සරත් විජේසුරිය යනු අන්යන් විනිශ්චය කිරීමට මෙන්ම නඩු යාමට ඕනෑම අවස්ථාවක සැදී පැහැදී සිටින අයෙකි. ඔහු සාහිත්‍ය ලෝකයේ නමක් ඇති කර ගැත්තේ සාහිත්‍යමය වටිනාකමකින් යුත් නිර්මාණ බිහි කිරීමෙන් නොව ඕපාදුප සහ කුණු රසය මිශ්‍ර වූ මගේ නඩුව ඉවරයි යන විශාල කැලා පත්තරය ලිවීමෙනි. අන්‍යන්ගේ ලිංගික ජීවිතය පමණක් නොව ඔවුන්ගේ ලියුම් හොරෙන් කඩා කියවා විකෘති වින්දනයක් ලබාගෙන ඒවා ප්‍රසිද්ධ කිරීමෙන්ද ඔහු පොරක් වීමේ මේනියාවෙන් පෙළුණේය….කතාව දිගටම කියවන්න
මහාචාර්ය සරත් විජේසුරිය , ලේඛිකා චින්තා ලක්ෂ්මී සිංහ ආරච්චි මහත්මිය සහ ආරියවංශ රණවීර කවියා
සිංහල සාහිත්‍යයට අනුපමේය සේවයක් කළ, අප්‍රකට ලේඛිකා චින්තා ලක්ෂ්මී සිංහ ආරච්චි මහත්මිය ගැන සරත් විජේසූරිය ලියූ සටහන පිලිබඳ සටහනකි.
චින්තා ලක්ෂ්මී සිංහ ආරච්චි පිළිබඳව සරත් විජේසුරිය විසින් ලියන ලද සටහන කියවන විට අපට හැගෙන්නේ තම ප්‍රතිවාදීන්ට පහර දීම පිණිස කුමක් හෝ නිමිත්තක් සොයමින් සිටින සරත් වීජේසුරියට චින්තා ලක්ෂ්මී සිංහ ආරච්චි හොඳ මාතෘකාවක් වී ඇති බවයි. මේ මාතෘකාව ඔස්සේ ඔහු ආරියවංශ රණවීර කවියාට පහර දීමට අනගි අවස්ථාවක් උදා කරගෙන ඇත.
එම ලිපියේ සරත් විජේසුරිය මෙසේ සඳහන් කරයි.
චින්තා ලක්ෂ්මී සිංහ ආරච්චිගේ මරණය, මම අමාත්‍යංශයේ ලේකම් ආරියවංශ රණවීර මහතාට දැනුම් දුනිමි. ඊට මුල් වූයේ රණවීර මහතා දරන තනතුරම නොවේ. ඉතා අප්‍රකට, අහිංසක ජීවිතයක් ගත කළ චින්තා ලක්ෂ්මී ගැන ඔහුට යම් අවබෝධයක් ඇතැයි සිතීම එක හේතුවකි. සංස්කෘතික අමාත්‍යංශයේ ලේකම් වීමට පෙර ලංකා ලේඛක සංවිධානයේ සමලේකම් වූ ආරියවංශ රණවීර මහතාට චින්තා ලක්ෂ්මී අමතක වන්නට නොහැකිය. ලේඛක සංගමයේ ආරම්භයේ සිටම ඇය කාරක සභාව නියෝජනය කළාය. දුර බැහැර සිට පැමිණ ඈ හැම කටයුත්තකටම සහභාගී වූවාය. ඒ කෙසේ වෙතත්, ලේඛකයකු – පරිවර්තකයකු ලෙසින් රණවීර මහතා තුළ කිසියම් අවබෝධයක් මේ ලේඛිකාව පිළිබඳව ඇතැයි මම අවංකවම කල්පනා කළෙමි. එහෙත් රණවීර මහතාට කතා කළ මොහොතේ මට එක දෙයක් පැහැදිලි විය. එය නම් ඔහු අවම වශයෙන් ශෝකය පළ කොට ආණ්ඩුවේ වියදමෙන් විදුලි පණිවුඩයක්වත් නොයවන බවයි. සංස්කෘතික අමාත්‍යංශය මේ වැදගත් ලේඛිකාවට කළ හැකි ඉහළම අවමානය සිදු කළ බව සංවේගයෙන් වුව කිව යුතුය. මීට එකම හේතුව චින්තා ලක්ෂ්මී, ගැමි කාන්තාවක ලෙස ජීවත් වීමය. ඇගේ සැමියා, සරම කමිසය හඳින ගැමියකු වීමය.
