Featured

අනේ කාලේ වනේ වාසේ…රුවන්ගෙන් ගඳරුවන්ට චරිත සහතිකයක්

අතුරුදන් කල ප්‍රගීත් එක්නැලිගොඩ සම්බන්ධයෙන් වගකිවයුත්තා “ප්‍රා”නායක පාඨ්ළී චම්පික රණවක බව සාක්ෂි සහිතව තහවුරු කර තිබියදි හදිසියේම යහපාලන “ප්‍රා”නායක පාඨ්ළී චම්පික බේරාගැනිම සදහා මෙහෙයුමක් දියත් කරමින් බොරු කතා ගොතමින් සත්‍ය වසන් කිරිමට මුදලට පුවත් ගසමින් අසත්‍ය වපුරමින් සිටින බව කලක් ගඳයාගේ පරම මිතුරෙකු වු ලංකා ඊ නිවුස් කතෘ යැයි කියන ගඳරුවන් දැන් රුවන් පාවාදිම සම්බන්ධයෙන් රුවන්ගේ වෙබ් අඩවියක් වන ලංකා ඩේලී හරහා ගඳයා යනු පට්ටම කුණු ගඳයෙකු බව අනාවරණය කර තිබේ.

එම අනාවරණයන්ට අනුව ප්‍රගීත් අතුරුදහන් කලේ කවුරුන්ද? ඔහුව විකුණාගෙන් කෑවේ කවුරුන්ද?…යන්න ඔබට තහවුරු වනු ඇත…..

උපුටා ගැන්ම ලංකා ඩේලී ….

සඳරුවන් සේනාධීරගේ ලංකා ඊ නීව්ස් වෙබ් අඩවිය අද දින(10) ප්‍රගීත් එක්නැලිගොඩගේ අතුරුදන් වීම අරබයා අපූරු පුවතක් පළ කර තිබේ. මේ පුවතේ සත්‍ය අසත්‍ය තාවය ගැන කතා කරන්නට පෙර සඳරුවන් සේනාධීර යනු කවරෙක්දැයි සඳහන් කළ යුතුය.

ඔහු සම්බන්ධයෙන් කිසි කහටක් නොමැතිව කෙළින්ම පැවැසිය හැක් දේ නම් , සඳරුවන් සේනාධීර යනු හොරෙකි, වංචාකාරයෙකි, කප්පම් කාරයෙකි, සල්ලායෙකි.යන්නය ඒ ගැන කිසි දෙගිඩියාවක් අපට නැත. මෙතෙක් කල් අප මේ ඉවසූවේ මානසික රෝගියකුට,බේ බද්දකුට, අබ්බගාතයකුට මනුස්ස කමින් සැලකිය යුතු බව අපේ මනුස්සකම විසින් බල කළ නිසාය. එහෙත් දැන් අපේ රතු ඉර පැන ඇත.

සදරුවන් යනු ජනමාධ්‍යවේදියකු නොවේ. කාලයක් වෙළඳ ප්‍රචාරක ක්ෂෙත්‍රයේ වැඩ කරමින් සිටියකි. මේ කාලයේදි ඔහු වැඩියෙන්ම හරි හම්බ කළේ වැල පත්තර ප්‍රකාශයට පත් කරමිනි. මේ කියන්නේ 90 දශකයේ මුල් බාගය ගැනය . බො‍රැල්ලේ සුපර්මාකට් හී පළමු මහලේ කුඩා කාර්යාලයක් පවත්ගෙන යමින් කළේ මේ තක්කඩි වැඩය. මේ කාර්යාලය තුලදී අපහරණයට ලක්වූ තරුණියන් ගැන කතන්දර නිමක් නැත.

ඒ ගැන පසුව සවිස්තර වාර්තාවක පසුව බලාපොරොත්තු වන්න.

