Published on: Aug 14, 2018  – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සංකල්පයක් ලෙස ක්‍රියාවට නැගෙන “පිබිදෙමු පොළොන්නරුව” සම්බන්ධයෙන් මේ වන විට සමාජ කතිකාවක් ගොඩනැගී ඇත. “පිබිදෙමු පොළොන්නරුව” යටතේ රුපියල් කෝටි 1600ක් වියදම් කොට ව්‍යාපෘති 180ක් ක්‍රියාත්මක කෙරේ. ජනාධිපති සිරිසේන රාජ්‍ය නායකයාය. ඔහු රටේම ජනාධිපතිය. එහෙත් ඔහු වැඩි අවධානයක් යොමු කොට ඇත්තේ පොළොන්නරුවටය. රටේම ජනාධිපතිවරයා එක් දිස්ත්‍රික්කයකට පමණක් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නේ නම් අනිකුත් දිස්ත්‍රික්කවල ජනතාවටද තම තමන්ගේ ජනාධිපතිවරු පත්කර ගැනීමට සිදුවන්නේය.

පසුගිය රජයේ රාජ්‍ය නායකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සංවර්ධනය යැයි කියමින් හම්බන්තොට ලංකාවේ සුපිරි දිස්ත්‍රික්කය බවට පත් කිරීමේ ක්‍රියාවක නිරත විය. එම සංවර්ධන ක්‍රියාවලියේදී එහි මූලිකත්වය ගෙන ක්‍රියා කළේ රාජපක්ෂ පවුලේ සාමාජිකයන් සහ හිතවතුන්ය. පාරවල්, පාලම්, බෝක්කු, ගොඩනැගිලි ඉදිරි කරමින් එය රටේ සංවර්ධනය යැයි අර්ථකථනය කළේය. එහෙත් එකී සංවර්ධනයේ ප්‍රතිලාභ ජනතාවට හිමි නොවීය. ජනතාවගේ ජීවිත වලින් එකී සංවර්ධනය හෙළිදරවු නොවීය. අවසානයේ සිදුවූයේ ජනතාව ණයකරුවන් බවට පත්වීමය. රාජපක්ෂ පාලනයේ සංවර්ධනය හා සිරිසේන පාලනයේ සංවර්ධනය අතර කිසිදු වෙනසක් දක්නට නොලැබේ. රාජපක්ෂ පාලනයේ ක්‍රියාවලිය ප්‍රතිනිර්මාණය වෙනවා හැර අන් යමක් සිදුවන බවක් නොපෙනේ.

මේ වන විට පිබිදෙමු පොළොන්නරුව යැයි වැඩසටහනක් ජනාධිපති සිරිසේනගේ අධීක්ෂණය යටතේ සිදුවෙමින් ඇත. මේ සදහා වැයවන මුදල රුපියල් කෝටි 1600කි. එම මුදල වියදම් කරමින් ව්‍යාපෘති 180ක් ක්‍රියාත්මක වන බව පැවසේ. මේ යටතේ පාරවල්, ගොඩනැගිලි ඉදිවෙමින් පවතී. ඒ පිළිබඳව ජනතාව තුළ ඇත්තේ කැමැත්තකි. ජනතාවට මේ ව්‍යාපෘති පිළිබඳව කිසිදු නිශ්චිත අදහසක් නොමැත. ඔවුන් පාරවල්, ගොඩනැගිලි, පන්සල්, පාසල්, ආදී ඉදිකිරීම් සම්බන්ධයෙන් තෘප්තියෙන් සිටී. ඔවුන්ද සංවර්ධනය යැයි සිතනුයේ මෙවන් දේවල්ය. ඒ නිසාම ඔවුන්ට මේ පිළිබඳව ඇත්තේ යහපත් අදහසකි. මේ හරහා සිදුවන ඇත්ත පිළිබඳව ජනතාවට කිසිදු අවබෝධයක් ඇති බවක් නොපෙනේ.

කෝටි 80න් වියදම කෝටි 40යි ඉතිරිය ආගිය අතක් නැ 

මේ ව්‍යාපෘතිවලින් සංවර්ධනය වන්නේ ජනතාව නොවන බවට සාක්ෂි රැසක් ඇත.එක් ව්‍යාපෘතියක් වෙනුවෙන් රුපියල් කෝටි 80ක් වෙන් වී ඇත්නම් සැබවින්ම ඒ සඳහා වැය වන්නේ කෝටි 40කි. ඉතිරි කෝටි 40 වියදම් වන්නේ කෙසේද යන්න කිසිවෙකුට අවබෝධයක් නොමැත. ඒ අනුව මේ ව්‍යාපෘති හරහා විශාල ලෙස මූල්‍ය වංචා සිදුවන බවට තොරතුරු වාර්තාවේ. මේ ව්‍යාපෘති තුළින් විශාල වශයෙන් සිදුවන්නේ ඉදිකිරීම්ය. මහවැලි ඉදිකිරීම් අංශයේ නිර්දේශය වී ඇත්තේ මේ සියලු ඉදිකිරීම් සඳහා මහවැලි ගඟේ වැලි භාවිතා කළ යුතු බවයි. විශේෂයෙන්ම මනම්පිටිය වැලි නිධිය මගින් ගන්නා වැලි මෙම ඉදිකිරීම් සඳහා භාවිතා කරනු ලැබේ. එහෙත් මේ සියල්ල පිටුපස මෛත්‍රීපාල සිරිසේනගේ සහචරයකු සිටින බවට තොරතුරු වාර්තා වී ඇත. මේ සියලු ඉදිකිරීම් සඳහා වැලි සපයන්නා බවට පත්වී ඇත්තේ කලාගල ප්‍රියන්ත නැමැත්තෙකි. ඔහු වැලි කියුබ් 3ක ලොරියක් මේ ඉදිකිරීම් සඳහා ලබාදෙන්නේ රුපියල් 27,500කටය. ඔහු එම වැලි ලොරිය ලබාගන්නේ රුපියල් 17,500කටය. ඒ අනුව ඔහු එක් ලොරියකින් ලබන ලාභය රුපියල් 10,000කි. දිසාපතිවරයාගේ නිර්දේශය වී තිබෙන්නේද මහවැලි ගඟේ වැලි රජයේ ඉදිකිරීම් සඳහා යොදාගත යුතු බවයි. නමුත්, එම වැලි මිලදී ගන්නේ ප්‍රියන්ත නැමැත්තාය. ඔහු අඩුමුදලට වැලි ගෙන වැඩි මුදලට නැවත රජය වෙත සපයයි. මේ ව්‍යාපෘතිවල ප්‍රධාන වැලි සැපයුම්කරුවා වී ඇත්තේද ඔහුය.

17,500ට වැලි කියුබ් එක අරන් 27,500 ට විකුණන පොලොන්නරුවේ වැලි රජ්ජුරුවෝ..

මහවැලි ගඟේ වැලි ගොඩදාන කොන්ත්‍රාත් කරුවන් දිනකට වැලි කියුබ් 60ක් ගොඩදාන්නේ නම් ඒ සියල්ල ප්‍රියන්ත නැමැත්තා රුපියල් 17,500ට එම ස්ථානයේදීම මිලදී ගෙන එතන සිටම අදාළ ඉදිකිරීම් සඳහා රුපියල් 27,500 අලෙවි කරයි. ඒ අනුව වැලිවලින් තුනෙන් එකක් මංකොල්ලකෑමකට ලක්ව ඇති බව පෙනී යයි. පොළොන්නරුවේ මේ වන විට ඉදිවන ලොකුම ඉදිකිරීම වන්නේ පොළොන්නරුව වකුගඩු රෝහලයි. එම රෝහල පොළොන්නරුවට ලබාදී ඇත්තේ චීන සමාගමක් විසිනි. පෝර්ට් සිටිය ඉදිකිරීමට ලබාදුන් අවසරයට ප්‍රතිඋපකාරයක් ලෙස මෙම රෝහල ඔවුන් විසින් ඉදිකරනු ලබයි. එම සමාගම විසින් අදාළ ඉදිකිරීම් සඳහා වැලි සපයන්නන් සඳහා ටෙන්ඩර් කැඳවා ඇත. ඒ අනුව ඔවුන්ට ලැබුණ අවම ටෙන්ඩරය වී ඇත්තේ වැලි කියුබ් 3ක ලොරියක් සඳහා 18,500ක ටෙන්ඩරයකි. එහෙත් කලාගල ප්‍රියන්ත නැමැත්තාගෙන් එල්ල වූ තර්ජන හේතුවෙන් අදාළ ටෙන්ඩර්කරුවන් ඉවත් වී ඇත. ඒ අනුව කලාගල ප්‍රියන්ත නැමැත්තා අදාළ චීන සමාගමට රුපියල් 27,500ට වැලි සැපයීමට සූදානම් වී ඇත. එහෙත් අදාළ සමාගම පවසා ඇත්තේ 18,500 වැලි ලබාගත හැකිව තිබියදී 27,500ට වැලි ලබාගැනීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවයි. මේ තත්ත්වය තුළ අදාළ චීන සමාගම තීරණය කොට ඇත්තේ වැලි වෙනුවට කළුගල් කුඩු යොදා ගනිමින් අදාළ රෝහල ඉදිකිරීමටයි. මේ වන විට ඉදිවන රෝහල නිරීක්ෂණය කිරීමෙන් ඕනෑම අයෙකුට ඒ පිළිබඳව තහවුරු කරගත හැකිය. සමාගම පවසනුයේ කළුගල් කුඩු යොදා ගනිමින් ඉදිකිරීම් කළද රෝහල තුළ උෂ්ණත්වය වැඩිවන බවයි. ඒ අනුව එය ලෙඩුන්ට බලපාන බවද අදාළ සමාගම පවසයි. නමුත්, වැලි ඒකාධිකාරය හමුවේ අදාළ සමාගමට සිදුවී ඇත්තේ කළුගල් කුඩු යොදා ගනිමින් ඉදිකිරීම් කිරීමටය.

