අද බටහිරයන් අපට යෝජනා කරමින් සිටින ජහපාලනය සහ ප්‍රාදේශීය ආණ්ඩුකරණය පිළිබද ව කිසිවක් මේ FB ජහපාලන වීරයන් දන්නේ යයි කිය නො හැකි ය. ඔවුන්ට තිබෙන්නේ ජෝන් කෙරීලා කියන දේ ඒ ආකාරයෙන්ම පිළිගන්නා මන්ද බුද්ධියකි. එතැනින් එහා තිබෙන අනතුර කුමක්දැයි සිතන්න‍‍ට තරම් ස්වාධීන චින්තනයක් ඔවුන්ට නැත.

මෙය සමාන වන්නේ ආරියවංශ රණවීර කවියා වැන්නන් බටහිර රෝමන්තික (Romantic) කවිය සම්බන්ධ ව මෙරට රෝපණය කළ අදහසට ය. ඔහු වැන්නන් කළේ බටහිර අදහස් මෙරට තුළ සිංහලයෙන් පරිවර්තනය කර බෙදා හැරීම ය. මොවුන්ට අප පවසන්නේ ‘ශබ්ද විකාශන බුද්ධිමතුන්’ (Loudspeaker Intellectuals) කියා ය. එනම් කොහෙන්දෝ එන සද්දයක් ‘හඩ වැඩි කර’ කියනු විනා, වෙනත් අදහසක් කියන්නේ නැති නිසා ය.

බටහිර රෝමන්තික කවියෙන් ප්‍රකාශිත පරිසර වර්ණනා පිටුපස තිබෙන්නේ ‘දේවවාදය’ යයි අප මුලින් පවසන විට, මේ අමෙරිකන්වාදී බුද්ධිමත්තු වස්ත්‍ර උරහිසට ගෙන (රෙදි කරට ගෙන) අපට එරෙහි ව අදහස් දැක්වූහ. එහෙත් දිගින් දිගටම අප, අප‍ ගේ මතය පළ කිරීම නිසා දැන් ඒ අනුකාරක කතා ලිවීම සහ කීම නවත්වා ඇති බවක් පෙනෙන්නට තිබේ.

අප කල්පනා කළ යුත්තේ ‘අප ගේ ඉතිහාසය’ විනා, බටහිරයන් ගේ ඉතිහාසය නො වේ.

නිදර්ශනයක් වශයෙන්, විමලත්න කුමාරගම ගේ ‘අයියනායක’ පද්‍ය පන්තියෙන් පසු, ‘රෝමන්තික’ කවි ගැන කතා කරන්නට ඉඩක්, මේ රටේ කවිය ගැන වදාරන්නන්ට නැති බව දැනගත යුතු ය. බටහිරවාදී යන් තේරුම් ගත යුතු වන්නේ විද්‍යාව යනු, බටහිර විද්‍යාවම නො වන බව ය. අතීතයේ සිටි විද්‍යාචක්‍රවර්තී යනු, බටහිර විද්‍ය‍ාව කෙළ පැමිණියකු නො වන බව ය.

දැන් ප්‍රස්තුතය කතා කරමු.

අප මෑත යුගයේ ලෝක පරිමාණ ජයග්‍රහණ දෙකක් ලබා ගත්තෙමු.

01‍ 1996 ක්‍රිකට් ලෝක කුසලානය
02. 2009 යුද ජයග්‍රහණය

මේ ක්‍රීඩාව සහ යුද්ධය යනු, බටහිරයන් අප මත පැට වූ දේවල් බව අපි දනිමු. එහෙත් ඒවා ‘ඔවුන් ගේ ක්‍රමයට’ සිදු කිරීමට උත්සාහ ගන්නා තාක් අප ජයග්‍රහණ අත් කර නො ගත් බව ද දනිමු.

මේ ඓතිහාසික ජයග්‍රහණ දෙකම පිටුපස තිබෙන්නේ එකම තාක්ෂණික පදනමකි.

මේ ජයග්‍රහණ අත් කර ගන්නට පෙර, අප විසින් අනුගමනය කෙරුණේ ‘උන් ගේ ක්‍රමය’ ය. ඒ නිසාම ඒවා දිගින් දිගට පරාජයෙන් කෙළවර විණි. ‘මුලින් මෘදු ප්‍රහාර සහ පසුව දැඩි ප්‍රහාර’ (from soft corners to hard attacks) ක්‍රමය අනුගමනය කරමින් සිටි අප‍ට කවර හෝ හේතුවක් නිසා ඥානය පහළ වී තිබිණි. ‘ක්‍රමය’ වෙනස් කරන ලද්දේ ඉන්පසු ව ය.