ඉහත කී පුවතට අදාලව අප දන්නා කරුණු කාරණා අනුව 2010 මැතිවරණ සමයේදී ‘ප්‍රගීත් එක්නැලිගොඩ කවදාවත් මහින්ද රාජපක්ෂට එරෙහිව කිසිදු පොතක් ලියා හෝ එවැනි කටයුත්තකට සම්බන්ධ වී නැත.’ යන්නය. ඔහු සම්බන්ධ වූයේ පුවත් බුලටීනයක් සකස්කිරීම වෙනුවෙන් පමණි. සඳරුවන් කියන කෘතිය ‘රාජපක්ෂ පවුල් ගහ කෘතිය’ සිදු කරනු ලැබුවේ වෙනත් පුද්ගලයකු වන අතර ඔහු තවමත් යහතින් සිටී. මේ සම්බන්ධ සත්‍ය කතන්දරයට ඔහු සාක්ෂි දරනු ඇත.. අනෙක් කරුණ ‘රාජපක්ෂ පවුල් ගහ’ යන්න මිනිහෙක් මැරීමට තරම් බරපතල තොරතුරු අඩංගු ලියැවිල්ලක් නොවේ. රාජපක්ෂ පවුල් ගහ ගැන වඩා සවිස්තර ලියැවිල්ල සකස් කළේ මේ මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධ පුද්ගලයන් විසින් නොවන බවට මේ ලියුම් කරුද සාක්ෂි දරයි. එවකට ඒ ප්‍රකාශයටද පත් විය.

ප්‍රගිත්ගේ අතුරුදන් වීමට අදාලව ලැබුනු තොරතුරු අනුව අපි කීවේ, ප්‍රගීතව ඉස්සුවේ කරුණා අම්මාන් සමඟ එල්ටීටීඊයෙන් විතැන්ව පසුව යුද හමුදා බුද්ධි අංශවලට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනකු විසින් බවය. එය සත්‍ය කරුණකි. එයින් අදහස් කරන්නේ එය කරුණාගේ වැඩක් කියා නොව ආරක්ෂක අංශයට ලැබුණු උපදෙසක් මත යන්නය. එහි සත්‍යය නුදුරේම හෙළිවනු ඇත.

අද ප්‍රගීත් වෙනුවෙන් කිඹුල් කඳුලු හෙලන සඳරුවන් නම් තක්කඩියා ඔහුගේ ඊනිව්ස් වෙබ් අඩවියේ කලක් වැඩ කළ ප්‍රගිත්ට සැලකූ සක්කිලි ආකාරය ගැන රහසක් නොවේ. ඒ ගැන සාක්ෂි එමටය. එය රහසක් නොවේ. ප්‍රගීත්ව දන්නා හඳුනන කවුරු ඒ හොඳි දනී. අද සඳරුවන් ප්‍රගීත්ගේ අතුරුදන් කිරීම දඩමීමා කරගෙන ඔහුගේ මානසික රෝගී තත්වයට ප්‍රතිකර්ම සෙවීමක නියැලී සිටින බව පැහැදිලි කරුණකි. සඳරුවන්ට අද අවශ්‍ය වී ඇත්තේ එදා ප්‍රගීත්ට කළ වැ‍රැද්දෙන් ගැලවීමටය. ඒ කළ නොහැකිය. කොටින්ම සඳරුවන්ට ප්‍රගීත් ගැන කතා කිරීමටවත් අයිතියක් නැත.

ප්‍රගිත්ව අතුරුදන් කිරීම සම්බන්ධයෙන් සඳරුවන් අද මේ කියන කතා මුළුමනින්ම අසත්‍යකි. සඳරුවන් හැමදාම කළේ සත්‍ය සිදුවීමක ඕපා දුපයක් අල්ලාගේ බොරු බේගල් ඇද බෑමය. ඊ නිව්ස් වෙබ් අඩවියේ සඳහන් සියලු තොරතුරු වලින් සියයට 75 කට වඩා අමූලික බොරුය. ඒ ගැන අපි වගකීමකින් යුතුව පවසා සිටිමු. ප්‍රගීත්ගේ අතුරුදන් වීම සිදුවූ ආකාරය ගැන සත්‍ය තොරතුරු හෙට අනිද්දා සහසුද්දෙන්ම එළිදරව්වූ විට සඳරුවන්ට රෙදි ගලවා ගන්නට සිදුවනු ඇතැයි කිව හැකි වූවද සඳරුවන්ට ගලවා ගැනීමට තරම් රෙද්දක් නැත. ඉන්නේ නිරුවතිනි. බොරු බේගල් ඇද බෑම නිසාම අද ඊ නිව්ස් වෙබ් අඩවියේ යන කිසිදු පුවතක් කිසිවකුත් පිළිගන්නේ නැත.