ගල් ,වැලි සිරිසේනලාගේ මාෆියාව

සංවර්ධනයේ නාමයෙන් පොළොන්නරුවේ සිදුවන්නේ මහා මූල්‍ය වංචාවකි. පිබිදෙමු පොළොන්නරුවට වෙන්වී ඇති රුපියල් කෝටි 6000 ඇතුළේ වැඩි වශයෙන් සිදුවන්නේ ඉදිකිරීම්ය. කාපට් පාරවල්, කොන්ක්‍රීට් පාරවල්, ගොඩනැගිලි ආදී වශයෙන් ඉදිකිරීම් සිදුවේ. මෙම ඉදිකිරීම්වල ප්‍රධාන කොන්ත්‍රාත්කරුවන් අතර පෙරමුණේ සිටින්නේ ජනාධිපති සිරිසේනගේ සහෝදරයෙකු වන චමින්ද සිරිසේනය. ජනාධිපති සිරිසේනගේ තවත් සහෝදරයෙකු වන ඩඞ්ලි සිරිසේන මෙහි තවත් පාර්ශ්වයක් නියෝජනය කරයි. ගල් සහ වැලි සැපයීමේදී කලාගල ප්‍රියන්ත සහ මොවුන් අතර බරපතළ සම්බන්ධතාවයක් පවතින බවටද තොරතුරු ඇත. ඒ අනුව මේ ඉදිකිරීම් හරහා වැඩිම මුදලක් ලැබෙන්නේ ජනාධිපති සිරිසේනගේ ඥාතීන්ට සහ හිතවතුන්ටය.

මේ සා විශාල මුදලක් එක් දිස්ත්‍රික්කයක ක්‍රියාත්මක වන ව්‍යාපෘති සඳහා යෙදවෙන්නේ නම් එම මුදල් දිස්ත්‍රික්කයේ ජනතාව අත සංසරණය විය යුතුය. එහෙත් එය එසේ වී නැත. මේ මුදල් සංසරණය වන්නේ එක් පිරිසක් අතරේ පමණි. මෙය බරපතළ ගැටලුවකි. මේ සියලු ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ විදේශයන්ගෙන් ලබාගත් ණය මුදල් වලිනි. එම මුදල් වලින් වැඩි කොටස ජනාධිපතිවරයාගේ ඥාතීන්ට සහ හිතවතුන්ට ගලාගෙන යද්දී ජනතාව වෙත ගලාගෙන යන්නේ මහා ණය කන්දකි. ජනතාව ඉදිකිරීම් පිළිබඳව අවබෝධයකින් තොරව ඇසට පෙනෙන ඉදිකීරීම් පිළිබඳව සතුටින් ඉපිලී යයි. එහෙත් මේ තුළ වන මූල්‍ය වංචා පිළිබඳව සහ මේ මහපොළොවට යටවන ධනය තමන්ගේ බදු මුදල්වලින් අයවන බව මේ ජනතාවගෙන් දන්නේ අතලොස්සකි. ජනතාව ණයකරුවන් බවට පත් කරමින් සිරිසේන පවුල නඩත්තු කිරීමට ජනතාවට සිදුව ඇත්තේ පසුගිය කාලයේ රාජපක්ෂ පවුල නඩත්තු කළ ආකාරයටමය. ජනතාවට ප්‍රතිලාභ ලෙස ඉතිරිවන්නේ පාරවල් සහ ගොඩනැගිලි පමණි. එහෙත් ජනතාවගේ ජීවිතවල සහ ආර්ථිකයේ සංවර්ධනයක් වෙනුවට සිදුවන්නේ ණයකරුවන් බවට පත්වීමය.

අපේ රටේ ඉතිහාසයේ සිට පාලකයන් කළේ මේ විනාශයය. රණසිංහ ප්‍රේමදාස ගම් උදාව යැයි කියමින් ජනතා ධනය වියදම් කරමින් තැනින් තැන තමන්ගේ උපන්දිනය පදනම් කොටගෙන බාල් නැටුවේය. එහිදී කළ ඉදිකිරීම් වල සැබෑ තත්ත්වය ජනතාවට අවබෝධ වූයේ එම ගොඩනැගිලි දිරාපත් වෙමින් හරක් මඩු බවට පත්වීමෙන් පසුවය. රාජපක්ෂ පාලනයේදීද කළේ ඒ ටිකමය. ඔවුන්ද කළේ ඉදිකිරීම්ය. දැන් සිරිසේන පාලනය විසින් කරමින් පවතින්නේද ඉදිකිරීම්ය. මේ ඉදිකිරීම්වලට යටවන ධනය පිළිබඳව කිසිසේත්ම විගණනයක් සිදු කළ නොහැකිව පවතී. ඒ අනුව මේවා යට සිදුවන අතයට ගනු දෙනු සහ මූල්‍ය වංචා බහුලය. පාලකයන් තම තමන්ගේ ඥාතීන්ට සහ හිතවතුන්ට මුදල් හම්බ කිරීමේ මාර්ගයක් ලෙස මෙය භාවිතා කරන්නේ ඒ නිසාවෙනි.

එක් පවුලක සාපයෙන් මේ රට ගලවා ගත් ප්‍රගතිශීලී ජනතාව තවත් පවුලක සාපයකට මේ රට යටත් කිරීමට කිසිදු සූදානමක නොසිටියේය. යහපාලනයේ නාමයෙන් බලයට පැමිණි සිරිසේන ජනාධිපතිවරයා රාජපක්ෂ මග අනුගමනය කරමින් අද කරමින් සිටින්නේද පවුලක නඩත්තුවකි. දහම් සිරිසේන. චතුරිකා සිරිසේන පොළොන්නරුවේ බලය පතුරමින් සිටින බව පෙනී යයි. ජනාධිපති සිරිසේනට තවදුරටත් බලය පිළිබඳව සිතිය හැකි තත්ත්වයක නොමැත. එහෙත් දහම් සිරිසේන හෝ චතුරිකා සිරිසේනගේ අනාගතය නිර්මාණය කිරීමේ හැකියාව ඔහුට තිබේ. ඔහු මේ පොළොන්නරුව පදනම් කරගනිමින් කරමින් සිටින්නේ ඒ දීර්ඝ කාලීන සැලසුම විය හැකිය. ජනතාවගේ බදු මුදලින් ජනතාව ණය කාරයන් කරමින් පවුල් නඩත්තු කළ පාලකයන්ට මේ රටේ ජනතාව උරුම කරදුන් ඉරණම මෛත්‍රීටද අදාළ බව පමණක් අපි දනිමු.

එස්. කේ. ගමගේ

Published on: Aug 10, 2018 – වසර 15ක පමණ කාලයක් හන්තාන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය අක්කර 148කට අධික හන්තාන රක්ෂිතයේ අක්කර 14ක ප්‍රමාණයක් බලහත්කාරයෙන් සහ ව්‍යාජ අන්දමින් අත්පත් කර ගැනිම සදහා සිය හෙංචයියන් මෙහෙයවු එම්මානුවෙල්ලාගේ අමාත්‍ය ජෝන් ඇන්තනී එම්මානුවෙල් අමරතුංග කොළඹ ග්‍රෙගරි පාරේ රුපියල් බිලියන 1.4කට අධික වටිනාකමින් යුත් නිවසක් සහිත දේපළක් කොල්ල කෑම සදහා දියත් කල මෙහෙයුමක් අසාර්ථක විමත් සමග එම දේපළ හිමිකරුවන්ට තර්ජනය කරමින් සිටින බව කොළඹ අප විශේෂ වාර්තාකරු අනාවරණය කලා.

එම්මානුවෙල් අමරතුංගට ගැහැනුන් සපයන චින කටු අනින්නේකු ලෙස පෙනී සිටින ජොන්ගේ සමිපතම හෙංචයියෙකු වන ප්‍රසාද් දේවප්‍රිය නැමත්තා ඉතාම සුක්ෂම ආකාරයෙන් යොදවා ගනිමින් බස්නාහිර පළාතේ, කොළඹ දිස්ත‍්‍රික්කයේ, සල්පිටි කෝරළයේ, පල්ලේ පත්තුවේ, කොළඹ මහ නගර සභා සීමාවේ, කොළඹ (තිඹිරිගස්යාය)ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, සිනමන් ගාර්ඞ්න් ග‍්‍රාම නිළධාරී කොට්ඨාශයේ, සිනමන් ගාර්ඞ්න් හි 9 වන කොටසෙ හි ග්‍රෙගරි මාවතේ, වරිපනම් අංක 14 හි පිහිටි 1969. 12. 12 දිනැති අංක 1619 දරන පිඹුරෙහි ග්‍රෙගරි පාරේ වරිපනම් අංක 12/1 දරන දේපළද වන රූඞ් එකයි පර්චස් තිස් එකයි දශම හතයි පහක් (අ: 0 රූ:1 පර්: 31.75) ක් විශාල ඉහත පිඹුරු අංක 1619 කොළඹ ඉඩම් ලියාපදිංචි කාර්යාලයේ හිමිකම් වෙළුම/පත්තිරු අංක E 102/37 හි ලියාපදිංචි කර ඇති රුපියල් බිලියන 1.4කට වඩා වටින ඉඩම හොරෙන්ම අත්පත්කර ගැනිමට කටයුතු කර තිබේ.

එම්මානුවෙල් අමරතුංගේ චින කටු අනින්නා වන ප්‍රසාද් දේවප්‍රිය නැමත්තා එම නිවසේ කොටසක් පසුගිය ඔක්තෝබර් මස කුලියට ගෙන ඇති අතර පසුව සුක්ෂම ආකාරයට එම ඉඩමට අදාල හොර ඔප්පුවක් හරහා මුදල් ගෙව ඉඩම ලබගැනිමට කටයුතු කර ඇත්තේ ඒ වනවිටත් එම නිවසේ හිමිකාරිත්වය දරමින් සිටි 77 හැවිදිරි මහලු හිමිකරු රවට්ටමින් වන අතර කොළඹ දිසා අධිකරණයට නඩුවක් ගොනු කරමින් කොළඹ 07 අංක 14, ග්‍රෙගරි පාරේ පදිංචි ශිරාණි නීලකාන්ති ෆර්නෑන්දු සහ විමල්සෙන් හියනිරිඳු ෆර්නෑන්දු අදාළ දේපළ යලි පවරා දෙන ලෙස ඉල්ලා තිබේ.

එම්මානුවෙල් අමරතුංගගේ සම්බන්ධය …..

