Published on: Oct 1, 2018 – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දේශපාලන තීන්දු රැසක් ගැනිම සදහා කටයුතු කරමින් සිටින බවට පලවන වාර්තා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය තුල සහ ඒකාබද්ධ විපක්ෂයේ අවධානය යොමු වි තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කලා.

ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ රනිල් පිළේ කිහිප දෙනෙකු සමග පැවැති විශේෂ සාකච්ඡාවකදි හදිසියේ පාර්ලිමේන්තුව රැස්කිරිම සම්බන්ධයෙන් දැඩි ලෙස අවධානය යොමුකර තිබේන අතර පාර්ලිමේන්තුවේ හදිසි රැස්වීමක් කැඳවන ලෙස අගමැතිවරයා නියෝග කලබවට පලවන වාර්ත සම්බන්ධයෙන් අවධානයි යොමුකර ඇති අතර පසුව දිනේෂ් ගුණවර්ධන කතානායක කරු ජයසූරිය මහතාට පාර්ලිමේන්තුව රැස්කරන ලෙස ඉල්ලා යවන ලද ලිපිය ගැන අවධානය යොමුකර ඇති අගමැතිවරයා එම ඉල්ලිම ඉවත ලන ලෙස දැනුම් දි තිබේ.

පාර්ලිමේන්තුව තුලදි අගමැතිවරයා පරාජය කොට පසුව එජාප,ශ්‍රිලනීප,16 කල්ලිය සහ මුස්ලිම්,දමිළ සුළු පක්ෂ මෙන්ම ඒකාබද්ධයේ පිරිසක් එක් කරගනිමින් ආණ්ඩුවක් සෑදිම සදහා කුමන්ත්‍රණයක් දියත් වෙමින් තිබේන බව එහිදි අගමැතිවරයාට දැනුම් දි ඇති අතර අගමැතිවරයා ඒහිදි පවසා ඇත්තේ කලබලයකින් තොරව කටයුතු කරන ලෙසයි.

“ජනාධිපති වෙනස්කම් ටිකක් කරයි… එත් ආණ්ඩුව වෙනස් කරන්න කටයුතු කරන්නෙ නෑ එකට ඉඩක් නෑ.. ” යනුවෙන් පවසා ඇති අගමැතිවරයා තමන්ගේ නොර්වේ සංචාරයෙන් පසුව ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අවධානය යොමුකිරිමට කටයුතු කරන බවත් පවසා තිබේ.

විශේෂයෙන්ම අග්‍රාමාත්‍යවරයා එහිදි පෙන්වා දි ඇත්තේ ජනාධිපතිවරයා ඇතුලු අනිකුත් පක්ෂ එක්ව තමන් අගමැතිකමින් ඉවත් කිරිමට කටයුතු කලද ඔහුන් බලාපොරොත්තු වන පුද්ගලයෙකු අගමැති ලෙස පත්කර ගැනිමට නොහැකි තත්ත්වයක් මතුවන බැවින් ඔහුන් එම අවදානම නොගන්නා බවයි.

මේ අතර 2018 අය-වැය ඡන්ද විමසීමේදී ආණ්ඩුව පරාජය කර පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වා අලුත් ආණ්ඩුවක් ගොඩනගා මහින්ද රාජපක්ෂ මහතා එහි අගමැති ලෙස පත්කිරිම සදහා කටයුතු කලයුතු බවට ඒකාබද්ධයේ පිරිසක් සාකච්ඡා කරමින් සිටින අතර ඒ සදහා 16 කල්ලියේ කිහිප දෙනෙකුද සහය ලබාදෙන බව වර්තා වේ.

කෙසේවෙතත් ඇමරිකාවේ ගොස් සිටී බැසිල් රාජපක්ෂ මහතාව වහාම ක්‍රියාත්මක වන පරිදි හදිසියේම පැමිණිමත් සමග ඔහු වෙනත් අදහසක් ඉදිරිපත් කර ඇති අතර ඒ අනුව මුලින්ම පළාත් සභා මැතිවරණය ජය ගෙන එම ජයග්‍රාහී පිම්මෙන්ම ජනාධිපතිවරණය විශාල ජන මතයකින් ජය ගෙන බලය අල්ල ගැනිමට කටයුතු කලයුතු බවයි.ඒ හරහා ජනත මතය පිළිබිඹුවන බවත් එය ජනාධිපතිවරණය ජය ගැනිමට බෙහෙවිම් ඉවහල් වන බවයි බැසිල්ගේ මතය වි ඇත්තේ.

මේ වනවිට ජනාධිපතිවරයා ජනාධිපතිවරණයට සුදානම් වෙමින් සිටින බවත් ඒ අනුව ලබන වසරේ නියමිත ලෙස කවුරුන් මොනවා කිවද මැතිවරණය පැවැත්වෙන බවද බැසිල් අවධාරණය කර තිබේ.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය අවසන් දේශපාලන තීන්දුවකට මෙතෙක් පැමිණ නොමැති අතර තෝරා ගත යුත්තේ කිනම් දේශපාලන උපාය මාර්ගය ද යන්න පිළිබඳව මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ අතර මේ වන විටත් සාකච්ඡා ආරම්භ වී තිබේ.

Published on: Sep 28, 2018- මීට දින කිහිපයකට ඉහතදී නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ(Nations Trust Bank) ඇමරිකන් එක්ස්ප්‍රස් ක්‍රෙඩිට් කාඩ් පත් හිමියෙකුට මුහුණ දීමට සිදුවූ අප්‍රසන්න අත්දැකීමක් පිළිබඳව අප කරැණු අනාවරණය කලා..බැංකු නියෝජිතයින් විසින් අදාළ ගනුදෙනු කරැට නින්දිත ලෙස බැනවදිමින් ඔහුගේ මිතුරන්ට සහ ඔවුන්ගේ නිවැසියන්ට දුරකථනය ඔස්සේ ගනුදෙණු කරැට අපහාස කරමින් හිංසා පමුණුවන ආකාරය අප විසින් පලකල හඬපටය හරහා අනාවරණය කල අතර අප ඒ හරහා බලාපොරොත්තු වුයේ රටේ මුල්‍ය පාලනයේ හිමිකාරිත්වය උසුලන ප්‍රධාන පෙලේ බැංකු වල මේ අකාරයේ හැසිරිමක් පැවැතිම කිසිසේත්ම අනුමත නොකරන නිසාවෙනී.

විශේෂයෙන්ම පසුගිය වසර 5ක පමණ කාලය තුල සක්විතිලාගේ සිට දඩුවම් මුදලාලිලා හරහා සෝමා එදිරිසිංහලා දක්වා රටේ ජනතාවගේ බිලියන ගණනක මුදල් වලට කෙලවා අවසානයේ තැන්පත්කරුවන්ට යන එන මං නැති කිරිම හෙට දවසේත් යලි යලිත් සිදුවිමෙ අවදානමක් රටතුල මතුවේමින් තිබේන නිසාමය.

මිට අමතරව නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ මහා පරිමාණයේ මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් මේ වනවිට අප විශේෂ වාර්තාකරු අනාවරණය කරගෙන තිබේන අතර ඒ අනුව රුපියල් ලක්ෂ් 1150ක මුදලක් සාපරාධි ලෙස විශ්වාසය කඩකර වංචාකර සාපරාධි,සාවද්‍ය ලෙස පරිහරණය කිරිම සම්බන්ධයෙන් බැංකුවට එරෙහිව B වාර්තාවක් හරහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ද කරුණු ගෙනුකර තිබේ.

ඒ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් බලාපොරොත්තු වන්න ….

“බලාගනින් ඔබලගේ පෞද්ගලික තොරතුරු ලීක් කරනවා…” නේෂන් ට්‍රස්ට් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ් හිමියන්ගේ පෞද්ගලික තොරතුරු අනතුරේ… ඔබත් NTB කාඩ් හිමියෙක් නම් මේ හඩපටය අහන්න …යනුවෙන් අප එදා කල අනාවරයෙන් පසුවත් මේ සටහන තබන අවස්ථාවේදිත් නේෂන් ට්‍රස්ට් බැංකුවට සම්බන්ධ මුදල් එකතුකරුවන් ලෙස පෙනී සිටින බැංකුව තුලම සේවය කරන නිලධාරින් හැසිරිම කණගාටුවට කරුණකි. තවද තවමත් මේ අකාරයට අසාධාරණයට ලක්වු අයට විසදුමක් ලබාදිමටද බැංකුව සමත් වි නෑ.

මේ සම්බන්ධයෙන් අදාළ ගනුදෙනු කරැගෙන් අප දීර්ඝ ලෙස කල විමසීමකදී ඔහු මෙසේ ප්‍රකාශ කලා.

” මම මේ ගැන බැංකුවේ වගකිව යුත්තෙක් දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගන්න උත්සහ කලා. ඒ බැංකුවේ ප්‍රධාන අංකයක් වන 0114414141 ඔස්සේයි. ඒ වෙලාවෙ මට කතා කලේ අයිලප්පෙරැම කියල කෙනෙක්. ඔහු තමන්ව හඳුන්වාදුන්නේ රිකවරි අංශයේ ප්‍රධානියා විදිහටයි. ඔහු මට කිව්වා මේ ගැන හොයල බලන්න පුළුවන් ඒත් ඊට පෙර ගෙවීමක් කරන්න කියල.. නමුත් මම ඔහුට දිගින් දිගටම කිව්වෙ මට සිදුවෙන අසාධාරණය ගැන ප්‍රථමයෙන් සොයාබලන්න කියලයි. ඒත් ඔහු ඒ ගැන තැකීමක් කල බවක් පෙනෙන්න තිබුණේ නැහැ. විශේෂයෙන්ම පැමිණිල්ලක් භාරගැනීමේදී පැමිණිලි අංකයක් ලබාදිය යුතු වුවත් ඒ කිසිවක් මට ලබා දුන්නේ නැහැ…”

හඬපටය….. 

“නමුත් මේ පැමිණිලි කිරීමෙන් පසුව මේ අපහස කිරීම් නැවතුනේ නැහැ. ඒ වෙනුවට තවතවත් හිංසාකාරී, අපහාසාත්මක දුරකථන ඇමතුම් දිගින් දිගටම ලැබුණා. පසුව නැවතත් ඉහත නිළධාරියා ඇමතීමේදී ඔහු ද මා හට තර්ජනාත්මකව බැනවැදුනා. ඔහු කිවවේ ගෙවීම් කරල එන්න. නැතුව පැමිණිලි කරන්න එපා. බාරගන්නේ නෑ කියල. ඔහු කිව්වා තවතවත් මෙවැනි දුරකතන ඇමතුම් ලැබෙයි. බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියාට පැමිණිලි කලත් බලය තියන්නේ තමන්ට නිසා පැමිනිලි කිරීමෙන් වැඩක් නැහැ කියල…”

හඬපටය…..

කවුද මේ අයිලප්පෙරැම…

“ දැන් මට බැංකුව ගැන විශ්වාසයක් නැහැ. ඒ නිසා මම මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නවා. මට සිදුවුණ අපහසය සම්බන්ධයෙන් වන්දි ඉල්ලා නඩු දමනවා. මට සිදුවුණ හිරිහැර සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නවා. මම අතුරැගිරිය පොලීසියට කල පැමිණිල්ලේ විභාගයට බැංකු නියෝජිතයින් පැමිණියේ නැහැ. ඒ ගැන තවදුරටත් නීති උපදෙස් අනුව කටයුතු කරනවා.”

මෙම තර්ජනාත්මක, අපහාසාත්මක සහ හිංසාකාරී ඇමතුම් ලබාදුන් දුරකථන අංක කිහිපයක් පහත් දැක්වේ. 0114331240, 0776151280, 0114682400, 0114328012, 0114331271, 0114331239. පසුව ඔහු විසින් බැංකුවේ ප්‍රධාන අංකය වන 0114414141 ඔස්සේ බැංකුවේ වගකිවයුතු නිලධාරියෙකු සම්බන්ධකරගත් අතර ඔහු විසින් ඔහුව හඳුන්වාදෙනු ලැබුවේ අයිලප්පෙරැම ලෙසයි.

http://198.211.112.164/archives/19334

Published on: Sep 28, 2018- මහජන බැංකුවේ (People’s Bank)සභාපති,ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හේමසිරි ප‍්‍රනාන්දු මහතා සිය පුත්‍රයාට ව්‍යාපාරයක් වෙනුවෙන් මහ බැංකුව මඟින් කළ නිර්දේශ මහජන බැංකුවේ පිළිගත් යහපාලන නීතිරීති මෙන්ම ජාත්‍යන්තර බැංකු රෙගුලාසිද කඩකරමින් උදවු කිරිමේ සිද්ධියක් අප මිට පෙර වාර්තාකල අතර සිය පුත්‍රය වන පවිත‍්‍ර ප‍්‍රනාන්දු යොදා ගනිමින් ජාතික දුම්රිය කෞතුකාගාරය නමින් තවත් හොර ජාවාරමක් දියත් කරමින් සිටින බවට තොරතුරු අනාවරණය වෙමින් තිබේ.

