තිස්සමහාරාම කෝන්වැලෑන ග්‍රාමනිලධාරී වසමේ පසුගිය 09වනදා සිදුව තිබෙන සමූහ දූෂණයට සම්බන්ද තරුණයන් තිදෙනා එක්සත් ජාතික පක්ෂයෙන් තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවට ඉදිරිපත්වන අපේක්ෂකයන් විසින් සිය මැතිවරන ප්‍රචාරක කටයුතු සඳහා සෘජුවම දායකකරගත් තිදෙනෙකු බව වාර්තා වේ.

මෙම තරුණයන් තිදෙනා විසින් කෙළසා දැමූ 14 හැවිරිදි බාලවයස්‌කාර දැරිය ගෙලවැලලාගෙන සියදිවි නසාගැනීමට සූදානම්වුවද එය ව්‍යාර්ත කර ඇය රෝහල්ගත කිරීමට ඥාතීන්ට හා ප්‍රදේශවාසීන්ට හැකි වුවත් දින 5ක් පුරා හම්බන්තොට මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලද ඇය පසුගිය 15වනදා ජීවිතක්ෂයට පත්විය.

දූෂණයට ලක්‌වූ දැරිය රෝහල් ගතකිරීමෙන් පසු දැරිය දූෂණයට ලක්‌ කළ තිස්‌සමහාරාම ප්‍රදේශයේ පදිංචි තරුණයන් තිදෙනා 11 වැනි දින අලුයම යාල රක්‌ෂිතයේ සැඟව සිටියදී ගම්වාසීන් විසින් සොයාගෙන වීරවිල පොලිසියට භාරදී තිබේ. පොලිසිය සැකකරුවන් තිදෙනා තිස්‌සමහාරාම මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 23 වැනිදා දක්‌වා රක්‌ෂිත බන්ධනාගාර ගත කර ඇත. බන්ධනාගාර ගත කෙරුණු තරුණයෝ තිදෙනා ගම්වාසීන්ගේ පහරකෑමට ලක්‌වීම හේතුවෙන් බරපතළ තත්ත්වයේ පසුවීම නිසා බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්‌ෂාව යටතේ ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත්කර සිටිති.

මේ වනවිට අනාවරණය වන කරුණු අනුව පසුගිය 09වනදා සන්ද්‍යාවේ ඇගේ පෙම්වතා වන ඊ.ඩී රොෂාන් ඩිලාන ඔහුගේ මිතුරෙකු වන ජී.ජී. ලහිරු ප්‍රසන්න සහ තවත් මිතුරෙකු එක්ව තරුණියගේ නිවස අසළ මත්පැන් පානය කර ඇත. එහි මත්පැන් පානය කර සිටි මෙම තරුණයන් තිදෙනා දැරියගේ නිවස අසලට ගොස්‌ ඇය නිවසින් එළියට ගෙන්වාගෙන වෙනත් තැනකට රැගෙන ගොස්‌ සමූහ දූෂණයට ලක්‌කර තිබේ. පසුව දූෂණයට ලක්‌වූ බාලවයස්‌කාරිය නැවත 10වනදා අලුයම නිවසට ගෙනත් දමා ඇත.

මෙහි නම් සඳහන් ජී.ජී. ලහිරු ප්‍රසන්න නම් තරුණයාගේ පියා ජයසිරි වන අතර ඔවුන් ප්‍රබල එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවෝ වෙති. එක්සත් ජාතික පක්ෂයට මාගම කොට්ඨාසයෙන් ඉදිරිපත්ව සිටින අපේක්ෂකයාගේ මැතිවරණ ප්‍රචාරක කාර්යාලය දමා ඇත්තේද මෙම ජී.ජී. ලහිරු ප්‍රසන්නගේ නිවසේ වන අතර නව යොවුන් වියේ පසුවන මෙම තරුණයන් තිදෙනාට මත්පැන් ලැබී ඇත්තේද එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයාගෙන්ම බවද පැවසේ. ඔහු නිතර සිය ආධාරකරුවන්ට මත්පැන් සංග්‍රහයන් ලබා දෙන බවත් පැවසේ.

මෙම දැරියගේ නිවසට පෙරේදා (16) පැමිණ ඇති නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයත් ඔහුගේ අපේක්ෂකයාත් මෙම අපරාධයට සම්බන්ධ නැතැයි පවසමින් රුපියල් 25,000ක මුදලක් එම දැරියගේ ඥාතීන් වෙත ලබාදී ඇත.

කෙසේ නමුත් මේ වනවිට ප්‍රදේශය පුරා කළු කොඩි ඔසවා ඇති අතර එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයාගේ ප්‍රචාරක කාර්යාලයද ගලවා ඉවත් කර තිබේ. එම අපේක්ෂකයාට ප්‍රදේශයෙන් එල්ලවන දැඩි විරෝධය හමුවේ ඔහු සැඟවී සිටින බවද වැඩිදුරටත් වාර්තා වේ.

සජිත් ප්‍රේමදාසගේ ගොලයන්ගේ ස්ත්‍රී දුෂණ සම්බන්ධයෙන් අප අවස්ථා කිහිපයකදිම අනාවරණය කලද පොලිස්පතිවරයාගේ නීතිය නැමිල්ල සජිත් ඉදිරියේ දෙකට නැමුනා විනා ඔහුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වුයේ  නැත.

පහත දැක්වේන්නේ අප විසින් කලින් කරන ලද අනාවරණයන් වේ..

http://198.211.112.164/archives/12731

http://198.211.112.164/archives/12932

http://198.211.112.164/archives/14212

 

කොළඹ මහ නගර සභාවට නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමේදී සිදුකර ඇති අක්‍රමිකතා පිළිබඳ දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය වෙත ලැබී ඇති පැමිණිල්ලකට අදාළව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පැමිණිලි අංක ACC/FC/2016/564 යටතේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත යොමු කර ඇති බව වාර්තා වේ.

කොළඹ මහ නගර සභාවට නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමේදී ගිවිසුම් ප්‍රකාරව නියමිත දිනට ඉදිකිරීම් අවසන් කිරීමට නොහැකි වීම මත අදාල කොන්ත්‍රාත්තුකරු විසින් නගර සභාවට ගෙවිය යුතු රුපියල් කෝටි 06කට අධික ප්‍රමාද ගාස්තු අය කරගැනීමට එම සභාව කටයුතු නොකිරීම හේතුවෙන් රජයට පාඩුවක් සිදුකර ඇති බව සඳහන් කරමින් දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය වෙත මෙම පැමිණිල්ල ගොනු කර තිබිණි.

රුපියල් මිලියන 869කට ඇස්තමේන්තු කරන ලද කොළඹ නගර සභාවේ නව ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු ගිවිසුම් ගත දිනට (2015.10.31) අවසන් කර භාරදීමට නොහැකිවීම මත ගිවිසුමට අනුව කොන්ත්‍රාත්තුකරු ප්‍රමාද ගාස්තු වශයෙන් දිනකට රුපියල් තුන්ලක්ෂ පනස් හයදහස් එකසිය හැත්තෑ හයයි සත නවයක් (රු. 356,176.09) බැගින් පැමිණිල්ල සිදු කරන කාල සීමාව වනවිට රුපියල් කෝටි 06කට අධික මුදලක් සභාවට ගෙවිය යුතුව තිබියදී ඒ මුදල අය කර ගෙන නොමැති බව සහ එම ටෙන්ඩරය මහ නගර සභාවේ නගරාධිපතිවරයා හා සභිකයින්ගේ යෝජනා ස්ථිරත්වයක් මත සිදුවූ බවට පැමිණිල්ල මගින් දැක්වේ.

කොන්ත්‍රාත්කරුගේ ප්‍රමාද ගාස්තු අයකරගැනීමේ අවශ්‍යතාවය නගරාධිපතිට හා නාගරික මන්ත්‍රීවරුන්ට පෙන්වා දීමට නාගරික කොමසාරිස් හා අදාල නිලධාරින් නිසි පියවර ගෙන නොමැති අතර නාගරික භාණ්ඩාගාරික විසින් පෙන්වා දෙන ලද කරුණුද නගරාධිපතිවරයා හා සභිකයින්ගේ යෝජනා සම්මතයේදී සැලකිල්ලට ගෙන නොමැත.

එතරම් පාඩුවක් සිදුවෙමින් තිබියදීද මෙම ඉදිකිරීම සඳහා තවදුරටත් කල්දීම නොකළ යුතු බවට 2016.02.19 දිනැති නාහ/පාලන/නව.ගො/2016 යන ලිපියෙන් නගර සභාවේ භාණ්ඩාගාරික දක්වා ඇති කරණු කිසිදු නිලධාරියෙකු විසින් සැලකිල්ලට ගෙන නැති බව පෙනේ.

එම කල්දීම එකම කල් දීම නොවන අතර 2015.12.31 දක්වාත් 2016.01.31 දක්වාත් 2016.02.12 දක්වාත් 2016.05.18 දක්වාත් සහ පැමිණිල්ල සිදුකරන කාල සීමාව වනවිටත් ඉදිකිරීම සඳහා කල් දීම් කර ඇති අතර ඒ කල් දීම්වලට සාධාරණ හේතු නොතිබූ බවට පැමිණිල්ලෙහි දැක්වේ.

ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුව රජයේ අමාත්‍යංශ ඇතුළු වෙනත් ආයතනවලට ඉදිකිරීම්වලදී නියමිත මූල්‍ය සීමාව රුපියල් මිලියන 500ක් වන අතර ඉන් ඉහළට බලය ඇත්තේ අමාත්‍ය මණ්ඩලය විසින් පත්කෙරෙන ප්‍රසම්පාදන කමිටුවකටය. එබැවින් රුපියල් මිලියන 869ක් වන මෙම ඉදිකිරීම මහ නගර සභාවේම සම්මතය අනුව ඉටු කිරීමට මහ නගර සභාවට බලතල නොමැති බව පෙනේ. 1989.01.20 දිනැති ගැසට් පත්‍රයේ V කොටසේ දැක්වෙන පරිදි “සෑම කොන්ත්‍රාත්තුවක්ම ශ්‍රී ලංකාවේ නීතියට අනුකූල විය යුතුය” යනුවෙන් දක්වා තිබීම අනුව මෙහි ශ්‍රී ලංකාවේ නීතිය ලෙස සලකනු ලබන්නේ රජයේ ප්‍රසම්පාදන උපදෙස්ය. එසේ වුවත් ඒ ගැන නොසලකා මහ නගර සභාවට අසීමිත බලයක් ඇති සේ සලකා ක්‍රියා කර ඇති බව පැමිණිල්ල අනුව පෙනී යන බව දූෂණ මර්ධන කමිටු ලේකම් කාර්යාලය උක්ත ලිපිගොනුව මගින් දක්වා ඇත.