අදාළ නඩුව ගොනු කිරිමෙන් අනතුරුව නීතිඥවරයෙකු පෙරේදා (07)වැනිදා කොළඹ 07 අංක 14, ග්‍රෙගරි පාරේ නිවසට ගොස් ඇති අතර එම අවස්ථාවේදි එම නිවසට ඇතුල් විම වලක්වමින් මැරයන් 10දෙනෙකු පමණ නීතිඥවරයාට බලපෑම් කර ඇති අතර පසුව නීතිඥවරයා තමන්ට ඇති අයිතිය පෙන්වමින් ඇතුල් වි ඇති අතර ඒ වනවිට අදාළ නිවසේ මහලු හිමිකරු සමග ජොන් අමරතුංග සාකච්ඡා කරමින් සිට තිබේ.පසුව නීතිඥවරයා නිවසේ හිමිකරුගෙන් ප්‍රශ්ණ කිරිමට කටයුතු කිරිමත් සමග ඔහුට අමරතුංගගේ මැරයන් අවහිර කර ඇති අතර ඔහුව එම ස්ථානයෙන් ඉවත් කිරිමට තල්ලු කර ඇති අතර ඒ සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසියට අදාළ නීතිඥවරයා විසින් පැමිණිල්ලක්ද දමා තිබේ.

පැමිණිලිකරුවන් විසින් කියා සිටින්නේ විත්තිකරුවන්ගේ පූර්ව ක‍්‍රියාකාරකම් සහ වාර්තා පිළිබඳව සළකා බැලීමේදී සහ විශේෂයෙන්ම විත්තිකරුවන් විසින් සහ ඔවුන්ගේ නියෝජිතයන් විසින් සිදුකරන ලද කරන ලද තර්ජන සහ බාධා අවහිර කිරීම් සැලකිල්ලට ගැනීමේදී විත්තිකරු විසින් සහ/හෝ විත්තිකරුගේ නියෝජිතයන් සහ/හෝ සේවකයින් විසින් කූට ලෙස සකසන ලද ලේඛන පදනම් කරගෙන අයුතු ලෙස පහත උපලේඛනයේ සදහන් ප‍්‍රස්තූත දේපළට ඇතුළු වී පැමිණිලිකරුවන් සහ/හෝ පැමිණිලිකරුවන්ගේ සේවකයන් සහ/හෝ නියෝජිතයන් බලහත්කාරයෙන් පළවාහැර දේපළෙහි සංතකය සහ පාලනය බලහත්කාරී සහ අනීතික ලෙස පැහැර ගැනීමේ බරපතළ අවධානමක් ඇති බවත් එසේ විත්තිකරුවන් විසින් දේපළෙහි හිමිකම සහ සංතකය පැහැර ගතහොත් පැමිණිලිකරුවන්ට මුදලින් පිරිමැසිය නොහැකි බරපතල අප‍්‍රහතිකාර පාඩුවක් සහ අලාභයක් සිදුවන බවත් ය.

වර්ෂ 2018 අගෝස්තු 6 වන දින සිදුවූ සිද්ධි දාමය

>පැමිණිලිකරුවන් ප‍්‍රකාශකර සිටින්නේ ඉහත කී කූට ලේඛන වලට එරෙහිව පැමිණිලිකරුවන් විසින් වර්ෂ 2018 අගෝස්තු 6 වන දින අපරාධ විමර්ශන දෙපාර්තුමේන්තුවට පැමිණිල්ලක් සිදුකල බවත් එකී පැමිණිල්ල ඉහත පැ. 9අ ලෙස ලකුණුකර ඇති බවත් ය.

>එදින සවස් වරුවේ 1 වන විත්තිකරු විසින් කුළියට ගෙනෙන ලද පෞද්ගලික ආරක්ෂක සමාගමක කණ්ඩායමක් 1 වන විත්තිකරුගේ අනුදැනුම මත ප‍්‍රශ්ණගත දේපළට බලහත්කාරයෙන් ඇතුළුවී එහි ගේට්ටු සියල්ල වසා දමා කිසිදු පුද්ගලයකුට එකී දේපළ තුළට ප‍්‍රවේශ වීම වැළැක්වීමට කටයුතු කර ඇත.

>ඒ අනුව පැමිණිලිකරුවන් විසින් යොදවා පෞද්ගලික තිබූ ආරක්ෂක නිළධාරීන්ටද පැමිණිලිකරුවන්ව හමුවීමට පැමිණෙන වෙනත් පුද්ගලයින්ටද විෂය වස්තුවට ඇතුල්වීමද පැමිණිලිකරුවන්ට විෂය වස්තුවෙන් බැහැරවීමටද ඉඩ ලබා නොදී මෙකී ආරක්ෂකයන් විසින් සම්පූර්ණ ප‍්‍රවේශය අවහිර කරන ලද බවත් ප‍්‍රකාශ කර සිටී.

>පසුව පැමිණිලිකරුවන් විසින් දුරකථන මාර්ගයෙන් ඔවුන්ගේ නීතිඥවරයා වෙත මේ බව දන්වා සිටි අතර ඉන්පසුව පැමිණිලිකරුවන්ගේ නීතිඥවරයාද සවස 7ග 00 ට පමණ පැමිණිලිකරුවන්ව මුණ ගැසීමට ප‍්‍රශ්ණගත දේපළට පැමිණි බවත් එනමුත් ආරක්ෂකයන් විසින් පැමිණිලිකරුවන්ගේ නීතිඥවරයාටද දේපළ තුළට ප‍්‍රවේශවීම වැළැක්වූ බවත් ප‍්‍රකාශකර සිටී.

>කෙසේ වෙතත් පැමිණිලිකරුවන්ගේ නීතිඥවරයා විසින් ආරක්ෂකයන් සමග සාකච්ඡාකර දේපළ තුලට ප‍්‍රවේශවීමට අවස්ථාව සළසා ගත් බවත් එවිට එකී දේපළතුල සිටි 1 වන විත්තිකරු විසින් බදු පදනම මත මෙකී දේපළෙහි ලබාගෙන තිබෙන කොටසින් කාමරයක් අතුරු බදු ගෙන සිටින ජෝන් අමරතුංග අමාත්‍යවරයා ඉදිරියට පැමිණ පැමිණිලිකරුවන්ගේ නීතිඥවරයාට පැමිණිලිකරුවන්ව මුණ ගැසීමට අවස්ථාව අවහිර කරමින් බලහත්කාරකම් කළ බවත් ප‍්‍රකාශකර සිටී.

>ඉන් පසුව පැමිණිලිකරුවන්ගේ නීතිඥවරයා තමන්ට තම සේවදායකයන් වෙනුවෙන් පෙනී සිටීමට බාධා අවහිර කරමින් ඇමතිවරයා 1 වන විත්තිකරු ඇතුළු ආරක්ෂකයන් පිරිස කටයුතු කිරීම පිළිබඳව කුරුඳුවත්ත පොලිස් ස්ථානයට එදිනම රාත‍්‍රි කාලයේ පැමිණිල්ලක් ගොණුකල බවත් ප‍්‍රකාශකර සිටී.

>(ඒ බව සනාථ කිරීම සඳහා පැමිණිලිකරුවන්ගේ නීතිඥවරයා විසින් කුරුඳුවත්ත පොලිස් ස්ථානයට සිදුකරන ලද පැමිණිල්ලේ ලදුපතෙහි සත්‍ය පිටපතක් පැ. 15අ ලෙසද පැමිණිල්ලේ සත්‍ය පිටපතක් පැ. 15ආ ලෙසද එකී සිද්ධිය පිළිබඳව සනාථ කරමින් නීතිඥවරයා විසින් ලබාදුන් දිවුරුම් ප‍්‍රකාශයේ සත්‍ය පිටපතක් පැ. 15ඇ ලෙසද ලකුණු කර මේ සමග ඉදිරිපත් කර අයැද සිටී.)

එම්මානුවෙල් අමරතුංගට ගැහැනුන් සපයන චින කටු අනින්නා දේපළ හොරෙන්ම ලියාගෙන් බුකියේ පොර ටොක් දුන් හැටි… 

http://198.211.112.164/archives/16068

http://198.211.112.164/archives/17807

Published on: Aug 6, 2018- පොලිසිය විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයක් හේතුවෙන් 2016 වසරේදී මිය ගිය යාපනය විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනා මත්පැන් පානය කර සිටි බවට පොලිසිය කළ කරුනු දැක්වීම සාවද්‍ය බව පසුගියදා අධිකරණයේදී අනාවරණය වුනා.

එම සිසුන්ගේ මරණ සම්බන්ධයෙන් නිකුත් කළ මරණ පරීක්ෂණ වාර්තාවලින් අනාවරණ වන තොරතුරු අධිකරණය හමුවේ ඉදිරිපත් කරමින් මෙම කරුනු සනාථ කරන්නට සිසුන් වෙනුවෙන් ඉදිරිපත් වූ නිතිඥවරු සමත්ව තිබේ.

එම මරන පරික්ෂණ වාර්තා අනුව දැක්වෙන්නේ මිය ගිය එක් සිසුවෙකුගේ පපු ප්‍රදේශයට එල්ලවූ රයිෆල් උණ්ඩයක් හේතුවෙන්ද අනෙක් සිසුවාගේ පපුව අභ්‍යන්තරයේ සිදුවූ තුවාල හේතුවෙන්ද මරණ සිදුව ඇති බවයි. මෙම වෙඩිතැබීමෙන් මරණයට පත්වූයේ යාපනය විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ ඉගෙනුම ලබමින් සිටි නඩරාජා කජන් සහ විජය කුමාර් සුලක්ෂන්ය. 2016 ඔක්තෝබර් 21 වැනිදා අලුයම යාපනය – කන්කසන්තුරේ මාර්ගයේ යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී කොකුවිල් ප්‍රදේශයේදී පොලිසිය කළ වෙඩි තැබීමකින් ඔවුහු මරණයට පත්ජී වූහ. ඔවුන් ගමන් කළ යතුරුපැදිය අණනොතකා ධාවනය කිරීම හේතුවෙන් වෙඩි තැබීම සිදුකළ බවද ඔවුන් මත්පැන් පාලනය කර සිටි බවද එවකට පොලිසිය ප්‍රකාශ කර තිබිණි.

පසුව මෙම වෙඩි තැබීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන සිටි උප පොලිස් පරීක්ෂකවරයෙක්, පොලිස් සැරයන්වරයෙක්, පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක් සහ පොලිස් රියදුරුවරයෙක් ඇප මත මුදාහැරීමට යාපනය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

යාපනය අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය යූ.මයුරදන් මහතා විසින් මරණ සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරණ ලදී. පොලිසිය ඒ දිනවල පැවසුවේ සිසුන් එම අවස්ථාවේ බීමතින් සිටි බව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙන් අනාවරණ වී ඇති බවයි. කෙසේ වෙතත් තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ලබාගත් මරණ පරීක්ෂණ වාර්තාවේ දැක්වෙන කරුනු අනාවරණය විමෙන් පොලිසිය ව්‍යාජ ලෙස කරුනු දක්වා අධිකරණය නොමග යවා ඇති බව සනාථ විය.