මහජන බැංකුවේ ජනතා මුදල් ගිලින හේමසිරිගේ තවත් සේල්ලම් එලියට… පුතාට සමාගම් මිළදි ගන්න බැංකුව උකසට තියා තාත්තා ලියුම් යවලා….(අනාවරණය පහලින් කියවන්න)

ජාතික දුම්රිය කෞතුකාගාරය (National Railway Museum,) ලෙස නාමකරණය කර දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් නොවන පුද්ගලික සමාගමක් මගින් ජාවාරමක් පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු මේ වන විටත් ක‍්‍රියාත්මක කරමින් ඇත.

කොළඹ මරදානේ දුම්රිය මූලස්ථානය අසල දුම්රිය ගබඩා අධිකාරි කාර්යාලය සතු ගොඩනැගිලි මේ සඳහා යොදාගෙන ඇත. මහජන බැංකුව සතු රුපියල් මිලියන 300 ක් වැයකරමින් නාවික හමුදා නිලධාරීන් යොදාගෙන ඉදිකිරීම් කටයුතු කරනු ලබන අතර, දුම්රිය දෙපාර්තමේන්තුවේ නම යොදාගෙන ලියාපදිංචි කරන ලද Railway Museum Gurantee Ltd සමාගම මෙම ජාවාරම කරගෙන යයි. මෙය සම්පූර්ණ වශයෙන්ම දුම්රිය අඥා පනතට පටහැනිව ලියාපදිංචි කරන ලද සමාගමකි.

මහජන බැංකුවේ මුදල් යනු මෙරට මහජනතාවගේ මුදල්ය. එනම් රජයේ මුදල්ය. දුම්රිය දෙපාර්තමේන්තුවේ ගොඩනැගිලි හා ඉඩම් යනු රජයේ දේපලය. රජයේ මුදල් හා රජයේ දේපල යොදාගනිමින්, දුම්රිය දෙපාර්තමේන්තුවේ නම යොදාගෙන රජයේ ආයතනයක් ලෙස හඟවා අදෘෂමාන දේශපාලන බලවේගයක් මගින් මෙම පෞද්ගලික සමාගම පවත්වාගෙන යන බව ඉතා පැහැදිලිය.

Railway Museum Gurantee Ltd සමාගමේ අයිතිකරු හේමසිරි ප‍්‍රනාන්දු මහතාය. එම සමාගමට අමතරව JF ටුවර් ඇන්ඞ් ට‍්‍රැවල්ස් ලංකා සමාගම ද ඔහුට හා ඔහුගේ පුත‍්‍ර පවිත‍්‍ර ප‍්‍රනාන්දුට අයත් තවත් සමාගමකි. දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් වෛස්රෝයි (Viceroy) විශේෂ සුඛෝපභෝගි දුම්රිය, Viceroy – 2 විශේෂ සුඛෝපභෝගි මැදිරිය T-1-515 විශේෂ රේල් කාර් රථය ධාවනය කරවීම සඳහා කොන්ත‍්‍රාත් ගෙන ඇත්තේද මෙම න්‍ත්‍ ටුවර් ඇන්ඞ් ට‍්‍රැවල්ස් ලංකා සමාගමය. එමෙන්ම කොළඹ කොටුව දුම්රිය ස්ථානය ආශ‍්‍රිව ඇති “Rail Tours” කාර්යාලයද මොහු විසින් බදු ගෙන ඇත. මෙම කොන්ත‍්‍රාත් වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් තුන්කෝටි පනස් ලක්‍ෂයකට අධික මුදලක් හේමසිරි ප‍්‍රනාන්දු මහතා දුම්රිය දෙපාර්තමේන්තුවට ගෙවා නැත. රජයේ විගණකාධිපති විසින් සිදු කරන ලද විගණන පරීක්‍ෂණයකින් අනතුරුව මෙම මහා චංචාව හෙළිකර ගැනීමට හැකි වී ඇත.

දුම්රිය දෙපාර්තමේන්තුවට එවැනි මහා මුල්‍ය වංචාවක් කළ පුද්ගලයෙකුට දුම්රිය දෙපාර්තමේන්තුවේ නම පාවිච්චි කරමින් සමාගමක් ලියාපදිංචි කිරීමටත්, රාජ්‍ය ආයතනයක නම යොදාගෙන ජාවාරමක් කිරීමටත් මේ ආණ්ඩුව ඉඩ සලසා ඇත. පාඩු ලබමින් මහජන සේවාවක් පවත්වාගෙන දුම්රිය දෙපාර්තමේන්තුවට හානි සිදුකරන මෙවැනි ජාවාරම් කාරයින්ට තවතවත් ඉඩකඩ සලසාදීම යහපාලන ආණ්ඩුවේ කාර්යභාරය වී ඇත.

එමෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු රුපියල් කෝටි ගණනක් නොගෙවා, රාජ්‍ය මුදල් අවභාවිතා කළ සිරගත කළයුතු ජාවාරම් කාරයෙකු වන හේමසිරි ප‍්‍රනාන්දු ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානියා ලෙස පත්කර ගැනීමත් යහපාලන ආණ්ඩු හොරුත් එක්ක හෙළුවෙන් සිටගෙන සිටන බව සනාථවීම කිරීමට තවත් උදාහරන අවශ්‍ය නැත. මේයින් පෙනී යන්නේ මහජන ආයතනයක් වන දුම්රිය දෙපාර්තමේන්තුව විනාශ කිරීම සඳහා පිඹුරුපත් සකස්කරන බවකි. පාලක මණ්ඩල පත්කර දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් බවට පත්කිරීමට කටයුතු කරන්නේ ද මෙම ජාවාරම් කාරයින් හා ඒ සඳහා ඔහුන්ට ඉඩකඩ සලසන දේශපාලන බලවෙග බවද ඉතා පැහැදිලිය.

http://198.211.112.164/archives/19134

Published on: Sep 27, 2018- යම් නඩු කටයුත්තකදී නිරායාසයෙන් එල්ලවන හා සූක්ෂමව පාදා ගන්නා තොරතුරු සාක්ෂි හා ලේඛන මත වැරදිකරුව්නට දඩුවම් සිදුකළ යුතු වුවත් සාක්ෂි කරුව්නට මෙන්ම නීතිඥවරුන්ටද තර්ජන හා බලපෑම් කොට කලූතෝට් ගලවන බවට බිය ගන්නවා පාතාලේ ක්‍රමයටත් එහා ගිය ක්‍රමවේද වත්මන් නීතිපති දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරින් ක්‍රියාත්මක කරයි නම් නීතියේ දෙවගන පමණක් නොව මේ රටේ සමස්ත ජනතාවටම අබ සරණ බව අමුතුවෙන් කිවයුතු නොවේ.

මේ හරහා සිදුවන්නේ දේශපාලඥයන්ගේ උසිගැන්විම් හෝ මුදල් මලූ හෝ දැනහැදුනුම්කම් තර්ජන බියවැද්දිම් මත සියල්ල තීන්දු වී වැරදිකරු නිවැරදිකරු වී නිවැරදිකරු වැරදීකරු බවට පත්වී නීති ක්ෂේත්‍රයම නරාවලක් බවට පත්විම මහා ඛේදවාචකයක් බවට පත්විමය.

නීතියේ දෙවගන සාධාරණය. ඒතුළ නීතිය කාටත් එකය. එහෙත් එම දෙවගනට හරිහමග යාමට පාර කියන නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ හා එහි තවත් නිලධාරින් හතරකට එරෙහිව අලූත්කඩේ උසාවියේ ක්‍රියාත්මක බෝගොඩගේ චන්දන පෙරේරා නම් නීතිඥයෙකු විසින් අපූරු පැමිණිල්ලක් සිදු කර තිබේ.

පොලිස්පති, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව බාර නියෝජ්‍ය පොලිස්පති, නිතිපති, අග්‍රවිනිශ්චයකාර, අධිකරණ ඇමතිනි තලතා අතුකෝරාල, නිතිය, සාමය හා රාජ්‍ය පරිපාලන ඇමති රංජිත් මද්දුම බණ්ඩාර හා නිතිඥ සංගම්වලට එම නිතිඥයා විසින් අදාළ පැමිණිලි සිදු කොට ඇත.

චන්දන පෙරේරා නම් නිතිඥයා මෙන්ඩිස් සමාගම වෙනුවෙන් පෙනී සිටින නිතිඥ කෝලිත ධර්මවර්ධනගේ නීතිඥ කණ්ඩායමේ අයෙකි. අදාළ පැමිණිල්ලෙන් කියවෙන්නේ අතිරේක සොලිසිටර් ජනරාජල් යසන්ත කෝදාගොඩ ඇතුළ නිලධාරින් සිව් දෙනෙකු විසින් නඩු කටයුත්තකට අදාළ තොරතුරු හා ලියකියවිලිවල විස්තර එළිකරන ලෙස තර්ජනය කරමින් බිය වැද්දීමට ක්‍රියාකල බවය.

යම් නඩුවකදී තම සේවාදායකයාගේ විස්තර ඉල්ලීම හා තර්ජනය කිරීම නීති විරෝධි මෙන්ම සදාචාර විරෝධි මෙන්ම නීතිඥ ආචාර ධර්මවලටද පටහැනි ක්‍රියාවක් බව අමුතුවෙන් කිය යුතු නොවේ. තවද නීතිපතිවරයා විසින් චන්දන පෙරේරා නම් නීතිඥයා කැදවා ප්‍රශ්න කොට ඇති බවද කියවේ. එයද නීතියට හා සදාචාරයට පටහැනි ක්‍රියාවක් බව නීති අංශවල මතයවේ.

මීට පෙරද මහබැංකුවේ පදුමන් නම් නිලධාරියෙකු නිතිපති දෙපාර්තමේන්තුවට කැදවා බැන තර්ජනය කිරීමක් ගැන ද යසන්ත කෝදාගොඩ එරෙහිව මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ. මෙකී ඉහත ක්‍රියාවලිය සිදුවන්නේ බැදුම්කර ගණුදෙනුවට අදාළව මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩු කටයුත්තකට අදාලවය.

එම නඩුවට පර්පචුවෙල් ටෙෂරීස්, මෙන්ඩිස් හා පෝල්ට් ඇන්ඩ් රෝ වැනි පාර්ශව කිහිපයක් සිටී. ඔවුන් විත්තිකාර පාර්ශවය වේ. මේ සමාගම් අර්ජුන ඇලෝසියස්ලාට අයිති ඒවාය. එම නඩු කටයුත්තේදී චෝදනාව වී ඇත්තේ බැදුම්කර ලාභයෙන් ගත් මුදල් ඉහත සමාගම් වෙත යවා ඒ සමාගම් හරහා විවිධ පක්ෂවල දේශපාලඥයින්ට ද ඒවා බෙදා දී ඇති බවය. එම නඩුවේදී විත්තිකරුවන් වෙනුවෙන් කෝලිත ධර්මවර්ධන නීතිඥ කණ්ඩායම හා නීතිඥ චන්දන පෙරේරා ද ක්‍රියාකරයි.

CID පාතාලය

පසුගිය දිනක එම නඩුවට අදාළව CID යට ප්‍රකාශ ලබා දෙන ලෙස ඉල්ලා මෙන්ඩිස් සමාගමේ සේවකයන් හතර දෙනෙකුට කැදවීම් ලැබී තිබේ. සේවකයන් බියවී කටඋත්තර දීමට පෙර චන්දන පෙරේරාව කොළඹකොටුව GOH හෝටලයේදි හමුවී තිබේ. පසුව චන්දන සමඟ එම සේවකයින් CID ය වෙත ගියේය. චන්දන පැය 02 ක් CID හි හිද ඉන් පිටවී ගියේ සේවකයන් හතර දෙනා ස්ථාන හතරකට ගෙනයාම නිසාය.එය සිදුව ඇත්තේ 2018/08/31 දාය. හවස 4.00 ට චන්දන CID හි CIU ඒකකයේ ප්‍රධාන පොලිස් පරික්ෂකය සුමනතිස්සට කතා කොට තිබේ. තවම පරික්ෂණ ඉවර නැති බව ඔහු කියා තිබේ. රාත්‍රී 7 – 8 අතර ද චන්දන යළිත් CID වෙත කතා කොට ඇති අතර ඒ වන විටද කටයුතු හාර වී නොතිබූ නිසා දන්දන රාත්‍රී 8 ට යළිත් CID ය ලගට ගොස් තිබේ.