එමෙන්ම සඳරුවන්ට බොරු ආරක්ෂක හා දේශපාලන තොරතුරු සපයන්න කවුරුන්ද යන්න ගැන ඉතා හොඳ අවබෝධයක් අපට තීබේ. එමෙන්ම සඳරුවන්ගේ වියහියදම් බලා ගන්නේ කවුරුන්ද යන්න ගැනද අපට ඉතා හොඳ අවබෝධයක් තිබේ. මේ ගැන සවිස්තරාත්මක විස්තරයක් මැතිවරණයෙන් පසුව බලාපොරොත්තු වන්න. මේ මොහොතේ ඒ හෙළිදරව් කළ නොහැක්කේ ඉදිරි මහ මැතිවරණයේදී අප අපේක්ෂා කරන ප්‍රජතන්ත්‍රවාදයේ හා යහපාලනයේ ජයග්‍රහණයට ඒ බාධාවක් විය හැකි බැවිනි.

සඳරුවන් හා එක්වී සිටින හොර තක්කඩියන්ගේ වුවමනාව පැහැදිලිය. ඒ අප තේරුම් ගනිමින් සිටිමු. ඔවුන්ට කියන්නේ මැතිවරණයෙන් පසුව සූදානම්ව සිටින ලෙසය. හැම එකාව අප විසින් හෙළිකරන බව පැහැදිලිව හා නිශ්චිතවම පවසමු. එයින් ඒ ඒ අයගේ සනීප ජීවිතවලට කෙළවූවාට අපට කරන්න දෙයක් නැත.

අද මේ රටේ දූෂණ වංචාවලට නම් දරාපු දේශපාලකයන් කිහිප දෙනෙකුගේ සම්මාදමෙන් දිවි ගැට ගහගන්නා සඳරුවන්ගේ පදනමක් නොමැතිව විවේචනයට බඳුන්වන බොහෝ දෙනෙකු අවංකව මේ රටේ ප්‍රජාතනත්‍රවාදී පාලනයක් වෙනුවෙන් කැප වූවන්ය. ඊට හේතුවක් තිබේ..ඒ මානසික රෝගයකි. සඳරුවන්ගේ මානසික රෝගී තත්වය ගොඩනැගෙන්නේ සඳරුවන්ව කිසි කෙනෙකු ගනන් නොගන්න නිසාය. සඳරුවන් කියන්නේ වැදගත් මාධ්‍යවේදියකු නොවේ. තුට්‍ටු දෙකේ මඩ ගසන්නකු, වැලපත්තර කාරයකු පමණි. ඒ බව කවුරුත් දනී. ඒ නිසා සඳරුවන් අනුන් කෙරෙහි ඊර්ශාවකින් පෙලෙන්නෙකි.

