2007 අප්‍රේල් 04 දා කටුනායක ගුවන් තොටුපොලේදී CIDය විසින් අත් අඩංගුවට ගෙන පසුව 2014 වසරේ පෙබරවාරි මස 24 වැනිදා කොළඹ මැගසින් බන්ධනාගාරයේදී බ්‍රිතාන්‍ය පුරවැසි ශ්‍රී ලංකාවේ දෙමළ ජාතික සිරකරුවෙකු වන විශ්වලිංගම් ගෝපිදාස් හදිසියේ මිය යැම ඝාතනයක් බවත් ඒ පසුපස සිටින පුද්ගලයෙකු සම්බන්ධයෙන්ද රහසීගත තොරතුරු රැසක් අනාවරණය වි තිබේ.

යාපනයේ සිට මහා බ්‍රිතාන්‍යයට ගොස් පදිංචිව සිටි විශ්වලිංගම් ගෝපිදාස් යලි මව්රටට පැමිණියේ 2007 වර්ෂයේදීය.ඒ නියෝජ්‍ය පොලිස්පතිවරයකු වන සිරිසේන හේරත්ගේ පුත්‍රයා සමග VG හෝල්ඩින් සමාගම නිර්මාණය කර වෙළද ව්‍යාපාර කිරිමටය.මෙම ව්‍යාපාර සිදු කරන අතරවාරයේදී රවිචන්ද්‍රන් හෙවත් සෙල්ටෙල් රවී සමග මිත්‍ර වන ඔහු පොලීසියට හසු වන්නේ අධි තාක්ශණික උපකරණ තොගයක් සමග සේල්ටෙල් රවීට අයත් WP HM **** දරන මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියදීය.

ත්‍රස්තවාදය වැලැක්විමේ පනත යටතේ වසර පහක සිරදඩුවම් ලබන ගෝපිදාස් බන්ධනාගාර ගත විමෙන් පසු සෙල්ටෙල් රවී යාපනයට ගොස් ගෝපිදාස්ගේ බිරිද හමුවි තිබේ.පොලිසිට හා බන්ධනාගාරයට පගාව ලබාදී ගෝපිදාස් බේරා ගැනීම සදහා ඇය සතුව තිබු පවුම් 237 ක රත්‍රං සහ අත්සන් කල චෙක්පත්ද රැගෙන කොළඹට පැමිණි සෙල්ටෙල් රවී ගෝපිදාස් අමතකකර දමා තිබේ.

“මගෙන් ගත්ත සල්ලි වලින් මාව බේරගනින්” දිනක් ගෝපිදාස්, රවිචන්ද්‍රන්ට දොස් තබ ඇත්තේ කොළඹ ජාතික රෝහලේ හෘද ඒකකයට ප්‍රතිකාර ලබා ගැනිමට පැමිණ සිටියදීය.
නමුත් වසර 5ක් යනතුරු ගෝපිදාස් සම්බන්ධයෙන් කිසිදු තැකිමක් නොකල රවී විශ්වලිංගම් ගෝපිදාස් ඝාතනය කිරිමට බන්ධනාගාර බුද්ධි හා විමර්ශන ඒකකය සමග ගණුදෙනුවක් කර තිබේන බව අනාවරණය වි තිබේ.දඩුවම් ලෙස වසර 5 ක් බරපතල වැඩ ඇතිව සිර දඩුවම් නියම වි සිටි ගෝපිදාස් සමා කාලයන්ද සමග නිදහස් වීමට නියමිතව තිබී ඇත්තේ ඝාතනය විමට මාස කිහිපයකට පසුව පමණී.

බන්ධනාගාරය තුල සිදුවු ඝාතනය!

පේදුරුතුඩුවේ පදිංචි බ්‍රිතාන්‍ය පුරවැසි, දෙමළ ජාතික (විශ්වලිංගම් ගෝපිදාස්) Vishvalingam Gopidas නම් එවකට 43 හැවිරිදි සිරකරුවා වැසිකිලියක මිය ගොස් සිටියා යයිද සිරුර 24 දා උදෑසන හමුවූවා යයිද බන්ධනාගාර පාලකයන් විසින් එවකට මාධ්‍යයට සදහන් කලද අදාළ මරණය ඝාතනයක් බවට සැක පලවු අතර ඝාතනයට විරෝධය දක්වමින් උද්ඝෝෂණ පවා පැවැත්වුනා.

ගෝපිදාස්ගේ මරණය ඝාතනයක් වුවත් එවකට අදාළ ඝාතනය වසන් කිරීමට විමර්ෂණ නිළධාරින් පවා කටයුතු කර තිබේන අතර මෙම අමානුෂික ඝාතනය වසන් කිරීමට අධිකරණය දායක වූයේ මහේස්ත්‍රාත්ගේ මරණ පරීක‍ෂණයේදී මිය ගිය පුද්ගලයා වැටී සිටියා යැයි කියන ස්ථානය පරීක‍ෂා කළ යුතුම වුවත් එය සිදු නොකිරීමෙනි.මරණයට හේතුව හෘදයාබාධයක් බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වූ බවයි එවකට සිටි බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා මාධ්‍යයට සදහන් කර තිබුනේ.