යළිත් ඇමතුම් දුන් විට රාත්‍රී 9.30 ට අදාළ සේවකයන් 04 දෙනා එළියට එවා තිබේ. එහිදි සේවකයන් තිදෙනෙකු චන්දනට කියා ඇත්තේ මෙන්ඩිස් සමාගමේ මුදල් කළමනාකරු වන සුජිත් අල්විස් (සිව්දෙනාගෙන් කෙනෙකි) නැමැත්තා සිව් දෙනා එකතු වී ලේඛන වගයක් විනාශ කළ බවට CID ට කිව් බවය. නමුත් සිව් දෙනාගෙන් අනෙක් තිදෙනා කියා ඇත්තේ ලේඛන විනාශ නොකළ බවය. පසුව සුජිත් නැමැත්තා හා සෙසු සේවකයන් තිදෙනාට CID ය “ඇත්ත කියාපල්ලා” යයි තර්ජනය දමා CID යට අවශ්‍ය ලෙස ප්‍රකාශ 03 ක් ලබා ගත් බවය. උදේ බොරු කීවේ චන්දන නිතීඤයාගේ උපදෙස් මත බවට එම ප්‍රකාශයේ සටහන් තැබු බවද එම සේවකයන් චන්දනට කියා තිබේ.

පසුව 2018/09/12 දා යසන්ත කෝදාගොඩ විසින් චන්දනව කැදවා තිබුණේ නීතිපති දෙපාර්තමේන්තුවටය. එහිදි යසන්ත කෝදාගොඩ සමඟ නිතිඥ හරිප්‍රියා ජයසුන්දර නම් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියා පෙන්ඩ්‍රයිව් එකකින් වීඩියෝවක් පෙන්වා චන්දන GOH එකට ඇතුල්වන අයුරු පෙන්වා තිබේ.

ඔබ සාක්කිකරුවන්ට සාක්කි වසන් කරන ලෙස උපදෙස් දුන් බව ඒ අය හෙළිකලා යයි යසන්ත චන්දනට කියා තිබේ. ඔබට හිරේ යන්න වේවි කියලාත් ඔහු කියා තිබේ. කලූ කෝට් ගැලවේවි. මම කණගාටු වෙනවා මගේ බැච් එකේ කෙනෙකුට විරුද්දව රිපෝට් එකක් ලියන්න සිදුවිම ගැන කියාත් යසන්ත චන්දනට කියා තිබේ. විනාස නොකල වවුචර් සෙට් එකක් තිබෙන බවත් ඒවා සාක්ෂිකරුවෙකු අතේ ඊළග දිනයේ ප.ව 1.30 ට පෙර CID යෙහි මෙම පරික්ෂණය බාර එස්.එස්.පි අම්පාවිල අතට පත් කරන ලෙසත් කියා තිබේ.

RW, RK, NR යන කෝඩ්වලින් ඉන්නේ කවුද?

RW, RK, NR යන කෝඩ්වලින් කියවෙන අයගේ නම් එළිකරන ලෙසද යසන්ත කෝදාගොඩ ඉල්ලා තිබේ. මම ඒ ගැන හෝ වවුචර් ගැන නොදන්නා බව චන්දන කියා තිබේ. අපේ මේ මීටිම වැරදි එකක් වුනත් මම එය සාධාරණ බව අගවන්න පියවර ගන්නා බවද යසන්ත එහිදි කියා තිබේ. එදින යසන්ත සමග තවත් කාන්තා නීතිඥවරියන් සිව් දෙනෙකුද සිට තිබේ. එහිදී නීතිඥ හරිප්‍රියා යසන්තට කියා ඇත්තේ ඔබ මේ කරන විදිය වැරදියි. ඔබ මෝඩ වැඩක් මේ කළේ. මෙයා මෙව්වා එළියේ කිව්වොත් මොකද වෙන්නේ කියාය. එමෙන්ම මට මේ සිද්ධිය ගැන නීතිපතිට දිව්රුම් ප්‍රකාශයක් දෙන්න වේවි කියලාත් හරිප්‍රියා යසන්තට කියා තිබේ.

එළියට පැමිණි චන්දන තම ජ්‍යෙෂ්ඨ නීතිඥ කෝලිත ධර්මවර්ධන හමුවී සියලූ සිදුවිම් පවසා දෙදෙනා නම ගිය ජනාධිපති නිතිඥයෙකුට කතා කොට තිබේ. පසුව යසන්තගේ වැරදි ප්‍රශ්න කිරිම හා තොරතුරු ඉල්ලීම හා තර්ජන ස්වරූපයෙන් ක්‍රියා කිරීම ගැන නීතිපතිට පැමිණිලි කිරීමට තීන්දුවී තිබේ. ඊට පසුදා ඉහත දැක්වූ ජනාධිපති නීතිඥයා මේ ගැන නීතිපතිට කතා කොට තිබේ. අනතුරුව නීතිපති යසන්තට කතා කොට නීතිඥ මහත්වරුන්ට බලපෑම් කිරිම හා ඔවුන්ට එරෙහිව ක්‍රියා කිරීම නවතන ලෙසත් වහාම පැමිණ මා හමුවන ලෙසත් නීතිපති යසන්තට දැනුම් දී තිබේ.

නීති ක්ෂේත්‍රයම නරාවලක් බවට පත්විමට පෙර 

යම් නඩු කටයුත්තකදී නිරායාසයෙන් එල්ලවන හා සූක්ෂමව පාදා ගන්නා තොරතුරු සාක්ෂි හා ලේඛන මත වැරදිකරුව්නට දඩුවම් සිදුකළ යුතු වුවත් සාක්ෂි කරුව්නට මෙන්ම නීතිඥවරුන්ටද තර්ජන හා බලපෑම් කොට කලූතෝට් ගලවන බවට බිය ගන්නවා පාතාලේ ක්‍රමයටත් එහා ගිය ක්‍රමවේද වත්මන් නීතිපති දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරින් ක්‍රියාත්මක කරයි නම් නීතියේ දෙවගන පමණක් නොව මේ රටේ සමස්ත ජනතාවටම අබ සරණය. මන්ද දේශපාලඥයන්ගේ උසිගැන්විම් හෝ මුදල් මලූ හෝ දැනහැදුනුම්කම් තර්ජන බියවැද්දිම් මත සියල්ල තීන්දු වී වැරදිකරු නිවැරදිකරු වී නිවැරදිකරු වැරදීකරු බවට පත්වී නීති ක්ෂේත්‍රයම නරාවලක් බවට පත්විම මහා ඛේදවාචකයක් බවට පත්වනු ඇති නිසාය.

එහෙයින් නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරින්ට එරෙහිව තර්ජන කිරීම් බියවැද්දීම් හා නඩු කටයුත්තකට අදාළ ලියකියවිලි හා තොරතුරු ඉල්ලීම වැනි නීති විරෝධි නිති ආචාර ධර්මවලට පටහැනි බවට නීතිඥ චන්දන පෙරේරා විසින් සිදුකළ පැමිණිල්ල ගැන විධිමත් පරික්ෂණයක් සිදුකිරීම පොලිසිය නිතිපති දෙපාර්තමේන්තුව නීතිඥ සංගම් මෙන්ම අදාළ මැතිඇමැතිවරු ප්‍රමුඛ සමස්ත ආණ්ඩුවේම වගකීමක් බව අමුතුවෙන් පෙන්වාදිය යුතු නොවේය.

පසුව යසන්තට එරෙහිව නීතිඥ චන්දන පැමිණිලි කළ පසු පුවත්පත්වල කිහිපදෙනෙක් හරහා චන්දනට පණිවිඩ එවා ඇත්තේ හමුවීමට හා සමතයකට කතා කිරිමටය. එහෙත් චන්දන එය ප්‍රතික්ෂේප කොට තිබේ.

Published on: Sep 26, 2018- ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් එම පවු‍ලේ සෙසු සාමාජිකයනුත් ඝාතනය කිරීමේ සැලසුමක් තිබූ බවට සැකකාර ඉන්දියානු ජාතිකයා අනාවරණය කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (25) පස්වරුවේ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවියට දැනුම් දුන්නේය.

ඝාතන කුමන්ත්‍රණ සිද්ධියේ පැමිණීලිකරු වූ නාමල් කුමාර යන අයගේ නිවසට පැමිණී බව කියන ඉන්දියන් ජාතිකයා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ප්‍රකාරව තවදුරටත් රදවා තබාගෙන ප්‍රශ්න කිරීමට සූදානම් බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අද (25) කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ සදහන් කළේය.

දූෂණ විරෝධී ව්‍යාපාරයේ අධ්‍යක්ෂ නාමල් කුමාර නමැත්තා සමග සබඳතා පැවැත්වූ එම්. තෝමස් නමැති එම ඉන්දියානු ජාතිකයා එවැනි ඝාතන සැලසුමක් තිබූ බවට ඔහුගෙන් ලබාගත් ප්‍රකාශ අනුව හෙළිකර ඇති බැවින් එම සැලසුම කවුරුන් කා සමග සකස් කළේද යන්න අනාවරණය කරගැනීම විමර්ශන සිදුකරන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහිදී අධිකරණයට දැනුම් දුන්නේය.

එම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය මේ වන විටත් රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරන එම ඉන්දියානු ජාතිකයාගෙන් අනාවරණය වන තොරතුරු ඔස්සේ වැඩිදුර විමර්ශන කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.

ජනාධිපතිවරයා හා හිටපු ආරක්ෂක ‍ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ඇති බවට අනාවරණය කළ දූෂණ විරෝධී ව්‍යාපාරයේ අධ්‍යක්ෂ නාමල් කුමාර නමැත්තාගේ කටහඬ සාම්පල් ලබාගැනීම සඳහා ඔහුව අද පෙරවරු 10.00 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කරන ලෙසටද මහේස්ත්‍රාත්වරිය එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වැඩිදුරටත් නියෝග කළාය.

මේ වන විට අනිවාර්ය නිවාඩු යවා ඇති නියෝජ්‍ය ‍පොලිස්පති නාලක ද සිල්වා මහතා සමග නාමල් කුමාර නමැත්තා අතර ඇතිවූ දුරකථන සංවාද සනාථ කරගැනීම සඳහා සිදුකරන විමර්ශනවලට නාමල් කුමාර නමැත්තාගේ කටහඬ සාම්පල් ලබාගැනීමට අවසර ලබාදෙන ලෙසට කළ ඉල්ලීමක් සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය එම නියෝගය කළාය.

දූෂණ විරෝධී ව්‍යාපාරයේ අධ්‍යක්ෂ නාමල් කුමාර නමැත්තා හෙළිකළ තොරතුරු අනුව ඔහු සමග සබඳතා පැවැත්වූ එකී ඉන්දියානු ජාතිකයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටියදී එකී තොරතුරු ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හෙළිකර තිබුණි. සංචාරක වීසා මත ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර එකී ඉන්දියානු ජාතිකයාගේ වීසා කාලය මේ වනවිට අවසන්ව තිබියදීත් රාගම ප්‍රදේශයේ පිහිටි කාමරයක් කුලියට ගෙන ඔහු නවාතැන්ගෙන සිට ඇති බවත් ඔහු ශ්‍රී ලංකාවේ කිසිඳු රැකියාවක් සිදුකර නොමැති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහිදී අධිකරණයට වැඩිදුරටත් දැනුම් දුන්නේය.

Published on: Sep 25, 2018- දිනෙන් දින බාල්දු වන රුපියලත්ය, මේ මතුවෙමින් තිබෙන ආර්ථික අර්බුදය වත්මන් ආණ්ඩුවේ අමනෝඥ ආර්ථික ප්‍රතිපත්තිය හා ලංකාවට අවේනික ආර්ථික කලමණාකරන උපායමාර්ගයක් නොමැතිවීමේ ආනිසංශය බව නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපති,පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා කියා සිටි.

