Published on: Mar 22, 2018- අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාව පාර්ලිමේන්තුවේදී සාර්ථක කර ගැනීමට හැකි වුණොත් නව අග්‍රාමාත්‍යවරයා ලෙස නීතිය,සාමය සහ රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා පත් කිරීමේ සැලසුමක් රනිල් විරෝධී පිළ මේ වන විට ක්‍රියාත්මක කරමින් සිටින බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සමෘද්ධි අමාත්‍ය එස් බී දිසානානයක මහතාගේ නිවසේදී පසුගිය (19) රාත්‍රියේ හමුවී මේ සම්බන්ධයෙන් ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංගයේ ප්‍රගතිය සහ ඉදිරි දේශපාලන උපාය උපක්‍රම පිළිබඳව ද දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කර ඇති අතර එහිදි අග්‍රාමාත්‍ය ධූරය සඳහා රංජිත් මද්දුමබණ්ඩාර මහතා පත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ද මේ වන විටත් සිය එකඟතාවය පළ කර තිබේ.

ඒ අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංගය සාර්ථක වුණොත් අග්‍රාමාත්‍ය ධුරය ඒකාබද්ධ විපක්ෂයට යාම වැළැක්වීම මෙම මෙහෙයුමේ එකම අරමුණ වි තිබේ.

මද්දුමබණ්ඩාර,මෛත්‍රී අතර ඩිල් එකක්??

රංජිත් මද්දුම බණ්ඩාර යනු මීට කලකට පෙර දී එ. ජා. ප. ය තුළ රනිල් වික්‍රමසිංහ නායකත්වයෙන් ඉවත් කිරීමට දියත් කළ රනිල් විරෝධී ව්‍යාපාරයක ප්‍රබල චරිතයක් වන අතර ඔහුට පසුගියදා හදිසියේම ජනපති සිරිසේන විසින් නීතිය හා සාමය අමාත්‍ය ධූරය ලබාදිමටද කටයුතු කළා.

තමන්ට පාලනය කළ හැකි පුද්ගලයෙකුට නීතිය හා සාමය අමාත්‍ය ධූරය ලබා දීම ජනාධිපති සිරිසේනගේ අභිප්‍රායා වී තිබු අතර දැන් දැන් ගේම් එක වෙනත් අතකට යොමු වෙමින් තිබේන බවයි අප දේශපාලන වාර්තාකරු සදහන් කළේ.

එලියේ විස්වාසභංගයට කෑ ගහන අය ශ්‍රිලනිප මධ්‍යම කාරක සභාවේ තටමයි…

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කිරීමට යන විශ්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් 20 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා සහ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම්දී කිසිදු සාකච්ඡාවක් සිදුවී නෑ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශවාස භංග යෝජනාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත්සන් එකතු කිරීමේ වගකීම භාර ගෙන සිටින සමෘද්ධි අමාත්‍ය එස් බී දිසානායක සහ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර යන මහත්වරුන් ද මේ අවස්ථාවට එක්ව සිටියත් ඒ අයද මේ සම්බන්ධයෙන් කිසිදු අදහස් දැක්වීමක්,එහි ප්‍රගතිය වාර්තා කිරීමක් හෝ යෝජනා ඉදිරිපත් කිරීමක් කර නොමැති අතර විශවාස භංග යෝජනාව සාර්ථක කර ගැනීම සඳහා ඇප කැප වී ක්‍රියා කරන විද්‍යා සහ තාක්ෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ද මේ රැස්වීම්වලට සහභාගී වී නොමැත.

ශ්‍රිලනිප+එජාප වෙනම ආණ්ඩු සෑදිම සම්බන්ධයෙන් අප කල අනවරණය…..

http://198.211.112.164/archives/14608

http://198.211.112.164/archives/16587

 

Published on: Mar 20, 2018- 2020 ජනාධිපති සටනට හිටපු හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේක පොදු අපේක්ෂකයා ලෙස ඉදීරිපත් විමට සුදානමක් පවතින බැවින් ඔහුට එක්සත් ජාතික පක්ෂය අත්හැර යැමට නොහැකි වන ලෙස තනතුරක් ලබාදිමට කටයුතු කලයුතු බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යෝජනාවක් කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

2020 ජනාධිපතිවරණයේදි පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරිම සදහා රනිල් පාර්ශවය සහ මහින්ද පාර්ශවය වෙන වෙනම මේ වනවිට මෙහෙයුම් දියත් කරමින් සිටින අතර ඒ සදහා එජාපය හරහා වැඩි ඉඩක් ලැබි ඇත්තේ 2010 වසරේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වු සරත් ෆොන්සේකා ට වන අතර ඒ අනුව සරත් පොදු අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් කලහොත් ශ්‍රිලනිපය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ තොරා ගැනිමට ඉඩ ඇති බවත් වැඩි දේශපාලන අත්දැකිම් සහ යුධ ජයග්‍රහණයේ 50% -50% බෙදි යැමත් විශේෂන්ම සුලු ජාතික ඡන්ද සරත් ෆොන්සේකා තොරා ගැනිමත් හේතුවෙන් පහසුවෙන්ම ජයගැනිමට හැකි වනු ඇති බවද එජාපයේ රනිල් පිළේ අදහස වි තිබේ. සියල්ලටම වඩා මේ වනවිට අලු යට නලියමින් තිබේන එජාප නායකත්ව ගිනී පුපුරු ඉවතට පැමිණිම නතර කර ගැනිමට හොදම විකල්පය සරත් ෆොන්සේකා පොදු අපේක්ෂකයා ලෙස පෙන්විම බවයි රනිල් පිළේ අදහස වි ඇත්තේ.

පසුගිය දිනකිහිපය තුල රනිල්ගේ සිවිල් සංවිධාන බලකාය එලියට දමා ජනාධිපතිවරයා පතොලයෙකු ලෙස සමාජ ගත කිරිමට මාධ්‍ය හරහා විවිධ දේශන පැවැත්විමට කටයුතු කල අතර එහිදි “යහපාලන” ආචාර්ය දඹර අමිල හිමියෝ මෛත්‍රී පතුරු ගැසිමට කටයුතු කල අතර මේ වනවිට සරත් ෆොන්සේකා 2020දි ජනාධිපති අපේක්ෂක කරවිමේ සටනේ මුලිකයා ලෙස දඹර අමිල හිමියෝ කටයුතු කරමින් සිටින බවද අනාවරණය වි තිබේ.

අනාගත එජාප නායකයා අනාත කල කමිටු වාර්තා…..

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ සභාපති සහ මහා ලේකම් ඇතුළු සියලුම ප්‍රධාන තනතුරු වහාම ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය විය යුතු යැයි, එම පක්ෂයේ ප්‍රතිසංවිධානය කෙසේ සිදු විය යුතු ද යන්න සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම සඳහා පත් කළ රුවන් විජයවර්ධන කමිටු වාර්තාව මගින් නිර්දේශ කර තිබේ.

මිට අමතරව එක්සත් ජාතික පක්ෂයේ ඊළඟ නායකයා කවුරුන්ද යන්න පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයේ විශේෂ මහා සම්මේලනයක් කැඳවා ප්‍රකාශයට පත් කළ යුතු බව පෙන්වා දෙන රුවන් විජයවර්ධන කමිටුව එසේ කළොත් අනාගතයේදී පැහැදිලිව සිදු වන්නේ කුමක් ද යන්න පිළිබඳව ඇති වන අවබෝධය නිසා පාක්ෂිකයින් අතර තිබෙන සැක සංකා,අවිනිශ්චිතා සහ තර්ක විතර්ක පහව යනු ඇතැයි ද විශ්වාසය පළ කර සිටියි.

කෙසේවෙතත් අනාගත පක්ෂ නායකත්වයකට සිහින මවමින් රනිල්ට එරෙහිව දැවැන්ත මඩ ප්‍රහාර දියත් කල සජිත් ප්‍රේමදාස මේ වනවිට පක්ෂයේ නායකත්වය සියතට ගැනිමට පස්සා ගසමින් සිටින බව වාර්තා වේ.ඊට ආසන්නතම හේතුව වි ඇත්තේ රනිල්ගේ කමිටු වාර්තා හරහා පළාත් පාලම මැතිවරණයට පෙර අනාගත නායකයා පෙන්වා එජාප පාක්ෂිකයින්ට සීනී බෝල බෙදා පසුව පළාත් පාලන මැතිවරණයෙන් අපේක්ෂිත ජයග්‍රහණයක් ලබා ගැනිමට නොහැකි විමෙන් පසුව එය දඩමිමා කර ගනිමින් අනාගත නායකය අනාත කිරිමට රනිල් කැස කවමින් සිටින් බව සජිත් පිළේ මතය වි තිබේ.

“යහපාලන” ආචාර්ය දඹර අමිල හිමියෝ….

“ජනාධිපතිවරයා සම්පූර්ණයෙන්ම වග කියන්න ඕනේ මේකට. ඇත්තටම අද දෙකයි පහනේ, පතෝල වර්ගයේ ජනාධිපතිවරයෙක් ඉන්නේ. හරිම කණගාටුයි. අපි ලෝකේ කොහෙවත් දැකලා නෑ මේවගේ පජාත ජනාධිපතිවරයෙක් ඒ කියන්නේ කොන්ද පණ නැති, දෙකයි පනහේ,පතෝල කරල වගේ ජනාධිපතිවරයෙක් ඇත්තටම කියනවා නම්. රටේ නීතිය පවත්වගෙන යාම ප්‍රධාන වගකීමක්. ඒක එයාට කරන්න බැරිනම් යන්න කියල කියන්න තියෙන්නේ. කරතොත් කරපං හරියට නැත්නම් පලයං අහකට කියලා.මුළු රටම විනාශ කරනවා. මුළු රටටම පිළිලයක් වෙලා තියෙන්නේ අද. රට පජාත වෙන තැනට පත් කරලා තියෙනවා. ජාතික සමගිය වනසන තැනට පත් කරලා තියෙනවා.එහෙට වැනෙනවා මෙහෙට වැනෙනවා. කතාවට නම් හරිම දක්ෂයි. නමුත් ක්‍රියාමාර්ග ගන්න බැරි කොන්ද පණ නැති පාලකයෙක්. ”

http://198.211.112.164/archives/17671

වර්තමානයේ ශ්‍රී ලංකාව ලෙස හදුන්වන මේ දිවයින වර්ෂ 1815 දී ගිවිසුමක් මගින් එංගලන්ත කිරීයේ අණසකට යටත් කරගත් අතර පසුව 1818 කැරැල්ලත් සමග ස්වදේශිකයන්ගේ නිදහස තවත් අහිමි විය. එදා සිට ආරම්භ කළ නිදහස් අරගල ප්‍රතිඵලයක් ලෙස 1948 දී ඩොමීනියන් නිදහසත්, 1972 දී එංගලන්ත රාජාධිකරණයෙන් නිදහසත් ලබා ගත්තේ ය.

1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 2වැනි ව්‍යවස්ථාවට අනුව ශ්‍රී ලංකා ජනරජය ඒකීය ජනරජයකි. එමෙන්ම 1978 වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 2වැනි ව්‍යවස්ථාව අනුව ශ්‍රී ලංකා ජනරජය ඒකීය රජයකි. ඒකීය යන්න රටේ පැවැත්ම සදහා බොහෝ වැදගත් බව ශ්‍රී ලාංකිකයෝ බහුතරය සිතති. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති ඉහත ඒකීය යන්න ඉවත්කරගෙන සන්ධීය/ෆෙඩරල් රාජ්‍යයක් බවට පත් කර ගැනීමට උනන්දුවන සහ අරමුණ කරගත් බලවන්තයින් පිරිසක් ඉන්නා බවද රහසක් නොවේ. ඔවුන් සිය අරමුණු එනම් ඒකීය යන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත් කර ගැනීම සදහා දක්ෂ සහ සූක්ෂම උපක්‍රම භාවිතා කරති. මේ ලිපිය ලියවී ඇත්තේ එකී දක්ෂ සහ සූක්ෂම භාවිතයන් කිහිපයක් හදුනාගැනීමට උදව් කිරීමටත් එහිදී ඒකීය බව වෙනුවෙන් පෙනී සිටිමින් බෙදුම්වාදයට රැකුල් දෙන් අය කවුද? යන්නත් හදුනාගැනීමට හැකි වේ.

