Featured

අලුත් සන්ධාන සාකච්ඡාවට මෛත්‍රී පිලේ ප්‍රභලයන් ඇවිත්

රාජපක්ෂලාගේ නායකත්වයෙන් ගොඩනැගිමට සුදානම් වෙමින් තිබේන නව සන්ධානය නායකත්වය දෙන ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම සමග ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පිළේ කිහිප දෙනෙකු සාකච්ඡා කල බවට මෛත්‍රීපාල සිරිසේනට වාර්තා වි ඇති අතර වහාම ඔහුන් සම්බන්ධයෙන් සොයා බලා වාර්තාකරන ලෙසට බුද්ධි අංශයට නියෝග කර ඇති බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් කොටසක්, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ලංකා සමසමාජ පක්ෂය, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය ඇතුළු ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ එක්වී කරන සාකච්ඡා සදහා මෛත්‍රී පිළේ මෛත්‍රීට ගොඩක් සමිපව කටයුතු කරන අමාත්‍යවරුන් කිහිප දෙනෙකු සහභාගි වි ඇති බවයි.

Top