LNN SPY

අහිංසක හමුදා සෙබළාගේ පඩියට විද්දා….කළාකරුවන්ට හමුදා පඩි සහ වරප්‍රසාද ලබාදිම පසුපස රතන හිමියන්! කමලනාත්ගේ පාපෝච්චාරණය මෙන්න

ශ්‍රී ලංකා යුද හමුදාවෙන් කලක් මුළුල්ලේ අයථා ලෙස මාසික වැටුප් සහ දීමනා ඇතුළු වරප්‍රසාද ලබා ගනිමින් රටවෙනුන් කැපවිම් කල හමුදා සෙබළුන්ගේ පඩිපත හුරාකමින් රටෙ ජනතාවගේ මුදල් රුපියල් ලක්ෂ 19400කට අධික මුදලක් කාබාසීනියා කල කලාකරුවන් කිහිප දෙනෙකු සම්බන්ධයෙන් FCIDයේ පරික්ෂණ ආරම්භ විමත් සමග ඇතැම් කලාකරුවන් සිය නිරුවත රට හමුවේ ප්‍රදර්ශනය කිරිම ආරම්භ කර තිබේ.

සේනක විජේසිංහ,අර්ජුන කමලනාත් සහ ක්‍රිෂාන් එරන්ද ,අර්ජුන කමලනාත්ගේ බිරිය වන අමීෂා පෙරේරා,සේනානායක වේරලියද්ද,රොජර් සෙනෙවිරත්න,ඕෂදී හේවාමද්දුම,රජිත හිරාන්(පිං පොං),ප්‍රියංකර පෙරේරා සහ ගයේෂා පෙරේරා ඇතුලු පීරිසක් මෙම කල්ලියේ සිටින අතර අර්ජුන කමලනාත් සිය Facebook හරහා විඩියෝවක් එකතු කරමින් තමන් පඩිගත් බවත් අහිංසක රණවිරුවන්ගේ පඩිය හොරා කෑම පිළිබඳව සාධාරණය කිරිමක්ද කිරිමට උත්සහ දරා තිබේ.

එම විඩියෝව හරහා කමලනාත් යමක් කීමට උත්සහ කරන අතර පසුගිය රජය සමයේ කලාකරුවන් කඩේ යවමින් ඔහුන්ට හමුදාවේ පඩි අහ වරප්‍රසාද ලබාදිම් පසුපස මේ වනවිට කූජිත වි සිටින හෙළ උරුමයට පවා කරුමයක් වු අතුරලියේ රතන හිමියන් සිටින බවයි.

මාසයක් තිස්සේ මහන්සි වෙමින් ලබන තමන්ගේ පඩිපතෙන් පවා ආණ්ඩුවට බදු ගෙවමින් ඇතැම් විට ආයත පිටින් සිය පඩිපත එවකට යුද සමයේ රටවෙනුන් සිය ජිවිත පුජාවෙන් කටයුතු කල රණවිරුවාට පුජා කරද්දී දැන දැනම් හමුදාවේම පඩියක් ගත් කලාකරුවන් කොටි ත්‍රස්තවාදීටද අන්ත නොවන්නේද?

Top