වත්මන් තත්ත්වය

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය මුළුමණින් ක්‍රියාවේ යෙදවීම දිගටම ආන්දෝලනාත්මක ප්‍රශ්නයක් ව පවතී. රටේ උතුරු නැඟෙනහිරත්, දකුණේත් මෙම සංශෝධනය විරෝධයට ලක්ව ඇත. ඕනෑම අනාගත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තුළ ආමන්ත්‍රනය කළ යුතු වන ඇතැම් බරපතල ඌනතාවයන් දැනට තිබෙන 13 වැනි ව්‍යවස්ථා සංශෝධන මාදිළියේ ඇත. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ බොහෝ බලතල, විශේෂයෙන්ම ඉඩම් සහ පොලිස් බලතල, තවමත් පැවරිය යුතුව ඇති බැවින්, එම සංශෝධනය කිසි විටෙක සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කර නැත.

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමෙන් වසර 45කට් පසුව පවා, එය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට පක්ෂව හා ඊට එරෙහිව කරනු ලබන ඉල්ලීම්වලින් ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රය යළිත් වරක් කැළඹී තිබේ. එවැනි බලය පැවරීමක් ඕනෑවට වඩා වැඩි බවටත් එය රට බෙදීමට මඟ පාදනු ඇති බවටත් දකුණේ ජාතිකවාදීන් තවමත් තර්ක කරන අතර බලය පවරා දීම ප්‍රමාණවත් නොවන බවට උතුරේ අය තර්ක කරති. බොහෝ දේශපාලඥයන් සහ ඔවුන්ගේ සංවිධාන මුහුණ දී සිටින මැතිවරණ අවදානම් තත්වයන් හේතුවෙන් ඔවුහු මේ මොහොතේ මෙම ප්‍රශ්නය සාකච්ඡාවට ලක් කරනවා වෙන්නටද ඉඩ තිබේ.

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් වගන්ති ප්‍රායෝගික නොවන බවටත් ඒවාට විකල්ප විසඳුම් සෙවිය යුතු බවටත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන කාලයේ දී කරන ලද ප්‍රකාශ පැවතිණි. [Daily Mirror 6 Jan 2020, Some provisions in 13A impractical, alternatives should be sought: President; available at: https://www.dailymirror.lk/breaking_news/Some-provisions-in-13A-impractical-alternatives-should-be-sought-President/108-180835] පළාත් සභා සතුව පොලිස් බලතල පවතින්නේ නම් පොලිසිය දේශපාලනීකරණය බවට පත් වන බව ඔහු පවසා තිබිණි. ඒ අනුව, භාෂා හා සංස්කෘතික වෙනස්කම් විසින් ඇති කරනු ලබන ගැටළු විසඳීම සඳහා උපකාරී වන ලෙස ඔහුට කරන්නට අවශ්‍ය වූයේ පොලිසියට ස්ථානාධිපති නිලය දක්වා පුද්ගලයින් දිස්ත්‍රික්කවලින් පත් කිරීම යි.

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට එරෙහිව බෞද්ධ සංඝයා/පූජ්‍ය පක්‍ෂයේ ඇතැම් කොටස් පසුගිය පෙබරවාරි මාසයේදී පෙළපාලි ගියහ. කෙසේ වෙතත්, දේශීය වශයෙන්, ජාත්‍යන්තර වශයෙන් සහ ඉන්දියාව සමඟ අවස්ථා ගණනාවකදී කර තිබෙන ඒකාබද්ධ ප්‍රකාශ වලදී ආණ්ඩුව ශ්‍රී ලංකා ජනතාව අතර සංහිඳියාව ඇති කිරීමේ මාර්ගයක් ලෙස අර්ථවත් අන්දමින් බලය බෙදා හදා ගැනීමේ අවශ්‍යතාවය හඳුනාගෙන තිබේ. ෆෙඩරල් විසඳුමක් සඳහා පෙනී සිටින දෙමළ ජාතික සන්ධානය (ටීඑන්ඒ) ඉල්ලා සිටින්නේ ඉඩම් සහ පොලිස් බලතල ඇතුළුව 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම යි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම ගැන වරක් කතා කළේය. එහෙත් ඊළඟ අවස්ථාවේ, එම සංශෝධනය පොලිස් බලතල නොමැතිව ක්‍රියාත්මක කිරීමට තමන් කැපවී සිටින බවත්, ඉන් ගම්‍ය වෙන කරුණු පාර්ලිමේන්තුවේ සාකච්ඡා කළ යුතු බවත් පවසමින් ඔහුගේ අදහස වෙනස් කළේය. ඔහු ගන්නා ස්ථාවරය කුමක් වුවත් ඔහුගේ භක්තිමත් ආධාරකරුවන් ඔහුට සහයෝගය දක්වමින් ඔහු අනුගමනය කරන බව පෙනේ. මෙම ප්‍රකාශ කෙළවර වන්නේ හුදෙක් දේශපාලන අවස්ථාවාදය ලෙසයි.

පසුගිය ජූලි මාසයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ සර්ව පාක්ෂික රැස්වීමක් කැඳවා ශ්‍රී ලංකාව එක්කෝ ‘13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් සපයා දී ඇති පරිදි ප්‍රමාණවත් අන්දමින් පවරා දෙන ලද බලතල සහිතව පළාත් සභා තවදුරටත් තබාගත යුතු බවටත් එසේ නැතහොත් පළාත් සභා ක්‍රමය මුළුමනින්ම අහෝසි කළ යුතු බවටත්’ ප්‍රකාශ කළේය [Ref: EconomyNext July 27, 2023, https://economynext.com/sri-lanka-must-either-implement-13a-or-abolish-provincial-councils-president-126875/]. සමගි ජන බලවේගය (SJB) සර්ව පාක්ෂික රැස්වීමට සහභාගී වූ අතර ජාතික ජන බලවේගය (NPP) ඇතුළු දකුණේ දේශපාලන පක්ෂ ගණනාවක්ම එය වර්ජනය කළේය. යලිත් වතාවක් ඉඩම් හා පොලිස් බලතල විමධ්‍යගත කිරීම ශ්‍රී ලංකාවේ බලය පවරා දීමේ දුබල පුරුක බවට පත්ව තිබේ.

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ කණ්ඩායම්වල පුළුල් සන්ධානයක් නියෝජනය කරන ජාතික ජන බලවේගය (NPP) විසින් වර්ජනය කිරීම සඳහා හේතුව වශයෙන් දක්වා ඇත්තේ ආණ්ඩුව 13 වැනි සංශෝධනයට අදාළ කරුණු සම්බන්ධයෙන් තමන්ගේ ශ්‍රේණීන් තුළම සම්මුතියක් තහවුරු කර ගෙන නොමැති හෙයින් එය හුදෙක් රැවටීමක් වූ බවයි. ජාතික ජන බලවේගයට අනුව ජනාධිපතිවරයා එළැඹෙන ජනාධිපතිවරණයකදී ජයග්‍රහණය තහවුරු කර ගැනීම සඳහා දෙමළ ඡන්ද දිනා ගැනීමට මෙම ව්‍යායාමය උපයෝගී කර ගනිමින් සිටියි. මෙය සිදු වූයේ ඒ සමඟම ජනතා විමුක්ති පෙරමුණේ ඇතැම් නායකයන් 13 වැනි සංශෝධනයට දැඩි විරෝධය පළ කර තිබියදී යි [Ref: https://www.adaderana.lk/news/88542/JVP-is-against-13th-amendment-handunnetti]. ඔවුන්ට අනුව ජාතික ජන බලවේගය පවා 13 වැනි සංශෝධනය පිළිගන්නේ නැත.

ඒ කෙසේ වෙතත්, ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගය පිළිතුරු දිය යුතු ප්‍රශ්ණයක් තිබේ. ශ්‍රී ලංකාවේ බහුතරය නොවන ජන ප්‍රජාවෝ ඔවුන්ගේ වාර්ගික-භාෂාමය සහ ආගමික පසුබිම් හේතුවෙන් මුහුණ දෙන විශේෂිත ප්‍රශ්න ඇති බව ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගය පිළිගන්නේ නම්, සහ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් එම ප්‍රශ්න ආමන්ත්‍රනය කොකරන්නේ නම්, ඒ ගැටළු විසඳීම සඳහා ඔවුන් විසින් ගන්නට බලා පොරොත්තු වන ප්‍රතිපත්තිමය ස්ථාවරයන් ඉදිරිපත් කිරීම ඔවුන්ගේ යුතුකම සහ වගකීම වේ. අනාගතයේ බලය ලබා ගන්නා ජනතා විමුක්ති පෙරමුණු හෝ ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ තම ප්‍රශ්න විසඳා ගන්නට බලා සිටින ලෙස බහුතර නොවන ජන ප්‍රජාවන්ට කියා සිටීම නිරර්ථක වන්නේය; ඒ වෙනුවට ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගය දරන ප්‍රතිපත්තිමය ස්ථාවරයන් වෙනුවෙන් පෙනී සිටීමෙන් ඔවුන්ගේ සහයෝගය ලබා ගන්නට ඔවුන් පොළඹවා ගැනීම වඩා යහපත් වෙයි.

