අධිකරණ පොලිසියේ, කාන්තා හා ළමා කාර්යාංශයේ සහ සාක්ෂිකරුවන් හා වින්දිතයින් ආරක්ෂා කිරිමේ ජාතික අධිකාරියේ පැමිණිලි 3 ක්

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්නය තුලදී පහරදී තර්ජනය කළ බව රාජ්‍ය ඇමති A. H. M. ෆව්සිගේ මිනිබිරිය වන නීතීඥ ෆාතිමා හෆ්සා විසින් දැනටමත් ඇප මත නිදහස්ව සිටින ඇගේ හිටපු ස්වාමිපුරුෂය වන මොහොමඩ් ශසිල්ට විරුද්ධව පැමිණිලි තුනක් සටහන් කර ඇත.

මොහොමඩ් ශසිල්ට විරුද්ධව, බඩට පහරදී නැවත සාක්ෂි දීමට නොපැමිණෙන ලෙස මරණිය තර්ජනය සිදුකල බවට ෆාතිමා විසින් අධිකරණ පොලිසියේ, කාන්තා හා ළමා කාර්යාංශයේ සහ සාක්ෂිකරුවන් හා වින්දිතයින් ආරක්ෂා කිරිමේ ජාතික අධිකාරියේ පැමිණිලි කර ඇත. මෙම සිදුවීම වහා මහේස්ත්‍රාත්වරයාගේ අවධානයට ගෙන ඒමට කටයුතු කර ඇත. මෙම සිදුවීමෙන් පසුව පැමිණිලිකරුව වහා කොළඹ ජාතික රෝහල වෙත රැගෙන ඒමට කටයුතු කර ඇත.

යහපාලන රජයේ කාලසිමාවෙන් තුන් වසරක් ගෙවී යන මේ කාලසීමාවේදී, යහපාලන රජයේ රාජ්‍ය ඇමතිවරයෙකු වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ A. H. M. ෆව්සි ඇමති තුමාට අයත් ව්‍යාපාරයක අධ්‍යක්ෂක වරයෙකු වන වසීර් අහමඩ් මහතා විසින් ඇමති තුමාගේ පව්ලේ උදවිය විසින් තමන් වෙත අපහස කර මරණිය තර්ජන සිදුකළ බවටත්, මේ සම්බන්දව පැමිණිල්ල විභාග කළ පොලිස් නිලධාරීන් හට ඔවුන්ගේ රාජකාරි සිදුකිරීමට බධා සිදුකර ඇති බවට ප්‍රකාශ කර සිටි.

අහමඩ් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ, යහපාලනයේ ගුණත්මකබාවය සහ නිතිය අවතක්සේරුවට ලක්වෙමින් කැළැ නිතිය රජයන සමයක පොලිසියේ ක්‍රියාකාරිත්වය ගැන ඔහුට සෑහීමකට පත්විය නොහැකි බවත්, මෙම සංසිද්දියේදී නාරාහේන්පිට පොලිස් ස්ථානාධිපතිවරයා මුහුණපෑ අසරණබාවය ඇසින් දුටුවයින් පසු පොලිසියෙන් මිට වඩා යමක් බලාපොරොත්තු විය නොහැකි බවයි.

ඔහුගේ නීතීඥවරයා ෆාතිම හෆ්සා (වෙන කිසිවෙකු නොව, ෆව්සි ඇමතිවරයාගේම මිණිබිරිය) නැවත නැවත සිදුවන අසාධාරණයන් සහ තර්ජනය කිරීම් සම්බන්දව වසර දෙකක් තිස්සේ කිහිපවරක්ම පැමිණිලි කළද, එම පැමිණිලි යහපාලන ඇමති A. H. M. ෆව්සි ඇමති වරයාගේ පුතාට සහ දියණියට විරුද්දව පවරා ඇති බැවින් පොලිස් නිලදරින්ට නිතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි වී තිබේ.

ෆාතිම හෆ්සා ඇයගේ මාමා වන නමාස් ෆව්සි විසින් පොලිස් නිළදාරින් හට තමන්ට හා අහමඩ් වෙත සාධාරණය ඉෂ්ට ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදී තර්ජනය කර බලපෑම් සිදුකල බවට 2017 ජනවාරි 12 වන දින නාරාහේන්පිට පොලිසියේ පැමිණිලි අංක CIB 179/64 යටතේ පැමිණිල්ලක් සිදුකර ඇත.

ඇයට අනුව OHS හෝල්ඩිංස් පුද්ගලික සමාගමේ කොටස්කරුවෙක් සහ අධ්‍යක්ෂක වරයෙක් වන අගේ හිටපු ස්වාමිපුරුෂය දොස්තර මොහොමඩ් ශසිල් මව්ජූඩ් ඔවුන්ගේ පුතාව රැගෙනයාමට සවස 1.00 ට පමණ අගේ නිවසට පැමිණ ඇත. (උසාවියෙන් නියම කර ඇති වෙලාවට පැය 2ක් පමණ පසුව) එසේ පැමිණ නිවාස ඉදිරියෙන් වහනය ඉවත් කරගත නොහැකි බව පවසමින් OHS හෝල්ඩිංස්හී සම අධ්‍යක්ෂක වසීර් අහමඩ් සමග කලහයක් ඇතිකරගන්න ලදී. අහමඩ්ට වාචිකව නින්දා කිරීමෙන් අනතුරුව ඔහු නිවසට පැමිණ බඩු පොලේ ගසා අනතුරුව ඇයට (ෆාතිමාට) පහර දී ඇත.

මෙහි විශේෂතම සිදුවීම වන්නේ පසුව එම ස්ථානයට පැමිණි පොලිසිය නිවසේ සිදුවී තිබුණු දෙය සහ ෆාතිමාගේ මුහුණේ සහ ඇගේ තිබුණු තුවාල දුටු නමුත් ෆව්සි ඇමතිවරයාගේ පුතාගේ හා ෆාතිමාගේ මාමා – නාමාස් ෆව්සිගේ බලපෑම් හමුවේ නාරාහේන්පිට පොලිසිය ඒ සම්බන්ධව කිසිඳු ක්‍රියාමාර්ගයක් ගැනීමට ඉදිරිපත් නොවීමයි.

අහමඩ් පවසා සිටියේ පොලිස්පති පුජිත ජයසුන්දර මැදිහත් වන තෙක් පොලිසිය මෙම සිදුවීම සම්බන්දව නීතිමය ක්‍රියාමාර්ග නොගෙන සිටි බවයි. පසුව අවසානයේදී කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු අංක MC 75737/03/17 යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හැකියාව ලැබී ඇත. එසේ තිබියදීත් ඇමතිවරයාගේ පව්ලෙන් වන බලපෑම්වල අඩුවක් නම් සිදුවී නොමැති බව ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

ලෝව බිහිසුනු ත්‍රස්තවාදීන් වසර දෙකකට අඩු කාලයකදි පරාජය කරමින් මවුබිමේ සදාකාලික විරයන් බවට පත්ව සිටින ත්‍රිවිධ හමුදාව මුදවා ගැනිමේ හමුදාවක් (Salvation Army)බවට පත්කිරිමේ මහා මෙහෙයුමේ දැවැන්තම අදියර පසුගිදා කොස්ගම ත්‍රිවිධ හමුදා ආයුධ ගබඩාව පුපුරුවා හැරිම හරහා සිදුකල යහපාලනය දැන් එම සත්‍ය රටේ ජනතාවට වසන් කිරිම සදහා සියලු පරික්ෂණ යටපත් කල බව අප දැඩි ලෙස අවධාරණය කල අතර වගකිම් සහිතව වාර්තාකරණයේ යෙදේන lankanewsweb.today වෙබ් අඩවිය අදාළ පිපුරුම සිදුකල අයුරු A to Z අනාවරණය කල අතර එම අනාවරණයෙන් පසුව අප වෙබ් අඩවිය ලංකාවේ තහනමට පවා ලක්වුනා.

2016 ජුනී 5 වැනිදා ඉරිදා සවස 5.45ට සාලාව යුධ හමුදා අවි ගබඩාව පුපුරා හැරිම යහපාලන ආණ්ඩුවේ උවමනාව මත සිදුව ඇති අතර ඉතාමත් සැලසුම්ගතව හා සුක්ෂම අයුරින් සිදුකලද අප ආරක්ෂක තොරතුරු වාර්තාකරුගේ දක්ෂතාව මත පැය 48 යන්නට මත්තේන් සියල්ලම අනාවරණය කිරිමට අප සමත් විය.

දැන් වසර දෙකකට ආසන්න වෙමින් තිබියදි කොස්ගම පිපුරුම නිකම්ම පිපුරුමක් නොව ඒ පසුපස යම් කුමන්ත්‍රණයක් දියත් වු බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බන්ධාර ආනාවරණය කර තිබේ.

