“ශොට්” එක දෙනවා යන්නෙන් අදහස් කරන්නේ යමෙකුට වැරෙන් මුෂ්ටි පහරක් එල්ල කරනවාටය. ලංකාවේ ආණ්ඩුව පසුගිය දා සේවක අර්ථසාධක අරමුදලට (EPF ) හොඳට රිදෙන්නට “ශොට්” එකක් දුන්නේ ය. එහෙත් සාමාජිකයන්ට රිදුනේ නැත. දැනුනේද නැත. ඒ තරමටම ජනයා බෙලහීන වී ඇත. නයෝමී ක්ලේන් (Naomi Klein ) ලියූ “Shock Doctrine ” පොතට අනුව මෙවැනි ආර්ථික අර්බුදයක් රටක පවතින අවස්ථාවක එය සාමාන්‍ය දෙයකි. පාලකයන් විසින් මිනිසුන් නිර්වින්දනය කොට ඇත. එම නිසා මෙවැනි කම්පන ඔවුන්ට දැනෙන්නට පුළුවන් කමක් නැති තරම් ය.
සේවක අර්ථසාධක අරමුදලට රජය දුන් “ශොට්” එක කෙතරම් ප්‍රභලද කිව්වොත් 2038 දක්වා වන වසර 15 ක කාලය තුල අරමුදලට ලැබිය යුතු රුපියල් ට්‍රිලියන 3.5 කට වැඩි මුදලක් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම යටතේ අහිමි කොට ඇත. රුපියල් ට්‍රිලියන 3.5 ක් යනු අද පවතින විනිමය අනුපාතය අනුව අමෙරිකානු ඩොලර් බිලියන 10.6 ක මුදලකි. හම්බන්තොට වරාය සඳහා වැය වූයෙ අමෙරිකානු ඩොලර් බිලියන 1.2 කි. එවැනි වරායවල් 10ක් ගොඩනැගීමට යන මුදල් රජය සේවක අර්ථසාධක අරමුදලෙන් කොල්ල කෑවේය. මෙතරම් ප්‍රබල “ශොට්” එකක් වැදුනත් EPF සාමාජිකයා දන්නේ වත් නැති තරම් ය. පසුගිය දා සිවිල් සහ වෘත්තීය සමිති සංවිධානය කල “උද්ඝෝෂණ” වලට අමතරව රජයට බල කිරීම සඳහා වඩා සංවිධානය වූ යමක් සිදු වූයේ නැත. මේ වන විට එම උද්ඝෝෂණද පේන්නට නැත.
මිනිසුන්ගේ නිර්වින්දනයේ තරම හොඳින්ම දන්නා රනිල් වික්‍රමසිංහ තැටිය රත්වී තිබෙන වෙලේ දශක කිහිපයක් බලාපොරොත්තු වූ රොටිය පුච්චා ගැනීමට අවශ්‍ය වැඩපිළිවෙළ දැන් ලහි ලහියේ සූදානම් කරමින් සිටී. ඒ අනුව කාණ්ඩ 19ක් යටතේ රජයේ ආයතන 127 ක් ප්‍රතිව්‍යුහගත කිරීමට (විකිණීමට ) ලැයිස්තු ගත කොට ඇත. (මෙම දිගුවෙන් අදාළ ලැයිස්තුව කියවා ගත හැක.)
මෙම ආයතන අතර රජයට අයිති බැංකු හයක් (6) ඇතුළු මූල්‍ය ආයතන නවයක් (9) ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අවශ්‍ය මූලික කටයුතු මේ දිනවල ලහි ලහියේ සිදුකරමින් තිබේ. ඒ සඳහාම වෙනම ආයතනයක් සුරේෂ් ෂා නැමැත්තෙකුගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ඇත. බොහෝ විට නුදුරේම බැංකු වල රජය සතු කොටස් අලෙව් වනු ඇත. ඒවා මිල දී ගන්නා දේශීය හෝ විදේශීය පිරිස් ඔවුන්ට සිතැඟි පරිදි මූල්‍ය වෙළෙඳපොළ හසුරවනු ඇත. මහ බැංකුවට කල හැක්කක් නැති වනු ඇත.
(ප්‍රතිව්‍යුහගත කිරීමට පත්කර ඇති කණ්ඩායම මෙම දිගුවෙන් බලාගන්න )
https://www.treasury.gov.lk/web/sru/section/team
ලංකා බැංකුව (BOC), මහජන බැංකුව (People’s Bank) , ජාතික ඉතිරි කිරීමේ බැංකුව (NSB) , රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව, නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථාව , ලංකා පුත්‍ර සංවර්ධන බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුව, සහ සේවක භාර අරමුදල (ETF) යන ආයතන සියල්ල බැංකු සහ මූල්‍ය අංශය (Banking & Finance ) යටතේ ලැයිස්තු ගත කොට ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා හෙට අනිද්දා වන විට අභිප්‍රාය ලිපි කැඳවීමට (Expression of Interest) සූදානම් වෙයි. මේ වන විටත් ආයතන කිහිපයක් (7) සඳහා EOI කැඳවා ඇති අතර ගනුදෙනු උපදේශක සමාගම් පවා පත්කොට අවසන් ය.
පසුගිය ඉරිදා සන්ඩේ ටයිම්ස් (Sunday Times ) පුවත් පත තවත් හෙළිදරව්වක් කර තිබුණි. ඉහත බැංකු හය ඉක්මන් ප්‍රතිව්‍යුහගත කිරීමකට ලක් කිරීමට හේතුව ඔවුන්ගේ අක්‍රිය ණය (Bad loans) ප්‍රතිශත සීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් බැංකු වල ප්‍රාග්ධන තත්ත්වයට කර තිබෙන දැඩි බලපෑමය (Pressure on capital position). ඊට අමතරව එකී බැංකු වල ද්‍රවශීලතා මට්ටම් පිරිහීම තවත් හේතුවකි (Liquidity constraints). පසුගිය දා IMF විසින් සිදුකල මූල්‍ය ආයතන පිළිබඳ තත්ව විශ්ලේෂණයට (State Bank Diagnostic Analysis) අනුව රජය විසින් බැංකු හරහා පෞද්ගලික අංශයට ලබා දුන් ණය විරාම (Debt Moratoriums) සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම (Debt Restructure ) හේතුවෙන් වූ බලපෑම සමනය කර ගැනීමට නම් රුපියල් ට්‍රිලියන 1.4 ක ප්‍රාග්ධන පූරණයක් (Capital Injection) වහා ලබා දිය යුතු බව බලධාරීන් උපුටා දක්වමින් පුවත් පතේ කියයි.