තවද ප්‍රසම්පාදන මාර්ගෝපදේශනවලට අනුව මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් වටිනාකම අනුව සලකනවිට සැලසුම් කිරීම, ප්‍රමාණ බිල්පත් සැකසීම, ටෙන්ඩර්කරුවන්ගේ පූර්ව සුදුසුකම් පරික්ෂා කිරීම ආදියට සති 40ක්ද, ටෙන්ඩර් ලියවිලි ඉදිරිපත් කිරීම හා තෝරා ගැනීමට සති 52ක්ද දිය යුතු අතර ඉදිකිරීම සඳහා පමණක් සති 80ක් ලබා දිය යුතුය. එහෙත් මෙහිදී එම පූර්ව ප්‍රදාන කටයුතුවලට කුමන කාලයක් තිබුනේද යන්න පැහැදිලි නැති අතර ඉදි කිරීමට දී ඇති කාලය සති 28කි. මෙය අසාමාන්‍ය තත්වයක් වන අතර කඩිනමින් ඉදිකිරීමට මිළ ගණන් ඉදිරිපත් කිරීමේදී අධික රේට් මත ටෙන්ඩර් ඉදිරිපත් වන නිසා ඒ අනුව අධික පිරිවැයක් දැරීමට සිදුවේ. එක් අතකින් කෙටි කාල සීමාවකදී නිම කිරීමට වැඩි රේට් මත කොන්ත්‍රාත්තුව භාරගනිමින්ද අනෙක් අතට එම කෙටි කාල සීමාව ඉක්මවා ගොස් සාමාන්‍යයෙන් ගත වන කාලයටත් වඩා වැඩි කාලයක් ගනිමින්ද ක්‍රියා කර ඇති නිසා නගර සභාවට විශාල පාඩුවක් සිදු කර ඇති බවත් කොළඹ මහ නගර සභාව මෙම වංචාවට හසුවී ඇති බවත් එසේම ඒ සඳහා ඉඩ සැලැස්වීමෙන් නගර සභාවේ නගරාධිපති හා අනෙකුත් මන්ත්‍රීවරුන්ද මෙම වංචාවට හවුල් වී ඇති බවත් පැමිණිල්ල සම්බන්ධ මූලික විමර්ශනවලදී දූෂණ මර්ධන කමිටු ලේකම් කාර්යාලය නිරීක්ෂණය කර තිබේ.

මෙමගින් කොළඹ මහ නගර සභාවේ නගරාධිපති, සභිකයින් හා නිලදාරින් විසින් සිදුකර ඇති වංචා පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සඳහා සහ යම් අයථා මුදල් ඉපයීමක් හෝ මූල්‍ය විශුද්ධිකරණයක් සිදුවී ඇත්ද යන්න සොයා බැලීම සඳහා විමර්ශනයක් සිදුකිරීමට මෙම පැමිණිල්ල දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශණ කොමිෂන් සභාව වෙත 2016.12.26 වන දින යොමු කර තිබුනද මේ දක්වා සිදු කර ඇති විමර්ශනවල ප්‍රගතිය වාර්තා නොවේ.

ලංකා ටෘත්

Published on: Jan 16, 2018 –  පළාත් පාලන මැතිවරණයෙන් පසුව දේශපාලන තීන්දුවක් ගැනීමට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙ අදහස කෙලින්ම විමසිමට එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයන් එකගතාවකට පැමිණ ඇති බවත් එම විමසිම කිරිමට එජාප නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට බාර කිරිමට තින්දුවක් ගෙන තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කරනවා.

යහ පාලන ආණ්ඩුව අභ්‍යන්තරයේ උද්ගත වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එජාප ජ්‍යෙෂ්ඨයන් එක්ව කල සාකච්ඡාවකදි මෙම තින්දුව ගෙන ඇති අතර එම විමසිමට ලැබෙන පිළිතුර අනුව වහාම ක්‍රියාමාර්ග ගැනිමට එජාපය සුදානම් බවයි වාර්තා වන්නේ.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ ස්ථාවරය වී තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂය සමග සංහිඳියාවෙන් යුතුව තවදුරටත් ඉදිරියට යනවා ද නැතිනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග තනි ගමනක් යනවා ද යන්න පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පළාත් පාලන මැතිවරණයෙන් පසුව තීරණය කළ යුතු බවය.

පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය අනුව එම තින්දුව ගැනිම පහසු වනු ඇති බව පෙන්වා දි ඇති එජාප නායකයා මෙම මැතිවරණයෙන් එජාප ඡන්ද ප්‍රතිශතය සියයට 35%කට ආසන්න සංඛ්‍යාවක් දක්වා රැගෙන යැමට හැකි බවත් එම ප්‍රතිපලය අත්කර ගැනිමට හැකි වුවහොත් තනි ආණ්ඩුවක් සැදිම සම්බන්ධයෙන් පක්ෂයට දෙවරක් සිතිමට අවශ්‍ය නැති බවයි.

මේ අතර එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ එම පක්ෂයේ තනි ආණ්ඩුවක් පිහිටුවීම සඳහා රට අභ්‍යන්තරයේ වගේම ඇමරිකාව සහ ඉන්දියාව ඇතුළු ජාත්‍යන්තරයේ සහයෝගය ද තිබෙන බවය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දේශපාලනය ආරම්භකර පසුව එජාපය සමග එක්වු එක්සත් ජාතික පෙරමුණේ ප්‍රබල ඇමතිවරයකු හෙට අනිද්දාම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග එක් වනු ඇතැයි ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේම මැදිහත්වීම මත මේ ප්‍රබල ඇමතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එකතු විමට සුදානම් වෙමින් සිටින අතර අදාළ එජාප ප්‍රබල ඇමතිවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට අනිද්දා පැවැත් වෙන ජන රැළියකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්වනු ඇතැයි දැන ගන්නට තිබේ.

මේ අතර ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පිළේ ප්‍රබලයෙකු මහින්ද පිළ සමග එකතු කර ගැනිම සදහා මේ දිනවල සාකච්ඡා සිදුකරමින් සිටින බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කලා.

Published on: Jan 12, 2018 – ඉන්දියාවේ ශ්‍රී සත්‍ය සායි ආශ්‍රමයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි ශ්‍රී සත්‍ය සායි බාබාගේ ප්‍රබලතම අනුගාමිකයකු වූ සුප්‍රසිද්ධ හින්දු පූජකයකු පසුගිය සඳුදා (08) දහවල් රටේ ප්‍රබල දේශපාලන නායකයකුගේ නිවසේදී ඔහු වෙනුවෙන් විශේෂ පූජාවක් සහ ශාන්ති කර්මයක් ඇතුළු වත් පිළිවෙත් රැසක් සිදු කර තිබේන බව වාර්තා වේ.

රටේ උද්ගත වී තිබෙන දේශපාලන අර්බුදය හමුවේ පළාත් පාලන මැතිවරණයෙන් පසුව සිදු විය හැකි බල පෙරළියෙදී අදාළ දේශපාලන නායකයාගේ බලය තහවුරු වී පාර්ලිමේන්තුවේ බහුතරයේ සහයෝගය ලැබී අගමැති ධූරයට පත් වේවා යන ප්‍රාර්ථනය ඇතිව මේ විශේෂ පූජාව සහ ශාන්ති කර්මය ඇතුළු වත් පිළිවෙත් සිදු කර තිබේ.

මේ අවස්ථාවට එක්සත් ජාතික පෙරමුණ යටතේ බස්නාහිර පළාතෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන ජනාධිපතිවරයාට ඉතාම සමීප ප්‍රබල ඇමැතිවරයකු ද සහභාගී වී ඇත.

මෙහිදී අදාළ හින්දු පූජකවරයා අතිප්‍රබල හින්දු මන්ත්‍ර සහ ස්තෝත්‍ර කියමින් මැණික් ගල් කිහිපයක් ජීවම් කර අදාළ දේශපාලන නායකයට සහ ප්‍රබල ඇමතිවරයාට ලබා දී විශේෂ මැණික් ප්‍රතිකාරයක් කර ඇත.

මේ පුද පුජා,ශාන්ති කර්ම සහ මැණික් ප්‍රතිකාර ඇතුළු වත් පිළිවෙත් අවසන් කිරීමෙන් පසුව අදාළ හින්දු පුජකවරයා එදිනම යළි ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබේ.

හේමන්ත තුසිත කුමාර

විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ විශේෂ නිලධාරියෙකු ලෙස මැදපෙරදිග ඇතුළු රටවල් කීපයකට පත් කරනු ලබන නිලධාරීන්ගේ පුරප්පාඩු පිරවීම සඳහා සුදුසුකම් කිසිවක් නොබලා ජාතික සේවක සංගමයේ සාමාජිකයන් සහ දූෂිතයන් පත් කිරීමේ සූදානමක් පිළිබඳව තොරතුරු අනාවරණය වේ.

පවතින පුරප්පාඩු පිළිබඳව විදේශ රැකියා නියුක්ති කාර්යාංශ වෙබ් අඩවියේ දැන්වීම් පළ කර 60කට ආසන්න පිරිසක් හොර පාරෙන් බඳවා ගැනීමට සූදානම් වේ. ජාතික සේවක සංගමය, ඇමතිවරිය සහ ඉහළ නිලධාරීන් යන අය ලබාදෙන නාමලේඛන අනුව මේ පුරප්පාඩු පිරවීමට කටයුතු කරමින් සිටියි.

විදේශ රැකියා සඳහා ගොස් සිටින ශ්‍රමිකයන්ගේ ගැටලු සොයා බලා විසඳීම සඳහා පළමු ලේකම්, දෙවන ලේකම් සහ තෙවන ලේකම් වශයෙන් නම් කරන නිලධාරීන් පත් කර ඇත. ඉහත හෙළි කළ ලෙස පුරප්පාඩු පිරවීමට සූදානම් වන්නේ මෙම තනතුරු සඳහාය.

Published on: Jan 10, 2018 – බැදුම්කර මුල්‍ය වංචාව හරහ බිලියන් ගණනින් රටේ ජනතාවගේ මුදල් කොල කෑ එජපයේ මහා ආර්ථික ඔස්තාර්ලා ලෙස පෙනී සිටින කූප්‍රකට හොරුන් සුඛෝපභෝගී වර්ගයේ මෝටර් රථ ගෙන්විම මුවාවෙන් රටේ ජනතාවගේ බිලියන් ගණනක් බදු මුදල් වලට කෙලවිමේ උත්සහයක් මේ වනවිට අනාවරණය වි තිබේ.

