ලසන්ත වික්‍රමතුංග ඝාතනයට තමන් සම්බන්ධ යැයි රටට ඒත්තු ගැන්වීම් සහ ඒ මගින් තමන් අත්අඩංගුවට ගැනීමට හේතුවක් සෙවීම රජයේ අලුත්ම ප්‍රයත්නය වී එතැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

අද(28) මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කළා.

උපුටා ගැනීම-

රජයට සම්බන්ධ ආරංචි මාර්ග උපුටා දක්වමින් පසුගිය සතියේ එක්තරා වෙබ් අඩවියක පවසා තිබුණේ දැනට අත් අඩංගුවේ පසුවන පොලිස් නිලධාරියෙකුගේ සාක්ෂි අනූව ලසන්ත ඝාතනයට හමුදා බුද්ධි අංශ සම්බන්ධ බවත්,එවකට ජාතික බුද්ධි අංශ ප්‍රධානී වූ මේජර් ජෙනරාල් කපිල හෙන්දවිතාරණ යටතේ හමුදාවේ ඝාතන කල්ලියක් ක්‍රියාත්මක වූ බවත් එකල හෙන්දවිතාරණ වාර්තා කළේ ගෝඨාභය රාජපක්ෂට බවත්ය.මෙය පැහැදිලිවම ජනතාව නොමග යැවීමට සහ සත්‍ය තොරතුරු වසන් කිරීමට ගන්න හාස්‍යජනක උත්සාහයකි.

ජාතික බුද්ධි ප්‍රධානී යනු හමුදාවට් අයත් නොවන ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පැවති සිවිල් තනතුරක් පමණක් නිසා කපිල හෙන්දවිතාරණ යටතේ කිසිඳු හමුදා ඛන්ඩයක් ක්‍රියාත්මක නොවීය.මේ කියනා අවධියේ හමුදාපතිවරයා වූයේ ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා වූ අතර යුද්ධයේ උච්චතම අවස්ථාව වූ මේ කාලයේ හමුදාපති සරත් ෆොන්සේකාගේ අනුදැනුමෙන් තොරව කිසිඳු බුද්ධි අංශ හමුදා ඛණ්ඩයක් ක්‍රියාත්මක වූවා විය නොහැකි බව ජාතික ආරක්ෂක කටයුතු පිළිබඳ අල්පමාත්‍ර අවබෝධයක් හෝ ඇති අයෙකු දනී.

මෑතකාලීන දේශපාලන මඩ ප්‍රචාරණ වලට අනූව ලසන්ත ඝාතනය සිදුවූයේ මිග් ගුවන්‍ යානා පිළිබඳව මා හට එරෙහිව ඔහු විසින් කරන්නට ගිය හෙළි කිරීම් නිසාය. මේ සාවද්‍ය ප්‍රකාශය කරනා අයට අමතක වී ඇති කරුණ නම් ප්‍රවෘත්තිය ප්‍රචාරය කිරීම පිළිබඳව ලසන්ත කතෘත්වය දැරූ සන්ඩේ ලීඩර් පුවත්පතට මා විසින් එදා නඩු පැවරූ බවය. පුවත්පත ප්‍රසිද්ධියේ වරද පිළිගෙන සමාව ඉල්ලා සිටි නිසා ඉන් ඔබ්බට මා හට ඔවුන් සමඟ ගැටළුවක් නොතිබුණි.

නමුත් මෙහිදී මතක් කළයුතු වැදගත් කරුණක් නම් ලසන්ත ඝාතනය වන්නට සති කිහිපයකට පෙර ඔහු විසින් එවකට හමුදාපතිව සිටි සරත් ෆොන්සේකාවද දැඩිලෙස විවේචනය කරමින් ලිපි පෙළක් ලියන් ලද බවයි. විශේෂයෙන්ම වත්මන් අගමැතිවරයා එදා ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් චෝදනා කළේ එවකට හමුදාපති වූ සරත් ෆොන්සේකාට නිසා, අද රනිල් වික්‍රමසිංහ මහතා යටතේම තිබෙන පොලීසියට එදා ඔහු කළ චෝදනාව ගැන පරීක්ෂණ අරඹන ලෙස නියෝගයක් දීම පහසුවෙන්ම කළ හැක.

ඒ වෙනුවට අද කුහක දේශපාලඥයන් කරන්නේ නරියාට කුකුල්ලු භාර දුන්නාක් මෙන් සරත් ෆොන්සේකාට පොලීසිය බාර දිය හැකිදැයි යෝජනා කිරීමයි.

එහෙයින් ලෝකයේ බොහෝ රටවල බිහිවූ මෙවැනි දුර්දාන්ත රජයන් අවසානයේ ජනතාව විසින්ම පළවා හැරියාක් මෙන් නුදුරු අනාගතයේදීම ශ්‍රී ලාංකික ජනතාවද මේ අසාධාරණයන්ට නිසි පිළිතුරු දෙනු ඇත.

Published on: Feb 26, 2018- 2015 අගෝස්තු 17 දින පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු වසර 3කට පසු පවත්වන ලද පළමු මැතිවරණය වූයේ පළාත් පාලන මැතිවරණයයි. එය 2018 පෙබරවාරි 10 දින පවත්වන ලදී.

එහි ප්‍රතිඵල අනුව

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද                    4,941,952        එනම්           44.65%

එක්සත් ජාතික පක්ෂය ඡන්ද                                      3,612,259        එනම්           32.63%

එක්සත් ජනතා නිදහස් සන්ධානය                            989,821           එනම්              8.94%

ජනතා විමුක්ති පෙරමුණ                                             693,875            එනම්              6.27%

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය                                             491,835             එනම්              4.44%

ඉලංකෙයි තමිල් අරසු කච්චි                                       339,675             එනම්              3.07%

ක්ද ලබා ඇත.

ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵලවලට අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ලැබී තිබෙන්නේ ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් 45% කට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් බවත් මෛත්‍රී-රනිල්-සම්බන්ධන්-අනුර-හකීම් ඒකාබද්ධය විසින් 50% ආසන්න හෝ වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ඇති බවත් පෙනී යයි. ඒ අනුව සැබෑ ජනවරම ඇත්තේ පොහොට්ටුවටද යන්න මේ දක්වා කිව නොහැකිය.

තර්ක සහ අනුමිතීන් සාධක සහ සාක්ෂි මත තීරණය කරන හෙයින් 1988 පැවති ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අධ්‍යයනය කිරීම ද පළාත් පාලන ජනවරමෙන් අගමැතිවරයා වෙනස් කිරීමේ වැරදි පීල්ලට ඒකාබද්ධ විපක්ෂය සීරුමාරු වීමෙන් 2020 ජනාධිපතිවරණයේ දී 2වන මනාපයට පාර කපාගත් යහපාලන සංහිදියා ඊනියා ජාතික ආණ්ඩුව සම්බන්ධ ලිපියක් ලිවීමේදී වැදගත් වෙයි.

එකී ජනාධිපතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වූ රණසිංහ ප්‍රේමදාස මහතා ඡන්ද 2569199 එනම් 50.43% ක්ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් වූ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය ඡන්ද 2289860 එනම් 44.95%ක්ද ශ්‍රී ලංකා මහජන පක්ෂයෙන් ඉදිරිපත් වූ ඔසී අබේගුණසේකර මහතා ඡන්ද 235719 එනම් 4.63ක් ලබා ගන්නා ලදී.

1988 පැවති ජනාධිපතිවරණ ප්‍රතිඵලය

  1. එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වූ රණසිංහ ප්‍රේමදාස මහතා ඡන්ද 2569199 එනම් 50.43%
  2. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් වූ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය ඡන්ද 2289860 එනම් 44.95%
  3. ශ්‍රී ලංකා මහජන පක්ෂයෙන් ඉදිරිපත් වූ ඔස්වින් අබේගුණසේකර මහතා ඡන්ද 235719 එනම් 4.63ක් ලබා ගන්නා ලදී.

1988 ජනාධිපතිවරණයේදී 2වැනි මනාපය ගැනීමට සිදුවනු ඇතැයි බොහොදෙනෙකු විශ්වාසය තබා තිබුණද එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වූ රණසිංහ ප්‍රේමදාස මහතා ඡන්ද 2569199 එනම් 50.43% ලබා ගෙන තිබූ හෙයින් එය අවශ්‍ය නොවූයේ සියයට දශම 43ක් වැඩි වීමෙනි.

2010 සිට ජනාධිපතිවරණයට හංසයා මතුවීම

වර්ෂ 2009 මැයි මස 19 වැනි දින බෙදුම්වාදී සන්නද්ධ අරගලය නන්දුකඩාල් කළපුවේදී යුධමය වශයෙන් අවසන් කිරීමත් සමග 2010 පැවති ජනාධිපතිවරණයේ සිට හංසයා ලකුණ යටතේ පොදු අපේක්ෂක භූමිකාවක් ඉදිරිපත් වන්නට විය. ජනාධිපතිවරණය පමණක් ඉලක්කකර ගනිමින් හංසයා පක්ෂය ගොඩනැගුණ බව පෙනෙන්නට තිබුණ අතර 2010 සහ 2015 ජනාධිපතිවරණ සදහා හංසයා ලකුණින් පොදු අපේක්ෂකයන් ඉදිරිපත් කරනු ලැබීය. 2010 ජනාධිපතිවරණයට හංසයා ලකුණින් ඉදිරිපත් කළ පොදු අපේක්ෂකයාට ජයගත නොහැකි වුවත්, 2015 ජනවාරි පැවති ජනාධිපතිවරණයට හංසයා ලකුණින් ඉදිරිපත් කළ පොදු අපේක්ෂකයා ජයග්‍රහණය කළේය.

එකී 2015 ජනවාරි පැවති ජනාධිපතිවරණයට හංසයා ලකුණින් ඉදිරිපත් කළ පොදු අපේක්ෂකයා ජනාධිපති වීමත් සමගම එකී හංසයා සන්ධානයේ අරමුණු සහ ඉලක්ක නීතිමය සහ ජනතාමය වශයෙන් බලවත් කිරීමට එකී පොදු අපේක්ෂකයා කටයුතු කළේය. එයට නිවැරදිම නිදසුන වන්නේ 2015 අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණයට පෙර ආසන්න දිනයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම්වරයා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා කොළඹ දිසා අධිකරණයේ නඩු පැවරීමකින් වෙනස් කර ගැනීමට අවශ්‍ය නෛතික බලය අතැතිව මැතිවරණයෙන් පරාජයට පත් වූ මැතිවරණ අපේක්ෂකයින් රොත්තන් මන්ත්‍රීවරුකර ගැනීමය.

ඉන් නොනැවතුන ජයග්‍රාහී හංසයා පොදු අපේක්ෂකයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජාතික ආණ්ඩුව අර්ථ දක්වා ඇති 46.5 ව්‍යවස්ථාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 125 ව්‍යවස්ථාව අනුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොව කථානායකවරයා මගින් අර්ථනිරෑපණය කරගනිමින් ඊනියා ජාතික ආණ්ඩුවක් නිර්මාණය කරගෙන අති විශාල ඇමති මණ්ඩලයක් පත් කර ගත්තේ ය.