(අදාළ ලිපිය කියවීමට )
https://www.sundaytimes.lk/231015/business-times/six-state-owned-banks-to-undergo-urgent-reforms-535667.html
රනිල් වික්‍රමසිංහ සෑම මසකම විදේශ සංචාර එකක් හෝ දෙකක් අනිවාර්යයෙන්ම සිදුකරයි. ඔහු යන සෑම ගමනකටම “VIP මගීන්” (VIP Passengers) කිහිප දෙනෙකුත් රැගෙන යාම සිරිතකි. මේ වන විට රනිල් වික්‍රමසිංහ සිටින්නේ චීනයේ ය. පසුගිය මාසයේ ඔහු කියුබාව, ජර්මනිය සහ අමෙරිකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩල රැස්වීමට රැගෙන ගිය රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද, සුරේෂ් වඩිවේල් වැනි මන්ත්‍රීවරුන් කුමන කටයුත්තක් සඳහා රැගෙන යන්නට ඇත්ද කියා ඔබ සිතනවාද? ව්‍යාපාරික පන්තියේ ගුවන් ටිකට් පත් (Business Class air tickets ) සහ හෝටල් ගාස්තු වලට අමතරව යැපීම් දීමනා (Subsistence ) යනාදියත් රටේ බදු ගෙවන්නන්ගේ සාක්කුවෙන් යන මුදල් ය. මොවුන්ගේ මෙම සෙල්ලක්කාර ජීවිත තවමත් අනුමත කරන පිරිස් ලංකාවේ සිටීම කෙතරම් අභාග්‍යක්ද?
රටේ භූමිය ඉන්දියාවට විකුණා ඇත. වරාය චීනයට විකුණා ඇත. මන්නාරම් ද්‍රෝනියේ සුලං බලය උත්පාදනය අදානිට විකුණා ඇත. උතුරු නැගෙනහිර සූර්ය බලය නිෂ්පාදනය සඳහා අක්කර 15000 ක් පමණ ඉන්දියාවට විකිණීමට ගිවිසුම් ගත වී ඇත. දැන් බැංකු ටික කාට විකුණාවිද? මෙතරම් විනාශයක් කරන දුෂ්ඨ පාලකයන් ආරක්ෂා කිරීමට ඉදිරිපත් වන පිරිස් සිටිනු දැකීම පිළිකුල් සහගතය.
ප්‍රජාතන්ත්‍රවාදී ලෙස රටේ පාලන බලය ලබා ගැනීමට උත්සාහ කරන ජනතාවාදී දේශපාලන සංවිධාන යටපත් කිරීමට, අවමානයට ලක් කිරීමට, සහ ඔවුන්ගේ ජනප්‍රසාදය දරා ගැනීමට නොහැකිව රටේ ව්‍යවස්ථානුකූල මැතිවරණ කල් දමමින් , විවිධ උප්පර වැට්ටි දමමින් බලයේ රැඳී සිටීමට උත්සාහ කරන රනිල්+රාජපක්ෂ ඇතුළු සියළු අධම පාලකයන්ට නිසි පාඩම් ඉගැන්වීමට රටේ ජනයා දැන්වත් අදිටන් කර ගත යුතුය.
ශාන්ත ජයරත්න
ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශක
17.10.2023
පසුගිය කාලයේ සමහරුන් කිව්වේ ලංකාවේ මහ දවල් සිදුවූ මහා මංකොල්ලය මහ බැංකුවේ අප්‍රසිද්ධව සිදුකල භාණ්ඩාගාර බැඳුම්කර කොල්ලය කියලයි. විගණකාධිපති වරයාද එදා කෝප් කමිටුවේදී සඳහන් කලේ මෙම හොරකමින් දල වශයෙන් රුපියල් බිලියන 1.6 ක් පමණ දිගුකාලීනව රටට අහිමි වන බවකි.
With the Committee on Public Enterprises (COPE) scheduled to submit its findings on the bond scam at Central Bank later this month, the Auditor General has confirmed that the country lost a staggering Rs. 1.6 billion due to the scam.
තවත් සමහරුන් ප්‍රකාශ කලේ රුපියල් බිලියන 8.7 ක් රජයට අහිමි වූ බවයි. වෙරිටේ රිසච් පර්යේෂණ ආයතනය (Verite Research) කියන්නේ ඩොලර් බිලියන 0.9 ක් අහිමි වූ බවකි.
[doc id=30278]
කෙසේ වෙතත්, වැදගත්ම දේ ඒ කොල්ලයට සම්බන්ධ බවට ප්‍රධාන චෝදනාව එදා එල්ල වූයේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහ ඔහුගේ අතිජාත මිත්‍ර එවකට මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට ය.
රනිල්ගේ ඔඩොක්කු කුක්කන්!
මහේන්ද්‍රන් දැන් සිංගප්පූරුවේ සැඟවී සිටින බව රනිල් වික්‍රමසිංහ හැර ලංකාවේ අනෙක් හැමෝම හොඳින් දන්නා ප්‍රසිද්ධ රහසකි. එදා රනිල් වික්‍රමසිංහ දඬුකදේ ගසන තුරු නින්ද නොයන බව කියූ මහින්ද රාජපක්ෂලා, නාමල් රාජපක්ෂලා, දිනේෂ් ගුණවර්ධනලා, බන්දුල ගුණවර්ධනලා, මහින්දානන්දලා, රත්තරංල අද රනිල් වික්‍රමසිංහ ජනාධිපති වරයාගේ ඔඩොක්කු කුක්කන් බවට පත් වීම දෛවයේ සරදමකි. එදා පාර්ලිමේන්තුවේ රනිල් වික්‍රමසිංහ හිරේ දමන තුරු නින්ද නොයන බව කියූ මහින්දානන්ද අද රනිල් වික්‍රමසිංහ ආරක්ෂා කිරීමට රැය පහන් කරනු දැකීම කෙතරම් අපූරුද? ඒ ලංකාවේ දේශපාලනයේ ස්වභාවය යි. සම හරක්ට මෙය තවම නොතේරේ. නැත්නම් ඔවුන්ට එය තේරුම් ගැනීමට අවශ්‍ය නැත.
