Anonymous Reporter

අයි.එස් මහා ප්‍රහාරයට සංඥාව ලැබෙන කාලයේ ප්‍රමාදය

අයි.එස් නොහොත් ඉස්ලාම් දේශය ගලින් ගල තබා අත්තිවාරක් මත ගොඩ නැගූවක් නොවීය.  කැරලිකරුවන් සහ අයි.එස් දේශය එක් රාත්‍රියකින් බිහි වූවකි.අයි.එස් කැරලිකරුවන්ගේ සාහසික ප්‍රහාර වර්තමානයේ අරාබි කරයේ දිනපතා /පැය 24 පුරා ක්‍රියාත්මකය. සිරියාව,ලිබියාව, ටියුනීසියාව, ඊජිප්තුව, යේමනය,ඉරාකය සහ තුර්කිය අයි.එස් ප්‍රහාර හේතුවෙන් ලේ විල් බවට පත්ව ඇත.2014 වසරේදී අයි.එස් ප්‍රහාර යුරොපය දක්වා වියාප්ත කල අතර ඉන් අනතුරුව ලොව සතර දිග්බාගයේම අනසක පැතිරවීය. ලොව සසල කල අයි.එස් ප්‍රහාර කිහිපයක් විමසා බලමු.

 >2014  ඔක්තෝබර් කැනඩාවේ ඔටාවා නුවර  පාර්ලීමේන්තු ප්රහාරය.මියගිය ගනන  4 කි.

>2015 ජූනි කුවෙට් අග නුවර  ශියා පල්ලියේ බෝම්බ ප්‍රහාරය, මිය ගිය ගනන 29.

>2015  ඔක්තෝබර් ඊජිප්තුවෙ සිට සෙන්ට් පීටස්බර්ග් නුවර දක්වා පියසර කල මෙට්‍රො ජෙට් 9268 රුසියානු ගුවන් යානය පිපිරවීම , මියගිය ගනන 224  කි

>ප්‍රංශයට මේ දක්වා ප්රහාර 15 එල්ලවී ඇති අතර ඉන් ප්රබලතම ප්රහාරය එල්ල වූයේ 2015 නොවෙම්බර් මසය. සුප්‍රකට පැරිස් ප්‍රහාරයෙන්  මියගිය ගනන 146 කි

>2015  දෙසැම්බර් අමෙරිකාවේ සන් බර්නැන්ඩිනො නුවර දී රිස්වාන් ෆාරුක් සහ ත්ස්ෆින් මලික් එල්ල කල වෙඩි ප්‍රහාරයෙන් මිය ගිය ගනන 14

>2016 ජනවාරි , ඉන්දුනීසියාවේ අගනුවර වූ ජකර්තා බෝම්බ ප්‍රහාරය, මියගිය ගනන 16

>2016 මාර්තු බෙල්ජියමයේ අගනුවර බ්‍රසල්ස් හි මෙට්ට්‍රො ස්ටේශන් ප්‍රහාරය , මිය ගිය ගනන  36

>2016 ජූනි කසකස්තානයේ අක්ටොබෙ හමුදා කදවුරු සීමාවට එල්ල කල ප්‍රහාරයෙන් මියගිය ගනන 23

>2016 ජූනි ඇමෙරිකාවේ ඔර්ලන්ඩො සමරිසි සමාජ ශාලාවේ වෙඩි ප්‍රහාරයෙන් මිය ගිය ගනන 52.

>2016 ජූනි තුර්කි අගනුවර ඉස්තාම්බුල් ගුවන්තොටට එල්ල කල ප්‍රහාරයෙන් මිය ගිය ගනන 58.

>2016 ජූලි බන්ගලාදේශයේ අගනුවර වූ දකා ප්‍රහාරයෙන් මියගිය ගනන 28.

>2016 ශුද්දවූ රාමදාන් මාසයේ ඉස්ලාමයේ මුදුන් මල් කඩ වූ සෞදි අරාබියේ මදීනා නුවරට එල්ල කල මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කලේය.මියගිය ගනන 8.

බටහිර ඉරාකය සහ සිරියාව යා කරමින් කලීෆා නොහොත් ඉස්ලාමි දේශය  2014 වසර උදාව සමග ප්‍රකාශයට පත් විය. අනතුරුව සිය දේශය ගොඩනැගීමට පැමිනෙන ලෙස  ලොව පුරා විසිර සිටින මුසොල්මානුවන්ට ආයාචනා  කලේය. සොල්දාදුවාගේ  සිට දොස්තර දක්වා නොව නන් දෙසින් පුද්ගලයන්  ඉස්ලාමික් දේශයට පැමිනියෝය. බිලියන ගනනින් මුදල් අයි.එස් ප්‍රොක්සි ගිනුම් තුල තැන්පත්න්විය.කුරානයේ පේලි උපුටා දැක්වූ පූජක වේශදාරීන් මොල සේදීමෙ නියලුනේය. නව බදවා ගැනීම්  මුලු මනින්ම පාගේ සිදුවූයේ ඉන්ටර්නෙට් තාක්ශනය සහ දූතයන් මගිනි. අයි.එස් හා එක් වන පුද්ගලයෙකුට අතිවිශාල  ගෙවීමක් කලේය. එය සිදුවූයේ මිලියන ගනනිනි.