4(ඉ) ව්‍යවස්ථාවට පළාත් සභා මැතිවරණ ඇතුළත් කිරීමට කටයුතු කරමින් ඒකීය බවට නීතිමය බලපෑම සිදුකළ පළමු අවස්ථාව…..

1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ වර්තමානයේ ක්‍රියාත්මකවන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිවම ශ්‍රී ලංකා ජනරජය ඒකීය රාජ්‍යයක් බව දක්වා ඇත. එසේ වුවත් 2000 පැවති චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිවරියගේ ආණ්ඩුවේ අධිකරණ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු, ජනවාර්ගික කටයුතු සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා සහ මුදල් නියෝජ්‍ය අමාත්‍යතුමා වූ ජී. ඇල්. පීරිස් ඇමතිවරයා 2000 අගෝස්තු මස 03 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරිච්චින්න කොට ඒ වෙනුවට වෙනත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ප්‍රතියෝජනය කිරීම සදහා වූ පනත් කෙටුම්පතේ ඉහත ඒකීය යන්න ඉවත් කර තිබුණි.

එමෙන්ම ඒකීය යන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත් කර එක්සත් යන්න ඇතුළත් කරගත් නීතිමය ලියවිල්ලක් වූයේත් ඉහත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතේ ය.

ඉහත 2000 අගෝස්තු මස 03 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතේ ශ්‍රීලංකාවේ ඒකීය බව අහිමිකරන ව්‍යවස්ථා ගණනාවක් ඇතුළත් කර තිබුණි. ඒ සම්බන්ධව දීර්ඝ ලෙස මෙම ලිපියෙන් සාකච්ඡා කිරීමට අපේක්ෂා නොකළද වැදගත් ව්‍යවස්ථා කිහිපයක් වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමග සංසන්දනය කරමින් සාකච්ඡා කර ඇත.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4.(ඉ), 88 සහ 93 ව්‍යවස්ථා මගින් ඒකීය රටක පවත්වන මැතිවරණ දක්වා ඇති අතර 2000 අගෝස්තු මස 03 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතේ 2.(ඉ), 106 සහ 109 ව්‍යවස්ථා මගින් ඒකීය යන්න ඉවත් කළ එක්සත් රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යටතේ පවත්වන මැතිවරණ දක්වා ඇත. එය තවත් හොදින් අධ්‍යයනය කිරීම සදහා එකී ව්‍යවස්ථා පහත දක්වා ඇත.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4.(ඉ), 88 සහ 93 ව්‍යවස්ථා මෙසේ ය. (ඒකීය රටක පවත්වන මැතිවරණ 3ක් පමණක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිගෙන ඇත.)

4 (ඉ) අටළොස් විය සම්පූර්ණ කර ඇත්තා වූ ද, මෙහි මින් මතු විධිවිධාන සලස්වා ඇති පරිදිඡන්දහිමියකු වීමට සුදුසුකම් ලැබ තමාගේ නම ඡන්දහිමි නාමලේඛනයේ ඇතුළත් කරනු ලැබ සිටින්නා වූ ද, සෑම පුරවැසියකු විසින් ම ජනරජයේ ජනාධිපතිවරයා තෝරා පත් කිරීමේ ඡන්ද විමසීමේ දීද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් තෝරා පත් කිරීමේ මැතිවරණයේ දීද, සෑම ජනමත විචාරණයක දීද ඡන්ද බලය ක්‍රියාත්මක කළ හැකි විය යුතු වන්නේ ය.

  1. මතු දැක්වෙන විධිවිධාන අනුව ඡන්ද බලය අහිමි වේ නම් මිස, සෑම තැනැත්තෙක් ම ජනාධිපතිවරයා තෝරා පත් කිරීමේ ඡන්ද විමසීමේ දීසහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් තෝරා පත් කිරීමේ මැතිවරණයේ දීඡන්ද හිමියකු වීමට හෝ යම්කිසි ජනමත විචාරණයක දීඡන්දය දීමට හෝ සුදුස්සෙක් වන්නේ ය:

එසේ වුව ද, එවැනි කිසිම තැනැත්තකුට ඔහුගේ නම උචිත ඡන්දහිමි නාමලේඛනෙයහි ඇතුළත් කර ඇත්නම් මිස ඡන්දය දීමට හිමිකම නොලැබිය යුත්තේ ය.

 

  1. ජනරජයේ ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් තෝරා පත් කර ගැනීම සඳහා ද, ජනමතවිචාරණවල දීද, ඡන්දය දීම නිදහස්ව ද, සමානව ද, රහසේ ද, විය යුත්තේ ය.

ඒ අනුව 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4.(ඉ), 88 සහ 93 ව්‍යවස්ථා මගින් ඒකීය රටක පවත්වන මැතිවරණ 3ක් පමණක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිගෙන ඇත. එනම් ජනමතවිචාරණය, ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය ඒකීය රටක පිළිගෙන ඇති මැතිවරණය 3 වේ.

ඒකීය යන්න ඉවත් කර තිබූ ජී. ඇල්. පීරිස් ඇමතිවරයා 2000 අගෝස්තු මස 03 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතේ 2.(ඉ), 106 සහ 109 ව්‍යවස්ථා අධ්‍යයනය කිරීමේදී පවත්වන මැතිවරණ මගින්ද රටේ ඒකීය බව බිදහෙළා ඇති බව සනාථ වේ. එනම් ඒකීය බව බිද හෙළන පළාත් සභා මැතිවරණ සහ පළාත් පාලන මැතිවරණද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පිළිගන්නා මැතිවරණ බව එකී 2000දී යෝජනා කර  තිබූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතේ දක්වා තිබුණි. ඒ මෙසේ ය.

2000 අගෝස්තු මස 03 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතේ 2.(ඉ), 106 සහ 109 ව්‍යවස්ථාවල ඇතුළත් නමුත් 1978 වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ   පළාත් සභා මැතිවරණය 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණයේ 2.1 බෙදුනු තීරණය මගින් වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4.(ඉ), 88 සහ 93 ව්‍යවස්ථා මගින් පිළිගෙන නැති පළාත් සභා මැතිවරණද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පිළිගන්නා මැතිවරණ බව තීරණය කර ඇත. එකී 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණයේ 2.1 බෙදුනු තීරණය වෙනත් පූර්ණ විනිශ්චය සභාවකි ඉදිරියේ නැවත සාකච්ඡා කළ යුත්තේ ඒ සම්බන්ධ විවාදයේ දී 2000 අගෝස්තු මස 03 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතේ 2.(ඉ), 106 සහ 109 ව්‍යවස්ථාවල විධිවිධාන සාකච්ඡා කිරීමක් කර ඇති බව‍ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ නොදැක්වෙන බව 2017 සැප්තැම්බර් 19 දින හැන්සාඩ් වාර්තාව අනුව පැහැදිලිවන හෙයිනි. (මේ සම්බන්ධව වැඩි දුර හැදෑරීම සදහා කර්තෘ විසින් රචිත 4(ඉ) ව්‍යවස්ථාවට පළාත් සභා මැතිවරණ ඇතුළු කිරීමෙන් රටේ ඒකීය බව බිද වැටෙයිද?කෘතිය කියවන්න. (ISBN 978-955-98639-6-0)

ඒ අනුව ඒකීය බව පිළිබද පෙනී සිටින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශාරදයින් ඒකීය බව අහිමි කර තිබූ 2000 අගෝස්තු මස 03 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතේ 2.(ඉ), 106 සහ 109 ව්‍යවස්ථාවල ඇතුළත් ආකාරයට වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවද අර්ථ දක්වමින් තිබේ. එය ඒකීය රටක පැවැත්මට බරපතල තර්ජනයකි.

1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත සංශෝධනය කරමින් මුල් අවස්ථා ස්ථිර ත්‍රී පුද්ගල මහාධිකරණ කොළඹදී නඩු විභාග කිරීමද රටේ ඒකීය බව ආරක්ෂා කිරීමකි…..

මහාධිකරණයක් යනු මුල් අවස්ථා අධිකරණයකි. මහාධිකරණ පිහිටුවා ඇත්තේ අධිකරණ සංවිධාන පනත සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 යටතේ ය. එවැනි මහාධිකරණවලින් රටේ ඒකීය බවට හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට තර්ජනයක් එල්ල කරන්නේ නැත. 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් පිහිටුවා ඇති මහාධිකරණය යනු අධිකරණ සංවිධාන පනතෙන් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 යටතේ ගැනෙන මහාධිකරණයක් නොව අභියාචනා සහ ප්‍රතිශෝධන අධිකරණ බලය සහිත පළාතේ මහාධිකරණ වේ. එනම් පළාත් සභා සහ පළාතේ මහාධිකරණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරමින් පිහිටුවන අධිකරණ වූ හෙයින් එවැනි ආයතන පිහිටුවීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමක් වූ හෙයින් පාර්ලිමේන්තුවේ 2/3ක ඡන්දය තිබිය යුතු බවට පළාත් සභා සහ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාල ශ්‍රේෂ්ඨාධිකරණ 5.4 බෙදුනු තීරණයෙන් පිළිගෙන තිබුණි.

ඉහත නීතිමය කාරණා ගැඹුරෙන් හැදෑරීමේදී/ අධ්‍යයනය කිරීමේදීඅධිකරණ සංවිධාන පනත සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 යටතේ ගැනෙන මහාධිකරණ කොළඹ පිහිටුවීමට එරෙහිවිය හැක්කේ ඒකීය බවට එරෙහි වන්නන්ට බව පෙනීයයි. වාණිජ මහාධිකරණය, අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය කොළඹ දී නඩු විභාග කරමින් රටේ ඒකීය බව මැනවින් ස්ථිර කරදීදී සහ ආරක්ෂා කරද්දී අල්ලස් සහ දූෂණයට අදාලව ආර්ථික අපරාධවලට අදාල නඩු පමණක්, පවතින නීතිය යටතේ කෙළඹදී මුල් අවස්ථා මහාධිකරණයකදී නඩු විභාග කරවිමට එනම් මුල් අවස්ථා ස්ථිර ත්‍රී පුද්ගල මහාධිකරණ  මගින් නඩු විභාග කරවීම වරදක් වන්නේ හෝ රටට එරෙහි වීමක් වන්නේ කෙසේද? යන්න විසදා ගත යුතුය.

නීතිඥ අරුණ ලක්සිරි උණවටුනB.Sc(Col),PGDC(Col)

E Mail : arunaunawatuna@gmail.com

Published on: Mar 15, 2018- ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති උදය රොහාන් ද සිල්වා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 120 සහ 121 ව්‍යවස්ථා යටතේ 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම සදහා වූ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුලත් කිරීම සම්බන්ධ කාරණාව සම්බන්ධව එහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධීභාවය දක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරමින් එකී පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බවත් එසේ හෙයින් පක්ෂව දෙන ලද ඡන්ද සංඛ්‍යාව (නොපැමිණි මන්ත්‍රීවරයන් ද ඇතුළුව) මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකට අඩු නොවේ නම් ද, ජනමත විචාරණයක දී එය ජනතාව විසින් අනුමත කොට ඇත්නම් ද, 80 වැනි ව්‍යවස්ථාවට අනුකූලව ජනාධිපතිවරයා විසින් එහි සහතිකයක් ස්වකීය අත්සන ඇතිව සටහන් කොට ඇත්නම් ද, ඒ පනත් කෙටුම්පත නීතිය බවට පත් විය යුතු බවට සිය පෙත්සමේ කරුණු දක්වා ඇත.