මෙදා රනිල් Vs නන්දලාල්
ලංකා ඉතිහාසයේ එතෙක් මෙතෙක් සිදුකල මහාම මහා මංකොල්ලය ඔබ තවම නොදන්නවා ඇති. ඒ ණය ප්‍රතිව්‍යුහගත කිරීම මුවාවෙන් කල අර්ථසාධක අරමුදල් මංකොල්ලයයි. History Repeats කියනවා වගේ මේ මංකොල්ලයටත් වගඋත්තර කරුවන් වන්නේ රනිල් වික්‍රමසිංහ සහ එදා අර්ජුන මහේන්ද්‍රන්ගේ දෙවනියා වෙච්ච අද IMF නියෝජිත (සමහරු කියන ආකාරයට) ශ්‍රී ලංකා මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ වීම අහම්බයක් නොවෙයි. එදා ඔබලාට නොදැනෙන්න කල බැඳුම්කර හොරකම හෙළිදරව් වන්නේ කාලයක් ගත වීමෙන් පසුවයි. එහෙත් මෙදා ඔවුන් හොරකම කලේ පාර්ලිමේන්තුවේ කැමැත්ත අරගෙන යි.
ඌරාගේ මාලු ඌරාගේ ඇඟේම තියා කපා ගත් රනිල්!
රනිල් වික්‍රමසිංහ කවදාවත් එකම හොරකම එකම විදිහට දෙවතාවක් නොකරයි . ඒ ඔහුගේ ක්‍රමයයි. එදා රනිල් වික්‍රමසිංහ දඬුකඳේ ගැසීමට කතා කල රාජපක්ෂලාගේ එහෙයි නඩය මෙදා බැඳුමකර හොරකම සඳහා වූ යෝජනාව පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් සම්මත කර දෙන්නේ කිසිදු හිරිකිතයකින් තොරව වීම විශේෂ ය. පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ දී ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව සම්මත වූ විට රනිල් වික්‍රමසිංහට දෙකොනින්ම හිනා යන්නට ඇත. මෙදා සැරේ “මම ඌරාගේ මාලු ඌරාගේ ඇඟේම තියා කපා ගත්තා” කියා ඔහුට බොහෝ විට හිතෙන්නට ඇත.
මෙම බැදුම්කර හොරකම සිදු කිරීම සඳහා නන්දලාල් වීරසිංහ සහ රනිල් වික්‍රමසිංහට එතරම් මහන්සියක් අවශ්‍ය නොවීය. මෙයින් සිදුවූයේ හඬක් හෝ හරි හමන් අවබෝධයක් නොමැති මිලියන 2.4 ක් වන කම්කරුවන්ට අයත් ඔවුන්ගේ විශ්‍රාම අරමුදල වන සේවක අර්ථසාධක අරමුදලේ රුපියල් ට්‍රිලියන 3.2 ක් (රුපියල් බිලියන 3200 ක්) හෙවත් ඩොලර් බිලියන 10 ක් පසුගිය අඟහරුවාදා, මහ දවල් මංකොල්ල කෑමයි. සේවක අර්ථසාධක අරමුදලට අහිමි වන මුදල පිළිබඳ තොරතුරු සඳහා මේ ලිපිය බලන්න.
Sri Lanka Gets Closer to IMF Funds With Local Bond Swap Deal
මෙය ලෝකයේ මෙතෙක් සිදුවූ විශාලතම විශ්‍රාම අරමුදල් මංකොල්ලයයි. ලංකාවේ මිනිසුන්ට මෙය නොතේරීම සාමාන්‍යයි. ලංකාවේ සම හරක් මිනිසුන් මේ වන විට නිර්වින්දනය වී ඇත. නැත්නම් ස්වයංව වින්දනයට පත්වී ඇත. (ඔවුන් පුරවැසියන් නොවේ. මන්ද පුරවැසියෙකුට පුරවැසි වගකීමක් වගේම වගවීමක්ද ඇත. සම හරක්ට ඒ දෙකම නැත) ඔවුන් හොරකම අනුමත කරන්නන් වන අතර හොරකමට විරුද්ධ වන්නන් ඔවුන්ට පේන්නේ ද්‍රෝහීන් ලෙසය.
ඩොලර් සොච්චම්කට යටකල රට!
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සොච්චම් ඩොලර් බිලියන 2.9 ක්, ණයක් හැටියට 5%-6% වාර්ෂික පොලියකට වාරික අටකින් වසර හතරක් තුල ලබා දීමට එකඟ වී ඇත. එක් වාරිකයක් ඩොලර් මිලියන 333 කි. වසරකට මෙවැනි වාරික දෙකක් ලැබේ. එහෙත් , මැදපෙරදිග සේවය කරන කම්කරුවන් මසකට ඩොලර් මිලියන 400-450 ත් අතර ප්‍රේශන ලංකාවට එවන බව බොහෝ අය නොදනී. රජය නිවැරැදි වැඩපිළිවෙළක් අනුගමනය කරන්නේ නම් ඩොලර් මිලියන 700-800 අතර ප්‍රමාණයකට එය ඉහළ දා ගත හැක.
ලංකාවේ පාලකයන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 2.9 ක් ලබා ගැනීම සඳහා මේ වන විට රටේ ජනයාට අත් කර දී තිබෙන දුක, කනගාටුව, මානසික පීඩාව කොපමණද කියා අමුතුවෙන් ඔබට කිව යුතු නැත. රටේ තෙල් පෝලිම් , ගෑස් පොලිම් නොපෙණුනාට, උද්ධමනය 4% ට අඩු වුනාට රටේ 80% ක් මිනිසුන්ගේ මිල දී ගැණීමේ හැකියාව (Purchasing Power) 60% කින් පමණ කඩා වැටී ඇත. ඊට සාපේක්ෂව ඔවුන්ගේ ආදායම වැඩි වී නැත. සම හරක්ට එය දැණුනද මේ නරාවලේම ලැගීම සතුටක් ලෙස ඔවුන් සලකති. ඉන් මිදීමට මාර්ගය කොතෙක් පෙන්වුවද ඔවුන්ට එය නොපෙනෙයි. නොපෙනෙනවා සේ හැසිරෙති.