තවත් සත්‍යය සෙවීමේ කොමිසමක්?

යළිත් වරක් ශ්‍රී ලංකා ආණ්ඩුව තවත් කොමිෂන් සභාවක් යෝජනා කර ඇත; මෙවර එය නම් කොට ඇත්තේ ‘ජාතික සමගිය හා ප්‍රතිසන්ධාන කොමිසම’ යනුවෙනි. මේ විෂය සම්බන්ධයෙන් 2005 වසරේ පටන් කැඳවා ඇති කොමිෂන් සභා රැසක අතීත අත්දැකීම් පදනම් කර ගත් විට මෙම යෝජනාව ගැන වින්දිතයන්ගේ පවුල් ඇතුළු බොහෝ දෙනෙක් දැඩි සේ සැක පහල කිරීම පුදුමයට කාරණයක් නොවේ.පසුගිය කාලය තුළ පත් කරන ලද එකදු කොමිෂන් සභාවක් වත් පීඩාවට පත් ව සිටින ජනයාට සත්‍යය, ‌ යුක්තිය හෝ වන්දි ගෙවීම සඳහා කටයුතු කිරීමේදී සාධනීය වී නොමැත. මෙවර කොමිෂන් සභාව ඵලදායී ලෙස ක්‍රියාත්මක වීම සඳහා පාලන තන්ත්‍රය විසින් ආරක්ෂාව සහ හිතකර පරිසරයක් සහතික කරන්නේ කෙසේද යන්න පිළිබඳව ඔවුහු කිසිදු පැහැදිලි කිරීමක් කර නැත.

ව්‍යුහාත්මක ගැටළු

පළාත් මට්ටමින් පැහැදිලි ව්‍යුහාත්මක විධිවිධාන නොමැතිකම හේතුවෙන් පවරා දෙන ලද බලතල ප්‍රායෝගිකව යොදන ආකාරය සම්බන්ධයෙන් පළාතෙන් පළාතට ආවේණික වන වෙනස්කම් පවතී. ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සෘජු අධිකාරිය වන්නේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය යි. ඔවුහු දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ පරිපාලන අධීක්‍ෂණයට ද ලක් වෙති. පළාත් සභා සමඟ ඔවුන්ට කිසිදු ඍජු සම්බන්ධතාවයක් නැත. මේ අනුව, පළාත් සභාවක කරන මෙහෙයවීම අකාර්යක්ෂම බවට පත් කරමින් මධ්‍යම ආණ්ඩුවේ සහ පළාත් සභාවල පරස්පර අවශ්‍යතා ඉටු කරමින් ද්විත්ව මෙහෙවරක් ඉටු කිරීමට ඇතැම් විට ප්‍රාදේශීය ලේකම්වරුන්ට සිදු වී තිබේ. මෙම අක්‍රමිකතාවය නිවැරදි කළ යුතු වේ.
ඉඩම් සහ පොලිස් බලතල හැර 13 වැනි සංශෝධනය යටතේ ව්‍යවස්ථාපිතව සපයා ඇති සියලුම බලතල පලාත් සභාවලට පවරා දී ඇති බව පෙනේ. කෙසේ වෙතත්, පළාත් සභා කාර්යක්ෂමව හා ඵලදායි ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කරන මුදල්වල පාලනය තබා ගන්නට විනිවිද භාවයෙන් තොර අන්දමේ ක්‍රියාමාර්ග යොදා ගැනීම වැනි වෙනත් අමතර උපාමාරු ද මේ සමඟ භාවිතා කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයට අනුව ඉඩම් බලතල රක්ෂිත විෂයක් වන්නේ නම් සහ පවරා දිය නොහැකි වන්නේ නම්, එසේම ජාතික ආරක්ෂාව අනතුරට ලක් කරන බැවින් පොලිස් බලතල පවරා දිය නොහැකි නම්, එවැනි ක්‍රමයක් මඟින් බහුතරයක් නොවන ජන ප්‍රජාවන් මුහුණ දෙන ආර්ථික හා නීතිය ක්‍රියාවේ යෙදවීමේ ගැටළු ප්‍රශ්න ආමන්ත්‍රනය කිරීමක් සිදු කළ නොහැකි ය.ස්වයං නිර්ණ අයිතිය මත පදනම්ව ජාතිකත්වයන්ගේ මූලික අයිතිවාසිකම් සහ නිදහස ඉල්ලා සිටින තවත් සටන්කාමී නැගිටීමක් කරා අප ගමන් කරමින් සිටිනවාද?

2023 ඔක්තෝම්බර් 15 වන දා

ලයනල් බෝපගේ
සිව්වන කොටස
පළමු,දෙවන හා  තෙවන කොටස හා සබැඳිය

Sri Lanka – Nation Building, Devolution and the 13th Amendment

Lionel Bopage

Part 4                                                                                                                         Link to Part 3

Current Situation

The full implementation of the 13th amendment  continues to be a controversial issue. The amendment is subject to opposition from both the south and the north east of the country. There are certain serious deficiencies with the current 13th Amendment model that need to be addressed in any future constitution. The 13th Amendment in the form it was enacted, has never been fully implemented, as many powers, especially land and police powers are yet to be devolved.

The political arena in Sri Lanka is, once again, abuzz with demands both for and against the full implementation of the 13th Amendment, even 45 years after its enactment. The nationalists in the south still argue that such devolution is too much and would lead to division of the country, whilst those in the northeast argue that there is not enough devolution. There is also the possibility that many politicians and their organizations have taken up this issue at this point in time due to the possible electoral vulnerabilities they are facing.

During the Gotabaya Rajapaksa presidency, there were assertions that certain provisions in the 13th Amendment were impractical and alternative solutions needed to be sought [Daily Mirror 6 Jan 2020, Some provisions in 13A impractical, alternatives should be sought: President; available at: https://www.dailymirror.lk/breaking_news/Some-provisions-in-13A-impractical-alternatives-should-be-sought-President/108-180835]. If police powers are in the hands of Provincial Councils, the police force will become politicised, he had said. So, to help solve issues caused by language and cultural differences, he wanted to appoint individuals from the districts to the police up to the rank of OIC.

Last February, some sections of the Buddhist Sanga/clergy demonstrated against the full implementation of the 13th Amendment. However, locally, internationally and on several occasions in joint statements with India, the government has recognised the necessity for meaningful power sharing as a way of achieving reconciliation among the peoples of Sri Lanka. The Tamil National Alliance (TNA), which advocates for a federal solution, wants the full implementation of the 13th Amendment, including land and police powers.

President Ranil Wickremasinghe did speak once about fully implementing the 13th Amendment. However, in the next breath changed his mind stating that he is committed to implementing the 13th amendment but without police powers, and that the Parliament needs to discuss its implications. His devoted supporters appear to go along with whatever position he takes. These pronouncements end up as mere political opportunism.

Last July, President Wickremasinghe called an all-party meeting and asserted that Sri Lanka should retain “its provincial councils with powers adequately devolved as provided for in the 13th Amendment to the Constitution, or abolish the PC system entirely” [Ref: EconomyNext July 27, 2023, https://economynext.com/sri-lanka-must-either-implement-13a-or-abolish-provincial-councils-president-126875/]. Samagi Jana Balavegaya (SJB) attended the all-party meeting, while a number of south-based political parties, including the National People’s Power (NPP) boycotted it. Yet again, decentralisation of land and police powers has become the Achilles heel of devolution of power in Sri Lanka.

The excuse given by the NPP, which represents a broad coalition of groups led by the JVP, for boycotting the meeting was that it was just a sham as the government has not ensured consensus within its own ranks over the issues relating to the 13th Amendment. According to the NPP, the President is utilizing this exercise to win Tamil votes to secure victory at the next presidential election. This happened even as some of the leaders of the JVP have expressed their vehement opposition to the 13th Amendment [Ref: https://www.adaderana.lk/news/88542/JVP-is-against-13th-amendment-handunnetti]. According to them, even the NPP does not accept the 13th Amendment.