එවන් වාතාවරණයක් යටතේ පැවති 2018 පළාත් පාලන මැතිවරණයේදී අති බහුතර ජනතාවක් එනම් 44.65% ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එනම් පොහොට්ටුවට ඡන්දය ලබා දී මේ නිර්මාණය කරගෙන සිටින අති විශාල ඇමති මණ්ඩලයකින් යුත් ඊනියා ජාතික ආණ්ඩුවට සිය ජනතා විරෝධය ප්‍රකාශය කරන ලදී. එසේ වුවත් එකී පොහොට්ටු නායකයන් එකී ජනවරමෙන් ලැබූ පිම්බීම වරදවා වටහා ගෙන අගමැතිවරයාට ඉවත්වන ලෙසත්, නව පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන ලෙසත් ප්‍රකාශ කරන්නට විය. මුහුද හත්ගව්වක් තියා අමුඩ ගැසීම ගැන අප අසා ඇතත් පළාත් පාලන මැතිවරණ පරාජයකින් පසු අගමැතිවරයා ඉවත් වීමක් ලංකාව වැනි රටකින් කිසිසේත් බලාපොරොත්තු විය නොහැකි බව එකී පොහොට්ටු නායකයන් දැන නො සිටින්නට ඇත.

2020 ජනාධිපතිවරණය සදහා තුන්වන අපේක්ෂකයෙක් බෞතීස්ම කර ගැනීම

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46.1ට පටහැනිව යමින් ජනසම්මතයට පටහැනිව 30 වැඩියෙන් පවත්වාගෙන යන ඇමති මණ්ඩලය 30 දක්වා අඩු කර ගැනීම වැනි ප්‍රායෝගික ක්‍රියාමාර්ගවලට අවතීර්ණ නොවූ පොහොට්ටු නායකයන් ගලෙන් පට්ටයක් ගැනීම වැනි අගමැතිවරයා වෙනස් කර ගැනීමේ දේශපාලන උපායමාර්ගයක් වෙත යොමු විය. කරගත හැකිව තිබූ ජනාතා සුභවාදී පියවරයන් ගන්නවා වෙනුවට කරගත නොහැකි දේශපාලන උපායමාර්ග තෝරා ගත්තේ ය.

පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල සමග ඊනියා ජාතික ආණ්ඩුව තීරණාත්මක ලෙස පසු බැස තිබීමත් සමග අගමැති ධුරය සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝ එක්සත් නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරයෙක් පත් කරන්නට යන බව පොහොට්ටු නායකත්වය විසින් සමාජගත කරන්නට වූ අතර ඒ සදහා ඊනියා ජාතික ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරු මනා සහායක් දුන්නේ ය. 2015 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පරාජිතයන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කරමින් ජනවරම නොතකා සිටි පොහොට්ටුවට ඡන්දය දුන් අපේක්ෂකයන්ගේ ජනවරම නැවත වරක් නොතකා සිටියේ ආකාරයෙනි.

මේ ආකාරයට දිගින් දිගටම හංසයා ජනාධිපති අපේක්ෂකයන් කටයුතු කරන්නේ ඇයිද? යන්න විමසා බැලීමේදී තවත් මාස 18කින් පමණ පැවැත්වීමට ඇති 2020 ජනාධිපතිවරණය පිළිබද විමසිය යුතුය. එහිදී ඉදිරිපත්වන හංසයා පොදු අපේක්ෂකයා ජය ගැනීමට නම් පොහොට්ටුවට ලැබෙන්නට ඇති දකුණේ ඡන්ද කඩා ගැනීමේ අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝ එක්සත් නිදහස් සන්ධානයට සිදු වේ. ඒ සදහා හොදම අවස්ථාව 2018 පළාත් පාලන මැතිවරණයෙන් පසු අගමැති ධුරය සදහා නම් කරන ලංසු තැබීමයි.

2018 පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල සමග අගමැති ධුරය හිමි කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝ එක්සත් නිදහස් සන්ධානයේ ඊනියා ජාතික ආණ්ඩු ඇමතිවරු අතර මේ සිදුකරන ක්‍රීඩාව අවසන් වන්නේ 2020 දී තුන් කොන් ජනාධිපතිවරණ සටනක් අවුලුවා දකුණේ ඡන්ද බෙදීමට සළස්වා අවසානයේ 2වන මනාපය ගැනීමෙන් හංසයා ජනාධිපති අපේක්ෂකයා ජයගැන්වීමෙනි.

2020 ජනාධිපතිවරණයේ තුන්කොන් ජනාධිපතිවරණ සටනක දී කිසිත් අපේක්ෂකයෙක් 50%වඩා ඡන්ද ලබා නොගන්නා බව වටහා ගැනීම අසිරු නොවේ.

පළාත් පාලන ජනවරමෙන් අගමැතිවරයා වෙනස් කිරීමේ වැරදි පීල්ලට ඒකාබද්ධ විපක්ෂය සීරුමාරු වීමෙන් 2020 ජනාධිපතිවරණයේ දී 2වන මනාපයට පාර කපාගත් යහපාලන සංහිදියා ඊනියා ජාතික ආණ්ඩුව අද දවසේත් රටේ දේශපාලන ගමන් මග තීරණය කිරීමට සමත් වී ඇති බව පෙනේ. එය ඔවුන්ගේ දක්ෂතාවය නොව ඒකාබද්ධ විපක්ෂයේ නො හැකියාවයි.

 Published on: Feb 25- මෙය යථාර්තවාදීව තේරුම්ගත යුතු කාරණයකි. මහින්ද කඳවුර විසින් තාමත් 2019 සඳහා ජනාධිපතිවරණ අපේක්‍ෂකයෙකු තෝරා පත් කරගෙන නැත. එසේ තෝරා ගන්නේ නම් එය සිදු වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ මහින්ද බලවේගයේ ජාතික සම්මේලනයක දී ය. සාමාන්‍යයෙන් ජනාධිපතිවරණ අපේක්‍ෂකයින් තෝරා පත්කර ගන්නේ එවැනි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රම හරහා නිසා ය. තවත් ක්‍රමයක් නම්, පසුගිය හංසයා පක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා තෝරාගත් ක්‍රමයයි. එසේ සිදු වන්නේ නම්, එය ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ පසු සිදුවන දෙයකි.

මේ කුමන තත්වයක් යටතේ හෝ ජනපතිවරණ අපේක්‍ෂකයෙකු තෝරා ගැනීම සඳහා මේ වන තෙක් බලවේගය තුළ හෝ පක්ෂය තුළ කිසිදු සාකච්ඡාවක් සිදු වී නැත. එම පසුබිමෙහි ඇතැම් සුළු පක්‍ෂ නායකයින් විසින් තම අභිමත අපේක්‍ෂකයා ප්‍රකාශයට පත් කිරීම සඳහා ප්‍රසිද්ධ මාධ්‍ය හරහා ක්‍රියා කර තිබීම අවාසනාවන්ත කාරණයකි. එය අවාසනාවන්ත වන්නේ, මෙම අපරිණත ප්‍රකාශ මහින්ද කඳවුර බෙදා වෙන් කිරීම සඳහා ප්‍රතිවාදීන් විසින් කළ සැලසුමකට හිතා මතා හෝ නොදැන හසු වී තිබෙන හෙයිනි.

අපගේ අනභිබවනීය නායක මහින්ද රාජපක්‍ෂ මහතාට මෙවර ජනපතිවරණයට ඉදිරිපත් වීමට නොහැකි පසුබිමක, ඉතිරි වන්නේ බැසිල් රාජපක්‍ෂ මහතා හෝ ගෝඨාභය රාජපක්‍ෂ මහතා ය. එම දෙපලගෙන් අප අපේක්‍ෂකයා කවුදැයි වේලාසන ප්‍රකාශ ඉදිරිපත් කිරීම දේශපාලනික ව මෙන්ම මූලෝපායිකව ද සුදුසු නැත. එහෙත්, පළාත් පාලන මැතිවරණයට පසු දින ඒකාබද්ධ විපක්‍ෂයට අයත් එක්තරා සුළු පක්‍ෂයක නායකයෙකු විසින් ප්‍රකාශ කළේ තම අපේක්‍ෂකයා ගෝඨාභය බව ය. ඔහු එම ප්‍රකාශය ෆේස්බුක් තුළ මුදල් ගෙවා ප්‍රචාරයට ද කටයුතු කර තිබෙනු දුටුවෙමි. දැන් තවත් පක්‍ෂ නායකයෙකු එය ප්‍රසිද්ධ පුවත්පතක් හරහා සිදු කොට තිබේ. මේ හදිසිය කා සඳහා ද?

අවම වශයෙන් මේ පිළිබඳ බලවේගය නියෝජනය කරන නායකයින් අතර අභ්‍යන්තර සංවාදයක් හෝ පවත්වා නැත. අප බලවේගයේ උත්තරීතර නායකයා මහින්ද රාජපක්‍ෂ බවට කිසිවෙකුට කිසිදු සැකයක් නැත. එම නායකයා පවා මේ පිළිබඳ මාධ්‍ය තුළ හෝ ඉන් පිටත අදහස් දක්වා ද නැත. ඔහු සිතනු ඇත්තේ එය ක්‍රමානුකූලව සිදුවිය යුතු දෙයක් මිස මාධ්‍ය අවකාශවල සිදුකරන වීර ප්‍රකාශ තුළින් සිදු නොවන බව ය.

ඉහත තත්වය තව තවත් ගැටළුකාරී කරන කාරණයට මම එමි. එනම්, මහින්ද බලවේගය දේශපාලන මූලෝපායන් ඔස්සේ සංවිධානය කරනු ලබන්නේ හා මෙහෙයවන්නේ, බැසිල් රාජපක්‍ෂ මහතා ය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාණය කරමින් එය ඉතා කෙටි කාලයක් තුළ ජයග්‍රහණය කරා මෙහෙය වූ ඔහු බලවේගය තුළ විශාල මතවාදී හා මූලෝපායික තීන්දු පිළිබඳ බලපෑම්කාරී චරිතයකි. යට කී පිරිස් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ප්‍රසිද්ධ මාධ්‍ය තුළින් අපේක්‍ෂකා ලෙස නම් කරන විට බැසිල් රාජපක්‍ෂ මහතාගෙන් මේ පිළිබඳ විමසා සිටීමේ යුතු කමක් මතු නොව වගකීමක් ද තිබුණි. ඔහු කජු ඇට කොස් ඇට ද? ඍජු හා විනිවිද පෙනෙන හා ප්‍රායෝගික තීන්දු ගන්නා බැසිල් රාජපක්‍ෂ නොසලකා හැර මෙවන් ප්‍රකාශ රටට කළේ ඔහු කලකිරීමට, අසීරුවට හෝ කුපිත කිරීමට ලක් කොට බලවේගය තුළ ගැටුම් නිර්මාණය කිරීමේ අදහසින් ද? මේ අතර, පසුගිය දා ගෝඨාභය රාජපක්‍ෂ මහතා ම පුවත්පතකට ප්‍රකාශ කොට තිබුණේ, තමා ජනපතිවරණයට ඉදිරිපත් වන්නේ නම්, ඒ සඳහා මහින්ද රාජපක්‍ෂ මහතා හා බැසිල් රාජපක්‍ෂ මහතා ඊට අනුමැතිය දිය යුතු බව ය. එය ඥානවන්ත ප්‍රකාශයකි. මන්ද උත්තරීතර නායක මහින්ද රාජපක්‍ෂ හා දේශපාලන නායක බැසිල් රාජපක්‍ෂ යන මහත්වරුන් විසින් මෙම බලවේගය විශාල පරිශ්‍රමයක් දරමින් සංවිධානය කර තිබෙන පසුබිමක, ගෝඨාභය මහතාට හෝ හිතුවක්කාරී ලෙස අපේක්‍ෂකයා තමා ලෙස ප්‍රකාශ කළ නොහැකි ය.

