Published on: Apr 24, 2018 – මෛත්‍රීපාල සිරිසේනගේ හොරු කල්ලියේ බුකී හොරා වන තිලංග සුමතිපාල සහ ක්‍රිඩා අමාත්‍ය දයාසිරි ජයසේකර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුදල් කොල්ල කමින් රටේ ජිවනාලිය බදුවු ක්‍රිකට් ක්‍රිඩාව බිද වැට්ටු ආකාරය රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ අනාවරණය කර සිටියා.

ප්‍රධාන කරුණු 3 ක් අනුව තිලංග සුමතිපාලට ක්‍රිකට් මහ පුටුවේ වාඩි වීමටවත් නොහැකි බවත්, ක්‍රිකට් විශ්ව විද්‍යාලයක් සැදිම සදහා සිවුරුකාරයෙකුට රුපියල් ලක්ෂ 250 ක් ලබා දීම,භාතිය සන්තුෂ්ට රුපියල් ලක්ෂ 14 ක් ගෙවීම, ත්‍රස්තවාදියෙකු කියා එංගලන්තයෙන් පිටුවහල් කළ දිනේෂ් නමැත්තෙකුට ශ්‍රී ලංකා ක්‍රිකට්හි මීඩියා මැනේජර් ධූරය දීම සහ තිලංගගෙන් අල්ලස් ගත් ජඩමාධ්‍ය කාරයන් 12 ක් ගැනද ඔහු අනාවරණය කර සිටියා.

Published on: Apr 22, 2018 – මහා බැංකුව මහා දවාලේ කොල්ල කෑ අර්ජුන් මහේන්ද්‍රන්ට ජාත්‍යන්තර පොලීසියෙන් රතු නිවේදනයක් නිකුත් කල බවට පසුගිය 20 වැනිදා පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කලද මේ දක්වා https://www.interpol.int/en වෙබ් අඩවියේ ඒ සම්බන්ධයෙන් සටහනක් මේදක්වා නොමැති අතර Wanted Persons කණ්ඩායම නියෝජනය කරමින් ශ්‍රි ලාංකිකයන් 19 දෙනෙකු සහ Missing person කණ්ඩායම නියෝජනය කරමින් ශ්‍රි ලාංකිකයන් 2 නෙකු පමණී.

මේ අතර කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ ජේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රතිභා මහානාම හේවා මහතා පෙන්වා දෙන්නේ අර්ජුන් මහේන්ද්‍රන්ට එරෙහිව ජාත්‍යන්තර පොලිසිය රතු වරෙන්තු නිකුත් කළත් ඒ අර්ජුන් මහේන්ද්‍රන් ස්ව කැමැත්තෙන් ශ්‍රී ලංකාවට පැමිණ අධිකරණයට භාර නොවී දිගටම සිංගප්පුරුවේම සිටිය හොත් ඔහු කිසිදු දිනක අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසිට පවා නොහැකි බවයි.

සිංගප්පුරුව ජාත්‍යන්තර පොලීසියත් සමග කිසිදු ගිවිසුමක් අත්සන් කර නොතිබීම ඊට හේතුව බව පෙන්වා දුන් ආචාර්ය ප්‍රතිභා මහානාම හේවා මහතා සිංගප්පුරුව, මෙක්සිකෝව, නයිජිරියාව යන රටවල් ජාත්‍යන්තර ජාත්‍යන්තර පොලිසිය සමග කිසිදු ගිවිසුමකට අත්සන් කර නොමැති නිසා ඒ රටවලට රතු නිවේදන නිකුත් කිරීමට නොහැකි බව ද සඳහන් කළේය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව සහ සිංගප්පුරුව පොදු රාජ්‍ය මණ්ඩලය නියෝජනය කරන රටවල් බැවින් දෙරට අතර උදර්පන ගිවිසුමක් ඇති කර ගත හොත් අර්ජුන මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකාවට ගෙන්වා ගත හැකි බවද එවැනි උදර්පන ගිවිසුමක් අත්සන් කිරීමට නම් සිංගප්පුරුවේ එකඟතාවය තිබිය යුතු බවද ප්‍රතිභා මහානාම හේවා මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා දිගටම සිංගප්පූරුවේ සැඟවී සිටියද මහාධිකරණය මඟින් ඒක පාර්ශවිකව නඩු විභාගයක් පවත්වා ඔහු වරදකරු කළ පසුව, 1958 නිව්යෝර්ක් සම්මුතියට අනුව සිංගප්පුරුවේ ඔහුට හිමි වාණිජ වටිනාකම ශ්‍රී ලංකා රජයට අය කර ගත හැකි බව ද හෙතෙම සඳහන් කළේය.

1958 නිව්යෝර්ක් සම්මුතියට ශ්‍රී ලංකාව වගේම සිංගප්පුරුවද අත්සන් කර තිබෙන නිසා ශ්‍රී ලංකාවේ මහාධිකරණයෙකින් ලබා දෙන නඩු තීන්දුවකට අදාළව දේපළ පවරා ගැනීමක් සිංගප්පුරුවේ අධිකරණය හරහා සිදු කර ගත හැකි බව ද ප්‍රතිභා මහානාම මහතා කියා සිටියි.

මේ අනුව අර්ජුන් මහේන්ද්‍රන් මහතාට සිරදඩුවම් ලබාදීමට නොහැකි වුවත් ශ්‍රී ලංකා මහ බැංකුවට ඔහු සිදු කළ අලාභය සිංගප්පුරුවේ ඔහුට තිබෙන වත්කම්වලින් අය කර ගත හැකි බවද ප්‍රතිභා මහානාම හේවා මහතා වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා අත් අඩංගුවට ගැනීම සදහා ජාත්‍යන්තර පොලීසිය ඊයේ (20) රතු වරෙන්තුවක් නිකුත් කළ අතර අර්ජුන් මහේන්ද්‍රන් මහතා අත් අඩංගුවට ගැනීමෙන් පසු උදර්පන නීතිය යටතේ ශ්‍රී ලංකාවට බාරදිය යුතු බවද එහි සදහන් වේ.
මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළව ගොනු කර ඇති නඩුවේ පළමු සැකකරු ලෙස නම් කර ඇත්තේ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාය.

අර්ජුන් මහේන්ද්‍රන් මහතා දිගින් දිගටම අධිකරණය මඟ හැර සිටින බැවින් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය මීට පෙර වරෙන්තු නිකුත් කර තිබූ අතර ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ නීතිපති දෙපාර්තමේන්තුව විසින් කරන ලද ඉල්ලීමක් සැලකිල්ලට ගනිමිනි.

2015 ජනවාරි 09 දින පත් වූ රජය විසින් මහ බැංකුවේ අධිපතිවරයා ලෙස පත් කරන ලද්දේ අර්ජුන් මහේන්ද්‍රන් මහතාය. මීට පෙර මහ බැංකුව මුදල් අමාත්‍යාංශය යටතේ පැවති අතර එම රජය යටතේ මහ බැංකුව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශ යටතට පත් කර තිබුණි.

ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළ බැවින් අර්ජුන් මහෙන්ද්‍රන් මහතාගේ පත්වීම සම්බන්ධයෙන් සෘජුවම ඒ මහතාට චෝදනා එල්ල විය.

2017 අගොස්තු 17 පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුවද මහ බැංකුව, ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතේම පැවති අතර එහි අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යටතේ මහ බැංකුවේ අධිපතිවරයා ලෙස අර්ජුන් මහේන්ද්‍රන් මහතා තව දුරටත් කටයුතු කළේය.

ඉංග්‍රීසි පාලන සමයේ දී ශ්‍රී ලංකාවේ මුදල් ප්‍රතිපත්තිය පවත්වා ගෙන යනු ලැබුවේ 1884 අංක 32 දරණ කඩදාසි මුදල් ආඥා පනත යටතේ පිහිටු වන ලද ව්‍යවහාර මුදල් මණ්ඩල පද්ධතිය මඟිනි.

නමුත් ශ්‍රී ලංකාවට නිදහස ලැබීමත් සමඟ රටේ සිදු කිරීමට නියමිත සංවර්ධන අවශ්‍යතා සඳහා මෙම මුදල් මණ්ඩල පද්ධතිය ප්‍රමාණවත් නොවූ නිසා මහ බැංකුවක් පිහිටුවීමට මෙරට රජය විසින් තීරණය කරනු ලැබීය.

ඒ සඳහා අවශ්‍ය විශේෂඥ දැනුම බ්‍රිතාන්‍ය රජයෙන් ලබා ගත් අතර ෆෙඩරල් සංචිත මණ්ඩලයේ ආර්ථික විද්‍යාඥයෙකු වූ ජෝන් එක්ස්ටර් මහතා මෙරටට පැමිණ මහ බැංකුව සඳහා අවශ්‍ය නෛතික සහ තාර්කික රාමුව සකස් කළ අතර එම තොරතුරු වාර්තාව හදුන්වනු ලැබුවේ ද එක්ස්ටර් වාර්තාව නමිනි.

ඒ අනුව 1949 අංක 58 දරණ මුදල් නීති පනත යටතේ ලංකා මහ බැංකුව පිහිටු වන ලද්දේ 1950 අගෝස්තු 28 වෙනිදාය. මහ බැංකුවේ ප්‍රථම අධිපතිවරයා වූයේද ජෝන් එක්ස්ටර් මහතාය. 1972 දී ශ්‍රී ලංකාව ජන රජයක් බවට පත් වීමෙන් පසු 1985 දී එම ආයතනය ශ්‍රී ලංකා මහ බැංකුව ලෙස නැවත ස්ථාපිත කෙරිණ.

මහ බැංකුවේ රහස්‍ය තොරතුරු සිය දියණියගේ සැමියා වන අර්ජුන් ඇලෝසියස් මහතාට අයත් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට ලබාදී සාපරාධී විශ්වාසය කඩ කළේ යැයි හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාට චෝදනා එල්ල වී තිබේ.

එමෙන්ම මෙම නඩුවේ දෙවන සහ සිව් වන සැකකරුවන් ලෙස නම් කර ඇත්තේද පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන මහත්වරුන් වන අතර ඔවුන් මේ වන විටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

 

Published on: Apr 22, 2018 – ආයතන හතරක ගේඩිය පිටින් සභාපතිවරයෙකු ලෙස කටයුතු කරමින් හැටට හැටේ (රට) නග්ගන වැඩ බැරි මෛත්‍රීගේ ආණ්ඩුවේ මාරම පොරක් පිළිබඳව මේ වනවිට අනාවරණය වි තිබේ.