ඔහු කියන ආකාරයට එය රාජපක්ෂලාගේ වැඩකි.එම පිපුරුම කලේ රාජපක්ෂලාද, සිරිසේනලාද, රනිල්ලාද යන්න අපට වැඩක් නැත.අපට අවශ්‍ය වන්නේ සැබෑවටම අප එදා සිට අනාවරනය කල අකාරයට කොස්ගම ත්‍රිවිධ හමුදා ආයුධ ගබඩාව පුපුරුවා හැරිම පසුපස දේශපාලන කුමන්ත්‍රණයක් ඇති බව තහවුරු විමයි.

හැම මගුලටම කඩුව වනමින් ජනාධිපති කොමිෂන් සභා පත්කරන සිරිසේන ජනාධිපතිතුමනි දැන් එලබ ඇත්තේ ඔබේ වාරයයි….අප අප විසින් අනාවරණය කල පිටු 35කට ආසන්න අනාවරණය සම්බන්ධයෙන් තවමත් එලෙසම පෙනී සිටින්නට සුදානම් එදා ද අප පුල පුලා කියා සිටියේ සත්‍ය රටේ ජනතාවට වසන් කිරිම සදහා සියලු පරික්ෂණ යටපත් කලද අප නිරන්තරයෙන් සත්‍ය වෙනුවෙන් පෙනී සිටින බවයි.

මේ දිගු ලිපිය අවසානයේ අපි ඔබට ඉතා වැදගත් යමක් අනාවරණය කරමු. එනම් “X” අවි ගබඩාවට පිවිසීමට ප්‍රථම ඒ භාර ලුතිනන්වරයා විසින් ලබාදුන් අවි ගබඩාව සම්බන්ධ ඉන්වෙන්ට්‍රිය, තමන් වෙත ලබා දුන් ස්කෑනරයට නිෂ්පාදකයා විසින් යොදන ලද අංකය (Serial Number) සඳහන් ස්ටිකරය සහ තමන් විසින් තම “Pen Drive” වෙත ස්කෑනරය වෙතින් පිටපත් කරගන්නා ලද සියලු දත්ත පිපිරීමට පෙර සුරක්ෂිතව ඉවත් කරගැනීමටද රටින් බැහැර කර ගැනීමටද “X” සමත්වූ බවයි.

අනාගතයේදී නිසැකව බිහිවන, රටට සැබවින්ම ආදරය කරන රජයක් විසින් මේ ඛේදවාචකය පිලිබඳව පවත්වනු ලබන විධිමත් පරීක්ෂණයකදී සහ ඉන් පසුව සිදුකරනු ලබන නඩු විභාගයකදී රජයේ සාක්ෂිකරුවකු ලෙස “X”ද ඉහත කී ලේඛනයන්ද අතිශය වැදගත්ය.

(එම සම්පුර්ණ අනාවරණය පහතින් කියවන්න….)

සාලාව අවි ගබඩාව පිපිරීමේ කුමන්ත්‍රණයේ ඇතුල් කතාව lankanewsweb.today ආරක්ෂක තොරතුරු වාර්තාකරු

http://198.211.112.164/archives/11950

http://198.211.112.164/archives/11152

http://198.211.112.164/archives/11176

http://198.211.112.164/archives/11202

http://198.211.112.164/archives/11094

2015 වසර ආරම්භ වන්නේ “යහපාලන”රජය බිහි වීමෙනි. එහි ආරම්භක සිය දිනයේ වැඩ සටහන අතරතුර හරියට ම එහි පනස් වන දින බැඳුම්කර මගඩිය සිදුවිය. (2015 පෙබරවාරි 27)එම බැඳුම්කර සිද්ධිය හදිසියේ ම පාර්ලිමේන්තුව විසුරුවාලීමට හේතු විය. (2015 ජූනි) ගෙවී ගිය හය මස තුළ අනපේක්ෂිත සිදුවීම් ගණනාවකි.

01 රනිල් වික‍්‍රමසිංහ අගමැති විය. එම සිදුවීම තවමත් ප‍්‍රහේලිකාවකි. එසේ සිදුවූයේ පාර්ලිමේන්තුවේ බලය, තුනෙන් දෙකක බලය, මහින්ද රාජපක්ෂ සතුව තිබියදීම ය.එම පත්වීමට පාර්ලිමේන්තුව තුළ අභියෝග යක් ලක් නොවීම එම ප‍්‍රහේලිකාවයි. ඒ වන විට, රනිල් සතුව තිබූයේ මන්ත්‍රී ආසන 42 ක් පමණ ය.

02 දෙවන අනපේක්ෂිත සිදුවීම, පරාජිත ජනාධිපති අපේක්ෂක, ජයග‍්‍රාහකයා වෙත තම පක්ෂයේ නායකත්වය හදිසියේ පිරිනැමී ම.

03 තුන්වන අනපේක්ෂිත සිදුවීම, ජනාධිපතිවරණයේ සංවිධායක බැසිල් රාජපක්ෂ හදිසියේ රටන් පැන යාම.

04 හතර වන අනපේක්ෂිත සිදුවීම, හදිසියේම පාර්ලිමේන්තුව විසුරුවාලීම, මහ මැතිවරණයක් අපේක්ෂා කළ ද විසුරුවා හැරීම පිටුපස ක්‍රියාත්මක වූයේ ”කෝප් ” කමිටු මුල් වාර්තාවයි. අප‍්‍රකාශිත ඩිව් ගුණසේකර ”කෝප්” කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම වලක්වාලීමයි.

05 පස්වන අනපේක්ෂිත සිදුවීම, මහ මැතිවරණ ප‍්‍රතිඵල යයි. කිසදු පක්ෂයකට ආණ්ඩුවක් පිහිටුවීමට නොහැකි තත්ත්වයකි. 2015 ජනවාරි 08 වැනිදාට පෙර, යහපාලනයේ පුරෝගාමීන් මුල දී අපේක්ෂා කළ ආකාරයට සැලසුම් කළ ආකාරයට සිදුවීම් පෙළ ගැසුනේ නැත. ආපසු හැරි බලන විට, යහපාලනයට පාදක වූ දුෂණය ම අපේක්ෂිත වැඩ සටහන ක්‍රියාත්මක කරලීමට බාධකයක් විය. බාධකය වූයේ බැඳුම්කර මගඩි යයි. (මහා දුෂණය) යහපාලන රජය, පළමු දින පනහ තුළ දී ම දුෂණයට ම ගොදුරු විය.

මෙම බැඳුම්කර මගඩිය ණය උගුලට බද්ධ වූ සාධකයකි. එහි දේශපාලන ආර්ථිකය පරීක්ෂණයට ලක්කිරීම වෙන මම ව්‍යායාමයකි. එය පසුවට තබමු.

ඉහතින් දැක් වූ එක් අනපේක්ෂිත සිද්ධියක් වන පාර්ලිමේන්තුව හදිසියේ විසුරුවා හැරීමට තුඩුදුන් ක්‍ෂණික හේතුව වශයෙන් අප‍්‍රකාශිත ඩිව් ගුණසේකර ”කෝප්” කමිටු වාර්තාව බව ඉවෙන් දැනුන ද සාක්ෂි ඉදිරිපත් වී නොතිබුණි.

පසුගියදා ”ඉරිදා දිවයින” (2018. 01. 14) පත‍්‍රයෙහි පළ වූ ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරියගේ හෙළිදරව්වෙන්,පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට හේතු වූයේ ඩිව්. ගුණසේකරගේ අප‍්‍රකාශිත ”කෝප්” කමිටු වාර්තාව බව පැහැදිලි වී තිබේ. ඔහු උපන් ගෙයි ම යූ. එන්. පී කාරයෙකි. වත්මන් මාතර දිස්ත්‍රික් මන්ත්‍රී බුද්ධික පතිරණගෙ මාමණ්ඩි යයි. ඔහු කවදත් කෙළින් කියන කරන ඍජු පුද්ගලයෙකි. ඔහු ඉදිරිපත් කර තිබුනේ ප‍්‍රබල ලිඛිත සාක්ෂි ය. ඒ කෙටියෙන් මෙසේ ය.

”අප‍්‍රකාශිත මුල් කෝප් කමිටු වාර්තාවේ අඩංගු කරුණු සම්බන්ධයෙන් රහස් පොලිසියේ අධ්‍යක්ෂ එදා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු වූ නාගහවත්ත මහතා නීතිපති දෙපාර්තමේන්තුව වෙත බැඳුම්කර මගඩිය සම්බන්ධයෙන් රහස්‍ය වාර්තාවක් ඉදිරිපත් කර තිබීම අලූත් සාක්ෂියකි.

