Featured

අගුපිලේ ලගින මෛත්‍රී බත් බැලයන් “විද්වතුන්ගේ”බෙල්ල දිය රෙද්දෙන් කපයි

මෛත්‍රීපාල සිරිසේන බලයට ගෙන එම වෙනුවෙන් යැයි කියමින් අනුන්ගේ දැනුම හොරා කා ඒවා තමන්ගේ දේවල් මෙන් ඩිල් දමමින් විකුණු අවජාතක මෛත්‍රීවාදින් හේතුවෙන් සිරිසේන උන්නැහේ බලයට ගෙනඑමට කටයුතු කල විද්වතුන් දැඩිකලකිරිමට ලක්ව සිටින බව වාර්තා වේ. මේ වනවිටත් එම විද්වතුන් කිහිප දෙනෙකුම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවි තමන් මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් කල කාර්යභාරය වෙනත් පුද්ගලයන් විසින් විකුණාගෙන කා ඔහුන් දැන් තමන්ව පාවාදුන් අය ලෙස නම්කර තිබෙන බවයි.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කිරිමේ සටනේ රාජ්‍ය සේවකයන්ගේ හිත් දිනාදිම සදහා ගෙනගිය සටනේ පුරෝගාමී මෙහෙවරක් කළ  නායකතව අධ්‍යාපනය වෙනුවෙන් ශි‍්‍ර ලංකාවෙන් බිහිවු විශිෂ්ඨතම තරුණ පුහුණුකරුවා ලෙස සැළකිය හැකි දිනේෂ් විහඟුන් ප‍්‍රනාන්දු නැමත්තා ගෙවිගිය යහපාලන ආණ්ඩුවේ මාස 9ක කාලය නොතකා හැරිමට පමණක් නොව එම විද්වතුන් පාවාදෙන්නන් ලෙස මෛත්‍රී ඉදිරියේ හංවඩු ගැසිමට මෛත්‍රීගේ වන්දිභට්ටයන් කටයුතු කර තිබේ.

ජනාධිපතිවරණයෙන් පසුව මෛත්‍රී හෙංචයියන් නොසලකා හැරිම හේතුවෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ සමිපතමයෙකු ලෙස පෙනීසිටි රොහන් වැලිවිට මුණගැසී  මහා මැතිවරණයේ මහුන්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව ලක්ෂ 47ක් බවත්  ජය ගැනිමටනම් අවම වශයෙන් ලක්ෂ 49ක් ලබාගත යුතු බවද දිනේෂ් ප‍්‍රනාන්දු අනාවරණය කර තිබේ. නමුත් ජයග්‍රහණයෙන් අන්දමන්ද වි සිටි රොහාන් වැලිවිට ඒ සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතාට පවසා ඇත්තේ පරාජයෙන් පසුවය.

දිනේෂ්  ප‍්‍රනාන්දු නාමල් රාජපක්ෂටද මේ සම්බන්ධයෙන් පවසා ඇති නමුත් ඔහුන් ඒ සම්බන්ධයෙන් තාර්කිකව කටයුතු කර නෑ.පසුව මහා මැතිවරණයට සති 3ක් තිබියදි රාජ්‍ය මාධ්‍ය සියුම් ලෙස එය භාවිතා කිරිමට දක්ෂ වි තිබේ.

කෙසේනමුත් රාජ්‍ය සේවය කෙරෙහි වත්මන් ආණ්ඩුවේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් දැඩිලෙස කලකිරිමට පත්ව ඇති දිනේෂ්  ප‍්‍රනාන්දු ඒ සම්බන්ධයෙන් දිගින් දිගටම විවේචනය කර තිබේ.පසුව එම විවේචන මෛත්‍රීගේ බත් බැලයන් විසින් ආණ්ඩුවට එරෙහිව ගෙන යන කුමන්ත්‍රණයක් ලෙස හදුන්වමින් ඔහුට විරුද්ධව කතා සාදා රාජ්‍ය ආයතන තුල ඔහු කරගෙන යමින් තිබු සියලුම පුහුණු කිරිම් වහාම නතර කර දමා තිබේ.

පසුගිය දිනක දිනේෂ්  ප‍්‍රනාන්දු සමග මංගල සමරවිර යටතේ ඇති ශ්‍රි ලංකා මිරර් වෙබ් අධවිය සමග ‘‘දශකයේ පුහුණුකරුවා’’ Mirror සමඟ සංවාදයක යනුවෙන් සංවාදයක් පවත්වා ඇති  අතර  පසුව එය පලකල වහාම මංගල එම සංවාදය ගලවන ලෙසට නියෝග කර ඇත්තේ “ඔය මනුස්සයා එක්ක ආණ්ඩුව දැන් හොද නෑ …ඔක ගලවලා දානවා “යනුවෙනි.

එම සංවාදය පහත දැක්වේ….

Dinesh-Fernando-Interviewd-by-Dimuth-Samarajeewa--Mirror-1 Dinesh-Fernando-Interviewd-by-Dimuth-Samarajeewa--Mirror-2 Dinesh-Fernando-Interviewd-by-Dimuth-Samarajeewa--Mirror-3 Dinesh-Fernando-Interviewd-by-Dimuth-Samarajeewa--Mirror-4

Top