මොහාන් පෙරේරා (Mohan Perera)නමින් පෙනී සිටින ඔහු මේ වනවිට එකසිය ගණනක් සමග ලන්ඩනයේ ආතල් ගන්නා කණ්ඩායම නියෝජනය කරන මොහාන් ලන්ඩනයට ගොස් සිටින්නේ ගිහාණී වීරසිංහ (Gihani Weerasinghe) නැමති අමතුම පන්නයේ කැල්ලක්ද සමගය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිකම් අත්හැර දැමු මන්ත්‍රීවරුන් සමග ඩිල් එකක් දැමීමට තැරව්කරුවන් ලෙස මොහුන් කටයුතු කරන බව මේ වනවිට අනාවරණය වි තිබේ.

දිනෙන් දින රාජ්‍ය බලය ගිලිහෙමින් තිබේන මෛත්‍රීගෙ පතෝල ආණ්ඩුවේ මොකා මොකී එක්ක ලන්ඩනයේ විදියක් විදියක් ගාණේ ඇවිද්දාට හෝ ඩිලාන්ල වැනි ජනතා ඡන්දයෙන් ප්‍රතික්ෂ්ප වුවන් ලන්ඩනයේ විදීවල පිරිමි ගණිකවන් ලෙස හැසිරුණද අපට කමක් නැත. නමුත් මේ විනාශ වන්නේ රටේ අහිංසක ජනතාවගේ  බදු මුදල් බව ඔහුන් දැනගත යුතුය.ඒ විනාශ කරන ජනතා මුදල් සෑම සතයකටම තව නොබෝදිනකින්ම වන්දි ගෙවන්නට සිදුවන බව දැන ජිවත් විම නුවණට හුරු බව පමණක් අප සටහන් කර තබමු.

ගිහානි සහ මොහාන් ජෝඩුව ගැන සම්පුරණ කතන්දරේ slvlog වීඩියෝව පහතින්

ජනතාවගේ බදු මුදල් නාස්ති කරමින් එංගලන්තයට ගිහින් පෙරේතයන් වගේ හැසිරෙන ශ්‍රීලංකාවේ දුෂිත පාදඩ මජර දේශපාලකයෝ මෙන්න ..” බදු ගෙවන ඔබට ස්තූතියි ”

මේ කවුද? මොනවාද කරන්නේ? (සම්පූර්ණ විස්තරය පසුව බලාපොරොත්තු වන්න )

පිංපි ඩිලාන්ලාට සැප දුන් ගිහානි සහ මොහාන් ජෝඩුව

අනාථයන් සේ බංකු උඩ තියා MOU අත්සන් කර රටේ ජනතාව ගොනාට අන්දවමින් ඩොලර් බිලියන කතා මැවිම …

කවුද මේ ගිහානී….(සම්පූර්ණ විස්තරය පසුව බලාපොරොත්තු වන්න )

Published on: Apr 16, 2018 @ 11:33- ජනාධිපති තනතුරේ ආයු කාලය 19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව අවුරුදු 5 කි. ඒ බව එම සංශෝධනයේ සඳහන් වන්නේ මෙලෙසය. (2) ” The President of the Republic shall be elected by the People and shall hold office for a term of five years.”.

මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති තනතුරේ වැඩ භාර ගනු ලැබුවේ 2015 ජනවාරි 9 වන දින බැවින් ඔහුට ජනාධිපති පුටුවේ සිටිය හැක්කේ 2020 ජනවාරි 8 වෙනදා රාත්‍රී 12 දක්වා පමණය . එය ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවකින්ද තහවුරු කර තිබේ. එබැවින් ඉන් ඉදිරියට ජනාධිපති සතු වගකීම සහ බලතල ක්‍රියාත්මක කිරීම සඳහා මී ළඟ ජනාධිපතිවරණයෙන් ජයගත් පුද්ගලයා ජනධිපති පුටුවේ වාඩි විය යුතුය .

ඊ ළඟ ජනාධිපතිවරණය ලබන වසරේ (2019 ) දෙසැම්බර් මස අගදී හෝ 2020 ජනවාරි මස මුලදී පැවැත්වෙනු ඇත.

මී ළඟ ජනාධිපති අපේක්ෂකයන් කවුරුන් වෙනු ඇත්ද ?

තමා යලිත් ජනාධිපති තනතුරට යලි නොඉල්ලන බව මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති වූ අලුත කිව් නමුත් එම අදහස ඔහු වෙනස් කරගෙන තිබෙන බව පසු ගිය කාළයේ ඔහු කළ කි දෑ තහවුරු කර තිබේ .විධායක ජනාධිපති තනතුර අහෝසි කිරීම ඇතුලත් නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට ඔහුට මුල් කාලයේ දැඩි උවමනාවක් තිබුණු නමුත් ඒ පිළිබඳව දැන් ඔහු කතා කිරීම නවතා දමා තිබේ. සිරස මාධ්‍ය ජාලය සිරිසේන මාධ්‍ය ජාලයක් බවට පත්වී තිබෙන්නේ ඉබේ නොවේ. අඩු මුදලකට සිරසට සංඛායත විකිණීම ගැන චෝදනාවක්ද ජනාධිපතිවරයාට එල්ල වූ අතර සිරසේ පක්ෂපාති හැසිරීම එය සත්‍යයක්විය හැකි බවට ඒත්තු ගන්වයි . ඒ අතර ජනාධිපතිවරයා සහ ගෝඨාභය අතර විශේෂ සම්බන්ධතාවයක් තිබෙන බවත් මී ළඟ ජනාධිපතිවරණයේදී ගෝටා ගේ සහය ලබාගෙන මෛත්‍රිපාල මහතා යලිත් වරක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සැලසුම් සකස් කරමින් සිටින බවට ආරංචි පැතිරෙමින් පවතී .

කෙසේ වෙතත් සිරිසේන මහතා ගොණාට අන්දවා අවසාන මොහොතේදී ජනධිපති අපේක්ෂකයෙකු ලෙස ගෝඨාභය මහතා ඉදිරිපත් වීමටද ඉඩ තිබේ.එහෙත් එයට තිබෙන ප්‍රධාන බාධාව වන්නේ ඔහුගේ ඇමරිකානු පුරවැසි භාවයයි . ඒ කෙසේ වුවත් ඒකාබද්ධ විපක්ෂයේ ඒකමතික සහයෝගය ඔහුට ලැබෙන්නේ නම් ජනධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට ඔහු සුදානම් බව වරක් ප්‍රකාශ කර තිබුණි . එතෙක් ඇමරිකානු පුරවැසි භාවය අත හැරීමට ඔහු සුදානම් නැති බව පැහැදිලිය .

එක්සත් ජාතික පක්ෂයේ ජනධිපති අපේක්ෂකයා කවුදැයි කීමට තවම කල් වැඩිය .රනිල් වික්‍රමසිංහ මහතා ඒ සඳහා ඉදිරිපත් විය යුතුයැයි ඇතැම් එක්සත් ජාතික පාක්ෂිකයන් විශ්වාස කරන බව පෙනේ. එහෙත් ඔහුට හොඳ තරග කාරයෙකු වීමට නම් තව යායුතු දුර බොහෝය . තමන්ගේ පාක්ෂිකයන් සමග වුවද ළඟ සුහතාවයක් ඇති කර ගැනීමට නොවෙහෙසෙන , ආරංචි වෙන වෙන ,මඟුල් ගෙවල් , මරණ ගෙවල් , බණ ගෙවල් , ගෙවල් වලට යාමට වැඩි උනන්දුවක් නැති , පන්සල් වන්දනාවේ යාමට එතරම් ආසාවක් නැති , බොරු දරු හුරතල් පෙන්වීමට වෙහෙස නොවෙන ඔහුට චන්දදායකයන් අතර ජනප්‍රිය වීමට පහසු නැත . ලංකාවේ මිනිසුන් වැඩි කැමැත්තක් දක්වන්නේ එවැනි ව්‍යාජ නායකයන්ටය.

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාද මී ළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව පසු ගිය දිනක කියා තිබුණි .ඔහු එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙකු බැවින් ඔහුට ඒ සඳහා පක්ෂයේ අනුමැතිය ලැබිය යුතුය .ඔහුට අපේක්ෂකත්වය ලබා ගැනීමට නම් රනිල් වික්‍රමසිංහ මහතාට වඩා වේගයෙන් දුව ගොස් මහජනයා අතර ජනප්‍රිය ලබා ගැනීමට සිදුවේ . එවැනි හැකියාවක් ඔහුට තිබේදැයි සැක සහිතය . රනිල් කලබලයකින් තොරව පරිණත ලෙස හැසිරෙන නමුත් සරත් ෆොන්සේකා මහතා තවමත් කටයුතු කරන්නේ හැඟුම් බරවය .ඔහුගේ දිව පාලනයකින් තොර බැවින් තවමත් ඔහු නැති සතුරන් හදා ගනී .කෙසේ වෙතත් හිතා මතා අදහස් ප්‍රකාශ කිරීමට ඔහු දැන් පුහුණු වෙමින් සිටින බව පෙනේ .

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මී ළඟ ජනධිපතිවරණයේදී අපේක්ෂකයෙකු ලෙස ඉදිරපත් වෙන බවක් කියා නැතත් ඔහුගේ පක්ෂය ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට ඉඩ නැතැයි කිව නොහැක .එහෙත් එවැන්නක් සිදුවිය හැක්කේ ඔහුගේ පක්ෂය බොහෝ දුරට සාකච්චා කිරීමෙන් පසුවය .කෙසේ වෙතත් අනුර කුමාර මහතා ජනාධිපතිවරයා වුවහොත් රටට දැනෙන වෙනසක් කරන බවට සැකයක් නැත . ධනපති ක්‍රමය තුළ මහජනයා වෙනුවෙන් කළ හැකි උපරිමය කිරීමට ඔහු උත්සාහ කරනු ඇත .එහෙත් ප්‍රශ්නය වන්නේ මහජනයා අතර ජවිපෙ ජනප්‍රිය නොවීමය. 1987-90 සමයේ ජවිපෙ ක්‍රියා කලාපය නිසා මහජන ප්‍රසාදය ලබා ගැනීම ඔවුන්ට ඉතාමත් අසීරු වී තිබේ . කෙසේ වෙතත් ජවිපෙ අපේක්ෂයකයෙකු ඉදිරිපත් වීමෙන් රාජපක්ෂ පවුලේ අපේක්ෂකයෙකුට වාසියක් සිදුවීමට ඉඩ තිබුන හොත් ජවිපෙ තම පක්ෂයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තිබෙන ඉඩකඩ ඉතා අඩුය.