එය නීතිපති දෙපාර්තමේන්තුවේ සොලිස්ටර් ජෙනරාල් සහ ඇටර්නි ජෙනරාල් වෙත යොමු කර තිබූ බව අනාවරණය වී ඇත. සොලිස්ටර් ජෙනරාල්ගේ මතයේ හැටියට එම බැඳුම්කර මගඩිය අපරාධ නීති සංග‍්‍රහයේ හැටියට අපරාධයකි. එහෙත්, ඇටර්නි ජෙනරාල්වරයාගේ (හිටපු) මතයට අනුව සිවිල් නීති උල්ලංඝණයකි. ලිපිගොනු දෙකකි. 187/161/2015 (අපරාධ) සහ CF/08/2015 (සිවිල්) ලිපි ගොනු ක්‍ 187/161/2015 විවෘත කරනු ලැබුවේ සොලිස්ටර් ජෙනරාල් සුහද ගම්ලත් ය. ලිපිගොනු CF/08/2015 විවෘත කරනු ලැබුවේ හිටපු නීතිපති නොහොත් ඇටර්නි ජෙනරාල් යුවන්ජා විජේතිලකයි. විජේතිලක මහතා විසින් විවෘත කරනු ලැබූ ලිපිගොනුව ”රහස්‍ය” ලිපි ගොනුවක් වශයෙන සනිටුහන් කරනු ලැබ තිබුණි. ලිපිගොනු ව භාර සිටියේ නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරිනියක් බව ද වර්ණකුලසූරිය මහතා ප‍්‍රකාශ කරයි. දැන් මේ ලිපිගොනු දෙක ම අතුරුදහන් වී ඇත.

හේමන්ත වර්ණකුලසූරිය මහතා තවදුරටත් මතුකර ඇත්තේ මුල කෝප් කමිටුවේ සාමාජිකයෙකු වූ සුජීව සේනසිංහ කෝප් කමිටුවේ සභාපති ඩිව් ගුණසේකර මහතාට එරෙහිව පාර්ලිමේන්තුව විසුරුවා හැරි දිනට පසු දින ම කොළඹ දිසා අධිකරණයේ වාරණ නියෝගයක් ලබා ගැනීමයි. එම වාරණය වූ කලී, අප‍්‍රකාශිත ”කෝප්” වාර්තාව ප‍්‍රකාශයට පත්කිරීම වාරණයට ලක් කිරීමකි. මෙහි දී වරප‍්‍රසාද කඩකිරීමක් පිළිබඳ චෝදනාවක් දපාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා වෙත ද භාර දී තිබුණි. සුජීව සේනසිංහ මහතා අප‍්‍රකාශිත ”කෝප්” වාර්තාවට බිය වූයේ ඇයි? එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සුජීව සේනසිංහ සහ රෝසි සේනානායත විරුද්ධ වූ බව දැන ගන්නට තිබේ. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පමණක් සෑහීමට පත් නොවී දිසා අධිකරණය සහ පාර්ලිමේන්තු මහ ලේකම් වෙත වාරණ සහ වරප‍්‍රසාද තහනම් නියෝ පැතුවේ ඇයි? මෙය පිටුපස ක්‍රියාත්මක වූ බලවේග මොනවාද? ”කුඩු කෑ විත්තිය” හෙළිදරව් වීම වලක්වාලීම ද? රහස් පොලිස් වාර්තාව වලක්වාලීමට බැරිව නීතිපති දෙපාර්තමේන්තුවේ ලිපිගොනු අස්ථාන ගතවීම නිසා, විමර්ශන අතරමග නැවතුනි.” දෙවන ”කෝප් ” වාර්තාවට ”පාදක සටහන්” තැබීම සඳහා ”කෝප්” කමිටුවේ

දමිළ ජාතික සාමාජිකයෙකු ඉවත් කොට ඒ වෙනුවට යළි සුජීව සේනසිංහ මහතා පත් කළේ ඇයි? දෙවන වාර්තාව පිටවීමට ඔන්න මෙන්න කියාය තිබිය දී පත්කරනු ලැබූ සුජීව සේනසිංහ මහතා, හර්ෂ ද සිල්වා මහතා සමඟ ඇමෙරිකාවට පිටත් කොට ඉහළ ම මට්ටමේ වෘත්තීමය උපදෙස් අනුව ”දෙවන කෝප් කමිටු” වාර්තාවට ”පුට්නෝට්” නොහොත් ”පාද සටහන්” තැබුව ද දැන් අනාවරණය වී තිබේ. ඇමෙරිකාවේ, හාවර්ඞ් විශ්ව විද්‍යාලයේ, ”චිකාගෝ ආර්ථික විද්‍යා ගුරු කුලයට” අයත් බැඳුම්කර විශේෂඳයින්ගේ උපදෙස්වලට අනුව තැබූ එම ”පාද සටහන් ” විශේෂඥ මත වශයෙන් හඳුන්වා දෙනු ලැබේ.

බැඳුම්කර කොමිසමේ විනිසුරුවන් බැඳුම්කර විශේෂඥයින් නොවන බවට යූ. එන්. පීයේ අමාත්‍යවරුන් දැන් කියා සිටින්නේ ඉදිරියේ දී පවරනු ලබන නඩුවල දී ඇමෙරිකානු විශේෂඥයින් ආනයනය කිරීමේ අපේක්ෂාවෙන් විය හැකි ය. ”හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට” යන කියමනක් ව්‍යවහාරයේ ඇත. ඉදිරියේ දී දැක ගත හැකි අප‍්‍රකාශිත දේ තව තවත් හෙළිදරව් වනු ඇත.

දැන් යූ. එන්. පී ”පුට්නෝට්” කල්ලිය. උත්සාහ ගන්නේ බැඳුම්කර කොමිෂන් සභාවේ විනිසුරුවන් අපහාසයට හා හාස්‍යයට ලක්කිරීම ය. විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතාට පහර එල්ල කිරීමයි. ”කොප්” කමිටු දෙක ම හාස්‍යයට ලක් කිරීමයි. අන්තිම තුරුම්පුව වී ඇත්තේ කොමිෂන් සභාව පත් කළ ජනාධිපතිට එරෙහි ව නැගී සිටීමයි.

2018 ජනවාරි 12 වානිදා පාර්ලිමේන්තුවේ දී සිදු වූ අප‍්‍රසන්න සිදුවීම පිටුපස කි‍්‍රයාත්මක වූයෙය් ද ”පුට්නෝට්” කල්ලියේ උපක‍්‍රමයකි. ඊට අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා කෙළින් ම සම්බන්ධ විය. බැඳුම්කර කොමිෂන් සභා වාර්තාව ජනාධිපතිවරයාට භාර දුන්නේ 2017 දෙසැම්බර් 30 වැනිදා ය. ගත වූ එක් සතියකි. ජනාධිපතිවරයා එම වාර්තාවේ අඩංගු නිර්දේශයන් පිළිබඳ සංක්ෂිප්ත සටහනක් ජනතාව හමුවේ තැබූ එම වාර්තාව පාර්ලිමේන්තුවට සහ නීතිපතිට යවන බව ප‍්‍රකාශයට පත් කළේ ය. මේ අතර වාර්තාව වහාම එළි දක්වන ලෙස ඉල්ලීම් කිහිපයක් විය. ඒ සඳහා මාධ්‍ය සංදර්ශනද විය. ඒකාබද්ධ විපක්ෂය, ජේ. වී. පී. ය සහ රවි කරුණානායක ඒ අතර විය. මෙම උත්සාහය ප‍්‍රශ්නය දේශපාලනකරණය සඳහා දැරූ උත්සාහයක් ලෙස අපි දකිමු. එම තත්ත්වය රනිල් වික‍්‍රමසිංහ තම උපරිම වාසිය සඳහා යොදා ගැනීමේ කැත උත්සාහය පාරා වළල්ලක් වූ බව දැන් කිව හැකිය. පාර්ලිමේන්තුව වෙත වාර්තාව එන තෙක් ඉවසා සිටීමට ආණ්ඩු පක්ෂයට මෙන් ම විපක්ෂයට ද බැරි හේතුව කුමක්ද?

මේ අතර 2018 ජනවාරි 15 වැනිදා සඳුදා ”ද අයිලන්ඞ්” පත‍්‍රයේ පළ කර ඇති සත්‍ය මූර්තිගේ දේශපාලන ලිපිය කෙරෙහි අවධානය යොමු කරලීම අවශ්‍ය ය.පාර්ලිමේන්තුවේ ”කාලගෝට්ටිය” සිදුවූයේ 2018 ජනවාරි 12 වැනිදා දහවල් ය. ජනවාරි 13 දා නමින් ”ද අයිලන්ඞ්” පත‍්‍රය වෙත සත්‍ය මූර්ති හදිසියේ ලිපියක් සපයන්නේ ඇයි?