However, both the JVP and NPP have a question to answer. If they accept that there are specific issues the non-majoritarian communities face due to their ethno-linguistic and religious backgrounds, and if they think the 13th Amendment does not address those issues, then it is their duty and responsibility to present the policy positions that they would be adopting to address those issues. Asking the non-majoritarian communities to wait to address their issues under a future JVP or NPP regime is meaningless; rather it would be much better to secure their support by advocating the policy positions with regard to the national question.

Another Truth Commission?

Once again, the Government of Sri Lanka has proposed a commission, this time under the title ‘National Unity and Reconciliation Commission’. Going by the past experiences of numerous commissions convened since 2005 on this subject, it is no wonder that many, including the victims’ families, have expressed grave reservations about this proposal.

Not a single commission appointed in the past has been effective in delivering truth, justice or reparation to the people who have suffered. The regime has not come out with any clarification as to how this time they would ensure the safety and a conducive environment for the commission to function effectively.

Structural issues

In the absence of clear structural arrangements at the provincial level, differences exist from province to province in how devolved powers are exercised. The Ministry of Home Affairs is the direct authority of Divisional Secretaries. They are also under the administrative supervision of District Secretaries. The Divisional Secretaries have no direct link with the Provincial Councils. Thus, they have to play a dual role, serving sometimes conflicting interests of the central government and Provincial Councils, making operations of a Provincial Council ineffective. This anomaly needs to be fixed.

All powers constitutionally provided under the 13th Amendment appear to be devolved to provincial councils, except for land and police powers. However, there have been other additional manoeuvres used, such as the application of non-transparent measures for controlling the finances required for the provincial councils to function efficiently and effectively.

As per the Supreme Court’s determination, if land power is a reserved subject and cannot be devolved, and police powers should not be devolved as it would compromise national security, then there is no way such a system could address the issues of the economic and law enforcement facing the non-majoritarian communities. Are we headed for another militant uprising of nationalities demanding their basic rights and freedoms based on their right to self-determination?

15 October 2023

ශ්‍රී ලංකාව – ජාතිය ගොඩනැගීම, බලය පැවරීම සහ 13 වැනි සංශෝධනය!

Introduction

Sri Lanka is facing multiple crises – economic, political and cultural. How the government deals with these is crucial to the future of the country. The failed unitary form of government, in particular, the excessive powers of the executive presidency need to be curtailed. Devolution of power and a more equal balance between the executive, judiciary, parliament, bureaucracy and regions need to be renegotiated if we are to come out of the crises.

It is in this macro light that this paper should be viewed. However, this paper will not focus on the class based issues underpinning the national question, except to note that under neo-liberalism, differences in plural societies are utilised to prop up authoritarian capitalist governance systems that are beset with crises.- Dr. Lionel Bopage

Nation-Building

Nation building is an evolutionary and long-term course of action, rather than a revolutionary and overnight process. It needs to develop and grow through an internal process, not via an external intervention or by an imposed agenda. It also needs economic, social, and political development as well as institutions that protect the fundamental rights of the people and communities. In addition, the nation-building effort needs to ensure equal access to jobs, education, and health for all among other things.

For long-term democratic nation-building to be successful, we need to recognise the importance of democratic values, within the civic sphere that will develop and sustain them; rather than just emphasising economic development or state-building. Currently we have only received rhetorical banalities from the political elite shorn of any real meaning of this crucial issue.

Decentralization

Decentralization is increasingly seen as a basic principle of democracy. A system of good governance needs people to have the ability to elect their own leaders and representatives to institutions that wield real power to respond to people’s needs. Grassroots movements have emerged championing it. This is not surprising as an overweening central power has repeatedly failed to meet the needs of the people as attested by the current economic crisis.

Political decentralization can empower citizens or their representatives engaging in decision-making processes. Greater participation is assumed to lead to better informed decision making that are more relevant to the plural societies like Sri Lanka. With political decentralisation, citizens will come to better know their representatives and in turn they will be more cognisant of the needs and desires of their electorates. For decentralisation transfers responsibility for planning, financing and managing certain public duties from the centre and its agencies to regional ones, thus making it more local and accountable. This can be achieved by de-concentration, delegation, and devolution of authority with each of these having their own characteristics.

It should be noted that centralization and decentralization do not need to be an “either-or” scenario. Practical examples around the globe have demonstrated that an appropriate balance of centralization and decentralization can ensure effective and efficient government service delivery. Centres can play a crucial role in promoting and sustaining decentralization efforts. This can be done by developing proper and effective national policies and regulations needed for decentralization, thus creating or maintaining the necessary enabling environments that allow regional, provincial, and local units to take on more responsibilities for undertaking new functions.

As a whole, genuine efforts at decentralization can cut cumbersome bureaucratic red tape. It can make local and national public servants more sensitive to local conditions and needs. Decentralization if done well, can allow political representation of diverse political, ethnic, religious, and cultural groups in plural societies in the decision-making processes. It can contribute to better political stability and national unity as citizens get access to better public programs at the local level. A growing number of countries have adapted federal systems, decentralizing some elements of government responsibility from the centre down to local government, as a means of giving different ethnic and regional groups some autonomy and control over their destiny.

The two uprisings in the south and the three decade long armed conflict in the north are examples that reflect the fact that if people are excluded from sharing any political power, they are more likely to challenge the legitimacy of the existing system. Federalism or devolution is a means of sharing power among diverse political entities irrespective of their ethnic or regional ties. Democracy will survive better if successes and burdens are shared fairly and equitably.

The current political system is based on ‘winner-take-all’ system, where one political party or group monopolise all the privileges and economic benefits. Devolution in contrast allows different ethnic and regional groups an ability to determine their own affairs, thus making them feel more secure. They may gain more confidence in and commitment to the existing system, and a general sense that the system is fair and inclusive.

Devolution

Historically, governments in Sri Lanka have tended to centralize all powers. Yet, the late 20th century witnessed an increasing global tendency to reduce central governmental power, by devolving power to the peripheral governing bodies such as state, regional, provincial and/or local bodies. Many countries in Europe, Asia, Africa and Latin America have adopted diverse devolutionary measures to empower their plural communities. In this regard, France in the 1980s and the United Kingdom in the late 1990s are the most appropriate examples. France was one of the most centralized states. All decisions of the régions, départements and communes from annual budgets to naming streets and schools had to be authorized by the central government under a system known as the “tutelle” (supervision). Due to the pressure the peripheries exerted on the central government; the François Mitterrand administration (1981-95) removed most of the authorisations needed in policy making matters[1].

In the UK devolution became a major political issue in the early 1970s, as Scotland and Wales demanded greater control over their own affairs. A referendum was held in 1979, to determine the people’s will for devolution. The electorate was needed to approve it with a two-fifths majority, but voters in Wales and Scotland rejected it. However, in 1999 under Tony Blair’s regime, power was devolved, Scotland had a parliament and later, Wales a Welsh Assembly. The Good Friday Agreement of 1998 provided Northern Ireland with its own parliament[2].

In Sri Lanka, proponents of devolution have been demanding clearly defined powers the Provinces can wield. During the Constitutional reform process under the previous regime led by President Maithripala Sirisena and Prime Minister Ranil Wickremesinghe, the Chief Ministers of the seven ‘southern’ provinces asked for proper devolution as envisaged under the 13th Amendment. However, nothing came to fruition.

A historical perspective

Devolution in Sri Lanka is a story of missed opportunities. The armed conflict ended in 2009, but the political conflict has not. A settlement to the political conflict can be achieved only by offering a share of state power to all communities within a framework of democratic governance. Many Sri Lankans in the country and overseas are yet to be convinced of this requirement.

Sri Lanka is an overwhelmingly stagnating unitary state. In 2018, one of the former Auditor Generals stated that Sri Lanka was ranked the topmost country in terms of public sector misappropriation and corruption. The country’s parliamentary system has neglected its primary responsibilities of formulating policies, enacting laws and implementing transparent public financial systems. And the general public, ignorant of facts due to misinformation and deception, has repeatedly elected a set of crooks who have used ‘rule by law’, instead of ‘rule of law’ to maintain their autocratic rule.

All of these led to catastrophic consequences for the people in recent times. In 2022, the ‘ARAGALAYA’ protests ousted the last elected Sri Lankan President. With the severe shortage of essentials and defaulted debt payments, the country has encountered a poly-crisis. Despite the assurances made by the installed President Ranil Wickremasinghe, many people continue to suffer terribly. Those who can leave the country are leaving in droves, looking for greener pastures.