ඇත්ත වශයෙන් ම මෙම අපේක්‍ෂක හඳුන්වාදීම් දාමයේ අරමුණ වන්නේ බලවේගයේ සංවිධායක මෙන් ම හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ හා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා අතර ඝර්ෂණයක් (friction) ඇති කිරීම සඳහා ය. අපි මෙම තත්වය කලක සිට හඳුනාගෙන ඇති කරුණකි. එවැනි සැලසුම් මීට කලින් ද තිබී ව්‍යර්ථ කර දැමුණි. මේ අතර, අපගේ පසුගිය සමයේ අතැම් ප්‍රතිචාර අහඹු හා හුදකලා ඒවා නොව, ගැඹුරු සැලසුමක තතු දැන කළ සවිඥානික ඒවා බව බැරැරුම් ලෙස සිතන ඔබට ඉඟි කරමි. ඒ අනුව, මෙම තත්වය උදා කරනු ලබන්නේ ගෝඨාභයට ආදරයෙන් ගෝ රටට ආදරයෙන් නොවන බව කියමි. එසේ වූයේ නම් කරන්නේ සියළු දෙනාගේ අනුමැතිය හා එකඟතාව සහිතව ගැටුම් ඇති නොවන ලෙස මෙය සිදු කිරීම ය. අමතර වශයෙන් කිය යුත්තේ රාජපක්‍ෂ පවුල තුළ ගැටුම් ඇතිකර, ඔවුන් බෙදා පරාජය කොට අවසානයේ රාජපක්‍ෂවරුන් දේශපාලනයෙන් අතුගා දැමීමේ සැලසුම කිසිදා සාර්ථක කර ගැනීමට අප ඉඩ නොතබව බව ය. තව ද රාජපක්‍ෂවරුන්ගේ සහෝදර බැඳීම අපට සිතීමට වුව නොහැකි තරමට ගැඹුරු බව ද කියමි.

මේ අතර, ජනපතිවරණයට තව වසර එක හමාරකට වඩා තිබේ. ඒ අතර තුර බොහෝ දේ වෙනස් විය ද හැක. මහින්ද රාජපක්‍ෂ මහතාට නැවත ජනපතිවරණයට ඉල්ලීමට අවස්ථාවක් එන්නට ද පිළිවන. එවිට කිසිදු ගැටළුවක් නැත. තව ද රටේ තත්වය ද නොසිතූ ලෙස වෙනස් විය හැකි ය. එම වෙනස් වූ මොහොත විසින් ඉල්ලා සිටින අපේක්‍ෂකයා අපට දැන් ම ම කිව නොහැකි බව ප්‍රායෝගික යථාර්තයකි.

2019 ජනපතිවරණය සඳහා ගෝඨා හෝ බැසිල් යන දෙදෙනාගෙන් කවුරුන් පැමිණිය ද එම බලවේගය පූර්ණ වශයෙන් මහින්ද රාජපක්‍ෂ මහතාගේ බලවේගයක් විය යුතු බව අපගේ තිර විස්වාසයයි. මන්ද, එම සටනේ ජයග්‍රහණය පවතින්නේ මහින්ද නිසා මිස, බැසිල් හෝ ගෝඨා නිසා නොවේ. ලක්දිව ජනහදවත් තුළ ඇට මස් ලේ නහරවලට කිඳා බැස ඇති නායකයා මහින්ද ය. එය අනුල්ලංඝණීය වේ. ජනපතිවරණය බැසිල් හෝ ගෝඨා ආව ද ඒ එන්නේ මහින්දගේ නියෝජිතයා ලෙස මිස, බැසිල් හෝ ගෝඨා ලෙස නොවේ. එවැනි තත්වයක, ඉදිරි ජනපතිවරණ අපේක්‍ෂකයා ලෙස එන්නේ බැසිල් ද ගෝඨා ද යන්න එම පවුල තුළ ද අනිවාර්යෙන් සාකච්ඡා විය යුත්තකි. එය සියළු දෙනාගේ සහාය නොවඩුව ලබා ගැනීමට මහගු පිටුවහළකි. මන්ද මහින්ද, බැසිල් හා ගෝඨා යනු එකිනෙකාගෙන් වෙන් කළ නොහැකි ලෙස බැඳී තිබෙන චරිත තුනක් නිසා ය. මොවුන්ගේ ශක්තිය පවතින්නේ ද ඔවුන්ගේ මේ අවියෝජනීය බැඳීම තුළ ය. එම තත්වය උදාවනු තුරු පොදු පුරවැසියා නොව, බලවේගයේ නියෝජිතයින් තම පුද්ගලික නොමනාපකම්/නොරිස්සුම් හෝ කූට සැලසුම් මත මීට ‘හොට නොදා’ සිටීම රටට සැපකි.

මහින්ද පතිරණ (ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය)

Facebook මගින් උපුටා ගැනිමකි…

Published on: Feb 24, 2018- ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍ය ධූරය ලබාදීමට ජනාධිපතිවරයා ගෙන ඇති තින්දුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මෛත්‍රී පිළ ජනාධිපතිවරයාට අනතුරු අගවා තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කලා.

බොහෝදුරට ඉරිදා සිදුකිරිමට නියමිත කැබිනට් මණ්ඩල සංශෝධනය නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍ය ධූරය සරත් ෆොන්සේකා මහතාට ලබා දිය යුතුවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තරයේම ඉල්ලිමක් කර තිබේන නමුත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම ඉල්ලිම සම්බන්ධයෙන් කැමත්තක් දක්වා නොමැති බවයි අප වාර්තාකරු සදහන් කලේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මැති ඇමතිවරුන් පිරිසක් විවිධ කරුණු දක්වමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා තිබෙන්නේ සරත් ෆොන්සේකා මහතාට නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍ය ධූරය ලබාදීම සම්බන්ධයෙන් තව දුරටත් සිතා බලන ලෙසය.

“සරත් ෆොන්සේකා කියන්නේ නයා වගේ පොරක් මතකනේ 2010 … ආපහු මේ වගේ ඇමතිකමක් දුන්නෝත් අපි කාටවත් බේරිලා ඉන්න් වෙන්නේ නෑ.. ”

මේ අතර එක්සත් ජාතික පක්ෂයෙ රනිල් පිළ පෙන්වා දි ඇත්තෙ සරත් ෆොන්සේකා බලවත් කිරිම හරහ පක්ෂයේ නායකත්වයට බලපෑම් කිරිම සමත් වනු ඇති බවත් ඒ හෙතුවෙන් නීතිය සහ සාමය වැනි ප්‍රබල ඇමතිකමක් ෆොන්සේකාට ලබාදිමට ජනාධිපතිවරයාට අවස්ථාව ලබා නොදිය යුතු බවයි.

 

90 දශකය වන විට 17 වසරක එ.ජා.ප පාලනයෙන් ජනතාව හෙම්බත් වී සිටියේය, හිහන්නගේ තුවාලය වන් යුද්ධයෙ ඔඩු දුවා තිබුනි. එනමුත් ජනතාවට බලාපොරොත්තුවක සේයාවකද නොතිබිනි .ඒකීය රටක සුභ සිහිනය මියදෙමින් තිබුනි මේ අතර ජාතික ඇදුම ඇදගත් , දුරකථනයට ආයුබෝවන් කියා අමතන ජව සම්පන්න තරුණයේකු මතුව ආවේය . ඒ සදලුතලයෙන් නොව ගෙන්දගම් පොලොවෙනි . ජාතික ව්‍යාපාරයක සංකල්පය ඔහු ජනගත කලේය. සිංහල ව්‍යාපාරික ප්‍රජාවට නායකත්වය දෙමින් ඔහු ‛සිංහල වීර විදහන’බිහි කළේය. සටන්කාමී ධජය මව් බිමේ නාමයෙන් කෙලින් කලේය. යුක්ති යුක්ත දේශපාලන ඉලක්ක හඹා යාමට තරුන පිරිස් ඔහු වටා රොද බැන්දේය

සිංහ කොඩියේ සිංහයා පන ගසා නැගිට්ටේය.එනමුත් අවාසනාවකි . සූරියකන්දේ ඇටසැකිලි වෙලෙන්දන් ජාතික ව්යාපාරයට කොකා පෑවේය.ඒරොප්පෙන් ගොඩබට කල්ලතෝනි නෝනා ජනතාවගේ ඇසට වැලිගසා ජාතික ව්‍යාපාරය හයිජැක් කලාය.ලක්බිම වසර කිහිපයකට ආපස්සට ගෙනයාමට 1994 වසරේ කතිරය සමත් විය .

කොටියා දිනෙන් දින බලවත් වූයේය මුලතිව්,අලිමංකඩ, මාන්කුලම් ජාතියට අහිමි විය , දීගවාපී පුදබිම ඩෝසර් විය, මේ අතර පිංවත් හිමිනමක් තරුන ජාතික ව්යාපාරයට එක් විය. ඊලග ජනධිපතිවරණයට උන්වහන්සේ ඉදිරිපත් වන බව නොබියව ප්රකාශ කලේය. සැක කටයුතු ලෙසින් උන්වහන්සේ අපවත් වූයේය. එනමුත් උන්වහන්සේගේ සිහිනයට පන දුන්නේය, සංඝ සේනාවක් පෙරටුව දියවන්නාව ආක්‍රමණය කලේය. කොටියාට එරෙහිව ත්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරය  බිහි කළේය

2005 තීරණාත්මක කඩ ඉමක් විය. රනිල් කොටියාට උතුරු නැගෙනහිර ගිවිසුමක් මගින් පවරා තිබුනි. හමුදා සේනාංක බැරැක්ක වලට සීමා කොට තිබුනි. හමුදාවේ අණ දෙන රේඛාව අකර්මන්ය කොට තිබුනි . කොටි කෙල්ලන් හමුදා බැරැක්ක ඉදිරියට පැමින කලිසම ගලවා උසුලු විසුලු කලාය. මෙවන් පසුබිමක කොටින්ට කත් අදින රනිල්ට එරෙහිව මහින්ද සමග එක් වූයේය.

පලමු අදියෙරේදී මහින්දට යුධ ක්‍රියාන්විතය පිලිබද කිසිදු විශ්වාසයක් නොවිනි. මහින්දගේ එක් කකුලක් නෝර්වේ සාම බ්රෝකර් කුමාර් රූපසිංහ වෙත වූ අතර අනෙක ආරක්ෂක මන්ඩලයේ විය. පිලිම නොනෙලූ විරුවන් මාවිල් ආරු දක්වා පාගමන් ගියේ මෙවන් පසුබිමකය.