”සත්‍ය මූර්ති” නමින් ඉන්දියාවේ චෙන්නායි සිට ක්‍රියාත්මක වූ ජාත්‍යන්තර මාධ්‍යවේදියා එම ලිපිය සපයන්නේ ජනවාරි 13 වැනිදාම ය. ඔහු ප‍්‍රශ්න කිහිපයක් මතු කරයි. ඒවා සංක්ෂිප්ත ව මෙසේ ය.

x ජනාධිපති සිරිසේන හොඳපොලිස්කාරයෙකු වෙන්න හදනවා. රනිල් වික‍්‍රමසිංහ සහ යූ. එන්. පීයේ ඇමැතිවරු නරක පොලිස්කාරයින් ද?

x කෝ සාමූහික වගකීම?

x බැඳුම්කර කොමිසම පත්කරනු ලැබුවේ අගමැති නොවිමසාය

x බැඳුම්කර කොමිසමේ අඩංගු දේ රටට හෙළිදරව් කළේ, අගමැති නොවිමසා ය.

x වාර්තාව පාර්ලිමේන්තුවට එවන බව කියා එය ඉටු කළේ නැත. අගමැතිවරයා දුෂ්කර තත්ත්වයට පත්කළා.

x එක ගෙයි කන ආණ්ඩුවක් මෙසේ ගෙන යෑමට හැකිද?

x ජනාධිපති ධුර කාලය විමසා ශ්‍රේෂ්ඨාධිකරණ ඇමතුවේ අගමැති නොවිමසා ය. එසේ කිරීමට හදිසි වූයේ ඇයි? 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන්
තත්ත්වය පැහැදිලි ව තිබිය දී එය තේරුම් නොගෙන ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමේ හදිසිය කුමක්ද?

දැන් යූ. එන්. පීයේ කෙළින් ම මතු කරන ප‍්‍රශ්න මුලින් ම විවෘත ව මතුරනු ලැබුවේ සත්‍ය මූර්ති ය. මොහු යූ. එන්. පීයේ නවත ම උපදේශක ද? එසේත් නැත්නම්,ඇමෙරිකාවේ වුවමනාවන් ඉටුකරන මාධ්‍යවේදියෙක් ද?

එම ලිපිය ”ද අයිලන්ඞ් ”පත‍්‍රයේ ම (රජයේ නොවන) පළ කිරීම ද විමසිය යුතු ප‍්‍රශ්නයකි. බැඳුම්කර මගඩිය දේශපාලන අර්බුදයක් කරා වර්ධනය වූ හැටි ගත වූ වසර තුනේ දේශපාලනයෙන් දැක ගත හැකිය.

”හොරා හොරා, කවුද හොරා, කවුද හොරා , රනිල් හොරා, කවුද හොරා මහින්ද හොරා ” සටන් පාඨ ඔස්සේ පාර්ලිමේන්තුව අද ඛේදවාචකයක් බවට පත්ව ඇත. යහපාලනය කෙළවර වන හැටි මුළු ලොව ම බලා සිටී. මෙතැන සැඟ වී ඇති ප‍්‍රශ්නය, දුෂණය පිළිබඳ ප‍්‍රශ්න යයි. ලොව පුරා පැතිරෙමින් තිබෙන මෙම පිළිකාව අද සමාජ ව්‍යයසනයකි.

දේශපාලන, ආර්ථික පැතිකඩෙන් බැලූ කළ මෙය නව ලිබරල්වාදයේ තර්කානුකූල වර්ධනයකි. ණය උගුල බැඳුම්කර මගඩිය,දුෂණය ආදී සියලූ ව්‍යයසනයන් ගලා එන්නේ නව ලිබරල්වාදය සහ ඊට අනුරූප ව ගොතනු ලැබූ ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව තුළිනි.

බැඳුම්කර මගඩියේ දේශපාන ආර්ථිකය ගැඹුරින් නොවිමසා නිවැරදි නිගමනයන් ට එළඹීම පහසු නොවේ. විපක්ෂය, ඒකාබද්ධ විපක්ෂය ප‍්‍රශ්නයේ සැබෑ ස්වභාවය නොසොයා අඳුරේ අතපත ගාන බව පමණක් කිව හැකිය. මතු පිටින් පෙනෙන හැම ප‍්‍රශ්නයක් ම දේශපාලනයට ලක් කරමින් සිටිනවා මිස, ප‍්‍රශ්නයේ ස්වභාවය දෙස එබී බලන්නේ වත් නැත.

විශේෂ වාර්තාකරු

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන,අගමැති රනිල් වික්‍රමසිංහ සහ කතානායක කරු ජයසුරිය යන මහත්වරුන් කොළඹ සුවිශේෂී ස්ථානයක දී පෙරේදා (30) උදැසන රහසිගතව හමු වී විශේෂ සාකච්ඡාවක් කර ඇතැයි ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග පවසයි.

සම්මුතිවාදී යහ පාලන ජාතික රජය අභ්‍යන්තරයේ උද්ගත වී තිබෙන ගැටුම්කාරී සහ අර්බූදකරී තත්ත්වය සම්බන්ධයෙන් එහිදී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කර තිබේ.

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර යම් මත ගැටුමක්,විරෝධයක් හෝ අවිශ්වාසයක් ඇති වී තිබෙන්නේ නම් ඒ සියල්ල සමතයකට පත් කර යළි විශ්වාසය සහ සමගිය තහවුරු කිරීමේ අරමුණින් මේ විශේෂ රහස් හමුව සිදුව ඇත්තේ කතානායක කරු ජයසුරිය මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගෙන් කළ විශේෂ ඉල්ලීමකට අනුවය.

පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය,සම්ප්‍රදාය,විනය සහ නීතිය තහවුරු කර ආරක්ෂා කිරීමට කටයුතු කරන තමාට කිසිදු ඉදිරි දේශපාලන අරමුණක් හෝ ඉලක්කයක් නොමැති බවත් තමා කිසිවිටකත් පටු දේශපාලනයක නොයෙදෙන බවටත් කතානායක කරු ජයසුරිය මහතා එහිදී අවධාරණය කර තිබේ.

කරු ජයසුරිය මහතා මෙසේ කරුණු පැහැදිළි කර ඇත්තේ උද්ගත වී තිබෙන තත්ත්වය හමුවේ ඔහු සම්බන්ධයෙන් ද පැතිර යන දේශපාලන ආරංචි නිවැරදි කර ජනාධිපතිවරයාත්,අගමැතිවරයාත්,කතානයකවරයාත් අතර විශ්වාසය වඩාත් තහවුරු කිරීම සඳහාය.

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර යම් ගැටුමක් තිබෙන බවට මතයක් නිර්මාණය වුණොත් ඒ තත්ත්වය හේතුවෙන් විදේශීය යෝජන සහ සහයෝගය ද යළි අහිමි වී රට ආර්ථික වශයෙන් කඩා වැටී දේශපාලන සහ සමාජ අර්බූද මතුවී යහ පාලන අරමුණු බිඳ වැටෙනු ඇතැයි කරු ජයසුරිය මහතා එහිදී පෙන්වා දී තිබේ.

එම කාරණය සම්බන්ධයෙන් ද උද්ගත වී තිබෙන තත්ත්වයෙන් දේශපාලන විරුද්ධවාදීන් ලබා ගන්නා වැසි සහ ඊට මුහුණ දිය යුතු ආකාරය සම්බන්ධයෙන් ද එම නායකයින් දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

එමෙන්ම බැඳුම්කර ගනු දෙනුවට ද බරපතළ දුෂණ,වංචා සහ අක්‍රමිකතාවලට ද අදාළ ජනාධිපති කොමිසන් සභා වාර්තා සම්බන්ධ පාර්ලිමේන්තු විවාදය වගේම ජනාධිපතිවරයාට එරෙහිව ගෙන එන බවට ආරංචි පැතිර යන දෝෂාභියෝගය ආදී කරුණු කාරණා ගැන ද එහිදී සාකච්ඡා කර තිබේ.

(සුජිත් මංගල ද සිල්වා)

සම්මුතිවාදී යහ පාලන ජාතික ආණ්ඩුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් 2020 වන තුරු පමණක් පවත්වාගෙන යැමට එක්සත් ජාතික පෙරමුණ තීරණය කර තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයින් මේ තීරණය ගෙන තිබෙන්නේ රටේ උද්ගත වී තිබෙන දේශපාලන තත්ත්වය පිළිබඳව දීර්ග වශයෙන් කරුණු සාකච්ඡා කිරීමෙන් පසුව බවයි වාර්තා වන්නේ.

එක්සත් ජාතික පෙරමුණේ දේශපාලන පක්ෂ නායක රැස්වීම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේදී ඊයේ (29) දහවල් පැවැත්වු අතර එහිදි එම තිරණය ගෙන ඇති අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පළාත් පාලන මැතිවරණ වේදිකාවේදී කරන ප්‍රකාශ සහ ඒ හේතුවෙන් උද්ගතවී තිබෙන දේශපාලන තත්ත්වයන් පිළිබඳව ද එහී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කර තිබේ.

2015 ජනවාරි 8 සහ අගෝස්තු 17 වැනිදා ලබා දුන් ජන වරමට ගරු කර ජනතා අපේක්ෂා ඉටු කිරීම සඳහා නව දේශපාලන,ආර්ථික,සමාජ සහ සංස්කෘතික ප්‍රතිසංස්කරණ සිදු කරමින් ජනාධිපතිවරයා යටතේ 2020 වන තුරු කෙසේ හෝ සම්මුතිවාදී යහ පාලන ජාතික රජය තව දුරටත් ඉදිරියට ගෙන යා යුතු බවට ද එහිදී වැඩිදුරටත් තීරණය කෙරිණ.