(සාහිත්‍ය ලෝකයේ සියලු නොපනත්කම් ඉවසමින් සිට ඇය අවසන් ගමන් ගියාය- සරත් විජේසුරිය)
සරත් විජේසුරියගේ හේතු දැක්වීමද ඉතා සරලය. චින්තා ලක්ෂ්මී සිංහ ආරච්චිගේ සැමියා, සරම කමිසය හඳින ගැමියකු වීම නිසා සංස්කෘතික අමාත්‍යංශයේ ලේකම් ආරියවංශ රණවීර ශෝකය ප්‍රකාශ කොට ආණ්ඩුවේ වියදමෙන් විදුලි පණිවුඩයක්වත් යැවීමට උනන්දු නොවූ බවයි.
සරත් විජේසුරිය යනු අන්යන් විනිශ්චය කිරීමට මෙන්ම නඩු යාමට ඕනෑම අවස්ථාවක සැදී පැහැදී සිටින අයෙකි. ඔහු සාහිත්‍ය ලෝකයේ නමක් ඇති කර ගැත්තේ සාහිත්‍යමය වටිනාකමකින් යුත් නිර්මාණ බිහි කිරීමෙන් නොව ඕපාදුප සහ කුණු රසය මිශ්‍ර වූ මගේ නඩුව ඉවරයි යන විශාල කැලා පත්තරය ලිවීමෙනි. අන්‍යන්ගේ ලිංගික ජීවිතය පමණක් නොව ඔවුන්ගේ ලියුම් හොරෙන් කඩා කියවා විකෘති වින්දනයක් ලබාගෙන ඒවා ප්‍රසිද්ධ කිරීමෙන්ද ඔහු පොරක් වීමේ මේනියාවෙන් පෙළුණේය. මගේ නඩුව ඉවරයි යනු මරාගෙන මැරෙන බෝම්බකරුවෙකුගේ මනසක් ඇති පුද්ගලයෙකුට පමණක් ලිවිය හැකි පොතකි. මරාගෙන මැරෙන බෝම්බකරුවා අධි පිපුරුම් බලය ඇති ආර්.ඩී.එක්ස් භාවිතා කරන අතර මගේ නඩුව ඉවරයි කෘතියේ ලේඛකයා භාවිතා කරන්නේ විනාශකාරී වචන සමුහයකි.
සරත් විජේසුරියට තම ප්‍රතිවාදීන්ට පහර දීමට අවශ්‍ය වූ විට කුණු ලිංගික ඕපාදුප ශාස්ත්‍රීය භාෂාවකිනි ඉදිරිපත් කිරීමට සමත් කමක් තිබේ. ඔහුගේ මගේ නඩුව ඉවරයි කෘතියේ කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය හේමපාල ජයවර්ධන මහාචාර්ය කුසුමා කරුණාරත්නට ඇමරිකාවට එන්නට ආරාධනා කරන්නේ ඇය සමග ලිංගිකව එකතු වීමටය. සරත් විජේසුරිය මේ බව දැනගන්නේ අනුන්ගේ ලිපි හොරෙන් කඩා කියවීමෙනි. මහාචාර්ය හේමපාල ජයවර්ධනට කාර්යාල කාර්ය සහායක නිමල් පද්මතිලක සමග අඹුසැමි සබඳතාවයට සමාන සබඳතාවයක් ඇත. (මගේ නඩුව ඉවරයි – සරත් විජේසුරිය) සරත් විජේසුරියගේ නඩුව ගැන වාර්තා කරන පුවත්පත් වාර්තාකාරිය පුවත්පත් කතුවරයා සමග නිදාගනි. “එයා කැමති ටිකක් මැදි වයසේ අයට” (මගේ නඩුව ඉවරයි – සරත් විජේසුරිය). ජේ බී දිසානායක ලිංගික අවශතාවය ගැන කියන්නේ -රෙන්ඩ බර හැදුනම ඕනේ කක්කුස්සියක් (මගේ නඩුව ඉවරයි – සරත් විජේසුරිය) මේ ආදී වශයෙන් මහාචාර්ය සරත් විජේසුරිය අනුන්ගේ ලිංගික ජීවිත ගැන විනිශ්චයන් දෙන්නේ එක්කෝ ඔහු ලිංගික බෙලහිනයෙකු හෝ ඔහු තුල තදබල ලිංගික අසහනයක් තිබෙන නිසා විය යුතුය. ඔහු මිය ගිය චින්තා ලක්ෂ්මී සිංහ ආරච්චි මහත්මිය දඩමීමා කරගෙන ඇයටද අපහාස වන පරිදි තමන්ගේ තවත් ප්‍රතිවාදියෙකුට ලිංගික මඩක් ගසයි.
