෙ කුමන්ත්‍රණයක් විය හැකි බවයි සජිත් සිය සමිපතමයින් හමුවේ පවසා ඇත්තේ.අනිත් අතට කරු හෝ වෙනත් අයෙකු අගමැතිවිම හරහා පක්ෂයේ නායකත්වයට ඇති සටන් උග්‍ර වනබවත් පෙන්වා දි ඇති සජිත් ඊට වඩා ඉවසිමෙන් කාලය ගත කිරිම ශරීරයට ගුණ බවද පවසා තිබේ.

මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර රහස් හමුවත් පසුගියදා හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක මහතාගේ නිවසේ සිදුව ඇති අතර එම සාකච්ජාවට බැසිල් රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ මහතාද සහභාගී වි තිබේ.

පසුගියදා අනාවරණය වූ ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට හා රාජපක්ෂ පවුලේ සාමාජිකයින්ට එල්ලවී ඇති අනතුර හා එහි තොරතුරු යට ගැසීමට ඇතැමුන් දරන උත්සාහයන් පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ජාවට ගෙන ඇති අතර පවතින ආර්ථික අර්බුද හමුවේ ජනාධිපතිවරයා දැඩි ලෙස අප්‍රසාදයට ලක්වන බවත් තත්ත්වය දිගටම පැවැතියහොත් යලිත් ජනාධිපති මැතිවරණයකට මුහුණ දිමට ලේසී නොවන බවද රාජපක්ෂවරු සිරිසේන ජනාධිපතිට පෙන්වා දි තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වත්මන් ආණ්ඩුවෙන් ඉවත් වී ඒකාබද්ධ විපක්ෂය සමග භාරකාර ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් මේ දිනවල සාකච්ඡා පැවැත්වෙමින් තිබේන අතර ඒ අතරතුර හදිසියේම මහින්ද-මෛත්‍රී හමුව සම්බන්ධයෙන් කාගේත් අවධානයට ලක්ව තිබේ.

මේ අතර ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙකුද හමුවි සාකච්ඡාකර තිබේන අතර ඊළඟ පළාත් පාලන මැතිවරණය මෙන්ම ජනාධිපතිවරණයේදි යලිත් තමන්ට අපේක්ෂකත්වය හිමිවිම සම්බන්ධයෙන් එහිදි සාකච්ඡාකර තිබේන අතර “මහින්ද” සමග ආණ්ඩුවක් ආණ්ඩුවක් සැදිම සම්බන්ධයෙන් එහිදි ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් ජනපතිගෙන් කල විමසිමකදි ජනපති පවසා ඇත්තේ “මහින්ද අගමැති කලෝත් එයාට ජනපති වෙන්න උණ්ඩයක දුර විතරයි …” යනුවෙනි…

Published on: Oct 6, 2018- රට මේ මොහොතේ මුහුණදී සිටින ආර්ථික සහ දේශපාලන අර්බුදයෙන් ගොඩ ඒම සඳහා භාරකාර ආණ්ඩුවක් පිහිටුවන ලෙස ජනාධිපතිවරයා ප්‍රමුඛ සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටීමට ත්‍රෛනිකායික මහා සංඝරත්නය හා කතෝලික ආගමික නායකයන් ප්‍රමුඛ සෙසු ආගමික නායකයන් සූදානම් වෙමින් සිටින බව වාර්තා වේ.මෙම යෝජනාව ලබන සතිය වන විට ඉදිරිපත් වනු ඇතැයි දැනගන්නට තිබේ.

මේ සඳහා සියලු දේශපාලන පක්ෂවල සහය ලබා ගනිමින් සර්ව පාක්ෂික සමුළුවක් පවත්වා රට වෙනුවෙන් කැපවීමක් කළ හැකි මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් පිහිටුවනු ලබන භාරකාර ආණ්ඩුව යටතේ කඩිනමින් මැතිවරණයක් පවත්වා නව ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවටද යෝජනා වී තිබේ.

මේ වන විට පවත්නා ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය අසාර්ථක වී ඇති බැවින් රටේ මහජනතාව බරපතළ පීඩනයකට පත්ව ඇති බැවින් භාරකාර ආණ්ඩුව පිළිබඳ යෝජනාව ආගමික නායකයන් විසින් ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමට නියමිතය.

Published on: Oct 4, 2018- අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේන් ආර්ථික පරිපාලනය ඉවත්කර ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ජාතික මට්ටමින් තීරණගැනිම සදහා ජාතික ආර්ථික සභාව පිහිටුවා ජනාධිපතිවරයා ඇතුලු කණ්ඩායමක් රටේ ආර්ථිකය හැසිරවීමට ගත් තින්දුව හේතුවෙන් රටේ ආර්ථිකය කම්බස් වි ඇති බවට චොදනා එල්ල වෙමින් තිබේ.

