පසුගිය පෙබරවාරියේ අප අනාවරණය කල පරිදිම ජනතා විමුක්ති පෙරමුණේ අභ්‍යන්තර අර්බුදයේ තවත් පිපිරීමකින් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක මෙන්ම වත්මන් ජාත්‍යන්තර කටයුතු භාරව සිටි සෝමවශ අමරසිංහ මහතා අද ජනතා විමුක්ති පෙරමුණේන් ඉල්ලා අස් වුනා.

අද සවස පැලවත්ත ප‍්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු සදහන් කර ඇත්තේ තමන් නිවැරදි මග ගත් නව පක්ෂයක් ආරම්භ කරන බවටත් ඉඟියක් පලකර තිබේ.

මේ අතර මාධ්‍ය හමුව අවසන් විමත් සමග මාධ්‍යවේදීයෙකු අමරසිංහ මහතාට ප්‍රශ්ණ කිහිපයක්ම යොමුකර ඇති අතර එයට පිළිතුරු දෙමින් ඔහු පවසා ඇත්තේ තමන් සමග දේශපාලන මණ්ඩල සභිකයන්ගෙන් සහිත 45කට අධික ඉහළ පෙලේ පක්ෂ තනතුරු රැසක් සිටින බවයි.

රෝහන් විජේවිර ජනතා විමුක්ති පෙරමුණ ගොඩ නැගුවේ ධනේශ්වර පක්ෂ සමග මේ අකාරයේ ඩිල් දැමිමට නොවන බවද ඔහු සදහන් කර තිබේ.

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී මෙන්ම රටේ වෘත්තීය සමිති රැසකට නායකත්වය දෙන කේ.ඞී. ලාල්කාන්ත ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත්විමට තිරණය කර තිබෙන බව LNW විශේෂ වාර්තාකරු පසුගිය පෙබරවාරි 8 වැනිදා අනවරණය කළා.(ලාල්කාන්ත සීනුව අතහරි!)

මෙගා ඩීල් අනුරව පන්නනවා – JVP සගයා LNWට කතා කරයි

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top