පෙබරවාරි 16 සිට 19 වැනිදා දක්වා සිදු කිරිමට නියමිත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රථම නිල විදේශ සංචාරය වන ඉන්දියානු සංචාරය යෙදි නවදිල්ලි නුවරට පැමිණෙන මෛත්‍රීපාල සිරිසේන පිලිගැනිමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගුවන් තොටුපළට පැමිණිමට නියමිත බව ඉන්දිය LNW විශේෂ වාර්තාකාරිණි  ආසෝ ඛාන් (Aazo Khan) වාර්තා කරනවා.සාමාන්‍යයෙන් රාජ්‍ය නායකයෙකු සමග සාකච්ඡා සදහා වෙන්වන්නේ විනාධි 45ක් වුවද  මෝදි සහ මෛත්‍රී අතර සාකච්ඡා සදහා පැය දෙකක කාලයක් වෙන්කර තිබෙන බවත් ඇය සදහන් කළා.

ද්‍රවිධ ජාතික සංධානය හදිසියේ උතුරේ ජන සංහාරයක් සිදු වී ඇති බව පවසමින් ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා සිටිම හරහා ශ්‍රී ලංකාවේ නව රජය අනතුරක දමා ඇතිබවත් සත්‍ය වශයෙන්ම ශ්‍රි ලංකාවේ නව රජය ද්‍රවිධ සංධානයෙන් බලාපොරොත්තු වුයේ අදාළ පනත වසරක් පමණ ප්‍රමාද වි සම්මත කර ගනු ඇතැයි බවද ඉන්දිය රජය සමග අදහස් හුවමාරු කරගනිමින් ලක් රජය පවසා ඇති බවද ඉන්දිය රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරන බවද ඇය  සදහන් කළා.

ඉන්දිය රජයේ අභ්‍යන්තර තොරතුරු වාර්තාකරණයේ යෙදේන ආසෝ ඛාන් සදහන් කළේ ද්‍රවිධ ජාතික සංධානය හේවත් TNA ඉන්දිය රජයේ නියෝග නොසලකා හරිමින් යුරෝපා රටවලට අවශ්‍ය අකාරයට කටයුතු කිරිම හේතුවෙන් TNA සංවිධානය 3කට කැඩිම සදහා රෝ සංවිධානයට පවරා ඇති බවයි.ඒ අනුව ඉතා ඉක්මනින්ම TNA සංවිධානය කොටස් 3කට වෙන්ව යනු ඇති බවද ඇය පෙන්වා දෙනවා.
 
මේ අතර  සුමන්තිරන් මන්ත්‍රිවරයා සහ ආර්.සම්පන්දන් මන්ත්‍රිවරයා ඊලග මහා මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් නිර්මාණය වුවහොත් අමාත්‍ය ධුර ලබාගැනිම සදහා දැනටම එකඟ වි ඇති බව රෝ සංවිධානය ඉන්දිය බුද්ධි අංශ සදහා වාර්තාකර තිබෙන බවද ඇය සදහන් කළා.

Top