1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම සදහා වූ පනත්   කේටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10, 12, 13, 14 වන ව්‍යවස්ථා වලට පටහැනි බවත්, එමෙන්ම 3 සහ 4 ව්‍යවස්ථාවලට බලපෑමෙන් 83 ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකට නොඅඩු සංඛ්‍යාවක් සහ ජනමත විචාරණයක දී එය ජනතාව විසින් අනුමත කළ යුතු බවට ජනාධිපති නීතීඥවරයා කරුණු දක්වා ඇත.

නීතීඥ සංගමයේ සභාපතිවරයා සිය පෙත්සමෙන් මතු කර ඇති එකී 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම සදහා වූ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකට නොඅඩු සංඛ්‍යාවක් සහ ජනමත විචාරණයක දී එය ජනතාව විසින් අනුමත කළ යුතු බවට දක්වා ඇති පෙත්සම පහත සදහන් නීතිමය කreණුහේතුවෙන් පිළිගත නොහැකි සහ හෝ නීතියට පටහැනි සහ/හෝ නීතිය නොමග යවාගෙන ඉදිරිපත් කර ඇතිපෙත්සමක් බවට අරුණ ලක්සිරි උණවටුන විසින් මැදිහත් වීමේ පෙත්සමක් ඉදිරිපත් කරමින් කreණු දක්වා ඇත.

1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම සදහා වූ පනත් කෙටුම්පත සම්බන්ධව නීතීඥ සංගමයේ සභාපතිවරයා කියන ආකාරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10, 12, 13, 14 වන ව්‍යවස්ථා වලට පටහැනි බවට වන නීතිමය තත්ත්වය නිවැරදි නොවන බවත්, එමෙන්ම යෝජිත ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය තවත් එක් මුල් අවස්ථා අධිකරණයක් බවත් එහි නඩු කටයුතු විභාග කිරීම ව්‍යවස්ථාවේ 10, 12, 13, 14 වන ව්‍යවස්ථා වලට පටහැනි වන එමෙන්ම 3 සහ 4 ව්‍යවස්ථාවලට බලපෑමෙන් 83 ව්‍යවස්ථාවට පටහැනි වන්නේ නම් වර්තමාන නීතිය යටතේ පවතින මුල් අවස්ථා අධිකරණවල සිදු වන නඩු කටයුතු පවා බලවත් අර්බුදයට යන බවත් මැදිහත්වන පෙත්සම්කරු සිය පෙත්සමෙන් දක්වා ඇත.

වරදක ස්වභාවය සහ අවස්ථානුගත කරුණු; වරදක බැරෑරුම්කම; වරදක සංකීර්ණ බව;වරදක් නිසා වින්දිතයා මත වන බලපෑම; හෝ වරදක් නිසා රජය මත වන බලපෑම සැලකිල්ලට ගෙන, යුක්තිය ඉෂ්ට කිරීම අරභයා සහ මහජන සහ ජාතික යහපත අරභයා, ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයෙහි අපරාධ නඩු කටයුතු පවරනු ලැබීම ඒවා මගින් ඉහත ආකාරයේ සහ ස්වභාවයේ නඩු කටයුතු විභාග කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3, 4ඈ, 10, 12,13,14, 23, 24, 27, 28, 75, 105, 106,ව්‍යවස්ථාවලට අනුකූල වන තත්ත්වයක් බවත් මැදිහත්වන පෙත්සම්කරු සිය පෙත්සමෙන් දක්වා ඇත.

එකී පෙත්සම මෙසේ ය…..

මහනුවර ජාතිවාදී ගිනිදැල් උත්සන්න වත්ම එක්සත් ජාතීන්ගේ දේශපාලන කොමසාරිස් ජෙෆ්රි ෆෙලෙට්ම්ර් ශ්‍රී ලංකාවේ දින 3ක සංචාරයක යෙදුනේය. මාර්තු මස 8 වන දින ඔහු කොළඹට සැපැත් වූයේය. රඛායන් ප්‍රදේශයේ මුස්ලිම් ජනතාවට එරෙහි ප්‍රහාර තිව්ර වෙත්ම ජෙෆ්රි ෆෙලෙට්ම්ර් මේ ආකාරයෙම සංචාරයක් මියන්මාරය තුලද කලේය. එය සිදුවූයේ පසුගිය වසරේය. 2017 මාර්තු 12 දින මියන්මාරයට එරෙහිව ඒ.ජා සංවිධානයට යෝජනාවක් ඉදිරිපත් විය . නමුත් චීනය සහ රුසියාව ඊට එරෙහි වීම හේතුවෙන් ගෙන ආ යෝජනාව උඩින්ම පරාජය විය . මියන්මාරය අද එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග ‘අපි තරහයි’ නාටකය රග දක්වමින් සිටියි .මියන්මාරය විසින් එ.ජා නියෝජිතයන්ට සියරටේ දොර දොර වසන්නේ ඒ අනුවය.

ජෙෆ් රි ෆෙලෙට්ම්ර් යනු කවුරුද? මොහු යුදෙව් ජාතිකයෙකි. මොහුට අරාබි භාෂාව මනා ලෙස හැසිරවිය හැකිය . 1985 වර්ශයේදී මොහු අමෙරිකානු විදේශ දෙපාර්තමේන්තුවට බැදුනි. එතැන් පටන් වසර 25 පමන සේවය කලේ මැද පෙරදිගය. අරාබි වසන්තය ව්‍යාපෘතියේ එක් මහ මොලකරුවෙකු වූයේ ජෙෆ්රි ෆෙලෙට්ම්ර්ය. අරාබි වසන්තය පලමු අදියෙර දියත් කිරීමෙන් අනතුරුව ඔහු ඇමෙරිකානු විදේශ සේවයෙන් විශ්‍රාම ගත්තේය. 2009 වසරේ ඔහු එක්සත් ජාතීගේ සංවිධානයට බැදුනේය. එක්සත් ජාතීන්ගේ සංවිධානය තුල ඔහු සේවය කලේ නියර් ඊස්ට් ඩිවිෂන් නොහොත් මැදපෙරදිගය. නියර් ඊස්ට් ඩිවිෂන් එක හරහා අරාබි වසන්තය අති සාර්ථක අවසානයක් දක්වා ‍රැගෙන ගියේය. 2012 වර්ශයේදී එක්සත් ජාතීන්ගේ දේශපාලන කොම්සාරිස් ලෙස උසස් වීමක් ලැබුනේය. ඒ මුස්ලිම් ජනයාට ඔහු කල සේවය ලෝක ව්‍යාප්ත කිරීම උදෙසාය.

ජෙෆ් රි ෆෙලෙට්ම්ර් ලංකාවේ දින 3ක් ගත කලේය. සිරිසේන රනිල්, සම්බන්දන් ,හකීම්, රිෂාඩ්, කබීර් , ෆයිසර් සියල්ලන් මුන ගැසුනේය. කතාව ආරම්භ වන්නේ මෙතැන් සිටය. ආන්ඩුව දැන් ලෝකයට පෙන්වන කථාව මේ ආකාරයට සංශිප්ත කල හැක. දින 7 ක් පුරා මහනුවර වෙලා ගත් දැවැන්ත භීෂනයේ මහා මොල කරු අත් අඩංගුවට ගෙන ඇත. මහසොන් බලකාය නම් අති බිහිසුනු සටන්කාමීගේ අනුත්තර අනදෙන්නා මොහුය.උන්ගෙ ප්‍රමුඛ පෙලේ සටන්කාමීන් සියල්ල අත් අඩංගුවට ගෙන ඇත. මොවුන් අතර පුපුරණ ද්‍රව්‍ය පිලිබද විශේසඥයෙන් කිහිපදෙනෙකුද වෙයි. සයිබර් අපරාධ පිලිබද ජර්මන් සහ චීන විශේසඥයන්ගේද සහාය ලබා ගන්න බවය ලබා ගනිමින් පරීක්ෂණ අති සාර්ථකව ඉදිරියට ගමන් කරයි. සයිබර් විශේසඥයන්ගෙන් සහ ෆේස්බුක් මූලස්ථානයෙන් හෙලිදරව් ලද තොරතුරු අනුව දරුනු සටන්කාමීන් ගනනාවක්ම ඉදිරියේදී අත් අඩංගුවට ගැනීමට නියමිතය. අත් අඩංගුවට පත්වූ සැකකරුවන්ගෙන් 99% ප්‍රධාන ජන වර්ගය නියෝජනය කරන වුන්ය.රාජපක්ෂලාගේ ගම්පෙරලිය සමග මොවුන්ගේ ඇති සම්බන්ධතාවය විශේෂ කන්ඩායමක් විසින් විමර්ෂනය කෙරෙමින් පවතියි


ආන්ඩුවේ වැඩ සටහන මුස්ලිම් සමාජයටත් ආනන්දජනකය. පරීක්ෂණයේ වාර්ථාව පිලිගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයත් ලෑස්තිය. නමුත් මේතරම් ‍රැවටීමක් තවත් වෙත්ද? ආන්ඩුව විසින් අත් අඩංගුවට ගත්තා යයි කියන මහනුවර භීෂණයේ මහා මොලකරු හුජ්ජ කොල්ලෙකි. අති බිහිසුනු සටන් කාමීන් යයි කියන මහසොන් බලකාය කරන්නේ උදේ ඉදන් රෑ වෙනතුරු ෆේස් බුක් කෙටීමය. පැට්‍රොල් බෝම්බ හදන හැටි දැක්වෙන වීඩියෝ ඕනෑ තරම් අන්තර් ජාලයේ ඇත. එවන් වීඩියො ශෙයා කල උන් බෝම්බ විශේසඥයන්ය. පැහැදිලිවම ආන්ඩුව මේ කරන්නේ මුස්ලිම් ජනතාවට කොකා පෑමකි. සමාජ ජාලා වාරණය හරහා සැරසෙන්නේ දවසින් දවස කුජීතවන ආන්ඩුවේ හෙලුව වසා ගැනීමටය. මහනුවර කෝලාහලය දේශපාලන ගෝනි සෙල්ලමකි.

2002 වසරේ චන්ද්‍රිකා රජය පෙරලීම සදහා ඇමක් ලෙස යොදා ගත්තේ මුස්ලිම් ජනතාවයි. මාවනැල්ලේ මුස්ලිම් කෝලාහලය රනිල්ට ආන්ඩුවක් හදා දුන්නේය . එය මෙහෙයවූයේ මහීපාල හේරත්ය. චන්ද්‍රිකාට බිච් කියා එම්.අයි 17 න් අම්පාරේ ගිය අෂ්රොෆ් නොඑන ගමන් ගියේය. 2014 දී අලුත්ගම කෝලාහලය නැවතත් රනිල්ට ආන්ඩුවක් හදා දුන්නේය .එය මෙහෙය වූයේ චම්පික රනවකය නමුත් සාලවනයේ රිලවා මෙන් ගෝටාබය නිකරුනේ තලා ගත්තේය. 2018 මහනුවර කෝලාහලය රනිල්ගේ නිෂ්පාදනයකි චම්පිකගේ අධ්‍යෂණයකි. ඇහින්දාස් නලු නිලියන්ය. එදා රනිල්ගේ මී මුත්තා දොන් ඒඩ්‍රියන් කොලඹ ලන්දේසි කොටුවේ අණදෙන නිලධාරීයා වූ කර්නල් ඩ්‍රිබර්ග් සමග එක්ව මුස්ලිමුන් මල්වානට පැන්නුවේය . ඒ අගනුවර වෙලදාම පැහැර ගැනීමටය. මෙදා රනිල්ගේ බල සන්නියට බිලි දෙන්නේ මුස්ලිම් ජනතාවය.