මෛත්‍රිපාල රැස්වීමක දී කියලා තිබුණා සංධානයෙන් පාර්ලිමේන්තුවට පත් වූ මන්ත්‍රීවරුන් අනූහයදෙනා තමන් සමග එකට ඉන්නවා නම් හෙට වුණත් ශ්‍රී ල නි පක්‍ෂ ආණ්ඩුවක් හදනවා කියලා. මෙහි දී ශ්‍රී ල නි පක්‍ෂ ආණ්ඩුවක් කියන්නෙ ශ්‍රී ල නි ප ප්‍රධාන සංධාන ආණ්ඩුවක් වෙන්න ඕන. කාට හරි කියන්න පුළුවන්, නැහැ මෛත්‍රිපාල කියලා තියෙන්නෙ සංධාන ආණ්ඩුවක් නොවෙයි ශ්‍රී ල නි ප ආණ්ඩුවක් කියලා. ඒත් ශ්‍රී ල නි ප විතරක් ගත්තොත් මන්ත්‍රීවරුන් අනූගණනක් නැහැ. අනෙක් අතට ශ්‍රී ල නි ප මන්ත්‍රීවරුන් කියලා පිරිසක් පාර්ලිමේන්තුවෙ නැහැ. ඉන්නෙ සංධාන මන්ත්‍රීවරු, හැබැයි ඉන්නෙ දෙපැත්තක. මෛත්‍රිපාල කියන්නෙ ඔක්කොට ම එක පැත්තකට එන්න කියලා. ජී එල් පීරිස් කියන්නෙත් ඒකම යි. හැබැයි කතානායකගෙ වම්පැත්තට කියලා ජී එල් කියනවා. මෛත්‍රිපාල කතානායකගෙ දකුණු පැත්තට කියලා කියනවා.

මෙය මෛත්‍රිපාලගෙ තවත් රඟපෑමක් කියලා කරුණු දත් පඬියකුට කියන්න පුළුවන්. කාට හරි කියන්න පුළුවන් බැසිල් හා රනිල් කරන්නෙත් රඟපෑමක් කියලා. ජී එල් කරන්නෙත් රඟපෑමක් කියලා කියන්නත් පුළුවන්. ජනවාරි අටවැනිදාට පසුව ජී එල් මලික් සමරවික්‍රම හම්බවෙන්න ගියා ද? ඒකාබද්ධ විපක්‍ෂෙ තව කී දෙනෙක් ගියා ද? ඔවුන්ට මොකද වුණෙ. පියසිරි විජේනායක එක්ක මෛත්‍රිපාල හම්බවෙන්න විමල් ගියා ද? ගල්ලෙන බිඳපු ගම්මන්පිළට මොකද වුණෙ. හැම තැනක ම තමා ම නොවන තමා රඟපෑම් කරනවා කියලා කියන්න පුළුවන්. මා කලකට පෙර කිව්ව අප ජීවත් වෙන්නෙ ඩීල්ලන්තයෙ නැත්නම් ඩීල්දේශයෙ කියලා. මානව හිතවාදී විද්වතකුට ඕන නම් ඩීල්නාඩුව කියලා කියන්නත් පුළුවන්.

අද රනිල්ගෙ මැතිවරණ ව්‍යාපාරෙ මෙහෙයවන්නෙ මොන සමාගමෙන් ද? ඒ සමාගමේ අධ්‍යක්‍ෂවරු කවු ද? ඒ විද්‍යුත් නාළිකාවක් කියලා මා කියන්නෙ නැහැ. ඒ වුණත් නාළිකා ප්‍රධානීන් ඉන්න වෙනත් සමාගම් තියෙනවා. හෙට දෙරණෙ 360 වැඩසටහනට රනිල් එනවා. මහින්ද හිරු නාළිකාවට යනවා. රනිල් හා මහින්දත් රඟපෑමක ද? නාළිකා ප්‍රධානීන් මුද්‍රිත මාධ්‍ය ප්‍රධානීන් රඟපෑමක් කරනවා ද? මව්බිම සිරස දෙරණ ආදිය දේශපාලනයෙ දී මැදිහත් වන්නේ කොහොම ද? සරත් නන්ද සිල්වගෙ නීති තර්ක කාලෙන් කාලෙට වෙනස් වෙනවා ද? අද ඔහු ඉන්නෙ කොතැනක ද? කරුණු දන්නා පඬියෝ අප දැනුවත් කරත්වා!

මෛත්‍රිපාල 2014 නොවැම්බරයේ දී දරුණුතම වරදක් කළා. පාවාදීමක් කළා. එහි පිටුපස සිටියේ බටහිර හා ඉන්දීය ඔත්තුසේවා. ඒ වගේම ඔහුට යන්නට සලස්සපු අය. ඒත් ඒ නිසා මෛත්‍රිපාල වරදින් නිදහස් වෙන්නෙ නැහැ. ජාතිකවාදී පඬි පෝතකයන් මොනවා කිව්වත් ඔහුට සමාව දෙන්න බැරිකමකුත් නැහැ. අප කැප්පටිපොළට සමාව දුන්නා. ඊටත් ඈත කාලයක ගැමුණු රජුට විරුද්ධ වූ තිස්සට අප රජකම දුන්නා විතරක් නොවෙයි ඔහුට සද්ධාතිස්ස කියාත් ගැමුණුට දුටුගැමුණු කියාත් කිව්ව. එය දෙටුගැමුණු කියලා දැන් කියන්න යන්න ඕන නැහැ. පස්සෙ ගැමුණු රජකම අත්පත් කරගත්තා. එහෙත් කාගෙ හරි බලපෑමක් නිසා සාලියට රජකම ලැබුණෙ නැහැ. ඒ මා හිතන විධියට සාලියගෙ මව නාග හරි අර්ධනාග හරි නොවී යක්‍ෂ වීම නිසා. විහාරමහා දේවිය ඇයට කරුණාව දැක්වූවා. අන්තිමේ දි විහාර මහා දේවියටත් තැනක් නැති වුණා.

අපේ ඉතිහාසයෙ අමනකම් වැරදි වැරදිිවලට සමාවදීම් කොතෙකුත් සිදු වී තිබෙනවා. ඒත් 1818 දී අප ඩොයිලිට හසු වුණා. අප අතර අසමගිකම් වැඩි වෙලා අප සුද්දන්ට අවශ්‍ය විධියට අවසානයේ දී කටයුතු කළා. ඉන්පසු සුද්දන් අධ්‍යාපනය වරප්‍රසාද දීම් ආදියෙන් අපේ සංස්කෘතිය වෙනස් කළා. අද ගැහැණුන්ගේ අරක්කු බීම වෙනුවෙන් ඊනියා මානව හිතවාදීන් නඩු කියනවා. අප කිව්වෙත් ඊනියා සම අයිතිය සඳහා පිරිමින්ට අරක්කු විකුණන එක තහනම් කරන්න කියලා මොනව වෙයි ද? කාට හරි අහන්න පුළුවන් එහෙම කියන්නෙ ලෝඩ් බුද්ධා කියන නිසා ද කියලා. නැහැ බුදුහාමුදුරුවො එහෙම කියලා නැහැ. ඒක සංස්කෘතික කතාවක්. අප ඇහුවොත්ඇහුවොත් අප අරක්කු බොන්නෙ වයින් බොන්නෙ ක්‍රිස්තියානි සංස්කෘතියට එකඟ නිසා ද කියලා මිනිසුන් අපට එරෙහි වේවි. ඊනියා මානව අයිතිවාසිකම් ද සංස්කෘතියට සාපේක්‍ෂ බව පඬියන් හිතන්නෙ නැහැ. ඔවුන්ගෙ මානව අයිතිවාසිකම් තීරණය වන්නේ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙ. අද ඇත්තෙ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යයක්. අප කුඩා කළත් පිරිමිත් අරක්කු බිව්වෙ හොරෙන්.