එහි දැක්වෙන්නේ යතුරුපැදිය පැදවූ විජයකුමාර් සුලක්ෂන් සිසුවාගේ මරණය සිදුවන විට ඔහුගේ අමාශයේ ජීර්ණය නොවූ ආහාර ග්‍රෑම් 750 ක් පමණ තිබූ අතර මත්පැන් දක්නට නොලැබුණු බවයි. යතුරුපැදිය නොනවත්වා ධාවනය කළ අවස්ථාවේ වෙඩි තැබූ බව පොලිසිය ප්‍රකාශකළ ද යතුරුපැදිය පැදවූ විජයකුමාර් සුලක්ෂන්ගේ පපුවේ තනපුඩුව අසලින් උණ්ඩය ඇතුළු වී ඇති බවත් උණ්ඩය ඇතුළුවූ ස්ථානයේ සෙන්ටිමීටරයක පමණ වට ප්‍රමාණයකින් යුත් සිදුරක් තිබූ බවත් මරණ පිරීක්ෂණ වාර්තාවේ සඳහන් වේ. ඔහුගේ ශරීරයේ විවිධ ස්ථානවල කැපුම් තුවාල 3ක්, සීරීම් තුවාල 14ක් සහ අස්ථි බිඳීම් 2ක්ද හඳුනාගෙන ඇති බව මීට අමතරව එහි දැක්වේ. යතුරුපැදියේ පසුපස ගමන් කළ නඩරාජා කජන් මරණයට පත්වන අවස්ථාවේ ඔහුගේ ආමාශයේ ජීර්ණය නොවූ ආහාර ග්‍රෑම් 600ක් පමණ තිබූ බවත් මත්පැන් පානය කළ බවට හඳුනාගත නොහැකි බවත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන්ය. එහි දැක්වෙන්නේ ඔහුගේ සිරුරේ විවිධ ප්‍රමාණයේ කැපුම් තුවාල 7ක්ල සීරීම් තුවාල සහ අස්ථි බිඳුම් ද හඳුනාගත හැකි බවයි. ඒ අනුව මරණ පරීක්ෂණ වාර්තාවේ දැක්වෙන්නේ තියුණු නොවූ වැදීමකින් පපුවට සිදුවූ බහුවිධ තුවාල හේතුවෙන් නඩරාජා කජන්ගේ මරණය සිදුවී ඇති බවයි.

ඇත්ත කතාව…..

යාපන ශික්ෂණ රෝහල්ආරංචි මාර්ග අනුව වෙඩි වැදුණු සුලක්ෂන් ගේ පපුවට, උදරයට හා හිසට තුවාල සිදුවී තිබිණි. සිදුවීමෙන් මිය ගිය ගජන් යතුරු පැදියෙන් විසිවී හිසට ඇති වූ බරපතල තුවාල හේතුවෙන් මිය ගොස් ඇත .ඔහුගේ සිරුරේ තිබී වෙඩි උණ්ඩයක් සොයාගත් නමුත් මිය ගොස් ඇත්තේ වෙඩි වැදීමෙන් නොවන බව මරණ පරීක්ෂණයේ සදහන් වෙයි. එම උණ්ඩය සුලක්ෂන්ගේ සිරුර පසාරු කරගෙන හා ගජන්ගේ සිරුරට ඇතුල් වී ඇති බව සොයා ගත හැකි විය.

මෙම හෙලිදරව්ව නිවැරදි නම් අණ නොතකා ගමන් කළ නිසා වෙඩි තැබූ ගියබව කියන කතාව පොලිසිය විසින් සැකසු කතාවක් යැයි සිතීමට තරම් විශාල සැකයක් මතුවෙයි. පොලිසිය සැබවින්ම පලා යන සරසවි සිසුන් දෙදෙනාට වෙඩි තැබුවානම් ගජන්ට වෙඩි නොවැදී පාපැදිය පැදවු සුලක්ෂන්ට වෙඩි වැදුනේ කෙසේද.සුලක්ෂන්ගේ සිරුර පසාරු කරගෙන එය ගජන්ගේ සිරුරේ වැදුනේ කෙසේද?

එදින එම පොලිස් කණ්ඩායම රාත්‍රී දහයට පමණ කුලප්පිඩි හන්දියට පැමිණි ඇත. උප පොලිස් පරික්ෂක දිසානායක හා සැරයන් පී.එස් ජයවර්ධන සතුව පිස්තෝල දෙකක් හා කොස්තාපල් චන්දන හා ලක්නාමාන්න සතුව ටී56 තුවක්කු තිබුණු බවත් කොස්තාපල් නවරත්න නිරායුදව සිටි බවත් එම පොලිස් නිලධාරීන් කටඋත්තර ලබා දී ඇත.

තරුණ පිරිස් අතර සිදුවන අපරාධ ගැන විමසිල්ලෙන් සිටි බවත් යතුරු පැදි වල යන රස්තියාදු තරුණයන් පිළිබද වැඩි අවධානයකින් සිටි බවත් කටඋත්තරයේ සදහන් වෙයි.රාත්‍රී 11.40ට පමණ තාවඩි හන්දියේ සිටි පොලිස් නිලධාරීන්ගෙන් පණිවුඩයක් ලැබී තිබෙන අතර අණ නොතකා ධාවනය කළ යතුරුපැදියක් කුලප්පිඩි දෙසට පැමිණෙන බව ඉන් කියා ඇත.පණිවුඩය ලැබුණ විගස දිසානායක සහ ලක්මාන්න කිහිප දුරක් ඉදිරියට ගිය බවත් අනිත් නිලධාරීන් තිදෙනා වාහනය නවතා තිබූ තැන සිටි බවත් සදහන් වෙයි.

11.45ට පමණ යතුරු පැදියක් පැමිණ ඇති අතර නතරවන ලෙස සඥ්ඥා කළ පසු යතුරුපැදිකරු වේගය බාල කර මද දුරක් පැමිණ නැවත වේගය වැඩි කරමින් සිග්-සැග් අකාරයට පාර පුරා ධාවනය කර ඇතැයි ද කියයි.පොලිස් කොස්තාපල් නවරත්න වෙඩි තබන ලෙස චන්දන ට පවසා තිබෙන අතර උප පොලිස් පරීක්ෂක දිසානායක සහ සැරයන් ජයවර්ධන අණ දී නැතිවත් ඔහු වෙඩි තබා ඇත.වෙඩි වැදී යාර 30ක් පමණ ගොස් යතුරුපැදිය තාප්පයක වැදී පිටුපස ගමන් ගත් පුද්ගලයා විසි වී හිස තාප්පයේ වෑදී ඇති බවත් කටඋත්තරයේ සදහන් වෙයි

යතුරුපැදියේ ගමන්ගත් සිසුන් දෙදෙනා ආයුධ සම්පන්න බව සිතා වෙඩි තබන්නට ඇති බවත් ඔවුන් ආයුධ රහිත බව දැනගැනීමෙන් කලබල වූ පොලිස් නිලධාරීන් ඉන් තමන්ට ප්‍රශ්නයක් ඇති වේයැයි බිය වී සිද්ධිය වසන් කිරීමට ක්‍රියා කර ඇති බව වාර්තා වෙයි.බිම තිබූ හිස් පතොරම් සහ හිස් උණ්ඩ අහුලා සාක්සි විනාශ කිරීමට උත්සහ ගෙන ඇති බවත් ඉන් පසු ගිලන් රථයක් ගෙන්වා රෝහල් ගත කර ඇති බවත් වාර්තා වෙයි.මේ පිළිබද යාපන පොලිස් මූලස්ථානයට ව්‍යාජ වාර්තාවක් ලබා දී ඇති අතර එම වාර්තාව කොළඹ පොලිස් මූලස්ථානයටද එවා ඇත.

සිද්ධිය ඇසින් දුටු කිසිම කෙනෙකු නැති අතර ඒ අසල තිබූ සීසීටීවී කැමරා දෙකක දර්ශන ද පොලිසිය විසින් පරීක්ෂණ සදහා ලබාගෙන තිබේ.

Published on: Aug 4, 2018- නීතියේ ආධිපත්‍ය රටක් තුල සමාජයක සෑම පුරවැසියෙකුටම තමාට සුරක්ෂිත බවක් ඇත යන විශ්වාසය තහවුරු කරන අතරම නීතියේ පාලනය ඇතිබවට ඇතිවන හැඟීමම රටවැසියා තුල ආරක්ෂාව පිළිබඳ විශ්වාසයක් ඇතිකරනු ලබයි. එවිට එම රට තුල, ඒ සමාජය තුල පුද්ගලයාට බියක් නොදැනෙන අතර බියෙන් තොරභාවය මිනිසා සාමකාමී මානසික තත්වයකට පත්කරනු ලබන අතර එනිසාම සාමකාමී සමාජයක් එම රටතුල ඇතිවේ.

රටක රාජ්‍යක් තහවුරු කරනු ලබන්නේ එම රටතුල යම්කිසි නීතිපද්ධතියකට අනුව පාලනයක් පවතින බවයි. නමුත් රටක පවතින නීති එක කොටසකට පමණක් ක්‍රියාත්මකවේනම් එසේනැත්නම් එක කණ්ඩායමකට එක අයුරකින් තවත් කොටසකින් තවත් අයුරකින් ක්‍රියාත්මක වේනම් එතැනදී සමාජයට පවතින රාජ්‍ය තුල විශ්වාසයක් නැතිවන අතර තමාගේ ආරක්ෂාව තමාටම සලසා ගන්නා මට්ටමකට යන හිතුවක්කාරී තත්වයකට නැඹුරු වීමට ඉඩ ඇත. ඒ වාගේම තවත් කොටසක් බිය නිසාම යටපත්වී ජීවත්වන අනාරක්ෂිතා තත්වයකටද පත්වේ.