‘මුලින් දැඩි ප්‍රහාර, පසුව මෘදු ප්‍රහාර’ (from hard corners to soft attacks) ක්‍රමය අනුගමනය කරන්නට වූ පසු අපට ජයග්‍රහණ ලැබිණි. ක්‍රිකට් ක්‍රීඩාවේ නම්, ඒ කාර්යයට අත්පොත් තැබුවේ ‘සනත්-කලු’ යුගලය ය. එකී ක්‍රමය නූතන ක්‍රිකට් ලෝකයට නව ක්‍රමවේදයක් වූ බැවින් ‘ක්‍රිකට් ලෝකයේ රජුන්’ වී සිටි ඕස්ට්‍රේලියානු සුද්දන් ‘කරකවා අතහරින ලද’ තත්ත්වයකයට මුහුණ දුන් බව පැහැදිලි ය.

2009 යුද ජයග්‍රහණය ද එවැන්නකි.

මුලින් ‘මෘදු තැන්වලට’ ප්‍රහාර එල්ල කරන ක්‍රමවේදය අනුගමනය කරමින් සිටි අපට, එයින් ද බොහෝවිට අත් වූයේ පරාජය ය. එහෙත්, ඒ ක්‍රමය වෙනස් කර, කොටියන් බලාපොරොත්තු නොවුණු ආකාරයෙන් ‘මුලින් මර්මස්ථාන’ සොයා ප්‍රහාර එල්ල කිරීම තෝරා ගත් නිසා කොටියන් අන්ද මන්ද වූ බව පැහැදිලි ය. ආනන්තපුරම් වන විට කොටි පරාජය භාර ගෙන තිබිණි‍. මාරාන්තික සටනක් නො වූ, නන්දිකඩාල් භූමියේ ‘අවසාන සටන’ ඒ ආකාරයෙන් සිදු වූයේ අප ගේ නව යුද ශිල්පය නිසා ය. එය තේරුම් ගන්නට, කොටියන්ට උදව් දුන් බටහිර රටවලට ද අපහසු විණි. අවසානය වන විට ‘ජයග්‍රහණය’ අත් පත් වූ‍යේ නො දැනී ය.

අද ජෝන් කෙරීලා ගේ පාමුළ වැටී කකුල් ලෙව කමින් ‘අපට උදව් කරන්න’ යයි පවසන්නේ එහෙව් ලෝක ජයග්‍රහණ ලබා ගත් ජාතියක නිවට ජනාධිපතිවරයෙකි. නිවට අගමැතිවරයෙකි.

ලෝකයේ සිදු වන දේ ඉංග්‍රීසියෙන් කියවන්නට නො දන්නා සිරිසේන නිසා, මේ රටේ බටහිරවාදීන්ට දැන් වැඩ කර ගැනීම පහසු වී තිබේ. සිරිසේන දන්නේ ‘සුද්දා යනු ශක්‍රයා ය’ යන නිවට අදහස පමණි. ටයිකෝට්කාරයන් යනු, ‘එසේ මෙසේ අය නො වේ’ යන වැඩවසම් ආකල්පය පමණි.

වර්තමාන ‘ප්‍රාදේශීය ආණ්ඩුකරණය’ යනු බටහිරයන් ගේ උප්පර වැට්ටියක් බව දැන ගන්නට ‘සිරස’ හෝ ‘සිඵමිණ’ කියවා දැන ගත නො හැකි ය. රනිල් ගේ කතාවලින් ද අවබෝධ කර ගත නො හැකි ය. ඒවාට ‘උන් ගේ පොත්’ කියවිය යුතු ය.

ක්‍රි.පූ. 4වැනි යුගයේ සිට මේ රට ප්‍රාදේශීය පාලනයට ක්‍රමවේද ගොඩ නගා ගෙන තිබිණි. ඒවා මේ රටට අනන්‍ය ය. ඉපැරණි සශ්‍රීකත්වය යනු එහි අග්‍ර ඵලයකි. සීගිරි කවි යනු එහි ප්‍රතිමූර්තියකි.

යටත්විජිත යුගයේදී ඒ ක්‍රම බිද දමා ‘සුද්දන් ‍ගේ ක්‍රමය’ ආරෝපණ කරන ලදි.

දෙමළ ප්‍රශ්නය උද්ගත වූයේ එතැනිනි.

අද, බටහිරයන් ඉදිරියේ කොදු කඩාගෙන නැවුණු ‘මෛත්‍රී පාලනය’ (M3) යනු, දේශජ ක්‍රමයක් නො වේ. එහි ඇත්තේ M අකුරු 3 කි.

Money
Mocking
Misleading

කුමාර ලියනගේ
යුතුකම සංවාද කවය

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top