එක අතකින් ණය ප්‍රතිව්‍යුහගත කිරීම හරහා රටේ වැඩකරන කම්කරුවන්ගේ අර්ථසාධක අරමුදලින් 2038 දක්වා ඉදිරි වසර15 ක් පුරාවට රුපියල් ට්‍රිලියන 3.2 කට වැඩි මුදලක් කොල්ල කන අතර අනෙක් අතට අසීමිත බදු බරක් ජනයා මත පැටවීම හේතුවෙන් මිලියන 7 ක් ජනයා අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙති. පසුගිය දා නිකුත් වූ ලෝක බැංකු නවතම වාර්තාවක පෙන්වා දී ඇති අන්දමට මෙම තත්ත්වය දිගටම පැව්තීම තුල විශාල සමාජ අර්බුදයක් කරා රට තල්ලු වනු ඇත. ලංකාවේ පර්‍යේෂන ආයතනයක් වන ලර්න් ඒෂියා (LIRNEasia) මෑතක පලකල පර්‍යේෂන පත්‍රිකාවක මෙය තවත් තහවුරු කොට ඇත.
සේවක අර්ථසාධක අරමුදලේ දල ආදායම මත (Gross Income) 14% ක ආදායම් බද්දක් අයකිරීම ආරම්භ වන්නේ 2017 දී යහපාලන රජය සමයේය. 2019 දී ආර් ප්‍රේමදාස රජය 10% ක ආදායම් බද්දක් සේවක අර්ථසාධක අරමුදල මත ඒ වන විටත් පනවා තිබුණි. කෙසේ වෙතත්, 1956 බණ්ඩාරනායක රජයේ කම්කරු ඇමැති ටී. බී ඉලංගරත්න මහතා ඉදිරිපත් කල 1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් මුල් පනතින් විශ්‍රාම අරමුදල් ආදායම් බද්දෙන් සම්පූර්ණයෙන්ම නිදහස් කොට තිබුණි. එහෙත් එජාපය දෙවතාවකදී මෙසේ සේවක අර්ථසාධක අරමුදලේ ආදායමින් බදු වශයෙන් විශාල මුදලක් ලබා ගෙන ඇත. එය අදටත් ක්‍රියාත්මක යි. ණය ප්‍රතිව්‍යුහගත කිරීම හරහා රුපියල් ට්‍රිලියන 3.2 ක් අරමුදලේ ආදායමි කපාගැනීම සිදුවන්නේ බද්දට අමතරව ය. එමෙන්ම, සාමාජිකයකු විශ්‍රාම යන විට ලැබෙන විශ්‍රාම පාරිතෝෂිකය රුපියල් 1000,000 වැඩි වන්නේ නම් 10% ක රඳවා ගැනීමේ බද්දක් අයකර ගැනීමක්ද සිදුවෙනවා. මීට අමතරව වෙනත් බැංකු සහ සමාගම් බදු ගෙවන්නේ ඔවුන්ගේ ශුද්ධ ආදායමටය (Net Income). එහෙත් සේවක අර්ථසාධක අරමුදලෙන් බදු ගන්නේ දල ආදායමටයි (Gross Income ).
පාලකයන්ගේ පව් සියල්ලටම ජනතාව කරගැසීම!
පසුගිය සතියේ නිකුත් කල බැඳුම්කර වලට පවා ආසන්න වශයෙන් 18% ක පොලියක් හිමිවිය. සමහර මාස වල නිකුත් කල බැඳුම්කර සඳහා 22%-24% මට්ටමක ඉහළ පොලියක් ගෙවීමට මහා භාණ්ඩාගාරය එකඟ වී තිබුණි. බැදුම්කර ගැණුම් කරුවන්ට ඉහළ පොලී අනුපාත ලැබුණත් සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයාට ලැබෙන්නේ උපරිම 9% කි. මෙය 9% ට වඩා අඩුවීමට වුවද ඉඩ තිබෙන බව මහ බැංකු අධිපති වරයා පසුගිය දා පාර්ලිමේන්තුවේ පැවති සාකච්ඡාවකදී ප්‍රකාශ කලේය.
මේ සියල්ලෙන් පෙනී යන පොදු කාරණය වන්නේ හඬක් නැති සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන් වන රටේ කම්කරු ජනතාවට මේ පාලකයන්ගේ පව් සියල්ලටම කරගැසීමට සිදුව ඇති බවකි. බලය හිමි ප්‍රාථමික ගැණුම්කරුවන් , බැඳුම්කර මිල දී ගෙන ඇති මහාපරිමාණ ව්‍යාපාරිකයන් සහ බැංකු දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් බේරි ඇත. ලංකාවේ මිටි තැනින් වතුර බැස යන්නේ එලෙසය. එහෙත්, පාලකයන්ගේ මෙවැනි කූඨ , කොල්ලකාරි පාලනයේ ආදිනව දැනී ඊට විරුද්ධව ජනයා නැගිටින දිනය වැඩි ඈතක නොවන බව කිව යුතුය.
ශාන්ත ජයරත්න
සංවර්ධන පරිපාලන ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශක
15.9.2023
ලංකාව බංකොලොත් වූ බව ලෝකයට අනාවරණය කලේ 2022 අප්‍රේල් 12 වන දාය. මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ සහ මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරුන් විසින් දෙස් විදෙස් මාධ්‍ය කරුවන් ඉදිරියේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා එම පුවත නිවේදනය කිරීමෙන් පසු ලෝකයේ කිසිදු රටක් හෝ ආයතනයක් ලංකාවට ණය ලබා දීමට ඉදිරිපත් නොවීය. බංකොලොත් රටකට ණය දෙන්නට ඔවුන්ට පිස්සුවක් තිබිය නොහැක.
රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපති වරයා හැටියට පත්වීමෙන් පසු ඔහුගේ ආර්ථික න්‍යාය “රනිලානොමික්ස්” (Ranilanomics) ක්‍රියාත්මක කිරීම තුල විශේෂයෙන්ම නාගරික මැද පංතියේ ජනයා තුල යම් බලාපොරොත්තුවක් ඇති වූයේ දින කිහිපයක් ඇතුලත තෙල් පෝලීම්, ගෑස් පෝලිම් නැති වී, පැය 24 පුරාම විදුලිය ලැබීම වැනි රෝග ලක්ෂණ කිහිපයක් සුව වීමත් සමගය. විදේශ ණය නොගෙවා හෝ ඉහත සේවා ලබා දෙන්නේ නම් නාගරික සමහර ජනයාට කම් නැත. ඔවුන්ගේ සුවදායි ජීවන රටාවට බාධාවක් නොවන තාක් ණය බර, උද්ධමනය, ණය ප්‍රතිව්‍යුහගතකරණය වැනි බර මාතෘකා ඔවුන්ට අදාළ නැත. එහෙත් කවදා හෝ මේ සියළු ණය ගෙවීමට සිදුවන්නේ රටේ පුරවැසියන් හැටියට ඔවුන්ද ඇතුළුව අප සියළු දෙනාටම බව අමතක නොකල යුතුය. රෝග ලක්ෂණ සුව කිරීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපති වරයා යම් සමත් කමක් දක්වා ඇත. එහෙත් ඔහු රෝගය සුව කරන්නට උස්සාහ ගන්නා බවක් නොපෙනේ. ඔහුට IMF බෙහෙත් වට්ටෝරුව හැර වෙනත් වට්ටෝරුවක් නැත. රෝගය සුව වන්නට නම් ණය ගෙවිය යුතුය. ණය ගෙවීම පැහැර හැර මේ වනවිට මාස 16ක් ගත වී ඇත. මෙම කාලය තුල ගෙවීමට තිබූ විදේශ ණය ඩොලර් බිලියන 5-6 අතර ප්‍රමාණයක් මෙතෙක් ගෙවා නොමැත. තවත් වසර 30 ක් වත් සෑම වසරකම ඩොලර් බිලියන 5-6 අතර ප්‍රමාණයක් ගෙවීමට තිබෙන බව බොහෝ පුරවැසියන්ට අවබෝධයක් නොමැත.
රට බංකොලොත් බව නිවේදනය කිරීමට හේතුව විදේශ ණය ගෙවීමට සහ ආනයන වියදම් පියවා ගැනීමට ප්‍රමාණවත් තරම් ඩොලර් සංචිත මහබැංකුව සතුව නොතිබීමයි. 2021 මැයි මාසය වන විට මහබැංකුවේ විදේශ සංචිත ඩොලර් මිලියන -175 ක සෘන ශේෂයක් ගෙන තිබුණි. ඉන් පසු සෑම මසකම එක දිගට පිරිහී 2022 මැයි මාසය වන විට විදේශ සංචිත හිඟය සෘන ඩොලර් බිලියන -5.5 ක් හෙවත් රුපියල් බිලියන 1980 ක් පමණ වී ඇත. වැඩි විස්තර සඳහා;
Sri Lanka’s new government: Be warned of the empty treasury and negative foreign reserves
එසේනම් රජය මේ මොහොතේ කල යුත්තේ කුමක්ද? රටට ඩොලර් ලැබෙන සීමිත මාර්ග කෙරෙහි වැඩි අවධානයක් යොමුකිරීම සහ ඒවා සඳහා ප්‍රමුඛතාව ලබා දී හැකි තාක් රටට ඩොලර් එකතු කරගැනීම තුල සංචිත ගොඩනගා ගැනීම නොවේද ? එහෙත්, ඔවුන් එසේ කරන බවක් පේන්නට නැත. පසුගිය මාසයේ මහබැංකුව විසින් නිකුත් කල ජූනි මාසයට අදාළ දත්ත පිරික්ෂීමේදි රෝගය උත්සන්න වන බව පේන්නට ඇත. (External Sector Performance -June 2023, Economic Research Dept., CBSL issued on 31 July)
ලංකාවට වැඩි ඩොලර් ආදායමක් ලැබෙන එක් ප්‍රධාන අංශයක් වන්නේ විදේශ වෙළඳාමයි. 2023 ජනවාරි සිට ජුනි දක්වා පළමු මාස හය 2022 එම කාල සීමාව සමග සැසඳීමේදී භාණ්ඩ අපනයන ආදායම -10.0% කින් කඩා වැටී ඇත (Merchandise Exports). 2022-2023 ජනවාරි සිට ජුනි දක්වා මාස හයක කාලය තුල අපනයන ආදායම පිළිවෙලින් අමෙරිකානු ඩොලර් මිලියන 6,522 සිට 5,871 දක්වා අඩු වී ඇත. එමෙන්ම, 2023 ජුනි මාසය පමණක් ගත් විට (ඩොලර් මිලියන 1,005) එය තවත් පිරිහී ඇත. 2022 ජුනි මාසයට සාපේක්ෂව (ඩොලර් මිලියන 1,249) -19.5% කින් අපනයන ආදායම කඩා වැටී ඇති අතර එය නොසලකා හැරිය හැකි අගයක් නොවන බව අප අවබෝධ කරගත යුතු ය. 2023 ජූලි මාසයේ එය තවත් පහළ යෑමට ඉඩ ඇත. එහෙත් රජය කියන්නේ දැන් රට ආර්ථික අර්බුදයෙන් මිදෙමින් හරි පීල්ලේ යන බවකි. එසේනම් රට තව තවත් බංකොලොත් වෙමින් යන්නේ ඇයි ?
2022 පළමු මාස 6 ට සාපේක්ෂව 2023 පළමු මාස 06 තුල අපනයන කඩාවැටීම එක් එක් අංශ වශයෙන් සැලකුව හොත්, කර්මාන්ත අංශයේ ඇඟලුම් -18.2% කින්ද, රබර් ආශ්‍රිත නිෂ්පාදන අපනයන -12.3% කින්ද, පෙට්ට්‍රෝලියම් නිෂ්පාදන -28.4% කින්ද වගේම තවත් එවැනි නිෂ්පාදන රාශියක් සැලකිය යුතු මට්ටමින් කඩා වැටී ඇත. යම් නිෂ්පාදන සුළු වශයෙන් වර්ධනයක් පෙන්නුම් කරන බවද කිව යුතුය . කෘෂිකර්ම අංශය ගත හොත්, රබර් අපනයනය -26.2% කින්ද, පොල් අපනයන -25.4%, සුළු අපනයන භෝග -4.6% කින්ද, මාලු අපනයනය -6.9% කින්ද කඩා වැටී ඇත. තේ අපනයන ආදායම පමණක් පසුගිය මාස හය තුල 10.6% ක වර්ධනයක් ලඟා කරගෙන ඇත . ඒ වගේම ඛනිජ සම්පත් අපනයනය -30.4% කින් කඩා වැටී තිබීම අවධානය යොමු කල යුතු කරුණකි. මේවා සියල්ල සලකා බැලීමේදී ඔබට හැඟෙන්නේ කුමක් ද? මේ පාලකයන්ට අර්බුදයෙන් ගැලවීම සඳහා කිසිදු පැහැදිලි වැඩපිළිවෙළක් නැති බව නොවේද ?