සොල්දාදුවාගේ සිට තරු ජෙනරාල් දක්වා දේශානුරාගය එන්නත් කලේය. කොළඹ සුවපහසු දිවියක් ගෙවමින් ටැමිල් නෙට් මෙහෙයවූ සිවරාමන් නිහඩ වූයේ කොටින්ට කඩේ යන ලොකු කුඩා කාහටත් පනිවිඩයක් දෙමිනි. එදා මාවිල් ආරුවෙන් පටන්ගත් ගමන විජයග්‍රහණ අවසන් විය.

ජයග්‍රහණයට පියවරු බෝහෝ විය. යුද්ධය අවසන් වූ පසු දේශ්‍රපේමි දෙකේ කොලයට වැටිනි , අරලිය මැදුරේ දොර විවෘත වූයේ ජාවාරම් කාරයින්ටය . රාජපක්ෂලා සොරකම් කලේ නැත, මහ දවල් මංකොල්ල කෑවා පමනි. සබද.. මැදමුලන කොල්ලයට විරාමයක් තැබිය යුතුම වූවා නෙවේද? දෛවය පුදුම සරදම් කාරයෙකුයයි මට සිතෙයි … යහපාලනය සිහිනය උපන් ගෙයිම මිය ගොස් ඇත , ඊට යලි පනදිය නොහැක

මහින්ද රාජපක්ෂ මීය කඩන්නේ අත ලෙවකෑමට නොවේ . බැසිල්ගේ බිම් මට්ටම් හිස් පෙලහරකි, මහින්ද ඇතුලු කෙස් පැහුනු දේශපාලන කෙරුමලා ගෝටාගේ ආගමනය වලක්වනු ඇත මෙවර මහින්ද ගහන්නේ අමුතු ගේමකි ,තනි අතේ ගේමකි , ඉලක්කය පුතුන්ගේ හෙට දවසය .වැටෙන් දේ කා සිටිනවා විනා බැසිල්ට හෝ ගෝටාභයට එන් එහා ගමනක් නැත . රනිල් යනු කල්ලතෝනියෙකි , ඔහුට රැකීමට රටක් නැත, දැයක් නැත , ආගමක් නැත තානාපති ඔඩොක්කුව මිස ජන පදනමක් ඔහුට නැත. සිංහලේ ජාතික ව්‍යාපාරයට යලි පන දිය යුතුව ඇත. මව් බිමේ නාමයෙන් සටන්කාමී ධජය වැලදගත යුතු නිමේශය එලඹ ඇත.

ලියුම්කරු කීර්ති රත්නායක

Published on: Feb 18, 2018 – පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලයෙන් පසුව රටේ දේශපාලන අර්බුදයක් නිර්මාණයවීමත් සමගම හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හදිසියේම ශ්‍රී ලනකාවට යළි පැමිණීම පිළිබඳව ඇමරිකානු සහ ඉන්දියානු රාජ්‍ය ඔත්තු සේවාවල විශේෂ අවධානය යොමු වී තිබේ.

ඊට ප්‍රධාන වශයෙන්ම හේතුවී තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර සිය ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කරන ලෙස ඉල්ලා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට අයදුම්පත්‍රයක් ඉදිරිපත් කර තිබීමය.

ශ්‍රී ලංකාවේ උද්ගත වී තිබෙන දේශපාලන අර්බුදය ගැන ඇමරිකානු “සී.අයි.ඒ.” සහ ඉන්දියානු “රෝ”ඔත්තු සේවා මේ දිනවල සීරුවෙන් සිටින බවයි වාර්තා වන්නේ.

Published on: Feb 17, 2018 – 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව යහ පාලන ජාතික ආණ්ඩුව කිසිදු වෙනසකින් තොරව වඩාත් ශක්තිමත් ලෙස ඉදිරියටම ගෙන යන්නේ යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

පාර්ලිමේන්තුවේ බහුතරය තමාට සහ එක්සත් ජාතික පෙරමුණට තිබෙන බව හෙළි කළ රනිල් වික්‍රමසිංහ මහතා අවශ්‍ය මොහොතේ දී එම බහුතරය පාර්ලිමේන්තුවේ දී පෙන්වන බව ද තරයේ කියා සිටියේය.

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ අරලිය ගහ මන්දිරයේදී අද (16) සවස ජනමාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමිනි.

එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් අලුත් නායකත්ව පරපුරක් බිහි කිරීමට සියලු කටයුතු යොදා තිබෙන බව පැවසූ රනිල් වික්‍රමසිංහ මහතා සැප්තැම්බර් මාසයේ සිට ක්‍රමානුකුලව එම නායකයින්ට පක්ෂයේ වගකීම් සහ කාර්ය භාරයන් පවරන බව ද කියා සිටියේය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් ව්ක්‍රමසිංහ මහතා මෙසේ ද කීය.

පළාත් පාලන මැතිවරණයෙන් පසුව ඇති වූ වාතාවරණය පැහැදිලි කිරීම සඳහා අප මාධ්‍ය හමුවක් කැඳවීමට තීරණය කළා. එක්සත් ජාතික පක්‍ෂ මහලේකම් කබීර් හෂීම් මහතා අසනීප තත්ත්වයෙන් පසුවන නිසා ඔහුට මෙම හමුවට සහභාගි වීමට නොහැකි වී තිබෙනවා.

ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහනගර සභා මැතිවරණය අප එකම දිනයක පැවැත්වුවා. පළාත් පාලන මැතිවරණයෙන් ලැබූ ප්‍රතිඵලය අප පිළිගන්නවා. එම ප්‍රතිඵලය ආණ්ඩුවේ අපේ පක්‍ෂ ලැබූ පසුබෑමක් බව කිව යුතුයි. එම පසුබෑම පිළිබඳව අප දැන් කරුණු විමසමින් සිටිනවා. එම පසුබෑමට හේතු ගණනාවක් තිබෙනවා. 2016 වසරේ දී අප ආර්ථිකය ස්ථාවර කොට හොඳ ආර්ථික වර්ධන වේගයක් බලාපොරොත්තු වුණා. 5% ක හෝ 5.5% ක ආර්ථික වර්ධනයක් බලාපොරොත්තු විය හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව පැවසුවා. නමුත් ජල ගැල්ම, නියඟය ආදී හේතඣන් නිසා විවිධ ප්‍රශ්නවලට මුහුණ දීමට සිදු වුණා.

මුල් කාලයේ දී ණය ගෙවීමට තිබූ නිසා උද්ධමනය වැඩි වුණා. ජල ගැල්ම, නියගය ආදී ස්වභාවික ආපදාවන්වල බලපෑමට ලක් වුණා. අවසානයේ දී කෘෂි ආර්ථිකය සම්පූර්ණයෙන් කඩා වැටුණා. අපට දකින්නට ලැබුණේ ඍණ 30 ක වර්ධන වේගයක් පමණයි. එය ආහාර නිෂ්පාදන කර්මාන්තයට බලපෑවා. ජල ගැල්ම සහ නියඟයත් ආහාර නිෂ්පාදනයට අහිතකර ලෙස බලපෑ අතර එම නිසා ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර් මාසවල බඩු මිල ඉහළ ගියා. බොහෝ විට එම තත්ත්වය මේ වන විට පාලනය කර තිබෙනවා. එමෙන්ම පොහොර හිඟය, පොල් මිල ආදියත් අහිතකර බලපෑම් එල්ල කළා. මැතිවරණයක් පවතින සමයක දී මේ සියලූ කරුණු ආණ්ඩුවකට අහිතකර බලපෑම් එල්ල කරන බව කිව යුතුයි.

ඊට අමතරව තවත් හේතු ගණනාවක් බලපෑවා. ජනවාරි 08 වැනි දා ලබාදුන් පොරොන්දු රාශියක් අප විසින් මේ වන විට ඉටු කර තිබෙනවා. සමහර පොරොන්දු ක්‍රියාත්මක කරමින් සිටිනවා. තවත් පොරොන්දු ඉටු කිරීම ආරම්භ වී නැහැ. එම නිසා ඡන්ද දායකයින්ගෙන් අපට ලැබුණු අනතුරු හැඟවීම පිළිගත යුතුයි. එම අනතුරු හැඟවීම පිළිගෙන ඉදිරි වැඩ කටයුතු කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

ප්‍රශ්න සඳහා සොයා ගත් විසඳුම්වල සාර්ථක, අසාර්ථක බව මෙන්ම නව විසඳුම් පිළිබඳව විග්‍රහ කරමින් සිටිනවා. අපගේ වැඩසටහන් සම්පූර්ණයෙන්ම ප්‍රතිව්‍යූහගත කිරීමට කටයුතු කරනවා. ඊළඟ වසර දෙක තුළ මීට වඩා හොඳ තත්ත්වයක් නිර්මාණය කිරීම අපේ අරමුණයි. ඒ සඳහා ආණ්ඩුවේ ප්‍රතිසංස්කරණ පිළිබඳවත්, අමාත්‍යවරුන්ගේ ප්‍රතිසංස්කරණ පිළිබඳවත් අප සාකච්ඡා කරගෙන යනවා.

එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු ද අප හමුවේ තිබෙනවා. අප පක්‍ෂය ද පසුබෑමකට ලක්ව තිබෙනවා. එය යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා විශාල ප්‍රතිව්‍යූහගතකරණයක් කළ යුතුයි. පක්‍ෂය බාර ගැනීම සඳහා අලූත් නායකයන් බිහි කළ යුතු යැයි මා එක්සත් ජාතික පක්‍ෂයේ 70 වන සංවත්සරයේ දී පැවසුවා. 70 පරපුර, 1994 පරපුර මෙන්ම වර්ෂ 2000 පරපුර ද පක්‍ෂයේ සිටිනවා. බොහෝ අයට ඉදිරියට පැමිණීමට හැකියාව තිබෙනවා. ඔවුන්ට වගකීම් බාරගත හැකියි. පළාත් පාලන මැතිවරණයෙන් පසුව එම කටයුතු සිදු කිරීමට තීරණය වී තිබුණා.

අලූත් නායකත්ව පරපුරක් බිහි කරන ප්‍රතිසංවිධාන කටයුතු පක්‍ෂය තුළ කඩිනමින් කිරීමට අපි කටයුතු කරනවා. ඒ පිළිබඳව දැනට සාකච්ඡා කරනවා. අලූත් පරපුරට පක්‍ෂයේ වගකීම් බාර දීමට කාලය පැමිණ තිබෙනවා. එමගින් පක්‍ෂයට අලූත් මුහුණුවරක් ලබාදීමට හැකියාව ලැබේවි.

අප ඉදිරියට ක්‍රියා කරන්නේ ඒ කාරණා දෙක අනුවයි. ආණ්ඩුව ඉදිරියටත් සාර්ථකව ක්‍රියාත්මක කර ගෙන යනවා. ආණ්ඩුවේ ඉදිරි වැඩ කටයුතු ඒ අයුරින්ම ක්‍රියාත්මක වෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද මුණගැසී අප සාකච්ඡා කළා. ඒකාබද්ධ විපක්‍ෂය මෙන්ම අනෙකුත් පක්‍ෂ සමගත් ඔවුන්ගේ ඉල්ලීම පරිදි සාකච්ඡා කරන බව ජනාධිපතිතුමා මා හට පැවසුවා. ඒ අනුව අප වැඩ කටයුතු ඉදිරියට ගෙන යනවා.