එජාපයේ කුප්‍රකට ආර්ථික ඔස්තාර්ලා සහ මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් පසුගියදා ඉදිරිපත් කල අයවැය වාර්තාව හරහා මෝටර් රථ ගෙන්විමේ බදු අයකිරිමේ ක්‍රියාවලිය සකස් කර ඇත්තේ මේ රටේ අතලොස්සක් වු වාහන මාෆියාකරුවන්ගේ උවමනාවන් ඉටුකිරිමට බව එම බදු අයකිරිමේ ක්‍රියාවලිය හරහා මනාව තහවුරු වි තිබේ.

නිෂ්පාදන වටිනාකමට අඩුවෙන් මිල සඳහන් කරමින් සුඛෝපභෝගී වර්ගයේ මෝටර් රථ 1500කට ආසන්න ප්‍රමාණයක් මෙරටට ගෙන්වීමෙන් රුපියල් බිලියන ගණනක තීරු බදු වංචාවක් 2017 වසරේ අනාවරණය වු අතර 2014 වසරේද රුපියල් කෝටි 300කට අධික බදු මුදලක්‌ රජයට අහිමි කරමින් වාහන ආනයන සමාගම් කීපයක්‌ විසින් ව්‍යාජ ලිපි ලේඛන සකස්‌ කර මෙරටට ගෙන්වූ අධිසුඛෝපභෝගී වාහන 400ක්‌ රේගු අත්අඩංගවට ගැනිමටද මෙම වංචාව නොදැවැනි වේ.

මර්සිඩීස්‌ බෙන්ස් C,E Class‌, බී. එම්. ඩබ්ලිව්. 3,5 හා අවුඩි A3,A5 යන වර්ගවලට අයත් සුඛෝපභෝගී වාහන සදහා වංචනික ආකාරයෙන් බදු සහන ලබා ගනිමින් එම රටේ ධනය විශාල වශයෙන් රටෙන් පිට කර සුඛෝපභෝගී වාහන 4000ක් පමණ වහාම ගෙන්විමට කුප්‍රකට වාහන ගෙන්විමේ මාෆියා කරුවන් කිහිප දෙන කටයුතු කරමින් සිටින බවයි අනාවරණය වි ඇත්තේ.

පහත දැක්වෙන නිදර්ශනයන් වගුව සමග සංසන්දනාත්මකව පිරික්සන්න…

නිදර්ශණ අංක 01

මර්සිඩීස්‌ බෙන්ස් E (Mercedes-Benz E-Class) සදහාවු CIF JPY නොහොත් ජපන් යෙන් මිල 5,295,857,BMW 5 වන කාණ්ඩය සදහා වන 4,500,667 CIF JPY අගය වෙනුවෙන් සන්සන්දනය කරන්න.තිරුබදු ගණනය කරනු ලබන්නේ CIF(Cost, Insurance and Freight ) මත හා සැමවිටම සමාන වන එන්ජින් ධාරිතාව ,සහ අවසන් ගණනය කිරිම සිදුවන්නෙ වටිනාකම පදනම් කරගෙනය.

නිදර්ශණ අංක 02

තීරුබදු තිරණය වන්නේ 100%වන එන්ජින් ධාරිතාවට වඩා CIF වටිනාකම මත සිදුවන ගණනය තුලය එය JPY 1,890,000 සමග සන්සන්දනය කරන්න….

JPY 2,075,000 තීරුබදු 300%වන අතර එය CIF ගණනය මත පනවන ලබන අගයට වඩා වැඩිය.

නිගමනය…

පාරිභෝගිකයාට සහනයක් ලෙස ලැබිය යුතු මැස්ධා සදහා තිරු බදු ගෙවිම සම්පූර්ණයෙන්ම් CIF වලට අතිරික්තයක් ලෙස පවති.

මේ ක්‍රමවේදය හරහා ජපානයෙන් අපනයනය කරන මෝටර් රථ සදහා අධික බද්දක් පැනවි ඇති අතර කුප්‍රකට සමාගම් විසින් ඔනෑකමින්ම ජපන් වාහන ගෙන්විමට කෙලවා ඇති අතර මේ වනවිටත් ජපන් රජය මේ සම්බන්ධයෙන් රාජතාන්ත්‍රීක මට්ටමෙන් ශ්‍රි ලංකා ආණ්ඩුව සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමටද කටයුතු කරමින් සිටින බවයි තානාපති ආරංචි මාර්ග සදහන් කළේ.

උදාහරණ….අංක 03

TATA Sumo(ඩිසල් ) CIF JPY රථයක සිලින්ඩර ධාරිතාව 3000ක් වන අතර land Rover Discovery (ඩිසල් ) රථයක ලින්ඩර ධාරිතාවද 3000ක් වේ.ඒ අනුව එම වාහාන දෙකටම ලින්ඩර ධාරිතාව මත පදනම්ව අයකරනු ලබන බදු මුදල 7500*3000=22,500,000 කි.

වාහනයේ මුල් වටිනාකම් දෙක සන්සන්දනය කරන්න TATA Sumo CIF JPY(1,960,857) ක් වන අතර land Rover Discovery CIF JPY(5,259,214) කී.වාහනයේ සුඛෝපභෝගි තත්ත්වයන් හෝ එහි ශක්තිමත් භාවය මත පදනම් නොවි සිලින්ඩර ධාරිතාව නැමති කුප්‍රකට ජාවාරමේ තරම මේ හරහා තෙරුම් ගැනිම ඉතාම පහසුය.

කුලියාපිටිය ප්‍රදේශයේ වොක්ස්වැගන් කර්මාන්ත ශාලාවක් ඉදිකරන මුවාවෙන් රජයේ ඉඩම් කොල්ලකරි ලෙස අත්පත් කර ගැනිමට කටයුතු කල වොක්ස්වැගන් සහ අවුඩි ලංකාවට ගෙන්වන සෙනොක් ඔටෝමොබයිල් සමාගමේ සභාපති නොයෙල් සේල්වනායගම්,ව්‍යාපාරිකයකු මෙන්ම ලංකාවට ලෑන්ඩ් රෝවර්,ජගුවර් ගෙන්වන සුමල් පෙරේරා,Volvo,Porsche මෝටර් රථ ගෙන්වන ආතර් සේනානායක, සහ බෙන්ස් රථ ගෙන්වන පණ්ඩිතරත්න යන කණ්ඩායමේ බලපෑම මත මෙම බදු ක්‍රමයන් සියල්ලම අක්‍රමවත් ලෙස සකස් කරගෙන ඇති අතර මිට අමතරව සමාගමක මැදිහත් විමකින් තොරව ෆෙරරාරි (Ferrari) මෝටර් රථ ගණනාවක් 8ක් සහ ලංකාවේ පාවිච්චියට නොගන්නා මෝටර් රථ කිහිපයක්මද මෙරටට ගෙන්විමට මෙම කුප්‍රකට ව්‍යාපාරිකයන් කටයුතු කරමින් සිටින බව අනාවරණය වි තිබේ.

අදාළ බදු සහන වංචාව මේ වනවිට අනාවරණය විමත් සමග කලබලයට පත්ව සිටින මෙම කුප්‍රකට ව්‍යාපාරිකයන් සහ ඔහුන්ගෙන් සන්තොෂම් ගෙන ජනතාවගේ බඩට පයින් ගසන කාලකන්නි දේශපාලන නියෝජිතයන් එක්ව එම මෝටර් රථ මේ සති අන්තය වනවිට ලංකාවට ගෙන්ව ගැනිම සදහා සමාන්‍ය ක්‍රමයෙන් පරිබාහිරව ගුවන් මගින් එම වාහන ගෙන්විම සදහා කටයුතු කරමින් සිටින බවද අනාවරණය වි තිබේ.

මේ සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් බලාපොරොත්තු වන්න…

අන්ත දූෂිත,වැඩබැරි ආණ්ඩුවරටේ මූල්‍ය කළමණාකරනයට කළ මේ විනාශයට විරෝධය පෑමට පෙබරවාරි 10 වෙනිදා ලැබෙන අවස්ථාව උපයෝගී කර ගන්නා මෙන්  සියලුම ඡන්ද දායකයන්ගෙන් ඉල්ලා සිටින බව ආණ්ඩුවේ තුන්වෙනි සංවත්සරය සමරන බැඩි බැරි ආණ්ඩුවේ පැටිකිරිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන  ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසා සිටි.

ලංකා ඉතිහාසයේ දරුණුම ණය අර්බුදය ඇතිකළ වැඩබැරි  ආණ්ඩුවේ තුන්වෙනි සංවත්සරය

2018 ජනවාරි 9 වෙනිදා, ඊනියා යහපාලන ආණ්ඩුව බලයට පත්වී අවුරුදු තුනක් සම්පූර්ණ වේ. මේ කෙටි කාලය තුළ මොවුන් ලංකාවේ සෑම ක්‍ෂේත්‍රයක් පුරාම දිවයන දැවැන්ත අර්බුද ගණනාවක්ම නිර්මාණය කර ඇත. මේ මොහොතේ සාකච්ඡා වෙන ප්‍රධානම මාතෘකාව වන්නේ මහ බැංකු මංකොල්ලයහා එය යට ගැසීමට ආණ්ඩුවේ නායකයන් ගන්නා උත්සාහයයි. බැඳුම්කර කොමිසමේ සම්පූර්ණවාර්තාව එළි දක්වන තුරු අපි බලා සිටිමු. මහ බැංකු මංකොල්ලය මේ ආණ්ඩුව විසින් කරන ලද එක් විනාශයක් පමණි. යහපාලන ආණ්ඩුවේ තුන්වෙනි සංවත්සරය නිමිත්තෙන් ඔවුන් මේ රටට කර ඇති තවත් භයානක වින්නැහියක් ගැන ජනතාවගේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමි.

මේ ආණ්ඩුව බලය හොබවා ඇති මාස 36 ක කෙටි කාලය ඇතුළත ඔවුන් ඇමරිකානු ඩොලර් බිලියන 14.6 ක් විදෙස් විනිමය ණය වලින් පමණක් ලබාගෙන ඇත. මෙය,ගත වූඅවුරුදු තුන පුරාම නිකුත් කරන ලද ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර වලින් ලබාගත් ඇ.ඩො.බිලියන 7.2ක මුදල, 2015 හා 2017 නිකුත් කරන ලද සවරින් බොන්ඩ් වලින් ලබාගත් ඇ.ඩො.බිලියන 3.6 ක මුදල, 2016 හා 2017 ජාත්‍යන්තර බැංකු ගණනාවක මැදිහත් වීමෙන් ලබාගත් ඇ.ඩො.බිලියන1.7 කසින්ඩිකේටඩ් ලෝන්මුදල, 2015 හා 2016 ඉන්දියාවෙන් ලබාගත් ඇ.ඩො.බිලියන 2.2 ක කරන්සි ස්වප් ණය, හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් 2016 දීලබාගත්ඇ.ඩො.බිලියන1.5 කණය වශයෙන් වෙන්කොට පෙන්විය හැක. මෙවැනි කෙටි කාලයක් තුළ වෙනත් කිසිම ආණ්ඩුවක් මේ තරම් විශාල විදෙස් විනිමයණය ප්‍රමාණයක් ලබාගෙන නැත.