1974 නොවැම්බර් මස ආරම්භ වූ නීතිඥ සංගමය ශ‍්‍රී ලංකාව පුරා විසිරී සිටින නීතිඥ වෘත්තිකයන්ගේ එකම සංවිධානයයි. මෙහි ආරම්භක සභාපතිවරයා වූයේ කීර්තිමත් නීතිඥවරයකු වූ රාජ්‍ය නීතිඥ ආචාර්ය එච්.ඩබ්ලියු. ජයවර්ධන මහතාය. මේ සංගමය නියෝජනය කළ අනෙකුත් කීර්තිමත් නීතිඥයන් වූයේ නීතිඥ අර්ඞ්ලි පෙරේරා, නීතිඥ එච්.එල්.ඞී. සිල්වා, නීතිඥ රංජිත් අබේසූරිය, නීතිඥ ඉක‍්‍රම් මොහොමඞ් වැන්නවුන් ය. ඒ නීතිඥ සංගමයේ කීර්තිමත් ඉතිහාසයය. එහෙත් දැන් සිදුවී ඇත්තේ, නව සභාපති වන යූ.ආර්. ද සිල්වා යටතේ සංගමයේ අභිමතය වෙනුවට ඔහුගේ පෞද්ගලික අභිමතය මත සංගමයේ කටයුතු පෙළගැස්වීමයි. කෙනෙකුට නැගිය හැකි ප‍්‍රශ්නය වන්නේ යූ.ආර්. ද සිල්වා මහතා පෞද්ගලික අභිමතය පරිදි කටයුතු කරන්නේ නම් දෙවනවර නීතිඥ සංගම් නිලවරණයෙන් නිතරඟයෙන් පත් වන්නේ කෙසේද කියාය.

කෙසේවුවද නීතිඥ සංගමයේ සභාපතිවරයාගේ ක‍්‍රියාකාරිත්වය සම්බන්ධව සාමාජිකයන් විශ්වාසයෙන් හා භක්තියෙන් කටයුතු කරයි. එහෙයින් මූල්‍ය වංචා, හිතවතුන්ට හා හිතවතියන්ට අනුග‍්‍රහය දැක්වීම්, සිය නිලය භාවිත කරමින් තම පවුලේ සාමාජිකයන්ගේ ප‍්‍රශ්න විසඳා ගැනීම, ව්‍යාපාර කිරීම් හා සංගමයේ දේපළ පෞද්ගලික දේපළක් යැයි සිතා පරිහරණය කිරීම වැනි අකටයුතුකම් සම්බන්ධයෙන් බහුතරයක් මුනිවත රකී. එහෙත් අප දන්නා නීතිඥ සංගම් ඉතිහාසයේ එවැන්නක් සිදුවී නැත.

ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතාගේ කෙරුවාවන් එළිදරව් වීමට පටන් ගන්නේ පසුගිය වසරේ අගභාගයේ දීය. යූ.ආර්. ද සිල්වාගේ මෙහෙයුම රටේ නීතියේ ආධිපත්‍ය බලය දේශපාලනයට යටකර රටේ ජනතාවට නීතිය සම්බන්ධයෙන් ඇති ගෞරවය සහ අපක්ෂපාතීත්වය නැතිකර දැමිමය.

ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතාගේ කෙරුවාවන් මේ සියල්ලටම අදාළ සාක්ෂි අප සතුව ඇත.

01. ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතාගේ ධුර කාලය තුළ කරන ලද ගනුදෙනු වරලත් විගණන ආයතනයක් මගින් විගණනය නොවීම.

02. සංගමයේ මුදල් විධිමත් ක‍්‍රමවේදයකින් තොරව භාවිතා කිරීම. (ගාල්ල ප‍්‍රසිද්ධ හෝටලයක පැවති නීතිඥ සංගමයේ වාර්ෂික හමුවේදී කරන ලද වියදම් සංගමයේ ව්‍යවස්ථාවට පටහැනි වීම.)

03. 2017 – 2018 වර්ෂවල දී පැවති පළාත් සම්මන්ත‍්‍රණ සඳහා මුදල් වෙන් කිරීම සංගමයේ ව්‍යවස්ථාවට පටහැනි වීම. (පුද්ගලික ගිණුම්වලට මුදල් බැර කිරීම)

04. සිය නිලය භාවිතා කරමින් තම බිරිඳගේ ආයතනයෙන් සේවා දිගුවක් ලබාදෙන ලෙස අග‍්‍රාමාත්‍ය තුමා හරහා අදාළ ආයතනයේ සභාපතිවරයාට බලපෑම් කිරීම. අදාළ සේවා දිගුව ලබා නොදුන් බව ප‍්‍රසිද්ධියේ අග‍්‍රාමාත්‍යවරයාට දැනුම් දීම.

05. නීතිඥ සංගමයට අයත් ගොඩනැගිල්ල නීතිඥ සංගමයේ කටයුතුවලට බාධා වන ලෙස වෙනත් පාර්ශ්වයකට කුලී පදනම යටතේ ලබා දීම.

06. නීතිඥ සංගමයේ ලාංජනය නීති ප‍්‍රවේශ උපකාරක පන්ති සඳහා යොදා ගැනීම නිසා අනෙකුත් නීති ප‍්‍රවේශ උපකාරක පන්ති පවත්වන නීතිඥයන් අතර ලැදියාවන් අතර ගැටුමක් ඇති කිරීම.

07. සිය ප‍්‍රතිරූපය ගොඩනගා ගැනීමට උදව් කරනා නීතිඥයන්ට, මිතුරන්ට හා ඥාතීන්ට විනෝද වීම සඳහා සංගමයේ මුදලින් සංදර්ශන පැවැත් වීම.

08. නීති ආධාර ලබා දීමට පවත්වන සම්මන්ත‍්‍රණවලදී තමන් විසින් රචිත ග‍්‍රන්ථ සහභාගිවන්නන්ට තම ප‍්‍රතිරූපය ගොඩනගා ගැනීම සඳහා නොමිලේ ලබාදී පසුව ඒ සඳහා මුදල් සංගමයේ අරමුදලින් ලබා ගැනීම.

09. නීතිඥ සංගමයේ සම්ප‍්‍රදාය වන්නේ සාමාජිකයන් අතර විනෝදාස්වාදය සපයන වැඩසටහන් පවත්වා සහභාගි වන්නන්ට ප‍්‍රවේශපත් නිකුත් කර එම ආධාරවලින් නීතිඥ සංගමයේ අරමුදල ශක්තිමත් කිරීමයි. ඒ වෙනුවට ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා කර ඇත්තේ සංගමයේ අරමුදලින් විනෝදාස්වාදය සපයන වැඩසටහන් පවත්වා අරමුදල දුර්වල කිරීමය.

10. තමන්ගේ සංදර්ශන පැවැත් වීම හා සම්බන්ධ ප‍්‍රශ්න කිරීම් හමුවේ සභාපතිවරයා සඳහන් කරන්නේ ඔහුට මුදල් ලැබෙන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නීති අධාර යටතේ බවයි. එහෙත් අප ඒ සම්බ්ධයෙන් කළ විමසීමකදී අදාළ නීති ආධාර කොමිෂන් සභාවේ නිලධාරියෙකු ප‍්‍රකාශ කළේ එවැනි කටයුතු සඳහා කිසිවිටෙකත් එසේ මුදල් ලබා දීමක් සිදු නොකරන බවයි.

නීතිඥ සංගමයේ සභාපතිවරයා සම්න්ධයෙන් අප විසින් ඉදිරිපත් කරන මෙම චෝදනා හා සම්බ්න්ධ වැඩිදුර තොරතුරු හා සියලූ සාක්ෂි අප සතුය. උක්ත කරුණු සමග ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා එකඟ නොවන්නේ නම් මේ සම්බන්ධ පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙමු. යම් හෙයකින් සභාපතිවරයා මේ සඳහා ප‍්‍රතිචාර නොදක්වන්නේ නම් එයින් අදහස් වන්නේ අපගේ චෝදනා සියල්ල සත්‍ය බවයි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය අපරාධකරුවන් ආරක්ෂා කරන ආයතනයක් බවට පත්ව ඇති බව නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතාද පෙන්වාදුන් අතර ඔහු සදහන් කළේ ශ්‍රී ලංකා නීතිඥ සංගමය මාෆියාවක් බවයි.අධිකරණ සංවිධාන පනතට සංශෝධන ගෙන ඒමට සිදුවූයේද තවදුරටත් තක්කඩින් ආරක්ෂා කරන නිසා යැයිද කොඩිතුවක්කු මහතා පෙන්වා දුන්නා.

නීතියේ ආධිපත්‍ය, අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හා තමන් නීතියෙන් බැඳී සිටින ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝග කරන බව නීතිඥ නාගානන්ද මහතා ප්‍රකාශ කළේය. හොරුන්ට, දුෂිතයන්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක කරන ලෙස රටක් කියා සිටිද්දී නීතිඥ සංගමයේ සභාපති අභියෝග කරන්නේ අධිකරණ සංවිධාන පනත සංශෝධනය මගින් නඩු කල්දැමීමට ඇති අවස්ථාව අහිමි වන බව යැයි පැවසූ නාගානන්ද මහතා වැඩිදුරටත් කියා සිටියේ දේශපාලන පක්ෂ සමඟ නීතිඥයින්ට කටයුතු කළ නොහැකි බවයි.

Published on: Aug 3, 2018- ETI තැන්පත්කරුවන් සදහා මුදල් සියල්ලම ගෙවිමේ හැකියාව මේ වනවිට එම මුල්‍ය ආයතනය සතුව ඇති නමුත් හිටපු ජනපති චන්ද්‍රකා බණ්ඩාරණායක කුමාරතුංගේ උපදේශකයෙකු ලෙස කටයුතු කරමින් ප්‍රසිද්ධ වොටර්ස් එජ් ගණුදෙනුවේ සහ චැනල් 9 සිදුවීමේ කුප්‍රකට වංචාකාරයෙකු වු මනෝ පසුව චන්ද්‍රිකා සමයේ සිටිම LTTE ය සමග සමීප සබඳතාවයන් පැවැත්වු අයෙකුමෙන්ම LTTE සංවිධානයට මුල්‍ය ආධාර සැපයිම් පසුපස සිටි අයෙකු වන මංගලගේ නල්ලමලේ උපදේශක මනෝ තිත්තවැල්ල සිටින බව මේ වනවිට අනාවරණය වි තිබේ.

තැන්පත්කරුවන් 24700කගේන් සමන්විත වූ ETI මූල්‍ය ආයතනයේ තැන්පතුවල මුළු එකතුව බිලියන 33ක් වන අතර අදාල මුදල් එකවර ගෙවා දැමිම සදහා මේ වනවිට ප්‍රමාණවත් මුදල් ඇති නමුත් අදාළ බිලියන 33න් බිලියන 25ක පමණ මුදලක් රටින් පිට තැන්පත් කර තිබේන බව මේ වනවිට අනාවරණය වි තිබේ.