ලබන සතියේ දී පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි. එහිදී ස්ථාවර නියෝග අනුව පනත් සම්මත කෙරෙනවා. බැඳුම්කර විවාදයත් අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා.

මෙහිදී ජනමාධ්‍යවේදීන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඇසූ ප්‍රශ්න සහ අග්‍රාමාත්‍යවරයා ඊට ලබාදුන් පිළිතුරු මෙසේය.

ප්‍රශ්නය ඔබ වසර 24 ක් එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වය දරමින් සිටිනවා. නව නායකත්වයකට පක්‍ෂය භාරදීමට මෙය සුදුසුම කාලය යැයි ඔබතුමා සිතන්නේ නැද්ද?

පිළිතුර මා මීට පෙරත් පැවසූ පරිදි පක්‍ෂයේ නව නායකත්ව පරපුරක් බිහි කිරීමට කටයුතු කරමින් සිටිනවා. ඒ පිළිබඳව අප දැන් සාකච්ඡා කරනවා. එම පරිවර්තනය පැය 24 කින් සිදු කිරීමට නොහැකි වුනත් අප ඒ පිළිබඳව කටයුතු කරනවා.

ප්‍රශ්නය අගමැති ධූරයෙන් ඉවත් වන ලෙස ඔබට එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් චෝදනා නගමින් සිටිනවා. ජනාධිපතිතුමාත් එම මතයේම සිටින බවයි ඔවුන් පවසන්නේ. ඒ සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක්ද?

පිළිතුර මම බලාපොරොත්තු වන්නේ ව්‍යවස්ථාව අනුව ඉදිරියට කටයුතු කිරීමටයි.

ප්‍රශ්නය එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායමක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක් සමඟ එක්ව ආණ්ඩුවක් නිර්මාණය කිරීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වී තිබෙනවා. ඒ පිළිබඳව ඔබතුමා දැනුවත්ද?

පිළිතුර අළුත් ආණ්ඩුවක් නිර්මාණය කිරීම සඳහා තමන්ට යම් යම් ආරාධනා ලැබුණු බව අපේ පක්‍ෂයේ කිහිපදෙනෙකු මා සමඟ පැවසුවා. නමුත් තමන් ඊට එකඟත්වයක් පල නොකල බවත් ඔවුන් පැවසුවා. ඊයේ දිනයේත් එක්සත් ජාතික පක්‍ෂයේ සාමාජිකයන් රැස් වුණා. පසුගිය අඟහරුවාදා දිනයේත් බ්‍රහස්පතින්දා දිනයේත් අප රැස්වුණා. ඉදිරි දිනකදීත් පක්‍ෂ සාමාජිකයන් එකතු වී මෙම ආණ්ඩුව ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි. නමුත් ඉවත් වීමක් පිළිබඳව එක්සත් ජාතික පක්‍ෂයේ කිසිවෙකුත් මා සමඟ සාකච්ඡා කර නැහැ. එක්සත් ජාතික පෙරමුණ ඇතුළු අනෙක් පක්‍ෂ නායකයන් සමඟත් මම කතා කළා. නමුත් එවැනි කරුණක් සම්බන්ධයෙන් සාකච්ඡා වී නොමැති බවයි ඔවුන් මා සමඟ පැවසුවේ. සියලූ දෙනාම එක්වී ජාතික ආණ්ඩුව ඉදිරියට ගෙන යාමටයි බලාපොරොත්තු වන්නේ.

ප්‍රශ්නය මෙම ඡන්ද ප්‍රතිඵල හේතුවෙන් ඔබ ධූරයෙන් ඉල්ලා අස්විය යුතු යැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පවසනවා. ඔවුන් අතර දිගින් දිගටම සාකච්ඡා පැවැත්වෙමින් තියෙනවා. ඔබේ පක්‍ෂය තුළත් මේ වන විට විශාල සාකච්ඡා ඇති වෙමින් තිබෙනවා. අගමැති ධූරයෙන් ඉල්ලා අස්වීම පිළිබඳව ජනාධිපතිතුමා ඔබ සමග සාකච්ඡා කර තිබෙනවාද?

පිළිතුර ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මතය මේ වන විට අපට ප්‍රකාශ කර තිබෙනවා. ජනාධිපතිතුමා එක්සත් ජාතික පෙරමුණේ නායකයන් සමඟද මේ වන විට සාකච්ඡා කර තිබෙනවා. ඒ වගේම එතුමා අද ඒකාබද්ධ විපක්‍ෂයේ පිරිසක් හමුවී සාකච්ඡා කරන බවද මට පැවසුවා.

ප්‍රශ්නය ඔබතුමාට හිටපු ජනාධිපතිවරයා කතා කළාද?

පිළිතුර පසුගිය සඳුදා දිනයේ ඔහු මට කතා කළා.

ප්‍රශ්නය හිටපු ජනාධිපතිවරයා ඔබට දුරකතන ඇමතුමක් ලබාදෙමින් අගමැති ධූරයෙන් ඉවත් වන්නට එපා යැයි පැවසූ බව රාජිත සේනාරත්න ඇමතිවරයා පවසා තිබුණා. නමුත් පසුව හිටපු ජනාධිපතිවරයා පැවසුවේ එය අසත්‍යයක් බවයි. ඔබට හිටපු ජනාධිපතිවරයා කතා කළ බව තහවුරු කළ හැකිද?

පිළිතුර පසුගිය සඳුදා ඔහු මට කතා කළා. එතුමා එවිට සිටියේ පාර්ලිමේන්තුවේයි. මම අගමැති ධූරයෙන් ඉවත් වන බවට පාර්ලිමේන්තුවේ රාවයක් පැතිරී යන බව පැවසූ ඔහු එය සත්‍ය දැයි මගෙන් විමසුවා. එවැනි කිසිවක් නොමැති බවත් මම මේ මොහොතේත් අගමැති කාර්යාලයේ සිට රාජකාරි කටයුතු කිහිපයක් සිදු කරමින් සිටින බවත් මම ඔහුට පැවසුවා. ඉන්පසුව සිදු වුණේ තවත් තොරතුරු කිහිපයක් කතාබහ කිරීමයි.

ප්‍රශ්නය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ යම් සබඳතාවක් පවත්වා ගෙන යමින් ඔහු ආරක්‍ෂා කළා යැයි ඔබට දිගින් දිගටම චෝදනා එල්ල වුණා.

පිළිතුර මම කිසිවෙකුත් ආරක්‍ෂා කරන්නේ නැහැ. මම මහින්ද රාජපක්ෂවත් ඉතා හොදින් හඳුනනවා. විවිධ කටයුතු සඳහා කතාබහ කිරීම හැර වෙනත් කිසිඳු සම්බන්ධතාවයක් නැහැ. මම විපක්‍ෂනායක ලෙස කටයුතු කරන ලෙසත් අගමැති සහ සභානායක ලෙස කටයුතු කරන විටත් පාර්ලිමේන්තුවේ ඕනෑම මන්ත්‍රීවරයෙකුට මට කතා කිරීමේ හැකියාව තිබුණා.

ප්‍රශ්නය ආණ්ඩුවේ සිටින එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී කණ්ඩායම නව ආණ්ඩුවක් ඇති කිරීම සඳහා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර ඇති බවත් වාර්තා වෙනවා. එම අභියෝගයට එක්සත් ජාතික පක්ෂ පාර්ශවය මුහුණ දෙන්නේ කෙසේද?

පිළිතුර අප සිටින්නේ මෙම ආණ්ඩුව ඉදිරියට ගෙන යෑමේ ස්ථාවරය තුලයි.

ප්‍රශ්නය එක්සත් ජාතික පක්‍ෂයට පාර්ලිමේන්තුව තුළ බහුතරය නොමැති බවට විවිධ කතා බහ ඇති වෙමින් තිබෙනවා. ඒ අනුව ඔබතුමාට පාර්ලිමේන්තුව තුළ බහුතරය පෙන්වීමට හැකිද?

පිළිතුර අප ඒ සම්බන්ධයෙන් ව්‍යවස්ථාව සහ සම්ප්‍රදාය අනුව කටයුතු කරනවා.

ප්‍රශ්නය 19 වැනි සංශෝධනයට අනුව අගමැතිවරයා ඉවත් කළ හැකිද යන්න පිළිබඳව ජනාධිපතිතුමා නීතිපතිතුමාගේ උපදෙස් පතන බව ඒකාබද්ධ විපක්‍ෂය පවසා සිටියා.

පිළිතුර අගමැතිවරයා ඉවත් විය යුතු අවස්ථා පිළිබඳව ව්‍යවස්ථාවේ සඳහන් කර තිබෙනවා. ආණ්ඩුවට විරුද්ධව විශ්වාසභංගයක් ගෙන ආ විට, අයවැය පරාජයට පත් වූ විට ආදි අවස්ථාවල පමණයි අගමැතිවරයා ඉවත් කළ හැකි වෙන්නේ.

ප්‍රශ්නය විශ්වාසභංගයක් ඉදිරිපත් කළොත් ඊට මුහුණ දීමට ඔබතුමා සූදානම් ද? ඊට අවශ්‍ය බහුතරය ඔබතුමා සතුව තිබෙනවාද? එක්සත් ජාතික පක්‍ෂය සතුව සිටින්නේ 106 ක පමණ මන්ත්‍රීන් සංඛ්‍යාවක්.

පිළිතුර අපට එය පාර්ලිමේන්තුවේදී විසදා ගැනීමට හැකියි.

ප්‍රශ්නය මෙම සතිය තුළ ඉන්දීය, චීන, සහ ඇමරිකානු තානාපතිවරුන් ඔබතුමාව මුණ ගැසුනා. ඔවුන් ඔබ සමඟ සාකච්ඡා කළේ කුමක්ද?

පිළිතුර නව චීන, ඇමරිකානු සහ ඉන්දියානු තානාපතිවරුන් මම මුණ ගැසුණා. එමෙන්ම පසුගිය සතියේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයා හමුවී සාකච්ඡා කිරීමටද මට හැකි වුණා.

ප්‍රශ්නය හොරු ඇල්ලීම සම්බන්ධයෙන් ඇතැම් ඇමතිවරුන්ගෙන් බලපෑම් ඇති වුණා යැයි චෝදනා එල්ල වුණා. තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් ඇල්ලීම නැවැත්වීමට දුරකතන ඇමතුම් 61 ක් ලබා දුන්නා යැයි නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසා සිටියා. මෙම තත්ත්වය ඉදිරියට වලක්වා ගන්නේ කෙසේද?

පිළිතුර එවැනි බලපෑමක් ඇති වුනොත් අපට දැනුම් දෙන්න යැයි අපි පොලිසියට පවසා තිබෙනවා.

ප්‍රශ්නය නමත් ඇමතිවරුන් බලපෑම් කරන විට පොලිසිය එය පැවසීමට ඉදිරිපත් වන්නේ නැහැ. අගමැතිතුමා සහ ජනාධිපතිවරයාත් ඇතැම් විට බලපෑම් එල්ල කරනවා යැයි චෝදනා තිබුණා.

පිළිතුර මම කිසිදු අවස්ථාවක පොලිසියට බලපෑම් කළේ නැහැ.

ප්‍රශ්නය එසේ නම් ජනාධිපතිවරයා එලෙස බලපෑම් කර තිබෙනවාද?