ඥානසාර හිමි 2016 වසරේ හෝමාගම නඩුකාරයාට සත්තමක් දැම්මේය. සුද්දගේ නීතිය පිලිගන්නේ නෑ යයි කීවේය. නඩුකාරයාට නීතිය ඉගැන්වීමට ගියේය. එය කෙලවර වූයේ ඥානසාර හිමිට උසාවියට අපහාස කිරීමේ නඩුවක් වැටීමෙනි. තවත් වටයකදී යහපාලන විහාරමහාදේවිය වූ එක්නැලිගොඩ බිරිදට මහපාරේ හිගා කන්න කීවේය. ඥානසාර හිමිට කුරාණයට අපහාස කිරීම සම්බන්ද තවත් නඩුවක් ඇත. උසාවියට අපහාස කිරීම යනු අපරාධ නඩුවකි. එකපිට එක වරෙන්තු ලැබෙන විට ඥානසාරහිමි රෝහලේ සැගවුනේය. රට යෑම තහනම් විය. ඥානසාරහිමි බේරාගත්තේ චම්පික සහ රනිල්ය. හිරේයාමට ඔන්න මෙන්න සිටි ගොන්වස්සා බේරා ගත්තේ ආදරයට නොව 2020 මැතිවරණ කෙත අස්වැද්දීමටය. අප වටහා ගත යුතු සත්‍ය නම් , න්‍යාය ක්‍රියාත්මක කරන හිස ආරක්ෂිතය. උන්ඩය පිට කරන හස්ථය අනාරක්ෂිතය. භූ දේශපාලනයේ ග්‍රවුන්ඩ් රියලිටිය මෙයයි.

ලියුම්කරු කීර්ති රත්නායක

සමාජ මාධ්‍ය ජාලා අවහිර කිරීම විකල්ප මාධ්‍ය පාලනය කිරීමේ ආණ්ඩුවේ වෑයමක් බවත් තවදුරටත් එම තහනම ඉවත් කිරිමට කටයුතු නොකරන්නේ නම් රාජපක්ෂ පාලනය පලවා හැරීමට කටයුතු කළ ලෙසම යහපාලන ආණ්ඩුවද ගෙදර යැවීමට අවශ්‍ය මතවාදිමය වෙනස් ඇති කිරීමට වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය පෙරමුණ ගැනීමට පසුබට නොවන බවද සදහන් කර තිබේ.

සමාජ මාධ්‍ය ජාලා  අවහිර කිරීම විකල්ප මාධ්‍ය පාලනය කිරීමේ ආණ්ඩුවේ වෑයමක් – වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය 

රටේ සියලුම සමාජ මාධ්‍ය ජාලා අවහිර කිරීමට යහපාලන රජය විසින් ගනු ලැබූ තින්දුව වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය ලෙස අපි දැඩි පිළිකුලෙන් යුතුව හෙලාදකිමු.

එය මේ රටේ දැනට ඔඩු දුවමින් පවතින ජාතිවාදි ව්‍යසනය නතර කිරීමට ඇති හොඳම විසදුම නොවේ. ආණ්ඩුවට පාලනය කළ නොහැකි  ලෙස සමාජ මාධ්‍ය ජාලාවන් හරහා ජාතිවාදය පැතිර යනවා නම් ආණ්ඩුව කළ යුතුව තිබුණේ එම ජාතිවාදය පතුරුවන ජාතිවාදී ගෝත්‍රිකයින් හඳුනා ගෙන ඔවුනට නීතිය ක්‍රියාත්මක කිරීමයි. එයට අවශ්‍ය තරම් වන නීති ප්‍රතිපාදනයන් දැනටමත් ලංකා නීතිය තුළ අන්තර්ගත බව ආණ්ඩුවට අපි මතක් කර දීමටද කැමැත්තෙමු.

එසේ තිබියදි රටේ සියළුම දෙනාට බලපාන ලෙස මෙලෙස සමාජ මාධ්‍ය ජාලා  අවහිර කිරීම විකල්ප මාධ්‍ය පාලනය කිරීමේ ආණ්ඩුවේ වෑයමක් බවත් එය රටේ පුරවැසියන්ගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය ව්‍යාංග වශයෙන් අහිමි කිරීමක් බවත් පෙන්වා දීමට කැමැත්තෙමු.

මෙතෙක් රටේ පැවති සියළුම ආණ්ඩු පාහේ තම නොහැකියාව වසා ගැනීමට විකල්ප මාධ්‍ය වාරණය සක්‍රියව ක්‍රියාත්මක කළ අකාරය පිළිබඳව අත්දැකිම් අප සතුව ඇත. විශේෂයෙන්ම පසුගිය රාජපක්ෂ පාලන කාලය තුල විරුද්ධ හා විකල්ප මත දැරූ වෙබ් අඩවි තහනම් කිරීම හා එම මාධ්‍යවේදින්ට  තර්ජනය කිරීම හරහා තම නොහැකියාව වසා ගැනීමට කටයුතු කළ ආකාරය සුලභ විය. නමුත් මෙහිදි හාස්‍යජනකම සිදුවීම වන්නේ රාජපක්ෂ පාලනය තුළ සිදුවු එවැනි ක්‍රියාකාරකම් නැවත සිදුනොවන බවට ප්‍රතිඥා දෙමින් බලයට පැමිණෙන මෛත්‍රි – රනිල්  පාලනය මෙලෙස වෙබ් අඩවි පමණක් නොව සමස්ථ සමාජ මාධ්‍ය ජාලාවම අවහිර කිරීමයි. එය ඉගුරු දී මිරිස් ගත්තා වැනි ය යන ප්‍රස්ථා පිරුල සාක්ෂාත් කරනු ලබයි.

එසේම මෙයින් මුළු මහත් රටේත්, රටින් පිටත ජීවත් වන අපේම ජනතාව මුහුණදෙන සන්නිවේදන දුෂ්කරතාවය අතිවිශාල වන අතර එයින් සිදුවන සමාජීය බලපෑම ගණනය කළ නොහැකි එකකි. තවද ව්‍යාපාර ඇතුළු රටේ ආර්ථිකයට මෙමඟින් සිදුවී ඇති හානිය මෙතෙක් යැයි රජය විසින් ගණනය කිරීමට අපොහොසත්ව ඇත.

මෙහිදි වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය ලෙසට  අපට හැගි යන්නේ ආණ්ඩුව තම මර්දනකාරී වැඩපිළිවෙළට අවශ්‍ය පූර්වාදර්ශය මෙම තහනම තුළින්  පරිපූර්ණ කිරීමට උත්සහ ගන්නා බවයි.  යම්හෙයකින් ඉදිරි මහ මැතිවරණය හෝ ජනාධිපතිවරණයේදි ආණ්ඩුව වෙනස් කිරීමට අවශ්‍ය විකල්ප මතධාරාවක් සමාජ මාධ්‍ය ජාලාවන් හරහා නිර්මාණය වන අවස්ථාවකදි එය මැඩපැවැත්වීමට මෙම වාරණය උපයෝගී කරගත හැකිදැයි අත්හදා බලනු ලබන පෙර පරීක්ෂණයක් ලෙසට මෙම දින කිහිපය යොදා ගන්නා බවට අපගේ මතය වේ.

තවදුරටත් ආණ්ඩුව මෙලෙස ඉදිරියට කටයුතු කරනවා නම් රාජපක්ෂ පාලනය පලවා හැරීමට කටයුතු කළ ලෙසම යහපාලන ආණ්ඩුවද ගෙදර යැවීමට අවශ්‍ය මතවාදිමය වෙනස් ඇති කිරීමට වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය පෙරමුණ ගැනීමට පසුබට නොවන්නෙමු. එහෙයින් මෙලෙස ව්‍යංගකාරි විසඳුම් සෙවීමට නොගොස් සමාජය තුළ පැන නැගි ඇති සැබෑ ගැටළුව හදුනාගෙන එයට අවශ්‍ය විසඳුම් සෙවීමට කටයුතු කරන ලෙසත් අපි ආණ්ඩුවට බල කර සිටිමු.

සුවින් වගාරච්චිගේ,
කැදවුම්කරු

වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය -ශ්‍රී ලංකාව
இணையத்தள ஊடகவியலாளர்களின் தேசிய இயக்கம் – இலங்கை
National Movement of Web Journalist- Sri Lanka

Published on: Mar 10, 2018  – රටක හමුදාව සහ පොලීසිය යනු සිය මෙහෙයුම් තුලින් ලාභ උපයන ආයතන නොවේ. රටේ නීතිය සාමය ආරක්ෂා කිරීමට ඔවුන් බැදී සිටියි .එය අත්හල නොහැකි වගකීමකි. ඊට හිලව් ලෙස මහජන් බදු මුදල් වලින් ඔවුන් නඩත්තු කරනු ලබයි. ඒ අනුව ජාති-ආගම්, කුල-මල , පක්ෂ- පාට කිසිවකින් තොරව රටේ පුරවැසියන් ආරක්ෂා කල යුතුය. නමුත් අම්පාරේ සිට මහනුවර දක්වා ඇවිලිනු ජාතිවාදී කෝලාහලය තුලදී පොලීසියේ හැසිරීම ඉතිරි කලේ ප්‍රශ්නාර්ථයකි. ලක්බිමට නැවතත් කළු පැල්ලමක් එක් කල එම ක්‍රියාදාමයේ පලමු විත්තිකරුවන් වන්නේ පාලකයන් සහ පොලීසියයි.

ජන රාශියක එකතුවෙන් මුල්ම කෝලාහලය ආරම්භ වූයේ අම්පාරෙනි . අම්පාරේ මුස්ලිම් හෝටලයකින් සිංහලයෙකු මිල්දී ගත් කොත්තුවකට වඳ බෙහෙත් දැමුවේයයි සැක කිරීම නිසා ගැ‍ටුමක් ඇති විය. එහිදී නීතිය අතට ගත් සිංහල පිරිසක් හෝටලයට පහරදී කුඩු පට්ට්ම් කලේය. ඉන් නොනැවතී අම්පාරේ තවත් මුස්ලිම් ව්‍යාපාරික ස්ථාන දෙකකට සහ පල්ලියකට පහරදී තිබුනේය. හෝටලයට පහර දීම නවතාලීමට පොලීසිය අසමත් විය.එපමනක් නොව ප්‍රහාරය අනෙකුත් මුස්ලිම් ස්ථාන දක්වා පැතිරීම වලක්වා ලීමටද අපොහොසත් විය.

පොලීසියේ පිරිස් බලයේ ඌනතාවයක් කියා නිදහසට කාරනා ගෙතිය හැක. මුස්ලිම් ස්ථානවලට පහරදුන් පිරිසෙන් කොටසක් පසුව අත් අඩංගුවට පත් විය. නමුත් පහරදුන් සැක කරුවන්ට චෝදනා ගොනු කොට තිබුනේ පෞද්ගලික ආරවුලක් ලෙසය. මෙය පෞද්ගලික ආරවුලක් නොව එක් ජන වර්ගයක් සංවිධානය වී තවත් ජන වර්ගයක දේපල වලට එරෙහිව එල්ල කරන ලද ප්‍රහාරයකි. පොලීසියට නොතේරුනට කුඩා දරුවෙකුට පවා අවබෝධ කරගත හැක. එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතීන් සුරැකීමේ ජාත්යන්තර ගිවිසුමට (ICCPR) ශ්‍රි ලංකා රජය බැඳී සිටියි. ඒ අනුව අම්පාරේ සහ මහනුවර ඇතිවූ තත්වය එකසත් ජාතීන්ගේ ප්‍රඥප්තිය උල්ලංගනය කිරීමකි.