මනෝ තිත්තවැල්ල ඊ.ඒ.පි හෝල්ඩ්ංග්ස් සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටි සමයේ මංගලගේ සහයද ඇතුලුව මනෝ ඔස්ට්‍රේලියාව,මැලේසියාව සහ සිංගප්පූරුවේදි LTTE ය සමග සමීප සබඳතාවයන් ඇති කර ගත් අතර එම සබඳතාවයන් භාවිතා කරමින් අසරණ තැන්පත්කරුවන්ගේ බිලියන 33ක මුදල් හොර ක්‍රමවේදයක් වන උන්ඩියල් ක්‍රමය හරහා රටවල් අතරට ගෙන යැමට කටයුතු කර තිබේ.

අදාල මුදල් මේ වනවිට සිංගප්පූරුවේ ICBC Bankහි මුදල් වලින් කොටසක් තැන්පත්කර ඇති අතර,ඊට අමතරව හොංකොංහි කොටස් වෙළඳ පොළේ කොටසක් සහ ෆීජි දුපතේ විශේෂ ආයෝජනයක් තවත් කොටසක් යොදවා ඇති බව මේ වනවිට තහවුරු වි තිබේ. එම ගණුදෙනු සියල්ලම පසුපස කොටි ත්‍රස්තවාදීන්ගේ ජාලය සමග සaජුවම සම්බන්ධතාව ඇති එක්සත් රාජධානියේ සහ යුරෝපයේ ජනප්‍රිය ජංගම දුරකතන සමාගමක් වන ‘ලයිකා මොබයිල්’ සමාගමේ සභාපති ඩයස්පොරාවේ සුභාෂ්කරන් අල්ලිරාජා මෙන්ම ඔහුගේ චක් ගොලයෙකු වන මැලේසියානු නියෝජිත ජේ. සුධීර් ජෙයරාම් සිටින බවද මේ වනවිට තහවුරු වි අවසන්.

මේ වනවිට අනාථ වි සිටින තැන්පත්කරුවන් මුදල් ඇමති මංගලගේ සහය පතමින් සිටින අතර අප ඉතා වගකිමෙන් සදහන් කර තබනුයේ මංගලද මෙම වංචාවේ ප්‍රධාන කොටස්කරුවෙකු බැවින් කිසිදු දිනක ඔබට සහනයක් නොලැබෙන බවයි.මේ වනවිට තැන්පත්කරුවන් වෙනුවෙන් සියයට 10ක ප්‍රමාණයක් ලබාදිමට කටයුතු කරමින් සිටින අතර තවත් මාස 2කින් තවත් සියයට 10ක් ලබාදීමටද කටයුතු කරනු ඇති අතර ඉන් එහාට සතයක්වත් නොලැබන බවද අප ඉතා වගකිමෙන් යුතුව සටහන් කර තබමු.

පසුගිය කාලය පුරාවටම මෙවැනි අක්‍රමිකතා සිදුවූ අතර, EAP Broadcasting සහ EAP Films and Theatres ආයතනද කොටස් වෙළද පොළ හරහා නැතිවී ගිය තම ධනය රැස් කරගැනීමට මෙවනවිටත් පිබුරුපත් සකසා අවසානය. රජය තවමත් නිදිය , මහා බැංකුවත් නිහඩය.කොටස් වෙළදපොල අන්ධ වී ඇත ඕනෑම හොරකුට ඇතුල් වී මුදල් සොයාගෙන යනතැනක් බවට පත්වී හමාරය.අවශ්‍ය වන්නේ හොද කෝට් කිට් එකක් පමණි.මේ සදහා මේ වන විටත් එදිරිසිංහලා තම රුපවාහිනී සහ ගුවන්විදුලි මාද්‍ය ආයතන රජයේ ගණිකාවන් බවට පත් කර හමාරය,රජයට අවශ්‍ය වන්නේ එවැනි මාද්‍ය ගණිකාවන්ය එනිසා ඉදිරියේදී EAP Broadcasting සහ EAP Films and Theatres යන ආයතන කොටස් වෙළද පොළ හරහා රුපියල් බිලියන ගණනක් සොයනු ඇත.

Published on: Aug 2, 2018 – 2020 ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙස වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කර එජාපය කුජිත කර සුන්නද්දුවිලි කිරිම සදහා රහසිගත කුමන්ත්‍රණයක මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවිර සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ක්‍රියාත්මක කරමින් සිටින බවට තොරතුරු මේ වනවිට අනාවරණය වෙමින් තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනවරණය කළා.

එක්සත් ජාතික පෙරමුණේ 2020 ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදරිපත් විය යුතු බවත් ඒ සදහා වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකලයුතු බවත් කියමින් මංගල සහ චන්ද්‍රිකා මෙහෙයුමක් දියත් කර තිබේන අතර ඒ සදහා මාධ්‍ය හරහා බලපෑමක් එල්ල කිරිම සදහා අවශ්‍ය වැඩපිළිවෙළක්ද මේ වනවිට සකස් වෙමින් තිබේන බවයි වාර්තා වන්නේ.

එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම එම පෙරමුණේද පාර්ලිමේන්තු කණ්ඩායමේ ද එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ද සමස්ථ පාක්ෂිකයින්ගේ ද බහුතරයේ ස්ථාවරය වන්නේ 2020 ජනාධිපතිවරණය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා නොවන අලුත් අපේක්ෂකයෙක් එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කළ යුතු අතර ඕනෑම කොන්දේසියකට යටත් වුණත් කිසිදු තත්ත්වයක් යටතේවත් පක්ෂයෙන් පිට පුද්ගලයකුට යළි කිසිදු අවස්ථාවක් නොදිය යුතු බවයි.

නමුත් 2015 දී එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට උත්සහ දැරූ අවස්ථාවේදී ඊට එරෙහිව පොදු අපේක්ෂකයකුගේ අවශ්‍යතාවය මතු කර, රනිල් වික්‍රමසිංහ මහතාට කිසිසේත් ජනාධිපතිවරණය ජය ගත නොහැකි බවට දීර්ඝ ලෙස කරුණු දක්වමින් විශේෂ ලිපියක් ද ලියා තබා දේශපාලන වශයෙන් කලකිරී එදා විදේශ ගත වූ මංගල සමරවීර මහතා 2020 ට රනිල් වික්‍රමසිංහ සුදුසු බව කියන්නේ චන්ද්‍රිකා කුමාරතුංගගේ කුමන්ත්‍රණයේම කොටසක් බවයි මේ වනවිට එජාපයේ ප්‍රබලයන් රනිල්ට පෙන්වා දි ඇත්තේ.

එක්සත් ජාතික පක්ෂයේ සහ පාක්ෂිකයින්ගේ මේ ස්ථාවරය නොතකා කෙසේ හෝ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති අපේක්ෂකයා කර කුමන හෝ තත්වයක් මත රනිල් ජනපති වුවහොත් මංගල සමරවීර මහතා අගමැති කර පසුව දුමින්ද දිසානායක හරහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය ද අල්ලා ගෙන එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් මෙහෙයවමින් රටේ නොනිල නායිකාව විම වන අතර යම් හෙයකින් රනිල් පැරදුනහොත් එහි වන්දිය ගෙවීමට එජාපයට ඉඩදි චන්ද්‍රික සහ මංගල ඇතුළු කණ්ඩායමට සුපුරුදු පරිදි රාජපක්ෂ කල්ලිය සමග සන්ධාන ගතවිමය.

එජාපයෙන් ජනපති සටනට සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්

ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස 2020 ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් තමා ඉදිරිපත් නොවුණොත් ඒ සඳහා කිසිම හේතුවක් මත පක්ෂ අභ්‍යන්තරයෙන් වෙනත් කිසිදු අපේක්ෂකයකු ඉදිරිපත් නොකළ යුතුය දැඩි ස්ථාවරයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිටියද මේ වනවිට ඒ තත්ත්වය වෙනස් වි ඇති අතර කරු ජයසූරිය,සරත් ෆොන්සේකා,සජිත් ප්‍රේමදාස අබිබවා රටේ සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු ජනපති සටනට ඉදිරිපත් කිරිමේ තත්ත්වයක් උදාවි ඇති බවද වාර්තා වේ.

Published on: Jul 31, 2018- ක‍්‍රිකට් මහ පුටුවේ බුකිකාරයෙක් බවත් ඔහුගේ ගෝලයෝ තරග පාවාදෙන්නෝ බවත් තිලංග සුමතිපාල යනු අපතයෙකු බවත් අමාත්‍ය අර්ජුන රණතුංග පවසනවා.

හිටපු ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා තරග පාවදීම් සම්බන්ධයෙන් කළ ප්‍රකාශයට හිටපු ටෙස්ට් ක්‍රිකට් නායකයින් වන අර්ජුන රණතුංග සහ අරවින්ද ද සිල්වා අද මාධ්‍ය හමුවක් කැදවමින් අපත බුකීකරුවෙකු වන තිලංග සුමතිපාලට පිළිතුරැ දුන්නා.

ක‍්‍රිකට් ගොඩ ගන්න අපි වින්ද දුක අනාථ අපතයෝ දන්නේ කොහොමද ? අහිංසක මිනිස්සුන්ගේ ලේ උරා බීලා අපි දරුවෝ හදලා නැහැ…ක‍්‍රීඩා ඇමැතිවරයෙක් හිටියට වැඩක් නැහැ – ඔහුගේ විෂය පථයේ ක‍්‍රිකට් විතරක් නැහැ…

Published on: Jul 28, 2018- පසුගිය මාස 16 තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 1087 ක (රුපියල් කෝටි දාහත් දහසක් පමණ) මුදලක් වැය කරමින් මෙරටට ආනයනය කළ රත්රන් තොග, හොර රහසේ ඉන්දියාවට පැටවූ මහා පරිමාණ ජාවාරම පිටුපස ආණ්ඩුවේ හිටපු ප‍්‍රබල අමාත්‍යවරයකුද සිටින බවට තොරතුරු හෙළිවෙමින් ඇත.

මේ සම්භන්ධයෙන් මෙරට රත්රන් ව්‍යාපාරයේ නිරත ව්‍යාපාරිකයින් හා දේශපාලනඥයින් පිරිසක් ජනාධිපතිවරයාට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරියේදී පැමිණිලි කිරීමට නියමිත බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.

