Anonymous Reporter

අකිල සමග සංවාදයට හරමානිස් අයියා සුදානම්- එනවාද අකිල

අකිල එක්ක විවාදයකට අවශ්‍යනම් තමන් ඔනෑම අවස්ථාවක සුදානම් බව මැදමුලන ගමේ ගොවි මහත්තෙයෙකු වන හරමානිස් අයියා නැමැත්තා  කුරුණෑගල දිස්ත්‍රික් කණ්ඩායම් නායකයා තමන් යැයි කියා ගන්නා එක්සත් ජාතික පක්ෂයේ කොලු ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක අධ්‍යාපණ අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහින්ද රාජපක්ෂ මහතාට විවාදයක් සදහා කල ඇරයුමට පිළිතුරු දක්වමින් පවසා තිබේ.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ අඩුපාඩු සිදු වී තිබෙන්නේ ඔහුගේ පාලන කාලය තුළ රට සංවර්ධනය නොකළ නිසා බවයි. මේ නිසා ඒ පිළිබඳව එක්සත් ජාතික පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් කණ්ඩායම් නායකයා වන තමා සමග විවෘත සංවාදයකට පැමි‍‍ණෙන ලෙස හිටපු ජනාධිපතිවරයාට අභියෝග කරන බව අකිල පසුගියදා පවසා තිබුනා.

පෙරේදා හම්බන්තොට නාමල් රාජපක්ෂගේ නායකත්වයෙන් පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන රැස්විමකට එක් වෙමින්  හරමානිස් ගොවි මහතා මෙම ප්‍රකාශය කර තිබේ….

“පුතේ…..අර අකිල කොලුවා..අපේ ජනාධිපතිතුමාට අභියෝගයක් කරලා නෙද …? අනේ අපේ ජනාධිපතිතුමාට කියන්න ඔය වගේ දෙකටම නැති එවුන් එක්ක සංවාද වලට තියා ලගටවත් යන්න එපා කියලා….මම යන්නම් පුතේ…..ඔය දෙකටම නැති කොල්ලන්ට වඩා මම දන්නවා මේ රට ගැන කතා කරන්න …..”

Top