 

රුපියලේ බිඳවැටීම හා යහපාලන ආණ්ඩුවේ ආර්ථික අවපාලන

යහපාලන ආණ්ඩුව බලයට පැමිණි දා සිට ඇමරිකානු ඩොලරයට සාපේක්‍ෂව රුපියලේ අගය පහත වැටීමේ ප්‍රවනතාවයක් පැවතුණි. එය අද වන විට  භයානක නායයෑමක් දක්වා වර්ධනය  වී ඇත. 2014 අවසානයේදී රුපියල් 131 ක් වූ ඩොලරයේ මිල අද රුපියල් 170 ඉක්මවා ගොස් දිනපතාම තවදුරටත් අවප්‍රමාණය වෙමින්  පවතී. රුපියලේ වටිනාකම මේ ආකාරයට කඩා වැටීමට හේතුව වෙනත් මූල්‍ය ඒකකයන්ට සාපේක්‍ෂව ඩොලරයේ අගය ඉහල යෑම යැයි ආණ්ඩුවේ ප්‍රධානීන් කියයි. මගේ ආණ්ඩු කාලය තුළ 2007 – 2008 වසර වලදී ඇතිවූ ලෝක ආර්ථික අර්බුදය හේතුකොටගෙන දකුණු කොරියාව, ඉන්දුනීසියාව, තායිලන්තය, පිලිපීනය, මැලේසියාව ඇතුළු ආසියානු රටවල් ගණනාවක මුදල් ඒකක ඇමරිකානු ඩොලරයට සාපේක්‍ෂව විශාල වශයෙන් කඩා වැටුණි.  එදා ඒ ඇතිවූ ලෝක ආර්ථික අර්බුදයෙන් ලංකාවට කිසිදු බලපෑමක් සිදු නොවනබවට වලබලා ගැනීමට අපේ ආණ්ඩුව සමත්විය.

2007 – 2008 වසර වලදී මුලු  ලෝකය පුරාම හමාගිය දරුණු  ආර්ථික අර්බුදයක් තිබුණු බව වත් බොහෝ ශ්‍රී ලාංකිකයින් දැනගෙන සිටියේ නැත. 2007 දී රුපියල් 110.62 ක් වූ ඇමරිකානු ඩොලරය 2009 දී ලෝක ආර්ථික අර්බුදය අවසන් වූ පසුත් රු. 114.94 ක අගයක පැවතියේය. 2008 දී ඇමරිකාවේ එෆ්.බී.අයි ආයතනය ලෝකයේ දරුණුම ත්‍රස්තවාදී සංවිධානය හැටියට නම්කරනු ලැබූ කොටි සංවිධානය මගේ ආණ්ඩුව විසින් පරාජය කරනු ලැබුවේ 1930 ගණන් වලින් පසුව ලෝකයේ ඇතිවූ දරුණුම ආර්ථික බිඳවැටිම මධ්‍යයේය. ආණ්ඩුවේ කාර්යභාරය වන්නේ අර්බුද කළමනාකරණය කිරීම මිස ඒ ගැන මැසිවිලි නැඟීම නොවේ. 2008දී මුලු ලෝකය පුරාම හමා ගිය ඒ දරුණු ආර්ථික අර්බුදයෙන් බේරී සිටීම අපටද යුහුසුලුව නොයෙක් පියවර ගැනීමට සිදුවිය. ලංකාවේ එක් වානිජ බැංකුවක් අස්ථාවර බවක් පෙන්නුම් කල විට, අපි එය වහාම රාජ්‍ය බැංකුවක අධීක්‍ෂණය යටතට පත්කොට මුලු බැංකු ක්‍ෂේත්‍රය පුරාම පැතිරීමට ඉඩ තිබූ අර්බුදයක් වලක්වා ගත්තෙමු.

ජනාධිපතිඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු ව්‍යාපාරික ආයතන වලට දිරිගැන්වීම් ලබාදී දේශීය නිශ්පාදනය උනන්දු කරවීම සඳහා ආනයන බදු වැඩි කිරීම වැනි ක්‍රියාකාරකම් තුළින් ඇමිරිකානු ආර්ථිකය ශක්තිමත් කොට ඇත. දේශීයව නිපදවිය හැකි දේවල්, විශේෂයෙන්ම කිරි නිශ්පාදන, බඩ ඉරිඟු, සෝයා, සීනි, ලූනු, අර්තාපල්, පලතුරු, එලවලු, කුකුල් මස් හා ඇතැම් කාර්මිකනිශ්පාදන මෙරටේම නිපදවාආනයන අඩු කිරීමේ ප්‍රතිපත්තියක් මගේ ආන්ඩුවටද තිබුණේය. ඊට වෙනස්ව වත්මන් ආණ්ඩුව අනුගමනය කරන්නේ කෙලවරක් නැති නිදහස් ආනයනික වෙළඳ  ප්‍රතිපත්තියකි. ආනයන අඩුකොට අපනයන වැඩි කිරීමට කිසිදු උපායමාර්ගයක් ඔවුන්ට නැත. ආණ්ඩුවක කාර්යභාරය වන්නේ ලෝක ප්‍රවනතා අධ්‍යනය කොට එයට සමගාමීව අපගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට පියවර ගැනීම මිස විදේශීය රටක නායකයෙකු ඔහුගේ ආර්ථිකය ශක්තිමත් කර තිබෙන බවත්, ඒ හේතුවෙන් අපේ රුපියලේ අගය බිඳ වැටෙමින් පවතින බවත් කියමින් මැසිවිලි නැගීම නොවේ.

අපගේ මුදල් ඒකකයේ වටිනාකම පවත්වාගෙන යෑම සඳහා විදේශීය රටවල ආර්ථික උදාසීනත්වය මත රදා පවතින ආණ්ඩුවක් අපට සිටියහොත් මේ රට දරුණු අර්බුදයකටඇද වැටීම වැලැක්විය නොහැක. රුපියලේ බිඳවැටීම නිසා සිදුවන්නේ සියලුම පරිභෝජන භාණ්ඩ හා අමුද්‍රව්‍ය වල මිල වැඩිවීම පමණක් නොවන බව අප අවබෝධ කරගතයුතුය. 2015, 2016, 2017 යන වසර වලදී අදට වඩා තරමක් අඩුවෙන් රුපියලේ අගය පහතවැටීම හේතුවෙන් වුවද ශ්‍රී ලංකාවේ විදේශීය ණය බර රුපියල් බිලියන 697 කින් වැඩිවී ඇති බව මහ බැංකු වාර්තා වල සඳහන් වේ. විදේශීය ණය ගෙවීම සඳහා රුපියල් වලින් ආදායම් උපයා ඩොලර් මිලදී ගැනීමට ආණ්ඩුවටසිදුවේ. මෙම වසර තුළ සිදුවී ඇති රුපියලේ කඩාවැටීම නිසා විදේශීය ණය බර කලින් අවුරුදු වලටත් වඩා දරුණු අන්දමට වැඩිවනු ඇත.

2015 පාර්ලිමේන්තු මැතිවරණය ජය ගැනීම සදහා වත්මන් ආණ්ඩුව කිසිදු වග විභාගයකින් තොරව සිදුකල වැටුප් වැඩි කිරීම, ඉන්ධන මිල පහත හෙලීම හා ඇතුම් ආනයනික ආහාර ද්‍රව්‍ය වල බදු අඩු කිරීම වැනි ක්‍රියාකාරකම් නිසා ආණ්ඩුවේ වියදම් එක්වරම වැඩිවූවා පමණක් නොව ඉන්ධන හා මෝටර් රථ ආනයනයද වැඩි විය. මේ නිසා ඇතිවු වෙලඳ හා අයවැය පරතරය පියවීමට ආණ්ඩුව මහා පරිමානයෙන් ණය ගැනීමට පටන් ගත්තේය. විනිමය අනුපාතයේ සුලු වෙනසකින් වුවද විදෙස් ණය බර විශාල වශයෙන් වැඩිවිය හැකි නිසා මගේ ආණ්ඩුව විදේශීය වානිජ ණය ගැනීමේදී ඉතාමත්ම ප්‍රවේසම් විය. උදාහරණයක් වශයෙන් මගේ ආණ්ඩුව ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුත් කරනු ලැබුවේ අවුරුද්දකට දෙවතාවක් පමණි. එයින් ලබා ගන්නා ලද ණය ප්‍රමාණයද අවුරුද්දකට ඩොලර් මිලියන 350 ක සාමාන්‍ය අගයක් ඉක්මවූයේ නැත.

ණය ආපසු ගෙවීම ආර්ථිකයට දරාගත නොහැකි බරක් නොවන්නට නම්, විදේශ විනිමය ණය පරිමාව ඉතා ප්‍රවේසමෙන් පාලනය කළ යුතුය. නමුත් වත්මන් ආණ්ඩුව ඉවක් බවක් නොමැතිව විදේශීය වානිජ ණය ලබාගෙන තිබේ.  2015 ජනවාරියේ සිට අද දක්වා මෙම ආණ්ඩුව ලබාගෙන ඇති මුලු විදේශ විනිමය ණය ප්‍රමාණය ඇ.ඩො. බිලියන 20.7 ක් වේ. ඒ 2015 ජනවාරියේ සිට අද දක්වා ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුත් කිරීම තුළින් ඩොලර් බිලියන 8.2 ක්, 2015, 2017 හා 2018 වන වසර වලදී නිකුත් කරන ලද සවරින් බොන්ඩ් තුළින් ඩොලර් බිලියන 6.1ක්, 2015 හා 2016 ඉන්දියාව සමඟ ඇතිකරගත් කරන්සි ස්වොප් ණය තුළින් ලබාගත් ඩොලර් බිලියන 2.2 ක්, 2016, 2017 හා 2018 යන වසර වලදී ජාත්‍යන්තර බැංකු හාරහා ලබාගෙන ඇති සින්ඩිකේටඩ් ලෝන් ඩොලර් බිලියන 2.7 ක් හා 2016 දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබාගත් ඩොලර් බිලියන 1.5 ක් වශයෙන් වෙන්කොට පෙන්විය හැක.

විදෙස් ණය බර නිසා රුපියලේ අගයඅවප්‍රමාණයවීමත්, ඒ අවප්‍රමාණය නිසාම අපගේ විදේශීයණය බර තවත් වැඩිවන විෂම චක්‍රයකට අප දැන් හසුවී සිටී.රුපියලේ බිඳ වැටීම හේතුවෙන් ජාත්‍යන්තර වෙළඳපලේ භාණ්ඩ වල මිල අඩුවීමේ වාසියද ලංකාවේ ජනතාවට අහිමි වී තිබේ. මෙම වසර තුළ තුන් වතාවක් ඉන්ධන මිල වැඩිකොට ඇත. අද පෙට්‍රල් ලීටරයක් රු.149 ක් වන අතර ඩීසල් ලීටරයක් රු. 123 ක් වේ. නමුත් බොරතෙල් බැරලයක මිල ඩොලර් 80ටත් අඩුය. මගේ ආණ්ඩුවේ අවසන් අවුරුදු හතර තුළ දී වූ බැරලයකට ඩොලර් 109 ක්වූ සාමාන්‍ය බොරතෙල් මිලට වඩා අද බොරතෙල් මිල බෙහෙවින්ම අඩුය. 2008 දී අපි බැරලයකට ඩොලර් 97 ගණනේ බොරතෙල් ගෙන්වන විට ලංකාවේ පෙට්‍රල් ලීටරයක මිල රු. 120 ක් වූ අතර ඩීසල් රුපියල් 70 ක් විය. අද ලෝක වෙළඳපොලේබොරතෙල් වල අඩු මිලත් ලංකාවේ ඉන්ධන වල ඉහල මිලත්අතර නොගැලපීමට  ප්‍රධාන හේතු රුපියලේ අවප්‍රමාණය හා ඉන්ධන මත පනවා ඇති බදුය. ආණ්ඩුව ඔවුන්ගේඉන්ධන මිල සූත්‍රය මොනම හේතුවකටවත් ප්‍රසිද්ධ නොකරන්නේ එයින් ආණ්ඩුවේ නොහැකියාව මෙන්ම ඉන්ධන මත අයකරන බදු ප්‍රමාණයද හෙළිවන නිසාය.

ඉන්දියානු රුපියල ලංකාවේ රුපියලටත් වඩා අවප්‍රමාණය වී ඇති බව කියමින් ආණ්ඩුව මේ ඇති වී තිබෙන තත්වය සුලුකොට පෙන්වීමට උත්සාහ දරමින් සිටී. නමුත් ඉන්දියාවේ ආර්ථිකය ලංකාවේ ආර්ථිකය මෙන් දෙගුණයක පමණ අගයකින් වර්ධනය වෙමින් පවතින නිසා ඔවුන්ගේ ඔරොත්තු දීමේ ශක්තිය වැඩිය. අප අද මේ අත්විදිමින් සිටින්නේ මාගේ ආණ්ඩුව කාලයේ මතුවෙමින් පැවති නිශ්පාදන ආර්ථිකය පසෙකලා එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රතිපත්ති අනුව වෙලඳ ආර්ථිකයකට පරිවර්තනය වීමේ ආනිසංශයි. අපට දැන් ලැබී ඇති දායදය වන්නේ 4% කටත් අඩු වර්ධන වේගයත්, බඩු මිල ඉහලයෑමත්, දේශීයව නිශ්පාදනය කල හැකි භාණ්ඩ පවා වැඩි වැඩියෙන් ආනයනය කිරීමත්, වත්මන් ආණ්ඩුව පරිභෝජනය සඳහා ලබා ගත් කෙටි හා මධ්‍යම කාලීන විදේශීය වානිජ ණය ගෙවීමත්, දිනෙන් දින බාල්දු වන රුපියලත්ය. මේ මතුවෙමින් තිබෙන ආර්ථික අර්බුදය වත්මන් ආණ්ඩුවේ අමනෝඥ ආර්ථික ප්‍රතිපත්තිය හා ලංකාවට අවේනික ආර්ථික කලමණාකරන උපායමාර්ගයක් නොමැතිවීමේ ආනිසංශයි.