මියන්මාරයෙ අවුංසාන් සුචී (සුකී) සුද්දන්ගෙ නියෝජිතවරියක් හැටියට ආපසු මියන්මාරයට ගියා. ඇය හමුදාවට හා ථෙරවාද බෞද්ධ සංස්කෘතියට එරෙහිව කටයුතු කළා. ඇයට සාමය පිළිබඳ නොබෙල් ත්‍යාගයත් ලැබුණා. එහෙත් අද ඇය තම වරද නිවැරදි කරගෙන වෙනස් වෙලා. එය රඟපෑමක් ද කියලා ජී එල්ගෙන් හරි පඬි පෝතකයකුගෙන් හරි අහන්න ඕන. අද බටහිරයන් ඇයට විරුද්ධයි. ඇයට විරුද්ධව ශ්‍රවණ දෘශ්ටි පටි නිකුත් කරනවා. ඒකත් රඟපෑමක් ද? කොහොමටත් රොහින්ජ්‍යා ප්‍රශ්නයෙදි බටහිරයන් ඉන්නෙ මුස්ලිමුන්ගෙ පැත්තෙ. ඔවුන් තම රටවල මුස්ලිමුන්ට විරුද්ධ වෙමින් අපේ රටවල මුස්ලිමුන්ට පක්‍ෂ වෙන්නෙ ථෙරවාද සංස්කෘතියට විරුද්ධ වෙමින්. ඔවුන් කියන්නෙ ථෙරාවාද කියලා. සුද්දන්ගෙ නමක් අපට ගැලපෙන පරිදි උච්චාරණය කළොත් විරුද්ධ වන පඬියන් සුද්දන් තමන්ගෙ උච්චාරණ නීති රීතිවලට අනුව ථෙරාවාද කිව්වට උරණ වන්නෙ නැහැ. සුද්දන් අදින්නෙ වචනයක දෙවැනි ස්වරය. කොහොමටත් මෙයින් පැහැදිලි වෙන්නෙ බටහිරයන්ගෙ ප්‍රධාන සතුරා ථෙරවාද සංස්කෘතිය බව.

ජී එල්ලා කියන්නෙ එ ජා ප හා රනිල් ශක්තිමත් කරලා මෛත්‍රිපාලගෙ කණ්ඩායමට විපක්‍ෂයට එන්න කියලා. මෛත්‍රිපාලගෙ කණ්ඩායම ඊනියා ජාතික ආණ්ඩුවට ගිය එක වැරදියි. ඒත් තවත් අයත් යන්න උත්සාහ කළ බව අමතක කරන්න එපා. අද මෛත්‍රිපාලත් ඔහුගෙ කණ්ඩායමත් කළ වරද නිවැරදි කරගන්න පුළුවන් විපක්‍ෂෙට ඇවිල්ල එ ජා ප ආණ්ඩුවක් හදල රනිල් තවත් බලවත් කිරීමෙන් නො වෙයි. රනිල් ඉවත් කර සංධානයෙ ආණ්ඩුවක් හැදීමෙන්. මෛත්‍රිපාල එවැනි ආණ්ඩුවක් හැදීමට ආරාධනා කරනවා. ජී එල් රනිල් බලවත් කරන්න හදනවා. මා මේ ප්‍රකාශ කරන්නෙ ජනප්‍රිය මතයක් නොවන බව මා දන්නවා. මට ජනප්‍රිය වෙන්න ඕන නැහැ. 1994 දි චන්ද්‍රිකාට විරුද්ධ ව මැතිවරණයට ඉදිරිපත් වුණෙ ජනප්‍රීය වීම සඳහා නොව චන්ද්‍රිකා ජනාධිපතිනිය වීම රටට අහිතකර බව දැකලා. රඟපෑම් කතා ද රඟපෑම් වෙන්න පුළුවන්. අද රටට හිතකර ජී එල් කියන දේ ද මෛත්‍රිපාල කියන දේ ද?

________________________
වෙබ් අඩවියේ සංස්කාරකවරු
2018-01-28

පළාත් පාලන මැතිවරණය අවසන් වු වහාම මහින්ද පිළේ මන්ත්‍රීවරුන් 10 දෙනෙකුගේ මන්ත්‍රීධුර අත්හිටුවා ඔහුන් පක්ෂයෙන් නෙරැපීමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තිරණය කර තිබේන අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

ඒ අනුව මේ වනවිටත් ඊට අදාළ කටයුතු කිරිම සදහා ශ්‍රි ලංකා නිදහස් සන්ධානයේ සහ එක්සත් ජාතික සන්ධානයේ ජ්‍යෙෂ්ඨ සමාජිකයන්ගෙන් යුත් කමිටුවක් පත්කර ඇති අතර මැතිවරණය අවසන් විමත් සමග තෝරාගත් මන්ත්‍රීන් පිරිසක් ඉවත් කර ඒ වෙනුවට මෛත්‍රීට ඉතාමත් සමීප කණ්ඩායමක් පත්කර ගැනිම අරමුණ වි තිබේ.

වෙනත් පක්‍ෂයක් ප‍්‍රවර්ධනයට දායකවීම පක්‍ෂ ව්‍යවස්ථාව අනුව මන්ත්‍රීධුරය අහෝසි කිරීමට පවා හැකි වරදක් බැවින් පළාත් පාලන මැතිවරණ සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පිරිස් එසේ කරන්නේ ද යන්න ගැන සොයා බැලිම සදහා වෙනම කණ්ඩායමක් යොදවා තිබේ.

එම කණ්ඩායමේ නිර්දේශ අනුව පළාත් පාලන මැතිවරණය අවසන් විමත් සමග මධ්‍යම කාරක සභා රැස්වීමේදී විනය පරීක්ෂණ පැවැත්වීමේ තීන්දුව ගත යුතු බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් ගේ අදහස වි තිබේ.

පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත‍්‍රීවරුන් වෙනත් පක්‍ෂයක ජයග‍්‍රහණය සඳහා උපකාර කළහොත් පක්‍ෂ ව්‍යවස්ථාව අනුව අනිවාර්යයෙන්ම ඔවුන්ට එරෙහිව ක‍්‍රියා මාර්ග ගන්නා බව පසුගියද ශ්‍රිලනිප මහා ලේකම්වරය විසින්ද ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබුනා.

ඒ අනුව පලමු වටයේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන කුමාර වෙල්ගම, ප්‍රසන්න රණතුංග, සී.බී. රත්නායක, පවිත්‍රා වන්නිආරච්චි සහ රංජිත් සොයිසා ඇතුලු මන්ත්‍රීවරුන් 10 දෙනෙකුට එරෙහිව විනය පරීක්ෂණ පවත්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය මෙන්ම මන්ත්‍රීධුරයද අහෝසි කිරීමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය කටයුතු සුදානම් කරමින් සිටින බවයි  වාර්තා වන්නේ.

Published on: Jan 26, 2018 – බැඳුම්කර වාර්තාව ඉදිරියට දමමින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා එජාප නායකය ඇතුලු එක්සත් ජාතික පක්ෂයට දිගින් දිගටම පහරදිම හේතුවෙන් එහි වාසිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධාන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට අත් වෙමින් පවතින බව රාජ්‍ය බුද්ධි අංශ වාර්තා අනාවරණය කර තිබේ.

බුද්ධි අංශ සමීක්ෂණ වාර්තා පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් පළාත් පාලන මැතිවරණයට අදාළව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද පදනම 20 % දක්වාද එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද පදනම 38 % දක්වාද අඩු වී තිබෙන අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඡන්ද පදනම 31 % දක්වාද ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද පදනම 08 %දක්වාද වැඩි වී තිබෙන බවය.

මේ අතර මේ පළාත් පාලන මැතිවරණයේ දී පාවෙන ඡන්ද සහ අලුත් ඡන්ද දිනා ගැනීමේ වැඩි ශාක්‍යතාවය විපක්ෂයට පවතින අතර ඊට හේතු වී තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පොදුවේ ඒක හඬක් නොතිබීම සහ එකිනෙකා ඉලක්ක කර ගෙන ක්‍රියා කිරීම හැරුණු කොට සමස්ථ විපක්ෂයට බරපතළ ප්‍රහාරයක් එල්ල කිරීමට අසමත්ව සිටීම ආදී කරුණු බව ද බුද්ධි අංශ නිරීක්ෂණය කර ඇත.

එමෙන්ම දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයා ප්‍රධාන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අගමැතිවරයා ප්‍රධාන එක්සත් ජාතික පක්ෂය කෙරෙහි ප්‍රහාරාත්මක ස්ථාවරයක සිටිමින් කටයුතු කළත් අගමැතිවරයාගෙන් සහ එම පක්ෂයෙන් ප්‍රතිප්‍රහාර එල්ල නොවන තත්ත්වය හමුවේ එක්සත් ජාතික පාක්ෂිකයින් අතර කලකිරිමක් ඇතිවි ඇති බවයි.

Published on: Jan 24, 2018 – පොහොට්ටුව සියයට 51ට වැඩි ඡන්ද ප‍්‍රමාණ්‍යක් ගෙන ස්වාධීනව පළාත් පාලන ආයතන පිහිටුවන බවට වු බුද්ධි අංශ වාර්තා දැකීමෙන් පසුව පිස්සු වැටුණු ආකාරයකින් කතා කරනවා යැයි එ්කාබද්ධවිපක්ෂයේ කැදවුම්කරු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතා පැවසීය.

එ් මහතා මෙසේ පැවසුවේ ඊයේ (24)බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට එක් වෙමිනි.

එහිද වැඩිදුරටත් අදහස් දැක්වූ එ් මහතා මෙසේද පැවසීය.