From schools and hospitals to the justice system and utility services, much of the country’s administrative functions have come to a grinding halt. Corruption, mismanagement, wastage, political patronage, and a lack of transparency and accountability that have prevailed for the last four decades contributed to a combined economic and political firestorm. The Rajapaksas, who are responsible for aggravating the crisis to its epic proportions are waiting in the wings to regain power by tacitly supporting the president they installed. They are rebuilding their chauvinist fundamentalist bases, utilizing whatever opportunities and resources they can get their hands on to divide the society and capture power.

District Development Councils – a history

In 1977, the JR Jayewardene regime introduced an open economy and provided commercial interests the opportunity to invigorate the private sector. However, this intensified social contradictions due to the general public not given opportunities to enjoy the positive outcomes offered by the expanding economy. Many, particularly among the Sinhala majority population, felt left behind. The Tamil people in the Northeast also felt frustrated as the economy opened up almost overnight to international competition. The importation of chilies, onions, staple foods, etc from India destroyed their major means of living – agriculture. They have been demanding better opportunities for upward social mobility and a greater share of national productivity growth.

This demand has a history running back to the days of the Legislative Council in 1926, where the possibility of a second tier of government was discussed. The issue was again discussed at the Donoughmore Commission of 1928. It had recognized the need for decentralization of powers so that much of the administrative work carried out at the centre could be performed more directly at the local level, leaving the government to concentrate on the macro affairs of running the country. The Commission also pronounced its proposals for Provincial Councils. Those proposals also suggested that “the special views of the different races predominant in the different parts of the island” might have an effect “in the administration of these parts.” Unfortunately, the recommendations regarding Provincial Councils were not implemented. This was possibly due to the opposition of politicians and bureaucrats, who were not willing to share their authority with those in the provinces or districts.

A large segment of the Tamil community increasingly felt the only effective solution to address their right to self-determination was to form their own autonomous state – Tamil Eelam. For this they gave an overwhelming mandate to their political leadership, the Tamil United Liberation Front(TULF), at the August 1977 General Elections. Socially, economically and politically the country was facing a chaotic and disintegrating situation. And the Jayawardene regime resorted to more authoritarian ways of enforcing its dictates. In 1981, the Jayawardene regime established District Development Councils (DDCs) for each administrative district as a supposed instrument of devolution.

However, the DDCs were politically toothless. They could not independently attend to matters under their jurisdiction as there was no separate administrative mechanism established to allow them to function. So, the DDCs had to depend on the bureaucracies of the local and central government agencies and resources to do their work[1]. In practice, this system helped the Sinhalese political elite to garner more influence in district administration, creating another state tier to muster and sustain political party patronage[3]. In addition, the Ministers of the then government overpowered the DDCs, impeding the activities that fell under their jurisdiction. If the JVP (Janatha Vimukthi Peramuna) experience is anything to go by, the DDCs did not have any powers of financial management. Frustrated with its incapability, the Chairman of the Jaffna DDC thew it away in July 1983[3].

The first remedy that allowed for devolution, since the unilateral abrogation of the Bandaranaike-Chelvanayakam (B-C) pact and the Dudley-Chelvanayakam (D-C) pact, was imposed under the auspices of the Indian Government in 1987. Since then, the Thirteenth Amendment has been in the Constitution for nearly three and a half decades without being fully implemented. Starting with the Jayawardene regime, all regimes have resolutely held absolute control over land and police powers. They even seriously restricted financial powers of Provincial Councils. This is despite many complaints made by the Provincial Councils that they do not have any real administrative control over their regions and do not have enough money even to buy the essential necessities of those councils.

History of constitutional amendments

Currently the executive, the legislature, provincial councils and the local governments of the country have about 10,000 elected and nominated representatives. They are supposed to address the socio-economic, political and multicultural issues of the entire country. However, the governance system has become a complete failure. Moving from crisis to crisis, the authoritarian, centralised, non-accountable governance system has plunged the country into the current poly-crisis. This system is accompanied by corruption, wastage, mismanagement, and impunity for those who commit terror and violence to protect the ruling elite. This debasement and mortification continue to prevail in every nook and cranny of the country.

Let us examine the last four amendments made to the Constitution of Sri Lanka. The good governance regime elected in 2015 enacted the 19th Amendment but was not fully committed to implementing it with sufficient responsibility and speed. Despite the election pledges made in 2015 to abolish the authoritarian powers acquired by the previous Rajapaksa regime, President Maithripala Sirisena and Prime Minister Ranil Wickremasinghe did not have the political will to bring it to fruition in any meaningful way.

This situation paved the way for the 20th Amendment enacted in 2020. It allegedly crippled the whole audit process that was there to ensure accountability and transparency to public financial transactions. A Parliamentary Council was to be introduced that could make observations regarding appointments to independent commissions. However, the president wielded total discretion in making those appointments. Later, the 21st Amendment was enacted to restore the executive presidency’s powers and perks taken away by the 19th Amendment.

Then the 22nd Amendment was brought intending to reduce certain powers granted to the president under the 20th Amendment by re-establishing a Constitutional Council. It, too, allowed the president to hold defence and any other portfolio he wished to hold. However, it did not significantly impact the powers vested in the President, as was evident from the now-President Ranil Wickremesinghe’s unpresidential behaviour during the last two years. Failure to curtail the excessive power in the executive presidency has proven to be disastrous for the country’s economy and the rule of law.

ශ්‍රී ලංකාව ආර්ථික, දේශපාලනික සහ සංස්කෘතික වශයෙන් බහුවිධ අර්බුදවලට මුහුණ පා සිටී. ආණ්ඩුව මේ සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය රටේ අනාගතයට තීරණාත්මක වන්නේය. අසාර්ථක ඒකීය ආණ්ඩු ක්‍රමය, විශේෂයෙන්ම විධායක ජනාධිපති ක්‍රමයේ අධික බලතල සීමා කළ යුතුව තිබේ. අපට අර්බුදයෙන් ගොඩ එන්නට අවශ්‍ය වන්නේ නම් බලය පැවරීම මෙන්ම විධායකය, අධිකරණය, පාර්ලිමේන්තුව, නිලධරය සහ කලාප අතර වඩා සමතුලනයක් ඇතිකර ගැනීම පිළිබඳව ද යලි සාකච්ඡාවට ලක් කළ යුතුව ඇත.

මෙම ලිපිය දෙස බැලිය යුත්තේ මෙම පෘථුල දෘෂ්ඨියෙන් යුතුව යි. කෙසේ වෙතත්, නව ලිබරල්වාදය යටතේ අර්බුදවලින් වෙළී තිබෙන අධිකාරවාදී ධනේශ්වර පාලන ක්‍රමවලට මුක්කු ගැසීම සඳහා බහුවිධ සමාජවල පවතින වෙනස්කම් යොදා ගන්නා බව සැලකිල්ලට ගැනීම හැරුණු විට, මෙම ලිපිය ජාතික ප්‍රශ්නයට පාදක වන පන්ති පදනමින් යුත් කරුණු කෙරෙහි අවධානය යොමු නොකරයි. – ආචාර්ය ලයනල් බෝපගේ

ආචාර්ය ලයනල් බෝපගේ ශ්‍රී ලංකාව – ජාතිය ගොඩනැගීම, බලය පැවරීම සහ 13 වැනි සංශෝධනය යන ලිපිය ඉංග්‍රීසි පරිවර්තනයද පහතින් දක්වා ඇත.

ජාතිය ගොඩනැගීම

ජාතිය ගොඩනැගීම විප්ලවීය හා එක රැයෙන් සිදු කරන ක්‍රියාවලියකට වඩා ක්‍රමයෙන් විකාෂයට පත් වෙන දිගුකාලීන ක්‍රියා මාර්ගයක් වන්නේය. එය දියුණු වී වර්ධනය විය යුත්තේ අභ්‍යන්තර ක්‍රියාවලියක් කරන ‌කොට ගෙන මිස බාහිර මැදිහත්වීමක් හෝ ආරෝපිත න්‍යාය පත්‍රයක් මගින් නොවේ. ආර්ථික, සමාජීය සහ දේශපාලනික වර්ධනයක් මෙන්ම ජනයාගේ සහ ජන ප්‍රජාවන්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරන ආයතනද ඊට අවශ්‍ය වේ. මෙයට අමතරව, ජාතිය ගොඩනැගීමේ පරිශ්‍රමය සඳහා කරන අනෙකුත් කටයුතු අතර රැකියා, අධ්‍යාපනය සහ සෞඛ්‍ය සඳහා සම ප්‍රවේශයක් ලබා දීම ද සහතික කළ යුතුය.