ඇතැමෙකුට අනුව පාඨලී චම්පික රණවක මහතාද මී ළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට දොළ දුකෙන් පසු වේ. ඔහු නියෝජනය කරන ජාතික හෙළ උරුමය කුඩා පක්ෂයක් වන බැවින් ඔහුගේ සිහිනය මස්තකප්‍රාප්ත කර ගැනීම පහසු නැත . එක්සත් ජාතික පෙරමුණේ සිටියද එහි සහය ලබාගැනීම අතිශයින් දුෂ්කරය .පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට ඔහු අපේක්ෂා කරනවා වීමටද පුළුවන.එහෙත් එය ලෙහෙසි පහසු සෙල්ලමක් නොවේ.පොදු අපේක්ෂක කම නමැති වික්‍රමය ජය ගත්තද දෙමල සිංහල චන්ද ලබා ගැනීමට ඔහු සුදුසුකම් සපුරා නොමැත . ඔහුගේ මතවාදය සිංහල ප්‍රේමය බැවිනි.

අයුක්තියට එරෙහිව තනිවම සටනකට බැස සිටින නීතිඥ නාගානන්ද කොඩි තුවක්කු මහතා මී ළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන බව කියා තිබේ .ඔහුගේ අපේක්ෂාව ජයග්‍රහණය නොව අයුක්තියට එරෙහිව ජනාධිපතිවරණ අපේක්ෂකත්වය යොදාගනිමින් තම සටන වඩාත් ප්‍රබලව ගෙන යාම විය හැක .

ජනාධිපතිවරණයේදී කවුරු ජයග්‍රහණය කරනු ඇත්දැයි කීමට තවම කල් වැඩිය. නිවැරදි අනාවැකියක් කිව හැක්කේ ජනාධිපතිවරණය පැවැත්වෙන දිනට ආසන්නයේදී පමණි .කෙසේ වෙතත් සිංහල චන්ද දායකයන්ගේ චන්ද වලින් පමණක් ජනාධිපති වීමට කිසිවෙකුට නොහැක .එවැනි අවස්ථාවක් තිබුනේ 2010 දී පමණි . එයට හේතුව මහින්දගේ ආණ්ඩුව යුද්ධයෙන් ජයගත් බැවින් ඔහු එකල අතිශයින් ජනප්‍රිය වී සිටින නිසාය .අනෙත් කාරණාව වුයේ ඔහු සමග තරඟ කළ සරත් ෆොන්සේකා මහතාගේ විස පොවන ලද කතා චන්ද දායකයන් තුල ඔහු කෙරෙහි අප්‍රසාදයක් ඇති කිරීමය.

මී ළඟ ජනාධිපතිවරණයෙන් ජය ගත හැක්කේ සිංහල ජනයා අතර මෙන්ම දෙමල සහ මුස්ලිම් ජනයා අතරද ජනප්‍රිය පළමු පෙලේ අපේක්ෂකයෙකුට පමණි එබැවින් ගෝඨාභය රාජපක්ෂ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වුවහොත් අපේක්ෂා කල හැක්කේ ඔහුගේ ජයග්‍රහණය නොව පරාජයයි . දෙමළ ජනයා තුළ පමණක් නොව මුස්ලිම් ජනයා තුලද ගෝඨාභය රාජපක්ෂ මහතා කෙරෙහි ඇත්තේ කැමැත්තක් නොව අප්‍රසාදයකි .

ප්‍රේමලාල් රණවීරගේ

ශ්‍රී ලංකා යුද හමුදාව රණ විරුවන් බවට පත් වූයේ පසුගිය එල්.ටී.ටී.ඊ සංවිධානය පරාජයට පත් කිරීමත් සමගය. යුද්ධයෙන් පසු හමුදාව තුළ සිදු වන යම් අක්‍රමිකතාවයක් හෝ යුද සමයේ සිදු වූ විෂමාචාරයක් පිළිබඳ හෝ පරීක්ෂණයක් ආරම්භ කළහොත් රණ විරුවන් පාවා දෙන්නේ යයි අම්ම මුත්තා නැතිව කෑ කෝ ගසන පිරිසක්ද ඒ සමඟ නිර්මාණය විය. එහෙත් හමුදා සෙබළුන් වෙනුවෙන් මේ කෑ කෝ ගසන්නෝ හෙළන්නේ කිඹුල් කඳුළු බව කාටත් හොඳින්ම පැහැදිලිය. ඒ ඇත්තටම හමුදා සෙබළුන් විකුණාගෙන කන්නවුන් දකින විට මේ ඊනියා රණ විරු ආරක්ෂක වළල්ල කිසිදු හැල හොල්මනක් නැතිව සිටින නිසාය.

මේ කියන්නේද හමුදාව වෙනුවෙන් කිඹුල් කඳුළු හෙළන හුදී ජනයා නෑසූ කන් ඇතිව සිටියදී ආරක්ෂක අමාත්‍යාංශයේද මැදිහත්වීමෙන් සිදු වෙමින් තිබ‍ෙන තවත් වංචාවක් පිළිබඳවය. පසුගියදා ආරක්ෂක අමාත්‍යාංශය විසින් හමුදා සෙබළුන් සඳහා බූට්ස් හයිලෙග් 75000ක් සැපයීම සඳහා කැඳවූ ටෙන්ඩරයේදී මේ කියන වංචාව සිදු වී තිබේ.

මේ මහා පරිමාණ වංචාවට පෙළ සැකසෙන්නේ මෙසේය.

ශ්‍රී ලංකා යුද හමුදාවට ඉහත කී සපත්තු තොගය ලබා ගැනීම සඳහා 2017 ජනවාරි 08 වන දින ආරක්ෂක අමාත්‍යාංශය විසින් ටෙන්ඩර් කැඳවීම සඳහා පුවත්පත්වල දැන්වීමක් පල කරනු ලබයි. එම දැන්වීමට අනුව ලංසු ඉදිරිපත් කළ හැකි වන්නේ අවම වශයෙන් අවුරුදු පහක් හයිලෙක් බූට්ස් නිර්මාණය කරන්නන්ට පමණි.

සාමාන්‍යයෙන් ටෙන්ඩර් පටිපාටියේ සම්ප්‍රදාය වන්නේ ටෙන්ඩර් දියත් කළ පසු එහි කොන්දේසි වෙනස් නොකිරීමයි. එහෙත් 2017 ජනවාරි 08 වන දින ටෙන්ඩර් කැඳවීම ප්‍රසිද්ධ කළ දිනට පසුව ඉරෝෂා ඉන්ටර්නැෂනල් නම් සමාගමක ඉල්ලීම පරිදි ඔවුන්ට ලංසු ඉදිරිපත් කළ හැකි වන පරිදි ප්‍රධාන ගණකාධිකාරීවරිය වන ඩී.එන්.කේ. හෙට්ටිආරච්චි විසින් 2017 ජනවාරි 17 වන දින ලංසු ලේඛනයෙහි සුදුසුකම් ලැබීමේ උපමාන වගන්ති ලිහිල් කරමින් සංශෝධනය කරන ලද ලිපියක් නිකුත් කර තිබේ.

ටෙන්ඩර් කොන්දේසි අනුව තත්ත්ව පරීක්ෂණ ගාස්තු ගෙවිය යුත්තේ ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රධාන ගණකාධිකාරී වෙතටය. මෙය පැහැදිලිව පුවත්පත් දැන්වීමෙහිද සඳහන් කර තිබේ. නමුත් ඉරෝෂා ඉන්ටර්නැෂනල් ආයතනය තත්ත්ව පරීක්ෂණ ගාස්තු ගෙවා ඇත්තේ යුද හමුදාවේ ප්‍රධාන ගණකාධිකාරී වෙතටය. ටෙන්ඩර් කොන්දේසි වලට අනුව එම නිසා ඉරෝෂා ඉන්ටර්නැෂනල් ආයතනය ටෙන්ඩරයට ඉදිරිපත් නොවූ ආයතනයක් වශයෙන් සැලකිය යුතුය. එහෙත් එය වසන් කරමින් ප්‍රධාන ගණකාධිකාරීවරිය විසින් ඉරෝෂා ඉන්ටර්නැෂනල් සමාගමේ ටෙන්ඩරය පිළිගෙන තිබේ.

ටෙන්ඩරය විවෘත වී මසකට පසු ප්‍රධාන ගණකාධිකාරීවරිය විසින් 2017 පෙබරවාරි 27 වන දින තවත් සාම්පලයක් හා තත්ත්ව පරීක්ෂණ ගාස්තු රුපියල් 15,000/-ක් ලබා දෙන ලෙස ලංසුකරුවන්ට දන්වා තිබේ. තවත් සාම්පලයක් ලබා දීමට සිලෝන් ලෙදර් ප්‍රොඩක්ට්ස් ආයතනය විරෝධය දැක්වීම නිසා මුදල් පමණක් ගෙවන ලෙස දන්වා 2017 මාර්තු 01 වන දින නැවත ලිපියක් යවා ඇත.

කලින් ලබා දුන් නියැදි පරීක්ෂාව සඳහා යවා තිබුණේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට සහ ඉන්ඩස්ට්‍රියල් ටෙක්නොලොජි ඉන්ස්ටිටියුට් යන පිළිගත් ආයතන දෙක වෙත වන අතර ඒ වන විට ඉහත කී ආයතන දෙකෙහිම පරීක්ෂණයන් පැවතී ඇත්තේද අවසන් අදියරේය. එහිදී ඉරෝෂා ඉන්ටනැෂනල් පුද්ගලික සමාගම ඉහත කී ආයතන දෙකෙහිදීම මූලික පරීක්ෂණ වලදී අසමත් වී ඇති බව ගණකාධිකාරීවරියට දැනගන්නට ලැබී තිබේ. ඒ නිසා ඇයගේ සෘජු මැදිහත්වීමෙන් නැවත සාම්පල් කැඳවා රත්මලානේ පිහිටි ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්ස්ටයිල් ඇන්ඩ් ඇපරල් ආයතනයට ඒ සාම්පල් යොමු කරන්නේ 2017 මාර්තු 06 වන දිනයේය. සිලෝන් ලෙදර් ප්‍රොඩක්ට්ස් ආයතනය සාම්පල් ලබා දීම ප්‍රතික්ෂේප කරන්නේ මේ කරන්නට යන වංචාව කල් තියාම දැනගත් නිසාය.

ටෙන්ඩර් කොන්දේසි වලට අනුව කුමන හෝ ආයතනයකින් තත්ත්ව පරීක්ෂාවේ Criteria Parameter හතරෙන් එකක් හෝ අසමත්නම් එම ටෙන්ඩරය පිළිගත නොහැකි බව සඳහන් වේ. එයEvaluation Criteria ITB 35.4d හි සඳහන් කර තිබේ. ඒ අනුව ඉරෝෂා ඉන්ටනැෂනල් පුද්ගලික සමාගමේ ලංසුව පිළිගත නොහැකි ලංසුවක් බවට පත් වී තිබේ.