මේ මැතිවරණයේදී පක්ෂ පුද්ගලයෝ පදනම් කර ගෙන ඡන්දය දෙනවා වෙනුවට ගම්වල ජනතාව සූදානම් වෙන්නේ ආණ්ඩුව හා ආණ්ඩු විරෝධි කණාඩායම් හැටියටයි. ආණ්ඩුවේ කොටස් ලෙස එක්සත් ජාතික පක්ෂ්‍ය , මෛතීී‍්‍ර පිල, රනිල් පිල , දෙමල සන්ධානය, මුස්ලිම් කොංග‍්‍රසය සිටිනවා. යහපාලන ආණ්ඩුවේ වැරදිවලට විරුද්ධව පාර්ලිමේන්තුවේ හඩ නගපු එකම පිල එ්කාබද්ධ විපක්ස්‍ය. එ්කට නායකත්වය දුන්නේ මහින්ද රාජපක්ස මහත්තයාගේ නායකත්වයෙන් යුක්ත පොහොට්ටුව විතරයි මේ මැතිවරණයේදි ඡන්දයට ඇවිත් තියෙන්නේ. මේකෙදි මේ රටේ පහුගිය අවුරුදු තුනේ ජනතාවට උසුලාගත නොහැකි බඩු මිලක්, ලැබෙන මුදල ජිවත් වෙන්න ප‍්‍රමාණවත් නැහැ.හාල්පොල් එළවලූ තුනහප ගන්න ගියාම 80%කින් මිල වැඩි වෙලා. දරුවෝ පාසල් යන දෙමව්පියෝ මේ තත්ත්වය නිසා අසරණයි.

රටේ ජාතික ආරක්සාව කඩා වැටිලා. උතුරේ මහ ඇමැතිවරයා ප‍්‍රකාශ සම්බන්ධයේන මේ ආණ්ඩුව කටයුතු කලේ නැහැ. ජනාධිපතිතුමාම මිට කාලයකට පෙර කිව්වා උතුරේ එල්. ටී. ටී. ඊ කි‍්‍රයාකාරකම් ඇරඹී ඇති බව. ජාත්‍යනන්තර සහාය දිනාගත්ත නායකයෙක් ඉන්න අවස්ථාවක පිටරටවල ප‍්‍රභාකරන්ගේ මුහුණ දාලා සල්ලි එකතු කරනවා. දෙමළ සන්ධානයේ මන්තී‍්‍රවරු බහුතරයක ටෙලිෆෝන් එකේ ප‍්‍රභාකරන්ගේ පින්තූරය තියෙනවා. ජාතික ආරක්ෂාව බිද වැටිලා ආර්ථිකය කඩන්වැටිලා, රාජ්‍ය සේවාව විනාශ වෙලා. විශ‍්‍රාම වැටුප් නතර කරලාත සමෘධ්දි සහනාධාරය කපා හරින්න පියවර අරන් . මැතිවරණයෙන් පස්සේ ඛණිජ තෙල් මල ඉහළ නංවන්න තිරණය කරලා. ජනතාවමේ දේවල් ගැන තේරුම් ගෙනයි දැන් සිටින්නේ. මේ නිසා එක්සත.ජාතික පකක්ෂයට , මෛතී‍්‍ර පිලට, ජනතාවිමුක්ති පෙරමුණට සහාය දීපු ගම්වල ජනතාව පොහොට්ටුව එක්ක එකත වෙලා. මේ තත්ත්වය නිසා රටේ ජනාධිපතිවරයා පිස්සු වැටිලා වගේ බැනගෙන කතාකරන ආකාරයයි අපි දකින්නේ. එතුමා කතා කරන්නේ දුසණයට විරුද්ධ බව කියමින්. ජනාධිපතිතුමා බොරු කියලා බලයට ආපු කෙනෙක්. ලැමබෝ ගිනි කාර්, රත්තරන් අස්වයෝ, ජනාධිපති වියදම් වගේ දේවල් කියලා බලයට ආපු කෙනෙක්. හොරු රකින්නේ ජනාධිපතියි.

මහ බැංකු බැදුම්කර කොමිෂමේ සාක්ෂි පුවත්පත්වලින් ගිහින් එ් සිද්ධීය ගැන ජනතාව හොදින්ම දන්නවා. 2015 පෙබරවාරි මාසේ ඞීව. ගුණසේකර වාර්තාව පාර්ලිමේන්තුවට ගේන්න කලින් පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ රනිල්ව රකින්න බව එතුමා කිව්වා. මේ දෙපාරම සුළූතරයක් හිටපපු කෙනෙක්ව අගමැති කළා. බුද්ධි අංශ තොරතුරු අනුව මහින්ද රාජපක්ෂ මහතා අගමැති වෙන බව දැනගෙන දිනුවත් අගමැතිකම දෙන්නේ නැහැ කිව්වේ අගමැතිකම නොදී ඉන්නම බව කිව්වා. මහ බැංකු අධීපතිවරයාට අවස්ථා දෙකකදීම පත්වීම දුන්නේ ජනාධීපතිවරයා. මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් කරපු අය වෙනුවටෙ වෙන අය දාන්න හදන බවට තොරතුරු තියෙනවා.

කොළඹ නුවර අධීවේගී මාර්ගයට අපි ඇස්තමේන්තු කළාට වඩා 60%ක් විතර වැඩි වෙලා.මංතීරු ප‍්‍රමාණය අඩුවෙලා. කණුඋඩ යන්න තිබුණු පාර පස් පුරවලා හදන්නයි සූදානම් වෙන්නේ. එහෙම වුනොත් ගම්පහ දිස්ති‍්‍රක්කයේ විශාල ප‍්‍රමාණයක් වතුරෙන් යට වෙලා පරිසර හානියක් වෙනවා. එ් වගේම කෘෂිකර්ම අමාත්‍යශ ගොඩනැගිල්ලේ පදිංචි නොවී විශාල මුදලක් වැය කරනවා. අනිත් පැත්තෙන් පොහොර සහනාධාරය කපලා දාලා. මේවා මුදල් අවභාවිතා නෙවෙයිද?

ඌවේ මහ ඇමැති විදුහල්පතිනියක් දණ ගැස්සූ කාරණය. එය ආරක්ෂා කරන්න ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරු කටයුතු කරන බව පේනවා. පැය ගානක් ඇතුලත ඇප ලැබුණා. අපේ කාලේ ගුරුවරයෙක් දණ ගැස්සුව පුද්ගලයෙක්ව උසාවි දාලා බන්ධනාගාරගත කළා. සිද්ධි දෙකේ වෙනස පේනවානේ. එ් විතරක් නෙවෙයි අපි ඔහුට නාමයෝජනා දුන්නෙත් නැහැ. අද ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සංවිධායක ධූරයකුත් ලැබිලා. එ් වුනාට මෛති‍්‍රපාල සිරිසේන මහත්තයා රූපවාහිනියේ කතාකරන්නේ දුෂණයට විරුද්ධව.

කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ අලූත් පරපුරට ගහපු කෙනා අද එහේ සංවිධායක. කාන්තාවන් 100ක් දුෂණය කර එය සැමරූ කෙනා ශී‍්‍ර ලනිප සංවිධායත. සීයෙන් පළවෙනිදා මැතිවරණයට තරග කරනවා. මහින්ද රාජපක්ස මහතාගේ කාලේ වැරදි කළා කියලා කට්ටිය අද ඉන්නේ කාලගද. මෛතී‍්‍රපාල මහත්තයා ළග. හොරකම කරන අයට රැකවරණය ලැබෙන්නේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන්නිසා ශී‍්‍ර ලංකා කාරයෝ විදියට අපිට තියෙන්නේ කණගාටුවක්. හැම මැතිවරණයදිම හොරු අල්ලනවා කියලා අගමැතිගෙන් ඉල්ලනාව හොරු රකින්න හයිය දෙන්න කියලා. මේ මැතිවරණ කලේ දෙන්නා එක්ක රග දක්වන්නේ නාට්‍ය්‍යක්. ගම්වල එක්සත් ජාතික පක්ෂය හා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය එකට කටයුතු කරනවා. නමුත් පොහොට්ටුව 51%ට වැඩි ඡුන්ද අරන් ස්වාධිනව පළාත් පාලන ආයතන පිහිටුවනවා. මේ ගැන බුද්ධි අංශ තොරතුරු ලැබුණාට පස්සෙ තමා ජනාධිපතිවරයා මේ විදියට හැසිරෙන්නේ. වටෙන් වටෙන් ගිහින් අන්තිමට රාජපක්ෂ ලගට එන්නේ. රාජපක්ෂ භීතිකාවකින් රටේ ජනතාවව ගොනාට අන්දන්නේ නැතුව වැඩපිළිවෙලක් සකස් කරන එක හොදයි.

