LNN SPY

“අපි ඉක්මනින්ම ඔවුන්ට මරණ දඩුවම ලබා දෙන්නෙමු.”නැගෙනහිර පලාත් දෙමළ මාධ්‍යවේදීන්ට මරණ වරෙන්තු… උතුරු/නැගෙනහිර මිලීටරිකරණය වහගන්න මාධ්‍ය මර්දණයක්!

Published on: Jan 31, 2020 –නැගෙනහිර පලාත් දෙමළ මාධ්‍යවේදීන් පිරිසකට මරණ වරෙන්තු නිකුත් කිරිමට හදුනා නොගත් කණ්ඩායමක් කටයුතු කර තිබේන බව වාර්තා වේ.මාධ්‍යවේදීන් හත් දෙනෙකුගේ ඡායාරූප ඇතුළත් පත්‍රිකා මගින් මෙම මරණ වරෙන්තුව ලබාදි තිබේ.

මඩකලපුවේ පුවත්පත් සමාජ ශාලාවට එම ඡායාරූප ඇතුළත් පත්‍රිකා දමා ගොස් ඇති අතර ඒ මගින් වරෙන්තු නිකුත් කර ඇත්තේ …

ස්වාධීන රූපවාහිනී ජාලයේ ( ITN) ක්‍රිෂ්ණකුමාර්,(Krishnakumar) ලංකා ශ්‍රී වෙබ් අඩවියේ සෙල්වකුමාර් නිලන්තන්,(Selvakumar Nilanthan) පුන්නියමූර්ති සසිකරන්,(Punniyamoorthy Sasikaran) කුහාරසා සුබෝජන් (Kuharasa Subojan) සහ Sirasa/MTV හි නල්ලතම්බි නිත්‍යානන්දන්,(Nallathambi Nithyananthan)සහ තිනකූරල් පුවත් පතේ Vadivel Shakthivel සහ Subramaniam Kunalingam යන අයෙගේ ඡායාරූපය එහි ඇතුලත් කර තිබේ.

2009 ජනවාරි මාසයේ දී ගෝඨාභයගේ විශේෂ ආරක්ෂක කණ්ඩායමකගේ ප්‍රහාරයකින් ඝාතනයට ලක්වු සන්ඩේ ලීඩර් ආරම්භක කර්තෘ ලසන්ත වික්‍රමතුංගට ගෞරව දක්වන අවස්ථාවක ගත් ඡායාරූපයක් මෙම මරණ වරෙන්තුව සදහා භාවිතා කර තිබේ.

“රජයට එරෙහිව ප්‍රවෘත්ති පළ කරන විදේශ කොටි අරමුදල් සපයන වාර්තාකරුවන් මොවුහු ය. අපි ඉක්මනින්ම ඔවුන්ට මරණ දඩුවම ලබා දෙන්නෙමු.” යනුවෙන් එහි දෙමළ භාෂාවෙන් සදහන් කර තිබේ.මේ පසුපස හමුදා බුද්ධි අංශ හෝ ඉට සමාන කණ්ඩායමක් සිටින බව නැගෙනහිර පළාතේ මාධ්‍යවේදීන් විශ්වාසය පලකරනවා.

උතුරේ සහ නැගෙනහිර මාධ්‍ය සංවිධාන සමග එක්ව මඩකලපුව පුවත්පත් සමාජය ඝාතනයට ලක්වු සහ අතුරුදන් වු මාධ්‍යවේදීන්ට යුක්තිය ඉල්ලා වැඩසටහනක් ආරම්භ කිරිමට කටයුතු කරමින් සිටි අතර ඒ අනුව එම වැඩසටහන නතර කිරිම සදහා බිය ගැන්වීමේ උත්සාහයක් ලෙස මෙම වරෙන්තු නිකුත් කිරිමට කටයුතු කර ඇති බව පැහැදිලිය.

වසර 6ක් තුල මාධ්‍යවේදීන් 44ක් අතුරුදන් වු නැගෙනහිර

ශ්‍රී ලංකාවේ ඝාතනයට ලක්වූ මාධ්‍ය සේවකයින්ගෙන් බහුතරයක් උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල සේවය කළ දෙමළ ජාතිකයන් ය. නැඟෙනහිර මාධ්‍යවේදීන් සහ ක්‍රියාකාරීන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශ විසින් අනුග්‍රහය දක්වන පැරාමිලිටරි කණ්ඩායම්වලට චෝදනා එල්ල වී තිබේ.

2004 සිට 2010 දක්වා කාලය තුළ ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන් සහ මාධ්‍ය සේවකයින් 44 දෙනෙකුගේ නම් ඇතුළත් ජේඩීඑස් විසින් සම්පාදනය කරන ලද ලැයිස්තුවක් 2015 දී කොළඹ හිටපු ක්‍රියාකාරීන් විසින් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ වෙත භාර දී තිබේ. මේ දක්වා කිසිදු විමර්ශනයක් සිදු කර නොමැත.

ඇමරිකාව සමග එක්ව උතුරු නැගෙනහිර ප්‍රදේශ මිලිටරීකරණය කිරිම සදහා ගෝඨාභය රාජපක්ෂ ගෙනයන මෙහෙයුම් දකුණේ ජනතාව අතරට පත්විම නතරකිරිමට මෙන්ම අතුරුදන් වු මාධ්‍යවේදීන් මෙන්ම දමිළ ජනතාව සම්බන්ධයෙන් නිරනතර මාධ්‍ය හරහා වාර්තා පලවිම නතරකිරිම සදහා මේ වනවිට උතුරේ විශේෂ මෙහෙයුමක් දියත් කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

බලහත්කාරයෙන් අතුරුදහන් වීම් වලට ලක්වූ පුද්ගලයින්ගේ පවුල් පසුගියදා කිලිනොච්චි සහ වවුනියා වලදි උද්ඝෝෂණ ව්‍යාපාරවල නියැලුන අතර තමන්ගේ අඛණ්ඩ විරෝධතා නතර කිරිමට අමාත්‍ය ඩග්ලස් දේවානන්ද කටයුතු කරමින් සිටින බවත් ඒ සදහා අතුරුදහන් වු දරුවන්ගේ දෙමාපියන් බියවැද්දීමට කටයුතු කරන බවද අප පසුගියදා අනාවරණය කළා.

Secret Intelligence Service

බුද්ධි අංශ භාවිතා කරමින් රාජපක්ෂලා සහ ආණ්ඩුව ආරක්ෂා කර ගැනිම සදහා බුද්ධි අංශ සියල්ලම තම අතට ගැනිමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ වනවිට කටයුතු කර තිබේන අතර ඒ අනුව ගෝඨා ආරක්ෂක ලේකම්ව සිටි කාලයේ සිට සියලු ජඩකම්, මැරකම් මෙහෙයවූ කපිල හෙන්ද්‍රාවිතාරණ ජාතික බුද්ධි අංශ ප්‍රධානී ලෙස පත්කරගෙන තිබේ. ඊට අමතරව ඔහු යටතේ රහස් බුද්ධි සේවයක් (Secret Intelligence Service) වෙනම ස්ථාපනය කර තිබේන අතර එය GRM ලෙස නමකර තිබේන බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළා.

“රජයට එරෙහිව ප්‍රවෘත්ති පළ කරන විදේශ කොටි අරමුදල් සපයන වාර්තාකරුවන් මොවුහු ය. අපි ඉක්මනින්ම ඔවුන්ට මරණ දඩුවම ලබා දෙන්නෙමු.”

Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…





Loading…


Top