Featured

අර්ජුන,චන්ද්‍රිකා රනිල්ට සෙට් වෙයි -තිලංගට උඩින් අරලියගහ මන්දිරයෙන් ක්‍රිකට් කමිටුවක්

යහපාලන වට්ටි අම්මා නොහොත් චන්ද්‍රිකා සමග නිදිවැදි පසුව වෙනත් ගැහැනු සමග නිදන්නට ගොස් අන්තිමට චන්ද්‍රිකාගෙන් කණේ පහර කෑ අර්ජුන රණතුංග පරාජය කර ක්‍රිකට් ආයතනයේ නිලවරණයේ සභාපති තනතුර බුකි කරුවෙකු වු ජනවරමක් නැති කුජිත නී.කථානායක ,තිලංග සුමතිපාලට ලබාදිමට මෛත්‍රීපාල සිරිසේන ක්‍රියාත්මක කල මෙහෙයුමත් සමග එයින් උරණ වු චන්ද්‍රිකා කුමාරතුංග රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්ව තමන්ගේ ආතල් කොලු ගැටයා වන අර්ජුන රණතුංගට අසාධාරණයක් සිදුවු බව පවසමින් ක්‍රීඩා ඇමතිටත් නොදන්වා අමුතුම මාදිලියක කමිටුවක් ක්‍රිකට් සභාවටත් උඩින් අරලියගහ මන්දිරයෙන් පත්කිරිමට කටයුතු කර තිබේ.

මිට අමතරව මෛත්‍රිපාල පන්නා දැමීමට එ ජා පක්‍ෂයට ඇති අවශ්‍යතාවයට චන්ද්‍රිකා හා අර්ජුන මුලිකව සහය ලබාදිමට අතර රනිල් වික්‍රමසිංහට එකඟතාව පලකර ඇති බවද එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර තොරතුරු වර්තාකරු අණාවරණය කර සිටි.

කියවන්න –මෛත්‍රී බුකි කාරයා සභාපති කරයි -චන්ද්‍රිකාගේ ආතල් කොල්ලාගේ කණටම ගහයි 

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාට එරෙහිව නීතිමය කි‍්‍රයාමාර්ග ගන්නා බව වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අද මාධ්‍ය හමුවක් තබමින් පවසා සිටියා.ක්‍රිකට් ක්‍රීඩාව බුකී ව්‍යාපාරයෙන් සහ සූදුවෙන් බේරාගැනිම සඳහා සටනක් දියත් කළ යුතු බවත් තිලංග යනු මිනිමරුවෙක් බවත් ප්‍රසිද්ධියේ කියා සිටියා.

අර්ජුන කියන්නේ මැච් එක පැරදුනහම අම්පයර් හොරා කියන පොරක්

Arjuna_CBKක්‍රීඩා ඇමැතිවරයා සමග ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයේදී මාධ්‍ය හමුවකට තිලංග සුමතිපාල මහතාද සහභාගි විය. එහිදී ක්‍රිකට්‌ නිලවරණයේ මාෆියාවකින් ජය ගත් බවට අර්ජුන රණතුංග ඇමැතිවරයා මාධ්‍යයට පැවසීම සම්බන්ධයෙන් තිලංග සුමතිපාල මහතා ඉදිරියේදී දැඩි තීන්දු තීරණ ගන්නා බවද පැවසීය. අර්ජුන සමග ඕනෑම විවාදයකට තමා මුහුණට මුහුණ ඉදිරිපත්වීමට කැමැත්තෙන් පසුවන බවත් අර්ජුනගේ වංචා සහ දූෂණ පිළිබඳව ඉදිරියේදී නඩු පවරන බවත් වැඩ භාර ගැනීමෙන් පසුව මාධ්‍ය හමුවේදී සුමතිපාල මහතා පැවසීය.

“මැච් එක පැරදුනහම අම්පයර් හොරා කියන්න එපා කියල මම අර්ජුනට කියනවා. විකට්‌ එක ඇදයි. ඒව කියල වැඩක්‌ නැහැ. අයියල මල්ලිලා ඇවිල්ල මේක විනාශ කළා. අර්ජුනගෙ හොඳ සහ නරක දෙකම මම දන්නවා. මෙතෙක්‌ කල් මම ඉවසගෙන කට වහගෙන හිටියා. වර්ල්ඩ් කප් එකක්‌ උස්‌සගෙන එනකොට මේක අර්ජුනයි අරවින්දයි ඉන්න පින්තූර ගහල තිබ්බා. ලැඡ්ජයි කියන්න. දැන් මම අර්ජුනත් සමග ගනුදෙනු කරනවා.” යනුවෙන් සුමතිපාල මහතා පැවසීය.

අර්ජුන රණතුංග ඡන්දය ඉල්ලල පරාද වූ බවත් එය පිළි ගත යුතු බවත් ඔහුට මතිවානන් මහතා සමගද තරග කරමින් ජය ගැනීමට නොහැකි වූ බවත් තිලංග සුමතිපාල මහතා පවසයි.