ඩුබායි හා සිගප්පූරු වෙළඳ පොළවල් හරහා මෙරටට ආනයනය කෙරෙන රත්රන් තොග විශාල ප‍්‍රමාණයක් මෙම ජාවාරම යටතේ හොර රහසේම ඉන්දියාවට යැවෙන බව මේ වන විට අනාවරණය වී ඇත. එසේ පිටමං කිරීමට ගිය රත්තරන් විශාල ප‍්‍රමාණයක් පසුගියදා නාවික හමුදාව හා රේගුව විසින් අවස්ථා කිහිපයකදීම අත්අඩංගුවට ගනු ලැබීය.

පසුගිය මාස 16 කාලය තුළ පමණක් මෙරටට ඩොලර් බිලියනයකට අධික වටිනාකමකින් යුත් රත්රන් තොග ආනයනය කර තිබුණද, එම තොගවලින් බහුතරයක් මෙරට වෙළඳපොළට එක් නොවීම ඔස්සේ මෙම ජාවාරම පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇත.

2016 වසරේ අයවැය යෝජනා හරහා රත්රන් ආනයනය සඳහා පනවා තිබූ බද්ද ඉවත් කෙරිණි. ඉන් අනතුරුව 2017 වසරේ ඇමෙරිකානු ඩොලර් 650ක් වටිනා රත්රන් තොග මෙරටට ආනයනය කෙරුණු අතර එය ඊට පෙර වසරේ ආනයනයන්ට සාපේක්ෂව සියයට 73 ක වැඩිවීමකි.

එසේම මෙම වසරේ මුල් කාර්තුව තුළ පමණක් ඇමෙරිකානු ඩොලර් මිලයන 437ක් වටිනා රත්රන් මෙරටට ආනයනය කර ඇති අතර එම ප‍්‍රමාණය ඊට පෙර වසරේ මුල් කාර්තුවට සාපේක්ෂව සියයට 126 ක වැඩිවීමකි.

මෙතරම් රත්තරන් තොගයක් ආනයනය කළද මෙරට වෙළඳපොළේ රත්රන් තොග ප‍්‍රමාණය ඊට සාපේක්ෂව ඉහළ ගොස් නැති බවද රන් ආනයනකරුවෝ පවසති.

පැතුම් වික‍්‍රමරත්න / ඉෂාර රත්නකාර- රිවිර

මෙය රිවිර පුවත් පතේ පලවු වාර්තාවක් වන අතර මේ සම්බන්ධයෙන් පුලුල් අනාවරණයක් බලාපොරොත්තු වන්න 

Published on: Jul 28, 2018- කොළඹ මහා නගර සභාවේ පොහොට්ටුවේ කල්ලිය එජාපයේ දුෂීතයන් සමග එක්ව කොළඹ නගර සභාවේ ජනතා මුදල් කොල්ල කෑමේ මෙහෙයුමක් දියත් කර තිබේන බව මේ වනවිට අනාවරණය වි තිබේ.

කොළඹ නගර සභාවේ බලය එජාපය උසුලන නමුත් ඒ සදහා ඔහුන්ට විපක්ෂයේ සහයද ලබා ගැනිමට සිදුව ඇත්තේ සභාව තුල ආණ්ඩුවට 60ක් සහ විපක්ෂයට 59ක් ලෙස බලය පැවැතිම නිසා වන අතර වත්මන් නගරාධිපතිනී රෝසී සේනානායක බලය පවත්වාගෙන යැම සදහා ජනතා මුදල් කබාසීනියා කරමින් විපක්ෂයට අල්ලස් දිම ආරම්භ කර ඇති අතර එය දඩමිමා කරගනිමින් තමන්ට අවනත පොහොට්ටු කාරයන් යොදවා ගනිමින් පසුගියද නගරස සභාව තුල මුල්‍ය වංචාවක් කිරිමට රෝසී සමත්ව තිබේ.

ලොව රටවල් 125ක ප්‍රබල දේශපාලකයන්, ව්‍යාපාරිකයන්, විද්වතුන් එක්වූ World Cities Summit 2018  සමුලුවේ ප්‍රධාන ආරාධිතයෙකු ලෙස ආරාධනා ලද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග තවත් කිහිපදෙනකුට සහභාගී විමට ආරාධනා කර තිබු අතර ඒ සදහා අවශ්‍ය පහසුකම් සැපයිමටද එම ආරාධිතයන් කටයුතු කර තිබේ.

නමුත් World Cities Summit 2018  සදහා සහභාගි වන රාජ්‍ය නායකයන්ට සහ නගරාධිපතිවරුන් සහ ඔහු සමග සහභාගි වන අයෙකු සදහා මුලික වශයෙන් සිංගප්පූරු ඩොලර් 2800 අවසරපතක් එක් අයෙකුට ලබාදෙන අතර Marina Bay Sand හොටලයේ නතර විම සදහා රාත්‍රී 4ක් සදහා නතරවිමේ පහසුකම්, සමුලුව ආරම්භ වන ජුලි 7 දා සිට 11 දක්වා වලංගු වන බවත්,ගුවන්තොටුපලෙ සිට යැමට සහ එමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් මෙන්ම අනිකුත් අවශ්‍ය නිළ කටයුතු සදහා අවශ්‍ය පහසුකම් සපයන බවද එම ආරාධිතයන් තහවුරු කර තිබේ.

මිට අමතරව නගරාධිපතිවරුන් සමග තව අයෙකුට පැමිණිය හැකි බවත් ඔහුට හෝ ඇයටද එම වරප්‍රසාද වලින් සිංගප්පූරු ඩොලර් 2800 අවසරපතක් හිමිවන බවද World Cities Summit 2018 සංවිධායකින්යින් එවා තිබේන නිළ පත්‍රීකාවේ සදහන් කර තිබේ.

අදාළ  World Cities Summit 2018 සංවිධායකින්යින් එවු ලියවිල්ල පහත දැක්වේ….(සම්පුර්ණ ලිපිය පහත දැක්වේ.)

තත්ත්වය එසේ තිබියදි නගරාධිපතිනී රෝසී සේනානායක සහ ඇයගේ ඇම්බැටටයෙකු වන මන්ත්‍රී දුමින්ද ආටිගල අදාළ සමුලුවට සහභාගි විමට කටයුතු කර තිබේන අතර පසුව ඊට අදාළ වියදම් දක්වමින් කොළඹ නගර සභාවේ පුහුණු කිරිම් හා සංවර්ධන දෙපාර්තමේන්තුවේ  8/1/16/00/01/07 යන වැය ශිර්ෂය යටතේ පියවා ගැනිමට අවශ්‍ය අනුමැතිය සදහා සභාවට පසුගිය බ්‍රහස්පතින්දා ඉදිරිපත් කර ඇති අතර ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් සහ පොහොට්ටුවේ එක් මන්ත්‍රීවරිය සහ මන්ත්‍රිවරයෙකු හැරෙන්නට අනෙකුත් කිසිවෙකුත් විරුද්ධත්වය පලකර නෑ.

ඒ අනුව ගුවන් ගමන්,හෝටල් වියදම් ….. ලබා ගැනිම සදහා වැය ශිර්ෂය යටතේ  නගරාධිපතිනිය විසින් සභාවට යෝජනාවක් ඉදිරිපත් කර ඇති අතර ඒ  අනුව ගුවන් ගමන් සදහා මෙන්ම Marina Bay Sand හොටලයේ නතර විම සදහා වියදම් පෙන්වා ඇති අතර ඒ අනුව නගරාධිපතිනියද හෝටල් වියදම් ලෙස 320800ක් මුදලක් වංචනික ලෙස ලබා ගැනිමට කටයුතු කර තිබේ.

මේ වනවිට අනාවරණය වන තොරතුරු වලට අනුව අදාළ නිළ සංචාරය සදහා අවශ්‍ය ගුවන් ගමන් වියදම් අග්‍රාමාත්‍යවරයාගෙ කාර්යාලය හරහා දරා ඇත.ඒ අනුව රෝසී සිය ගුවම් ගමන් ටිකට් පත සදහා වන මුදලද වංචනීකව ලබා ගැනිමට කටයුතු කර ඇති බවයි අනාවරණය වි ඇත්තේ.

කොළඹ නගරයේ ජනතාවගේ බදු මුදල් වංචනීක ආකාරයට ලබා ගැනිමට විරුද්ධව ජනතා විමුක්ති පෙරමුණ සමග එක්ව ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් සභාව තුල දැඩි විරෝධය පලකර ඇති අතර පොහොට්ටුවෙ මන්ත්‍රීවරියක සහ මන්ත්‍රීවරයෙකු පමණක් විරුද්ධත්වය පලකරද්දී අනිකුත් පොහොට්ටු කාරයන් සියලුම දෙනා එයට සහය පලකිරිම නගරසභාවේ දුෂණයට එරෙහි කණ්ඩායම් වල පවා දැඩි අප්‍රසාදය පලවි තිබේ.

මේ සම්බන්ධයෙන් අප දේශපාලන වාර්තාකරු කල සොයා බැලිමේදි අනාවරණය වි ඇත්තේ නගර සභාවේ මන්ත්‍රීවරුන් සදහා ලක්ෂ 20 බැගින් කඩිනම් පොලී රහිත ණය මුදලක් ලබා දිමට නගරාධිපතිනිය පොරොන්දු ලබාදි ඇති අතර ඒ සදහා නාගරික මන්ත්‍රීවරයෙකුගේ වැටුප ප්‍රමාණවත් නොවන නිසා එය තවත් රුපියල් විසිදාහකින් ඉහල දැමිමට තමන් කටයුතු කරන බවටද නගරාධිපතිනිය මන්ත්‍රීවරුන්ට පොරොන්දු දි තිබේ.

මේ වනවිට කොළඹ නගර සභාවෙ මන්ත්‍රීවරයෙකුගෙ මුලික වැටුප රුපියල් විසිදාහක් වන අතර දුරකතන දිමනාව රුපියල් හයදාහක් මෙන්ම පැමිණිමේ දිමනාව ලෙස තවත් රුපියල් අටදාහසක මුදලක්ද එකතුව ලෙස ලැබේ.

Published on: Jul 22, 2018- අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන එක්සත් ජාතික පක්ෂයේත්, එම නිලධාරීන්ගේ සහ මැති ඇමැතිවරුන්ගේත් ක්‍රියා කලාපයට එරෙහිව දැඩි පියවරක් ගැනීමට එක්සත් ජාතික භික්ෂූ පෙරමුණේ භික්ෂූන් වහන්සේලා පිරිසක් සුදානමින් සිටිති.ඊට හේතු වී තිබෙන්නේ බලයට පත් වුණාට පසුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන එක්සත් ජාතික පක්ෂයේ නිලධාරීන් සහ බොහෝ මැති ඇමතිවරුන් එක්සත් ජාතික භික්ෂු පෙරමුණ සම්පූරණයෙන්ම නොසලකා හැර තිබීමය.