එහෙත් තාක්ෂණික ඇගයීම් කමිටුවේ ටෙන්ඩර්කරුවන් වර්ගීකරණය කිරීමේදී ඉතාමත් අසාධාරණ ලෙස කටයුතු කරමින් ඉරෝෂා ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගමට වැඩි වාසි අත්පත් වන අයුරින් කටයුතු කර ඇත. එහෙත් අමාත්‍ය මණ්ඩලය විසින් සිලෝන් ලෙදර් ප්‍රොඩක්ට්ස් ආයතනය සාර්ථක ලංසුකරු ලෙස අනුමත කර ඇති අතර ඒ අනුව ඉරෝෂා ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගම අසාර්ථක ලංසුකරුවෙකු ලෙසට දැනුම්දීමට කටයුතු යොදා තිබේ.

ඉරෝෂා ඉන්ටනැෂනල් පුද්ගලික සමාගම ප්‍රසම්පාද අභියාචනා මණ්ඩලයට අභියාචනයක් ඉදිරිපත් කරන්නේ ඒ අනුවය. මෙසේ අභියාචනයක් ඉදිරිපත් වූ විට එම තීරණයට බලපාන සියලුම ලංසුකරුවන් කැඳවිය යුතුව ඇත. මෙය පෙර සිටම පැවති සම්ප්‍රදායයි. එහෙත් මෙහිදී සාර්ථක ලංසුකරු ලෙස නම් කරනු ලැබූ සිලෝන් ලෙදර් ප්‍රොඩක්ට්ස් ආයතනයට හෝ කැඳවීමක් සිදු කර නොමැතිව බ්‍රිගේඩියර් එච්.ආර්. වික්‍රමසිංහ ඇතුළු හය දෙනෙකුගෙන් යුතු අභියාචනා මණ්ඩලයක් විසින් ඒක පාර්ශ්වීය තීරණයක් ගනිමින් අඩුම ලංසුව පමණක් සැලකිල්ලට ගෙන අදාළ ටෙන්ඩරය ඉරෝෂා ඉන්ටනැෂනල් පුද්ගලික සමාගමට ලබා දීමට කටයුතු කර තිබේ.

මෙහිදී ඉරෝෂා ඉන්ටනැෂනල් පුද්ගලික සමාගම මෙම පරීක්ෂණයේදී ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට පරීක්ෂණ කටයුතු සඳහා සම්පූර්ණ සුදුසුකම් නොමති බවයි. මෙහිදී ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලය මෙම චෝදනා පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් කිසිදු විමසීමක් නොකර ඔවුන් සාම්පල් පරීක්ෂා කරන්නේ කෙසේද, ඔවුන්ට සාම්පල් පරීක්ෂා කිරීමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ පහසුකම් ඇත්ද යන්න නොවිමසා සාර්ථක ටෙන්ඩර්කරු ලෙසට සිලෝන් ලෙදර් ප්‍රොඩක්ට් ආයතනයට කිසිදු කැඳවීමක් කර නොමැතිව ඉරෝෂා ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගමට මෙම ටෙන්ඩරය ප්‍රදානය කිරීමට නියෝග කර ඇත. ඔවුන්ගේ මේ තීරණයට පාදක වී ඇත්තේ ඉරෝෂා ඉන්ටනැෂනල් පුද්ගලික සමාගමේ මිල පමණකි. සිලෝන් ලෙදර් ප්‍රොඩක්ට්ස් ආයතනයට වඩා බූට්ස් යුගල 75,000ම සඳහා රුපියල් මිලියන 16ක් අඩු වීම මතම මෙම තීරණය ගෙන ඇති අතර ගුණාත්මකභාවය පිළිබඳව කිසිදු තැකීමක් කර නොමැත.

සුදුසුකමින් අඩු නිසි පිළිවිතර වලට නොමැති සපත්තු අඩු මිලට සැපයිය හැකි බව පැහැදිලි කරුණකි. ඉරෝෂා ආයතනය මෙම හයිලෙග් බූට්ස් සඳහා ලබා දී ඇත්තේ වසරක වගකීම් කාලයක් පමණි. නමුත් සිලෝන් ලෙදර් ප්‍රොඩක්ට්ස් ආයතනය වසර දෙකක වගකීම් කාලයක් ලබා දී ඇත. මේ පිළිබඳවද කිසිදු සැලකිල්ලක් දක්වා නැත.

ටෙන්ඩර් කොන්දේසි වලට සම්බන්ධ රජයේ ප්‍රසම්පාද මාර්ගෝපදේශන සංග්‍රහය 2006 යොමුව 7.8 වගන්තියෙහි පැහැදිලිවම සඳහන් කර ඇත්තේ මිල මතම නොව ඕනෑම භාණ්ඩයක ගුණාත්මක බව ප්‍රධාන බවයි. ඒ අනුව කිසිම ටෙන්ඩරයක් මිල මත පදනම් කර තීරණය නොකළ යුතු බව පැහැදිලිව සඳහන් කර ඇත.

ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලයේ තීරණයට අනුව ඩී.එන්.කේ. හෙට්ටිආරච්චි ප්‍රධාන ගණකාධිකාරීවරිය විවිධ කරුණු වසන් කර කැබිනට් පත්‍රිකාවක් සකස් කර මෙම ටෙන්ඩරය ඉරෝෂා ඉන්ටනැෂනල් පුද්ගලික සමාගමට ප්‍රදානය කිරීමට කැබිනට් අනුමැතිය ලබාගෙන ඇත. ප්‍රධාන ගණකාධිකාරීවරිය ආරක්ෂක අමාත්‍යාංශයේ පමණක් නොව ඉහළ නිලධාරීන්ද පාලනය කරන ප්‍රබල චරිතයකි. මීට මාස හයකට පමණ පෙර ඇයව රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශයේ සංචිතයට මාරු කර යවා ඇතත් ඉන් පසුව ඇය ආරක්ෂක අමාත්‍යාංශයට පැමිණ හයිලෙග් බූට්ස් ටෙන්ඩරය ඉරෝෂා ඉන්ටනැෂනල් පුද්ගලික සමාගමට ප්‍රදානය කළ බවට ශ්‍රී ලංකා යුද හමුදාවට ලිපියක් යවා තිබේ.

ජවනිකාව අවසන් වන්නේ ඒ අයුරිනි. දැන් යුද හමුදාවට ලැඛෙන්නේ ප්‍රමිතියෙන් බාල බූට්ස්ය. ඒ වෙනුවෙන් වංචාවට මැදිහත් වූවන්ට අත යට දීමනා ඇති තරම් ලැඛෙන්නට ඇත. ඒවා ප්‍රසිද්ධියේ කියවෙන්නේ නැත. එහෙත් වංචාව සිදු වූ බවට ප්‍රසිද්ධ සාක්ෂි ඕනෑ තරම් තිබේ. අත යට ගනුදෙනු කෙසේ වුවත් එළිපිට සිදු වූ දේ ගැන පරීක්ෂණයක් සිදු කළ හැකිය. එය ආරක්ෂක ඇමතිවරයා වශයෙන් ජනාධිපතිවරයාගේත් ආරක්ෂක නියෝජ්‍ය ඇමති සහ ආරක්ෂක ලේකම් ප්‍රමුඛ ආරක්ෂක අමාත්‍යාංශයේත් වගකීමක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.

චතුර දිසානායක

Published on: Apr 6, 2018 @ 08:36 – ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රනිල්ට එරෙහි විශ්වාසභංග යෝජනාවේ වැඩි හරියක් තිබුණේ මහ බැංකු බැදුම්කර චෝදනා, ශ‍්‍රි ලංකා මහ බැංකුවේ බැදුම්කර වංචාව සම්බන්දයෙන් පරීක්‍ෂණ පවත්වන ලද ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ ඉදිරිපත් වූ චෝදනාය. ඒ සියලු චෝදනා වලින් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා නිදහස් කිරීමටත් අගමැතිවරයා වරදක් කර නැති බවත් පාර්ලිමේන්තුව විසින් තීරණය කර ඇත. අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගය පරාජයවීමත් සමග මහ බැංකු බැදුම්කර වංචාවක් ගැන අධිකරණයේ නඩු විභාග කළ නොහැකි තත්ත්වයක් ඇතිවේ.පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත 2 හා 3 වගන්ති යටතේ ශ‍්‍රි ලංකා මහ බැංකුවේ බැදුම්කර වංචාව සම්බන්ධයෙන් රනිල්ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමටවත් පොලීසියට නොහැකි වේ.

නීතිපති දෙපාර්තමේන්තුවට මින් ඉදිරියට රනිල් වික්‍රමසිංහ සම්බන්ධකරමින් බී වාර්තාවක් බවා අධිකරණයට ඉදිරිපත් කිරීමට නොහැකි වන්නේ පාර්ලිමේන්තුව විසින් නිදොස් කරමින් නිර්දෝෂීභාවය පිළිගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ මන්ත්‍රී වරප්‍රසාද ආරක්ෂා කිරීමේ නෛතික යුතුකමක් සහ වගකීමක් නීතිපතිවරයාටත් ඇති හෙයිනි.

ඒ අනුව අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට ගෙන්වා ගැනීමට නීතිමය බලය නීතිපතිවරයාට අහිමි වේ. හිටපු කථානායක අනුර බණ්ඩාරනායක විසින් 2001 ජුනි මස 20 වැනි දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත් කළ අග්‍රවිනිශ්චයකාරවරයා ඉවත් කිරීම පිළිබද යෝජනාව සම්බන්ධ කථානායක තීරණය සැළකීමේදී සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 ව්‍යවස්ථාව සමග 3 ව්‍යවස්ථාව කියවීමේදී රනිල් සම්බන්ධ කරමින් බැදුම්කර ගණුදෙනු වංචාවක් ගැන ලංකාවේ අධිකරණයක කිසිම නඩුවක් විභාග කිරීමට නො හැකියාවක් හට ගනී. 2018 අප්‍රේල් 04 දින රනිල්ට එරෙහි විශ්වාසභංගය පරාජයවීමත් සමග ලංකාවේ ජනතාව විසින් සාකච්ඡා කළ බැදුම්කර විලාපය අවසන් වේ.

ඒ සම්බන්ධව ලියන ලද විමර්ශනාත්මක ලිපිය බලාපොරොත්තුව වන්න ….

Published on: Apr 5, 2018 @ 10:58 – ජනවාරි 8 වැනිදා ජනවරම පාවාදිමට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා කටයුතු කල බවත්,අගමැතිවරයාට එරෙහිව ඒකාබද්ධය ගෙන ආ විස්වාසභංග පසුපස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කුමන්ත්‍රණයක් දියත් කල ආකාරය ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ඊයේ(04) පාර්ලිමේන්තුවේ අනාවරණය කළා.

