Political

අතුරුදහන් වූවන්ගේ දෙමාපියනට බුද්ධි අංශ තර්ජන! “රැස්වීම තියන්නේ කොහේද?, රැස්වීම සංවිධානය කරන්නේ කවුද?” අතුරුදහන් වු දරුවන්ගේ දෙමාපියන් අතුරුදහන් කිරිමේ මෙහෙයුමක්!

Published on: Feb 19, 2020- අතුරුදහන් කිරීම්වලට ලක්වූ දෙමළ ජනයාගේ පවුල් දින 1,055 කට වැඩි කාලයක් උතුරු හා නැගෙනහිර දිගින් දිගටම පවත්වාගෙන යන අඛණ්ඩ විරෝධතාව නතර කිරිම සදහා ආරක්ෂක අමාත්‍යාංශය යටතේ විශේෂ මෙහෙයුමක් දියත් වෙමින් තිබේන බව උතුරේ අප දේශපාලන වාර්තාකරු අවස්ථා ගණනාවකදිම අනාවරණය කළා.

ඒ අනුව ගෝඨභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වූ දා සිට බලහත්කාරයෙන් අතුරුදහන් වූවන්ගේ පවුල්වලට සහ ඔවුන්ට සහාය දක්වන ක්‍රියාකාරීන්ට එරෙහිව ශ්‍රී ලංකා ආරක්ෂක අංශ සහ බුද්ධි අංශ විසින් සෝදිසි කිරීම් හා තර්ජන තීව්‍ර කර ඇතැයි හියුමන් රයිට්ස් වොච් (Human Rights Watch) වාර්තා පෙන්වා දෙනවා.

“අතුරුදහන් වූවන්” සොයා ගැනීමට සහ ඒවාට වගකිවයුත්තන් නීතිය හමුවට පමුණුවා ගැනීමට දරන උත්සාහයන් ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා රජය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත දී ඇති පොරොන්දු ඉටු කිරිම වෙනුවට එම විරෝධතා හකුලා දැමිමට කටයුතු කරමින් සිටින බවයි හියුමන් රයිට්ස් වොච් පෙන්වා දෙන්නේ.

බලහත්කාරයෙන් අතුරුදහන් වූවන්ගේ ඥාතීන්ගේ අයිතීන් වෙනුවෙන් රටේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශ සේවය කරන ක්‍රියාකාරී පිරිස් හියුමන් රයිට්ස් වොච් වෙත පවසා ඇත්තේ රජය විසන් කරන සෝදිසි කිරීම් හා බිය ගැන්වීම් සැලකිය යුතු පරිදි වැඩි වී ඇති බවයි.

මෑතකදී පැවැති වින්දිතයින්ගේ රැස්වීමකට පෙර, “සෑම මවකටම විවිධ බුද්ධි අංශවලින් අවම වශයෙන් දුරකථන ඇමතුම් හයක්වත් ලැබුණ අතර, රැස්වීම තියන්නේ කොහේද?, රැස්වීම සංවිධානය කරන්නේ කවුද?” යානාදී ප්‍රශ්ණ අසනමින් සිටි.පවතින තත්ත්වය යටතේ වැඩසටහන් කිසිවක් කළ නොහැකි තත්වයක් ඇති බැවින් සියල්ල මේ වනවිට නතර වෙමින් තිබේන බවයි වාර්තා වෙන්නේ.

2009 දී සිය පුත්‍රයා අතුරුදහන් වූ, අතුරුදහන්වූවන්ගේ මව්වරුන්ගේ උපදේශක කණ්ඩායමේ සාමාජිකාවක් ජනාධිපතිවරණයෙන් පසු පොලිස් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරින් නැවත නැවත ඇය හමුවීමට පැමිණ ප්‍රශ්ණ කරන බව කියා තිබේ. එසේ අසා ඇත්තේ “ඔවුන් පැමිණ රැස්වීම්වලට යන්නේ කවුද? එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට සහභාගී වීමට ජිනීවා වෙත යන්නේ කවුද? යනාදි ප්‍රශ්ණ ය.

“පසුගිය ආණ්ඩුව කාලයේ පැවැති සාපේක්ෂව විවෘත පරිසරය යටතේ, අතුරුදහන් වූවන්ගේ ඥතීන් බොහෝ දෙනෙක් අතුරුදහන්වූවන් ගැන විවෘතව කතා බස් කළා. දැන් ආරක්ෂක අංශ දන්නවා ඔවුන්ගේ කළ අපරාධ ගැන කතා කළේ කවුද කියලා, ඒ නිසා වින්දිතයින්ට ඔවුන්ගේ ආරක්ෂාව ගැන බියක් තියෙනවා” යැයි අතුරුදහන් වූවන්ගේ පවුල් සමඟ සමීපව කටයුතු කරන පුද්ගලයෙකු හියුමන් රයිට්ස් වොච් සංවිධානයට පවසා තිබේ.

බලහත්කාරයෙන් අතුරුදහන් කැවීමේ ශ්‍රී ලංකාවේ දීර්ඝ ඉතිහාසය දෙස බලන විට, මෙම නඩු හුදෙක් නිෂ්ප්‍රභ කිරීමට රජයට ඉඩ නොදිය යුතු යැයි ද එය අතිශයින් වැදගත්යැයි ද හියුමන් රයිට්ස් වොච් සිය නිවේදනයේ සඳහන් කර තිබේ.

මෙම පෙබරවාරි මස අගදී මානව හිමිකම් කවුන්සිලය රැස්වීමේ දී එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල්, ජාත්‍යන්තර නීතිමය බැඳීම්වලට අනුකූලව කටයුතු කරන ලෙසත්, වින්දිතයින් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කරන ලෙසත්, එක්සත් ජාතීන්ගේ පොරොන්දු කාලානුරූපව ඉටු කරන ලෙසත් ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටිය යුතු බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය ඉල්ලීමක් කරයි.

Sri Lanka: Families of ‘Disappeared’ Threatened ලිපිය පහතින් කියවන්න

https://www.hrw.org/news/2020/02/16/sri-lanka-families-disappeared-threatened

Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…

Loading…


http://lankanewsnetwork.org/archives/22461

http://lankanewsnetwork.org/archives/22299

http://lankanewsnetwork.org/archives/22236

http://lankanewsnetwork.org/archives/22772

Top