දෙදරු පියෙකු වූ කුමාරසිරිට මුස්ලිම් පිරිසක් විසින් පහර දෙනු ලබන්නේ පෙබරවාරි මස 22 දිනය. ලොරි රියදුරා වූ කුමාරසිරි සහ සහායකයා දෙදෙනාම ප්‍රහාරයට ලක්වන අතර ඔවුන් මුලින් ඇතුල් කරනු ලබන්නේ තෙල්දෙනිය රෝහලටය. කුමාරසිරිගේ තත්වය අසාද්‍ය වූ විට ඔහු මහනුවර රෝහලට මාරු කරනු ලබයි . පොලීසියේ නොහැකියාව කොතෙක්දයත් සැක කරුවන් අත් අඩංගුවට ගන්නේ මහජනතාව විසින් නීතිය අතට ගත්තායින් පසුවය. කුමාරසිරි සුවිශේෂ වැදගත් කමක් දැරුවද රෝහල් ගත කල කාලයේදී පවා නිසි අවධානයට ලක් නොවිනි . විවිධාකාරයේ සැක කටයුතු පුද්ගලයින් ඔහු බැලීමට පැමිනි අතර කුමාරසිරි පන අදින ඡායාරූප සමාජ ජාලා පුරා පැතිර ගියේය . අන්තවාදී කල්ලි සංවිධානය වී ඇගිලි ගනිමින් සිටියේ ඔහු අවසන් හුස්ම හෙලන තෙක්ය.

උස හීන්දෑරි ගේම්කාරයා

බොදු බල සේනාව ප්‍රසිද්ධ කරලියට මුලින්ම පැමිනියේ 2014 මැයි මස 24 දිනයි.”හින්දු බෞද්ධ එකමුතුවට ජයවේවා ” යන පාඨය යටතේ මුස්ලිම් ජනයාට එරෙහිව කොටහේනේදී ‍රැලියක් පැවැත්වීය . ඊට හින්දු පූජකයන් කිහිප දෙනෙකුද සහභාගි වී තිබුනි. යුද ජයග්‍රහනයෙන් ෆෝර්ම් වී සිටි සිංහලයන්ට බොදුබල සේනාව රසවත් අතුරුපසක් විය. දිවයින පුරා බොදුබල සේනාව සීග්‍රයෙන් පැතිර ගියේය. බො.බ.සේ ව්‍යාපෘති වලට බල සම්පන්න ආරක්ෂක ලේකම් ගෝටාගේ අනුග්‍රහයද ලැබිනි. බො.බ.සේ උත්සව වලට ගෝටාභය සහභාගි වූයේය. 2014 ජනාධිපතිවරණය අභිමුවේ බොදු බල සේනා ප්‍රතිරූපය අතිශය තීරණාත්මක සාධකයක් විය

බොදු බල සේනාව යනු චම්පිකගේ කෙමනක් යයි ගෝඨාභය හිනයකින් වත් නොසිතුවේය. බොදු බල සේනාව යනු චම්පිකගේ 2020 මැතිවරණ ව්‍යපාරය හා බැදුනු පලමු ගරිල්ලා ප්‍රහාරය බව නොවැටහිනි . ගෝටා සත්‍ය වටහා ගන්නා විට රාජපක්ෂලා පරාජය වී හමාරය. මහින්දගෙන් – බැසිල්ගෙන් ගෝටා වෙත අවලාද එල්ල විය.දේශපාලනය පිලිබද හයක් හතරක් නොදැන සිය පට්ටමින් ඔලුව උදුම්මාගත් ගෝඨාභය අසරන විය. චම්පික-ඩිලන්ත-ඥානසාර කල්ලිය සමග පුපුරණ ආවේගයක් ඔහු තුල විය. චන්ද්‍රප්‍රේම වැන්නෙකු හරහා ඥානසාර කල්ලියට පස්පඩංගුවේ බැන වැදීම හැර ගෝඨාභයට කල හැකි වෙන කිසිවක් නොවීය.

රනිල් – සිරිසේන හීන් නූලෙන් කෙටවූ මහ මොල කරු චම්පිකය. බැංකු මහ බැංකු හොරකම හරහා රනිල් කුජීත කිරිමට උල්පන්දම් දුන්නේ චම්පිකය. එජාපයට දැන් ජාන සැත්කමක් අවශ්‍ය බව කියන්නේ චම්පිකය. සියල්ල පැහැදිලිය චම්පිකට දැන් එ.ජා.ප නායකත්වයේ වෙනසක් අවශ්‍යව ඇත. මහනුවර ගින්න 2020 චම්පික මැතිවරන සිතියමේ දෙවන ගරිල්ලා ප්‍රහාරයයි. මහනුවර ජාතිවාදී කෝලාහලය හමුවේ රනිල් චූදිතයෙකි. මුස්ලිම් ජනතාව රනිල් කෙරේ තැබූ විශ්වාසය රනිල් විසින්ම සාහසික ලෙස කඩ කොට ඇත.

චම්පික යනු බොරදියේ පමනක් නොව දිය බොර නොමැතිනම් බොර කර හෝ මාළු බාන චරිතයකි. රනිල් යනු දේශපාලන කරලියේ අවාසනාවන්තම සහ අසාර්ථකම චරිතයක් බවට ඔප්පු වී ඇත.දැන් සියල්ලක්ම එක හඩින් ඉල්ලන්නේ වෙනසකි . මහනුවර සිදුවීමත් සමගම රනිල්ට තව දුරටත් යා හැකි ගමනක් නැත. එ.ජා.පයේ නායකත්වයට සජිත් වැන්නෙකු පත්වුවද ඔහු බිලි බෝයි කෙනෙකු වීම නොවැලැවිය හැක. යම් හෙයකින් නීතිය හා සාමය ෆොන්සේකාට හෝ චම්පිකගේ සගයෙකුට ලැබුන හොත් 2020 සිතියමේ අවසන් ප්‍රහාරය එල්ල වනු ඇත.

ලියුම් කරු කීර්ති රත්නායක

Published on: Mar 9, 2018- විශ්වාසභංගයෙන් සහ එක්සත් ජාතික පක්ෂයේ  නායකත්වය අර්බුදයට ජාතිවාදයෙන් සහ පක්ෂයේ කැරලිකරුවන් බා ගැනිම සදහා මෙහෙයුමක යේදි සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(08) එජාප කැරලිකාර කණ්ඩායමේ සමජිකයෙකු වු රංජිත් මද්දුම බණ්ඩාර නීතිය හා සාමය පිළිබඳ කැබිනට් අමාත්‍යවරයා ලෙස පත් කිරිමට යෝජනා කිරිම සහ එම තනතුර බණ්ඩාර භාර ගැනිමට කටයුතු කිරිම හේතුවෙන් එජාපයේ රනිල් විරෝධී කැරලිකරුවන් කුපිතව සිටින බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

අද උදැසන හදිසියේම  රංජිත් මද්දුම බණ්ඩාර ට ජනාධිපති ලේකම්කාර්‍යාලයට පැමිණේන ලෙස දැනුම්දි ඇති ආතර එහි පැමිණෙන තුරු කුමක් සදහා තමන් කැදවු බව තමන් නොදන්නා බව රංජිත් අප දේශපාලන වාර්තාකරු හමුවේ පවසා තිබේ.

“මම එතනට යනකම් දන්නේ නෑ මට එන්න කිව්වේ ඇයි කියලා.. සමහර විට ජනාධිපති තුමාට මොකක් හරි අදහසක් ඇති… “යනුවෙන් රංජිත් පවසා තිබේ.

කෙසේවෙතත් මහනුවර ඇතුළු රටේ ප්‍රදේශ කිහිපයක සිදුවන කළකෝලහාල හේතුවෙන් රට පත්ව අරාජිකත්වයෙන් මුදවා ගැනීම වෙනුවෙන් නීතිය හා සාමය අමාත්‍යධුරය සඳහා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාව පත්කරන ලෙස රජයට පක්ෂපාතී ජනමතයක් නිර්මාණය වී තිබුණද මහින්ද හමුවිමෙන් පසුව දිගටම රිවස් ගියරයේම රටද රැගෙන යන සිරිසේන ජනපති ඊයේ(07) රාත්‍රීයේ රනිල්ගෙන් ලැබුන යෝජනාවට එකහෙළාම කැමත්ත පලකර තිබේ.

පළාත් පාලන මැතිවරණයෙන් පසුව එජාපයේ අලුයට සිටි රනිල් විරෝධි කණ්ඩායම වේගයෙන් සිය මෙහෙයුම් දියත් කල අතර රනිල්ගේ ලගම ඥාති පිරිස්ද එයට සහය දිම හේතුවෙන් පක්ෂයේ නායකත්වය සහ අගමැතිකම අතහැර යෑම හැර වෙනත් විකල්පයක් රනිල්ට ඉතුරු වි තිබුනේ නෑ.

ඒ අනුව එජාපයේ කැරලිකාර කණ්ඩායම් දිගින් දිගටම තැන තැන හමුවෙමින් සිය මෙහෙයුම් සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටි අතර එම සාකච්ඡා සදහා සහභාගි වු පිරිස අතර රංජිත් මද්දුම බණ්ඩාරද සිටි අතර එය රනිල් පිළට බරපතල ගැටලුවක්ද වි තිබු බවයි අප වාර්තාකරු අනාවරණය කළේ.

එජාප රනිල් විරෝධි පෙරමුණේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු අප දේශපාලන වාර්තාකරු සමග පවසා ඇත්තේ

“එක පැත්තකින් ජාතිවාදය ගෙනල්ලා ලොක්කා විශ්වාසභංගය යටගහ ගත්තා…දැන් වරප්‍රසාද දිලා අපේ එවුන් ටික අල්ල ගන්න හදනවා…. මද්දුම බණ්ඩාරට කොන්දක් නෑ “යනුවෙනි.

කැළණිය හුනුපිටිය ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගි වීමෙන් අනතුරුව අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ජනපතිට දුන්නු කණේ පාර

“විශාල පිරිසක් නෙමෙයි රාජපක්ෂවදින් විරුද්ධ වුණා. රාජපක්ෂවාදින් අවබෝධ කරගෙන ඉන්නවා මම එවැනි තනතුරක් ගත්තොත් මම මගේ රාජකාරිය හරියට කරනවා. එතකොට නීතිය හරියට ක්‍රියාත්මක වෙයි එතකොට දූෂිතයන්ගෙන් පිරිණු රාජපක්ෂ කල්ලියට ඒක අභියෝගයක් වෙයි කියලා.”

“එක්සත් ජාතික පක්ෂයේ කවුරුවත් විරුද්ධ වෙලා නෑ. ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්තුමා පවා මාත් එක්ක කතා කළා. ඔවුන් ජනාධිපතිතුමා එක්ක කතා කළා. සන්ධානයේ මහලේකම් අමරවීර මහත්තයා මට කතා කරලා සුභ පැතුවා. ඔවුනුත් ජනාධිපතිට ගිහිල්ලා කිව්වා මේක දිය යුතුමයි කියලා. නමුත් පොහොට්ටුවට ආශීර්වාද කරන කට්ටිය තමයි මේකට බයේ වෙව්ලන්නට පටන් ගත්තේ.”