 Published on: Mar 30, 2018 @ 14:23- ලිපිය ආරම්භයේදීම 2015 අගෝස්තු මස 17 දින පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵලයත් (ඇමිණුම – 1) සහ 2018 පෙබරවාරි 10 දින පවත්වන ලද පළාත් පාලන ආයතන ප්‍රතිඵලයත් (ඇමිණුම – 2) දක්වන ලද්දේ  එකී ප්‍රතිඵල අගමැති රනිල්ට එරෙහි විශ්වාසභංගය පිළිබද කතිකාවත ආරම්භ කිරීම පහසු වන හෙයිනි.

ඒ සමගම පහත කාරණා කෙරෙහිද අවධානය යොමු කිරීම සුදුසුය.

2015 අගෝස්තු 17 දැන පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නියමිත සදුදා දිනට පෙර රජයේ වැඩ කරන දිනය වූ සිකුරාදා දින එක්සත් ජනතා නිදහස් සන්ධයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරුන් ධූරයෙන් ඉවත් කිරීමට කොළඹ දිසා අධිකරණයේ නඩු පැවරීම.

 

  1. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46 ව්‍යවස්ථාවේ දැක්වෙන ජාතික ආණ්ඩුව සම්බන්ධ අර්ථනිරූපණය ශ්‍රේෂ්ඨාධිකරණය මගින් නොව කථානායකවරයා වෙතින් ලබා ගැනීම.

 

  1. දෝෂාභියෝගයක් මාර්ගයෙන් නොව අනීතික මාර්ගයෙන් අගවිනිරුවරයා පැය 24ක් තුළ ඉවත් කිරීම.

 

  1. දින 100 පොරොන්දු මල්ල මිරිගුවක් කිරීම.

 

  1. මහබැංකු බැදුම්කර වංචාව සම්බන්ධ ක්‍රියාදාමය සහ ප්‍රධාන මොළකරු රටෙන් පිටකිරීම.

ඉහත කාරණා සමග මේ ලිපියට අදාල මාතෘකාව වන “රනිල් ට එරෙහි විශ්වාසභංගය සිංහලයන් අතර සිටින ජාත්‍යන්තර ඔත්තුකරුවන් විසින් පොහොට්ටුවට ඇටවූ කොඩිවිනයක් ද? ” යන්න සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමි.

වර්තමාන පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සංයුතිය ඉහත ඇමිණුම – 1 හි දක්වා ඇත. එය එසේ වුවත් වර්තමාන මෛත්‍රී-රනිල් යහපාලන සංහිදියා ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ සිටින සියලුම පක්ෂවල ලේකම්වරු විසින් සහාය දක්වනු ලබයි.(එය ජාතික ආණ්ඩුවකි) නාමිකව යහපාලන සංහිදියා ආණ්ඩුවට එරෙහිවන බව පැවසුවද තීරණාත්මක අවස්ථාවලදී න්‍යායාත්මකව සහ නීත්‍යානුකූලව එකී ආණ්ඩුව ආණ්ඩුව ආරක්ෂා කිරීමට එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය, ඉලංකෙයි තමිල් අරසු කච්චි, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය ආදී පක්ෂවල නායකත්වය කටයුතු කරයි. මන්ද මෛත්‍රී-රනිල් යහපාලන සංහිදියා ආණ්ඩුව ආරක්ෂා කර නොගතහොත් සිදුවන එකම දේ වන්නේ ජනතාවගේ කැමැත්තට පටහැනිව පවත්වාගෙන යන ජාතික ආණ්ඩුව නම් ව්‍යුහය බිදවැටී ආණ්ඩුවම කඩා වැටීමට ලක්වී එකී දේශපාලන යාන්ත්‍රණයම අර්බුදයට යාමත් 2015 ලබූ ජනාධිපතිවරණ ජය පවත්වාගෙන යා නොහැකි වීමයි.

2015 ජනවාරි පැවති ජනාධිපතිවරණයේ දී පෙරකී දේශපාලන පක්ෂ සියල්ලම එක්ව පොදු අපේක්ෂකයෙක් හංසයා ලකුණෙන් තරග කරවීමේ දේශපාලන උපක්‍රමය හේතුවෙන් වර්තමානයේ පවතින මෛත්‍රී-රනිල් යහපාලන සංහිදියා ආණ්ඩුව නිර්මාණය වී ඇති බවත් ඒ හේතුවෙන් වෙනත් දේශපාලන යාන්ත්‍රණයක් බලවත් වීම නීතිමය ලෙස මැඩපැවැත්විය හැකි බවත් ඔවුහු මනාව දනිති.

එකී දේශපාලන පක්ෂ බෙදී වෙනවී යන සෑම අවස්ථාවකදීම ප්‍රතිවාදීන් ජයගන්නා බවත් 2018 පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය එය සනාථ කළ බවත් දේශපාලනයේ මුලකුරු කියවන අයෙකුටත් වටහා ගැනීම අසීරු නොවේ.

මෙහිදී 1988 පැවති ජනාධිපතිවරණ ප්‍රතිඵලය අධ්‍යයනය කිරීමද වැදගත් වෙයි.

01 එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වූ රණසිංහ ප්‍රේමදාස මහතා ඡන්ද 2569199 එනම් 50.%

02 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් වූ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය ඡන්ද 2289860 එනම් 44.95%

03 ශ්‍රී ලංකා මහජන පක්ෂයෙන් ඉදිරිපත් වූ ඔස්වින් අබේගුණසේකර මහතා ඡන්ද 235719 එනම් 4.63ක් ලබා ගන්නා ලදී.

1988 ජනාධිපතිවරණයේදී 2වැනි මනාපය ගැනීමට සිදුවනු ඇතැයි බොහෝ දෙනෙකු විශ්වාසය තබා තිබුණද එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වූ රණසිංහ ප්‍රේමදාස මහතා ඡන්ද 2569199 එනම් 50.43% ලබා ගෙන තිබූ හෙයින් එය අවශ්‍ය නොවූයේ සියයට දශම 43ක් වැඩි වීමෙනි.

හංසයා අපේක්ෂකයා 2020 දී දිනවීමේ මෙහෙයුම සහ රනිල් ට එරෙහි විශ්වාස භංගය…

වර්ෂ 2009 මැයි මස 19 වැනි දින බෙදුම්වාදී සන්නද්ධ අරගලය නන්දිකඩාල් කළපුවේදී යුධමය වශයෙන් අවසන් කිරීමත් සමග 2010 පැවති ජනාධිපතිවරණයේ සිට හංසයා ලකුණ යටතේ පොදු අපේක්ෂක භූමිකාවක් ඉදිරිපත් වන්නට විය. ජනාධිපතිවරණය පමණක් ඉලක්කකර ගනිමින් හංසයා පක්ෂය ගොඩනැගුණ බව පෙනෙන්නට තිබුණ අතර 2010 සහ 2015 ජනාධිපතිවරණ සදහා හංසයා ලකුණින් පොදු අපේක්ෂකයන් ඉදිරිපත් කරනු ලැබීය. 2010 ජනාධිපතිවරණයට හංසයා ලකුණින් ඉදිරිපත් කළ පොදු අපේක්ෂකයාට ජයගත නොහැකි වුවත්, 2015 ජනවාරි පැවති ජනාධිපතිවරණයට හංසයා ලකුණින් ඉදිරිපත් කළ පොදු අපේක්ෂකයා ජයග්‍රහණය කළේය.

එකී 2015 ජනවාරි පැවති ජනාධිපතිවරණයට හංසයා ලකුණින් ඉදිරිපත් කළ පොදු අපේක්ෂකයා ජනාධිපති වීමත් සමගම එකී හංසයා සන්ධානයේ අරමුණු සහ ඉලක්ක නීතිමය සහ ජනතාමය වශයෙන් බලවත් කිරීමට එකී පොදු අපේක්ෂකයා කටයුතු කළේය. එයට නිවැරදිම නිදසුන වන්නේ 2015 අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණයට පෙර ආසන්න දිනයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම්වරයා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා කොළඹ දිසා අධිකරණයේ නඩු පැවරීමකින් වෙනස් කර ගැනීමට අවශ්‍ය නෛතික බලය අතැතිව මැතිවරණයෙන් පරාජයට පත් වූ මැතිවරණ අපේක්ෂකයින් රොත්තන් ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරු කර ගැනීමය. එමෙන්ම එවකටත් පැවති නීතියට අනුව පාර්ලිමේන්තු සභාවේ ද අනුමැතිය යටතේ ධූරය දරමින් සිටි අගවිනිසුරුවරයා විධායක ජනාධිපතිවරයාගේ එක් පෑන් පහරකින් නිවසට විසිකර දැමුවේ ය.

ඉන් නොනැවතුන ජයග්‍රාහී හංසයා පොදු අපේක්ෂකයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජාතික ආණ්ඩුව අර්ථ දක්වා ඇති 46 ව්‍යවස්ථාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 125 ව්‍යවස්ථාව අනුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොව කථානායකවරයා මගින් අර්ථනිරූපණය කරගනිමින් ඊනියා ජාතික ආණ්ඩුවක් නිර්මාණය කරගෙන අති විශාල ඇමති මණ්ඩලයක් පත් කර ගත්තේ ය.

එවන් වාතාවරණයක් යටතේ පැවති 2018 පළාත් පාලන මැතිවරණයේදී අති බහුතර ජනතාවක් එනම් 44.65% ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එනම් පොහොට්ටුවට ඡන්දය ලබා දී මේ නිර්මාණය කරගෙන සිටින අති විශාල ඇමති මණ්ඩලයකින් යුත් ඊනියා ජාතික ආණ්ඩුවට සහ එහි ප්‍රතිපත්තිවලට සිය විරෝධය ප්‍රකාශය කරන ලදී.

රුණු කාරණා එසේ වුවත් ඒකාබද්ධ විපක්ෂය යැයි කියා ගන්නා මෛත්‍රී-රනිල් යහපාලන සංහිදියා ආණ්ඩුවට එරෙහිව යැයි කියන කණ්ඩායම එකී ජනවරමෙන් ලැබූ පිම්බීම වරදවා වටහා ගෙන අගමැතිවරයාට ඉවත්වන ලෙසත්, නව පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන ලෙසත් ප්‍රකාශ කරන්නට විය. “මුහුද හත්ගව්වක් තියා අමුඩ ගැසීම” ගැන අප අසා ඇතත් පළාත් පාලන මැතිවරණ පරාජයකින් පසු අගමැතිවරයා ඉවත් වීමක් ලංකාව වැනි රටකින් කිසිසේත් බලාපොරොත්තු විය නොහැකි බව එකී දේශපාලන නායකයන් දැන නො සිටින්නට ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46.1 ව්‍යවස්ථාවට පටහැනිව යමින් ජනසම්මතයට පටහැනිව 30ට වැඩියෙන් පවත්වාගෙන යන ඇමති මණ්ඩලය 30 දක්වා අඩු කර ගැනීම වැනි ප්‍රායෝගික ක්‍රියාමාර්ගවලට අවතීර්ණ නොවූ ඒකාබද්ධ විපක්ෂය “ගලෙන් පට්ටයක් ගැනීම” වැනි අගමැතිවරයා වෙනස් කර ගැනීමේ දේශපාලන උපායමාර්ගයක් වෙත යොමු විය. පළාත් පාලන මැතිවරණ ජනවරමෙන් පසු ජාතික ආණ්ඩුව බිද වට්ටා අති විශාල ඇමති මණ්ඩලය නඩත්තු කිරීමට වැය කරන අධික මුදල් කන්දරවා අඩු කරනවා වෙනුවට සහ ජනතා සුභවාදී පියවරයන් ගන්නවා වෙනුවට කරගත නොහැකි දේශපාලන උපායමාර්ගයක් වන අගමැතිවරයා වෙනස් කිරීම තෝරා ගත්තේ ය.

පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල සමග ඊනියා ජාතික ආණ්ඩුව තීරණාත්මක ලෙස පසු බැස තිබීමත් සමග අගමැති ධුරය සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝ එක්සත් නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරයෙක් පත් කරන්නට යන බව ඒකාබද්ධ විපක්ෂ නායකත්වය විසින් ජනතාවට විශ්වාසය ඇති කළ අතර ඒ සදහා ඊනියා ජාතික ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරු මනා සහායක් ද දුන්නේ ය. 2015 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පරාජිතයන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කරමින් ජනවරම නොතකා සිටි පොහොට්ටුවට ඡන්දය දුන් අපේක්ෂකයන්ගේ ජනවරම  නැවත වරක් ඒකාබද්ධ විපක්ෂ නායකත්වය විසින් නොතකා සිටියේ ආකාරයෙනි.

මේ සියලු ක්‍රියාන්විතයන් සිදු වන්නේ 2020 ජනාධිපතිවරණය වෙනුවෙන් ඉදිරිපත් වන හංසයා පොදු අපේක්ෂකයාගේ ජයග්‍රහණය වෙනුවෙන් බවට වටහා ගැනීම අසීරු නොවේ. 2020 දී ඉදිරිපත්වන හංසයා පොදු අපේක්ෂකයා ජය ගැනීමට නම් පොහොට්ටුවට ලැබෙන්නට ඇති දකුණේ ඡන්ද කඩා ගැනීමේ අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂය , එක්සත් ජනතා නිදහස් සන්ධානය, ඉලංකෙයි තමිල් අරසු කච්චි, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සිදු වේ. ඒ සදහා හොදම අවස්ථාව 2018 පළාත් පාලන මැතිවරණයෙන් පසු අගමැති ධුරය වෙනස් කරන මුවාවෙන්  යහපාලන සංහිදියා ආණ්ඩුව ආරක්ෂා කර ගැනීමත් ජනතා විරෝධය වෙනතකට හැරවීම සදහා රනිල් අගමැතිධුරයෙන් නෙරපීමේ මතයක් ආණ්ඩු විරෝධීන් අතර ඇති කිරීමයි.

2018 පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල සමග අගමැති ධුරය රනිල්ගෙන් ඉවත්  කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝ එක්සත් නිදහස් සන්ධානයේ සහ ඒකාබද්ධ විපක්ෂයත් එක්ව මේ සිදුකරන ක්‍රීඩාව අවසන් වන්නේ 2020 දී තුන් කොන් ජනාධිපතිවරණ සටනක් අවුලුවා දකුණේ ඡන්ද බෙදීමට සළස්වා අවසානයේ 2වන මනාපය ගැනීමෙන් හංසයා ජනාධිපති අපේක්ෂකයා ජයගැන්වීමෙනි.

2020 ජනාධිපතිවරණයේ තුන්කොන් ජනාධිපතිවරණ සටනක දී කිසිත් අපේක්ෂකයෙක් 50%වඩා ඡන්ද ලබා නොගන්නා බව වටහා ගැනීම අසිරු නොවේ.

අගමැතිට එරෙහි ඒකාබද්ධ විපක්ෂයේ විශ්වාසභංගය ජයගනීවිද?

2018 අප්‍රේල් 04 දින පැවැත්වීමට නියමිත අගමැතිට එරෙහි ඒකාබද්ධ විපක්ෂයේ විශ්වාසභංගය ජයගතහොත් 2015 ජනාධිපතිවරණයෙන් ඇති කරන්නට බලාපොරොත්තු වූ “සිස්ටම් චේන්ජ්” එක කර ගැනීමට නොහැකිවන බවත් එකී ජනාධිපතිවරණ ජයග්‍රහණය වැඩකට නැති තත්ත්වටත් පත්වන අතර 2020 දී පවත්වන ජනාධිපතිවරණයේදී හංසයා අපේක්ෂකයාගේ නියත පරාජයත් සනිටුහන් වේ.

එය වූ කලී වත්මන් ජාතික ආණ්ඩුවේ සහ 2015 ජනාධිපතිවරණය ජයගත් යහපාලන නියමුවන්ගේ අපේක්ෂාව නොවේ. ඒ අනුවම සිදුවිය යුත්තේ අගමැතිට එරෙහි ඒකාබද්ධ විපක්ෂයේ විශ්වාසභංගය ඉතා සුළු ඡන්ද සංඛ්‍යාවකින් හෝ පරාජය කිරීමට හැකි මට්ටමට ඡන්ද බෙදී යාමට සැළැස්වීමයි. එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙකුත්, ඉලංකෙයි තමිල් අරසු කච්චි හී මන්ත්‍රීවරුද, එක්සත් ජාතික පක්ෂයේ අතිශය බහුතර මන්ත්‍රීවරුද මෙකී රනිල්ට එරෙහි විශ්වාසභංගයට විරුද්ධව ඡන්දය භාවිතාකර පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් (වැඩි ඡන්ද 12-15 අතර)          විශ්වාසභංගය පරාජය වීම අප්‍රේල් 04 දින පාර්ලිමේන්තුවේදී බලාගත හැකි වේ.

ඒ අනුව පැහැදිලි වනු ඇත්තේ පළාත් පාලන ජනවරමෙන් අගමැතිවරයා වෙනස් කිරීමේ වැරදි පීල්ලට ඒකාබද්ධ විපක්ෂය සීරුමාරු කරවීමෙන් 2020 ජනාධිපතිවරණයේ දී 2වන මනාපයට පාර කපාගත් යහපාලන සංහිදියා ඊනියා ජාතික ආණ්ඩුව අද දවසේත් රටේ දේශපාලන ගමන් මග තීරණය කිරීමට සමත් වී ඇති බවයි. එය මෛත්‍රී-රනිල් යහපාලන සංහිදියා ආණ්ඩුවේ දක්ෂතාවය නොව ඒකාබද්ධ විපක්ෂයේ නො හැකියාවයි.

රනිල් ට එරෙහි විශ්වාසභංගය ජාත්‍යන්තර ඔත්තුකරුවන් විසින් පොහොට්ටුවට ඇටවූ කොඩිවිනයක් බව තීරණය කිරීමට අප්‍රේල් 04 දින දක්වා සිටිය යුතු නැත්තේ එහෙයිනි.

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන

B.Sc(Col),PGDC(Col)

E mail: arunaunawatuna@gmail.com

2018.03.30

Published on: Mar 30, 2018- එදිරිසිංහ සමූහ ව්‍යාපාරයට අනුබද්ධ ඊ.ටී.අයි. (ETI)ෆයිනෑන්ස් ලිමිටඞ් මූල්‍ය ආයතනයේ මුදල් තැන්පත් කළ ගණුදෙණු කරුවන් අද එම ආයතනයට පැමිණ විරෝධය පළ කිරීමත් සමග උණුසුම් තත්ත්වයක් හටගත්තා.ඊ.ටී.අයි. ෆයිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ මුදල් තැන්පත් කළ දිවයිනේ නන්දෙසින් පැමිණි ගණුදෙණුකරුවන් විශාල පිරිසක් අද කොළඹ වෝඩ් පෙදෙසේ පිහිටි එහි මූලස්ථානයට පැමිණ සිටියේ තම තැන්පතු ලබා ගැනීමේ අරමුණින්.

එහිදී ආයතන බලධාරින් කොටස් වශයෙන් ගණුදෙණුකරුවන්ට මුදල් ලබාදීමට එකග වී ඇති අතර ඊට ගණුදෙණුකරුවන් එකගත්වය පළ කර නැහැ

ජීවකගෙන් රුපියල් කෝටියක පගාවක්

එදිරිසිංහ සමුහ ව්‍යාපාරය විසින් සිදු කරණු ලැබූ මහා පරිමාණයේ මුල්‍ය වංචාව වසා ගැනීම සඳහා මේ වන විට ඒ සමබන්ධව කටයුතු කරන බොහෝ දෙනෙකුට එහි ප්‍රධානියා වන ජීවක එදිරිසිංහ විසින් අල්ලස් ලබා දෙමින් සිටින අතර එ අතර ප්‍රධාන පෙලේ විද්යුත් සහ මුද්‍රිත මෙන්ම වෙබ් ගොඩ් ෆාදර්ල ලෙස පෙනී සිටින ඇතැම් නීච කුලයේ පුද්ගලයන්ද සිටින බව අප මීට පෙරද අනාවරණය කලා.

අදාළ ව්‍යාපාරය විසින් මෙරට අහිංසක ජනතාවගේ මුදල් ගෙන සිදු කොට ඇති මහා පරිමාණ වංචාව හේතුවෙන් අදාළ සමුහ ව්‍යාපාරයට සම්බන්ධ ස්වර්ණමහල් ෆිනෑන්ස් සර්විසස් ලිමිටටඩ් සහ එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් මුළුමනින්ම පාහේ බංකොලොත් වී ඇති අතර හෙංචයියන්ට වරප්‍රසාද ලබා දෙමින් සිය බංකොලොත් බාවය වසා ගැනිමට ජිවක සමත්ව සිටියා.

ජීවක එදිරිසිංහ පසුගිය සතියේදී දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ඉහළ පෙළේ නිලධාරියෙකුට රුපියල් කෝටියක පගාවක් දීම රටේ කවුරුත් දන්න රහසකි.

ETI හරහා ජනතා මුදල් කෑ තිත්තවැල්ල

ලංකාවේ අහිංසක ජනතාව විසින් අදාල ආයතනවල තැම්පත් කළ මුදල් එහි ප්‍රධානින් විසින් වෙනත් විදේශීය බැංකුවල තැම්පත් කිරීම හේතුවෙන් ETI ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම කඩා වැටුන අතර ඒ පසුපස රටේ අද ප්‍රශ්ණ වලින් බහුතරයකට මුලික හේතුවක් වු රටේ පවුකරයෙක් වන ඊ.ඒ.පි හෝල්ඩ්ංග්ස් සභාපති මනෝ තිත්තවැල්ල සිටින බව නොරහසකී.