“අර්ජුන පැරදුනා නම් පරාජය පිළිඅරගෙන පැත්තකට වෙලා ඉන්න ඕන. එයා වර්ල්ඩ් කප් එකක්‌ ගහල දිනල ආපු නිසා අපි චාන්ස්‌ එකක්‌ දුන්නා. එයා වරායෙ මිනිස්‌සුන්ට රස්‌සාවල් දෙනව කියල ඡන්දය දිනුවෙ. මම ටිකක්‌ හරි සන්තෝෂ වෙනවා නිශාන්ත රණතුංග කියපු කතාවට. ඔහු අපිට උදව් කරන්නම් හරි කියල කිව්වා.”

විශ්වවිද්‍යාලයෙන් ආපු කට්‌ටියගෙන් අර්ජුන තර්ජනය කර ඡන්දය ලබා ගත් බවත් ඔහුට ඉදිරියේදී නඩු පවරන බවත් සුමතිපාල මහතා පවසයි.

“අර්ජුන ක්‍රිකට්‌වලට කරල තියෙන දේවල් මොනවද කියල මම දන්නවා. ඒ පිළිබඳව ක්‍රීඩා ඇමැතිතුමාට මැදිහත් වෙන්න අවශ්‍යතාවක්‌ නැහැ. අර්ජුන ක්‍රිකට්‌ කාපු තරම් ඔහු පාසල් කාලයේ සිට කරපු දේවල් ගැන ඉතිහාසය මම හොඳට දන්නවා. මිනිස්‌සුන්ට බොරු කියන්න, උපහාස අපහාස කරන්නෙ අර්ජුන කවුරු කියල හිතාගෙනද දන්නෙ නැහැ. අර්ජුන රණතුංග කළ බොරු ප්‍රකාශ සහ වංචා දූෂණ පිළිබඳව මම නඩු දානවා.” යෑයි තිලංග සුමතිපාල මහතා පැවසීය.

ක්‍රිකට්‌ වෙනුවෙන් වැඩ කරන්න තිබෙන කාලය අර්ජුන වෙනුවෙන් කතා කර කා දැමීමට තමා තවදුරටත් බලාපොරොත්තු නොවන බවත් අවුරුදු හතරක්‌ පුරා හොස්‌ටල් එකක්‌ සදන බවට ප්‍රකාශ කරමින් අර්ජුන රණතුංග රජයෙන් ගත් ඉඩම පිළිබඳව තොරතුරක්‌ නැති බවත් සුමතිපාල මහතා පවසයි.

“මම පාර්ලිමේන්තුවේදී අවුරුදු හතරක්‌ අර්ජුන රණතුංග ආණ්‌ඩුවෙන් ගත්ත ඉඩම ගැන කතා කළා. ලංකාවෙම ලෝකෙම හොරකම් ගැන කතා කරන අර්ජුන ඒ ඉඩමට මොකද කළේ. ඒක හදන්න ෆවුන්ඩේෂන්වල මිනිස්‌සුන්ගෙන් තොප්පි ගහල ගිහිල්ල සල්ලි එකතු කළා. ඒකට සල්ලි දුන්න මිනිස්‌සුන්ගෙ සාක්‍ෂි මා ළඟ තියෙනවා. අන්තිමට අර්ජුන සල්ලි ටික සාක්‌කුවෙ දාගෙන ඉඩම විකුණුවා.” යනුවෙන් සුමතිපාල මහතා වැඩිදුරටත් පැවසීය.

ඊයේ සුමතිපාල මහතා වැඩ භාර ගැනීමෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ මුල්‍යමය කටයුතු අධීක්‍ෂණය කිරීමට පංච පුද්ගල කමිටුවක්‌ පත් කිරීමට තීරණය කර තිබේ. ඒ සඳහා ක්‍රිකට්‌ පරිපාලනයේ කෙනෙක්‌, ක්‍රීඩා ඇමැතිවරයා විසින් නම් කරන කෙනෙක්‌, මුදල් ඇමැතිවරයා විසින් නම් කරන ලද කෙනෙක්‌, ලංකා විගණන දෙපාර්තමේන්තුව විසින් නම් කරන කෙනෙක්‌, ක්‍රීඩා සමාජවල ජ්‍යෙෂ්ඨ මුල්‍යමය කටයුතු කෙනෙක්‌ වශයෙන් අදාළ පංච පුද්ගල කමිටුව සමන්විත වේ. වත්මන් ක්‍රිකට්‌ භාණ්‌ඩාගාරික ෂම්මි සිල්වා මහතාට එම කමිටුව සමග වැඩ කිරීමේ හැකියාව ඇති බවද සුමතිපාල මහතා පෙන්වා දුන්නේය.

අර්ජුනගේ අඳෝනාව  

Arjuna_ATT

Top