ඇමරිකානු ඩොලර් බිලියන 14.6 ක් වැනි මුදල් කණ්දරාවකින් නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාර පහක් හා හම්බන්තොට වරායවල් පහක් ඉදිකොට තවත් දක්‍ෂිණ අධිවේගී මාර්ග දෙකක් ඉදි කිරීමට මුදල් ඉතුරු කරගත හැකි වුවත්, යහපාලකයන් එම මුදලෙන් බෝක්කුවක්වත් ඉදිකර නැත. මා ඉහත සඳහන් කලේ, විදෙස් විනිමයෙන් ලබාගත් ණය පමණි. 2015 ජනවාරියේ සිට මේ දක්වා ආණ්ඩුව භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමෙන් රුපියල් ණය බිලියන 5,706 ක්ද ලබාගෙන ඇත.

මහා පරිමානයෙන් විදෙස් ණය ලබාගත්තද එයින් බෝක්කුවක්වත් ඉදිකර නැතැයි යන චෝදනාවෙන් බේරීමට, යහපාලන ආණ්ඩුවේ තුන්වෙනි සංවත්සරයට සමගාමීව  මොරගහකන්ද ජලාශයත්, රාජගිරියේ ගුවන් පාලමත් විවෘත කිරීමට යොදාගත්තද, 2005 මහින්ද චින්තනවැඩ පිළිවෙලට අනුව යමින් මොරගහකන්ද ජලාශය ඉදිකිරීමට පටන්ගත්තේ මගේ ආණ්ඩුව සමයේය. එහි සැලසුම්, මුදල් වෙන් කිරීම, යනාදියනිමකොට ඉදිකිරීම් ආරම්භ කරනු ලැබුවේ 2007 වසර සිටය. රාජගිරියේ ගුවන් පාලම සඳහාද සැලසුම් හා මුදල් වෙන් කිරීම සිදුකරනු ලැබුවේ මගේ ආණ්ඩුව කාලයේය. රාජගිරියේ ගුවන් පාලමත්, පොල්ගහවෙල හා ගනේමුල්ල ගුවන් පාලම් දෙකත්,ඉඳිකිරීමට ලන්සු කැඳවා කොන්ත්‍රාත්කරුවන් තේරීම ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය ලැබුණේ 2014 දෙසැම්බර් 4 වෙනිදා කැබිනට් රැස්වීමේදීය. මේ ආණ්ඩුව තම තුන්වෙනි සංවත්සරය සමරන්නේද අනුන්ගේ ව්‍යාපෘති වලට තමන්ගේ නම දාගැනීමෙන් බව මෙහිදී කිව යුතුය.

යහපාලකයන් බලයට පැමිණියේ, මගේ ආණ්ඩුව විසින් ඉඳි කරන ලද විදුලි බලාගාර, වරායවල්, ගුවන් තොටුපොලවල්, අධිවේගී මාර්ග යනාදිය සඳහා ගන්නා ලද ණය නිසා රටේ ණය අර්බුදයක් පවතින බව කියමිනි. නමුත් මේ විශාල ව්‍යාපෘති සඳහා සැබවින්ම වැය වූ මුලු මුදල වූයේ නොරොච්චෝලේ විදුලි බලාගාරයේ සියලුම අදියර සඳහා – ඇමරිකානු ඩොලර් මිලියන 1,350; කොට්ටාව සිට මාතර දක්වා දක්‍ෂිණ අධිවේගී මාර්ගය සඳහා -ඇ.ඩො. මිලියන 740; හම්බන්තොට වරායේ අදියර දෙක හා තෙල් ටැංකි සංකීර්ණයද සඳහා – ඇ.ඩො. මිලියන 1,300; කොළඹ – කටුණායක අධිවේගී මාර්ගය සඳහා- ඇ.ඩො.මිලියන 292;හා මත්තල ගුවන් තොටුපොල සඳහා- ඇ.ඩො මිලියන 209 වශයෙනි.

ඉහත සඳහන් සියලුම මහාපරිමාන ව්‍යාපෘති සදහා වැයවූ සමස්ත වියදම ඇමරිකානු ඩොලර් මිලියන 3,900 කටත් අඩුය. මගේ ආණ්ඩුව විසින් ලබාගත් ව්‍යාපෘති ණය ගෙවීම සඳහා යහපාලන ආණ්ඩුව ණය ගනිමින් සිටින බව කීම අමූලික බොරුවකි. යහපාලන ආණ්ඩුව මෙතෙක් ලබාගෙන ඇති ඩොලර් බිලියන 14.6න්, මම ඉහත නම් කරන ලද සියලුමව්‍යාපෘති සඳහා ගිය මුලු වියදම සිවු වතාවක් ගෙවා නිම කල හැක. යහපාලන ආණ්ඩුවගන්නා ණය වලින් කරන්නේ මගේ ආණ්ඩුවේ ව්‍යාපෘති ණය ගෙවීම නොව ආණ්ඩුවේ එදිනෙදා වියදම් පියවා ගැනීමයි. 2015 ජනවාරියේසිට, රජයේ මුදල් දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට පාවිච්චි කිරීම නිසා කිසිඳු සැලසුම් කිරීමකින් තොරව එක්වරම රජයේ වියදම් විශාල වශයෙන් වැඩිවිය.මේ අමතර වියදම පියවා ගැනීම සඳහා යහපාලන ආණ්ඩුව රුපියල් වලින් මෙන්ම විදෙස් විනිමයෙන්ද දිගට හරහට වානිජ ණය ලබාගැනීම නිසා වර්තමාන ණය අර්බුදය නිර්මාණය විය.

විදෙස් ණය ලබාගත යුත්තේ ඉතාමත්ම ප්‍රවේසමෙනි. මේ ණය ගෙවීම සඳහා විදෙස් විනිමය මිලදී ගැනීමට සිදුවන නිසා විනිමය අනුපාතයේ සුලුවෙනසකින්වුවද ණය බර විශාල වශයෙන් වෙනස් විය හැක. 2015 හා 2016 මහබැංකු වාර්තාවලට අනුව යහපාලන ආණ්ඩුව බලය ගැනීමෙන් පසු ඇති වූ ආර්ථික බිඳවැටීම නිසා රුපියල බාල්දු වීම හේතුවෙන් පමණක් ලංකාවේ ණය බරට තවත් රුපියල් බිලියන 478 ක් එකතු  වී ඇත.බැඳුම්කර මඟඩිය හේතුවෙන් 2015 මුල සිට ලංකාවේ පොළී අනුපාතය 50%කින් පමණ වැඩිවීම නිසාදආණ්ඩුවේ ණයබර තවත් වැඩි වූ බවද මෙහිදී අප මතක තබාගත යුතුය. මගේ ආණ්ඩුව විදෙස්  ණය ලබා ගත්තේ ඉතාමත්ම ප්‍රවේසමෙනි. මුදල් අමාත්‍යංශයේ වාර්ථා වලට අනුව 2008 සිට 2014 දක්වා විදෙස් ණය වාරික හා පොලී ආපසු ගෙවීම් පහත සඳහන් ආකාරයට විය.

2008 – ඇ.ඩො. මිලියන  881

2009 – ඇ.ඩො. මිලියන 1,041

2010 – ඇ.ඩො. මිලියන 826

2011 – ඇ.ඩො. මිලියන 971

2012 – ඇ.ඩො. මිලියන 1,620

2013 – ඇ.ඩො. මිලියන 1,160

2014 – ඇ.ඩො. මිලියන 1,306

මේවා ගෙවා ගැනීමට නොහැකි තරම් විශාල ගණන් නොවන නිසා ආපසු ගෙවීම් පිළිබඳ කිසිඳු ප්‍රශ්ණයක් මගේ ආණ්ඩුවට තිබුණේ නැත. වර්ථමාන ණය අර්බුදය සහමුලින්ම යහපාලන ආණ්ඩුවේ නිර්මාණයකි.2015 සිට ඉදිරියට අපට ගෙවීමට සිදුවන විදෙස් ණය හා පොළිය පහත දැක්වෙන ආකාරයට වෙයි.

2015 –  ඇ.ඩො. මිලියන 1,828

2016 – ඇ.ඩො.මිලියන 1,604

2017 –  ඇ.ඩො.මිලියන 2,132

2018 –  ඇ.ඩො.මිලියන 2,891

2019 –  ඇ.ඩො.මිලියන 4,217

2020 –  ඇ.ඩො.මිලියන 3,699

2021 –  ඇ.ඩො.මිලියන 3,344

2022 –  ඇ.ඩො.මිලියන 3,743

2023 –  ඇ.ඩො.මිලියන 2,120

2024 –  ඇ.ඩො.මිලියන 2,067

2025 – ඇ.ඩො.මිලියන4,155

2026 – ඇ.ඩො.මිලියන 2,758

2027 – ඇ.ඩො.මිලියන 3,448

ආණ්ඩු වෙනසට පෙර තිබූ තත්වයත් ඊට පසුව ඇති වූ තත්වයත් ඉහත දක්වන ලද සංඛ්‍යා දත්ත වලින් පැහැදිලි වනු ඇත. 2015 සිටම ණය ගෙවීම් වැඩිවන්නේ මාස කිහිපයකින් මෙන්ම අවුරුද්දකින් දෙකකින් ආපසු ගෙවීමට සිදුවෙන කෙටි කාලීන විදෙස් විනිමය වානිජණය විශාල වශයෙන් ලබාගැනීම නිසාය.

2015 දී ශ්‍රී ලංකාව අත්දුටුවේ ණය ගැනීමේ වියරුවකි.මහ බැංකුවේ නිල වාර්තා වලින් පෙන්වා දෙන පිරිදි යහපාලන ආණ්ඩුව බලයට පැමිණීමට පෙර ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුත් කරනු ලැබුවේ වසරකට දෙවතාවක් පමණි. එලෙස සිදුකරන ලද නිකුත් කිරීම් වලින්ද 2010 – 2014 යන කාලපරිච්ඡේදය ඇතුලත වසරකට ඩොලර් මිලියන 350 ක් වත් මගේ ආණ්ඩුව ලබාගෙන නැත. ඒ මෑත ඉතිහාසයේ ආණ්ඩුවක් විසින් සිදුකරන ලද දැවැන්තම ඉදිකිරීම් වැඩසටහනක් ක්‍රියාත්මකව  තිබියදී බවත් මතක තබා ගත යුතුය.