අයි.එස් යනු විමුක්තිකාමීන් පිරිසක් නොව හුදෙක් කුලී හමුදාවකි. නූතන  ධනවාදී ගොහොරුවේ දුක් විදින තවත් එක් වහල් කන්ඩායමකි. මොවුන්ගේ ආගමනයට හේතු වූයේ පයිප්ප නලයකි කථාවකි. විශාලතම තෙල් නිපදවන ජාතිය රුසියානුවන්ය. සෞදි අරාබිය දෙවැන්නේ පසුවෙයි. ගෑස්ෆොම් යනු ලොව විශාලතම තෙල් අපනයන සමාගමයි. එහි අයිතිය රුසියානු රජය සතුය.  ඇරම්කො යනු ලොව දෙවන විශාලතම තෙල් අපනයන සමාගමයි. එහි අයිතිය ඇමෙරිකාව සහ සෞදි රජය සතුය. යුරෝපයෙ   තෙල්  සැපයුම මුලුමනින්ම පාගේ රුසියාවේ පාලනය යටතේ පවතියි. නමුත් රුසියානුවන්ගේ නිෂ්පාදන වියදම ඉහලය.

යුරොපයේ තෙල් වෙලදපොල අත්පත් කරගෙන රුසියාවේ බඩට ගැසීමට  ඇමෙරිකා-සෞදි හවුල කසකැවූයේ කාලයක සිටය.සෞදියේ තෙල් නල මාර්ගයක් මගින් යුරෝපයට යැවීමට ඔවුන් සැලසුම් කලේය. යෝජිත නල මාර්ගය සෞදිය,ජොර්දානය ,සිරියාව සහ තුර්කිය හරහා යුරෝපයට වැටී තිබුනි. නමුත් සිරියාව හරහා නල එලීමට බශාර් අල් අසාද් විරුද්ද විය.   අනෙක් පසින් ඉරානයේ තෙල් මිලට ගෙන නල මාර්ගයක් හරහා යුරෝපයට යැවීමේ රුසියානු සැලසුමක් විය. එම මාර්ගය  ඉරානය, ඉරාකය,සිරියාව ඔස්සේ යුරෝපයට වැටී තිබුනි.  සෞදි-ඇමෙරිකා හවුලට බෑ කී බශාර් අල් අසාද් රුසියානු සැලසුමට එකග විය.එතැන් පටන් සිරියානු ජනපති බශාර් අල් අසාද් එලවීමට සෞදි-ඇමෙරිකා හවුල කුමන්ත්‍රනය කලේය. ඇමෙරිකානුවන්ගේ අරාබී වසන්ත නියාය සිරියාව තුල වැඩ නොකලේය. එහෙයින්  බශාර් එලවීමට කුලී හේවායන් පිරිසක් නිර්මානය කලේය. බිලියන ගනනින් මුදල් සහ අවි ආයුද පොම්ප කලේය. ඔවුන්ගේ වියාපාරයට  ඉස්ලාම් ස්ටේට් ලෙසින් අයිඩියොලොජික්  එක් කලේය.

තෙල් සම්පත සූරාකෑමට ඇමෙරිකාව විසින්  ශියා-සුන්නි නිකාය බෙදීම යොදා ගත්තේය. සෞදි අරාබිය ප්‍රමුඛ සුන්නි ප්‍රජාව ඇමෙරිකානු අනුග්‍රහය යටතේ ප්‍රවර්දනය කලේය. අයි.එස් යනු සුන්නි මූලදර්මවාදීන්ය.  සිරියාවේ ජනපති  බශාර් එලවන කොන්ත්‍රාත් එකට අමතරව ශියා බහුතරක් වෙසෙන ඉරානයට පහර දිම සදහා අයි.එස් යොදා ගත්තේය.ශියා වරුන්ට එරෙහිව සුන්නි මූලදර්මවාදී  පිලිලය ලොව පුරා රෝපනය කලේය. අයි . එස් අඩියොලොජිය කුරානයේ පද පේලි යොදා හැඩ කලේය.  ශකීර් නායක් වැනි පූජක වේශදාරීන් එකී සෞදි-ඇමෙරිකා කොන්ත්‍රාත්තුව මනාව ඉටු කලේය.එදා මුසොල්මානුවන් ශාකිර් නායක් දුටුවේ දේව දූතයෙකු ලෙසිනි. නමුත්  එකී රට වලටම අද ඔහු ත්‍රස්තවාදියෙකු වී ඇත. ශකිර් නායක් යනු සුන්නි අයි.එස්  ප්‍රචාරණ උපකරනයකි. ඇමෙරිකාවේ ඩමියකි. ඉරානය ඇතුලු ශියා මුස්ලිම් රටවල් පිලිකුලින් බැහැර කරන ද්‍රෝහියෙකි.

