Featured

අගමැති-ජනපති ජනතාව ගොනාට අන්දයි…ටයර් කර්මාන්ත ශාලාවේ වැඩ රහසේම

මහත් ආන්දෝලනයකට ලක්ව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් පසුගියදා අත්හිටුවීමට කටයුතු කල නන්දන ජයදේව ලොකුවිතානගේ විශාලම ටයර් කර්මාන්ත ශාලාවේ වැඩ කටයුතු පෙරේදා සිට රහසේම ආරම්භ කර තිබේන බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.අගමැතිවරයා සහ ජනාධිපතිවරයා මෙන්ම මලික් සමරවික්‍රම අතර සිදුවු සාකච්ඡාවක ප්‍රථිපලයක් ලෙසින් මෙම කර්මාන්ත ශාලාවෙ වැඩ කටයුතු යලි ආරම්භ කිරිමට කටයුතු කර තිබේන බවයි අප වාර්තාකරු සදහන් කළේ.

එම කර්මාන්ත ශාලාව නිර්මාණය වන අක්කර 130ක පමණ භුමියට කිසිවෙකුටත් ඇතුල් විය නොහැකි වනසේ පොලිස් ආරක්ෂාව යොදවා ඇති අතර එම කර්මාන්ත ශාලාවට ආසන්නයෙන්ම පිහිටි විදුරු කර්මාන්ත ශාලාවේ ඉහල ප්‍රදේශයක සිට මෙම ටයර් කර්මාන්ත ශාලාවේ ඉදිකිරිම් නිරික්ෂණය කිරිමට හැකි බවද අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.

රුපියල් බිලියන 11ක මුදලක් ආයෝජනය කරමින් ජනවාරි පස්වැනිදා (05) හොරණදී අගමැතිවරයා මෙම කර්මාන්ත ශාලාවට මුල්ගල් තැබු අතර අදාළ ව්‍යාපාරික ලොකුවිතානගේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග සමිප සබඳතාවයක් පවතින බැවින් එම ව්‍යාපෘතිය ඉලක්ක කර ශ්‍රීලනිපයේ මහින්ද විරෝධින් සහ එජාපයේ රනිල් විරෝධින් සිරිසේන ජනාධිපතිවරයා කුලප්පු කර අදාල ව්‍යාපෘතිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ස්‌විස්‌ටර්ලන්ත සංචාරය සදහා පිටවත් ගිය සැනින් නතර කර ගැනිමට කටයුතු කරනු ලැබුවා.

පසුව ගෙවුනු දින කිහිපය තුලදිත් මෙම ගණුදෙනුව සම්බන්ධයෙන් මෛත්‍රී පාර්ශවයේ ප්‍රබලයෙකු වන රාජිත සේනාරත්න විවිධ ප්‍රකාශයන් නිකුත් කල අතර පසුව හොරණ, වගවත්ත ප්‍රදේශයේ අක්කර 100කින් සමන්විත ඉඩමක ඉදිකිරීමට නියමිතව තිබූ ටයර් කම්හල් ව්‍යාපෘතියේ කටයුතු ආයෝජන මණ්ඩලය විසින් මුළුමනින්ම අත්හිටවු බවට ප්‍රකාශ කරමින් ජනතාව ගොනාට ඇන්දවිමටද ආණ්ඩුව මේ වනවිට කටයුතු කරමින් සිටි.

ආයෝජන මණ්ඩලය සමග මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වන බදු ගිවිසුම අත්සන් තැබීමට පෙර යෝජිත ඉඩමේ භූමිය සකස් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවට තහවුරු කරගැනීම හේතුවෙන් මෙම ව්‍යාපෘතිය අත්හිටුවා ඇති බවයි ආණ්ඩුව ප්‍රචාරය කර ඇත්තේ.

ටයර් කම්හල ව්‍යාපෘතිය සඳහා ලබාදී ඇති ඉඩම බදු පදනම මත ලබාදීමේදී ආයෝජන මණ්ඩලයට සිදුවිය හැකි පාඩුව පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අගමැති කාර්යාලය මගින් ආර්ථික කළමනාකරණ අමාත්‍ය මණ්ඩල කමිටුව වෙත දැනුම් දී තිබියදී එය නොතකා, එම ඉඩම සකස් කිරීම ආරම්භ වී තිබීම හේතුවෙන් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ආරක්ෂක නිලධාරීන් පිරිසක් ද එම භූමිය නිරීක්ෂණයට යවා තිබේ.ඉඩම සකස් කිරීමට ආයෝජකයා ආරම්භ කර ඇත්තේ ආයෝජන මණ්ඩලය සමග මෙම ව්‍යාපෘතියේ ගිවිසුම අත්සන් තැබීමටත් පෙර ය.

රාජිත -මලික් ගැටුම….

ජනවාරි පස්වැනිදා (05) හොරණදී අගමැතිවරයා මෙම කර්මාන්ත ශාලාවට මුල්ගල් තැබුවේ ආයෝජකයාගේ නම කලින් දැනගැනීමකින් තොරව බව කැබිනට් සම-ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා පසුගිය 26 වැනිදා පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පැවැසී ය.

හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්නේ අගමැතිවරයාට පෙර දැනුවත් කිරීමකින් තොරව එහි ගෙනගිය අමාත්‍යවරුන් ඊට වගකිව යුතු බවත් ආයෝජකයා පිළිබඳ අගමැතිවරයා පෙර දැන සිටියේ නම් ඊට සහභාගි නොවන බවත් ය.

එමෙන්ම මෙම ව්‍යාපෘතිය සඳහා ඉඩම් අක්කරය රු. 100කට ලබාදී තිබූ බවත් එය මෙරට ඉඩම් ප්‍රතිපත්තිය උල්ලංඝනය කිරීමක් බවත් කැබිනට් සම-ප්‍රකාශකයා සඳහන් කළේ ය. ඊට පසුදින සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යවරයා විසින් නිවේදනයක් නිකුත් කර තිබුණේ රාජිත සේනාරත්න අමාත්‍යවරයාගේ ප්‍රකාශය මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බවයි.

තමන් විසින් මෙම ව්‍යාපෘතියේ සියලු තොරතුරු ජනාධිපතිවරයා හා අගමැතිවරයා දැනුවත් කර තිබූ බවට මලික් සමරවික්‍රම අමාත්‍යවරයා සිය නිවේදනය මගින් දන්වා තිබුණි.

රජයේ ප්‍රධාන තක්සේරුකරු විසින් කරන ලද තක්සේරුවට අනුව මෙම අක්කර 100කින් යුක්ත ඉඩම රුපියල් 170,825,000කට ලබා ගැනීමට ආයෝජකයා එකඟ වී තිබූ බවත් වාර්ෂික නාමික ගාස්තුවක් ලෙස රු. 10,000ක් අයකරගන්නා ලෙස ද රජයේ ප්‍රධාන තක්සේරුකරු සඳහන් කර තිබූ බවත් මලික් සමරවික්‍රම අමාත්‍යවරයා සිය නිවේදනයේ සඳහන් කර තිබිණ.

සජින් වාස්…මලික් සමරවික්‍රම ලොකුවිතානලාට ගැහුව ලොකුම ගේම 

http://www.sinhala.lnwtoday.com/archives/15151

Top