දිගු-කාලීනව ප්‍රජාතන්ත්‍රවාදී ජාතිය ගොඩනැගීම සාර්ථක වන්නට නම්, හුදෙක් ආර්ථික සංවර්ධනය හෝ රාජ්‍ය ගොඩනැගීම පමණක් අවධාරණය කරනවා වෙනුවට, අප ප්‍රජාතන්ත්‍රවාදී සාරධර්ම වර්ධනය කර පවත්වා ගෙන යන සිවිල් ක්ෂේත්‍රය තුළ ඒ සාරධර්මවල ඇති වැදගත් කම හඳුනා ගත යුතුය. මෙම තීරණාත්මක ප්‍රශ්නය පිළිබඳව තිබෙන කිසියම් සැබෑ අදහසක් වේ නම් එය කප්පාදු කොට දේශපාලන ප්‍රභූ පැලැන්තියෙන් අපට දැනට ලැබී ඇත්තේ යල් පැන ගිය වචන සමූහයක් පමණකි.

විමධ්‍යගතකරණය

විමධ්‍යගතකරණය ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ප්‍රතිපත්තියක් ලෙස වැඩි වැඩියෙන් දෘශ්‍යමාන වේ. ජනතා අවශ්‍යතාවලට ප්‍රතිචාර දැක්වීම සඳහා අව්‍යාජ ලෙස බලය දරන ආයතනවලට තමන්ගේම නායකයන් සහ නියෝජිතයන් තෝරා පත් කර ගැනීමට ඇති හැකියාව යහපාලන සම්ප්‍රදායකට අවශ්‍ය වේ. ඒ වෙනුවෙන් සටන් වදින බිම් මට්ටමේ ව්‍යාපාර මතු වී තිබේ. මෙය පුදුමයට කාරණයක් නොවන්නේ වත්මන් ආර්ථීක අර්බුදය විසින් සනාථ කොට ඇති අන්දමට මාන්නක්කාර මධ්‍යම ආණ්ඩුවකට ජනතා අවශ්‍යතාවයන් සපුරා ලන්නට යලි යලිත් නොහැකි වී ඇති හෙයිනි.

දේශපාලන විමධ්‍යගතකරණයෙන් තීරණ ගැනීමේ ක්‍රියාවල නිරත වෙන පුරවැසියන් හෝ ඔවුන්ගේ නියෝජිතයන් බල ගැන්විය හැකිය. ශ්‍රී ලංකාව වැනි බහුවිධ සමාජවලට වඩාත්ම අදාළ වන පරිදි, වැඩි සහභාගීත්වයක් විසින් වඩා දැනුවත් හොඳ තීරණ ගැනීමට මඟ පෙන්වනු ඇතැයි උපකල්පනය කෙරේ. දේශපාලන විමධ්‍යගත කිරීම හේතුවෙන් පුරවැසියෝ තම නියෝජිතයන් වඩාත් හොඳින් දැන ගන්නා අතර අනෙක් අතට, ඒ නියෝජිතයෝ සිය ඡන්දදායක අවශ්‍යතාවයන් සහ අභිලාෂයන් ගැන වඩාත් හොඳින් සැලකිලිමත් වෙනවා ඇත. මක් නිසාද යත්, විමධ්‍යගතකරණය හේතුවෙන් ඇතැම් මහජන රාජකාරි සැලසුම් කිරීම, මූල්‍යකරණය කිරීම සහ කළමනාකරණය කිරීම පිළිබදව පවතින වගකීම, වැඩිමනත් ලෙස ප්‍රාදේශීය බවටත්, වග වෙන බවටත් පත් කරවමින්, කේන්ද්‍රයේ හා එහි නියෝජිත ආයතනවල සිට කලාපීය ආයතන වෙත පවරා දෙන හෙයිනි. එකිනෙකාටම ආවේණික වන ගුණාංග අන්තර්ගත වන අව-සංකේන්ද්‍රනය, අභිනියොජනය සහ අධිකාරී බලය පැවරීම මඟින් මෙය සාක්ෂාත් කර ගත හැකි වේ.

මධ්‍යගතකරණය සහ විමධ්‍යගතකරණය “එකක් හෝ අනික” වැනි රංගනයක් විය යුතු නැති බව සඳහන් කළ යුතු වේ. මධ්‍යගතකරණයේ සහ විමධ්‍යගතකරණයේ යෝග්‍ය තුලනයක් මගින් ඵලදායී මෙන්ම කාර්යක්ෂම ලෙස රජයේ සේවා සැපයීම සහතික කළ හැකි බව ලොව පුරා ප්‍රායෝගික උදාහරණ විසින් විදහා පා ඇත. විමධ්‍යගත කිරීමේ ප්‍රයත්නයන් ප්‍රවර්ධනය කිරීමත් පවත්වාගෙන යාමත් සඳහා මධ්‍යම ආණ්ඩුවලට තීරණාත්මක මෙහෙවරක් ඉටු කළ හැකිය. මෙය සිදු කළ හැක්කේ විමධ්‍යගත කිරීමට අවශ්‍ය, සුදුසු මෙන්ම ඵලදායී ජාතික ප්‍රතිපත්ති සහ විධිවිධාන සකස් කිරීමෙනි; එසේ කලාපීය, පළාත්බද සහ ප්‍රාදේශීය ඒකකවලට අළුත් කාර්යයන් පවරා ගැනීම සඳහා වැඩි වගකීම් දරන්නට ඉඩකඩ සලසා දෙමින් අවශ්‍ය අන්දමේ ශක්තිය ලබා දෙන පරිසරයන් බිහි කිරීමෙන් හෝ පවත්වාගෙන යාමෙනි.

සමස්තයක් ලෙස, විමධ්‍යගතකරණය සඳහා ගන්නා අව්‍යාජ පරිශ්‍රමයන් මගින් අපහසු නිලධරවාදී අධිකාරය කප්පාදු කළ හැකිය. එමඟින් ප්‍රාදේශීය සහ ජාතික රාජ්‍ය සේවකයන්ව ප්‍රාදේශීය තත්ත්වයන් සහ අවශ්‍යතා පිළිබඳව වඩාත් සංවේදී බවට පත් කරන්නට හැකි වේ. විමධ්‍යගතකරණය හොඳින් සිදු කළහොත් බහුවිධ සමාජවල හමු වන විවිධ දේශපාලන, වාර්ගික, ආගමික සහ සංස්කෘතික කණ්ඩායම්වලට තීරණ ගැනීමේ ක්‍රියාවලියන් තුල දේශපාලන නියෝජනය සඳහා ඉඩකඩ ලබා දිය හැකිය. පුරවැසියන්ට ප්‍රාදේශීය මට්ටමින් වඩා හොඳ රජයේ වැඩසටහන් වලට ප්‍රවේශ වන්නට ඉඩකඩ ලබා දෙන හෙයින් වඩා හොඳ දේශපාලන ස්ථාවරත්වයක් මෙන්ම ජාතික සමගිය ද ඇති කිරීම සඳහා ඊට දායක විය හැකිය. විවිධ ජනවාර්ගික සහ කලාපීය කණ්ඩායම් වෙත යම් ස්වාධිපත්‍යයක් මෙන්ම සිය ඉරණම තීරණය කරන පාලනයක් ඔවුන්ට ලබා දීමේ මාර්ගයක් වශයෙන් ප්‍රජා පාලන වගකීම්වල ඇතැම් අංග මධ්‍යම ආණ්ඩුවේ සිට ප්‍රාදේශීය ආණ්ඩුව වෙත විමධ්‍යගත කරමින් වැඩෙන රටවල් සංඛ්‍යාවක් විසින් ෆෙඩරල් ක්‍රම යොදා ගෙන ඇත.

කිසිදු ආකාරයක දේශපාලන බලය බෙදා හදා ගැනීමෙකින් ජනතාව බැහැර කර තැබුව හොත් ඔවුන් විසින් පවතින ක්‍රමයේ නීත්‍යානුකූලභාවය අභියෝගයට ලක් කරන්නට වැඩි ඉඩක් ඇති බවට දකුණේ නැඟිටීම් දෙකත්, උතුරේ දශක තුනක සන්නද්ධ ගැටුමත් නිදසුන් වෙති. සන්ධියවාදය (Federalism) හෝ බලය පැවරීම (devolution) යනු විවිධ දේශපාලන ආයතන අතර ඒවායේ ජනවාර්ගික හෝ කලාපීය බැඳීම් නොසලකා බලය බෙදා හදා ගැනීමේ මාර්ගයකි. ජයග්‍රහණ මෙන්ම අසීරුකම් අපක්ෂපාතී ලෙසත් සාධාරණ ලෙසත් බෙදා හදා ගන්නේ නම් ප්‍රජාතන්ත්‍රවාදය වඩා හොඳින් නොනැසී පවතිනවා ඇත.