“මේ ඓතිහාසික මහා පුදබිම මේ බුදුන්වහන්සේගේ දේශය. මම මේ කියන්නේ සත්‍යයක් සැබෑවක් මිස බොරුවක් අසත්‍යයක් නොවෙයි. මම ගෙදර ගිහින් කතා කරලා කීවා මේ ප‍්‍රශ්නත් එක්ක මේ ගමන යන්න බැහැ නේද අපි ආණ්ඩුව වෙනස් කරමු කියලා ජනක ඇස්වලින් කඳුළු හළාගෙන හයියෙන් අඬන්න පටන් ගත්තා. මට කිව්වා ඔබතුමා මුහුණ දෙන දේවල්, ප‍්‍රශ්න, ගැටලු ගැන මම හරි වේදනාවෙන් ඉන්නේ කියලා. මම එදා ආණ්ඩුවෙන් එළියට ගිහිල්ලා අලුත් ආණ්ඩුවක් හැදුවා දවස් 42 න් තමුන්නාන්සේලා දන්නවා. ඒ ආණ්ඩුව හැදුවේ ඇයි ?”යනුවෙන් පසුගිය (13) පස්වරුවේ දඹුල්ල ගම්උදා ක්‍රිඩාංගණයේ පැවති ජන හමුවක් අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත කල ප්‍රකාශය සම්බන්ධයෙන් හෙට (ඉරිදා) ලංකාදිප පුවත් පතේ සංවාදයකට එක්වෙමින් ජනක බණ්ඩාර තෙන්නකොන් මහතා ප්‍රකාශයක්  කර තිබේ.

2015 දි මහින්ද රාජපක්ෂ විරෝධය අවුලන්න ඔබත් විශාල වශයෙන් දායක වුණා. දැන් මොකද හිතෙන්නේ?

“මම දැක්කා ජනාධිපතිතුමත් දඹුල්ලෙදි කියලා තිබුණා. ඔය කතාව. දැන් එතුමා ජනාධිපතිනේ. එතකොට මිනිස්සු පිළිගත්තේ එතුමා කියන කතාව. දැන් මමත් 25 වැනිදාට ඕකට උත්තරයක් දෙනවා. මගේ ගෙදරට ඇවිත් ඇඩුවේ කවුද කියලා දන්නේ මම. එතුමාට මම කිව්වා ප්‍රශ්න තියනවා. ඔබතුමාටත් ප්‍රශ්න තියනවා. හැබැයි අපිට යූ. එන්. පී එකත් එක්ක එකතු වෙන්න බෑ. ගිහිල්ලා එකතු වෙන්නේ යූඑන්පී එකත් එක්ක නම් ඊට වැඩිය හොදයි මේක කියලා. අපි හිටියේ එහෙම තැනක නැත්නම් අපිට යන්න තිබුණා. ගියා නම් මොකද අද, සදා සොත්ථිනේ? එහෙනම් ඉවරයිනේ අද, අද අපි කොන්ද කෙලින් තියාගෙන ඉන්නවා. අද මට කොන්දක් තියනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමාට හරි ප්‍රශ්නයක් ආවාම කෙලින්ම කිව්වා. ඇහුවේ නැති වුණාම තද වුණාම දොස් කිව්වා. ඒක වරදක්ද? මගේ දිස්ත්‍රික්කයේ මම නියෝජ්‍ය අමාත්‍යවරයෙක්. මම ඉඩම් ඇමති. ඌ ගහනවා අර ඉඩම් ඔප්පු වල ඌගේ ෆොටෝ එක ඒක වැරදියිනේ. මම ඒක ගිහින් කිව්වා. එතකොට තරහා යන්නේ නැද්ද? ඉඩම් ඇමතිට තරහා යන්නේ නැද්ද? එතකොට ඒ දේවල් වෙනකොට අපි කෑගැහුවා. ඒවා නතර කළා නම් මහින්ද මහත්තයා තාම ජනාධිපති”

ජනපති රැළියේ කල කතාව…

“මම ආණ්ඩුවෙන් එළියට යන්න සතියකට කලින් පොළොන්නරුවේ ගෙදර යන ගමන් කුරුණෑගල පහු කරලා මම දුරකතනයෙන් කතා කරලා ඇහුවා ජනක ගෙදර ඉන්නවා ද කියලා. කතා කරපු ගමන් ඔව් සර් මම ඉන්නවා කිව්වා. මම කීවා මම ගෙදර යන ගමන් මම එනවා කියලා. ජනක ඔයා කාලයක් තිස්සේ මට කීවා වැඩපිළිවෙළකට යමු කියලා. ඒවාගේම ඔයා මට කීවා මහින්ද රාජපක්ෂ මහත්මයාගේ කේන්දරය ඔයා බලලා කේන්දරයේ තියෙන දේවලුත් මට කිව්වා. ඒක නිසා මම යන ගමන් ඔයා හම්බ වෙන්න එනවා කියලා කිව්වා. ආණ්ඩුවෙන් එළියට යන්න සුමානයයි. එදා එතුමාගේ පවුලේ සියලු දෙනාම දඹුල්ලේ ගෙදර හිටියා.”

“මේ ඓතිහාසික මහා පුදබිම මේ බුදුන්වහන්සේගේ දේශය. මම මේ කියන්නේ සත්‍යයක් සැබෑවක් මිස බොරුවක් අසත්‍යයක් නොවෙයි. මම ගෙදර ගිහින් කතා කරලා කීවා මේ ප‍්‍රශ්නත් එක්ක මේ ගමන යන්න බැහැ නේද අපි ආණ්ඩුව වෙනස් කරමු කියලා ජනක ඇස්වලින් කඳුළු හළාගෙන හයියෙන් අඬන්න පටන් ගත්තා. මට කිව්වා ඔබතුමා මුහුණ දෙන දේවල්, ප‍්‍රශ්න, ගැටලු ගැන මම හරි වේදනාවෙන් ඉන්නේ කියලා. මම එදා ආණ්ඩුවෙන් එළියට ගිහිල්ලා අලුත් ආණ්ඩුවක් හැදුවා දවස් 42 න් තමුන්නාන්සේලා දන්නවා. ඒ ආණ්ඩුව හැදුවේ ඇයි ?”

Published on: Jan 20, 2018 –  ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම මැති ඇමැතිවරුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලබන 23 දා කොළඹට කැඳවා තිබේන අතර එහිදි ශ්‍රි ලංකා පොදුජන පෙරමුන නියෝජනය කරන මන්ත්‍රීවරුන් මෙන්ම ශ්‍රිලනිපයේ සමාජිකත්වය ගෙන් වෙනත් පක්ෂයක් සමග එක්ව් සිටින මන්ත්‍රිවරුන් සදහා චොදන පත්‍ර යොමුකිරිම සදහා තින්දුවක් ගන්නා බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කලා.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය වී තිබෙන්නේ එම පක්ෂයේ සභාපතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන රට පුරා පක්ෂය සංවිධානය කරමින් ඉදිරි ජනාධිපතිවරණය සඳහා සූදානම් විය යුතු බවත් ඒ වෙනුවෙන් ආණ්ඩුව අතහැර විපක්ෂයට ගොස් විපක්ෂයේ බලය ඇල්ලිමට කටයුතු කලයුතු බවත් ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨයන් විසින් යෝජනා කර ඇති අතර ඒ සම්බන්ධයෙන්ද දිර්ඝ වශයෙන් සාකච්ඡා කිරිමට සුදානමක් ඇති බවද වාර්තා වේ.

ඒ අනුව ආණ්ඩුව කර ගෙන යන්න එක්සත් ජාතික පක්ෂයට ඉඩදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වී විපක්ෂයට ගොස් විපක්ෂ නායකකම ගෙන දේශපාලනය කරමින් මේ කාලය ඇතුළත පක්ෂය ගොඩනැගිය යුතු බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් ජනාධිපතිවරයාට පෙන්වා දී තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එසේ විපක්ෂයට යන්නේ නම් විපක්ෂ නායක ධුරයට නිමල් සිරිපාල ද සිල්වා මහතා හෝ ඩබ්ලියු ඩී ජේ සෙනෙවිරත්න මහාතා පත් කළ යුතු බවට ද එම ජ්‍යෙෂ්ඨ නායකයින් ජනාධිපතිවරයා හමුවේ යෝජනා කර තිබේ.

ජාතික ආණ්ඩුව අවසන්-මෛත්‍රී පිළ විපක්ෂ නායකකම ගනී…ඒකාබද්ධය කඩන්න ප්ලැන් A ක්‍රියාත්මකයි යනුවෙන් අප 2016 දෙසැම්බරයේදි අනාවරණය කල අතර එම වාර්තාව පහලෛන් කියවන්න…

http://198.211.112.164/archives/14724

ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ නිල නිවසට ගෙන්වා තමාව දණ ගැස්වු බවට පසුගියදා එම සිද්ධියට මුහුණ දුන් බදුල්ල දෙමළ බාලිකා මහා විද්‍යාලයේ විදුහල්පතිනිය අද(19) පිළිගනු ලැබිය.

ඌව ප්‍රධාන අමාත්‍යවරයාගෙන් සහ පළාත් අධ්‍යාපන ලේකම්වරියගෙන් එල්ල වු බලපෑම් හමුවේ දණ ගැස්සීමේ සිද්ධිය අනාවරණ කිරීමට නොහැකි වු බව ඇය අද හඬා වැලපෙමින් පවසා සිටියේය.

Top