පසුගිය දින කීපය තුල සිදු කරන්නට බලාපොරොත්තු වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පිළිබද දැඩි අවධානයකින් අප කටයුතු කරන ලද අතර මෙයට බහුතර සංඝරත්නයේත් සමස්ථ සිංහල බෞද්ධ ජනතාවගේත් දැඩි අවධානය යොමුවිය යුතු බව අවධාරනය කර සිටිමු.

 19වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනතේ 33වන නව වගන්තියක් ඇතුලත් කර සම්බුද්ධශාසනය ආරක්‍ෂා කිරීම සහා පොෂණය කිරීම හානිවනසේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා වගන්තියක් හොරෙන්ම ඇතුලත් කර ඇත.

මීට පෙර අවස්ථා 18කදී සංශෝධන වූ කිසිම අවස්ථාවකදී 1978 ව්‍යවස්ථාවේ 9වන වගන්තිය යටතේ බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය පිරිනමා සම්බුද්ධශාසනය ආරක්‍ෂා කොට පෝෂණය කිරීම හා අන්‍යාගම් වලට හානියක් නොවන ආකාරායේ මූලික අයිතිවාසිකම් වලට යටත්ව අන්තර්ගත වී ඇති එම වගන්තියට අබමල් රේණුවක හෝ වෙනසක් හානියක් සිදුකර නොමැත.

කිසි දිනක අන්‍යාගමික අන්‍යජාතික අයහට 9වන වගන්තියෙන් හානියක් සිදු නොවූ අතර ඔවුන් එයට විරුද්ධව කි‍්‍රයා කිරීමට හෝ කටයුතු කර නොමැත.

 NGO කාරයින් බෙදුම්වාදීන් එකතු වී මෙරට සම්බුද්ධශාසනයට බරපතල හානියක් කිරීමට සූදානම් අවස්ථාවේදී අප රටේ සිය`ඵ මහා සංඝරත්නයත් සිංහල බෞද්ධ ජනතාවත් මෙයට විරෝධය එක්කලයුතු අවස්ථාව එළබ ඇත.  

 ආණ්ඩු පක්‍ෂයේත් විරුද්ධ පක්‍ෂයේත් සියලූ මහජන නියෝජිතයින් මෙම හානිය නොකරන්නට කටයුතු කලයුතු බවට සම්බුද්ධශාසනය වෙනුවෙන් ශාසනාලයෙන් යුතුව අවධාරනය කර සිටිමු.

 තෙරුවන් සරණයි!

 පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි

සභාපති

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top