රටේ ආර්ථික පරිහානිය සහ රුපියලට සාපේක්ෂව ඩොලරයේ සිඝ්‍ර ඉහල යෑම හමුවේ රජයේ ජ්‍යෙෂ්ඨයන් දැඩි ලෙස කලකිරීමට ලක්ව සිටින අතර ඔහුන් සියලුදෙනාගේම චොදනාව මේ වනවිට එල්ලවෙමින් ඇත්තේ ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුත් ජාතික ආර්ථික සභාව වන අතර ලොව පුරා රටවල් රැසකට බලපාන ලෙස ඇතිව තිබෙන ගෝලීය ආර්ථික අර්බුදයට පිළියම් වශයෙන් ජාතික ආර්ථික සභාව ගත් ක්‍රියාමාර්ග මොනවාදැයි ප්‍රශ්න කිරීමට ආණ්ඩු පක්ෂ පසුපෙල මන්ත්‍රීවරු තීරණයක්ද ගෙන තිබේ.

එජාප පසුපෙල මන්ත්‍රීවරුන්ගේ අදහස වි ඇත්තේ කාලයික් තිස්සේ ජාතික ආණ්ඩුව විනාශ කිරිම සදහා ශ්‍රිලනිප+ඒකාබද්ධ ගෙනගිය සහයෝගිතා මෙහෙයුමේ එක් කොටසක් ලෙස අග්‍රාමාත්‍යවරයා යටතේ තිබු ආර්ථිකය මෙහෙයවිමේ බලය ඉවත්කර රටේ ආර්ථිකය වලපල්ලට යැමට ඉඩ හැරි බවත් මේ වනවිට ජනාධිපතිවරයාගේ ජාතික ආර්ථික සභාව නොහැකියාව අගමැතිවරයාගේ කර මත පැටවිම සදහා මෙහෙයුමක් දියත් කර ඇති බවයි.

රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම උදෙසා අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කරන ලද ජාතික ආර්ථික සභාව 2017 සැප්තැම්බර් (12) දින පලමු වරට ජනාධිපති කාර්යාලයේ දී රැස් වු අතර පසුව 2018 වසරේ අප්‍රියෙල් මාසයේදි අග්‍රාමාත්‍යවරයා යටතේ තිබු ශ්‍රි ලංකා මහ බැංකුව පවා ඉවත් කිරිමට කටයුතු කල අතර මහ බැංකුව යටතේ තිබු තින්දු ගැනිමේ හැකියාව් පවා ජාතික ආර්ථික සභාව හරහා ගැනිමට කටයුතු කර තිබේ.

ජාතික ආර්ථික සභාව පත් කිරීමත් සමඟ එතෙක් රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මකව පැවැති රජයේ ආර්ථික කටයුතු පිළිබඳ කමිටුව රැස් කිරීම අහෝසි කෙරුන අතර එම කමිටුව අහෝසි කොට ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් යුතු ජාතික ආර්ථික සභාව පත් කරනු ලැබීය.

ඩොලරය ශක්තිමත් වීමත් සමඟම ගෝලීය ආර්ථික අර්බුදයක් ඇති වෙතැයි කලින්ම දැනගෙන සිටියදිත් මෙම ආර්ථික සභාව ගත් පියවර කුමක්දැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් විමසිම සදහා මේ වනවිට එජාපයේ පසුපෙල මන්ත්‍රීවරුන් මේ වනවිට කටයුතු කරමින් සිටින අතර ඒ සම්බන්ධයෙන් අගමැතිවරයාගේ සංචාරයෙන් පසුව කටයුතු කිරිම සදහා සුදානමක් ඇති බවයි වාර්තා වන්නේ.

2018 වසරේ අප්‍රියේල් මාසයේදී ඇමරිකන් ඩොලරයක මිල 153ක් වු අතර මේ සටහන තබන අවස්ථාව වනවිට එහි වටිනාකම් 170 සීමාව දක්වා ඉහල ගොස් තිබේ.