රුවන් ෆැර්ඩිනැන්ඩස් සමඟ වෛරයට හේතූවන්න්නේ ‘මව්බිම ‘කර්තෘ කියන තුශාර ගුනරත්න රුවන්ව ‘වෙබ් ගෝඩ් ෆාදර්’ ලෙස හැඳින්වීම නිසාය. සඳරුවන් සිතා සිටියේ වෙබ් ගෝඩ් ෆාදර් තමුන් කියායය. ඔහු නොදැන සිටියේ ඔහු තුට්‍ටු දෙකේ වෙබ් හිඟන්නෙක් බවය. රුවන්, රාජපක්ෂ රෙජිමය පැන්නීමේ වෙබ් මෙහෙයුම අතට ගෙන කටයුතුකරන විට සඳරුවන් කොන් විය. කෝප විය. සඳරුවන්ව කවුරුත් ගනන් ගත්තේ නැත. ඔහු තුට්‍ටු දෙකේ මඩ වෙබ් කාරයකු පමණක් විය. රාජපක්ෂ රෙජීමයට සැබෑ ලෙසම අභියෝග කළේ මෙරට සිට රාජපක්ෂලාට අභිමුඛව සිටිමින් වෙබ් අඩවි කළ ඉතා සුළු පිරිස මිස එංගලන්තයට වී සිටි මේ අබ්බගාත හිඟන්නාගේ මාධ්‍ය බාවිතාව නොවේ.. සඳරුවන්ට කිසිදු දේශපාලන ඉලක්කයක් දැනුමක් තිබුණේ නැත. කවුරුන් හෝ සල්ලි සමඟ දෙන තොරතුරක් ග්‍රාමය භාෂාවෙන් ලියුවා හැර සඳරුවන් දන්නා දේශපාලනයක් නැත. මේ නිසා සල්ලි ලැබෙන විදිහට පුවත් පළ කිරීමත් පුවත් ගලවා දැමීමත් ඔහුගේ පුරුද්ද විය.මහින්දට නාම යෝජනා දීමට ජනාධිපතිවරයා තීරණය කළ විට ඔහුට ඉතා පහත් භාෂාවෙන් පරිබව කළ සඳරුවන් පැය තුනක් යන්නට කලින් එම පුවත ගලවා දමා මෛත්‍රීපාලව වර්නනනා කරන්නට පටන් ගත්තේ අතට ලැබුණු කුට්ටිය නිසාය. ඒ එක් උදාහරණයකි. සඳරුවන් ඕනෑම කෙනෙකුගෙන් මුදල් ගනී. නැත්නම් කප්පම් ගනී. ඔහුගේ දේශපාලනය ඒ අනුව සිදුවේ. අද සල්ලි දුන් එකා හෙට නොදුන්නහොත් ඒකාගේ පට්ට පතුරු යැවීම ඊනිව්ස් වෙබ් අඩවියේ සාමාන්‍ය විදිහය.

රුවන්ලා ප්‍රජතනත්‍රවාදී ප්‍රතිසංස්කරණයන් වෙනුවෙන් පෙනී සිටිමින් මෙරටේ හෙට දවස වඩා යහපත් කිරීම වෙනුවෙන් ජීවිතය පරදුවට තබා ‘පොලිටිකල් ගේම් ‘ගසද්දී සඳරුවන්ගේ ඇසේ ක‍ටු අනින්නාක් මෙන් විය. රුවන් පුවත් පතක් ආරම්බ කරන්න යන විට එය රාජපක්ෂලාගේ ව්‍යාපෘතියක් ලෙස කියා බොරු ගොඩක් ඇද බෑහැටි අපි දු‍ටුවෙමු. ගුණසිරි සිල්වා තමන් සියරට පුවත් පතට ලියු කතුවැකි එකතුව පොතක් බවට පත් කරද්දි සඳරුවන් කීවේ ඒවා ප්‍රගීත් ලියූ එවා බවය. මේ පැහැදිලිවම ඉරිසියාව මිස වෙනකක් නොවේ. අද ප්‍රගීත් ජීවමානව නොමැති නිසා සඳරුවන් හිතේ හැටියට බොරු බේගල ඇද බාමීන් වීරයෙකු වෙන්න තටමයි.

එමෙන්ම මේ බොරු විස්තර සඳරුවන්ට ලබා දෙන ‘සල්ලාල කොටා’ කවුද යන්න ගැන අපි ඉතා හොඳින් දනිමු. ඔහුට පරිස්සම් වෙන ලෙසද මේ අවස්ථාවේදී අනතුරු ඇඟවීමක් ද කරමු. මේ සියල්ලම මැතිවරණයෙන් පසුව අපි ඉවර කරමු.

අප කලක් සඳරුවන්ගේ ඊ නිව්ස් වෙබ් අඩවියේ තහනම ඉවත් කර ගැනීම වෙනුවෙන් පෙනී සිටියෙමු. ඒ වෙනුවෙන් සටන් කළෙමු. ඒ හෙට දිනයේදීද මාධ්‍ය නිදහස වෙනුවෙන් එසේම සිදුවනු ඇත. එහෙත් සඳරුවන්ගේ මාධ්‍ය කෙරුවාව අපි හෙළි කරන්නෙමු. ඒ බව මෙහිදී තදින්ම සටහන් කළ යුතුය.

