Featured

අපිට ගෙදර යන්නවත් විදියක් නෑ… වහාම ජනපති සමග සාකච්ඡාවක් අවශ්‍ය….බත් බැලයෝ අඩා වැටෙයි…

හම්බන්තොට වරාය ව්‍යාපෘතියේ ඉදිරි අදියර සහ චීන සමාගමට ඉඩම් ලබාදිමට දියත් කර ඇති වැඩසටහන හේතුවෙන් තමන්ට ගෙදරටවත් යාමට නොහැකි තත්ත්වයක් උදාවි ඇති බවත් වහාම මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව කැදවිය යුතු බව පවසමින් ශ්‍රීලනිපයේ මෛත්‍රී පිලේ බත් බැලයන් 18 දෙනෙකුගෙ අත්සනෛන් යුතු ලිපියක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අතටම් ලබාදි තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

හම්බන්තොට ඉඩම් සහ වරාය චිනයට පවරා දිම පිළිබඳව යන යන තැන ජනතාව ප්‍රශ්ණ කරණ බවත් ඇතැම් පාක්ෂිකයන් යක්ෂා ආරූඪ වුවන් ලෙස නිවසටම පැමිණ ගෙදර සිටින මිනිසුන්ට බැන වදින බවද එම ලිපිය මගින් පෙන්වා දි තිබේ.

හම්බන්තොට ප්‍රදේශයේ සිදුකිරීමට සැලසුම් කර තිබෙන ආර්ථික වැඩපිළිවෙළ කුමන බලපෑමක් එල්ල වූවද නවතා නොදමන බව අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී අමාත්‍ය සාගල රත්නායක කර තිබේන ප්‍රකාශයත්, අද අගමැතිවරයා ප්‍රමුඛ චීන නියෝජිතයන් හමුවේ ඇතිකර ගත් එකගතාවන් හේතුවෙන් ජනාධිපතිවරය ලෙස ඔබතුමා පසුගියදා හම්බන්තොට වරාය සහ කර්මාන්තපුරය සම්බන්ධයෙන් කිසිදු ගිවිසුමක් රජය මේ දක්වා සම්පාදනය කර නොමැති අතර ඒ පිළිබඳ කිසිදු කමිටු වාර්තාවක්ද එළිදක්වා නොමැති බවට කල ප්‍රකාශය අවලංගු ප්‍රකාශයක් වි ඇති බවද එම ලිපිය හරහ පෙන්වා දි තිබේ.

ඒ අනුව අද රාත්‍රියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හදිසි මධ්‍යම කාරකසභා රැස්විමක් පැවැත්විමට ජනාධිපතිවරයා කටයුතු කරනු ඇති බවට ශ්‍රීලනීප මෛත්‍රීපිල විශ්වාසය පලකර තිබේ.

Top