ඊ.ඒ.පි හෝල්ඩ්ංග්ස් හා එහි ආශ්‍රීත සමාගම් ලබන වසරේ ණයකර සහ මුළික කොටස් නිකුතුවක් සදහා සුදානම්වෙත්දි ඒ පිලිබදව නීතිමය බාදක රාශියක් පවතින බැවින් වර්තමාන ඊ.ඒ.පි හෝල්ඩ්ංග්ස් සභාපති මනෝ තිත්තවැල්ල පොදු අපේක්ෂක සිරිසේන හමුවී EAP එදිරිසිංහලාට ලබන වසරේ ණයකර සහ මුළික කොටස් නිකුතුව සදහා අවශ්‍ය වටපිටාව සකසන ලෙස ඉල්ලා ඇති අතර ඒ වෙනුවෙන් තම ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලය ඕනෑම දෙයක් කිරීමට පසුබට නොවන බවත් පොදු අපේක්ෂක සිරිසේනට හිටන් දන්වා ඇත ,පොදු අපේක්ෂක සිරිසේන ,ඉතාම කාර්යබහුල අවස්ථාවක සිරිසේන මනෝ හමුවීම හිටපු ජනපති චන්ද්‍රකා බණ්ඩාරණායක කුමාරතුංග විසින් සම්බන්ධිකරණය කර දී ඇති අතර .වර්තමාන ඊ.ඒ.පි හෝල්ඩ්ංග්ස් සභාපති මනෝ තිත්තවැල්ල ,චන්ද්‍රකා සමයේ මහජන බැංකු සභාපති ඇතුළු ඉහළ තනතරු දැරු ලෙස තවදුරටත් කටයුතු කෙනෙකි .

EAP සමාගමේ කෙරුවාව පිලිබදව හෙළිදරව්ව 

ETI හෙවත් එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් ආයතනයේ පාඩුව සහ හිටිහැටියේම මුදල් වාෂ්ප වීම එදිරිසිංහ සමුහ ව්‍යාපාරයේ දශක ගණනාවක සිට සේවය කල ,එදිරිසිංහ මහතා ජීවත්වසිටි කාලයේදී පටන් ඉතාමත්ම ලගින් ඇසුරු කල සහ දුකේදී සැපේදී එකට සිටි ,එදිරිසිංහ මුදලාලි නැතිවීමෙන් පසුව සෝමා එදිරිසිංහට ශක්තියක්ව සිටි සුන්දරම් අත්පුදනාදම් (Sundaram Atputhanathan) යන අය , ETI ආයතනය විනාශ කළබවත් ,. ETI ව්‍යාපාරය සතු රත්තරං හෙට්ටි විදියේ දේවි ජුවලර්ස් හරහා විකුණා දැමු බවත් ,අමෙරිකාවේ සිටින සිය පුත්‍රයා වන මහේෂ්වරන් හරහා අමෙරිකාවේ සුපිරි මාලිගා දෙකක් මිලදි ගත බවත් . මිට අමතරව ඩොලර් බිලියන ගණනක් මුදල් සුන්දරම් ඥාතින්ගේ නම් වලින් බැංකුවල තැන්පත් කර මුළු ETI ව්‍යාපාරය සතු සියලුම දේපල සුන්දරම් අත්පුදනාදම් (Sundaram Atputhanathan) විනාශ කල බවට කටකතාවක් යවා ඒ හරහා කිලිටි වූ තම එදිරිසිංහ නාමය සෝදා පිරිසිදු කරගන්නට සැරසෙන බවත් මේවනවිට මහේන් ගෙන් පසුව එදිරිසිංහ පවුලේ රෙදි අපුල්ලන ස්වර්ණවාහිණි නාලිකාවේ ප්‍රධානි හරහා මුදලට වැඩ කරන වෙබ් අඩවි කීපයක් හරහා සුන්දරම් අත්පුදනාදම් (Sundaram Atputhanathan) ගේ කතාව ජනගත කරන ලෙස දැනුම් දුන් බවත් ඒ සදහා මුදල් ප්‍රතිපදනද ලබාදුන් බව අපගේ නියෝජිතයා අප හා පැවසීය .

ප්‍රශ්නය තිබෙන්ණේ සුන්දරම් අත්පුදනාදම් (Sundaram Atputhanathan) සියලුම රත්‍රන් විකුනනතෙක් එදිරිසිංහ පවුල ඇතුළු ETI අධ්‍යක්ෂ මණ්ඩයේ අය නිදාගෙන සිටියා ද ???, දශක ගණනක් වෙළදාමේ සිටින එදිරිසිංහලට මෙය දැන ගැනීමට ලැබුනේ නැතිද ?? ETI එකේ තිබු රත්‍රන් සුන්දරම් අත්පුදනාදම් (Sundaram Atputhanathan) ගෙන ගියේ කෙසේද , සේප්පු කඩලා ද ? එදිරිසිංහ ආරක්ෂක අංශ වලට මොකද වුනේ .එදිරිසිංහලා සුන්දරම් අත්පුදනාදම් (Sundaram Atputhanathan) ට එරහිව ගොත ඇති කථාව පළමු පන්තියේ ළමයකුගේ රචනාවක් වැනිය.

වසර ගණනාවක සිට විශේෂයෙන්ම වසර 2006 සිට සුන්දරම් අත්පුදනාදම් (Sundaram Atputhanathan) ගෙන් රුපියල් මිලියන ගණනක් ණයට ගෙන ඇති බවත් , එදිරිසිංහ පවුල ETI ප්‍රශ්නය නිර්මාණය කර ,දබුලු ගිහින් තලගොයින් ද මරාදැමීමේ ක්‍රියාවක නිරත වන බවයි . මෙයින් බලවත් කම්පනයට පත් සුන්දරම් අත්පුදනාදම් (Sundaram Atputhanathan) මේ වනවිට අසනීප තත්වයෙන් පසුවන බව අපට වාර්තාවිය . අප සුන්දරම් අත්පුදනාදම් (Sundaram Atputhanathan) හට දුරකථ ඇමතුමක් ලබා දුන්නද ? සම්බන්ධ කරගැනීමට නොහැකි විය.

පසුගිය කාලය පුරාවටම මෙවැනි අක්‍රමිකතා සිදුවූ අතර, EAP Broadcasting සහ EAP Films and Theatres ආයතනද කොටස් වෙළද පොළ හරහා නැතිවී ගිය තම ධනය රැස් කරගැනීමට මෙවනවිටත් පිබුරුපත් සකසා අවසානය. රජය තවමත් නිදිය , මහා බැංකුවත් නිහඩය.කොටස් වෙළදපොල අන්ධ වී ඇත ඕනෑම හොරකුට ඇතුල් වී මුදල් සොයාගෙන යනතැනක් බවට පත්වී හමාරය.අවශ්‍ය වන්නේ හොද කෝට් කිට් එකක් පමණි.මේ සදහා මේ වන විටත් එදිරිසිංහලා තම රුපවාහිනී සහ ගුවන්විදුලි මාධ්‍ය ආයතන රජයේ ගණිකාවන් බවට පත් කර හමාරය,රජයට අවශ්‍ය වන්නේ එවැනි මාද්‍ය ගණිකාවන්ය එනිසා ඉදිරියේදී EAP Broadcasting සහ EAP Films and Theatres යන ආයතන කොටස් වෙළද පොළ හරහා රුපියල් බිලියන ගණනක් සොයනු ඇත.

Published on: Mar 28, 2018- සමාජ ජාල අවහිර කරමින් ආණ්ඩුවේ නොහැකියාව වසා ගැනිමට නොහැකි වු වත්මන් ආණ්ඩුව පාතාලය රටේ හිස ඔසවා ඇති බව පෙන්වමින් ආණ්ඩුවට එරෙහිව සමාජ බලගන්වන වෙබ් සහ සමාජ් ජාලා ක්‍රියාකාරින් භීතීයටට පත්කිරිමේ මෙහෙයුමක් දියත් කරමින් සිටින බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

රට පුරාම පාතාලය හිස ඔසවා ඇති බවත් පාතාල මැරයන් ගෝඩ් ෆාදර්ලා කිරිමට දේශපාලකයින් සහ වත්මන් ආණ්ඩුව සමග ඉතාමත් සමිපයෙන් කටයුතු කරන විද්යුත් මෙන්ම මුද්‍රිත මාධ්‍ය රැසක් ඒ පසුපස සිටින බවත් ඔහුන්ගේ එකම අරමුණ වි ඇත්තේ පාතාල ක්‍රියාකාරකම් උලුප්පා දක්වමින් රටේ මුලික ප්‍රශ්ණ අමතක කිරිමත් ආණ්ඩුවට එරෙහිව පෙල ගැසෙන සමාජ් ක්‍රියාකාරින් භීතියට පත් කිරිමත් බවයි මේ වනවිට අනාවරණය වි ඇත්තේ.

රටපුරා පාතාලය ක්‍රියාත්මක බවත් ආණ්ඩුවට හිසරදයක්ව ඇති වෙබ් කාරයන්ට වැඩක් දි එම ඝාතනය පාතාලය සමග බද්ධ කර ආණ්ඩුවට ලේසියෙන්ම අත පිහදා ගත හැකි බව පෙරේදා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයෙකු සිය පෞද්ගලික ලේකම්වරුන් සමග පවසා ඇති අතර අදාළ අමාත්‍යවරයා පසුගිය කාලසිමාවේ සමාජ ජාල සහ වෙබ් හරහ දැඩි ලෙස පහර කැමට ලක්වු කලක් මැර දේශපාලන ප්‍රවාහය නියෝජන කල අයෙකු වේ.

මේ වන විට රට තුළ නිර්මාණය වී ඇති පාතාල ක්‍රියාකාරකම් සහ ඔවුන් හා සබැඳි දේශපාලන සබඳතා පිළිබඳව හෙළිදරවු වී ඇති අතර මේ වන විට ඩුබායි සිට පාතාල ක්‍රියාකාරකම්වල නිරත මධුෂ් නැමැත්තා සහ වත්මන් ආණ්ඩුවේ දේශපාලන ප්‍රබලයෙකු අතර සම්බන්ධතාවයක් පිළිබඳවද හෙළිදරවු වෙමින් ඇතැයි වාර්තා වෙයි.

එකී දේශපාලන සබඳතාවය නිසාම මාතර දිස්ත්‍රික්කයේ වැලිගමින් පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මධුෂ්ගේ ගෝලයන්ට තරග කිරීමට ලැබී තිබේ.මීට අමතරව තවත් ආණ්ඩුවේ සහ විපක්ෂයේ දේශපාලනඥයන් ගණනාවක් සමගම අදාළ පාතාල කල්ලි නායකයන් රහසිගත සබඳතා පවත්වාගෙන යමින් ඇතැයි ද විවේචන එල්ල වේ. පසුගියදා පොලිස් මූලස්ථානයේ උසස් පොලිස් නිලධාරියෙකු ද පාතාලය හා දේශපාලනය අතර ඇති සබඳතා පිළිබදව මාධ්‍යයට හෙළිදරවු කොට තිබිණි.