වත්මන් දේශපාලන ක්‍රමය පදනම්ව ඇත්තේ එක් දේශපාලන පක්ෂයක් හෝ කණ්ඩායමක් විසින් ඒකාධිකාරී ලෙස සියළුම වරප්‍රසාද සහ ආර්ථික ප්‍රතිලාභ හිමි කර ගනු ලබන ‘ජයග්‍රාහකයා සියල්ල අත්පත් කර ගැනීමේ’ ක්‍රමය මත යි. ඊට වෙනස් අන්දමට, බලය පැවරීම විසින් විවිධ ජනවාර්ගික හා කලාපබද කණ්ඩායම්වලට වඩාත් ආරක්ෂිත හැඟීමක් ඇති කරවමින් ඔවුන්ට තමන්ගේම කටයුතු පිළිබඳව තීරණ ගන්නට හැකියාවක් ලබා දෙයි. ඔවුන්ට පවතින ක්‍රමය කෙරෙහි වැඩි විශ්වාසයක් හා කැපවීමක් මෙන්ම ඒ ක්‍රමය සාධාරණ හා අන්තර්ග්‍රාහී එකක්ය යන බවට පොදු හැඟීමක් ද ඇති කර ගත හැකිය.

බලය පැවරීම

ඓතිහාසික ලෙස ගත් විට, ශ්‍රී ලංකාවේ ආණ්ඩු නැඹුරුව ඇත්තේ සියළු බලතල මධ්‍යගත කිරීම වෙත යි. එහෙත්, 20 වැනි සියවස අගභාගයේදී, ප්‍රාන්ත, කලාපීය, පළාත් සහ/හෝ පළාත් පාලන ආයතන වැනි පර්යන්තමය පාලන ආයතනවලට බලය පැවරීම මගින් මධ්‍යම ආණ්ඩුවල බලය අඩු කර ලීම සඳහා වන ගෝලීය ප්‍රවණතාවයේ වැඩි වීමක් දක්නට ලැබිණ. යුරෝපයේ, ආසියාවේ, අප්‍රිකාවේ සහ ලතින් ඇමරිකාවේ බොහෝ රටවල් සිය බහුවිධ ප්‍රජාවන් බල ගැන්වීම සඳහා විවිධ අන්දමේ බලය පැවරීමේ ක්‍රියාමාර්ග යොදා ගෙන තිබේ. මේ සම්බන්ධයෙන් 1980 ගණන්වල ප්‍රංශයත් 1990 දශකයේ අග භාගයේ එක්සත් රාජධානියත් වඩාත්ම සුදුසු උදාහරණ වේ. ප්‍රංශය අතිශයින්ම මධ්‍යගත රාජ්‍යයක් විය. වාර්ෂික අයවැයවල සිට වීදි හා පාසල් නම් කිරීම දක්වා වූ කලාප, පරිපාලන ඒකක සහ සාමූහික වල සියළුම තීරණ මධ්‍යම ආණ්ඩුව විසින් අධීක්ෂණය (tutelle) නමැති ක්‍රමයක් යටතේ අනුමත කළ යුතුව තිබිණි. පර්යන්ත විසින් මධ්‍යම ආණ්ඩුවට එල්ල කරන ලද බලපෑම හේතුවෙන් ෆ්‍රොන්ස්වා මිතරොංගේ පාලනය (1981-95) ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ දී අවශ්‍ය කර තිබූ අනුමත කිරීම් බහුතරයක් ඉවත් කර දැමීය.[i]

ස්කොට්ලන්තය සහ වේල්සය සිය කටයුතු පිළිබඳව වැඩි පාලනයක් ඉල්ලා සිටීම හේතුවෙන් බලය පැවරීම 1970 ගණන්වල මුල් භාගයේදී එක්සත් රාජධානියේ ප්‍රධාන දේශපාලන ප්‍රශ්නයක් බවට පත් විය. බලය පැවරීම සඳහා ඇති ජනතා කැමැත්ත නිශ්චය කිරීම සඳහා 1979 දී ජනමත විචාරණයක් පවත්වන ලදී. ඡන්දදායකයන් පහෙන් දෙකක බහුතරයකින් එය අනුමත කරන්නට අවශ්‍ය වූ නමුත් වේල්සයේ සහ ස්කොට්ලන්තයේ ඡන්දදායකයෝ එය ප්‍රතික්ෂේප කළහ. එහෙත්, 1999 දී ටෝනි බ්ලෙයාගේ පාලනය යටතේ බලය පවරා දෙන ලදුව, ස්කොට්ලන්තයට පාර්ලිමේන්තුවක් ද, පසුව වේල්සයට වේල්ස් සභාවක් ද හිමි විය. 1998 මහ සිකුරාදා ගිවිසුම උතුරු අයර්ලන්තයට තමන්ගේම වන පාර්ලිමේන්තුවක් ලබා දුන්නේය.[ii]

ශ්‍රී ලංකාවේ බලය පැවරීමට යෝජනා කරන අය පළාත්වලට යොදා ගත හැකි, පැහැදිලිව නිර්වචනය කරන ලද බලතල ඉල්ලා සිටිති. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් පැවති පසුගිය පාලනය යටතේ ගෙන ගිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අතරතුර ‘දකුණු’ පළාත් හතේ ප්‍රධාන ඇමතිවරු 13 වැනි සංශෝධනය යටතේ අපේක්ෂා කළ පරිදි නිසි බලය පැවරීමක් කරන ලෙස ඉල්ලා සිටියහ. එහෙත් මේ කිසිවක් පල දැරුවේ නැත.

ඓතිහාසික ප්‍රවේශයක්

ශ්‍රී ලංකාවේ බලය පැවරීම යනු මඟ හැරී ගිය අවස්ථාවන් පිළිබඳ කතාන්දරයකි. 2009 දී සන්නද්ධ ගැටුම අවසන් වූවද, දේශපාලන ගැටුම තවමත් එසේම පවතී. එම ගැටුම සමථයකට පත් කළ හැක්කේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන රාමුවක් තුළ සියළු ප්‍රජාවන් සමඟ රාජ්‍ය බලය බෙදා හදා ගැනීමෙන් පමණි. රට තුල මෙන්ම විදේශගතව වසන බොහෝ ශ්‍රී ලාංකිකයින්ට මෙම අවශ්‍යතාවය පිළිබඳව තවමත් ඒත්තු ගැන්විය යුතුව ඇත.

ශ්‍රී ලංකාව බොහෝ ලෙස එකතැන ඇණහිට තිබෙන ඒකීය රාජ්‍යයකි. ශ්‍රී ලංකාව රාජ්‍ය අංශයේ අයථා පරිහරණය සහ දූෂණය අතින් ඉහළින්ම තිබෙන රට වශයෙන් පෙළ ගස්වා ඇති බව 2018 දී හිටපු විගණකාධිපතිවරයෙකු ප්‍රකාශ කර සිටියේය. රටේ පාර්ලිමේන්තු ක්‍රමය විසින් ප්‍රතිපත්ති සකස් කිරීමේ, නීති පැනවීමේ හා විනිවිද පෙනෙන රාජ්‍ය මූල්‍ය ක්‍රම පද්ධති ක්‍රියාත්මක කිරීමේ මූලික වගකීම් පැහැර හැර තිබේ. සාවද්‍ය තොරතුරු සහ රැවටීමට ලක් කිරීම හේතුවෙන් කරුණු නොදත් පොදු ජනතාව, අත්තනෝමතික පාලනය පවත්වාගෙන යෑම සඳහා ‘නීතියේ ආධිපත්‍යය’ වෙනුවට ‘නීතිය මඟින් පාලනය කිරීම’ යොදා ගන්නා වංචනිකයන් යලි යලිත් තෝරා පත්කර ගෙන ඇත.

මේ සියල්ල මෑත කාලයේ දී ජනතාවට ව්‍යසනකාරී ප්‍රතිවිපාක ගෙන ආවේය. 2022 දී, ‘අරගලය’ විරෝධතා විසින් අවසන් වරට තේරී පත් වූ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා බලයෙන් පහ කර දමන ලදි. අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල පවතින උග්‍ර හිඟයත් ණය ගෙවීම පැහැර හැරීමත් සමඟින් රට බහුවිධ අර්බුදයකට මුහුණ පා ඇත. පදවියට පත් කරන ලද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දෙන ලද සහතික කිරීම් තිබියදීත්, බොහෝ දෙනා තවමත් දරුණු ලෙස පීඩා විඳිති. රට හැර යා හැකි අය වඩා සරු බිම් සොයා රංචු පිටින් පිටත්ව යමින් සිටිති.

