LNN SPY

TNA රාජපක්ෂ සමග නව ගමනක්! ඩොනල්ඩ් ට්‍රම්ප් TNA ඉන්දියාවේදි හමුවක්! සෙසු දෙමළ පක්ෂත් වැට උඩ…

Published on: Feb 11, 2020- දෙමළ ජාතික සන්ධානය හේවත් TNA ඇතුලු සේසු දමිළ පක්ෂ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග එක්ව වැඩකිරිමට මේ වනවිට සුදානමින් සිටින බව උතුරේ අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.ඒ අනුව ඊට අදාළ සාකච්ඡා සිදුවෙන බවයි ඔහු සදහන් කලේ.

ඉන්දු-පැසිෆික් කලාපයේ එක්සත් ජනපද මිලිටරි ව්‍යාප්තිය සදහා පත්කරගත් ගෝඨාභය රාජපක්ෂ ඇමරිකානු හිතවාදි ගැත්තේකු විම සහ ඉන්දිය රජයේ හුරතෙලෙකු විම හේතුවෙන් මේ වනවිට දමිළ පක්ෂ ගෝඨාභය ප්‍රමුඛ රාජපක්ෂ ආණ්ඩුව සම්බන්ධයෙන් විශ්වාසනීය තත්ත්වයකට පැම්ණ තිබේන බව උතුරේ අප දේශපාලන වාර්තාකරු තහවුරු කළා.

ඉලංකෙයි තමිල් අරසු කච්චි ( ITAK), දෙමල ඊලම් විමුක්ති සංවිධානය (ටෙලෝ) හා දෙමල ඊලම් මහජන විමුක්ති සංවිධානය (ප්ලොට්) ඇතුලත් වන දෙමල පක්ෂවලින් සැදුම්ලත් එක්සත් ජනපද හීතවාදි ද්‍රවිධ ජාතික සන්ධානය (TNA) මෙන්ම කදුකරයේ සහ උතුරේ ක්‍රියාත්මක කුඩා දමිළ පක්ෂ ද මේ වනවිට රාජපක්ෂ පාලනය සමග එක කටයුතු කිරිමට අදාළ සාකච්ඡා ආරම්භ කර තිබේ.

විග්නේෂ්වරන් අඩිය තියයි….

මේ අතර උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සි.වී විග්නේෂ්වරන්ගේ නායකත්වයෙන් යුත් දෙමළ ජනතා ජාතික සන්ධානය නමින් නව දේශපාලන පක්ෂයක් පිහිටුවා ගැනිමද මෙම සාකච්ඡා ඉලක්ක කර සිදුකර තිබේ.

කවදත් රාජපක්ෂ හිතවාදී මෙන්ම උග්‍ර අමරිකානු වාදියෙකු වන විග්නේෂ්වරන් ප්‍රධාන දෙමළ මහජන සභාව සංවිධානය, ඇතුලු සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් නායකත්වය දරන EPRLF පක්ෂය, හිටපු අමාත්‍ය ආනන්ද ශෂිදරන් නායකත්වය දරන ඊලාම් දෙමළ ස්වාධීන පක්ෂය සහ ටෙලෝ පක්ෂයෙන් ඉවත් වු එස්. ශ්‍රීකාන්ත මහතා නායකත්වය දරන දෙමළ ජනතා පක්ෂය නව සන්ධාන ගිවිසුමට අත්සන් තබා තිබේ.

සන්ධාන ගිවිසුම අත්සන් කිරීමෙන් අනතුරුව අදහස් දක්වමින් උතුරු පළාත් හිටපු අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් සඳහන් කළේ, දෙමළ ජනතාවගේ ගැටළු වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානය හරහා විසඳුම් නොලැබෙන බැවින් මෙම නව සන්ධානය බිහිකළ බවයි.