පිළිතුර මා දන්නා තරමින් ජනාධිපතිවරයාත් කිසිඳු අවස්ථාවක පොලිසියට එවැනි බලපෑමක් සිදු කර නැහැ.

ප්‍රශ්නය අමාත්‍ය මණ්ඩල සංශෝධනය පිළිබඳව මේ වන විට යම් එකගතාවයක් ඇතිව තිබෙනවාද? ඒ පිළිබදව අවසන් තීරණයක් ගැනීමට හැකි වන්නේ කවදාද?

පිළිතුර අප ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටිනවා.

ප්‍රශ්නය ජාතික ආණ්ඩු ගිවිසුම තවදුරටත් ක්‍රියාත්මක වෙනවාද?

පිළිතුර ඔව්. පාර්ලිමේන්තුවේ යෝජනාව සම්මත කිරීමෙන් පසු එය ඉදිරියට ගෙන යා හැකියි.

ප්‍රශ්නය ජාතික ආණ්ඩුව සම්බන්ධයෙන් මේ වන විට විවිධ මත පල වෙනවා. ඔබතුමා ගනුලබන තීරණ ජනාධිපතිතුමා විසින් වලක්වනවා. ජනාධිපතුමා ගන්න තීරණවලට එක්සත් ජාතික පක්‍ෂයේ විරෝධය එල්ල වෙනවා. ආණ්ඩුව ස්ථාවරව ඉදිරියට ගමන් නොකරන ස්වභාවයක් පෙන්නුම් කරනවා. මෙම ජාතික ආණ්ඩුව දැන් ඇති යැයි ඔබට සිතෙන්නේ නැද්ද?

පිළිතුර තීරණයක් ගැනීමේදි යම් ගැටලූ ඇති විය හැකියි. අර්බුද ඇතිවන්නේ තීරණ ක්‍රියාත්මක වීමෙද ඇතිවන ගැටලූ නිසායි. මෙය ප්‍රධාන පක්‍ෂ දෙක සහ අනෙකුත් සුළු පක්‍ෂ ගණනාවක් එකතු වී නිර්මාණය කර ආණ්ඩුවක් බව සිහි තබා ගත යුතුයි. එවැනි ආණ්ඩුවල මෙවැනි ප්‍රශ්න ඇති වීම සාමාන්‍යයි.

ප්‍රශ්නය නායකයින් දෙදෙනෙක් සිටින විට ආණ්ඩුවේ ඉදිරි ගමන අඩාල වනවා යැයි ඔබ සිතන්නේ නැද්ද?

පිළිතුර සභාග ආණ්ඩුවක නායකයන් දෙදෙනෙක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සිටිය හැකියි.

ප්‍රශ්නය අයවැයට පක්ෂ වීම සදහා ටි.එන්.ඒ මන්ත්‍රීවරුන්ට කෝටි දෙකක මුදලක් ලබා දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සිවශක්ති ආනන්දන් පවසා තිබෙනවා. ඒ පිලිබඳව ඔබේ අදහස කුමක්ද?

පිළිතුර එතරම් විශාල මුදලක් තිබෙනවා නම් අප එය මැතිවරණය සදහා වියදම් කරනවා. අප එලෙස මුදල් ලබා දී නැහැ.

ප්‍රශ්නය මෙම සභාග ආණ්ඩුව නිසා ජනතාවට නිසි සේවක් කිරීමට නොහැකි වූ බව එක්සත් ජාතික පක්‍ෂයේම මන්ත්‍රීවරුන් ප්‍රසිද්ධියේ මාධ්‍යට පැවසුවා. ඒ පිළිබඳ ඔබේ අදහස කුමක්ද?

පිළිතුර තනි ආණ්ඩුවක් තිබුණා නම් මීට වඩා කාර්යක්‍ෂම ජනතාවට සේවය කිරීමට හැකියාව තිබෙන බවයි ඔවුන් පවසන්නේ. සභාග ආණ්ඩුවක් තුළ මෙවැනි ප්‍රශ්න ඇති වෙනවා.

ප්‍රශ්නය එසේ නම් මේ ආකාරයට ඉදිරියට යෑමේ තේරුමක් නැහැ නේද?

පිළිතුර ඉදිරි වසර දෙක තුළ අප ගත් තීරණ ඉක්මනින් ක්‍රියාත්මක වෙනවා. අප දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග ඉදිරියේදී තවත් වේගවත් කිරීමට අප කටයුතු කරනවා. ගැටලූවක් ඇතිවුව හොත් එය විසදා ගන්නේ කෙසේදැයි අප ඉදිරියේදී සලකා බලනවා.

ප්‍රශ්නය මහ බැංකු අධිපතිවරයා පත් කළේ ඔබයි. ඔහු සම්බන්ධයෙන් වගකියන බවත් ඔබ පවසා තිබෙනවා. මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණෙන්න යැයි ඔහුට අධිකරණයෙන් දෙවන වතාවටත් දන්වා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක්ද?

පිළිතුර මහ බැංකු අධිපතිවරයාගේ පත්කිරීමේ ගැටලූවක් නොමැති බව කොමිසම විසින් සඳහන් කර තිබෙනවා. නමුත් උසාවියට ඉදිරිපත් කිරීම මට අයිති කාර්යක් නොවේ. ඔහු මේ වන විට මහ බැංකුවේ සේවය කරන්නේ නැහැ. තනි පුද්ගලයෙකු ලෙස එම තීන්දු තීරණ ඔවුන් විසින් භාරගත යුතුයි.

ප්‍රශ්නය පක්‍ෂය තුළ නව නායකත්වයක් ගොඩනැගිය යුතු යැයි ඔබතුමා ප්‍රකාශ කළා. එසේ නම් එළඹෙන ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂ ජනාධිපතිධූර අපේක්‍ෂකයා විය හැක්කේ කවුද?

පිළිතුර ඒ පිළිබඳව තීරණය කරන්නේ පක්‍ෂයයි.

ප්‍රශ්නය ඉදිරියේදී ඔබතුමන් සමග මැතිවරණයකට ඉදිරිපත් වී ජයග්‍රහණ ලබා ගැනීම අපහසු යැයි පක්‍ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් අදහස් පල කරනවා. නව නායකයෙක් නව ප්‍රබෝදයක් පක්‍ෂයට ඇති විය යුතු යැයි ඔවුන් පවසනවා. ඒ පිළිබඳව ඔබේ මතය කුමක්ද?

පිළිතුර 2014 දී පවතින ආණ්ඩුව බිඳ වැටුණ බව මා පැවසුවේ 2013 දීයි. නමුත් එහිදිත් ඇතැමුන් මගේ මතය විවේචනය කළා. දේශපාලන පක්‍ෂ තුළ එවැනි මත ඇති විය හැකියි.

ප්‍රශ්නය ඔබව තනතුරෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමා මේ වන විට නීතිපති උපදෙස් ඉල්ලා ඇති බව වාර්තා වෙනවා. ඒ පිළිබඳව ඔබේ මතය කුමක්ද?

පිළිතුර මම ආණ්ඩුව ඉදිරියට ගෙන යනවා. ඒ සම්බන්ධයෙන් මගේ මතය එයයි.

ප්‍රශ්නය ජනාධිපතිවරයා මේ ආකාරයට කටයුතු කරද්දීත් ඔබ ආණ්ඩුව ඉදිරියට ගෙන යාමට සූදානම්ද?

පිළිතුර මම ව්‍යවස්ථාවට අනුව ආණ්ඩුව ඉදිරියට ගෙන යනවා.

ප්‍රශ්නය මෙම දේශපාලන අවිනිශ්චිතභාවය තව කෙතරම් කාලයක් පවතිද? මේ වන විට රුපියලේ අගය පහත වැටී තිබෙනවා. ආර්ථිකය සම්බන්ධයෙන් විවිධ ගැටලූ මතු වී තිබෙනවා. කොටස් වෙළදපොල පහත ගොස් තිබෙනවා. මෙම අවිනිශ්චිතභාවය අවසන් වන්නේ කවදාද?

පිළිතුර මේ සම්බන්ධයෙන් ඇතැමුන් විවිධ තොරතුරු විකෘති කරමින්ද වාර්තා කරනවා.

ප්‍රශ්නය නමුත් රටක් ලෙස මෙම තත්ත්වය දිගින් දිගටම පැවතීම සුදුසු නැහැ නේද?

පිළිතුර මාධ්‍යවේදීන් ලෙස ඔබලා වාර්තාකරන බොහෝ දේත් රටට හිතකර වන්නේ නැහැ. රටට ඊටත් වඩා ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. ඒ නිසා අප ගැටලූ විසදා ගනිමින් ඉදිරියට යනවා.

Published on: Feb 15, 2018 – අද රට මුහුණ පා ඇති තත්වය ගැන කියන්න මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන්න හිතුවත් ඒකෙන් වැඩක් නොවන නිසා අදහස අත්හැරියා. මේ ලිපිය ජනමාධ්‍යවේදීන් කිහිප දෙනකුට මෙන් ම ජනමාධ්‍ය ප්‍රධානීන් කිහිප දෙනකුට ද යවන නමුත් ඔවුන් ඒ නොකියවන බව පැහැදිලියි. ඔවුන් මේ ලිපිවල පළවන කිසිම දෙයකට ප්‍රසිද්ධියක් ලබා දෙන්නේ නැහැ. ඔවුන් හිතන්නේ මා වැන්නකු වැදගත් අදහසක් ප්‍රකාශ නොකරන බවයි. ජනමාධ්‍යවේදීන් මට වඩා ප්‍රබුද්ධ ඇසූ පිරූ තැන් ඇති බව මා පිළිගන්නවා. ඔවුන් දෙවියන් ගැන විශ්වාසය තබන අයකුගේ අදහස්වලට කිසිම වැදගත් තැනක් දේවි යැයි හිතන්න බැහැ. මේ ලිපි ජනතාව අතරට යන්නේ නැහැ. දෙසියකට වඩා ඒ කියවන්නේ නැහැ. විමල්ට සහාය දෙන ප්‍රබුද්ධ දොස්තර මහාචාර්යවරයකුට අනුව අපට ඇත්තේ මෝඩ තර්ක.

පාර්ලිමේන්තුව විසුරුචා හැරීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයක් අවශ්‍ය බව රනිල් ඉවත් කර භාරකාර ආණ්ඩුවක් පිහිටුවිය යුතු බව මා කියා බොහෝ කල්. එහෙත් ඒ කිසිවක් ජනමාධ්‍යවේදී ප්‍රබුද්ධයන්ට දැනී නැහැ. ඒ මා නීතිඥයකු නොවන නිසා ද වෙන්නත් පුළුවන්. ජයම්පති තුනෙන් දෙකේ කතාව ඊයේ කී විට එය වැදගත් ප්‍රවෘත්තියක් වෙනවා. ජයම්පති මට වඩා ප්‍රබුද්ධයි. ඔහු ජනාධිපති නීතිඥයෙක්. මා ඔහු දන්නේ ඔහු සිසුවකු ව සිටි අවධියේ සිට. අද එක්තරා පුවත්පතක භාරකාර ආණ්ඩුවක් ගැන කියා තිබුණා. එයට චතුර අල්විසුත් ලොකු ප්‍රචාරයක් දුන්නා. මා ඔහුටත් මේ ලිපි යවනවා.