පාසල් සහ රෝහල්වල සිට අධිකරණ පද්ධතිය සහ උපයෝගිතා සේවා දක්වා රටේ පරිපාලන කටයුතු බොහොමයක් බරපතල ලෙස ඇනහිට තිබේ. පසුගිය දශක හතර පුරා රජයමින් පැවති දූෂණය, අවකළමනාකරණය, නාස්තිය, දේශපාලන අනුග්‍රහයත්, විනිවිදභාවය සහ වගවීම නොමැති වීමත් විසින් ඒකාබද්ධ ආර්ථික හා දේශපාලන ගිනි කුණාටුවකට දායකත්වය සපයා ඇත. අර්බුදය දෑවැන්ත ලෙස උග්‍ර කිරීමට වගකිව යුතු රාජපක්ෂවරු තමන් පදවිප්‍රාප්ත කළ ජනාධිපතිවරයාට උපක්‍රමශීලීව සහය වෙමින් යලි බලය ඩැහැ ගැනීමට මාන බලා සිටිති.. ඔවුහු සමාජය භේද භින්න කොට බලය අල්ලා ගැනීමට ඔවුන්ට යොදා ගත හැකි ඕනෑම අවස්ථාවක් සහ සම්පත් යොදා ගනිමින් තම ස්වෝත්තමවාදී මූලධර්මවාදී පදනම් යළි ගොඩනඟමින් සිටිති.

දිස්ත්‍රික් සංවර්ධන සභා – ඉතිහාසයක්

1977 දී ජේ ආර් ජයවර්ධන පාලනය විවෘත ආර්ථිකයක් හඳුන්වා දී වාණිජ ඵලප්‍රයෝජන සඳහා පුද්ගලික අංශය ප්‍රබෝධමත් කිරීමට අවස්ථාව ලබා දුන්නේය. කෙසේ වෙතත්, ප්‍රසාරණය වන ආර්ථිකය ලබා දුන් සාධනීය ප්‍රතිඵල භුක්ති විඳීමට සාමාන්‍ය ජනතාවට අවස්ථාව ලබා නොදීම හේතුවෙන් මෙය සමාජ ප්‍රතිවිරෝධතාවයන් උත්සන්න කර ලීය. විශේෂයෙන්ම සිංහල බහුතර ජනගහණයෙන් බොහෝ දෙනෙකුට හැඟුණේ තමන් අත හැර දමා ගොස් ඇති බවය. ආර්ථිකය එක රැයෙන් ජාත්‍යන්තර තරගයට විවෘත කිරීම නිසා ඊසානදිග දෙමළ ජනතාවද කලකිරීමට පත් වූහ. මිරිස්, ළූණු, ප්‍රධාන ආහාර ආදිය ඉන්දියාවෙන් ආනයනය කිරීම නිසා ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය – කෘෂිකර්මාන්තය විනාශ කර ලීය. ඔවුහු සමාජයේ ඉහළට යාම සඳහා වඩා හොඳ අවස්ථාවන් ද, දේශීය ඵලදායිතාවයේ වර්ධනයෙන් වඩා වැඩි කොටසක් ද ඉල්ලමින් සිටියහ.

මෙම ඉල්ලීමේ ඉතිහාසය දෙවන පෙළ ආණ්ඩු ක්‍රමයක් ඇති කිරීමේ හැකියාව පිළිබඳව සාකච්ඡා කළ 1926 ව්‍යවස්ථාදායක සභාවේ කාල සීමාව දක්වා දිවේ. 1928 ඩොනමෝර් කොමිෂන් සභාවේදී ද මෙම ප්‍රශ්නය යළි සාකච්ඡා කරන ලදි. රට පාලනය කිරීමේ මහා පරිමාණ කටයුතු කෙරෙහි අවධානය යොමු කරන්නට මධ්‍යම ආණ්ඩුවට ඉඩ හරිමින් එය යටතේ සිදු කෙරෙන බොහෝ පරිපාලන කටයුතු වඩාත් සෘජු ලෙස පළාත් බද මට්ටමින් සිදු කළ හැකි වන පරිදි බලතල විමධ්‍යගත කිරීමේ අවශ්‍යතාවය කොමිෂන් සභාව හඳුනාගෙන තිබිණි. කොමිෂන් සභාව පළාත් සභා සඳහා සිය යෝජනා ද ප්‍රකාශයට පත් කළේය. “දිවයිනේ විවිධ ප්‍රදේශවල ප්‍රමුඛව සිටින විවිධ ජන වර්ගවල විශේෂ අදහස්” “මෙම ප්‍රදේශ පරිපාලනය කිරීමේදී” බලපෑමක් ඇති කළ හැකි බව ද ඒ යෝජනාවලින් අදහස් ‌කෙරිණි. අවාසනාවකට, පළාත් සභා සම්බන්ධ නිර්දේශ ක්‍රියාත්මක නොකරන ලදි. පළාත් හෝ දිස්ත්‍රික්කවල අය සමඟ තම අධිකාරි බලය බෙදාහදා ගැනීමට අකමැති දේශපාලනඥයන්ගේ සහ නිලධාරීන්ගේ විරෝධය නිසා මෙසේ වූවා විය හැකිය.

දෙමළ ප්‍රජාවේ විශාල කොටසකට වැඩි වැඩියෙන් හැඟී ගියේ ඔවුන්ගේ ස්වයං නිර්ණ අයිතිය ආමන්ත්‍රණය කිරීම සඳහා තිබෙන එකම ඵලදායි විසඳුම වූයේ දෙමළ ඊළම යනුවෙන් තමන්ගේම වන ස්වතන්ත්‍ර රාජ්‍යයක් පිහිටුවීම බවයි. මේ සඳහා ඔවුහු 1977 අගෝස්තු මස පැවැත්වූ මහ මැතිවරණයේ දී ඔවුන්ගේ දේශපාලන නායකත්වය වූ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ (TULF) වෙත ඉතා ප්‍රබල ජන වරමක් ලබා දුන්හ. සමාජයීය, ආර්ථික හා දේශපාලනික වශයෙන් රට අවුල් සහගත මෙන්ම කැඩී බිඳී යන තත්ත්වයකට මුහුණ දෙමින් සිටියේය. ජයවර්ධන පාලනය තම අණසක වළංගු කිරීම සඳහා වැඩි වැඩියෙන් අධිකාරවාදී ක්‍රම කෙරෙහි යොමු විය. 1981 දී ජයවර්ධන පාලනය බලය බෙදීම සඳහායයි පැවසූ මෙවලමක් වශයෙන් එක් එක් පරිපාලන දිස්ත්‍රික්කයක් සඳහා දිස්ත්‍රික් සංවර්ධන සභා (District Development Councils) පිහිටුවා ලීය.

එසේ වුවත් දිස්ත්‍රික් සංවර්ධන සභා දේශපාලනික වශයෙන් බල රහිත විය. ඔවුන්ට ක්‍රියාත්මක වීම සඳහා ඉඩ සළසන පරිදි වෙනම පරිපාලන යාන්ත්‍රණයක් පිහිටුවා නොතිබූ හෙයින් තම බල ප්‍රදේශයට අදාළ කරුණු කාරණාවලදී එවාට ස්වාධීනව මැදහත් වන්නට ඔවුන්ට නොහැකි විය. එබැවින්, දිස්ත්‍රික් සංවර්ධන සභාවල වැඩ කටයුතු සිදු කිරීම සඳහා පළාත් පාලන හා මධ්‍ය ආණ්ඩුවේ රාජ්‍ය ආයතනවල නිලතන්ත්‍රය සහ සම්පත් මත යැපෙන්නට දිස්ත්‍රික් සංවර්ධන සභාවලට සිදු විය.[i] ප්‍රායෝගික ලෙස ගත් විට, මෙම ක්‍රම පද්ධතිය විසින් දේශපාලන පක්ෂ අනුග්‍රාහකත්වය ගොනු කොට නොනවත්වා පවත්වා ගැනීමට තවත් රාජ්‍ය ස්ථරයක් නිර්මාණය කරන ලද අතර, සිංහල දේශපාලන ප්‍රභූ පැලැන්තියට දිස්ත්‍රික් පරිපාලනය තුළ වැඩි බලපෑමක් ඇති කර ගන්නටද උපකාරී වූයේය.[ii] මීට අමතරව, එවකට පැවති රජයේ ඇමතිවරු තම බල ප්‍රදේශයට අයත් කටයුතුවලට අවහිර කරමින් දිස්ත්‍රික් සංවර්ධන සභා මැඩ පවත්වා ලූහ. ජනතා විමුක්ති පෙරමුණේ (JVP) අත්දැකීම අනුව ගතහොත්, මූල්‍ය කළමණාකරනය කිරීමේ බලතල කිසිවක් දිස්ත්‍රික් සංවර්ධන සභා සතුව නොතිබුණි. යාපනය දිස්ත්‍රික් සංවර්ධන සභාවේ නොහැකියාව ගැන කලකිරුණු එහි සභාපතිවරයා 1983 ජූලි මාසයේදී ඉන් ඉවත් ව ගියේය.[iii]

