Featured

VATපෙන්වා ජනතාවට BATඑකෙන් කෙළිය යහපාලන සංහිදියා හයිබ්රිබඩ් ආණ්ඩුවේ OPIUM මෙහෙයුම

VAT එක ජනතාවගේ සාක්කුවට බලපෑවේය. මේ නිසා ජනතාව VAT වලට විරැද්ධ විය. 11 වැනිදා සම්මත වන්නට තිබුණේ VAT පනතය. ශ්‍රේෂ්ඨාධිකරණයද VAT වලට විරැද්ධව දෙවැනි තීන්දුවද දුන්නේය. ජනතාව හිතුවේ දැන් ඉතින් VAT ප්‍රශ්නය ඉවරයි කියාය. 11 වැනිදා සම්මත වන්නට තිබූ VAT පනත වෙනුවට BAT පනත හෙවත් OPIUM මෙහෙයුම නොහොත් ඕ.එම්.පී. කාර්‍යාල පනත සම්මත කර ගත්තේ හීන්සීරැවේ ය..ගහෙන් වැටුව මිනිහට ගොනා ඇන්න බව ජනතාව තේරැම් ගන්නේ ඕ.එම්.පී. කාර්‍යාලය පිහිටුවා ඉන්  අහිංසක රණවිරැවන්ට පහර වැදෙන විටය. ජාත්‍යන්තර යුධ අපරාධ උගුලට හසුවෙන විටය. එක්නෙක පිළිවෙලට සාක්ෂි ඉදිරිපත් කෙරෙන විටය.

ඕ.එම්.පී. කාර්‍යාල පනත ඒකච්ඡන්දයෙන් සම්මත වෙද්දී ඒකාබද්ධ විපක්ෂය කළු පටි පැළද සිය නිරැවත වසා ගැනීමට නිරර්ථක උත්සාහයක් ගත්තේ ය. ඕ.එම්.පී. කාර්‍යාල පනත සම්මත වෙද්දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කොරියා වේය. ඇල්ලේ ගුණවංශ හාමුදුරැවන් සහ ඒකාබද්ධ විපක්ෂය පත්තරෙන් NEWS කියවන යහපාලන සංහිදියා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තරගයට ලියුම් ලියමින් ඕ.එම්.පී. කාර්‍යාල පනත සම්බන්ධව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 129 යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසන ලෙස ඉල්ලා ඇති බව දිවයිනේ සහ THE ISLAND පත්තරවල පමණක් මුල් පිටුවේ පළ වුණේ ය.

එහෙත් කිසිවකු මේ අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය(පිහිටුවීම, පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම) සමපන්ධ පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉල්ලීමක් කරමින් එහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලත්වය සම්බන්ධව විමසීමක් කළේ නැත. ලංකාවේ පදුරකට පයින් ගැසූ විට දේශප්‍රේමීන් දුසින් ගණන් විසිවන සමයක මේ පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය  යාමට නීතීඥවරයෙකු හෝ වෙනත් පුරවැසියකු ඉදිරිපත් නොවීම ලංකාවේ නිවහල් චින්තනයේ තරම මැනවින් කියා පාන උදාහරණ සපයයි.

නීති විරෝධීව අගවිනිසුරැවරැ දෙදෙනෙකු ධූරයෙන් ඉවත් කළ ලංකාවේ LAWASIA ජාත්‍යන්තර නීති සම්මන්ත්‍රණ පවත්වන ලාංකීය නීතීඥ සුළුතරයට ලංකාව පාලනය කිරීම කජුකනවා තරම් පහසු බව මේ අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය(පිහිටුවීම, පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම) සමබන්ධ පනත් කෙටුම්පත සම්මත කිරීමට දියත් කළ මෙහෙයුම පැහැදිලි කරයි. 2015 අගොස්තු පැවති පාර්ලිමේන්තු මැතිවරණයට පෙරදින ෆයිසර් මුස්තාෆා..වැලිඅමුණ…විශ්වා වර්ණපාල මෙහෙයුමෙන් පරාජිතයන් පාර්ලිමේන්තු යවන ජාතික ලැයිස්තු මන්ත්‍රී කොල්ලය සැළසුම් කළේත් VAT පෙන්වා BAT කරන ආකාරයටමය. ඊනියා ජාතික ආණ්ඩුව අටවා ගැනිමින් ඇමතිවරැ වැඩිකරගත්තේත් මේ අකාරයටම ය. ඉදිරියටත් VAT පෙන්වා නොයෙක් මෙහෙයුම් දියත් වනු ඇත. ජනතාව ඒකාබද්ධ විපක්ෂය මිරැගුවේ තවදුරටත් රැවටිය යුතු නොවන බව මෙම ලිපියෙන් පෙන්වා දෙන්නේ හේතු ඇති වය.