එයට හැඳින්වීමක් ලියා දෙන්නට එක් ප්‍රවීණ ලේඛකයෙක් රුපියල් පන්දාහක (5000/-) අල්ලසක් ඉල්ලා සිටියේය. පොත මුද්‍රණය කරන්නට ප්‍රකාශකයකු සොයා දෙන්නට ඇය ගොදුරක් කර ගන්නට තවත් ප්‍රවීණයකු උත්සාහ කළේය. වයෝවෘද්ධ වියත් ලේඛකයකු මේ අත් පිටපත ප්‍රකාශයට පත් කරන්නට භාර ගෙන එය අස්ථාන ගත කළේය. මේ ආදී වශයෙන් අපේ සාහිත්‍ය ක්ෂේත්රයේ සිවිල් බලය හිමි උදවිය මේ තැනැත්තියට දොරගුළු වැසූ, නින්දිත හිරිහැර කළ කාලය වසර දහයකි. (සාහිත්‍ය ලෝකයේ සියලු නොපනත්කම් ඉවසමින් සිට ඇය අවසන් ගමන් ගියාය- සරත් විජේසුරිය)
කරුණාකර අවධානය යොමු කරන්න “පොත මුද්‍රණය කරන්නට ප්‍රකාශකයකු සොයා දෙන්නට ඇය ගොදුරක් කර ගන්නට තවත් ප්‍රවීණයකු උත්සාහ කළේය ” යන වැකිය වෙත. මෙය සැබෑවක්ද නැතහොත් එය මහාචාර්ය සරත් විජේසුරියගේ අතේ රෝලක්ද නොදනිමි. එවැනි දෙයක් අතිශයින්ම පුද්ගලික කරුණකි. එවැනි දෙයක් චින්තා ලක්ෂ්මී සිංහ ආරච්චි මහත්මිය සරත් වීජේසුරියට හෙළි කලේද ? නැතොත් ඔහුගේ අවශ්‍යතාවය මත මෙවැනි කථාවක් නිර්මාණය කලේද ? නමුත් මෙවැනි අන්දමේ කරුණක් ලිවිම මගින් ඔහු සිංහල සාහිත්‍යයට අනුපමේය සේවයක් කළ ලේඛිකා චින්තා ලක්ෂ්මී සිංහ ආරච්චි මහත්මියට දරුණු ලෙසින් අපහාස කොට තිබේ. එය බොරුවක් නම් එවැනි දෙයක් ලිවිය හැක්කේ තදබල ලිංගික අසහනයක් ඇති පුද්ගලයෙකුට පමණි.
ඒක භාෂික සරසවි ඇදුරන් තුල පවතින කුහක බව හීනමානය යන දුර්ගුණයන්ට අමතරව සරත් විජේසුරිය තුල තවත් දුර්ගුණයක් ඇත. එය මම පමණයි සුදනා අන්යන් හොරු සහ කුහකයෝ යන තමා ගැන තිබෙන අධි තක්සේරුවයි. මෙවැනි ගති පැවතුම් ඇති මිනිසුන් දෙබිඩ්ඩන් සහ හක්කේ බුදුරැස් / බොක්කේ දඩමස් වර්ගයේ මිනිසුන් බව අප අත්දැකීමෙන් දනිමු. ඔහු 1994 චන්ද්‍රිකා බලයට පත් කිරීමේ ව්‍යාපෘතියේ බැලයෙකු ලෙස වැඩ කළේය. වික්ටර් අයිවන්ගේ චෞර රැජින කෘතියේ අනාගත අභිවෘධිය පතා චන්ද්‍රිකාගේ සාරිපොටේ එල්ලුණු සරසවි ඇදුරන් සිටින චායාරූපයේ සරත් විජේසුරියගේ මුහුනත් තහඩුව හොඳාකාරව දැකිය හැක. නමුත් දැන් ඔහු එම අපකීර්තිමත් අතීතය ගැන කතාකරන්නේ නැත. ඒ වෙනුවට රජයේ රෙගුලාසි වලට යටත් වී සේවය කරන ආරියවංශ රණවීර කවියාගේ ස්වාධීන භාවය ගැන කතා කරයි එය අමුම අමු කුහකකමකි.