නමුත් 2015 වසරේදී කිසිඳු නව ඉදිකිරීම් ව්‍යාපෘතියක් ආරම්භ නොකර වුවද යහපාලන ආණ්ඩුව අවස්ථා 9 කදී ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුත්කොට ඇත. 2016 දී 6 වතාවකදීද 2017 දී සිව් වතාවකදී ද ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුත්කොටඇත.   තත්වය මෙසේ තිබියදී 2018 වසර සඳහාද වත්මන් ආණ්ඩුව තවත් ඩොලර් මිලියන 5,000 ක විදෙස් විනිමය වානිජ ණය ගැනීමට කැබිනට් අනුමැතිය ලබාගෙන  ඇත. පරිභෝජනයට පමණක් ලබාගෙන තිබෙන මේ ණය ගෙවීමට ආණ්ඩුව  ජනතාවට දරාගත නොහැකි ආකාරයට වැට් බදු,වාහන බදු, භාණ්ඩ ආනයන බදු,දඩ මුදල්, රජයේමුද්දර ගාස්තු යනාදිය වැඩි කර තිබෙන අතර, 2018 අප්‍රේල් මාසයේ සිට, මුලු ජනගහනයම ආදායම් බදුදැළ තුළට ගැනීමටද සැලසුම් කර ඇත.

රටේ ජනතාව මත බදු අය කිරීමෙන් පමණක් යහපාලන ආණ්ඩුව ලබාගෙන තිබෙන ණය කන්දරාව ගෙවීමට නොහැකි නිසා ඔවුන් රජයට අයත් හෝටල් ව්‍යාපෘති වල සිට, වරායවල්, අධිවේගී මාර්ග, විදුලි බලාගාර ඇතුලු සියලුම ජාතික සම්පත් විකුණා දැමීමේ ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී ඇත. හම්බන්තොට වරාය විකුණා දැමුවේ එය තැනීමට ගත් ණය ගෙවීමට නොහැකි නිසා යැයි ආණ්ඩුව කීවද, වරාය විකිණීමෙන් ලැබුණු මුදල් අදාල ණය ගෙවීමට නොව පරිභෝජනය සඳහා වැය කිරීමට මහා භාණ්ඩාගාරයට යොමු කර තිබීමෙන් ආණ්ඩුවේ සැබෑ අරමුණ පැහැදිලි වේ. හම්බන්තොට වරාය ඉදිකිරීමට ගනු ලැබුවේ සහනදායි පොළියට දිගුකාලීන ණය නිසා එය ගෙවා දැමීමට ආණ්ඩුවට කිසිදුහදිස්සියක් නැත.

නමුත් වත්මන් ආණ්ඩුව ගිනි පොළියට ගත් කෙටිකාලීන වානිජ  ණය ජනතා දේපොල විකුණා ලබාගන්නා මුදල් වලින් හෝගෙවීමට පැහැදිලි හදිසියක් ඇත. ඒවා නොගෙව්වොත් සිදුවන්නේ ලංකාවට ලෝක මූල්‍ය වෙළඳපොලේ දොර වැසී යාමයි. අන්ත දූෂිත,වැඩබැරි ආණ්ඩුවරටේ මූල්‍ය කළමණාකරනයට කළ මේ විනාශයට විරෝධය පෑමට පෙබරවාරි 10 වෙනිදා ලැබෙන අවස්ථාව උපයෝගී කර ගන්නා මෙන් මම සියලුම ඡන්ද දායකයන්ගෙන් ඉල්ලා සිටිමි.

මහින්ද රාජපක්‍ෂ

ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති

මහ බැංකු බැදුම්කර මුල්‍ය වංචාව සම්බන්ධයෙන් චොදනා එල්ල වි සිටින ශ්‍රි ලංකා මහා බැංකුවේ එවකට හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් (Arjuna Mahendran) යලි කිසිදිනෙක ලංකාවට නොපැමිණේන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට දන්වා එවා ඇති බව වාර්තා වේ.

අග්‍රාමාත්‍යවරයාගේ සමීපතම හිතවතෙකු හා නිල උපදේශකයෙකු වු අර්ජුන් මහේන්ද්‍රන් පසුගියදා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් පත්කල විශේෂ කමිටුව විසින් වරදකරු කරමින් සිය වාර්තාව ජනාධිපතිවරයාට භාර දුන්නා.

මේ වනවිට ජනාධිපතිවරයා විසින් නීතිපතිවරයාට ලබාදි ඇති උපදෙස් අනුව නීතිපතිවරයා විසින් වරදකරුවන් වූ අයට එරෙහිව විධිමත් ක්‍රියාමාර්ගයක් නීතිපතිවරයා විසින් නිර්දේශ කර ඇති අතර ඒ අනුව අර්ජුන් මහේන්ද්‍රන් මෙන්ම ඔහුගේ බෑණා වන අර්ජුන් ඇලෝසියස් ටද දඩුවම් විදිමේ තත්ත්වයක් උදා වි ඇති බවයි වාර්තා වන්නේ.

http://198.211.112.164/archives/11303

http://198.211.112.164/archives/16492

http://198.211.112.164/archives/17040

http://198.211.112.164/archives/11269

බැඳුම්කර විමර්ශන ජනාධිපති කොමිසමේ නිර්දේශ ඇතුළත් වාර්තාව පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කලබලයට පත්නොවන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එජාප ජ්‍යෙෂ්ඨ සමාජිකයන් හමුවි පවසා තිබේ. වාර්තාව හරහා රවී කරුණානායක එල්ලන්න සමහරුන්ට අවශ්‍ය වුණත් ඊට පසුබිමක් මේ හරහා නොලැබි ඇති බවයි.

එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මැති ඇමතිවරුන් පිරිසක් අරලිය ගහ මන්දිරයේදී ඊයේ (04) අගමැතිවරයා හමුවි බැදුම්කර වාර්තාව සම්බන්ධයෙන් ජනාධිපතිවරය දැක්වු අදහස් සම්බන්ධයෙන් කරුණු විමසා ඇති අතර එහිදි එම ජ්‍යෙෂ්ඨයන් පෙන්වා දි ඇත්තේ ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සිරස, ඇතුලු රනිල් විරෝධී වැරදි ආකාරයට අර්ථ් කතනය කරමින් එජාප පාක්ෂිකයන් කුලප්පු කරමින් සිටින බවයි.

“බැදුම්කර කොමිසමෙන් අන්තිමට සිදු වුණේ කන්දක් විලිලාලා මී පැටියෙක් වැදුවා වගේ වැඩක්…”බැඳුම්කර වාර්තාව දුර්වල බවත් බැඳුම්කර ගනුදෙනුවෙන් රටට පාඩුවක් සිදු වී තිබෙනවා නම් ඒ පාඩු වූ මුදල අය කර ගත යුතු බව ද රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර තිබේ.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබියදී මේ වාර්තාව මෙසේ එළිදක්වා ජනාධිපතිවරයා මෙවැනි ප්‍රකාශයක් කිරීම සහ එමගින් මැතිවරණයට එල්ල විය හැකි බලපෑම ගැන ද එහිදී ජ්‍යෙෂ්ඨයන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති අතර පළාත් පාලන ඡන්ද ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සිදු වන්නේ එක්සත් ජාතික පක්ෂයේ ඔඩොක්කුවටම වැටීමට බවද එම් ජ්‍යෙෂ්ඨයන් අගමැතිවරයාට පෙන්වා දි තිබේ.

ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂයට විරුද්ධ අන්තවාදීන්ගෙන් සහ අවස්ථාවාදීන්ගෙන් ප්‍රවේශම් විය යුතු බවත් ඔහුගේ පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වුණත් රටේ ජනාධිපතිවරයා ලෙස ඔහුට ඡන්ද පදනම තියෙන්නේ එක්සත් ජාතික පක්ෂය සමග බව ද එම කණ්ඩායම පෙන්වා දි තිබේ.

ජනාධිපතිවරයා එය තෙරුම් ගත යුතු බවත් එසේ නොමැති වුවහොත් ජනාධිපතිවරයාගේ සහයෝගයට සහ රැකවරණයටත් අවසානයේදී කිසිවකු නොසිටිනු ඇති බව එජාප ජ්‍යෙෂ්ඨයන් කල ප්‍රකාශය අගමැති රනිල් විසින්ද තහවුරු කර තිබේ.

“මම අර්ජුන මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකා මහා බැංකුවේ අධිපති ධුරයට පත් කිරීම නීත්‍යාණුකූල බව ජනධිපති කොමිසම පිළිගෙන තිබෙනවා. ඒත් මම පාර්ලිමේන්තුවේදී අර්ජුන මහේන්ද්‍රන් සහ පී සමරසිරි යන මහත්වරුන් ගැන කතා කළා කියා ඒ වාර්තාවේ තිබිල තියනවා.මම පාර්ලිමේන්තුවේදී කියා සිටියේ වගකීමක් ඇතිව වැඩ කරන්න පත් කළ ඒ නිළධාරීන් මට ඉදිරිපත් කළ කරුණුයි.මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්… පී සමරසිරි නියෝජ්‍ය අධිපති සහ ටෙන්ඩර් මණ්ඩලයේ ප්‍රධානියා…ඒ අය අපව නොමග යැව්වද නැද්ද කියා මම අදටත් දන් නෑ”

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව අල්ලස් හෝ දුෂණ විමර්ශන පනත සහ අපරාධ නීතිය යටතේ නඩු දැමිය යුතු බවට කොමිසම් වාර්තාව කර ඇති නිර්දේශය ප්‍රශ්නයක් වී තිබෙන බවද එජාප ජ්‍යෙෂ්ඨයන් පෙන්වා දි තිබේන අතර ඔහුන් එහිදි පෙන්වා දි ඇත්තේ.

“අල්ලස් ගත්තා නම් ඒක මහා භාණ්ඩාගාර බැදුම්කර ගනු දෙනුවට සම්බන්ධ වෙන්නේ කෙසේද කියා අදාළ වාර්තාවේ සඳහන් විය යුතු වුණත් එවැනි තත්ත්වයක් නැහැ. එහෙම නම් අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම මේ චෝදනා විභාග කර ඔප්පු කළ යුතුයි.නීති විශාරදයින්ගේ මතය වී තිබෙන්නේ නීති පති දෙපාර්තමේන්තුව මේ කරණයේදී අනවශ්‍ය ප්‍රශ්නයක දැන හෝ නොදැන පැටලිලා කියලා.”