“ඒ තනතුර දැන් වෙනකෙනෙකුට දීලා තියනවා. රංජිත් මද්දුම බණ්ඩාර ඇමතිතුමාට. එයා දන්නේත් නෑ, දන්නෙත් නැතුව ජනාධිපති කාර්යාලයට එන්න කියලා එකපාරටම දීලා තියනවා. ඒ තීරණ ගැනීම ගැන අපිත් අපේ අප්‍රසාදය පලකරනවා. ඉදිරියට අපි අවශ්‍ය පියවර ගන්නවා රට වෙනුවෙන් විතරක්.”

රංජිත් මද්දුම බණ්ඩාර ෆොන්සේකාගෙන් සමාව ගනී…..

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී පිටතට පැමිණි වහාම සරත් ෆොන්සේකා මහතාට දුරකථන ඇමතුමක් ගෙන ඇති රංජිත් මද්දුම බණ්ඩාර අමාත්‍යවරයා “ෆීල්ඩ් මාර්ෂල් තුමා, මගේ තුන් හිතකවත් මෙහෙම දෙයක් තිබුණේ නෑ. ඔබතුමා දන්නවනෙ මගෙ අසනීප තත්වය ගැනත්. ජනාධිපතිතුමා කතා කරලා මේ අමාත්‍යාංශය බාර ගන්න කිව්වාම මට ඒක නොකර ඉන්න බෑ. මට සමාවෙන්න” යනුවෙන් පවසමින් සමාව අයැද ඇති බවද වාර්තා වේ.

ඩිල් සහ හතර විලීලැජ්ජාව වහගන්න සිරිසේන සීනී බොල බෙදයි..

මේ අතර නීතිය හා සාමය පිළිබඳ ඇමතිකම සදහා සරත් ෆොන්සේකා පත් කිරිමට තරම කොන්දක් නොමැතිව අසරණ වු සිරිසේන ජනාධිපතිවරයා එම පත්විම කර පැය කිහිපයක් ඇතුලත් තමන් ලගම ඉන්නා කණ්ඩායම් වලින් එල්ල වු දැඩි අප්‍රසාදයට හමුවේ ඔහුන්ට තනී ආණ්ඩුවක් හැදිමේ අශාව පහල කිරිමට සමත්ව තිබේන බව ජනාධිපති ලේකම් කාර්‍යාලයේ ඇම්බැටටයන්ගෙ ප්‍රකාශ වලින් පෙනී ගොස් තිබේ.

රනිල් එලවා ශ්‍රි ලංකා නිදහස් පක්ෂ,එක්සත් ජාතික පක්ෂයේ කොටසක් සහ ඒකාබද්ධයේ කොටසක් මෙන්ම සුළු පක්ෂ එකතු කරගනිමින් ආණ්ඩුවක් හැදිමේ මේනීයාවකින් මෛත්‍රී ජනාධිපතිවරයා පෙලුනු අතර අද සිදුවු හතර විලී ලැජ්ජා සහගත වැඩෙන් පසුව සිය ඇම්බැට්ටයන්ට ආපසු එම කැරට් අලය පෙන්වා ඇති බවද වාර්තා වේ.

Published on: Mar 9, 2018 – ජාතිවාදී ගිනි දලු වලින් වැසීගිය මහනුවර ප්‍රදේශය තවමත් යථා තත්වයට පත්ව නැත. ව්‍යපාරික ස්ථාන දින ගනනාවකට වැසී ගොස්ය. ගමනා ගමන සේවා ඇන හිට ඇත. දවසේ පඩියෙන් ජීවත් වන පවුල් වල කුසගිනි නිවීම පවා බරපතල අභියෝගයක් බවට පත්ව ඇත. ලීසිං , බැකු ණය හිර වී අනාගතය අවිනිශ්ච්චිත අඩියකට පත්ව ඇත. දෛනික ජන ජීවිතය උඩු යටිකුරු වී ඇත . මෙහි බරපතලම කාරනය නම් ඔය කිසිවක් නොවේ නමුත් ජාතිවාදී ගිනිදලුවලින් අගතියට පත්වූන්ගේ මතකය අවසන් හුස්ම හෙලන තෙක් හොල්මන් කිරීමය. එම තත්වය යලි සුවපත් කල නොහැකි අති භයානක රෝග තත්වයකි.

මහනුවර වෙලා ගත් ජාතිවාදී කලබලය අතිශය සැලසුම් සහගතව දියත් කරන ලද්දකි. සී අයි ඩී ප්‍රධානී ෂානි අබේසේකර මහනුවරට පිටත් කර හැරියේ මෙවන් පසුබිමක් තුලය. මහින්ද පාර්ශවය ශානිගේ ගමන පිලිබදව දේශපාලන කෝනයකින් විග්‍රහ කර තිබුනි. මහින්ද පාර්ශවයේ ජාතිවාදීන්ගේ මුග්ධ බව ශානි පිලිබද එම විචාරයේ මොනවට ගැබ් වී ඇත. එසේ කියන්නේ කරුනු කාරනා සහිතවය. කොළඹ තානපති බුද්ධි අංශ වලට වාර්තා වී ඇති පරිදි, තෙල්දෙනියේ සිදුවීම අති බිහිසුනු කුමන්ත්‍රනයකි. තරුනයා පි‍ටුපස අදිසි හස්ථයක් ක්‍රියාත්මක වී ඇත. ඒ පිලිබද අදහසක් ගැනීමට පහත සරල සටහන ප්‍රමාණවත්ය.

කුමාරසිරි තරුණයාට පහර දීම සිදුවන්නේ කවදාද ?

පහර දීම සම්බන්ධව පොලිසියට ගොස් පැමිනිලි කලේ කවුද?

දින කීයක් ඔහු රෝහලේ ගත කලේද ?

ඔහු බැලීම සදහා පැමිනි පුද්ගලයන් පාලනය කිරීම හෝ සෝදිසි කිරීම නොකලේ ඇයි ?

කුමාරසිරි දැඩි සත්කාර එකකයෙන් සාමාන්‍ය වාට්‍ටුවට මාරු කලේද ?

ඔහුගේ මෘත ශරීරය නැවත ගොඩගෙන පරීක්ෂණ කිරීමට නියමිතව ඇත්ද ?

කොලඹ තානාපති කාර්යාල වලට වාර්ථා වී ඇති පරිදි කුමාරසිරි මහනුවර රෝහලේදී අදිසි හස්තයක් විසින් මරා දමා ඇත. ඒ පිලිබදව ශානි අබේසේකර වැන්නකු යොදවා පරීක්ෂණ කිරීම අතිශය යුක්ති යුක්තය. තවද මහනුවර ප්‍රදේශයේ භීෂනය පැතිරූ 60 ක පමන සිංහල පිරිසක් අත් අඩංගුවට පත්ව ඇත. ඔවුන් කිසිවෙකු එම ප්‍රදේශයේ පදිංචි කරුවන් නොවේ. තවද ඔවුන් මහනුවර දිස්ත්‍රික්කයෙන් පවා එපිට දුර බැහැරින් පැමිනි අයය. අත් අඩංගුවට පත්වූවන්ගේ විශේෂ සලකුනු බොහෝය. පදිංචිය එකම බෝඩිමේය . සමහරෙක් එකම පවුලේ අයය , එකම ගමෙ අයය , එකම දේශපාලන පක්ෂයක අයය .එකම දේශපාලනඥයෙකුට වැඩ කරන අයය. කරුනු එසේ වූ කල්හි ඒ පිලිබදව පරීක්ෂණ කල යුතු නොවේද ?

කුමාරසිරි මියගියේ මාර්තු මස 3 දින රාත්‍රීයේදීය. මරණය ගෙදරට ‍රැගෙන ආ විගස ප්‍රදේශයේ මුස්ලිම් ව්‍යාපාරිකයන් එක්ව රු ලක්ෂ 3 මුදලක් කුමාරසිරිගේ පවුලට ලබාදී තිබුනි. එය ලබා දී තිබුනේ ගමේ පන්සලේ හාමුදුරුවන්ගේද අනු දැනුම මතය . තවද 4 වන දින රාත්‍රියේ තව ලක්ෂ 10 මුදලක් ඔවුන්ගෙන් ලැබීමට තිබුනි. මාර්තු මස 4 වන දින ඔහුගේ මල ගෙදරට ඥානසාර හිමි වඩැම්මේය. නමුත් ඥානසාරහිමි මලගෙදරදී කියා සිටියේ කුමක්ද ? මුස්ලිම් ව්‍යපාරිකයන්ගෙන් මුදල් ලබා ගැනීම අවඥාවට ලක් කලේය. උන්ගෙන් යැපීමට තරම් තවම්ත් අප බංකොලොත් නැතැයි කීවේය . කැමරාවට ඔහු කුමක් කියා සිටියද තෙල්දෙනියට පැමින භීෂණයේ පලමු වෙඩිල්ල පත්තු කලේ ඥානසාර හිමිය.

ජාතිවාදී ගිනිදලු නැග ඒම ආරම්භ විමත් සමගම රිෂාඩ් බදුර්දීන් මහනුවර සංචාරය කලේය. රිෂාඩ් වැන්නෙකුට මහනුවර ප්‍රදේශයේ අසරනව ඇති මුස්ලිම් පිරිසට ලබා දිය හැකි ‍රැකවරණය කුමක්ද ? ඇතිකල හැකි සංහිදියාව කුමක්ද ? රිෂාඩ් මහනුවරට පැමින රටේ ආරක්ෂක අංශයට දෝෂාරෝපනය කලේය. රටේ ආරක්ෂක අංශය අද කුජීතය. සීයට දෙසීයක් රිෂාඩ් සමග මම එකගය. නමුත් ඊට ඇගිල්ල දික් කිරීම සදහා රිෂාඩ් සුසුසු නොවේ. පියාසරනිලධාරී ආකාෂ් ගේ මිනීමරුවා සිටියේ රිෂාඩ් සමගය. මහ දවල් මන්නාරම අධිකරණයට ගල් සැසූ රිෂාඩ් වැන්නකු නීතිය හා සාමය යැදීම මහා අපුලකි . ඥානසාරලා , රිෂාඩ්ලා මහනුවර පැමින කලේ ජාතිවාදී ගින්න ඇවිල වීමය ශ්‍රී ලංකා ඉතිහාසයට නොමැකෙන කලු පැල්ලමක් එක් කල 83 කළු ජූලියට ආසන්නම් හේතුව වුනෙ ලුතිනල් වාස් ගුනවර්ධන ඇතුලු 13 මරණයට පත්කල කොටි ප්‍රහාරය. හේම ශ්‍රී කියන්නේ ලංකාවේකවුරුත් දන්න මාධ්‍ය වේදියෙක්. ඔහුගේ සහෝදරයත් මේ කොටි ප්‍රහාරයෙන් මිය ගියා. මිය ගිය තමසහෝදරය පිලිබද හේම ශ්‍රී මෙහෙම සටහනක් තියනව.

“මගේ මල්ලී රටේ පැවති දේශපාලනය සහ ජාතිවාදී තත්වය ගැන කිසිත් දැන නොසිටි අතර ඔහු දැන සිටියේඉලක්කයට වෙඩි තබන්නටත් මවු බිමට ආදරය කරන්නටත් පමණි. කඩමන්ඩි වල බොරු ප්‍රචාරවල සිටපත්තර වල ලොකු අකුර දක්වාම ජාතිවාදය ජාතිවාදය ඇවිලුනේය . අවසන බොරැල්ල කනත්තට සිරුරුබාරගන්නට පැමිනියේ ඥාතීන් පමණි.. එහෙත් බොරැල්ලේ සිට මුලු කොලඹටම ගිනි තියන්නට දහස් ගනන්අයවලුන් පොර කෑහ. කඩ ගිණි තැබූ විට මට මගේ සහෝදරයා යලි හමුවේ නම් මුල්ම දෙමල කඩයකට ගිනි තියන්නේ මමය . ඔවුන් මගේ සහෝදරයාගේ මරණය පිලිබද කනගා‍ටු නොවේ . ඔවුන් තුල ඇත්තේ දේශප්‍රේමය නොවේ, නමුත් කඩ ගිණි තැබීම සහ බඩු පැහැරගැනීම පමණි ”

දේවදූතයන් පය නොගසන භූමියේ පාපතරයන් පිනුම් ගැසීම ලෝක ස්වභාවයයි. රට ගොඩ ගැනීමට ඇති එකම මග නම් නීතියේ පාලනය ස්ථාපිත කිරීමයි.