 

මහින්ද රාජපක්‍ෂ

ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති

Published on: Sep 22, 2018- මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස කටයුතු කල , රොඩ් ගිල්බට් එල් .ටි .ටි .ඊ සංවිධානය සමග සබදතා පැවැත්වූ බවට සිදු කරන ලද පරීක්ෂණවලදී අනාවරණයවූ අතර පසුව අධිකරණ නියෝග මත ඔහුව මෙරටින් පිටුවහල් කරනු ලැබු අතර එසේ තිබියදී හොර රහසේ මෙරටට පැමිණ ඔහු මහනුවර රැඳී සිටියදි ඔහු ඔහුව අත්අඩංගුවට නොගෙන සිටීමටත් ආරක්ෂාව ලබාදීමටත් එවකට මහනුවර නියෝජ්‍ය ‍පොලිස්පතිවරයාව සිටි වත්මන් පොලිස්පති පූජිත් ජයසුන්දර කටයුතු කර තිබේන බවට එල්ල වන් චොදන සම්බන්ධයෙන් වහාම දින3ක් තුල පරික්ෂණ සිදුකර වාර්තාකරණ ලෙස පොලිස් කොමිසම නියෝග කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

මේ අතර පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව ඇති රුපියල් ලක්ෂ 120 අල්ලස් පැමිණිල්ල ගැන පරීක්ෂණයක් පැවැත්වීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම තීරණය කර තිබේන අතර මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයෙක් වන රොඩ් ගිල්බට් නමැත්තාව අත්අඩංගුවට නොගෙන සිටීමට එම අල්ලස් මුදල පූජිත් ජයසුන්දර මහතා විසින් ලබාගෙන ඇති බව අල්ලස් කොමිසමට ලැබි ඇති පැමිණිල්ලෙහි සඳහන් වේ.

පූජිත් ජයසුන්දර මහතා මහනුවර නියෝජ්‍ය ‍පොලිස්පතිවරයාව සිටි 2008 වසර තුළදී එම අල්ලස චෙක්පතකින් ලබාගෙන ඇති අතර ත්‍රිත්ව විද්‍යාලයේ විදුහල්පතිවරයා විදේශිකයෙක් වන අතර අධිකරණ නියෝගයකින් ඔහුව මෙරටින් පිටුවහල් කරනු ලැබු අතර එසේ තිබියදී හොර රහසේ මෙරටට පැමිණ ඔහු මහනුවර රැඳී සිට ඇත. එහිදී ඔහුව අත්අඩංගුවට නොගෙන සිටීමටත් ආරක්ෂාව ලබාදීමටත් එම මුදල අල්ලස් ලෙස ඔහුට ලබා දී තිබේ.

මේ අතර මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ගිණුමකින් රුපියල් මිලියන 202 ක මුදලක් එල් .ටි .ටි .ඊ සංවිධානයේ වැඩ කටයුතු සදහා ලබාදී ඇති බව සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඝාතනය කිරීම සදහා කුමන්ත්‍රණයක් සිදුවූ බවට කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් සිදු කරන නඩු විභාගය ඉල්ලා අස් කර ගන්නා ලෙසට තමන්ට බලපෑම් ඇති බව එම විද්‍යාලයේ ආදි ශිෂ්‍ය නිශාන්ත ප්‍රියලාල් අනාවරණයි කර සිටියා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු අප හා ප්‍රකාශ කලේ , සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට සහ තම පවුලේ සමාජිකයන්ට ආරක්ෂාවක් ලබා දෙන ලෙසට ,මහනුවර මහෙස්ත්‍රාත්වරයා නියෝගයක් ලබා දුන්නද මේ වන තෙක් එය ක්‍රියාත්මක කර නොමැති බවයි.

මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස කටයුතු කල , රොඩ් ගිල්බට් එල් .ටි .ටි .ඊ සංවිධානය සමග සබදතා පැවැත්වූ බවට සිදු කරන ලද පරීක්ෂණවලදී අනාවරණයවූ අතර පසුව අධිකරණ නියෝග මත ඔහුව මෙරටින් පිටුවහල් කරනු ලැබුවා . එසේම මේ පාසැලේ ගුරුවරයෙකු සහ සිසුන් 11 දෙනෙකු එල් .ටි .ටි .ඊ සංවිධානය සමග සම්බන්ධතා පැවැත්වූ බවටද පසුව තහවුරුවී ඇති අතර එම පිරිසද අත්අඩංගුවට ගෙන තිබෙනවා . එසේම වසර 2005-2006 කාලය තුළ මහනුවර ජනාධිපති මන්දිරය ආසන්නයේ පිහිටි ත්‍රිත්ව විදුහල් භූමියේ සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ ඝාතනය කිරීම සදහා කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකවූ බවටද ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇත .

මේ සම්බන්ධයෙන් වසර ගණනාවක සිට නඩු විභාගය පැවැත්වෙන අතර ,පැමිණිලිකරු වන නිශාන්ත ප්‍රියලාල් වෙත ජිවිත තර්ජන ඇති බව පවසමින්, ඔහුගේ ඉල්ලීමක් අනුව මහනුවර මහෙස්ත්‍රාත්වරයා නියෝග කලේ ඔහුට සහ ඔහුගේ පවුලට ආරක්ෂාව ලබා දිය යුතු බවයි . ඒ ඉල්ලීමද සලකා බලමින් , අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සදහාවූ ජාතික අධිකාරිය මගින් ඔහුට ආරක්ෂාවක් හිමිවිය යුතු බවට අනුමත කලද ඔහුට මේ වන තෙක් කිසිදු ආරක්ෂාවක් ලැබී නොමැති බවට ඔහු චෝදනා කරනවා.දිගින් දිගටම මේ නඩුව ඉල්ලා අස් කර ගන්නා ලෙසට තමන්ට බලපෑම් ඇති බවත් , මේ මොහොතේ තමාගේ ජිවීතයට ජිවිත තර්ජනයක් ඇති බවද ඔහු කියා සිටී .

නඩුව ඉල්ලා අස් කර ගන්නා ලෙසට බලපෑම් කරන අය අතර වර්ල්ඩ් විෂන් ආයතනයේ ප්‍රධානි ප්‍රින්ස් නායගම් (මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ මුදල් අංශයේ ප්‍රධානියා ) සිටින බවත් අපරාධයට වග කිව යුත්තන් හෙළිවී ඇති නමුත් ඔවුන්ට නිතීය ක්‍රියාත්මක නොවීම ගැටළු සහගත බවද ඔහු කියා සිටී.

වහාම ක්‍රියාත්මක වන පරිදි  පොලිස්පති පුජිත ජයසුන්දරට, FCID ය බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි වෛද්‍යලංකාරට සහ CID ප්‍රධානී ශානි අබේසේකරට වහාම එම තනතුරු වලින් ඉවත් වන ලෙසට ජනපති මෙන්ම අගමැතිද නියෝග කර ඇති නමුත් මේ දක්වා පොලිස් කොමිසමේ සහ ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශ ලැබෙන තුරු ඔහුන් තීදෙනාම එම තනතුරු වල රැදි සිටින බවයි වාර්තා වන්නේ.

නිශාන්ත ප්‍රියලාල්ට ආරක්ෂාවක් ලබාදිය යුතු බවට අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සදහාවූ ජාතික අධිකාරිය විසින් නිකුත් කල ලිපියේ පිටපතක්

 

http://198.211.112.164/archives/12413

Right To Reply

ලංකා නිවුස් වෙබ් ඩොට් ටුඩේ (www.lankanewsweb.today/www.lankanewsweb.info) වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු.

එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න.

ලියන්න – lankanewsweb.today@gmail.com

කතා කරන්න – xmannews (Skype)

ඔබගේ අවධානයට >www.lankanewsweb.today,www.lankanewsweb.info වෙබ් අඩවියට අයිතිවාසිකම් කියමින් පෙනී සිටින විවිධ වංචනීක පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වි තිබේ.එම නිසා කිසියම් කෙනෙකු සම්බන්ධයෙන් ඔබට ගැටලුවක් ඇත්නම් ඉහත සදහන් ඔනෑම අකාරයකින් අපගෙන් විමසා සිටින්න ..

Published on: Sep 20, 2018 – නේෂන් ට්‍රස්ට් බැංකුවේ (Nations Trust Bank)ඇමරිකන් එක්ස්ප්‍රස් ක්‍රෙඩිට් කාඩ් පත් හිමියන්ට බැණවදිමින්,තර්ජනය කර ගිණුම් හිමියන්ගේ පෞද්ගලික තොරතුරු අවට නිවැසියන්ට දෙන බවට තර්ජනය කිරිමේ සිද්ධියක් අතුරුගිරිය පොලිසියෙන් වාර්තා වේ. ගෙදරට වැදගෙන එන වෙළද සහයකයන් ක්‍රෙඩිට් කාඩ් බලෙන් ඇගෙන් ගසා යම් අවස්ථාවක ගෙවිම් පහැර හැරිමක් සිදුවු අවස්ථාවක මේ අකාරයට හැසිරෙන්නේ නම් අදාල ක්‍රෙඩිට් කාඩ් නිකුත් කරන බැංකු සම්බන්ධයෙන් ජනතාව අවදියෙන් සිටිය යුතු බව අපගේ මතයයි.

අදාල ක්‍රෙඩිට් කාඩ් හිමියා තමන්ට කරන ලද තර්ජනය සහ අපහසය පිළිබඳව අතුරුගිරිය පොලිසියට කර ඇති පැමිණිල්ලෙන් උපුටා ගත් කොටසක් පහත දැක්වෙන අතර නේෂන් ට්‍රස්ට් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ් අංශයේ නිළධාරියා කරන ලද තර්ජිත දුරකතන ඇමතුම් රැසක් ඇති අතර එයින් එක් හඩ පටයක්ද අප මේ සමග ඔබට අසන්නට සලස්වා තිබේ.

යම් පුද්ගලයෙකු ක්‍රෙඩිට් කාඩ් පතක් ලබාගෙන ඇත්නම් ඒ සම්බන්ධයෙන් ගෙවිමක් කර නොමැති නම් ඒ සදහා කටයුතු කරන ආකරයක් තිබේන අතර එම ක්‍රියා පටිපාටිය ඉක්මවා ගොස් රටේ නීතිය අතට ගෙන මේ ආකාරයට හැසිරෙන නේෂන් ට්‍රස්ට් බැංකුව හෝ වෙනත් බැංකුව කටයුතු කරන්නේ නම් ඊට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක විය යුතුය.

නමුත් හාස්‍යජනක සිද්ධිය නම් මේ දක්වා පොලිසිය එම පැමිණිල්ල සම්බන්ධයෙන් කිසිදු පරික්ෂණයක් සිදු නොකිරිම ගැන නීතිය ක්‍රියාත්මක කරන්නන්ගෙ අවධානය යොමු විය යුතු අතර ක්‍රෙඩිට් කාඩ් පතක් ලබා ගන්නා අයෙකු ම් කාඩ් පත භාවිතා කරමි මිළදි ගන්නා දේ හෝ ලබා ගන්නා සේවාවන් සම්බන්ධයෙන් අනවශ්‍ය අකාරයට බලපැම් කිරිම නින්දීත බවද අප සටහන් කර තබමු.