සඳරුවන්ට අවසන් වශයෙන් කියන්නේ, අද කොන්ද පණ නැති අබ්බගාතයකු වී පැය 24 ම ඇඳ උඩට වී සිටින ඔබට තව විස්කි බි බී මේ පාදඩ කාලකණ්නි වෙබ් අඩවිය පවත්වාගෙන යන්නට සිදුවන්නේ තව ඉතාම කෙටි කාලයක් බවය. අසත්‍යය, ස්වභාවික මරණයට පත්වන්නට කලින් ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් මේක අපිට ඉවරයක් කරන්න සිද්ධ වන්නේය.

ප්‍රගීත් අතුරුදහන් කිරිමේ නාටක මාරය…ගඳයා,චම්පික බේරා ගන්න රුවන්,මංගල බිල්ලට දෙයි -මෙන්න ඊළඟ නාටකය

ප්‍රගීත් පාවාදුන් ගඳයා..චම්පිකගේ පුක සොදයි…මේ පාවා දෙන්නන්ගේ හෝරාවයි!

ඊ නිව්ස් ලිපිය 
“ප්‍රගීත් එක්නැලිගොඩ දින 3 ක් ගිරිතලේ හමුදා කඳවුරේ තබා ගෙන ඔහු ලියූ ‘රාජපක්ෂ පවුල් ගස‘ පොත ගැන ප්‍රශ්න කළා“ – අත් අඩංගුවට ගත් සාජන්ට් මේජර් පාපෝච්චාරණය කරලා: මුද්‍රණයටත් පෙර පොතේ අත්පිටපතක් ගෝඨාට දුන්නේ කව්ද?

(ලංකා ඊ නිව්ස්- 2015.අගෝ.10, ප.ව. 4.50) මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා ගිරිතලේ හමුදා කඳවුරේ දින 3 ක් රඳවාගෙන රාජපක්ෂ පවුල සම්බන්ධයෙන් ඔහු ලියූ පොතක් ගැන ප්‍රශ්න කෙළේ යයි ඊයේ කුරුණෑගලදී අත් අඩංගුවට ගත් රන් බණ්ඩා නමැති සාජන්ට් මේජර් වරයා රහස් පොලිසියට පාපෝච්චාරණය කර තිබේ.

ගිරිතලේ හමුදා කඳවුරට අනුබද්ධව සේවය කළ දෙමළ ජාතික බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනෙකු මගින් 2010 ජනවාරි 24 දා රාත්‍රියේ රාජගිරියේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැර ගැනීමෙන් පසු ගිරිතලේ හමුදා කඳවුරට රැගෙන ආ බවත් ඔහුගෙන් ප්‍රශ්න කිරීම් සිදු කෙළේ තමන් බවත් අත් අඩංගුවට ගත් රන් බණ්ඩා සාජන්ට් මේජර් වරයා විසින් පිළිගෙන තිබේ. ‍

මෙම ප්‍රශ්න කිරීම් දින 3 ක් තිස්සේ සිදුකරන ලද අතර මූලික වශයෙන් ප්‍රශ්න කර ඇත්තේ කාරණා දෙකක් බවත් ඉන් ප්‍රධාන කාරණාව වූයේ රාජපක්ෂ පවුල සම්බන්ධයෙන් ප්‍රගීත් එක්නැලිගොඩ විසින් ලියා මුද්‍රණයට සූදානම් කරන ලද පොතක් පිලිබඳ බවත් දෙවැනි කාරණාව වූයේ ෆොන්සේකා මහතා සහ ප්‍රගීත් එක්නැලිගොඩ අතර තිබූ සම්බන්ධය කුමක්ද යන්න බවත් සාජන්ට් මේජර් රන්බණ්ඩා පාපෝච්චාරණය කර ඇත.

ඉන්පසුව එම කඳවුරේ දෙවැනි අණ දෙන නිලධාරියා ලෙස කටයුතු කළ තාවකාලික කර්නල් වරයෙක් ලෙස උසස් වීම් ලද මේජර් සිරිවර්ධන නමැති නිලධාරියා පැමිණ ‘‘අපිට මෙයත් එක්ක ගමනක් යන්න තියෙනවා“ කියා ප්‍රගීත් එක්නැලිගොඩව රැගෙන ගිය බවත් ඉන් පසු තමා ප්‍රගීත් එක්නැලිගොඩ කෙනෙක් නුදුටු බවත් සාජන්ට් මේජර් රන් බණ්ඩා වැඩි දුරටත් පාපෝච්චාරණය කර තිබේ.