මනෝරාජික ඉස්ලාම් දේශය සහ අයි.එස් අඩියොලොජිය හේතු කිහිපයක් නිසා ලක් බිමට තීරනාත්මකව බල පායි. දේශ සිතියමට අනුව ලක්බිමද ඉස්ලාම් රාජ්යේ කොටසකි. අයි.එස්  වියාපාරයේ ට්‍රාන්ස්සිට් හබ් එක බවට පත්ව ඇත්තේ ලංකාවය. මුදල් ගනු දෙනු වල කේන්ද්‍රය වී ඇත්තේ ලංකාවය. මොල සේදීමේ පුහුනු කදවුර බවට පත්ව ඇත්තේ ලංකාවය. යහ පාලන  රජයේ ෆයිසර් මුස්තාපා  සහ අසාද් සාලි අයි.එස් මෙහෙයුම් වලට සම්බන්ද බව මෙරට ආරක්ෂක අංශ විසින් වාර්ථා කර ඇත. ඉන්දියානු ආරක්ෂක ඒජන්සි විසින්ද මෙකී තොරතුරු සනාථ කොට ඇත.මේ ගෙවී යන්නේ මහා ප්‍රහාරයට සංඥාව ලැබෙන කාල පමාවයි..නමුත් ජාතියේ කරුමයට,එදා කොටින් සුරතල් කල රනිල් මෙදා අයි.එස් ත්‍රස්තයන් සුරතල් කරමින් සිටියි.

කේරල ප්‍රාන්තයේ 15 දෙනෙකු පමන අයි.එස් සටන්කාමීන් හා එක් වූ පුවත ඉන්දියාව උනුසුම් කලේය.අයි එස් හා එක් වූ එක් සාමාජිකයෙකුගේ මවක් ප්‍රකාශ කලේ බදවා ගනීමේ සම්බන්දීකරනය ලංකාව හරහා සිදුවූ බවය. මෙම පිරිස මුලු මනින්ම ශකීර් නායක්ගේ ගෝල බාලයන් විය. සෞදි- ඇමෙරිකා හවුලේ කුලීකාර  ශකීර් නායක් අන්ය ආගම් වලට අපහාස කරමින් ද්වේශය වපුරයි. මොහුගේ කූට සංදර්ශන  වලට ජනතාව මෝහනය  වෙයි. කරුනු එසේ හෙයින් ශාකීර් නායක් මෙහයවන ඊනියා පීස් ටීවි නාලිකාව කලාපයේ ඉස්ලාම් රටවල් පවා තහනම් කොට ඇත. නමුත් ලංකාවේ පියො ටීවී නාලිකා 98 සහ ඩයලොග්  නාලිකා 31 හරහා  ද්වේශය වපුරන මෙම නාලිකාව විකාශනය කෙරෙයි.සෞදි-  ඇමෙරිකා හවුලේ කව් බෝයි සෙල්ලම් වලට වේදිකාව ලබා දී ඇත. අයි.එස් මූලදර්මවාදය්ට උඩගෙඩි දෙයි. අවසානයේ ත්‍රස්තවාදයේ ගින්න අවුලුවා ලයි

1981 වර්ෂයේ දී යාපනය යුද හමුදා  අඥාපතිවරයා රහස්ය වාර්තාවක් පිලියෙල කරමින් උතුරේ බෙදුම්වාදී ක්‍රයාකාරකම් පිලිබදව ජේ.ආර් ජයවර්දනට රපොර්තු කලේය. බෙදුම්වාදී කැරලි කරුවන් වහාම මර්දනය කල යුතු බව හා ඊට අදාල සැලසුම ඉදිරිපත් කර තිබුනි. නමුත් ජේ.ආර් ඒ පිලිබදව උපහාසාත්මකව සිනාසුනේය. වසර දෙකක් ගතවත්ම  ජේ.ආර් ගේ උපහාසය ආපිට කැරකුනේය.1983 ජූලි බිම් බෝමබයකට අසුවී ලුතිනල් වරයෙකු ඇතුලුව හමුදා සාමාජිකයන් 11 මිය ගියේය. මෙම සිද්දියෙන් කුපිතවූ දකුනේ සිංහලයන් දකුනේ දෙමල වැසියන්ට පහර දුන්නේය. මෙකී සිදුවීම කලු ජූලිය ලෙසින් ඉතිහාසය උඩු යටිකුරු කලේය. එය ජාතියට කලු පැල්ලමක් එක් කලා පමනක් නොව බෙදුම්වාදී ත්‍රස්තවාදයට මහා වෘක්ෂයක් ලෙස වැඩීමට ඉඩ හසර ලබා දුන්නේය.

විශේෂ ලියුම්කරු කීර්ති රත්නායක

Top