ඇමරිකන් එක්ස්ප්‍රස් ක්‍රෙඩිට් කාඩ්පත් ලබාගත් ඔබට අත්වන ඉරණම…

නේෂන් ට්‍රස්ට් බැංකුවේ ඇමරිකන් එක්ස්ප්‍රස් ක්‍රෙඩිට් කාඩ් පත් හිමියෙකු වන මා හට පසුගිය කාලය පුරා ඇතිවූ ආර්ථික අපහසුතා හේතුවෙන් මාස දෙකක ගෙවීම් අතපසුවුණා. විශේෂයෙන්ම මගේ බිරිඳගේ හිසෙහි සිදුකල සැත්කමක් හේතුවෙන් මාගේ ආදායම් මාර්ග අවහිර වීමත්, සැත්කම සඳහා අධික වියදමක් දැරීමට සිදුවීමත් නිසා මෙම අතපසුවීම සිදුවූබව බැංකුවේ නියෝජිතයින් දුරකථන මාර්ගය ඔස්සේ අවස්ථා කිහිපයකදී මා විසින් දැනුවත් කරනු ලැබුවා. එබැවින් ඒ සඳහා පහසු ගෙවීමේ ක්‍රමයක් ඉල්ලා සිටියත් එම නියෝජිතයින් එය ලබාදීම ප්‍රතික්ෂේප කලා. ඒ වෙනුවට ඔවුන් මා හට දුරකථනය ඔස්සේ නින්දිත ලෙස බැනවදිමින් බැංකුව සතු මාගේ පුද්ගලික තොරතුරැ පිටත පුද්ගලයින්ට ලබාදෙන බවට අවස්ථා කිහිපයකදී බැංකු නියෝජිතයින් විසින් තර්ජනය කරනු ලැබුවා.

එසේම මා දුරකතන මාර්ගයේ රඳවා ගනිමින් මාගේ ඥාති සහෝදරයින් දෙදෙනෙකුටත්, ඔවුන්ගේ නිවැසියන්ටත් හා මාගේ නිවැසියන්ටත් ඔවුන්ගේ දුරකතනය ඔස්සේ බැනවදිමින් මා පිළිබඳව අසත්‍ය හා අපහාසාත්මක අයුරින් විවිධ ප්‍රකාශ සිදුකලා. ඒ පිළිබඳව මා දුරකථනය ඔස්සේ බැංකුවේ බලධාරියෙකු දැනුවත් කලද ඔහුට මාහට අපහාසාත්මකව බැනවැදුනා. ඔවුන් නියම කරන මුදල නොගෙවුවහොත් නිවසට පැමිණ අසල්වැසියන්ටද මා පිළිබඳ අපහසාත්මක තොරතුරැ ඉදිරිපත් කරන බවටද තර්ජණය කලා.

මාගේ බිරිඳ මේ වන විට හිසෙහි ශල්‍යකර්මයක් සිදුකර සුවය ලබමින් සිටින නිසා මෙම ඇමතුම් මගින් ඇයට ඇතිවන මානසික පීඩාව පිලිබඳව ද මා ඔවුන්ට කිහිපවිටක්ම පැවසුවත් ඔවුන් ඒ කිසිවක් පිලිබඳ තැකීමක් සිදුකලේ නැහැ.

පසුව මවිසින් නීතියේ පිලිසරණ ලබාගැනීමට 2018. 06. 26 දින අතුරැගිරිය පොලීසියට පැමිණිල්ලක් සිදුකරනු ලැබුවා (CIB-I 205/268). එහෙත් එම පැමිණිල්ල විභාග නොවුණ අතර දුරකථනය ඔස්සේ අපහස කිරීම බැංකුව විසින් තවදුරටත් සිදුකරගෙන යනු ලැබුවා.

පසුව මා විසින් පොලීසියෙන් කරන ලද විමසීමකදී 2018.07.07 දින විභාගය සඳහා පොලීසියට කැඳවනු ලැබුවා. එහෙත් විභාගය සඳහා බැංකුව නියෝජනය කරමින් කිසිවෙකුත් නොපැමිණි අතර නැවතත් පැමිණිල්ලක් සිදුකරන ලෙස පොලීසිය මා හට දැනුම් දුන්නා.

ඉන්පසුව එදිනම CIB ii 254/93 දරණ පැමිණිල්ල මා විසින් සිදුකරන ලද අතර මේ වන තෙක් ඒ සඳහා විභාගයක් සිදුකර නැහැ. එහෙත් තවමත් වරින් වර බැංකු නියෝජිතයින් මා හට දුරකථනය ඔස්සේ බැනවදිමින් සිටියි.

Right To Reply

ලංකා නිවුස් වෙබ් ඩොට් ටුඩේ (www.lankanewsweb.today/www.lankanewsweb.info) වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු.

එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න.

ලියන්න – lankanewsweb.today@gmail.com

කතා කරන්න – xmannews (Skype)

ඔබගේ අවධානයට > www.lankanewsweb.today,www.lankanewsweb.info වෙබ් අඩවියට අයිතිවාසිකම් කියමින් පෙනී සිටින විවිධ වංචනීක පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වි තිබේ.එම නිසා කිසියම් කෙනෙකු සම්බන්ධයෙන් ඔබට ගැටලුවක් ඇත්නම් ඉහත සදහන් ඔනෑම අකාරයකින් අපගෙන් විමසා සිටින්න ..

Published on: Sep 20, 2018- වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස්පති පුජිත ජයසුන්දරට, FCID ය බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි වෛද්‍යලංකාරට සහ CID ප්‍රධානී ශානි අබේසේකරට වහාම එම තනතුරු වලින් ඉවත් වන ලෙසට නියෝග නිකුත් කර තිබේ.

සිය ධුරයන් වලින් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ දැනුම්දී ඇති අතර ඒ සදහා වහාම කටයුතු කරන ලෙසට ව්‍යවස්ථා සභාවට දැනුම් දි තිබේ.

ඒ අනුව ඒ සදහා සති දෙකක කාලයක් ගතවන බව ව්‍යවස්ථා සභාව දැනුම් දි ඇති නමුත් නීතිපතිවරයා ජනපතිට සහ අගමැතිට දැනුම් දි ඇත්තේ ව්‍යවස්ථා සභාවට එම බලය පැවැතියද ජනාධිපති බලතල භාවිතා කරමින් ඉවත් කිරිමටද හැකියාව ඇති බවයි.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස්පති පුජිත ජයසුන්දරට, FCID ය බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි වෛද්‍යලංකාරට සහ CID ප්‍රධානී ශානි අබේසේකරට වහාම එම තනතුරු වලින් ඉවත් වන ලෙසට ජනපති නියෝග කර තිබේ.

නීතිපත්වරයා, විගනකාධිපතිවරයා, පොලිස්පතිවරයා, පාර්ලිමේන්තු ඔම්බුඩ්ස්මන්වරයා හා පාර්ලිමේන්තු මහලේකම්වරයා වැනි තනතුරු පත් කිරිමේ දී ජනාධිපතිවරයා සතුව තිබු බලය 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ දී ව්‍යවස්ථා සභාව හා කොමිෂන් සභා අතර බෙදී ගොස් තිබුනා.

http://198.211.112.164/archives/15413

http://198.211.112.164/archives/13869

http://198.211.112.164/archives/13187

http://198.211.112.164/archives/13744

Published on: Sep 17, 2018- මාධ්‍යවේදී කීත් නොයාර් 2008 මැයි 11 වන දා ලියූ ලිපියත්, 2008 ජුලි 8 වනදා විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ජෝසප් මයිකල් පෙරේරා මහතා පාර්ලිමේන්තුවේ කළ විශේෂ ප්‍රකාශයත් සැලකිල්ලට ගැනීම සිතා මතාම පැහැර හරින බවක් පැහැදිලිවම පෙනෙන්නට තිබේන බවත් එයට හේතුව අන් කිසිවක් නොව කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහර දීම සම්බන්ධයෙන් වගකිවයුත්තා වත්මන් යහපාලන ආණ්ඩුව තුළ ප්‍රබලයෙකු වන නිසා බව ඒකාබද්ධ විපක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.

මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගැනීම සම්බන්ධයෙන් සිදුකෙරෙන ඊනියා විමර්ශනය

පසුගිය අගෝස්තු 17 වනදා පොලිස් අපරාධ විමර්ශන අංශය විසින් 2008 දී මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහර දී නිදහස් කිරීමේ සිද්ධිය පිළිබඳව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් එතුමාගේ නිල නිවසේදී ප්‍රකාශයක් සටහන් කරගන්නා ලදී. ඉන් පසුව ගතවූ කාළය තුළදී හිටපු ජනාධිපතිතුමා කීත් නොයාර් සිද්ධියට සම්බන්ධ බවට හැඟවෙන ආකාරයට ප්‍රකාශ නිකුත් කිරීමට ආණ්ඩුවේ දේශපාලඥයින්, ආණ්ඩුවේ ජන මාධ්‍ය, ආණ්ඩුවට පක්‍ෂපාත වෙබ් අඩවි හා රාජ්‍ය නොවන සංවිධාන කටයුතු කරන ආකාරය අපට පෙනුනි. එයින් සති දෙක තුනකට පසුව සැප්තැම්බර් 12 වනදා පොලිස් අපරාධ විමර්ශන අංශය ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන්ද කීත් නොයාර් සිද්ධිය ගැන ප්‍රකාශයක් ලබා ගත්තේය. කීත් නොයාර් සිද්ධිය කිසිවෙකුගෙත් ඇඟට නොදැනීම රාජපක්‍ෂවරුන්ගේ ගිණුමට බැර කිරීමේ උත්සාහයක් මෙයින් විද්‍යාමාන වේ. කීත් නොයාර් මහතාට පහරදීමේ සිද්ධිය මීට අවුරුදු 10කට කලින් සිදුවූවක් නිසා මෙම සිද්ධිය සම්බන්ධ වැදගත් කාරණා කීපයක් මහජනතාවට මේ අවස්ථාවේ මතක් කර දිය යුතුය.

කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහරදීම සිදුකරනු ලැබුවේ 2008 මැයි 22 වනදාය. ඊට පසු 2008 ජුනි 30 වන දා නාමල් පෙරේරා සහ මහේන්ද්‍ර රත්නවීර යන මාධ්‍යවේදීන්ට ද මහමඟ පහර දෙන ලදී. 2008 ජුලි 8 වන දා මෙම සිද්ධීන් දෙකම පාදක කරගනිමින් එකල විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක වූ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් මයිකල් පෙරේරා මහතා ‘මාධ්‍යවේදීන්ට එල්ලවෙන තර්ජන’ යන මැයෙන් පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කලේය. මෙකී විශේෂ ප්‍රකාශයේදී ඔහු ඉතා පැහැදිලිව කියා සිටියේ මේ පහරදීමේ සිද්ධීන් දෙකම සිදුකර ඇත්තේ හමුදාපතිවරයා යටතේ සිටි විශේෂ කණ්ඩායමකින් බවත් තමන්ට ඒ සම්බන්ධ තොරතුරු එම විශේෂ කණ්ඩායමේ සාමාජිකයෙකු විසින්ම ලබාදී ඇති බවත්ය. මේ සිද්ධීන් සිදුවූ අවස්ථාවේදී යුද හමුදාපතිවරයා වූයේ ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකාය. මාධ්‍යෙවේදියෙකුට යම් තර්ජනයක් එල්ල වන්නේ නම් එය ඔහු විසින් ප්‍රසිද්ධියට පත්කරන ලද යම් කිසිවක් හේතුකොට ගෙන සිදු වූවක් බව අප උපකල්පනය කළ යුතුය.

මේ සම්බන්ධයෙන් ගත්කල, කීත් නොයාර් මහතාට පහරදීමට දින 10 කට කලින් එනම් 2008 මැයි 11 වන දා ‘ද නේෂන්’ පුවත්පතේ ‘මිලිටරි මැටස්ර්’ තීරුවේ “යුද හමුදාවක් යනු එහි හමුදාපතිවරයාගේ පුද්ගලික බූදලයක් නොවේ” යන මැයෙන් පලවූ ලිපියෙන් නොයාර් මහතාට පහරදීමට පෙළඹවීමක් තිබිය හැක්කේ කාටද යන්න ගැන යම් කිසි අවබෝධයක් අපට ලබාගත හැක. නමුත් මේ සම්බන්ධයෙන් විමර්ශනය කරන පොලීසිය කීත් නොයාර් 2008 මැයි 11 වන දා ලියූ ලිපියත්, 2008 ජුලි 8 වනදා විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ජෝසප් මයිකල් පෙරේරා මහතා පාර්ලිමේන්තුවේ කළ විශේෂ ප්‍රකාශයත් සැලකිල්ලට ගැනීම සිතා මතාම පැහැර හිරන බවක් පැහැදිලිවම පෙනෙන්නට තිබේ. එයට හේතුව අන් කිසිවක් නොව කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහර දීම සම්බන්ධයෙන් වගකිවයුත්තා වත්මන් යහපාලන ආණ්ඩුව තුළ ප්‍රබලයෙකු වන නිසාය.