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය(පිහිටුවීම, පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම) සමබන්ධ පනත් කෙටුම්පතට සිදු කළ යුතු වෙනස්කම් කිහිපයක් මෙම ලිපිය මගින් පෙන්වා දීමට අදහස් කරන්නේ යම් නීතියක් සම්මත කළ පසු එයට අවනතව ක්‍රියා කිරීමේ සමාජ යුතුකමක් ජනතාවට වන හෙයිනි. බල්ලන් බිරැවට හද කඩා නො වැටේ. සිවිල් නීති කඩ කරමින් බන්ධනාගාරගත විමට එඩිතරවන මහත්මා ගාන්ධිලා හෝ නෙල්සන් මැන්ඩේලා අපේ රටේ නැති බවද ජනතාව අවබෝධ කළ යුතුය.

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය(පිහිටුවීම, පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම) සමබන්ධ පනත් කෙටුම්පතට සිදු කළ යුතු වෙනස්කම් කිහිපයක් පහත සදහන් වෙයි.

පනත් කෙටුම්පතේ 4. වගන්තිය අනුව ඕ.එම්.පී. යට සාමාජිකයන් හත් දෙනා පත් කිරීමේදී සළකා බලා ඇත්තේ විදේශීය අධ්‍යාපන දැනුම පමණි.එනම් බ්‍රිතාන්‍ය නීති උපාධිධාරීන්ට ඕ.එම්.පී. සාමාජිකත්වය පහසුවෙන් ලබා ගත හැකිය. ලංකාවේ පැවතිය යුතු පෙරදිග චිනත්නය බිද දැමීම මෙහි අරමුණයි. එබැවින් ඕ.එම්.පී. සාමාජිකයන්ට ලංකාවේ ඉතිහාසය පිළිබද දේශීය විශ්ව විද්‍යාලයකින් පළමු උපාධියක් තිබෙන බවට වගබලා ගත යුතුය යනුවෙන් එය සංශෝධනය විය යුතුය.

එමෙන්ම ඕ.එම්.පී.හී බලතල දැක්වෙන 12 වන වගන්තියේ iii ඕ.එම්.පී.හි මතය අනුව මහජනතාවට වැදගත් වනයන්නෙහි “ඕ.එම්.පී. හි මතය” අනුව යන්න ඉවත් විය යුතුය.

අතුරුදහන් වූ තැනැත්තන් එසේ අතුරුදහන් වූ අවස්ථානුගත කරුණුපිළිබඳව සහ ඔවුන්ගේ ඉරණම සහ ඔවුන් සිටින ස්ථාන පිළිබඳවදැනගැනීමට අතුරුදහන් වූ තැනැත්තන්ගේ ඥාතින්ට හිමිකම ඇතිබව දක්වා ඇති හෙයින් අර්ථ නිරෑපණ වගන්තිය වන 27 වන වගන්තියේ අතුරුදන් වූ තැනැත්තන්ට අදාළව “අතුරුදන් වූ තැනැත්තාගේඥාතියා”යන්නටවෙනත් යම් ඥාතියෙකු යන්නද එකතු කිරීමෙන් 1971 සහ 1988-89 වකවානුවේ අතුරැදහන්වූ අය සම්බන්ධවද සොයා බැලීමට අවස්ථාව ලැබේ.මේ පනතේ සෑම ස්ථානයකම ඥාතීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම ලෙස දක්වා ඇති හෙයින් මෙම සංශෝධනයට ඉඩ දීම සාධාරණ වෙයි.

(පනත් කෙටුම්පතේ 14. මේ පනත යටතේ ස්වකීය බලතල ක්‍රියාත්මක කිරීමේ දී යම්නැත්තකුගේ තත්ත්වය සැලකිල්ලට නොගෙන සහකවර හෝ හේතුවක් මත වෙනස්කම් දැක්වීමකින් තොරවසමානාත්මතාවය මත අතුරුදහන් වූ තැනැත්තන්ගේ සහ ඔවුන්ගේඥාතින්ගේ අයිතිවාසිකම් ක්‍රියාත්මක කරන බවට ඕ.එම්.පී. සහතිකවිය යුතු ය. යනුවෙන් දක්වා ඇති හෙයින් 27වන වගන්තියේ දැක්වෙන “ගණනය නො වූ යන්න යෙදීමෙන් ගණනය වී සිටින නමුත් අතුරැදහන් වීමෙන් මියගිය පුද්ගලයන්ට මෙම පනත් කෙටුම්පත මගින් අසාධාරණයක්, වෙනස්කමක් සිදුකර ඇත.)