ඉහත කී මේජර් සිරිවර්ධන සේවය කර ඇත්තේ කර්නල් ෂම්මි කුමාරරත්න නමැති නිලධාරියා යටතේ ය. මේජර් සිරිවර්ධනට නියෝග දිය යුත්තේ කර්නල් ෂම්මි කුමාරරත්න වන අතර ඒ දිනවල ගිරිතලේ හමුදා කඳවුරේ ප්‍රධානියා ලෙස කටයුතු කර ඇත්තේ කර්නල් ෂම්මි ය.

ප්‍රගීත්ට මරු කැඳවූයේ ‘රාජපක්ෂ පවුල් ගස‘ පොතද?

ප්‍රගීත් එක්නැලිගොඩ විසින් ලියූ රාජපක්ෂ පවුල් ගස නමැති පොත එවක පැවැති ජනාධිපතිවරණය ඉලක්ක කරමින් ලියූ හෙලිදරව්වකි. එනම් ඒ වන විට කිසිවෙක් කතා නොකර තිබූ රාජපක්ෂලාගේ පවුලේ අය කොපමණ පිරිසක් ඒ ආණ්ඩුවේ තනතුරු ලබමින් සිටිනවාද? ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් කවරේද? ආදිය විග්‍රහ කෙරෙන පොතකි. මෙය මුද්‍රණය කිරීමට එවක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ම) පාර්ශවය ලෙස කටයුතු කළ මංගල සමරවීර මහතා සූදානම්ව සිටි අතර ඔහුගේ රාජගිරිය කාර්යාලයේ තිබූ සෝදුපත් බලමින් තිබූ ටයිප් සෙටින් පිටපත යම් කිසිවෙකු විසින් සොරකම් කරගෙන ගොස් තිබිණ. පසුව එම සෝදුපත් බලමින් තිබූ ටයිප් සෙටින් පිටපතේ ඡායා පිටපත් කොපියක් පෙන්වා ප්‍රකට මුද්‍රණකරුවෙකු වූ කෙලී සේනානායක මහතාගෙන් රහස් පොලිසිය ප්‍රශ්න කර තිබුනේ එම පොත කෙලී සේනානායක මහතා විසින් මුද්‍රණය කරන්නේදැයි දැන ගැනීමට ය.

තමන් එවැනි පොතක් මුද්‍රණය සඳහා බාරගෙන නැතැයි කෙලී සේනානායක මහතා පැවසූ විට, පොත ලිව්වේ කව්දැයි රහස් පොලිසිය විමසා සිටි නමුත් තමන් ඒ ගැන නොදන්නා බව ඔහු පවසා තිබිණ. ප්‍රගීත් පැහැරගත් දිනවලදීම කෙලී සේනානායක මහතා විසින් මේ සම්බන්ධයෙන් තමා තුල තිබූ සැකය හෙලිකරමින් ලංකා ඊ නිව්ස් වෙත පවසා සිටියේ එම පිටපතේ ප්‍රගීත් විසින් සෝදුපත් බලා සටහන් තබා තිබූ බව තමන් දුටු බවත් තමන් ප්‍රගීත්ගේ අත් අකුරු හඳුනාගත් බවයි. එවැන්නක් පිටතට ගියේ කෙසේද?

මේ අතර ප්‍රගීත්ගේ පැහැරගැනීම ගැන යලිත් රහස් පොලිසිය පරීක්ෂණ ආරම්භ කිරීමෙන් පසුව කීර්ති කුමාර ලොකුලියන නමැති මාධ්‍යවේදියෙක් රහස් පොලිසියට සාක්ෂියක් දෙමින් මෙම පොත ගැන සඳහන් කර තිබූ අතර ප්‍රගීත් විසින් සකස් කරන ලද ‘රාජපක්ෂ පවුල් ගස‘ නමැති පොතේ අත් පිටපතක් ප්‍රේම් කුලතිලක නමැති අයෙක් සොරකම් කරගෙන ගොස් තිබුනා යැයි ඔහු විසින් පවසා තිබිණ.