Published on: Jan 04, 2018 – එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීම සදහා මන්ත්‍රීවරුන් ගේ සහභාගි විම අවම මට්ටමක පැවැතිම සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වන ලෙස පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ මහ ලේකම් කබිර් හෂිම් මහතාට නියෝග කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

බැදුම්කර මුල්‍ය වංචාව සම්බන්ධයෙන් වු ජනාධිපති කොමිසම ක්‍රියාත්මකවන සමයේ අර්ජුන් ඇලෝසියස් සමඟ දුරකථන සම්බන්ධතා පැවැත්විම පිළිබඳව අනාවරණය විමත් ඇතැම් මන්ත්‍රීවරුන් ඇලෝසියස් ලාගෙන් ලබගත් විවිධ් වරප්‍රසාද සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීම අතරතුර විවේචනයට ලක්විමත් සමග මන්ත්‍රීවරුන් රැස්වීම මගහැරිම ට පටන් ගෙන ඇති බවයි එජාප අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කර ඇත්තේ.

කෙසේවෙතත් බැදුම්කර කොමිසමේ වාර්තාව හරහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව එල්ල වන චොදනා වර්ධනය කර ඒ හරහා රනිල් එජාප නායකත්වයෙන් ඉවත් කිරිමට රනිල් විරෝධී කල්ලිය කටයුතු කරමින් සිටින බවත් ඒ අනුව මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීම මගහැර යන මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් දැඩි ලෙස විනය ක්‍රියාමාර්ග ගත යුතු බව රනිල් පිළේ ප්‍රබලයන් පෙන්වා දි තිබේ.

පාර්ලිමේන්තුවේ ප‍්‍රකාශයක් කිරීමේදී ගරු අග‍්‍රාමාත්‍යතුමා මහේන්ද්‍රන් මහතා සහ සමරසිරි යන මහත්වරුන් කෙරෙහි විශේෂයෙන් මහේන්ද්‍රන් මහතා විසින් දෙන පොරොන්දු මත විශ්වාසය තබා ඇති බව බැඳුම්කර ගනුදෙණුව සම්බන්ධ ජනාධිපති කොමිසම කියයි.අග‍්‍රාමාත්‍යතුමා එසේ නොකළ යුතු බවත් මහේන්ද්‍රන් මහතා සම්බන්ධ විධිමත් පියවර නොගත් බවත් කොමිසන් වාර්තාව සඳහන් කරයි.

​මෙම කරුණු ජනාධිපතිවරයා විසින් හෙළි කළේය.ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේ බැඳුම්කර කොමිසමේ වාර්තාව සහ බරපතල වංචා දූෂණ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ අවසන් වාර්තාව මූලික කරගනිමින් මාධ්‍ය අමතා විශේෂ ප්‍රකාශයක් කරමිනි.

ජනාධිපතිවරයා කළ සම්පූර්ණ කතාව…

‘‘ලැබූ 2018 නව වසර සියලූදෙනාට සමෘද්ධිමත් වාසනාවන්ත නව වසරක් වේවා කියා මම මුලින්ම ප්‍රාර්ථනා කරනවා. අද රටේ ජනතාවගේ වැඩි අවධානයකට යොමූ වී, සාකච්ඡාවට ලක්වී තිබෙන, එමෙන්ම ඉතා ඕනෑකමින් බලා සිටින ශ්‍රී ලංකා මහ බැංකුව බැඳුම්කර නිකුත් කිරිමේදී 2015 සහ 2016 කාලසීමාව තුළ අක‍්‍රමිකතා සහ දූෂණ සිදු වූ බවට ඇතිවූ චෝදනා, පැමිණිලි සහ ජනමතය සැලකිල්ලට ගෙන මා විසින් පත්කරනු ලැබූ ජනාධිපති කොමිසන් සභාවේ වාර්තාව සහ ඊට අදාළව ඉදිරියේ ක්‍රියාත්මක කළයුතු නිර්දේශ 2017-12-30 වන දින ඉහත කී කොමිසන් සභාව විසින් මා වෙත භාර දෙනු ලැබුවා.

​බැඳුම්කර නිකුත්කිරීම සම්බන්ධව විමර්ශන හා පරීක්ෂණ කිරීමට එම කොමිසන් සභාවට බලය, වරය ලැබුණේ 2015 පෙබරවාරී 01 දා සිට 2016 මාර්තු 31 දක්වා කාලය පිළිබඳවයි. එකී කොමිසන් සභාවේ කාර්යය වූයේ අදාළ කරුණු සොයා ගැනීම, නිගමනයන්ට එළැබීම සහ නිර්දේශ ඉදිරිපත් කිරීමයි. කොමිසන් සභාවේ කොමසාරිස්වරු ලෙස කටයුතු කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරතුමාලාටත්, කොමිසන් සභාවේ කොමසාරිසවරයෙක් ලෙස කටයුතු කළ රජයේ විගණන දෙපාර්තමේන්තුවේ විශ‍්‍රාමික විගණකාධිපතිතුමාටත්, ඒ වගේම කොමිසන් සභාවේ ලේකම් ඇතුළු සියලූ කාර්ය මණ්ඩලවලටත්, මෙම කොමිසන් සභාවට සහය දුන් පොලිස් දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව සහ ඊට අදාළ අනෙකුත් ආයතන සංවිධාන, පුද්ගලයින් ආදී සියලූදෙනාට මම මාගේ ස්තූතිය පුද කරනවා.

මෙම කොමිසන් සභා වාර්තාවලින් හෙළිවන කරුණුවලට සමාන තත්ත්වය 2008 වසරේ සිට සිදුව ඇති බව කොමිසන් සභාවේ අදහසයි. එම කටයුතු සොයා බැලීම සඳහා එනම් 2008 වසරේ සිට සිදුවූ දූෂණ සහ අක‍්‍රමිකතා පිළිබඳව මුලින්ම කළ යුත්තේ වෝහාරික විගණනයක් බවත් එය ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් කළ යුතු අතර, ඉන් පසු ලැබෙන තොරතුරු මත නීතිමය කි‍්‍රයාමාර්ගවලට යා යුතු බවත් කොමිසම දන්වා සිටිනවා.

වැඩිපුරම සේවක අර්ථසාධක අරමුදල විනාශ වී ඇත්තේ එම කාලය තුළ බව කොමිසන් සභාව සඳහන් කරනවා. 2015-2016 කටයුතු සම්බන්ධව කොමිසම ඉදිරිපත් කර ඇත්තේ අතුරු වාර්තාවක් නොව පිටු 1257 කින් පමණ යුත් සම්පූර්ණ වාර්තාවක්. කොමිසමට මෙම කටයුතු සඳහා මාස දහයක කාලයක් කටයුතු කිරීමට සිදු වූ බව ඔබ දන්නවා.

මෙම වාර්තාව මේ වන විටත් නීතිපතිතුමා වෙත මා විසින් භාරදී ඇති අතර ඉදිරියේදී වාර්තාවේ නිර්දේශ මත අපරාධ සහ සිවිල් නඩු පැවරීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අල්ලස් දුෂණ විමර්ශණ කොමිසම හරහා සිදු විය යුතු බව කොමිසන් වාර්තාවේ සඳහන් කර තිබෙනවා.

මහ බැංකු ව්‍යුහය, රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව ඝෘජු බැඳුම්කර නිකුතුවේ සහ බැඳම්කර වෙන්දේසියේ වාසි සහ අවාසි වාර්තාවේ පැහැදිළි කර තිබෙනවා. අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ ද, බැංකු නිලධාරින් සහ වෙනත් බාහිර පුද්ගලයින්ගේ ද සහභාගිත්වය හරහා පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගම විසින් නිත්‍යානුකූල නොවන අන්දමින් මුදල් උපයා ඇති බව මෙහි සඳහන් වෙනවා.

2015 පෙබරවාරි මස 27 වන දින පැවත්වූ වෙන්දේසියෙන් පමණක් පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම ලබා ඇති අවම වාසිය රුපියල් මිලියන 688කට වැඩි ප‍්‍රමාණයක් බව සඳහන් වෙනවා. මෙම පරීක්ෂණ කාලසීමාව තුළ සොයාගත් තොරතුරු මත මීට වැඩිවීමක් ද සිදුවිය හැකි බව කොමිසන් සභා වාර්තාවේ සඳහන් වෙනවා.

පරීක්ෂණයේදී හෙළි වූ තත්ත්වයන් අනුව ද්විතීය වෙළෙඳපොළේ ගනුදෙනුවලින් පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම ලබා ඇති වාසිය අවම වශයෙන් මිලියන 11,145 ක් වන අතර ඒ අතරින් සේවක අර්ථසාධක අරමුදල සහ අනෙකුත් රජයේ ආයතනවලට සම්බන්ධ වූ අලාභය රුපියල් මිලියන් 8,529 ක හෙවත් බිලියන් 8.5කට වඩා වැඩිවන බව වාර්තාවේ සඳහන් වෙනවා.

​මහ බැංකුවේ හිටපු අධිපති මහේන්ද්‍රන් මහතා ඉදිරියේ මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් අකී‍්‍රයශීලි වී ඇති බවත් වාර්තාවේ සඳහන් වෙනවා. ඔවුන් කිසිම ප‍්‍රශ්න කිරීමකින් තොරව එසේ අකී‍්‍රයවීම නිසා සාවද්‍ය ස්ථාවරයන්ට එළැඹී ඇතැයි විශ්වාසය පළකළ හැකි බව කොමිසන් සභා වාර්තාවේ සඳහන්.

මහේන්ද්‍රන් මහතා අසම්මත සහ සාවද්‍ය අන්දමින් තීරණ ගැනීමේ කි‍්‍රයාවලියක් මගින් බැඳුම්කර වෙන්දේසිවලට මැදිහත්වී ඇති අතර, අභ්‍යන්තර තොරතුරු පිටතට බෙදාදීම සම්බන්ධයෙන් වගකිවයුත්තෙකු බවද වාර්තාවේ සඳහන් වෙනවා. මෙම කි‍්‍රයාවන් මගින් එක්තරා පාර්ශ්වයකට වාසි ගැනීමට හැකිවී ඇතැයි තීරණය වී තිබෙනවා.

​මහේන්ද්‍රන් මහතා මහ බැංකු අධිපති තනතුරට පත්කිරීම පිළිබඳව ගරු අග‍්‍රාමාත්‍යතුමාගේ වගකීම විධිමත් බවත් වාර්තාවේ සඳහන් වෙනවා. පාර්ලිමේන්තුවේ ප‍්‍රකාශයක් කිරීමේදී ගරු අග‍්‍රාමාත්‍යතුමා මහේන්ද්‍රන් මහතා සහ සමරසිරි යන මහත්වරුන් කෙරෙහි විශේෂයෙන් මහේන්ද්‍රන් මහතා විසින් දෙන පොරොන්දු මත විශ්වාසය තබා ඇති බව වාර්තාවේ සඳහන් වෙනවා. අග‍්‍රාමාත්‍යතුමා එසේ නොකළ යුතු බවත් එහි සඳහන් වී තිබෙනවා. මෙම කරුණු කෝප් කමිටුව ඉදිරියේද තිබූ හෙයින් මහේන්ද්‍රන් මහතා සම්බන්ධ විධිමත් පියවර නොගත් බවට එතුමා පැහැදිලි කර තිබෙන බව කොමිසන් වාර්තාව සඳහන් කරනවා.