පනත් කෙටුම්පතේ 12වන වගන්තිය අනුවඕ.එම්.පී. ට පහත දැක්වෙන විමර්ශන බලතල ඇති බව දක්වා ඇත.12(ඌ) උප වගන්තිය අනුව මේ පනතේ අර්ථ නිරූපනය කර ඇති පරිදි අතුරුදහන්වූතැනැත්තන්යන යෙදුමේ අර්ථ නිරූපනය තුළටනොවැටෙන ඕ.එම්.පී. වෙත ඉදිරිපත් කර ඇති අතුරුදහන්වූ තැනැත්තන් පිළිබඳ සියලු පැමිණිලි පැමිණිලිකරු සමගනිසි පරිදිසාකච්ඡා කිරීමෙන් පසු පොලිසිය වෙත හෝනීතිය ක්‍රියාත්මක කරන වෙනත් අදාල බලධරයකු වෙතයොමු කිරීම යන්න වෙනුවට මේ පනතේ අර්ථ නිරූපනය කර ඇති පරිදි අතුරුදහන්වූතැනැත්තන්යන යෙදුමේ අර්ථ නිරූපනය තුළටනොවැටෙන ඕ.එම්.පී. වෙත ඉදිරිපත් කර ඇති අතුරුදහන්වූ තැනැත්තන් පිළිබඳ සියලු පැමිණිලි පැමිණිලිකරු සමගනිසි පරිදිසාකච්ඡා කිරීමෙන් පසුසහ ඒ සම්බන්ධව විමර්ශනය කිරීමෙන් පසු පොලිසිය වෙත හෝනීතිය ක්‍රියාත්මක කරන වෙනත් අදාල බලධරයකු වෙතයොමු කිරීම. (මෙහිදී රෝහණ විජේවීරගේ ඝාතනය පවා එළිදරව් කර ගත හැකිය.)

අර්ථ නිරෑපණ වගන්තිය වන 27 වන වගන්තියේ “අතුරුදහන් වූ තැනැත්තා”යන්නෙන්, යම් තැනැත්තකුගේඉරණම හෝ සිටින ස්ථානය සාධාරණ ලෙස නොදන්නාබවට විශ්වාස කරනු ලබන්නා වූ ද ඒ තැනැත්තා ගණනයනොවූ බවට සහ අතුරුදහන් වූ බවට සාධාරණ ලෙසවිශ්වාස කරනු ලබන්නා වූ ද හෝ “ඒ තැනැත්තා ගණනය වූ නමුත් අතුරැදහන්වීමකින් මරණයට පත්වී ඇති බවට සැකයක් ඇති අවස්ථාවකදී ලෙස සංශෝධනය කරන්න. (එනම් හෝ ඒ තැනැත්තා ගණනය වූ නමුත් අතුරැදහන්වීමකින් පසු මරණයට පත්වී ඇති බවට සැකයක් ඇති අවස්ථාවකදී ලෙස වාක්‍යයක් එකතු කරන්න.මෙය එකතු කිරීම මගින් රිචඩ් ද සොයිසා වැනි අයටද සාධාරණය ඉටු කළ හැකිය. එමෙන්ම ගණනය වී සිටින නමුත් අතුරැදහන්වීමෙන් මරණයට පත් සියලු දෙනාට ඕ.එම්.පී. කාර්‍යාලයෙන් සහන ගැනීමට අවස්ථාව ලැබී නීතිය ඉදිරියේ වෙනස් කමකට ලක් නොවී සිටීමට අවස්ථාව ලැබේ.)

අශ්වයා ගිය පසු ඉස්තාලය වැසීමෙන් වැඩක් නොවේ. ගිය හකුරට නාඩන්නේ තියෙන හකුර රැක ගන්නේ යනුවෙන් ද කියමනක් ඇත.

අඩුපාඩු රැසක් සහිත අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය(පිහිටුවීම, පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම) සමබන්ධ පනත සම්මත වීමෙන් පෙනී ඒකාබද්ධ විපක්ෂයත් යහපාලන සංහිදියා හයිබ්‍රිඩ් ආණ්ඩුවේ හවුල් කරැවෙකු බවට පත් වෙමින් සිටින බවයි.

 

Top