පසුගිය ජනාධිපතිවරණයේදි ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ “ආඥාදායකයෙකු” ලෙස නම් කරමින් ද්‍රවිධ ජාතික සන්ධානය එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය ලබාදිමට කටයුතු කලද මේ වනවිට පවතින තත්ත්වය හමුවේ සහ ඇමරිකානු,ඉන්දියා මැදිහත් විමත් එයට රාජපක්ෂලා අවනත විමත් සලකා බලා රාජපක්ෂලා සමග ගනුදෙනු කිරිම සදහා සුබවාදී කොණයකින් බැලිමට ද්‍රවිධ ජාතික සන්ධානය තිරණය කර තිබේ.

ට්‍රම්ප් පාලනයේ ප්‍රබලයන් TNA හමුව!

කෙසේවෙතත් උතුරේ අප දේශපාලන වාර්තාකරු අනාවරණය කලේ ලංකාවේ සංචාරය කල ට්‍රම්ප් පාලනයේ ප්‍රබලයන් වන අමෙරිකානු ජාතික ආරක්ෂක මණ්ඩලයේ දකුණු ආසියාව සඳහා වන ජනපති ට්‍රම්ප්ගේ නිල නියෝජිත Lisa Curtis,දකුණු මධ්‍යම ආසියානු සම්බන්ධතා පිළිබඳ අතිරේක ලේකම් Alice Wells,ට්‍රම්ප් ගේ විශේෂ නියෝජිත (White House Deputy Press Secretary and Deputy Assistant to the President from 2017 to 2019. ) Raj Sha ශ්‍රි ලංකාවේ අමෙරිකානු තානාපති Alaina Teplitz දමිළ ජාතික සන්ධානය ප්‍රධානින් සමග සිදුකල සාකච්ඡා වලදි 13 වන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරිම,උතුරේ සංවර්ධනය කඩිනම් කිරිම සහ ඒ සදහා ඇමරිකාව සaජුව මැදිහත් විම ඉන්දියාව සමග ශ්‍රි ලංකා ආණ්ඩුවේ සම්බන්ධතා වර්ධනය කිරිම ආදි කරුණු රැසක් සම්බන්ධයෙන් ගෝඨාභය ජනාධිපතිවරය සමග සිදුකල සාකච්ඡා සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාර ලැබි තිබේන බව දුත පිරිස ද්‍රවිධ සන්ධාන ප්‍රධානින්ට දැනුම් දි තිබේ.

ඩොනල්ඩ් ට්‍රම්ප් TNA ඉන්දියාවේදි හමුවක්!

මිට අමතරව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මෙලනියා ට්‍රම්ප් පෙබරවාරි 24-25 දිනවල නවදිල්ලියේ සංචාරය කිරීමට නියමිත අතර එහිදි ද්‍රවිධ ජාතික සන්ධානයේ ඉදිරිපෙළේ නායකයන් කිහිප දෙනෙකු සමග ට්‍රම්ප් ඉන්දියාවෙදි සාකච්ඡා කිරිමට සුදානම් බව මේ වනවිට ආනාවරණය වි තිබේ.

මේ අතර, එක්සත් ජනපද ආරක්ෂක ආරක්ෂක සහයෝගිතා ඒජන්සිය ( DSCA) ඉන්දියාව සමඟ ඩොලර් බිලියන 1.867 ක ඇස්තමේන්තුගත පිරිවැයකින් ඒකාබද්ධ ගුවන් ආරක්ෂක අවි පද්ධති ගනුදෙනුවක් ද සිදු කිරිමට නියමිතයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ්‍රි ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ඉන්දියාවේදි කල ප්‍රකාශය ….

“ශ්‍රී ලංකාවේ, ප්‍රතිසන්ධානය හා සම්බන්ධ ගැටළු පිළිබඳව අපි විවෘතව කතා කළෙමු. එක්සත් ශ්‍රී ලංකාවක් තුළ සමානාත්මතාවය, යුක්තිය, සාමය සහ ගෞරවය සඳහා දෙමළ ජනතාවගේ අපේක්ෂාවන් ශ්‍රී ලංකා රජය විසින් අවබෝධ කර ගනු ඇතැයි මට විශ්වාසයි. මේ සඳහා ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහතුන්වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම සමඟ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම අවශ්‍ය වේ. ”

Top