මංගල සමරවීර මහතාගේ කාර්යාලයේ තිබූ අත් පිටපතක් මුද්‍රණය කිරීමටත් පෙර ගෝඨාභය රාජපක්ෂ වෙත ගියේ කෙසේදැයි යන සැකය නිරාකරණය වන්නේ මංගල සමරවීර මහතාගේ දීර්ඝ කාලයක් ලේකම් වරයෙක් ලෙස කටයුතු කළ රුවන් ෆර්ඩිනැන්ඩස් නමැත්තා ගෝඨාභය රාජපක්ෂගේ රහසිගත ගෙවීම් ලැයිස්තුවක සිට හසුවීමෙනි.

එය එකළ මාධ්‍ය මගින් හෙලිදරව්වීමෙන් පසුව ලංකා ඊ නිව්ස් ඔහුගෙන් කළ විමසීමකදී ඔහු එය ප්‍රතික්ෂේප කෙළේය. නමුත් මේ වන විට ඔහු සහ ගෝඨාභය රාජපක්ෂ අතර ඇති රහසිගත සම්බන්ධය හෙලි වී හමාරය. ඉන් ප්‍රධාන සිදුවීමක් වන්නේ පරාජයේ උණුසුම මැකී යන්නටත් පෙර ගෝඨාභයගේ ප්‍රතිරූප නැංවීමට ගෝඨාභය සමග සම්මුඛ සාකච්ඡා මාලාවක් ෆර්ඩිනැන්ඩස්ට අයත් වෙබ් අඩවි හරහා ප්‍රචාරය කිරීම යි.

ඒ සඳහා ෆර්ඩිනැන්ඩස් විසින් විශාල ලක් ගෝඨාභයගෙන් ලබා ගත් නමුත් තමන්ට කිසිදු ගෙවීමක් කෙළේ නැතැයි එම සම්මුඛ සාකච්ඡා මෙහෙයැවූ මාධ්‍යවේදිනියක් අනාවරණය කළාය. මේ අතර රුවන් ෆර්ඩිනැන්ඩස් විසින් මෙහෙයවන වෙබ් අඩවියක එංගලන්තයේ සිටින සෙවනැලි කර්තෘ වරයා එජාප ප්‍රධානියෙක් අමතා පසුගියදා කියා සිටියේ ගෝඨාභය වැඩක් කළ හැකි මිනිහෙක් බවත් ඊලඟ ආණ්ඩුවකදී ඔහු හිරේ නොදමා වැඩක් ගන්නා ලෙසත් ය.

මේ ප්‍රකාශයෙන් එජාප ප්‍රධානියා විපිළිසරව ගොස් තිබුනේ රටක්ම ගෝඨාභයලා කළ වැරදි සොයා හිරේ දාන්න යැයි කියද්දී මේ යෝධයා කියන්නේ කුමක්ද? කියා ය. ඔහු යැපෙන්නේ ගෝඨාභයගේ ප්‍රතිරූප නැංවීමට ක්‍රියා කරන රුවන් ෆර්ඩිනැන්ඩස්ගේ සෙවනැලි කතුවරයා ලෙස බැවින් කාරණාව පැහැදිලි වී තිබේ. මේ සියලු කාරණා අනුව මංගල සමරවීර මහතාගේ කාර්යාලයේ තිබූ ප්‍රගීත් ලියූ රාජපක්ෂ පවුල් ගසේ අත් පිටපත නැතිවූයේ කෙසේදැයි තක්සේරුවකට පැමිණිය හැකිය. රුවන් ෆර්ඩිනැන්ඩස් රාජපක්ෂලා සමග පවත්වාගෙන යන රහසිගත සම්බන්ධතා හෙලිදරව් වීමෙන් පසුව මංගල සමරවීර මහතා මේ වන විට රුවන් ෆර්ඩිනැන්ඩස් තම ලේකම් ධූරයෙන් ඉවත් කර තිබේ.
ප්‍රගීත්ගේ පැහැරගැනීම සහ ඝාතනය කරුණා ගේ වැඩක් ලෙස කරුණු විකෘති කිරීමට රුවන් ෆර්ඩිනැන්ඩස්ට අයත් මාධ්‍ය ඉතාමත් තුච්ඡ වෑයමක යෙදෙන්නේ මන්දැයි දැන් තේරුම් ගත හැකිය.

Top