ලියුම්කරු කීර්ති රත්නායක

Published on: Mar 7, 2018- යලිත් වරක් ජාතීන් අතර සාමය ගිනි අවුලුවමින් ප්‍රචන්ඩත්වය හිස ඔසවා ඇත. අවි හැරවිය යුත්තේ ගෙන්දගම් පොලොවේ ජීවිත ගැටගසා ගැනීමට වෙර දරන තවත් ජන කොටසක් දෙසට නොව අස්ථාවාදී දේශපාලකයන් දෙසටය.ලිපිය ලියයන විටත් පොලීසිය විසින් Face book , whatsapp, messenger, blogs මොනිටර් කිරීම අරඹා ඇත . ඒනමුත් සත්‍ය කිමට කුමට බිය විය යුතුද

රනිල් වික්‍රමසිංහ

2001-2004 කාලයේ පැවතියේ එ.ජා.ප ආන්ඩුවකි. රටේ අගමැතිවරයා රනිල් වික්‍රමසිංහ වූ අතර රටේ ජනාධිපති ධූරය චන්ද්‍රිකා බන්ඩාරනායක අත විය. 2002 වර්ශය ආරම්භය සනි‍ටුහන් වනවාත් සමගම එක් ඛේදජනක සිදුවීමකින් මුලු ගුවන් හමුදාවම සසල විය. පියාසර නිලධාරී ආක්ෂ් වන්නිආරච්චි , ඉන්ටේක් 36 ( රෙජිමේන්තු )පුත්තලම නගරයේ දෙනෝදාහක් ඉදිරිපිට ඝාතනය විය.ආකාෂ් සේවය කලේ පාලවි ගුවන් හමුදා කදවුරට අනුයුක්තවය. පුත්තලම නගරය අශ්‍රිතව ක්‍රියාත්මක සංවිධානාත්මක මුස්ලිම් අපරාධ කල්ලියක් අතින් ආකාෂ් ඝාතනය විය. ඔහු මියගියේ පපු ප්‍රදේශයට ලද පිහි ඇනුම් ප්‍රහාරයක් හේතුවෙනි. මෙම ඝාතනයේ කෙස් කෙලින් කර වන කොටස නම් ඝාතකයන් මුස්ලිමුන් වීම නොව මිනීමරුවා රිෂාඩ් බදුර්දින්ගේ සහෝදරයෙකු වීමය. මිනීමැරුමේ ඇසින් දු‍ටු සාක්ෂිකරුවා වූ වින්ග් කමාන්ඩර් නුගේගොඩ තවම ගුවන් හමුදා සේවයේ නියුතුය. දේශපාලන වාසිතකා පුත්තලමේ මිනීමරුවන් ආරක්ෂා කලේ රනිල් වික්‍රමසිංහය. රනිල්ගේ එදාවෙල දේශපාලනයට අත් උදව් දුන්නේ එවක පොලිස්පති ලක්දාස කොඩිතුවක්කු සහ ගුවන් හමුදාපති ජයලත් වීරක්කොඩිය. එදා සක්‍රීය සේවයේ යෙදී සිටි ගුවන් හමුදා නිලධාරියෙකුගේ ලේ පැල්ලම අතින් වසන්කල රනිල්ට මෙදා දිගන රියෙදුරෙකුගේ ලේ පැල්ලමකින් ජාත්‍යන්තර අපකීර්තියක් ලැබීම දෛවයේ සරදමකි. සරදම කොතෙක් කුරිරුදයත් නීතිය හා සාමය භාර ඇමතිවරයාද ඔහුය.

එදා ආකාෂ් සිය පවුලේ නෑ හිතවතුන්ගේ හද කම්පා කරමින් අවසන් ගමන් ගියේය. එම අසීමිත වේදනාව දැනුනේ සිය පවුලේ උදවියට පමනි . ඔවුන් අන්ත අසරණය, කරකියා ගත හැකි කිසිවක් නොවීය. රටේ අගමැති , පොලිස්පති සහ ගුවන් හමුදාපති බඩවියත වෙනුවෙන් ආකාෂ්ගේ ඝාතකයා සැගවීය . චම්පිකලා, වීරවන්සලා ආකාෂ් ගේ ඝාතනය දු‍ටුවේ නැත. ජනතාවගේ යුක්ති යුක්ත දුක් ගැනවිලි හමුවේ දේශපාලනඥයන් අන්ධය. ඔවුන්ට ඇස්- කන් නැත, දැනෙන්නේ ‍ දේශපාලනයේ ගද සුවද පමනි. 2002 කාලයේ මුහුනුපොත වැනි සමාජ ජාලා ප්‍රචලිතව නොතිබිනි. ආකාෂ්ගේ මරනය රනිල්ට වසන් කල හැකි වූයේ එහෙයිනි . සමාජ ජාලා නොතිබුනි නම් දිගන රියදුරාගේ ඝාතනය තවත් එක් මරණයක් පමනි. කල දු‍ටු කල වල ඉසගැනීම මිස ඉන් එහා යමක් දේශපාලනඥයෙන්ගෙන් බලා පොරොත්තුවිය නොහැක. ජනතාවගේ කැකෑරෙන දුක් වේදනා යටපත් කිරීම අලු යට ගිනි පුපුරු මෙනි. 2015 මැතිවරනයේදී මුස්ලිම් ජනතාව ඉදිරියේ රාජපක්ෂ බිල්ලෙකු මවා දේශපාලන වාසි ගත්තේය. ඇතැම් මුස්ලිම් ව්‍යාපාරිකයන් පුලුල් තිර සහිත ජංගම රූපවාහිනී ට්‍රක් යොදවමින් අලුත්ගම කථාව පෙන්වූයේ රාජපක්ෂලා නැති කිරීමටය. මේ සියල්ල මෙහෙය වූයේ රනිල්ගේ අනුදැනුම මතය. රනිල් කල කී සියල්ල අද බැක් ෆයර් වී ඇත.

චම්පික රනවක

ඊලාම් යුද්ධය තුල චම්පික රනවක විශාල කාර්ය භාර්යක් ඉ‍ටුකල බව සෑබෑය. ඊලාම් යුද්ධය අවසන් කල ගැම්මටම ඔහු තවත් මෙහෙයුමක් ආරම්භ කලේය . ඒ මුස්ලිම් ව්‍යප්තවාදයට එරෙහිවය. මුස්ලිම මූලධර්මවාදය ගැන ඔහු පොතක් ලියුවේය . ඒ පිලිබද සම්මන්ත්‍රන කිහිපයක්ද පැවැත්වූයේය. නමුත් දෛවඥයෙකු විසින් 2020 තමාට රාජ යෝගයක් ඇති බව පැවසූ පටන් සියල්ල උඩු ය‍ටුකුරු විය. එතැන් පටන් ප්‍රාදේශීය දේශපාලනයට තිත තබා ජාතික දේශපාලනයට කුරුමානම් ඇල්ලුවේය. එ අනුව මුස්ලිම් ආගමට එරෙහිව ලියු පොත හකුලා ගත්තේය. මුස්ලිම් ජනයා කෙරේ ගොනා සහ තණකොල න්‍යාය අනුගමනය කලේය. විදේශ තානාපතින් සමහ පෑහීමට පටන් ගත්තේය . මේ අතර තුර මහින්දගේ දෙවන ධූර කාලයේ අවසාන භාගය එලඹිනි චම්පිකට ඉස්මතුවීමට මහින්ද විසින් හයිජැක් කර තිබෙන ජාතික ව්‍යාපාරය යලි අතට ගත යුතුව ඇත. මහින්ද -ගෝඨාභය සිටින තාක් ජාතික ව්‍යාපාරය යලි චම්පික අතට ගත නොහැක. මහින්ද දේශපාලනයෙන් අතු ගෑ දැමීම ඔහුගේ සැලසුම විය.

චම්පික මහින්දගේ ආන්ඩුවේ සිටියදීම රනිල් – චන්ද්‍රිකා සමග ගනුදෙනු කිරීම ආරම්භ කලේය . මහින්ද පැ‍රැදවීමට නම් එක්කෝ සිංහල බෞද්ධ බලවේගයෙන් කොටසක් වෙන් කල යුතු විය නැතිනම් මහින්ද සමග සිටින මුස්ලිම් ජනයා වෙන් කල යුතු විය. ඉන් චම්පිකට පහසු වූයේ දෙවැන්නය. ඒ අනුව විහාරමහාදේවී ප්‍රහාරයෙන් පසු විශ්‍රාම ගන්වා සිටි ඥානසාර හිමිට නැවත කැදවිමක් ලැබුනේය. චම්පිකගේ කොන්ත්‍රාත්තුව අනුව ඥානසාරහිමි හත්පොලේ ගෑවේ මහින්දගේ රජය ගද ගස්සවමිනි.අන් කවර ජාතියකටවත් නොමැති ගැටලු බෞද්ධයන්ට ඇත.බෞද්ධයන් මුහුන දී සිටින සංවේදී ගැටලු පිලිබද කථා කිරීමට ඥානසාරගේ බුල්ඩෝසර් ශෛලිය ඔබින නොවේ. 2013 මාර්තු මස 15 දින චම්පික විසින් අල් ජිහාඩ්-අල්කයිඩා නොහොත් ඉස්ලාම් මූල්ධර්මවාදයේ ඉතිහාසය, වර්තමානය සහ අනාගතය කෘතිය එලි දැක්වීය. බොදු බල සේනාව කෝච්චිය ධාවනය වූයේ චමිපික ලියු පොත් පින්චේ පීලි මතය.

මහින්ද රාජපක්ෂ

62 දෙලක්ෂයක ජනවරමක් ලැබුනේ රාජපක්ෂලාට එරෙහිව ඇති චෝදනා විභාග කිරීමටය. ඒ පිලිබද සම්පූර්ණ වගකීම යහපාලන රජය සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන සතුය. ඒ කෙසේ වෙතත් මුස්ලිම් ජනයා ඉදිරියේ මැවූ රාජපක්ෂ බිල්ලා දේශපාලන ඩමියකි. මහින්ද කවදත් මුස්ලිම් ජනතාව සමග කිට්‍ටුවෙන් වැඩ කල අයෙකි.මුස්ලිමුන්ට ප්‍රහාර එල්ල කිරීමේ කිසිදු සැලසුමක් මහින්ද තුල හෝ ගෝටාබය තුල නොවිනි. මුස්ලිමුන් සමග රාජපක්ෂලා කල ව්‍යපාරික ගනුදෙනු පවා යහපත් අයුරින් සිදුවිය. සෑම ගනුදෙනුවකටම එකග වූ මුදල් ප්‍රමාණය ගෙවා දැමුවේය .බලහත්කාරයෙන් හෝ දෙන්නම් කාසි වලට ගනුදෙනු සිදු නොවිනි. ඉහත පැහැදිලි කලාක් මෙන් බොදු බල සේනාව යනු ගෝඨාභය මෙහෙයවූවක් නොව වෙනත් පිරිසක් විසින් මෙහෙය වූවකි. මුස්ලිම් කල්ලි කන්ඩායම් විසින් රාජපක්ෂලාට කොකා පෑමෙන් දෙපාර්ෂවයම සිදුව ඇත්තේ අගතියකි. මහින්දගේ කාලයේ ලංකාවට එරෙහිව එ.ජා මන්ඩලය චෝදනා ගෙන එනවිට රනිල් ඒ දෙස බලා සිටියේ ආනන්දයෙනි . එදා අලුත්ගම සිද්ධිය මෙන් නොව ඊටවඩා සිය ගුනයක් විශාල ව්‍යවසනයක් අද සිදුව ඇත. තවම එය පවතින්නේ රජයට පාලනය කර ගත නොහැකි මට්ටමකය එක්සත් ජාතීන්ගේ 73 සැසිවාරය තව නොබෝ දිනකින් පැවැත්වීමට නියමිතය. දැන් රනිල් ඊට මුහුන දිය යුතුව ඇත

මුස්ලිමුන් කොයිබටද ?