Published on: Oct 3, 2018- ආණ්ඩු වෙනසක් වෙනුවෙන් ආණ්ඩුව තුල ඇතිවෙමින් තිබේන සාකච්ඡා මෙන්ම කුමන්ත්‍රණ හේතුවෙන් මේ වනවිට කොළඹ දේශපාලනය උණුසුම් තත්ත්වයකට පෙරළී තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

අගමැති රනිල් වික්‍රමසිංහ ඉවත්කොට මහින්ද අගමැති ලෙස පත්කර ගැනිම් සදහා කටයුතු කලයුතු බව කියමින් ශ්‍රිලනිපයේ 16 කල්ලිය කුමන්ත්‍රණයක් දියත් කරමින් සිටින අතර මහින්දගේ ඒකාබද්ධය නියෝජනය කරන කිහිප දෙනෙකුද මෛත්‍රී ජනපතිගෙන් රනිල් එලවා මහින්දගේ ආණ්ඩුවක් සෑදිම සදහා රහසේ සාකච්ඡා කිහිපයක්ම පවත්වා තිබේ.

මහින්දගේ ගොලයන් වටේ යැවිම….

ආණ්ඩු වෙනසක් වෙනුවෙන් මහින්ද පිළේ කිහිප දෙනෙකුම ජනාධිපතිවරයා හමුවි ඇති අතර හමුවු කිහිප දෙනාවම මෛත්‍රී කඩේ යවා ඇති බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා. රනිල් අගමැතිකමින් ඉවත්කර මහින්ද අගමැතිකිරිම සදහා එජාපයෙන් ඉවත් වි සුළු පක්ෂ සමග නව ආණ්ඩුවක් සෑදිම සදහා කල යෝජනාවට මෛත්‍රී යෝජනා කර ඇත්තේ බැසිල්ගේ කැමත්ත විමසන ලෙසය. වත්මන් ආණ්ඩුව සමග එක්ව කවරාකාරයේ හෝ ආණ්ඩුවක් සෑදිම බැසීල් මේ වනවිට තරයේම ප්‍රතිකේෂ්ප කර තිබේ. මේ අතර මහින්ද පිළේ මෛත්‍රී හමුවි සාකච්ඡා කරන්නන් සහ විවිධ කුමන්ත්‍රණ දියත් කරන ඒකාබද්ධයේ මන්ත්‍රීවරුන් සහ නියෝජිතයන් සොයා බැසිල් පෙරමුණ විශේෂ මෙහෙයුමක්ද දියත් කර තිබේන බවද දැනගන්නට තිබේ.

රනිල්ගේ විශ්වාසය සජිත්!

මහින්ද සමග ආණ්ඩු හදන මුවාවෙන් මෛත්‍රී ඇතුලු ශ්‍රිලනිප කණ්ඩායම එජාපයේ පිරිසක්ද සමග ආණ්ඩුවක් සැදිම සදහා මේ වනවිට මෙහෙයුමක් දියත් කර තිබුනද එම ආණ්ඩුව හැදිමට ප්‍රබලම බාධකය ලෙස කලක් රනිල් විරෝධි පෙරමුණ මෙහෙයවු මේ වන්විට රනිල්ගේ විශ්වාසවන්තමයා ලෙස සිටින සජිත් ප්‍රේමදාස හරහට සිටින බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කර සිටි.

කලින් උග්‍ර රනිල් විරෝධීයෙකු වු සජිත් මේ වනවිට රනිල්ගේ විශ්වාසය දිනාගෙන ඇති අතර රනිල් වෙනුවට වෙනත් අයෙකු අගමැති ලෙස පත්කර ගැනිම සදහා අවස්ථා කිහිපයකම සජිත් සමග රනිල් විරෝධී කල්ලිය සාකච්ඡා කලද සජිත් එයට දැඩි ලෙස විරෝධය පලකර තිබේ.රනිල්ට එරෙහිව ගේම් ගැසිමට ගොස් අතීතයේ සිටම් කෙලවා ගත් කෙලවිල්ල තමන්ට අමතක නොමැති බවත්,අනිවාර්යයෙන් ඉදිරියේ තමන්ට පක්ෂය තුල දොර විවෘත කරදිමට පක්ෂ නායකයා ලෙස රනිල් කටයුතු කරනු ඇති බවයි සජිත්ගේ විශ්වාසය වි ඇත්තේ.

කෙසේවෙතත් අප දේශපාලන වාර්තාකරු සදහන් කළේ යම් හෙයකින් අගමැතිකම වෙනස් විම හරහා එජාපයේ නායකත්ව වෙනසක් සිදුවුවහොත් සජිත් කපා වෙනත් කෙනෙකු ඒ හරහා ඉදිරියට එමට ඇති අවස්ථාව නිසා සජිත් රනිල් ආරක්ෂා කිරිමට කැපවි සිටින බවයි.