ලංකාවේ පොත් ප්‍රකාශකයන්ගේ මගෝඩිකම් ගැන සදහන් කෙරෙන අමිල ගුණරත්න විසින් ලියන ලද ලිපියක් මෑතකදී මට කියවන්නට ලැබිණි. එම ලිපියේ ඔහු සරත් විජේසුරිය ගැන සඳහන් කරන්නේ මානව සාරාර්ථ ගැන කතා කරමින් ලේඛකයන්ට පොලු තියමින් ඔවුන්ගේ ඉහ මොළ හුරාකන සහ ලේඛකයන්ට හොරෙන් ඔවුන්ගේ පොත් දෙවන තුන්වන වර මුද්‍රණය කොට කර්තෘ භාග නොගෙවා අධික ලාභ ලබන කූට මුදලාලි කෙනෙකු ලෙසටය. ඒ හැර පසුගිය සතියේ මට ගොඩගේ ප්‍රකාශක ආයතනයේ සේවය කල අයෙකු මුණ ගැසුණි. සරත් විජේසුරිය ගැන නම් සඳහන් කල වහාම ඔහු කිවේ කොන්ද දෙකට තුනට නවාගෙන ගොඩගේ මුදලාලි ලඟට ඇවිත් බැගැපත්වෙලා තමන්ගේ මුල් පොත් දෙක තුන ගහගෙන නමක් හදාගත්තට පස්සේ ගොඩගේ මුදලාලිට අපහස කරලා පත්තරේ ලිපි ලියපු ගුණමකුවා වශයෙනි. ඔහු ජේ බී දිසානායකට අපහාස කොට පොත් ලිව්වේ බටහිර රටකට ශිෂ්‍යත්වයකට යාමට ජේ. බී ගෙන් බලාපොරොත්තු වූ පරිදි අනුග්‍රහයක් නොලැබූ නිසාය. ඒ ගැන තායිලන්තයේ සිටි ජේ බී දිසානායක කියා ඇත්තේ බටහිර රටකට ශිෂ්‍යත්වයකට යාමට තරම් සරත් විජේසුරියගේ ඉංග්‍රීසි දැනුම මුහුකුරා නොතිබූ නිසා ඔහුව ශිෂ්‍යත්වයකට නම් නොකළ බවයි. සරත් විජේසුරියගේ ඉංග්‍රීසි දැනුම වෙනුවෙන් ජේ බී දිසානායකට බලවත් වන්දියක් ගෙවීමට සිදු විය. මගේ නඩුව ඉවරයි යන විශාල කැලා පත්තරයේ ජේ බී දිසානායකගේ ලිංගික ජිවිතයේ අඳුරු තැන වලට පවා ටෝච් ගසමින් සරත් විජේසුරිය පිටු පිරවූයේ සදාචාර වටිනාකම් ගැනවත් නොතකමිනි.
චින්තා ලක්ෂ්මී සිංහ ආරච්චි පිළිබඳව මහත් කැක්කුමෙන් කතා කරන සරත් විජේසුරිය ගෙන් යමක් ඇසීමට අවසර. විජේසුරිය මහතාණෙනි ඔබ තනියම සිටින විට නිවසේ කන්නාඩිය ඉදිරියට ගොස් එයින් පෙනෙන ඔබගේ ප්රතිබිම්බයේ දෙනෙත් දෙස බලා පහත ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න.
1) විජේසුරිය ග්රන්ථ කේන්ද්‍රය මගින් ප්‍රකාශයට පත් කරන ලද විශාල වශයෙන් විකිණී ගිය චින්තා ලක්ෂ්මී සිංහ ආරච්චිගේ මාවතේ ගීතය, අපරාජිත ජීවිතයක් හා අපූගේ ලෝකය ,අරණකට පෙම් බැඳ, යන කෘතීන් සඳහා ඔබ කොපමණ මුදලක් චින්තා ලක්ෂ්මී සිංහ ආරච්චි මහත්මියට කර්තෘ භාගය වශයෙන් ගෙව්වේද ?