අපනයන ආදායම අඩු වූවත් ආනයන වියදම ජුනි මාසයේ යම් ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇත. 2022 ජුනි මාසයේ ආනයන වියදම ඩොලර් මිලියන 1,226 ක් වන විට 2023 ජුනි මස එය ඩොලර් මිලියන 1,369 දක්වා 11.6% කින් ඉහළ ගොස් ඇත.
ආර්ථික දත්ත සියල්ල ලබා ගැනීමට වාර්තාව බලන්න.
[doc id=30219]
රජය විශ්වාසය තබා ඇත්තේ විදේශ ශ්‍රමික ප්‍රේශන සහ සංචාරක ආදායම කෙරෙහි පමණි. මන්ද ඒ සඳහා රජයට කිසිදු විශේෂ යමක් කිරීමට නැත. ඒ අංශ දෙකේ පමණක් යම් සැලකිය යුතු වර්ධනයක් 2023 පළමු මාස 6 තුල පෙන්නුම් කරයි. එහෙත්, ඉන් ලැබෙන ආදායම මත පමණක් යැපීම ප්‍රමාණවත් ද? සැප්තැම්බර් මාසය වන විට සංචාරක පැමිණීම විශාල වශයෙන් අඩු වනු ඇත (Off Season). ඒ තුල රජයේ ඩොලර් ආදායම තවත් අඩුවීම නොවැළැක්විය හැකි ය. එසේනම් විකල්ප ආදායම් මාර්ග මොනවාද ? රජයට එවැනි වැඩපිළිවෙළක් නැත .
රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපති වරයා ආණ්ඩුව භාර ගෙන මේ වන විට මාස 16 ක් සම්පූර්ණ කොට ඇත. එම කාලය තුල ඉන්ධන ගෑස් පෝලිම් නොදැකීම හැර වෙනත් ප්‍රගතියක් ඔබට දකින්නට තිබෙනවා ද ? රට පැවති තත්වයෙන් තවත් පහළට වැටී ඇත. ඊට ප්‍රධාන හේතුව මෙම පාලකයන්ගේ ආර්ථික කළමනාකරණයේ තිබෙන දුර්වලතාවයයි. ප්‍රමුඛතා හඳුනා නොගැනීමයි. තවත් මාස කිහිපයක් මේ අන්දමට ගමන් කල හොත් අපට කීමට වන්නේ Ranil+No+Economics කියාය. රටේ බහුතර ජනතාවට මෙම යථාර්ථය අවබෝධ කරගැනීමට අවශ්‍ය ණැන නුවණ ඉක්මනින්ම පහළ වේවා.
ශාන්ත ජයරත්න
ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශක
30.08.2023
පොල් වගාකරුවන්ගේ 29 වන වාර්ෂික මහා සභා රැස්වීම අමතමින් ඊයේ (අගෝස්තු 04) අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඔහුගේ කතාවේදී මෙසේ කීවේය. “රටේ මූල්‍ය බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවටයි. එයට අභියෝගය කිරීමට කිසිවෙකුට බැරිය. පාර්ලිමේන්තුව ගන්නා තීරණ වලට අධිකරණය ඇඟිලි ගැසීම අනවශ්‍යයි. ඒ හරහා අනවශ්‍ය ප්‍රශ්න ඇති කර නොගත යුතුයි “ මෙය අධිකරණයට කරන අනිසි බලපෑමක් නොවේද ? ලංකාවේ නීතීඥ සංගමය , විනිසුරු වරුන්ගේ සංගමය වැනි ආයතන තවත් නිශ්ශබ්ධව සිටිය යුතුද? රනිල් වික්‍රමසිංහ ජනාධිපති වරයාට පාර්ලිමේන්තුවේ මූල්‍ය බලය මේ අවස්ථාවේ සිහිවන්නේ ඇයි?
ජාතික ජනබලවේගයේ විධායක සභික චතුරංග අබේසිංහ සහ තවත් වෘත්තීය සමිති කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩු කිහිපයක් ගොනු කොට තිබෙනවා. ඒ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම හේතුවෙන් සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන් හට වෙන් කොට සැලකීම යන පදනම මත ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙසයි. රජය වෙනුවෙන් නීතිපතිත් අනෙකුත් වගඋත්තර කරුවන් නියෝජනය කරමින් පෙනී සිටි වෙනත් නීතිඥයනුත් එම නඩුකරයන් ප්‍රතික්ෂේප කර දමන ලෙස ආයචනා කලද, ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඔවුන්ගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කොට නඩු විභාගය ආරම්භ කරනවා. මෙම නඩු විභාගය හදිසි කටයුත්තක් සේ සලකා අගෝස්තු මස 10 වන දින හෝ 11 වන දින වන විට අවසන් තීන්දුව ප්‍රකාශ කිරීමට නියමිතව තිබෙනවා. ඊයේ ජනාධිපති වරයාගේ ප්‍රකාශය අනුව හැඟී යන්නේ අනුප්‍රාප්තික ජනාධිපති වරයාට නඩු තීන්දුව පිළිබඳ යම් චකිතයක් ඇති වී තිබෙන බවකි. එම නිසා ඔහුගේ මාමණ්ඩිය ජේ ආර් ජයවර්ධන විසින් එකල නෙවිල් සමරකෝන් අගවිනිසුරුවරයාට කලාක් මෙන් වේලාසනම උසාවියට පොඩි “තගක්” දමා “මා එක්ක ඒ සෙල්ලම් බැහ” කියා ශ්‍රේෂ්ඨාධිකරණයට යම් වක්‍ර බලපෑමක් කිරීමට ගත් උත්සාහයක් හැටියටයි ඔහුගේ එම කතාවෙන් ගම්‍ය වන්නේ.