එක්සත් ජාතික භික්ෂූ පෙරමුණ කැඳවා,2015 ජනවාරි 08 ජයග්‍රහණය වෙනුවෙන් ඇපකැප වී ක්‍රියා කළ භික්ෂූන් වහන්සේලාට ස්තුති කර එම භික්ෂූන් වහන්සේලාගේ ඉල්ලීම්,ප්‍රශ්න සහ අවශ්‍යතා පිළිබඳව කරුණු සොයා බලන ලෙස එම පෙරමුණේ සභාපති සියම් ශ්‍යාමෝපාලික වංශික මහා නිකායේ මල් වතු පාර්ශ්වයේ රයිගම් සල්පිටි දෙකෝරළයේ ප්‍රධාන සංඝ නායක බෝපිටියේ ධම්මිස්සර නා හිමියන් අවස්ථා ගණනාවකදීම කළ ඉල්ලීම් සියල්ල එක්සත් ජාතික පක්ෂ බලධාරීන් සම්පූර්ණයෙන්ම නොතකා හැර ඇතැයි එම පෙරමුණේ භික්ෂූන් වහන්සේලා පෙන්වා දෙති.

බෝපිටියේ ධම්මිස්සර නා හිමියන් මේ ඉල්ලීම් කර තිබෙන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ,එක්සත් ජාතික පක්ෂයේ සභාපති කබීර් හෂීම් සහ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන් ඇතුළු පක්ෂයේ බලධාරීන්ගෙනි.එක්සත් ජාතික භික්ෂූ පෙරමුණ අවසාන වතාවට රැස් කර තිබෙන්නේ 2015 සැප්තැම්බර් මාසයේදී වන අතර එදා සිට මේ දක්වාම එම පෙරමුණේ භික්ෂූන් වහන්සේලා කැඳවා එම භික්ෂූන් වහන්සේලාගේ සැප සනීප ගැනවත් විමසීමට එක්සත් ජතික පක්ෂයේ නායකයා ප්‍රධාන බලධාරීන් කාරුණික වී නොමැති බව එම භික්ෂූන් වහන්සේලා අවධාරණය කරති.

මේ තත්ත්වය හමුවේ එක්සත් ජාතික භික්ෂූ පෙරමුණේ සභාපති සියම් ශ්‍යාමෝපාලික වංශික මහා නිකායේ මල් වතු පාර්ශ්වයේ රයිගම් සල්පිටි දෙකෝරළයේ ප්‍රධාන සංඝ නායක බෝපිටියේ ධම්මිස්සර නා හිමියෝ දැඩි අපහසු තාවයකට සහ අතිශය කලකිරීමට පත්ව සිටිති.

ඒ අනුව 2015 ජනවාරි 8 ජයග්‍රහණය වෙනුවෙන් ඇපකැප වී ක්‍රියා කළ භික්ෂූන් වහන්සේලාට අත්ව තිබෙන ඉරණම,එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියා කලාපය සහ එම පක්ෂයේ නායකයින් මහ සංඝ රත්නය කෙරෙහි දක්වන අකෘතඥ භාවය පිළිබඳව රට ජනතාව හමුවේ කරුණු හෙළිදරව් කිරීමට බෝපිටියේ ධම්මිස්සර නා හිමි ප්‍රධාන භික්ෂූන් වහන්සේලා පිරිසක් සුදානමින් සිටිති.

(සුජිත් මංගල ද සිල්වා)

Published on: Jul 22, 2018 – හමුදාවෙන් පැන ඇවිත් නිවසේ සිටි සැමියා රාත්‍රියේ ගිනිගත්හේන පොලිසියේ නිලධාරින් පැමිණ රැගෙන ගිය බවත් ඔහු යුධ හමුදාවට බාරදුන් බව පොලිසිය පැවසුවත් වසරකට වැඩි කාලයක් ඉක්ම ගියද තම සැමියා පිළීබදව හොඩුවාවක් වත් නැති බව ගිනිගත්හේන, කළවැල්දෙණිය, හෝමාගම, අරසලෙන ජනපදයේ පදිංචි තිදරු මවක් වන එච්.එම් චාමිනි කුමාරි පියසේන මහත්මිය චෝදනා කරන අතර ඔහු පිළිබදව තොරතුරක් දන්නා කෙනෙක් ඇත්නම් ගිනිගත්හේන පොලිසිය වෙත දන්වන ලෙස ඉල්ලා සිටින්නේ වගකිවයුතු කිසිම ආයතනයකින් තම සැමියා පිළිබදව වගකීමක් සහිත ප්‍රකාශයක් නොකරන නිසා බවට චෝදනා කරමින්ය.

ඒ පිළිබදව වැඩි දුරටත් අදහස් දක්වන චාමිනි කුමාරි මහත්මිය මෙසේ පවසයි.මගේ ස්වාමියා සෙබල අංක දරණ 11 ජී 02634 . L/G ගුණතිලක L R C ,11 වන බල ඇණිය ගජබා රෙජිමෙන්තුව,මුලස්ථාන කණ්ඩායම,යුධ හමුදා කදවුර,මුලංකා විල,නාච්චිකුඩා. ලිපිනයේ ඔහු සේවය කරමින් සිටිය අතර 2017.02.22 දින සිට හමුදාවෙන් ඉවත් නොවි නිවසට පැමිණ සිටියාය.නිවසේ සිටි ඔහු 2017.06.12 වන දින රාත්‍රි 11 ට පැමිණි ගිනිගත්හේන පොලිසියේ නිලධාරින් අත් අඩංගුවට ගනු ලැබුවා.2017.06.13 වන දින ඔහු පල්ලේකැලේ යුධ හමුදා කදවුරට බාර දුන් බව ගිනිගත්හේන පොලිසිය විසින් දැනුම් දුන්නත් එදා සිටතම සැමියාවන චමින්ද ගුණතිලක පිළිබදව කිසිම තොරතුරක් නොමැති බව පවසයි.

ඇය විසින් තම ස්වාමියා පිළිබද යුධ හමුදාවෙන් විමසිම් කලත් නිසි පිළිතුරක් නොමැති නිසා වෙනත් වගකිව යුතු බොහෝ දෙනෙක්ට ලියා දන්වමින් සොයා දෙන ලෙස ඉල්ලිම් කලත් කිසිදු තොරතුරක් නොලැබුන හෙයින් මානව හිමිකම් කොමිසන් සභාව වෙතද පැමිණිල්ලක් කර තිබේ.

වයස අවුරුදු 14 හා 4ක ගැහැණු දරුවන් දෙදෙනෙක් සහ අවුරුදු 7 ක පිරිමි දරුවෙක් සිටින බවත් කුලීවැඩ කරමින් ඔවුන් පෝෂණ කිරිමද ඉතා අසිරූවෙන් බව පවසන අතර සැමියා නොමැතිව සිය පවුලසෑම අතින්ම අසරණවී ජිවත් විමට ස්ථිර ආදායම් මාර්ගයක්ද නොමැතිව දරුවන් පාසල් යැවිමද කල නොහැකි තත්ත්වයකට පත්ව ඇති බවත් පවසන ඇය යුධ හමුදාවට බාර දුන් මොහොතේ සිට තොරතුරක් නැති සැමියා සොයාදෙන ලෙස අයැද සිටින්නේය.

ඡායාරූප හා සටහන-මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක

අසරණ වු හමුදා සෙබලාගේ දරු පවුල…

 

Published on: Jul 22, 2018 – ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයෙන් ඉවත් කිරීම සඳහා මෙහෙයුමක් දියත් වන බවත් ඊට් අදාළව සිදුවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කුමන්ත්‍රණය පිළිබඳ සොයා බලා පාර්ලිමේන්තුවට හෙළිකරන ලෙස තමා කථානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලීමක් කරන බව හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්ද පිළ සමග එකතු විමට ගොස් ශ්‍රිලනිප මහ ලේකම්කම වෙනුවෙන් යලිත් මෛත්‍රී ලගට ගො දැන් කූජිත වි සිටින දයාසිරි ජයසේකර පවසයි.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇති කිරීම සඳහා විශේෂඥ කමිටුව විසින් සම්පාදනය කරන ලද දළ කෙටුම්පතට ජනාධිපතිවරයා ඉවත් කිරීම සඳහා ඡේදයක් ඇතුළත්ව තිබෙන බවත්, අග්‍රාමාත්‍යවරයාට, කථානායකවරයාට සහ විපක්‍ෂ නායකවරයාට එක්වී ජනාධිපතිවයා ඉවත් කිරීමට හැකි ක්‍රමවේදයක් එහි සඳහන් වී තිබෙන බවත් දයාසිරි ජයසේකර පවසා තිබේ.

රටේ පොදු මහජනතාවගේ ඡන්දයෙන් තේරී පත්වන විධායක ජනාධිපතිවරයා එසේ ඉවත් කිරීමට සැලසුම් කිරීම කුමන්ත්‍රණයක් බවත්, මේ කුමන්ත්‍රණය පිටුපස සිටින්නේ කවුරුන්ද කියා හෙළිදරව් කරන ලෙසට කථානායකවරයාගෙන් ඉල්ලා සිටින බවත්, දයාසිරි ජයසේකර කියා සිටී.

අග්‍රාමාත්‍ය කාර්යාලට සම්බන්ධ පුද්ගලයකු මෙම විශේෂඥ කමිටුව නියෝජනය කරන බවත්, එම පුද්ගලයාගෙන් විවිධ බලපෑම් එල්ලවීම නිසා මෙම විශේෂඥ කමිටුවේ අර්බුදයක් හටගෙන තිබෙන බවත් දයාසිරි ජයසේකර මන්ත්‍රිවරයා සඳහන් කරයි.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් ජනාධිපතිතුමාගේ බලතල අඩුකර අග්‍රාමාත්‍යවරයාගේ බලතල වැඩිකර තිබෙන බවත්, අග්‍රාමාත්‍යවරයාට පිස්සු හැදුණත් තනතුරෙන් ඉවත් කිරීම සඳහා කිසිදු වගන්තියක් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් කර නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා පෙන්වා දෙයි.

මෙම කරුණු සැලකිල්ලට ගත්විට ජනාධිපතිවරයාට එරෙහිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවත් මෙය ඉතා බරපතළ කාරණයක් බවද මන්ත්‍රීවරයාගේ අදහස වි තිබේ.

Top