මේ අතර හදිසියේ විශ්වාසවන්ත ලෙස සියුම්ව ආණ්ඩු වෙනසක් කිරිමට මගක් විවෘත වන්නේ නම් සජිත් වෙනස් කර ගැනිම සදහා ජාත්‍යන්තර මැදිහත් කිරිමක් සිදුකිරිමටද මෙහෙයුමක් දියත් වෙමින් තිබේ.ඒ සදහා ඉන්දිය මධ්‍යම ආණ්ඩුවේ මැදිහත් විමක් බොහොවිට හිමිවිය හැකි බවද වාර්තා වේ.

කැබිනට් සංශෝධනය වැට උඩ….

මේ අතර ඇමරිකන් සංචාරයෙන් පසුව ආණ්ඩුවේ වෙනස්කම් රැසක් කිරිමට කටයුතු කරන බවට ජනාධිපතිවරයා විවිධ් ප්‍රකාශයන් කල අතර එහි පලමු පියවර ලෙස ඉක්මනින්ම කැබිනට් සංශෝධනයක් කිරිමට කටයුතු යොදවා තිබුනද මේ වනවිට එම සංශෝධනය කල් දැමිමට සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

කැබිනට් සංශෝධනය සදහා ශ්‍රිලනිපය මෛත්‍රීට බලපෑම් කරමින් සිටින අතර ඔහුන්ගේ ප්‍රධාන ඉල්ලිම වි ඇත්තේ සංවර්ධන උපාය මාර්ගික සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය ධූරයෙන් මලික් සමරවික්‍රම එම් ධුරයෙන් වහාම ඉවත් කරන ලෙසයි.ශ්‍රිලනිපයට අමතරව රනිල්ගේ ගජමිතුරු කල්ලියට එරෙහි එජාප කල්ලියද එම යොජනාවම කර තිබේන නමුත් අගමැතිකමින් රනිල් ඉවත් කිරිම සදහ දියත් වන කුමන්ත්‍රණය සදහා එම් පිරිස අතරද බෙදිමක් පවතින් බවයි අප වාර්තාකරු සදහන් කලේ.

මලික් සමරවික්‍රම මහතාට එල්ල වෙමින් තිබෙන දුෂණ,වංචා සහ අක්‍රමිකතා පිළිබඳ චෝදනා වගේම ඔහු සංවර්ධන උපාය මාර්ගික සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යංශය මහෙය වන ආකාරය සම්බන්ධයෙන්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයින් ගණනාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවේ මේ වන විටත් කරුණු දක්වා තිබේ.මිට අමතරව එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් ඇතුළු මන්ත්‍රීවරුන් ගණනාවක් ද මලික් සමරවික්‍රම මහතාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් කාලයක් මුළුල්ලේම දැඩි විවේචන එල්ල කරමින් සිටින අතර ඔවුහූ ද ඒ සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ පැමිණිලි කර තිබේන නමුත් ඔහු ඒ කිසිවක් ගානකට ගෙන නෑ.ඒ හේතුව නිසාම එක්සත් ජාතික පක්ෂයේ රනිල් විරෝධි පෙරමුණ තව තවත් පුළුල් වි තිබේ.

මලික් ඉවතට!

කෙසේවෙතත් පවතින තත්ත්වය හමුවේ උපාය මාර්ගික සංවර්ධන සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය ධූරය සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊට සුදසු පුද්ගලයකු පත් කිරීමට ඉඩ තිබෙන බව වාර්තා වන නමුත් එම වෙනස් කල කිරිම සදහා 19න් ලැබෙන බලතල සම්බන්ධයෙන් ගැටලු රැසක් පැන නැගී තිබේ.

අගමැතිවරයාද කැබිනට් සංශෝධනය වලක්වමින් නොර්වේ බලා පිටත්ව යෑමට නියමිත අතර ඒ හෙතුවෙන් අමාත්‍යාංශය මරුවක් සිදුකිරිමට නොහැකි නම් ජනාධිපතිවරයා බලය සියත ගැනිම සදහා මෙහෙයුමක් දියත් කරමින් සිටින අතර එම මෙහෙයුමට අනුව අමාත්‍යාංශ කිහිපයකම බලාත්මක ආයත රැසක් සියතට ගැනිම සදහ කටයුතු කරමින් සිටින අතර ඒ සදහා අවශ්‍ය ව්‍යවස්ථාමය පියවර මේ වනවිට ක්‍රියාත්මක කරමින් සිටි.යම් හෙයෙකින් ජනපති බලය සියතට ගතහොත් මාධ්‍ය බලයෙන් වැඩි කොටසක් ද තමන්ගේ යටතට පවරා ගැනිමට කටයුතු කරනු ඇති බවද වාර්තා වේ.

Top