Published on: Mar 27, 2018 – වසර 15ක පමණ කාලයක් හන්තාන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය අක්කර 148කට අධික හන්තාන රක්ෂිතයේ අක්කර 14ක ප්‍රමාණයක් බලහත්කාරයෙන් සහ ව්‍යාජ අන්දමින් ආණ්ඩුවේ ප්‍රබලයෙකු හොටල් ව්‍යාපෘතියක් සදහා පවරා ගැනිමට කටයුතු කරමින් සිටින බවට 2047 වසරේ ඔක්තෝබර් 20 වැනිදා අනාවරණය කල අතර හදිසියේම පසුගියදා පොලිස් ආරක්ෂාවද සහිතව පැමිනී ආණ්ඩුවේ ප්‍රබලයාගේ හෙංචයි මැර කණ්ඩායමක් මෙම විහාරස්ථානය සම්පුර්ණයෙන්ම විනාශයට පත්කර දමා තිබේ.

මෙම විහාරස්ථානයේ කුටි , දාන ශාලාව , බුද්ධ මන්ධිරය , බෝදීන් වහන්සේ ඇතුළුව සියල්ල ප්‍රදේශවාසී දායක දායිකාවන්ගේ ආධාර උපකාර මත ගොඩ නගන ගොඩනැගිලි රැසක් මැර කණ්ඩායම විසින් විනාශ කර දමා තිබේ.

විහාරස්ථානයක් බිමට සමතලා කල නරුමයින් කුට ලේඛන යොදා දමා තිබු නඩුවද පසුගියදා උසාවියෙන් ඉල්ලා අස්කර ගෙන ඇත්තේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මේ පිළිබද නීතිමය ක්‍රියාමාර්ග වලට එලබීමත් සමගය.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මෙම ඉඩම් වංචාව සම්බන්ධව පිටු 8 කින් යුතු මුලික විමර්ශන වාර්තාවක් සිදු කර බාරදීමට කටයුතු කල අතර  මේ සම්බන්ධව කුපිතවූ වංචනිකයින් දේශපාලන මෙදිහත්වීම යොදා පරීක්ෂණ සිදුකරන ඉඩම් ප්‍රති සංස්කරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාව ඉවත්කිරීමට වෙහෙසක් දරමින් සිටී.

ඉඩම් කොල්ලකරුවන් හන්තාන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය විනාශ කර දමා තිබු අයුරු..

2008 වසරේ දී ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ හා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ අවසරය මත ආරම්භ කල හන්තාන ජාත්‍යන්තර බෞද්ධ පුස්තකාල විහාරස්ථානය ආරම්භ කරන ලද අතර පසුව 2017/04/26 වන දින නිකුත් කරනලද ගැසට් පත්‍රයෙන් මෙම ඉඩම පෞද්ගලික හිමිකරුවෙකුට පවරා ඇත්තේ කිසිදු වග විභාගයකින් තොරව වන අතර එම පුද්ගලයා විසින් අවස්ථා ගණනාවකදි මැර කණ්ඩායම් යොදා ස්වාමින්වහන්සේලා භීතියට පත්කිරිමට කටයුතු කල අතර පසුව එම මැර තර්ජන වලින් භීයට පත් කිරිමට නොහැකි විමත් සමග අවසානයේ විහාරස්ථානය ඉලක්ක කර මැර ප්‍රහාරය එල්ල කර සියලුම ගොඩනැගිලි විනාශ කර දමා තිබේ.

අදාළ ඉඩම 1987 වර්ෂයේදි එවකට ජනාධිපතිව සිටි ජේ.ආර් ජයවර්ධන මහතා විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් හරහා නිවාස අධිකාරියට පවරා දුන් අතර වත්මන් යහපාලනය බලයට පත්විමත් සමග ඉතාමත් කූට ආකරයට එම ඉඩමේ අක්කර 14ක ප්‍රමාණයකට හොර ඔප්පුවක් සාදා නිවාස අධිකාරියට පවරා දුන් ඉඩමක් පවරා ගැනිමට නෛතීක බලයක් නොමැතිව තිබියදි විශේෂ ගැසට් පත්‍රක් හරහා එම කොටස හොටල් ව්‍යාපෘතියක් සදහා පවරාදිමට කටයුතු කරමින් සිටි.

මහනුවර හන්තාන බෞද්ධ ධර්ම පුස්තකාල විහාරස්ථානය සහිත පුජා භුමිය කුට ලේඛන තුලින් හෝටල් ව්‍යාපෘතියකට බිලියන ගණනකට විකිණීමට දරන උත්සාහය පිලිබදව රට හමුවේ අපි අවස්ථා ගණනාවකදි හෙළි කල අතර ඉඩම් පති සංස්කරණ කොමිෂන් සභාවේ විමර්ශනය තුලින් ද මෙම කරුණු අනාවරණය වී ඇත.

මෙම හොර ඔප්පුවේ නම සහිත හිමි කරු සිටින්නේ ඉතාලියේ බවත් මේ ක්‍රියාන්විතය සිදු කරන්නේ ඇටෝනි බලපත්‍රයකින් වන අතර එය කිසි වෙකු දැක නැති විම මවිතයට පත්වන කාරණයකි.

මේ වනවිට මුලික විමර්ශන කමිටු නිලධාරී නීතීඥ BAW අබේවර්ධන මහතා මෙම සියලු කරුණු හෙළිකර ඇති අතර මේ වනවිට ඔවුන්ටද මැරයින් තර්ජනය කරමින් සිටී.

අප මිට පෙර කල අනාවරණය ……..

http://198.211.112.164/archives/16068

මුලික විමර්ශන නිළධාරි  BAW අබේවර්ධන මහතාගේ වාර්තාව …

Published on: Mar 23, 2018- http://198.211.112.164 වෙබ් අඩවිය හරහා පසුගියදා අප කල අනාවරණය “රුසියානු කෙල්ලන් සමග හුරතල් වි BMW ඇලට දැමු VVIP පුත්‍රයා කවුද?” පුවතට සමාජ ජාලා හරහා 10.8k Shares තිබු link එක සමාජ ජාලා  කෝටි ගණනක් මුදලක් වැය කර ඉවත් කිරිමට කටයුතු කර ඇති අතර පසුගිය කාලසිමාව තුල ආණ්ඩුව විසින්ම ඇතිකල ජාතිවාදයට මුවාවෙන් උදුරාගත් තොරතුරු දැන ගැනිමේ ජනතාවගේ අයිතියට මරු පහරක් මේ හරහා එල්ල කර තිබේ.

මේ වනවිට “රුසියානු කෙල්ලන් සමග හුරතල් වි BMW ඇලට දැමු VVIP පුත්‍රයා කවුද?” යන පුවතට අදාල link එක වන http://198.211.112.164/archives/17741 සමාජ ජාලා ( Facebook) හරහා Shares කිරිමද අවහිර කර තිබේ.

දැන් ප්‍රශ්ණය වෙනම එකකි පසුගියිදා සිරිසේන -රනිල් කල්ලිය දිගන,තෙල්දෙණිය ප්‍රදේශයේ රාජ්‍ය ත්‍රස්තවාදය යොදා ගනිමින් ජාතිවාදය අවුස්සා එය දඩමිමා කරගනිමින් සමාජ ජාලා ( Facebook) සතියක පමණ කාලයක් අවහිර කරමින් නැටු ජොගිය දැන් තහවුරුය. සිරිසේන-රනිල් පන්නයේ දැක්මක් නොමැති නොහැකියාවෙන් පෙලෙන උන්ගේ සුපුරුදු මාධ්‍ය වාරණ ජුන්ටාව මේ හරහා තහවුරු වෙමින් තිබේ.

අපවිසින් අනාවරණය කළ සහ ප්‍රශ්ණ කල “රුසියානු කෙල්ලන් සමග හුරතල් වි BMW ඇලට දැමු VVIP පුත්‍රයා කවුද? ඇත්ත වහන්න හැදුවොත් CCTV දර්ශණ එලියට දානවා…” පුවතින් කිසිවෙකුගේ නමක් ගමක් හෝ අනාවරණය කර නෑ. සියල්ලටම වඩා රටේ ජනතාවගේ බදු මුදල් කබාසිනියා කරමින් රටම විකුණනා අම්බරු දේශපාලකයින් පිළිබඳව අනාවරණය කිරිම රටේ ජාතිවාදයට උඩ ගෙඩි දෙන්නක්ද?… නැත. ඒ අනුව තමන්ගේ පැවැත්ම වෙනුවෙන් තමට එරෙහි මතවාදය මුදලට ගැනිමට නොහැකි නම් එය වෙනත් අකාරයකට හෝ මර්දණය කිරිම ආණ්ඩුවේ යාන්ත්‍රනය බවට පත්කරගෙන තිබේ.

අවස්ථා ගණනාවක lankanewsweb.today වෙබ් අඩවිය තහනමට ලක්කිරිමට කටයුතු කල අයුරු අපගේ පාඨකයන්ට අමතක් නැත.කුප්ප, තුප්පහී දේශපාලන කරන පාලකයන් වටේ සිටින අට පාස් නැති අවලං හැතිකරයට අප මේ මොහොතේ දැඩි ලෙස අනතුරු අගවා සිටින්නට කැමතිය.ඒ ඔබලාගේ වලවල් ඔබලා විසින් කපාගෙන අවසන් බවය. සමාජ ජාලා තහනම් කිරිමට කටයුතු කල අවස්ථාවේ ඒ වෙනුවෙන් පෙනී සිටි මුදලට කඩේ යන අමනයන්ද මේ ක්‍රියාවලිය හරහා පාඩමක් ඉගෙන ගත යුතුය. එනම් ආණ්ඩුවේ ජාතිවාදය,ආගම් වාදය හෝ වෙනත් ඔනෑම වාදයක් යොදවා ගන්නෙ තමන්ගේ පැවැත්ම වෙනුවෙන් මිස වෙනත් කරුනක් වෙනුවෙන් නොවන බවය.

සටහන…

අදාල පුවත් සමාජ ජාලා ( Facebook) මගින් ඉවත් කිරිම සදහා භාවිතා කර ඇති උපක්‍රම පිළිබඳව අප මෙ වනවිට අදාල ප්‍රධානින්ගෙන් විමසා ඇති අතර ඊට එරෙහිව කඩිනමින් පියවර ගැනිමට අප කටයුතු කරන බවද දැනුම් දෙමු.

Top