බණ්ඩාරනායක-චෙල්වනායගම් (B-C) ගිවිසුමත්, ඩඩ්ලි-චෙල්වනායගම් (D-C) ගිවිසුමත් ඒකපාර්ශ්විකව අවලංගු කර දැමීමෙන් පසු බලය පවරා දීමට ඉඩ සැලසූ පළමු ප්‍රතිකරණය පනවන ලද්දේ 1987 දී ඉන්දීය රජයේ අනුග්‍රහයෙනි. ඒ කාලයේ පටන් දශක තුන හමාරකට ආසන්න කාලයක් දහතුන්වන සංශෝධනය සපුරා ක්‍රියාත්මක නොකොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවත්වා ගෙන ගොස් ඇත. ජයවර්ධන පාලනයේ පටන් පැවති සියළුම පාලන තන්ත්‍ර විසින් ඉඩම් හා පොලිස් බලතල මුළුමණින් පාලනය කිරීම නිශ්චිතවම තමන් වෙත නතු කර ගෙන සිට ඇත. පළාත් සභාවල මූල්‍ය බලතලවලට පවා ඔවුහු බරපතළ ලෙස අවහිර කළහ. මෙසේ කරන ලද්දේ පළාත් සභාවලට අදාළ ප්‍රදේශ සම්බන්ධයෙන් තමන් සතුව කිසිදු ආකාරයක සැබෑ පරිපාලන ක්‍රමයක් නොමැති බවටත්, අත්‍යාවශ්‍ය කරන දේවල් මිලදී ගන්නට පවා ප්‍රමාණවත් මුදලක් ඒ සභා සතුව නොමැති බවටත් පළාත් සභා විසින් බොහෝ සේ පැමිණිලි කර තිබියදීය.

ව්‍යවස්ථා සංශෝධනවල ඉතිහාසය

දැනට රටේ විධායකය, ව්‍යවස්ථාදායකය, පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල තේරී පත් වූ සහ නම් කරන ලද නියෝජිතයින් 10,000 ක් පමණ සිටිති. ඔවුහු මුළු රටේම සමාජ-ආර්ථික, දේශපාලන සහ බහු සංස්කෘතික ප්‍රශ්න ආමන්ත්‍රණය කිරීමට නියමිතව සිටිති. එසේ වුවද, පාලන ක්‍රම පද්ධතිය සම්පූර්ණයෙන්ම අසාර්ථක බවට පත්ව ඇත. අධිකාරීවාදී, මධ්‍යගත කරන ලද, වග වීම් විරහිත පාලන ක්‍රම පද්ධතිය, අර්බුදයෙන් අර්බුදයට ගමන් කරමින්, වත්මන් බහු අර්බුදය වෙත රට ඇද දමා ඇත. මේ ක්‍රම පද්ධතිය දූෂණය, නාස්තිය, අවකළමනාකරණය සහ පාලක පැලැන්තිය රැක ගැනීම වෙනුවෙන් භීෂණය හා ප්‍රචණ්ඩත්වය යොදවන අයට දණ්ඩමුක්තිය ලබා දීම හා එක්ව යයි. රටේ හැම අස්සක් මුල්ලක් නෑරම මෙම අවමානය සහ මරණාසන්න බව නොකඩවා පැතිර පවතී.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට කරන ලද අවසන් සංශෝධන හතර අපි විමසා බලමු. 2015 දී තේරී පත් වූ යහපාලන ආණ්ඩුව 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කළ නමුත් එය ප්‍රමාණවත් වගකීමකින් යුක්තව ඉක්මණින් ක්‍රියාත්මක කිරීමට මුළුමණින් කැපවී සිටියේ නැත. පෙර පැවති රාජපක්ෂ පාලනය විසින් අත්පත් කර ගන්නා ලද අත්තනෝමතික බලතල අහෝසි කරන බවට 2015 දෙන ලද මැතිවරණ ප්‍රතිඥා තිබියදීත්, එම සංශෝධනය කිසිඳු අර්ථාන්විත ආකාරයකින් ක්‍රියාත්මක කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට දේශපාලන කැමැත්තක් තිබුණේ නැත.

මෙම තත්වය 2020 දී සම්මත කරන ලද 20 වැනි සංශෝධනයට මග පෑදීය. එයින් රාජ්‍ය මූල්‍ය ගනුදෙනු පිළිබඳව වගවීම සහ විනිවිදභාවය සහතික කිරීම සඳහා වූ සමස්ත විගණන ක්‍රියාවලිය අඩපණ කළ බව කියනු ලැබේ. ස්වාධීන කොමිෂන් සභාවලට කරන පත් වීම් සම්බන්ධයෙන් නිරීක්ෂණ කළ හැකි පාර්ලිමේන්තු මණ්ඩලයක් හඳුන්වාදීමට නියමිතව තිබුණි. එසේ වුවද, ජනාධිපතිවරයා එම පත් වීම් සිදු කිරීමේදී මුළුමණින් සිය අභිමතය අනුව කටයුතු කළේය. පසුව 19 වැනි සංශෝධනයෙන් ඉවත් කළ විධායක ජනාධිපති ධුරයේ බලතල සහ වරප්‍රසාද යළි ලබාදීම සඳහා 21 වැනි සංශෝධනය බලාත්මක කරන ලදි.

ඉන්පසු 22 වැනි සංශෝධනය ගෙන එන ලද්දේ ව්‍යවස්ථා සභාවක් නැවත ස්ථාපිත කිරීමෙන් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ ජනාධිපතිවරයාට ලබා දී ඇති ඇතැම් බලතල අඩු කිරීම අරමුණු කර ගනිමිනි. එය ද ජනාධිපතිවරයාට ආරක්‍ෂක කටයුතු සහ ඔහු දරන්නට කැමති වෙනත් ඕනෑම අමාත්‍ය ධුරයක් දරන්නට ඉඩ ලබා දුන්නේය. කෙසේ වෙතත්, එයින් ජනාධිපතිවරයාට පැවරී තිබෙන බලතලවලට සැලකිය යුතු බලපෑමක් සිදු නොකළ බව පසුගිය දෙවසර අතරතුර වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිමය නොවන චර්යාවෙන් පැහැදිලි විය. විධායක ජනාධිපති ක්‍රමය සතුව ඇති අධික බලය කප්පාදු කිරීමට අපොහොසත් වීම රටේ ආර්ථිකයට සහ නීතියේ ආධිපත්‍යයට විනාශදායක වී ඇති බව සනාථ වී තිබේ.

[i] Reiter R, Grohs S, Ebinger F, Kuhlmann S and Bogumil J 2010, Impacts of decentralization: The French experience in a comparative perspective, Ruhr-Universität; Published in French Politics 8(2010), 2, 166-189, Available at: https://d-nb.info/1078649812/34

[ii] Baldersheim H 2009, Decentralisation in practice: European patterns and experiences, Ministry of Public Administration and Local Self Government, Available at: https://www.undp.org/sites/g/files/zskgke326/files/migration/rs/UNDP_SRB_Decentralisation_in_practice-European_Patterns_and_Experiences.pdf

[i] De Alwis, R. K. 2009, History of and Prospects for Public Sector Reforms in Sri Lanka. 209, Unpublished PhD thesis, Victoria University of Wellington, Cited in Jayasundera S 2022, An uneasy hegemony: Politics of State Building and Struggles for Justice in Sri Lanka, 173, Cambridge University Press.

[ii] Ibid, 175

[iii] Sivathasan S 2013, Jaffna Development Council Election 1981, available at: https://www.colombotelegraph.com/index.php/jaffna-development-council-election-1981/

Sri Lanka – Nation Building, Devolution & The 13th Amendment

Top