ජනාධිපති වරයා ඔහුගේ කතාවේ සඳහන් කරන්නේ වෙනත් අයගේ උපදෙස් ,නියෝග ඔහුට අනවශ්‍ය බවත් , පාර්ලිමේන්තුව මේ වන විට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත කොට ඇති හෙයින් ඉදිරි සැප්තැම්බර් හෝ ඔක්තෝබර් මස අවසන් වීමට ප්‍රථම එය අවසන් කිරීමට කටයුතු කරන බවත් ය. එසේ නොකළහොත් බැංකු කඩා වැටෙන බවත්, පෝලිම් නැවත පැමිණෙන බවත් කියයි. හරියට අම්මලා පොඩි ළමයින්ට ආහාර කැවීමට අපහසු වන විට ඔන්න බිල්ලෙක් එනවා කියන්නාක් මෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහත් රටේ ශ්‍රේෂ්ඨාධිකරණය සහ ජනතාව බිය ගැන්වීමට ගන්නා උස්සාහයක් හැටියට මෙය හැඳින්විය හැක.
ජනාධිපති වරයාට නොතේරෙන කරුණ නම් මෙම නඩුකරයන් ගොනුකොට තිබෙන්නේ ණය ප්‍රතිව්‍යුහගතකරණය නවතා ලීමට නොව සේවක අර්ථසාධක අරමුදලේ අයිතිය හිමි සාමාජිකයන්ගේ කැමැත්ත විමසීමකින් තොරව ඔවුන්ට හිමි වරප්‍රසාද කපා හැරීම තුල අසමානව සැලකීම යන පදනම මත ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට තීන්දුවක් ලබා ගැනීම සඳහා බවය.
අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියන්නේ රටේ මූල්‍ය බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවට බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ XVII වන පරිච්ඡේදයේ 148 වගන්තිය අනුව එය නිවැරැදි යි. එහෙත් පාර්ලිමේන්තුව ඒ අනුව කටයුතු කොට තිබේද ? එසේ වගවීමෙන් පාර්ලිමේන්තුව කටයුතු කලේ නම් අද රට බංකොලොත් වෙයිද ? පාර්ලිමේන්තුව තම වගකීම නිසි පරිදි ඉටු නොකොට මහජනයාගේ පරමාධිපත්‍ය උල්ලංඝනය කොට ඇති අවස්ථාවක මහජන ඡන්දයකින් පත් නොවූ ජනාධිපති වරයෙක් අභියෝග කරන්නේ රටේ පරමාධිපත්‍ය හිමි පුරවැසියන්ටය. එසේනම් පුරවැසියන් තවදුරටත් ඉවසිය යුතු ද?
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වන වගන්තියෙන් පාර්ලිමේන්තුවට දී ඇති මූල්‍ය බලය “වල්බූරු” ආකාරයට භාවිතා කිරීම වැලැක්වීමට 2003 අංක 3 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම) පනත (Fiscal Management (Responsibility ) Act No. 3 of 2003) එම පාර්ලිමේන්තුවෙන්ම සම්මත කොට ඇත. මෙම පනතේ 3 (a) වගන්තියට අනුව 2006 සිට ඉදිරියට ලංකාවේ අයවැය හිඟය දල දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 5% නොඉක්මවිය යුතුය යන්න නීතියෙන් සීමා කොට ඇත. එහෙත් 2006 සිට මේ දක්වාම සෑම වර්ෂයකම අයවැය හිඟය දල දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 5% ඉක්මවා ගොස් ඇත. උදාහරණයක් හැටියට 2020-14% ක්ද , 2021-11.6% ක්ද, 2022-9.8% ක්ද සහ 2023-7.9% (e) ලෙස මෙම සීමාව ඉක්මවා රටේ ආදායම් වියදම් නිසියාකාරව කළමනාකරණය කොට නැත. එසේනම්, ජනාධිපති කියන ආකාරයට පාර්ලිමේන්තුව ඔවුන්ට පුරවැසියා විසින් පවරා ඇති මූල්‍ය බලය සම්බන්ධ වගකීම නිසි පරිදි ඉටුකොට තිබෙනවා ද ?
එම පනතේම 3 (c) වගන්තියට අනුව රජයේ ණය අසීමිතව ඉහළ යාමට තුඩු දෙන ප්‍රතිපත්ති අනුගමනය නොකළ යුතු බවත් , 3 (f) වගන්තිය ප්‍රකාරව 2006 ජනවාරි 1 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි රජයේ සම්පූර්ණ ණය , භාහිර ණය ද ඇතුළුව, දල දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 85% නොඉක්මවිය යුතු බවත් 2013 ජනවාරි 1වන දින වන විට ණය බර 60% දක්වා පහළට ගෙන ඒමට කටයුතු කල යුතු බවට කොන්දේසියක් තිබුණි . එහෙත් එම කොන්දේසිය කඩ කල රජය 2013 දී පනත සංශෝධනය කොට 2020 දක්වා 80% මට්ටමේ පවත්වා ගෙන යෑමට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගත්තේ ය. එහෙත් නැවත එම කොන්දේසිය උල්ලංඝනය කරන පාර්ලිමේන්තුව 2021 දී පනතට තවත් සංශෝධනයක් එක් කරමින් 2030 මුදල් වර්ෂය අවසානය දක්වා 80% මට්ටමේ ණය සීමාව පවත්වා ගෙන යෑමට නැවත පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගත්තේ ය. මෙවැනි නීති කුමටද කියා හිතෙන්නේ 2022 වන විටත් රජයේ ණය තොගය දල දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් හැටියට 128% මට්ටම ඉක්මවා තිබෙන තත්ත්වයක් තුලය. එසේනම් , පාර්ලිමේන්තුවට තිබෙන මූල්‍ය බලය යනු ඔවුන්ට සිතැඟි පරිදි රටේ ජාතික ධනය අවභාවිතා කොට පරම්පරා කිහිපයක් රටේ ජනයා ණය කරුවන් කිරීම ද? පසුගිය දා විගණකාධිපති වරයා ප්‍රකාශ කලේ මෙය නොවේද ? 2015 වන විට රුපියල් ට්‍රිලියන 8 ක ව්‍යාපෘති ණය ලබා ගෙන ඇති මේ පාලකයන් රටේ සංවර්ධනය සඳහා යොදවා ඇත්තේ ට්‍රිලියන 2 ක් පමණක් බවත් ඉතිරි රුපියල් ට්‍රිලියන 06 ට සිදුවූ දේ සොයාගැනීමට අවුරුදු 08 ක් තිස්සේ උත්සාහ කලත් විගණකාධිපති දෙපාර්තමේන්තුව තවමත් අසමත් වී ඇති බවත් ය. එසේනම් ඒ මුදල් වලට සිදුවූයේ කුමක්ද ? ඔබට සිතා ගත හැක.