කීත් නොයාර් මහතාව පැහැරගෙන ගොස් පහරදීමට සම්බන්ධ අය පෙන්නුම් කරන සාක්ෂි සියල්ල මඟහරිමින්, නොයාර් මහතාව බේරා ගැනීමට විවිධ පුද්ගලයන් අතර හුවමාරු වූවා යැයි කියන දුරකථන ඇමතුම් ගැන විමර්ශනය කරමින්, ඉතා වංක ආකාරයට අවධානය වෙනතකට යොමු කිරීමට පොලීසිය උත්සාහ දරමින් සිටින බව අපට පෙනේ. ඇස් පනාපිට තිබෙන සාක්ෂි මඟහැර මේ විමර්ශනය සිදු කිරීමට ඉඩ දී නිකම් සිටිය නොහැකි නිසා, කීත් නොයාර් මහතා 2008 මැයි 11 වදා ලියූ ලිපියත්, එකල විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ජෝසප් මයිකල් පෙරේරා මහතා 2008 ජුලි 8 වන දා පාර්ලිමේන්තුවේ කළ විශේෂ ප්‍රකාශයත් ඔස්සේ විමර්ශනය කරන මෙන් අපි පොලීසියෙන් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වෙමු. මේ ඉල්ලීමට සතුටුදායක ප්‍රතිචාරයක් පොලීසියෙන් නොලැබුනොත්, අදාල කරුණු උසාවියේ අවධානයට යොමු කිරීමට අපි කටයුතු කරන්නෙමු.

ඩලස් අලහප්පෙරුම (පා. ම.)
ජාතික සංවිධායක
ඒකාබද්ධ විපක්ෂය

පසු සටහන – සියලුම මාධ්‍යෙව්දී සහෝදරයන්ගේ දැනගැනීම පිණිස අප මෙම මාධ්‍ය නිවේදනය සමඟ පහත දැක්වෙන ලියවිලිද මේ විද්‍යුත් තැපෑලටම අමුණා එවමු.

 

2008 ජුලි 8 වන දා විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ජෝසප් මයිකල් පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී කළ විශේෂ ප්‍රකාශයේ හැන්සාඩ් වාර්ථාව. (854 තීරුව බලන්න)

2008 මැයි 11 වන දා කීත් නොයාර් මහතා විසින් ලුතිනන් ජනරාල් සරත් ෆොන්සේකා මහතා ගැන ‘ද නේෂන්’ පුවත්පතට ලියූ ලිපිය.

Published on: Sep 15, 2018- මහින්දගේ ඉන්දියානු සංචාරය ඔහුගේ අනුගාමිකයන්ට ගෙන ආවේ ආනන්දයකි. නමුත් මහින්දට එසේ නොවිනි. අඩ සියවසක් භූදේශපාලනයේ තෙම්පරාදු වූ මහින්ද සංචාරයට අත ගැසුවේ එය අත්හල නොහැකි වගකීමක් නිසාවෙනි. ඉන්දියානු සංචාරයේ මුල මැද අග ගලපා ගැනීමට පලමුව සුබ්‍රමානියන් ස්වාමි පිලිබද විමසා බැලිය යුතුය. සුබ්‍රමානියන් ස්වාමි උපන්නේ දකුනු ඉන්දියාවේය. ඔහු දෙමළ ජාතිකයෙකි. 1985 වසරේ පිහිටවූ Tamil Eelam Supporters Organization (TESO) කැදවුම්කරු වූයේ සුබ්‍රමානියන් ස්වාමීය. එහි ප්‍රධාන ක්‍රියාධරයන් අතර නැදුමාරන්, කරුනානිදි , වීරමානි වැනි අයවලුන් විය. 1985 සිට 1991 දක්වා TESO සංවිධානයේ කැදවුම්කරු ලෙස සුබ්‍රමානියන් ස්වාමී කටයුතු කලේය. එම කාලය තුල සුබ්‍රමානියන් ස්වාමී එල්.ටී.ටී.ඊ සංවිධානය සමග ගනුදෙනු කලේය.1991 රජීව් ඝාතනයත් සමගම සුබ්‍රමානියන් ස්වාමි TESO සංවිධානයෙන් ඉවත් විය. ඉන් පසු ඔහු එල්.ටී.ටී.ඊ විරෝධියෙකු විය, ප්‍රභාකරන් ගසා දැමිය යුතු යයි ස්ථාවරයේ සිටියේය. එපමනක් නොව දෙමල විරෝධියෙකුද විය.

දේශපාලනය උඩු යටිකුරු කල ස්වාමිගේ අංශක 180 හැරවුම

සුබ්‍රමානියන් ස්වාමිගේ අංශක 180 හැරවුම ඉන්දියන් දේශපාලනය උඩු යටිකුරු කර වූවකි. රජීව ගාන්ධි ඝාතන චෝදනාව මුලින්ම එල්ල වූයේ එල්.ටී.ටී.ඊ සංවිධානය වෙතය. නමුත් ඔවුන් එය එකහෙලාම ප්‍රතික්ෂේප කලේය. එවැනි දෙයක් තමිල්නාඩුවේදී සිදු කොට එහි සිටින කෝටි හයක දෙමල ජනතාව සතුරු කර ගැනීමට තරම් මෝඩයන් නොවන බව එල්.ටී.ටී.ඊ සංවිධානය ප්‍රකාෂ කලේය. රජීව ගාන්ධි ඝාතනයට පසු දින සියලු පුවත්පත් වාර්තා කලේ එය එල්.ටී.ටී.ඊ සංවිධානයේ වැඩක් බවය. ඔවුන් එසේ වාර්තා කලේ සුබ්‍රමානියම් ස්වාමිගේ ප්‍රකාෂයක් උපුටා දක්වමිනි. එය අති සූක්ෂම මාධ්‍ය මෙහෙයුමක් විය. රජීව් ඝාතනයේ මූලික පරීක්ෂණ වල සැක මුසු තැන් නිසා ඒ පිලිබදව විශේෂ පරීක්ෂණයක් කිරීමට ජේන් කොමිසම පත් කලේය. ජේන් කොමිසම හමුවේ එලිදරව් වූයේ රජීව ඝාතනය එල්.ටී.ටී.ඊ සංවිධානයේ වැඩක් නොව එය ඊශ්‍රායෙල් මොසාඩ් ගේමක් බවය. එහි මහ මොලකරුවන් වූයේ ගොඩ්මන් චන්ද්‍රස්වාමි සහ සුබ්‍රමානියම් ස්වාමීය. මොවුන් දෙදෙනා මොසාඩ් ඒජනතයින් ලෙස ක්‍රියා කොට ඇති බව සාක්ෂි සහිතව හෙලිදරව් විය.

රජීව් ඝාතනය කලේ ඇයි

රජීව්ගේ කාලයේදී ඉන්දු- පලස්තීන සබදතා ඉතා යහපත් විය. 1988දී එනම් රජීව්ගේ කාලයෙදී පලස්තීනයේ ස්වාධීනත්වය පිලිගත්තේය. ඊශ්‍රායෙලයට බලවත්ම තර්ජනය එල්ල වන්නේ ඔවුන් වටකරගෙන සිටින මැදපෙරදිග රටවලින් නොව පකිස්ථානයෙනි. ඊශ්‍රායෙලය දක්වා විදිය හැකි මිසයිල පකිස්ථානය සතුය. මොසාඩ් සංවිධානයට පාකිස්ථානය තුල ඔත්තු බැලීම ඊට අල්ලපු රටවල් වන ඉරානය ,ඇෆ්ගනිස්ථානය හෝ චීනය තුල සිට කල නොහැක. එය කල හැකි වන්නේ ඉන්දියාව තුල සිටය. නමුත් රජීව් ඊශ්‍රායෙලයට දොර වසා පලස්තීනය ගෙතුලට ගත්තේය. කරුනු මෙසේ තිබියදී රජීව් ඉලක්ක කල මොසාඩ් ඝාතන කුමන්ත්‍රනයක් පිලිබදව යසර් අරෆට් තොරතුරු හෙලි කලේය. අරෆ්ට්ගේ හමාස් බුද්ධි අංශ හෙලිදරව්වෙන් 6 මසක් ඇතුලත රජීව් ඝාතනය විය. රජිව්ගේ ඝාතනයෙන් පසු බලයට පැමිනි නරසිංහ රාවො පලස්තීනය වෙනුවට ඊශ්‍රායෙලය සමග සබදතා ආරම්භ කලේය . ඔහු බලයට පැමින පලමු සිව් මස තුල නවදිල්ලියේ ඊශ්‍රායෙල් තානාපති කාර්යාලයක් පිහි‍ටු වූයේය. මොසාඩ් සංවිධානයට සිය භූමියේ සැරිසැරීමට ඉඩ ලබා දුන්නේය. ඊශ‍්‍රායල් ආරක්ෂක හා යුධ නිපැයුම් මිලට ගැනීමට කටයුතු කලේය.

කේ.පී ගේ පලහිලව්ව සහ මහින්දගේ අනුග්‍රහය

රජීව්ගේ ඝාතනයේ මහ මොලකරුවන් නිදැල්ලේ සිටියද එහි බිම් මට්ට්මේ ක්‍රීයාකාරින් එල්ලා මැරීමට නියමව ඇත. ඝාතනයේ සැක මුසු භාවය සහ රට තුල නැග එන විරෝධය හේතුවෙන් එල්ලා මැරීම දිනෙන් දින කල් යන්නේය . එපමනක් නොව වරෙක ප්‍රියංකා ගාන්ධී මොවුන් හමුවීමට සිර ගෙදරට පැමිනියාය. මුලු ඉන්දියාවම මොවුන් නිදහස් කරන ලෙස ආයාචනය කර සිටියදී ඔවුන් එල්ලා මැරිය යුතු බවට හඩ නගන්නේ අප මේ කථා කරන සුබ්‍රමානියම් ස්වාමී පමනි. මක්නිසාදයත් ගොඩ්මන් චන්ද්‍රස්වාමි මියගොස් හමාරය. හිරගෙදර තපින උන් සුබ්‍රමානියන් ස්වාමිගේ පැටිකිරිය දනී . ඇත්ත දන්නා උන් ජීවත්ව සිටීම තර්ජනයකි. 2009 වසරේදී ලංකාවේ ආරක්ෂක අංශ කේ.පී නොහොත් කුමරන් පද්මනාදන් අත් අඩංගුවට ගත්තේය. මොහු රජීව් ඝාතනයේ තෙවැනි විත්තිකරුය. කේ.පී අත්ඩංගුවට ගත් වහාම පරීක්ෂණ කටයුතු සදහා ඉන්දියාවට ඉල්ලා සිටියේය. කේ.පී ඉන්දියානු ආරක්ෂක අංශ වෙත භාරදෙනවාට සුබ්‍රමානියම් ස්වාමී එකහෙලාම විරුද්ධ විය. කේ.පී ඉන්දියාවට බාර නොදෙන ලෙස ඔහු මහින්දගෙන් ඉල්ලා සිටියේය . මහින්ද මිතුරාගේ ඉල්ලිම අහක නොදැම්මේය.

මහින්ද භාරතීය ජනතා පක්ෂයේ ඉත්තෙකු වීම

යුධ සමයේ හෝ පසුව මහින්දගේ ”වැ‍ටුප් රෝල්” දෙස් විදෙස් ප්‍රභූන් ගනනාවක් වූයේය.ඉයන් පේස්ලි පමනක් නොව, සුබ්‍රමානියන් ස්වාමිගේ නමද ඒ අතර විය. යුද්ධය අවසන් වීමත් සමගම යුවාන් වල රස වැ‍ටුනු මහින්ද චිනය සමග පිම්මක් පැන්නේය. භූමිය සින්නක්කරව චීනයට විකුන්නේය .කොලඹ වරාය චීන සබ්මැරීන තිප්පොලක් විය. පකිස්ථාන යුධ නැව් පෝලිමට පැමිනියේය . සම්බාධක වැ‍ටුනු ඉරාන නැව් ලංකා ධජය යටතේ මෙහෙය වූයේය. ඉන්දියාවට තර්ජනයක් වන අයුරින් මුහුදේ පාවෙන අවි ගබඩා ඇති කලේය. ලංකාව නීති විරෝධී අවි ගනුදෙනුවල පාර්ශව කරුවෙක් වූයේය. එකල මේවා සිදුවන විට සුබ්‍රමානියම් ස්වාමී මහින්දට දුන්නේ අවවාද නොව උල්පන්දම්ය. මක් නිසාදයත් ඉන් අපහසුතාවයට පත්වූයේ මනමෝහන් සිංගේ කොන්ග්‍රස් ආන්ඩුවයි. නෙළුම් කුළුන හදන විට එහි චීනය විසින් Radio-electronic weapon system සවිකරන බව කීවේ BJP උන්ය. මෙවැනි කථා නිසා කොන්ග්‍රස් ආන්ඩුව මිනිසුන් අතර බලවත් අප්‍රසාදයට ලක් වූයේය . එහි ප්‍රතිඵල ලෙස 2014 මැතිවරණයෙදී BJP ඉතිහාස ගත ජයක් ලබුවේය. මෝදී අගමැති වූයේය, ස්වාමි ප්‍රභල ඇමතියෙක් වූයේය. මොවුන් මැතිවරණ ව්‍යාපාරයේ උපකරණයක් ලෙස මහින්ද යොදා ගත්තේය.