​ඇලෝසියස් පවුලට අයත් සහ ඔවුන්ගේ පාලනයට නතුව තිබූ වෝල්ට් ඇන්ඞ් රෝ සමාගම විසින් ,පෙන්ට්හවුස්, තට්ටු නිවසකට කුලිය ගෙවීම පිළිබඳව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා වෙත වගකීම වාර්තාවේ සඳහන් වෙනවා. ඔහුට විරුද්ධව අල්ලස් දූෂණ පනත යටතේ නඩු පැවරිය යුතු බවත්, දණ්ඩ නීති සංග‍්‍රහය යටතේ කොමිසන් සභාවට ඔහු අසත්‍ය සාක්ෂි දීම සම්බන්ධයෙන් ද නඩු පැවරිය යුතු බව මෙම වාර්තාවේ සඳහන් වෙනවා.

​සේවක අර්ථසාධක අරමුදලේ මුදල් අවභාවිතයක් සිදුව ඇති බවත්, නියම මුදල් ප‍්‍රමාණය සොයා ගැනීම සඳහා වෝහාරික විගණනයක් හා පරීක්ෂණයක් පැවැත්විය යුතු බව සඳහන් වෙනවා.

​අදාළ පාර්ශ්වයන්ගේ කි‍්‍රයාමාර්ග හේතුවෙන් සේවක අර්ථසාධක අරමුදලේ මුදල් අවභාවිතයට මගපෑදි ඇති අතර, මීට අදාළ පුද්ගලයින් වාර්තාවේ හඳුනාගෙන තිබෙනවා. ඔවුන්ට එරෙහිව කි‍්‍රයාකළයුතු බව කොමිසන් වාර්තාව සඳහන් කරනවා. දඩුවම් ලබාදීම සඳහා පර්පචුවල් ටෙෂරිස් සමාගම අර්ජුන් ඇලෝසියස්, කසුන් පලිහේන යන මහත්වරුන් සහ වාර්තාවේ හඳුනාගෙන ඇති අන් වගකීම් දරන නිලධාරින්ට එරෙහිව අපරාධ හා සිවිල් නීති කෘත්‍යයන්ට එළැඹීමට යෝජනා කරන අතරම රජයට වූ අලාභය අය කර ගැනීමට ද කි‍්‍රයාකළයුතු බව කොමිසන් සභාවේ සඳහන්. ඒ සඳහා නීතිමය ප‍්‍රතිශෝධන කිරීමත් සිදුවිය යුතුව තිබෙනවා.

​මෙහිදී විශේෂයෙන් සඳහන් කරනවා ශ‍්‍රී ලංකා මහ බැංකුව තුළ ඉදිරියේදී මෙවැනි තත්ත්වයන් ඇතිවීම වැළැක්වීම සදහා කොමිසන් සභාවේ වර්තමාන නිර්දේශයන්ට බලපාන ආකාරයටත්, පැරණි පනත අහෝසිකර නව මුදල් නීතියක් සකස් කළයුතු බව සහ ලියාපදිංචි කොටස් සුරැුකුම්පත් ආඥා පනත නව නීතියක් මගින් වෙනස් කළයුතු බව. මුදල් මණ්ඩල සාමාජිකයන් සහ මහ බැංකු අධිපති පත් කිරීම ව්‍යවස්ථාදායක සභාවේ එකඟතාවය මත කළයුතු බව ඒ සදහා අදාළ රෙගුලාසි වෙනස්කළ යුතු බවත් සදහන් වෙනවා.

​රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ කි‍්‍රයාකාරිත්ව දැඩි අධීක්ෂණයට ලක්කළ යුතු බව සදහන් වෙනවා. මහ බැංකුවේ විගණන කටයුතු නිසි ආකාරයෙන් සිදු නොවන හෙයින් විගණන අංශය සහමුලින්ම ප‍්‍රතිසංවිධානය කළයුතු බව නිර්දේශවල සදහන් වෙනවා. මහ බැංකුවේ නීති දෙපාර්තමේන්තුවක් පිහිටුවා එය වඩාත් කාර්යශූර බවට පත්කළයුතු බව ද වාර්තාවේ සදහන්.

​2008 වසරේ සිට 2015 දක්වා නිකුත් කළ භාණ්ඩාගාර බැදුම්කර පිළිබදව පරීක්ෂා කිරීමට මෙම කොමිසමට වරයක් නොතිබුණු හෙයින් එවැන්නක් සිදු නොකළ ද, ඒ ගැන පරීක්ෂා කිරීම සුදුසු බවට කොමිසම නිර්දේශ කරනවා.

​පෑන් ඒෂියා බැංකුව සමග සිදුකර ඇති ගනුදෙනු සහ එහි කලින් සිටි සභාපතිවරයාගේ කි‍්‍රයාකලාපය ද පරීක්ෂාවට ලක්කළ යුතු බව කොමිසමේ නිර්දේශයයි. සේවක අර්ථසාධක අරමුදලේ කටයුතු විධිමත් පරීක්ෂණයකට ලක් කළයුතු අතර, එම දෙපාර්තමේන්තුවේ කාර්යයන් නිසි මගකට ගෙන ඒම සදහා ප‍්‍රතිශෝධනය කළයුතු බවද සදහන්. මහ බැංකු නිලධාරින්ට ආචාරධර්ම සංග‍්‍රහයක් හදුන්වාදීමත්, ප‍්‍රාථමික ගැණුම්කරුවන්ගේ ආචාරධර්ම සංග‍්‍රහය යථාපූර්ණ කිරීමත් සිදුකළයුතු බව කොමිසන් සභාවේ අදහසයි.

​නීතිපතිතුමා සහ අල්ලස් හා දූෂණ කොමිසන් සභාව මගින් වාර්තාවේ නිර්දේශ කි‍්‍රයාත්මක කිරීම සඳහා අවශ්‍ය පරිදි කටයුතු කළයුතු බව මෙහිදී පැහැදිලි කරදී තිබෙනවා. සාමාන්‍යයෙන් අදාළ මුදල් අයකර ගැනීම් සිවිල් නීති කෘත්‍යයන් මගින් ඉටුකරගත හැකියි. එහෙත් එය කල්ගතවන කි‍්‍රයාමාර්ගයක්. විකල්පයක් ලෙස මෙම මුදල් අය කර ගැනීමට පාර්ලිමේන්තුවේ පනතක් ඉදිරිපත් කර පාර්ලිමේන්තු සම්මතයෙන් පසු වේගවත්ව අදාළ මුදල් අය කර ගැනීමේ හැකියාවක් ඇති බව කොමිසම යෝජනා කර තිබෙනවා. අප ඒ සදහා එකග වෙනවා.

​කොමිසම පවත්වාගැනීම සඳහා දරන ලද සියලූම පිරිවැය පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමෙන් අයකරගත යුතු බව ද කොමිසමේ නිර්දේශයයි. මා විසින් දැනටමත් වාර්තාවේ පිටපතක් ගරු නීතිපතිතුමා වෙත භාරදී තිබෙනවා. එතුමා විසින් නීතිමය වශයෙන් කි‍්‍රයාකළ යුතු අයවළුන් හඳුනාගෙන නිසි කි‍්‍රයාමාර්ග අපරාධ හෝ සිවිල් කටයුතු සම්බන්ධයෙන් ගැනීමට කටයුතු කරනු ඇති.

කොමිසමේ නිර්දේශවලට අදාළ නඩු පැවරීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභා පනතේ කළයුතු සුළු සංශෝධනයක් පැහැදිලි කළයුතුව තිබෙන බව දන්වා සිටිනවා. ඒ සම්න්ධයෙන් මේ වන විටත් කෙටුම්පත් සකසා නීති කෙටුම්පත් නිලධාරින් එම කටයුතු කඩිනම්න් සිදුකිරීම කි‍්‍රයාත්මක වන බව මා මෙහිදී සඳහන් කරනවා.

අල්ලස් හෝ දූෂණ කොමිසන් සභාව ශක්තිමත් කර එහි කටයුතු කඩිනමින් කාර්යක්ෂම කිරීම මේ සඳහා මීට බොහෝ කලකට පෙර කළයුතුව තිබූ දේ දැන් අප විසින් ආරම්භ කර තිබෙනවා.

ශී‍්‍ර ලංකා මහ බැංකුවේ රහස්‍ය බව, විධිමත් බව විගණන කටයුතු පිළිබඳ තිබී ඇත්තේ ඉතා දුර්වල තත්ත්වයක්. ටෙලිෆෝන් රෙකෝඩින් හෝ නව සීසීටීවී කැමරා ක‍්‍රම කිසිවක් ශී‍්‍ර ලංකා මහ බැංකුවේ තිබී නැහැ. එම දුර්වලතා මහහැරීමට වර්තමාන අධිපතිවරයා මේ වන විටත් කටයුතු කර තිබෙනවා.

මෙම කොමිසන් සභාවේදී හෙළිවූ කරුණු මත මහ බැංකුවේ සේවකයින් කිහිපදෙනෙකුගේ ඉහත කාලය තුළ සේවය තහනම් කර විනය පරීක්ෂණ ආරම්භ කර ඇති බව මහ බැංකු අධිපතිතුමා දන්වා තිබෙනවා.

කොමිසන් සභාවේ නිගමනයන් හා නිර්දේශ මත ශී‍්‍ර ලංකා මහ බැංකුවේ කළයුතු වෙනස්කම් සම්බන්ධයෙන් ඉදිරි දිනවල මහබැංකු අධිපතිතුමා විසින් ප‍්‍රකාශයක් කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.

​මහ බැංකුවේ මෙවැනි දූෂණ, වංචා හා අක‍්‍රමිකතා ඉදිරියේදී සිදු නොවීමට කොමිසම විසින් නිර්දේශ කර ඇති නව පනත් 3ක් කඩිනමින් සකස් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරන ලෙස නීතිපතිතුමා සහ අධිකරණ අමාත්‍යාංශයෙන් මම ඉල්ලා සිටිනවා.