එමෙන්ම, මෙම මූල්‍ය කළමනාකරණ වගකීම් පනතේ 3 (g) වගන්තියට අනුව රජය විසින් ගන්නාවූ ප්‍රතිපත්ති ඉදිරි පරම්පරාවලට (for future generations ) බලපෑමක් නොවන ලෙසට ගන්නා බවට වගබලා ගත යුතුය යනුවෙන් පාර්ලිමේන්තුව නීතිමය වශයෙන් යටත් කොට ඇත. එය සිදු වී තිබෙනවා ද ?මොවුන් විසින් ලබා ගෙන තිබෙන සහ තවත් ගන්නා ණය ඉදිරි පරම්පරා කීයකට බලපානු ඇත්ද?
මේ වන විට දල දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස රජයේ ණය 128% ක් වන අතර, දේශීය සහ විදේශීය ණය තොගය ඩොලර් බිලියන 83.59 ක් වී ඇත. මෙම ණය ප්‍රතිව්‍යුහගත කිරීම තවත් වසර 30 ක් වත් යන තුරු ඉදිරියට බලපාන අතර , ඊයේ ජනාධිපති වරයා කියන ආකාරයටම තවත් ණය ගැනීමට බලාපොරොත්තු වන බවත් කියයි. එසේනම්, පාර්ලිමේන්තුව ඔවුන්ට පැවරී ඇති මූල්‍ය බලය මෙසේ අවභාවිතා කිරීමට ඉඩදී පුරවැසියන් වන ඔබලා තවදුරටත් “බකන්නිලාගෙන” සිටිනවා ද ?
2015 වන විට එතෙක් පැවති රජයන් ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළින් (ISB) ලබා ගෙන තිබුනේ ඩොලර් බිලියන 5.3-5.5 ත් අතර ණය ප්‍රමාණයකි. එහෙත් 2015 බලයට එන රනිල් වික්‍රමසිංහ+සිරිසේන යහපාලන රජය ඩොලර් බිලියන 12.9 කට ආසන්න ස්වෛරී බැඳුම්කර ණය ලබා ගෙන ඇත. ඊට අමතරව තවත් ඩොලර් බිලියන 6.5 කට ආසන්න ද්වීපාර්ශවීය ණය ලබා ගත් අතර, හම්බන්තොට වරාය විකුණා තවත් ඩොලර් බිලියන 1 ලබා ගත්තේ ය. මේවා සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය හෝ අවම වශයෙන් එම මුදල් වැය කලේ කුමක් සඳහා ද කියාවත් පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකළ අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද කියන්නේ පාර්ලිමේන්තුවට තිබෙන මූල්‍ය බලයට කිසිවෙකුට අභියෝග කල නොහැකි බව ය. එහෙත් ඔහුට මතක් කර දිය යුත්තේ මේ අභියෝගය කරන්නේ රනිල් වික්‍රමසිංහ ඇතුළු පාර්ලිමේන්තුවට වසර 5 කට භාරකාරත්වය ලබා දී ඇති රටේ පරමාධිපත්‍ය බලය හිමි පුරවැසියාම බවය.
මෙම පෙත්සම් කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් තිබෙන්නේ විධායක හෝ පරිපාලන ක්‍රියාවක් මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කොට තිබෙන මූලික අයිතිවාසිකමක් උල්ලංඝනය වී ඇති බවට නඩු නිමිත්තක් ඇති වී තිබීම හේතුවෙන් ඒ සම්බන්ධව සහනයක් ලබා ගැනීම සඳහා ව්‍යවස්ථාවෙ 126 වන වගන්තියෙන් ඔවුන්ට හිමි වී ඇති අයිතිය තහවුරු කරගැනීම සඳහා යි. රනිල් වික්‍රමසිංහ ජනාධිපති වරයා අධිකරණයට බලපෑම් කිරීමට උත්සාහ කරන්නේ ඔහු දැනටමත් සිදුව ඇති වැරැද්ද දන්නා නිසාද ?
සෑම දේශපාලනඥයෙකුම සිහියේ තබා ගත යුත්තේ තමන්ට බලය තිබෙන තාක් කල් ඔවැනි පුරසාරම් දෙඩිය හැකි වුවත් බලය නැති වූ දාට දඟ ගෙට යාමට වුවද සිදුවනු ඇති බවය. ලංකාවේ මෛත්‍රීපාල සිරිසේනට මිලියන 100 ක් ගෙවීමට සිදු වුයේද ඒ නිසයි . අමෙරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙන්නට යන්නේත් එයයි. එමනිසා, අද වැජඹෙන පාලකයන් මහඋළු ගෙදර යන දවස වැඩි ඈතක නොවනු ඇත. ඒ සඳහා රටේ පුරවැසියන් අවබෝධයෙන් කටයුතු කොට මෙම දූෂිත, ඒකාධිපති පාලකයන් බලයෙන් පහකොට ඔවුන් විසින් අපිට අහිමි කල ජාතික සම්පත් යලි අත් පත් කරගෙන මේ රට ගොඩනැගීමට කැපවුණු අදූෂිත, රටේ පුරවැසියාට වගවෙන තරුණ තරුණියන් අතට බලය මාරුවෙන පාලනයක් බිහි කරගනිමු. ඒ සඳහා තනි තනිවත් , සාමුහිකවත් අපි නොපවාම කටයුතු කරමු.
ශාන්ත ජයරත්න
ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශක
05.08.2023
References :
Top