Featured

අර්ජුන්-රවි මෙන්ඩිස් සමාගම බදු මාෆියාවක

Published on: Mar 5, 2016 – රජයට අයවිය යුතු බදු නොගෙවා රටේ ආර්ථිකය කම්බස් කරමින් අර්ජුන් මහෙන්ද්‍ර හා රවි කරුණනායක එක්ව අර්ජුඅනගේ බැණාගේ මෙන්ඩිස් අරක්කු හරහා යහපාලන මාෆියාවක් ක්‍රියාත්මක කරමින් සිටින බව වාර්තා වේ.

මහ බැංකු බැඳුම්කර මගඩිය හරහා අර්ජුන් මහෙන්ද්‍ර සහ පාතාලයේ නායකත්වය දරමින් රටේ ආර්ථිකය කම්බස් කල අර්ථ්කයේ ගොන් මොඩලය වන රවි කරුණනායක එක්ව මේ දිනවල ජයටම කරනගෙන යන යහපාලන අරක්කු මාෆියාවක් අනාවරණය වි තිබේ.

මහා බැංකු කොල්ලයෙන් පසුව හොරගල් අහුලමින් සිටි අර්ජුන්-රවි පසුගිය දින කිහිපයේම රවිගේ ගෙදරට වි ආතල් ගැනිමත් සමග අප විශේෂ වාර්තාකරු කල සොයා බැලිමේදි අනාවරණය වුයේ සාමාන්‍යයෙන් රටේ වැඩියෙන්ම විකිණෙන ගල් අරක්කු කාලක් (180ml) සදහා යහපාලනයම දැමු බදු ප්‍රමාණය 185ක් වන අතර නිෂ්පාදන පිරිවැය සමග අවම වශයෙන් 225ක පමණ වන අතර අර්ජුන්-රවි මෙන්ඩිස් සමාගම එම අරක්කු කාල වෙනුව්වෙන් බදු නොගෙවා සිටිම මත ඔහුන් ඉතා විශාල ලාබයක් ලබන බව අමතුවෙන් කිවයුතු නැහැ.

යහපාලන ආර්ථික දරිද්‍රතාවයෙන් පෙලෙන සමාන්‍ය ජනතාවගේ සමීපම මිතුරාවන අරක්කු කාල හරහා අර්ජුන්-රවි මෙන්ඩිස් සමාගම මේ වනවිට රටේ විවිධ කණ්ඩායම් මර්දණය කිරිම සදහා ඉතා විශාල ප්‍රමාණයෙන් මුදල් යොදවමින් සිටි.

මේ අතර අරක්කු නිශ්පාදනය සදහා අවශ්‍ය වන ස්පීතු පැලවත්තේන් සහ සෙවනගල කර්මාන්ත හරහා අර්ජුන්-රවි මෙන්ඩිස් සමාගමට යහපාලන පිහිටෙන් ලිටරයක් රුපියල් 250ට ලබාදෙන අතර අනිකුත් නිෂ්පාදකයන් සදහා එම ස්පීතු ලිටරයක් ලබාදෙන්නේ රුපියල් 400ක මුදලකට වේ.

මේ වනවිටත් අර්ජුන්-රවි මෙන්ඩිස් සමාගම හරහා කෙලින්ම The Sunday Leader පුවත්පතේ සේවකයන්ගේ පඩි ගෙවන බවද පසුගිය දා අනාවරණය වුනා.මිට අමතරව වැසියමින් තිබේන පුවත්පත් කිහිපයකටද අර්ජුන්-රවි මෙන්ඩිස් සමාගම ඉදහිට මුදල් ලබාදෙන බවද එම ආයතන පිරිවැය සදහා ගෙවිම් කල ඇතැම් චෙක්පත් හරහා ද අනාවරණය වි තිබේ.

මහා බැංකු කොල්ලයේ රුපියල් බිලියන් 15ක් 12.5% ගිනිපොලියට ලංසු තැබූ පර්පෙචුවල් ට්‍රෙෂරීස් ආයතනයේ මෙම ආයතනයේ අයිතිකරු මෙන්ඩිස් අරක්කු සමාගමේ හිමිකරු ලෙස කෝටිපති තරුණ ව්‍යාපාරිකයෙකු වන අර්ජුන ඇලොසියස්ය පෙනීසිටින අතර අර්ජුන අලෝසියස් යනු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ගෙ දුවගේ සැමියාය. අන් විදියකින් කියනවානම් බැංකු අධිපතිගේ බෑණාය.

මීට අමතරව අර්ජුන අලෝසියස් හා ඔහුගේ පියා ජෙෆ් අලෝසියස් රනිල් වික්‍රමසිංහගේ ඉතා කිට්ටු පවුලේ හිතවතුන්ය. අර්ජුනගෙ සීයා ඇලොසියස් මුදලාලි රනිල් වික්‍රමසිංහ සභානායක වූ ප්‍රේමදාස රජයේ කිට්ටුම හිතවතෙකි.ඇලොසියස් මුදලාලි යනු ප්‍රෙමදාසගේ රාජ්‍ය අනුග්‍රය බාවිත කරමින් 1990 මුල් ගනන් වල ලංකා බැංකුවට රුපියල් මිලියන් 500 පමන පොල්ලක් තැබූ බවට ප්‍රසිද්ධ අයෙකු බවද අමුතුවෙන් මතක කර දියයුතු නැත.

Top