LNN SPY

අර්ජුන් ඇලෝසියස් අත්අඩංගුවට ගත්තේ ඡන්ද දිනන්නද? එජාපයට මල පනී ……

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති අර්ජුන් ඇලෝසියස් මහතා අත්අඩංගුවට ගැනීමට වසරකට අධික කාලයක් ගත කළේ කුමක් නිසා දැයි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහා ලේකම් සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් ප්‍රශ්න කර සිටියි.

ශ්‍රී ලංකා මහා බැංකු බැඳුම්කර නිකුත් කිරීමේ සිද්ධියට අදාළව පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ගිණුම් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝග මත අත්හිටුවා වසරකට අධික කාලයක් ගත වුවද සමාගමේ සභාපති අර්ජුන් ඇලෝසියස් අත්අඩංගුවට ගැනීමට කිසිඳු පියවරක් නොගැණුනු බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්‍ෂ අර්ජුන් ඇලෝසියස් අත්අඩංගුවට ගැනීමට හැකි පසුබිම සකස් කර තිබුණද වසරකට වැඩි කාලයක් ඔහු අත්අඩංගුවට නොගෙන සිට මේ අවස්ථාවේදී ඒ පියවර ගත්තේ සෙනසුරාදා(10) පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය අරමුණු කර ගෙන දැයි අකිල විරාජ් කාරියවසම් මහතා විමසා සිටියි.

වසරක් තිස්සේ නොගත් පියවරක් පළාත් පාලන මැතිවරණය කට උඩට පැමිණි පසු ක්‍රියාත්මක කිරීම තවත් එක් දේශපාලන සංදර්ශනයක කදිම නිදසුනක් බවද එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

Top