වහාබි වාදයයනු 17 වන සියවසේ විසූ මුහම්මද් ඉබ්නු අබ්දුල් වහාබ් විසින් පන පෙවූ රැඩිකල් හර පද්දතියකි. මොහු විසින් ඇති කලා වූ පුනරුදය සද්භාවයෙන් කලා වුවද දේපාලකයන්එදා සිට අද දක්වාම ඔහුගේ ඉගැන්වීම දේශපාලන අතකොලුවක් ලෙස භාවිතා කරන්නේය. එය මුලින්ම ආරම්භ වූයේ ප්‍රාදේශීය පාලකයන්ගෙනි. ඉන්පසු සෞදි රජ පවුල මක්කා මදීනා ඇතුලු භූමිය අල්ලා ගැනීමට උපක්‍රමයක් ලෙස යොදා ගත්තේ වහාබ් වාදයයි. ක්‍රමයෙන් වහාබ් වාදය දේශපාලන ව්‍යපෘතීන්ට නැතිවම බැරි උපකරණයක් බවට පත්වූයේය. බ්‍රිතාන්‍යයන් විසින් ඔටොමන් අධිරාජ්යට එරෙහිව සටන් කිරීමට බලල් අතක් ලෙස යොදා ගත්තේ සෞද් පවුලයි. ඔටෝමන් අධිරාජ්‍යයාට එරෙහිව ජනතාව කුපිත කිරීමට වහාබ් වාදය යොදා ගත්තේය. අදද අඩු වැඩිව වහාබ්වාදය සේවය කරන්නේ බරහිර කදවුරටය

1996 සිට විසි වසරක් පුරා ඇමරිකානු මුස්ලිමුන් වෙනුවෙන් රාමදාන් ඉෆ්තාර් භෝජන සංග්රහයක් ධවල මන්දිරයේ පැවතියේය. නමුත්ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් විසින් හේතු දැක්වීමන් තොරව මෙම ඉෆ්තාර් භෝජනය සංග්රහය නවතා දැමීය. එම පුවත ලොව පුරා අවධානයට ලක්විය. කොළඹ ඇමරිකානු තානාපති අතුල් කේෂප්ද ධවල මන්දිර පරිපාලනයට සමගාමීව රාමදාන් ඉෆ්තාර් උත්සව අවලංගු කලේය. තෙල් රජවූ කාලය ඉවරය. ඊට විකල්ප පැමින ඇත.

වහාබ් වාදයේ මහගෙදර සෞදි අරාබියයි . අද සෞදියේ සිදුවන්නේ කුමක්ද ? සෞදියේ සල්මාන් කුමරු ආගමික පොලීසිය (මුතෙව්වා ) නිකමුන් බවට පත්කර ඇත. ආගමික පොලීසියට වැ‍ටුප් ගෙවීම අත්හි‍ටුවා ඇත. කාන්තාවගේ කලු කබා අනිවාර්ය නීතිය ඉවත් කර ඇත. නියොම් නම් වූ සංචාරක පුරවරයක් ඉදිකිරීම පසුගිය නොවැම්බරයේදී ගිවිසුම් ගැසුවේය.එහි ක්‍රියත්මක වන්නේ ශරියා නීතිය නොවේ . නියොම් ව්පෘයිතියේ ප්රධාන විධායක නිලධාරී කාලොස් ක්ලෙන්ෆිල්ඩ් Dr. Klaus Kleinfeld- ප්රධාන ආයෝජක ස්ටෙෆන්. එ ස්වොර්මන් Stephen A.Schwarzman සහ රොබෝ තාක්ෂන ප්රධානී මාර්ක් රිබර්ට් Marc Raibert යුදෙව් ජාතිකයන්ය.එහි ඉදිකරන නිෂ්චල දේපල වල සින්නක්කර අයිතිය ආයෝජකයන් සතුය. නියොම් දේශයේ නෛතික ආර්ථික දේශපාලන සහ අරක්ෂක විධිවිධාන මෙහෙයවනුයේ ආයෝජකයන්ට බහුතර බලයක් හිමි මණ්ඩලයකිනි.නියොම් නගරය ජොර්දානයේ ඇකබා, ඊජිප්තුවේ තාබා සහ ඊශ්‍රායෙලයේ එයිලට් වරාය නගර හා එකට සම්බන්ද වූවකි. නො එසේනම් සෞදිය විසින් ඊශ්‍රායෙලය පිලිගැනීමයි

ශිව සේනා, 969, අයි-එස්, අල් කයිඩා, බොදු බල සේනා, තව්හීද් ජමාත් වැනි විවිධ කන්ඩායම් කලින් කලට පැමිනෙයි. බැලූ බැල්මට ඔවුන් පෙනී සිටියේ එක් අභිලාශයක් වෙනුවෙනි. ලස්සන අකුරු, පද, පේලි යොදා ඔවුන්ගේ දැක්ම කැටයම් කර ඇත. පිරිසක් ඔවුගේ අභිලාශ සමග ඇලෙයි, තවත් පිරිසක් ගැටෙයි. මතු වීම සත්‍යයේ ස්වභාවයයි. සැබැවිනම් ඥානසාර හිමි හෙලයන්ට කල අවැඩක් මිස සේවයක් නොමැත. අන්තවාදී මුස්ලිම් කන්ඩායම්වල තත්වයද මීට වෙනස් නැත. මෙම කල්ලි කන්ඩායම් කරන්නේ රහස් සංවිධානයක කොන්ත්‍රාත්තුවක් ඉටු කිරීමය. අන්තවාදය සාතන්ගේ දාසයෙකු මිස දේවදූතයෙකු නොවේ.

ලියුම්කරු – කීර්ති රත්නායක

Published on: Mar 6, 2018 – අග්‍රාමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා යටතට පත්කර තිබෙන නීතිය හා සාමය කැබිනට් අමාත්‍ය ධූරය සඳහා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ නම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යොමුකර තිබුනද එම අමාත්‍යධුරය ෆොන්සේකාට ලබාදිමට ජනාධිපතිවරයා දෙගිඩියාවෙන් සිටින බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍ය ධූරය ලබාදීමට ජනාධිපතිවරයා ගෙන ඇති තින්දුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මෛත්‍රී පිළ ජනාධිපතිවරයාට අනතුරු අගවා තිබේන බව අප දේශපාලන වාර්තාකරු පසුගියිදා අනාවරණය කල අතර පසුව එම අනතුරද නොසලකා ජනාධිපතිවරයා නීතිය හා සාමය අමාත්‍යංශය ෆොන්සේකාට දිමට කැමත්ත පලකර තිබුනා.

කෙසේවෙතත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවිමත් සමග සිරිසේන ජනපති ගත් තින්දුව මදක් පස්සට ගෙන ඇති අතර තමන්ගේ ජපාන සංචාරයෙන් පසුව එම පත්කිරිම පිළිබඳව සිතා බලන බව ජනපති මේ වනවිටත් දැනුම් දි තිබේ.

ලබන 12 වැනි දා ජපානයට යන ජනපති නැවත ශ්‍රී ලංකාවට එන්නේ 15වැනිදාය.

මීට පෙර පැවති තත්වය අනුව අඟහරුවාදා එනම් අද (06) තිබෙන කැබිනට් රැස්වීමෙන් අනතුරුව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා දිවුරුම් දීමට නියමිත ව සිටියේය. නමුත් මේ නව කතා බහත් සමග පෙනී යන්නේ එය බොහෝවිට සිදුනොවන දෙයක් බවට පත්ව ඇති බවයි.

නාධිපති මෛත්‍රීපාල සිරිසේනට වැඩිම තර්ජනයක් පවතින්නේ හිටපු හමුදාපති ෆිල්ඩ් මාෂල් අමාත්‍ය සරත් ෆොන්සේකාගෙන් බවට බුද්ධි අංශ ආරක්ෂක ආරක්ෂක මණ්ඩලයට වාර්තාකර තිබේන බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය 2017 වසරේ අනාවරණය කල අතර එම අනාවරණය පහත දක්වා තිබේ

http://198.211.112.164/archives/15086

http://198.211.112.164/archives/16789

http://198.211.112.164/archives/17537

 

Published on: Mar 4, 2018- එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු වන ලක්ෂමන් කිරිඇල්ල සහ තවත් ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු රනිල්ට එරෙහි විශ්වාසභංගයක් ගෙන එමට කටයුතු කරන එජාප රනිල් විරෝධි කල්ලියේ සමාජිකයන් හමුවි කල සාකච්ඡාවක් පිළිබඳව තොරතුරු අනාවරණය විමෙන් රනිල් පිළ දැඩි ලෙස කලබලයට පත්ව සිටින බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව සඳහා ආණ්‌ඩු පක්‌ෂයේ මෙන්ම විපක්‌ෂයේ මන්ත්‍රීවරුන්ගේ ද අත්සන් ලබාගැනීම මේ සතියේ පාර්ලිමේන්තුවේදී සිදුකරන බව එජාප ජ්‍යෙෂ්ඨයෙකු මේ වනවිට අනාවරණය කර තිබේ.

අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් කිරීමට යෝජිත විශ්වාසභංග යෝජනාවට අත්සන් තැබීමට ඒකාබද්ධ විපක්‌ෂයේ මෙන්ම ආණ්‌ඩුවේ සිටින ශ්‍රීලනිප ඇමැතිවරුන් ද එකඟත්වය පළ කර ඇති අතර ජවිපෙ මන්ත්‍රීවරුන් ද විශ්වාසභංග යෝජනාවට පක්‌ෂ බව මේ වනවිට දැනුම් දි තිබේ.

තත්ත්වය මෙසේ තිබියදි රනිල් පිළේ රනිල්ට අතිශයෙන් සමිප කිරිඇල්ල වැනි ජ්‍යෙෂ්ඨයන් රනිල්ට එරෙහිව පිලිබද රනිල් පිළ දැඩි ලෙස කලබලයට පත්ව සිටින අතර එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරයේ උද්ගත වී තිබෙන අර්බුදකාරී තත්ත්වය සමනය කරමින් සියලු පාර්ශවයන් එකට ඒකරාශී කර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂා කර ගැනීම සඳහා ස්වදේශ කටයුතු ඇමති වජිර අබේවර්ධන මහතා විශේෂ රහස් මෙහෙයුමක් ද දියත් කර තිබේ.

මේ අතර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් වුවහොත් පාර්ලිමෙන්තුවේ ආණ්‌ඩුවේ හවුල්කාර ඇතැම් මුස්‌ලිම් පක්‌ෂ විශ්වාසභංග යෝජනාවට පක්‌ෂව ඡන්දය භාවිතා කරන බව මේ වනවිටත් පවසා ඇති අතර දෙමළ ජාතික සන්ධානය විශ්වාසභංග යෝජනාවේදී ඡන්දය භාවිතා කරන ආකාරය සම්බන්ධයෙන් තවමත් තීරණය කර නැති බවද වාර්තා වේ.

Top