පොහොට්ටුවට ලැබුණේ 45%ට අඩු ඡන්දයක්. ඔවුන්ට බොහෝ සභාවල බලය ලබා ගැනීමේ ප්‍රශ්න තියෙනවා. ඒ බහුතර ඡන්දයක් ලැබුණත් බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් නැති නිසා. නුවරඑළියේ බලය ලබා ගැනීමට ආරුමුගම් තොණ්ඩමන් සමග එකතු වන පොදුජන පෙරමුණට අනෙක් සභාවල මෛත්‍රිපාලගේ කණ්ඩායම් සමග එකතු වෙන්න පුළුවන්. උදාහරණයකට හම්බන්තොට මහනගර සභාව ගන්න පුළුවන්. එහෙත් නාමල් රාජපක්‍ෂ එහි සභාපති පදවිය ගැන ප්‍රශ්නයක් මතුකර. මේ කොන්දේසි ගැන කතා කරන කාලයක් නො වෙයි.

මෙවර පොදු ජන පෙරමුණ දිනාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව වුවත් ප්‍රතිශතයක් ලෙස 2011 දී තුන්වරකට පැවැත්වුණු පළාත් පාලන ආයතන මැතිවරණවල දී ලබාගත් ප්‍රතිශතයටත් 2015 මහින්දට ලැබුණු ප්‍රතිශතයටත් අඩුයි. මෙවර පොහොට්ටුවට ලැබුණු ඡන්ද හා මෛත්‍රිපාලගේ කණ්ඩායම් ලබාගත් ඡන්ද එකතු කළොත් 58%-68% පරාසයක පවතිනවා. මෛත්‍රිපාලට එ ජා ප ඡන්ද 3%ක් පමණ ලැබුණත් මෙය 55%කට වැඩි ප්‍රතිශතයක්. මෙයින් බහුතරය ජාතිකත්වයේ ඡන්ද. අප ඒ බව අමතක නොකළ යුතුයි. පහුගිය කාලයේ මෙරට ජාතිකත්වය සුළුවෙන් නමුත් වර්ධනය වී තියෙනවා. එය තවත් වර්ධනය කළ හැකියි. යමකු කියන්න පුළුවන් ඒ නලින් ද සිල්වාගේ මුග්ධ ජාතිකත්වය නොව චතුර අල්විස්ගේ ප්‍රබුද්ධ ජාතිකත්වය කියා. එයට කමක් නැහැ.

අපි තරහයි නාට්‍යය ගැන කී අයට සතුටු වෙන්න පුළුවන් තවම නාට්‍යය ඉවර නැහැ කියලා. ඊනියා නාට්‍යය ඉවර කරන්නෙ හරි නොකරන්නෙ හරි මහින්ද. මට නම් නාට්‍යයක් පෙනුනෙ නැහැ. එය මෛත්‍රිපාල හා රනිල් අතර වූ විරසයක්. ඒ විරසකය නාට්‍යයක් ලෙස දුටු අය ඉන්දීය හා එංගලන්ත මහා කොමසාරිස්වරු හා බටහිර තානාපතිවරු මෛත්‍රිපාලට හා රනිල්ට බලපෑම් කර විරසකය නැති කරනු දකින්න කැමති ඇති. එවිට නාට්‍යකරුවන්ට විරසකය නාට්‍යයක් ලෙස පෙන්නන්න පුළුවන්.

මා ඊයේ අහගෙන හිටියා බන්දුල ගුණවර්ධන හා විමල්ගෙ වසන්ත බණ්ඩාර (අර මහාචාර්යවරයා මේ මාධ්‍ය සාකච්ඡාවලට සහභාගි වන්නෙ නැහැ) අපට කියනවා රනිල්ගෙ තනි ආණ්ඩුවක් පිහිටෙව්වොත් සංස්කෘතික පරිහානියක් ද වන බව. අප එය නොදැන සිටි දෙයක් ද? ජේ ආර් මාමා විවෘත කළ සංස්කෘතිය රනිල් බෑණා සංස්කෘතික සුනාමියක් බවට පත්කරාවි. අද කළ යුත්තේ ඒ සුනාමිය වැළැක්වීමත් විදේශීය තානාපතිවරුන්ගේ සැලැස්ම පරාජය කිරීම මිස කවුරුත් දන්නා සංස්කෘතික පරිහානිය ගැන මාධ්‍ය සාකච්ඡා පැවැත්වීම නො වෙයි. ගුණදාස අමරසේකර කියා තිබුණා ආණ්ඩු වෙනස් වීම නිසා ඔහුට දැන් මැරෙන්න බයක් නැහැ කියලා. එය තවත් හිට් කෑල්ලක් වුවත් අප වැනි අයට මැරෙන්න සිදුවන්නේ එක්කෝ ඊනියා ජාතික ආණ්ඩුවක නැත්නම් රනිල්ගෙ තනි ආණ්ඩුවක වෙන්න පුළුවන්. අප රනිල් අගමැති වූ දින පටන් ම මෙන් ඔහු ඉවත් කළ යුතු බව කියන්නෙ රනිල් ගැන දන්න නිසා.

අමරසේකරට බය නැතිව මැරෙන්න සලස්සන්න පුළුවන් මහින්දට විතරයි. පොහාට්ටුවට හා මෛත්‍රිපාලට දුන් ඡන්දය එකතු කරන්න පුළුවන් මහින්දට පමණයි. එය 55%ට වැඩි බව අමතක කරන්න එපා. ඔහු එය නොකළොත් එක්කෝ 33% ක ඡන්දයක් ඇතිව රනිල් තනිව ම ආණ්ඩුවක් පිහිටුවාවි. නැත්නම් මෛත්‍රිපාලගෙ 13%ත් එකතු කර ඊනියා ජාතික ආණ්ඩුව දිගට ම පවත්වා ගෙන යාවි. පඬියකු කියන්න පුළුවන් පළාත් පාලන මැතිවරණයෙන් ආණ්ඩු වෙනස් කරන්න බැහැ කියා. බටහිර පොතට අනුව එහෙමයි. එහෙත් ලංකාවේ බටහිර පොතට අනුව කිසිවක් සිද්ධ වෙන්නෙ නැහැ.

මහින්ද නිහඬ ව ඉන්නව කියන කතා නවත්තලා මෛත්‍රිපාලට රනිල් ඉවත් කරන්න දැන්වත් සහය දෙන්න ඕන. එසේ නොකළොත් ඔය හිතේ තියෙන 2020, 2025 බලාපොරොත්තු ඉටු වෙන එකක් නැහැ. ජේ ආර්ට බලය දීලා ආපහු ගන්න අවුරුදු 17ක් ගියා. රනිල් මැරෙන තෙක් බලයේ සිටීවි. මහින්දත් අපත් මතක තබා ගත යුතු කරුණක් නම් අද පනස්හයේ දරුවන් මෙරට පාලනය අත්පත් කරගත් අය බවත් එජාප අතරින් පතර පාලනය කරන පක්‍ෂය බවත් (මට මේ අවස්ථවෙදි මතක් වෙනවා බණ්ඩාරනායක ගුණ සමරු කමිටුවේ සභාපති ලෙස මහින්ද 1989 දී බණ්ඩාරනායක ඝාතනයෙන් අවුරුදු තිහකට පසුව පළමු බණ්ඩාරනායක සමරු දේශනය පැවැත්වීමට අප නිවසට පැමිණ මට ආරාධනය කළ සැටිත් මා ඒ දේශනය පනස්හයේ දරුවෝ යන මැයෙන් කළ සැටිත්- මහින්දත් මාත් දිනේෂුත් බන්දුලත් මෛත්‍රිපාලත් තවත් බොහෝ අයත් පනස්හයේ දරුවෝ). අප ඉතිහාසයේ කරන බරපතළ වරදකින් විදේශීය තානාපතිවරුන්ට පනස්හයේ දරුවන්ගේ උරුමය පාවා දෙනවා ද? නැත්නම් පනස්හයේ උරුමය ඉදිරියට ගෙන යමින් මෙරටට ජාතික ප්‍රතිපත්ති මත සකස් වූ අනාගතයක් උරුම කර දෙනවා ද?

________________________
වෙබ් අඩවියේ සංස්කාරකවරු
2018-02-14

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ තනි ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනාධිපතිවරයා එම සන්ධානයේ නායකයින් වෙත තම අවසරය ලබාදී ඇත.

එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීමට අවසර ඉල්ලා සන්ධානයේ මන්ත්‍රීවරුන් විසින් ජනාධිපතිවරයාට ලිපියක් බාරදී ඇති අතර ඊට ප්‍රතිචාර ලෙස මෙම අනුමැතිය හිමිවී තිබේ.

මේ සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියලු දෙනා සාකච්ඡා කර එකඟතාවයක් ඇතිකර ගන්නා ලෙසද ජනාධිපතිවරයා දැනුම් දී ඇති අතර ඉන්පසු ආණ්ඩුවක් පිහිටුවිය හැකි බව ජනාධිපතිවරයා පවසා ඇත. මේ අතර ඒකාබද්ධ විපක්ෂයද ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව නියෝජනය කරන නිදහස් පක්ෂ පාර්ශ්වය වෙත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉවත්කර නව ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් ඒ සඳහා සිය සහය ලබාදෙන බව දැනුම් දී ඇත. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන්ද පෙරේදා (13) පැවැසුවේ තනි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් සෑදීමට තම පක්ෂය තීන්දු කර ඇති බවයි. පළාත් පාලන මැතිවරණයෙන් පසු මතුව ඇති මෙම දේශපාලන අර්බුදය පිළිබඳ ප්‍රධාන දේශපාලන පක්ෂ නායකයින් නියෝජිතයින් අතර ඊයේ (14) දිනයේද සාකච්ඡා වට කිහිපයක් පැවැත්වුණි.

නමුත් මෙම කිසිදු සාකච්ඡාවකදී පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව ස්ථිර තීන්දුවක් ප්‍රකාශයට පත් නොවුණු අතර බොහෝ විට එම තීන්දුව හෙට (16) දිනයේ ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කරනු ඇති බවද වාර්තා වේ.

මේ අතර ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් කොටස් වශයෙන් තැනින් තැන රැස්වෙමින් නව ශ්‍රිලනිප අගමැතිවරයෙකු පත්කර ගැනිම සදහා නම් යෝජනා කරමින් සිටින අතර එම එක් කණ්ඩායමක් යෝජනා කර ඇත්තේ නිමල් සිරිපාල ද සිල්වා ඇමතිවරයා අගමැතිවරයා ලෙස නම් කරන ලෙසයි.

ඒ අනුව ලබන 26 වැනිදා පාර්ලිමේන්තුව රැස්කර නව අගමැතිවරයා ලෙස නිමල් සිරිපාල ද සිල්වා නම් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලිමක්ද කර තිබේ.

