Anonymous Reporter

අහිමිකල සිංහලේ සොයා….යන සටන ඇරඹේ….

සිංහලේ උරුමය මංකොල්ල කෑමට හඹා එන බල මුලු රාශියකි. දෙමල බෙදුම්වාදී ත්‍රස්තවාදය ඉන් එකකි. එල්.ටී.ටී.ඊ යේ අවසානය යනු බෙදුම්වාදයේ අවසානය නොවේ.සිදුව ඇත්තේ ඔවුන්ගේ තුවක්කු බට නිහඩ වීම පමනි. බෙදුම්වාදී සටන පෙරට වඩා වැඩි ජවයකින් ක්‍රියාත්මකය. ලංකාවට එරෙහිව ලෝකය අවුලුවන්නේ මොවුන්ය. එ.ජා මානව හිමිකම් සැසිවාරයේ සම්මත කල යෝජනා, යුධ අපරාධ පරීක්ෂණ,විධායකය අහෝසි කිරීම, නව ආන්ඩුක්‍රම ව්‍යවස්ථා, ෆෙඩරල් පාලන ක්‍රම පසුපස සිටින්නේ තුවක්කු බට නිහඩ කල දෙමල ත්‍රස්තවාදයයි.

වසර 2500 ඉතිහාසය තුල ලක්බිම පැවතියේ කෘෂි කාර්මික රටක් ලෙසය. වසරකට දෙවරක් දෙපසින් ලැබෙන මෝසම් වැස්ස සහ අධික වූ ජෛව විවිධත්වය මත පදනම් වූ සුවිශේෂී ගොවිතැන් ක්‍රමයකට අපේ මුතුන් මිත්තෝ අනුගතව සිටියහ. එය විනාෂ කලේ බටහිරයන්ය. දෙවන ලෝක සංග්‍රාමයේ අවසානයත් සමග අවි ආයුධ වෙලදපොල කඩා වැටිනි. ඉන් අහිමි වූ ලාභය වෙන යම් ක්‍රමයකින් පියවා ගැනීමට යුහුසුලු විය. රසායනික පොහොර සහ කෘෂි රසායන හදුන්වා දුන්නේ ඒ අනුවය. බටහිරයන් මේ වස විස ‍රැගෙන ආවේ ”හරිත විප්ලවය” නම් ඊනියා ලේබලයකිනි. එහි ප්‍රතිඵල ලෙස අද ගොවි දරුවන් ඇවිදින මල මිනී බවට පත්ව ඇත, කෙත් වතුත් නිසරු මල බිම් බවට පත්ව ඇත. බව භෝග පුරවැසියන් ලෙඩ කරන වස විසින් පිරී ඇත.

ජනගහනයෙන් තුනෙන් එකක පමන ජිවනෝපාය වන්නේ කෘෂි කර්මාන්තයයි. නමුත් ඔවුන්ගේ බව භෝග වලට මිලක් නොමැත. ගොවි සමිති නමට පමනි. රජයට වීගොවිතැන පිලිබද දැක්මක් නොමැත.අසරන ගොවියා ගසාකන මුදලාලිලා කෝටිපතියන්ය. අනෙක් පසින් බව භෝග නිෂ්පාදනය සහ පරිභෝජනය කලමනාකරණය වෙනුවට බාල වර්ගයේ ආහාර පාන ආනයන සිදු කරයි. පාරක් තොටක් ,කඩයක් කඩයක් ගානේ විකුනන්නේ ආනයනය කල ආහාර පානය. ඉවත ලූ දන්ඩත් දලු ලා සරුවට වැඩෙන රටක හාල් ඇටයද නැවෙන් බාන තුරු මූදට දත නියවා සිටීම ඛේදයකි.

අධ්‍යාපන ක්‍රමයේ පළමු ශ්‍රේණියට ඇතුලත් කරගන්නා තැනෙහි සිට සමස්ථ පද්ධතියම බිඳවැටී ඇත. මහජන මුදලින් නඩත්තු වුවද ගමේ දුපපත් දරුවන්ගේ පාසැල සහ සුපිරි කොලීජ අහසට පොලව මෙනි. අද ලොව සාර්ථකම ආයෝජනය වන්නේ අධ්‍යාපනයයි. නමුත් අපගේ දේශීය අධ්‍යාපන ක්‍රමය දිනෙන් දින පරිහානිය කරා ගමන් කරයි.පාසැලේ ලිපිකරුවාගේ සිට ඇමතිවරයා දක්වා පගාවට ,ජරාවට යටවී ඇත. විශ්ව විද්‍යාල ආචාර්යවරු දකිනුයේ තම බඩ වියත පමනි. සමහරෙක් විදේශ ඔත්තු සේවාවල කුලීකරුවන්ය, සමහරෙක් දේශපාලන අන්තවාදීන්ට කඩේ යයි.තවත් සමහරෙක් ටියුෂන් කඩ මුදලාලිලාය

මේ වන විට ලංකාවේ කිසිදු විශ්ව විද්‍යාලයක් ලෝකයේ හොඳම විශ්ව විද්‍යාල 2000 අතර නොමැත. අප්‍රිකාවේ අසාර්ථක රාජ්‍යයන් වන උගන්ඩාවේ සහ ඉතියෝපියාවේරටවල විශ්ව විද්‍යාලද ලංකාවේ විශ්ව විද්‍යාල වලට වඩා ඉදිරියෙන් සිටියි. අධ්‍යාපන ක්‍රමය ජාත්‍යන්තර තලයට ගෙන යා හැකි ඇදුරන් අප සතුව නොමැත.මෙරට සරසවිඇදුරන්ගෙන් කී දෙනකු නව සොයා ගැනීමක් කර ඇත්ද ?මෙරට සරසවි ඇදුරන්ගෙන් කී දෙනකු නව සොයා ගැනීමක් ,සංකල්පයක් ඉදිරිපත් කර ඇත්ද ? සරසවිඇදුරන්ගෙන් බලාපොරොත්තු වන ප්‍රධානම කාර්යය එය වෙයි. එහෙත් ඔවුන් නොකරන්නේද එයමය.