විශ්වලිංගම් ගෝපිදාස් ඝාතනයට ලක්වු දිනයට පෙර දිනයේ බන්ධනාගාර බුද්ධි හා විමර්ශන ඒකකය විසින් ඔහුව ප්‍රශ්න කිරීම සඳහා රැගෙන ගොස් ඇති අතර එහිදි පහරදි ඝාතනය කර පසුව රැගෙනවිත් යලි බන්ධනාගාරයට දමා තිබේ.ගෝපිදාස්ගේ සිරුර වැසිකිලියක දමා 24 දා උදේ 7.46 ට බොරැල්ල පොලිසියට කතා කොට වැසිකිලියක සිරකරුවෙක් වැටී සිටියා රෝහලට ගෙන යද්දී මිය ගියා යැයි දැනුම් දෙමින් බන්ධානාගාර පාලකයන් විසින් පතාක බොරුවක් ගොතා ඇත.

විශ්වලිංගම් ගෝපිදාස් මරා දැමීමට පෙර තමාව ඝාතනය කරන්නට සිටින බව අවස්ථා දෙකකදී ඔහු විසින ලිඛිතව දන්වා තිබේන අතර ඔහු ඒ සම්බන්ධයෙන් පවුලේ අයටද බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයට දැනුම් දි තිබේ.විශ්වලිංගම් සතුව ඇති රත්‍රං සහ මුදල් කොල්ල කෑම සදහා කාලයක් තිස්සේ සෙල්ටෙල් රවි උත්සහ කර තිබේන අතර රවී ප්‍රසිද්ධියේම ගෝපිදාස්ට තර්ජනය කර තිබෙන අතර ඒ සම්බන්ධයෙන් සාක්ෂි රැසක්ද අප සතුව තිබේ.

සේලටෙල් රවී ඇත්ත වමාරයි!

මෙම මරණයෙන් පසු සිංගප්පුරුවට ගිය සේලටෙල් රවී සිය මිතුරකු සමග මත්පැන් සාදයක් පවත්වා තමන් කල වැරදි වමාරා ඇත.ගොබිදාස්ගේ බිරිද මුදල් ලබා ගැනීම ගැන අඩ අඩා ප්‍රකාශ කර තිබේ.එහිදී සිය මිතුරෙකු වන අතුල සෙනරත්ගේ යහලුවකු වන රේගු නිලධාරියෙක් තමන් හිර කර ගනිමින් මුදල් ලබාගත් ආකාරයද පැහැදිලි කර ඇති සෙල්ටෙල් රවි ආවධාරණය කර ඇත්තේ තමන්ට මුදල් ලැබුණු පසු ගෝපිදාස්ගෙන් ගත් සියලු මුදල් බිරිදට ලබා දෙන බවයි.
එහෙත් සේල්ටෙල් රවිට මුදල් ලබා දීමට මගක් නොමැත.කිසිම දිනෙක රැකියාවක් නොකල මොහු ප්‍රභූ පුද්ගලයන්ගේ දුරකථන දත්ත ලබා ගෙන බැලැක් මේල් කරමින් මුදල් ලබා ගැනිමේ ජාවාරම් වල නිරතව සිටි පුද්ගලයෙකි.

පාස්කු ප්‍රහාරයේ තවුහිත් ජමාද් සංවිධානයට මුදල් ලබා දුන් වීල්ස් ලංකා හිමිකරු ඉමිතියාස් යන අයට අයත් කොල්ලුපිටියේ පිහිටි සුපිරි නිවාස සංකීර්ණයක් වන එම්පයර් තුල සිදු වු අවි ගණුදෙනුවකටද සෙල්ටෙල් රවි සම්බන්ධ වි ඇත.ඉම්තියාස්ගේ ඉල්ලීම මත යැයි ප්‍රකාශ කරමින් ඔහුගේ එම්පයර් නිවසේ තිබු ස්වයංක්‍රිය ගිණිඅවිය බිරිදගෙන් ලබා ගෙන සෙල්ටෙල් රවි සිය වාහනය වන (WP HM **** ) දරන වාහනයකින් ගිනි අවිය ප්‍රවාහනය කර තිබේ.කැළණිය ප්‍රදේශයේ හමුදා නිලධාරියකුට එය ලබාදි ඉම්තියාස් නැමැති අයගෙන් විශාල මුදලක් ලබා ගැනීමටද මොහු කටයුතු කර තිබේ.

වැලිකඩ බන්ධනාගාරයේ සිර දඬුවම් විදිමින් සිටි බ්‍රිතාන්‍ය පුරවැසි භාවය හිමි විශ්වලිංගම් ගෝපිදාස්ගේ මරණය සැක සහිත බව පවසමින් බන්ධනාගාරය අසල එවකට පැවැති විරෝධතාවය

Top