මේ අතර මහින්දගෙ නායකත්වයෙන් යුත් ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමද නිමල් සිරිපාල සම්බන්ධයෙන් අකමැත්ත පල නොකර ඇති නමුත් එම යොජනාව අවසන් යොජනාව ලෙස පිළිගැනීමට ලක්කර නෑ…

එක්සත් ජාතික පක්ෂය තනිව පිහිටුවන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සමග එක්විම සදහා ජනාධිපති මෛත්‍රීපාල මහතාට ඉතා සමීපව සහ විශ්වාසවන්තව සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් පිරිසක් එක්සත් ජාතික පක්ෂයට එක්වීමට තීරණය කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

මේ මැති ඇමතිවරුන් එක්සත් ජාතික පක්ෂය සමග මෙසේ එක් වන්නේ ජනාධිපතිවරයාගේ අනුදැනුම,ආශීර්වාදය සහ අවසරය ඇතිව නොව සිය ස්වාධීන මතය අනුව බව ද ඒ අනුව ඒ අය එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ගැනීමට නියමිත බව ද වාර්තා වේ.

මෙම කණ්ඩායමට පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදි ඡන්දයෙන් පරාජය වි මෛත්‍රීගේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට කරනම් ගැසු කණ්ඩායමේ කිසිවෙකු ඇතුලත් වි නොමැති අතර ඔහුන් ආණ්ඩුවට එකතු කර නොගන්නා ලෙස පසුගියද අරලියගහ මන්දිරයේදි රනිල් හමුවි එජාප පසුපෙල මන්ත්‍රීවරුන් තරයේම් අගමැතිගෙන් ඉල්ලිමක් කර තිබේ.

පළාත් පාලන මැතිවරණයෙන් පසුව ඇතිව තිබෙන දේශපාලන කැළඹීම හේතුවෙන් තනිවම ආණ්ඩුවක් සෑදිම සදහා අගමැතිවරයා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය කටයුතු කරමින් සිටින අතර පක්ෂ නායකකමින් ඉවත් වන ලෙසට රනිල්ට එල්ලවන චොදනා සමනය කර ගැනිමේ අරමුණින් වෙනම ආණ්ඩුවක් නිර්මාණය කිරිම සදහා රනිල් උත්සහ කරමින් සිටින බවයි අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළේ.

ඊයේ (13)සවස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ කැබිනට් ඇමතිවරුන් අතර පැවැති රැස්වීම අවසන් වූයේ වත්මන් ආණ්ඩුවේ ඉදිරි ගමන පිළිබඳ තීරණයක් ගැනීම සම්බන්ධයෙන් කමිටුවක් පත්කිරීමට එකඟ වීමෙන් වන අතර පාර්ලිමේන්තුවේ බහුතරය හැකි නම් පෙන්වා එක්සත් ජාතික පක්ෂ තනි ආණ්ඩුවක් ගොඩනගා ගන්න යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ වන විට කර තිබෙන අභියෝගය සදහා එජාප රනිල් පිළ වෙනම මෙහෙයුමක් දියත් කරමින් සිටි.

Published 2018/02/13 – පැය ගණනක් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර පැවැති සාකච්ඡාවලදි සති දෙකක් ඇතුලත ආණ්ඩුව තනිව එක්සත් ජාතික පක්ෂයට පිහිටුවිමටත් නව අගමැතිවරයෙකු පත් කිරිමට එකඟතාවයකට පැමිණ ඇති බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

සජිත් ප්‍රේමදාස හෝ කරු ජයසුරිය අගමැතිවරයා ලෙස නම් කරන ලෙසට ජනාධිපතිවරයා අගමැතිවරයාගෙන් කල ඉල්ලිමට රනිල් අකමැත්ත පලකර ඇති අතර ඒ වෙනුවට නවීන් දිසානායක පත්කිරිම සදහා යම් එකඟතාවයක් ඇති කරගෙන තිබේ.

ජාතික ආණ්ඩුව අවසන් බවත් තවදුරටත් ජාතික ආණ්ඩුව පවත්වාගෙන යෑම හේතුවෙන් එක්සත් ජාතික් පක්ෂයේ ඡන්ද පදනමට බරපතල ලෙස හානී සිදුවන බවත් ජාතික ආණ්ඩුවේන් පමණක් නොව අගමැති ධුරයෙන් රනිල් වික්‍රමසිංහ ඉවත් විය යුතු බවට එජාපයේ පසුපෙස මන්ත්‍රීවරුන් දිගින් දිගටම් කැරැල්ල දියත් කල අතර පසුව මේ සමබන්ධයෙන් ඊයේ රාත්‍රීයේ සිට අද අලුයම දක්වා සාකච්ඡා පැවති අතර අවසානයේ වත්මන් තින්දුවට පැමිණ ඇති අතර ඒ පිළිබඳව සාකච්ඡා කර සති දෙකක් ඇතුලත ආණ්ඩුව සදා අවසන් කරන ලෙසයි ජනපති උපදෙස් ලබා දි ඇත්තේ.

කෙසේවෙතත් අගමැතිවරයා සදහන් කර ඇත්තේ තමන්ට ඒ සදහා සතී දෙකක කාලයක් අවශ්‍ය නොවන බවයි.

මේ අතර එජාප තනි ආණ්ඩුවක් සදහා ජනාධිපතිවරයා මුලදි අකමැත්ත පලකර සිටියද පසුව ශ්‍රිලනීප ජ්‍යෙෂ්ඨයන් සමග තනිවම කල සාකච්ඡාවේදි තවදුරටත් ආණ්ඩු නොකිරිමටත් එජාප තනී ආණ්ඩුවක් සමග ගණුදෙනු කිරිමටත් සිය අකමැත්ත එම ජ්‍යෙෂ්ඨයන් දැඩි ලෙස පලකර ඇති අතර ඒ වෙනුවට විපක්ෂයේ අසුන් ගනිමින් විපක්ෂයේ කාර්යභාරය ඉටුකල යුතු බවයි ඔහුන්ගේ අදහස වි ඇත්තේ.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන එජාපය සමග ආණ්ඩුවක කටයුතු කිරිමට කැමති මන්ත්‍රීවරුන්ට එජාප නව ආණ්ඩුව සමග එකතු වන ලෙසට ජනාධිපතිවරයා උපදෙස් ලබා දි ඇති අතර පරාජය වි මෛත්‍රීගේ ජාතික ලැයිස්තු පිහිටෙන් පාර්ලිමේන්තු ආ මන්ත්‍රීවරුන් විපක්ෂයේ අසුන් ගැනිමට ජනපතිගෙන් ඉල්ලිමක් කර ඇති අතර ඒ සදහාද ජනාධිපතිවරයා අවසර ලබාදි තිබේ.

මිට අමතරව විපක්ෂයේ අසුන් ගන්නා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් අතරින් අයෙකු විපක්ෂ නායක ලෙස පත් නොකර ඒ සදහා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක විපක්ෂ නායක ලෙස පත් කිරිමටද ශ්‍රිලනීප ජ්‍යෙෂ්ඨයන් යෝජනා කර තිබේන අතර ඒ සම්බන්ධයෙන් මේ දක්වා අවසන් තින්දුවක් ගෙන් නැති බවද අප දේශපාලන වාර්තාකරු අනාවරණය කලා.

මෛත්‍රී යන්නේ කොයි පාරේ…අප කල අනාවරණය කියවන්න ….. ජාතික ආණ්ඩුව අවසන්-මෛත්‍රී පිළ විපක්ෂ නායකකම ගනී…ඒකාබද්ධය කඩන්න ප්ලැන් A ක්‍රියාත්මකයි

http://198.211.112.164/archives/14724

එජාපය අර්බුදය ………

කෙසේවෙතත් එක්සත් ජාතික පක්ෂය තනිවම ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් ඒ සදහා ඇතිවන ප්‍රධානම අභියෝගය වි ඇත්තේ පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නැති එක්සත් ජාතික පක්ෂයට තවත් පක්ෂයක හෝ වෙනත් පක්ෂවල මන්ත්‍රීවරුන් බිලි බා ගැනීමයි.

එසේ සිදුකරන්නේ නම් ඔවුන්ට ඇමතිකම් ඇතුළු වරදාන වරප්‍රසාද රාශියක් පිළිගැන්විය යුතුව ඇති නමුත් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46 වන වගන්තියට අනුව කැබිනට් මණ්ඩලය 30 ට වඩා වැඩි කළ හැකිවන්නේ පාර්ලිමේන්තුවේ වැඩිම ආසන ගත් පක්ෂය සහ ඊට දෙවනුව ගත් පක්ෂයයි අතර සන්ධානයක් වුවහොත් පමණි. 46 (5) වගන්තියෙන් මෙය අර්ථ ගන්වා තිබිම නිසාය.

රනිල් වික්‍රමසිංහ මහතා තනි ආණ්ඩු සංකල්පයට පිවිසීම යනු මෙම 46(5) වගන්තියෙන් බැහැර වන බව වන අතර එහිදී ඔහුට ඉතිරිවන්නේ කැබිනට් ඇමතිවරුන් 30 ක්, රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමතිවරුන් 40 ක් පමණි. එනම් මුලු ඇමතිවරුන් ප්‍රමාණය 70 නොඉක්මවිය යුතු බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46(1) වගන්තියෙන් දක්වා තිබේ.

පසුගිය වකවාණුවේ තමන් ආණ්ඩුව පැත්තෙන් කොතරම් පීඩනයකට, දඩයමකට ලක් වී සිටියත්, ජනතාව අපට ලබා දී ඇති මේ විශිෂ්ඨ ජයග්‍රහණ ඉතාමත්ම සාමකාමීව,සංවරයකින් යුතුව, සමරන ලෙස හිටපු ජනාධිපති, ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.

 

ජයග්‍රහණය සාමාකාමීව භුක්ති විදිමු

 

මෙවර පලාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබමින් සිටින බව නන් දෙසින් ලැබෙන පුවත් වලින් සනාථ වේ. අනේක විධි බාධා මැද මෙවන් සුවිශේෂී ජයග්‍රහණයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබා දුන් ශ්‍රී ලංකාවේ සියළුම ඡන්ද දායකයින්ට මගේ ප්‍රණාමය පුදකර සිටිමි. ශ්‍රී ලංකාවේ විපාක්‍ෂික බලවේගය වන ඒකාබද්ධ විපක්‍ෂය ඉතිහාසයේ අන් කවරදාකටත් වඩා ඉතාමත්ම දුෂ්කර හා පීඩාකාරී තත්වයන් යටතේ මේ ජයග්‍රහණය ලබාගෙන තිබේ.

පසුගිය වකවාණුවේ තමන් ආණ්ඩුව පැත්තෙන් කොතරම් පීඩනයකට, දඩයමකට ලක් වී සිටියත්, ජනතාව අපට ලබා දී ඇති මේ විශිෂ්ඨ ජයග්‍රහණ ඉතාමත්ම සාමකාමීව,සංවරයකින් යුතුව, පරාජිත පාර්ශව වලට අගෞරවයක් සිදුනොවන ආකාරයට භුක්ති විදින මෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරඟ කළ සියලුම පාර්ශව වලින් මම සහෝදරත්වයෙන් ඉල්ලා සිටිමි. අප මේ රටේ ඡන්ද දායකයන්ට උපහාර දක්වන ප්‍රධානම විදිය එය බව කවුරුත් සිහිපත් කළ යුතු වේ.

 ශ්‍රී ලංකාවාසී ජනතාවට ජයවේවා !

 ඔබ සැමට තෙරුවන් සරණයි.

 මහින්ද රාජපක්‍ෂ

ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති  

Top