නිසි අධ්‍යාපනයක් සහ පුහුනුවක් තුලින් වෘත්තීය වේදීන්ට ලෝකය ජය ගැනීමටා ඇති ඉඩ අවමය. ඒ වෙනුවට සිදු කරන්නේ වහල් සේවයට මව්වරුන් රට පැටවීමය.මව්වරුන්ගේ විදේශ ගතවීම හේතුවෙන් ආදරය ‍රැකවරණය අහිමිවන දරුවන්ගේ අනාගතය අදුරුය.

පුරවැසියන්ගේ ‍රැකවලුන් වන්නේ පොලීසියයි. නමුත් අද ජනතාව මංපහරන දාමරිකයන් බවට පත්ව ඇත්තේ පොලීසියයි. පොලීසිය පිලිබද ජනතා විශ්වාසය බින්දුවට වැටීඇත.

නීතිය ඉදිරියේ සියල්ලන් සාමානය. යුක්තිය ඉ‍ටුවිය යුතුවා මෙන්ම එය ඉ‍ටුවන බව පෙනෙන්නට තිබිය යුතුය. නමුත් අද ඇති හැකි වුන් නීතියට ඉහලින් සිටියි. අනෙක් පසින් සිදුවන්නේ කලු කෝට් කාරයන්ගේ ගසා කෑමකි. යුක්තිය පසිදලීම පිලිබද විශ්වාසයක් ජනයා තුල නොමැත. අධිකරණය සහ ජනතාව දුරස්තය.

ජනතාවගේ ඡන්දයෙන් බලයට පත්වන නියෝජිතයන්ගේ හැසිරීම ඛේදජනකය. ඔවුන්ව ‍තෝරා ගැනීමට නිර්නායක හෝ ඔවුන්ට පිලිපැදිය යුතු ආචාර ධර්ම පද්ධතියක්නොමැත. මහජනයාට වග වීමක් නොමැත. මොවුන් තිරිසන් සතුන් මෙන් අයාලේ යන පිරිසකි.

නුතන ජනසම්මතවාදයේ එක් ප්‍රධාන බල කනුවක් වන්නේ ජන මධ්‍යයයි. ජන මාධ්‍යයේ කාර්ය වන්නේ සත්‍ය ඇති සැටියෙන් වාර්තා කිරීමත් තුන් කල් නුවනින් ලෝකය දැකීමත්ය. නමුත් අද මධ්‍යකරුවා බත් පැකැට්‍ටුවට කඩේ යන කුලී කාරයෙකු බවට පත්ව ඇත.

අසමසම ඉතිහාසයක්, භාෂාවක්, සංස්කෘතියක් හිමි අප උපන් බිම අනාථ වී ඇති සෙයකි. දේශීයත්වට පි‍ටුපා විදේශයන්ට ආවඩන පරපුරකින් ඇති ඵලය කුමක්ද ? සුදු වතින් සැරසී පන්සලට යාමට අකමැති හෙලයාගෙන්, ත්‍රී ලක්ෂණය නොදත් බොදුනුවාගෙන් , කිරි බත් කෑල්ලක් කෑමට ගෑරුප්පුව සොයන පාලකයාගෙන්, තැඹිලි ගෙඩිය බීමට බටයක් සොයන තරුනයාගෙන් ඇති පලය කිම.

උපතින් කිසිවෙකු දේශප්‍රේමියෙකු හෝ දේශද්‍රෝහියෙකු නොවේ. ජාතිය , ආගම , කුලය , පක්ෂ, පාට මේ කිසිත් ඊට අදාල නැත. දේශප්‍රේමියෙකු හෝ දේශද්‍රෝහ යෙකු තීරණය කිරීමේ පේටන්ට් අයිතිය කවරෙක්ටවත් හිමි නැත. එය තීරණය වන්නේ චේතනාව සහ ක්‍රියාවෙනි . නිල්, කොල , රතු මේ සියලු පක්ෂ වල දේශප්‍රේමීන් මෙන්මදේශද්‍රෝහීන්ද සිටිති. අහිමි වූ සිංහලේ උරුමය සොයා යාමට සියලු දේශප්‍රේමින්ට කරන ඇරයුමයි.

අධිෂ්ඨානයේ ප්‍රතිඥාව ,2016 ජනවාරි මස 23 සවස 3.00ට ඓතිහාසික සෙංකඩකල මහ මළුවේදී

විශේෂ ලියුම්කරු කීර්ති රත්නායක

සිංහලේ වෙනුවෙන් ‘පුංචි පුතෙක්’ පෙරමුණේ 

Print

Top