මහින්දගෙන් වැඩ අරගෙන හැරුනු තැපෑලෙන් කෙලිය හැටි

1972 සිට 2014 තෙක් ලංකාවේ කිසිම රාජ්ය නායකයෙකුට ඉන්දියාවේ අගමැති ගේ දිවුරුම් දීමේ උත්සවයට ආරාධනා නොකලේය. නමුත් 2014 මෝදිගේ දිවුරුම් උලෙලට සහභාගි වන ලෙස මහින්දට ආරාධනා කලේය. මහින්ද සිතුවේ තමන් ඉතිහාසය අලුතෙන් ලියූ බවය .මහින්ද එහි ගියේ කලාපයේ ලොකු අයියාට ඇදගෙනය. නමුත් මහින්ද කොලඹ බලා ඒමටත් පෙර මහින්ද එලවීමේ සඥාව රෝ එකට ලැබුනේය. මෝදී බලයට පැමිනි පසු මහින්දට බලයේ සිටිය හැකි වූයේ මස 6කි. අතිජාත මිත්‍රයා සුබ්‍රමානියම් ස්වාමි මහින්දට කෙලියේ ලෝකයම බලාසිටියදීය. තමා පරාජය වූයේ ‘රෝ සංවිධානය නිසා බව කියුවේ මහින්දමය. නමුත් විදේශ ප්‍රතිපත්තිය හැසිරවීම අතින් BJP එක කොන්ග්‍රස් එකට වඩා අසාර්ථක බව අද ඔප්පු වී ඇත. මෝදි උත්කර්ෂයට නැගූ පකිස්ථානයට එරෙහි surgical operation හමුදා මෙහෙයුම් අසාර්ථක වී ඇත. කලාපයම පෙර නොවූ විරූ පරිදි චීන මකරාගේ ග්‍රහනයට ලක්ව ඇත. ඉතිහාසයේ ලොකුම දූෂණ චෝදනාව වූ රෆායල් ප්‍රහාරක ජෙට් හොරකම් කරලියට පැමින ඇත. විදේශ ගත ඉන්දියානුවන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවසථාව සලසන ව්‍යාපෘතියක් ඇරඹී ඇත. කරුනු එසේ හෙයින් තත්වය ඔඩු දිවීමට පෙර නැතහොත් නියමිත දිනට පෙර මැතිවරණය පැවැත්වීමට මෝදිගේ අවධානය යොමුව ඇත.

සිරිසේනට කෙලවුනු මහින්දගේ ඉන්දීය සංචාරය

2019 ශ්‍රී ලංකාවේද මැතිවරණ වර්ශයකි. මහින්දගේ අරමුණ නාමල් අගමැති කිරීමය. ඊට අනුරූපව නාමල් ජාතික සහ ජාත්‍යන්තර තලය වෙත ඔසවා තැබිය යුතුය. ජනබලය සහ ඉන්දියානු සංචාර සැලසුම් කලේ ඒ අනුවය. ගිය ගිය තැන නෝංජල් හිනාවෙන් නාමල් සැදී පැහැදී සිටියද මහින්ද සිටියේ දැඩි ස්වරූපයකය. මහින්ද ඉන්දියාවට ගියේ චීනයේ උපදෙස් අනුව යයි මතයක් වුවද එවැන්නක් දිස් වූයේ නැත . ඔහු සිටියේ කැත්තට පොල්ල මෙනි. ඊට හේතුව 2014දී BJP ය මහින්ද ගොනාට ඇන්ද වීම වූවාට සැක නැත. ලංකාව මිතුරකු නොව ඥාතියෙකු බවත් එහෙයින් බිදුනු සබදතා යලි ඇතිකර ගත හැකි බව සුබ්‍රමානියම් ස්වාමී කියුවේය. බී.ජේ.පී දැගලුවේ 2019දී යලිත් මහින්ද ගොනාට ඇන්දවීමටය. මහින්ද රාහුල් ගාන්දි ඇතුලු කොන්ග්‍රස් පක්ෂයේ නියෝජිතයන්ද හමු වූයේය . එහිදී මහින්දගෙන් දැකගත් හැකිවූයේ දැඩි ස්වරූපය වෙනුවට හෘදයාන්ගම බවකි. එය ඔවුන් යුධ සමයේ මහින්දට දුන් සහයෝගය නිසා වූවා විය හැක . ”මට බැරිනම් සහෝදරයෙක් ” කථාව නිසා අළු යට ගිනි පුපුරු මතු වුවද සමස්ථයක් ලෙස මහින්දගේ ඉන්දියානු ගමන ජය පරාජයෙන් තොර වූවකි. නමුත් සිරිසේනගේ 2020 ව්‍යාපෘතියට බරපතල හානි සිදුවිය. මහින්ද දමා ගැසූ වචන වලින් කුඩු වූයේ සිරිසේන පමනක් නොවේ සිරිසේනට උප්පැන්නය දුන් මෝදිද කුජීත විය.

කලාපයේ මොසාඩ් ඉත්තන් සහ සෙවැනැලි මෙහෙයුම්

වසර 2013 දී ජනාධිපති ෂී ජිංග් පිංග් “සමුදුරු සේද මාවත” සංකල්පයට එහා ගිය “එක් මාවතක් – එක් තීරයක්” (OBOR) සංකල්පය ඉදිරිපත් කලේය. එමඟින් චීනය මධ්‍යම, බටහිර සහ දකුණු ආසියාව සමඟ මුහුදු සහ ගොඩබිම් මාර්ග ඔස්සේ සම්බන්ධ කිරීමට නියමිතය. එය හුදෙක් භෞතික වශයෙන් රටවල් යා කිරීමක් නොව ආර්ථික, ප්‍රතිපත්ති සහ මූල්‍යමය සහයෝගිතාව තුල ලොව බිහිවන විශාලතම වේදිකාව වන්නේය. රාජපක්ෂලා චීන ව්‍යාපෘති වලින් හොරකම් කිරීම සහ නිෂ්ඵල ව්‍යපෘති වල ආයොජනය එක් කථාවකි . නමුත් “එක් මාවතක් – එක් තීරයක්” යනු වෙනමම කථාවකි. චීනය ගොඩ නගන මෙම යාන්ත්‍රනය ලොව විශාලතම ආර්ථිකය හිමි ඇමෙරිකාවට මරු පහරකි. ඇමෙරිකාවේ වෙළද ඒකාධිකාරිය ඊශ්‍රායෙල් ජාතිකයන් සතුය. ලොව සමස්ථ ජනගහනයෙන් හතරෙන් එකක් වාසය කරන්නේ දකුනු ආසියාව තුලය .ඇමෙරිකානු ආධිපත්‍ය කලාපයේ පවත්වාගෙන යාමට නම් එහි දේශපාලනයට ඇගිලි ගැසිය යුතුය . ඒ කොන්තරාත්තුව ඊශ‍්‍රායලයට බාර වූවකි. එක් මාවතක් – එක් තීරයක් කරලියට පැමිනි විගස භාරතීය ජනතා පක්ෂයට , 969 ව්‍යාපාරයට, පමනක් නොව ලංකාවේ සංවිධාන තුලටද අදෘශ්‍යමාන ලෙස ඩොලර් ලැබුනු බව නොරහසකි. ඊශ්‍රායෙල් කොන්ත්‍රාත්තුව එදාට වඩා වැඩි ජවයකින් අද ක්‍රියාත්මකය. සුබ්‍රමානියම් ස්වාමිලාගේ භූමිකාව ප්‍රවේසමෙන් කියවිය යුත්තේ එහෙයිනි.

~~කීර්ති රත්නායක~~

Published on: Sep 14, 2018-එක්සත් ජාතික පෙරමුණේ 2020 ජනාධිපති අපේක්ෂකයා ලෙස තමන් ඉදිරිපත් විමටත් එක්සත් ජාතික පෙරමුණේ අග්‍රාමාත්‍ය අපේක්ෂකයා ලෙස එම පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කිරිමටත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ගෙන ඇති තින්දුව හේතුවෙන් යලිත් ජනපති විමට හීන බලමින් සිටින වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ඔහුගෙ ශ්‍රීලනිප ඇම්බැට්ටයන් රැල දැඩි අර්බුදයකට මුහුණ දි සිටින බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය තීරණය රහසිගතව රැස්වු එජාප කෘත්‍යාධීකාරි මණ්ඩලයකට අනාවරණය කර තිබේන අතර ඒ සදහා එජාප  කෘත්‍යාධීකාරි මණ්ඩලය සිය එකමතික අනුමැතියද ලබාදි තිබේ.

ඒ අනුව ජනාධිපතිවරණ ව්‍යාපාරය එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ද දායකත්වය ඇතිව සැප්තැම්බර් මාසයේදී හම්බන්තොට සූරිය වැව ප්‍රදේශයෙන් ආරම්භ කිරීමට ද රනිල් වික්‍රමසිංහ මහතා සැලසුම් කර තිබේ.

කෙසේවෙතත් අදාළ එජාප  කෘත්‍යාධීකාරි මණ්ඩලය නියෝජනය කරන එජාප ප්‍රබලයන් දෙදෙනෙකු මේ සම්බන්ධයෙන් වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවි කරුණු අනාවරණ කර තිබේන අතර එහිදි ජනාධිපතිවරයා සදහන් කර ඇත්තේ කවුරුන් මොනවා කීවද සජිත් ප්‍රේමදාසට එජාපය තුල තැනක් සෑදිමට රනිල් වික්‍රමසිංහ සුදානම් නැති බවයි.

දැනට ජාතික ආණ්ඩුව සම්බන්ධයෙන් පවතින මතබේදාත්මක තත්ත්වයන් ඉදිරියේදි වෙනස් වන බවත් කිසිදු අයුරකින් ජාතික ආණ්ඩුව වෙනස් නොවන බවද මෛත්‍රී ජනපති එහිදි අවධාරණය කර තිබේ.

මේ අතර එජාප ප්‍රබලයන් දෙදෙනා සදහන් කර ඇත්තේ රනිල්ගේ මෙම මෙහෙයුම සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද සහය දෙන බවත් මහින්දට අවශ්‍යව ඇත්තේ නාමල්ගේ කාලය උදාවන තුරු බලය හුවමාරු කිරිමක් සිදුකර ගැනිමට පමණක් බවයි.

රටේ දේශපාලන ක්ෂේත්‍රයේත්,ඒකාබද්ධ විපක්ෂය ඇතුළු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේත් උද්ගත වී තිබෙන දේශපාලන තත්ත්වයන් හමුවේ එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද පදනමත් සජිත් ප්‍රේමදාස මහතාගේ සහයෝගයත් ඇතිව 2020 ජනාධිපතිවරණය තමාට නියත වශයෙන්ම ජය ගත හැකි බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ දේශපාලන වශයෙන් මේ වන විටත් ගණන් බලා අවසන් කර ඇති බවයි එම ජ්‍යෙෂ්ඨයන් සදහන් කර ඇත්තේ.

මේ අතර එජාප අභ්‍යන්තරයෙන් ලැබුන එම පුවතත් සමහ ජනාධිපතිවරයා සිය ශ්‍රිලනීප ජ්‍යෙෂ්ඨයන් සමග හදිසි සාකච්ඡාවක් කැදවා ඇති අතර පසුව ඊට පසුදිනම නිවිතිගල මහජන පොළ භූමියේ පැවති නිවිතිගල ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම බල මණ්ඩල රැස්වීම අමතමින් ජනාධිපතිවරයා සදහන් කළෙ පොදුජන පෙරමුණත්, එක්සත් ජාතික පක්ෂයත් දේශපාලන වශයෙන් අධි තක්සේරුවකට පත්ව ඇත්නම් එය ඔවුන් වරද්දා ගන්නා තැනක් බවත් තමන් ගැන තමන් විසින්ම කුමන තක්සේරුවකට පැමිණය ද ඔවුන් කිසිවෙකුට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය නොමැතිව තනිව ආණ්ඩුවක් ගොඩැනැගිය නොහැකි බව සිහිතබා ගත යුතු බවයි.

Top