අදාළ පුද්ගලයන්ට නඩු පැවරීම සහ කොමිසමේ සියලූ නිර්දේශ අඛණ්ඩව, කාර්යක්ෂමව, ප‍්‍රමාදයකින් තොරව කි‍්‍රයාත්මකවීම පිළිබ`දව අදාළ අංශ ප‍්‍රධානින් සමග මසකට වරක් ප‍්‍රගති සමාලෝචනයක් කිරීමට මගේ ලේකම්වරයාට දැනුම් දී ඇති බව මෙහිදී මා වැඩිදුරටත් ස`දහන් කරනවා.

​සිදුවී ඇති අලාභය වන රුපියල් මිලියන 11,145 කට වැඩි මුදල් ප‍්‍රමාණය නැවත අය කර ගැනීමටත්, වැරදිකරුවන්ට දඬුවම් පැමිණවීම සඳහා නීතිමය කි‍්‍රයාමාර්ග ගැනීමටත් කිසිසේත් මම පසුබට නොවන බව මෙහිදී විශේෂයෙන් ස`දහන් කළ යුතුයි.

​සේවක අර්ථසාධක අරමුදල, මහපොළ ශිෂ්‍යත්ව අරමුදල, ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අරමුදල, ශී‍්‍ර ලංකා රක්ෂණ සමාගම, රක්ෂණ සංස්ථාවේ අරමුදල් ඇතුළුව මෙම සිද්ධියෙන් රජයට අහිමිවී ඇති මුදල් ප‍්‍රමාණය රුපියල් මිලියන 8,529 ක් හෙවත් බිලියන 8.5ට වැඩිවෙනවා. සමාගම ලාභ ලෙස ඉපැයූ මිලියන 11,145න් ඉතිරි මුදල් පෞද්ගලික අංශයට අයත්.

​පර්පචුවල් ටෙ‍්‍රෂරිස් සමාගම මෙම අතිවිශාල මුදල හෙවත් ලබා ඇති මිලියන 11,145ක් වන ලාභය ලබා ඇත්තේ මාස 5ක් වැනි කෙටි කාලයක් තුළ බව ද සඳහන්.

අවසාන වශයෙන් විශේෂයෙන් කිවයුත්තේ මෙම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත්, ඒ අනුව මහජනයාට විවෘත වාර්තාවක් බවට පත්කිරීමටත්, අදාළ කටයුතු විධිමත්ව හා නීත්‍යානුකූලව සිදුකිරීමටත් නීතිපතිතුමාගේ උපදෙස් අනුව ඉදිරියේදී කඩිනමින් ඒ අවශ්‍ය කටයුතු සිදුවන බව.

වග උත්තරකරුවන්ට නඩු පැවරීමේදී එම නඩුවලට අවාසි සහගත නොවන ලෙස මෙම කොමිසන් සභා වාර්තාවේ කරුණු විවෘතභාවය පිළිබඳව සැලකිලිමත්විය යුතු බවද කාරුණිකව මම මෙහිදී සඳහන් කරනවා.

​ඒ වගේම මෙම කොමිසන් සභාවට අදාළ නොවන විශේෂයෙන්ම භාරදෙන ලද, මීට පෙර මා විසින් පත්කරන ලද තවත් කොමිසන් සභාවක වාර්තා, කටයුතු අවසන් වී මා වෙත භාරදී තිබෙනවා. බරපතළ වංචා දූෂණ, රාජ්‍ය සම්පත් අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් පත්කරන ලද ජනාධිපති කොමිසන් සභාවයි

මෙම කොමිසන් සභාව වසර දෙක හමාරක කාලයක් කටයුතු කර තිබෙනවා. එම කොමිසමේ කටයුතු කළ සියලූ මහාධිකරණ විනිසුරුතුමන්ලා ඇතුළු ලේකම් සහ කාර්ය මණ්ඩලයටද ඒ ස`දහා සහය දුන් සියලූ ආයතනවලට මාගේ ස්තූතිය පිරිනමනවා.

මෙම කොමිසමේ වාර්තා 34ක් මේ වන විට මා වෙත භාරදී තිබෙන අතර පසුගිය මෑත දිනක වාර්තා 17 ක් භාරදී තිබෙනවා. ඊට පෙර 17ක් භාරදී තිබෙනවා. පෙර භාරදුන් 17ම මම නීතිපතිතුමාට භාරදී තිබෙනවා. අදාළ ආයතන විසින් කටයුතු කිරීමට. එම වාර්තා පිළිබඳ මේ වන විටත් අල්ලස් හා දූෂණ විමර්ශණ කොමිෂන් සභාව සහ අනෙකුත් ආයතන, දෙපාර්තමේන්තු, පොලීසිය නඩු පැවරීම් මේ වන විටත් සිදුකර තිබෙන අතර, මීට දින දෙකකට පෙර භාරදුන් වාර්තාව අපි මේ සතියේම භාරදෙන බව නීතිපතිතුමාට මෙහිදී සඳහන් කරන්න ඕන. ඒ අනුව මේ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදුවන බව විශේෂයෙන් මෙහිදී සඳහන් කළයුතුයි.

​මේ බරපතළ වංචා දූෂණ රාජ්‍ය සම්පත් අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් පත්කරන ලද කොමිසම ප‍්‍රධාන වශයෙන් කරුණු කිහිපයක් ඉදිරිපත්කර තිබෙනවා. එම කරුණු කි‍්‍රයාත්මක කිරීම රජයේ වගකීමක් වන අතර, ඔබට දැන ගැනීම සදහා මම පැහැදිළි කරනවා.

​දූෂණ, වංචා අක‍්‍රමිකතා පිළිබඳ විමර්ෂණ කටයුතුවලට සුදුසු පූර්ණ දැනුමක් හා පුහුණුවක් ඇති නිලධාරින්ගෙන් අපේ රටට විශාල හිඟයක් තිබෙන නිසා ඒ ස`දහා අවශ්‍ය පුහුණුව ලබා දී සුදුසු නිලධාරින් ඒ සඳහා පත්කළයුතු බව මෙහි පෙන්වා දී තිබෙනවා.

රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු වශේෂ තනතුරුවලට පත්කිරීමේදී ඒ සඳහා නියමිත සුදුසුකම් නොමැති අය පත්කර ඇති බවත්, එබැවින් එම ආයතනවල ප‍්‍රධානීන්, සභාපතිවරුන්, අධ්‍යක්ෂ මණ්ඩල පත්කිරීමේ දී එම තනතුරට සුදුසු අය පමණක් පත්කළයුතු බව ද එම කොමිෂන් සභාව ඉතා තරයේ ප‍්‍රකාශ කර තිබෙනවා.

​එම කොමිසමට රජය වැය කළ මුදලට වැඩි මුදලක් එම කොමිසම විසින් මේ වන විට රජයට සොයා දී තිබෙන බව කොමිසම දන්වා තිබෙනවා. අල්ලස් නඩු පැවරීම කොළඹ මහාධිකරණය තුළ පමණක් සිදු කිරීම මගින් ලැබෙන ප‍්‍රතිඵල අඩු බවත්, එයින් විශේෂයෙන් සාක්ෂිකරුවන්ට වැනි අයට දිවයිනේ ඈත එපිට ප‍්‍රදේශවල සිට කොළඹට නිතර මෙම කටයුතු ස`දහා පැමිණිමට තිබෙන අපහසුතාව සැලකිල්ලට ගෙන අල්ලස් හෝ දූෂණ කොමිසන් සභාව යටතේ නඩු දැනට කොළඹ පමණක් ඇසීම වෙනුවට අවම වශයෙන් පළාත්බද අධිකරණ කි‍්‍රයාවලියක් තුළ කි‍්‍රයාත්මක කළයුතු බව මෙම කොමිසම දන්වා තිබෙනවා.

​එමෙන්ම මෙම වාර්තා දෙකේම කරුණු අවසන් කිරීමට පෙර මා තවත් විශේෂ යමක් සඳහන් කළ යුතුයි. මෙම කොමිසන් සභා පත්කිරීම සම්බන්ධයෙන් සමාජය සහ පොදු මහජනතාව දැඩි උනන්දුවක් ඒ වගේම දැඩි ඕනෑකමක්, අවධානයක් යොමු කරන බව පෙන්නුම් කළා. මේ කොමිසන් සභාව පත්කිරීම විශේෂයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ බැදුම්කර කොමිසම සම්බන්ධයෙන් එය පත්කරන අවස්ථාවේත් ඇතැම් අය කිව්වා මීට පෙර පත්කළ කොමිසම්වලට වූ දේ තමයි මෙයටත් සිදුවන්නේ කියා. කොමිසමක් පත් කරන්නේ ප‍්‍රශ්න යටගහන්න බව මාධ්‍ය තුළත් ඇතැම් අය පාර්ලිමේන්තුවේදීත් ස`දහන් කර තිබෙනවා.

නමුත් මේ කොමිසන්වල කටයුතු පිළිබඳව එහි කි‍්‍රයාකාරිත්ව පිළිබඳව අපි ඉතාමත් සතුටු විය යුතුයි වගේම විනිශ්චයකාරතුමන්ලා ඇතුළු ඒ සෑම කෙනෙකුටම නැවත නැවතත් මම ස්තුතිවන්ත වෙනවා මහජනයාගේ විශ්වාසය දිනාගනිමින් මෙම කොමිසන් සභාවලට කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන්.

​තවත් යමක් මා අවසාන වශයෙන් කිවයුතුයි. මේ කොමිසන් සභා පත්කිරීම තුළ ඇතැම් දේශපාලන අංශවලින් මට එල්ල කරන ලද චෝදනා පිළිබඳවත්. කිසියම් දේශපාලන පක්ෂයක් මුල්කරගෙන හෝ කිසියම් දේශපාලන පක්ෂයක් ඉලක්ක කරගෙන මෙම කොමිෂන් සභා මා විසින් පත් නොකළ අතර මම සඳහන් කළ කොමිසන් සභා දෙකේම පරීක්ෂණ කටයුතු , නිර්දේශ හා එම තොරතුරු මත ඉදිරියේදී කි‍්‍රයාකිරීමේදී නීතිමය කි‍්‍රයාමාර්ගවලදී හා නඩු පැවරීමේදී ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙහිම පුද්ගලයින් වග උත්තරකරුවන් බවට පත්වී තිබෙන බව විශේෂයෙන් සඳහන් කළ යුතුයි.

​එම නිසා කිසියම් එක් දේශපාලන පක්ෂයක් ඉලක්ක කරගෙන කටයුතු නොකරනවා වගේම අධිකරණයේත් කොමිසන් සභාවල අපක්ෂපාතිත්වය සහ ස්වාධීනත්වය පිළිබඳ අප සතුටුවිය යුතු වෙනවා. මේ සඳහා අවශ්‍ය සම්පූර්ණ සහයෝගය මේ කටයුතු සඳහා ලබාදෙන බව ප‍්‍රකාශ කරන්න ඕන.

Top