Featured

“අම්මයි පුතයි ආවෙ නැත්නම් මේක තමයි ඔයාට වෙන්නේ “… ප්‍රගීත් පැහැරගෙන ගොස් අක්කරේපත්තු මුහුදේ දී ගලක් බැද ගිල්වා දැමූ බව කියන්න කිව්වා…. විශ්‍රාමික කෝප්‍රල් රවීන්ද්‍ර රූපසේන කොමිසම හමුවේ අනාවරණය කරයි…

හිටපු ආරක්ෂක ලේකම්,වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ බලපෑම මත ,  ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් ගිරිතලේ හමුදා කඳවුරේ රඳවා පසුව අක්කරේපත්තු මුහුදේ දී ගලක් බැද ගිල්වා දැමූ බව පවසන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරින් තමාට  බලපෑම් කළ බව පළමුවන බුද්ධි බලකායේ විශ්‍රාමික කෝප්‍රල් රවීන්ද්‍ර රූපසේන දේශපාලන පලි ගැනීම් පිළිබද සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව  හමුවේ ඊයේ(27) අනාවරණය කළා.

තමන් නිවසේ නොමැති අවස්ථාවක රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැමිණ තම බිරිඳට සහ දරුවා රැගෙන යාමට කටයුතු කර ඇති බවත් එම අවස්ථාවේ  කිසිදු කාන්තා පොලිස් නිලධාරිනියක් පැමිණ නොසිටි බවද ඔහු සදහන් කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සැරයන් මෙන්ඩිස්  තම පුතාගේ හිසට රාජකාරි ගිනිඅවිය තබා “අම්මයි පුතයි ආවෙ නැත්නම් මේක තමයි ඔයාට වෙන්නේ .”  කියමින්  තර්ජනාත්මකව බලපෑම් කළ බව සිය පුතා තමාට පැවසු බවද විශ්‍රාමික කෝප්‍රල් රවීන්ද්‍ර රූපසේන සදහන් කර සිටියා.

තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින කාලය තුළ උප පොලිස් පරීක්ෂක ප්‍රේමතිලක නැමැත්තා තමන්ව  පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා ගේ කාමරයට රැගෙන ගොස්  මත්පැන් පානය කිරීමට සලස්වා

” බයවෙන්න එපා .මම කියපු දේ කරන්න. ශානි මහත්තයා  හොඳයි. අපිත් එක්ක තමයි පොලිස්පති තුමා, රනිල් මහත්තයා ,මංගල මහත්තයා ඉන්නේ. ඒ හින්දා අක්කරේපත්තුවට අරන් ගිහින් ගෝඨාභය මහත්තයා කියපු විදියට බඩට ගලක් බැදලා  එක්නැලිගොඩ මුහුදට දැම්මා කියලා කියන්න .”

යනුවෙන් ප්‍රකාශ කරන ලෙසට තමන්ට බලපෑම් කළ බවකෝප්‍රල් රවින්ද්‍ර රූපසේන දේශපාලන පලි ගැනීම් පිළිබද සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ අනාවරණය කළා.

” එසේ පැවසුව හොත් කෝටි ගණන් මුදල් දෙන්නම්. ඇමරිකාවට වුණත් යවන්නම් දේශපාලන රැකවරණය සලස්වා කියලා ” යනුවෙන් පොරොන්දුවක්ද දුන් බවයි ඔහු සදහන් කලේ.

Top