2) මාවතේ ගීතය, අපරාජිත ජීවිතයක් හා අපූගේ ලෝකය ,අරණකට පෙම් බැඳ, යන කෘතීන් ඔබ දෙවන වර මුද්‍රණය කරන විට චින්තා ලක්ෂ්මීසිංහ ආරච්චි මහත්මිය දැනුවත් කලද ? ඒ සඳහා නියමිත මුදල් ඇයට දුන්නේද ?
3) ඇගේ මරණින් පසු මාවතේ ගීතය, අපරාජිත ජීවිතයක් හා අපූගේ ලෝකය ,අරණකට පෙම් බැඳ, යන කෘතීන් කොපමණ සංක්‍යාවක් ඔබ සමයවර්ධන , සරසවි මුද්‍රණ යන්ත්‍ර වල (හොරාට) මුද්‍රණය කලේද ?
4) එම පොත් විකිණීමෙන් ලද අදායමෙන් යම් ප්‍රතිශතයක් චින්තා ලක්ෂ්මී සිංහ ආරච්චි මහත්මියගේ සරම කමිසය හඳින ගැමියෙකු බඳු සැමියාට දුන්නේද ?
මෙම ප්‍රශ්න වලට පිළිතුරු අපට අවශ්‍ය නැත. එය ඔබගේ ප්රතිබිම්බයේ දෙනෙත් වලට පවසන්න. එවිට ඔබට හර්ද සාක්ෂියක් තිබේ නම් ඔබට දැනුණු හැඟීම පමණක් අපට කියන්න.
අවසාන වශයෙන් ඔබට යමක් කීමට තිබේ. ඔබගේ කාර්යාල කාර්ය සහායක නිමල් පද්මතිලක ගැන සමලිංගික කුණු කතා පවා ලිවූ ඔබට ආරියවංශ රණවීර කවියාගේ ගේ කුරුල්ලෝ සහ වී කුරුල්ලෝ කවි පොතේ එන කාර්යාල කාර්ය සහායක ගේ මරණය පිලිබඳ කවිය කියවන ලෙස ඉල්ලමි. මෙන්න එම කවිය.
කාර්යාල කාර්ය සහායක ගේ මරණය – [ආරියවංශ රණවීර]
රිය එක නින්නාද කළ
නැටුම්
කෙළි කවට සිනා
මළගෙට හරියටම හැතැප්මයක් මෙහාදී
නතර කොට
පැළැන්දහ
ඔවුහු
සෝක මූණු
රියෙන් බැස
නියඟය දපා ගෙන හිඳින
වෙල් එළිය හරහා වැටුණු
නිරන්තර පා මැඩුමෙන්
සුදු වුණු නියර දි ගේ ගොස්
හිඳී බී ගත් මළ දොළින් පැන
පිවිසුණහ මළ ගෙට
ගිලිණු නෙත් කෙවෙනි තුළ
කසිප්පුවෙන් ඉදිමුණු නෙතින්
හතර පස් දෙනෙකු තැන තැන
දොඩන වාචාල බස් කපා ගෙන
ඉඳ හිට
පොළොව දෙදරවා විත්
සිරුරු විනිවිද යන
කම්පා නාදයකි
ගෙතුළ ගැහැණියක ගේ
කන්තෝරුවේ
නෝනලා මහත්තැන් හැඳි
සුදුම සුදු ඇඳුම් දෙස
මුව අයා බලා
මුළු මුළු වන
කිළිටි දරු පැටව්
හය හත් දෙනෙකි
සංක් ෂේප කොට
මේ සියල්ල
ගුලි වී සිටී
ලෑලි පෙට්ටි යේ
පිදුරු වහලය දික් කර
හදිසි යේ බෑ
යාලත්ත යට
කෙසඟ
මළ සිරුර
හැරී යන විට
නිහඬ රිය තුළ
සෝපත් සැබෑ මූණු
නොවෙනස්වම තිබිණි
හැතැප්මයකට වඩා
බොහෝ දුර
ඩී . සුගත් රාජපක්ෂ
කිවුව වෙලාව- 2011-11-28 07:11:09
This is what SugathRajapaksha of KelaniyaUni writes